අපේ ජේෂ්ඨ උත්තම විචාරක තුමාගේ පෝස්ටුවකට ලියපු කොමෙන්ටුවක් නිසා මටත් මේ දවස් වල බ්ලොග් අවකාසේ ටිකක් බිසි..හෙහ් හෙහ්.. කොහොමත් අඩුවෙන් කතා කරන මාතෘකාවක් වෙන සේෆ්ටි ගැන සිංහලෙන් ලියන ලිපි පෙළ අපේ සහෘදයින්ගේ බුද්ධියට ගෝචර උනු නිසා එන කොමෙන්ට් වලට උත්තර ලියන්නත් වෙනවනේ ඒකයි. නමුත් මේ පොස්ට් එක නම් ඒ කොමෙන්ටුවේම පළවුණු වැඩිය කතා බහට ලක් නොවෙච්චි වෙනත් සබ්ජෙක්ටුවක් ගැනයි. ඒ කිව්වේ තිස් අවුරුදු බිහිසුණු යුධ අත්දැකීම් ගොනුකරගෙනත් අපේ රටේ කතා බහ කල හැකි මට්ටමේ 'පශ්චාත් යුධ සාහිත්‍යක්' බිහි නොවීම ගැන. සමහරවිට 'බිහි නොවීම' කියන්න තවම කල් වැඩිත් ඇති. නමුත් වඩා ක්‍රියාශීලි සමාජ මාධ්‍යය තුලදීවත්, බ්ලොග් අවකාශය ඇතුළුව, සාධනීය මට්ටමකින් මේ පිළිබඳව මූලාරම්භයක් දකින්නට ලැබෙන්නේ නැ.
මීට අවුරුදු එක හමාරකට විතර කලින් මේ දේවල් ගැන හිතේ විතරක් තියාගෙන උන්නු කාලේ දවසක අපේ අයියගේ පුතා දවසක් මාව හොයාගෙන ගෙදරට ආවා.. මිනිහා ඒ දවස් වල සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අන්තිම වසරේ ශිෂ්‍යයෙක්.. තව කොණ්ඩ කාරයෙකුත් එක්ක බොහොම බැරෑරුම් මූණක් මවාගෙන ඇවිත් මගේ ඉස්සරහ වාඩි උනා..
"බාප්පි මේ පාර වීර දිනේට (අර මැයි 18 වෙනිද එන දිනේ නැතුව සාම්ප්‍රදායික ජාතික වීර දිනය නෙවෙයි මං හිතන්නේ. ) අපි සිංදුවක් කරල රිලීස් කරන්න හිතං ඉන්නව. මේක ලංකාවේ ප්‍රේක්ශකයෝ විතරක් නෙවෙයි ඉන්ටනැශනල් ඕඩියන්ස් එකක් ටාගට් කරල කරන්නේ."
"ශා.. හොදයිනෙ.. එහෙනම් ඉන්ගිරිස් සින්දුවක් තමයි පුතෝ කරන්න වෙන්නේ. අනික ඉහලම ටෙක්නික්ස්.."
"ඒ ගැනනම් කේස් එකක්ම නෑ බාප්පි.. ලංකාවේ දැනට තියෙන ස්ටූඩියෝස් ඔක්කොගෙම ටෙම්පරි වැඩ කරන්නෙ අපේ උන් තමයි.. ඒ සපෝට් එක නම් තියෙනව.. ඒත්.."
හැබෑට මුන් ලංකාවේ ඇප්ලයිඩ් මියුසික් ෆස්ට් බැජ් එකනේ.. මට ඒක මතක් උනේ එවලේ. ඒත් ඇයි 'ඒත්'?
"ලොකුම ප්‍රශ්ණේ මගේ හිතේ තියෙන විදියට මට මේකට ලිරික්ස් ටික ලියා ගන්න ඕනි.. යුද්ධෙ ගැනයි සාමේ ගැනයි දෙකම දන්න, ඉංග්‍රීසිත් දන්න, කලාවත් දන්න අළුත් අදහස් තියෙන කෙනෙක් වෙන්න ඕනි. වැඩි වයසක කෙනෙකුට සමහර විට මගේ හිතේ තියෙන එක තේරුං ගන්ඩත් බැරිවෙයි.. යුද්ධෙ ගැන නොකියා අතුරු කතාවකින් යුද්ධයයි සාමයයි ගැන කථා කරන්න.. ඒකයි මං බාප්පිවම හොයාගෙන ආවේ.."
යකෝ මූ කියන්නේ මං වැඩිය වයසක නෑ කියල ඒ කියන්නේ මටත් දැන් සෑහෙන්න වයසක් ඇති.. සිංදු ලියන එක පැත්තක තියල මං මං ගැන කල්පනා කරා හරියට මඛාදේව රජ්ජුරුවෝ වගේ.
"බාප්පි මොකද කියන්නේ? ලියමු නේද?" ශිහ් ආතල් එක කනව.. මූ පොඩි කාලෙත් ඔහොමමයි.. 'කල්ල පොඩ්ඩක් පුතාව බලන්න අ අ ..' අපේ ලොකු නෑනගේ සොඳුරු ආඥාවට මං ඉතින් මූව ඇඳේ තියාගෙන 'සුදු ගෝන' කියවනව... හොඳම හරියේ 'දිකුද්' ඇවිත් ඇත්ගොව්වව පාගල මරල හෑන්ස් ව බේර ගන්න යනකොටම.. හොඈහ්..හොඈහ්...
"හ්ම්.. ලියල බලමු..මගේ ඉන්ගිරිස් නම් ඉතින් එච්චරම.."
"හරි..හරි..ඔන්න එහෙනම් මේ වගේ........." කොල්ලො දෙන්නගේ අතොරක් නැති විස්තර අස්සේ මම දෙපැයක් විතර ලියල කපල කොටල මෙන්න මේක ලියල අතට දුන්න...
You & me, were on a journey
Underneath the same brolly
Over the footprints of ages
Then the dark clouds arose
Clouds had turned to storms
Avarice gone beyond norms
You took me on a reproach
I followed the same approach
Battled the ill frustration
We’ve crossed the bourn
Love you the new generation
Together towards the morn //
Come; let us see the world is moving
Why they asks; you & me the knowing
See the making culture
To the path of future
We wanna be ours forever
Please; be my teacher
I’m alone, a loosing creature
Gotta have this chance or never
This Sri lanka; we born to live in harmony
A land like no other, magnify with dignity
සිංදුව ලියල අතට දෙනකොටම කොල්ල තීම් එහෙකුත් හදාගෙන ඉවරයි.. ටුවර්ඩ්ස් ද මෝර්න්.. හ්ම්..නරක නෑ. හැබයි කතාව තව ඉවර නෑ..
කොල්ලො දෙන්න වැඩේට ඉටිකිරිස් වගේ සැටිස් කියල පේනව මූණු දෙකෙන්ම.. ඒත් මුන් යන්නේ නෑනෙ.. හිටිය කියල කර්තෘ බාගේ ගෙවන එකක් යැ.. පලයල්ලකො දැන්වත් මගේ නිවාඩු දවස කන්නෙ නැතුව.. එහෙම කියන්ඩ බැරි නිසා මං ඇහුව "මොකක්ද ඊළඟ ප්‍රශ්ණෙ?"
දෙන්න මූණෙන් මූණ බලාගෙන හිනා වෙනව.. " බාප්පි දැන් මේක අපේ උන්ට පැහැදිලි කරල දෙන්නෙ... O.o " මුගෙ යාලුවාටත් මං දැන් බාප්පිම වෙලා.. ඕකනම් මොකක්ද පාරෙ යන එනකොට දහ අටේ විස්සේ කෑලි අන්කල් අන්කල් කියන එකේ..
"අහ්! දැන් මොකද කරන්නෙ.. ඉන්නකො බලන්න...."
ඔබ හා මා එකම ගමනක උන්නා
එක කුඩයක් යට එකම අරමුණක...
අතීතයේ පා පිය සටහන් මත
අඳුරු වළාකුළු අප වට ලන සඳ...
වලාකුල මහ බීරුමකට හැරුණා
ආරෝව ඒ හා එක්ව වැඩුනා...
ඔබ මගේ වැරැද්දම දැක්කා
මාද ඔබ ගිය පාරේම ඇදුනා...
කළකිරීම් හා සටනේ වැද
අපි අපේ සීමා පසු කලා..
හො හෝ.. අළුත් පරපුර අපි ඔබට ආදරෙයි
එක්ව පිය නගමු අපි නැවුම් උදෑසනකට...
එන්න බලමු අපි ලෝකය යන අත
ඇයිද අහන්න ඉඩ තියන්නෙ ඔවුන්ට අපි..
ඔබත් මමත් පමණක් දැනගත යුතු දෙය...
අපි රස විඳිමු.. අපේ වට පිටාව..
ගොඩ නැගෙන හැටි සොඳුරු හෙට දිනකට
අපි අපේම විය යුතුයි.. සදහටම..
දෝත පා පිළිගත යුතුයි මෙ අවසන් අවස්ථාව..
වෙන්න මගේ ගුරුවරිය.. උගන්නන්න මේ
තනිකඩයාට... ජිවිතය...
මේ අපේ රටයි..සතුටින් සාමයෙන් ඉන්න උගැන්නූ...
වෙන කොහේවත් නෑ ලෝකයේ.. සුරකිමූ අභිමානයෙන්..
අන්තිමට.. අපේ පවුලේ ඊලඟ පරම්පරාවේ ලොකුම කොල්ලගේ ඉන්ගිරිස් දැනුමට පිං සිද්ද වෙන්න.. මට සිංහලෙනුත් ආයෙම කවියක් (පරිවර්ථනයක්) ලියන්න උනා.. හැබැයි මේකට නම් විනාඩි පාළොහක් වත් ගියේ නෑ.
පසුව ලියමි (ඉතා කණගාටුවෙන්)
කොහොම හරි කොල්ලො මේකට ලස්සන තනුවක් දාල. කැම්පස් එකේම කොල්ලො කෙල්ලො සෙට් වෙලා රෙකොඩින් එකකුත් කරල ට්‍රැක් එකක් හදාගෙන තිබ්බ.. හැබැයි අපේ කොල්ලගේ හිතේ හැටියට වැඩේ කොරන්ඩ ඒ කියන්නෙ මියුසික් වීඩියෝ එක කරන්ඩ රුපියල් වලින්ම ලස්ස දහයක් පාලොහක් විතර යනවලු. කාටද අප්පේ ඔච්චර කාසි තියෙන්නෙ. ඒක නිසා වැඩේ වීර දිනේට කොරන්ඩ බැරුව ගියා. කොල්ලත් පහු බැහැල යන්තං සන්තං ගොඩ දාන්න කැමති නෑ. ඉතින් ඉස්පොන්සරයෙක් හම්බ වුනේ නැත්නං කවද හරි සල්ලි හොයල ඌම කරනව කිය කිය ට්‍රැක් එක ලැපේ දාගෙන කැරකෙනව.. මේ දවස්වල ලොක්කගේ චන්ද ප්‍රමෝශන් එකකට සින්ංදුවක් කරනව මයේ හිතේ. ඒක ගොඩ ගියොත් ඒ පහනින්ම තමයි මේකත් දල්ල ගන්න වෙන්නේ. අපේ රටේ නව පරපුරේ උන්ට ඒතරම්ම අතහිත දීමක් තියෙනවනේ ඉතින්.
photo courtesy: www.google.com
වැඩේ කෙරෙන්නම කියලා සුබ පතන්නම් !
ReplyDeleteපශ්චාත් යුධ සාහිත්‍යය කිව්වම මට මේ ළඟදි කියවපු "ඉංග්ලිශ් පේශන්ට්" ව මතක් වුනේ.. ඒ වගේ නිර්මාණ අපේ යුද්ධය අලලාත් කෙරෙයිනම් ඔය කියන සාහිත්‍යය නැගලා යයි...
සුභ පැතුමටත් බ්ලොග් රෝලට ඔබා ගැනීමටත් දෙකටම ස්තූතියි. English Patient ගැන ලොකු මතකයක් තියෙනව. ඇත්තටම පොත නම් නිදහසේ කියවන්න බැරි උනා. ෆිල්ම් එක ආපු අලුත දවසක් උඩින් පල්ලෙන් කියෙව්ව ලයිබ්‍රරියකදිහරි කොහෙද හරි. මයිකල් ඔන්ඩච්චි ඉපදිලා තියෙන්නෙත් ලංකාවේ නේද? ෆිල්ම් එකත් පට්ට. ඒ වගේ නර්ස් ල, සොල්දාදුවෝ විතරක් නෙවෙයි හොරුත් ඇති පදං ඉන්න එකේ අපිටත් බැරිවෙන එකක් නෑ.
ReplyDeleteඔව්, ඔහු ලංකාවේ ඉපදුන කෙනෙක්..
Deleteහරිම සතුටුයි ඔබේ පද රචනය දැකලා. මටනම් අමාරු වැඩක්. ඉංග්‍රීසි සෑහෙන්න සතුටුදායක දැණුමක් තිබුණත්, මේ වගේ පද රචනයක් කරන්නනම් මට බැහැ.
ReplyDeleteබොහොම අගෙයි.
අර කොලු පැටියට කියන්න උත්සාහය අතාරින්න එපා කියලා. හැබැයි සමහර සංගීත කාරයන්ට ඕක පෙන්නන්න එපා කියන්න, හොරකම් කරලා උන්ගේ නිර්මාණයක් විදිහට එළිදක්වයි. ගිවිසුමක් මත පමණයි වෙනත් අය සහාය කරගත යුත්තේ. එහිදී ගීතයේ අයිතිය තමන්ට තබාගත යුතුයි.
ස්තූතියි ඔබ තුමාට, මාත් හිතන් ඉන්නේ කොල්ලට පුළුවන් උදව්වක් දීල ඉක්මණට වැඩේ ගොඩ දාන්න. ඔය මොනව හරි කුරුටු ගාන එකනම් මට අපේ අම්මගෙන් ආපු එකක්.. අම්ම හොඳ කවි කාරී.. දවසක හිතං ඉන්නෙ අම්මගෙ කවි ටිකක් පොස්ට් එකක් විදියට දාන්න. අම්මගෙ අම්ම අපේ ආච්චිත් හොඳ හිටිවන කවි කාරියෙක්. උන්දැනම් අකුරු ලියන්න දැනං ඉඳල නෑ. ඒත් ඉස්සර ඇඳිරි වැටිච්ච වෙලේ ඉඳං පිළට වෙලා වටේ පිටේ ගෙවල් වල ඉන්න උන් එක්ක තරඟෙට හිටිවන කවි කියනවලු. :D
Deleteවැඩේ සාර්ථක වේවා , යකෝ අපි උඹට සලකනවා මදිනේ, හිටුකෝ ආයේ හම්බ වුනාම මදි නොකියන්න සලකන්නම්
ReplyDeleteඒකනේ මචං.. අඩුම ගානේ ගමේ කමටවත්.. හිකිz
Deleteස්තූතියි බුද්ධික.
ReplyDeleteකල්‍යණ මිත්‍ර ...
ReplyDeleteලංකාවෙ පශ්චාත් යුධ සාහිත්‍යක් තියෙනව නෑ කියන්නබෑ... ඒත් හුගක් ඒව ඒකපාර්ශ්විකයි... පසු කාලෙ බිහිවුණ හුගක් කලා කෘති(පොදුවේ) වන්දිභට්ට ආකෘතිය සහ මුග්ධ ඒකපාර්ශ්වීයත්වයක් පෙන්නනව.. ඒ අස්සෙ හදයල එහෙමත් නෑ කියන්නෙ නැ...
සාහිත්‍ය සාහිත්‍ය කියල කීවට අපේ රටේ ඇත්තෙන්ම ඉතිරි වෙලා තියෙන්නෙ මධ්‍ය කාලීන සිංහල සාිත්‍ය පමණයි නෙව ඒකටම ආවඩන ඒවම හොදයි කියල කියන අය නෙව හපසු කාලීනව ඒ කියන්නෙ නූතන අතීතයෙ හොද සාහිත්‍ය කෘති නෑ කියන්න බෑ ඒත් සමස්තයක් විදියට ලංකාවෙ සාහිත්‍ය හරි මන්දගාමියි... (ප්‍රශස්ත භාවය අතින්) ඒත් ලියන්නං වාලෙ ලියවෙන ඒව නං ඕන තරං...
පහු ගිය දවසක එළි දැක්වුණ චමිමින්ද වෙලගෙදරගෙ කාල අග්නි නවකතාව බලපුවාම මට හිතුනෙ ඇත්තටමඅපි මාර පොරවල් කියල...
ඇයි දන්නවද
ඒකෙ තියන විදියට දමිළයන් ඉදලතියෙන්නෙ අපි ගිහිං ප්‍රභා මරල උංව බේරගන්න කං...
අපි ගැන හොද හිතිං
සිංහලයන් කියල කියන්නෙ බොක්කෙ පොරවල් කියලහිතනදමිළයන් තමා ඒකෙ ඉන්නෙ...
ඉවර වෙනකං ඒක කියවපු මට හිතුනෙ මේ මොන හු යන්නක්ද කියල වැඩිය ඕන නෑ අද යාපනේ යන්න අපිට කොහොම සැලකිල්ලක් තියේද කියල බලාගත්තහැකි..
තව අංගනාවක් ඉන්නව සුරංගි අතුකෝරල කියල එයත් ඒ ගොඩටම දාල කිරන්න පුලුවං...
බාප්පගෙ පුතාට කරන්න යන කාර්යය සාර්ථක වේවා යි ඉත සිතං ප්‍රාර්තනා කරනව...
සිංදුවත් මේ බ්ලොගෙන් ඉදිරිපත් කරන්ටකො...
ආයෙත් එංඤං
ජයවේවා...
මහේෂ් සහෝ.. බොක්කෙන්ම පිළිගන්නව කලාහිතට.. මුලින්ම කියන්නෝන මේකා මගේ බාප්පගේ පුතෙක් නෙවෙයි මං උගේ බාප්පා.. ඒ කියන්නේ අපේ ලොකු අයියගේ පුතා.. මාත් හිතාන ඉන්නේ මූට පුළුවන් අත හිතයක් දීල ඔය සිංදුව ගොඩ දාන්න.. කොහෙද මූ පොඩ්ඩක්වත් නැමෙන්නෙ නෑනේ.
ReplyDeleteඉතින්, // ලංකාවෙ පශ්චාත් යුධ සාහිත්‍යක් තියෙනව නෑ කියන්නබෑ... ඒත් හුගක් ඒව ඒකපාර්ශ්විකයි...// මං ඒකට එකඟයි. හැබැයි හඳයල හිටියට මට හිතෙන්නෙ උනුත් ඒකපාර්ශවීයයි. කලා කෘතියක් දේශපාලනයෙන් වියුක්ත කරල කරන්ඩවත් 100% සර්වපාර්ශිකව කරන්ඩවත් බැරි බව මම දන්නව. නමුත් හඳයල වගේ නිර්මාණශීලී කලකරුවන්ගේ යුතුකම තමයි එක කෘතියකින් එක් පැත්තක් කතා කරනවනම් තවත් කෘතියකින් ඒකෙ අනිත් පැත්තට සාධාරණයක් ඉෂ්ඨ කරන එක. හැබැයි හඳය ල හැමදාම කරේ වැඩියෙන් මාකට් කරන්න පුළුවන් පැත්තකට කඩේ යාමක්. ඒකයි හඳයත් ඒක පාර්ශවීය වෙන්නේ.
කොහොම උනත් //ලංකාවෙ සාහිත්‍ය හරි මන්දගාමියි... (ප්‍රශස්ත භාවය අතින්) ඒත් ලියන්නං වාලෙ ලියවෙන ඒව නං ඕන තරං...// කියන කාරණේ ඇත්ත. නැත්නම් යුද්ධෙ ඉවර වෙලා පස් අවුරුද්දකටත් වැඩිය ගෙවිල තියෙද්දිත් අපේ රටේ කතා කරන්න තරමට ඒ හා බැඳුනු නිර්මාණ කීයක් බිහිවෙලා තියෙනවද කියල අහන්න වෙන්නෙ නෑනේ.
අර චමින්ද ගෙයි චමිලා (සුරංගි ) ගෙයි එක පොතක්වත් තවම කියවන්න උනේ නෑ. ඒක නිස ඒ ගැන කොමෙන්ට් කරන එක පස්සට තියන්නම්. හැබැයි අර කියපු කතා ඇත්තනම් චමින්ද ගෙ ඒ පොත කියවන එකේ තේරුමක් නැතිවෙයිද මංදා.
මේ සංවාදය ඉතාමත් වැදගත්. අපි මෙහෙම මේක කොණහන්ඩ ගත්තම වැඩක් කරන්ඩ පුළුවන් උන්ට දැනෙන්න ගනියිනේ. මේ සංවාද හැකිතරම් මාධ්‍ය ගත විය යුතුයි.
රැඳිල ඉන්න දිගටම කලා හිතත් එක්ක. ජය ශ්‍රී!