Thursday, 21 December 2017

මං වැරදියි තමයි.. ඒත් උඹලා හැදියල්ල.. ස්වයං විවේචනයක්.. Does your kid safe at your own house?

මේක පාපොච්චාරණයක්.. හැබැයි පව් සමාකරගන්න නෙවෙයි.. තව කාට හරි පාඩමක් වෙන්න.. වෙන විදියකින් කියනවනම් අත්දැකීම් බෙදා ගැනීමක්.. මට මේ ලෙඩේ තදින්ම තියෙනවා. ඒ කියන්නේ මගේ අතින් යම් වැරද්දක් අඩුපාඩුවක් උනොත් ඒක ඒ ඒ ක්ෂේත්‍රයේ අදාළ අය එක්ක නොවලහා බෙදා ගන්න එක.. අපේ වෘත්තියේදී ඒකට කියන්නේ Safety Communication නැත්නම් Safety Alert කියල. යම් අනතුරක් (Accident), අන්තරායකර සිදුවීමක් (Dangerous Occurrences) හෝ අනතුරක් සිදුවීමට ආසන්න අවස්ථාවක් (Near miss) උනාම ඒ පිළිබඳව අනිත් අයව දැනුවත් කිරීමෙන් එම සිදුවීම නැවත වීම යම් පමණකට වලක්වා ගන්න පුළුවන්. හැබැයි ලංකාවේදී ඕක කරලා මම නිකං 'පච' වෙච්චි වෙලාවලුත් නැතුව නෙවෙයි. මොකද අපේ අය කරන්නේ ඔක්කොම වැරදි හංගල උඩින් කැපිලා පේන එකනේ.. එහෙම උනාම මං වගේ උන් සමහරුන්ට පේන්නේ හෙන 'ලොස්' එවුන් වගේ.. ඒත් මට මොකෝ කියල මම මගේ ක්‍රමේට යනවා.. දැන් ඕනිනම් බලපල්ලා මේ ටික ලියුවමත් ගොඩ දෙනෙක් බනියි 'අනේ උඹේ රෙද්දේ සේෆ්ටි - ගෙදරට මරගාතේ' කියල.. මක් කරන්නද බොස් ගුරුන්ටත් අකුරු වරදින එකේ හා මං ගුරෙකුත් නොවෙන එකේ..
මේ සිදුවීම් හතරක්.. හතරම මගේ ළමයි ගැන.. ළමයි තුන් දෙනයි.. ලොකු දෙන්නට එක බැගින් හා බාලයාට දෙකක්.. ඌට කොහොමත් එක නහරයක් වැඩියි උන්ගේ අප්පට වගේ.. හෙහ්..

පළවෙනි එක උනේ දෙදාස් අටේ වගේ.. එතකොට අපිට හිටියේ ලොකු දුව විතරයි.. ඔව් ඔව්.. ඔය උඩින් ඉන්නේ බ්ලොග් කවර් ඉමේජ් එකේ.. අන්න උන්දා තමයි.. එතකොට එයාට වයස යන්තම් දෙකක් විතර.. අපි දවසක් ගියා බූස්ස නේවි කෑම්ප් එක ඇතුලේ තියෙන හොලිඩේ බංග්ලෝ එකේ නවතින්න.. ගෙදර ළඟම උනත් ඉතීම් එහෙම වෙනසකට වගේ ගිහින් ඉන්නවා ෆැමිලි එකත් එක්ක ඒ කාලේ. ඔහොම ඉන්න ගමන් හවසක කොහේ හරි යන්න මම ඇඳුම් මදිනවා. නෝනා වෙන වැඩක. දුව මගේ ළඟ බිම සෙල්ලම් කර කරා හිටියා.. මම යන්තම් දැක්ක මෙයා දණ ගාගෙන අයන් එක සොකට් කරලා තියෙන පැත්තට කිට්ටු වෙනවා. ඒත් මට මොකුත් හිතා ගන්න කලින් මෙයා යටිගිරියෙන් කෑ ගහන්න ගත්තා.. බැලින්නම් අයන් එකේ වයර් එක අල්ලලා ඒක අතට ඇලිලා.. කරන්ට් එක වැදිලා දඟලනවා.. මම පැනපු ගමන් ස්විච් එක ඕෆ් කරා. ඒත් දිගටම දඟලනවා.. මට මොකුත් හිතා ගන්න බැරි උනා.. මම වේගයෙන් මගේ අත්දෙකෙන්ම ළමයව ඇදලා පැත්තකට දැම්ම.. මටත් කරන්ට් එක වැදුනා.. ඒත් සොකට් කරලා තිබ්බ තැනින් ප්ලග් බේස් එකත් එක්කම ගැලවිලා වයර් එක ඩිස්කනෙක්ට් උනා.. එතනදී තව දෙයක් උනා.. ළමයාත් එක්කම රත් වෙච්චි අයන් එකත් වීසි වෙලා ගිහින් වැටුනා.. මොකද අයන් එකේ වයර් එක තිබුණේ ළමයාගේ අතේ ඇලිල.. වාසනාවට අයන් එක එක පැත්තකටත් ළමයා තව පැත්තකටත් විසි උනේ.. එහෙම නොවුනා නම් කරන්ට් එකෙන් බේරුනත් අයන් එකට පිච්චිලා ලොකු තුවාලයක්/ කැළලක් හැමදාටම තියෙන්න තිබුනා.. ගෑනු ළමයෙකුගේ මූණේ අත පයක වගේ තැනක ඒ වගේ කැළලක් ආවොත් ඒක ඒ ළමයට හැමදාටම මානසික පීඩනයක් වෙන්නත් තිබුන..

එතනින් පස්සේ වෙච්චි දේවල් හෙවත් ඒ වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ග මෙතන ලියන්නේ නෑ.. ඒත් එදා ඉඳල මම ගෙදර තියෙන අනාරක්ෂිත විදුලි සම්භන්දතා (Conduit තුලින් ගමන් නොකරන) ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ගත්ත. කිසිම විදියකින් ප්ලග් ටොප් එකක් නැති වයර් විතරක් අමුණන කනෙක්ෂන් භාවිතා කරන්න දෙන්නේ නෑ. ට්‍රිප් ස්විච් එක අනිවාර්යයි. ඒ වගේම පුළුවන් හැම වෙලේම තාවකාලික විදුලි සම්භාන්දතාවයක් අර ගත්තත් ඒක පළපුරුදු විදුලි කාර්මිකයෙකුටම කියල කර ගන්නවා.. neutral/ phase මාරු වෙලා සම්භන්ද කරලා තිබ්බොත් ඉහත සිදුවීමේදී උනා වගේ switch එක off කරාම විදුලි උපකරණය ක්‍රියාත්මක නොවුනත් අතරමගින් කරන්ට් එක වදින්න පුළුවන්.. ඒ ගැන ගොඩක්ම සැළකිලිමත් වෙන්න ඕනි. අනික අපේ විදුලි උපකරණ වල සම්භන්දක වයර්. දැන් තියෙන ගොඩාක් චීන/ ඉන්දියානු විදුලි උපකරණ වලට එන කෝඩ් බාල ඒවා.. ඒවා නිතර දඟ වැටිලා පලුදු වෙනවා. විශේෂයෙන්ම අයන් එකේ. ඒක නිතර එහෙ මෙහෙ කරන නිසා වයර් එක පලුදු වෙන්න තියෙන අවස්ථාව වැඩියි. පලවෙනි දේ විදුලි උපකරණයක් ගන්නකොටම ටිකක් වැඩිපුර වියදම් කරලා හොඳ තත්වයේ එකක් ගන්න ඕනි. ඒක ආරක්ෂාවටත්, විදුලිය ඉතිරි කරන්නත් දෙකටම වැදගත්.. ඒ වගේම ඒක හරියට නඩත්තු කරන්න ඕනි. භාවිතයට කලින් පොඩි චෙක් එකක් කරන්න 'විදුලි කාන්දුවක්' වෙන්න තියෙන ඉඩ ගැන. ඒ වගේම ඒ ඒ උපකරණ භාවිතයේදී වෙන්න පුළුවන් අනිත් අනතුරු ගැන. උදාහරනේකට රත් වෙන එකක් නම් පිච්චෙන්න පුළුවන්. වේගෙන් කැරකෙන එකක් නම් ඇඳුම/ කොන්ඩේ පැටලෙන්න පුළුවන්.. කෑල්ලක් ගැලවෙලා විසි වෙලා තුවාල වෙන්න පුළුවන්.. සියුම් දෙයක් විසිවෙලා ඇහැකට හානි වෙන්න පුළුවන්.

දැන් තියෙන ගොඩක් විදුලි උපකරණ වල ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. වොෂින් මැෂින් එකක් ක්‍රියාත්මක වෙද්දී අපි ඒකෙ වැස්ම ඇරියොත් මැෂිම ක්ෂණිකව නතර වෙනවා. මයික්‍රෝවේව් උඳුනක් ක්‍රියාත්මක වෙද්දී එක්කෝ පියන අරින්න බෑ.. නැත්නම් ඇරියොත් එක වරම ක්‍රියා විරහිත වෙනවා. මේවට කියන්නේ interlock කියල. මේ වගේ තව ගොඩක් safety features එකතු කරලා තියෙනවා..  වැඩේ කියන්නේ මුල් කාලේ මේවා හොඳින් ක්‍රියාත්මක උනත් මොකක් හරි රෙපෙයාර් එකකින් වගේ පස්සේ මුලින්ම අයින් කරන්නේ මේ දේවල්. මිකැනික් ලගේ නොදැනුවත්කම හා මේ වෙනුවෙන් අමතර කාලයක් මුදලක් ශ්‍රමයක් වැය කිරීමට ඇති අකමැත්ත. ඊට පස්සේ භාවිතය අනතුරුදායකයි.

හරි දෙවෙනි සිද්දිය උනේ ඊට අවුරුදු හතරකට විතර පස්සේ.. අපි බදුල්ලේ පදිංචියට ගිය අලුත. එතකොට අපේ දෙවෙනියට හරියටම අවුරුදු දෙකක් වගේ.. අපි රෑ කෑමකට අපේ ලොකු අයියලාගේ ගෙදර ගිහිං හිටියා.. අපි සාලේ කතාවක් අතරේ ළමයි දෙන්න සෙල්ලම් කර කර ඉඳල අයියලාගේ බෙඩ් රූම් එකට ගියා.. අක්කට (ලොකු දුවට) එතකොට යන්තම් පුළුවන් කම්පියුටර් එකේ වැඩ.. එයා මේසේ උඩ තිබ්බ කම්පියුටර් එකක් එක්ක මොනවදෝ කරද්දී මල්ලිත් එතනම ඉඳල.. අක්ක එකපාරටම කෑ ගැහුවා 'අම්මේ මල්ලි බෙහෙත් පෙත්තක් කෑවා' කියල.. දුවල ගිහින් බලනකොට අයියා ගේ බෙහෙත් පාර්සලය මේසේ උඩ. ඒ ගෙදර පොඩි උන් නැති නිසා එයාලට ඒක එහෙම තිබුනට ගැටළුවක් නෑ.. අපි ඉක්මනින් දරුවාගේ කටට අත දාල කටේ තිබුණු බෙහෙත් කුඩු ඉවත් කරා.. හපලා තිබුණු බෙහෙත් පෙත්තේ වර්ගය බලාගෙන පවුලේ ඩොක්ටර් කෙනෙක්ට කතා කරාම දැනගත්තේ ඒක අයියට 'සීනි අඩු උනාම එන අපහසුතා වලින් මිදිලා නින්ද යන්න' දෙන බෙහෙතක් බව.. කෝකටත් කල්පනාවෙන් ඉන්න ලෙසත් ළමයාගේ වෙනසක් දැක්කොත් වහාම රෝහලට රැගෙන එන ලෙසත් කියුව නිසා අපි ගෙදර එක්ක ගිහින් ලමයව නිදි කරලා කල්පනාවෙන් හිටිය.. පොඩි එකා පහු වෙනිදා උදේ නවය විතර වෙනකොටත් හොඳටම නිදි.. ඒ පාර බලෙන් නැගිට්ටුව.. ඒත් මෑන් ට කෙලින් ඉන්න බෑ මත් වෙලා වගේ.. හැකි ඉක්මනින් බදුල්ල මහා රෝහලට අරන් ගියාම ලේ එකක් එහෙම චෙක් කරලා අවුලක් නෑ ඒත් බලන්න ඕනි කියල ඇඩ්මිට් කරා.. එදා දවසෙම වගේ පොඩ්ඩා නිදි අපි ඇහැරලා.. පහුවෙනිදා උදේ වෙනකොට ඔක්කොම නෝමල් වෙච්චි නිසා ටිකට් කපාගෙන ගෙදර එක්ක ආවා.. ඉතිං ඊට වැඩිය කියන්න ඕනි නෑනේ.. බෙහෙත්, කෘමිනාශක, රසායනික ද්‍රව්‍ය අඩංගු භාජන කුඩා දරුවන්ගෙන් වෙන් කර තියන්න.. වැදගත්ම දේ ඔබේ ගෙදරදී විතරක් නෙවෙයි ඉන් පිටතදීත්..

ඊළඟ සිද්දි දෙකම උනේ මේ අවුරුද්දේ එකක් මාර්තු මාසේ වගේ.. අනික.. හ්ම්ම්.. වැඩිය නෙවෙයි ගිය සඳුදා උදේ.. හ්ම්ම්.. පලවෙනි එක සෑහෙන්න කොමන් එකක්.. එතකොට පොඩ්ඩට අවුරුද්ද පිරුනා විතරයි.. ඇවිදින්න හුරුවෙන්න(ටත් වඩා බලාගන්න අයට ලේසිවට) එයාට වෝකර් (Walker) එකක් ගෙනත් දීල තිබ්බ.. අම්මප මමනම් නෙවෙයි.. මට ඕව පේන්න බෑ. පොඩි කාලේ ලොකු දූ වෝකර් එකේ දාල උන්දැගේ කකුල් දෙකම ඇඹරුන සොත්ති උපාලි ගේ අත වගේ.. මාර කට්ටක් කාල ඒ දෙක ආපහු කෙලින් කර ගත්තේ.. ඒක වෙනම ලියන්න ඕනි එකක්.. කොහොම හරි මේ වෝකර් එක පොඩ්ඩට උපන්දිනේට තෑගී හම්බෙලා.. අම්මටයි ආච්චිටයි ලේසිවටයි කොල්ල වෝකර් එකට කැමති වෙච්චි නිසයි වැඩේ නැගලා ගිහින් තියෙනවා. මූට කොහොමත් විසේ එකා වෝකර් එකේ නැගලා රේස් යන්න අරං ඒ කොණටයි මේ කොණටයි ගේ පුරාම.. කට්ටියට හරි හුරතල් ඉතිං..
බොන්ඩයි ඇවිදින්නයි තියෙනවනම් තව මොනවද ඉතීම්...
ටික දවසකට පස්සේ මට කෝල් එකක් ආවා කොළඹට.. 'අප්පච්චි මල්ලි වෝකර් එකෙන් වැටිලා හොස්පිටල් අරන් ගියා.. ඇඩ්මිට් කරාලු.. පවූ.. ලේ ගොඩක් ගියා කියල" මට දෙලෝ සිහි උනා.. කොහොම උනත් එවලේම ඔලුව අවුල් කරගන්නේ නැතුව හැකි ඉක්මනින් මාත් ගියා.. යනකොට කොල්ල ඉන්නවා නළල බැන්ඩේජ් කරලා නහය තුවාල වෙලා.. දුකේ බෑ.. අම්ම මිදුල අතුගාන කම් පුතා එළියේ ඕපන් එකේ වෝකර් පැදලා.. කොහොම හරි අම්මගේ ඇහෙන් මිස් වෙච්චි වෙලාවක කොල්ලා වෝකර් එකෙන් අයිනටම ගිහිල්ල මොනවට හරි පහත්වෙලා කාණුවට දොක්.. නළල කාණු ගැට්ටේ වැදිලා පැලිලා ලේ ගිහිං.. තුවාලෙට අයිස් පොදියක් තියන් ගෙවල් ළඟම තියෙන ඉස්පිරිතාලෙට උස්සන් දිව්වම ඇඩ්මිට් කරගෙන. පොඩි නිසා මැහුම් දාලා නෑ. දැන් ඒ වෙනුවට අලවන ප්ලාස්ටර් එකක් තියෙනවා. එකම දේ ඒක ගලවන්න නොදී පරිස්සම් කර ගන්න ඕනි. නැත්නම් කැළල හිටිනවා. අනික කවුරු හරි එහෙම වැටිලා ඔලුව වගේ තැනක් වැදුනම ඒ ලෙඩා ගැන සැලකිලිමත් වෙන්න ඕනි. කිසියම් විදියකින් ඒ ලෙඩා වමනේ දැම්මොත් ඒ කියන්නේ එයාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියකට හානි වෙලා අභ්‍යන්තර රුධිර වහනයක් නිසා ස්ථායි බව නැති වෙලා කියල වෙන්න පුළුවන්. එතකොට විශේෂ ප්‍රතිකාර වලට යොමු කල යුතුමයි. ඒක නිසා පිටින් පේන තුවාල නැති උනත් වැටිලා හිස කොහේ හරි වැදුන කෙනෙක් ගැන අඩුම පැය හයක්වත් යනකම් කල්පනාවෙන් ඉන්න. අපිත් එහෙම හොපිටල් එකට වෙලා එදා හවස් වෙනකම් කල්පනාවෙන් ඉඳල පොඩ්ඩා වත් අරන් ගෙදර ආව.. මම නම් ආපු ගමන් කරේ 'වෝකර්' එක අල්ලලා කැලේට විසි කරපු එක..
වෝකර් එකෙන් වැටිලා හොම්බ තලාගෙන ඉන්න ගමනුත් ආච්චිට කෝචෝක් එකක්..

රායිට්.. අන්තිම එක.. මේක උනේ මේ පහුගිය සඳුදා.. මම ඉතීම් රෑක් දවාලක් නැතුව වැඩ කරන මිනිහා නිසා සති අන්තෙට ගෙදර ගියාම ආපහු සඳුදා එන්නේ නම් ටිකක් පරක්කු වෙලා.. ළමයි එහෙම නින්දෙන් නැගිට්ටට පස්සේ.. ඔය එන වෙලාවට අනිවාර්යයෙන්ම අපේ ඔය පොඩි මෑන් ව ගෙදර ඉඳන් පාරට තියෙන පොඩි දුරට උකුලේ තියාගෙන එන්න ඕනි.. මම අඳිනවා දැක්ක වෙලේ ඉඳන් මිනිහා මට කාර් එකේ යතුරයි පර්ස් එකයි සපත්තුයි පෙන්න පෙන්න පස්සෙන් එන එක තමයි කරන්නේ.. කාර් එකේ තෙල් වතුර බලන කොට එතන.. ඉතින් බොනට් එක වහන්න කලින් හොඳට බලන්න ඕනි කොහෙවත් අත තියාගෙන එහෙම ඉන්නවද කියල.. තව ඔය වගේ මගේ වැඩට අමතරව මිනිහගේ වඩාත් එක්ක අටෝරසියක් පිළිවෙත් තියෙනවා පුරන්න පරිස්සමින්. පිටත් වෙන්න කලින් මම පුරුද්දක් විදියට සියලුම ගමන් බඩු.. ඒ කියන්නේ මගේ ඇඳුම් බෑග් එක, ලැප්ටොප් බෑග් එක, හෙල්මට්, සේෆ්ටි සපත්තු වගේ ඒවා මතක් කරලා එක එක වාහනේට දා ගන්නවා. අන්තිමට තමයි පර්ස් එකයි, ෆෝන් එකයි, කාර් එකේ යතුරයි අතට අරං නගින්නේ.. මගේ එක්ස්ට්‍රා කාර් කී එක ඒ වෙලාවට තියෙන්නේ ලැප් ටොප් බෑග් එකේ.. එදත් ඔය පිළිවෙල ඔහොමම උනා.. එක පොඩි දෙයක් වෙනස් උනා මතක විදියට. සේෆ්ටි සපත්තු දෙක කලින් දවසේ අව්වෙන් තියල වෙනම තිබුනේ. මම අනිත් සියලු දේ වාහනේට දාල සපත්තු දෙක ගන්න ගිය අතරට කොල්ල තනියෙම වාහනේට නැගල.. නගින්න කලින් මම කාර් එකේ යතුර තියපු තැනින් ඒකත් අරගෙන තමයි නැගල තියෙන්නේ.. මෙයා වාහනේට නගිනවා නෝනා දැකල 'ඒයි මෙයා වාහනේ ලොක් කර ගනීවිද වත් දන්නේ නෑ' කියන කොටම මට 'ක්ලික්' හඬක් ඇහුණා.. බඩුම තමයි. රිමෝට් කී දෙකත් එක්කම කොල්ලා වාහනේ ඇතුලේ ලොක් කරගෙන..

මට දෙයියෝ සිහි උනා.. ඒ ගමන් ආයි සිහි උනා දෙයියෝ මොනා කරන්නද කියල.. දුවල ගිහින් පරණ වාහන යතුරු සෙට් වගයක් තිබිල ගෙනත් දාල බැලුවට ම්හු.. කොල්ලාට ගානක්වත් නෑ. ඌ ඇතුලේ ඉඳන් උගේ වැඩ.. කාසි තියෙන ලොකට් එක දිග අරගෙන ඇතුලේ කාසි හලාගෙන.. අම්මයි, ආච්චියි, අක්කයි තුන් දෙනා විදුරු වල එල්ලිලා පින්සේන්ඩු වෙනවා අනේ මල්ලියේ අනේ පුතේ රිමෝට් එකෙන් දොර අරින්න කියල.. ඒක ගැන සලකලා කොල්ල යතුර අතට අරං බට්න් එක ඔබනවා.. හැබැයි ඔබන්නේ රිමෝට් කී එකේ තියෙන ලොකු බට්න් එක. ඒ කියන්නේ 'ලොක්' වෙන එක.. එහෙම කරලා හිනා වෙලා ආයිම මිනිහගේ වැඩ. මම සිහි එළවාගෙන අපේ මිකැනික්ට කෝල් එකක් දුන්න ඉක්මණට එන්න කියල විස්තරේ කියල.. ඊළඟට වාහනේ වීදුරුව බිඳින්න තරම් සයිස් යකඩේකුත් අතට අරගෙන වාහනේ ලඟට වෙලා කොල්ලගේ මුව්මන්ට් දිහා බලාගෙන හිටියා. මිකැනික් එන්න කලින් කොල්ල අඩන්න ගත්තනම් හරි වෙනත් අපහසුතාවයක් පෙන්නුවානම් හරි මට තිබ්බ එකම විකල්පේ වීදුරුව බිඳින එක.. කොහොම හරි ඔහොම නර්වස් විනාඩි දහයකට පහළොවකට විතර පස්සේ අක්කගෙයි අම්මගෙයි චාටු වලට රැවටිලා කොහොම හරි කොල්ල රිමෝට් එකේ පොඩි බට්න් එක ඔබල දොර ඇරියා.. එතකොට තමයි මට හුස්ම ටිකක් හරියට වැටුනේ.. ඒ ගමන්ම මිකැනික් මහත්තයත් හති දාගෙන ත්‍රිවිල් එකෙන් ආව නිසා එයාට රුපියල් පන්සීයක් සහ තේ බොන්න දීල පිටත් කරලා පැයක් හමාරක් හිතුවට වඩා පරක්කුත් වෙලා ඔළුවයි පපුවයිත් බර කරගෙන මාත් වැඩට එන්න ආව.. මේකට විකල්ප හොයන්න ඒ ආවයිත් හරි තාම ගියේ නෑනේ.. ගිහිං තමයි බලන්න ඕනි..

ඔන්න.. දැන් මට බනින උන් බැනපල්ලා.. ඒකට කමක් නෑ.. මේ වගේ දේවල් පොඩි උන් ඉන්න ගෙවල් වල වෙන්න පුළුවන් නිසා අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන පරිස්සම් වෙයල්ලා. කියෙව්වට ස්තුතියි.

-ක.මි.   

123 comments:

  1. අන්තිම එක නං අපේ එක්කෙනත් කරගෙන තියනවා . වැටෙන්න පෙරලන ඒව නං සාමාන්‍ය දේවල්. එදා මීයාගල ගිහින් එද්දී ඔලුව පලාගෙන හිටියේ යස අගේට ...


    ජය⁣ වේවා

    ReplyDelete
    Replies
    1. උඹ එහෙම ලෙසිවට වගේ කියුවට ඔය අන්තිම කේස් එක හෙන දරුණුයි. මතකද යාපනේ ළමයෙක් කාර් එකක් ඇතුලේ මැරිලා හිටියා නොදැනුවත්ව ඇතුලට ගිහින් ලොක් කරගෙන පස්සේ එලියට එන්න බැරුව. මේ සීන් එක අපි දැක්ක නිසා වීදුරුව කඩල හරි ගන්න තිබ්බ.. හිතපන් නොදැනුවත්ව උනා කියල යම් විදියකින්.. ඔය වාහන අව්වේ එහෙම තියෙන වෙලාවට ඕවා ඇතුලේ toxic gas හැදෙනවා.. මනුස්සයෙකුට හුස්ම ගන්න අමාරුයි ඊට පස්සේ.. ඉතිං ළමයෙක් ගැන කවර කතාද? කල්පනාවෙන් ඉන්න කියපං නෝනා මහත්තයට.. ඔය අනිත් කියුව ඒවා ගැනත්. :)

      Delete
    2. මේ අරාබියෙත් ඔහොම නිතර මැරෙනව වාහනව හිර වෙලා. ,ඔකද මුන්ට ළමයි ගාන මතක නෑ, ඉතින් ඇතුලෙ ඉතුරු වෙනව අමතක වෙලා.

      Delete
    3. @ඉන්දික උපශාන්ත එකට නං හොටුත් පැන්නා! හී හී..

      Delete
    4. @ඉන්දික උපශාන්ත එකට නං හොටුත් පැන්නා! හී හී.. x 2 :)))))

      Delete
  2. කරන්ට් එක වැදුන වෙලාවෙ ට්‍රිප් ස්විච් එක ඕෆ් උනේ නැත්තං ඒක බරපතල කාරනයක්. මමනං ප්ලග් පොයින්ට් හයි කරනකොට ලයිව් වයර් එක හරියටම ස්විච් එකට තියෙනවද කියල දෙතුන් පාරක් චෙක් කරනව.
    තාමත් සමහර ගෙවල් වල පරන අරත් ලීකේජ් බ්‍රේකර් තියෙනව. අරත් කරල තියෙන උපකරණෙට කරන්ට් එක වැදුනම ඕෆ් උනාට ඒව අපිට කරන්ට් එක වැදුනට ඕෆ් වෙන්නෙ නෑ.

    වැටෙන පෙරලෙන ඒවනං පොඩි කාලෙ සාමාන්‍ය දේවල් තමයි. ඒත් තත්වෙ බරපතල නොවෙන්න ළමය ඉන්න තැන ගැන බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ට්‍රිප් එක ඕෆ් උනෙත් නෑ ස්විච් එකෙන් ඕෆ් උනෙත් නෑ. අන්තිමේදී ඒරියා කමාන්ඩර් ගේ අණින් හොලිඩේ බංග්ලෝ එක සුමාන ගානක් වහල අලුතෙන්ම වයරින් කරා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ තියෙන ඔක්කොම නේවි හොලිඩේ හෝම්ස් වලට ඉලෙක්ට්‍රිකල් ඉන්ස්ටෝලේෂන් ස්ටෑන්ඩර්ඩ් එකක් පබ්ලිෂ් කරා.. ඒ වගේ ඇක්ෂන් ගොඩක් ගත්ත.. හැබැයි පස්සේ.. :)

      Delete
    2. මෙයාගෙ විමානෙට ගියාං මැරෙන්නෙ කරන්ට් එක වැදිලා නෙවෙයි කමී උලුකැට ඔලුවට වැටිලා.. හැක්!

      Delete
  3. කොහොම බණින්න ද අයියේ... මෙයින් ලගින් යන ඒවා හරි නොවිච්ච කෙනෙක් ඉන්න බෑ.... මගේ දෝණී ගේ ලස්සන නළල කැතවෙන්න තියෙනවා ලොකු පැළුම් ලකුණක්.... මගේ නොසැලකිල්ලෙන් උනු. අවසර දෙනවා නම් මේ ගැන දැනුවත් වියයුතු අය ඉන්න තැනවලට share කරන්න වටිනවා... ස්තූතී මේ ගැන ලිව්වට

    ReplyDelete
    Replies
    1. ළමයින්ට අනතුරු වෙන්නෙම අපේ නොසැලකිල්ලෙන්.. (ඒක පිළිගන්න එකම වටිනවා) ඒක නිසා ඒක නිවැරදි කර ගන්නත් ඕනි අපිමයි.. මේවා කවුරු අතරේ කොහොම බෙදා ගත්තත් කිසිම අහිතක් නෑ. වෙන්නත් ඕනි ඒකමයි. ස්තුතියි!

      Delete
  4. මේ විස්තර බෙදාගත්තාට ගොඩක් ස්තූතියි අයියේ. පොඩ්ඩන්ට අනතුරක් වෙන්න අපි නොහිතන එක තත්පරේ වුණත් ඇති. මගේ පැටියා මගේ ඇස් ඉස්සරහදිම එක සැරයක් මේසෙන් වැටිලා උඩු ඇන්දේ දත් දෙකක් විදුරුමහ ඇතුළට ගියා. තව දවසක් පඩියකින් වැටිලා නහය වැදිලා ලේ ආවා. මං දන්න තව දෝණියෙකුට ෆෑන් එකේ වයර් එක මීයෝ කාලා තිබ්බ තැනකින් කරන්ට් වැදුණා. හොඳ වෙලාවට ට්‍රිප් එක ඕෆ් වුණා. මේ දේවල් ගැන මේ වගේ අත්දැකීම් බෙදාගන්න තරමට ඒ වගේ අනතුරු වෙන එක අඩුවෙයි කියලා මාත් විශ්වාස කරනවා. අයියාගේ පැටව් තුන් දෙනාට බුදු සරණයි!

    ReplyDelete
    Replies
    1. තව එක දෙමව්පියන් යුවලකගේ හරි 'නොසැළකිල්ල' අඩුවෙලා 'අවධානය' වැඩිවෙලා එක පොඩි එකෙකු හරි අනතුරකින් බේරුනොත් මගේ උත්සාහය සාර්ථකයි.. අපේ ගොඩක් දෙනෙක්ගේ වැරැද්ද මේ කොච්චර කියුවත් 'තමන්ටම දෙයක් වෙනකම්' ඒක ගණන් ගන්නේ නැති එක.. මේ දේවල් නම් තමන්ටම වෙනකල් ඉන්න එක තරම් අනුවණ වැඩක් නම් තවත් නෑ.. සිත්තර පැටියාටත් බුදු සරණයි දෙවි පිහිටයි! :)

      Delete
  5. අපෝ ඕවා ලංකාවේ උනාට ඕස්ටේලියාවේ කැනඩාවේ එංගලන්තේ ඇමරිකාවේ එහෙම වෙන්නේ නෑ ඒ වෑ සේප්ටිය ගැරන්ට් කරලා තියෙන්නේ එහින්දා ඒ රට වලට සංක්‍රමණය වෙන්න

    ReplyDelete
    Replies
    1. අම්මප.. තැන්කියු මචං.. ට්‍රයි කොල්ල බලන්නං හිටං. :)

      Delete
    2. අනේද කියන්නෙ ඇනෝ....
      https://amp.theage.com.au/victoria/boy-8-found-in-hot-car-in-newport-hid-himself-there-without-mother-knowing-20171114-gzl1qv.html


      Delete
    3. හෑ.. එහෙනං ඕස්ටේලියාවත් එපා.. :))

      Delete
    4. ඕන් කනදවේනුත් විස්තරයක්......

      https://toronto.ctvnews.ca/child-dies-after-being-found-inside-car-in-city-s-west-end-1.3600210


      Delete
    5. http://www.cnn.com/2017/08/01/health/hot-car-deaths/index.html

      Delete
    6. හපොයි.. බැලුවම තාම අපි හොඳයි වගේ.. :)

      Delete
  6. //ගෙදර ලංගම උනත්//
    අන්න අවුරුදු ගණනකට පස්සේ ලංගම දැන් ලාභ ලබනවා ලු...:D

    දැන් මෙව්වා ගැන මමත් හරි සැලකීමත් කලණ අයියේ...:)

    ස්තුතියි උයාට මේ විස්තර අපිටත් දැනගන්න එක්ක ලිව්ව එකට.

    ReplyDelete
    Replies
    1. මාත් ඕක දැක්ක පබ්ලිෂ් කරාට පස්සේ.. ඒක හැදුව තැන්කියු. හම්මට.. එහෙමද? සුභ පැතුම් එහෙනම් කලින්ම ඈ! මේක බැලුවම කාලින ලිපියක්.. :)

      Delete
  7. මගෙ යාලුවෙක් කරන්ට් වැදිල මලා

    ReplyDelete
    Replies
    1. ඉතීම් ඔය බලපන්. මගේ සාතිශය කණගාටුව! :'(

      Delete
  8. කරන්ටි් එක වැදිලා මාත් ඔන්න මෙන්න ගොඩ ආවේ..

    අන්තිම එක නං හරිම භයානකයි. ඒත් උඹල බලං හිටපු නිසා හොදා. නැත්නං නොදැන පොඩි එකා යතුර අරන් ගිහින් ලොක් කරගත්තා නං.. මහා විනාසයක් බං.

    ReplyDelete
    Replies
    1. අපිට බොහෝවිට ඔහොම අනතුරු වෙන්නේ අපේ වැරැද්දෙන්.. අපුල කියන්නේ හය හතර නොතේරෙන පොඩි උන්ට එහෙම වෙන්නෙත් අපේ වැරැද්දෙන් වීම.. උඹට දීර්ඝායුෂ!

      ඔව් බං ඒක මතක් වෙද්දීත් ඇඟ හිරි වැටෙනවා.. :/

      Delete
    2. //උඹට දීර්ඝායුෂ!//

      හීනෙං තමා.. හැක්..

      @ කොන්‍ක්‍රීට් බාස්
      කරුණාකර මගේ කරන්ට් වැදිච්චි එකේ ලින්ක එක අලවන්න.. පීස්..

      Delete
    3. නෙදකිං මූ ඒ වෙලාවෙම මැරිල ගියානං මේ කරදරේ නෑ. හැක්..

      දේශකයා දුටු මාරයා (මාරයා දුටු දේශකයා)

      Delete
    4. හම්මේ.. ඒක කියෝලා මටත් කරන්ට් එක වැදුනා වගේ.. අර වයර් එක අත අරින්න බැරි අතේ වතුර තිබ්බ නිසා නෙවෙයි බං.. එහෙම තමයි කරන්ට් එක වැදුනම.. ඒකට කියන්නේ no let go effect එක කියල.. ඒ කියන්නේ ඔය කරන්ට් එකෙන් මොළේට සිග්නල් ගෙනියන ඉන්ටර්නල් කරන්ට් එක ජෑම් කරනවා.. එතකොට අත අරින්න ඕනි උනත් ඒ පණිවුඩේ මාංශ පේශියට යවා ගන්න විදියක් නෑ.. එකක් කියන්නම්.. උඹ මාර ලකී ඈ!

      Delete
  9. හිටහන් මම බයින්ඩ ඒව හොයන් එනකන්

    ReplyDelete
    Replies
    1. වරකෝ.. කොටනවා සෙනිකව.. (උබෙන්මයි ඉස්සුවේ ඈ!)

      Delete
  10. උබට තිබ්බේ දොර ඇරලා එලියට ගත්ත ගමන් පොඩි එකාට හුලිජ්ජා යන්න දෙකක් දෙන්න. එහෙම උනා නං ආයේ ඔය වගේ නසරානි වැඩ කරන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මං root cause එක හොයාගෙන ගියා.. දැන් වෙලා තියෙන්නේ මට ම ගහ ගන්න.. :)

      Delete
  11. කේස් තුන හොඳින් අධ්‍යයනය කලවිට පෙනී යන්නේ මේ සියල්ලම මහ උන්ගේ නොසැලකිලිමත්කම නිසා සිදුවූ ඒවා බවයි. බොගෙ සේෆ්ටි හොඳයි බල්ලගෙ පුකේ එල්ලන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඔය.. මන් කියුවේ.. මන් කියුවේ.. :))))))

      Delete
  12. හොඳ වෙලාවට අපේ ගෙදර පොඩ එවුවො නෑ. හැබැයි යාළුවොන්ගෙ එවුන් එන දවසට බොහොම පරිස්සං වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. පොඩි උන්ට තේරෙන එකක්යැ? :)

      Delete
  13. බොගෙ සේෆ්ටි හොඳයි බල්ලගෙ පුකේ එල්ලන්ඩ.x 2

    ReplyDelete
    Replies
    1. මං එල්ලනනෙ උඹෙ පුකේ..

      ( පුක යනු කුනුහරුපයක් නොවේ.අපේ බ්ලොග් කිරි අත්තා )

      Delete
    2. ඉතිං මං ඌට කිව්වෙත් පත්තරයගෙ පුකේ එල්ලන්න කියක තමා. හුකෑස්

      ( පුක යනු කුනුහරුපයක් නොවේ.)

      Delete
    3. තොපි දෙන්නගේ වලිය දැක්කේ කාලෙකින් :)

      Delete
    4. ඇත්තටම , බලු පොරයක් දැක්කෙ කාලෙකින් ,

      Delete
  14. ඔයාට කියන්න මචං මං පොඩි කාලෙ දවසක් අපේ ඩැඩාගෙ BMW එක ඇතුලෙන් ලොක් කරගෙන හොඳ වෙලාවට ඒකෙ එක්ස්ට්‍රා කී එක Land Cruiser එක ඇතුලෙ තිබ්බා. හැබැයි දවසක් Benz එක ඇතුලෙන් ලොක් කරගෙන ඉඳලා ඩැඩා Range Rover එකේ ගිහිං Benz කම්පැණියෙනුත් එක්කං ඇවිත් තමා එලියට ගත්තෙ. හැබැයි ඩැඩාගෙ Audi Q7 එකේනං යතුර ඇතුලෙ තියෙද්දි ලොක් වෙන්නෙ නෑ සේෆ්ටි ෆීචර් එකක් ඒකෙ. ඩැඩා නිතර යන්නෙ එන්නෙ Porche එකේනෙ ඒක ප්‍රොගැම් කරලා තියෙන්නෙ ඇපල් ෆෝන් එකෙන් ලොක් එක අරින්න. ඊට පස්සෙ හැබැයි ඩැඩා අපිට වැඩිය යන්න දෙන්නෙ තිරික්කලේ තමා ඒකෙ ලොක් නෑනෙ

    ReplyDelete
    Replies
    1. මොකද්ද උත්තො ඇපල් වලින් ලොක් අරින්නෙ? යතුරු තියා පිහියක්වත් නැද්ද :P

      Delete
    2. ආ ඉන්දිකයියාආආආආආ

      Delete
    3. ඒ කියන්නෙ උඹ කරන වැඩ වල හැටියට අන්තිමේ තිරික්කලේ ගැටගහනවට වැඩිය වෙන කරන්න දෙයක් නෑ කියල ඩැඩා තේරුං ගත්ත.

      Delete
    4. ඒක නෙමෙයි තාම ඉන්නෙ අර ලැට් එක ඇතුලෙද? ඒකෙ දොර අරින සේෆ්ටි ෆීචර් එක හම්බඋනේ නැද්ද?

      Delete
    5. තිරික්කලේ ලොකුද බං ?

      Delete
    6. නෑ හරකා තමා ලොකුම

      ප්‍රසා ඒකෙ ඉන්නකොට එලියට එන්න හිතෙන්නෙ නෑ බං.හැක්

      Delete
    7. ඉවාන් , මතක ඇතිව ලාඩං සෙට් එක දාගනින්. ගෙජ්ජි වැලනම් ඕනෙ නෑ උඹේ ටකේ තියෙනවනෙ.

      Delete
    8. නෙද්දකින් ගොන් බිජ්ජෝ ටික මගේ පොස්ට් එක හාලා.. :)))))

      Delete
    9. ඉවාන්, කොච්චර යාලුවො හිටියත් ඉස්කෝලෙ සෙට් එක වගේ ෆිට් නෑ වගෙම, මොනතරං බුකියෙ හිටියත් බ්ලොග් තරං ෆිට්, ඕපන් නෑ බං ඒක. අර ලේසිය්ට ගියාට මොකෑ

      Delete
  15. පොඩි උන් ඉන්නකොට ඔහොම වෙනව තමා, ඒත් ඉතින් උඹෙ ගෙදරම උනා කියන්නෙ තොපි ලෝකෙට පරකාසෙ, ගෙදරට මරගාතෙ

    ReplyDelete
    Replies
    1. ඔය ඔය.. මං කියුවේ.. මං කියුවේ.. :)))

      Delete
  16. මං නං කියන්නෙ කසාද බැඳපු උඹේ වැරැද්ද.. නැත්තං ඔය පස්න ලොවෙත් නෑ කාර් ඕනත් නෑ :D

    ReplyDelete
    Replies
    1. එහෙනං තිරික්කලයක් ගනිං.උඹටම ඇදං ගිය හැකිනෙ

      Delete
    2. තිරික්කලි කරුවෙකුගේ පයිඩයකි

      Delete
    3. ගොනා සේෆ් ද?

      Delete
    4. ප්‍රා , ගොන්නු කොහොමත් සේෆ් නැති ජාතියක්, ඒක හින්ද අඃ වලට රබර් කොපු දාන්න ඕනෙ.

      Delete
    5. මල්ටිපල් නේ ඔබතුමා

      Delete
    6. අම්මප.. ආයේනම් බඳින්නේ නෑ.. :))

      Delete
    7. ඔව්.. දැන් බර අදින්න අමාරුයි.. හෙහ්..

      Delete
    8. වාහන හිටිනවා.. කරත්තෙ හිටින් නෑ..එලිවෙලා හරි ගෙදර එනවා සුවර් 😂

      Delete
  17. දරුවන්ට සිදුවෙන බොහෝ අනතුරු වැඩිහිටි අපේ නොසැලකිල්ල නිසාම සිදුවන ඒවා මාත් හොඳ පාඩම් ඉගෙන ගන තියනවා. විදුලිය සම්බන්ධ දැනුම හා පළපුරුද්ද තියන කෙනෙක් විදිහට පිළිගත් කෙනෙකුගෙත් දරුවා කරන්ට් එක වද්දගෙන රෝහලට පවා ගෙන ගිය අවස්ථාවක් මට දකින්න ලැබී තියනවා. "ආරක්ෂාව" මූලිකම අවශ්‍යතාව අනෙක් සේරම අවශ්‍යතා ඊට පස්සෙ ලිපිය ඉතාම වටිනවා කල්‍යාණට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගුණසිංහ මහත්මයා.. :)

      Delete
  18. මෙහෙත් ඉන්නවා ඉතින් දඟම දඟ මල්ලක් ඒත් වැඩේ කියන්නේ බොහෝම සුළු කොට තැකිය හැකි දේවල් මිසක් මේ වගේ ටක් ගාලා මතකෙට එන සයිස් බරපතල දෙවල්නම් තාම නෑ.ඒ කියන්නේ ඉතින් ම්ගේ බලා ගැනීමේ හොද කම මිසක් වෙන මොකක්ද... හා නැද්ද...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.. අනිවාර්යයෙන්ම.. උඹ බැලින්නං කවි කතා ලිවිල්ලට අමතරව ගෙදර දොරේ වැඩත් කරනවා නෙහ්.. :)))

      Delete
  19. වටින ලිපියක්. කොච්චර පරිස්සම් වුණත් මේවා වෙන්න පුළුවන්. ඒවගේම මම පොඩි කාලේ කරන්ට් වැදිල, ඔළු පලාගෙන, කකුල් කඩාගෙන, ආදී වශයෙන් සිදුවුණ අකරතැබ්බ අනන්තයි. උඹත් ඒවගේම ඇති.

    ReplyDelete
    Replies
    1. ඔලුව පලාගෙන අන්ඩක් කඩාගෙන මැහුමක් දාගෙන නොහිටි දවස් අතේ ඇඟිලි ගානටත් අඩු ඇති.. :)))))

      Delete
    2. මගේ පොඩි කාළෙත් එහෙම තමයි. ගමේ හිටියා අබේකෝන් කියළා දොස්තර මහත්තයෙක්. තවමත් ඉන්නවා. අපිට බෙහෙත් දාලා පස්සේ සල්ලි දුන්නොත් ගන්නවා. ඒ වගේ හොඳ මහත්තයෙක් නොහිටියානම් අද මම මේ පොස්ට් එක බලන්න නෑ. මොකද ඉස්කෝලේ නිවාඩුවකට මැහුමක් දා ගත්තේ නැත්නම් නිකං මොකක්ද වගේ. මේ තියෙන්නෙත් ඒ වගේ පොඩි එකක් ගැන ලියපු පොස්ට් එක්ක. අපේ මහ එවුන් ගාව තිබ්බ එකම සේෆ්ටි ප්‍රිකොෂන් එක තමයි පිට පිරෙන්න සිහි කැඳවීම් ප්‍රහාර එල්ල කරන එක. කවදාවත් හරි ගියේ නෑ. ඒ වගේම අපේ දෙමවුපියෝ නොවෙන වැඩිහිටියෙක් වුණත්, ඇල අයිනේ, ගඟ අයිනේ හිටියොත් "ආ මේ ඉස්කෝලේ මහත්තයාගේ පුතා නේද, යනවා ගෙදර කියලා එලවා ගන්නවා"

      Delete
  20. මේව අපට අදාළ නෑ. නමුත් වෙන කෙනෙක්ගෙ බබෙක් ළඟක හිටියොත් නම් ටිකක් සැලකිල්ලෙන් බලනව, වෙන කෙනෙකුගෙ දරුවෙක් කියන්නේ ඉතින් ආයේ වෙනම වගකීමක් නෙ. අනික, දරුවෝ කියන්නෙ රටේ ජීවනාලිය. රටේ හැම වැඩිහිටියගෙම වගකීම තමයි තමන්ගේ වේවා අනුන්ගේ වේවා හැම දරුවගෙම ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන එක.

    මේ අත්දැකීම් ටික බෙදා ගත්තට තුති. අන්තිම එකට විසඳුමක් නැද්ද හැබෑට? කාර් එකේ එක යතුරක් වෙනම බබාට අහු නොවෙන තැනක තියන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. හරි හරි.. ඔබ ටුමි ලත් අපි වගේ දරු මල්ලෝ දරන කාලයක් එනවනේ.. :))

      අනිවාර්යයෙන්ම එමා.. මේ එකකටවත් පොඩි උන් වැරදි නෑ අපේ වැරැද්ද.. ඒක ආයෙම ආයෙම නොවෙන්න වැඩ කරන එක තමයි මගේ බලාපොරොත්තුව.. ස්තුතියි!

      Delete
  21. පුංචි ළමයි ඉන්න ගෙවල්වල ඉතින් මේ වගේ මොනවා හරි වෙනවාමයි. අපේ ලොකු අක්කා පොඩි කාලේ හැකරැල්ලෙක් කාලා තියෙනවා කියලා අම්මලා කියනවා මතකයි. කටෙන් සෙම දාද්දි කටට අතදාලා බැලුවාම ලු දැක්කේ. මගේ කොල්ලා නම් වටේට කොට්ට තියලා නිදි කරවපු ඇඳෙන් වැටිලා තියෙන එක තමයි ලොකුවටම කරගෙන තියෙන්නේ. මෙහෙම පෝස්ට් එකක් ලිව්වා එක හොඳයි, එතකොට මේ දේවල් ගැන ටිකක් වැඩිපුර අවධානයෙන් ඉන්න පුළුවන් නේ හැමෝටම.

    ReplyDelete
    Replies
    1. මලී.. ඉස්සෙල්ලම ස්තුතියි තාත්තාව බ්ලොග් ලියන්නත් පොත් ලියන්නත් යොමු කිරීම ගැන.. මේ දවස්වල ආසාවෙන්ම කියවන වටිනාම බ්ලොග් එකක් ඒක.. 'වටේට කොට්ට තියල නිදි කරවපු ඇඳෙන්' උනත් වැටෙන්න පුළුවන් පේනවා නේද? ස්තුතියි පැමිණීමටත් අගනා අදහස් දැක්වීමටත්.

      Delete
  22. ඉතා හොඳ ලිවිල්ලක්. පොඩි ලමයි අනතුරේ වැටෙන්නෙ වැඩියෙන්ම ලොකු මිනිසුන්ගේ අමන කම් නිසා.
    මේ වෙන කථාවක්. අඹ මේ දවස්වල සාපේක්ෂව ෆ්‍රී නේ. ඉතින් අර P495 , 2001 April 21 සිද්ධිය ගැනත් ලියපන්.

    ReplyDelete
    Replies
    1. //පොඩි ලමයි අනතුරේ වැටෙන්නෙ වැඩියෙන්ම ලොකු මිනිසුන්ගේ අමන කම් නිසා// ++++++++++

      නිදහස ඉවරයි වගේ බං.. අලුත් වැඩක් පටන් ගත්ත.. අද.. බලමු මොනවා උනත්..

      Delete
  23. උඹට වඩා අපේ ගෙදර ඉන්න සේෆ්ටි මැනේජර් හොදයි. ඌ පොඩිකාලෙ ඉදන්ම සේෆ්ටි ෆස්ට්. ඒක හින්ද නංගිත් සේෆ්.
    අර පොඩිඑකා ප්ලාස්ටරයක් දාගෙන ඉන්න ෆොටෝ එක දැක්කම උඹත් එක්ක තරහ ගියා. යකෝ වෝකර් එක ගැන දන්නෙ නැති උඹ අනුන්ගෙ සේෆ්ටි බලන්නෙ කොහොමද ?
    එක්ස්ට්‍රා යතුර , පර්ස් එකේ දාන්න පුළුවන් විදිහෙ එකක් කපාගෙන , පර්ස් එක සාක්කුවේ දාගෙන යන්න පුරුදු වෙයන් . තව එකක් ගෙදර තියාගන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. උඹ කලිනුත් කියල තියෙනවා පොඩි එකා හෙනම සේෆ්ටි කන්සර්න් කියල.. මම ඌ ලොකු උනාම මගේ ෆීල්ඩ් එකට ගන්න ඉල්ලලත් තියෙනවා.. මතකද?

      Delete
    2. මතකයි නේන්නම්, මට මේ ලගදිත් මතක් උනා , බුවා අපේ ස්ටෝරුවට ආව විනාඩි 5 ඉන්න ඇති අඩුපාඩු හැටක් විතර පෙන්නුව. මල්ටියකට ගහල තිබ්බ CPU එකක් පෙන්නල නක්කලේට හිනාවෙලත් ගියේ. අපේ උන් හිනාවෙනව MD ආවට එහා කියල.

      Delete
    3. ඌ හරියන්නේ අපේ වැඩේටම තමයි.. :)

      (උඹේ මේ කොමෙන්ට් එක spam වෙලා තිබ්බේ. මේල් එකේ දැකල හොයල ගෙනල්ල ආයේ එල්ලුවේ) :)

      Delete
  24. මිත්‍රයා, ඉතින්
    බොහොමත්ම ස්තූතියි මෙහෙම දෙයක් ගැන ඔබ කතා කිරීම ගැන!
    ඇත්තටම මට බොහෝ අවස්ථවල හිතිලා තියෙනවා ඔය සාමාන්ය ජීවිතයේ ආරක්ෂාව ගැන ලියන්න. එතැනදී මට කියන්න ඕන වෙන්නේ ජනප්‍රිය මාතෘකාව ගැන නම් නොවෙයි. ඒකෙ අනිත් පැත්ත.

    උදාහරණයක් විදියට මේ රටේ යතුරු පැදි කරුවන් වසරකට විශාල සංඛ්යාවකගේ ජීවිත මෝටර් රථ (බස් ලොරි ඇතුළුව) පදවන්නන් විසින් බිලි ගත්තද සාපේක්ෂව ; ඒ රියැදුරන්ගේ දක්ෂතාවය , ඉවසිලිවන්ත කම , හැකියාව කරණකොට ගෙන පාපැදි කරුවන්ගේ ජීවිත බේරෙණ ප්‍රමාණය හා ගත් කල එය ඉතා කුඩා අගයකි.
    " මුන්ගේ ජීවිත බේරිලා තියෙන්නේ අනිත් එවුන්ගේ බ්‍රේක් මත!" යැයි වරෙක බස් රියැදුරෙකු මාහා පැවසීය.
    නමුත් සමාජය තුල මුල බැසගත් මතය වන්නේ බස් රියැදුරන් මිනී මරුවන් ලෙසය. බහුතර අනතුරු සිදුවී ඇත්තේ ඔවුන්ගේ වරදින් විය යුතුය!
    එහෙත් ඔවුන් අභය දානය දුන් ජීවිත ගනනද අපමන විය හැක!

    අප අසා ඈත්තේද පත්තර වල ලියා දක්වා ඈත්තේද යට කරපුවා පමනි! ඒ කතාද අන්තිම අනුවේදනීය ඒවාය! මේවා ලියා පලකරණ්නේද ආවෘථ පිරමීඩ න්යායයෙන්ය.

    "බස් මරුවා සිව් දරු පියා බිළිගනියි" නමුත් ඇතුලාන්තය බැලූවහොත් බොහෝවිට සිදුවී ඇත්තේ මරණ කරු අපරික්ෂාකාරී ලෙස ක්‍රියා කොට ඇති බවය!

    මෙයට වෙනස් සිද්ධියක් ගෙන බලමු.
    ඔබට මතකද ඇමති ආරක්ෂක අංශයේ සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයක් බස් රථ දෙකකට මැදිවී ජීවිත ගනනාවක් විනාෂවූ අයුරු!
    හුදී ජනයාට ඇමති ආරක්ෂක අංශය ඇලජික් නිසා ඩිෆෙන්ඩර් රියැදුරාහට බැන වැදුනද "හොඳ වැඩේ " කියා නොකියා කීවාට ඔබ බලන්න ඒ වීඩියෝව වරක් දෙවරක්.
    එතනදී ඩිෆෙන්ඩර් රියැදුරා සියදිවි හානිකර ගැනීමක් ලෙස ලේබල් වීඇතත් සිදුවන්නේ බස් රියැදුරන්ගේ සාමූහික මිනී මැරීමකි!
    නවතා පලමු ගියරයේ පිටත් වන බස් රථයට ඉස්සරකරණ ඩිෆෙන්ඩරය ඉදිරියට එන්නේ වංගුවෙන් මතුවන අනෙක් බස් රියය.
    ඉන් පලමු බස් රියේ රියැදුරා ඇක්සලරේටරයෙන් තම පාදය තත්පර 10 කට ගත්තානම් ; නො එසේනම් ඉදිරියෙන් මතුවන බසයේ රියැදුරා තම රථය එක් අඩියක් දෙකක් වම් අතට ගත්තානම් වේගය මදක් අඩු කලානම් මේ අනතුර සිදුවන්නේ නැත!

    මීට සමානම අනතුරකින් මීට කලකට පෙර කතරගම ගිය මුළු පවුලක්ම විනාශ විය.

    නමුත් අප අනතුරු වලක්වා ගැනීමට යෝජනා කරණ්නේ යතුරු පැදි කරුවන් බේරා බස් රියැදුරන් බස් එලවිය යුතුය! යන මතයය.
    එහෙත් ඇත්තෙන්ම අප අපගෙ ආරක්ෂාව වෙනුවෙන් කුමක් සිදුකොට ඇතිද? අප අනෙකාගේ ආරක්ෂාව සඳහා කල යුත්තේ කුමක්ද?
    මේ පිළිබඳව කෙරෙණ කටයුතු වලට සමාජමය වටිනාකමක් ලබෙන්නේ කවදාද?

    ස්තූතියි මේක හොඳ ප්‍රවේශයක්. පුරණ්න ! යටින් අපි ලියන්නම්!

    ReplyDelete
    Replies
    1. තට්ටයා මචං.. බොහොම ස්තුතියි හරබර දිග කොමෙන්ට් එකට.. මම මේකට දිග රිප්ලයි දෙකක් කලින් ලියුව දෙකම පබ්ලිෂ් කරනකොට නෙට් අවුල් ගිහින් කෙලවුනා කියහන්කෝ.. මේ තුන්වෙනි උත්සාහය..

      මමත් කාලෙක ඉඳන් හිතාගෙන ඉන්න කේස් එකක් තමයි මේ අපි ලෙසිවට හිතල ඩ්‍රයිවර් ලට බැනල නිකන් ඉන්න RTA වල root cause analysis එකක් කරන්න.. එහෙම කරාම අපිට බලාගන්න පුළුවන් මේ ඇක්සිඩන්ට් වැඩි හරියකට අපිටම තමයි මඩු වලිගේකින් තලා ගන්න වෙන්නේ කියල.. අනිත් වැදගත්ම දෙයක් තමයි උඹ කියුව වගේ contrary view එකකින් මේ දේවල් ගැන ලියන එක.. බස් රියදුරෝ ගැන හිතද්දී මට හැමදාම හිතෙන දෙයක් තමයි උන්ගේ රාස්සවත් එක්ක උන් ඉන්න පීඩනය, උන්ගේ අධ්‍යාපන/ පවුල් පසුබිම, මහන්සිය, අදායම අත්දැකීම් වගේ දේවල් ගැන අපි කොච්චර පොඩියටද සළකන්නේ කියන එක.. අපේ රටේ නිතිය හැදිලා තියෙන විදිය නිසා හමේකටම ලයිෂන් 'තියෙන' එකා වැරදි උනාට දැන් ගොඩක් රටවල 'ඇත්තටම වැරැද්ද කරන එකා' තමයි හොයන්නේ. එහෙම හොයා ගත්තම හරියට පාරේ ගිය, වැරද්දක් නොකරපු එකාට රස්තියදුවක්වත් වියදමක්වත් නැතුව නිදහස් වෙන්න අවස්ථාව දෙනවා.. ඌට වෙන පාඩුවත් ය කරගන්නේ වැරැද්ද කරපු එකාගෙන්.. එහෙම සිස්ටම් එකකට අපිත් යන්න ඕනි රටක් විදියට. දැන් බලපන් ලයිෂන් තිබිලත් කොච්චර පරිස්සමින් පැදෙව්වත් පරකදී වෙන එකෙක්ගේ වැරද්දකින් හරි අපේ රටේ ඇක්සිඩන්ට් එකක් උනොත් ඒ ඩ්‍රයිවර් කන්න වෙන කට්ට.. හරි. උඹ අත්දැකීම් ගොඩක් තියෙන එකෙක්. මාත් මේ ගැන උනන්දුයි. අපි ලියමු. ජයවේවා!

      Delete
  25. මටත් දෙතුන් වතාවක් කරන්ට් එක වැදිලා තියෙනවා. වැදගත්ම අවස්ථාව තමයි තාවකාලිකව මිදුලේ වැඩක් කරන්න දාල තිබුන බල්බ් එකක මොකක්හරි කරද්දී ස්විච් එක දාලද කියල ආපහු ගේ ඇතුළට ගිහින් බලන්න කම්මැලි කමට හෝල්ඩර් එකට ඇඟිල්ල දාල බලපු අවස්ථාව...

    අපේ ලොකු එකා මාස 8 දී නැගිටින්න පටන් ගන්න කාලේ පැත්තට වැටිලා උරහිසේ තියෙන විෂ්බෝන් ඇටේ දෙකට කඩාගෙන තිබුනා. කැඩිච්ච ඇටේ ලැප් වෙලා තිබිල තියෙන්නේ...
    ඒකට බෙහෙතක් කරන්න ඕනේ නැහැ කියල ඩොකා කිව්වලු, ගෙදර උන්දැයි නැන්දම්මයි මට සීන් එක කිව්වෙත් නැහැ. මට කිව්වෙත් ටික දවසක් ගියාට පස්සේ මෙට්ටේ යට ගහල තිබ්බ X-Ray එක දැකල ඇහුවට පස්සේ...
    වාසනාවට කොල්ල ලොකු වෙද්දී උගේ උරහිස් වල වෙනසක් උනේ නැහැ...

    දැනට මාස දෙක තුනකට කළින් ගෙදර වැඩකට ආපු බුවාලා ටිකක් බිම තියල තිබ්බ රත් වෙච්ච බවුත් එකක් එක පාර පැනල රත් වෙච්ච කොණෙන් අල්ලලා ඉස්සුවා. එතකොට ඌට වයස අවුරුදු 4 යි...
    වතුරෙන් හෝදලා දත් බෙහෙත් ගෑවත් දිය බුබුලක් ආවා...

    පලවෙනි සිද්ධිය එකපාර නතර කරගන්න අපහසු එකක් උනත් දෙවෙනි සිද්ධිය මගහැර ගන්න තිබුනා...

    මීට අමතරව මොන සුද්ධ සිංහලෙන් එපයි කියල කිව්වත් නැන්දම්මයි දෝනියන්දයි දෙන්නම උන්ගේ බෙහෙත් පෙති කොල්ලට ගන්න පුළුවන් විදිහට තැනතැන දානවා...

    වාහනේ සිද්ධියේදී නම් මම අමතර යතුරක් කපා ගත්තා පර්ස් එකේ දාල තියාගන්න කියලා...
    කියන්න සෝචනීයයි පින්වතුනි, ඒක තාම වාහනේ ඇතුළේ...

    ReplyDelete
    Replies
    1. හෙන සීරියස් පිට කියවගෙන ආවා.. අන්තිම ටිකට හිනා නොවී ඉන්නේ කොහොමද කියලත් කියහන්.. :)))))))

      දැන් තුන් ගුණයක් පරිස්සමෙන්! ජයවේවා!

      Delete
    2. අම්මට සිරි එහෙමත් සීන් එකක් නේද මිත්‍රයෝ. මේ දෙසැම්බරේ තුන පහ වෙන්න යනවා නේද?

      Delete
    3. තුන පහ වෙලානේ ගිය මාසේ අග හදිසියේම.. මම දන්නෙත් අද.. තව තියෙන්නේ පාටිය ගන්න විතරයි. :D

      Delete
  26. කරන්ට් එක ගැන නං කතාකරල ඕනි නෑ. අපේ ඔෆිස් එකේ අලුතින් ෆයිබර් ඔප්ටිකල් ලයින් එකයි සර්වර් එකකුයි හයිකෙරුවා ICTA එකෙන්. අනේ අම්මප උන්ගෙ ඉලැක්ටීෂියන් කරන්ටෙක අරන් තිබුණා විදිහකට. අපේ ට්‍රිප් සුවිච්චෙක මලා.

    පස්සෙ අපේ එකා ඒක අහක් කරලා ට්‍රිප්පෙකක් දැම්මා. ඒත් අරුන්ගෙ ලයින්නෙකට කරන්ටෙක නෑ. පස්සෙං පහු ඒකෙ වැරැද්ද දැකලා පෙන්නල දීලා යන්තං ගොඩ දැම්මා. හැබැයි තාමත් අපේ මැඩම් අනික් පැත්තෙ ඉන්න පියන්ව ගෙන්නන්න බැල්ලෙකේ සුවිච්චෙක ඔබපු ගමං ට්‍රිප් එක යනව.

    මට කරන්ටෙක වැදුනෙ තේ හැන්දෙං. ඔව් තේ හැන්දෙං.

    ReplyDelete
    Replies
    1. මැඩම් උඹේ බ්ලොග් එක දැකල වෙන්නැති ඔෆිස් එකට ෆයිබර් ලයින් එකක් ගත්තෙ.

      Delete
    2. ඔය තේ හැන්දෙන් වැදී වැදී තිබිල ලොකු මේස හැන්දකින් වැදිච්චි දාට තමයි කෙලවෙන්නේ.. ඉක්කනට ගෙදරයි ඔෆිස් එකෙයි කරන්ට් ලයින් ටික තේරෙන මිනිහෙකුට කියල බලව ගනිං.. :)

      මැඩම් බ්ලොග් බලනවානම්.. අනේ මැඩම්.. මූ ආපහු යාංහෑල්ල ලියනකම් මුගේ allowances ඔක්කොම කපල දාන්න.. පීස්..

      Delete
  27. ඔබේ දරුවන්ගේ මොලේ වර්ධනය බාලයි. ඒකට හේතුව තමයි නිසි පෝෂණයක් නොලැබීම.

    ඔබලාත් පිදුරු වගේ කුකුළු මස් කන එකයි මෙයට හේතුව. එම නිසා රස ගුණ හරක් මස් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. ඔබ ඔබේ දරුවන්ට ආදරෙයි නේද? ඒ නිසා ඔබ ඔවුන්ට ලබා දෙන්නේ හොදම දේ නේද? ඔබේ දරුවනුත් දක්ෂයන් කරන්න ආසයි නේද. එහෙනම දිනපතාම හරක්මස් කෑමට දෙන්න. ඔබත් ලේ වඩවන,ගුණදායක, රසවත් හරක් මස් කෑමට ගන්න.

    උදේට නැගිට්ටම ඇයි ඔය බත් තම්බ තම්බ ඉන්නේ. මුණ කට හොදන් යන්න ටවුමේ සම්සුදීන් මුදලාලිගේ හෝටලේට. ගිහිං වාඩිවෙලා ඕඩර් කරන්න හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් එක්ක උණු උණු රෝස් පාන් දෙකක්... මේ පාන් උණු උණුවේ හදන්නෙත් සම්සුදීන් මුදලාලිගේ බේකරියේමයි. ම්ම්. ඉතිං ටික වෙලාවකින් මේසෙට අරං එයි ඒ දිව්‍ය බෝජනේ. ඔන්න ඉතිං දෙසා බාන එකයි තියෙන්නේ. ඊට පස්සේ වැඩි සීනි ප්ලේන්ටි එකක් අරං, එකත් බිලා, බිල ගෙවන ගමන් සිගරට් එකකුත් අරං එකත් පත්තු කරන් වැඩට යන එකයි තියෙන්නේ.

    ඔහොම වැඩට ගිහිං කන්තෝරුවේ වැඩකර කර ඉන්නකොට දවල් වෙනවනි. ඊට පස්සේ වැදගත්ම දේ දවල් කෑම. දවල් කෑමට ඉතිං බත් නොවැ කන්නේ ගොඩ දෙනෙක්. එහෙනං ඉතිං හොදම තේරීම ලතීෆ්ගේ හෝටලය. අර පල්ලියට එහා පැත්තේ තියෙන්නේ. පෙප්සි බෝර්ඩ් එකක් එහෙම ගහලා. අන්න එතැන. එහෙන ගිහිං හෝටලේ ඇතුලේ වැඩි වෙලා රජ්ජුරුවෝ වගේ ඉල්ලන්න හරක් මස් එක්ක බත්.. පකිස්තානෙන් ගෙන්නපු හාල් වලින් උයපු දුම් දාන සුදු බත්, දිව පිනවන රසවත්, ගුණවත් හරක් මස්, පරිප්පු, විශේෂයෙන් උයපු අළු කෙසෙල් මාළුව ඊට අමතරව තවත් රසවත් මාළු පිනි රාශියක්. ඇයි බැදපු මාළු උනත් ගන්න පුළුවන්. ආයේ ඉතිං රස ගුණ කියලා නිම කරන්න වචන නෑ. කන්න හිතේ හැටියට නිවී සැනසිල්ලේ. බත් කාලා ඉවර වෙලා හොද වටලප්පං එකකුත් කාලා, සිගරට් දෙකකුත් අරං බිලත් ගෙවලා යන්න ඔපිස්‌ එකට.

    ඊට පස්සේ ඔපිස්‌ එකේ වැඩ අනං මනං කරලා හවස් වෙලා ගෙදර යන ගමන් අපේ නානාගේ දුවනගිරියෙන් රතු පාටට, පැණි බේරෙන බූන්දි ටිකක් අරං යන්න පොඩි එවුන්ට.

    පස්සේ ඔය ගෙදර ගිහිං මුණ කට එහෙම හෝදලා, ටිකක් විවේක අරං ඉන්නකොට නෝනා අහයි රෑට කන්නේ මොනාද කියලා. අනේ ඇයි ඉතිං මේ හැන්දෑ වෙලා ආයේ ගෙදර කෑම හදන්න මහන්සි වෙන්නේ. හන්දියේ මුස්ලිම් හෝටලයට විනාඩියක දුරනි. යන්න එතැනට. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්... පොඩි එවුන්ටත් ඔබ ආදරේ නේද? ගන්න රසවත් ගුණදායක හරක් මස් කොත්තු. අනික ඒ ගමන්ම හොදවයින් අරක්කු භාගේකුත් ගන්න. ආ ඒත් එක්කම මුස්ලිම් හෝටලෙන් සිගරට් ගන්නත් අමතක කරන්න එපා හොදද. ඊට පස්සේ ඉතිං දිව්‍ය ලෝකේ ගියා වගේ තමයි නේද?

    ReplyDelete
    Replies
    1. එළ කොල්ලෙක් නේ.. හරක් මස් තමයි මගෙත් ප්‍රියතම මස් වර්ගය.. චිකන් නම් කන්නෙම නැති තරම්. :)

      Delete
    2. චිකන් තම්යි සතා මොකාද

      Delete
  28. මම කුඩ කාලයේ රෙදි මහන මැෂින් එකේ මෝටරේ කරන්ට් ලීක් එක්ක තිබිල මට කරන්ට් වැදුනා. ගෙදර ටිප් ස්විච් එක තමා මාව බේරාගත්තේ. ඒක ඕෆ් උණා. විචාරක ථුමාඅ කෑ ගහගෙන ආවා කාටද කරන්ට් වැදුනේ අහගෙන. ඔඑතකොට තමා මට තේරුනේ මට කරන්ට් වැදිලා කියලා.
    මෙවැනි අනතුරු වෙන්න පුළුවන් ඒ පිලිබඳ දැනුවත් කරාට ස්තූතියි
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. හැමෝටම මොකක් හරි අත්දැකීමක්.. ගොඩක් ඒවා එතරම් බරපතල නොවුන එක වාසනාවක්.. ඒත් හැමදාම හැමෝම එහෙම වාසනාවන්ත නෑ.. පරිඉසම වැදගත් වෙන්නේ ඒ නිසා. ස්තුතියි!

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  29. බුදු අම්මෝ පිස්සු හැදෙන අනතුරු ටිකක් .පොඩි එවුන් ඊළඟ මොහොතෙ මොකක් කරයිද කියල හිතන්ඩවත් බැරි නිසා සෑහෙන අවදානෙකින් ඉන්ඩ ඕනි.පොඩි එවුන් එක්ක කවුරුහරි අපේ ගෙදර ආවොත් උන් යනකන් මගෙ ඇඟේ ලේ නෑ

    ReplyDelete
    Replies
    1. අනිවා බක්කරේ.. පොඩි උන්ගේ ආදරේ වගේම ආරක්ෂාවත් අයිති අපිට.. :)

      Delete
  30. පොඩි එවුන් ඇහැ පියගහන ඉක්මනට අනතුරු කරගන්නවා බන්. මගේ ලොකු අම්මගේ පුතාගේ පුතා පුංචි කාලේ පිහියක් අරං කෝටුවක් කැපුවා ගහක මුලකට තියල.. මූ කොටුවත් එක්ක ඇඟිල්ලත් තියාගෙන ඇඟිල්ල වෙන් උනා.. පස්සේ එවෙලේම කරාපිටි අරං ගිහින් ඇඟිල්ල ඔපරේට් කරා.. වෙලාවට කෑල්ල ආයේ සෙට් උනා.. දැන් නම් ඌටත් ඒ සයිස්ම ළමයි දෙන්නෙක් ඉන්න තාත්ත කෙනෙක්. මගේ නංගිත් පුංචි කාලේ ඔය වගේම කාමරේකට ගිහින් වහගන්න පුරුද්දක් තිබ්බ. අමතක වෙලා ලොක් එක දාල තිබ්බොත් ඉතින් උන්දෑ ඇතුලේ ලොක්..කාමරේ දොරේ වීදුරුත් මල් වීදුරු නිසා මුකුත්ම පෙන්නේ නැහැ. ගෙදර දවල් දවසේ අම්මයි තාත්තයි නැති නිසා කාමරවල ජනෙල් අරිනෙත් නැහැ අපි වැඩි වෙලාවක් ඉන්නේ පුන්චිළහ නිසා. මට මතකයි දෙවතාවක් අහල පහල දෙන්නෙක් වහලේ උළු ගලවාගෙන බැහැල සිවිලිමත් ගලවාගෙන ඇතුලට ගිහින් තමයි දොර ඇරල නංගිව එලියට ගත්තේ. උලුයි සිවිලිමයි දෙකම ගලවන නිසා නංගි කාමරේ කොතන ඉන්නවද කියල ෂුවර් නැති නිසාත් සෑහෙන අවදානම් වැඩක් ඒක. කොහොමහරි නංගිව යාප්පුවෙන් වීදුරු දොර ගාවට ගෙන්නගන්නවා ඒත් පුංචි නිසා ඔලුවවත් පෙන්නේ නැහැ. කාර් එකනම් කමියෝ අරින්න තිබ්බ බොහොම සිම්පල් වැඩක්. යූ ටියුබ් බැලුවනම් ඕක අරින්න ඕනෑතරම් ක්‍රම ඇති. එක්කෝ අර එදා ගාල්ලේදී කාර් එක නැවතුන වෙලාවේ බුකිය හරහා අසනීපෙ කිව්වා වගේ මැසෙන්ජර් හරහා මාව අමතුවානම් මම උඹට කියනව ඕක විනාඩි පහෙන් අරින විදිහ.. මොනදේ උනත් කලබල නොවීමයි වැදගත්.. කලබල උනොත් කරදරේ පැටව් ගහන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හම්මට.. එහෙම 'අරින' වීඩියෝත් තියෙනවද බං යූ.ටියුබ් එකේ? අදම බලන්න ඕනි.. එදා අම උඹ දෙයියෙක් වගේ ඔන්ලයින් හිටිය.. මෙදා මට උඹව තියා 'ඔන්ලයින්' ඉන්න කිසිම දෙවි කෙනෙක්ව මතක් උනේ නෑනේ.. :)

      Delete
    2. හම්මට.. එහෙම 'අරින' වීඩියෝත් තියෙනවද බං යූ.ටියුබ් එකේ.
      තියෙනවා නේන්නම් සියළුම අැරිලි ගැන. ප්‍රශණේ සමහර ඇරිලි බල්න්න ගියහම වයස තහවුරු කරන්නලු. වයස කහවුරු කරලා අද ඉඳන් බලපන්

      Delete
  31. ඉතාමත් වටිනා කියන ලිපියක්. ඔබේ අත්දැකීම් තුලින් අනෙකුත් අය ආරක්ෂා කිරීම සදහා ඔබ ගත් උත්සාහයට මාගේ කෘතවේදය.

    ReplyDelete
  32. අම්මො...කියවන මගෙ ඇග හිරි වටෙනකොට උබ එ වෙලවෙ හිටපු තත්වෙ හිතා ගන්න ප්ලුවන් .
    එල ද බ්‍රා මෙන්ඩා

    ReplyDelete
    Replies
    1. උඹ ආයේ කියවන්න සෙට් වෙච්ච එකම ලොකු දෙයක්..

      Delete
    2. මගෙ සින්හල න‍ටුව් ගියා බන් .තවම හරියටම හරි නැහේ ,,,ඩන්න කෙනෙකුට කියලා හදා ගත්ත ගමන් කතවෙ ඉ‍ටුරු ටික ලියන්වා

      Delete
  33. මට නම් මරු සේෆ්ටි අයිඩියාවක් ආව.
    ළමයි නොහද හිටියනම් හරි ;p

    ReplyDelete
    Replies
    1. අර අහවල් එක කප්පවා ගනින්. අනතුර අනිවාරියෙන්ම පහව යනවා.

      Delete
    2. ඔය උදාරය එහෙමලුනේ බං රිසක් එක නැති කරගෙන තියෙන්නේ.. ඒත් උඹ කෝකටත් අර උඹත් එක්ක බයික් එකේ කට්ට කාගෙන ජිවිතේ බෙදා ගන්න කෙල්ලගෙනුත් අහල හිටපං.. හැක්.

      Delete
  34. දැන් ළමයි තමයි වැරදි.
    සෑර් බබා!
    යන්ඩ සෑර් යන්ඩ

    මේ ඒක නෙවෙයි සෑර්, ඔය සේප්ටි කෙස් එක ටිකක් ඇදගෙන යමුද (නැත්තං නාමුද?) තට්ට සෑරුත් එයි, තව කවුරු කවුරු හරිත් එයි, බලමුද දහ අටේ.
    ජයවේවා!

    ReplyDelete
  35. මමත් බයම දෙයක් කරන්ට් එක බං. ලංකාවේ විදුලි අනතුරු බොහොමයකටම මුල මිනිස්සු සෙකන්ඩ් හෑන්ඩ් බඩු ගන්න එක. අනික වයරින් වැඩත් කරන්නෙ බණ්ඩා කොළඹ යනව වගේ. කම්බි වයර් ගෙදර හැම තැනම එල්ලෙනව.

    මේවා ගැන ලියනවට උබට ස්තුතියි.

    හනේ සත්තලනේ... ෆලෝ අප් ගැජට් එකක් එල්ලහන්කෝ....!!

    ReplyDelete
  36. උබලා ඔය සින්හල කොටනවා වගෙ කොටාගෙන කොටගෙන යන්න මටත් සින්හල හදලා ඩියල්ලකො ...එතකොට අර කතවෙ ඉතුරු ටික කොටගෙන කොටගෙන යන්න ප්ලුවන්

    ReplyDelete
  37. කරන්ට් වදින කෙනෙක්ව එකෙන් බේරගන්න හොඳම විදිය තමා විදුලිය විසන්දි (off ) කිරීම... හැබැයි එහෙම කියල ඒක off කරද්දී තමන්ට කරන්ට් එක වදිනවා නම් කල යුත්තේ පරිවාරකයක් (පොල්ලක් වගේ දෙයක්) භාවිතයෙන් පුද්ගලයා ඉවත් කිරීමයි....
    ට්‍රිප් එකක් (RCCB - Residual Current Circuit Breaker ) එකක් තිබ්බා නම් ට්‍රිප් වෙනවා මනුස්සයක්ට වදිද්දී (හැම තිස්සෙම නෙවෙයි ඉතින් - හරියට ක්‍රියාත්මක වුනොත් තමා )

    ReplyDelete
  38. http://nopenena.blogspot.qa/2017/10/blog-post.html

    ReplyDelete
  39. ඉතාම හොඳ පොස්ට් එකක්. මොකද මේක දැක්කම මට ලියන්න මාතෘකා ගණනාවක් මතක් වුණා. ඒ ටික මම කොලේක සටහන් කර ගත්තා. මේ පොස්ට් එකේ හෙඩිම දැක්කම මම හිතුවේ මගේ අන්තිම පොස්ට් එක දැකලා ලියපු එකක් කියළා. පස්සේ තමයි තේරුණේ දිනේ බැලුවම. අපි ගෙදරකට ලයිට් ගන්නකොට, දාන ප්ලග් ගාන, බල්බ් ගාන අපෙන් අහන එකට එක හේතුවක් මේ වගේ අනතුරු කියලා මට හිතෙනවා. මොකද අපි එතකොට මණ්ඩලේට එරෙහිව නඩුවක් දැම්මොත් බේරෙන්න පුළුවන්. අපිට කිවුවට අමතර උඹලා තව මරු වැල් ඇදගෙන කියළා. ඔය සේෆ්ටි ගැන මම හොඳටම දැක්කේ සැටලයිට් ඩිස්ක් එකක් හයි කරන්න ආපු ටර්කිමෙනිස්තාන් කාරයෝ දෙන්නෙක් ගෙන්. උන් බෑග් ඒකෙන් අඬුවක් එලියට ගන්නෙත් ඕවරෝල් එක ඇඳලා, සේෆ්ටි හැට් එක දාගෙන. ඒ වගේම ප්‍රොෆෙෂනල්. මට කලින් වයරින් වල අඩුපාඩු පෙන්න පෙන්න පුළුවන් ඒවා නිවැරදි කළා. නිසි පුහුණුව වගේම, ඒවා දැනුම යාවත්කාලීන කරන්නත් වසරකට වරක්වත් වැඩමුළු තියෙන්න ඕනේ. ඒ රාජකාරි වලට කරන අයට. අපි වගේ ගෙවල් වල ඉන්න අයට, මේ පරිපථ ගැන, ධාරාව ගැන ප්‍රායෝගික පාඨමාලා තියෙන්න ඕනේ. සේෆ්ටි කියන එක ආණ්ඩුවෙන් නිකං ට්‍රේනින් දුන්නත් හොඳයි. හැම කෙනාටම මේ ගැන අවුබෝධය තියෙන්න ඕනේ. ප්‍රථමාධාර ගැනත් ඒ වගේමයි. එතකොට සෞක්‍යට වැය වන මුදල අඩු වෙනවා. මාධ්‍ය කරුවන්ටත් කෙළ වෙනවා. සේෆ්ටි පටන් ගන්නත් ඕනේ ගෙදරින්ම තමයි. අපේ පොඩි එකාට වාසනාවකට ඉන්බෝර්න් සේෆ්ටි ටැලන්ට් එකක් තියෙනව. ඒ තමන් බේරෙන්න. කවදාවත් ප්ලග් එකක් පැත්තේ යන්නේ නෑ. ඒ වුණාට මේ පොස්ට් එක අපේ ගෙදර ඉන්න පොඩි එකාගේ තාත්තට පෙවන්න ඕනේ. මේක කියවන ගමන් ගෙදර තියෙන අවධානම් තැන් මගේ හිතට ආවා. මම කලිනුත් අදාළ පුද්ගලයාට පොඩි එක්ස්ටෙන්ෂන් එකක් ගැන අනතුරු අඟවලා තියෙන්නේ. පොඩි වුන් අපේ දෑස් සීමාවෙන් එලියට යන එක හේතුවක් තමයි, මොබයි-ටැබ්ලට් ආදිය. අපේ අවධානෙ එතැන තියාගෙන ඉන්නකොට පොඩි උන් අනතුර හොයාගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. පොස්ට් එක වගෙම හොද කෙමෙන්ට් එකක්

      Delete
  40. ඔබේ බිරිඳ රැකියාවක් කරන කෙනෙක් ද එහෙමත් නැත්නම් ගෙදර ඉන්න කෙනෙක් ද.. මම එහෙම ඇහුවෙ පහළින් ලියන්න යන දේවල් කරන්න තරම් කාලයක් වෙන් කරන්න පුලුවන් තැනක ඔබ නැති නිසා ලියන සටහන් එක්ක බැලුවම...

    දරුවන් ට හදලා දෙන්න ගෙදර අයට නිතර හොඳින් පෙනෙන, හදිස්සියකදි අවම කාලයකදි ගෙදර කොහේ හිටියත් එන්න පුලුවන් තැනක හොඳින් ස්වාභාවික ආලෝකය නිරාවරණය වු තැනක home corner එකක්, (ඔබේ පොඩිම දෙන්නාට එක විදිහක home corner එකකුත් , ලොකු කෙනාට වෙන විදිහකටත් හදන්න වේවි හදනවා නම් .. )

    මේ හදන home corner එක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම home corner එකක්.. ඒ කිව්වේ ඔබේ ගෙදර පුංචි ආකෘතියක් ආරක්ෂාකරිව දරුවට තනියම අත්හදා බලන්න පුලුවන් .. ඒ ඒ වයසට ගැලපෙන දේවල් වයසත් එක්ක එකතු කරන්න අඩු කරන්න පුලුවන්.. නිර්මාණශීලි කෙනෙකුට මේ දේවල් ගෙදරම හදා ගන්නත් පුලුවන්.. එහෙම නැත්නම් කඩෙන් ගේන්නත් පුලුවන්.. ටික ටික ලොකු වෙනකොට ගෙදරින් එළියේ එයාගේ අවට පරිසරයේ වෙන දේවලුත් මේකට එකතු කරන්න් පුලුවන්.. උදා: කඩෙන් බඩු ගන්න හැටි, පුංචි පුස්තකාලයක්, පුංචි මොන්ටිසෝරියක් ...

    මෙහෙම home corner එකක් හදලා දුන්නම ඒ ඒ දරුව ටික ටික පුරුදු වෙනවා එයාටම ආවේණික විදිහකට ඔබ සියලු දෙනාගෙන් copy කරගත් එදිනෙදා අදහස් පුරුදු එයාගෙම විදිහකට මේ home corner එක ඇතුලේ පෙළ ගස්වන්න.. තවත් විදිහකින් කිව්වොත් එයා ගෙදර තියා ගන්න කැමති විදිහ.. ඒ ප්‍රායෝගික දැනුම බොහෝ වැදගත් වේවි තමන් තනිව ජීවිතය මුහුණ දීමේදි...

    මේ home corner එක වට කරලා බිමට මැට් දාලා ආරක්ෂාකාරීව හදලා දුන්නම ඔයාලට යන්න පුලුවන් හරියට එයාගේ ගෙදරට එන අමුත්තෝ වගේ ... හැමවෙලේම එතනම ඉන්න ඕන නැ... (හැමදාම safety check එකක් නම් කරන්නම ඕන දරුවා එන්න කලින් )

    ගෙදරක දරුවන් ලැබුනට පස්සේ මුල ඉඳලම ඒ ගෙදර සීමා මායිම් දරුවට පැහැදිලිව වටහා ගන්න දේවල් අපිට කරන්න පුලුවන්.. මේවටත් වෙලාව ඕන වගෙම ජීවිතේ යම් පිළිවෙලක් තරඟකාරි බවත් අඩු වෙන්න ඕන වගේම දරුවා වෙනුවෙන් අපේ පහසුව පොඩ්ඩක් පැත්තකින් තියන්න පුලුවන් මනසක් තියෙන්නත් ඕන...

    උදාහරණයකට කුස්සියට (දරුවා නොයා යුතු තැන් වලට ) යන දොර ලඟට පොඩි gate එකක්, රතු පාට stop sign එකෙනුත් වැඩක් ගන්න පුලුවන් මේ වගේ තැන් වලදි.. මේ ලෝක සම්මත සංකේත වලින් ගෙදර වැඩ ගොඩක් කරන්න පුලුවන් නම් වෙලාව තියනවා නම් නිර්මාණශීලි නම් දැනුවත් නම් පිළිවෙලක් තියනවා නම් තමන් දාන නිතී රිතී තමන්ටම පිලිපදින්න පුලුවන් නම් දරුවන්ට කලින්.. :) :)

    ReplyDelete
  41. මං පොඩි කාලෙ අපේ ගෙදරට කරන්ට් එක තිබ්බෙ නෑ. ඒ හින්දා හවස් වෙනකොට ගේ අස්සේ පට්ට කලුවරයි. අපේ අම්මා මාව ඇග හෝදන්න කියල උණු කරලා බිමින් තියල තිබ්බ කේතලේ පැටලිලා මම වැටිලා කකුල් දෙකම පිච්චුනා. ඒ කැලැල් තාමත් තියෙනවා...

    ReplyDelete