Sunday 26 March 2023

Check Point..! 9 වෙනි දිගහැරුම

8 වෙනි දිග හැරුමට..


ගත වෙලා ගත් සීතළ සුළන් දහරට ඉහළින් පාවී ආ ඉමිහිරි කුරුළු නාදයකින් මහේෂ්ගේ නින්ද බිඳුණේය.. පොරවාගෙන සිටි සරමට තවත් මදක් ගුළිවී ඔහු එහි මිහිර විඳ ගැනීමට තැත් කළද ඒ හා සමඟම යම් කිසි බියකරු සිතුවිල්ලකින් ඔහුගේ ගත හී ගඩු පිපී ගියෙන් ඔහු එකවරම අවදිව එතෙක් වේලා නිදා උන් ලී මැස්සේ උක්කුටියෙන් ඉඳ ගත්තේය.. පෙරදා උදෑසන සිට මේ දක්වා වූ කිසිසේත් බලාපොරොත්තු නොවූ ආකාරයේ සිදුවීම් මාලාව චිත්‍රපටයක් සේ ඔහුගේ මනසේ ඇඳෙන්නට විය. ඔහු මුලින්ම කලේ නමක් ගමක් නොදන්නා තම ගමන් සගයා කොහේදෝ යන්න සොයා බැලීමයි. තමා පයලා උන් පැත්තේ වූ තවත් ලී මැස්සක ඔහු වකුටු වී ඉඳගෙන සිටියි. ඔහුගේ පෙනුමෙන්ම ඔහු ඊයේ රාත්‍රිය පුරාවටද හරිහැටි නින්දක් ලබා නොමැති බව එක බැල්මෙන්ම මහේෂ් වටහා ගත්තේය. තමාටත් වඩා වැඩිමහලු මේ පුද්ගලයාගේ බියපත් මුහුණ දුටුවිට මහේෂ්ට ඔහු ගැන මෙන්ම තමා ගැනද අනුකම්පාවක් ඇතිවිය.

තමාගේ හිසට පිටුපසින් උගුරේ රැල්බුරුල් හරින වැඩිහිටියෙකුගේ හඬින් මහේෂ් ආපිට හැරී බැලුවේය. ඊයේ සවස් කාලයේ සිට මහේෂ් හා ඔහුගේ සගයාගේ නියමුවා ඔහු පිටුපසින් සිටගෙන සිටියේය. වඩා තරුණ ඔහුගෙ සහයකයා අත රැඳි තුවක්කුවද සමඟ විමසිල්ලෙන් වටපිට බලමින් ඔහු අසලින්ම විය. 

"යේ.. මල්ලි.. අපි දෙන් යෙන්න ඕනි.." දෙමළ ඌරුවට උවත් පැහැදිලි සිංහලෙන් ඔහු මහේෂ් අමතා කියා සිටියේය. ඒ සමඟම මහේෂ් හා නාඳුනන සගයා සිය සන්තකයේ වූ එකම වස්තුව වූ කුඩා ගමන් මළු දෙකද රැගෙන නැගී සිටියහ. නැවත මිනිස් වාසයලට පා තබන තුරු මොවුන්ගේ අණට කීකරුව සිටීම හැර වෙනත් විකල්පයක් මහේෂ්ලාට නොවේ. එහෙත් ඔවුහු මෙතෙක් වෙලා මහේෂ්ලාට කිසියම් ගෞරවපූර්වක බවකින් සැළකුවා විනා වෙනත් බලපෑමක් කරේ නැත. ඊයේ බවුසර් රථ දෙක චුන්දකාඩු කැලය මැදින් වූ මාර්ගයේ ටික දුරක් දාවනය කරද්දි අතරමඟ දැමූ කැලෑ කොළ අතු බාධකය අසල නතර කල මොහොතේ පටන් බවුසර් දෙකේ මෙන්ම මහේෂ්ලාගේ ජීවිතවල වගකීමද ඔවුන් අතට ගන්නා ලදී. නතර කල බවුසර් දෙකට ගොඩවූ සන්නද්ධ සාමාජිකයෝ ඒ අසළින්ම කැලෑව තුලට වූ මාර්ගයේ වාහන දෙක ධාවනය කිරීමට අතින් සංඥා දුන්හ. නිසි මාර්ගයක් නොවුනත් ඝන කැලෑව තුල ඔවුන් පෙන්වූ මාර්ගයේ මීටර් දෙතුන් සියයක් ඇතුළට අපහසුවකින් තොරව දැවැන්ත බවුසර් දෙකම ධාවනය කල හැකි විය. අනතුරුව හොඳින් ඉඩ කඩ තිබූ නමුත් ගස් සෙවනින අඳුරු වූ ප්‍රදේශයක වාහන නවත්වා ඉන් බැස ඔවුන්ගේ එකෙකු අනුගමනය කරමින් එන ලෙස රියදුරන් දෙදෙනාට ඉඟි කරනු ලැබීය. 

වාහනයෙන් බැස යාමට මත්තෙන් මහේෂ් තමන්ට අයත් ඇඳුම් බෑගය ගෙන එය පිටේ රුවා ගත්තේය. ඒ වනවිටත් එම ස්ථානය ඇවිස්සුණ කඩි ගුලක ස්වරූපය ගෙන තිබුණි. විව්ධ ප්‍රමාණයේ යකඩ ටැංකි ට්‍රේලරයේ සවිකරගත් ට්‍රැක්ටර් පහක් හෝ හයක් එහි වූ අතර තුන් දෙනෙකු පමණ ලහි ලහියේ බවුසරවල පොම්ප ක්‍රියාත්මක කරමින් එහි වූ ඉන්ධන එම ට්‍රැක්ටර් ටැංකි වලට නැවත පුවරන්නට කටයුතු කළහ. තවත් පිරිසක් අවි ඇතැතිව වට ආරක්ශාවක් සැපයූහ. සියල්ළෝම තමන්ට අයිති රාජාකාටිය හොඳින් දැන සිටි බවක් පෙණුනු අතර කෑ ගැස්සිමට හෝ අණ දීමට අවශ්‍යතාවයක් එහි නොවීය. මහේෂ්ට හා ඔහුගේ සගයාට පිටුපසින් එන ලෙස සන් කළ අයෙක් ආරක්ෂාව වෙනුවෙන් සිටි තුවක්කුකරුවන්ගේ වටයෙන් ඔබ්බට ඔවුන් රැගෙන ගොස් බවුසර් පෙනෙන නොපෙනන මානයේ වූ අඳුරු හෙවනක කොටයක් මත වාඩිවී සිටි පුද්ගලයෙක් වෙත ඔවුන් පමුණුවාලූයේය.

නොඋස්-නොමිටි මධ්‍යම ප්‍රමාණයේ හොඳින් වැඩුණු කාලවර්ණ දේහදාරියෙක් වූ ඔහු යුද හමුදා ඇඳුම වැනි වූ සම්පූර්ණ කැළෑ ඇඳුමකින් සැරසී සිටි අතර ඉණේ පිස්තෝලයක් හා පතුරම් වැල් දෙපටක් දරා සිටියේය. ඔහු ආසන්නයේම වාගේ තවත් හැඩි දැඩි පුද්ගලයින් දෙදෙනෙකු ස්වයංක්‍රීය ගිනි අවි දරමින් දෙපස විමසිල්ලෙන් බලමින් සිටි නමුත් මහේෂ්ලා දෙස නිකමටවත් හැරී නොබැලූහ. නායකයා යැයි සිතිය හැකි පුද්ගලයා මහේෂ්ලා ඉදිරියට පැමිණ ඔවුන්ගේ අත් අල්ලා උරහිසට තට්ටුවක් දමා දෙමළ බසින් ඔවුන්ව කැටුව ආ පුද්ගලයාට යමක් පැවසීය.

"අපේ රමේෂ් මාස්ටර් කියනවා යේක ඔයාලා හොඳට වැඩේ කරා තැන්කියු කියලා. මෙතනින් එයාට ඔයාලගෙ වැඩේ ෆිනිශ්. අපි ඔයාලව සේෆ්ලි කැලෙන් එළියට ගිහිල්ල දානව.. යේකට දවස් දෙක ඕ තුනක් තමයි යනවා. ඒ ටිකේ අපි කියන එක අහලා ඉන්න බයවෙන්න එපා කියලා.." ඊයේ පිටත්වූ මොහොතේ පටන් හිතේ වූ වික්ෂිප්ත බවක් පහව ගියාවූ වන් හැඟීමකින් මහේෂ් ස්තූතිපූර්වක සිනාහවකින් ප්‍රථම වරට නන්නාදුනන මේ පුද්ගලයින් දෙස බැලූ අතර ඔහුගේ සගයාගේද බලාපොරොත්තු සහගතවූත් එහෙත් බියපත්වූත් දෑස හා ද මොහොතකට එකිනෙක ගැටුණේය. 

රමේෂ් මාස්ටර්ගේ විධානයෙන් සිංහල කතාකල වැඩිහිටි පිරිමියා සහ තවත් තරුණ සටන්කරුවෙකු සමඟ මහෙෂ් ලා එවලේම එම ස්ථානයෙන් පිටත් කර හරිනු ලැබීය. පිටත් වීමට ප්‍රථම ඔවුන් දෙදෙනාගේ මලු වලට චීස්, චොකලට් වර්ගයක් හා තවත් ටොෆී වැනි යමක් අඩංගු පාර්සලය බැගින් දමන ලදී. මගදී දැන ගත් තොරතුරු වලට අනුව එම චොකලට් වර්ගය එක වරක් කෑමෙන් සම්පූර්ණ දිනක ආහාර අවශ්‍යතාවය පිරිමසා ගත හැකි ශක්තිජනක ආහාරයකි. එමෙන්ම වැඩිහිටි ආරක්ශකයා වන සං‍රක්ශන දෙපාර්ථමේන්තුවේ කැලෑ ආරක්ශකයෙකු ලෙස කාලයක් සේවය කල අයෙකු බවත් නැගෙනහිර ප්‍රදේශයේ කැලෑ ගැන හසළ දැනුමක් ඔහු සතු බවත් මහේෂ් තේරුම් ගත්තේය. ඒ වැඩිහිටි පුද්ගලයා මුලින්ද, මහේෂ් හා ඔහුගේ අනෙක් රියදුරු සගයා ඊළඟට පිළිවෙළින්ද තුවක්කුව ගත් සටන්කරුවා අවාසානයටද ලෙස ඝණ කැලෑව මැදින් වූ පටු අඩි පාරවල් හා සතුන් ගමන් කළ මං ඔස්සේ ඔවුන් පැයක පමණ වේලාවක් ගමන් කිරීමෙන් අනතුරුව යම්කිසි එළිමහන් පෙදෙසකට පැමිණියහ. 

තවත් මීටර සියයක් හමාරක් පමණ ලඳු කැලෑ පෙදෙසකින් එතෙර වූ ඔවුහු එක්වරම මෙන් ඉතා රමණීය ජලාශ්‍රිත එළිමහනකට සේන්දු වූහ. තැනින් තැන දූපත් මෙන් පෙණුනු කැලෑවෙන් වැසුණු ගොඩබිම් කොටස් අතර එකහෙලා පැතිරගිය නිදහස් ජල තලය මත තැනින් තැන මුවන්, ගෝණුන්, වල් ඌරන්, කුළු මීමුන් මෙන්ම ඈත ඉසව්වක අලි රංචුවක්ද නොයෙක් වර්ගවල කුරුල්ලන් දහස් ගණනක්ද නිදහසේ දිය කෙළිමින් උන්හ. සංවිධානයේ දෙදෙනා විසින් 'විල්ලු' ලෙස හැඳින්වූ මෙම බූමියේ පිරිසිදු දියකඩකින් මුහුණ අතපය දොවාගත් පිරිස ඒ අසල සෙවනක මදක් වේලා ගිමන් හැරියෝය.. අහස සහ බැස යන හිරු දෙස විමසිලිමත්ව බැලූ කන්ඩායම් නායකයා යළිත් ගමනට ඉස්සර වූයෙන් පිරිස ආ පිළිවෙලින් ඔහු පස්සේ වැටුණෝය. විල්ලුව අසළ තණබිම් අයිනෙන් හා සමහර විටෙක ඉණ තෙක් වතුරේ බසිමින්ද එළිමහන් බිම්කඩ පසුකල ඔවුහු තවත් පැයක හමාරක ගමනකින් පසු ඊයේ රාත්‍රීයේ රැය පහන් කල මෙම කැලෑ මඩුවට පැමිණියහ. 

"යේ.. මල්ලි.. අපි දෙන් යෙන්න ඕනි.." දෙමළ ඌරුවට උවත් පැහැදිලි සිංහලෙන් ඔහු මහේෂ් අමතා කියා සිටියේය. ඒ සමඟම මහේෂ් හා නාඳුනන සගයා සිය සන්තකයේ වූ එකම වස්තුව වූ කුඩා ගමන් මළු දෙකද රැගෙන නැගී සිටියහ. "ඊයෙ රෑ ඔයාලට ශෑහෙන මහංශි කියල නිසා මෙතන හිටියේ.. මෙතන එහා පැත්තේ මාවැලි ගඟ.. අපේ බෝට්ටුව තමයි තියෙනව.. යේකෙන් අපි යනවා ශෝමාවතී පංසල.. දන්නවද.. ඒ කිට්ටුවට.. එතන තැනකදි ගඟ දෙකට තමයි බෙදෙනව.. එතන ඉන්දල පයින් තමා.. රෑට තමයි ගමන ලේශි. එතකොට ලොකු කැලේ යන්නෝනි නෑ. දවාලේ ගියොත් ලොකුම කැලේ මැදින් තමයි යන්න වෙනව.. බලමු ගීන් ලේශිම විදිය.."

**************************************************

සඳුදා උදය වරුවේ එකොළහට පමණ වත්තල හේකිත්ත පාරේ MS Direct Distributors ගබඩා සංකීර්ණය වෙත පැමිණි කොළඹ මූල්‍ය අපරාධ විමර්ශණ අංශයේ නිළධාරීන් දෙදෙනෙකු විසින් චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් අලුතින් ලැබුණු පැමිණිල්ලකට අනුව එහි කලමණාකාර සෙනෙවිරත්න මහතාව ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශනය සඳහා අත්අඩංගුවට ගත යුතු බව දන්වා සිටියහ. ආයතනය තුලදී සිදුකරනු ලබන අත් අඩංගුවට ගැනීමක් නිසා හා එය ආයතනයට සම්බන්ධ චෝදනාවක් නොවන නිසා තමන්ගේ නීතිඳ මහතාගේ සහය ලබාගතයුතු බවට ෂෙලීන් මහත්මිය විසින් යෝජනා කිරීම නිසා ඔවුහු නීතිඥ මහතා පැමිණෙන තුරු මදක් රැඳි සිටියහ. ෂෙලීන් මහත්මියගේ කැඳවීමෙන් නොබෝ වේලාවකින්ම එහි පැමිණි නීතිඳ මහතා හා සාකච්ඡාවෙන් අනතුරුව ඔවුහු සෙනෙවිරත්නවද කැටුව පිටත්ව ගියහ. අත් අඩංගුවට පත්වී පිරත්ව යාමට මත්තෙන් සෙනෙවිරත්නට මෙවන් සේනානායකගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

"උඹ වරෙන්.. අපිට තව බේරගන්න ගණුදෙනුවක් තියෙනවා"

එදිනම සවස් වරුවේ හදිසියේම රෝහිත පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා MS Direct Distributors ආයතනය වෙත පැමිණියේය. පරිවාර රථ දෙකකින් පැමිණි ආරක්ශක නිළධාරීන් ගබඩා සංකීර්ණය තුලත් ඉන් පිටතත් ලහි ලහියේ ස්ථානගත වෙද්දී රෝහිත පෙරේරා කෙළින්ම ෂෙලීන්ගෙ කාමරයට ඇතුළු වී ඇය ඉදිරියේ අසුන් ගත්තේය. ෂෙලීන්ගේ එක බැල්මකින්ම ඇගේ සේවිකාවන් දෙදෙනා කාමරයෙන් පිටතට ගිය පසු රෝහිත පෙරේරා ඇයව ආමණ්ත්‍රණය කළේය. 

"ෂෙලීන්, මම කෙළින්ම කියන්නම්.. මේ මෙවන්ගේ වැඩ නිසා මට ඇමතිකමත් ගහලා ගිහින් හිරේ විලංගුවේ වැටෙන්න වෙලා තියෙන්නේ.."

"ඇමතිතුමා මේ......"

"ඇති. මට එක්ස්ප්ලනේශන් ඕනි නෑ. ෂෙලීන් දන්නවනේ මම පොලිටික්ස් කරන්නේවත් බිස්නස් කරන්නේවත් අමුතුවෙන් ඉගෙන ගන්න නෙවෙයි කියලා.. මෙවන් ට මම බිස්නස් එකේ සබ් එකක් බාර දුන්නේ ලොකු විශ්වාසෙකින්.. තාත්තා මොනම විදියකින්වත් කැමති වුනේ නෑ මෙවන් මේවට ගාව ගන්නවට.. ඒත් මම.."

"අපි දන්නවා ඇමති තුමා..."

"දන්නවනම් මොන මඟුලක්ද ගෑණියේ මේ යකා මේ කරන්නේ? මූ හදන්නේ ඌත් ගස් ගිහින් මාවත් ගස් යවන්නද?" ෂෙලීන් බලාපොරොත්තු නොවූ අයුරින් රෝහිත පෙරේරා එකවර ගුගුරා හැලෙන්නට වූයෙන් ඈ බොහෝ සෙයින් තැතිගත්තාය.

"රයිට්.. කතාව මෙච්චරයි.. තමුන්ට තවදුරටත් සැම්සන් පෙරේරා බ්‍රෑන්ඩ් නේම් එක යටතේ බිස්නස් කරන්න ඕනි නම් ෂෙලීන් මීට පස්සේ මෙවන් කියන දේ නෙවෙයි. මම කියන දේයි කරන්න ඕනි. කොහොමත් මෙවන් ට තියෙන කේස් එක්ක තව අවුරුද්දකටවත් ඇප ගන්න බෑ. ඇප දීලා එළියට ගන්නත් බෑ මිනිහගේ ආරක්ශාව සලස්සන්න බැරි නිසා ඊට පස්සේ. ඉක්මණට බලලා මෙතනට අලුත් මැනේජර් කෙනෙක් ගන්නව. කොළ කෑලි වල සුදුසුකම් තියෙන පුටු රත් කරන උන් වැඩක් නෑ. කියුවහම වැඩක් හරියට කරන්න පුලුවන් විශ්වාසවන්ත මිනිහෙක් හොයා ගන්නව. ඒ ඇති. ඊට පස්සේ මම කියන්නම් වැඩ වෙන්නෝනි විදිය."

"ඔව්. දැන් කවුරුහරි ගන්න වෙනවා අද සෙනෙවි වත්..." ෂෙලීන්ට සිය වාක්‍යය අවසන් කිරීමට නොලැබිණි. 

"ආයේ සෙනෙවියෙක්ගෙන් වැඩක් නෑ.. ඌ ආයේ මේකේ පස් පාගන්න එන්නේ නෑ. ඇයි තමුසෙටත් ඕනි ඌට කියලා..." රෝහිත පෙරේරා කියූ අසික්කිත කතාවෙන් ෂෙලීන් ලැජ්ජාවෙන් හිරි වැටී ගියාය. එහෙත් රෝහිත පෙරේරා යනු කවුදැයි හොඳින්ම දන්නා නිසා ඈ කිසිත් නොකියා බිම බලා ගත්තාය. 

"හරි.. ආයේ මට කියන්න තියන්න එපා.. මෙවන් එතන ඉඳියි ආරක්ශිතව තමුන් මෙතන මට ඕනි විදියට වැඩ ටික කරගෙන යනකම්.. මතකනේ. මේ හැම මඟුලම උගේ කණේ තියන්නත් එපා. කියන්නේ මොකක්ද කියලා විතරක් අහගෙන ඉන්නවා. ඒත් කරන්න ඕනි දේ එපා දේ තීරණය කරන්නේ මම. මැනේජර් කමට මොකෙක් හරි විශ්වාසවන්ත එකෙක් හොයාගත්තම මට කියනවා" යි පැවසූ රෝහිත පෙරේරා වේගයෙන් පුටුව පස්සට වීසිවී යන ලෙස නැගිට යන්නට ගියේය. 

හමුවෙමු තවත් කොටසකින්..

ක.මි. 

103 comments:

  1. දැන් ඉතින් මේකෙ කමෙන්ට්ස් දාලා පලක් නෑ නේ. සම්පූර්ණ පෝස්ට් එකම ෆේස් බුක් එකෙන් කියවන්න ඇහැකි.
    ඒක හොඳයි.ඉස්සර වගේ නෙමේ , දැන් ප්‍රේක්ෂකයො වැඩි දෙනා පදිංචිය ෆේස් බුක් එකේ....
    මහේෂ්ව බේරන් ඇවිත් හොඳින් බලා ගත්තට ස්තූතියි.
    ෂෙරින්ට කරන වැඩේ නම් වැරදි.
    බලමු මෙවන් එළියට ආවම.තව වැඩි කල් නෑනේ.

    ReplyDelete
    Replies
    1. යකෝ.. ෂෙලීන් ට මම මක්කාවත් කරා වගේනේ මෙයා කියන්නේ.. හෙහ්. බල්ලොත් එක්ක බුදියැව්වානම් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා.. මෙවන් එයිද එළියට දැම්ම? බලමු නෙහ්? 😁😍

      Delete
    2. නිමාව කොලොන්නාව

      Delete
    3. ඇයි ස්ට්‍රයික් ද? 🤣🤣🤣

      Delete
    4. නාවික හමුදාවට පාට් දැමූ ධීවරයෝ තුනක් මාට්ටු

      ත්‍රිකුණාමලය බැක්බේ මුහුදු තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ධීවර පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය නාවික හමුදා යාත්‍රාවක ධීවර යාත්‍රාවක් හප්පා අලාභහානි සිදු කළැයි කියන ධීවරයන් තිදෙනෙක් ත්‍රිකුණාමලය වරාය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

      නාවික හමුදාව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසියට කළ පැමිණිල්ලකට අදාව මෙම ධීවරයින් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

      බැක්බේ මුහුදු සීමාවේ දී ධීවරයන් පිරිසක් තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුත‍ෙවල නිරත වන බවට නාවික හමුදාවට නිරීක්ෂණය වීමේ පසු ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට අයත් පී 115 දරණ වෝටර් ජෙට් යාත්‍රාව එම ස්ථානයට ගොස් තහනම් ධීවර කටයුතුවල නිරතව සිටි ධීවර යාත්‍රාව අත්අඩංගරැවට ගැනීමට සූදානම් වු අවස්ථාවේ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.

      සිද්ධිය වන අවස්ථාවේ එම මුහුදු ප්‍රදේශයේ ධීවර යාත්‍රා 35 පමණ තිබී ඇති අතර, ඔවුන් අතරින් පිරිසක් නාවික හමුදා රාජකාරියට බාර කරමින් සැකකාර ධීවර යාත්‍රාවේ සිටි පිරිස අත්අඩංගුවට ගැනීම වලක්වා ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.

      Delete
    5. Why the Army Soldiers going to regarde and it so snacks but they did not this is about the discipline now what's should be

      Delete
    6. නාඋක හමුදාවට ගුටි බැට දුන් අයට තරාතිරම නොබලා ක්‍රියා කරන මේන් අප කාගෙන් හරි ඉල්ලා සිටිමු.

      Delete
    7. Mr Ajith Dharmakeerthi,

      I've some potential questions about your actions and beliefs could be:

      1) What led Ajith to steal Soviet nuclear technology and sell it to Western countries?

      2) How did you manage to evade detection and prosecution for such a significant crime?

      3) What is the nature of Ajith Dharmakeerthi's current work with Sri Lankan President Ranil Wickramasinha?

      4) How do you support for Russia during the conflict with Ukraine align with your previous actions and allegiances?

      5) What are the potential consequences for Ajith if your actions were to be exposed or proven to be true?

      Delete
    8. නිවනට යන මග අසා නාවුක සෙබළා භික්ෂුවට පහර දෙයි

      නිවනට යන මග කුමක්දැයි විමසමින් භික්ෂූන් වහන්සේ නමකට පහර දුන්නේයැයි චෝදනා එල්ලවුණු නාවික හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

      කල්පිටිය පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත කන්දකුලිය දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන නාවික හමුදා නිලධාරියෙකි.

      පහරකෑමට ලක්වූ හිමිනම මේ වනවිට කල්පිටිය දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

      Delete
    9. අජිත් ධර්මකීර්ති මහතා සෝවියට් රුසියාවේ විශ්ව විද්‍යාලය ඉගෙනුම සදහා යවන ලද්දේ එවකට කැබිනට් අමාත්‍යවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මේ පිළිබඳව සත්‍යය බොදු බල සේනාවේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතාගෙන් දැනගත හැක.

      අජිත් මහතා ලබා ගත්තේ මොණරාගල ප්‍රදේශයේ විසු දක්ෂ සිසුවියකට ලැබී තිබුණු ශිෂ්‍යත්වයක් බව කියවෙ.
      එම සිසුවිය කලකිරීමට පත්ව මාර්ගයේ ගමන් කරනා විට රිය අනතුරකට ලක්ව දුක් විඳ පසුව මිය ගියාය.

      රනිල් වික්‍රමසිංහ ඇමතිවරයාගේ අනුහසින් රුසියාවට ගිය අජිත් ධර්මා මහතා සිදුකලේ තරුණ ගැටවුන් සමග කම්සැප විඳිමින් විනෝද වීමය.
      විනාශ කලේ රටේ මුදල්ය.

      මේවාට කවදා හරි වන්දි ගෙවීමට අජිත් ධර්මා මහතාට සිදුවනු ඇත.

      Delete
  2. මොන උට්ටක්ද මේ..... බුකියේ දාන්න ඕනකමට කතාව කොටකරලා තව ලැජ්ජ නැතුව බ්ලොග් එකෙත් දානවා. මුඩ්ඩට කියලා කනට ගහන්නේ හම්බුන දවසක

    ReplyDelete
    Replies
    1. ඇයි මුඩ්ඩට කියන්නෙ...

      Delete
    2. //Anonymous26 March 2023 at 19:46// මුඩ්ඩ මට ලව්. ගැහුවොත් ආපිට උඹටම තමයි 😁😜

      Delete
    3. //Anonymous26 March 2023 at 19:50// මුඩ්ඩගෙයි මගෙයි මුගෙයි පරණ තුන් කොන් ප්‍රේමයක් තියෙනවා 😁😜

      Delete
  3. මිරිකා තිසර යුඟ නිරුවත් ලය මඬලේ
    නැඟෙමින් කැළඹෙමින් රඟනෙමු තුරු වදුලේ
    සීතල උනුහුමේ දවටා මධු පතුලේ
    හිමගිර මිහිර මත ඉපිලෙමු රස සඟුලේ

    # සිදු කළ අනීතික අපරාධ හේතුවෙන් සාක්ෂි යටගසා නාවුක හමුදාවෙන් අපකීර්තිමත් ලෙස සේවයෙන් පහ කළ හිටපු නාවුක හමුදා වධක ලුතිනන් කමාන්ඩර් සුමිත් කල්‍යාණප්‍රිය නොහොත් ඔබ අතින් ඉතාම අමානුෂික ආකාරයේ වධ බන්ධන වලට ලක්ව අවාසනාවන්ත ආකාරයකට මියගිය හිටපු එල් ටී ටී ඊ සංවිධානයේ යුවතියක් 😋💋

    ReplyDelete
    Replies
    1. මොනවා උනත් හොඳ කලාකාමී යුවතියක්.. 😍👍

      Delete
  4. ඕවා නෙවෙයි කමියෝ ලියහන් IMF කියන්නෙ උගුලක්👁
    📌පාස්කු ප්‍ර්හාරය අමතකයි නේද?
    📌මොනාද ලංකාවට හා ලෝකයෙ
    වෙන්නෙ 🚨🚨🚨👁👇

    📌චීන්නුන්ගෙ ආසියානු මැදිහත්වීමයි චීන්නුන්ගෙ ලෝකෙ මැදිහත්වීමයි නවත්වන්නයි චීන්නුන්ව ආර්ථිකය වශයෙන් විනාශ කරන්නයි චීන්නුන්ගෙ(Belt and Road) (Silk route) වගෙ දාලා තිබෙන ව්‍යාප්ති ටිකයි කඩාකප්පල් කරන්න ඔය රටවල්වල් ටික බංකොලොත් කරන්න ඕනද? සමහර උදවියට? දෙනට ලංකාව බංකොලොත් කරා එතුලට රිංගුවා ඉදිරියට බංකොලොත් කරන්න තිබෙන රටවල් ආසියාවේ පලමුව පකිස්තානය(Imran khan නිලයෙන් පහත්කිරීම)දෙවනුව නේපාලය...අෆ්‍රිකාවෙ ඉතියෝපියා නමීබියා සාම්බියා වගෙ තවත් රටවල්...

    📌ජපානයට කරා වගේම චීන්නුන්ගෙ දියුණුව දරාගන්න බැරුව කුහකකමින් ඔන්න චීන්නු නුඹලාගෙ රට අල්ලනවා debt trap කියාගෙන ලෝකෙටම මවා පෙන්නුවා ඔහුන්ගෙ මාද්‍යවලින් හා ඔහුන්ට අයිති Youtube කාරයන් ටිකක් යොදාගෙන හරියට(MCC තිස්සයි කටු ඇනිච්ච නංගියි කැලණි නයයි කරා වගෙ)👁🎭

    📌IMF කියන්නෙත් සමහර උදවියගෙ debt trap එකක් ඉදිරියට තේරුම් ගන්න පුලුවන් වේවි මොනාද මෙ වෙන්නෙ කියලා අපෙ රටතුළ👁🎭

    📌චීන්නුන්ට එරෙහිව පලමු වෙඩිමුරය පත්තු කරෙ ලංකාවෙන් එය තමා පාස්කු ප්‍ර්හාරය අපෙ අහිංසක අසරණ ජීවිත ටික විනාශ කිරීම අපෙ රජයෙ අනුග්‍රහයෙන් මම කියන දේවල් ආපස්සට ගිහිං සොයා බලපල්ලා ගැඹුරෙන් තේරුම් ගනීවි ගොඩක්ම දේවල් රටතුළ වෙන😔

    📌මට මුන් 🇺🇸🇨🇳දෙගොල්ලගෙන්ම වැඩක් නැහැ මුහුදෙ ඕනතරම් ඉඩකඩ තිබෙනවා කාලකණ්ණියන්ට මරාගෙන මැරිලා යන්ඩ නමුත් මට තිබෙනවා වෛරයක් කෝපයක් මගෙ ආදරණිය අහිංසක අසරණයන් ටික මරා දෙමුවා ඔහුන්ගෙ ආර්ථික යුද්ධයට😔

    🛑Script එක👁🎭
    📌පාස්කු ප්‍ර්හාරය💥
    📌සුලයිමානි ඝාතනය💥
    📌කොරෝනා වයිරසය🇺🇸🕵️
    📌රුසියානු උක්‍රේන යුද්ධය💥

    📌උන් හොරාගෙන කාපු උන්ගෙ වැරැදි ප්‍ර්තිපත්තිවලින් විනාශ කරපු රට උන්ටික බේරිලා අහිංසක අපෙන්ම බදු(Tax)කියන නමින් සූරාගෙන කාලා ඉදිරියට යන්න බලනවා මුන්ට එරෙහිව සටන්කරපල්ලා මුන් නුඹලාගෙ රට කෑලි කෑලිවලට විකුණනවා🛑

    📌අපෙ රටතුළ මෙ ක්‍රියාත්මක වෙන්නෙ සමහර උදවියගෙ කුමන්ත්‍රණයක් පරිස්සමෙන් මුන් ඔක්කොම නුඹලාව මේ ගොනාට අන්දවමින් කරගෙන යන්නෙ උන්ගෙ කොන්ත්‍රාත්තුව බව තේරුම් ගනිල්ලා🛑

    Geopolitics 👁🎭
    Trade war 🇺🇸 🇨🇳👁🎭👎

    ReplyDelete
    Replies
    1. උඹල තේරෙන උන් ඒවා ලියහල්ලා..

      Delete
  5. හ්ම්.....දේසපාලුවොන්ට යුද්දෙ කියන්නෙත් බිස්නස් එකක් කියල හිතුනා. යුද්දෙ නිසා, දෙපැත්තෙන්ම, ජීවිත අපතේ ගියා. ඒත් දෙමල වගේම සෑහෙන සිංහල කොටසකුත්, "සරණාගත" විදිහට බටහිර රටවලට පැනගෙන ගොඩගියා.

    ReplyDelete
  6. යුද්දෙට තව තවත් කරලා ආධාර
    සුද්දේ දිදී, පොඩ්ඩක්වත් අත නෑර
    හැකි හැම විදිහකින් කර පරපුර සාර
    වැජඹෙති! සමහරුන් තවමත් පව්කාර

    ReplyDelete
    Replies
    1. මුල්ලා

      Delete
    2. ස්තූතියි නිදි 😁😍

      Delete

    3. Anonymous27 March 2023 at 04:40// වඩ්ඩගේ මුල්ල එහෙම නෙවෙයිනේ? 😁😍

      Delete
  7. කාලා හිත
    සොල්දාදු හිත
    ශංකර් මහත්තයා
    බදුල්ලේ ගොඩේ බෝට්ටුවා

    නාඋක අමුදාව
    ගුවැං අමුදා කප්පිත්තා ගේ කාර් රෙක

    ReplyDelete
  8. පිරිමි ගොඩයි ක. මි යි විතරයි

    ReplyDelete
  9. කොයි ලොක්කද කැමති වෙන්නෙ තමුංගෙ බිස්නස් වලට කෙලවෙනවට.

    ReplyDelete
    Replies
    1. මෙන්න දෙමලුන්ට කඩේ යන මිනිහෙක් ඇවිත්

      Delete
    2. ප්‍රසා.. රෝහිතයා බලන්නේ ෂෙලීන්ව කොටු කරගන්න.. බිස්නස් ඇපේට තියලා. 😁😍

      Delete
    3. Anonymous27 March 2023 at 10:57// පඩි ගෙවනවනම් ඕනි දෙමළෙකුට කඩේ යනවා මමත් 😁😍

      Delete
  10. ඉස්සරකාලෙ බ්ලොග් පෝස්ට්වලට සමානකමක් දක්වනවා මේක.
    කමෙන්ට්ස් බොහොම ඉන්ටරෙස්ටිං.

    විචාරක, සහන්, උපසාන්ත, හැලපෙ ඇනෝ, පත්තරමල්ලි සිහිවෙනවා

    ReplyDelete
    Replies
    1. මොනවා නැතත් කොමෙන්ට්ලාබය නම් ලබලා තියෙනවා.. මාත් ආසම ඇනෝ කොමෙන්ට් ටිකට 😍👍

      Delete
  11. මුල්ලා ඔමාර්27 March 2023 at 09:47

    කිරි කෑ කෙන්ජි
    පුංචි ඔගාවා
    මල් ගෙනාවා

    ReplyDelete
    Replies
    1. මල් ගෙනාවේ දුර ඉඳන් ද බං?

      Delete
  12. ඇමරිකාවෙන් ඩග්ලස් කියලා නැවක් එවලා තියෙන්නේ ඇයි සර් ? අරගලකාරයෝනට නැවේ ඉදන් වෙඩි තියලා මරන්නද රනිල් හාමු මේ ලෑස්ති වෙන්නේ?

    .....

    ඇමෙරිකා එක්සත් ජනපදය (USA) ශ්‍රී ලංකා නාවික හමුදාව (SL Navy) වෙත ලබා දෙන ලද ඇමෙරිකානු වෙරළාරක්ෂක (ඇමරිකන් කෝස්ට් ගාඩ්) නෞකාව “ඩග්ලස් මුන්රෝ" දීර්ඝ ගමනකින් පසුව කොළඹ වරාය වෙත පැමිණි බව ශ්‍රී ලංකාවේ ජනාධිපති ප්‍රකාශ කළේය. නාවිකයන් 270 ක් දෙනෙක් සේවය කරන මෙම යුධ නැවේ ප්‍රධාන තුවක්කුව මගින් කිලෝ මිටර් 850 ක් දුරට මිසයිල යැවිය හැක.

    පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 26 වැනිදා “ඩග්ලස් මුන්රෝ" නෞකාව වොෂින්ටන් නුවර සියැට්ල් වාරයේදී ශ්‍රී ලංකා නාවික හමුවදවට නිල වශයෙන් භාරදුන්නේය. සියැටල් සිට කොළඹ වරායට ඇති දුර කිලෝමීටර් විසි දාහකට ආසන්නය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවන් එතෙක් මෙතෙක් ඉතිහාසයේ මෙහෙයුම් දියත් කරන ලද වැඩිම දුර මෙය බවද ජනාධිපතිතුමා කියා සිටියා.

    ඩීසන්, ඉලෙක්ටිර්ක් එන්ජිං වලින් ක්‍රියාත්මක වන මෙම නවුකාවේ න්‍යෂ්ඨික යුධ ශීර්ෂ දෙකක් සවිකළ හැකියි. එක් වරක් ඉන්ධන/ සැපයුම් ලබාගත් පසු එක දිගට ගැඹුරු මුහුදේ දින 72 ක් මෙම නැවට සේවය කල හැකියි.

    ReplyDelete
    Replies
    1. මෙම නෞකාවේ ගුවන් සංක්‍රමික බලගණයක් ක්‍රියාත්මක වන අතර හෙළිකොප්ටර් යානා තුනක්, නාවික හමුදා ගුවන් නියමුවන් 12 දෙනෙකු සේවයේ යොදවා ඇත්තේ සේනාධිනායක විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නියෝග පරිදියි.

      මෙහි ඇති හෙළිකොප්ටර් වලට අධිබලැති අවි සවිකර ඇති අතර ටොන් 5 ක් බරැති පුපුරන ද්‍රව්‍ය සවිකළ හැකියි. එක වරකට ඉන්ධන ලබා ගත් පසු මෙම හෙළිකොප්ටර් යානයකට කිලෝමීටර් දහසකට ආසන්න දුරක මෙහෙයුම් ක්‍රියාත්මක කල හැකි වීමද විශේෂත්වයක්.

      මෙහි ඇති ගුවන් පථය මීටර් 114 දිග අතර ප්‍රහාරක ගුවන් යානා පියාසර කරවීම මෙන්ම ගොඩබැස්සවීමද කල හැකියි.

      නෞකාව සදහා බල ශක්තිය ලබා ගන්නේ න්‍යෂ්ඨික රියැක්ටර් දෙකක් මගිනි. මේවායේ ප්‍රභලත්වය කොතරම්දැයි කිවහොත් එම එක රියැක්ටරයක් ක්‍රියාත්මක කිරීම මගින් කොළඹ නගරයටම පරිභෝජනය උපරිම අවස්ථාවේදී පවා නොකඩවා විදුලිය ලබා දීමට ඒවාට හැකි බවයි සදහන් වන්නේ.

      Delete
    2. නැවල් ආව කියුව.. අහම්බෙන් යද්දි රැජිණ පාලමේ නවත්තලත් තියෙනව දැක්ක.. වෙන ඔය කියන මගුල් එකක් ගැනවත් හෙව්වෙත් නෑ ඉන්ටරෙස්ට් එකකුත් නෑ බන්.

      Delete
  13. ජෙනරල් (විශ්‍රාමික) කිචා WWV, RWP, RSP, VSV, USP, rcds, ndc, psc හිටියනං මෙතන මඩවල පට්ට ආතල් එකක් ගන්න තිබුන බං.

    ReplyDelete
    Replies
    1. අම්ම්ප ඒ මිනිහට මැරිලත් නිවනක් නැති හැටි ? උඩ ඇනෝ , උඹලට මාර ඇරියස් එකක්නෙ තියෙන්නෙ විචා එක්ක.

      Delete
    2. එහෙම පර්සනල් ඇරියස් එකක් නෑ. ඕක බංකර් ඩියුටි කරපු වොලන්ටියර් කබ්බෙක් (මේක කියන්නෙ වොලන්ටියරස්ලට අපහාසෙට නෙමෙයි) . ඒව වගගෙන බ්ලොග් වල කමාන්ඩෝ , එස් එෆ් වලින් ආපු ජෙනරල් ඔෆිසර් කෙනෙක් වගේ රඟන්න හැදුව එකටයි අපි දුන්නෙ පාර.

      Delete
    3. මුලතිව් ට්‍රැජඩි එකට වග කිවයුතු දෙන්නගෙන් එකෙක් මුගෙ මල්ලි 9 SR සීඕ W M S ගුණරත්න. ගෙදර හිටිය ඌව ජානක පෙර්රා කුණුහරපෙන් බැනල ගෙන්නල Rescue Mission එකට යැව්ව 1 SF එක්ක.1SF CO ෆස්ලි මැරුණා.
      මුගෙ මල්ලිට හීරීමක්වත් නෑ.
      ඌ තුවාල වුනා කියල chopper එකේ මාරු වුනේ බඩියවත් මග දාල. බොරු නම් 1SF 2IC හිටපු ජයන්ත රත්නායකගෙන් අහපල්ල.

      Delete
    4. LT.CDR (Retired ) Sumith Kalyanasiri, I am really impressed on your writing. When I read this story my memory is recalling the famous writer Fedric Forsyth . If you read him you will be enlightened .
      I read several comments with regard to the Mullathivu disaster and I fully agree with the content with regard to the timidity of late W M S Fernado shown. I was there and I saw it.
      - Retired Two Star General SL Army

      Delete
    5. Contd. (Part 2) LT.CDR, Kalyanadiri, the blogger Wicharaka played a role of a militay genius 🤣🤣🤣 before the innocent sinhala only blog readers. I heard that Wicharaka joined 3SR (Volunteer ) as a soilder. I believe that then he got a field commission due to the lack of officers. There is nothing wrong in it but think that this Wicharaka wanted to hide the same from you.

      Delete
    6. Contd. (Part 3). He wrote that he was a CO but never mention the regiment. Officet 😜 it was SLzNG 🤣🤣🤣 though he pretended that he commanded and high calibet infantry babattalion 🤣🤣🤣. He never had the command and control there and then he wad transfered to teach sinhala for new recruits

      Delete
    7. Contd.(Part 4) Several occasions I read posts by Wicharaka with read to the amoured warfare 🤣🤣🤣. What a genuine he is ? ( My mother regiment was SLAC) I felt really sad because the SL army did not give us a chance to learn from him.

      Delete
    8. Contd. (Part 5) I saw in severalin several times that this late Wicharaka creeped in to the blog of Lucky (Rear Admiral (retired ) Lakshman Illangakoon ) put some comments to pretend that both are on par. But clever Lucky being a retired and respectable flag officer just ignored him.

      Delete
    9. Dear All, I had no interference with Wicharaka as an military officer.. But I highly admire him for his untiring efforts in his blog. For a person of his age to cope up one to one in a digital platform with young(gang)sters and to sneak through safely with the enormous pressure created by readers.. that is something admirable for sure. I should say if it was me, I'd have easily kick the bloody thing out and would mind my other business. And he is a tremendous personality to chip in with too. I respect your right to comment here; but it won't change anything on what I've reserved for Wicharaka.

      Regards!

      Delete
    10. මොනවද ඔයි තමුසෙගෙ මේ ඉංග්‍රීසි? අට පාස් නේවි කාරයෙක් වගේ නේ

      Delete
    11. අට පාස් තමයි යකෝ.. නැතුව අට පේල් වෙලා එතනින් එහාට යන්න පුලුවනෑ 🤣🤣🤣

      Delete
  14. එල එල.... ඔහොම යං ... රෝහිත එන්නේ පොල් පැලේ කන්ඩ වගේ........

    ReplyDelete
    Replies
    1. සෑහෙන ගේමක් දෙනව නේ? බලමු බලමු.. 😁😍

      Delete
  15. කච්චතිව් බුදු පිළිමයට උතුරේ කිතුනු හින්දු සහ දෙමළ පක්‍ෂ එරෙහි වෙයි.

    කච්චතිව් දූපතේ බුදුපිළිමයක් තැබීමට නාවික හමුදාව මේ දිනවල කටයුතු කිරීම සම්බන්ධයෙන් උතුරේ කිතුනු හා හින්දු ආගමික නායකයන් සමග දෙමළ දේශපාලනඥයන් පසුගිය 25 දා විරෝධය පළකොට තිබේ.

    නාවික හමුදා භටයන් අට දෙනකු හෝ දහ දෙනකු පමණක් රාජකාරී කරන කච්චතිව් දූපතේ බුදුපිළිමයක් තැබීමට සියලු කටයුතු යොදා අවසන් බවත් එම බුදු පිළිමය නාවික හමුදා නිලධාරීන් විසින් ආවරණය කොට ඉදිකිරීම් කටයුතු කරගෙන යන බවත් උතුරේ කිතුනු – හින්දු බැතිමත්හු හා දෙමළ දේශපාලනඥයෝ ප්‍රකාශ කරති. නාවික හමුදාව එසේ නොකරන බව පැවසුවත් තවත් සති දෙකක් යෑමට පෙර කච්චතිව් දූපතේ දැනට ඉදිකරගෙන යන බුදු පිළිමය වන්දනාමාන කිරීමට නිරාවරණය කරණු ඇතැයි උතුරේ දෙමළ දේශපාලනඥයින් ප්‍රකාශ කොට තිබේ. ඔවුන් කියන්නේ කච්චතිව් දූපත ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් වශයෙන් ලැබෙන විට එහි වූයේ ශාන්ත අන්තෝනි දෙව් මැඳුර පමණක් බවයි.

    1974 වසරේ සිට ඉන්දීය බැතිමතුන් හා ශ්‍රී ලාංකික බැතිමතුන් එක්ව එම දේවස්ථානයේ ශාන්ත අන්තෝනි දෙව් මැඳුරේ වාර්ෂික මංගල්‍යය පවත්වනු ලැබුවත් මේ දක්වා වෙනත් කිසිම ආගමකට අයත් ප්‍රතිමා හෝ සංකේත තබා නොමැති බවද ඔවුහු කියති.

    ආගමික නායකයන් මේ ගැන දෙමළ දේශපාලනඥයන්ට පැවසීමෙන් පසුව කච්චතිව් දූපතේ බුදුපිළිමයක් ස්ථාපිත කිරීම ඉතිහාසය වෙනස් වීමට හා සිංහල දෙමළ වැසියන් අතර යළි මත ගැටුමක් ඇතිවීමට බලපාන බැවින් වහාම එම තීරණය අත්හිටුවීමට පියවර ගන්නා ලෙස දෙමළ පක්ෂ රජයෙන් ඉල්ලීමක් කරන බව ඔවුන් යාපනයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබේ.

    ReplyDelete
    Replies
    1. නාවික හමුදාව නැති අවුලක් හදන ලකුණු....

      කච්චතීව් දූපතේ බුදු පිළිමයක් තැබීමට නාවික හමුදාව මේ දිනවල කටයුතු කිරීම

      Delete
    2. කච්චතිව් බුදු පිළිමයට උතුරේ දේශපාලඥයෝ එරෙහි වෙති… නාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක්

      කච්චතිව් දූපතේ බුදුපිළිමයක් තැබීමට නාවික හමුදාව මේ දිනවල කටයුතු කිරීම සම්බන්ධයෙන් උතුරේ කිතුනු හා හින්දු ආගමික නායකයන් සමග දෙමළ දේශපාලනඥයන් පසුගිය 25 දා විරෝධය පළකොට තිබේ. නාවික හමුදා භටයන් අට දෙනකු හෝ දහ දෙනකු පමණක් රාජකාරී කරන කච්චතිව් දූපතේ බුදුපිළිමයක් තැබීමට සියලු කටයුතු යොදා අවසන් බවත් එම බුදු පිළිමය නාවික හමුදා නිලධාරීන් විසින් ආවරණය කොට ඉදිකිරීම් කටයුතු කරගෙන
      යන බවත් උතුරරේ චේශපාලකයින් විසින් ප්‍රකාශ කරන බව වාර්තා වේ.



      නාවික හමුදාව එසේ නොකරන බව පැවසුවත් තවත් සති දෙකක් යෑමට පෙර කච්චතිව් දූපතේ දැනට ඉදිකරගෙන යන බුදු පිළිමය වන්දනාමාන කිරීමට නිරාවරණය කරනු ඇතැයි උතුරේ දෙමළ දේශපාලනඥයින් ප්‍රකාශ කොට තිබේ. ඔවුන් කියන්නේ කච්චතිව් දූපත ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් වශයෙන් ලැබෙන විට එහි වූයේ ශාන්ත අන්තෝනි දෙව් මැඳුර පමණක් බවයි.



      මේ සම්බන්දයෙන් නිවේදනයක් නිකුත් කරන නාවික හමුදාව පවසන්නේ කච්චතිවු දූපතෙහි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය හැර වෙනත් කිසිදු ආගමික සිද්ධස්ථානයක් ඉදිකිරීමට කටයුතු නොකරන බව බවයි.



      නාවික හමුදා මාධ්‍ය අංශය අද (27) දහවල් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළේ පසුගිය දිනවල කච්චිතිවු දූපතෙහි ආගමික සිද්ධස්ථානයක් ඉදිකිරීමට නාවික හමුදාව කටයුතු කරන බවට පළව තිබූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්.



      මිනිස් වාසයකින් තොර කච්චතිවු දූපතේ ආරක්ෂාව සඳහා නාවික හමුදා අනු කණ්ඩායම් ස්ථාපිත කර ඇති අතර නාවික හමුදා බෞද්ධ සංගමයේ පූර්ණ දායකත්වයෙන් ඉදිකර ඇති ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය රැකබලා ගැනීම ඔවුන් විසින් සිදුකරනු ලබනවා.



      මෙම අනු කණ්ඩයේ රාජකාරි සිදුකරන බහුතර නාවිකයින් බෞද්ධාගමිකයින් වන අතර ඔවුන්ගේ වන්දනාමාන සඳහා අනු කණ්ඩයේ භට නිවෙස අසළ කුඩා බුදු පිළිමයක් තැන්පත් කර ඇති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

      Delete
    3. //නාවික හමුදාව නැති අවුලක් හදන ලකුණු...// එකෙන්ම එකඟයි..

      Delete
    4. කච්චතිවු ගැන රනිල්

      රනිල් පහුගිය දා හොඳ කතාවක් කියල තිබුණා. දැන් පඬි නැට්ටන් කියන්න පුළුවන් ඔන්න නලින් ද සිල්වා (ඔවුන් යොදා ගන්නේ වෙන නම්) රනිල්ට කඩේ යන්න පටන් අරන්, එහෙමත් නැත්නම් රනිල් රාජපක්‍ෂ ආණ්ඩුවෙන් තානාපතිකමක් ගන්න බලනවා වගේ කතා. ඒ කොහොම වෙතත් රනිල් ඉන්දීය දේශපාලනඥයන් සමහර දෙනකුට හොඳ උත්තරයක් දීල තිබුණා.

      කච්චතිවු කියන්නෙ ලංකාවට අයත් දුපතක්. බණ්ඩාරනායක මැතිණිය අගමෑතිණිය වෙලා හිටපු කාලෙ තමයි ලංකාව හා ඉන්දියාව අතර තියෙන දුපත ලංකාවට නැවත අයිති වුණෙ. ඉන්දියාව ඒක නිකම්ම ලංකාවට දුන්න නො වෙයි. ඒ දුපත ජනශූන්‍ය එකක්. එහි ශාන්ත අනතෝනි මුනිඳුන්ට කැප කළ දේවස්ථානයක් තියෙනවා. ඉන්දියාවෙන් මෙන් ම ලංකාවෙන් ද ධීවරයන් එහි වාර්ෂික ව පැවැත්වෙන පූජාවකට සහභාගි වෙනවා. ඔවුන් පූජාවෙන් පසු ආපහු යනවා.

      හැත්තෑ ගණන්වල ඉඳලා දුපත ආරක්‍ෂා කිරීමට ලංකාවෙ නාවික හමුදාව යොදවල තියෙනවා. නාවිකයන් බොහෝ දෙනකු බෞද්ධයන්. එහි බෝධින් වහන්සේ නමක් වැඩ ඉන්නවා. එය රෝපණය කළෙ කවුද කවද ද කියන්න බැහැ. සමහර විට නාවිකයන් වෙන්න පුළුවන්. එයට කිසිවකු විරූද්ධ වුණු බවක් දැන ගන්න නැහැ.

      එහෙත් පසුගිය දිනක එතැන බුදු පිළිම වහන්සේ නමක් තැන්පත කරල. එයට ඉන්දීය ධීවරයන් දේශපාලනඥයන් පූජකවරුන් විරෝධය පළ කරලා. බුදු පිළිම වහන්සේ වහාම ඉවත් කරන ලෙසට ඔවුන් කියල. ඉන්දීය ලෝක් සභාවේ විඩුතලෙයි චිරුතයිගල් පක්‍ෂයෙ මන්ත්‍රී තිරුමාවලවන් ඒ පිළිබඳ අවධානය යොමු කරමින් යෝජනාවක් ද ගෙනැල්ල. ඒත් ඉන්දීය ආණ්ඩුව තවම කිසිවක් ප්‍රකාශ කර නැහැ.

      Nalin De Silva
      පට්ටලී මක්කල් පක්‍ෂයේ නායක රාමදොස් කියල පිළිම වහන්සේ තැන්පත් කිරීම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් කියලා. තර්ජනය පිළිම වහන්සේගෙන් ද නාවික හමුදා භටයන් කිහිප දෙනාගෙන් ද කියල නැහැ. භාරතය එකල නම් බුදුහාමුදුරුවන් තම ආත්මවාදී දහමට තර්ජනයක් ලෙස සලකපු බව පැහැදිලියි. අදත් ආත්මවාදීන්ට පුද්ගලවාදීන්ට යථාර්ථවාදීන්ට දේවවාදීන්ට හා තවත් නොයෙකුත් දෙනාට බුදුදහම තර්ජනයක්.



      මෙරට දෙමළ ජාතික සංධානයත් නිකම් ඉඳලා නැහැ. ඔවුනුත් විරුද්ධ වෙලා, බුදු පිළිම වහන්සේ ඉවත් කර ගන්න ලෙස ඉල්ලලා. සමහර විට ඔවුන් පිළිගන්නවා ඇති දුපත ශාන්ත අන්තෝනි මුණිඳුන්ට පූජා කළ එකක් කියා. කවුරු පූජා කළා ද කියා දැන ගන්න නැහැ. පෘතුගීසීන් ද?



      මේ විරෝධතා ගැන රනිල්ට දැන්වූ විට ඔහු කියල ඉන්දියාවෙන් (භාරතයෙන්) බිහි කෙරුණු ශ්‍රෙෂ්ඨතමයාණන් වූ බුදුන්වහන්සේට ඉන්දියානුවන් විරුද්ධ වෙන්නෙ මොකට ද කියලා. මේ සම්බන්ධයෙන් දෙරට අතර නිල මට්ටමේ කිසි සාකචඡාවක් තවම සිදු වී නැහැ.



      නාවික භටයන් තමන්ට වැඳ පුදා ගැනීම සඳහා බෝධීන් වහන්සේ නමක් රෝපනය කර පසුව පිළිම වහන්සේ නමක් තැන්පත් කර ඇති බවයි පෙනී යන්නෙ. එයට නාවික හමුදාපතිගෙන් අවසර ලැබෙන්න ඇති. ඉංගිරිසින්ගෙ 1892 ආඥ පනතට අනුව වුවත් බෞද්ධ සිද්ධස්ථානයක් ඉදි කිරීමට රජයෙන් අවසර ගන්න ඕන නැහැ. ඉන්දියවෙන් නම් අවසර ගන්න අවශ්‍ය ම නැහැ. කොහොමටත් ලංකා භූමිය ම බුදුන් වහන්සේට පූජා කළ භූමියක්.



      1892 ආඥා පනතට අනුව වුවත් බෞද්ධ නොවන සිද්ධස්ථානයක් ඉදි කිරීමේ දී ආණ්ඩුකාරයාගේ (රජයේ) අවසර ගන්න ඕන. ඔය උතුරු නැගෙනහිර පළාත්වල බෞද්ධ නොවන සිද්ධස්ථාන අනවසරයෙන් ඉදි කරන අයට ඒ මතක් කර දෙන්න ඕන. 1892 ආඥා පනත කගේත් දැන ගැනීම පිණිස නැවත පළ කරනවා. එය තවමත් වලංගු බව අවධාරණය කරන්න ඕන.



      "As well the priest as all the ceremonies and processions of the Budhoo religion shall receive the rest which in former times was shown them; at the time it is in nowise to be understood that the protection of Government is to be denied to the peaceable exercise by all other persons of the religion which they respectively profess, or to the erection under due licence from His Excellency of places of worship in proper situations"

      Delete
  16. දෙමලු ගොඩක් මරලා හම්බෙන පෙන්ෂන් එකෙන් ලකේට ජීවත් වෙන හිටපු නැති නාවුක හමුදාපති සුමිත් පොන්නසේන නංගිට නිවන් සැප

    ReplyDelete
  17. හොඳට ගලාගෙන යන ඇමැතියෙක් පැන්න . පුරුද්ද හදන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඔයා ජනාධිපති මාධ්‍ය අංශයේ ජාත්‍යන්තර උපදේශක කමට පැන්න වගේද

      Delete
    2. හොඳට ගලාගෙන යන ඇමැතියෙක් පැන්න . පුරුද්ද හදන්න බෑ// ඉතිං යකෝ ඌට එපැයි බණින්න.. මම මක් කරන්නද? 😁😍

      Delete
    3. //Anonymous28 March 2023 at 07:28// ටහුඩු එහෙමත් එකක්ද? එහෙනම් නෙළුම් යාය සම්මාන දෙන්න ආයෙ පටං ගන්න පුලුවන්. අපිටත් එයාර් මයිලක් දෙකක් ගලවගන්න 😁😍

      Delete
  18. මල්ලියා මොනවාද මේ ලියන භයානක කතා

    ReplyDelete
    Replies
    1. හම්මට.. එච්චර බයානකද? 😁😍

      Delete
  19. කල්‍යාණ මිත්‍ර මේ මොනවද උඩ ඇනෝල විචාරකතුමා ගැන කියන කතා ?

    ReplyDelete
    Replies
    1. විචා ඉන්නකං උගෙන් පුකට පයින් පාර කාපු උන්ද කොහෙද.. 😁😍

      Delete
    2. කමෙන්ට් 1
      කලණසිරි සර්, සර්, මාත් ඔය විචාරක සර් ගැන ලියපු comments කියෙව්ව. නමුත් ඒ සියල්ල අවාසනාවකට ඇත්ත කතාවක් සර්. .
      සර් , මගෙ මල්ලිත් 9SR ස්ටාෆ් සාර්ජන්ට් කෙනෙක් මුලතිවි හිටිය . අදටත් මිනියවත් දැකල නෑ.

      Delete
  20. නිමාව කොළොන්නාව
    බෙදුම්කරුවන්
    ටැංකි රථ රියදුරා

    ReplyDelete
  21. කමෙන්ට් 2
    සර්, අකමැත්තෙන් වුනත් කියන්න වෙනව විචාරක සර් සහ මල්ලි කියන්නෙ බයගුලු නිවටයො කියන එක. සර්ට මං දන්න තරමට අවමව RSP 4 විතරක් තියනව. විචාරක නිවටයගෙ ( මෙතන ඉඳන් ඌ කිචා 😂😂😂 සමාවෙන්න සර්)

    ReplyDelete
    Replies
    1. නිවරදි කිරීම : අඩුමව:RSP වීර පදක්කම් 4 ක් වත් තියෙනව.

      Delete
    2. සර් මෙතන බයගුලු නිවටය මගෙ මල්ලි නෙමෙයි සර් කිචාගෙ මල්ලි CO

      Delete
  22. කිචාට තියෙන්නෙ මොන වීර පදක්කම් ද සර් ?

    ReplyDelete
  23. බෝතලයක් ගහල හාන්සි වෙමු

    ReplyDelete
  24. චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයකට ආරාධනා කළාට පස්සේ මම සැමියාට කියනවා මට මෙහෙම චරිතයක් ලැබුණා මම රඟපානවා කියලා. එහෙම නැත්නම් මම ඒකට සම්බන්ධ වුණාට කමක් නැද්ද කියලා අහනවා. එයා සාමාන්‍යයෙන් අකමැති වෙන්නේ නැහැ. මට නිර්මාණයක් ලැබිලා මං ඒකට අකැමැති වුණොත් මම සුමිත්ට කියනවා මට මෙහෙම චරිතයක් ලැබුණා මම ඒකට අකැමැති වෙන්න මෙන්න මේකයි හේතුව කියලා. එයා මට ඉස්සර ඉඳලම පූර්ණ නිදහස දීලා තියෙන්නේ මට කැමැති දෙයක් කරන්න. මොකද එයා දන්නවා මම නරක දෙයක් කරන්නේ නැහැ කියලා.

    ReplyDelete
  25. "(වි) කිචාරක දියණිය" මරි මෝඩ දේශපාලන පන්දම්කාර වසල ඉස්කෝල ගුරී මේවට උත්තර දීපිය. තොගෙ බාප්ප අමනයෙක් හින්ද මට 9 SR මල්ලි නැතිවුනා මුලතිව් වලදි.

    ReplyDelete
  26. කල්‍යාණ උඹට උත්තර නැද්ද. ගුවන් හමුදාපති ට පුකෙ අරින්න ගියේ ඇයි

    ReplyDelete
    Replies
    1. ඇනෝ, කල්‍යාණ ඇත්තටම ඔය සබ්ජෙක්ට් එකේ නෑ. නමුත් කි(වි)රක හිටිය. මිනිහ full bottom. Batman (යුධ හමුදා නිලයක් නොව කඳවුරක සිට අනු ඛණ්ඩයක් දක්වා වන තැනක ආවතෙව කටයුතු සඳහා යොදාගන්නා සිවිල් කම්කරුවන්ය) ට කියල කිචා ඇර ගන්නව.

      Delete
    2. කි(චා)රක බැට්මන්ල ලවා තමන් වෙත ගුද සංසර්ගය කරවා ගන්නා බවට චෝදනා ලද කෙනෙක්.

      Delete
  27. මෙහෙයුමකදී නාවික භටයාගේ ගිනි අවිය මුහුදට වැටිලා

    තලේමන්නාරම මුහුදේ ඉන්දීය බෝට්ටු පරික්ෂා කිරීමේ මෙහෙයුමක නිරතව සිටි නාවික හමුදා භටයකුගේ ටී 56 වර්ගයේ ගිනි අවියක් මුහුදට වැටී අස්ථානගත වී ඇතැයි මාන්නාරම පොලිසිය පවසයි.

    මන්නාරම නාවික හමුදා කඳවුරට අයත් කණ්ඩායමක් තලේමන්නාරම 4 වන වැලිපර මුහුදු සීමාවේ දී මෙම සිද්ධිය සිදුව ඇති බව පොලීසිය පවසයි.

    මෙහෙයුමේ නිරත නාවික භටයා සතුව තිබූ ටී 56 ගිනි අවියක්ල උණ්ඩ 30 මෙලෙස මුහුදට වැටී අස්තාන ගත වී ඇති බවද පොලිසිය පවසයි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම නාවික හමුදා නිලධාරියකු ඊයේ (8) මන්නාරම පොලිසියට පැමිණිලිකර ඇත.

    ReplyDelete
  28. අපි නං සමලිංගික නායුක සුමිත්ලා ලොල්ලෝ

    ReplyDelete
  29. නාවික හමුදා සෙබලෙක් නිදි යහනේම මියගිහින්

    මුලතිව් ගෝඨාභය නාවික හමුදා කඳවුරේ සේවය කළ නාවික සෙබලෙකු රාත්‍රී නිදි යහනේදීම මියගොස් සිටියදී අද (17) සොයාගෙන තිබෙනවා.

    මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

    මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බවයි නාවික හමුදාවේ මාධ්‍ය අංශය සඳහන් කළේ.

    මේ වන විට ඔහුගේ මළ සිරුර මුලතිව් රෝහල වෙත භාර දී තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

    ReplyDelete
  30. බකාඩි කියන්නේ පුදුම රස රම් එකක්. දිවේ කටේ අලෝගෙන ආතල් එකෙන්ම බොන්න පුලුවන් ගුඩුස් බීමක් නෙවෙයි මේ කියුබානු රස දියරය. ඉතිං මම අද මේ අවුරුද්දේ නිවී හැනහිල්ලේ තනියෙන් අඩියක් ගහන්න වාඩි වුණා. එහෙම වාඩි වුණත් මගේ බකාඩි අතීත මතක ඉස්සරහා වාඩිවෙලා චියර්ස් කියලා වීදුරු එකට ගටෝනකොට මේ ආතල් අතීතය ලියන්න හිතුනා.

    අද දහවල් පැය දෙකක් විතර මුහුදේ පීනුවා. නෑව. කරිජ්ජ එක්ක තෙලිජ්ජවගේ දියවුණා. හවසට තනියෙන් අඩියක් ගහන්න ඕනී කියලා හිතුනා ඉතිං. ඒකට හොඳම අතේ තියෙන ගානට බොන්නේ මොනාද කියලා කල්පනාවට වැටුණාම මේක බොන්න ඕනී කියලා හිතුනා.

    ගෙදර සීතේ ගල්වෙලා ඌරෙක් හිටියා. අද නියම ඌරු රස කන්න ඕනී තුනපහා වලින් දූෂණය කරන්නේ නැතිව කියලා හිතලා හිටන් ඔසෙට ගම්මිරිස් පිරිමැදලා ලැසි ගමනෙන් ගම්මිරිස් උරාගනින් කියලා ඌරා වල් වෙන්න කියලා වළඳක බැස්සුවා. ඊටපස්සේ ඉතිං දෙහි ගෙඩි ටිකක් රවුමට කපලා අමු තක්කාලි ටිකක් චප්ප වෙන්න කපලා වැඩේ පටන් ගත්තා. කහා චුට්ටක් පාට ලස්සන වෙන්න කියලා උඩින් වීසි කළා. මේක ඉතිං හිතුවා වගේම බකාඩි රස එක්ක නියමෙටම සෙට් වුණා.

    ඉස්සර අපි මෙහෙවු අවුරුදු කළට එකදිගටම සතියක් විතර බොන එක තමයි කළේ. දෙකට තුනට නාකියාගෙන සරමට බැහැලා කඩේ ළඟට වීසි වුණාම සිත්තර සත්සිරි අතර කිමිදෙන කොට මුල්ලක කංසා දුමායනයක කිමිදෙනකොට කවුරුහරි ග්‍රහයෙක් මාට්ටු වුණා. වරෙන් යන්න .. එච්චරයි කතාව.

    ගෙදර වටේටම කඳු උඩ තැන්නේ ගඟ අයිනේ පතල් වාඩි ඕසෙට තිබුණ දේශයක වාසියෙක් වීමේ වාසිය අපිට උපරීම ලැබුණා. පතල් වාඩි තරඟයට ඩොලැක්කි සෙල්ලම කලා. තරඟයට මැණිකක් රකිනා නා රජිදෙකු සේ ගැයුවා. දවසක් චුල්ල පදම රජතුමාගේ බිසවට පිපාසේ හැදුනා කාන්තාරේ යනකොට වගේ සිංදු එළියට බැහැලා හඳ එළියේ ඇවිද්දා. සමහර වැහි දවසක සීතල සුළං අහුරක් වගේ මූන වටේ රවුම් ගැහුවා.

    අවුරුද්දට සෙට් වෙන මේ වාඩී බීම රස කළේ ගොඩක් වෙලාවට ගල් අරක්කු. මඤ්ඤොක්කා ගොන් මාළු වැරදුනේ නෑ. සමහර මැණික් ඕසෙට ලැබෙන වාඩි වල කුකුල්ලු පිටින් ගොජදාන ජූසි හැළියට වැටිලා මිරිස් තුනපහා වාඩියේ අයියගේ අත්ගුණේට කිතිකැවිලා දවටගෙන අපේ කටවල් ඇතුලට පැන්නා. වාඩියේ උණ මැස්සේ හිඳ උණ කනුවට පිට තියලා යෝධ බලයෙන් අපි ගල් ගැහුවා ගුඩුස් ගාලා. ගොඩක් අය සැන්ඩි කරලා නෝන්ඩි වුණේ නෑ.
    සමහරුන්නම් අලියා සෝඩාවලින් ගල් දූෂණය කරලා දිව උඩ තියාගත්තා. අපිනම් ඉතිං ඒකාලේ ගුඩුස් ගාලා බෙල්ලේ නහරවැල් ඇඹරිලා යන්න අමුවෙන්ම බීලා දත් ගැලවිලා වැටෙන රස්නයක් එක්ක සෙල්ලමෙන් ඉන්න චිකන් කෑල්ලක් කටට වීසි කරගෙන අර ගැස්සිල්ලට පොඩි දුනුපටියක් බැන්ඳා.

    අපේ කඩේ ළඟ ගැන්සියට එම්ඩී නයින්ටි තුනක් තිබුණා. එක අස්ව එක්සෙලයක් තිබුණා. ඒක හංගමුවෙන් පාරට දානකොට අපේ කන් හීන් කිතියකින් කට කටස් ගෑවා. තව කවසාකියක් තිබුණා. ඒක ලේසි බයික් එකක් නෙවෙයි කන්ථක අස්වයා වගේ පන්නන්න ගිහිං දෙවෙනි හිමිකරුට මරණය ගෙනත් දීලා තුන්වෙනි හිමිකරු විදිහට අපේ මිත්‍රය තෝරගෙන තිබුණා. ඉතිං ඒ බයික් එක අපිට අජානේය රථයක් වුනා. අපි හරි උජාරුවෙන් නැඟලා මරණය අතේ තියාගෙන අපි යකෙක්ටවත් බය නෑ යකෝ කියලා ඉගිල්ලුනා. ආ තව බයික් එකක් තිබුණා ඒකේ නම මට මතකයට එන්නේ නෑ පොල් ගහක උනත් යන්න පුලුවන් බයික් එකක් ඒක. ඒකේ කවදාවත් ලයිට් කියලා කනාමැදිරි ෆුකක දෙයක් තිබුණේ නෑ. අතේ ටෝච් එකක් තිබුණොත් ඒකෙන් ගියා නැත්තං ඉතිං ඇහේ හුරුවට තමයි ගියේ. අනික ඉතිං අපිට අපේ පාර ඇස් වහගෙන යන්න පුලුවන් නිසාචොර කමක් තිබුණා ඒ කාලේ අපිට.

    ඉතිං කඩේ හවසක මේ රථයක අපි කොහේහරි වාඩියකට නික්මුණා. සමහර මෙහෙම සති වල 'මේ බටෑදිරියේ දහා පෙන්නලා සූදුවක් තියෙනවා යමං' කියලා ආරාධනා ලැබෙන දවස් සෙට් වෙනවා. ඉඳලා හිටලා බුරු ගහන මට ඉතිං මෙහෙම ආරාධනාවක් හම්බවුණාම ඉබ්බා දියට දැම්මා වගේ. එහෙම වෙලාවක ඉතිං ගමන්සගයා දිනාගෙන දිනාගෙන ගියොත් හෙමින් සීරුවේ සල්ලි ටික යටිමඩි ගහලා සපෝට් එකක් දුන්නා. සමහර දවස්වලට ඉතිං ඔන්න පොලිස් කියලා පැනලා දුවලා යාලුවා ආයේ පරාජයට යන එක වළක්වගෙන ගෙදර අරගෙන ආවා. සමහර දරුණු දිනීම් සිද්ධවේගන ගියොත් අපි කතාකරගෙන යන විදිහටම ඈත ඉදලා බූරුපොළට ගල් දෙකක් තුනක් ගහලා කස්ටිය විසුරවලා සල්ලි පොදිය අරං මාරු වුණ.

    ReplyDelete
    Replies
    1. එහෙම දවසට ඉතිං වැඩි ගානට කොහෙන් හරි බැරිම වුණොත් පතායා ගිහිං හරි බෝතලයක් දෙකක් අරගෙන පතල් වාඩියකට ගිහිං වාඩියේ අයියා අහරෝලා ඌටත් හොඳටටෝම පොවලා අපිත් හොඳටෝම බිව්වා. ඒවා තමයි ඉතිං අවුරුදු සමයේ ආතල්. සමහර අලුත් අවුරුදු උත්සව ඉවරවුණේ මාරිම්බා වගේලොකු සංගීතයක් අස්සේ. එහෙව් සංගීත බලන්න ගියාමත් ඉතිං පාරක් තොටක් පිට්ටනියක් බෝක්කු සිලින්ඩරයක් නෑ හොඳටම ගැසුව එක තමයි කලේ. ගහලා ඉතිං ප්‍රීතිවලිවලට පැටලිලා පොකුරේ ගහගෙන හිනාවෙවී ගෙදර ආපු වෙලාවල් තිබුණා. සමහර සංගීත ඉවර වෙනකොට සමහර ගම් පහුකරගෙන එන්න බෑ ගහන්න මඟ රැකලා ඉන්නවා එතකොට ඉතිං ජංගල් කට්ස් දාලා තමයි ගෙදරට ආවේ.

      එහෙව් අතීත මතක සතියක් තමයි මේ ගෙවෙන්නේ. මෙහෙම සතියක් සෙට් වුනාම රත්නපුරේ එවුන් මැණික් හොඳටම හම්බවුණාම ඒකාලේ බොන බීමක් තමයි බකාඩිය. එතකොට ඉතිං මේ බීම එක ලංකාවේ ගැහුවේ නැති නිසා ගානත් සැරයි. ඒක ඉතිං මැණික් කාරයාට ලොකු ගෞරවයක් නම්බුවක්. ඉතිං පතායා එකෙන් හරි බකාඩියක් අරගෙන ආවා ගහන්න. ඒක හැබැයි කලාතුරකින් තමයි උනේ.

      බකාඩි බිව්වත් ඉතිං අපි බීලා කරන මගෝඩිස් වැඩ නවත්තලා පරිනත වුණේ නම් නෑ. එහෙම හොඳටම බේබදු වුණ රාත්‍රියක් උදෑසනකට කන්වර්ට් වුණාට පස්සේ ඉතිං ගමේ මිනිස්සුන්ගේ මූන බලන්න බෑ. මොකක් හරි හුට්ටප්පරයක්. මොකක් හරි පැමිණිල්ලක්. බලහන් කරුණෝ මුන් ඊයේ රෑ මගේ දොරට ගහලා දිව්වනේ. බලහන් මුන්ට තියෙන මර විසේට ගස් ලබු ගහා කඩලනේ දෙකටම. බලහන් මඤ්ඤෝකා ටික සේරම ගලෝලනේ. ඔය වගේ කයි කතාවල ඉදලා රණ්ඩු සරුවල් පැමිණිලි දක්වා පුලුල් පරාසයක පැමිණිලි ඒ උදෑසන පැමිණිලි ගොන්නේ තිබුණා.

      එහෙම බොහොම ප්‍රීති කාලයක් තමයි මේ වසන්තය කියන්නේ. අලුත් අවුරුද්දට දවස් 45ක් ගියාට පස්සේ මහාගංවතුරක් එනවා කියන එක අපිට අරුමයක් නෙවෙයි. ඉතිං ඒ මහා ජලගැලීම එනකම් ගොඩක් වෙලාවට මේ අවුරුදු අසිරිය තිබුණා. බූරු පොළවල් සමහර අවුරුදුවල වෙසක් පොසොන් දක්වාම චුයින්ගම් වගේ ඇදුනා. එහෙම බැලුවාම මාර්තු වලින් ඇරඹිලා වෙසක් පොසොන් වෙනකම් අවුරුදු සිරිය දියවෙලා ගියා.

      එහෙම විශාල මතකයක් තමයි අලුත් අවුරුද්ද කියන්නේ. එහෙම කාල ගොඩක් පහුකරලා මෙහෙම තනියෙන් අරක්කුටිකක් කටට දාගෙන ඔහේ කල්පනා කරන කාලයකට එන්න තරන් මම පරිනත වෙලා. ලේසී නෑ නේද?..😂😂

      කොහොම වුණත් තනියෙන් බොනවා කියන්නේ පිස්සුවක් තමයි. ඒක කෙළවරක් නැති බීමක්.

      Delete
    2. මේක පට්ට.. උඹ මේක මෙතන දාන්න හිතුව එකට රෙස්පෙක්ට්.. මගෙත් කතාව ඔයිට බොහොම සමයි.. බූරු කෙළිය ඇරුණාම ❤️💐🍻🥃

      Delete
  31. Ajith Dharmakeerthi was born in Sri Lanka and attended Royal College Colombo, which was also the Sri Lankan President's school. In the early 1980s, the Sri Lankan government sent Ajith to the Soviet Union to receive a high education. At the time, the current Sri Lankan President Ranil WIchramasinha worked as a Minister. Ajith was tasked with stealing Soviet nuclear technology and selling it to western countries. Mr. WIchramasinha later sent Ajith to Israel for training from the Mossad intelligence service. Ajith is married to a German woman, and they currently reside in London, UK. In the Russia-Ukraine conflict, Ajith supports Russia, despite his country supporting Ukraine. Ajith is known to be working with Ranil WIchramasinha, who is also known to support western countries.

    ReplyDelete
  32. මෙම බ්ලොග් හමුව සදහා නෙළුම්යාය සිංහල බ්ලොග් පදනමේ නිර්මාතෘ, ජනාධිපති මාධ්‍ය අංශයේ අන්තර්ජාතික දේශපාලනය පිලිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, න්‍යෂ්ඨික විදුලි ඉංජිනේරු(සෝවියට් සංගමය), කොළඹගමයා බ්ලොග් අඩවියේ නිර්මාතෘ, ප්‍රවීන ගත්කතු අජිත් ධර්මකීර්ති මහතා සම්බන්ධ කරගන්න තිබ්බේ.

    එහෙම තිබුනා නං මේ සදහා ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහය, ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රචාරය, ලංකා නිවුස් වෙබ් චන්දිම, සංදේශය සරෝජ් ඇතුළු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් හරහා ප්‍රචාරය ලබා ගන්නත් තිබුනා. එයාර්මයිල් තියෙනවත් එක්ක.

    ReplyDelete
  33. පැරා තමන් කැමති දේශපාලන මාර්ගයක යනවා. එහෙම යන එවුන් සල්ලි වලට ඒවා කරන්නේ කියල අනිත් එවුන් කියනව'

    පැරකුම් නොදුටු මොක්පුර කියලා මට ගහන්ඩ පටන් ගත්තේ උබනි බං අජිත්.

    දැන් අජිත් උඹ කියනවා පැරා සල්ලි වලට ලියන්නේ කියලා අනික් අය කියනවා කියලා.

    එහෙම එකක් කොහෙද මේ බ්ලොග් එකේ කියල තියෙන්නෙ? කමෙන්ට් වල කොහෙවත් එහෙම කියලා තියෙනවද?

    උඹනෙ දැන් මේ අනිත් අය කියන කතාවක් කියලා බොරුවක් ඇදලා ඇරගෙන පැරා ගැන බොරු මතයක්‌ බ්ලොග් වල සමාජගත කරන්න යන්නේ.

    උඹේ වැඩ කෑල්ල ගැන කමෙන්ට් හැම බ්ලොග් එකේම දාල තියෙනවා. හැබැයි එක බ්ලොග්කරුවෙක් වත් ඒවා අයින් කරලා නෑ. එහෙම තියෙන්න ඇරලා. ඒකෙන්ම පේනවනේ අනිත් බ්ලොග් කාරයෝ උඹට සලකන විදිය. උඹව තුට්ටුවකටවත් ගණන් ගන්නේ නෑ. දැන් මේක තේරුම් ගනින්.

    ReplyDelete
  34. අපේ අම්මා ගාව තියෙනවා සෝවියට් කතා පොත් ලොට් එකක්. ලස්සන වසිලිස්සා වගේ සුරංගනා කතා, මක්සිම් ගෝර්කිගෙ කතා සහ තව කෙටිකතා පොත් බර ගාණක්. එක උඩ එක තිබ්බොත් අඩි තුනක් විතර අට්ටියක් හැදෙන පොත් කන්දක්. අම්මවත් එයාගෙ සහෝදර සහෝදරියොවත් ජේවීපී කලේ නෑ :P තද UNP පරම්පරාවම. 2007-8 වගේ කුරුළු පොත් ප්‍රකාශකයො කරපු ලස්සන වසිලිස්සා රීප්‍රින්ට් එකට ඔරිජිනල් පින්තූර ගත්තෙ අපේ ගාව තියෙන පොතෙන්.

    මම ඉස්කෝලෙ හත අට වසර වෙද්දි ඔය පොත් ඔක්කොම අකුරක් නෑර කියවල ඉවරයි. ඒ කෙටිකතා පොත්වල තිබ්බෙ විවිධ සෝවියට් කතුවරු ලියපු කෙටිකතා. ඒ කතා වලින් සාතිශය බහුතරයක තිබ්බෙ තීම්ස් දෙකයි. ලෝක යුද්දෙ සහ සෝවියට් සංගමේ ලෝක බලවතෙක් විදියට නැගිටීම. නාසින්ට විරුද්ධව රුසියන් විරුවො නිර්භීතව දිවි පරදුවට තියල සටන් කරපු හැටි. පාටිසාන් හමුදාව. වධ කඳවුරු හිර කඳවුරු තිබ්බ පෝලන්තෙ වගේ රටවල යුද්දෙන් පස්සෙ රතු හමුදාවෙ සාමාජිකයො ලබපු අත්දැකීම්. ආයෙ යුද්දෙන් පස්සෙ සෝවියට් දේශය හැදුව හැටි. කර්මාන්තශාලා විදුලි බලාගාර හදපු හැටි. space age එකට අවතීර්ණ වුන හැටි. අභ්‍යවකාශෙට රොකට් චන්ද්‍රිකා යවපු හැටි.

    අවුරුදු 11 12 දි ඕව කියවද්දි මාර fascinating. දැදිගම වී. රුද්‍රිගු කියන කෙනා තමා ට්‍රාන්ස්ලේට් කරල තිබුනෙ. එක කතාවක් තිබුනා හිම වැටිච්ච මහ කැලයක් මැද කම්හලක් හදන කම්කරුවන්ගෙ කතාවක්. තව එකක් තිබුණ මීටර් 450ක් උස high tension කණු වල කේබල් අදින අයගෙ කතාවක්. යුද්දෙන් පස්සෙ ආව industrial boom එකට යටිතල පහසුකම් හදන්න මහන්සි වෙන මිනිස්සු.. ඇත්තටම සෝවියට් මිනිස්සු තමන්ගෙ රටට පුදුම ආදරේ, හොඳට මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරල රට ගොඩ දාන මිනිස්සු බවට සහ පාලන තන්ත්‍රය ජනහිතකාමී කාර්‍යක්ෂම එකක් කියන අදහස හොඳටම එනව ඒ කතා වලින්. හැබැයි මේ එකකවත් සෝවියට් දේශේ තිබ්බ ප්‍රශ්න, පාලන ක්‍රමේ තිබ්බ ප්‍රශ්න ගැන වචනයක්වත් කියල තිබුනෙ නෑ. ඒ කාලෙ ඒ ගැන තේරුමක් තිබුනෙත් නෑ

    ඒ පොඩි කාලෙ සෝවියට් සංගමේ ගැන පුදුම ආදරයක් හිතුනෙ ඒ කතා නිසා. ඔරුවල වානෙ සංස්ථාව ලඟින් යද්දි වාහනේ ජනේලෙන් ඔලුව එලියට දාගෙන බලන් ඉන්නෙ මේ සෝවියට් සංගමෙන් ලැබුන තෑග්ගක්නෙ, ඒ කාලෙ සෝවියට් දේශය මේවගේ තියෙන්න ඇති කියල :P

    කාලයක් ඔය අදහසෙන් හිටියා, නමුත් කොමියුනිස්ට් සිස්ටම් එකේ අඩුලුහුඬුකම් පේන්න ගත්තා මටත්. මං ඒ ගැන හොඳටම හොයන්න ගත්තේ චර්නොබිල් ටීවී සීරීස් එක බැලුවට පස්සෙ. යූටියුබ් එකේ, රෙඩිට් එකේ, quora එකේ ඒ කාලෙ සෝවියට් සිස්ටම් එකේ තිබුන ප්‍රශ්න, පාලකයන් විසින් මිනිස්සුන්ගෙ කටවල් වහපු හැටි ඇහුවා කියෙව්වා. අර පොත් වල තියෙන්න ඇත්තෙ ඇත්ත වෙන්න ඇති. මිනිස්සු බොහොම කැපවීමෙන් වැඩ කරන්න ඇති. නමුත් ඒ පොත් සහ ඒවයෙ ට්‍රාන්ස්ලේෂන් ඔක්කොම propaganda එකේ කොටස් බව තේරුනා.

    මිනිසෙකුගේ ඉරණම මිකායිල් ෂොලෝකොව් ලියපු, පෙරළු නැවුම් පස,වානේ පන්නරය ලැබූ හැටි, සැබෑ මිනිසෙකුගේ කතාව සාහිත්‍ය පැත්තෙන් නම් ඒ කතා මරු.

    යුරෝපේ වෙළදාම නැගිටීම එක්ක රජ පවුලට සිද්ද උන පාර්ලිමේන්තුව ප්‍රමුක වෙළද සංගමේට බලය පවරන්න. මොකද පෙරදිග වෙළද හවුල වගේ ජාත්‍යන්තර වෙලදාම දියුණු වීම තුලින් ලොකු වත්කමක්, පිරිස් බලයක් වෙළද හිමියන්ට ඇති උන. ඒ බලය රජාගේ බලය ඉක්මවා යන බලයක්. ඕකත් එක්ක ඇති උන ප්‍රජාතන්ත්‍රවාදය යුරෝපේ ලොකු වෙනසක් කළා. අපි හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මිනිස්සුන්ට කැමති ඕනෑම දෙයක් කිරීමේ නිදහස කියල. නැහැ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සුද්දුස්සට සුදුසු තැන ලැබීම. දක්ෂයට නිසි තැන ලැබීම.

    ඒ වෙද්දී ලෝකේ ලොකුම රට උන යුරෝපේ එක්ක කරට කර හැප්පෙන්න හිටපු රුසියාවේ එහෙම අලුත් පිබිදීමක් තිබුනේ නැහැ. එක තමි සමාජවාදය විදිහට උන් හදාගෙන මිනිස්සුගේ ඔලු වලට දැම්මේ. ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදයයි (ධනවාදය) සමාජවාදයයි ගේමට තමයි වැඩේ යන්නේ. වාහන හදන එකේ ඉදන් හදට යන එක දක්වා දෙගොල්ලගෙ තරගය තිබුනේ.

    ඔන්න ඔහොම බලෙන් තරගය පිණිස ඇති කරගත් ප්‍රති විරුද්ද බලවේගය මිනිස්සුන්ගේ ඔලුවට දාන්න සාහිත්‍යය ලොකු වැඩ කොටසක් කරලා තියනවා කියල තමයි මට හිතෙන්නේ.

    ReplyDelete
  35. හමුවෙමු තවත් කොටසකින්..// කෝ යකෝ ඉතීම් ඉතිරි කොටහ

    ReplyDelete
  36. Come on kalane, should have write another episode....

    ReplyDelete
  37. මගේ අම්මා මව්වරුන්ගේ දිනයක් ගැන දැනගෙන හිටියෙ නෑ. එහෙම සැමරුමක් කිසි දවසක අපි කරලත් නෑ. කොටින්ම අම්මාගෙ උපන්දිනේට තෑග්ගක් දුන්නෙ පවා මාත් සෑහෙන වයසකට පත්වුනාට පස්සෙ. එයාට දින සැමරුම් නුහුරු කාරණයක්.

    ඒත් මව්වරුන්ගේ දිනය ගැන දකින නොයෙක් පෝස්ට් මාව අම්මා ගැන පුංචි සටහනක් ලියන්න උනන්දු කළා.

    මං හැදුන විදිහ අම්මා කෙනෙකුට දරන්න පුළුවන් විදිහක් නෙමෙයි. කීකරු වීම නින්දාවක් විදිහට සළකපු, අකීකරුකම ආභරණයක් විදිහට පළදපු මං අපවාද, අපහාස මිස අම්මා කෙනෙක් දරුවෙකුගෙන් බලාපොරොත්තු වෙන ආඩම්බරය එලියෙන් අරගෙන ආවෙම නෑ.

    ‘මං මැරුන දවසක උඹට තේරෙයි’ අම්මා කියද්දි,

    ‘මැරුනම මොකක හරි ඔතලා වළ දානවා මිසක් මං නං අඩ අඩ ඉන්නෙ නෑ’ කියල මං කියනවා.

    අම්මා හිනාවෙනවා.

    මගේ නරුමකමත් එක්ක බැඳුන ආදරය තේරුම් ගන්න එයාට පුළුවන් වුනා. මං හිතන්නෙ ඒකයි අම්මාකම.

    හැමෝම ප්‍රශංසා කරන, සමාජයේ පිලිවෙලට හැදෙන දරුවෙක් ගැන අම්මා කෙනෙක් ආඩම්බර‍ වෙන එක සරල, සාමාන්‍ය දෙයක්. ඒත් හැමදෙයක්ම කණපිට කරන, සමාජ අපවාදයට ලක්වෙන දරුවෙකුට අම්මා කෙනෙක් පණ දෙවැනි කොට ආදරේ වෙන එක පරිණතබව, ගැඹුර සම්බන්ද කාරණයක්. අම්මාගේ ආදරේ නොතිබුනොත් මං කිසිම ආදරයක් අහිමි දරුවෙක් වෙනවා කියල එයා දැනගෙන හිටියා.

    අම්මාගෙයි මගෙයි අතර කිසිම රහසක් තිබුනෙ නෑ. මං කරන හැම අපචාරයක්ම මං අම්මා එක්ක කිව්වා. මුලින්ම ඉස්කෝලෙන් කට්ටි පැනලා ෆිල්ම් බලන්න ගිය එකත්, මරදානෙ bලූ ෆිල්ම් බලන්න යන එකත්, සිගරට් බීමත්, කංසා බීමත් ආදී සියලු අත්දැකීම් මං බෙදාගත්තෙ යාලුවො එක්ක නෙමෙයි, අම්මා එක්ක. එයා අමුතුම ලෝකයක් දිහා බලාගෙන ඉන්නවා වගේ ඒ කතා අහගෙන හිටියා. සාම්ප්‍රදායික වටිනාකම්, ඇගයුම් වලට මුවා නොවී තමන්ගේ දරුවා දිහා බලන්න, ඒ නොමනාකම්වල අර්ථයන්, කුතුහලයන් තේරුම් ගන්න අම්මාට පුළුවන්කම තිබුන.

    මං අම්මට ආදරේ එයා හොඳ දරුවෙක් හදන්න උනන්දු වුන හින්ද නෙමෙයි. සමාජයක්ම එදිරිව එද්දී පවා, නරක යැයි සම්මත දරුවෙක් අත්නොහැර ඒ දරුවා පිටිපස්සෙන් හෙවනැල්ලක් වගේ උන් හින්ද.

    මං පොත් කියෙව්වෙ අම්මා හින්ද. අකුරු කියවපු කාලෙ ඉඳන් එයා වැඩ කරපු රජයේ කාර්යාලවලින් පොත් පත්තර මිටි පිටින් මට ගෙනත් දුන්නා. ඒ කතා කියවලා මං ඒවා ආපහු අම්මට කිව්වා. අම්මා වැඩ ඇරිලා එන්නෙ මගේ කතා අහන්න.

    ලෝකෙ ශ්‍රේෂ්ට මිනිස්සුන්ගෙ ජීවිත කතා අම්මා මට ගෙනත් දුන්නා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගෙදර තිබුනු එකම ලාම්පුව තමන්ගෙ පාඩම් වැඩ පිනිස අරගෙන පවුලෙ අනිත් අයව කරුවලේ තියද්දි අම්මා කිව්වෙ,

    ‘එහෙම තමයි, හැමෝම ගැන කල්පනා කරන කෙනෙකුට ජීවිතේ වෙනස් කරන්න පුලුවන්කමක් නෑ. සිද්ධාර්ථ වුනත් බුදු වෙන්නෙ පවුලට අකීකරු වෙලා කැලේට ගිය හින්ද’

    අපේ අම්මා කියන්නෙ අයියලා අක්කලා නංගිලා ගණනාවක් හිටපු මහා පවුලක ඒ පවුලේ උවමනාවන් වෙනුවෙන් හැමදෙයක්ම කරන්න සිද්ද වුන කෙනෙක්. පවුලේ ගෞරවය වෙනුවෙන් එයාට පවුලෙ අය කැමති කසාදයක් කරගන්න වෙලා තිබුන. වැඩිය ඉගෙන ගත්තොත් මිනිහෙක් ගන්න බැරි වෙන හින්ද උපාධිය පවා හංගන්න වෙලා තිබුන. එයා ඇතුලතින් ආසා කළ අසම්ප්‍රදායික ජීවිතය සම්පූර්ණයෙන් කැප කරන්න වෙලා තිබුන. අම්මා මගේ ඇතුලෙන් දැක්කෙ ඒ සම්ප්‍රදායික පිලිගැනීම්වලට එරෙහිව ගහන කැරැල්ලක්. ඒක එයාට ආස්වාදයක් වුනා.

    කවදා හරි දවසක අම්මා මැරුනම ඒත් එක්කම මැරෙන එක මගේ ප්‍රාර්ථනාව වුනා. මගේ ජීවිතය තිබුනෙ එයා ළග ඉද්දි බව මං දැනගෙන හිටියා. ඒත් අම්මා මැරුනා. මං ඉතුරු වුනා.

    හැබැයි මං ඒකට ජීවත් වුනා කියල කියන්නෙ නෑ.

    අම්මා නැති වුනාම මං ඇත්තටම මැරුනා..

    ReplyDelete
  38. කොස්තාපල් සුමිත් කෝ කතාවේ ඉතිරි කෑලි.

    තමුසේට ආයේ හිරේ වත් ලගින්න වැඩ කටයුතු සිද්ධ උනාද

    ReplyDelete
  39. පාසැල් කාලයේසිට මිතුරකුව සිටි අයකු...ඔහු කල රටේ විනාශයට හේතුවුන බරපතළ වැරැද්දක් ගැන පෙන්වා දුන්නම... මිතුරුකමෙන් අයින් වෙනවානම්...ඔහුගේ මිතුරු කමින් මටඇති වැඩක් නැත !. මේක ලියන්නේ මම මහින්ද දේශප්‍රියගේ යහළුවෙක්වී සිටියා මිස ඔහුගේ බැතිමතකුවී සිටියේ නැති නිසාය.

    ද්විත්ව පුරවැසි ගෝඨා මැතිවරණයට ඉදිරිපත්වීම වළක්වන්න උඹට බලය සහ ඕනෑ තරම් ඉඩකඩ තිබුණා කියල ප්‍රසිද්ධියේ කිව්නිසා Mahinda Deshapriya මස්සිනා මාව Unfriend කරලා. මහින්ද දේශප්‍රිය මස්සිනා...

    ඔහුගේ ජනප්‍රිය වෘත්තීය ජීවිතය...සහ දේශපාළුවන්‍ ගැන. රටකපටි දේශපාළුවන්‍ වන් උඹේ අනුමැතියෙන් මැතිවරණ කොමිසමේ ත්‍රීවීල් පක්ෂ අටවගෙන ඒවා මැතිවරණවලදී කෝටි ගණන් වලට විකුණමින් උඹ දැනුවත්ව ගහපු ගේම්...කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තිබේ...උඹ කිසිම දේශපාළුවෙක් එක්ක බීලම නැද්ද ? මහාධිකරණ විනිසුරුවරයෙකු බඳුවූ නුඹ...බරපතළම රාජකාරියක් කරන සමයේ එහෙම බිව්වා නම් ඒක හරිද ?

    දේශපාලුවන්ට නම් හාට් එකක් නෑ උන්ට තියෙන්නෙ කැල්කියුලේටරයක්...ගෝඨා එනවට විරුද්ධ වුණ රත්නජීවන් හූල්ට මොකද උනේ ?

    රටෙන් 90% කියනවා ගෝඨා කල්ලතෝනියෙක් කියලා...

    මැතිවරණ කොමසාරිස් කියනවා පොලීසියට කියලා...ඌ කල්ලතෝනියෙක්ද කියලා හොයන එක මට අයිති නැති අනුර කුමාරට අයිති රාජකාරියක් කියලා...අනුර කුමාරත් ජරාව කාලා සද්ද නැතුව ඉන්නවා...මරේ මරු ජන්ද කොමසාරිස් !

    උඹ විතරක් දන්නා top secret කරුණු අළලා ලක්ෂ ගණනක පිටපත් විකිනෙන...දැනට ජීවත් ජීවත් වෙන මහින්ද රාජපක්ෂ වැනි පට්ට හොර තක්කඩි දේශපාළුවන්‍වන්ගේ රෙදි ගැලවෙන වටිනා ඉතිහාස පොතක් ලියන්නේ නැත්තේ ඇයි ? මහින්ද රාජපක්ෂ ජන්දෙන් පැරදුන දවසේ උදේ ඌ උඹට ටෙලිෆොන් කරලා කිව්වේ මොකක්ද? රනිල් වික්‍රමසිංහ එදා උදේ ටෙලිෆෝන් කරලා උඹට කිව්වේ මොකක්ද ?

    මට දැනගන්න ආසයි !

    සම්පූර්ණ ඇත්තම ඇත්ත ලිව්වොත්...

    මහින්ද රාජපක්ෂ තක්කඩියාගේ වගේම මහින්ද දේශප්‍රිය මස්සිනාගේත් රෙදි රාජපක්ෂලා ගලවෙන්න ඉඩ ඇති නිසා මේ වටිනාපොත කවදාවත් ලියැවෙන්නේ නැත. තමන්ගේ සහ හෙන්චයියන් ගේ නඩු විසි කරමින් මිනීමැරුම් සහ හොරකං වල file අස්ථානගත කරමින්...සාක්ෂි විනාශ කරමින්...තවමත් රට පාලනය කරන්නේ රාජපක්ෂ මිනීමරු කපටි පවුලයි.

    මේ අවාසනාවන්ත රටට...තව අවුරුදු දෙක තුනක් වත් යනකං මේ මිනීමරු හොර පවුලෙන් ගැලවීමක් නෑ. මිනීමරු කපටි මයිනයි, කපුටයි...උගේ පවුලේ අයයි හෙන්චයියනුයි මොහොතින්... දේශපාලනයෙන් සදහටම අතුගාලා දාන්න අපේ දේශප්‍රිය මස්සිනාට පුළුවන් !මචං රට ගැන හිතපන් උඹ කළ විනාශයට ඉපදුන රටට වන්දි ගෙවපන් මගේ පොත මම ලිව්වා... මස්සිනා පොත ලියන එක මට බාරදීපන් !. උඹයි මායි දෙන්නම දැන් මරණයට ගොඩක් කිට්ටුයි. කෞරව රාජ පරම්පරාවේ ජානවලින් ආපු බෝනොවෙන රෝග හැදිලා ඉන්නේ...bypass කරලා අවුරුදු තිස්දෙකක් ජීවත් වෙලා bonus ජීවිතයක් ගත කරලා...

    වල ගැට්ටේ ඉන්න මං ඔය එකෙකුටවත් බයනෑ...මේ කුණු දේශපාලන ඌරන් තමන් ඉපදුණු රටට ගහපු කපටි ගේම් ගැන මුළු රටම දැන ගත යුතු වටිනා කරුණු රාශියක් උඹේ මරණයත් සමග අම්බලන්ගොඩ කැරකෝප්පුවේදී අළු බවට පත්වෙනවා. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං මූන බලපං... හෘද ශාක්ෂිය ගැන උඹ නිසා මේ රටට වුණු විනාශය ගැන, නිරපරාදේ රාජපක්ෂලාගෙන් මැරුම් කාපු මිනිසුන් ගැන...පසුතැවීමක් වත් නැද්ද ? මං දැනං හිටියා රටට වෙන්න යන විනාශය ගැන...ජීවිතය ගැන නොතකා මම තනියම ප්‍රසිද්ධියේ හුඟක් සටන් කලා ගෝඨා ජනාධිපති වෙන එක වළක්වන්න ...අරගලයෙන් කීදෙනෙක් මැරුණද ? මට #කෙන් හිනා ගියා උඹ අරගලයේ ඉන්නවා දැකලා...මේ මරණ වලට උඹත් වගකියන්න කියන්න ඕනෙ නැද්ද ? උඹ මට කිව්වෙ ඕක මට අදාළ නෑ කියලා...

    ස්වර්ගයේ වැඩවසන දේශප්‍රියාණනි...

    රාජපක්ෂලාගෙන් රට ගළවාගත මැනව...

    #ආමේන් !

    මට හරි දුකයි මචං !

    I dont want to naked u...
    I just want to show you the mirror !

    ReplyDelete
    Replies
    1. මහින්දයත් එක්ක ඩීල් එක රිනිව් කරලා...
      Pension එකට අමතරව...
      වාහනයක් සහ තවත් අමතර පඩියක් ඉතාම සුවපහසු තනතුරක් අරගෙන...නැවතත් මැතිවරණ කොමසාරිස් වෙන්න ඉල්ලමින්...ලෝකෙටම පොළු තියලා... කානුවට පෙරලිලා හිඟමනටම වැටුනමේ රටට...
      උඹ රනිල් මහින්ද බලු පූට්ටුවෙන්... නැවතත් මැතිවරණ කොමසාරිස් තනතුර ඉල්ලමින්... තව තවත් රටට කෙලවන හැටි බලං ඉන්න බැරිම තැන...
      මං මේ වගේ පෝස්ට් එකක් දැම්මා...
      // මහින්ද රනිල් බලු පූට්ටුව... දැන් උපදෙස් ගන්නේ...
      ගල් පලලා මද කාපු...
      ව්‍යවස්ථාව, FR එක...බයිබලය මෙන් කට පාඩමින් දත්...හිටපු පරිපාලන නිලධාරියෙකුගෙනි //
      උපුටා ගැනීම අවසන්...
      හුකා...
      මෙන්න මස්සිනා #තොප්පියඅතින්අරන්දාගෙන...
      පහුවදාම මාව බ්ලොක් කරලා.
      මේකා ආයෙත් මැතිවරණ කොමසාරිස් වුනොත්...
      නාමල් රාජපක්ෂ ජනාධිපති වෙලා නවතින්නේ. උඹ ගහපු ටිපෙක්ස් ගේම්එකක් නිසා මුස්ලිම් ත්‍රීවීල් කාරයෙක් කොළඹ නගරාධිපති වුණා, ඊළඟට පොල්ලෙල්ලක් ආවා මහරගමට. ඕනම මැතිවරන අපේක්ෂකයෙක් කපන්න ඕන හරිම විදිය උඹ දන්නවා. නාගට දුන්නේ පුකෙන් යන්න. මැතිවරණයට බාධා කරලා කල් දානවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි.
      අනිවාර්යෙන්ම හිරේ යන්න වෙන මගුලක්.
      රනිල්ට ඇඟ බේරගෙන...
      මැතිවරණ කොමිසම නැමති බල්ලත් 🐕 නොමරා පොල්ලත් නොකඩා...උසාවියෙනුත් බේරිලා මේක කරන හැටි ගැන උපදෙස් දෙන්න සුදුසුම පුද්ගලයා කවුද...
      වෙනින් කවුරුවත් නොවේ... ලෙනින්මොරායස්ම තමයි.
      චන්ද්‍රිකා...මහින්ද වගේ ජරා සත්තු එක්ක...කිසිම හිරිකිතයක් නැතුව කන බොන ඩීල් දාන...
      උඹ ගැන මම දිගටම හිටියේ සැකයෙන්...
      උඹට මතකද...
      නෙළුම්යාය උත්සවයේදී උඹේ ෆෝන් එක මගේ අතට දුන්නා...ස්මාර්ට් ෆෝන්වලින් ෆොටෝ ගහන හැටි අහගන්න...
      සිංහලෙන් ටයිප් කරන හැටි අහගන්න. වැරදි මිනිහගේ අතට මචෝ උඹ ෆෝන් එක දුන්නේ..
      පිලාඔරුවකට නැගලා ගෙඳවානට ගිහින් ඕක මූදට වීසි කරපන්...තවදුරටත් රනිල් මහින්ද බලු පූට්ටුවට #ක දීලා නැවතත් මැතිවරණ කොමසාරිස් උනාට වැඩක් නෑ...
      උඹට මාදම්පා ගඟේ පටබැඳි මුල්ල මූදේ...
      නාන්න බැරි වෙනවා...
      මර යුද්ධකාලේ මං මැරෙනවට බය නැතුව නේවි එකට ගියේ.. ප්‍රභාකරන් #රි බල්ලා මරන්න උදව් කරන්නයි. මං මගේ රටට හුඟක් ආදරෙයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න ඕන තරම් චාන්ස්එක තියෙද්දිත් මේරටේම නැවතුනේ ඒකයි. උඹට ආණ්ඩුවෙන් දීපු...තුවක්කුව වගේම මගේ තුවක්කුවත් පත්තුවෙනවා...උඹට හරියටම ටාගට් එකට වෙඩි තියන්න බෑ... නමුත් නේවි එකේ හිටපු හැම ජාතියම තුවක්කු වලින් වෙඩි තියපු...Son Of a Gun ලුතිනන් කමාන්ඩර් විමලසූරියට පුළුවන් !
      උඹ වගේම මමත් දනින් පහල තියන්නෙ නෑ..ඔළුවටම තමයි තියන්නේ. හරි ප්‍රසිද්ධ හැමෝම සෙල්ෆි ගහන මැකෝ මගේ සමකාලීනයෙක්...
      අපේ අම්බලන්ගොඩ අපේ ගමේ සුපිරි පොරක්...කියල මම හැම තැනකදිම කිව්වේ හරිම ආඩම්බරෙන්...
      උඹ වගේ දවල් මිගෙල්..
      රෑ දනියල් කෙනක් දාගෙන ඉන්න...අම්බලන්ගොඩ ආරියපාල ගුරුන්නාන්සේගේ... සළුපාලිය වෙස්මූණ ගලවලා...
      නියම මූණ රටට පෙන්නලා...
      මේ රටට තවතවත් කෙලවන එක...වළක්වන එක...
      හිටපු හමුදා නිලධාරියෙක් විදිහට මගේ යුතුකමක්.
      හිරේවත්තෙ බාසාවෙන් කිව්වොත්...
      උඹ හරිෂෝක් GuඌKaරියෙක් !
      #නේවිකොල්ලා

      Delete
  40. ඔයගොල්ලෝ ඊයේ (03) නිවුස් වල දැක්කනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කොළඹ ඉදං වැලිමඩ බලා ගිය හෙළිකොප්ටර් යානය සහ පරිවාර හෙළිකොප්ටර් යානය හදිසියේ වැල්ලවාය බුදුරුවගල ඉස්කෝලෙට ගොඩබාපු එක. අයහපත් කාලගුණය නිසා තමයි එතනට යානා ගොඩබෑවේ.

    ඔකේ ජනාධිපතිතුමා ගිය අති විශේෂ ට්වින් ටර්බෝ ප්‍රභූ ආරක්ෂක මිසයිල සහිත බේල් 212 හෙළිකොප්ටර් යානය පදවාගෙන ගියේ අජිත් ධර්මකීර්ති මහත්තයා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යන ඕනෑම ගුවන් ගමනක යානාව රැගෙන යන්න දෙන්නේ අජිත් ධර්ම මහත්තයට විතරයි.

    මොකද ජනාධිපති රනිල් මහත්තයාගේ අතිශය විශ්වාශසහගත නිලධාරීයෙක් තමයි අජිත් කියන්නේ. ජානාධිපතිතුමා වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න ලැස්ති.

    ඉතින් ඊයෙත් ඔය ගමන යද්දී අජිත්ට තේරුනා තව දුරටත් කඳුකරය දෙසට යානා රැගෙන යන්න බැහැ කියලා. අජිත් විතරක් ආවා නං අජිත් වැලිමඩ යනවා හෙළිකොප්ටර් එකේම.

    මතකනේ අජිත් එක පාරක් රුසියාවේ ඉදං ඇන්ටනොව් ගුවන් නැවක් අරගෙන ඇවිත් කොග්ගල එයාර්පෝර්ට් එකේ ගොඩපාපු හැටි.

    ඕනිම කාලගුණයක ඕනිම ගුවන්යානයක් රැගෙන යන එක ගොඩබාන එක අජිත් ධර්මා මහතාට කජු කනවා වගේ. ඒ උනාට මෙතන එහෙම බැහැනේ. සේනාධිනායක, විධායක ජනාධිපති. ඒ නිසා අජිත් යානාව බැස්සුවා ඉස්කෝලේ පිට්ටනියට.

    ඒ වෙලාවේ ජනාධිපති ආරක්ෂක අංශයේ රැකවලුන් සීමිත ප්‍රමාණයක් සිටියේ යානා වල. හැබැයි අජිත් ධර්ම මහත්තයාත් හිටිය නිසා ජානාධිපතිතුමාට ආරක්ෂාව ගැන කිසිම බයක් සැකක් තිබ්බේ නැහැ. අජිත් ධර්ම මහත්තයත් යානාව ගොඩ බස්සපු ගමන් තටු නතර වෙන්නත් කලින් එලියට පැන්නා විශේෂ ප්‍රභූ ආරක්ෂක ගිනි අවිය අමෝරාගෙන.

    මොකද කලින් දවසක ක්‍රීඩා ඇමති ඉස්කෝලෙකට ගිහින් ජේවීපී ත්‍රස්‌තවාදීන්ගේ විරෝධයට ලක් උන එකත් අජිත් මහත්තයාගේ ඔලුවට ආව. ඔය ක්‍රීඩා ඇමතිගේ සිද්දිය වෙලේ ජේවීපී ත්‍රස්‌තවාදී ගුරුවරයෙක් කිව්වා මහක ඇති ජනාධිපති රනිල්ට පුළුවන් නං ඉස්කෝලෙකට එන්න, ගහලා එලවනවා කියලා. අජිත්ට ඕක සිහියට ආව.

    අජිත් ධර්ම මහත්තයාගේ හිතේ ගතේ හයිය තියෙනව ජේවීපී ටෙරාලා සීයක් ආවත් බාවන්න. මීට කලිනුත් එහෙම කරලා තියෙනවනේ.

    ඊට පස්සේ අනික් ජනාධිපති ආරක්ෂකයන් එක්ක අවට ආරක්ෂාව තහවුරු කරලා ජනාධිපතිතුමාව විදුහල්පතිතුමාගේ කාමරයට එක්කන් ගිහින් ස්ථාවර කරා.

    ඒ අතර තුරේ ප්‍රදේශයේ ආරක්ෂක ප්‍රධානින් දැනුවත් කොට ආරක්ෂක අංශ ගෙන්වා ගෙන පිටත ආරක්ෂක වළලු තර කරා. ඊළගට මයිත්‍රී මැඩම්ටත් කතා කරලා දැනුම් දුන්නා සිදුවූ දෙය සහ මැතිතුමා ආරක්ෂිතව ඉන්නා බව.

    දැන් ඊලග වැඩේ ජනාධිපතිතුමාව වහාම මෙම ස්ථානයෙන් ඉවත් කරගෙන යන එක. එත් එකට අවශ්‍ය විශේෂ වෙඩි නොවදින ප්‍රභූ ආරක්ෂක විශේෂ අවි සහිත වාහන එතන නැහැ. හදිසි ගොඩබෑමක් නිසා වාහන මෙතන නැහැ. ඒවා ඒ වෙනකොට ගුවන් මගින් වැලිමඩට යවල තිබ්බේ. ආයේ ඒවා ගෙන්න ගන්න වෙලා යනවා. අනික ගුවන් මගින් ගෙන්න ගන්න විදියක් නැහැ, මොකද වැලිමඩ හරියේ හිටපු ගුවන් නියමුවන්ට ඒ කාලගුණයේ යානා පදවන්න හැකියාවක් නැහැ. එක්කෝ අජිත් එහෙනං ආයේ හෙලිකොප්ටර් යානය අරගෙන වැලිමඩ ගිහින්. මේ යානාව එහෙ දාලා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවට ප්‍රභූ වාහනය දාගෙන රැගෙන එන්න ඕනි. ඒත් එකට වෙලා යනවා. අනික ජනාධිපතිතුමාව දාලා වැලිමඩ යන්න අජිත් කැමති උනෙත් නැහැ.

    ඒ පාර අජිත් වහාම ඔහුගේ අති ප්‍රභල චන්ද්‍රිකා දුරකථනයෙන් හොයලා බැලුව ඒ අවට තිබෙන රජයේ ප්‍රභූ වාහන මොනවද කියලා. එතකොට ටොයෝටා ලෑන්ඩ්කෘෂර් V8 එකක් තිබ්බා අමාත්‍යංශ වාහනයක්. ඒක ඒ පාර අජිත් වාහම ජනාධිපති ආරක්ෂක අංශය යවලා ගෙන්න ගත්තා. ස්කොඩ් එකට යන්න ඩබල් කැබ් 4 යි, තව පැජරෝ එකකුයි ගෙන්න ගත්තා.

    ඔය ටිකට විනාඩි 30 ක් වගේ ගියා. ඒ අතර තුරේ අජිත් ධර්ම මහතා බොහොම හෙවිල්ලෙන් හිටියා ජේවීපී ත්‍රස්‌තවාදී ගුරුවරු ජනාධිපතිතුමාට හානියක් කරන්න එයිද කියලා. ජනාධිපතිතුමාට කළු කෝපි එහෙමත් ලෑස්ති කරලා දුන්නා. පාසලේ ළමයි, ගුරුවරු, විදුහල්පතිතුමා ඇවිත් ජනාධිපතිතුමාව බලලා කතාබහ කරලා සතුටු උනා.

    වාහන ආපු ගමන් අධි බලැති ස්කෑනර් මගින් අජිත් ධර්ම මහත්තයා වාහන ස්කෑන් කරා. ගැටළුවක් නැහැ. ඒ පාර හෙළිකොප්ටර් යානා වල තිබුන භාණ්ඩ වාහන වලට දාගෙන ජනාධිපතිතුමාවත් V8 එකේ ඉදිරිපස අසුනට නංගා ගෙන අජිත් ධර්ම මහත්තයම වාහනයේ සුක්කානම අතට ගත්තා. ස්කොඩ් එකත් අනෙක් වාහන වලට නැංගා. ඊළගට ජනාධිපතිතුමාව රැගෙන යන මාර්ගයේ දෙපස ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක අංශ වෙත දැනුම් දී මොනිටර් කරා.

    ඊට පස්සේ අජිත් ධර්ම මහත්තයාම ජනාධිපතිතුමා ඉන්න වාහනය අරගෙන ඇල්ල-වැල්ලවාය අති දුෂ්කර කඳුකර මාර්ගයේ ජීවිතය පරදුවට තබා ගොඩබිම් මාර්ග හරහා වැලිමඩ බලා අධි වේගයෙන් ජනාධිපතිතුමාව රැගෙන ගියා.

    ReplyDelete
  41. වැරදීම
    ------

    අනුර දිසානායක මහත්මයාට ඇමෙරිකාවෙ දේශනයෙදි වචනයක් පැටලිලා වැරදුණා..

    ඒක මනුස්සයෙක්ට වෙන්න පුලුවන් දෙයක්..

    මම හිතන්නෙ නෑ ඔහුගෙ නොදැනුමක් කියල ඒක..

    ඒ වගේම ඔහුට ඉංග්‍රීසි බැරිකම නිසා ඔහු මෝඩයෙක් කියල මම හිතන්නෙ නෑ..

    විශ්ව විද්‍යාල උපාධිය සම්පූර්ණ කරලද නැද්ද මම දන්නෙ නැහැ..

    සම්පූර්ණ නැතත් ඔහු අදක්ෂයෙක් නෙවෙයි.

    ඇකඩමික් කෝස් එක අස්සෙ ශිෂ්‍ය ව්‍යාපාරෙ කලක් නායකත්වයක් දරපු නිසා දන්නව ලේසි මිනිහෙක්ට කැපෑසිටියක් එන්නෙ නෑ දේශපාලන සංවිධානයක නායකත්වය දරන්න..

    මේ කාරණා මුලින්ම මම කියන නිසා මාලිමා ෆේක් සෙට් එක බැහැල මට බනින්න කලින් කියවල ඉදියි කියල හිතනවා..

    බැන්නත් කමක් නෑ මගේ වෝල් එකේ කුණුහරුප , පුද්ගලික මඩ ගහල නිකන් කාලය නාස්ති වෙනව විතරයි ;එහෙම හැසිරෙන අර්ධ ශික්ෂණය වූ අයගෙ තිරශ්චීන අදහස් ඉවත් කරන යාන්ත්‍රණයක් මෙතන තියෙන නිසා..
    කාරණේ මේකයි...

    මේ වගෙ වැරැද්දක් වෙන දේශපාලන නායකයෙක්ගෙන් වුණා නම් අද බුකිය ක්ෂීර සාගරයට වඩා කැළඹිලා ඇති..

    විශේෂයෙන්ම මාලිමාවාදින්ගෙ බරපතල වෛරයට පත් කෙනෙක් අතින් වුණා නම්..

    උදා - බැසිල් සහ කපුටාස්
    සනත් නිශාන්ත සහ ඔක්සිජන්
    විමල් සහ ගී ද මෝපසාන්

    ඒකට හේතුව තමයි ඉතා දැඩි ස්වෝත්තමවාදින්ගෙන් මේ කදවුර පිරිලා තිබීම.

    ඔවුන්ගේ අෂ්ඨ ගරු ධර්ම මේ👇

    - අපි හැර ඔක්කොම හොරු
    - අපි හැර ඔක්කොම මෝඩයො
    - අපි හැර ඔක්කොම වහල්ලු
    - අපි විතරයි දන්නෙ
    - අපි කරපු ඔක්කොම හරි
    - අපි තමයි නියම වම
    - අපි විතරයි දේශප්‍රේමී
    - අපි හැර කාටවත් මේක ඉස්සරහට කරන්නත් බෑ

    මේ වගෙ හිතුව ඉස්සර කට්ටියක් ජර්මනියෙ..

    ආයෙ කාම්බෝජයේ .. ආයෙ ඉතාලියෙ..

    හැබැයි වැරදීම් ගත්තොත් ලංකාවෙ නිදහසෙන් පස්සෙ බිහිසුණුම වැරදීම් දෙකක් වුණේ ජවිපෙ අතින්...

    අනෙක කොටි සංවිධානය අතින්..

    මනුස්ස ජීවත, දේපල , රටේ ප්‍රතිරූපය විනාශ වෙලා ආර්ථිකය හොම්බෙන් ගියා විතරක් නෙවෙයි ,

    මනුස්ස ජීවිතේ වටිනාකම අපේ සංස්කෘතිය ඇතුලෙ හෑල්ලු වුණේ ඒ ආයුධ සන්නද්ධ විප්ලව නිසා..

    වධකාගාර වල තරුණ කොල්ලො කෙල්ලො දහදුක් විදල පණපිටින් කෑලි වුණා විතරක් නෙවෙයි හොද සිංදුවක් ලියන්න හිටපු , හොද රගපෑමක් බලන්න තිබුණ දක්ෂ මිනිස්සු පාරවල් ගාණෙ මැරුණ ඒ අත්වැරදීම් වලින්..
    ඒ නිසා අනුන්ට ඇගිලි දික්කරගෙන අවුරුදු හැත්තෑ පහක සාපයක් ගැන කියනකොට තමනුත් සාපයක් වුණ කාලයක් තිබුණ බව මාලිමා හිතවතුනි අමතක කරන්න බැහැ..

    මොකද ඒ කාලෙ මෙහෙම ලිව්වනම් කීර්ති විජයබාහු නොහොත් සමන් පියසිරි සහෝදරයාගේ ඕඩරෙන් දේශප්‍රේමියෙක් කණ ළගට ඇවිත් " ඩෝං " ගාල යනවා..

    තමුන්නාන්සෙලාට ඉතිහාසෙ වැරදුණු වැරදිල්ලෙ හැටියට අනුර මහත්මයගෙ වැරදිල්ල පොඩි වැරදිල්ලක්..

    මනුස්සයන්ට වරදිනවා..

    අනෙක් මිනිස්සුත් මිනිස්සු ,තමුන්නාන්සෙලත් මිනිස්සු ,අපි ඔක්කොම මේ රටේ මිනිස්සු මතවාදීව වෙනස් වුණත් ;

    අන්න ඒක ඔලුවෙ තියන් නිහතමානීව දේශපාලනේ කරන්න ..

    බොහොම ස්තුතියි !

    ReplyDelete
  42. ඉතුරු ටික කවද්ද ලියන්නේ????

    ReplyDelete