උදේ ඉඳන් හිතට හරි නෑ.. මේ ටික ලියන්න කියලා හිතලා දෙතුන් පාරක්ම අත ඇරලා දැම්මා.. පුංචි සිද්දියක්.. ඒ වුනාට හිතට ලොකු බලපෑමක් කරා..
පාසල් නිවාඩුව නිසා පවුල ගෙනත් ගාල්ලේ ඉන්දලා මම උදේ වැඩට එන්න පිටත් උනා.. මම සැලසුම් කරේ හරියටම උදේ පහට නිවසින් පිටත් වෙන්න.. හයයි තිහට කලින් කොට්ටාවෙන් එලියට දැම්මොත් ට්‍රැෆික් එකට සෙට් වෙන්න කලින් ඔෆිස් එකට පැනගතහැකි.. 6.55 ට පටන් ගන්න උදේ green area මිටින් එක ඇඩ්‍රස් කරන්නනම් ඊට කලින් ඔෆිස් එකට යන්නත් වෙනවා.. සතියට දවස් දෙකක් පමණක් මේ සයිට් එකේ රැඳෙන නිසා ඒ දවස් දෙකේ මිටින් එකේ කතා කරන එක කොහොම හරි කරන්නත් ඕනි.. කමිට්මන්ට් ගොඩයි. ඒක නිසා වෙලාව ටක්කෙටම වැදගත්..
කොහොමින් කොහොම හරි අපේ උන්දැගේ formalities ඉවරවෙලා ගෙදරින් පිටත් වෙනකොට 5.12යි. ඒ කියන්නේ 'සේෆ්ටි මාජින්' එක එතැනින්ම ඉවරයි.. හැබැයි දෙයියනේ කියලා බද්දේගම එන්ට්‍රන්ස් එකට එනකන්වත් එක්ස්ප්‍රස් වේ එකේදිවත් වැඩි අවහිරයක් නොවුණු නිසා හරියටම 6.17 වෙනකොට කොට්ටාවෙන් එලියට එන්න පුළුවන් උනා.. ඉස්කෝල නිවාඩු නිසාද කොහෙද ඒ හැටිම වාහනත් නෑ පාරේ.. ඒක නිසා හයිලෙවල් එකත් හයිවේ එකේම එක්ස්ටෙන්ෂන් එකක් වගේ කියල හිතාගෙන ආවා කොට්ටාව හන්දියට එනකම්..
කොට්ටාව හන්දියේ කහ ඉර.. වම පැත්තේ කොනේම බස් එකක් නවත්වාගෙන .. මැද ලයින් එකෙත් වාහනයක්.. මම දකුණටම වෙන්න නතර කර ගත්තේ පුදුම නොඉවසිල්ලකින්.. මේ මිනිස්සුන්ටත් මේ වෙලාවේම පාර මාරු වෙන්න ඕනි උනානේ.. ෂඃ.. මිනිස්සු දෙන්නෙක් තුන් දෙනෙක් මාරු උනා.. ඒ පිටිපස්සෙන් එනවා අබාධිතයෙක්.. කිහිලිකරු දෙකකුත් සහයෝගෙට අරගෙන.. බොහොම හිමින් තමයි ගමන් කරන්නේ.. 'මේ යකා' මේක ක්‍රොස් කරන්න සැහෙන වෙලාවක් ගනියි වගේ..මම වෙලාව දිහා තත්පරේට දෙතුන් වතාවක් බලනවා..
'ෂිහ්.. කාලකන්...' වචනේ ඉවර වෙන්න කලින් මන් ආපහු කහ ඉර දිහා බැලුවා.. දැන් මගේ ඉස්සරහින් පාර මාරු වෙනවා.. කකුල් දෙකම දඟර වැටිලා.. ඒ මදිවට බෙල්ල ලඟත් කුදයක්.. වයස.. ඔව් මම වගේම මැදි වයසේ වගේ තමයි.. කිහිලි කරු දෙක මිනිහගේ උසට හරියන්න විශේෂයෙන් හදපු දෙකක් වගේ.. සාමාන්‍ය ඒවාට වඩා කොටයි.. එත් ඒකත් ටිකක් උස වැඩියි වගේ.. කිහිලි කරුව මාරුවෙන් මාරුවට තියල ඉස්සරහට පියවරක් තියන හැම වෙලාවේම මිනිහ පිම්මක් වගේ තමයි පනින්නේ.. තව මීටරයක් හමාරක් පැන ගන්න තියෙනවා.. ඒක සම්පුර්ණ කරාම මනුස්සයට ලොකු ජයග්‍රණයක් වගේ දැනෙයි..
මට ගමන අමතක වෙලා ස්වයංක්‍රියව මං මේ අපුරු පුද්ගලයා දිහා බලන් ඉන්නවා..
Oh! shit! I was counting seconds for a 130+ kilometers of damn race of life.. this guy is struggling to limp across the road..
සිය ජයග්‍රාහී පියවර pavement එක මත තැබූ ඔහු කෘතඥ පුර්වක ලෙස මා දිහා බලා සිනහා වුනා.. ගමනේ ඉතිරි ටික ආවේ උදේ ගෙදරින් ආ මා නොවෙයි..
තිලකෙගේ සුන්දර ට්‍රැෆ්ක් එක මතක් උනා බං..
ReplyDeleteමොකද බං උඹට අද අමුතු වචන වදින්නෙ.
Delete'තිලකේ'ට වගේ ලස්සනට ලියන්න නම් බෑ.. :/
Deleteගොඩකවෙල ගොරිල්ලෙකුගේ තුන් වසරක මිත්‍රත්වය වෙනුවෙනි.. හැක්
Delete//ගොඩකවෙල ගොරිල්ලෙකුගේ තුන් වසරක මිත්‍රත්වය// මන් දැක්කා මුණු පොතේ සමරලා තියෙනවා.. ජය ශ්‍රී!
Deleteතිලකෙට වඩා ලස්සනට ලියන්න පුළුවන් ක.මි.ට . ( හැබැයි ටිකක් කලබලයි)
Deleteආව් ආව්.. අද දානවා 'නිවීසැනසිල්ලේ' පාටියක්.. :-)
Deleteජීවිතේ වෙනස් කරන්න තත්පරයක් ඇති කියන්නෙ ඕක තමයි.
ReplyDeleteහ්ම්ම්.. මටත් ඕකම හිතුනා..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි දෙපා නොමැති ඔබ දකින තුරා. ස්තූතියි කමියො කතාවට. හොඳට වැදුනා
ReplyDeleteඔය සින්දුව කලින් මතක් උනා නම් මාතෘකාවට දානවා.. ස්තුතියි!
Deleteඔන්න මෙයාටත් කම්මලගේ ලෙඩේ බෝවෙලා.
Deleteබඩු හරි.
Deleteදෙක දෙක....
Deleteදෙතුන් දෙනෙකුටම ලඟකදී හැදුනා ඔය ලෙඩේ.. මටනම් තියෙන්නේ ෆෝන් එකෙන් ලොග් උනාම විතරයි.. :)
Deleteඉයන් අපේ ලොකු මාම.
Delete@ කම්මල නැහැ.... කම්මලයගේ ලොකු මල්ලි....!
Deleteකම්මලයා කොල්ල කියල හිතන් ඉන්නේ.. හැක හැක..
Deleteලස්සනයි.. සෑහෙන පණිවිඩයකුත් ලෝකෙට දෙන ලියවිල්ලක්...
ReplyDeleteස්තුතියි.. ඒ පණිවුඩේ උදේම මට දුන්නේ ඒ අබාධිත මනුස්සයා..
Deleteඅනිත් කෙනෙක්ගෙ දුකක් ප්‍රශ්නයක් දිහා මනුස්ස කමින් බලන්න පුළුවන් එක මනුස්ස ගතියක්.. ඒක නම් වචනෙ..... මට හිතෙන්නෙ එහෙම දැනෙන්නෙ හොඳට දුක වින්ද කෙනෙක්ට විතරයි. ඒකමයි කළනය්යා ගේ නිර්මාණ ලස්සන...
ReplyDeleteඅමුතුවෙන් තුනපහ දාලා නෑ.. අතට හිතට අහුවෙන අඩුම කුඩුම විතරයි.. අර කියුව වගේ හොඳට දුක් විඳලා තියෙන නිසා අමාරුකම් තේරුම් යනවා පට ගාල..
Deleteඋඔ කොහමත් මනුස්සකම් තියෙන එකෙක් බං..ආය ඒකේ දෙකහාමරක් නෑ..
ReplyDelete“කරදර වෙන්න එපා බං..උඔ පලයන් මම යන්නම්..“
පත්තර මල්ලිලාගේ ගෙදර බිලා විදානයා මාව ගෙදරට දාලා ගියා.
හැලපේයියන්ඩිලාගේ ගෙදරදි බිලා සුදිකයියන්ඩි මාව ගෙදරට දාලා ගියා.
චෙෆාලාග් ගෙදරදි බිලා ඉයන් මාව යන්න ඔනේ කිව්ව තැනටම දාලා ගියා.
ලොකුපුතා බදුරලියට එක්කරගෙන ගිහින් ගෙනත් දැම්මා..
එදාම රැ උඔ මාව යන්න ඔනේ කිව්ව තැනටම ගිහින් දැම්මා..
සමහර වෙලාවට උඔලාට ඒක සුලු දෙයක් වෙන්න ඇති ඒත් ඒවාත් මනුස්සකම් බං..
මම පාටියක් දෙන දවසට මම උඹව එකතුකරගෙන ඇවිත් මමම උඹව ගෙදරට ගෙනත් දාන්නම්.ඔන්න මම උඹව කාගේවත් වහන වල යවන්නේ නෑ.
Deleteහැක්... අන්න මනෝ නියම මනුස්සකං.
Deleteඑතකොට අපි අමනුස්සයෝ නේ..!
Deleteචෙෆා ඊලඟ පාර මෙන්ඩට හොඳට පොවලා අර මධුවගේ පෝස්ට් එකේ තිබුණ ඇඳ යටට ගිහින් දාමු. ඒවයි මනුස්සකම්
Deleteමෙන්ඩ.. එකට කන්ඩ හම්බුනේ නැතත් බොක්ක එකමයි.. වැඩි විස්තර ඕනිනම් අහපන් කටුස්සා ගෙන්.. :)
DeleteMenda,
Deleteකණමදයො මගෙ බීල කෙලිං කටිං ඉන්ට බැරි එවුං ගෙවල් වලට ගිහිං දාන එකත් එක අතකට මනුස්සකමක් තමයි...හෙහ්,හෙහ්,
මල්ලි විහිලුවට හොඳේ?...:)
බයවෙංට එපා මෙන්ඩො. මෙහේ ආවොත් මං උඹව වෙන ගෙදරකට ගිහිං දාන්නං ඈ....
Deleteමනෝ
Deleteලොරි බාගයක් හොදයි ..කබරයා දාදා ආවහැකි..
ප්‍රසා..
බොන්න දෙනවා නම් උඔ දෙයියෙක්..
චෙෆා
මම උඔ ගැන ඔන තරම් ලියලා තියනවා..දවසක උඔ ගැන පොස්ට් එකක් ලිව්ව හැකි..දවස් දෙකකට සැරයක්වත් උඔ ගැන කියවෙනවා..
ඉයන්
අනේ පලයන්ඩ..මාව ගෙනහින් බස්සලත් තුන් පාරක් ඇහැව්වා..“උඔ එනකන් ඉන්නද? ගෙදරට ගිහින් දාන්න? උඔට අවුලක් නෑනේද? “ එහම එකා ඇදයටට දාලා යයි..
රවියියන්ඩි
ඇත්තටම ඒක නම් අගය කල යුතුයි..ඔයා මෙහම කමෙන්ට් එකක් දැම්ම එකත් මට ආඩම්බරයක්.
මධු
උඔලාගේ ගෙදර එන්නෙ වැටෙන්න ගහන්න බලාගෙන. කන සාක්කුවේ..බල්ලට මචං කියනවා
රවී අයියා,
Deleteකණමදයො මගෙ බීල කෙලිං කටිං ඉන්ට බැරි එවුං මගුල් ගෙවල් වල පිච්චපු කුකුළ්ලු උස්සන එකනං මනුස්සකමක් නෙමෙයි. හැක්...
විහිළුවට හොඳේ...
මෙන්ඩව ඉතිං වාහනේකම ගෙනියන්ඩ ඕනෙ බයික් එක්ක ගියොත් හුලගට යනව.. සුස් ගාලා
Deleteමෙන්ඩා බය වෙන්න එපා.. ඊළග පාර මං ආවම උඹ හරියටම යන්න ඕන තැනට මං ගොහිං දානන්ං ඉතිං.. හැක්
Deleteමෙන්ඩ ට ට්‍රාන්ස්පෝර්ට් ගොඩයි යකෝ..:)
Deleteමෙන්ඩා, හුඟාාක් වෙලාවට, ඒ කියන්නේ හුඟාක්ම වෙලාවට පේන දේ නෙමේ ඇත්ත.
Deleteමචං..
ReplyDeleteඋඔගේ හිතට දැනුන ඒ සිතුවිල්ල දවසක උඔට ශක්තියක් වෙනවා..
මනෝ.. මගෙනුත් මෙන්ඩ ගේ ප්‍රර්ථනාවම.. එකෙන්ම..
Deleteකාසි වලට ගන්නත් බැරි කාසි වලට දෙන්නත් බැරි මිනිස්සුනේ මනුස්සකම
ReplyDeleteකාසිවලට යටවෙන.. සමහරවිට..
Deleteඋඹේ සිතුවිළි පෙළ හරිම අලංකාරයි බං.හරියට මම එතන හිටිය වගේ වැදුනා.
ReplyDeleteඅමුතුවෙන් මොකුත් හිතුවේ නෑ හැලපයියේ.. ඒ වෙලාවේ හිතට ආපු ටික දවල් වෙලා ලියලා දැම්මා..
Deleteබොක්කටම වැදුනා මචෝ.....
ReplyDeleteවල්ලා පට්ට කෙටිම කෙටි කතාවක්..
කෙටියෙන් කියපු දිග කතාවක්.. උඹේ වල්ලා පට්ට කොමෙන්ට් එක කාලෙකින් හම්බ උනේ..
Delete:)
ReplyDeleteහ්ම්ම්.. :)
Deleteමම පයින් යනකොට වාහන වල උන්ට බැන බැන යනවා...මම වාහනෙක යනකොට පයින් යන උන්ට බැන බැන යනවා...
ReplyDeleteඋබට තිබ්බෙ පොඩි තට්ටුවක් දාලා සප් එකක් දෙන්ඩ?
කේ.රූපේ........ කමෝන්....
Deleteමම පයින් යනකොට වාහන වල උන්ට බැන බැන යනවා...මම වාහනෙක යනකොට පයින් යන උන්ට බැන බැන යනවා...
ReplyDeleteඋබට තිබ්බෙ පොඩි තට්ටුවක් දාලා සප් එකක් දෙන්ඩ?
මට එහෙම කල්පනාවක් ආවේ නෑ බන්.. බලමු ඉස්සරහට දවසක..
Deleteරෙෂ්පට් හොඳම එකෙන්.. !!!
ReplyDeleteඅපි මිනිස්සු බං ...
ඒකනේ.. චෙෆාකි කියනවා වගේ වයසට යනකොටද මන්දා එහෙම හිතෙන්න පටන් ගන්නේ..
Deleteඒක තමා මමත් බැලුවේ අැයි අපිට ඒහෙම හිතෙන්නැත්තේ කියලා.... තාම පොඩි උන්නේ බං.......
Deleteහැක්... ඒ කියන්නෙ පත්තරය එච්චරම වයසද?
Deleteපත්තරය නෙවෙයි යකෝ චෙෆාකි..
DeleteKM අහල නැද්ද කවුරුහරි හොඳටම බයවුනාම කියනව ජීවිතයෙන් අවුරුදු ගාණක් අඩුවුනා කියල?
Deleteඑහෙම බැලුවහම පත්තරමල්ලිතුමා චෙෆ් ආර්කිට වඩා ජීවිතේ ගෙවල.
පත්තරය ඒ තරමටම බය වෙනවද.. හික් හික්..
Deleteලිව්ව එක හොඳයි ඇත්තටම. අපි හුඟක් වෙලාවට අපි ගැන විතරයි හිතන්නේ. විශේෂයන් මේ උදේ ස්කූල් රන් එකට. එහෙට මෙහෙට දාගෙන යෙලෝව් ලයිට් එක විතරක් නෙමේ යන්තන් රෙඩ් තිබ්බත් පන්නගෙන යන්නේ. ජිවිතේ ගැන හිතන්නේ නැහැ. ඇත්තට මට හිතුන සමහර ඩ්‍රයිවර්ස් ල ඉඩ දෙනවා හෝර්න් එකක් වත් තරහට ගහන්නේ නැතුව. උන් දන්නවා අපි මේවා කරන්නේ ළමයි දාන්න වෙලාවට කියල. ඇත්තටම ටිකක් මේ කල්‍යාණ මොහොතක් "නතරවෙලා" බැලුවාම වඩා දෙයක් තේරෙනවා.
ReplyDeleteඔබ ටිකක් නතර වී බැලුවොතින්.. හමුවේවි සිත ආයේ.. :) මගෙත් අළුත්ම ට්‍රයි එක ඔය වගේ හොර්න් එකක්වත් තරහට ගහන්නේ නැතුව ඉඩ දෙන 'සමහර ඩ්‍රයිවර්' කෙනෙක් වගේ වෙන්න..
Deleteහා එහෙනම් පාරෙදි හම්බෙමු කමි අයියෙ.
Deleteමිට පස්සේ හොඳ ඩ්‍රයිවර්ලා දිහා හොඳට බලපන් කමි කෙනෙක් ඉඳියි.. :)
DeleteHey... F u man... 😁
DeleteMama oka den practice karanawa...
Losses hari aduy...
ඒ කියන්නේ උඹ මට කලින් හැදිලා.. :) නියමයි..
Deleteමෙහෙම මිනිස්සු බෝ වෙයන්..
Deleteඔය මැදි වයස කියන එක එනකොට ඔය වගේ පේනවා...පන්නරේ හම්බවෙන්නේ පරක්කුවෙලා නිසා තමයි ඉතින් අඩුව..ඔහොම යමු නේ..!
ReplyDeleteඅත්දැකීම් කතා කරනකොට පිලිගන්නම වෙනවනේ.. :)
Deleteඅපි වගේම ජීවිතය, කාලය, සමාජය, ලෝකය සමග සටන් වදින, අපට වඩා අඩු පහසුකම් තියන අය ඉන්නවා නේද කියලා හිතෙන්නේ, මේ වගේ අවස්ථාවකදී.
ReplyDeleteහැමදාම වගේ, ගෙදරින් පිටත්වෙලා කුරුණෑගල යනවානම්, උනන්දුවෙන් බලන බස් හෝල්ට් දෙකක් තියනවා. එකක් විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයට යන තැන හෝල්ට් එක. අනික ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයට යන තැන තියන බස් හෝල්ට් එක. ඔය තැන් දෙකේ ආබාධිත සොල්දාදුවන් හිටියොත්, කාරෙකේ ඉඩ තියනවානම්, අනිවාර්යයෙන් දාගෙන යනවා.
ජිවිතේ ගැන අපිටත් නිවිහැනහිල්ලේ හිතන්න කාලේ හරි වගේ..
Deleteජීවිතේ ගැන කවදාවත් අමතක නොවන පාඩමක් ඉගෙන ගන්න මල්ලි මහ වෙලාවක් යන්නෙ නෑ. ඔය යමිං එමිං ගමන මඟතොට දිහා පරිස්සමින් බැලුවම ඉහටත් උඩිං. ඒත් වැඩේ කියන්නෙ එහෙම බලන්ටවත් අපට වෙලාවක් නෑ. මිනිස්සු වයසට යන්ට යන්ට ඒ ඉසුඹුවක් ගෙන ජීවිතය දෙස බැලීමේ හැකියාව ලබාගන්නව. උඹත් දැන් එහෙම තත්වයට පත්වෙලා වගෙ. සුබ පැතුම්!
ReplyDeleteහුටා.. ඒ කියන්නේ මන් වයසට ගිහින්.. ඒත් කමක් නෑ යමක් කමක් ඉගෙන ගන්නවානම් මැරෙන්න කලින්.. ස්තුතියි රවී අයියා සුභ පැතුමට ..:)
Deleteඇත පය 4 පරිපූර්ණව ඇස , කණ , නාසය හොඳින් වැඩකරන තත්වයක් ඇතුව අංග සම්පූර්නව මේ ලෝකෙට ඉපදුනාට අපි මාසයක් පාර්ටි දාන්න ඕන කල්‍යානමිත්‍ර. ජීවිතය කියන්නේ මොනතරම් බොරුවක්ද කියන එක අවබෝධ වෙන්නත්, මෙතෙක් ආපු ගමන වෙනස්වෙන්නත් මුල්වෙන්නේ තත්පරේක සිද්දියක් වෙන්න පුළුවනි. බෝධිසත්වයන් වහන්සේ සතර පෙරනිමිති දකින්නෙත් ඔය විදිහටම අහම්බෙන්. එත් අවසාන ප්‍රතිපලය වුනේ එතුමන් ඇතුළු ලක්ස කොටි ගානක් සත්වයින් නිවන් අවබෝධ කිරීමයි.
ReplyDeleteපරිපූර්ණ ශරීරයක් ඇතුව මේ ලෝකෙට අපි ඉපදිලා තියෙන්නේ පෙර සංසාරේ කුසල් රැස්කරපු නිසයි. තත්පරෙන් තත්පරය අපි ඉන්නේ ඒ කුසලය ගෙවා දමමින්. අපි නුවණක්කාර වෙන්න ඕන තව තවත් කුසල් රැස්කරන්න. මොකද යනකොට අපිට අරන් යන්න තියෙන්නේ එච්චරයි ඊළඟ උප්පත්තිය වෙනුවෙන්. මුදල්, දේපල,වස්තුව, තනතුරු තානාන්තර අපිට එලොව අරන් යන්න බැරි දේවල් කියල මිනිස්සු තේරුම් ගන්නකොට සමහරවිට ප්‍රමාද වැඩිවෙන්න පුළුවනි. ඒ නිසා කුසලයට අප්‍රමාදී වීමයි කල යුත්තේ.
ඔන්න මගෙන් කල්‍යාන මිත්‍රට , කල්‍යාන මිත්‍ර කමෙන්ට් එකක්..
දෛවයෝගයකින් නොවේදෝ..//ඇත පය 4 පරිපූර්ණව ඇස , කණ , නාසය හොඳින් වැඩකරන තත්වයක් ඇතුව අංග සම්පූර්නව මේ ලෝකෙට// ඉපදුනේ..
Deleteස්තුතියි කල්‍යාණ මිත්‍රයා..
මේක අර රසික පළ කර තිබු සමානාත්මතාවය සහ යුක්තිය කියන එකටත් සම්බන්ධයි. ගොඩක් වෙලාවට at best අපි ලබා නුදුන්නත් දෙන්න හිතන්නේ සමානාත්මතාවයනේ. කොහොමවුනත් පදිකයින් විනයගරුක කිරීම ගැන හිතන්නත් දැන් කාලෙ හරි.
ReplyDeleteපදිකයින් නම් කොහොමත් විනය ගරුක නෑ.. ඒ නිසාමයි මේ වගේ පුද්ගලයෙක් දිහා උනත් රියදුරන් නුරුස්නාවෙන් බලන්න පුරුදු වෙලා තියෙන්නෙත්..
Deleteමගුලක් කතා කරනවා කොළඹ ගැන. යකෝ මේ පැත්තෙත් අපි උදේට ළමයි ඉස්කෝලෙ දාන්න යන්නෙ 6.30 ට. ඉස්කෝලෙට කිලෝ මීටර් දෙකයි.
ReplyDeleteජීවිතේ එක එක්කෙනාගෙ අරගල ඔහොම තමා බං. එකෙක් අඩි දහයක් යන්න අරගල කරන කොට තව එකෙක් ග්‍රීන් කාඩ් ගන්න දඟලනවා. උඹ මේක සංවේදීව අවසන් කරලා තියෙනවා. ඇත්තටම මිනිස්සුන්ගෙ විවිධත්වය තේරෙන්නෙ වාහනයක් අරං පාරට බැස්සම. විවිධ වර්ණවලින් රැස් විහිදෙන මිනිස්සු අපිට මුණ ගැහෙනවා. හොඳ වෙලාවට අපි වැඩිය නොරැඳී එතනින් නික්මෙන්නේ.
(පිටිපස්සෙ හිටපු උන් පැලෙනකං හෝන් ගැහුවෙ නැද්ද?)
තෝ අලුත් එකක් ලියපිය..
Deleteතෝත් උඩුකුරුඤ්ඤං.....
Deleteතාම ටෝකන් එක හම්බවෙලා නෑලු.
Delete//පිටිපස්සෙ හිටපු උන් පැලෙනකං හෝන් ගැහුවෙ නැද්ද?// මට මතක නෑ බන් හරියට.. කොහොම උනත් මීට පස්සේ ටිකක් නිවී සැනසිල්ලේ ඩ්‍රයිව් කරන්න හිතා ගත්තා..
Deleteහැබැට කෝ උඹේ ෂෙඩ්යුල් කරලා දාන පොස්ට් දැන්?
ඇර ඇර මදාවියට... ඌට අර විදානෙය සපත්තු මාරු කරපු දවසෙ ඉඳං කොයිල් කොයිල්...
Deleteමදාවියත් සද්ද නෑ.. විසිටරයත් සද්ද නෑ..
DeleteThis comment has been removed by the author.
ReplyDelete40 කිට්ටු වෙනකොට හතිලිස් ඇදිරිය හැදෙනව වගේ , ඔය වයසෙදි රේස් එක කොච්චර දුරක් දුවලද බලන්න ආපහු හැරෙනව, එතකොට මේ වගේ දේවල් පේනව.
ReplyDeleteකම්මලයට නම් 40 වෙනකොට 80ක් විතර පෙනේවි මේ තියන තදියමට..යකෝ..පබ්ලිෂ් බට්න් එක ඔබලා ටිකක් හිටහං ආයේත් ඔබන්නේ නැතුව..අනේ මන්දා...!
Deleteකමෝන් කම්මලේ..... කමෝන්.....
Deleteකම්මලයට 40 වෙනකොට 80 ඇඳිරිය හැදෙනවලු.
Deleteචෙෆ්, පබිලිස් අයියට දෙපාරක් ටොකු ඇනල නෙමේ මෙහෙම වෙන්නෙ.මේ මගෙ අපල කාලෙ සෙනසුරා උච්ච වෙලා ඌ තමයි මේම කරන්නෙ.
Deleteකුරුට්ටො, හා...හා කෑගහන එක නවත්තල වතුර එක ගහපන්.
ප්‍රසා, දැන් 84 ඇදිරිය.
This comment has been removed by the author.
Delete40 වෙනකොට 80 ඇඳිරිය.. හැක හැක හැක..
Deleteවෙන්නැති බං.. තම රැට හීනෙන් ගොක්කොල පෙන්න ගත්තේ නම් නෑ..
කමියෝ.................
ReplyDeleteඅැත්තට ම ජීවිතේ කියන්නේ මාර දෙයක් කියලා හිතෙනවා නේද වෙලාවකට.....
ඇත්තටම.. ++++++
Deleteවටිනා අදහසක්....
ReplyDeleteස්තුතියි ඉන්ද්‍රජිත් මහතා..
Deleteසිරාවට බං. ඔය වගේ දේවල් මටත් අනන්ත වෙලා තියනව. අන්තිමට හරිම පරාජිත හැඟීමක් හිතට දැනෙන්නෙ. කොටින්ම කිව්වොත් අන්තිමට බල්ලා වෙලා නවතින්නෙ... මේ ලඟදි හොස්ස ලඟින් මැස්සා යන්න බැරි මගේ ලෙඩේට ත්‍රීවිල් එලවන මනුස්සයෙක් දුන්න ඉන්ජෙක්ෂන් එකක් හොම්බෙන්ම යන්න... පුංචි කෙල්ල ගෙදර දාල මමයි බිරිඳයි ටවුමට ආව බඩු වගයක් ගන්න. අරගෙන ඉක්මනටම ආපහු යන්න පිටත් උනේ කෙල්ල ඇහැරිලා අඬන්න කලින් ගෙදර යන්න ඕන උන නිසාවට... එන ගමනෙදි ඉස්සරහින් ගිය ත්‍රිවිල් එකක් ඉස්සර කරන්න ඉඩ නොදී පාර මැද ස්ලෝ කළා දෙතුන්පාරක්. ඉක්මනට යන්න තිබ්බ තදියමට සහ දිගින් දිගටම ඉස්සර කරගන්න නොදීපු නිසා කුණුහරුපයකුත් කටින් පැන්න. මායියා මූණ ඇඹුල් කරගනිද්දීම ත්‍රිවිල් එක ඉස්සර කරනගමන් ඇඟටත් කපල බ්‍රෙකුත් ගහල එන්න පිටත් උනා...(මං මේ කියන්නෙ මෙව්වා අපේ දුර්වලකම්) ඊට පොඩි දුරක් ඉස්සරහින් හතරමං හන්දියක්. එතන නවත්තනකොට ත්‍රිවිල් එක මට ඉස්සරහින් අයින් කරලා නැවැත්තුව..ඒකෙ පොර බැහැල ආව... තව මොන කතාද.. ගේම නම් ගේම... අපේ උන්දැ බෙරිහන් දෙද්දීම මමත් පටස් ගාල බැහැල ගියේ දෙකින් එකක් විසඳගන්න. ඊට පස්සෙ වෙච්ච කතාව...
ReplyDelete"ඇයි මොකෝ?"
"මහත්තය මගෙ ඇඟට කැපුවා නේද?"
"ඔව්.. ඇයි පාර බ්ලොක් කලේ?"
"දැක්කද මගේ ත්‍රිවිල් එකට ඉස්සරහින් දරුවෙක් වදාගත්ත අම්ම කෙනෙක් පාරට පැන්න"
(ඉස්මුදුනේ යක්ෂය බිමට බස්සන ගනමන්) " නෑ මම දැක්කෙ නෑ"
"ඊට කලින් පොඩි ළමයෙක් පාරට පැන්න.. පොළ දවසනේ මහත්තය. මහත්තය ඒ එකක්වත් දැක්කෙ නැතුව තරහට මගේ ඇඟට කපුවා නේ"
(බලල මාක් එකට වැටිලා)"අනේ නෑ මම දැක්කෙ නෑ"
"එක තමයි මහත්තය කියන්නෙ.. කේන්ති ගන්න කලින් පොඩ්ඩක් හිතන්න. වාහනේ ඉන්න නෝනගේ වයසේ දුවෙක් මටත් ඉන්නව... කේන්ති ගන්න එපා ඔච්චර"
හිතාගන්න පුළුවන් නේද මං කොච්චර අසරණ උනාද කියල. ඒ මනුස්සයාගේ අත්දෙක අල්ලල "මට සමාවෙන්න. මම දැක්කෙ නෑ... මට සමාවෙන්න" කියද්දී "කමක් නෑ මහත්තය මිනිස්සුන්ට වැරදීම් වෙනව, හරි එහනම් අපි යමු. කවදාහරි හම්බුනොත් කතා කරන්නකෝ" කියද්දී මම මොන කාලකන්නි නරුමයෙක්ද කියල මටම හිතුණ. " මට මහත්තය කියන්න එපා. මෙතෙන්දි ඔයයි මහත්තය. අපි ඔක්කොම මිනිස්සු. යන්නම් අයියෙ. ආයෙත් දවසක හම්බවෙමු" කියල එන්න පිටත් උනේ බොහොම සුහදව අතිනුත් අල්ලල. හිනා වෙලා හිතේ කිසිම කහටක් නැතුව යන්න ගිය ඒ මනුස්සය දිහා බලාගෙන ඉඳල ආයෙත් වාහනේට නගපු මම අපේ උන්දැ ඉස්සරහ පුදුමාකාර විදියට ලජ්ජාවකට පත් උනේ උන්දැ ඒ ඔක්කොම සිද්ධිය දැකපු නිසා.." ඕක තමයි කියන්නෙ සුදූ .. ඔයාට හරියට කේන්ති යනව" කියල උන්දැත් ශේප් උනේ ඒ බව දැක්ක නිසාවට වෙන්නැති. එදා ඉඳන් මම පාරේදී කේන්ති ගන්න එක බොහොම පාලනය කරගන්නවා ඔය ගැන හිතලම.
උඹ ඉස්සරහින් පාර පැන්න මනුස්සය ආපහු බලල හිනා උනේ නැත්තං උඹගෙන් මේ ලියවිල්ල ලියවෙන්නෙ නෑ... අර ත්‍රිවිල් එකේ අයිය බොහොම සාමකාමිව මට එදා කතා කලේ නැත්තං මේ කොමෙන්ටුව ලියවෙන්නෙත් නෑ... අපි සමහර දේවල් ජජ් කරන විදිය බොහොම වැරදියි සමහර වෙලාවල් වලට. එහෙන් මෙහෙන් අස්සෙන් දාගෙන හොඳ ගහගෙන යන එවුං දැක්කම මට තද වෙනව ඉස්සර. නමුත් කවුද දන්නෙ ඒ මනුස්සය එච්චර කඩිමුඩියෙන් යන්නේ මොකක් නිසාද කියල. කාට හරි ගෙදර අසනීපයක් නිසාද, හදිසි අවශ්‍යතාවක් නිසාද, එහෙමත් නැත්තං තමන්ගේ බිරිඳ දරුවන් එක්ක ඉන්න තියන වෙලාව අඩු නිසා ටිකක් වේලාසනින් යන්න ඕන නිසාද කියල. කවුද දන්නෙ... ජිවිතේ හැටි....
//." ඕක තමයි කියන්නෙ සුදූ .. ඔයාට හරියට කේන්ති යනව" //
Deleteමෙහෙමම කිවුවද ? අම්මපා කියපන් මල්ලියෙ.
කිව්වා යකෝ.. හැබැයි මූණ රකුසු කරගෙන..
Delete//." ඕක තමයි කියන්නෙ සුදූ .. ඔයාට හරියට කේන්ති යනව" // අපේ උන්දා දෙන්නේ ඔයිට ටිකක් වෙනම ඉන්ජක්ෂන් එකක්..
Delete//අයියෝ මහත්තයෝ..ඔයා සේෆ්ටි නේද? කෝ ඔයාගේ සේෆ්ටි ඩ්‍රයිවින් කරනකොට?// හැක හැක.. පොළොවේ පස් කන්න හිතෙනවා.. අම්මපා සුක්කානමට ඇත තිබ්බම නම් මම මහම මහා නොසන්ඩාලයෙක්.. දැන් ටික ටික හැදෙන්න උත්සාහ ගන්නවා.. අනිත් වෙලාවට මම එහෙම නෑ බං.. සක්..
///අනිත් වෙලාවට මම එහෙම නෑ බං..///
Deleteඒක තමයි. ඊට අමතරව ඔබතුමා සුදුයි කෙට්ටුයි නේද?
බීල යනකොට පොලිසියෙන් බේරෙන්න හීනි සුරුට්ටු බොනවත් නේද?
Deleteසජ්ජා, ඕක තමා බං...මනුස්සකමයි තිරිසන්කමයි අතරෙ තියෙන්නෙ බොහොම සියුම් රේඛීය වෙන්වීමක්. එක තත්ත්පර දශමෙන් අපි තීරණය කරන්න ඕනි කොයි පැත්තටද අපි පනින්නෙ කියලා.
Deleteඇත්තම කතාව ඒක තමයි බං...
Deleteප්‍රා.. නැතුව නැතුව.. මට වැඩිය සුදු කෙට්ටු එකයි ඉන්නේ බ්ලොග් අවකාසේ.. හැබැයි මිනිහ හිතන් ඉන්නේ පොර ගොරිල්ලා වගේ කියල.. හැක හැක හැක..
Deleteසජ්ජ.. සුදු කෙට්ටු එවුන් එහෙම තමයිලු..
මදාවියා.. //මනුස්සකමයි තිරිසන්කමයි අතරෙ// වෙනස කොස් ගහකට සමයි කියල සිංදුවකුත් තියෙනවා නේද?
සඡ්ඡා
Deleteරෙෂ්පට්..එල ද බ්‍රා
...//ඕක තමයි කියන්නෙ සුදූ .. ඔයාට හරියට කේන්ති යනව//...
Deleteසජ්ජෝ මූලග්ගායට බෙහෙතත් ගනින්.වයසට යන්න යන්න ඕක වැඩි වෙයි.
මමත් කමි අයිය එක්ක කොට්ටාවෙ එකම වාහනේ එකම ශීට් එකේ සුක්කානමටයි, ජියර් පොල්ලටයි අත තියාගෙන බලං හිටියෙ.
ReplyDeleteඈ... ජියර් පොල්ල... කාගේද?
Deleteඒ කියන්නේ මගේ ලිවිල්ල උඹේ වගේ දැනුනා නේද කසුනෝ.. ස්තුතියි..
Delete@ ගෙරි සජ්ජ.. ජියර් පොල්ල මගේ..ඇයි උඹට ජෙල ද? හැක හැක..
හරියටම හරි කමි අයියෙ.
Deleteසජ්ජො, කමි අයියගෙ ජියර් පොල්ල බං.
එහමත් එකක්ද... ලියවිල්ල දැනුනු බව මිසක්... මං හිතුව කොලු සීන් එකක් කියල...
Deleteඅපි හැමෝම ළඟ යක්කුයි දෙයියොයි දෙගොල්ලොම ඉන්නවා කමියයියේ.
ReplyDeleteයක්කු 99 ට එක දෙයියයි.. එකයි පොඩ්ඩක් අවුල්.. :)
Deleteජීවිතේට අත්දැකීම එකතු වෙන්නේ අපි හිතන්නෙවත් නැති වෙලාවට.
ReplyDeleteඔව්.. ඒ වගේම හිතන්නෙවත් නැති විදියට..
Deleteඅපි කාටත් "ඉවසිල්ල" හොඳ දෙයක් - වාහනේ ඩෑෂ් බෝඩ් එක උඩ වත් තියාගන්න...
ReplyDeleteනරකද මොබයිල් ඇප් එකක් වගේ ඩිවලොප් කරොත්.. :)
Deleteඒක ටික කාලෙකිං මොළේටම ඩවුන්ලෝඩ් වෙනව කමියා, පුරුද්ද විතරයි ඕනෙ. (වැඩේ තියෙන්නෙ අපි ඉවසීමෙන් ගියත් කොහෙ හරි ඉන්න පිස්සෙක් කඩාවැදිල එක්කො ඕවටේක් කරල ළඟිං නමනව, නැත්තං රෝං සයිඩ් ඇවිත් සයිට් කණ්නාඩිය කඩාගෙන යනව...)
Deleteඒ කියන්නේ ඇප් එකටත් වැඩිය පුරුද්ද ලොකුද? :)
Deleteඅපි නොහිතුවට, අපිට බොහෝම සුලු නොසැලකිලිමත් දෙයක්,යමක්, වචනයක්, මේ ඔඑනිම දෙයක්, තවත් මනුස්සයෙක්ගෙ මුලු ජීවිතේම වෙන්න පුලුවන්..
ReplyDeleteඋඹ හරි.. ඇත්තටම ඒ සිදුවීමෙන් පස්සේ මන් හුඟක් කල්පනා කරා.. :)
Deleteමේ වගේ සිදුවීමකට පස්සේ එන වරදකාරී සිතුවිල්ල මොන තරම් අමාරු දෙයක්ද ?
ReplyDeleteවරදකාරීමත් නෙවෙයි බන්.. මට හිතුනේ අපි මොන අවසිහියකින්ද මේ ගමන දුවන්නේ කියලා.. අනිත් කාරණේ 'ලෝකය කොච්චර වෙනස්කම් කරනවද' එකම මහා පොළොවේ එක එක මිනිස්සුන්ට? අන්න ඒ වගේ හැඟීමක් තමයි මට ඇතිඋනේ..
DeleteGod is in small things . පුංචි අත්දැකීමක් ලස්සනට ලියා ඇත. මානව දයාව ගැන මතක් කරලා දෙන්න පුළුවන් මේ වගේ සටහන් වලින් .ජය !
ReplyDelete//God is in small things// අපි පැනපු ගමන් බදා ගන්නෙම ලොකු ලොකු දේවල් නිසා වෙන්නැති අපිට God හම්බ වෙන්නේ නැත්තේ.. ස්තුතියි ඔබට.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමෙතන තිබ්බේ අර 65 අනිවසරි කොමෙන්ටෙකද? ඇයි මැකුවේ.. ඊයේ රැ ටීවී එකේ දැක්කම තමයි මටත් මතක් උනේ.. වෙනදනම් රම් ටොට් එකක් ගහල බරාකානා කාලා සමරනවා.. ඊයේ මොකුත් ම්හු..
Deleteකෙටි උනත් ලියල තියන කතාව හිතන්න ලොකු දෙයක් ඉතිරි කලා
ReplyDeleteහංසි ගොඩක් කාලෙකින් :)
Deleteකමිය අවංකව ලියල හිංදා ඔන්න මේක මෙහෙම ලියනවා..
ReplyDeleteඔය අත්වාරු අනං මනං අරගෙන යන මිනිස්සු පාරෙ යන්නෙ බොහොම කල්පනාවෙන්.උදේට කීදෙනෙක් අහකට කෙල ගහනවාද මෙහෙම යනව දැක්කාම.ඒ වගේම තමයි පාර පනිනකොට.වාහන අඩු වෙනකන් බලලමයි යන්නෙ.ඒත් මැද හරියට යනකොට වේගෙන් එන වාහන ලඟට ඇවිල්ලා ඔරවගෙන ඉන්නවා.මොකද ඉතිං කොරන්නෙ... බස් එකකට නඟින්න,බහින්න උනත් එහෙමයි.අනිත් අයට කරදරයක් නොවෙන්න උපරිම උත්සාහ ගන්න පිරිසක්.කමියලා වගේ ඒ දිහා බලන පිරිස වැඩි උනොත් ලෝකෙ ලස්සන මල් පිපේවි.
ජයවේවා..!!
පමාව ගැන සමාව!
Delete//උදේට කීදෙනෙක් අහකට කෙල ගහනවාද මෙහෙම යනව දැක්කාම// පදිරිම වැඩක් බං.. 'මිනිස්සු' කොහොම එහෙම කරනවද කියල හිතා ගන්න බෑ..
බෙලාගෙන යනකොට අපි හැමෝම, හැමෝටම උදව් කරගන්න එක තමා කරන්නෙ නේද?
ReplyDeleteඔව්.. අපි හැමෝම අපිට 'පුළුවන්' දේ 'බැරි' උන්ට උගන්නනවා.. ඒකම කොච්චර ලොකු උදව්වක්ද?
Deleteපමාව ගැන සමාව!
කිසිම පැකිළීමක් නැතිව හිත කණපිට ගහන්න හැමෝටම බෑ. ඒත් කළ්‍යාණ මිත්‍රයෝ උඹ හරිම විවෘත මනසින් ලියල තියෙනවා. ඒකට මම බොහොම කැමතියි.
ReplyDeleteඔවු... මාත් එකඟයී ඔබේ අදහසට .... එ නිසා නොවැ මේ සටහන සිතට දැනෙන්නේ...
Deleteනොකීකථා අගනා ඇගයීමටත් රටා වියන්නී ගේ අලගු තැබීමටත් ස්තුතියි!
Deleteපමාව ගැන සමාව!!
බැලින්නං මේකා අපේ පැත්තෙත් කරක් ගහලා තියෙනවා...
ReplyDeleteමහේෂ් මුල්වතාවට නේද කලහිත පැත්තේ.. වෙල්කම් කියුවා ඔන්න.. රට වටේම වගේ ඔව්. මාත් 'කරක් ගහනවා' උපන් දවසේ ඉඳන්.. උඹලා පැත්තත් මිස් වෙන්න විදියක් නෑ..
Deleteපමාව ගැන සමාව!!
ReplyDeleteඔවු.. අපි දකින දේවලට අපේ මනස මොහොතකින් සුවපත් කරන්නත් ගිලන් කරවන්නත්බලයක් තිබෙනවා තමයි.. මේ සටහන දැක්කාම මටත් සිහියට නැගිච්ච දෙයක් තියෙනවා කලන මිත... පහු ගිය දවස් කීපයේ රාජගිරිය බස් නැවතුමක මහලු දුක් පත් සහ දුප්පත් ( හිඟන්නෙකු වගේ) මිනිසෙක් දින කීපයක් තිස්සේම වැතිරී සිටියා... මා මුලින් සිතුවේ ඔහු බීමත් ව බිම වැටී නිදන්නෙකැයි කියායි.... නමුත් මහ වැස්සේ ඔහු යටින් වතුර ගල ගලා යන විටත් නොසැලී ඔහු එතනම නිදන අයුරු හවසත් දුටුවා.... පසුදිනත් දුටුවා.... එදිනම හවසත් දුටුවා.... මුලදී පිලිකුල් හැඟීමෙනුත් පසුව අනුකම්පාවෙනුත් බැලුවා.. අවංකවම කියුවොත් ඒ වෙලාවේ හිතට සානුකම්පිත දෑ ත්, අසරණයන්ට පිහිට වීමේ වගකීම වැනි දෑත් සිහියට නැගුනත් බසයකට නැංගාම ඒවා අමතක වී ගියා... මා වැනිම බොහෝ අයත් එම මිනිසා දෙස බලා නොයෙක් දේ සිතන්නට ඇති... ඒත් දවස් කීපයක්ම ඔහු එතන සිටියා...
දැන් මතක් වෙනවා මට .... මා කරපු වැරද්දක් විදියට... අඩුම තරමින් ඔහුට වතුර බිඳක්වත් දුන්නැති, ඔහුට කුමක් වූවාදැයි සොයා බැලුවේ නැති මගේ හදවත ප්‍රශ්න නගන්න අරන්...නමුත්
මාව පුරුදු කර ඇත්තේ එසේයි... පුරුදු වී ඇත්තේත් එසේයි,.."අනුන්ගේ ප්‍රශ්න ගෙදර අරන් එන්නෙපා, අපිටත් ලෝක ප්‍රශ්න තියෙනෙවා, ඒව විසඳලා ඉන්නවා පැහිච්චිකම් කරන්නැතිව, අම්මන්ඩි වගේ හිතන්නෙපා!!".... එයයි මා හැදුනු විදිය, ඇත්තටම එයට පිටින් යාමට මට තාමත් අමාරුයි.. නමුත් හිතට වද දෙනවා...
මා මේ සටහන තබන්නේ,,, මා හටම දිරියක් ගැනීමටයි,
සමහර විටෙක නැවත ඔවන් දෙයක් දුටුවොත් එ පිලිබඳව යමක් කිරීමට හැකි වේවි...
මේ පොස්ට් එක ලියපු එකෙන් හොඳක් උනා කියල හිත හදා ගන්න පුළුවන්.. :) මොකෝ රටා වියන්නී බ්ලොග් රටාවක් වියන්න අදහසක් නැතෙයි දැන්ම? මොරටුවේ වැඩ අහවර කරලා පටන් ගත්තොත් නරකෙයි ලියන්න?
Deleteපමාව ගැන සමාව!!
This comment has been removed by a blog administrator.
ReplyDeleteපුද්ගලික මඩ ගැසීමක් (මට නොව වෙනත් පුද්ගලයෙකුට) හෙයින් මෙම කොමෙන්ටුව ඉවත් කල බව කරුණාවෙන් සලකන්න.
Deleteඅනෙත් පිළිතුරු ලබා නොදුන් කොමෙන්ට් වලට හැකි ඉක්මනින් පිළිතුරු තබමි. පමාව ගැන සමාව අයදිමි.
බ්ලොග් පාථකයෙක් විදියට මේ මගේ කතාවත් කියන්න ඕනෙමයි.
ReplyDeleteමම බොහෝ දුරට මොකක්හෝ වුනාම ගොඩාක් බිමට වැටෙන කෙනෙක්. * හැබැයි එහෙම කියලා අතැරලා දාන්නෙත් නැ. මොන විදිහෙන් හරි අල්ලගන්නවා(
මේ ළඟදි දවසක මගේ සියළු දේ නැතිවුනා. එවෙලේ මම හිටියේ මටම එහෙම වෙන්නේ ඇයි කියන හැඟීමෙන්. කිසිම විදිහකින් කාටවත් උදව්වක් මිසක් වරදක් නොකරන මට හැමදාම ඒ වගේ දේවල් වෙන හින්දා හෙන අවුලෙන් හිටියේ. කොටින්ම ජීවිතෙත් එපා වෙලා.
එහෙම අවුලෙන් ඉන්න දවසක මගේ ක්ලයන් කෙනෙක්ගේ මෙඩිකල් ජජ්මන්ට් එකකට එක්කන් යන්න තිබ්බා. එදා ඒ අන්කල් (මම එහෙම ක්ලයන් කෙනෙකුට කතා කරන්නේ හරිම රෙයා ඔකේසන්) නම කියලා මිනිස්සු අමතන එකයි මගේ සාමාන්ය රටාව.
ඒ අන්කල් කීවා ඔයා දන්නවද හාට් ඉසූ එක ආවම මට එන්න තිබුන මෙච්චර දේවල් මම ඔක්කොම අමතක කලා. වයිෆ් ළමයි එයාගේ හිතවත්තු එයාට දෙන්න තිබුන ලොකුම මුදල් ප්‍රමාණයන් ඔක්කොම ඒ අයටම තියාගන්න කීවා. බයිපාස් තුනක් කරලත් මම ජීවත් වෙනවානේ ඒක ලොකුම දෙයක් මට. මම කොයිතරම් බ්ලෙස්ඩ් ද කියලා මට දැණුනේ ඒ අවස්තාවේ කියලා.
මට නේද අර මහා පොරක් වෙන මම තත්ත්පරෙන් දිය වුනා. මම එවෙලේ හිතාගත්තා අපි අඬන්නේ කියවන්නේ අපිට කොයිතරම් දේවල් තිබිලාද කියලා. පොඩි දේවල් වලින් සැනසෙන්න ඉගෙනගත්තම ජීවිතේත් හරි පහසුයි. කොටින්ම ඔයාගෙ අකතාවේ පාරේ ගිය ආබාධිතයා වගේ... අපිට සතුටුවෙන්න පුළුවන් කොයිතරම් දේවල් අපි අස්සේම තියෙනවද? ඒක හොයාගන්න එකයි අපි දියුණුයි කියන්නේ මට නම්...
මේ කතාව දෙතුන් වතාවක් කියෙව්වා.. කතාව අස්සෙම කතා දෙක තුනක් හම්බ උනා.. රන්ගි කොහොමත් සංවේදී කෙනෙක් බව දැකල තියෙනවා.. එය තවදුරටත් තහවුරු වෙනවා.. ස්තුතියි දිග කොමෙන්ට් එකට. :)
Deleteexcellent bro
ReplyDelete