Tuesday 2 April 2019

මොන ජීවිතයක්ද බම් මේ.. Bohemian Rhapsody ලෝකල් වර්ෂන්.. (මත් වූ සිත්තරෙකුගේ මනෝවිකාර)

Image result for bohemian rhapsody lyrics

මොන ජීවිතයක්ද බම් මේ..
ටෞකන්ඩ.. මොන නාඩගමක්ද හැබෑට..
නායට අහුවෙච්චි පරඬලාවක් වගේ..
මොණර නැටුම් නැටුවට පුක එළියේ..
ඒක හංගන්න බෑ 
මම නිකම්ම නිකං නසරානියෙක් විතරයි
ආවා ගියා ජිවිත..
උලත් එකයි බං පිලත් එකයි ඒ ජිවිත වලට
ඕනේ හුළඟක් හමපුවාවේ මයේ මොකෝ..
ඇත්ත තේරුම් ගනිල්ලා කෙලින් බලල නිකට උස්සල අන්නෙහෙම..
පොඩි එකා මළා අම්මේ.. ඌ මළා 
උඹ දොට්ට දාපු දවසෙම 
හැබැයි සිත්තරෙක් උපන්නා 
අන්න ඌ ජිවිතේ අඳින්න පටන්ගෙන..
හිතුමතේ.. හතර අතේ..
අහ.. උඹව අඬවන්න නෙවෙයි අම්මේ..
කියල යන්නෙපැයි යන තැනක.. පොඩි එකාට උඹ කියල දුන්නු විදියටම
ගණන් ගන්නෙපා හෙට ආවේ නැත්නම්  
හිතපන් මම හොඳින් කියල හොඳ තැනක 
දැන් පරක්කුයි මස්සිනේ කතා කරනවා මට යන්න 
හීන් දාඩිය පිට දිගේ මතක් වෙනකොට 
හතර හන්දි වෙව්ලනවා චන්ඩියා වගේ උන්නට 
තොපි හොඳින් හිටපියව් 
දැකලවත් හැදියව් පුලුවන්නම්.. මේ අමු ඇත්ත..
අම්මගේ රෙද්දේ කලාව..
අනේ අම්මේ මට මැරෙන්න බයයි යකුනේ 
මොනෞත්තකට මං ඉපදුනාද දෙයියනේ..
අන්න පේනවා මිනිහෙක්ගේ ඡායාවක් ඈතින් 
සිංහ බා සිංහ බා ගල්ලෙන බිඳිනවද තෝ 
කන ළඟ පුපුරනවා අකුණු පුක හීන් වෙන්න 
ගැලිලියෝ.. කෝ මේකා.. අහපන් තාරකා  හැමිනෙනවද?
මම නිකම්ම නසරානියෙක් විතරයි කවුරු වදවෙන්නද මං ගැන 
මොකෙක්ද ඌ චිත්‍ර ඇඳ ඇඳ හිටි හිඟන්නා 
යන්න දීපන් ඔය යකාට චුත වෙලා ඔය කරදරෙන් 
එනෝ යන අපේ ජිවිත.. අතෑරපන් මාව මට යන්න 
දෙයියන්ගේ නාමෙන් යන්නෙපා.. අතෑරපන් ඕකව ///
එපා එපා යන්න දෙන්නෙපා එයාට.. අතෑරපන් යකුනේ මාව..
නෑ නෑ අනේ යන්න දෙන්නෙපා එයාට.. අතෑරපන් යකුනේ..
අනේ.. අනේ..
අතාරින්නෙපා මාව.. අතාරින්නෙපා යකුනේ.. යන්න බෑ මට ..
මම දැන් ලොකු ළමයෙක්.. යන්න දීපියව් මට 
මගේ සුරංගනාවී බලාගෙන මම එනකං.. අසෙනිය මල් පලස උඩ.. 
උඹ හිතාන හිටපං මට අරින්න පුළුවන් කියල 
ඔව් හිතාන හිටපං ලව් කල්ල මට කෙළවන්න පුළුවන් කියල 
ඕ..හ.. උඹට ඒක කරන්න බෑ මයෙ මැණික ..
මට පැනල යන්න ඕනේ.. මෙතනින් පැනල යන්න ඕනේ..
ඌ..හ..හ..හ්.. අනිවා.. යේ .හ්..
ගණන් ගන්නෙපා බොලව්..
දැකපුදෙන් උන්.. දකපුදෙන් ..
අපිට පාන්දෞත්තෝ..
පඩයක් වටින්නේ නෑ මට මාවවත්..
ඔව්. හුළඟ හමපුවාවේ.. ඔව් ඔව්.. හුළං හමපුවාවේ.. ඕ..යේ.. ..

- ක.මි.

මේ මගේ සන් මිත්‍ර අකලංක දිසානායක හා අමිල උදේශ් යන දෙපළගේ ඉල්ලීමක් මත Freddie Mercury ගේ Bohemian Rhapsody (Queen) ඔපෙරා අන්තරා කොටස අනුසාරයෙන් කල ලෝකල් වර්ෂන් එකකි.  විකිපීඩියාව ට අනුව බොහිමියානුවා යන්නෙහි මුල් අරුත කළාකරුවෙකු යන්නයි. එනයින් ගෙන මතට හා පාප මිත්‍ර සේවනයට ඇබ්බැහි වූ සිත්තරකුගේ මනෝ විකාරයක් ලෙස මේ වර්ෂන් එක ලියා ඇත. 1975 දී Queen ලා කල ඔපෙරාවට අනුව නම් මේ බොහිමියානුවා විසින් සිදු කල මනුෂ්‍ය ඝාතනයකට පසු ඔහුගේ චිත්ත සංතානය ඔහු පෙළන පසුතැවීම Freddie විසින් ලියා ඇත. 

නමුත් මා මෙහිදී එය එක සිදුවීමකට ලඝු නොකර නිවැරදි වෘත්තීය පසුබිමක් නොමැතිකමින් අයාලේ යන අපේ බොහෝ තරුණ කලාකරුවන්ගේ ඛේදවාචකයක් ලෙස ඉස්මතු කිරීමට උත්සහ කල බවත්  බ්ලොග් පොස්ට් එකක්ම නොවුනත් මතු පැවැත්ම සඳහා මෙහි ලියා තැබූ වගත් කරුණාවෙන් සලකන්න. 

28 comments:

  1. මගේ යාලුවෙක් මතට ඇබ්බැහිවෙලා මලා...

    ReplyDelete
  2. පරණ වාහන තල්ලු කරාම යක්කු වගේ ....නේ??? ��������

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. මිට පස්සේ තල්ලු දාන්නේ කල්පනාවෙන් ෆ්‍රෙන්..

      Delete
  3. මං මේකේ ලැයික් බටන් එක හෙව්වා පෙන්

    ReplyDelete
    Replies
    1. බ්ලොගර් අයියා කෙලොගත්ත තැනක් තමයි ඕක.. :))

      Delete
  4. හායි ප්‍රෙන්....
    ට ඉකෙනවා මේක දැක්කම.. මතට හා පාපමිත්‍ර සේවනයට ඇබ්බැහි වූ කිව්ව නෙහ්...?
    කල්පනා කරන්න ඕන තත්වයක්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කොන්ඩේ වවා ගත් කියලත් දාන්න හිටියේ අමතක උනා.. :)))

      Delete
  5. බොහිමියන් රැප්සොඩි ඔපමනම අවුල්ද?

    ReplyDelete
    Replies
    1. අනිත් පැත්තට ඉතින් ඔරිජිනල් පොර මැරුණෙත් එහෙමම තමා , පාටි දාල , ඩ්‍රග්ස් ගහලා, බීලා, අහවල් දේත් සීමාවක් නැතිව කොරන්න ගිහිල්ල. මායි බිරින්දැයි දෙන්නත් මල් පොකුරක් හෙම ගිහින් තියල ආව අනූ ගනන්වල නිවස ගාවින්

      Delete
    2. බොහිමියන් රැප්සොඩි එච්චර අවුල් නෑ .. ඒ වුනාට මේ ලෝකල් වර්ෂන් එක පට්ට අවුල්.. හෙහ් හෙහ් ..

      Delete
  6. ෆිල්ම් එක බාගෙන තිබුණාට තවම බැලුවේ නැහැ. අදම බලන්න ඕනා.
    මොනෞත්තකට - ටෞකන්ඩ දැක්කම පුදුමත් හිතුණා 'කමි', 'ගයනු කිත්තකට' කරන්න පුළුවන් හපන්කම් ගැන!

    ReplyDelete
    Replies
    1. ඉනොවේටිව් යූත් ජෙනේරේෂන් එකක්නේ අපිට ඉන්නේ නිදි බොස්.. මේ එයාලයි වැඩ අපි එහෙම්මෙහෙන් අල්ලගන්නේ :))

      Delete
  7. තවුසේ බ්‍රහ්මන් රැපස්සාධි ජාතක කතාවද කොහේද කියවල තියෙන්නේ?හැක්

    ReplyDelete
    Replies
    1. අඩෝ ගුගල් ප්ල්ස් එක නැති උනාම මගේ පින්තුරෙත් ගිහිල්ලා

      Delete
    2. බ්‍රාහ්මීය රප්සාධී ජාතක කතාවේ මේ වගේ දුක්ඛන්තයක් ද තියෙන්නේ ඩෑලින්..

      Delete
    3. දේශකයා, + එකත් එක්කම උඹේ Space එකත් ගිහිල්ලා නේද?

      Delete
  8. කමියො ඔච්චර බොන්න එපා බං උණ්ඩුකපුච්චයට හොද නෑ 😁

    ReplyDelete
    Replies
    1. උණ්ඩුකපුච්චය හොයාගන්නත් සෑහෙන්න බොන්න වෙනවා.. :))

      Delete
  9. කියෙව්වේ නෑ බන්.. දකිද්දිත් අවුල් වගේ... :D

    ReplyDelete
  10. මට හිතුන කොමාන්ඩර් සෑර් අර චෙෆාකි සෑර්ගේ ලඟින් වැඩිවෙලා ටියුෂන් ගන්නකොටම,
    උන්දැගේ 'නොතේරෙන කවි ජයමග' පොතේ ඉස්කෑන් කොපියක් එවන්ඩ බැරිද කොමාන්ඩර් සෑර් 'ප්‍රෙන්'.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  11. කික් එකක් දැනුනා.. ලියපු පද පෙළ අතරෙ...අන්තිමට තිබුන විස්තරේ ලියපු අකුරු නම් බොහොම පොඩියි රත්තරනේ...බොහිමියානුවා යන නමින් ගැන ලගදි ටෙලියකුත් කලා නේද..

    ReplyDelete
  12. අහන්න හිතන් ඉන්නවා. ඒත් තවම අහලා නෑ.

    ReplyDelete
  13. බොහිමියානුවා වගේ තව ටිකක් දවස් යනකොට ටෞකනානුවා වගේ ඒවත් එයිද දන්නේ නෑ

    ReplyDelete
  14. අඩෝ..කුනුහරුප ලියන කොට හන්ගලා ලියන්න එපා...ලියපිය අත දිගා අරලා...බැරිනම් අර "නමක් නැති කතාවක්" ලියපු එල ද බ්‍රා මෙන්ඩාගෙන් අහගනින්

    ReplyDelete
  15. අඩේ...අර සොබා රූ බ්ලොග් එක ගැන පොස්ට් එකක් ලියපන්කෝ....
    උබ ගිහිල්ලාත් නැහැ ඒ පොස්ට් එක කියවන්න...මචෝ....පොඩි මෙන්ඩා අකුරු කියවන්න බැරි කාලේත් පෝටෝ බලලා හොදම බ්ලොග් එක විදිහට ඒක තේරුවා...
    ඇයි බන් මිනිස්සුනට කුනු ජරා දේශපාලනය ගැන දාන පොස්ට් වලට කෙමෙන්ට් වලින් රන්ඩු වෙනවා වගේ පරිසරය සතාසිව්පාවා ගහකොල ගැන ලියන පොස්ට් එකකට කිය්වලා කෙමෙන්ට් එකක් දාන්නවත් වෙලාවක් නැද්ද? උවමානවක් නැද්ද?
    ඌ ඒ පොස්ට් එකක් ලියන්න කරන කැපකිරිම මටනම් ඩිස්කවරි වාර්තා වැඩසටහනක් වගේ..

    ReplyDelete
  16. මම සේරම අතැරලා වන ගත උනා කමී...හැක් නෑ බ්ලොග් ගත උනා අර ෆේස් බුක් එක සුන්දර මිනිස්සුන්ගේ සුන්දරකම් මකලා දානවා:€...මෙලෝ මඟුලක් තේරුන් නෑ...:(

    ReplyDelete