Tuesday, 7 October 2014

සේෆ්ටි සිංහලෙන් - උස් ස්ථානයක වැඩ කිරීම 1 කොටස


උස් ස්ථානයක වැඩ කිරීම (1 කොටස )





"අහ්! කෝ පෙරේර මහත්තය එන්ඩ.. එන්ඩ. අනිත් තුන් දෙනත් ආවද? දවස් කීපයක්ම වැඩේ මිස් උනානේ.. අද දවස හොඳයි.. යමු ගිහින් වාඩි වෙන්ඩ ට්‍රේනින් රූම් එකේ.. මං එන්නම්..." මාසේ අන්තිමට වැඩ ටිකක් වැඩි උන නිසා දවස් කීපයකින්ම බැරි උනා හිතාගෙන හිටපු 'උස් ස්ථානයක වැඩ කිරීම' Working @ Height කියන ට්‍රේනින් එක කරන්න. අද තමයි ඔන්න වැඩේ පටන් ගන්න යන්නේ.

"ගුඩ් මෝර්නින් හැමෝටම.. වැඩිය කාලේ ගන්නෙ නැතුව අපි වැඩේ පටං ගමු. පවර් පොයින්ට් ප්‍රසන්ටේශන් එකත් එක්කම අපි කතා කරමු. වීඩියෝ දෙක තුනකුත් තියෙනව බලන්න. අන්තිමට ප්‍රැක්ටිකල් එක" ජීවිතේ මං ආසම කරන රස්සාවක්, ඒ කියන්නේ උගන්නන එක ටික වෙලාවකට හරි මෙහෙම කරන්න හම්බවෙන එකත් ලොකු දෙයක්නෙ. ශිෂ්‍යයෝ ටික නම් මීයට පිම්බා වගෙ.. හුම් සද්දයක් නෑ.

මොකක්ද 'උස් ස්ථානයක වැඩ කරනව' කියන්නේ?

ලෝකෙ එක එක ස්ථානවලදි මේ 'උස් ස්ථානයක්' හැටියට සළකන උස යම් යම් වෙනස් වීම් වලට ලක් වෙනව.. සාපේක්ශව ගොඩක් උස මිනිස්සු ඉන්න යුරෝපයේ රටකදී සමහරවිට මේක මීටර් 2ක් හැටියට භාවිතා වෙනව. නමුත් ආසියානු කලපයේදී බොහෝ විට මෙය මීටර් 1.8ක් නැත්නම් අඩි 6ක් විදියට තමයි සළකන්නේ. එක් එක රටවලදී මේක මීටර් 1.2 ඉඳල මීටර් 2.2 වගේ වෙනකම් වෙනස් වෙන්න පුළුවන්. නමුත් බහුතරය වශයෙන් මීටර් 1.8 සිට මීටර් 2 පරාසය හඳුන්වන්න පුළුවන්.  ඒ වගේම එක් එක්  ක්ෂේත්‍ර අනුවත් පොඩි පොඩි වෙනස්කම් දකින්න පුළුවන්. උදාහරණයක් විදියට  ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී මීටර් 1.8ක් විදියට සළකන ගමන් නිශ්පාදන ක්ෂේත්‍රයේදී  එය මීටර් 1.4ක් විදියට සළකන්නත් පුළුවන්. මෙතනදි ඇත්තටම වැදගත් වෙන්නේ පවතින අනතුරේ (Risk) ස්වාභාවයයි.

ලෝකයේ බොහෝ රටවල් තම තමන්ගේ රටවලට අදාලව වෘත්තීමය සෞඛ්‍ය හා ආරක්ශණය සම්භන්ද නීති පනත් සම්මත කරගෙන තියෙනව. නමුත් අවාසනාවකට වගේ ලංකාවේ තවම ඒ වගේ නීතියක් වෙනම නෑ. මං දන්න විදියට දැන් අවුරුදු 6ක විතර ඉඳල ඒ කියන්නෙ 2008 වගේ ඉඳල මේ සම්බන්දව පනතක් හදල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න උත්සාහ කරනව. ඒක (ආපු දවසක ) බොහෝ විට HSG 65 කියන මහා බ්‍රිතාන්‍ය මොඩලයේ කොපියක් වෙයි කියල හිතනව.. මට හිතෙන්නේ තවම කට්ටියට ඒක සිංහලට (ලංකාවට ) ගලප ගන්න බැරුව ඉන්නව ඇති.

මෙතනත් වෙලා තියෙන්නෙ අපේ රටේ අනිත් බොහෝ ක්ෂේත්‍ර වල වෙලා තියෙනව වගේම වෘත්තීය අත්දැකීම් අඩු හා නැත්තටම නැති ඒත් කොලකෑලී වල හා 'වෙනත්' සුදුසුකම් ඕනවටත් වැඩිය තියෙන සැට් එකක් කම්කරු අමාත්‍යාංශේ Industrial Safety Division එක හා NIOSH (National Institute of Occupational Health & Safety) එක ආක්‍රමණය කරල ඉන්න එක තමයි. පෝස්ට් ග්‍රැජුවෙට් කොලිෆිකේශන් එක විදියට 'Occupational Health' කරපු ඩොක්ටර් කෙනෙකුටවත් අවුරුදු ගනං ආණ්ඩු කන්තෝරුවල ලියුං අත්සන් කරපු Industrial Engineer කෙනෙකුටවත් ඇත්තටම මේ ෆීල්ඩ් එක ගැන ඒ හැටි කැක්කුමක් තියෙන්නත් බෑනෙ. (මේක අහල මගේ යාලු දොස්තර මහත්තුරු නෝනලාවත් ඉංජිනේරු නෝන මහත්තුරුවත් අමනාප වෙන එකක් නෑ කියල හිතනව ) මාතෘකාවෙන් පිට ගියාද මංදා. ඇත්තටම ඕක මගේ ලෙඩක්. 

ඉතිං. දැනට ලංකාවේ සේෆ්ටි ගැන යන්තං හරි තියෙන සීමිත ලියවිලි අතර මුල් තැන ගන්න කර්මාන්තශාලා ආඥාපනතේත් (Factories Ordnance) මේ සම්භන්දව කිසිම ලියවිල්ලක් නෑ. නමුත් ලංකාව විදියට අපි ලෝක කම්කරු සංවිදානයෙ (ILO) සාමජිකතවය ලබාගෙන එහි ප්‍රඥප්තියට අත්සන් කරල තියෙන නිසා අපිට සදාචාරාත්මක බැඳීමක් තියෙනව ILO එකෙන් මේ සම්භන්දව ලබාදීල තියෙන නිර්දේශයන්ට අනුකූලව කටයුතු කරන්න. එහෙම නොකල කියල හැබැයි කාටවත් නඩු දාන්න බෑ. ඒවා නිර්දේශ විතරනේ. ඕනමනම් ILO එකට පුළුවන් අපේ සාමාජිකත්වය අහෝසි කරන්න. එච්චරයි. (මේව තමයි අපිට තියෙන ප්‍රශ්ණ )

මීට අමතරව මේ වෙනකොට ලංකාවේ බොහෝ කොම්පැණි OHSAS 18001 කියන ප්‍රමිති සහතිකය ලබාගෙන තියෙනව. ඉතින් එතනදිත් අදාල සමාගමට යම්කිසි බැඳීමක් තියෙනව වෘත්තීමය සෞඛ්‍ය හා ආරක්ශණය යම්කිසි සාධනීය මට්ටමක පවත්වා ගෙන යන්න, නැත්නම් ඊළඟ අවුරුද්දෙ අළුත් කර ගන්න බෑනේ (වෙන වෙන ක්‍රම නොදන්නා අයට පමණක් අදාළ වේ. ) 

තව එකක්.. වෙනත් රටක සමාගමක් ලංකාවට ඇවිත් වැඩක් පටන් ගන්නව කියන්නකෝ. ඒ රටේ නීතියට අනුව ලංකාවෙදි භාවිතා වෙන උසට වඩා උස් ස්ථානයක වැඩ කිරීමේ හැකියාව තිබුන කියල එහෙම කරන්න බෑ. හැබැයි ඒකෙ අනිත් පැත්ත ප්‍රශ්නයක් නෑ. කොහොම හරි අඩුවෙන්ම නිර්දේශ කරල තියෙන උස තමයි සැළකිල්ලට ගත යුතු වන්නේ.

ඉතින් ඔය කොහොම කොහොම හරි ඇවිල්ල (හරිම හිතේ අමාරුවකිං ඒ ටික කිව්වේ) දැනට ලංකාවේ මීටර් 1.8 කියන උස තමයි 'උස් ස්තානයක්' හැටියට සළකන්නේ. මෙච්චර වෙලා කියපු ටික කෙටියෙන්ම කිව්වොත්   
"දැනට ලංකාවේ බල පැවැත්වෙන නීති හා රෙගුලාසි පරිදි යම් පුද්ගලයෙකු මීටර් 1.8ක් හෝ ඊට වඩා වැඩි සිරස් උසකින් ඇද වැටීමට අවකාශ ඇති ස්ථානයක වැඩෙහි යොදවන්නේ නම් ඔහුට ගැළපෙන වැටීම් ආරක්ශක පද්දතියක් මඟින් ආරක්ශාව සලසා දී තිබිය යුතුයි."

රායිට්.. අපි ගමු පොඩි බ්‍රේක් එකක්.. ඉතුරු ටික ඉන්ටවල් එකෙන් පස්සේ. තියෙන ප්‍රශ්ණ ඔක්කොම ඊළඟ කොටසට කලින් අහන්න ඕනි.. මතක තියාගන්න ඔය ඉඳල හිටල ලාවට අනුමත වුනා වගේ නෙවෙයි.. "දුම් පානය ශරීරයට දැඩි සේ අහිතකරයි" 

Photo courtesy www.google.com

29 comments:

  1. මේක කාලීන මාතෘකාවක්.. මොකද දැන් ලංකාවෙ සෑහෙන්න ඉදිකිරීම ක්ශෙත්‍රයේ වැඩ කටයුතු සිදුවෙන නිසා ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත්ව ඉන්න එක හොඳා.. අවාසනාවකට වගේ ලංකාවෙ තාමත් සේෆ්ටි ගැන තියෙන්නෙ පසු ගාමී ආකල්පයක්.. " අනේ ඕවා මොන විකාරද ? " කියන කෝණයෙන් තමා ඒ ගැන බලන්නෙ. මේ ලඟදි අපේ ඔ‍ෆිස් බිල්ඩින් එක පේන්ට් කළා.. බිල්ඩින් එකේ තියනවා ඇලයට හදපු හුඩ් එකක් වගේ එකක් හැම තට්‍ටුවක් වටේටම. ලේබර්ස්ලා ඒවා දිගේ ගියේ කිසිම ආරක්ෂක විධිවිදානයක් නැතුව. ඒ ගැන අහපුවම උන්ගේ සුපවයිසර් ඉඳන් හැමෝම කට ඇරගෙන බලනවා මොනාද මුන් මේ කියන්නෙ කියලා.. වැඩ කරන උන් කියන්නේ අනේ ඕවා එක්ක අපිට වැඩකරන්න බෑ කියලා...

    ඕකයි තත්වය..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා. සාදරයෙන් පිළිගන්නව කලාහිතට. මේ ගැන නම් කියල වැඩක් නෑ. එක විනාඩි පහක් නැවතිල උන්ගේ ජීවිත අවධානම ගැන අපි මතක් කරල දෙන එක අහන්න විවේකයක් නැතුව වගේ තමයි වැඩ කරන්නේ. ඔය කාර්‍යෂමතාවය හැබෑවටම තිබ්බනං අද ජපන්නු චීන්නු එන්න ඕනි අපෙන් වැඩ අහගන්නයි ණය ගන්නයි.. හිතාගත හැකිනෙ හිතට එකඟව වැඩක් කරන්න අපිට කන්න වෙන කට්ට :)

      Delete
  2. මචෝ මේක වටින මාතෘකාවක්. මෙන්න මේ ලින්ක් එකේ කියවෙන විදියට, ලංකාවෙ OHS ගැන යම් නීති ප්‍රමාණයක් තියෙනව. නමුත් ප්‍රායොගික බව ලංකාවෙ අන්තිමයි.

    http://www.salary.lk/home/labour-law/occupational-safety-and-health-laws/occupational-safety-and-health-laws-1

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිංහයා වටිනා දිරිගැන්වීමට හා ලින්ක් එකට. ඒ එක්කම සාදරයෙන් පිළිගන්නව කලාහිතට. ඇත්තටම ඔය ලින්ක් එක සෑහෙන්න වැදගත් සේෆ්ටි පැත්තෙ ඉන්න අපේ හැමෝටම. මං මේ ලිපියේ අදහස් කරේ ඇත්තටම Working @ Height කියන මාතෘකාව සම්භන්ධයෙන් කිසිම සටහනක් නෑ කියන එක මේ Factories Ordnance එකේ. වෙනත් කරුණු සම්භන්දයෙන් නම් ඇහින්දාස් කෑලි ටිකක් තියෙනව. හරි අමාරුයි ඔය වගේ පොඩි legislative background එකක අපේ senior management එකකට යමක් convince කරන්න.. :))

      Delete
    2. මචෝ, තව එකක්. ලබන අවුරුද්දෙ ඉඳල OHSAS 18001 වෙනුවට ISO ස්ටෑන්ඩඩ් එකක් එනව. ලබන සතියෙ කියන්න පුලුවන් හරියටම සර්ටිෆිකේෂන් නම්බර් එක.

      Delete
    3. That is a totally new news for me නෙ... එතකොට ඕශල විසි වෙනවද නැත්නං BSIල මේකම ISO කාරයට විකුණල අපිට අළුතෙන් ගන්ඩ කියයිද.. කොහොම ගියත් කෙළවෙන්නෙ පොඩි මිනිහට තමයි බං.. . :'(

      Delete
  3. ටික දවසකින් එන්න බැරිවුණා
    කලින් පෝස්ට් එකකට කමෙන්ට් ෆොලෝ කරන්න දාල තිබ්බ නිසා හිතමිතුරු ඉන්දික දැම්ම කොමෙන්ට් එකක් නිසායි ආයේ මතක් වුණේ
    ලිපිය හොඳටම ලියල තියනව ලොකු ස්තූතියක් ඒකට
    කර්මාන්ත, වාණිජ, ඉදිකිරීම් විතරක්ම නෙමේ ලිඛිත කොන්ත්‍රාත්තුවක් නැතුව ගෙවල්වල කරන තීන්ත ගෑම් අලුත් වැඩියාකිරීම් වලදී වුණත් බාසුන්නැහැ කෙනෙක් වැටිල යමක් වුණොත් ගෙහිමියාට වගකීම එනව නේ?
    තුවාල ලත් කෙනා නඩුමගට - එයාගේම වරද වුණත් - බැස්සොත් ගෙහිමියාට අනාරක්ෂිත ගොඩනැගීමක් කියල උසාවියෙන් දඬුවම් ලැබෙන්න පුලුවන් මම දන්න හැටියට.
    ෆැක්ටරීස් ඕඩිනන්ස් එක අන්තිමට රිවයිස් කලේ කවදද මන්ද :-(
    රාජ්‍ය පරිපාලනයේ බලවත් දුබලතා මේවා ඇත්තටම
    මේ නීති රීති හරි හැටි සම්පාදනය නොවීමම අපේ රට ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන තියන දැක්ම පිළිබිඹු කරනව නේද?
    ඉක්ටාඩ් එකේ ගයිඩ්ලයින්ස් වල මොකුත් නැද්ද මේ සම්බන්ධව?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබ තුමාට.. ඔබ තුමා කොහොමත් මගේ පළමු (සහ ඊයේ වෙනතුරු එකම ) සහෘදයා නේ.. සිංහයාගෙන් දැනගත්ත රහස නම් ඉතා වටිනව. Oil & Gas සම්භන්දයෙන් මගේ දැනුම ඉතා සීමිතයි.. NEBOSH IDIP එකට ඉගන ගත්තු දේකින් පස්සේ Colombo Port Project එකේ ඉන්න කාලේ fuel pipe line diversion එක කරපු නිසා ටිකක් ඒ ගැන වොරි වෙන්න වුනා. එච්චරම තමයි.. කතා කරන්න ගොඩාක් තියෙනවනේ.. අපි නිදහසේ කතා කරමු. අර නීති රීති හා ඉක්ඩාඩ් එකේ ගයිඩ් ලයින්ස් ගැන වෙනම පොස්ට් එකකින්ම කතා කරමු නේද? හැමෝටම සහභාගී වෙන්න පුළුවන් වෙන විදියට..

      Delete
    2. කලාහි,

      ඔය මනුස්සයව කතා කරවන එක අර බකිංහැම් මාළිගාවෙ සෙබලු කතා කොරනව වගේ තමා හැබැයි.

      ඔය වගේම අර ඉවාන් පවුලූෂටත් පණිවුඩයක් ඇරිය මේ ගැන කියල, මොකද මිනිහත් තට්ටු බිල්ඩින් කඩන් වැටෙන්න හදන එකෙක් .

      Delete
  4. මේ බ්ලොග් එක අදයි දන්නේ. විචාරකගේ බ්ලොගේ කමෙන්ට් එකක දැකලා ආවේ. අන්න මම ඒ ලින්ක් එක ක්ලික් කරපුවාම වැඩකරන විදිහට දැම්මා එතනම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරු, ඒ ලින්ක් එකෙන් තමයි මමත් මෙතනට ආවේ.

      Delete
    2. බොහෝමත්ම ස්තූතියි අරූ.. සාදරයෙන් පිළිගන්නව කලාහිතට.. මං ඔය වැඩිය කොම්පියුටර් ජිල්මාට් නම් දන්නෙ නෑ.. ස්වෝත්සාහයෙන් ගොඩ යන්න දඟලන මං වගේ උන්ට දෙන අතහිත මහාත්ඵල මහානිසංසයි.. දිගටම රැඳිල ඉන්න.

      Delete
    3. හැලෙන්ඩ ගිහින් අන්තිම මොහොතේ අමාරුවෙන් කොම්පියුටර් පරම්පරාවේ එල්ලුන මං වගේ මැන්ටල් පොරකට බුදු බකප් එක දෙන 'අරූ'ට තැන්කූ බොක්කෙන්ම.. හැබැයි ඒ ලින්ක් එකේ ගිහින් කලබලේට බැලුව කොහොමද කියල, යන්තං එල්ලි එල්ලි තිබ්බ මැන්ටලෙත් ඩිස්මැන්ටල් වෙනව අප්පා... මෙව්ව තේරුං ගන්න හරිම අමාරුයි නෙ..

      Delete
    4. මම උඹට වඩා හපන් මැන්ටලයක්. උඹට මම මේක කියලා දෙන්න ගියොත් මගේ ලැටින් උඹටත්, උඹේ ග්‍රීක් මටවත් තේරෙන එකක් නැහැ. ඕක අර ඉවාන් අංකල් ගෙන් අහපන්. ඌ වයසක එකෙක් නිසා ගානට කියලා දෙයි.
      උඹට මේක ප්‍රයෝජනවත් වෙයි.

      Delete
    5. ඒක එළ අයිඩියා එක.. කෝමත් දැන් නිකන් මෙව්ව ඉගෙන ගන්න යනව කියන්නේ අර එස්කිමෝ ල පොල් ගස් නගින්ඩ ට්‍රයි කොරනව වගේ තමයි.. :D will try.. one day we can fly.

      Delete
    6. රොම්බ තෑන්ක්ස් ඇනෝ දෙයියෝ.. තොරතුරු තාක්ශණය පිළිබඳ විස්ස විද්දියාලෙක උප කුලපති තනතුරක් ලැබේවා කියල ඉත සිතින් ප්‍රාර්ථනා කොරනව මේ කුසල මහිමයේ බලයෙන්ම.. (දැනටමත් එහෙමද දන්නෙත් නෑ) හැබෑට කොහොමද මෙච්චර සිම්පල් ව මෙව්ව කියල දෙන්නේ? කොම්පුටර් ජිල්මාටුත් හිතන තරං අමාරු නෑ වගේ. නිවාඩු පාඩුවේ කියවලත් බලන්නකෝ.

      Delete
    7. //රොම්බ තෑන්ක්ස් ඇනෝ දෙයියෝ///
      මටත් කියන්න තියෙන්නේ එච්චරයි. අද ඉඳන් මමත් ලින්ක් දානවා කොමෙන්ට්ස් වල..පෝස්ට් එකක් ඇතුලෙත් මේ විදියටම ලින්ක් දාන්න පුලුවන්ද? ඉන්සර්ට් ලින්ක් කියන එකේ ගියාට බොක්ස් එක ෆිල් කරන්න ගියාම අවුල් බ්ලොගර් එකේ..අනේ ඒකත් කියලා දුන්නා නම් ඇනොට බොහොම පින්..මම දැන් මගේ කමෙන්ට් එකකට මේක කරලා ටෙස්ට් රන් එකක් දුන්නා..නියමායී...

      Delete
    8. @chef-architect

      පෝස්ට් එක ලියාගෙන යන අතර ලින්ක් එක දාන්න ඕන තැනට ආවම උඩ තියන link කියන එක ක්ලික් කරන්න. එතකොට එනවනෙ තව පොඩි වින්ඩෝ එකක්. ඔබ ඔය කියලත් තියන්නෙ.

      එතනදි text to display වලට දෙන්න ලින්ක් එක වෙනුවට පේන්න ඕන වචන ටික. හිතන්නකො මේ පෝස්ට් එකට ලින්ක් කරන්න ඕන කියල. අපි දෙනවා "උස් ස්ථානයක වැඩ කිරීම (1 කොටස )" කියල.

      ඊ ළඟට තියනව නෙ link to කියල. එතන To what URL should this link go? වලට පහල තියන කොටුවට දෙන්න වෙබ් ඇඩ්‍රස් එක. උඩ උදා: ගත්තොත් http://kalahitha.blogspot.com/2014/10/2.html

      ඔය ලින්ක් එක දෙද්දි අමතර තිත්, කොමා අනම් මනම් එකතු වුනොත් ලින්ක් එක වැඩ කරන එකක් නෑ.

      එහෙම නැත්නම්

      කෙලින්ම පෝස්ට් එකේ ලියන්න ලින්ක් එක වෙනුවට දෙන්න ඕන වචන ටික. ඊට පස්සෙ ඒ ටික කර්සර් එකෙන් සිලෙක්ට් කර ගන්න.

      මෙන්න මේ වගෙ.

      http://3.bp.blogspot.com/-wNoEXALmtPM/VDfXmurdsuI/AAAAAAAAEww/wtE3qHBJSbg/s1600/Screenshot%2Bfrom%2B2014-10-10%2B18%3A17%3A07.jpg

      ඊ ලඟට උඩ තියන link ටූල් එක ක්ලික් කරල එන වින්ඩෝ එකේ පහලින් තියන කොටුවට දෙන්න වෙබ් ලිපිනය.

      Delete
    9. උඹ නම් දෙයියෙක්ම තමයි ඇනෝ පුතේ.. වෙන මොනව දෙන්නද මෙන්න ලොකූ..ඌ.. උම්ම දෙකක්ම.. මගෙනුයි චෙෆාකි ගෙනුයි දෙන්නගෙංම...

      Delete
  5. අදනේ දන්නේ මෙහෙම අඩවියක් තියනවා කියලා. ඔන්න මම මගේ බ්ලොග් රෝලටත් දාගත්තා නැවත මගහැරෙන්නේ නැති වෙන්න.

    කර්මාන්ත ක්ෂේත්‍රයේ ආරක්ෂාව කියන කාරණය අතින් අපි ලෝකය සමග සංසන්දනාත්මකව බලන විට ඉතා පහල මට්ටමක සිටින බවයි මමත් විශ්වාස කරන්නේ. ඊයේ පෙරේදා හමුදා කඳවුරු දෙකක අනතුරු දෙකක් සිදුවුනා. මේ දෙකේදීම යම් තරමකට නොසැළකිල්ල කියන සාධකයත් තියනවා.

    අපේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය, ධීවර කටයුතු ක්‍ෂේත්‍රය, පතල් කර්මාන්තය, ඒ තියා වැලි ගොඩ දැමීම වගේ වෘත්තියක් දෙස බැලුවත් පෙනෙන්නේ අනාරක්ෂිත බවම තමයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හදිසි අනතුරු පිළිබඳව සමීක්ෂණයක් විශ්ව විද්‍යාලයකින්වත් මෙතෙක් කර තිබෙනවාදැයි දන්නේ නැහැ. උස් ස්ථාන වලින් බිමට වැටීම අපේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉතා බහුලව සිදුවෙනවා. ආරක්ෂාව පිලිබඳ මෙවැනි කරුණු පාසල් වියේදීම ඉගැන්වීම කෙරෙහි අවධානය යොමුවිය යුතුයි කියා මා හිතනවා.

    හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. කොහොම ස්තූති කරන්නද මංදා ඔබ තුමාට.. වේලි වේලි තිබ්බ මගේ බ්ලොග් කට්ට එකපාරම බ්ලොග් අවකාශයේ දැවැන්තයින් ඇවිත් කතා කරල යන තැනක් උනා නෙ ඔබ තුමාගේ ලිපියකට දාපු පුංචි කොමෙන්ටුවකින්.. ඒ ඔක්කොම හිතේ තියාගෙන සාදරයෙන් පිළිගන්නව කලාහිතට.. මාතෘකාව ගැන නම් කථා කරල වැඩක් නෑ තුමණී... දැනට අවුරුදු දෙක තුනකට කලින් කොහුවල සෞන්දර්‍යය විශ්ව විද්යාලය හදන ඉදි කිරීම් බිමේ සේවකයෙක්ගේ ඔළුවට උඩ ඉඳල බටයක් වැටිල හිසේ සිට දෙපතුල දක්වා පසාරු කරගෙන ගිහින් එතනම මැරුණා. ඒ වෙලාවෙත් ඔය විශ්ව විද්‍යාලවල මහත්තුරු නෝනල හා ළමයි බලාගෙන හිටියී මේක නිකම් ඉදිකිරීම් වලදි 'නොවැළැක්විය හැකි' සිදුවීමක් වගේ. ඒ තරමටම අවබෝධයෙන් ඉන්නෙ අපේ සමාජය.. උත්සාහ කරල බලමු චින්තන විප්ලවයක් කරන්න..

      Delete
  6. අම්මප උදේ හවස හම්බවෙන්න පුලුවන් එකා , සද්ද නැතුවම බ්ලොග් එකක් ලියනවා , දෙන්න හිතෙනවා තට්ටු 47 න පහලට වැටෙන්න . උඹේ මේ බ්ලෝග අදයි මචෝ දැක්කේ, ඉන්දිකයා ලින්ක් එක මේල් කරලා තිබ්බේ , තැන්කු වේවා ඉන්දික.
    උඹේ සබ්ජෙක්ට් එක ගැන උඹට ඊ උපදෙස් දෙන්න ඕනේ නෑනේ. ජයවේවා. දිගටම ලියමු, මේක එක රික්තයක් පිරවීමක් බ්ලොග් අවකාශයේ

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ.. තට්ටු හතලිස් හතක් නැගල මේ පැත්තෙ ආපු ඉවාන් මචෝ.. වෙරි වෙල්කම් ටු කලාහිත. උදේක නැතත් හවසකවත් සෙට් වෙන්න ඕනි අනිවා. නෑ කියන්න එපා මචං ඊ උපදෙස් හරි වැදගත්.. ඇත්තටම අද හරි සතුටුයි මේ ගැන කතා කරන්න හරි උඹල වගේ 'හයි කැලිබර් ප්‍රොෆෙශනල් බුවාස්'ල සෙට් එකක් මෙතනට ප්ලග් වෙච්ච එක ගැන. දැන්නං කම්මැලි නැතුව ලියතෑකි..

      Delete
  7. ගූගල්+ වලින් හොයාගේන ආවේ පෝස්ට් එකට...මිත්‍රයාගේ කමේන්ට්ස් වලට පැහැදිලා හිටියාට බ්ලොග් එකේ නාමය කලාහිත නිසා පොඩ්ඩක් වයර් ෂොර්ට් වෙලා හිටියේ...දැන් හරි..
    මේ කන්ට්‍රිබියුෂන් එක හරිම වටීවි...
    ලෝකල් ඉන්ඩස්ට්‍රි එකට මම තාම අවුරුද්දයි වයස...අපිට හුරු HSE හෙල්ත් සේෆ්ටි ඇන්ඩ් එන්වයර්මන්ට් කියලා, මෙහේ කියන්නේ වෙන එකක්...අලුත් කන්ස්ට්‍රක්ෂන් බූම් එකක් එක්ක සේෆ්ටි ස්ටෑන්ඩර්ඩ්ස් ඉම්පෘව් වෙනවා ඕන රටක...ICTAD එක ගොඩාක් වෙලාවට ගයිඩ් ලයින්ස් ගෙනේවි, දැනටමත් ගෙනල්ලා නැත්නම්...මේ ලඟදිත් විමල් වීරවංශ මොකක්ද ඇක්ට් එකක් පාලිමන්ට් එකට ගෙනාවද ගේනවද කියලා සද්දයක් තිබුනා නේද?
    මම දැනට ඉන්වොල්ව් වෙලා ඉන්න ප්‍රොජෙක්ට් එකේ නම් සේෆ්ටි කියන එක එච්චර ගනන් ගන්නේ නැහැ, මොකද වැඩ කරන ඔක්කොම මීට අවුරුදු 5 කට ඉස්සර වෙලා ලොකු යුද්ධයක් ඉවර කරපු සොලා ලා...
    එකම සේෆ්ටි පැත්තෙන් හොඳදේ, මුලදිම කියලා ඇග්‍රී කරගත්තා ස්කැෆෝල්ඩින් උඩ ඉන්නකොට සැලියුට් දාන්න අවශ්‍ය නැහැය කියන එක...ඕනිම නම් අකුරෙගොඩ පැත්තට ඇවිත් බලන්නකෝ...
    නමුත් නිතර ගෙදර දොරේ පාවිච්චි කරන ග්‍රාස් කටර් එකක්, චේන් සෝ එකක් වගේ දෙයක් පාවිච්චි කරන්කොටවත් අපේ මිනිස්සු ග්ලවුස් එකක්, ගොගල්ස් දෙකක්,බූට්ස් දේකක් වගේ දේවල් පාවිච්චි කරලා බේසික් සේෆ්ටි රූල්ස් ගැනවත් තැකීමක් කරන්නේ නැහැ..
    ඒ වගේ දේවල් ලියනවා නම් තවත් ප්‍රයෝජන වේවි...
    දිගටම ලියන්න..ජයෙන් ජයම වේවා...

    ReplyDelete
    Replies
    1. ///////මුලදිම කියලා ඇග්‍රී කරගත්තා ස්කැෆෝල්ඩින් උඩ ඉන්නකොට සැලියුට් දාන්න අවශ්‍ය නැහැය කියන එක...///////////

      හිනා කාලා මැරෙනවා බං...

      Delete
    2. සත්තම සත්තයි මචෝ...ලොකුම කෙනාට කිව්වා වෙන මොන සේෆ්ටි නැතත්..සැලියුට් නම් තහනම්ය කියලා..හාර්ඩ් හැට් ඒරියාස් වල නෝ සැලියුට් එදා ඉඳන්.මොකෝ මේක හෙන උසයි...

      Delete
    3. දහ අට වංගුවත් නැගල කැලෑ කපාගෙන කලාහිතට ගොඩවැදිච්ච චෙෆාකි සහෝ.. ආදරයෙන් පිළිගන්නව.. ඒ වගේම ඉහේ මල් පිපුන කොමෙන්ටුවට.. අකුරෙගොඩ වෙන්නෙ මොකක්ද කියල මං දන්නව.. හැබැයි එතන රසට කෑම හදන්න පුලුවන් කෝකියෙක්..සොරි..ආකියෙක් ඉන්න බවනම් අදයි දැන ගත්තෙ.. සොලා ල ගැන කියනවනම්.. ඇත්තටම ඔතන ඉන්න ගොඩක් ස්කිල් උන්නම් අලිමංකඩ ගියා කිව්වට පාමංකඩ ගිය උන්. උන්ව ගොඩක්ම ඔය ස්පෙශල් ස්කීම් එකකින් මේ වැඩ වලටම ගත්ත ගොයියෝ. හැබැයි නොන්-ස්කිල් නම් ඉන්නව යුද්දෙ කාලෙත් පොඩි කට්ටක් කාල හිටපු උන්. ඒක නිසා පරෙස්සම කොහොමත් හොඳයි. අර වැඩේ සැලියුට් කැන්සල් එක නම් පට්ට ආ.. (පුදුමයි හමුදාවේ උන් කැමති උනා.)
      සේෆ්ටි කිව්වට මමනම් කවදාවත් රූල්ස් වල එල්ලිලා ඉන්නෙ නෑ. So far as reasonably practicable තමයි මගෙ තියරි එක. අනික කොහෙවත් ලිස්ට් අවුට් කරපු කොන්ට්‍රොල් මෙශර්ස් නෑ. අකෝර්ඩින්ග් ටු සිටුවේශන් තමයි. සමහර තැනකදි worker ගෙ confidence එක සහ close supervision උනත් ඇති වෙන්න පුළුවන්. හැබැයි වරදින්න වැඩි වෙලාවක් යන්නේ නෑ කියල දැනගෙන ඉන්න ඕනි.
      මං කලින් වැඩ කරපු කොම්පැණියෙදි එක පාරක් පොඩි ලෙක්චර් එකක් කර Safety @ Home කියල. ගෙදට්ට මොන බම්බුවේ සේෆ්ටි ද කියල තමයි කට්ටිය ආවේ. හැබැයි යනකොට ගියෙ කොරවෙලා.. 'අනේ අපි ගෙදරදි කොච්චර අනාරක්ශිතද?' කියන්න වගේ.. ඒක ගැනත් ලඟදිම ලියන්නං. ජයවේවා!

      Delete
  8. හොඳ බ්ලොග් එකක්. ඉස්සරහට යමු.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අජිත් අයියේ.. පැමිණීමටත් අගය කිරීමටත්.. ජය ශ්‍රී!

      Delete