Sunday 24 January 2016

ඉමැජින් ලෝකල් ස්ටයිල් හෙවත් Just Imagine

මේ දවස් වල නෙලුම්යායේ බ්ලොග් සම්මාන උළෙල ගැන සෑහෙන්න සාකච්චාවක් යනවා. හැමෝටම කරදර කරන්න බැරි නිසා අපි කීපදෙනෙක් එකේ බර කරට අරගෙන කරනවා.. බර කියුවට තවම සාකච්චා මට්ටමේ බර විතරයි. ඕනි වෙලාවට හැමෝගෙන්ම උදව් ඉල්ලන්නම්.

ගිය පාර සිදුවෙච්චි අඩුපාඩුත් මඟ හැරගෙන අලුත් විදියකට බ්ලොගර්ස්ලගේ සම්පුර්ණ දායකත්වයෙන් තමයි මේ පාර වැඩේ වෙන්නේ. ඔය අතරේ කතාවක් ගියා John Lennon ගේ Imagine සිංදුව ට වචන දාල සිංහලෙන් සින්දුවක් කරමු කියලා.. මොකද අද අපිට අවශ්‍ය වෙලා තියෙන ආකල්පමය වෙනසක් ගැන.. සියලුම ක්ෂේත්‍රයන්ගේ.. මේ සිංදුවේදී අලුත් විදියකට පණිවුඩයක් දෙනවා. ඒ නැවුම් බවට වගේම ඒ අදහසටත් ලොව වටා බොහෝ රසිකයින් කැමතියි. 

වැඩේ ප්‍රොපොස් කරේ අජිත් අයියා.. කියලා ටික වෙලාවකින් අපි අතර ඉන්න ප්‍රවීන ගීත රචකයෙක් imagine තනුවටම ගැලපෙන්න සින්දුවක් ලියලා දුන්නා.. අවසර ගත්තේ නැති නිසා ඒ කවුද කියන්නේ නෑ. ඉතින් බොහෝවිට ඒ සින්දුව හා imagine ඔරිජිනල් එකේ රි-මික්ස් එකක් වගේ අයිටම් එකක් නෙලුම් යායට එකතු වෙයි සම්මාන ප්‍රදාන උත්සවයට.. 

ඕක දැකපු මටත් පොඩි ජොලියක් ගිහිං මාත් ලියුවා imagine එකේ තේරුම විතරක් අරන් ඊට ගැලපෙන සරල සින්දුවක් වගේ එකක්.. මට හිතුන විදියට ටිකක් කඩප්පුලි සින්දුවක් වගේ.. ගිටාර් එකක් ගහ ගහ වචන බර කරලා කියන්න කියලා හිතල තමයි ලියුවේ.. ඉස්සෙල්ල බලන්නකෝ වචන ටික..

ඉමැජින් ලෝකල් ස්ටයිල්..

ටිකක් හිතපල්ලා...
මෙහෙම හිතපල්ලා..
අමාරුනම් තමයි ඒත්.. විනාඩියක් දෙකක් අරං..
ටිකක් හිතපල්ලා..
හිතලා බලපල්ලා..

සුරලොවක් ඇත්තේ නෑ..
අපායකුත් ලොවෙත් නෑ..
ආගම් නෑ.. ජාතිත් නෑ..
රතු ලේ මිස වෙනසක් නෑ..

රටවල් නෑ.. ආණ්ඩු නෑ..
පාට පක්ෂ මොකවත් නෑ..
අපිට අපිට කියල ගන්න..
දේපොළ නෑ.. වැටකොටු නෑ..

ටිකක් හිතපල්ලා...
මෙහෙම හිතපල්ලා..
අමාරුනම් තමයි ඒත්.. විනාඩියක් දෙකක් අරං..
ටිකක් හිතපල්ලා..
හිතලා බලපල්ලා..

එක අහසයි- එක පොළොවයි
හිතන්නේ අද ගැන විතරයි..
සාමය සමගිය නැතිවෙන
හේතුව ඔය තණ්හාවයි..

කොහේදෝ යන පිස්සෙක් මූ
සමහරු නම් කියයි තමයි
ඒත් මෙහෙම හිතන එවුන්
තව ඉන්නා බව සත්තයි..

ටිකක් හිතපල්ලා..
හිතලා බලපල්ලා..
කාලේ වෙනස් වෙනවා මචං
අලුත් හිතන පැටන් වෙනස්..

කවද කොහොම කොතැනදී හරි
හිතන විදිය වෙනස් වේවි.
එදා ඉඳන් එක යායට..
මිනිස් හිනා මල් පිපේවි..

ටිකක් හිතපල්ලා.. හිතල කියපල්ලා..
වරද කොහෙද හොයල බලල..
වරදට පිළියම් කරවල..
හිතලා බලපල්ලා.. හිතල කියපල්ලා..////

වැඩේ කියන්නේ මේක මේල් එකට දාලා පැයක් හමාරක් ගියේ නෑ මෙන්න එනවා සින්දුවක් වෙලා.. වෙන කවුද ඉතින් අපේ මනා ගෙන් මිසක්.. මට නම් හිතට ඇල්ලුවා එකෙන්ම.. වෙලාවක මනා ව හොයන ගිහින් මේක ලයිව් අහලා බලන්න ඕනි.. ස්තුතියි මනා මචං. කොහෙවත් හිටි මාව එක පරම ගීත රචකයෙක් කරාට.. දහ දෙනෙක්වත් අහන්නේ නැතැයි.. 

සින්දුව අප්ලෝඩ් කරාට හරි ගිහින් තිබුනේ නෑ.. මෙතනින් අහන්න පුළුවන් වෙයි මගේ හිතේ..  අමාරුවෙන් ට්‍රයි කරපු හැමෝටම ස්තුතියි. 


68 comments:

  1. හුටා උඹ ඒ පාර තනිකර කලාකෙතක් වෙලා නෙව...හෙහ්,හෙහ්, සතියකට දෙහෙකට ඉස්සර කෘතහස්ත රහස්‍ය ප්‍රභාලේඛකයෙක්…. දැන් මනබන්ධනීය ගේයපද රචකයෙක්....මගේ සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. කලාකෙතක් නෙව බොල කලාරිටක්...............

      Delete
  2. //රහස්‍ය ප්‍රභාලේඛකයෙක්// ඒ මොකෙක්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රභාලේඛකයා කියන්නෙ බොල Photographerට කියන සම්භාව්‍ය නම. ප්‍රභා කියන්නෙ ආලෝකය.... මතකනෙ ප්‍රභාසංස්ලේෂණය එහෙම. ඒක කියල දුන්න දවසෙ උඹ කට්ටි පැනල කිංග්ස් එකේ ෆිල්ම් එකක් බලන්ට ගියානං එහෙම ඒක දන්නෙ නැතුව ඇති. කොහොම හරි ප්‍රභා කියන්නෙ ආලෝකය.

      එතකොට ආලෝකය ආධාරයෙන් යමක් ලියන්නා ඇවිල්ල ප්‍රභාසංස්ලේෂකයා..සොරි සොරි ප්‍රභාලේඛකයා..එතකොට රහස්‍ය කියන්නෙ රහස් නැත්නම් සීක්‍රට්..යූ අන්ඩස්කර්ට් බඩී? තේරුණානං ආයි ආයි කැප්ටන් කියල කියාපං සීරුවෙං ඉඳල...

      Delete
    2. ආව් ආව්.. සොරි සර්. ආයි ආයි කැප්ටන්. (හැබැයි තේරුණා කියලා කියන්නේ 'රොජර්' කියලා..)

      Delete
    3. ත්‍රි රෝද මස්තකාරූඩ undercover ප්‍රභාලේඛක ??

      Delete
    4. මේ රවියි රසිකලොජිස්ට් නුයි දෙන්නම එක වගේ. කොහොම හරි අලුත් වචනයක් හදල අපිව අමාරුවේ දානවා

      Delete
  3. මචං මනා ගෙ එක මේකට ඇවිල්ල නෑනෙ. නැත්තං මට පේන්නේ නැත්ද?

    ReplyDelete
  4. කෝ යකෝ සින්දුව පද ටික නම් පට්ට..

    මම කිව්වෙත් මේකයි... ඉමැජින් කියන්නේ බොහෝම සරළ පද ටික්ක... ඒත් පනිවිඩේ පට්ටයි...

    ReplyDelete
    Replies
    1. උඹට මනා එවපු ලින්ක් එක මෙතන එල්ලුවා. ඒක වැඩ..

      Delete
  5. සැඟවුණ දක්ෂතා මතු වෙන එක කොයි වෙලාවෙද කියන්න බෑ කියනවනෙ. පද නං රසවින්දා...ඒත් කෝ සිංදුව.ඒක අහන්න පේන්නෙ නැතෝ.

    ReplyDelete
    Replies
    1. මන් සින්දු වගේ ඒවා ගොඩක් ලියලනම් ඇති.. ඒත් කවදාවත් ඒවා සින්දුවක් විදියට අහලා නෑ.. සින්දුව අලුතෙන් දැම්මා..

      Delete
  6. Yes we're dreamers.... hope some day they'll join us
    +++++++++

    ReplyDelete
    Replies
    1. ස රස හිනාවුනේ සින්දුව ඇහෙන නැති නිසානම :) ඔන්න දැන් ඇහෙනවා..

      Delete
    2. Of course dear Anonymous24 January 2016 at 17:40 :)

      Delete
  7. නිකම්ම කියෙව්වට මොකුත් එන්නෙ නෑ බං.අහලම බලන්න ඕනෑ.

    ReplyDelete
  8. ඇන් එරර් ඔකර්ඩ්. ප්ලීස් ට්‍රයි අගේන් ලේටර්.
    පද ටිකනං ලස්සනයි. අගේන් එකේ ට්‍රයි කරල බලන්න වැඩේ කරල තියහං. හැක්...

    ReplyDelete
    Replies
    1. එරර් කරෙක්ටඩ්.. නව් යූ කැන් ට්‍රයි අගේන්.. :)

      Delete
  9. වචන ටික මට ඇහුනෙ අටං අක්ක වලං හූරන වොයිස් එකෙන්.. රූප ටිකකුත් හිතේ මැවුනා කියහංකො... ගිටාර් තත් දිගේ ඇඟිලි යන සද්ද අස්සෙන්.. වැඩක් ගන්න පුළුවන් වචන සැටෙකක්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හිත ඇතුලෙන් ඇහුන උනාට මටනම් ඕඩිඕවක ලින්කෙකක්කත් පේන්නෙ නෑ නෙ වචන ටික ඇරුනම.ආසයි මනාගෙ එකත් අහන්න

      Delete
    2. ඔන්න හැදුවා.. අහල බලපන් //අටං අක්ක වලං හූරන වොයිස් එකෙන්// ලෙසටම..

      Delete
  10. වචන ටිකනම් නියමෙට ඇවිත් තියෙනවා. සින්දුව අහන්න වෙන්නේනම් imagine කරගෙන වගේ...

    ReplyDelete
    Replies
    1. Just Imagine.. හේ හේ.. දැන් අහන්න පුළුවන්.

      Delete
  11. ඒ ලබ්බ ඇහෙන්නේ නෑ.මගේ අවුලක්ද? උඹේ අවුලක්ද?
    කොහොම හරි රොක් අජියත් නැති එකේ අටමි වළං හූරනවා වගේ සිංදුවක් මේපාර නැතිවෙයි කියලා මම බයේ හිටියේ.ඒත් ඔය පදටික ඒ ඉට්ටැයිල් එකට කියන්න පුළුවන් ලෙසටම.ඕක imagine ඉට්ටැයිල් එකට කියන්න එපා කියපන් අර සංගීතකන්නට.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ලබ්බ ඇහෙන්නේ නැති උනේ උඹේ අවුලක්.. සින්දුව ඇහුනේ නැත්තේ මගේ අවුලක්..

      imagine අදහස විතරයි ගත්තේ.. අහල බලපන්කො //අටං අක්ක වලං හූරන වොයිස් එකෙන්// ලෙසටම..

      Delete
    2. අඩෝ නාකෙී %කා අටං අක්ක වෙන්නේ කොහොමද &ත්තො

      Delete
    3. අක්කයි කියල කියන්නේ තියෙන ආදර ගවුරවේටනේ &ත්තෝ.. :p

      Delete
    4. වල පයයි ගොඩ පයයි තියං.. නෙව?

      Delete
  12. මෙන්න මම කමියට යැව්ව උත්තරේ එහෙම්ම ලිව්වා: ඇත්තටම මේ ලෑස්ති වෙන එකත් බ්ලොග් වලටම එකතු කෙරුව හැකි.
    **************************************************************
    මම විවේචනය කරන්නා මිසක් සින්දු ලියන හෝ තනු හදන කෙනෙක් නොවන නිසා වැඩේ කොච්චර අමාරුද කියල මට අදහසක් නැහැ. මනා සෑහෙන්න මහන්සි වෙන්න ඇති. හැබැයි මට හිතුනේ නිකන් නිහාල් නෙල්සන් හෝ ඩෙස්මන්ට ලියපු සින්දුවක් අජිත් කුමාරසිරි කියනවා වගේ.
    කමියා මට ඔය ලියපු එක ඇත්තටම පේන්නේ නිහාල් නෙල්සන්ගේ සින්දුවක් ඒකෙ වරදක් නැහැ. නියමයි බජව්ව්කට . ඒත් මට ඒක කියෙව්වම අර ජෝන් ලෙනන්ගේ සින්දුව වගේ හැඟීම් බර වෙන්නේ නැහැ. (තරහ වෙන්න එපා මෙහෙම ලියුවට)

    මට මේ සින්දුව මතක් වෙන්නේ අර විජය කුමාරතුංග අනුපමා ෆිල්ම් එකේ කියපු සින්දුව වගේ. (රජාට ඇඳලා )
    https://www.youtube.com/watch?v=7yHvg3KIMOQ

    ......ගේ එවපු පද මාලාවේ ඒ හැඟීම එනවා වගේ නමුත් අන්තිම හරියේ අර කියපු අයිඩියා අතුරුදහන් වෙලා වගේ මට නම්. ඒකයි මම ඇහුවේ.
    මෙන්න ඒක . දැම්මට කමක් නැහැ කියල හිතනවා.
    මෙය Imagine තනුවට කියලා බලන්න,.**********

    ලෝවැසියන් හැමොමා
    අද වෙනුවෙන් වසනා
    දුගතියකට නොයනා
    හැම වෙනුවෙන් වසනා
    නිල් අහසින් වටවී...අපි
    සුගතිය ලොව මවමූ


    වැටකොටු සීමාවන්..
    නොමැති ලොවක් තනමූ
    නසනට හෝ නැසෙනා
    හේතුව අපි නසමූ
    ලොවේ දනන් හැමොමා..අපි
    එකතුව එකට ඉමූ


    සිහිනය මගේ නොවේ
    පැතුමයි අපි හැමගේ
    එනතුරු ඔබ මා හා
    රැඳෙමී මඟ බලමින්


    මගේ දෙයක් මට නෑ
    අපේ ලොවක් ඇතිදා
    කුසගිනි බර නොමැතී
    නොතෙමෙන පියසකවී
    සිතන්න පුළුවන්දා ..අපි
    හැමෝම හිනැහෙන දා


    සිහිනය මගේ නොවේ
    පැතුමයි අපි හැමගේ
    එනතුරු ඔබ මා හා
    රැඳෙමී මඟ බලමින්

    කමියගේ එකේ ඒක තිබුනත් එලියට එන්නේ ලෙනන් ගේ ගේ සින්දුවට වඩා රූඩ් විධිහට ගොරෝසුවට වගේ.

    මම මෙතන හරිද දන්නේ නැහැ. වඩා අත්දැකීම් තියෙන අය කතා කරන්න බලන්න.

    imagine ආයේ අහල බලන්න. ඒ විධිහටම ගන්න බැහැ අමාරුයි තමයි. , නමුත් හැඟීම ගන්න පුලුවන්ද?
    https://www.youtube.com/watch?v=DVg2EJvvlF8

    මානාගේ කටහඬ ඇහුවාම මතක් වුනේ මම හුඟක් ආදරය කරපු සෝවියට් දේශයේ ගායකයෙක් හිටිය ව්ලදිමීර් විසොස්කි කියා. නිලධාරිවාදයට දිගටම විරුද්ධව සටන් කරපු ගායකයෙක් . හුඟක් ප්‍රසිද්ධයි .
    මනා මෙන්න අහල බලන්න.
    https://www.youtube.com/watch?v=vA0aWBGqTR4

    https://www.youtube.com/watch?v=5jTGgwGvsjc

    මනාගේ බර කටහඬට කල්‍යාණ මිත්‍ර ලියු සැහැල්ලු සින්දුවක් ලෙසයි මගේ හිතට ආවේ.

    ReplyDelete
    Replies
    1. මේ කේස් එක වෙන්නේ imagine ඔලුවේ තියාගෙන අහන්න ගියාම නේද ලොකු අයියේ... මන් කලින්ම කියුවේ ඒකයි ඉමැජින් අදහස විතරක් අරන් මං ලියුවේ කඩප්පුලි සින්දුවක්.. ඒක නිහාල් නෙල්සන් කියුවත් රොක් අජිය කියුවත් මනා කියුවත් මට නම් වෙනසක් කියන්න තේරෙන්නේ නෑ.. 'සින්දුව ලියද්දී මට ඇහිච්ච විදිය' මනා කියල ස්ටයිල් එක තමයි..

      Delete
  13. සිංදුවේ පද ටිකනම් ලස්සනයි. මටත් වීඩියෝ එක නම් වැඩ කලේ නෑ. ආයේ හෙට දිහාවට ඔළුව දාලා බලන්නම්.

    ReplyDelete
    Replies
    1. එතකොට ඊයේ දැම්මේ මුට්ටියද? හෙක් හෙක්.. ඔලුව දානකොට සින්දුව ඇහෙයි. දැන් හදල තියෙන්නේ..

      Delete
  14. වීඩියෝ එක නම් වැඩ නෑ කමියෝ... ඒත් වචන ටික නම් ලස්සනයි... උඹලා හැකියාව තියාගෙන හංගගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. හැකියාවට රැකියාවක් හම්බ උනේ නෑනේ බන්..:/ දැන් ඇහෙනවා..

      Delete
  15. මුං මහ කෙප්ප සේනලා ටිකක්.. එතන කොහෙද වීඩියෝවක්.. ඕඩියෝ ක්ලිප් එකක් නෙ..
    මනාගෙ බර කරත්ත වොයිස් එකත් එක්ක නං ලෙසටම යනව.. හෙහ් හෙහ්.. පොඩි පොඩි පිස්සු ආතල් වීඩියෝ කෑලි ටිකක් බට් කරල යූ බටේට ඔබුමුද කමී...
    පට්ටයි හොදේ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. හදහන් හදහන් එකක්.. මන් කියුවේ මියුසික් වීඩියෝ එකක් මේකට.. හෙහ් හෙහ්..

      Delete
  16. මේ ගීත විලාශය මා ප්‍රිය කරන්නක් නොවුනත්, බ්ලොග් සම්මාන උළෙල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනය කරනවා. මට කළහැකි ආධාර උපකාරයක් ඇත්නම් කරදෙන්නම්.

    ReplyDelete
    Replies
    1. //බ්ලොග් සම්මාන උළෙල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනය කරනවා// හෝව් හෝව්.. මේ සින්දුව එදාට කියන්න ලියපු එකක් නෙවෙයි..නිකන් ජොලියට.. ක්ලැසික් සින්දුවක් ලියල තනුවක් දාල කියපු දවසට විචාරක තුමාට එව්වන්නම්කො..

      Delete
  17. පද ටික නං වැඩක් නෑ කියලයි හිතෙන්නේ. ඒකට මනා ගැලපෙන්නේ නැහැ.. කෝම උනත් උත්සාහය නෙව හොදම දේ කියන්නේ.. පද පේලි අතරින් මට එක පොතක චරිතයක් මතක් උනා බං..

    ReplyDelete
    Replies
    1. කවුද බන් ඒ චරිතේ? අපි දන්නා එකෙක්ද? ඔව් ඔව්.. පුංචි උස්සහයක් විතරයි. ඩෝන්ට් ටේක් ඉට් ටූ සීරියස්..

      Delete
    2. උඹට වැඩක් නෑනේ ඒවා.. පොඩි එකා පොඩි එකා විදියට හිටිං. හැක්..

      Delete
    3. http://www.bookrags.com/studyguide-zorba-the-greek/socialsensitivity.html#gsc.tab=0

      Delete
    4. සෝර්බා නම් ග්‍රීකයා.. උඹ කියුවම නම් මටත් එහෙම සම්භන්දයක් පේනවා.. :)

      Delete
  18. සුපර් කමියෝ............. සුපිරිම සුපර්......... මේක අපිට අහන්න ලැබෙයිනේ ලයිව්.......

    ReplyDelete
    Replies
    1. හිතන පතන විදිය ලඟින් යනවා වෙන්නොනේ එකයි උඹලට මේක අල්ලන්නේ.. එදාට කියන්න හිතල නෙවෙයි ලියුවේනම්.. බලමු.. :)

      Delete
  19. ඔන්න මං මේක හරියට හදනකල් ඉඳල ආවෙ. නැත්නම් කමියට මොනව කියයිද දන්නැති නිසා. මටත් මේක අල්ලල ගියා.

    ReplyDelete
    Replies
    1. අල්ලපු ගමන් ගියේ නෑනේ.. හැක හැක හැක.. එල එල.. ඉස්සරහට තව හොඳ ඒවා ලියන්න උත්සහ කරන්න හිතෙනවා කොමෙන්ට් දැක්කම.. :)

      Delete
  20. කෝ ඉතින් අපේ ඇඩ්මින් එක්ක සින්දු මේ වෙලාවේ තහනම්.සරල පද ටික නම් එළ.සින්දුවත් කොහොම හරි අහලා බලන්නම්.

    ReplyDelete
    Replies
    1. සමහර ඇඩ්ඩින්ලත් එක්ක ඉන්ටනෙට් එකත් තහනම් එකේ උඹල එකා හොඳයි මයේ හිතේ.. :)

      Delete
  21. එක අහසයි- එක පොළොවයි
    හිතන්නේ අද ගැන විතරයි..
    සාමය සමගිය නැතිවෙන
    හේතුව ඔය තණ්හාවයි..
    සුබ පැතුම් කළණය්යේ + මනොජ් ... :)

    ReplyDelete
    Replies
    1. + ඔරිජිනල් imagine ලියපු එකා හා john lennon (ගායකයා) :)

      Delete
  22. අපේ සරිගම කන්නා මේක කියන්නේ ස්ටුඩියෝ සෙටප් එකක නෙමේනෙ. ඒ නිසා අපි රේඩියෝ මියුසික් එක්ක මේක සංසන්දනය නොකර, තව ටිකක් රෙක්ටිෆයි කරලා ගමු.

    ReplyDelete
    Replies
    1. //සරිගම *කන්නා// වැඩේ කාලා.. හැක හැක..

      Delete
  23. අහලා බැලුවා කමියෝ.

    මේ සිංදුවට ගිටාර් එක විතරක් ගැලපෙනවා වගේ...

    ReplyDelete
    Replies
    1. සිංදුවක්ම කියලා කියන්න බැරුවත් ඇති.. :)

      Delete
  24. ඒ ඉස්ටයිල් එකත් නරකම නෑ..

    ReplyDelete
  25. යකෝ මං වචන ටික දැකල ආතල් එකට කියල එව්ව එක මේකා දාලනෙ. කිව්වනම් මන් මීට වඩා හොඳට කරනව කමියො :D.

    මීට කන්නා(සංගීත)

    ReplyDelete
  26. /ඒත් මෙහෙම හිතන එවුන්
    තව ඉන්නා බව සත්තයි../
    මෙන්න මෙතන පද වල ශෛලිය ටිකක් අහකට ගිහිං කියල හිතුණා.

    පට්ට සිංදුව. අහන ගමං තමයි මේ ලියන්නෙ. මරු ඈ...

    ReplyDelete
    Replies
    1. සුරලොවකකුත් ඇත්තේ නෑ..
      අපායකුත් හොයන්න බෑ ..
      (අපායකුත් ඇත්තේ නැහැ )
      ආගම් නෑ.. ජාතිත් නෑ..
      රතු ලේ මිස වෙනසක් නෑ..

      කියල කිව්වොත්

      Delete
    2. අජිත් අයිය කියපු කෑල්ල සිංදුවෙ තියෙනවනෙ. මං කිව්වෙ වෙන කොටසක් ගැන... :-)

      Delete
  27. මම ඒ ශෛලයට කැමති නැහැ, ඒකට ඉතින් උඹ මක් කරන්නද...
    අපිටත් ගැලපෙන එව්වා ලියපන් දැන් සින්දු ලියන්නත් පටන් ගත්තු එකේ...
    ජය වේවා...!

    ReplyDelete