Monday 15 August 2016

ඉයන්ගේ අභියෝගය හෙවත් මගේ සිත් ගත් ගීත 16ක්.. Most difficult assignment in a while

ඉයන් පුංචි අභියෝගයක් කරලා තිබ්බනේ.. මම හිතා ගත්ත ඒක මගේ අයිස් බ්‍රේක් කර ගන්න හොඳ අවස්ථාවක් කියල.. හිතුවට දැන් බැලුවම ඒක කාලෙකින් හම්බවෙච්චි ලොකුම අමාරු වැඩක්.. ඒ කියන්නේ මගේ කැමැත්ත සිංදු දාසයකට සීමා කරන එක.. 

මම සිංදුවකට කැමති වෙන්න බලපාන හේතු කීපයක් තියෙනවා.. පළවෙනිම එක ඒ සින්දුව මට දැනෙන විදිය. මේක වෙන්නේ තනිකරම ඒ අවස්ථානුකුලව.. දෙවෙනි කාරණය සිංදුවේ පදමාලාව- ඒකට ගීත රචකයා නම් කිසිසේත්ම වැදගත් වෙන්නේ නෑ.. තුන්වෙනි කාරණය සංගීතය- සංගීතය ගැන මට ලොකු අවබෝධයක් නෑ ස්වර හත ඇරුනුකොට.. හැබැයි සිංදුවේ අර්ථයට හා ගායකයාගේ කට හඬට ගැලපෙන ඒකාකාරී නොවන සංගීතය මට මිහිරියි.. ඊට අමතරව සමහර ගායක ගායිකාවන්ටත් පොඩි මෙව්වා එකක් තියෙනවා නොකියුවොත් වැරදියි.. ගීතයක රූප රචනාවක් හොඳ වීම නිසා ගීතයකට විශේෂ කැමැත්තක් ඇතිවූ අවස්ථා ඇත්තෙම නැති තරම්.. හැබැයි සමහර කැමති ගීත වලට හොඳ රූප රචනා තිබීම නිසා කැමැත්ත වැඩිවූ වෙලාවල් තියෙනවා.. බාචි සුසාන් ගේ නිහඬ ගමනේ ගීතය මෑත කාලයේත්, නන්දා මාලිනීගේ පිපුණු මලේ රුව එමල දනීදෝ ගීතය මුල්කාලයේත් (දැන් නම් ඒ රූප රචනය විකාශනය වෙනවද දන්නෙත් නෑ) එහෙම රූප රචනාවන් නිසා සිංදුවට තිබුණු කැමැත්ත වැඩි වුනු අවස්ථා දෙකක්..

මුලින් කියුවා වගේ මේකනම් අමාරුම වැඩක්.. ඒක නිසා පුළුවන් තරම් වැඩි ගායක පිරිසකගේ අත අරින්නම බැරි සිංදු තෝරා ගන්න හිතුව.. 

අංක 1- මට මුලින්ම සිංදුවකට කියල දැනුනේ මේ සිංදුව.. අපි පුංචිම කාලේ මට වයස 7-8ක් වගේ ඇති අපේ ගමේ මොකක් හරි අවස්ථාවක පොඩි සංගීතයක් තිබ්බ.. ගමේම අය තමයි සිංදු කියුවේ.. අපේ අයියලාගේ යාලුවෙක් හිටියා 'හෙවන්' කියල අමුතු නමක් තිබ්බ.. Heaven කියන්නේ මොකක්ද කියල දන්නේ නැති කාලේ ඒ නම අමුතු නමක් තමයි.. අන්න ඒ හෙවන් අයිය තමයි එදා අර පුංචි සංගිතේදී මේ සිංදුව කියල මාව පිස්සු වැට්ටුවේ.. ඔය මං උඩින් කියපු හැම ඉංග්‍රීඩියන් එකක්ම මේකේ අඩු නැතුව තියෙනවා.. අදටත් එදා වගේම කන්දෙක ඇතුලෙන් අහන සිංදුවක්.. කොච්චර හිතේ තියෙනවද කියුවොත්ව වතාවක් මම (නේවි එකේ ට්‍රේනින් ගිය මුල්කාලේ) අම්මට ලියපු කවි ලියුමක් අවසන් කරේ මෙහෙම.. 
...ලොව ජය අරන් මම එනතුරු නොපමාව
ඔබ මග බලනවද ඉඳ ඉඳිකඩ ගාව...


අපේ ගෙදර මමයි අපේ ලොකු අක්කයි ඇරෙන්න අනිත් ඔක්කොම සංගීත කාරයෝ.. පළාත් මට්ටමෙන් තාත්තා, ලොකු අයිය වගේම පොඩි අක්කත් පළමු තැන දිනලා තියෙනවා ගායනයෙන්.. පොඩි අක්ක ජාතික මට්ටමෙන් පැවැත්වුණු 'සිංහ ගී උදානය' වැඩසටහනේ කුසලතා ජයග්‍රහණයක් පවා ලැබුවා සාගරිකා ගෝමස් ගායිකාවගේ ලෝනා මුණි රාජාගේ සිංදුව කියල .. ඒ වැඩසටහනේ පළවෙනියා වුනේ අමරදේවගේ සින්දුවක් කියපු අසංක ප්‍රියමන්ත පීරිස්.. 

අංක 2- මට ඇඟටම දැනිච්ච අනිත් සිංදුව කියුවේ ඒත් ඔය උඩින් කියපු වයසේදීම වගේ.. අපේ ලොකු අයියයි එයාලගේ යාලුවෙක් වෙච්චි ධම්මි අක්කයි අපේ ගෙදර තිබ්බ පැදුරු සාජ්ජෙකදී.. ඒ කාලේ ඒ ගොල්ලන්ගේ මල් මල් තරුණ වයස.. දෙන්න අතර මොනවා මොනවා හරි මෙව්වා එකක් තිබ්බද දන්නෙත් නෑ.. හැබැයි ධම්මි අක්ක අපේ අයියට වැඩිය සුට්ටක් වැඩිමල් ද කොහෙද.. (මේ ඔක්කොම දේවල් ඒ දවස්වල එක එක්කෙනා කතා කරපුව.. සිංදුවත් එක්කම මගේ හිතට වැදුණු..) වැඩේ කියන්නේ මෑතක් වෙනකං මම හිතන් හිටියේ මේක යුග ගීතයක් කියල.. යූ ටියුබ් වල ආයෙම පරණ සින්දු අහන්න ගත්තම තමයි දැනගත්තේ එහෙම නෙවෙයි කියල.. 

අංක 3- ඔයින් ටික කාලෙකට පස්සේ ආවේ මගේ ත්‍රාඩ කාලේ.. නහයට අහන්නේ නැති එකේ සිංදු අහන්නේ මොකාද? හැබැයි රූකාන්ත ගුණතිලක කියල ඒ වගේම ත්‍රාඩ ඩයල් එකක් ඒ කාලේ අපිටම ගැලපෙන ස්ටයිල් එකකින් සිංදු කියන්න ගත්ත.. ඔන්න ආපහු සිංදු රහ වැටුන.. නිතරම රුකා ගේ සිංදු කෑල්ලක් කටේ.. කොච්චර වැඩේ නැගල ගියාද කියුවොත් අපේ තාත්තගේ අම්ම- අපි කියුවේ ආතා කියල- නැතිවෙලා 87-88 වගේ මළගෙදර යන්න මුණ සෝදන ගමනුත් මේ සිංදුව කියල අම්මගෙන් බැනුනුත් ඇහුව.. 


අංක 4- ඊළඟට ආවේ රහස් පොලිස් රැවුල එන කාලේ.. 89-90 වගේ ඒ කාලේ අපේ වයස් වල කෙල්ලෝ ඔක්කොම අපිට වැඩිය උස මහතයි.. උන් අපිව ගණන් ගන්නෙත් නෑ.. උන් ඔක්කොටම වගේ ඒ කාලේ අමුතු පිස්සුවක් තිබ්බ.. ඒ ගායකයෙකුට ලව් කරන.. ඒක නිසාම 'පුද්ගලයෙක් විදියට' අපි කොල්ලෝ ඔක්කොම ඌට ඉරිසියා කරා. හැබැයි කෙල්ලොන්ට ලියුන් ලියනකොට නැත්නං ඉස්කෝලේ ඩෙස් එකට ගහල සිංදු කියනකොට ඊටත් ටික කාලෙකට පස්සේ ගෙදරට වලි දාල සංගීත බලන්න යනකොට නම් අපිත් ඌට ෆුල් ලව්. අපේ කාලයේ (ජෝතිගෙන් මිල්ටන් ගෙන් පස්සේ කාලයේ) වැඩිම කෙල්ලන් පිරිසකගේ ආදරේ දිනාගන්න ගායකයෙකුට පුළුවන් උනා නම් ඒ වෙන කවුරුවත් නෙවෙයි නාමල් උඩුගම.. මොකක්දෝ හිතා ගන්න බැරි හේතුවකට නාමල්ගේ 'නිහඬ වෙලා හද නොසැලී හසරැල්' සිංදුව ඇහෙනකොට අදටත් මට ඇඟ හිතල වෙලා ලොකු දුකක් දැනෙනවා..
අංක 5- අපේ ගෙදර උන් වගේම මගේ ඉස්කෝලේ යාළුවෝ අතරත් හොඳටම සිංදු කියන්න, සිංදු අහන්න වගේම සිංදු ලියන්න පුළුවන් හෙන සෙට් එකක් ඉන්නවා.. සිංදු කියන්න පුළුවන් උන් දෙන්නගෙන් එකෙක් නම් දැන් සෑහෙන්න තරමක් ප්‍රසිද්ධ වෘත්තීය නොවුනත් වෘත්තීය මට්ටමේ ගායකයෙක් හා සංගීතඥයෙක් .. අනිකා දැන් බීල බීලම කටහඬ සවුත්තු කරගත්ත ඉංජෙක්.. මං වැඩ කරන ආයතනයේම ජේෂ්ට ව්‍යාපෘති කළමනාකරුවෙක් නිසා මාසෙකට සැරයක් දෙකක් තාම සෙට් වෙනවා.. අමරදේවගේ සිංදු (ඉස්සර) කියනවා ඇත්තටම අමරදේවට වඩා ලස්සනට.. 92න් පස්සේ අපිට ආවා අමරදේව පිස්සුවක්.. පිපුණු කුසුම, කොළොම්තොට වගේ අමරදේවගේ කැසට් මිටි ගණන් එකතු කරන්නත් පැය ගණන් සෙට් වෙලා එක දිගට ඒවා අහන්නත් අපිට ඕනේ තරම් වෙලා තිබ්බ.. ඇත්තටම අමරදේව 'මාස්ටර්' ගේ සිංදු මොනවටද අකමැති කියල කියන එක මිට වඩා ගොඩක් ලේසියි.. ඒත් මේ කියන කාලේදී හිතට අල්ලපු මේ සිංදුව තාම ඒ වගේම හිතේ තියෙනවා.. කියන්නේ 'කළු' ගැන.. කවුද කළු කියල නොදන්නා අයගෙන් අහන්න වෙන්නේ 'මන්ද කළු පිං නොකලේ?' කියල තමයි.. 
අංක 6- ඔය කාලෙම තමයි සංගීත සංදර්ශන ලංකාවේ අතිශයින් ජනප්‍රිය උනේ.. ජිප්සීස් හා සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායම් හා නාමල්, අතුල අධිකාරී හා ඒ වගේම තව පට්ටම ඩයල් එකක් වන ආත්මා තමයි අපේ කාලේ සංගීත සංදර්ශන 'රන්' කරේ.. අනිත් උන් සපෝට් කැරක්ටර්ස් විතරයි.. ට්රු රුටු ටුටු රුටු ටුටු ට්රුට්න්.. ට්රුං ටුන්ටු ට්රුට්න් ට්රුං ටුන්ටු  ට්රුං ටු ට්රුන් ටුන්.. කියල ලියතඹරා මියුසික් එක ඇහෙනකොට නටපු නැති එකෙක් ඒ කාලේ අපේ වයස්වල කොල්ලොන් අතර හිටියේ නෑ මං දන්නා තරමින්.. ලියතඹරා එකට අදටත් ආස උනත් මම ආත්මාගේ වැඩියෙන්ම ආස සිංදුව ඒක නෙවෙයි.. මීට අවුරුදු 15 කට විතර කලින්ම මගේ බැචෙක් ගේ වෙඩින් එක වෙලාවේ නුවර අර්ල්ස් රිජන්සි හෝටලේදි ගානට අනුමත වෙලා ඉන්න වෙලාවක අපේ ජෙෂ්ට උත්තමයෙක් 'සුපිරියටම' කියපු මේ සිංදුවට ගහන්න ආයි එකක් නෑ තාමත්..

97-99 අවුරුදු මගේ මතකයෙන් ඉරේස් වෙලා තියෙන්නේ.. නේවි එකේ ට්‍රේනිං කාලේ.. කෙලින්ම මාව උණු කරලා අලුත් අච්චුවක වක්කරල අරගත්තේ ඒ දවස්වල.. ඊට  පස්සේ  ආවේ ජීවිතයත් මරණයත් අතර ෆන් ගත්ත ඩෝරා ජිවිතේ.. මළත් මොකද AC එකේ සිංදුවක් අහගෙන කියල තමයි ඒ කාලේ කියන්නේ.. රෑට රේඩාර් වොච් එකේ ඉන්න ගමන් නොනවත්වා සිංදු අහනවා.. අනිත් වෙලාවට හිමාලි සිරිවර්ධන ගේ සෙන්ශේෂන් ලගේ නැටුම් එක්ක 'නන්ස්ටොප් කැරෝකේ' බලනවා 'මැගී' කකා 'මාමයිට්' බිබී.. ඔය  කාලේ තමයි චන්දන ලියනාරච්චි සහ සශිකා නිසංසලා කියන ගායක ගායිකා දෙන්නගේ සිංදු නැගල ගියේ.. තව සුභානි හර්ෂනී කියල ගායිකාවකුත් ආවා.. හැබැයි ගොඩක් කල් අල්ලලා ගියේ නෑ.. දීපිකා ප්‍රියදර්ශනී ල, නිරෝෂා විරාජිනී ල, සමිතා ල, අසංක ප්‍රියමන්ත ලත් බොහොම ප්‍රශස්ථ මට්ටමෙන් සීන් එකේ හිටියා.. රෑ නිදිවරාගෙන ඩෝරා එකේ දී අහපු සිංදු තමයි මගේ ලිස්ට් එකේ 7, 8, 9, 10 තියෙන්නේ.. මේ හැම සින්දුවකටම අදටත් එදා මතකයෙන්ම ආසයි..

අංක7- සශිකා නිසංසලා මේකට පස්සේ තව ලස්සන සිංදු ගොඩක් කියුවට මගේ මතකයේ ගැඹුරින්ම සශිකාව තියෙන්නේ මේ සිංදුවට මගේ තියෙන ලව් එක නිසා.. 
අංක 8- අසංක ප්‍රියමන්ත කියන්නේ දැන් 'විහිලුවට ලක්වෙන' ගායකයෙක් උනාට මුල් කාලේ අපි හිතුවේ කවද හරි ඊළඟ 'අමරදේව' වෙයි කියල.. පට්ටම සිංදු සෙට් එකක් තිබුනේ.. ඒ අතරින් මේ සිංදුව  තමයි අදටත් අසංක ප්‍රියමන්ත කියන ගායකයා ගැන මගේ අනන්‍යතාවය..

අංක 9- දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ සිංහල ගීත ලොවට අමිල ගීත ගණනාවක් දායාද කරපු ගායිකාවක්.. මම කියන මේ 2000- 2002 වගේ කියන්නේ දීපිකා ගේත් පීක් එක.. මොන සින්දුව කියුවත් ලස්සනයි.. ජනප්‍රියයි.. ඒ අතරින් ඇස් පියාගෙන විඳපු මේ ගීතය මට ජීවිතේට අමතක වෙන එකක් නෑ.. 
අංක 10- නිරෝෂා විරාජිනී කියන්නේ අපේ කාලයේ ගීත කෝකිලාවිය.. ආයේ ඒකෙ කතා දෙකක් නෑ.. තමන් හොයන ආදරය කවදාවත් නොලබපු නිරෝෂා ගායනා කරපු ආදර ගීත නිසා ඇයට පෙම් කල බොහෝ තරුණයින්ගේ ආදරණිය පෙම්වතිය වෙන්න නම් වාසනාව ලැබුවා.. මමත් අගේ ඒ පෙම්වතුන් අතර කෙනෙක්.. අදටත් නිරෝෂා ගේ සිංදුවක් ඇහෙනකොට දකිනකොට ඒ ලව් එක ඒ විදියටම මතක් වෙනවා.. (ඒ නිරෝෂාව බැඳ ගන්න බැරි උන නිසා මම පස්සේ වෙන නිරෝෂා කෙනෙක්ව හොයල බැඳ ගත්ත.. ) සිනාතොටක් කැසට් එකේ එන මේ සිංදුව ම්ම්ම්ම්ම්ම්... කොච්චර ඇහුවත් මදි..
2003 වසරේදී වගේ මම ගියා තායිලන්තයේ පුහුණුවකට.. එතකොට මට ලැප්ටොප් එකක් තිබුනේ නෑ.. මගේ යාලුවෙක් අන්තිම මොහොතේ මට CD සෙට් එකක් ගහල දුන්න mp3 ෆොර්මැට් එකේ.. අමරදේව, කපුගේ, වික්ටර් වගේ ගායකයින්ගේ සින්දු වෙන වෙනම සිය ගණනක් බැගින්.. මම එහෙ ගිය ගමන් පටුනාම් මාකට් එකෙන් ගත්ත පෝටබල් cd ප්ලේයර් එකක්.. එදා ඉඳන් එනකල්ම කරේ සිංදු අහපු එක තමයි.. මොන හේතුවකටද මන්දා අනිත් cd වලට වඩා වික්ටර් ගේ cd එක තමයි වැඩිපුර ඇහුවේ.. 

අංක 11- අපේ ලොකු අක්ක මට වැඩිය අවුරුදු නවයක් විතර වැඩිමල්.. මට තේරෙන වයසේ වගේ ඉඳල එයා තමයි මාව බලා ගත්තේ, ගෙදර දොර වැඩ කලේ ඉවුවේ පිහුවේ හැම එකක්ම.. එයා අවුරුදු 35ක්-36ක් වෙනකම් ගෙදර හිටියා.. මගුලක් හරියන්නේ නැතුව.. අන්තිමට අනිත් ඔක්කොම බැඳලා එයයි මායි තමයි ගෙදර ඉතුරු උනේ.. ඔය දවස්වල අම්මයි අපි දෙන්නයි හරි එකතුයි.. කොහොම හරි එයාට කටයුත්තක් ලැස්ති වෙනකොට මම 'ලොකු මිනිහෙක්' අන්තිමට මගේ අතින් තමයි එයාගේ මගුලේ සියලු වැඩ උනේ.. ඔයිට ටික කාලෙකට පස්සේ තමයි මම ඔය කියපු ට්‍රේනින් එකට ගියේ.. වික්ටර්ගේ මේ සිංදුව කළුගල් බරුවක් වගේ මගේ හිතේ තැන්පත් උනෙත් ඔය කාලෙම තමයි.. 
(ආ.. කියන්න අමතක උනා.. මම මොනරාගල චැරිටි වැඩ වලට යද්දී අපේ උන්ට උයල කන්න බොන්න දුන්නේ එයා තමයි.. එයා මේ දවස්වල අසනීපෙන්- බ්‍රෙස්ට් කැන්සර් එකකට බෙහෙත් කරනවා)

ඊළඟ සිංදු තුන මගේ ඔලුවේ තැන්පත් කරේ අර මම කලින් කියපු යාළුවා.. නොයෙක් අවස්ථාවල විශේෂයෙන්ම යම් තරමකට අනුමත වෙලා 'නියම ෆ්‍රිකුවන්සි' එකේ ඉන්න වෙලාවට ඒ ඒ සිංදු උගේ කටහඬින් ම මගේ ඔලුවේ ස්ටෝර් වෙලා තියෙන්නේ.. 

අංක 12- අමරසිරි පිරිස් ගේ සිංදු කියුවොත් මුලින්ම මේ සිංදුව කියෙන් කී දෙනෙකුට මතක් වෙයිද දන්නේ නෑ.. මොකද එයාට ඒ තරම් ජනප්‍රිය සිංදු තියෙනවා.. මට මේක සෙට් උනේ නියම වෙලාවේ නියම ෆ්‍රිකුවන්සි එකේ නිසා මට මුලින්ම ඔලුවට එන්නේ මේ සිංදුව මගේ යාලුවාගේ හඬින්.. ඒ අවස්ථාවේ රූප රාමුත් සමඟ..

අංක 13- පොල්ගොල්ලේ ඔහුගේ නිවසේදී බණ්ඩාර අතාවුද කියන සුපිරි ගායකයාව හම්බ වෙලා සජීවීව ඔහුගේ හඬින් ගීත කීපයක් අහන්න ලැබුනෙත් මේ යාලුවෝ පේරා හිටපු කාලෙම තමයි.. හැබැයි මේ සින්දුවත් අදටත් මට මතක තියෙන්නේ පේරාදෙණිය රෙස්ට් හවුස් එකේ බිලා පැනිදෙනියේ බෝඩිමට යන අතරමග බෝක්කුවක් උඩ ඉඳන් කියපු ඒ මිහිරි හඬින් හා රූප රචනාවෙන් මයි.. 

අංක 14- මේ සිදුවීමත් පේරාදෙණියේ / පැනිදෙනියේ රාජා අයියගේ බෝඩිම එක්ක බැඳුනු හා අද වෙනකම් රස විඳින සිදුවිමක මතකයක්.. ඔය මගේ යාළුවා හිටියේ රාජා අයියගේ බෝඩිමේ යට තට්ටුවේ.. උඩ තට්ටුවේ හිටියේ කැම්පස් එකේ ගෑල්ලමයි.. කවදාවත් කෙල්ලෙක් ගැන නොහිතපු මූට ජුනියර් බැච් එකේ සයන්ස් එකේ කෙල්ලක්ට හිත ගිහිල්ල තිබ්බ ඔය කාලේ.. කෙල්ලත් මූට කැමතියි.. වැඩියෙන්ම මූ සිංදු කියනවා අහන්න.. හැබැයි  හෙනම බේබද්දා නිසා කැමති වෙන්නත් බෑ.. කොහොම හරි ඔහොම දෙකට දෙවාරේ ඉද්දි කැම්පස් එකේ තිබ්බ මොකක් හරි ඉවෙන්ට් එහෙක මූට සිංදුවක් කියන්න තිබ්බ.. කෙල්ලත් බලාගෙන ඉන්නවා.. ශාලාව මීයට පිම්බා වගේ.. ලාවට ඇහෙන මියුසික් එක අස්සෙන් කෙල්ලට මධුර මනෝහර ස්වරයකින් මෙහෙම ඇහෙන්න ගත්ත.. '..... හදේ දොරටු විවර කලෙමි.. සොඳුර ඔබේ නමින්..' තව ඉවසන්න බැරි උනා.. කෙල්ල කැමති උනා මේ බේබද්දට.. 
ප.ලි. මම සිංදු කියනවා අහන්න කැමති එක්කෙනෙකුත් මේ ලෝකේ ඉන්නවා.. ඒ මගේ ප්‍රිය බිරිඳ.. සමහර විට ආදරේ නිසා කපුටෙක් අඬනවා වගේ මගේ වොයිස් එක ඇයට මිහිරියට ඇහෙනවා ඇති.. අදටත් අපි කොහේ හරි දුර ගමනක් යද්දී ඇය කැමතියි මම ඔය උඩින් කියපු සින්දු දෙක අහන්න මගේ කට හඬින්.. මේ නිධාන කතාව නිසා ඇයත් ඒ සින්දු දෙකට අතිශයින් ප්‍රිය කරනවා..

සමහර සිංදු තියෙනවා මොන තරඟෙට දැම්මත් නිතරඟයෙන් දිනන.. හරියට රනිල් වික්‍රමසිංහ කොළඹින් චන්දේ ඉල්ලනවා වගේ.. ඊළඟ චොයිස් දෙකත් ඔබ්වියස්.. හේතු පාඨ ඕනේ වෙන එකකුත් නෑ.. අර මම මුලින් කියපු මගේ කැමැත්තේ සියලු අංග නොඅඩුව සපුරන මේ ගීත දෙක අවසානයට නම් කරනවා විශේෂ හේතුවක් සඳහන් නොකරම

අංක 15- නන්දා මාලිනීගේ ගීත ගොන්නකින් එකක් තෝරලා දෙන්න කියල කවුරුහරි කියුවොත් මට ඒක බොහොම අමාරු ටාස්ක් එකක්.. හැබැයි මගේ එක අඩුපාඩුවක් වෙන 'කාන්තාවක් අඬනවා/ විලාප දෙනවා අහගෙන ඉන්න අමාරු කම' නිසා නන්දා මාලිනීගේ මේ සිංදුව මට හොඳටම රිද්දනවා..


අංක 16- මේ තාක් අහපු සිංදු නිසා හිත කලබල වෙලා නම් අන්තිමට මේ සින්දුව අහමු.. සිත නිවන මේ මියුසික් එකත් එක්ක හෙළයේ මහා ගාන්ධර්වයා ගේ මධුර මනෝහර හඬට ආදරේ කරන්න විශේෂ හේතුවක් ඕනිද?

ඉයන්.. ඔන්න බොස්.. ටාස්ක් කම්ප්ලිටඩ්. මේ අයි හෑව් ද පර්මිෂන් ටු කැරි ඔන්? 

112 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.. සවුන්ඩ්ස් ෆැමිලියර්.. ;)

      Delete
    2. කමියෝ.. 'මේං මේ බිස්කට් එක අරන් ආන් අර පැත්තට ගිහිං කකා ඉන්නවාද පඬිය වෙන්නැතුව' කියල කවුරු හරි කිව්වොත් උඹ ඔය කතාවම කියනවාද?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  2. බොහොම ස්තූතියි! ඉයන් මේ මනූස්සයාට ෆේස් බුක් එකට අමතරව බ්ලොග් එකක් තියෙන බව මතක් කරලා දුන්නාට

    (මට මේක කියවන්න වෙලාව නෑ )

    ReplyDelete
    Replies
    1. බනින්න වෙලාව තියෙනවා නෙහ්.. :)

      Delete
    2. බොට මොනවා හරි කිව්වොත් වලිගේ පාගා ගන්නේ නැතිව තේරුම් ගන්න ඔළුවකුත් තියෙනවා නේද?

      Delete
    3. ඔළුවයි වලිගෙයි වෙන වෙනම තියෙන නිසා අවුලක් නෑ.. හැක්.

      Delete
  3. මහ පළවෙනියටම මං කැමති
    තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න.. ඕ යේස්

    ReplyDelete
    Replies
    1. වෙන මොකුත් තෙමාගන්න ආස නැතෙයි. හැක්..

      Delete
    2. PM ඒකට නම් මාත් කැමතියි.. සශිකා කැමති වෙයිද දන්නේ නෑ..

      ளයෝ.. වෙන මොනවයි බං එහෙම තෙමෙන්නේ?

      ප්‍රා.. ඕ නෝ ඕර් ඕ නේ?

      Delete
    3. තෙන කොමා ගැනිනල්ල තමයි

      Delete
    4. හිහ.. හිහ.. මට ඒ තේරුනෙත් නෑ.. ;)

      Delete
  4. Replies
    1. :D එකට අමතර කෑල්ලක් හම්බුනා කියන්නේ රටක් රාජ්ජයක් ලැබුන වගේ..

      Delete
  5. මට කියන්න තියෙන්නේ ඉයන්ගේ එකේ කියපු දෙයම තමයි මචෝ...

    ReplyDelete
  6. මේ අයුරින් අපි සින්දුව නං මගෙත් ෆේවරිට් එකක්. ටීඑම් ගෙ සින්දු හැමේකටම වගේ මම ආසයි.

    නාමල් කියන්නෙ ඉතිං අපි ඒ ලෙවල් පන්ති යන කාලෙ පිස්සුවක් තිබ්බ පොරක් තමයි. රත්නපුරේ උදේට යන බස් එකේ කන පැලෙන්න දාල ති‍බ්බෙ පොරගෙ සින්දු ඒ කාලෙ.

    ReplyDelete
    Replies
    1. නාමල් ගොඩකවෙල පැත්තට ආවේ පරක්කු වෙලාද බං? අපි ඕ ලෙවල් කරද්දිනේ බදුල්ලට ආවේ..

      මේ අයුරින් අපි සිංදුව දැන් ඇහෙන්නේ ගොඩක් අඩුවෙන්.. ඒ වෙනුවට ඒ ලඟින්ම යන සොඳුරු අතීතයේ සිංදුව තමයි වැඩි දෙනෙක් දන්නේ/ අහන්නේ..

      Delete
    2. නාමල් උඩුගම අපේ පැත්තට නම් කලින්ම ආවා :D අපි පහේ පංතියෙ ඉන්දැද්දි. ආවේ ඔය සිංදුවයි, 'මා මුව අගින් හිනැහුණා' සිංදුවයි එක්ක. අයියෝ ඒක අපිට කිව්වා වගේ අපි දුක්වුණා. :D

      Delete
    3. ඕ ලෙවල් කරද්දි මිනිහ හිටියට ඒ තරං ගණං ගත්තෙ නෑ.

      Delete
    4. මම මොන්ටිසෝරි යන කාලෙ හින්ද අපේ අම්ම මට නාමල් අංකල්ගෙ සිංදු අහන්න දුන්නෙ නෑ., හැබැයි අපී සීයනම් අර ''වී'' ජාති ගැන සිංදු කියන ළමය කියල නාමල්ට හරි කැමැත්තෙන් හිටියෙ.

      Delete
    5. රන්දිල්- ඒ කියන්නේ නාමල් මොන්ටිසෝරි යන කාලේ ඉඳල වගේ සිංදු කියල තියෙනවා එතකොට.. හෙහ්..
      කො.ක.ස. සභාපති තුමාල ඒ කාලේ හේන් ගෙම්බර් එකෙන් වගේ ඉඳල තියෙන්නේ..
      කම්මල පුතාට නම් අහන්න නොදුන්න එක හොඳයි.. නැත්තං උඹ අද සීයාගේ අඩිපාරේ ගිහින් ගොවියෙක් වෙලා වී ගැන අහලම

      Delete
    6. නාමල් මාමා ගායකයෙක් විදියට ජනප්‍රිය කාලේ අපි ඉපදිලාවත් නැතුව ඇති.බලහන් මේ මනුස්සයා කටයුතු කරන කාලේ අපි ඉපදිලත් නැති නිසා අපි කොච්චර පොඩි උන් වෙන්න ඇතිද හිටං.

      Delete
  7. බොහොම ස්තූතියි අභියෝගය භාර ගත්තාට කමී. මේ අයුරින් සින්දුවේ පිළිතුටු ගීතයක් තියෙනවා වගේ මතක. හොයල හම්බුවුණොත් ලින්ක් එක දාන්නම්. රාගයෙන් තොර ආදරයක් ගැන කියවෙන නිරෝෂා ගේ සිනා තොටක් ගීතයත් හොඳම එකක්. නාමල්ගෙ අවාසනාවට රෝස මලක් එකත් නියමයි. උඹට නැවතත් ස්තූතිය.

    ReplyDelete
    Replies
    1. //මේ අයුරින් සින්දුවේ පිළිතුටු ගීතයක් තියෙනවා වගේ මතක// සොඳුරු අතීතයේ නිමල පැතුම වී.. ඒක කියන්නෙත් හැබැයි TM ම තමයි..
      සිනාතොටක් අහද්දී එන්නේ නිරාමිස රසයක්නේ.. මම නම් නිරෝශාට ලව් කරේ එහෙමමත් නෙවෙයි..හැක්.. මම මුලින් දැක්කේ නාමල්ගේ අවාසනාවට රුවන්ති.. නා එක්කෝ ඕනේ නෑ..
      අයිස් බ්‍රේක් කරන කරන්ට් එක දුන්නට ස්තුතියි!

      Delete
    2. අය්යෙ 'සොඳුරු අතීතයේ ' සිංදුව තියන චිත්‍රපටියෙ රඟපාන්නෙ විජය නන්දසිරි මහත්මය නේද ? පහුගිය සතියෙ රූපවහිනියේ ඒ සිංදුව දැක්ක. මට තේරුණ විදිහට විජය නන්දසිරි මහත්මය අන්ධ කෙනෙක් වගේ රඟපෑවේ. දැන් ඒ සිංදුව ඇහෙන හැමවෙලේම මතක් වෙන්නෙ ඒ මහත්මය සිංදුවේ රඟපෑව විදිහ :(

      Delete
    3. මට හිතෙන්නේ නංගෝ ඔය කතා දෙකක්.. මට මතක විදියට විජය අන්ධ ගායකයෙක් විදියට රඟපෑවේ නෑදෑයෝ ෆිල්ම් එකේ. ඒකෙ ටී.එම්. ගේ ජිවිතේ අමදාරා.. සැනසුම් සුසුමන් පාවීලා වගේ සිංදු තියෙනවා.. එතකොට මෑතක හිරු එකේ ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ල විජය නන්දසිරි දේවිකා ලග තියාගෙන ඔය සොඳුරු අතීතයේ සින්දුව කියුව.. එතකොට දේවිකා අඬපු නිසා ඒක හරි සංවේදී අවස්ථාවක් උනා.. ඇත්තටම මම එතනින් එහාට දෙයක් දන්නේ නෑ.. කවුරු හරි දන්නා කෙනෙක් නිවැරදි කරයි.. බලමු.

      Delete
    4. අහ්හ් මටයි වැරදුනේ .. මේ තියෙන්නෙ සිංදුව ..සැනසුම් සුසුමන් පාවීලා ..සමාවෙන්න සිංදුව පැටලුනා :)

      Delete
  8. අමරදේවගෙ " බොල් වී අහුරු වෙල් සුළගේ ගිය සේම " සහ " මා වවුලන් රෑ පුරාම" කියන ගීත දෙක

    ශාලිත අබේවික්‍රමගෙ , 'සුළගේ ලෙලෙනා'
    කසුන් කල්හාරගෙ , ' වීනාවී'

    ඔය උඩම තියෙන්නෙ මම මම ඉස්සල්ලාම ආසවෙච්චි සිංදු දෙක, තාමත් ඒක එහෙමයි. සරීරයෙන් ලොකු වෙද්දි 'ලියතඹරා ', 'ලුණු දෙහි' වගේ ඒවට ආස වෙලා ආයෙත් දැන් ' තොටුපල අයිනේ කවුද අත වනන්නේ ' වගේ ඒවට කැමත්ත වැඩිවෙලා.
    කමිය උඹට ක්ලැරන්ස්ව මිස් උන එක පුදුමයි. 96 විතර කැලැරන්ස්ට කැමති නොවුනෙ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. මුල ඉඳන් ලියපන් දැන්

      Delete
    2. මුල ඉදලම ලියන්න දෙයක් නෑ බං , එහෙන් මෙහෙන් කෙස් ගස් වලින් වෙනස් උනාට මේ ලිස්ට් එකේ තියෙන්නෙ හැත්තෑවෙ මැද බාගෙ ඉපදිච්ච එවුන්ගෙ ප්‍රියතම ගායක ගායිකා ලිස්ට් එකේ ප්‍රියතම සිංදු තමයි

      Delete
    3. ක්ලැරන්ස් ව මිස් උනා නෙවෙයි.. ක්ලැරන්ස් ගේ සිංදු මම ගොඩක්ම ඇහුවේ නේවි එකේ ඉද්දි.. හැබැයි තනියම නෙවෙයි කට්ටිය සෙට් වෙන වෙලාවලට.. 'දිනෙක මේ නදී තිරේ දෙනෙත හමුවෙලා..' කියල පටන් ගත්තම කොහෙන් කෙලවර කරනවද මතක නෑ. අන්න ඒ නිසාම මේ වගේ පැහැදිලි මතකයක් නෑ වෙන් වෙන් වශයෙන් ඒ සිංදු සම්භන්දව..
      ලිස්ට් එකේ 18ක් උනානම් බොහෝවිට 'දිනෙක මේ නදී තිරේ' එන්න තිබ්බ.. 17 තැනත් මම ආසම සිංදුවක්.. ඒත් මොකක් හරි හේතුවකට ඒ සින්දුව මුල් 16 ට ආවේ නෑ.. සනත් නන්දසිරි ගේ 'මා හද අසපුව- කුසුමින් සැරසුව ඒ මල් බර දෑතයි..' තමයි 17 තැන තියෙන්නේ.. :(

      Delete
    4. //හැත්තෑවෙ මැද බාගෙ ඉපදිච්ච එවුන්ගෙ ප්‍රියතම ගායක ගායිකා ලිස්ට් එකේ ප්‍රියතම සිංදු තමයි// දාපං පහක්..

      Delete
    5. ක්ලැන්ස්ගෙ 'රෑ තාරකාවෝ' එක අහන්න.

      Delete
    6. රෑ තාරකාවෝ බැලුවා එබී..
      කිමදෝ නුවන් ඔබගේ කදුලින් පෙගී..
      ඊයේ දවාලේ අපගේ ලොවේ..
      අශා ගගුල් යාවුනා.. නිකම්ම අහන්න බෑ.. විස්කි ග්ලාස් එකක් අතේ තියෙන්නම ඕනේ උස්සගෙන සින්දුව කිය කියා අහන්න.. චියර්ස්!

      Delete
    7. ඉයන් , අන්න සිංදුව ඒ වගේම මියුසික්.
      කමිය , ග්ලාස් එක අතේ තියන් මොනා කරන්නද ? විචා වගේ ඔලුව උඩ තියාගන්න ඕනෙ.

      Delete
  9. මේ හැම සිංදුවකටම මාත් ගොඩක් කැමතී... යමුනා ගං තෙර ගීතය නම් නිසල වෙලා ගීත දෙකට විශේෂයෙන් කැමති...

    අයිය කියුව වගේ අසංකට යන්න තිබුණු පාර එයාම වෙනස් කරගත්ත.... නැත්නම් කොච්චර අපුඍු හඬක් ද තිබුනේ....

    අයියගෙ අක්කටත් ඉක්මන් සුව පතනවා...

    ReplyDelete
    Replies
    1. අසංක ප්‍රියමන්ත ට මොකක් හරි අවුලක් උනා.. සමහරවිට මගේ අර යාලුවට වගේ බේබදුකම වෙන්නත් ඇති. මම හරියට කියන්න දන්නේ නෑ නමුත් අපරාදේ..

      ස්තුතියි නිර්මාණි..

      Delete
    2. අසංක ප්‍රියමන්ත පීරිස් මහත්මයගෙ පැහැසර අරුණක සිංදුව අහල තියනවද ... මම ආසම සිංදුවක් :)

      Delete
    3. නිලාර් එම්. කාසිම් ලියපු මාත් ආසම සිංදුවක්.. අහලා තියෙනවද අහන්න එපා.. අනිවා අහලා තියෙනවා ඔය රේන්ජ් එකේ සිංදු ඔක්කොම.. :)

      Delete
    4. කවුද ඔය සිංදු කියන්න පුළුවන් බේබදු ඉන්ජා , අපි දන්න එකාද ? අනික් දවසෙ අපි ඌගෙන් සිංදුවක් අහමු.

      Delete
  10. ඒ ආදරණීය අක්කණ්ඩිට ඉක්මන් සුවය පතනවා
    (හරි ඔන්න මං නං ඔයාගේ මේ සියලුම අකුරු කියෙව්වා. :D )

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! තාලෙට නේද කියෙවේ? ;)

      Delete
  11. /*.... සාගරිකා ගෝමස් ගායිකාවගේ ලෝනා මුණි රාජාගේ සිංදුව කියල.... */

    ඇම්ජී ධනුෂ්කගේ "හිස් ටින් එකක් වගෙයි" සින්දුවයි, නන්දා මාලනී ගේ "දොළ ළඟ ගුරු පාර දිගේ ඒවි" සින්දුවයි හෙම කවුරුවත් කීවෙ නැද්ද?

    :-(

    ReplyDelete
    Replies
    1. එච්චර මතක නෑ.. :( මේක 90 වගේ තිබ්බ එකක් මතක විදියට..

      Delete
    2. ලෝනා මුනි රාජගේ ශ්‍රී දළදා පෙන්වමී ගීතය පැරණි නාඩගම් ගීයක්. මං හිතන්නේ චාල්ස් ඩයස් ගේ නාගමක ආ එකක්. සාගරිකා ගෝමස් කළේ නැවත ගැයීමක්.

      මං දාපු උදාහරණවලින් ඒක තේරේවිය කියා සිතුණා!

      :-(

      Delete
    3. දැන් නම් තේරුණා :-) අද කලබල දවසක්.. බ්ලොග් ලියන්න කියවන්න කලබලේ බෑ.. :)

      Delete
  12. සින්දු හොයන්නයි ලින්ක් හොයන්නයි .. චැහ්

    "සන්ෆ්ලවර් සමඟ කපුගේ ගී 16" කියල දැම්මනං එකපාරින්ම ගොඩ :D

    ReplyDelete
    Replies
    1. එන්න කන්න බොන්න මිහිරේ සැමටයි ආරාධනා..//
      ඔබේ හඬ කිඳී සිඳී යයි කතා සරිත් සාගරේ..//

      පුරාගෙන පිරූ විතේ විසුළු කෙලි නැටුම් සිනා..
      යොමා ඇස බලන් යලි සොඳුරේ මැදුරු දොර දිහා.. කොහොම කියල ඉවර කරන්නද?

      Delete
  13. හෙහ්. මල් හතයි ඈ. මේ මගෙත් ෆේවරිට් සෙට් එකක්නෙ. මගේ චැලේන්ජ් එකත් මග එනවා. ඔය චැලේන්ජ් ගන්න එක පොඩි කාලෙ මගෙ විනෝදාන්ෂයක්.

    ReplyDelete
    Replies
    1. මම දැක්ක.. මම දැක්ක.. අපි දෙන්න විතරද කොහෙද ඒ අභියෝගේ ගත්තේ.. ජීවිතේම අභියෝගේකට ගත්ත උඹටවත් රස්සාවට අභියෝග ගන්න මටයි ඕව මොනවද නේ?

      Delete
  14. අම්මා වැනි ඒ අක්කා ගේ ලෙඩ රෝග නිට්ටාවට ම සුවවේවායි පතමි!

    ReplyDelete
    Replies
    1. //අම්මා වැනි ඒ අක්කා ගේ// ඇත්තටම ඒ වගේ තමයි. ස්තුතියි!

      Delete
  15. මෙතනින් කිව්වම තමයි ඉයන්ගේ පෝස්ට් එක බැලුවෙත්...
    එතනයි මෙතැනයි දෙකේම සින්දු ඇහුවේ නැහැ, වෙලා නොමැත සහ මෙතැන නොහැක...

    මේ ලිස්ට් එකේ මම ආස කරන සිංදු කීපයක්ම තියෙනවා...
    අභියෝගයක් බාර අරගෙන හරි අයිස් කුට්ටිය කඩන්නනම් වෙන පාටක් නැහැ... ;(

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ගල් කුට්ටි කඩලා ඉවරවෙලාවත් බලමු.. ;)

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වක්කඩ ලඟ මේක අහල බලන්න... අර්ථයට ගැලපෙන ආකාරයේ තබ්ලා වාදනයක්. තබ්ලා වාදනය විජේරත්න රනතුංග.

      (හොඳ කොලිටි සවුන්ඩ් දාල ඇහුවහං හිටං වේරියේසොං වලත් සෝක් වේරියේසොං ටිකක් ඇහෙයි..)

      https://www.youtube.com/watch?v=snIC_bRXkXU

      Delete
    2. මේක ඔෆිස් එකේ ඉඳන් අහන්න බෑ.. සෑට කාමරේ ඉඳන් අහන්න ඕනේ.. කලින් මොකුත් අනුමත වෙලා ඉන්න ඕනි නම් ඒකත් කියපං.. :)

      Delete
    3. මොනාද මේ කතා දවල්ටත් නොකා... ත්‍රයිලෝක පත්‍ර තිබ්බන්ං මල් හතයි

      Delete
    4. https://www.youtube.com/watch?v=KlJqug7_NYU

      https://www.youtube.com/watch?v=qRp8BX1Z10E

      Delete
  17. ගුණදාස කපුගේ මහත්මයගෙ ගීත හැමවෙලේම අහන්න හිතෙන්නේ නැහැ . සිංදු අහද්දි හිත කොහේදෝ අතරමං කරලා දාන , හිත රිද්දන ගතියක් ඒ කටහඬේ තියනවා. මේ සිංදුව වගේම උළලේනෝ , මං මුලාවී සිංදු වලට මම ආසයි.

    නිසල වෙලා සිංදුව ඇහුවෙ අදමයි ..

    දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ රාත්‍රිය වී සිංදුවත් මං ආසම සිංදු ලිස්ට් එකේ තියනවා :) ආයෙම 'කවිය ඔබ' සිංදුවත් ලස්සනයි... ආසම සිංදුව පොස්ට් එකෙන් කියන්නම් ;)

    බණ්ඩාර ආතාවුද මහත්මයගෙ සිංදු ගොඩක් අහල තියනවද කියල මට මතක නැහැ මේ සිංදුව අහල තියනවා. ලස්සන සිංදුවක්

    කියන්න දෙයක් නැහැ අය්යෙ වික්ටර් රත්නායක , අමරසිරි පීරිස් , නිරෝෂා ,දීපිකා , අමරදේව , නන්ද මාලනී මේ ගායකයෝ ඔක්කොගෙම ආසම සිංදුව ගානේ මගේ ලිස්ට් එකෙත් තියනවා :)

    ReplyDelete
    Replies
    1. ටාස්ක් නම්බර් ටූ.. (ඊයෙත් එකක් දුන්නනේ) කැමතිම සිංදු 16 පමණක් කෙසේ හෝ තෝරා ඉක්මනින් පෝස්ට් එකක් දමන්න.. :)

      Delete
  18. අටං කියන ඕන සින්දුවකට මං කැමතියි.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔහොම නෙවෙයි.. 'අටම් බොස්' කියන ඕනෙම සිංදුවකට අපි ඔක්කොම කැමතියි.. ;)

      Delete
    2. අඩේ මේක මරු බං මාත් දානවා මෙහෙම පෝස්ට් එකක්

      Delete
  19. ලලින්ද15 August 2016 at 17:51

    මචං වක්කඩ ලඟ සිංදුවෙ තේරැම ගැහැනියකගෙ පිරියඩ් එකයි පස්සෙ සංසර්ගයේ සිදුවිම් කියල දැක්ක කොහේ හරි තියෙනව ,ඇත්තද මචං ඒක ,අක්කටත් ඉක්මනට සනිප වෙන්න කියල හිතනව

    ReplyDelete
  20. කමියාගේ මේ සින්දු ලැයිස්තුවේ නාමල්ගේ සින්දුවත්,නන්දා මාලිනිගේ සින්දුවත් හැර අනෙක් හැම සින්දුවක්ම ප්‍රිය කරන ගීත.හැබැයි ඉතින් කැමතිම ගීත කියලා කියන්න ගීත කිහිපයක් නම් කරන්න මට නම් බැහැ.අවස්ථාව අනුව එක වෙනස් වෙනවා.උඹට දිවුල්ගනේ මිස් උනේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. අක්කාට නිදුක් නිරෝගී සුව පතනවා.

      Delete
  21. කිව්වත් වගේ ඉයන් නිසා ලස්සන තෝරා ගැනීම් ටිකක් අහන්න ලැබෙනවා මතකයක් එක්කම..කලාහිත දෙදෙනාගෙම තෝරා ගැනීම් අහන ගමන්ම තමයි කියෙව්වෙත්. කලාහිතගේ මතකයන් හරි අපූරුයි.ඊලඟට කවුද කියලා බලමු...

    ReplyDelete
  22. දවසක් දා-
    සමනලියා -
    මේ අයුරින් අපි සංසාරේ

    ReplyDelete
  23. හොඳ තේරීමක්. බලමුකෝ අපිත් උත්සාහයක් දාලා.

    ReplyDelete
  24. ඉයන්ටත් කමීටත් පින් සිද්ද වෙන්න ගීතමය හෝරාවක් ගෙවුනා. කමිගේ කැම්පස් යාලුවා පසු කලෙක මගෙත් හොඳ යාලුවෙක් උන නිසා ඔයි ලිස්ට් එකේ සෑහෙන සින්දු අපේ පොඩි සාජ්ජ වලදී ගැයුනා . එතකොට අර ' මේ අයුරින් ' සින්දුව මාත් ඉස්සර හිතාගෙන් අහිටියේ යුග ගීයක් කියලනේ

    ReplyDelete
  25. AKara Inman Suva pthamu....

    Sinus ganna passe kiyannam.


    Jayawewa. ..

    ReplyDelete
  26. AKara Inman Suva pthamu....

    Sinus ganna passe kiyannam.


    Jayawewa. ..

    ReplyDelete
  27. කලනයාගේ තේරීමත් ඉස්තරම්. අර එඩ්වර්ඩ් ගේ සින්දුව මම කැමතිම එකක්.

    ReplyDelete
    Replies
    1. දෙවෙනි පාරත් ආව සින්දු ටික අහන්න. මේ ඉයනය කරපු වැඩේ හැබෑටම. 1, 3, 6, 14 මගේ ලිස්ට් එකට දාගන්න ඕනේ කැමතිම ඒවා. දැන් මගේ ලිස්ට් එක 40 පැනලා

      Delete
  28. නාමල්ගෙ තරුණකාලෙ වොයිස් එකේ තියෙන්නෙ ඒලියන් කෙනෙක්ගෙ වගේ කලර් එකක්.මට පිස්සුද කොහෙදො.. හෙහ් හෙහ්.. ඒ අස්සෙන් ඕල් රයිට් නායක සලින්දගෙයි බස් අජිත්ගෙයි සද්දෙත් එනවා.මිනිහගෙ ලස්සනම සද්දෙ එන්නෙ ටිකක් වයසට ගියාට පස්සෙ මට නම්.
    ගස්ලබ්බගෙ සිංදු දාසයත් ලඟදීම එලිදක්වන්නයි කම්පනාව..
    ජයවේවා..!!

    ReplyDelete
  29. මමත් ආසා කරන සින්දු කිහිපයක්ම මේ ලිස්ට් එකේ තියෙනවා.. ඔය නිරෝෂා විරාජිනී ගේ තියෙන්නේ මාර හයි පිච් හඬක්... ඉස්සර අපේ හොස්ටල් එකේ අල්ලපු කාමරේ ඉන්න අය එයාගේ සින්දු දැම්මහම අපිට කන් හාරවනවා වගේ දැනෙනවා ... මගේ බෙස්ට් සිලෙක්ෂන් ( කොල්ල කාලේ ) ආදර ගීත සෙට් එකක් ගැන කලින් ලිව්වා මතකයි බ්ලොග් එකේ...

    ReplyDelete
  30. රූප රචනයක් නිසා සිංදුවකට කැමති වුනානම් මුලින්ම ඒ ඉවාන් පවුලූශා ගීතය. ඊට පස්සේ සඳ සාක්කි කියාපුදෙන් , මේ ගීත ඔක්කොටම කැමතියි , මටනම් බෑ 16ක් තෝරාන්න ඔන්න 16k තෝරන්න කිව්වනම් කොහොම හරි කියන්න තිබුනා

    ReplyDelete
  31. හොද ලිස්ට් එකක්... සී.ටී. ගෙ සිංදු වලට ආසා නැද්ද...

    ReplyDelete
  32. මේ 16 සිංහල සිංදුම වෙන්න ඕනෙද?:D

    ReplyDelete
  33. කමි යෝ, සිලෙක්ෂන් එක මරු. මල් හතයි. අර ආත්මා ගේ "සමනලියා" සින්දුව අහනකොට නොදැනීම අවුරුදු ගානක් පස්සට මතකය අරන් ගියා වගේ දැනුනා..
    සුපර් .

    -
    මාත් මගේ පොස්ට් එක හදන ගමන්.

    ReplyDelete
  34. නිකන් අවුරුදු ගානක් පුරා ඇවිදලා ආවා වගෙයි සින්දු ටික. "වක්කඩ ළඟ" මගේ ලිස්ට් එකෙත් තියෙනවා.

    සැහෙන්න කාලෙකින් ඇහුවේ නැති සින්දු ලිස්ට් එකක් ඇහුවා මේ පොස්ට් ඒක නිසා..

    ReplyDelete
  35. නන්දා මලිනී මහත්මියගේ යමුනා ගංතෙර මම පුදුම තරම් ආසාවෙන් රසවිඳින ගීතයක්, මේ ළඟදී රාධා ක්‍රිශ්ණා ගැන හොයන වෙලාවක ඒ තරම්ම අපූරු තවත් ගීතයක් හමු උනා ඒ දෙන්නා ගැන.ඒ අමරසිරි පීරිස් මහත සහ වසන්තා තිලකාංගනී කියන හිම දියවී හිමාලයේ කියන ගීතය. කොහොම හරි ඔය සින්දු එක දිගට අහල හොල්මන් වෙලා මම කවියකුත් ලිව්වා මේ දෙන්නා ගැන.

    http://kavisandalla.blogspot.com/2016/07/blog-post.html

    ReplyDelete
    Replies
    1. කාව්‍යා ආදරයෙන් පිලිගන්නවා කලාහිතට.. අපිත් එන්නම් කවි සඳැල්ල පැත්තේ ගොඩ වෙලා යන්න.. කවි කියුවොත් නම් ඉතින් මටත් පිස්සු වගේ තමයි.. :)

      Delete
  36. හප්පේ මගෙත් කැමතිම සින්දු ටිකක්... සින්දු 16 තොරන එක නම් ලේසි වැඩක් නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. කැමති සිංදු කියකින්ද නේද?

      Delete
  37. මෙතනින් ඔන්න 'නිල් නුවන්' සින්දුව මගෙත් ටොප් 16 ලිස්ට් එකේ තියෙනවා. ඒ ඇරෙන්න අමරදේව මාස්ටර්ගේ අයියා තෝරලා තියෙන සින්දු දෙකටත් කැමතියි. අක්කා ගැන කියන සින්දුව මගේ හදවත පුච්චන සින්දු වලින් එකක්. ඒ ජාතියේ තව කීපයක්ම තියෙනවා. ගොඩාක් ලස්සනයි, ගොඩාක් සංවේදීව හිතට දැනිලා පපුව පුච්චනවා. හරියට අම්මාවරුනේ ගීතය වගේ. අයියාගේ අක්කාට තුණුරුවන්ගේ පිහිට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. හම්මේ.. බැලුව බැලුව.. සින්දු ටික දැක්කම ලෝබ හිතෙනවා.. :)

      Delete
  38. කලණ අයියගේ සින්දු ලිස්ට් එකත් ගති. කොහෙන් ගත්තත් අඩුම සින්දු 4 5 ක් තියෙනවාමයි කාටත් පොදුවේ කැමති විය හැකි. මේකේ නම් 16 ටම මනාපයි, :D මතක හාර අවුස්සන සින්දු ටිකක්.

    ReplyDelete
    Replies
    1. ඕකනේ වැඩේ.. // කොහෙන් ගත්තත් අඩුම සින්දු 4 5 ක් තියෙනවාමයි// :)

      Delete
  39. This comment has been removed by the author.

    ReplyDelete
  40. මෙන්න මං තෝරපු මා උන්මත් කල​ ගී 16 https://unmanthaka.blogspot.com/2016/08/16.html

    ReplyDelete
  41. මෙන්න මං තෝරපු මා උන්මත් කල​ ගී 16 https://unmanthaka.blogspot.com/2016/08/16.html

    ReplyDelete
  42. මෙන්න මං තෝරපු මා උන්මත් කල​ ගී 16 https://unmanthaka.blogspot.com/2016/08/16.html

    ReplyDelete
    Replies
    1. ලින්ක් හතරටම ස්තුතියි.. :) නිදහසේ අහල විස්තර කියන්නම්..

      Delete
  43. වට් අ ට්‍රෙන්ඩ් සෙටර්.. :) ඇත්තටම කාලෙකින් බ්ලොග් ගැන සෑහෙන්න උනන්දුවක් ඇති උනේ..

    ReplyDelete
  44. ලිස්ට් එක එන්න එන්න දික් වෙනවා නේ..

    ReplyDelete
  45. මාත් මගේ ගීත 16ක් ලියන්න ඕන කිය කියා හිත හිත ඉන්නවා . . ගොඩගැහිලා තියෙන වැඩ අස්සේ වෙලාවක් හොයා ගන්න එක තමා අමාරු.

    අහ් ඔබේ සිත් ගත් ගී අතුරින් අසන්ක ප්‍රිමන්තගේ ගීතය ඇර අනෙක් ඔක්කෝම මමත් ගොඩක් කැමති ගීත. .

    ReplyDelete
    Replies
    1. උඹව දැන අඳුන ගන්න ලැබීම සතුටක්.. අසංක ප්‍රියමන්ත ගේ මුල් කාලෙ සිංදු ඔක්කොටම මමනං කැමතියි

      Delete
  46. 9 න් පසු සඳහන් කර ඇති සියලුම ගී මං බොහොම ආස කරන ගීත...

    එයිනුත් "නිල් නුවන්" ගීය මගේ ප්‍රියතම ගීයක්...එහි ඇති රස ලියා නිම කරන්න බැහැ...ඒ වගේමයි තරු අරුන්දතී ගීයේ පද රචනය...ඒ සංගීතයත් එක්ක මුහු වෙද්දී දැනෙන්නේ අමුතුම හැඟීමක්...

    කමි ගේ සොහොයුරියට ඉක්මන් සුවය පතනවා...

    ReplyDelete
    Replies
    1. අංක එකටත් කැමති ඇති මගේ හිතේ.. දෙකේ ඉඳල අට වෙනකම් තියෙන්නේ අවස්තාව නිසා මගේ හිතේ රැඳුණු ගීත

      Delete
  47. සිත් ගත් ගී හැම පොස්ට් එකකටම අම්බානක කෙමෙන්ට් වැටිලා තියනවා දැක්කම සතුටුයි ...
    ලගදීම දවසක දෙකක් දාලා මේ සතුට සමරමු

    ReplyDelete
    Replies
    1. ඒ අවස්තාව මිස් උනානේ බං.ආයි දවසක් දා ගමු

      Delete
  48. ගීත 16 ට ම මමත් කැමතියි. ආදරයෙන් විඳින්න පුලුවන් ගීත ටිකක්. ලොකු අක්කාටත්, ඔයාගෙ නිරෝෂාටත් ආදරණීය හාදුවක්...

    ගීත වගේම මේ මතකයනුත් හරිම සංවේදියි.. සුන්දරයි කළණේ...

    ReplyDelete
    Replies
    1. එතකොට මට නෑ.. හි හි.. තැන්කූ තැන්කූ එනිවේ :)

      Delete