Sunday 11 December 2016

යහපාලනයට අලුත් කොන්දක් නාවික හමුදාවෙන්.. හම්බන්තොට උද්ඝෝෂකයින්ට 'සඳ ගුටි'.. Enough is enough.. Let's start from Hambantota

කාලෙකට පස්සේ ඊයෙ ආසාවෙන් ප්‍රවෘත්තියක් නැරඹීමට හැකිවිය.. සිංගප්පූරුවේ හා චීනයේ සිට පැමිණ තිබු නෞකා දෙකක් බලෙන් රඳවාගෙන දින තුනක් පුරා හම්බන්තොට වරාය පරිශ්‍රය තුල පිස්සු නැටු නාමල්ගේ නිල් බළකා ගොබිලන්ට අමතක නොවන 'නාවික පාඩමක්' නාවික හමුදාවට හුරු පුරුදු පුහුණු විලාසයෙන්ම රිසිසේ ලබා ගැනීමට අවස්ථාවක් නාවික  හමුදාපති තුමා ප්‍රමුඛ නාවිකයින්ගෙන් ලැබිණි. වසර ගණනාවක් තිස්සේ ඇඳ පුරුදු නාවිකයින්ගේ මුහුදු නිළ ඇඳුම වූ (sea rig) නිල්පාට අත් කොට ටී ෂර්ට් එකෙන් හා කොට කලිසමෙන් සැරසී වේග ප්‍රහාරක මුර යාත්‍රාව හෙවත් ඩෝරා යාත්‍රාවේ නැගී හම්බන්තොට වරායට ඇතුළු වන 'සද්දන්ත රැවුල්කාරයා' දුටු මට ඇතිවූ පළමු හැඟීම වූයේ .. 'අදනම් බඩුම තමයි' යන්නයි.. මගේ නිගමනය ආසන්නයටම හරි ගියේය.
photo credit; www.google.lk

මීට වසර පහළොවකට විස්සකට ප්‍රථම මේ හා සමාන දසුන් මම අනන්තවත් දැක ඇත්තෙමි. එවකට එම දසුන මිලේච්ච කොටි සංවිධානයේ ඇමතුම් ජාලය ක්ෂණිකව කළඹවන්නක්ම විය.. සත්‍යවශයෙන්ම එසේ නම කියැවූ සැණින් මුහුදු කොටි ජාලය කැළඹවිය හැකි නාවික නිළධාරීන් නාවික හමුදාව තුල සිටියේ අතලොස්සකි.. වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න යනු ඒ අතලොස්ස අතරිනුත් වඩාත් බිය ජනිත කරවන සුළු රණකාමියෙකි. ඔහුගේ ඉහත කි දසුන කොටි ත්‍රස්තවාදීන් බියෙන් හැකිලවුවා හා සේම සිය සගයින් රණකාමිත්වයෙන් ඔද නැංවීමටද එක හා සමත්වූ ආශ්වාදජනක අත්දැකීමක් විය. කාලෙකට පසු ඊයේ සිදුවීමෙන් එවන් ආශ්වාදයක් මාද ලද්දෙමි. 

උද්ඝෝෂකයින්ට පහර දුන්නා, මාධ්‍ය වේදීන්ට තර්ජනය කරා, මේකද අපේ මාධ්‍ය නිදහස.. මේ සියල්ල බොරු විකාර වේ.. උඹලාගේ උද්ගෝෂණ වැඩ වර්ජන ඉල්ලීම් කන් කෙඳිරිගෑම්, දේශපාලක පද වලට නැටුම් උඹලම තියාගනිල්ලා.. වරායකට ඇතුළුවූ වෙනත් රටක නෞකා දෙකකට ආරක්ෂාව සැපයීම හා ඒවා නිසි වෙලාවට ආරක්ෂිතව නාවික දේශ සිමාවෙන් පිටතට යාත්‍රා කරවීමට පහසුකම් සැලසීමේ වගකීම නාවික හමුදා කාර්යබාරයකි. වසර තිහක අතීතය තුල ලෝකයේ දරුණුම මුහුදු ත්‍රස්ත සංවිධානය ගලග්‍රහණයෙන් ගෙන මුහුදේ බල පරාක්‍රමය පැතිරවූ නාවික හමුදාවකට එරෙහිව අත එසවුවහොත් එහි ප්‍රතිවිපාක ඔබ අත් විඳිය යුතුමය.. එයිනුත්.. ඒ හමුදාව මෙහෙයවන්නේ 'රවී විජේගුණරත්න' නම්.. මට කිව හැක්කේ ඊයෙ යහතින් ගෙදර යාමට තරම් නුඹලා වාසනාවන්ත වූ බව පමණි. 

කලකට ඉහත ආසාවෙන් නැරඹු 'Rules of Engagement' බටහිර ක්‍රියාදාම චිත්‍රපටය ඊයෙ මට සිහිවිය.. යේමනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලා තානාපතිවරයා හා පවුල ප්‍රාණ ඇපයට ගෙන සිටි අවිගත් යේමන් කැරලි කරුවන් හා සටන්කොට තානාපතිවරයා හා පවුල ආරක්ෂිතව ඉවත් කර ගැනීමේ මෙහෙයුමට නායකත්වය දෙන මැරයින් කමාන්ඩෝ නිළධාරියා ඉන් අනතුරුව 'සිවිල් ජනතාවට වෙඩි තැබීමේ වරදට' හමුදා අධිකරණයකට යොමු කරයි.. ඔහුට පක්ෂව ඇති සියලු වීඩියෝ සාක්ෂි විනාශ කර එදිරිව ඇති සාක්ෂි පමණක් ඉදිරිපත් කරමින් පිරිසක් කැත දේශපාලන ක්‍රීඩාවක නිරත වෙද්දී ඔහු වෙනුවෙන් ඉදිරිපත්වන්නේ වියට්නාම් සටනේදී ඔහු සමඟම සටන් කල ඔහුගේම සගයෙක් වේ. අවිගත් කුඩා දරුවන් හා කාන්තාවන් (මෙහි කුඩා දරුවන් හා කාන්තාවන් අවි දරා සිටින cctv දර්ශන හිතා මතා විනාශ කරනු ලබයි) පහර දීමට අණ දීමේදී ඔහු භාවිතා කරන වචන එනම් "Waste the bloody motherfuckers" යන්න ඔහුට එරෙහිව එල්ල කරන ප්‍රධානම චෝදනාවකි. මේ තර්කය ගේන නීතිඥයා හෝ තර්කය ගේන උසාවිය අදාළ සිදුවීම වූ අවස්ථාවේ එහි සිටියානම්? 'එන්න, යන්න, අමර මල් නෙලන්න, ඔයා මෙයා, නරක සමනළයා..' කියා යුද්ද කරන භාෂාවක් ලොවේ නැත.. අවසානයේ ඔහුට එදිරිව සාක්ෂියට ගෙන එන හිටපු වියට්නාම හමුදා ප්‍රධානියාගෙන් විත්තියේ නීතිඥයා අසන එකම ප්‍රශ්ණය 'ඔබ එම අවස්ථාවට මුහුණ දුන්නානම් ඔබ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? යන්නෙන් නඩුව අවසන් වේ.. 

හම්බන්තොට සිදුවීම සම්භන්දව නැගෙන එක ප්‍රධාන ප්‍රශ්ණයක් වන්නේ මෙය නාවික හමුදාපති වරයාගේ මැදිහත්වීමෙන් සිදුවිය යුතුද යන්නයි.. පිළිතුර ඉතා පැහැදිලිය.. ඔහු 'රවී විජේගුණරත්න'යි.. නාවික හමුදාවේ රවී විජේගුණරත්නලා දෙන්නෙක් නැත. ඉන්නා එකම රවී විජේගුණරත්න යනු එවන් නිලධාරියෙකි. බළලුන් ලවා කොස් ඇට බාවාගෙන විකුණා ලාබය ලබා ගන්නා 'දෙකයි පණහේ' වැඩ ඔහු ළඟ නැත. මිට වසර විසිපහකට පමණ පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවට විශේෂ යාත්‍රා බලගණය හඳුන්වා දීමේදී එහි පුරෝගාමිත්වය ගත් විශේෂ යාත්‍රා බලගණයේ මුල්ම නිලධාරී කණ්ඩායමේ ඔහු සිටියේය. යුද්ධය අති දරුණුවටම ඇවිලුණු වසර දෙදාහ ආසන්න කාලයේ විශේෂ යාත්‍රා බලගණයේ අණදෙන නිලධාරියා වුයේ ඔහුයි.. එකල විශේෂ යාත්‍රා බලගණය සහභාගී වූ සියලු මෙහෙයුම් මුහුදේ වෝටර් ජෙට් යාත්‍රාවක සිට ඔහුගේ අධීක්ෂණය යටතේ සිදුවිය. නාවික හමුදාපති දුරයට එතෙක් මෙතෙක් පත්වූ වැඩිම වීර පදක්කම් ලද නිලධාරියා (Most Decorated War Hero) ඔහු වේ.. ඉතින් කවර කතාද?

මෙහි මා දකින අනෙක් විශේෂත්වය වන්නේ යහපාලන ආණ්ඩුව ආ දවසේ සිට 'මට FCID යන්න වෙයි' 'මගේ නිළයට කෙලවෙයි' කියා ලියවිල්ලකටවත් අත්සන් තැබීමට ප්‍රාදේශීය සභාවක ලේකම් කෙනෙක්වත් මැලිවෙද්දී මේ ගැටළුවට විසඳුම් සෙවීමට ඔහුම ඉදිරිපත් වීමයි. මෙවන් අවස්ථාවල 'ඇඟ බේරාගෙන පොඩි එකෙක් කඩේ යැවීම' කොතරම් සාමාන්‍යකරණය වී ඇද්ද යන්න මේ අහන ප්‍රශ්න වලින්ම තෙරේ. නමුත් එය රවී විජේගුණරත්න නම් 'නායකයාගේ' හැටියක් නොවේ.. ඔහු ඉදිරිපෙළ සිට නායකත්වය දෙන්නෙකි.. ඒ ගැන ඔහුට විශේෂ ප්‍රණාමයක් හිමිවිය යුතුමය. 
ඡායාරූපය නාවික හමුදා නිළ වෙබ් අඩවියෙනි
ඊනියා යහපාලනය සමඟ කරලියට ආ මාධ්‍ය නිදහස ගැනද මෙහිදී සඳහන්ය කල යුතුය. මෙහි නම් සඳහන් නොකරත් තවමත් පරණ ආණ්ඩුවට රෙදි නැතිව කඩේ යන පෞද්ගලික නාලිකා දෙක තුනක් මේ මාධ්‍ය නිදහස 'වල් බූරු අන්දමින්' භාවිතයේ යොදවන බව සැමට ප්‍රත්‍යක්ෂයකි. වාර්ථා කලයුත්ත කුමක්ද නොකළ යුත්ත කුමක්ද යන්නෙහි දිග පළල ඔවුන් තකන්නේ නැත. ලොව කිසිම රටක හමුදා මෙහෙයුමක් සජීවීව පටිගත කර මාධ්‍යයට මුදා හැරීමට 'මාධ්‍ය නිදහස' දෙන්නේ නැත. හම්බන්තොට ඊයේ සිදුවූයේ නාවික හමුදා මෙහෙයුමකි. ඒ මෙහෙයුම අතර එය වාර්තා කිරීමට යන මාධ්‍ය වේදියෙක් වේනම් ඔවුන් අනිවාර්යයෙන්ම අදාළ හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා හා සම්භන්ද වී ඊට අවසර හා ආරක්ෂාව සපයා ගත යුතුයි. එසේ නැතිව දකින දකින පොලිස් කාරයටයි හමුදා කාරයටයි කැමරාව අල්ලා ඒවා උන්ට කැමති කැමති විදියට 'නිවුස්' කිරීමට ඉඩ නොදිය යුතුයි. අඩුම වශයෙන් ඒ බව දැන්වූ පසුව වත් එයින් වැලකි සිටීමට තරම් විනයක් මාධ්‍ය හැඳුනුම්පත් දරන්නන් අත තිබිය යුතුයි. මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදී හැඳුනුම්පතක් යනු රටේ ඕනෙම මර්මස්ථානයකට ඇතුළුවී කැමරාව ඇටවීමට දෙන ලයිසමක් නොවේ. මේ සිංහල තේරෙන්නේ නැති එකාට තේරෙන භාෂාවකින් එය කියා දිය යුතුයි.. 

අවසානයට සඳහන් කල යුත්තේ යහපාලන රජයට මෙතෙක් නොතිබූ කශේරුකාවක් ඊයේ හම්බන්තොටදී නාවික හමුදාවෙන් ලැබුණු බවයි.. නීල කාස හොරු බළකායේ කඩාකප්පල්කාරී උද්ඝෝෂණ නඩයට පාඩමක් කියා දීමට හම්බන්තොට තරම් ගැලපෙන වෙනත් තැනක් සොයා ගත නොහැකිය.. තමන් මෙතෙක් රජ කල හම්බන්තොට වැල්ල දිගේ දෙපයට වැඳ වැඳ දුවන්නත් එහිම වැටී දුක කියා හඬා වැලපෙන්නටත් මෙතරම් ඉක්මණට සිදුවේයැයි 'නාමල්ගේ කොල්ලෝ' හිතන්නත් නැතිය. ඒත් උන් ඊයේ නයාට පහර ගසා පොල්ල වරද්දා ගත්හ. ඒ මෙහෙයුමට අණදුන් නාවික හමුදාවේ ඒ 'සද්දන්ත රැවුල්කාරයාට' මාගේ ආචාරය!

167 comments:

  1. වෙල් සෙඩ්.
    සැලියුට් !
    සාරසයෝ මේන් අහගං.

    ReplyDelete
    Replies
    1. ඕනන මේක මහින්දගෙ කාලෙ කලා නං මේක ලියපු එකා ලියන්නෙ,

      "මහින්දගෙ කුලී හේවායෝ අහිංසක උද්ඝෝශකයන්ට මාධ්‍යවෙදීන්ට පහරදීල රටේ ප්‍රජාත්න්ත්‍රවාදය අකුලල මිලිටරි පාලනය ස්ථාපිත කරනවා කියල"

      Delete
    2. මගේ කල්පනාවට අනුව මෙහි දී නාවික හමුදාපති කලේ ගොන් තකතීරු වැඩකි. ඔහුට නීතිමය ප්‍රශ්න ගනනාවකට මුහුන දෙන්න වෙනවා ඒකාන්තයි!

      එම තකතීරු වැඩේ අප් කොරමින් බ්ලොග ලිවීම ද මෝඩ වැඩකි.

      එහෙත් එම මෝඩ බ්ලොග් ලියවිල්ල ලිවීමට කලාහිත තුමා ට ඇති අයිතිය වෙනුවෙන් සරස තුමා පෙනී සිටී!!

      Delete
    3. උඩ ඇනෝ.. රෙස්පෙක්ට් බ්‍රෝ..

      යට ඇනෝ.. ස්තුතියි ඔබේ කොමෙන්ටුවට..

      සරස තුමෝ.. ඔබ තුමාගේ මතය ඉදිරිපත් කිරීමේ අයිතියටද හිස නවා ගරු කරමි.

      Delete
  2. මචං. කවුරු කලත් හරි දේ හරි කියන මතයේ තමයි මම ඉන්නේ.

    කලින් දවසෙ ඉල්ලීම් ලැබුනේ නැතිනම් මුහුදට පනිනව කියපු චන්ඩි නෙවි එකෙන් කනේ පාරක් කාල වේස ගෑනු වගේ අඬන පිරිමි දැක්කහම විලි ලැජ්ජාවේ පණ යනව.

    ඒ වගේම තමයි ජන මද්‍යයත්.

    මමනම් එක හෙලාම නාවික හමුදාපති කියපු කරපු ගහපු කුණුහබ්බ කියපු සියල්ලම 100% අනුමත කරනව.

    මදාවියන්ට කතාකරන්ට ඕනි ඒ බාසාවෙන්. සා රස තුමාගේ බ්ලොග් එකේ මගේ කොමෙන්ට් එක ඔබ තුමා දැක්ක නිසා එය මෙහි පල නොකරමි.

    බස් වර්ජනයට කරන්න තිබ්බෙත් බස් කුඩු කරපු ඇවුන්ට මෙච්චරම තමයි.

    මමනං හිතන්නෙ නැහැ ආණ්ඩුව විසින් නාවික හමුදාපති උසි ගන්වල එව්ව කියල.

    මොකද පෑන්ටි අඳින රට කරවන මහත්තරුන්ට එච්චර දෙයක් කරන්ට පුලුවන්නම් බල්ලයි මැක්කයි ඔක්කොටම ඕන ඕන විදිහට උද්ගෝෂණ මේ රටේ කරන්ට වෙන්නෙ නැහැනෙ.

    සියලුම නාවික හමුදා නිලදාරින්ට මගේ රෙස්පෙක්ට් එක.

    👍👍👍👏👏👏

    ReplyDelete
    Replies
    1. කවදා හරි උබ එක්ක අඩියක් ගහන දවසක මේ කතාවට චියර්ස් කරලා අඩියක් ගහන්වමයි

      Delete
    2. ඩෙෆා මෙන්ඩ බ්‍රදර්.. 🍻 අඩියක් මොකද බං බෝතලයක පල්ල හිස් වෙනකං ගහමු. ඊට කලින් මගෙ අයි පී ඇඩ්‍රස් එක එහෙම ඕනෙනම් එව්වත් දෙන්ට ලැහැස්තියි. හිටං 😜😜😂😂

      Delete
    3. Tilan, මෙන්ඩා.. අර දවස මටත් කියපල්ලා.. චියෑස් ..

      Delete
  3. යහපාලනය යනු ගෝනි නැතුව කරේ යන කන් කටපියාගෙන සිටීම නොවේ . තව ඉදිරියට මේ ආණ්ඩුවේ කොන්ද ගැන හොදින් බලාගත හැක . වරාය හා සිව්රු හොරු අතර කුමන සම්බන්දයක්ද?

    ReplyDelete
  4. වීඩියෝවක් දැක්කා. ඒ කැප්ටන් හැඩොක් වැනි හාදයා ගේ හැසිරීම පිළිකුල් සහගතයි. සේවයෙන් පහ කළ යුතු යැයි යෝජනා කරමි.

    ReplyDelete
    Replies
    1. ලයිසන් චණ්ඩි ජනතා මුදල් වලින් නඩත්තු කල යුතු නොවේ.

      Delete
    2. සේවයෙන් පහ කළ යුතු යැයි යෝජනා කරමි.රසිකොලොජිස්ට්

      හා ..හා එහෙමම කරමු එතකොට ඔයාට හරි සතුටු ඇති නේද

      Delete
    3. Ane pako RESCOJIST
      Thiwida hamudawe nayakayo 3 dekala nethi wada wesiye uba issalla mala paha karanna thena parissam karaganin

      Delete
    4. අයුතු ජන රාශියක් විසිර වීමේ වුව ද යම් ක්‍රමවේදයක් තිබේ. පසුගිය වසර දෙක පුරා විශ්ව විද්‍යාල සිසු විරෝධතා මැඩලූයේ එලෙස ය.

      නමුත්, ආබාධිත විශ්‍රාමිකයින්ට පහර දීම සහ මෙතැනදී කමාන්ඩර් විසින් හන්දියේ චණ්ඩියා ගේ පාට් එකට ඇඳීම නීති විරෝධී වේ.

      කමාන්ඩර් යන්නේ තේරුම දෙකයි පනහේ චණ්ඩි පාට් දැමීම නම් ඔය ජොබ් එක නල්ලූරුවේ නොන්ඩි සෝමෙට දෙන්න තිබුණා.

      නේවි කමාන්ඩර් සේවයෙන් පහ කළ යුතුයි.

      ආරක්ෂක ඇමති ඉල්ලා අස්විය යුතුයි.

      Delete
    5. ඕස්ට්‍රේලියාවේ වෙසෙන රසික 'මහත්මයා' සිතන විදිය ගැන ගැටලුවක් නැත.. මනෝජ් හා රාජ් ට නම් ලංකාවේ විදියට පොඩ්ඩක් ප්‍රායෝගිකව සිතීමට ආරාධනා කරමි..

      Delete
    6. මුදලට පුරවැසි කම කොලයකට ලබාගෙන ඒරට ගැන සිහින මවන මහත්මයා සිතන අකාරය කදිමය. මෙය මිත්‍ර ට පැහැදිලිව තේරුනාට ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිටින "මහතුන්ට" එය පැහැදිලි වෙයිද
      අනවශ්නම් මේකත් මකාදමන්න අවුලක් නැත

      Delete
    7. අනවශ්නම්;;; සමාවන්න මෙය අනවශ්යනම් විය යුතුය

      Delete
    8. ඕස්ට්‍රේලියාවෙ විදියට කරගන්න බෑ කියල චින්තන බැරියර් දාල නිසා අපි මොන විදියට යංද? සිරියාව? ලිබියාව? උගන්ඩාව? මොකද්ද හොඳ?

      Delete
    9. මේ මොන විකාර කතා ද?

      මෙතැන ඕස්ට්‍රේලියාව සම්බන්ධ කතාවක් ඇයි?

      හන්දියේ චණ්ඩියෙකු මෙන් අතින් පයින් පොල් අඩි ගසමින් සිවිල් සාමය පිහිටුවීමට හෝ මාධ්‍යවේදියෙකුව ඉවත් කිරීමට නේවි කමාන්ඩර් වැනි ඉහළම නිළධාරියෙකු ක්‍රියා කිරීම වැරදි බව කීමට අක්‍ෂාංශ/දේශාංශ අදාල නැත!

      Delete
    10. ලොකුම විහිළුව කියන්නම්-

      මං මෙතැන ලියා ඇති අදහස් සහ රාජ් ගේ ලිපියේ ලින්ක් එකක් ෆේස්බුකියේ දැමූ විට එයට ප්‍රතිචාර දක්වන ටොයියෙකු මට මහින්දට කඩේ යන බයියෙකු යැයි කියා තිබේ!!!

      Delete
    11. ඒ තත්වය වෙනස් වෙන්න ඕන රටක් විදියට ඉස්සරහාට යන්න නම්.රටේ හැම මගුලටම හමුදාවන් කැදවන එක නතර වෙන්න ඕන.ඒහෙමනම් පොලිසිය ඕනෙත් නැහැනේ.
      නාවික හමුදාපති නිකම් විරයෙක් වෙන්න හැදුවේ අර සේවා දිගුවේ සුදුසුකම් සපුරා ගන්නද දන්නේ නැහැ.

      Delete
  5. මේකනේ එහෙනම් ඇත්ත කතාව. වෙනත් රටක යුද්ධ නෞකා දෙකක් බලෙන් තියන් ඉන්න බැරි නේන්නම්.

    ReplyDelete
    Replies
    1. ඉතින් එහෙම බලහත්කාරකමෙන් නැවු නවත්තන් හිටි හාදයන් ට නොගහා මාජ්ජවේදීන් ට ගැහුවේ ඇයි හිටන්? ඒ වදේ හරි නම් එතැණ හිටි නාවිකයනුත් රවී බඩා සමග එකතුවී ප්‍රහාරය දිය යුතුයි නේද... වීඩීයෝව බලන්න.. රවී බඩා ඩෝප් කාරයෙක් වගේ මාජ්ජවේදියට ගහන්න පනිනකොට නාවිකයෝ එයාව ගෝරියට යන්න නොදී අල්ලගන්න උත්සාහ කොරනව නේ හිටන්???

      Delete
    2. මාද්දියවේදීන්ට ගහලා නෑ... මාධ්‍යවේදියෙකුට ගහලා තියෙනවා කුඩු කාරයකුගේ...

      Delete
    3. @Sa rasa It's a freaking navi mission. Media is not allowed in the middle of the action. So media deserved it.

      Delete
    4. @Thilana

      Navy is NOT spelled as Navi!

      Delete
    5. අජිත් අයියා.. ඇනෝ, තිලින.. ස්තුතියි .. සරස තුමෝ.. වටේ ඉන්නේ එතුමාගේ ආරක්ශකයෝ නොවැ. ඔවුන් කරන්නෙත් ඔවුන්ගේ රාජකාරියයි.

      Delete
  6. හැබැයි කොච්චර දක්ෂයෙක් උනත් ඒ නිලධාරියත් අතේ පිරිත් නූලක් බැඳගෙන වගෙයි පෙනෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පිරිත් නූල් කියන්නේ අපේ කල්චර් එක නොව..

      Delete
  7. උද්ගෝෂණ, වර්ජන කාරයන්ට දෙන්න ඕනා බේත ඕක තමා...

    වෙන රටක යුද්ධ නෞකා දෙකක් බලෙන් රදවන් හිටියනම් උන් ත්‍රස්තවාදීන්..ඒ ගොල්ලන්ට, අනේ මෙයා එපා අනේ, බාසාව තේරෙන්නෑ කියලා අපි අවුරුදු තිහක අත්දැකීම් වලින් දන්නවානේ...

    ReplyDelete
  8. කුනුහබ්බ යක් දෙකක් ඇදබාන්ඩ ඕන තැන නංගි බබා දාල හරියන්නැ , කන පලන්ඩ ඕන තැනත් දෙන්ඩ ඕන ඔන හෙම තමයි , අර ඊයේ පෙරේයිදා දෙමව්පියන් එක්ක දරුවෙක් මරාපු උන්ටත් නඩුදාල වැඩක් නැ , ඉන්න දුටු තැන ඔලුවටම තියල දාන්ඩ ඕන , මිනිස් අයිතිවාසිකම් හිමිවියයුතු සාමකාමී මිනිස්සුන් ට විතරයි ,

    ReplyDelete
  9. 'සද්දන්ත රැවුල්කාරයාට' මාගේ ආචාරය!
    එල ද බ්‍රා මෙන්ඩ ගේ බොක්කෙන්ම එන ආචාරය සද්දන්ත රැවුල්කාරයාට..
    ඊයේ රැ උබට කෝල් එකක් ගන්නම හිතුනා ...
    මේ ගැන උබ අද ලියයයි කියලා හිතලා නිකන් හිටියේ

    ReplyDelete
  10. මට මේ ගැන මොනතරම් කෙමෙන්ට් කෙටුවත් මදි ...
    සද්දන්ත රැවුල්කාරයා පට්ට පොරක්
    නාවික ප්‍රකාශක "මෙම මෙහුමට අණ දෙන ලැබුවේ නාවික හමුදාපති " කියනකොට මට හෙන ගටක් ආවා ..
    මචෝ ..මම දන්න දේශපාලනයක් නැහැ ඒ උනාට මම මගේ රටට ආදරෙයි ..
    සද්දන්ත රැවුල්කාරයා කරේ අපේ රට ආරක්ෂා කරන එක

    ReplyDelete
    Replies
    1. මමත් දන්න දේශපාලනයක් නෑ.. අවස්තානුකූලව කටයුතු කරනව ඇර.. එකෙන්ම මචං ..

      Delete
  11. පුලුවනම් මේ මේ ගැන පත්තර වලට ලියපන්
    සද්දන්ත රැවුල්කාරයා වෙනුවෙන් , නාවික හමුදාව වෙනුවෙන් අපි පෙනී ඉදිමු ..
    පලකරයිද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. පත්තර ගැන නම් විශ්වාසයක් නෑ මචං

      Delete
  12. ලැජ්ජයි,නාවික හමුදාපතිගේ හැසිරිම ගැන.ඒ හැසිරිම හරි නම් මහින්ද කාලයේ "රතුපස්වල" සිවිල් මිනිස්සු වෙඩි තියලා මරපු ඒකත් සාදාරණ වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මුන්ට ලජ්ජාවක් නහ බන්, සොපින් යනව
      කලින් මහලොකු ලිපියක් ලිව්වා අවි ගබඩා සම්බන්ධව
      ඒක උසාවියෙන් නිදහස් කලා
      ලජ්ජයි මහත්තයා මුන් වගෙ රිලව් ගන

      Delete
    2. රතුුපස්වල කලේ හමුදා මෙහෙයුමක්. වීර සෙන්පතියෙක් අන දුන්නෙ. හමුදා මෙහෙයුම් වීඩියෝ කරන්න බෑ. මාධ්‍යවේදීන් වාර්තා කල යුත්තේ මොනවද යන්න තීරනය කල යුත්තෙ හමුදාවයි.

      Delete
    3. මනෝජ්.. රතුපස්වල සිදුවීම, ඊට හමුදාව සම්භන්ද වීමත් මේකත් ඉතා පරස්පර සිදුවීම් දෙකක්.. කෙනෙකුට මෙය 'නොවිය යුත්තක්' ලෙස අර්ත දක්වන්න පුලුවන් නමුත් එය කිසිසේත් නොකල යුත්තක් හො කල නොහැකි දෙයක් නොවෙයි. මේ ගැන නීතිමය තත්වය පහදලා මම ලියන්නම්.

      ඇනෝ. ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට ..

      මද්‍යස්තගේ ප්‍රදාන කොමෙන්ටුවට උත්තර දෙන්නම්..

      Delete
    4. @ මධ්‍යස්ථ මතධාරියා11 December 2016 at 15:04

      ඔව් හමුදා මෙහෙයුම් වීඩියෝ කරන්න බැහැ. ඔබ කියන්න අපේ රටේ කුමන හමුදා මෙහෙයුමද වීඩියෝ කරලා තියෙන්නේ. ආධාරක පිරිස් ගමන් කිරීම, ආධාරක වෙඩි බලය ලබාදීම පමණයි, ඒ කාලේ රූපවාහිනියෙන් පෙන්නුවේ. මිනිස්සු හිතන්නේ ඇත්තටම ඒ යුදපෙරමුණ කියලා. කිසිම රටක යුද පෙරමුණේ සිදුවන දෙ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. පණට ආදරේ ඇති මාධ්‍යවේදියෙක් යන්නෙත් නැහැ. හේතුව ඔවුන් පාබල පුහුණු සොල්දාදුවන් නොවන නිසා. හමුදාවේ කැමරාකරුවන් වීඩියෝ කරන ඒවා පසුව සංස්කරණය කොට පෙන්වනවා. චන්ද්‍රිකා මගින් සජීවීව රූප ලබාගත හැකිනම් යුදපෙරමුණ පෙන්වන්න පුළුවන්. නමුත් ඒ පහසුකම් ඇති රටවල් කවදාවත් එහෙම කරන්නේ නැහැ. ඒවා සදාචාර විරෝධී සහ යුද කටයුතු වලට බාධා කිරීමේ ක්‍රියා නිසා.

      Delete
  13. ලජ්ජයි
    රතුපස්වල සිද්ධියත මේ විදිහට බලමුකො
    උබල රෙදි නතුව මුන්ට කඩෙ යනව

    ReplyDelete
    Replies
    1. ඔබේ පැමිනීමටත් අදහස් දැක්වීමටත් ස්තුතියි..

      Delete
  14. 1.මුදාගැනීමේ මෙහෙයුමක් වුනාට මේක නන්දිකඩාල් මෙහෙයුමක් නෙවේ. 'මෙහෙයුමේ බරපතලකම කලින් දන්නව'.
    2.නාහ, වෘත්තීය අයිතීන් වෙනුවෙන් සටන් කල නිරායුධ පුරවැසියන් හමුවට ගියේ.
    3.ගහල, ඇඬුවම 'උඹල මැරෙනව කියල නේද ආවෙ දැං ඇයි අඬන්නෙ' වගේ කතා කියන්න එපා. මේ ඉන්නෙ සාමාන්‍ය මිනිස්සු. ඒ මිනිස්සු කලින් මොනව කිව්වත් මැරෙන්න ආස එවුන් නෙවේ.
    4.ඊනියා 'මුදාගැනීම' කලයුතුව තිබුනේ මම ඉහත කියූ දේවල් ඔලුවෙ තියාගෙන. ප්‍රොෆෙශනල් විදියට
    5.උද්ඝෝෂකයන් කියන්නෙ අපේ රටේ මිනිස්සු. උන් කලේ වැරැදක් තමයි. නමුත් ඔවුන් ඉවත් කරන්න තිබුනෙ වෛරයෙන් නෙවේ.(මේ පොයින්ට් එක ඕනෑම උද්ඝෝෂණයක් විසිරුවා හැරීමේදී වැදගත්, බොහෝ දෙනෙක් වරද්ද ගන්නා තැනත් මේක)
    6.නාවික හමුදාවේ භටයන් කටයුතු කල ආකාරය සාපේක්ෂව හොඳයි. විනය අතින් ලොකු අවුලක් නෑ.
    7.නාවික හමුදා ලොක්කා මෙතනට ගෑවීම නිසා වැඩේ ගූ වුනා. යම් අපකීර්තියක් නාහට ඇතිවුනා නං ඒකෙ සම්පූර්ණ වගකීම නාහපතිට පැවරෙනව.
    8.මේකට ඔහු සම්බන්ධ විය යුතුයි කියල හිතෙන කෙනෙක් ඉන්නව නං ඔලුව පොඩ්ඩක් පරීක්ෂා කරල බලාගන්න එක හොඳයි. මොකද පිස්සුව කලින් අඳුනාගත්තම හොඳ කරන්න පුළුවන්.
    9.මාධ්‍යට ඇතුලුවීම අවුලක් නෑ. මීට වැඩිය යුද්ධය තියන තැන් වලටත් මාධ්‍යවේදීන් ගියා.
    10.බොලාගෙ ලොක්ක කුජීතයි.ඌ කල වැඩේ සාධාරණීකරනය කරන්න එපා.
    11.උද්ඝෝෂකයන් සම්බන්ධව කතන්දරයට එකඟයි. ඉල්ලීම් සාධාරණ නෑ. ඒ ගැන වෙනම ලියන්න හිතාගෙන ඉන්නව.

    ReplyDelete
    Replies
    1. 12.නාහපති අයින් කරන්න කොන්දක් තියනව නං ආණ්ඩුවට කොන්දක් ඇති බව පිලිගන්නං.
      13.යුද්ධෙ නැතුව පාලුයි!

      Delete
    2. රාජ් ඔබට ස්තුතියි. වඩා විද්‍යාත්මක කොමෙන්ටුවක් දැමීම ගැන.
      උද්ඝෝෂන කරන්නෙ ත්‍රස්තවාදීණන් නෙමෙයි. යුධ මානසිකත්වයෙන් සාමාන්‍ය ජනතාව වෙතට යනව කියන්නෙ භයානක තත්වයක්.මේ ලිපිය පුරාම හමුදා ප්‍රචන්ඩත්වය උත්කර්ෂයට නංවා තිබෙනවා

      Delete
    3. වෙනසට ගරු කරමු.

      වෙනද උඩ ඉඳල පහලට ඕඩරේ රූටල පැන පැන ඇවිත් පහලම ඉන්න එකා නෙලනව​. උඩ ඉඳල පහලට පඩිපෙලේ ඉන්න උන් බලාගෙන ඉන්නව​.

      දැන් උඩම ඉන්න එකා ජංගිය උස්ස උස්ස දුවගෙන ඇවිත් නෙලනව​. පහලම ඉඳල උඩටම යනකන් පඩිපෙලේ ඉන්න උන් හොල්මන් වෙලා බලාගෙන ඉන්නව​.

      වෙනස මාරයි.

      ඒ අස්සෙ මෙන්න රාජ් ලියනව​:
      //8.මේකට ඔහු සම්බන්ධ විය යුතුයි කියල හිතෙන කෙනෙක් ඉන්නව නං ඔලුව පොඩ්ඩක් පරීක්ෂා කරල බලාගන්න එක හොඳයි. මොකද පිස්සුව කලින් අඳුනාගත්තම හොඳ කරන්න පුළුවන්.! //


      post war syndrome කියල එකක් තියෙනවලු.




      Delete
    4. මම මේ කරුණු ටික ගලපගන්නේ කොහොමද කියල කල්පනා කර කර ඉන්නකොට, කලාහිතගේ පෙළගැස්ම හිතට අල්ලලා ගියා . සත්තකින්ම මටත් එක සැරේටම අවේ සිය සැරයක් විතර බලල තියෙන Rule ඔෆ් Engagement ෆිල්ම් එක. ඩෙන්සිල් වොෂින්ටන් මට මැවිලා පෙනුන, ඔහු මුහුණ දුන් situation එක. මම මගේ බුකියේ ෂෙයාර් කොරාට කමක් නැහැ නේද ?

      Delete
  15. නාවුක හමුදාපති, මාද්දියවේදියා හා උද්ඝෝෂකයින් ඔක්කෝම නින්දිතයි.... එකෙක්වත් තමන්ගේ වගකීම මොකක්ද කියලා නොදන්න හරක්..

    නාවුක් හමුදාපති - ඔහු යටතේ මේ මෙහෙයුමට යෙදවීමට එකඳු නිළධාරියෙක්වත් නැතිද..? අනෙක කෝ නිළ ඇඳුම..

    මාද්දියවේදියා - උන් බලාගෙන ඉන්නේම ගුටි කා පොරවල් වන්නටය.

    උද්ඝෝෂකයින් - සියල්ල්නම් අළුත් ස්මාගමට එක කර ගන්නා බවට පොරොන්දු වී තිබියදි මහින්දගේ ගුලි කා මස් රාත්තලම ඉල්ලීම.. මහින්දගේ ගුලි කන සියල්ලන්ටම නාගතයේ හිමිවන්නේ මේ ඉරණම බව බොහෝ පැහැදිලිය.

    එහේ හොස් චීනාට හා කියා විත්..
    මෙහේ උන් ගොනාට ඇන්දවීම ජයටම කරයි..

    ReplyDelete
    Replies
    1. කොහොමද කෑම???

      අති විශිෂ්ඨයි සර් !!!

      Delete
    2. අනික නාමල් සහ චමල් දෙන්නම කෑ ගහන්නේ උන් සල්ලි ලක්ෂ ගනන් අරගෙන මුන්ව ඔතනට දාපු නිසා... ඉතින් උන්ට කෑ නොගහ බෑ...

      ලාල්කාන්ත කෝ අනේ.. මුහුදට පැන්නද...?

      Delete
  16. කාලෙකට කලින් (2012-2015) වරාය සම්බන්ධ ව්‍යාපෘතියට සම්බන්ද වෙලා හිටි නිසා මේ ටික කියන්න ඕන.

    හම්බන්තොට වරාය මුල ඉදන්ම පාලනය උනේ වෙනම සමාගමක් විදිහට. මේ සේවකයන් වරාය අධිකාරියේ සේවකයන් නෙමේ. ඔවුන්ව මහින්ද කාලෙ ස්ථිර කලෙත් නෑ.

    අපි යන කාලෙ මෙහෙයුම් වරායෙ Ro-Ro සෑහෙන තරමක් වෙනවා. අපේ වැඩේට කොළඹ වරායෙ වගේම හම්බන්තොටත් අපි බොහෝ දෙනෙක්ව interview කලා. කොළඹනම් විධායක ශ්‍රේනියේ අයව. හම්බන්තොටනම් ඉහල සිට පහලට. ඇත්තම කීවොත් කොළඹ සිටි අයගෙන් අපිට වරායෙ වෙන වැඩ ගැන (ප්‍රායෝගික තත්වය ) කෙලින් කතා කලේ එක්කෙනයි.

    නමුත් හම්බන්තොටදිනම් මේ සේවකයෝ ඔවුන් කරන වැඩ නෙමේ හොර කරන්න පුලුවන් විදි ගැනත් බොහොම උනන්දුවෙන් කියුවා. මම කියන්න ඕන අපි කරන්න ගියේ වරායේ වැඩ කාර්යක්ෂම කරන වගේම හොර වැඩ, දූශන නවත්වන ව්‍යාපෘතියක්. මේ අරමුන මේ සේවකයන් දැන ගෙන හිටියා.

    ඒ කාලේ වෙද්දි මේ බොහෝ සේවකයන්ට වරායේ තිබ්ච්ච බොහෝ වරප්‍රසාද නොතිබුනා වගේම හරියට job role එකක්වත් තිබුනේ නෑ. ඒ නිසා මගේ අත්දැකීම් අනුවනම් අනිත් රාජ්‍ය සේවකයන්ට වඩා බොහොම උනන්දුවෙන් අවන්කව වැඩ කරපු පිරිසක් තමා එහෙ හිටියේ. හැබැයි මේ කියන්නේ අවුරුදු 2ට කලින් තත්වය.

    මේ සේවකයන්ගෙ හර්තාල් කිරීම ගැන කියන්න තියෙන්නේ, කැපවීමෙන් වැඩ කලාට පස්සෙත් තමන්ගෙ රැකියාවේ අනාගතය ආරක්ෂිත නැතිනම් උද්ඝෝශනය කරන්න රාජපක්ෂලාගෙ කුමන්ත්‍රන අවශ්‍ය නැති බව.

    හමුදාවෙ මැදිහත්වීම ගැන කියනවනම්, 82-95, 88-90, රතුපස්වල ආදී සියල්ලෙන්ම පාඩම් ඉගෙන ගත්තේ නැතිනම් (කණගාටුවකට කාරනයක් උනත් ) මේකෙන් පාඩම් ඉගෙන ගනීවි කියා බලාපොරොත්තු වෙන්න බැරි බව.

    නාවික හමුදාපතිගෙ භූමිකාව ගැන කියනවනම් කිව යුත්තේ, මේ ඉන්නේ නාවික හමුදාපතිම බව මම 100% දැන ගත්තේ ඔබේ ලිපියෙන් බව. මේ කතාවවෙන තැන් වල දැක්කත් මම විශ්වාස කලේ නෑ. මොකද නාවික හමුදාපති කියන්නේ 200-300 පිරිසකගේ අනදෙන නිලධාරියා නොමේ, 40000-50000 අනදෙන නිලදාරියා නිසා. නාවික හමුදාපති මෙතැනට පැමිනීම සාමාන්‍ය නාවිකයන්ගෙ මෝරල් අප් කරන වැඩක් වෙන්න ඇති. නමුත් මේ නේවි කොමාන්ඩර්, ලුතිනන් කොමාන්ඩර් කෙනෙක් නෙමේ.

    ReplyDelete
  17. Funny blog post written by stupid moron. I'm really happy that this stupid blogger is no longer in the Navy, but unfortunately there might be more such brainless idiots along with the commander. He is not alone. But many sailors seems better than their poor commander.

    I don't accept this Rajapakse goons' stupid acts but the Navy Commander too show his real class & it seems there is not much difference between the current IGP & Navy chief.

    The government should demote this unprofessional Navy Commander immediately if they really need to establish democracy in the country.

    ReplyDelete
  18. හෑ ...මොකද වෙලා තියෙන්නේ... ලින්ක් එකක් දියල්ලකෝ බලන්ඩ...

    ReplyDelete
    Replies
    1. මේ ලින්ක් එක දිගේ ඇතුලටම පලයන් මචෝ
      https://www.porndig.com/

      Delete
  19. මුස්ලිම් පල්ලියක නේවි එකේ කොල්ලො දෙන්නෙක් හිර කරගෙන හිටපු වෙලාවෙත් මේ වගේ ක්‍රියාත්මක උනානම් අන්න පොර.

    ReplyDelete
    Replies
    1. ඇයි නැගෙනහිර මහ ඇමැතිය නේවි ලොක්ක ගේ කනට ගහද්දිත් මේ මෑන්ස් සයිලන්ස් නේද හිටන්?

      Delete
    2. අනේද කියන්නෙ

      Delete
    3. අනේද කියන්නෙ

      Delete
    4. මුගේ වීර පදක්කම් සෙට් එක දෙන්න තියෙන්නේ බොතල් පත්තරකාරයෙක්ට.පොඩි මිනිස්සුන්ට සද්දේ දන මහා ලොකු චණ්ඩි.

      Delete
  20. යහපාලනය ලැබිය යුත්තේ සාමාන්‍ය ජනතාවට මිස එය දඩමීමා කරගෙන තම ආර්ත්මාර්ථකාමී ඉල්ලීම් මහජනතාවගේ වියදමින් ලබා ගැනීමට උත්සාහ කරන දොස්තර වරුන්, බස් හිමියන්, සහ පසුගිය රජයේ හොරුන්ට නොවේ.

    රතුපස්වල සිද්ධියට මැදිහත්විය යුත්තේ පොලිසිය මිස හමුදාව නොවේ. එය සිවිල් සිද්ධියකි. වරායක් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පිරිසකින් එය බේරාගැනීමට නාවික හමුදාව හැර වෙන කෙනෙකුට නොහැකිය. එහි තෙල් ගබඩා වලට හානියක් කිරීමට සහ ජාත්‍යන්තරව අවලාදය ලැබිය හැකි විදේශ නැව් වලට හානියක් වීමට ඉඩ තිබුණි.

    ReplyDelete
    Replies
    1. Thel gabadawa puke gaha ganin
      Rathupaswala siddiyedi thopi hasirune kohomada
      Lajja nethi unp wahallu

      Delete
    2. ගුටි කාපු එකෙකුත් කමෙන්ට් කරලා. තාම රිදෙනවද? පව්

      Delete
    3. රවී විජේගුණරත්න පාසැල් කාලයෙදිත් අද නාවික හමුදාපති ලෙසත් ඉතා නිහතමානී පුද්ගලයෙක්. ඒ සිවිල් ජීවිතයේදී. ඔහුගේ රාජකාරිමය කටයුතු වලදී ඉදිරියෙන් සිටින කෙනෙක් බව කමී කියා ඇති දේ ගැන ආඩම්බරයි. මෙම වරායට සහ නැව් ඒලට හානියක් වීමට නොදී කණට ගසා බේරාගැනීම රතුපස්වලදී මෙන් කිසිම පෞද්ගලික හෝ මහජන දේපලකට හානි නොවූ අවස්ථාවකදී වෙඩි තබා මරා දැමීමට වඩා රාජකීයයි.

      Delete
    4. ඇනෝ ,
      තෙල් ගබඩාව පුකේ ගහගන්න හැදුවේ එතන හිටපු චන්ඩි ටික ...තෙල් ගබඩාවට ගිනි තියනවා කියලා තර්ජනය කරා ඔයාට ඇහුනේ නැතිඋනාට මුළු රටටටම ඇහුනා ..
      ජේවීපී කරපුවට අපි තවම ණය ගෙවනවා ..ආයමත් ඒ තැනට රට ගෙනියන්න දෙන්න බැහැ .

      Delete
  21. නාවික හමුදා මෙහෙයුම වර්ජිත වරාය සේවකයන් ගෙන් නැවු මුදා ගැනීම මිස මාජ්ජවේදීන් ට පහර දීම නොවේ...

    රවී කල දේ හරි නම් අනෙකුත් නාවිකයන් ද එවේලේ රවී සමග එක්ව පහර දිය යුතුව තිබුනි. එහෙත් සිජ්ජ වුනේ නාවිකයන් රවී ව restrain කොරගන්න උත්සාහ කල එකයි... එය පැහැදිලිව වීඩියෝ වේ සඳහන් ව ඇත හිටන්!

    ReplyDelete
    Replies
    1. ඕකේ හොඳම ජෝක් එක නෙමෙයි මේ යකා නාවුක හමුදාපති කියන දේ නොදන්න එකෙක් මාද්දියවේදියෙක් වීම..

      Delete
    2. Walan kadeta penapu haraka wage eka nawika hamudapathi kiyala hithanna e minihata diwas thiyenna one

      Delete
    3. මාත් දුටුව ඒක. සාමාන්‍ය නාවිකයන්ගෙ විනය ගැන සතුටුයි. අනෙකුත් නාවිකයන් මැදිහත් නොවුනනම් විනාශයක් වෙන්න තිබුන.

      Delete
  22. එතකොට මෙතන නේවි එක ගහලා තියෙන්නෙ උද්ඝෝෂකයන්ටද මාධ්‍යවේදීන්ටද ? එහෙම නැත්තං මාධ්‍යවේදීනුත් උද්ඝෝෂණය කරලාද ?

    ReplyDelete
    Replies
    1. ලසන්ත වික්‍රමතුන්ග හිටියනම් අද කනේ පාර කන්නේ රවී බඩාගෙන් හිටන්!

      Delete
    2. ඒකනම් ඇත්ත සා , මිනිහ කනේ පාරක් කාල මැරුම් නොකා බේරෙනව.
      යකෝ මුන්ට ආශ්චැර්‍ය වෙඩි පාර හොදයි ,යහපාලන කනේ පාර තමයි අමාරු. : D :-):-)

      Delete
  23. විකාර වැඩ වල නියුතු දේශපාලන හෙන්චයියන්ට තේරෙන භාෂාවකින් බද කට පිරෙන්න හම්බ වෙච්චි දේට බොහොම කැමතියි ... නමුත් මෙය රටක නාවික හමුදාපති විසින් සිදුකල යුත්තක්ද යන්න ගැටළුවක් !

    මෙයට අදාළ අවුරුදු 200ක චීනයට අක්කට 15,000 ක් හිතුමතයේ පාලනයට පැවරීම යහපාලන ආණ්ඩුවේ ටිකිරි මොළයට අනුව අතිශය හොඳ දෙයක් වන අම්නුත් සාමාන්‍ය ජනතාව වන අප එසේ දකින්නේ නැත !

    මේ සිද්ධියේ විඩියෝව පහළින්, ලංකාවේ මාධ්‍ය භාවිතාවේ අසිරිය හෙවත් කතාවේ එක පැත්තක් පමණක් පෙන්වීම යහමින් සිද්ධ වෙනවා !

    https://www.youtube.com/watch?v=xfvebAa4o6s

    ReplyDelete
  24. අහා.. මේක ඊයේ රෑ එලිවෙනකං ලියල මං අද උදේම ගියා ඉඩමේ වල් කොටංඩ.. හැක් .. දැන් මහංසියි.. මේ ඔක්කොටම උත්තර අරං එන්නං පොඩ්ඩක් ඇලවෙලා මහන්සි ඇරලා හිටං.. ඔහොම යං..

    ReplyDelete
  25. ලිපිය වෘත්තීය ගෝත්‍රවාදී මානසිකත්වයකින් ලියපු එකක්. එහි ශෛලිය පලමුකොටම හෙලාදකිනවා. මෙය නන්දිකඩල් මෙහෙයුමක් සේ සිතා බ්ලොග්කරුට යුධ මානසිකත්වව අාතල් එකක් අැතිවුනාද විය හැක.

    නාවික හමුදාව ඉතා විනයගරුකව රාජකාරිය කලා. මාධ්‍යවේදියගෙ කේස් එක නැත්නම් මේකෙ කතා කරන්න දෙයක් නැති තරම්.
    කිසිම වෙඩිතැබීමක් සිදුවුනේ නෑ.
    පාරවල් බ්ලොක් කරන නැවු නවත්වා සිටින අය බලය යොදා ඉවත් කල යුතුයි. අවම බලය යොදවා කලා.

    මට අවුල මේකයි. මාධ්‍ය වාර්තාකල යුත්තෙහමුදාවෙ අාරක්ෂාව යටතෙ හමුදාවට අවශ්‍ය දේද. මෙතන නේවි එක පාර්ශ්වයක් පමනයි. හමුදාවට අවශ්‍ය විදියට ප්‍රවෘත්තිය සකස් කල යුතුයි කියනවනම් වියට්නාමයෙ මයිලයි සමූලඝාතනය වගෙ දේවල් ජනතාව අතරට යන්නෙ නෑ.
    මනම්පේරි සිද්ධිය වාරතාකරන්නත් තිබ්බෙ අපරාධකාරයන්ගෙ අවසර අැතිව.ඒ අයට අවශ්‍ය විදියට.
    මේක නන්දිකඩල් මෙහෙයුමක් නෙවෙයි.අනෙක් පාර්ශ්වයෙ සිටියෙ නිරායුධ සේවක පිරිසක්.ඔවුන් වරදක් කලා. නමුත් ඔවුන් පලවාහැරීම ගැන නන්දිකඩල් අාතල් එකක් ගැනීම කුජීතයි.

    ReplyDelete
    Replies
    1. Well said.
      I feel both the commander and this writer were in same mentality.

      Delete
    2. මධ්‍යස්ථ,

      100% එකඟයි...

      Delete
  26. හිතවත් කළ්‍යාණ ,

    කරුණාකර රණවිරු මානසිකත්වයෙන් දැන්වත් මිදෙනු මැන. යුද්ධය පැවති සමයේ අනුගමනය කල අත්තනෝමතික ක්‍රියා සැමදා වලංගු නොවන බව සිතට ගනු මැන. ඔබටද ඔබගේ නාවික හමුදාපතිවරයාටද වැරදුනු තැන එතැනය. කොටින්ට පහරදුන් ලෙස නිරායුධ සිවිල් වැසියන්ට පහරදීම යුක්තිසහගත බව ඔබ පවසන්නේ කුමන යුක්තිධර්මයක් මත පිහිටාද යන්න මට නොවැටහේ.

    එසේම ඇඟ බේරාගෙන පොඩි එවුන් කඩේ නොයවන ඔබේ මහා වීරයා නැගෙනහිර මහ ඇමති නාවික හමුදා නිලධාරියකුට පහත් අයුරින් බැණ වැදුනු විට මෙලෙස මහ ඇමතිගේ බෙල්ලෙන් අල්ලාගනු අපි නොදුටුවෙමු.මෙවන් අසනීප කාරයින් දැන් හමුදා සේවයෙන් ඉවත් වියයුතු කාලය එලඹ ඇත.

    වර්ජකයින්ගේ ක්‍රියාව සාධාරණීකරණය කිරීමක් කිසිසේත්ම මෙයින් අදහස් නොකරමි. ඔවුන් කලේ වරදකි. එහෙත් ඔවුන් විසුරුවා හැරීම කල යුත්තේ කොටි බෝට්ටු වලට පහරදෙන අයුරින් නොවේ.

    එලෙසම ඔබට ඔබගේ අදහස් කියා පෑමට ඇති අයිතියට ගරු කරන අතර එලෙසම කිසි දිනෙක ඔබෙන් මෙවන් ලිපියක් බලාපොරොත්තු නොවුනු බව පැවසීමටද මට අවසර...Well no problem...there is a first time for every thing..eh?

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න තියෙන්නෙ ඒක. සද්දන්ත රැවුල්කාරයන්ලෙලෙ අභිමතය නෙමයි රටක නීතිය යුක්තිය හෙ සදාචාරයයි ජයගත යුත්තෙ.
      කල්‍යාන ඉහලින් වර්නනාකල දෙයියන්නාන්සෙගෙ විස්තර සුනිල් හදුන්නෙත්ති මීට සුලුමොහොතකට පෙර කිවුව රාජපක්ෂ පුත්තු ගැන.

      එදා උඩුගම්පොල ල ගෆූර්ල චංඩි කම් කරනකොට ඒව ට හුරේ දාන කල්‍යානල පිරිසක් හිටිය.
      කල්‍යාන යෝජනා කරල තියනව හම්බන්තොටින් පටන් ගමු කියල.
      කොතනින්ද ඕක ඉවර වෙන්නෙ ටයර් සෑයවල් වලින්ද.

      Delete
    2. මටත් කියන්න තියෙන්නෙ ඒක. සද්දන්ත රැවුල්කාරයන්ලෙලෙ අභිමතය නෙමයි රටක නීතිය යුක්තිය හෙ සදාචාරයයි ජයගත යුත්තෙ.
      කල්‍යාන ඉහලින් වර්නනාකල දෙයියන්නාන්සෙගෙ විස්තර සුනිල් හදුන්නෙත්ති මීට සුලුමොහොතකට පෙර කිවුව රාජපක්ෂ පුත්තු ගැන.

      එදා උඩුගම්පොල ල ගෆූර්ල චංඩි කම් කරනකොට ඒව ට හුරේ දාන කල්‍යානල පිරිසක් හිටිය.
      කල්‍යාන යෝජනා කරල තියනව හම්බන්තොටින් පටන් ගමු කියල.
      කොතනින්ද ඕක ඉවර වෙන්නෙ ටයර් සෑයවල් වලින්ද.

      Delete
    3. මටත් කියන්න තියෙන්නෙ ඒක. බුරුසු රැවුල් කාරයින්ගේ ගේම් නෙමයි රටක නීතිය යුක්තිය හෙ සදාචාරයයි ජයගත යුත්තෙ.
      කල්‍යාන ඉහලින් වර්නනාකල දෙයියන්නාන්සෙගෙ මම නම් හොඳටම දන්නවා. ඔහු නිහතමානී පුද්ගලයෙක්. හැබැයි මැදමූලන හයිය පෙන්නන්න ආවොත් හූන්දම එකෙන් දෙන්න පුළුවන් කියල ඔප්පු කලා. සුනිල් හදුන්නෙත්ති මීට සුලුමොහොතකට පෙර කිවුව රාජපක්ෂ පුත්තු ගැන.

      එදා ගෙඨාභයල තග දානකොට හුරේ දාන කට්ටියකුත් හිටිය.
      කල්‍යාන යෝජනා කරල තියනව හම්බන්තොටින් පටන් ගමු කියල.
      මමත් කියන්නෙ පටන් ගන්න සුදුසුම තැන එතන කියල. ඒ වුණාට එලුවත් රැවුළ පාන සිරිසේන ගොයිය මොනව කියයිද දන්නෙ නැහැ.

      Delete
    4. Ian,

      ඔහුගේ නිහතමානීකම අපි ඉතා හොඳින් දැක ගත්තෙමු....:)

      Delete
    5. එයා යෝශිත තුමාට වැඳගෙන ඉන්න පින්තූරෙකුත් ඔය FB එකේ යන්නෙ හිටන්! හොඳට ගොට්ට අල්ලලා තිබේ හිටන්!

      Delete
    6. සා, ඒ නිහතමානිකම වැඩි නිසා තමයි යෝශිතට වැදගෙන පැත්තකට වෙලා ඉන්නේ.
      මැදමුලන පොඩි බයියන්ට හයිය නොදා නාවික හමුදාවට නීතියට පටහැනිව බැදුනු,නීතිවිරෝධී උසස්විම් ගත්ත යෝශිතගෙන්ම පටන් ගන්න තිබ්බානේ.

      Delete
  27. වෘත්තීය සෙබලු පිරිසක් සමඟ මී හරකෙකුත් යවල නේ, බස් වර්ජනේ වෙලාවෙ හමුදාව දැම්මනං හරිය කියල ම හිතාන හිටියේ, ඒ සිතුවිල්ල වෙනස් කොරාගත්ත හිටං

    ඔච්චර අත්දැකීම් ඇති නිළධාරියට ඔය ඔපරේෂන් එකකට යන්න ඉස්සරින් ඔතන ඉන්න මීඩියා හැන්ඩ්ල් කරන හැටි ප්ලෑන් කරන එක ට්‍රේනින් වලදි වත් කියා දීල නැතිවද?

    ReplyDelete
  28. //වරායකට ඇතුළුවූ වෙනත් රටක යුධ නෞකා දෙකකට ආරක්ෂාව සැපයීම හා ඒවා නිසි වෙලාවට ආරක්ෂිතව නාවික දේශ සිමාවෙන් පිටතට යාත්‍රා කරවීමට පහසුකම් සැලසීමේ වගකීම නාවික හමුදා කාර්යබාරයකි//
    විමසිල්ලෙන් කියවන්න...බ්ලොග්කරුගේ උපහාසාත්මක වියමන උඩින් මා උලුප්පා ඇති වදන්වලින් එලිදක්වනවා නේද...?
    මේ මට පේන හැටිද? නැත්තං ඇත්තටම කමියාට ටික කාලෙකට පස්සේ යුමා එක ගහලද...එහෙමනං අර රුවන් ඩොකාගෙන් බෙහෙත් ගන්න වේවි ඕන්...!

    ReplyDelete
    Replies
    1. //වෙනත් රටක යුධ නෞකා දෙකකට //

      අප්පච්චි හදපු ගලින් සපිරි මාගම්පුර වරායට පරන කාර් අරන් එන්නේ යුද්ද නැවෙන් හිටන්!

      ආඩ්ම්බරයි!

      Delete
    2. Sa rasa, හැක්.. හැක්..

      Delete
    3. ලොකු සර්! පලවෙනි එක.. ඔය 'යුධ' කෑල්ල වැරදීමකින් දාපු එකක්.. ලියන වෙලාවේ ඇත්තටම හිටියේ යුමා ගහල.. වත්ත කොට කොට ඉද්දි ආපු sms එකටවත් මට ඒක මීටර් උනේ නෑ. පස්සේ රා ගෙදර ඇවිත් බලනකොට මගේ හිතවත් ජෙෂ්ට උත්තමයෙක්ගෙන් පණිවුඩයක් තිබ්බ ඔය විදියටම.. 'Men of Wars' කියල දැම්මේ වැරදිමකින්ද කියල.. ඊට පස්සේ ඒක වෙනස් කරා.. ඒත් මේකට රිප්ලයි කරන්න බැරි උනා. සොරි හොඳේ.. යුමා සනීප වෙන්න කලින් ලියන්න තව දෙක තුනක් තියෙනවා.. ඒක ලියලම බෙහෙත් ගන්නම්.. :)

      ප්‍රසා සරස තුමා.. තැන්කියු ඈ!

      Delete
  29. මනා සංවිධානාත්මක බවකින් යුත්,කඩාකප්පල් කාරීත්වය තම එකම අභිමතාර්ථය කර ගත්,මරාගෙන මැරෙන මෙහෙයුමකට සම්බන්ධව සිටි අති දරුණු ත්‍රස්ථවාදී කණ්ඩායමක් මැඬලීමට පුද්ගලිකවම ස්වෙච්ඡාවෙන් එඩිතරව මැදිහත්වූ ඒ අසහාය නායකත්වය සහ අදාල ක්‍රියාව කුමන්ත්‍රණකාරීව වීඩියෝගත කරමින් සිටි ත්‍රස්ථ මාධ්‍ය අංශ ක්‍රියාකාරිකයාට අති නිර්භය අන්දමින් මුහුණට මුහුණ ඉදිරියට ගොස් පහරදුන් එඩිතර බවට සහ 'යහපාලනයේ අළුත් කොන්දට' දෙකට නැමී ගරු කොරමි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ තරම් දරුනු මාධ්‍යවේදියෙක් ඉස්සරහට බයනැතුව අාපු එකම මදෑ.
      කුළු හරක ඉස්සරහට රාජසිංහ රජ්ජුරුවො අාව වගෙ.

      Delete
    2. පුනා.. පුනා.. පුනා.. අපට හිකෙන් පුනා!!!

      ආඩ්ම්බරයි හිටන්!

      Delete
    3. ගස් ලබ්බගේත්, මධ්‍යස්තගේත්, සාරස තුමාගේත් අධහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරමි. :)

      Delete
  30. 'එන්න, යන්න, අමර මල් නෙලන්න, ඔයා මෙයා, නරක සමනළයා.. 😂😂😂

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. Navy cannot accept any kind of piracy in cost in harbour or waters .Thats there prime duty even in international laws .Journalist should understand there limitations especially conflict situations.They cant produce there rights when military carry out there classical role.Dont mislead the people .Navy commander's leadership is very impressive,timely action at Hambantota reassured security with confident without any political intervene. Great Mr Kalyana Mithra ..Hats off

    ReplyDelete
  33. ගිය සුමානේ ප්‍රයිවෙට් බස් ඉට්ටයික් කොලා. කොහෙද දන්නේ නෑ මේ ලොක්ක හිටියේ. පොඩි නෙවෙයි ලොකු මෙහෙයුමක් කරන්න තිබ්බනේ.
    පොලොස්පති ලොක්කගේ තකට තක.
    පව් බන්. වයිස් අද්මිරාල් සබ් ලෙප්ටිනන්ට් කමට ඩිමෝෂන් එකක් ඉල්ලගෙන වගේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රයිවෙට් බස් මුහුදට බැහැල උද්ඝෝශනේ කරපු දවසක කියහන්කෝ..

      Delete
  34. ලීඩින්ග් ෆ්‍රොම් ෆ්‍රන්ට් කියල මේ වගේ චූටි ගූ කේස් එහෙකට පහල නිලධාරියෙක් යවන්නෙ නැතුව තමන්ම යන එකනම් නායකත්වය නෙවෙයි ගොංකමේ ලක්ෂණයක්. එතෙනදි මොනව උනොත් අර පහල නිලධාරිය වෙනුවෙන් වගකීම බාර ගැනීමනම් නායකත්වයේ ලක්ෂනයක්

    ReplyDelete
    Replies
    1. හා,හා ඒහෙම කියන්න ඒපා.මෙයා බළල්ලු ලවා කොස් ඇට බාන කෙනෙක් නෙමේලු...:D
      අපරාදේ ෆොන්සේකා ලොක්කාටත් තිබ්බේ තමන්ම ගිහින් කොටින්ට ෆෙස් කරන්න.ඒහෙම කලානම් කමල්ලා පොත් ලිව්වා කියලා කලබල වෙන්න දෙයකුත් නැහැනේ...:D

      Delete
    2. උද්ගත වූ තත්වයේදී නාවික හමුදාවේ පැමිණීම ඇතැම් මාධ්‍ය විසින් හුව දැක්වුයේ එය බරපතල නිතිය කඩ කිරීමක් ලෙස හුව දක්වමින්ය. නමුත් කිවයුත්තනම් නාවික හමුදාව, අනෙකුත් හමුදාවන්ගෙන් සහ පොලිසියෙන් වෙනස් වන බවය. එනම් නාවික හමුදාව ජාත්‍යන්තර සම්මුතීන්වලට අනුව කටයුතු කිරීමට බැඳී ඇත.

      ඕනෑම රටක වරායකට නිත්‍යානුකුලව සහ සද්භාවයෙන් ඇතුළු වූ නාවික යාත්‍රාවකට, නැංගුරම්අ ලා තුබූ කාලය තුල එකී රාජ්‍යයේ ස්වෛරීත්වයට හෝ නීතියට හානිකර ලෙස කටයුතු කර නැතිනම්දා කාර්යය අවසානයෙහි අවහිරයකින් තොරව එකී වරායෙන් පිටව යාමේ අයිතිය ජාත්‍යන්තර සම්මුතීන් මගින් තහවුරු කර ඇත. එවන් පිටවයාමක් කුමන හෝ ආකාරයකින් වලක්වන්නේද එය අන්තර්ජාතික සාගර ප්‍රඥප්ති උල්ලංගනය කිරීමක් වන අතර එය සාමාන්‍ය භාෂාවෙන් කිවහොත් මුහුදු මංකොල්ලකෑමක් වන්නේය. එසේ නැව් රඳවා තබා ගැනීම එම නව අයත් රාජ්‍යයෙහි ස්වෛරීත්වයට කරනු ලබන හානියක්ය. එවන් අවස්ථාවක එකී රටෙහි නාවික හමුදාපතිවරයා ඍජුවම ඊට මැදිහත්විය යුතු අතර එසේ නොකළහොත් වෙනත් ඕනෑම රටක නාවික හමුදාවකට එකී වරායට පැමිණ එම නැව් මුදාගත හැකිය. එබැවින් මෙහිදී අප නාවුක හමුදාපතිවරයා සිදුකොට ඇති කාර්යය නිවැරදිය.

      Delete
    3. ඇනෝ ලා දෙන්නටත් මනෝ ටත් ස්තුතියි!. දෙවෙනි ඇනෝ සිද්දිය බොහෝ සරලව පැහැදිලි කරලා තියෙනවා..

      Delete
  35. මචන් කල්‍යාණ,
    වෙනස් මත දැරිමේ අයිතිය උඹ සුරකින බව විශ්වාසයි මට...:D

    ReplyDelete
    Replies
    1. ඇයි එකවරම බයවුනාද නැතිනම් වනවුනාද එහෙම නැතිව ජාත්‍යන්තර සාගර නිතිය ගැන සමන්තභද්‍ර මොනවා හරි පහදලා දුන්නද

      Delete
    2. අයියෝ නැහැ රත්තරන්.සමහරු ඉන්නවානේ සන්වාද කරන්න දන්නේ නැති,කියන ඒව්වා පුද්ගලිකව ගන්න උන්.
      මගේ මතය කලින් එකමයි.අර බොරු චණ්ඩියාගේ පදක්කම් ටික හොඳයි බොතල් පත්තරයකරයෙක්ට.

      Delete
    3. @ Manoj Fernando12 December 2016 at 10:35

      1996 දී වැලිඔය ප්‍රදේශයේ අණදෙන නිලධාරියා ලෙස ෆොන්සේකා කොටින්ට මුහුණට මුහුණ සටන් කල බව ඔබ දන්නේ නැද්ද? ඊට පෙර 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වශයෙන් කොටින්ට මුහුණට මුහුණ ලා සටන් කල බව ඔබ දන්නේ නැද්ද? හොයා බලන්න ඉතිහාසය. ඇත්තද නැත්තද කියා.

      Delete
    4. වැඩක් නැහැ විචාරකතුමා. මේ මනොජ් ප්‍රනාන්දු වගේ රටේ ලොකෙ කිසි දෙයක් නොදන්න ළිං මැඩියො හිතන් ඉන්නේ උන් සියල්ල දත් පොරවල් කියලා. ඌ හිතන් ඉන්නෙ සරත් ෆොන්සේකා හමුදාපති පුටුවට අහසින් කඩන් වැටුන කියලා. තමුන් කතාකරන්න යනදේ ගැන තමුන්ට අවබොධයක් නැත්තන් කටවහගෙන ඉන්න තරම්වත් බුද්ධියක් නැතිවීම ගැන කණ්ගාටුයි. ඇත්තම කිව්වොත් රාජපක්ශල පස්සෙන් යන්නෙ මේ වගේ ගං කබරයො තමයි.

      Delete
    5. විචාරක,
      මම කියන්නේ ෆොන්සේකා යුද්ධ හමුදාපති වෙන්න පෙර වෙන්න සිදුවීම් ගැන නෙමේ.මට කියන්න ඕනේ වුනේ ෆොන්සේකා යුද්ධ හමුදාපති තනතුරට පත් වීමෙන් අනතුරුව තත්වය ගැන.ෆොන්සේකා පමණක් නොවේ සටනේ කොයි තරම් දක්ෂ නිලධාරියෙක් වුනත් හමුදාපති වැනි තනතුරකට පත් වූ පසු සටන් පෙරමුණට යන්නේ නැහැනේ.ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් ඒ ප්‍රශ්නය විසඳීමට නාවික හමුදා මැදිහත්වීම අවශ්‍ය වුනත් ඒ තැනට නාවික හමුදාපතිවරයාම යන්න ඕනද ?

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. @ Rapa,

      හරි මචං,අපි රටේ ලෝකේ කිසි දෙයක් දන්නේ නැහැ.උඹලා දන්නා දේවල් පොඩ්ඩක් අපිටත් කියලා දියහල්ලාකෝ.

      රතුපස්වල කරපු වැඩේ
      එදා රතුපස්වල කරපු වැඩේ වැරදි නම් මේකත් වැරදියි.එක වැරදි මේක හරි වෙන්න බැහැ.දෙකම වැරදියි.

      Delete
    8. මනෝජ්.. කිසි අවුලක් නෑ ලොක්කා.. උඹේ අදහස් නිදහසේ කියන්න උපරිම නිදහස තියෙනවා මෙතන.. හැබැයි රතුපස්වල සිද්දියයි මේකයි එකක් නෙවෙයි දෙකක්.. ආරම්භය වගේම අවසානයත් වෙනස්.. මේකට දිග උත්තරයක් දෙන්නම් පොස්ට් එහෙකින්ම.. විචාරක තුමා, රපා ඇතුළු අදහස් දැක්වූ සැමට ස්තුතියි!

      Delete
    9. මනෝජ්, නැවත වරක් ඉතාම කණගාටුවෙන් කියන්න තියෙන්නේ, ඔබ වැරදියි කියලයි. ලෝකයේ කිසිම රටක නීතියක් හෝ සම්ප්‍රදායක් නැහැ, හමුදාපති යුද පෙරමුණට නොයායුතුයි කියා. පළමුවැනි, දෙවැනි, ලෝක යුද සමයේ පටන්, අද මැදපෙරදිග අන්තවාදී මුස්ලිම් කල්ලි මර්දනය කිරීමේ සටන දක්වා, සියලු සටන් වලදී, අවශ්‍යතාවය අනුව සේනාවිධායකයන්, සටනට ගිහින් තියනවා. ඒ නිසා, මෙතනට නාවික හමුදාපති සහභාගිවීමේ වැරද්දක් නැහැ.

      ප්‍රශ්නය වෙන්නේ, අපේ ඉස්කෝලේ රිපෝට් කාඩ් එකේ වගේ, මෙන්න මෙහෙම සටහනක් වැදීමයි.

      පැමිණීම:- හොඳයි
      හැසිරීම:- දුර්වලයි.

      රතුපස්වල ගැන ඒ කාලෙදිම මම ලියපු ලිපියක් තියනවා.

      මෙතනින් ගිහින් කියවා බලන්න

      Delete
    10. @ විචාරක,

      හොඳයි,මා එය නිහතමානිව පිළිගන්නම්.එහෙම මැදිහත්වීම් හමුදාපතිවරුන් කරනවා ඇති.නමුත් මේ සිදුවීමේදී නම් නාවික හමුදාපතිවරයාටම සෘජුව මැදිහත්වීමට තරම් දෙයක් තිබුනා කියා මා සිතන්නේ නැහැ.ඒ උද්ඝෝෂකයින් හිටියේ නිරායුධව.ඔවුන් විදේශ නැව් දෙකක් තමන් යටතේ තබාගෙන සිටියත් ඒ ප්‍රශ්නය වෙනත් නාවික හමුදා නිලධාරීන් සමගින් එකතුව පොලිසිට විසඳා ගන්න තිබ්බා කියලයි මගේ හැඟීම.නමුත් නාවික හමුදාපතිවරයා අනවශ්‍ය මැදිහත්වීමක් කරපු නිසා මේ ප්‍රශ්නය මේ තරම් දුර ගිය බවයි හැගෙන්නේ.

      ඔබේ ලිපිය මා කියවා තිබෙනවා.හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි ඒ ලිපියට.

      Delete
  36. ඕඕයි, මේ කමී කොහෙ ගියාද?
    තාම වත්ත උදලු ගානවද
    නැත්නම් නීති පොත් හොයනවද
    හැන්ගුනාද?
    එලියට එන්න මෙයා, පලවෙනි වතාව හින්ද සමාව දෙන්නම්

    ReplyDelete
    Replies
    1. කවුද මේ ඇනෝ? කොහොමද වත්ත උදලු ගාන කතාවක් දන්නේ.. කොහොම හරි.. ඔව් මචෝ.. වත්ත උදලු ගාල ගෙදර හුණු ගාල නිවාඩුවේ වැඩ කෝටියක් විතර කරගෙන අද තමයි ආවේ ආපහු.. ඉඩ තියන තියෙන විදියට උත්තර දීල හෙට අලුත් පොස්ට් එහෙකුත් දාන්නං.. හෙව්වට තැන්කු ඈ!

      Delete
  37. http://www.asiantribune.com/node/89864

    Welldone Navy

    ReplyDelete
  38. මට නම් හිතෙන්නේ තව පොඩ්ඩක් ඉවසීමෙන් හැසිරී නාවික හමුදාපති තුමාට මේ වැඩේ ලස්සනට ගොඩ දාගන්න තිබුණු බවයි. හැබයි ඉතින් මාද්‍ය වේදීන් යැයි කියාගන්නා සමහර මිනිසුන් ගේ අඳබාල හැසිරීම් දැක්කම හොම්බට අනින්න හිතෙනවා කාට වුනත්..

    ReplyDelete
    Replies
    1. //මට නම් හිතෙන්නේ තව පොඩ්ඩක් ඉවසීමෙන්// ඉවසීම නැත්තටම නැති වෙච්චි නිසා වෙන්නැති නාවික හමුදාපතිතුමා ම එතනට යන්න ඇත්තේ..

      Delete
  39. Dear sir that is very good job. I am very appreciated that. I know you are form SBS.you always full committed to protecting our country.

    ReplyDelete
  40. Dear sir that is very good job. I am very appreciated that. I know you are form SBS.you always full committed to protecting our country.

    ReplyDelete
  41. Dear sir that is very good job. I am very appreciated that. I know you are form SBS.you always full committed to protecting our country.

    ReplyDelete
  42. Dear sir that is very good job. I am very appreciated that. I know you are form SBS.you always full committed to protecting our country.

    ReplyDelete
  43. උද්ඝෝෂණ යනු අපේ එවුන්ට සුදුරුදු දෙයක්ය. පාරවල් කොන්ක්‍රීට් දමන්නට, වතුර ගන්නට, ලයිට් ගන්නට, දඩ අඩු කරන්නට ඔය ඕනෑ දේකට පාරක් වසා ටෑර් පුච්චා තමුන්ගේම පැලැන්තියේ මිනිස්සුන්ගේ එදිනෙදා ගමනක් බිමනක්, උවමනා එපාකමක් වනසා දමන වසලයෝ අපේ රටේ ඉඳිති. පාරක් කාපට් කරගන්නට නම් අදාල ආයතනයට ගොස් ඒ ගැන අරගල නොකර තමුංගේ පැලැන්තියේම දහදුක් විඳින එවුන්ගේ ගමනාගමනය අවහිර කරාට වැඩක් ඇතිද? දැං එවැනි අරගලවලදී උන්ට ඕනෑ හැටියක් කරගන්නට ඉඩ දෙනු ලැබේ. එවිට උද්ඝෝෂණය කරවුන්ටම එපාවී එය නවත්තයි. පීඩනයට පත්වන ජහමනයාද එය විඳ දරාගනී.

    නමුත් මෙතැනදී ප්‍රශ්ණය දුරදිග යයි. ජාත්‍යන්තරය මේ වැනි අඩත්තේට්ටම් ඉවසන්නේ නැත. අපේ රටේ එවුන්ගේ මානසික ප්‍රශ්නවලට ජාත්‍යන්තර නැව් නවත්තාගෙන කොරන විගඩම් නිසා රටට වෙන අලාභහානිය, රටේ නමට වෙන අලාභහානිය විශාල විය හැක. ප්‍රමාද වූ දවස් දෙකත් එවැනි දේකට හොඳටම ප්‍රමාණවත්ය. එබැවින් මේ වසල වැඩය නවත්තන්න තිබුනේ එදාමය.

    මේ වසල වැඩේ නවත්තපු ක්‍රමය හරිද, නිත්‍යානුකූලද යන්න මම නොදනිමි. ඔහුට අවසරයක් හෝ නියෝගයක් ලැබී මෙලෙස කටයුතු කලානම් අවුලක් නැත. ඒ නාවික හමුදා නිලධාරියාට මේ නිසා ගැහැටක් නොවේවායි පතමි.

    එහිදී ජනමාධයවේදියෙකුට පහර දෙන ලද බවද සඳහන් වේ. මං දන්නා තරමින් අද රටේ ජනමාධ්‍යවේදියෝ නැත. ඉන්නේ කුණු විකුණන ඕපාදූපකාරයෝ සහ ලයික් හිඟන්නෝ පමණි. කැමරාව සහ මයික් එක යනු හැමතැනටම ඇල්ලිය යුතු ගුදයක් හෝ යෝනියක් වැනි දෙයක් නොවන බව දත යුතුය. රට හරිමග ගෙනයා හැකි ප්‍රබලතම වෘත්තියක් වන ජනමාධ්‍යකරණය ඕනෑම කුණුගොඩක් බහාලන තාච්චියක්ව ඇති කළෙක තාච්චියට අත පිච්චීම ස්වභාවිකය.

    ReplyDelete
    Replies
    1. ශ්‍රංග.. උම්මා.. වැඩේ නිත්‍යනුකුලයි.. ඒ ගැන ලියන්නම්. ජය!

      Delete
  44. ජඩමාධ්‍යට හොදින් කියලා වැඩක් නෑ. මං මගේ රටට ආදරෙයි. නාවික හමුදාපතිතුමා කලේ කරන්න තිබුන දෙය. එතුමාට අපගේ ආචාරය.

    ReplyDelete
    Replies
    1. //නාවික හමුදාපතිතුමා කලේ කරන්න තිබුන දෙය. එතුමාට අපගේ ආචාරය.// ++++++

      Delete
  45. This country lead by President who voted by majority of the public .Under President Tri services will dominate what country need and protect national level even international level .Journalist can involve dominate country democracy but strategy of the military they cannot ..Thats call military..Any body can understand what other countries handle media .Media is a not a weapon to change military classical role and decision of the leader who command the country .Journalist should learn whats they are limitation and role when country is in danger or distress.I agree with the author.

    ReplyDelete
  46. http://sinhala.srilankamirror.com/news/1138-nil-balaka-gobilanta-padamak

    ReplyDelete
  47. උද්ගත වූ තත්වයේදී නාවික හමුදාවේ පැමිණීම ඇතැම් මාධ්‍ය විසින් හුව දැක්වුයේ එය බරපතල නිතිය කඩ කිරීමක් ලෙස හුව දක්වමින්ය. නමුත් කිවයුත්තනම් නාවික හමුදාව, අනෙකුත් හමුදාවන්ගෙන් සහ පොලිසියෙන් වෙනස් වන බවය. එනම් නාවික හමුදාව ජාත්‍යන්තර සම්මුතීන්වලට අනුව කටයුතු කිරීමට බැඳී ඇත.

    ඕනෑම රටක වරායකට නිත්‍යානුකුලව සහ සද්භාවයෙන් ඇතුළු වූ නාවික යාත්‍රාවකට, නැංගුරම්අ ලා තුබූ කාලය තුල එකී රාජ්‍යයේ ස්වෛරීත්වයට හෝ නීතියට හානිකර ලෙස කටයුතු කර නැතිනම්දා කාර්යය අවසානයෙහි අවහිරයකින් තොරව එකී වරායෙන් පිටව යාමේ අයිතිය ජාත්‍යන්තර සම්මුතීන් මගින් තහවුරු කර ඇත. එවන් පිටවයාමක් කුමන හෝ ආකාරයකින් වලක්වන්නේද එය අන්තර්ජාතික සාගර ප්‍රඥප්ති උල්ලංගනය කිරීමක් වන අතර එය සාමාන්‍ය භාෂාවෙන් කිවහොත් මුහුදු මංකොල්ලකෑමක් වන්නේය. එසේ නැව් රඳවා තබා ගැනීම එම නව අයත් රාජ්‍යයෙහි ස්වෛරීත්වයට කරනු ලබන හානියක්ය. එවන් අවස්ථාවක එකී රටෙහි නාවික හමුදාපතිවරයා ඍජුවම ඊට මැදිහත්විය යුතු අතර එසේ නොකළහොත් වෙනත් ඕනෑම රටක නාවික හමුදාවකට එකී වරායට පැමිණ එම නැව් මුදාගත හැකිය. එබැවින් මෙහිදී අප නාවුක හමුදාපතිවරයා සිදුකොට ඇති කාර්යය නිවැරදිය.

    එමෙන්ම ඇතැම් මන්දමානසිකයින් ඔහුගේ ඇඳුම පිළිබඳව දොස් පවරනු දැකීමි. ඔවුන් නාවික හමුදාව පිළිබඳව මෙලෝ හසරක් නොදන්නාවුන් බවනම් පැහැදිලිය. නිල පැහැති ටි-ෂර්ට් එකත් කොට කලිසමත් නාවික හමුදාවේ මුහුදු ඇඳුම (SEA RIG) ලෙස භාවිත වෙයි. නවක සිටින ඕනෑම තරාතිරමක අයෙකුට මෙය හැඳීමේ හැකියාව ඇත. එනයින් අද්මිරල්වරයාගේ ඇඳුම පිළිබඳව වූ දුර්මතය පුස්සක් බව මොලේ ඇති අයවලුන්ට වැටහෙනු ඇත.

    මාධ්‍යවේදියාට හෝ කිසියම්ම අයෙකුට අහේතුකව පහරදුන්නනම් එය වැරදිය. නමුත් වරාය සිමාන්විත ප්‍රදේශයක් බැවින්, සේවය කරන්නන් හට හැරෙන්නට වෙනත් අයවලුන්ට ඊට ඇතුළුවීමට අනුබල දුන්නෝ කවුරුන්ද?

    වෙනත් කිසිදු මාධ්‍යකරුවෙකු එහි සිටි බවක් පුවත් මගින් අනාවරණය නොවිය. එසේනම් ඔහු පමණක් එහි ගියේ ඇයි?

    ඔහුහට අවසර ලැබීමකින් වරායට ඇතුළු වූයේනම්, නාවික හමුදාවත් උද්ගොෂකයිනුත් අතරට ඔහු ගියේ මන්ද?

    මධ්‍යවෙදියෙකු රටක හමුදාපතිවරුන්වත් නොහඳුනන්නේද?

    ප්‍රවෘත්තිය විකාශනය කල මාධ්‍ය ආයයතනද මෙහි ඇති නීතිමය තත්ත්වය විමසුයේ ආචාර්ය නිතිඥ්ඥ ප්‍රතිභා මහානාමහේවා, නිතිඥ්ඥ මේජර්ගෙ අජිත්න්ය ප්‍රසන්න වන්නවුන්ගේන්ය. මොවුන් දෙදෙනාම අන්තර්ජාතික සාගර විද්‍යාව පිලිබඳ දැනුමක් ඇති අයවලුන් නොවන අතර ලංකාවේ සිටින ඒ පිලිබඳ හසල දැනුමක් ඇති විනිසුරු පී ඒ රත්නායක මහතාගෙන් විමසීමක් නොකළේය. එක්කෝ මාධ්‍ය ආයතන එතුමන් ගැන නොදන්නේය, නැතිනම් දන දැනම තොරතුරු තාක්ෂණ නිතිය පිලිබඳ ආචාර්යවරයෙකුන්ගෙන් හා සාමාන්‍ය නිතිඥ්ඥකුගෙන් මේ පිළිබඳව විමුසවා විය යුතුය.

    ප්‍රශ්නයේ දෙපැත්තක් ඇත. මාධ්‍ය කලයුත්තේ සියල්ල නිවැරදිව හෙලිකිරිමය, නැතුව ඔවුන්ට හිතෙන හිතෙන දේ කීම නොව.

    බොහෝමය ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ගේ කෙරුවාව ඔවුන්ගේ සමකාලින පාසල් මිතුරන් හා අසල්වාසීන්, නෑදෑයන් නොදන්නවා නොවිය යුතුය.

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳ අදහස් දක්වෙමක්. අර මේජර් තුමා බලා ඉන්නේ මේ රජයට, ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාට, විරුද්ධව යමක් කියන්නේ කොයිවෙලාවේද කියලා.

      මට හිතාගන්න බැරි එක දෙයක් තියනවා. කුමන රටේ කුමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, කුමන පනත හෝ ප්‍රඥප්තිය අනුවද කියන්නේ, මාධ්‍යවේදීන්ට, ඕනෑම තැනකට ගොස්, ඕනෑම දෙයක් වාර්තා කලහැකිය, ඒ ගැන ප්‍රශ්න කල නොහැකිය, ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල නොහැකිය කියලා.

      Delete
    2. මට හිතාගන්න බැරි එක දෙයක් තියනවා. කුමන රටේ කුමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, කුමන පනත හෝ ප්‍රඥප්තිය අනුවද කියන්නේ, නාවික හමුදාපතිට, ඕනෑම තැනකට ගොස්, ඕනෑම කෙනෙකුට ගහන්න පුළුවන් කියලා.
      ඒ ගැන ප්‍රශ්න කල නොහැකිය, ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල නොහැකිය කියලා.
      විචාරක පව්

      Delete
    3. yako oya gahuwa neme.....gahuwoth thopita hitha gannath be... madhyata deela thiyena nidahasa wedi.....thopita guti nethuwa be....

      Delete
    4. අනේ අපි නොදන්න නාවික හමුදාව!!
      ඇමරිකන් කාරයෝ අරුන්ගේ ආයුද තියෙන තැන හොයල දුන්නේ නැත්තං ඉතිං ඔයවගේ කන්කරුවන්ට ගහ ගහ ඉන්න තමයි වෙන්නේ.

      Delete
    5. Anonymous13 December 2016 at 02:57, විචාරකතුමා ස්තුතියි!. මෙහි රාජකාරිමය පසුබිම ගැන තව ලිපියක් ලියන්න හිතෙනවා..

      Delete
    6. Dan umbalage camera pan pansal umbala hadapuwa wenna athi. Api hadapu bottu,thalassemia daruvonta avshya machine RO plant apema weda.madya kiyanne depaththama ginithiyala avilena ginnata piduru Dana ayata....avasan satane refugges gannakota madua hitiye koheda....apen visthara aragena dakka vage maha anayata Dunne. Aththatama redi andagena inne laggawatada....nethi Nam anith ayath andina nisada?

      Delete
    7. මොහාන් මහත්මයා බීරි අලින්ට වීනා ගහලා වැඩක් ඇද්ද?

      Delete
    8. Hmmmm.....ekanam aththa...madya kiyanne kellekuge andumawath hulagata yanna be photo gahana un....

      Delete
  48. mata nam kiyanne thiyenne meka gion booru wadak...mulna madya karayanwa palanya karanna ona. okun karanne unge lokkange dehaopalana kunu job. eka nwaththanna ona mulinma,. habai ohom karnna baha

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රන්සකු. එක එක පුද්ගලයෝ වැඩ කරන හැටි වෙනස්නේ.. රවී විජේගුණරත්න කියන්නේ by hook or crook වැඩේ කරලා හොඳ නරක හොයන කෙනෙක්..

      Delete
  49. කමියෝ.......මේ ලිපිය හමුදා මානසිකත්වය ඔලුවට ගහපු වෙලාවක ලියපු එකක් වෙන්න ඕන. උතුරු කොරියාව ගැන කියවමින් ඉන්න වෙලාවකද නේවි කමාන්ඩර් ගැන ලියන්න හිතුනේ. එක්ස් නේවි, එක්ස් රෝයල් පඩිපෙළවල් වලින් බැහැලා පුද්ගලයා, ආයතනය නෙමේ සිද්ධිය කොතරම් බාලද කියලා බලපන්.

    ////'ඇඟ බේරාගෙන පොඩි එකෙක් කඩේ යැවීම' /////////////

    හමුදාපතිලා වගකීම් බාර ගන්නේ ඔහොම නෙමේ. බොළඳ තර්කයක් බං. අමුඩයක් ගහගෙන පොල් වල්ලක් බෑවා නම් මීට හොඳයි.

    ReplyDelete
    Replies
    1. //හමුදා මානසිකත්වය ඔලුවට ගහපු වෙලාවක// අරූ අයියා.. ඇත්තටම ලියන වෙලාවෙනම් එහෙම තමයි.. ඒත් මගේ සාමාන්‍යයෙන් එහෙම ගැට්ටක් නෑ.. හැබැයි යුද්දෙට නැති කඩුව කොස් කොටන්න පරිස්සන් කරගෙන ඉන්න කියල අදහසකුත් මගේ නෑ.. ඔය උද්ඝෝශනේ ගැන දන්නා උන් පැහැදිලිවම දන්නවා මේක මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න නාමල්ගේ ගෝලයෝ ලවා කරපු අනවශ්‍ය එකක් කියල.. ඒකත් කමක් නෑ.. උන් තමන්ගේ සීමාව ඉක්මවල ගියා.. ඊට පස්සේ ඒක නාවික හමුදාවේ රාජකාරියක්..

      කොමෙන්ට් එකට ස්තුතියි.. අඩු වැඩි ඉස්සරහට කතා කරමු. ජය!

      Delete
  50. කෝච්චි පාර බ්ලොක් කල ත්‍රීවීල් හා ප්‍රයිවට් බස් කාරයන්ට කලා වගේ
    නැව් බලෙන් අල්ලා සිටි එවුන් අත්ඩංගුවට ගෙන නඩු පැවරිය යුතුයි.
    තම නීත්‍යනුකූල අයිතීන් ඉක්මවා යන මාජ්ජවේදීන්ට හා පාරවල් බ්ලොක් කරගෙන ඉන්න එවුන්ටත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. මීගමුවේ පාර වහපු වසලයන්ට මොනවගේ දඩුවමක් ලැබෙයිද කියලා ඔබට යම් අදහසක් තියෙනවද? ඔයවගේ අමන වැඩ කරන්න බලාගෙන ඉන්න අනිත් ගොබ්බයන්ටත් පාඩමක් වෙන දඩුවමක් ලැබෙයිද.

      Delete
    2. //තම නීත්‍යනුකූල අයිතීන් ඉක්මවා යන මාජ්ජවේදීන්ට හා පාරවල් බ්ලොක් කරගෙන ඉන්න එවුන්ටත්// කමෝන් සර්..

      Delete
  51. යකෝ රම්බො, ප්‍රඩේටර්, එක්ස්පෙන්ඩබල් වගෙද බං මේවා. ඇහැට දැකලත් තාම කාටවත් හිතා ගන්න බෑනෙ... කවුද හරි? කවුද වැරදි? ;)

    ReplyDelete
    Replies
    1. ඊළඟ ලිපියෙන් උත්තරේ දෙන්නම්..

      Delete