Sunday, 13 March 2016

දුකක් මුත් මතක පොත... Love that speaks no words

photo courtesy- google images
කොම්පඤ්ඤ වීදිය දෙස සිට සීරුවෙන් ධාවනය වූ රථය නවම් මාවතට හැරවීම සඳහා සම්පත් බැංකුව අසල නවතාගෙන සිටී. සිග්නල් එකේ නිවෙන දැල්වෙන කොළපාට ඊතලය හා සිහින් බීප් හඬ කොහේදෝ ලෝකයක සිටි මා නැවත පියවි ලෝකයට ඇද දැම්මේය. භක්තිමත් කතෝලිකයෙකු වූ අලුතින් පත්ව ආ මැදිවියේ ප්‍රවාහන සහයකයා විසින් පසුපස බලන කණ්ණාඩියේ එල්ලා තැබූ සුරුවම ලතාවකට පැද්දේ.. එහෙ මෙහෙ මාරුවෙන වාහන අතරින් කඩින් කඩ පෙනෙන සිමා මාලකයේ සුදු දුඹුරු පැහැ පසුබිම පැද්දෙන සුරුවමට අනගි පසුබිමක් සපයයි. මගේ සිතුවිලි ගැන හාංකවිසියක් නොදත් රියදුරු තෙමේ ලද ඉසිඹුවකින් රථය නවම් මාවතට හරවා සිරිධම්ම මාවත ඔස්සේ අරලියගහ මන්දිරය දෙසට ධාවනය කරයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස අලුත් පත්වීමේ වැඩ බාර ගත් පසු මාධ්‍ය සාකච්චාවක් සඳහා අගමැති කාර්යාලය වෙත යන පළමු ගමන මෙයයි. නව රජය පත්වීමෙන් පසු එළඹෙන ප්‍රථම විරු සමරුව උදෙසා ත්‍රිවිධ හමුදාවෝ ගාලු මුවදොර පිටියේ පුහුණුවෙමින් සිටිති. ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථානයේ ජේෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස හා වැඩ බලන නාවික හමුදා ප්‍රකාශක ලෙස වසර ගණනාවක් පුරා වෘත්තීය මාධ්‍යවේදීන් හා කටයුතු කොට ඇති හෙයින් එළඹෙන අවස්ථාව පිලිබඳ කිසිදු විචිකිච්චාවක් නැතද අද උදැසන සිට කුමක් නමුත් නුහුරු අපහසුතාවයකින් මා පෙළෙන්නට වූ බව නම් නිසැකය..

අවශ්‍ය ආරක්ෂක පරික්ෂාකිරීම් වලින් අනතුරුව පසුපස ගේට්ටුවෙන් ඇතුළුවූ රථය පරණ ඩුප්ලිකේෂන් පාර දිගේ මද දුරක් ඉදිරියට ධාවනය විය. ලිපිගොනු කිහිපයක් අතැතිව කඩිසර ගමනින් ඉදිරියට එන ඈ හඳුනා ගැනීමට මට දෙවරක් බැලීමට අවැසි වුයේ නැත..

"ඔහ්.. ඔය මිස් ළඟ වාහනේ පොඩ්ඩක් නතර කරන්න.."

ඔව්. ඒ දිලිසෙන තරු ඇස්.. රහස් ගොඩක් හංගගෙන තාමත් හිනා වෙන ලස්සන...

"අහ.. ඔයා.. දැක්ක කල්.... අද මෙහේ?" බාගෙට විවරවෙන කවුළුවෙන් මම මොකුත් කියන්න කලින්ම ඈ කතාව පටන් ගෙන..

"ඔහ..ඔව්.. අද වික්ටරි පෙරඩ් එකේ මිඩියා කොන්ෆරන්ස් එක.. දැන් මමනේ...."

"ඔව්. ඔව්.. ආරංචි උනා ඔයාව නේවි ස්පෝක්ස්මන් විදියට ඇපොයින්ට් කරා කියල.. මගේ සුභ පැතුම්.." ඈ ඉතුරු ටික සම්පුර්ණ කලා.

"තෑන්ක්ස්.. එතකොට ඔයාත් ආවේ.." පුරුදු විදියටම මගේ ප්‍රශ්නෙන් බාගයක් අහද්දී ඇය පිළිතුර පටන් අරන් ඉවරයි. 

"ආ.. ඔව් ඔව්.. අපි එහෙම හිතමුකෝ.. ම්ම්ම්.. යන්න කලින් පුලුවන්නම් විනාඩියකට ආයිත් මට කතා කරන්න. පුංචි තෑග්ගක් තියෙනවා ඔයාට දෙන්න.. මම යන්නම්. කොන්ෆරන්ස් එකට කලින් වැඩ ගොඩක් ඇරෙන්ජ් කරන්න තියෙනවා.. බායි.. මතකනේ.. යන්න කලින්.." මම උත්තරයක් හිතා ගන්නත් කලින් ආ හිනාවීගෙනම ජනමාධ්‍ය කුටිය දිහාට පියමැන අවසන්....

*************************************************************************

ඒ හරියටම මිට වසර පහකට පෙර පළමු විරු සමරුව පැවැත්වූ මැයි මාසය.. මානුෂික මෙහෙයුම අවසන් වීමෙන් පසු ත්‍රිවිධ හමුදාවන් වෙත එල්ලවූ අභූත චෝදනා සඳහා ප්‍රති පිළිතුරු සැකසීමට අපි ජාතික ආරක්ෂාව සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානය හරහා කටයුතු කරමින් සිටි අවධිය.. නාවික හමුදාව වෙනුවෙන් ප්‍රථම විරු සමරුවේ මිඩියා කෝඩිනේටර් උනේ මම.. දවස තිස්සෙම වගේ ගැවසුණේ මාධ්‍යවේදී හිතවතුන් සමඟ.. ඔවුන'තර ගැවසුණු ඒ අපූරු යුවතිය, ඇගේ සිනහව, කතාව, ඒ වගේම හිත පැහැරගන්නා හිතවත්කම නිසාම මගේ සිත වෙසෙසින් අරක් ගත්තා.. ඔක්කොටම හපන් අර තරු කැට වගේ දිලිසෙන ඇස්.. 

ඒ මට අතිශයින් කාර්ය බහුල වූ අවධියක්.. යුද වාතාවරණය නිසා පහුවෙමින් තිබුණු විවාහයට ඉක්මනින් සුදානම් විය යුතුව තිබුනා. නොනවත්වා විදේශ වලින් ගලා ආ යුධ අපරාද චෝදනා වලට පිළිතුරු සැපයීම සඳහා රාජකාරිමය වශයෙන් වෙහෙසීමට සිදුවුනා.. ඒ වගේම ජාතික උත්සව හා සැමරුම් නොකඩවා රට පුරාම පැවැත්වුණු නිසා ඒ වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට අවශ්‍ය උනා.. ඒ අතර අර අපුරු යුවතිය හා ඇගේ දිලිසෙන ඇස්.. නිතර දෙවේලේ මුණ ගැහුණු අපි අතර ඒ වෙනකොට ඇති වෙලා තිබුණු සම්බන්ධය මොන වගේ එකක්ද කියන්න මට අදටත් තේරෙන්නේ නෑ.. සමහරවිට එය අප්‍රකාශිත ප්‍රේමයක් වන්නට ඇති.

ඔය අතර දවසක.. බොහොම අහම්බෙන්.. බොහොමත්ම අහම්බෙන් දවසක් අපි දෙදෙනා තනි උනා.. වෙනදට කෙළිදෙලෙන් තොරතෝංචියක් නැතුව කියවන ඈ.. එදින එවෙලේ මුණිවත රැක්කා.. කියාගන්න දාහක් දේ තිබ්බට මගේ මුවිනුත් ඒ කිසිම දෙයක් පිටවුනේ නෑ.. අවසානයේ.. ඒ අහම්බය ඈ මා උරමත හිස තබාගෙන නොදොඩා සිටි හෝරා කිහිපයකට පසු ඇගේ නළලත මත මෘදුව තැවරු සිහින් චුම්බනයකින් අවසන් කර දමන්නට මට හැකි උනා.. එදා සිට අපි දෙදෙනාට එකිනෙකා දැකීම මහමෙරක් වන් නොව මහා බරක් වුවා යයි කීම නිවැරදියි.. මගේ විවාහයෙන් තුන් මසක ඇවෑමෙන් වැඩිදුර පුහුනුවක් සඳහා බිරිඳ සමඟ විදේශ ගත වීමෙන් ඒ අපහසුතාවයෙන් මිදීමට මට වරම් ලැබුනා.. ඒත් ආපහු අද?

*************************************************************************

" ආ.. මෙන්න.. මගේ කවි පොතක්.. ඕක තමයි තෑග්ග.. හි හි.."

"තෑන්ක්ස්.. " මේ වචනය මෙතරම් නොගැලපෙන විදියට වෙන කොහෙදිවත් භාවිතා කරන්න නැතුවැති කියල මට හිතුනේ එහෙම කියුවට පස්සේ..

"හි.හි.." නැවතත් පුරුදු හිනාව.. කොහොම මෙහෙම සැහැල්ලුවෙන් ඉන්නවද මංදා.. "මයි ප්ලේෂර්.. ඒක නෙවෙයි.. පුලුවන්නම් කියවලා මට කියන්න මොකක්ද කියලා.. මේකේ ඔයා ගැනත් කවියක් තියෙනවා.."

"හ්ම්ම්.. මං කියවලා බලන්නම්.." හමුදා කමාන්ඩ් සහ ඇක්නොලේජ්මන්ට් කොච්චර ලේසිද? එහෙම උනානං 'ආයි ආයි මැඩම්' කියල හිතේ කිසි බරක් නැතුව කියල සැලියුට් එහෙකුත් ගහල ඉවර කරලා දාන්න තිබ්බ.. 

ඊට පස්සේ මොනවා කතා කරාද කොහොම සමු ගත්තද එකක්වත් මට මතක නෑ.. කතා කරන ගමන් ඒ ඇස් මඟ හරින්න මම කාඩ් කුට්ටමක කොළ පෙරලනවා වගේ ඒ පුංචි කවි පොතේ පිටු එහෙට මෙහෙට වේගයෙන් පෙරළුවා විතරක් මතකයි.

"හෙලෝ..ව්" මම කොහොමත් දුරකතනයට උත්තර දෙන්නේ අග අකුර ටිකක් බර කරලා.. ඒ වෙනුවට මට අනිත් පැත්තෙන් උත්තර ලැබුනේ බොහොම සියුම්ව "හෙලො" කියලා එක පරම නතර වුනු කට හඬකින්..

"යේස්.. කවුද මේ...හ්.."

"සොරි.. මම හිතුවේ නම්බර් එක තියෙන්න ඇති කියල.. මම තරූ.."

"ඔහ.. නෑ.. මේ නම්බර් එක තියුණ.. මේ.. ඒක ඩිලීට් වෙලාද කොහෙද.." මම මෙසේ උඩ තිබුණු 'තරු ඇස් රහස්' අතර කතා කරන්න වචන හොයනවා..

"පොත කියෙව්වද? මම කියපු කවිය හොයා ගත්තද? මම මේ ඒක අහන්න කතා කලේ.. කරදරයක් උනාද දන්නේ නෑ මේ වෙලාවේ.. "

"අහ.. නෑ.. නෑ.. මුළු පොතම කියෙව්වා.. කවියත් හොයා ගත්තා.. ඉහ්.." තාමත් පොත අතේ කියල කියන්න ඕනි උනත් කියවුනේ නැද්ද කොහෙද..

"මොන?"

"73 පිටුවේ කවිය.."

මැයි මහක මල් මතක...

මැයි මහේ මල් වැස්ස අදත් ඇද හැලෙනවා
ගාලු මුවදොර පිටියේ ඔබත් ඇති හිතෙනවා
ඇසිල්ලක හෝ ඒවි දෑස් මඟ බලනවා
අපි අපේ නොවන බව ඒත් හිත දන්නවා

රුහිරු කඳුලැලි ගඟක පාවෙලා ආ ජයට
ආවඩන සැමරුමක නැගෙන වෙඩි හඬ සැරට
විඩාපත් වත පිපුණි වැහි අඳුරු අහස යට
නිලැති නිළ ඇඳුමේ තරු දිලිසුනා ස්නේහයට

ඇස දිලෙන තෙතමනට සිතම ගිනි ගත් බැවින
හිස හොවා උරමතේ දෑස පියවුණු සැණෙන
අඩ සඳෙක තැබූ මුදු හාදුවක අසිරියෙන
මැයි මලුත් හිනැහුනා ඔබට මතකද එදින

මලක් වාගේ රැක්කෙ අහිමි බව කියන්නද
විලක් වාගේ නිමල සෙනෙහසක් විඳින්නද
දුකක් මුත් මතක පොත කොහේ විසි කරන්නද
වරක් ඇවිදින් යලිත් මැයි හෙවණ විඳින්නද


පසුව ලියමි.

තරුරසි ගේ 'තරු ඇස් රහස්' පොත ගත්තේ පහුගිය සැප්තැම්බරයේ පොත් ප්‍රදර්ශනයෙන්.. ගත්ත ගමන්ම වගේ කවි ඔක්කොම ටික කියවලා ඉවර කරා.. ඒත් සමහර කවි හරියට රසවිඳින්න බැරි උන නිසා ඒ පොත පොත් රාක්කෙට සින්න වෙන්න නොදී ගෙනත් මගේ ඔෆිස් එකේ මේස ලාච්චුවේ තමයි තියා ගත්තේ.. 73 පිටුවේ සඳහන් මේ කවිය ඒ පොතේ මගේ වැඩිපුරම හිත ගත්තු කවිය.. කවියක් විදියටත් ප්‍රස්තුතයක් විදියටත් ඒකෙ ගොඩක් දේ තියෙනවා මට සමීප.. මේකට පසුබිම් කතාවක් ලියන්න ඕනි කියලා හිතුනේ කියවපු මුල් දවස්වලමයි.. ඒත් එක එක වැඩ නිසා මඟ හැරුන.. අද ඉරිදා ඔෆිස් එකේ ලාච්චුව දිග අරිනකොට මෙන්න ආපහු මතක් උනා. සමාජසේවා වැඩ නිසා යටපත් වී ගෙන යන 'කලාහිත' ඉස්මතු වෙලා බොහොම කෙටි වේලාවකදී ගොතපු මේ කතාව අදාල කවියත් එක්ක කිසිම ඇහිල්ලක් බැලිල්ලකින් තොරව බ්ලොග් එකේ දානවා.. මේක බලලා තරූ මට නඩු දායිද දන්නේ නෑ බුද්දිමය දේපල හොරා ගත්තයි කියලා.. තව එකක්.. 'නිලැති නිළ ඇඳුම්' අඳින්නේ නම් නේවි එකේ විතරක් නෙවෙයි. ඒත් මට පුරුදු තැන නිසා මේකට නේවි සම්භන්ධතාවයක් ගොඩ නැගුවා. මේ සියල්ලම මනඃකල්පිත චරිත හා සිදුවීම් බව මතක තියාගෙන කොමෙන්ට් කරන්න.



120 comments:

  1. අඩේ මාරයි ඈ.......උඹට වතුර ටැංකි හදන එව්ව අධීක්ෂණය කරන්ඩයි, හෙල්මට් අමතක වෙච්චි එවුංට දඩ ගහන්ටයි, තෙසක්රියවල් අස්සෙ ඉඳල.....හෙහ්,හෙහ්,හෙහ්....ඒ වගෙ එව්ව විතරක් නෙවෙයි තව දේවලුත් පුලුවන් නෙවද?

    ඇත්තටම බොහොම අපූරු වියමනක් මලේ....:)

    පලි - නෙලුං යාය උළෙලෙදි බලාගෙන හැබැයි තරූ කෙළල අරියි උඹෙ ඔලු ගෙඩියට " මගෙ කවිය කෑවා" කියල...:)

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ.. එයා මට එහෙම කරන්නේ නෑ කියල විශ්වාසයි.. :) හි හි හි..

      රවී අයියා.. තැන්කියු රහසේම උපදෙස් දීලා වැරදි නිවැරදි කරාට වගේම බොහොම ලෙන්ගතු පලවෙනි කොමෙන්ට් එකට..

      Delete
    2. හදිසියට කතා කරන්න හරි අල්ලපු වැටේ ඉන්න මනුස්සයනෙ... ඉතින් එහෙම ගහන්න බෑනෙ රවී අයියේ...

      Delete
    3. වැටෙන් එහා මල් පඳුරේ.. ඔබ පිපි වැනේ ඇත නුදුරේ..
      මිලින උනත් ගැන අඳුරේ.. මල් නෙලන්න තහනම්.. කියල ලස්සන සින්දුවක් තියෙනවා.. හැක හැක හැක..

      Delete
  2. ෙමානවා................ යකෝ මෙහෙම දේවලුත් වුණාද?????????? මේවා ගොතලාද නැත්තං ගෙතුවා වගේ කියන අැත්තද මන්දා..........

    ReplyDelete
    Replies
    1. ගොතල ලියුවම මොකෝ ලියල ගෙතුවම මොකෝ මචෝ.. හැක හැක හැක..

      Delete
    2. ගොතල ගොතල....... මෙහෙමත් ලස්සනට බොරු ලියනවනෙ ඇත්තටම...

      Delete
    3. දේශපාලනේ ට එන්න හිතාගෙන ඉන්නේ.. දැන්ම පුරුදු වෙනවා..

      Delete
    4. //රවී අයියා.. තැන්කියු රහසේම උපදෙස් දීලා //

      Delete
    5. ඔව්වොව්.. අස්සර වින්නියාසේ වැරදි ගොඩක් තිබ්බ දාපු ගමන්.. මේ ඒවා.. වෙන මොකුත් නෙවෙයි..

      Delete
    6. දේශපාලනේ ටම ගැලපෙන ඇඟ,කඳ මහතත් තියෙන එකේ...

      Delete
    7. ඒක තමයි මුලින්ම හදා ගත්ත සුදුසුකම.. අනිත්වා දැන් එක එක හදා ගන්නවා.. :)

      Delete
  3. අපූරු කතාවක්නෙ බං.බොහොම රසවත් නිසා වේගයෙන් කියවගෙන ආවා.අවසාන උනේ හිතපු විදියට නං නෙවෙයි.

    ReplyDelete
  4. අපුරුයි හොඳවෙලාවට මේ සියල්ලම මනඃකල්පිත චරිත හා සිදුවීම් බව මතක තියාගෙන කොමෙන්ට් කරන්න කියලා ලිව්වේ අපි හිතුවේ අපුරුවට හිටිය ඔහෙටත් .......

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් එකනම් හොඳට දන්නා ඇනෝ කෙනෙක්ගෙන් වගේ.. හි හි..

      Delete
  5. හෑ. හෙහ් , ආහ්, මුලදි ටිකක් කන්ෆියුස්, දැන් හරි. නියමයි.

    ReplyDelete
    Replies
    1. දැන් හරි නම් අවුලක් නෑ.. :)

      Delete
  6. මරු නේ. කවියකට ක්‍රෂ් එකක් තිබුනම ඕන දෙයක් කරන්න පුලුවන්.. දඩිබිඩියේ උනත් කතාව එළ.. තරු ඇස් කියන කොටම මට තරු මතක් උනා. අන්තිම හරියට එන කොට වැඩේ පත්තුම වෙලා ගියා.. හැක්

    මහ තඩි කළු වලහෙක් ලව් පුසෙක් එක්ක ගමන් ගියා වගෙයි..

    ReplyDelete
    Replies
    1. තාම නිවා ගන්න බැරි උනාද බොට? හැක හැක ..

      Delete
    2. //"මහ තඩි කළු වලහෙක් ලව් පුසෙක් එක්ක ගමන් ගියා වගෙයි.."// මොකක්ද බොල ඒ හරුපේ

      Delete
    3. මටත් තේරුනේ නෑ බං.. ඒත් ඉතින් මූ මොකක් හරි 'කලාත්මක' දෙයක් වෙන්නැති කියන්න ඇත්තේ කියලා තේරුනා වගේ හිටියා නැත්නම් මගේ තත්ත්වෙට හරි නෑනේ..

      Delete
    4. ලව්පූසගෙ කලාවටත් හරි නෑ

      Delete
    5. මේකත් තේරුනා වගේ සද්ද නැතුව ඉන්න ඕනි කොමෙන්ට් එකක්..

      Delete
  7. හරිම රොමැන්ටික් මෙයා.. අපිට නම් ඉතින් ඕවා පුරුදු කතානේ ...

    ReplyDelete
    Replies
    1. එක්ස්පීරියන්ස් මැටර්ස් :)

      Delete
  8. Replies
    1. සලිත මල්ලි උඹේ කොමෙන්ට් එකේ මොකක් හරි වසක් විසක් තියෙනවා.. බලපන් ඒක කියවලා මේ විදානයට වෙලා තියෙන දේ..

      Delete
    2. ඔය විදානෙයට ‍මේ මෑතක ඉඳල භයානක ලෙඩක් හැදිල බං. පරිස්සමෙන්. හැක්..

      Delete
    3. //ඔය විදානෙයට ‍මේ මෑතක ඉඳල භයානක ලෙඩක් හැදිල// කෙලියා තාප්පෙට.. ආ.. නෑ නෑ.. ඒක පරණ ලෙඩක් නේ.. හැක හැක..

      Delete
  9. පොහ්.............අන්තිමට ලං වෙනකල් හිතාගෙන හිටියේ ඇත්ත කතාවක් කියලා. රූපමය කාව්‍යයකටත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි.. මන් කියුවේ කතාව.. :)

      Delete
  10. මේ දවස්වල කමිච්චි බිසී නිසා බය නැතුව ලියපු කතාවක් කියලයි හිතුවේ. අපරාදේ චෑන්ස් එක....

    මාරයි......!!!!!

    ReplyDelete
    Replies
    1. උඹව අමතකකරලා දාපු උඹ ආයෙමත් උඹව හොයාගන.....
      ජයවේවා....

      Delete
    2. මාරයි නෙවෙයි.. ඇලපිල්ලක් වැඩිවෙලා.. මරයි!!! වෙන්න ඕනි. හැක හැක හැක..

      Delete
  11. මුලින් හිතුනේ අර ත්‍රිවිල් නාඩගම ගැන ලියන්නේ කියල. ඊට පස්සේ බැලුවේ මේක මොකක්ද මේ තරු නංගි එක්ක නටන නාඩගම කියල. ඔහොම කියන්න එපයි. වෙලාව නැහැයි කියා කියා මේවා තමා ලියන්නේ.

    ReplyDelete
    Replies
    1. හුහ්.. තරූ ගැන කියනකොට මෙයාටනේ මල පනින්නේ.. මල කෝලන්.. හැක හැක හැක..

      Delete
  12. අඩේ අන්තිම මොහොතෙ උබ ආතල් කුඩු කරල සොමි නාශක කෙනෙක් උනානෙ බන්... එල එල. ජය වේවා..!!!!

    ReplyDelete
    Replies
    1. අඩේ නියම වචනේ.. සොමිනාශක.. :)

      Delete
  13. අන්තිම හරියට යනකම්ම තේරුණේ නෑ මොකක්ද වෙන්න යන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොඳයි.. නැත්නම් මට බැන බැන නේ කියවන්නේ.

      Delete
  14. මෙන්න නියම 'කළා හිත'....
    මටත් පුංචි පහේ ලෙඩක් තියෙනවා ඔය කවි සංකල්පනා සම්බන්ධයෙන්. කියාගන්න බැරි විරහවක් දැනෙන සින්දු එක්ක කතන්දර ලියවෙනවා. ඒ උනාට මේක නම් මොකද්දෝ එකක් හින්දා අමුත්තක් වගේ දැනෙනවා. අපේ තරු රසියා හින්ද කට පියා ගත්තා කියල හිතාගන්න හරිද.... නැත්තම් දන්නවනේ මම!!

    ReplyDelete
    Replies
    1. හපොයි! මම ඇදගෙන නෑවද මංදා.. :)

      Delete
    2. කවියක් නිසා වුණ හදියක්... මගේ කවි පොත ගැන ගමේ කතා බහ කළ දවසෙ අච්චර කවි තියෙද්දි තිඹිරි අයිය කතා කළෙත් මේ කවිය ගැනමනෙ උපේක්ෂා..

      හොඳ වෙලාවට එයා ඒක ප්‍රේමයෙන් එහාට ගෙනිහින් වාර්ගික සමඟියට සම්බන්ධ කළා...

      http://tharurasi.blogspot.com/2015/10/blog-post.html මේ කත් කියවල බලන්නකො..

      Delete
    3. //ලොකු කතාවක් පොඩි කවියකින්..// කියල මන් එදා ඔය පෝස්ට් එකට කොමෙන්ට් කරේ.. කවි තේරෙන්නේ නැති උන්ගේ පහන් සංවේගය උදෙසා ඔන්නොහේ කතාවම ලියලා දැම්ම.. :)

      Delete
  15. කවිය කවියට මිස කවියාට නොවෙයි කියලා කාටද මම ලියල අහගත්තු තරම හොඳටෝම ඇති එහෙම නොලියා මෙහෙම ලියන්නම්. අය්යගෙ පෝස්ටුව නම් අගෙයි කවදට වගෙම
    ~~~ඉන්ලද සතුට ඇති වැලලෙන තෙක්ම.. පසේ~~~~~~~

    නෙත්සර දිදී හමුවන මොහොතක්........... ගානේ
    සත්සර වැයේ හදවත් යාවුණු................... මානේ
    සුන්දර පෙමේ නතු වී වෙන් වෙණු .......... බෑනේ
    පෙම්බර හදේ වෙන අයෙකුට ඉඩ ........... නෑනේ.

    .තුන් යම පෙනේ රුව හිනැහී වහලෙ.......... කොනේ
    දුක්බර නෙතේ කඳුළෙහි සීතලද................. දැනේ
    නෙත්මිණ මගේ ඔබටය හැමදාම................ සෙනේ
    නිම්නැති ඔබේ පෙම හිමි නැත එයයි............... විනේ

    රන්දම සේල නැතිවට ඔබෙ ඉමිය................... තොසේ
    වෙන්වෙමු කියා කීවට ඉවසමිද....................... කෙසේ
    ලිව්වෙමි නිතර හිතුවිලි ඔබ ගැනම.................... මෙසේ
    ඉන්ලද සතුට ඇති වැලලෙන තෙක්ම................... පසේ

    මං දුටු විටෙක නුදුටුව ලෙස යන්න ........................එපා
    මංහැර ගියද ඉතිරව ඉමි පිටුද .............................නොපා
    සංතොස සතුට සැනසුම ලැබ සිනහ ........................පපා
    තුන් තිස් කෝටියක් දෙවිවරු රකියි .......................සැපා

    ReplyDelete
    Replies
    1. සුන්දර පෙනේ.. ඔහ් වැරදුන.. පෙම එහෙම
      පොත් වල මිසක මට හමු වී... නැහැ තවම
      ගින්දර වගේ කවි කිවත්...... ඔබ ඔහොම
      අත් හැර දීගේ වෙනතක් බලනුයේ කොහොම :)


      Delete
    2. අය්යණ්ඩියෙ කවිය කවියාට නොව කිවිඳියටද නොව.. කවියටය. හැක හැක හැක

      Delete
    3. අහ.. ඒක කලින් කියන්න එපැයි.. හැක හැක තමයි.

      Delete
  16. කමියා ගේ කලාහිත ,

    නියමයි , මෙන්න මේ කල්‍යාණ තමා අපි දකින්න ආස. මම කල්පනා කලේ මෙහෙම හිතක් යුද්ධ කලේ කොහොමද කියල

    ReplyDelete
    Replies
    1. හොඳ change over breaker එකක් සහ lockout/ tagout සිස්ටම් එකක් පාවිච්චි කරාම හරි. අවශ්‍ය වෙලාවට යුද්ධ mode එකට change කරලා කලාහිත isolate කරලා දානවා.. :)

      Delete
  17. පට්ටයි කමි...
    කවි වගේම කතාවක් එළ...

    කතාවේ චරිත පොඩ්ඩක් එහෙමෙහෙ කරලා ගත්තනම් මේ කතාව මගෙත් තිබ්බ සමහර සමහර කතා වගේ...
    ඒ කතාවේදී මට ඇත්තටම හම්බ වෙනවා පුංචි කවි පොතක්...
    ගොඩක්ම පොඩියි අඟල් 3x6 වගේ සයිස්, බෝල අත්අකුරු වලින් හැඩ වෙච්ච ලස්සන කවි වලින් ඒක පිරිලා...
    කසාද බඳින්න ලංකාවට ආපු වෙලාවේ වෙඩින් එකට කලින් දවසක පැරණි මතක ඔක්කොම ගේ පිටිපස්සට අරගෙන ගිහින් අතීතෙට හිතින් යන ගමන් එකින් එක කියවලා ගිනි ගොඩකට දැම්මත් ඒ පුංචි කවි පොත ගිනි තියන්න මට හිත දුන්නේ නැහැ...
    අදටත් අපේ මහගෙදර මෙසේ ලාච්චුවේ ලොක් කරලා ඒක තියෙනවා...

    ඒ කවි පන්තිය යන්න පුළුවන් උපරිම දුර ගිහින් නිමා උනාට පස්සේ දවසක මගේ පුස් සයිකලේ හැන්ඩ්ල් එකේ අමුණලා තිබ්බ පුංචි කොලේක ලියල තිබ්බ වචන හිත ඇතුලේ දෝංකාර දෙනවා දෙනවා වගේ...

    ReplyDelete
    Replies
    1. ලොක්කට කවි ලියලා දන්නන්න නම් ඉතින් ඒ කවි ලියපු කෙනාට 'සුවිශේෂී' හැකියාවක් තියෙන්න ඕනි.. අන්න වැඩේ. වෙලාවක අපි ඒ කවි පොත් පිංච ගෙනල්ලා මේ වගේ විශ්ලේෂණයක් කරන්න බලමු. :)

      Delete
    2. කවියෙන් වැඩේ ගිය හින්ද තමයි වැඩේ හබක් වෙලා තියෙන්නෙ. ලොක්කට කවිය තේරිලා තියෙන්නෙ වෙඩිමට කලින් ලව් ලෙටර් පුච්චද්දි.

      Delete
    3. ඔක්කොටම කලින් මේවගේ කතාවලට ලොක්කා දාපු කමෙන්ට් එකතුකරගත්තනම් ලස්සන කතාවක් ලියන්න පුළුවන් "සලෙළු වරම" හරි ඒවගේ නමක් තියන මොකක් හරි දාලා.

      අඩේ,ඔය ගිනිතියන වැඩේ මමත්කලා.ඒකාලේ කෙල්ලව පලවෙනියට ගෙදරට එක්කන් එන දවසට කලින් ඉස්සල්ලා කෙල්ල දීපු පොඩි පොඩි සුකුරුත්තන්, ලියුම්, බර්ත් ඩේ කාර්ඩ් වගේ ඒවා ගිනිතියනවා. වටිනාකමෙන් වැඩි ඒවා යාළුවන්ට දෙනවා.දැන් තමයි අපරාදේ කියලා හිතෙන්නේ.අන්තිම වස්තුවගේ වස්තූන් නම් තාමත් අල්මාරියේ එක තට්ටුවක පුස්කනවා.

      Delete
    4. @ කම්මල.. //ලොක්කට කවිය තේරිලා තියෙන්නෙ වෙඩිමට කලින් ලව් ලෙටර් පුච්චද්දි// අදෝමැයි!!

      @ කටුස්.. ලොකු පුතා නම් ඕකේ.. වැඩිමලා උනාම පහල උන්ට ආදුරුසෙටවත් එහෙම හැදුනා කියතැකි.. උඹ මොකට ඒ විදියට හැදුනද මංදා.. හැක්.

      Delete
    5. කසුට්ටෝ,
      ///ඔක්කොටම කලින් මේවගේ කතාවලට ලොක්කා දාපු කමෙන්ට් එකතුකරගත්තනම් ලස්සන කතාවක් ලියන්න පුළුවන් "සලෙළු වරම" හරි ඒවගේ නමක් තියන මොකක් හරි දාලා.///
      මේක නම් සහතික ඇත්ත බං...
      නමත් හරියටම හරි... ;)

      කමි
      ලබන සතියේ ගෙදර ගිහින් ඒ කවි පොත හොයල බලන්න ඕනේ...

      Delete
    6. එහෙනම් ඒක ගෙනාවම ඒකෙනුත් කතන්දරයක් හදන්න පුළුවන් වෙයි.. :)

      Delete
  18. ලස්සන කතාවට මගෙන් සැලියුට් එකක්! ලස්සන කවි පංතියට අපූරු පසුබිම් ගැලැපීමක්! :)

    ReplyDelete
  19. ලස්සන ගෙත්තමක්නෙ.. ඇත්තම ඇත්ත කතාවට බොහොම ළඟින් යන්න ලියල තියෙනවා.. මාර දක්ෂයෙක්නෙ...

    ReplyDelete
    Replies
    1. //මාර දක්ෂයෙක්නෙ... // හිහ්..

      Delete
  20. සෑහෙන නිර්මානශීලී භාවයක් තියෙන්න ඕනි මේ වගේ දෙයක් වෙන කෙනෙකුගේ කවියක් ආශ්‍රයෙන් නිර්මානය කරන්න. නැත්නම් තමන්ගේම අත්දැකීමක් වෙන්න ඕනා....ඔහේ ඉතින් නිර්මාන්ශීලී පොර නිසා අපි දෙවෙනි එක ගැන ප්‍රශ්න කොරන්නේ නෑ ඔන්න...

    ReplyDelete
    Replies
    1. නිර්මාංශ ද මොක්කුද එහෙකුට අත්දැකිමකුත් එකතු වෙලා තිබුනොත් කොහොමෙයි?

      Delete
    2. හුටා...ඉස්පිල්ලක් කරපු දෙයක්....නිර්මානශීලී..නිර්මානශීලී ...සොරි සොරි....
      හෑ දෙමුහුන් ද ඇත්තටම..?

      Delete
    3. ටැක්ස් ගහන නිසා දෙමුහුන් උනත් එළිපිට කියන්න බෑ සමහර දේවල්.. ;)

      Delete
    4. ආකිටෙක්ට්ල දෙන්නෙක් ඇඳපු ගෙයක්
      චෙෆ්ල දෙන්නෙක් හදපු බයිට් එකක්

      Delete
    5. මේක නම් දෙන්නෙක් එකතු වෙලා ගහපු ගේමක් නෙවෙයි.. හිහ් හිහ..

      Delete
    6. ගොන් දෙන්නෙක් බැඳපු කරත්තයක්..?????

      Delete
    7. පිලියන් රයිඩර්ගෙ උපදෙසින් පදින රෝයල් එන්ෆීල්ඩ් එකක්??

      Delete
    8. මේ 'දෙන්නා' මොනවා කියනවද මන්ද.. මටනං මේක පෙන්නේ නිකං ඇරිස්ටෝටල් ගේ කවියක් ගැන ගැලිලියෝ ගැලීලි ලියපු කතාවක් වගේ.. එච්චරයි..

      Delete
  21. මේකනං ඇබ්සොලූට්ලි තෲ කතාවක්ද කොහෙද. හැක්..
    මොනව උනත් ලස්සනට ඇවිල්ල තියෙනව.

    නේවි ස්පෝක් මෑන්. හෙක්..

    ReplyDelete
    Replies
    1. ඇබ්සලුට්ලි නතිංග් මෑන්.. :)

      Delete
  22. හම්මෝ තව පොඩ්ඩෙන් මම හිතාගන්න දේවල්. වෙලාවට තරුගේ පොත ගැන දැක්කේ....:P

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි ගේ හිත කලබල වෙයි කියලමයි ඔය පසුව ලියමි කොටහ දැම්මේ.. හික් හික්..

      Delete
  23. අම්මේ...මට ඔය පැත්තත් හොදට හුරු නිසා මන් කොච්චර දේවල් මවාගෙන කියෙව්වද...හිකිස්...අන්තිමට //මේ සියල්ලම මනඃකල්පිත චරිත හා සිදුවීම් බව මතක තියාගෙන කොමෙන්ට් කරන්න.// මේ ටික දැම්මනේ...චැක්...මගේ අර චිත්තරපටිය කුඩුපට්ටන් උනානේ...හිකිස්..

    කවිය වගේම කවිය ලියව්නු කතාවත් හරිම ලස්සනයි...අර එදා ඔයා කිව්වට වයසට ගියා ඉක්මන් වැඩි කියල,තාම වයසට ගිහින් නෑ වගේ...:D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. දැන් දැන් මටත් එහෙම හිතෙනවා.. හැක හැක හැක..

      Delete
  24. ස්පෝක් මෑන්ස්ලට වෙච්ච දේවල හැටියට උඹ ඔහොම ඉන්නවා මදෑ...

    මට නම් ඔය කවි....එක්කෝ ඕන්නෑ....

    ReplyDelete
    Replies
    1. ඇයි ස්පෝක් මෑන්ස් ලට මොකෝ වුනේ.. නෑ.. එක්කෝ ඕනේ නෑ.. :)

      Delete
  25. නියමයි. මනඃකල්පිත චරිත හා සිදුවීම් කියල දාල තිබුනට මට නම් හිතුනෙම තමන්ගේම අත්දැකීමක්දෝ කියලා. අලුත උපන් පැටියාට සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. අලුත උපන් පැටියෙක් ඉන්න අප්පෙකුට කියන කතාද මේ? තැන්කු වේවා!

      Delete
  26. මම හිතන් උන්නෙ බ්ලොග් සම්මාන උළෙල දවසට කවි පොත් දෙක තුනක් ගේන්න. එහෙම ගෙනත් මදි වෙයි වගේ.. තරු ඇස් රහස් බෝ කිරීමක්නෙ මේ කරල තියෙන්නේ...

    කිසිදු අයකිරීමකින් තොරව ලබා දුන් ප්‍රචාරයට බෙහෙවින්ම ස්තුතියි කළණේ...

    ReplyDelete
    Replies
    1. අන්න.. මාකටිං.. හිහ හිහ.. (මගේ නෙවෙයි ඔයාගේ..)

      Delete
  27. එළකිරි කතාව බං.... වල්ලා පට්ට...

    ReplyDelete
    Replies
    1. එහෙනම් අනිවා ගන්න දෙයක් ඇති. :)

      Delete
  28. අන්තිමට කියපු කාරණේ නිසා ගහන්න ගිය මඩ ටික කටේ හිරවුනා නෙව.. දැං ගොලුව කසාය බිව්ව වගේ... අගේ ඇති නිර්මාණයක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙමයි මඩචාරීන් එක්ක ඉන්නකොට වැඩ කරන්න පුරුදු වෙන්න ඕනි.. :)

      Delete
  29. ශික් මේ පැත්ත දකින දකින වෙලාවට කියන්න එන දේවල් කියාගන්න විදිහක් නෑනේ මේ තරු අක්ක නිසා .. සක් අම්මප

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ මං.... කවිය මගේ.. කතාව කළණෙගේ... කවි කතාව නිසා තව කවි පොතක් දෙකක් විකිණෙයි වගේ.. ඒකත් නරක නෑ නේ ඉවාන්..

      Delete
    2. ඒක නෙව.. මුට මොන පිස්සුවක් හැදිලද මෙතන.. විකාර කියවන්නේ.. හැක්.

      Delete
  30. තරූ අක්කගේ කවියට එහා ගිය සිරාම කතාවක්.

    ReplyDelete
    Replies
    1. මං ට්‍රයි කරේ කවිය ගානටම කතාවත් අර ගන්න.. :)

      Delete
    2. ඒක නෙවෙන්නං... මාර දක්ෂයෙක්...

      සත්‍යයද ප්‍රබන්ධය ද වඩා සුන්දර... අනේ මන්දා...

      Delete
    3. මා දන්නේ ප්‍රබන්ධය පමණි. සත්‍යයද දන්නා ඔබට එය තීරණය කල හැක.

      Delete
  31. කියන්ඩ හිටිය ටික ගිල්ල කියහන්කො පෝස්ට් එකේ අන්තිම ටික කියවල.
    ඔය හමුදා තරු පටි නැතිව ගත්තොත් ගොඩක් දෙනෙකුට සමානකම් ඇති කතාවක් වෙන්න ඇති..
    කාලෙකට පස්සෙ කල්‍යාණ මිත්‍ර නියම රිදම් එකේ වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඔව් බං. මේ කෙහෙල්මල් සමාජ සේවයක් නිසා මට මාවම මතක නැති වෙලා හිටියේ..

      වෙලාවට ප.ලි.ය දැම්මේ.. නැත්තං වසල හමාරයි උඹලත් එක්ක.

      Delete
  32. මාද්‍ය ප්‍රකාසක තුමණි .....එළකිරි...

    ReplyDelete
    Replies
    1. දන්නවනම් මේක ගැන වෙනම මාධ්‍ය ප්‍රකාශනයක් කරනවා.. හැක්.

      Delete
  33. තරූගේ මේ කවිය කියවල තිබ්බට මේ තරම් imaginetive සුන්දර ඉසව්වකට යන්න ලැබුනේ අද මේක කියෙව්වම තමයි. අගෙයි !

    ReplyDelete
    Replies
    1. මේ වගේ කොමෙන්ට් එකක් හම්බ වුනාම නම් කොහොමත් අගෙයි!

      Delete
  34. කවි කතන්දරේ විශිෂ්ඨයි කමී.. අපි වෙනුවෙන් අපි අපිම ඉන්නවා කියන දේ පැහැදිලිව දැනුනා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මචං.. වෙන කවුරු කියල අපිව බලාගන්නද? :)

      Delete
  35. //මේ සියල්ලම මනඃකල්පිත චරිත හා සිදුවීම් බව මතක තියාගෙන කොමෙන්ට් කරන්න.//
    එහෙනං ඉතිං මට කොටන්න කමෙන්ට් එකක් නෑ .......

    ReplyDelete
    Replies
    1. ඒක වඩා හොඳ බව නොකියා කියමි.

      Delete
  36. සිහ් අන්තිම තත්පරේ ආතල් එක කුඩුපට්ටං කරලම දැම්ම නේ...
    කමියට තිබ්බෙ අන්තිමට තියෙන ටික නොදා ඉන්න.
    හැබැයි එහෙම වුණා නං
    හම්මේ මට මැවිල පේනව
    බ්ලොග් ලෝකෙ කැළඹෙයි නිකං අර කවුරු දෙයිය රෙක් කිරි මුහුද කැළඹුවා වගේ හිහි

    ReplyDelete
    Replies
    1. අර කවුරු දෙයිය රෙක්///

      අර කවුද දෙයිය පොරක්
      කයල නිවැරදි වෙන්න ඕන

      Delete
    2. එහෙම කළඹන්න ඕනද නෑනේ මචං නෙලුම්යායත් අත ළඟ තියාගෙන.. හැක හැක.. ඒක නිසා ඔන්නොහෙ අන්තිමට කේස් එක නියුට්‍රල් කරලා දැම්ම..

      Delete
  37. අරලියග මන්දිරේ තරු ඇස් කියද්දීම වැඩේ පත්තු වුනා මට නම්.

    මේ වගේ කතාවක් එක්ක ගලපා ගත්තාම කවි රස වැඩියි.

    ReplyDelete
    Replies
    1. උඹට හොරෙන් කොහොමද ඉතින් ලව් කරන්නේවත්.. හැක හැක..

      Delete
  38. ඇත්තක්ද කල්පිතයක් ද කියල අන්තිම වෙනකන් ......ඕකනෙ කියන්නෙ බොරු කියන්ඩ හැමෝටම බෑ කියල.......

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න නම් දිව කපන්න වෙනවා.. :)

      Delete
  39. // කොම්පඤ්ඤ වීදිය දෙස සිට සීරුවෙන් ධාවනය වූ රථය නවම් මාවතට හැරවීම සඳහා සම්පත් බැංකුව අසල නවතාගෙන සිටී.// // නවම් මාවතට හරවා සිරිධම්ම මාවත ඔස්සේ අරලියගහ මන්දිරය දෙසට ධාවනය කරයි.... // පාරේ යන හැටි කිව්වහම අපිත් වාහනේ හිටියා වගේ දැනුනේ...

    අපූරුයි කළණ. තරූගේ කවි පද ටිකට හොඳ සාදාරයනක් කරලා කියලයි මට හිතෙන්නේ..

    ReplyDelete
  40. මේක කියෙව්ව කල්‍යාණ් මිත්‍ර. අන්තිම වෙනකල්ම මං හිතුවෙ ඔයාගෙ ඇත්තම අත්දැකීමක් කියල. එළ... මං දිගටම එනෝ...රහ වැටුණ.

    ReplyDelete
  41. කමියෝ අර අන්තිමට දාපු ඩිස්ක්ලේමර් එක නොදැම්මනං මීට වඩා රස(මඩ) කතා අහගන්න තිබ්බ බං !

    චික් විතරක් මේව්ව බොන්න දීල බලෙන් වෙරි බැස්සුව වගේ නරකාදි වැඩ !

    ReplyDelete