Wednesday 4 September 2019

සඳට පෙම් බැඳ..

Image result for lunar eclipse images
Image courtesy to Google

මන්ද අඳුරට ගිතෙල් පහනක් මංද ඈ මුව             හිනාවේ..
බැන්ද අහසට සරා සඳ මෙන් මහත් හසරැල්        ගෙනාවේ..
කන්ද සිඳ මිදුලටම කැන්දූ එලිය මැද සඳ             තලාවේ..
වින්ද සෙනෙහස තාම මතකයි සඳේ සොඳුරුම    කලාවේ..
නෙලුම් පෙති පරවීද එකිනෙක සඳ අවරගිර             හඬන්නේ..
වෙළුම් දින දින ලෙහී හදවත් දුරින් හිඳ පිරි              මදින්නේ..
කැලුම් දුන් සඳ රාහු අභිමුව දණින් වැද බිම              හොවන්නේ..
තැලුම් පිරිමැද වසා ගමි නෙත් කොහොම යලි සඳ   දකින්නේ..

- ක.මි.

29 comments:

  1. හරි බං එල ��

    ReplyDelete
    Replies
    1. අම්මට.. කාලෙකින් ඇනෝ ඇවිත්.. පරිස්සමින් ආ.. මගේ යාලුවෙක් ඇනෝ ඇවිත් මලා.. :)))))))))))

      Delete
    2. මගේ යාලුවෙක් අනෝ ඇවිත් මලා

      Delete
  2. නාවිකයා හැමදාම තරුණයි
    නාවිකයා හැමදාම වතුරේ
    නාවිකයා කවදාවත් වයසට යන්නේ නැහැ
    නාවිකයා කාලය සමග වියැකී යනවා පමණයි

    ReplyDelete
    Replies
    1. නාවිකයාට වික වික යන්න හොඳ නැද්ද? ;)

      ඇයි යකෝ මුන් ඔක්කොම මේ ඇනෝ ම එන්නේ.. හෙහ් හෙහ් ..

      Delete
  3. පිස්සු හැදෙන සඳ .. හොරා වගේ තනියම චෙෆාකි සෑර්ගේ ටියුෂන් පංතියට ගියා එහෙනං ඈ .

    කැලුම්ටත් වෙන දෙන්නම දෙයක් තිබිල නැහැ වගේ.

    ජයවේවා!

    Myself Hattor

    ReplyDelete
    Replies
    1. චෙෆාකි සෑර් ටියුෂන් පංතියකුත් කරාද හැට්ටර් සර්? :)))

      Delete
    2. ඔව්නේ සෑර් .. puzzle කවි ජයමග කියල පොතකුත් අච්චු ගැස්සුවා මයෙ හිතේ..

      ජයවේවා!
      Myself Hattor

      Delete
    3. බලකො ඒකෙත් හැටි.. හූ කාලක දුරින් ඉන්න අපිට ඔය මනුස්සය ඔය වගක් කියුවේ නෑනේ.. :/

      Delete
  4. /* නෙලුම් පෙති පරවීද එකිනෙක සඳ අවරගිර හඬන්නේ..*/

    අනේ පව්, නෙළුම් යාය මතක් වෙලා වගේ!

    ReplyDelete
    Replies
    1. :))))))))))))))))) පව් නේන්නම්..

      Delete
    2. මල් නැති උනාට දැන් පොහොට්ටු හැමතැනම.

      Delete
    3. ඒකනේ.. නෙලුම් මලට අවි ගත්ත උදවිය ඔය යසට පොට්ටුවට පූට්ටු වෙලා ඉන්නේ.. :)))

      Delete
  5. මද රද මඳ අඳුරෙ හැංගී බලා හිඳ
    මෑනූ හීය වැදුණේ මරු නිලයකද?

    ReplyDelete
    Replies
    1. රුපු නොද සිඳ බලය පෙන්නන එ'මද රද
      වපු රපු අස්වැන්න කවිකර ලියන්නද? ;)

      Delete
    2. සිරිඟර කතාවක් කවි කර ලියන්නට
      කියලා බැරිය; පවකට කර ගහන්නට

      Delete
    3. ආපිට එන්න හැකි හැම පව් මග හරිති..
      වීදුරු ගෙවල උන් අය මේ ගැන දනිති.. ;)

      Delete
  6. කවියක් ලියන්නවත් හිතුන එක මදැයි.. හැක්!
    ලස්සන කවි පෙල...

    ReplyDelete
  7. විඳිමි දඬුවම් කඩා බිඳ දැමූ
    වරදකට ගිවිසුම්
    ප්‍රේමයේ ගිවිසුම්
    මෙනෙහි කරමින් යටගියාවේ
    සොඳුරු සැමරුම්
    විඳිමි දඬුවම්......

    ගලා ගිය ගඟ දිය සිහිල ලැබ
    සිතක දාහය නිවාලයි
    සිඳී ගිය ගඟ ළවැලි ගිනි ගෙන
    සිතක සෙනෙහස දවාලයි
    සොඳුරුම අතීතය සිහිපත් වී
    සිතක සෙනෙහස දවාලයි......

    පලා ගිය කෙවිලිය ගැයූ ගී
    තාම ඉහ ඉද්දර ඇසෙයි
    අනේ යනතුරු නොවී සැරවී
    ඉන්නවා නම් හිත නිවෙයි
    කළුවර රැයේ සුබ සිහිනයක් වී
    ඉන්නවා නම් හිත නිවෙයි......

    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
    පද රචනය - සුනිල් ආර්. ගමගේ
    සංගීතය - රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. වාව්.. උඹ ඔන්න ඉතින් මාව පිස්සු වට්ටනවා.. <3 <3

      Delete
  8. සින්දුවක් කරමු මේ කවිය...
    ඉයන්ට කියමු

    ReplyDelete
  9. "වෙළුම් දින දින ලෙහී හදවත් දුරින් හිඳ පිරි මදින්නේ.."

    ඒ පද හිතට දැනුණා. ලස්සනයි 💜️

    ReplyDelete