Wednesday 22 March 2023

Check Point..! 8 වෙනි දිගහැරුම

7 වෙනි දිග හැරුමට..


සඳුදා උදෑසන ආරක්ශක කවුන්සිල රැස්වීමට යාමට ප්‍රථම ජාතික බුද්ධි තොරතුරු කාර්‍යාංශයේ ප්‍රධානී මනමේන්ද්‍ර මහතා මහා උභතෝකෝටිකයක පැටලී සිටී. දින 3කට ප්‍රථම වන්නි එකාබද්ධ මෙහෙයුම් ප්‍රධානීගේ රහස් වාර්ථාවට අනුව සැකසූ බුද්ධි තොරතුරු සාරාංශයක් ඔහුගේ එක අතක වෙයි. අනෙක් අතේ ඇත්තේ පෙරදා රාත්‍රියේ නැගෙනහිර ඒකාබද්ධ හමුදා ප්‍රධානීගෙන් ලැබුණු අලුත්ම රහස්‍ය වාර්ථාවයි. ඊට අනුව පෙරදා ත්‍රිකුණාමලයේ මුදා නොගත් ප්‍රදේශ වෙත අත්‍යාවශ්‍ය සේවා ලේබලය යටතේ ප්‍රවාහනය කරන ලද පෙට්‍රොල් බවුසර දෙකක අතුරුදහන් වීමේ සිදුවීමයි. 

වාර්ථාවේ දෙවන අලුත් කිරීමට අනුව අතුරුදහන් වූ බවුසර් දෙක අල්ල කන්තලේ මාර්ගයේ සූර්යපුර විශේෂ කාර්‍ය බළකා කඳවුරට සැතපුම් කීපයක් මෙපිටින් චුන්දකාඩු ඝන වනය තුලින් දිවෙන මාර්ඝයේ මදක් කැලය ඇතුලට වෙන්න තිබී හමුවී ඇති අතර පරීක්ශා කිරීමට යාමේදී එක බවුසරයක් පිපිරී යාමෙන් විශේෂ කාර්‍ය බළකායේ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ශයට පත්වී තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇත. කළබලයට පත්වූ සෙබළුන්ගේ වෙඩි තැබීම නිසා දෙවන බවුසරයද පිපිරී විනාශ වී ගොස් ඇති අතර විනාශ වූ බවුසර් ආසන්නයේ දැවි අලුවී ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු කොටස් හමුවී ඇත. ගින්නේ ස්වාභාවය අනුව ඒ වනවිටත් බවුසර් වල තිබූ ඉන්ධන වැඩි ප්‍රමාණයක් ඉවත් කරගෙන ඇති අයුරක් නිරීක්ශණය කර ඇත. එම ස්ථානයේ සිට මහ කැළය මැදට කැළෑ මර්ගවල ගමන්ගත් ට්‍රැක්ටර් රෝද සළකුණු විසාල ප්‍රමාණයක් ඇතත් තවම ඒ ඔස්සේ පරීක්ෂණ ඉදිරියට කරගෙන යාමට අවසර නිකුත් වී නොමැත. හමුවූ සිරුරු කොටස් බවුසර් රථවල  රියදුරු මහත්වරුන්ගේද යන්න ඔවුන් ගැන ඇති තොරතුරු මත පදනම්ව පරීක්ශණ කරගෙන යනු ලැබේ.

දින තුනකට පෙර සිදුවූ සිදුවීම අළලා කල බුද්ධි තොරතුරු ඇගයීමේ වාර්ථාවේ අඩංගු නිර්දේශ හමුදා ප්‍රධානීන් වෙත බාරදීමට මනමේන්ද්‍ර මහතා අද සූදානමින් සිටියේය. නමුත් සතුරා ඊට වඩා ඉක්මන් හා සුක්ෂම වී ඇතැයි සිතීමෙන් ඔහු යම් තරමකට වික්ෂිප්ත වී සිටී. තම වෘත්තීය ජීවිතය තුළ මෙතෙක් රාජකාරීමය අතපසුවීමකට ඉඩක් නොතැබූ ඔහු ඒ නිසාම කැළඹීමට පත්වී සිටින්නේ, 'සෙකට්‍රිට නම් යමක් කියල නෙගෝශියේශන් එකකට එන්න පුලුවං.. ආමි කමාන්ඩර් එක්කනේ බැරි.. එයා එයාගේ ඔක්කොම කැටයම් එතන දානවානේ'යි හිතට එකඟව නොවුනත් සිතමින් සිත සන්සුන් කර ගැනීමට වෑයම් කරේය. 

රැස්වීම පටන් ගැනීමට තව පැයකට ආසන්න කාලයක් ඇත. හදිසියේ යමක් මතක් වූවෙකු මෙන් ඔහු සිය සහයිකාව ඇමතුවේය.

"Yeah, call KD!" එසැණින් සහයිකාව අභ්‍යන්තර දුරකථන ජාලය ඔස්සේ ඇමතුමක් ගෙන 'සර් ට ඩිරෙක්ටර් කතා කරනවා'යි පණිවුඩය අදාළ පුද්ගලයා වෙත ලබා දුන්නාය. KD යනුවෙන් කෙටියෙන් හැඳින්වූ කිත්ම දොඩංගොඩ යනු මනමේන්ද්‍ර මහතා සිය දෙපාර්ථමේන්තුවේ වඩාත්ම ප්‍රිය කළ ජේෂ්ඨ විමර්ශන නිළධාරියා වේ. ඔහු හා ඇති පෞද්ගලික හැඳුනුම්කම් පසෙකලා ඔහු ඉතා නිර්භීතව රාජකාරිය අකුරටම කළ විශිෂ්ඨ විමර්ශණ නිළධාරියෙකු වීම මේ කැමැත්තට හේතුවයි. පණිවුඩය ලැබී මිනිත්තුවක් ගත වීමට ප්‍රථම එම නිළධාරියා අතින් ගත් ලැප්ටොප් පරිඝණකයද සහිතවම තම ප්‍රධානියා ඉදිරියේ පෙනී සිටියේය. 

"Any new development?"

"Yeah, few.. ඩ්‍රයිවර්ස් ලා දෙන්නගෙ ඩීටේල් අරගෙන මම ක්වික් චෙක් එකක් කරා.. අපේ කළිං සැකේ හරි. දෙන්නම ආමි MIA list එකේ. එකක් කුරුණෑගල පැත්තේ එකෙක්ගේ, අනික තණමල්විල කොල්ලෙක්ගේ. මිසින්ග් වෙලා අවුරුදු 3කට වැඩියි දෙන්නම"

"ඌප්ස්.. එතකොට බොඩීස් දෙක? ඒක කෝට් ඕඩරයක් අරගෙන වෙනම ඉන්වෙස්ටිගේශන් කරන්න වෙයි නේ"

"ඔව්. ජේ.ඕ.සී. ඊස්ට් ඒක හැන්ඩ්ල් කරනවා.."

"What else we can assume?"

"මට හිතෙන්නේ KIA/MIA List ලිස්ට් එක කවුරු හරි නොගැළපෙන කෙනෙක් ළඟට ගිහින් තියෙනව.. ට්‍රයි ෆෝසස් කමාන්ඩර්ස්ලගෙන් අහන්න වෙනවා මේකේ ඩිස්ට්‍රිබියුශන් එක ගැන."

"තනි තනිව නම්, විස්තර හොයා ගත්තා වෙන්න බැරිද? KIA/MIA ඔක්කොගෙම නම් ජෙනරල් මැසේජ් එකකින් පබ්ලිශ් කරනවනේ ඉන්සිඩන්ට් එකෙන් ඉන්සිඩන්ට් එකට.."

"No sir, see the three names. නම් තුනේම මුල් නම පටන් ගන්නේ A අකුරෙන්.. අනුර..අනුරාධ වගේ. දෙවෙනි නම පටං ගන්නේ R අකුරෙන්.. රත්නායකලා දෙන්නයි. රූපසිංහයි. ඒකයි මම කියුවේ someone is toying with a list කියල.."

"Excellent KD"

"One more thing.. ඉන්සිඩන්ට් දෙකේම අන්තිම වාහන.. දෙකේම කම්පැනි own ඩ්‍රයිවර්ස්ලා නෙවෙයි. හයර් කරපු අය මේ ටාස්ක් එකටම. So we can safely assume that any new driver with surname starts from R and driving an essential cargo truck in the end of a convoy; there would be something in it"

"Wonderful පුතා.. I was in all sorts of trouble before this. Thanks you."

"My pleasure sir. I'll study this further." 

*****************************************

"සංජු, මේ ඉන්නේ ASP විදානගේ.. ඊස්ට් එකේ එස්ටීඑෆ් ලොක්කා... Station OIC ව නම් ඔයා දන්නවනේ, මේ කතාව අපි හතර දෙනා අතර විතරයි, ඕකේ?" ත්‍රිකුණාමලයේ කිසිවෙකුට සංජු යනු අලුත් නමක් නොවේ. වසර ගණනක සිට ත්‍රිකුණාමල වරායේ ගණං කාරයා සංජුය. ධීවරයෙකු වූ පියාගේ උරුමයෙන් වැල්ලට පය ගැසූ සංජු කිසි දිනෙක මාළු රස්සාවේ යෙදුණු එකෙකු නොවුනත් වැල්ලේ හතර මායිම අතැඹුල සේ දනී. කරදඬු උස් මහත්වූ දින සිට මංජුගේ ආදායම් වැල්ල හා බැඳී පවතී. 

"ඔව් සර්.. ඕකේ"

"මම දන්නව උඹට උන් එක්ක ඩිරෙක්ට් කන්ටැක්ට් තියෙනව කියල.. ආයි මට ඒකේ හංගන්න දෙයක් නෑ."

"සර් ඉතිං ඕක හැමදාම කියනව.. මම අහගෙන ඉන්නව.. ඔය කල්ලරාවේ මාළු දැල් කේස් එකයි සාම්පූර් තෝපුර් ඉඳල රස්සාවට මලේ එන උන්ගේ වැඩ ටිකටයි එහෙ මෙහෙ වෙනවා ඇර මට එහෙම උන් එක්ක ගණුදෙනුවක් නෑ"

"හරි.. අපි ඒක වෙන දවසක වෙනම කතා කරමු. ඊයේ බවුසර් දෙකේ සීන් එක අපේ සූර්‍යපුර එස්ටීඑෆ් කෑම්ප් එක ළඟම වෙච්චි නිසා මේකට අපි ඔක්කොම හිර වෙනවා. ඉන්ට් එකෙන් රිපෝට් එක එන්න කලින් මට වෙච්චි ඇත්ත කථාව දැන ගන්න ඕනි.. සංජුට මොකක්ද ඒ ගැන කරන්න පුලුවන්?"

"බවුසර් දෙකම පෙට්‍රල් කියන්නේ සර්.. ඕක යන්නේ වාකරේට. සීයේ OBM වලට තෙල් බොනවානේ. වාකරේට යනවා කියන්නේ රමේෂ් මාස්ටර්ට බඩු යන්නේ. ඒත් ඔතනට එනකං ගේන එක මිනිහට කරන්න බෑ."

සංජුගේ පිළිතුරත් සමඟ නැගෙනහිර දිසාව බාර ජේශ්ඨ පොලිස් අධිකාරීවරයා තම සහය නිළදාරීන් දෙදෙනා දෙස එකහෙළා බැලුවේය. ඔවුන් දෙදෙනාම නිරුත්තරව මෙන් බලා සිටී. වයස තිස් පහක්වත් නැතැයි සිතෙන මේ තරුණයා ඉතා ශූර ලෙස මේ සිදුවීම විශ්ලේෂණය කරමින් සිටී. සංජු යනු උගතෙක් හෝ දාමරිකයෙකුට සරිළන පෙනුමකින් යුත් මැරයෙකුද නොවේ. එහෙත් ඔහු ලෝක අණ්ඩපාලයෙකි. ලේසියෙන් ඔහුගෙන් වැරදි යමක් එළියට ගත නොහැක්කේ ලෝකය හා ලෝකයා සමඟ නිරන්තරව ගැටීමෙන් ඔහු ලද පරිචය නිසායි.

වයස 25ක් වීමටත් මත්තෙන් බහුදින ධිවර බෝට්ටු වලට සේවකයින් සැපයීමෙන්, ආහාර හා ජලය සැපයීමෙන් මෙන්ම මාසිකව බෝට්ටු හා මාළු ලොරි වලින් කප්පම් එකතු කිරීමෙන් සංජු මහා සල්ලි කාරයෙකු විය. ඒ සඳහා ඔහු රජයේ ඉහළ නිළධරීන්ට පොලිසියට හමුදාවලට මෙන්ම ත්‍රස්ථ සංවිධනයටත් අත දිග හැර වියදම් කළේය. ඔහු වටා නිතරම ගෝලබාලයන් ප්‍රමුඛ මහා පිරිසක් දැවටීම නිසා ප්‍රාදේශීය දේශපාලකයින්ගේ ඇසුර නිතැතින්ම ඔහුට හිමිවිය. එවන් එක් දේශපාලකයෙකුගේ අනුහසින් ත්‍රිකුණාමලය හතරේකණුව ප්‍රදේශයේ අයිස් මෝලේ අයිතිය සංජු අතට පත් වීමත් සමඟින් ඔහු 'අයිස් සංජු' ලෙස කවුරු කවුරුත් හඳුන්වන ලදී. 

ත්‍රිකුණාමලයට උතුරින් හා පුල්මුඩේට මදක් පහලින් යාන්ඔය මුහුදට වැටෙන ආසන්නයේ පිහිටි මුහුද ධීවරයින් හැඳින්වූයේ 'ගැහැණු මුහුද' ලෙසයි. පිහිටීම හා දියවැල්වල සුවිශේෂි බලපෑම හේතුවෙන් එම ප්‍රදේශයේ තෝරු පරවුන් වැනි වටිනා මාළු වර්ග බොහොමයක් බිත්තර දැමීම හා බෝවීම නිසා ඒ ආසන්නයේ මෙම මාළු අස්වැන්න අවුරුද්දේ දින තුන්සිය හැට පහ පුරාම ඉතා සරුය. යාන්ඔයට පහළින් පිහිටි කල්ලරාව ධීවර ගම්මානය මේ සඳහාම ප්‍රසිද්ධය. කල්ලාරාවේ වෙරළ තීරය ආසන්න වශයෙන් මීටර සීයක පමණ කැබලි වලට වෙන් කර එවායේ අයිති කරුවෝ මාස තුනෙන් තුනේ කාලයකට බැගින් එක් එක් ධීවර මුදලාලිලාට බද්දට දීම සිදු කරයි. ඔවුන් තම කණ්ඩායම් සමඟ එහි වාඩිලාගෙන උදේ හවස මාදැල් යොදාගෙන මාළු ඇල්ලීමේ යෙදෙයි. කල්ලරාව ධීවර සමිතියට අයිති එක බිම් කොටසක් ඇරුණු විට ඉතිරි සේරම බිම් අයිති කොළඹ ඉහල පෙළේ පුද්ගලයින්ටයි. අයිති යැයි කීවාට මේ බොහෝ කොටස් බලෙන් වෙන්කරගත් හෝ හොර ඔප්පු මගින් වෙරළ ආසන්නයේ ඉඩම් වෙන්කරවාගෙන එමඟින් ඉදිරිපස වෙරළේ අයිතිය කියන අමුතු ආකාරයේ ජාවාරම් වේ. 

යුද්ධය හා ත්‍රස්ථ බියත්, වෙනත් හේතූනුත් නිසා මේ අයිති පුද්ගලයින් බොහෝවිට මෙම ගණුදෙනු කලේ අයිස් සංජු හරහායි. එක් බිම් කොටසක් මාස තුනක කාලයකට රුපියල් ලක්ශ විසිපහක් වැනි ඉහළ මුදලකට බදු දෙනු ලැබේ. එසේම මෙම වාඩි වලට මිනිසුන් ගෙන ඒම තවත් අපූරු ක්‍රියාවලියකි. වාරකන් නිසා ධීවර කටයුතු කළ නොහැකි පැතිවල පළපුරුදු ධිවරයින් මාස තුනක කාලයකට මෙම වාඩි වලට එවනු ලැබේ. පළපුරුදු ධීවරයෙකු ගෙනෙන විට මුලින් ඔහුගේ පවුලට රුපියක් පනස්දාහක් මුදලින් ලබා දේ. එතැන් පටන් ඔහු මාස තුනක් දක්වා අදාළ මුදලාලිගේ වහලෙකි. ඉඳුම් හිටුම් සියල්ල වැල්ලේ වාඩියේම වේ. කෑම තුන් වේලටම කළවම් අලුත් මාළු හොද්දක් හා බතකි. ඉඳහිට පොල් සම්බෝලයක් එකතු වේ. මාස තුන අවසානයේ ඔවුන් නිදහස් කර යවන විට මුදලාලිගේ ලාබයට සාපෙක්ශව කිසියම් මුදලක් අත මිට මොළවනු ලබන මුත් එය අනිවාර්‍ය නැත. මේ වාඩිවලට අවශ්‍ය හාල් තුනපහ, බොන වතුර, අරක්කු සිගරට් හා දැල් ආම්පන්න නඩත්තු උපකරණ සැපයීමද තවත් එක් ව්‍යාපාරයකි. එසේම අල්ලන මාලු තිකුණාමලයට හා එතනින් කොළඹට යැවීමද වෙනම දාමයක් ඔස්සේ ක්‍රියාත්මක වේ. නියමින් හෝ අනියමින් මේවායේ වැඩි පංගුවක අයිතිය දැරුවේද සංජු හෝ ඔහුගේ ගෝල බාලයින් වේ. මෙනයින් 'අයිස් සංජු' යනු ත්‍රිකුණාමලය මතු නොව ලංකාව පුරාම මාලු වෙළඳාම හෝ ඒ ආශ්‍රිත කටයුතු වල යෙදෙන්නන්ගේ මුවඟ නිතර කියවෙන නමක් වී තිබුණි. 

"හරි.. ඔතනට එනකම් විස්තරේ තමයි මටත් දැන ගන්න ඕනි. උඹට තමයි ඒක කරන්න පුලුවන්. මිනිහෙක් දාපන් ඉක්මණට ඒකට. ඇක්ශන් එකක් ගන්නවද නැද්ද කියන එක නෙවෙයි. මේක අළුත් ගේම් එකක්.. වෙන්නේ කොහොමද කියන එක දැන ගෙන ඉන්න එක උඹලා අපි ඔක්කෝටම හොඳයි. එහෙම නේද?"

"ඒකනම් ඇත්ත සර්.. ටික දවසක් දෙන්න. මම හොයාගන්න බලන්නම්"

***********************************************

ඉරිදා උදෑසන 10.30ට පමණ ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ දොරටුව අසලින් දර්ශන් ඇතුළු තරුණයින් හතර දෙනා තම ජීප් රථයට නංවාගත් දේවා සවස් වීමට ප්‍රථම වැල්ලවත්තේ ඔවුන් වෙනුවෙන් කුළියට ගත් නිවස වෙත පැමිණියේය. සියළු ලියකියවිලි අඩුපාඩුවක් නොමැතිව තිබීමත් හතරැස්කොටුව මුරපොළ බාර නිළධාරියාගේ සහයෝගයත් නිසා අතරමඟ ලියාපදිංචිය සඳහා රස්තියාදුව අවම විය. තරුණයින් හතර දෙනාව එළඹෙන සතියේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා රැගෙන යාමට ඔහුට මේ නිවස සොයා ගැනීමට උපකාරී වූ මිතුරාම ඉදිරිපත් වූ හෙයින් තරුණයින්ට ඔහුව හඳුන්වාදීම සඳහා දේවා ඇතුළු පිරිස මිතුරාගේ නිවස වෙත එදින සවසම ගියහ. එහිදී කොළඹ ජීවිතය හා එහිදී ද්‍රවිඩ තරුණයින්ට මුහුණ දීමට සිදුවිය හැකි ගැටළු හා ඒවා අවම කර ගැනීමට අවශ්‍ය බොහෝ උපදෙස් දේවාගේ මිතුරා විසින් තරුණයින්ට ලබා දුණි. ඔහුට බොහෝ සෙයින් ස්තූති කළ දේවා තරුණයින් පිරිස නැවත කුළී නිවස වෙත ඇරලවා එදිනම නැවත කිළිනොච්චිය බලා යාමට සිය රියදුරු සගයා සමඟ රෑ බෝ වීමට මත්තෙන් කොළඹින් පිටත් විය. 

සංවිධානයේ සාමාජිකයින් අතර එදින හුවමාරු වූ රහස් සංඥා පණිවුඩ වලට අනුව දෙවන ඇල්ෆා රෝමියෝ  මෙහෙයුමෙන් පසුව හමුදාව දණ්ඩෙන් පහරකෑ සර්පයකු මෙන් කිපී ඇති බවත් එහෙයින් තම කටයුතු වහාම සැකකටයුතු සීමාවෙන් මෙහා ඉදිරියට සැළකිය යුතු කාලයක් පවත්වාගෙන යා යුතු බවට දේවා තීරණය කොට සිටියේය. නමුත් ඒ සියල්ලටම වඩා 'බිෂොප්' පිළිබඳව සින්න තලේවර් ගේ උනන්දුව ගැන ඔහු කැළඹී සිටියේය. 'බිෂොප්' යනු සංවිධානය තුල දර්ශන් ව හඳුන්වන නාමයයි. දර්ශන් වැනි දක්ශ උගත් තරුණයින් ලෙහෙසියෙන් තම අරමුණු වලින් නිදහස් කිරීමට සංවිධානය කටයුතු නොකරන බව දේවා දැන සිටියත් මෙතරම් ඉක්මණින් සහ වේගයෙන් සංවිධානය ඔහු ගැන උනන්දු වේයැයි ඔහු කිසිසේත් බලාපොරොත්තු වූයේ නැත. නමුත් භූමියේ යුද්ධය සංවිධානයට අවාසි අයුරින් පෙළගැහෙද්දි තිරය පසුපස යුද්ධයට කල් වේලා සැළසුම් ඇතුව සූදානම් වීමට මේ වෙලාවේ සංවිධනයට අවකාශ නොමැත. එය දර්ශන් ගේ අනාගත සැලසුම් වලට හිතකර නොවන බව දේවා දනී. වහා මේවායේ යම් වෙනසක් සිදුකළ යුතුය. 

සඳුදා උදෑසන දිසාපති කාර්‍යාලයේදි කිළිනොච්චි දිසාපතිතුමිය හමුවූ අරුල් දේවනායගම් ඉල්ලීමක් කරමින් තමන්ට කොළඹට මාරුවක් ලබා ගැනීමට අවශ්‍යබව ප්‍රකාශ කළේය. නමුත් දිසාපතිතුමිය එයට එකහෙළා තම විරෝධය ප්‍රකාශ කළේ මේ අසීරු සමයේ ඔහු වැනි කාර්‍යශූර නිළධාරියෙක් අහිමි වීමෙන් දිසාපති කාර්‍යාලයට වන හානිය පැහැදිලි කරමිනි. අවසානයේ දෙපාර්ශවයේම අවශ්‍යතා සළකා අරුල් දේවනායගම් ට කොළඹ සිට කිළිනෝච්චියේ රාජකාරී කටයුතු වල යෙදීමටත්, අත්‍යාවශ්‍යම අවස්ථා සඳහා පමණක් කිලොනෝච්චියට පැමිණීමටත් එකඟතාවයකට පැමිණියහ. මේ පිළිබඳව දිසාපතිතුමිය බොහෝ පාර්ශවයින් දැනුවත් කොට ඔවුන්ගේ අනුමැතිය හා එකඟතාවය  ලබා ගැනීමට කටයුතු කලාය. විශේෂයෙන් සංවිධානයේ අනුමැතිය මේ සඳහා ලැබීම පිළිබඳ දේවා අතිශයින් සතුටු විය.

පසු සටහන

KIA/MIA List ලිස්ට් එක- Killed in Action/ Missing in Action List (ක්‍රියාන්විතයේදි මියගිය හා අතුදහන් වූවන්ගේ නාම ලේඛනය)

ජේ.ඕ.සී. ඊස්ට්- Joint Operation Commander East (ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානී- නැගෙනහිර)

ට්‍රයි ෆෝසස් කමාන්ඩර්ස්ල- Tri-Forces Commanders  (ත්‍රිවිධ හමුදාපතිවරුන්)

convoy- කොන්වෝයි (හමුදා සාමාජිකයින් හෝ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැගෙන එක පෙළට ගමන් කරන රථ පෙළ)

රස්සාවට මලේ එන උන්- 'මලේ' යනු ත්‍රිකුණාමලය වෙනුවට ඒ පැතිවල බාවිතා වන කෙටි යෙදුම වේ.

සීයේ OBM වලට තෙල් බොනවානේ- 100hp Out Boat Motors- අශ්වබල සීයයේ පිටත සවිකරන මෝටර් එන්ජින් (සාමාන්‍යයෙන් ධීවර කටයුතු සදහා අනුමත වන්නේ අශ්වබල 5/10/15 වැනි ප්‍රමාණයේ යන්ත්‍ර වේ. නාවික හමුදාව වෙරළාරක්ශක රාජකාරි වල යෙදෙන සිය කුඩා යාත්‍රා සඳහා අශ්වබල 25 යන්ත්‍ර යොදා ගනි. මහ මුහුදේ නාවික ඩෝරා යාත්‍රා සමඟ තරඟ කිටීමට අවැසි නිසා මුහුදු කොටි සංවිධානය සිය ප්‍රහාරක යාත්‍රා සඳහා අශ්වබල සීයයේ පිටත සවිකරන එන්ජින් යන්ත්‍ර හතරක් හෝ පහක් එකවර යොදා ගනී)

හමුවෙමු තවත් කොටසකින්..

- ක.මි. 

48 comments:

  1. බෝම පරක්කුයි. පස්සේ එන්නං තව ටිකක් බැනල යන්ට.

    ReplyDelete
    Replies
    1. අනෙප්පලෑම් යන්න.. හදිසි නම් රෑට ඕටී එකක් දාගෙන ඇවිත් ටයිප් කරලා දීලා පලයන්.. 😁😜😝

      Delete
  2. හමුදාවල අභ්‍යන්තර ක්‍රියාකාරකම් ගැන ලියලා ආයේ පාරක් හිරේ යන්න වෙයිද දන්නේ නෑ තවුසේට.

    ජෙනරාල් විචාරක ඉන්න කාලේ මිනිහටත් කේස් එකක් ආවනේ බ්ලොග් එක නිසා

    ReplyDelete
    Replies
    1. මේක නවකතාවක් බම්.. නවකතාවක් ලියල හිරේගියත් මොකෝ? 😁😜😝

      Delete
    2. නවකතා ලියපු උනුත් ඒ නිසාම හිරේ ගිය රටක් මේක.
      PTA එක නිසා පරිස්සමින්

      Delete
    3. &KM, ඉස්සරකාලේ නවකතාවල වගේ මේකෙ illustrations දාන්නෙ නැති නිසා කමක් නෑ

      Delete
    4. //නවකතා ලියපු උනුත් ඒ නිසාම හිරේ ගිය රටක් මේක.
      PTA එක නිසා පරිස්සමින්// 😭 ඇඬෙනවනේ ඉතිං..

      Delete
    5. Pra Jay22 March 2023 at 15:54// හිටපු එයාර්ෆෝස් ලමාන්ඩර් කෙනෙක්ගේ පරණ ෆොටෝ එකක්වත් දාන්න එපාද? 😝😁😜

      Delete
    6. පොලීසියෙ එකකුත් දාන්න

      Delete
    7. &KM, PTA කියන්නෙ මොනවද? 🤔
      අපි එහෙමයි, කතාව කියවල කමෙන්ට් පවා කියවනවා, හරිය?

      Delete
    8. @ PJ /පොලීසියෙ එකකුත් දාන්න/ ආඩම්බරෙන් දාන්නත් පුලුවන්.. හිරේ ගියත් කුරුඳුවත්තේනේ..

      Delete
    9. @ DGMB /PTA කියන්නෙ මොනවද? 🤔/
      PTA= Prevention of Terrorism Act. ආයේ බලගන්වලා නේ තියෙන්නේ මෙහේ.
      /අපි එහෙමයි, කතාව කියවල කමෙන්ට් පවා කියවනවා, හරිය?/ හැදෙන ගස් කොමෙන්ට් දෙකෙන් දැනේ.. 😍👏

      Delete
  3. තරමක් බෝරීන් පොස්ට් එකක් මල්ලි

    ReplyDelete
    Replies
    1. හිතන්න බැරි උන්ට බෝරිං තමයි

      Delete
    2. //Anonymous22 March 2023 at 15:43// ඇත්තම කියුවට තැන්කියු අයියා 🙏💐

      Delete
    3. //Udara22 March 2023 at 16:13// ඇත්ත කියුවම බණින්න එපා යකෝ මිනිස්සුන්ට

      Delete
  4. යකෝ මූව කන්න එපැයි

    ReplyDelete
    Replies
    1. දේවා ව නේ? මාව නෙවෙයිනේ. මම අහිංසකයි කෙට්ටුයි.

      Delete
  5. බංකරින්
    බලාස්ටින් ටෑන්ක්
    සිස්ට් පිකප්
    ඉන්කමින්
    නියුක්ලියර් වෝ හෙඩ්
    නේවි පයිලට්
    ඩීප් සී මිෂන්

    ReplyDelete
  6. අදත් කොටයි....😏😏😏

    ReplyDelete
  7. someone is toying with a list
    මම හිතන්නෙ මෙ කොටසෙ ඉදලම කියවල නිහඬව හොරා වගේ ඉන්න. එහෙම කරල මේ කතාව ඇතුලේ හැංගිලා ඉන්න.
    දැන් නෙ කතාව පටන් අරන් තියෙන්නේ.ඒක නෙමේ. කේඩී කියන්නේ කලාතුරකින් බෙල්ල චුට්ටක් ඉහල උස්සල මූණ පොඩ්ඩක් ඇල කරල හිනා වෙන කොට ලස්සන , සාමාන්‍ය ප්‍රමාණයට වඩා උස , ඒ් ගාණට මහත පාටින් කළු ලස්සන කොල්ලෙක් ද .

    ReplyDelete
    Replies
    1. කේඩි එක්ක සමලිංගික සේවනයේ නිරත වෙන්න ආසද

      Delete
    2. //මම22 March 2023 at 19:42// යකඩෝ.. මම ගේ මේ කොමෙන්ට් එක මම දැක්කෙම නෑනේ.. KY ට වඩා KD හැඩයි ලස්සනයි.. 😁😜

      Delete
    3. //Anonymous22 March 2023 at 20:57// ලස්සන ස්මාට් කොල්ලෙක් නම් සලකල බලන්න පුලුවන් 😜

      Delete
  8. කියවන හැමම ගෙනිහින් වෙන ලෝකෙකට
    නන්නත්තාර කරවයි තරමක් දුරට
    දැනුවත් කරයි ඒ අතරෙම මල් පහට
    මසුරං මේක- කියවන්නෙමි මම දිගට!

    ReplyDelete
    Replies
    1. සතුටුයි නිදි- ස්තූතියි කියමනට..! 😍👏

      Delete
  9. නොර්දර්න් ෆ්ලීටය උතුරු අත්ලාන්තික් ප්‍රත්‍යාගමනය සමග ඩෙංගු බෝට්ටුවේ ගමන් කරනා සුමිත් නැමැති සුළු සේවකයා නොදන්නා දේ කුමක්ද.
    බේබදුකමට කටගොන්නක් බීගෙන නැව්වල රාජකාරි කරන කට ගඳයෙකි.

    දෙමළු ගොඩයි මං විතරයි. බදුල්ලේ නාවික හමුදා කදවුර. මේ වන විට සුමිත් පුතා 2 බහුදින ධීවර යාත්‍රාව දකුණු කෙළවරේ සිට හැතැම්ම අටක් මුහුද දෙසින් සිටී

    ReplyDelete
  10. මට පේන්නෙ අර බොඩීස් දෙක පරීක්ෂන අවුල් කරන්න දාපු දෙකක් වෙන්න ඇති.
    බලාගෙන ගියාම මලේ පැත්තෙනෙ බිස්නස් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. //බලාගෙන ගියාම මලේ පැත්තෙනෙ බිස්නස් තියෙන්නෙ// මලේ පැත්තේ නෙවෙයි මුලු මලේම තනිකර බිස්නස් ලෝකයක් 😍😁

      Delete
  11. අපරාදෙ අර නෝනගෙ කතාවෙ සන්ජුව මරල දැම්මෙ. ඌව ඉන්ටර් එකට ගන්න තිබුනෙ. මහේශ් ඉවරයි? නෑ නෑ. වෙන්න බෑ. ඕක දීලා ඌ මිසිං නේ.

    ReplyDelete
    Replies
    1. ඒ නෝනා හරි නපුරුයි බං.. නං වගේ නෙවෙයි. 😁😁

      Delete
  12. මිස් වෙච්ච කොටස් ටිකත් කියවලාම එන්නම්

    ReplyDelete
  13. ප්‍රස්ථා දිය වැඩක් තියෙන්නේ නව කෙටුම්පත යටතේ කළ මෙම පුද්ගලයා සිරභාරයට ගෙන වසරක් කඩනොකොට කාරයක් සිර භාරයේ තැබිය යුතුය

    ReplyDelete
    Replies
    1. කියපු ටික තේරුණා නම් අනිවා හිරේ.. 😁😁

      Delete
  14. මට මේ කතා පෙල කියවද්දි "සිංහල කොටියෙක්" වෙලා හිටිය මතුගම පැත්තෙ ඉස්කෝල ගුරෙක්ව මතක් වෙනව. ගුරා LTTE එකත් එක්ක වැඩ කරල සල්ලි හෙව්වලු. පස්සෙ පණ බේරගන්න රටින් පැනලු. ඊටත් පස්සෙ SIS එකත් එක්ක deal එකකට ගිහින් සියලු දෙනා පාවා දීල ආයිත් ඉස්කෝල ගුරුකම ගත්තලු. ගුරා ඇණ මුරිච්ච් තදකරන වැඩවත් කරගන්න බැරුව වෝකර් සමාගමෙන් පැන්නුවට පස්සෙ 87-89 තල කැරලිකාරයෙක් වෙලා ඉඳල එලියකන්දෙදි සියල්ල පාවල දීපු එකෙක්ලු.

    ReplyDelete
    Replies
    1. දැන් උඹලට ඒ ගුරාව අල්ලන්න හම්බවෙන්නේ නෑ.. ගුරා දැන් 'සිරස'ත් එක්ක වැඩ.. සිරසයි පාර කියන්නේ.. 😁😁

      Delete
    2. අම්මට සිරි. ඒකත් එහෙමද?

      Delete
  15. මේවනෙ යකෝ comments 😂🤣😂

    ReplyDelete
    Replies
    1. අම්මප බං.. වැඩියක්ම මේ ඇනෝ අයියල ටික.. 😂🤣😂

      Delete
    2. ඇනෝ නැති බ්ලොග් දෙහි නැති පොල් සම්බෝල වගේ

      Delete
  16. හ්ග්ෆ්ෆ්

    ReplyDelete
  17. 😥😥🤔🤔😥😥😣😎💕

    ReplyDelete