Tuesday 23 December 2014

ආගන්තුක ආදරය- Debutante

විසි තිස් වසරකට පෙර පාසැල් ගිය     පාරේ
දියණිය කැටුව යමි ඇගෙ පාසැල්        වාරේ
මතකය ඉදිරියට පැන හොලවා ඇස්     දාරේ
බොඳ වුනෙ නැති මතක හිත පතුලින් බේරේ


*******************************

කොණ්ඩය වවා පීරා හිස             පිටු පසට
දහසය වියැති කොල්ලෙකි විස පෙවු තුඩට
අත්කොට කමිසයට හා සුදු         කලිසමට
එහෙමට හැඩක් නැතිමුත් මහතය      උසට

සිස්සත්තෙන් පැන ඇවිත් මහ විදුහල්  මෑණී
පස් අවුරුද්දකුත් ගතවී සාපෙත්         පැමිණී
හිටියෙන් හුඟක් මිතුරන් පෙම් ලොව ඇමිණී
හිත පිස්සුවට මුත් පොඩි අඩුවක්         තිබුනී



කලකට ඉහත දුටුවිට පොඩි කෙල්ලක්ය
ලඟකදි මල් පිපී දැන් මල්       වත්තක්ය
ඉහල ගත් හුස්ම යලි පහරනු     බොරුය
මේ ඇයමදැයි අදනම් සිත     සැකයක්ය

විහිළු කර තිබූ ඇති පදමට      බාලේ
පහල පංතියේ කෙල්ලකි ඒ    කාලේ
අහල ගං හතක මල් පිපෙනා    ලීලේ
පහල උන හිතට තටු ලැබුණා  ආලේ

සිසි වන උවන ඉඟසුඟ අත් මිටින්   ගෙනා
නිසි පුළුලුකුල මන බන්දන නුවන්     පිනා
දිසි රණ ලියක් ගැන පෙර කී සැවුල්    දනා
කිසි කමකට නැතුව ඇගෙ රුව තිබේ වනා

වෙනදා නැති අමුතු කිතියක් හිතෙ      විනී
උදයෙම ගොහින් ඇය එන මග බලා   උනී
දනි පනි ගා වැටෙන හදවත බලෙන් මෙනී
උස්සං ඉන්න බෑ ආයෙත් බිමට           පනී

සුපුරුදු ලෙස පැමිණ ඇගෙ මුතු හස    පෙන්නා
ගුඩ් මෝනින් අයියේ කියලා           සිනහ උනා
සුභ පැතුමටවත් දෙන්න උත්තර නැති වෙන්නා
හුම් සද්දයක් නෑ මං එතනම                 උන්නා

ටිලිං ටිලිං බෙල් එක හඬ දෙන     නාදේ
වටිං ගොඩිං පන්සිල් නද රැව්       පිළිදේ
දොහොත් මුදුං බැඳ වැන්දත් මුණි  පාදේ
වෙනිං මොකුත් මතකයෙ නෑ කළ කීදේ

ඔහොම දවස් ගනනාවක්                  පහු කෙරුවා
බොහොම දෙනෙක් මගෙ වෙනසක් ගැන  ඇහුවා
කොහොම හරි ගොඩ යන්න විදියක් ගැන හෙව්වා
රහම රහට කවි ලියුමක් මං                        ලියුවා


මධු මල ලෙස මුදුව පිපි මගෙ නංගි         සුදෝ
හැදු වැඩු දෙමවුපිය දෙදෙනට පින් නොවෙදෝ
සිදු වන වෙනස හද කෙළෙසක       පවසමිදෝ
පිදු හදවතට පිටුපා යන් නෑ                  නේදෝ

දහිරිය අරන් පසුදා වරුවක          හවස
පස්සෙන් ගිහින් දුන්නා කියවන   විලස
හද පෙළු නුහුරු සිතුවිලි මැද ගෙවු දවස
කඩුපුල් සමන් මල් ගැන්නා රෑ      අහස

පිළිතුරු පතා සුභ නැකතින් ගොස් උදයේ
එනතුරු ඒ දසුන මග රකිමින්       සිටියේ
ඇති තුරු රිදුණු හදවත පෙම් කිටි කිටියේ
පිවිතුරු හිනාවෙන් මගෙ හිස මල් පිපියේ...

- කලණ..

63 comments:

  1. බොහොම රහයි ඉවරද?තේරෙන්නෙ නං ඉවර නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි හැලපයියේ.. ඉවර නෑනෙ පටං ගත්ත විතරයි..හැබැයි Debutante එදායින් ඉවරයි.. ඊට පස්සේ තියෙන්නේ මල් ගස් වටේ සින්දුවක් කිය කිය නටන සීන් එකක්..හැක් හැක්..

      Delete
  2. නියම කවි කතාවක් නෙහ්.. අදනේ දන්නේ කලහිත ට කවි ලියන්ඩ පුලුවන්ය කියලා. හැක් හැක්
    (දේශකයා එක්ක ඉදලා හැක් ලෙඩේ බෝවෙලාද මන්දා)

    ReplyDelete
    Replies
    1. මදුරංගයෝ කවියක්වත් ලියාගන්න බැරිනම් ඒක කලාරිටක්..සොරි.. කලාහිතක් වෙන්නේ කොහොමෙයි.. හැක් හැක්.. මගෙත් හිනාවේ ඉට්ටැයිල් එක වෙනස් උනා දේශක ඇසුරෙන් පස්සේ.. ස්තූතියි ඇගයුමට. ජය ශ්‍රී!

      Delete
  3. හය්යෝ යකෝ අපගෙත් ඔය කොළු කාලේ
    දුන් ලිපි ගණන මතකෙටු ගනු බෑ මෙවලේ
    දෙය්යෝ මගේ පණ ඔබ කුළුඳුල් ආලේ
    කිව්වත් උනුත් අපි වාගෙම එක වල්ලේ

    කවිනං රහයි බේරෙයි පැණි හතර කොණ
    ලියපං හනික ඉතිරිය මල් ප්‍රේමෙ ගැන
    එනමුත් ඒක පොල්ලක්නං වැදුනු ඇන
    වහං පොතම කියපං රස දෙයක් වෙන

    ReplyDelete
    Replies
    1. සැහැල්ලුවට හිටියත් මගෙ බ්ලොග් මල්ලේ
      උඹෙ හිත 'කලාහිත' පහු කරනව මෙවෙලේ
      අයියෝ තොපිත් අපි වගෙ 'චපලයි' කෙල්ලේ
      ඔහොමත් කියනවද මූණට එක එල්ලේ

      ලයිශන් ගන්න පෙර පදිනා රිය වාගේ
      පයිසෙන් පටන් ගෙන මග ඉවරයි දීගේ
      බයිසන් එකයි කාලයි මෙන්ඩිස් ලාගේ
      දුයිෂෙන් මමයි 'විරහව' ඉවරයි මාගේ

      සාපෙ නිසා තිත වැටුනත් ප්‍රේමේට
      A ටු Z, X විතරයි අඩු ඊට
      බෝම තෑන්ක් කවි ලියපං තව හොඳට
      අදට බායි 'කලාහිතයි' මම මීට

      Delete
  4. ෂහ්... මේ තියෙන්නෙ නියම කලා හිත. මොකද, ඇනිවර්සරියටවත් ගහපු කවිකොලයක්ද? කළණට නම් පහුවදාම රිප්ලයි ඇවිත් වගේ. සතියක් විතර ඉන්න වුණු අය එහෙම පව් නේ?

    බලපල්ලකො සිංහයත් කවියෙන්ම ගර්ජනා කරල.

    මල් ප්‍රේමෙට එහෙමත් කවි ලියවේද
    බඩි හරි නිසා අන්තිම කව මෙය නොවෙද
    පොල්ලක් වැටුනිනම් මෙතනින් නවතීද
    කවි කොල දාස් ගානක් නොම ලියවේද

    ReplyDelete
    Replies
    1. //බඩි හරි// නෙමේ “බඩු හරි“

      Delete
    2. සොඳුරු පද බැඳන් මා ප්‍රිය මදු ප්‍රේමී
      එන බව දන්න හින්දා උදයෙම ආමී
      වරදක් දෙකක් ඌවත් කවි වැනි අම මී
      'නියම කලා හිත' මම තවමත් සොයමී

      සිංහ ගර්ජනාවට බය වුනු හිංදා
      ඉතුරු කතාවත් මම එහි පද බැන්දා
      යන එන ගමන් ඔලුවට අරගෙන කැන්දා
      කරනව හෙම නොවෙයි මින්පසු මට නින්දා

      Delete
  5. සුදු රැළි ගවුම සලායා
    නෙතඟින් බැලුම් බලායා
    වීදි කෙළවරින් මතු වන
    පුංචි දෝණියේ නුඹ
    නුඹෙ මවට සමානා....

    මහගමසේකරගේ කවි
    මග දෙපස පිපීලා සැලුනා
    තුරු හිස කුරුලු තුඩින්
    අමරදේවයන් ගැයු
    ගී පද වැටුණා
    පොත් මිටිය අරන් ඈ දිව ආවා
    ඒ වගේම අද ඔබ දිව එනවා....

    දොර දොර වියරු ගැයුම්
    ඉඟි බිඟි සළෙල බැලුම් පොර කනවා
    කම්හල් දොරටු වැසී සා ගිනි
    සිඟමන් ඉල්ලා යනවා
    ඒ කිසිත් නොදැන නුඹ දිව එනවා
    ලෝකයම එදා වගෙ යයි හිතලා....

    පද - රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය - වික්ටර් රත්නායක
    ගායනය - වික්ටර් රත්නායක

    http://masandumal.blogspot.com/2014/12/blog-post_10.html

    ReplyDelete
    Replies
    1. ඕක බලපු දවසෙත් සඳුමල් මට ඇත්තටම මෙහෙම කවියක් ලියන්න හිතුනා.. වෙලාවක් ලැබුනෙ ඊයෙ හවස තමයි.. සොඳුරු මතක අපමණයි නේද? ස්තූතියි සටහනට. ජය ශ්‍රී!

      Delete
    2. මේක කියවන කොට මට මතක් වුනේ මනෝශ්ගේ මේ පෝස්ට් එකට උඹ දාපු කමෙන්ට් එක.

      Delete
    3. ඔය කියන්නේ 'කොලෑන්ස් කොටු කිරිල්ල' ගැන වෙන්නෝනෙ මයෙ හිතෙ.. හැක් හැක්.. හරි හරි ඔය මං මුලින්ම කොටු කරපු කොලෑන්ස් එක..

      Delete
  6. ආදර හසුන් ගෙන කොල්ලන් එක පෙළට
    ආහැටි මතක් වුනි ඉස්සර පෙම ගන්න
    හිතලා හිතල රැවටුනි මම වදුරෙකුට
    ප්‍රේමය ලොප් වුනා ලත් තැන එහෙම්මම

    කාලය ගිහින් ඉගිලීගෙන එක දිගට
    දැන් නෑ පෙම් හසුන් එස් එම් එස් විතර
    දැනෙනා හද කිතිය කියවන විට හසුන
    නොදැනේ හරඹ කරනා විට දුරකතන

    ReplyDelete
    Replies
    1. අවුරුදු විසි තිස් ගනනක් ගත උනටත් පස්සේ
      මගේ කතාවේ කෙලවර පිපි හිත අග්ගිස්සේ
      උන්නු කෙල්ල මේ වත්දෝ තවමත් හිත ගැස්සේ
      'කළු වඳුරෙක්' කියල තමයි එයැයිත් පසු බැස්සේ

      හයියෝ සුදූ ඒ ගැන නම් කියල වැඩක් නැත
      ඉස්මාට් ෆෝන් නැත්නම් බොරු අරගන්නව හිත
      එස්.එම්.එස්. වයිබර් චැට් සමග මූණු පොත
      රොබෝ පාට් එකතු කරල ලවු එක කා ඇත

      හිතවත්කම රැගෙන ඇවිත් කවි රස දී යන
      නදිනි නගේ තැන්කූ වේ කියනව හැර වෙන
      දෙන්න දෙයක් ලඟ නෑ ඒ ගැන පසු තැවෙමින
      ඉතිං ආයිබෝං ඔබට 'ජය ශ්‍රී!' හැම දින

      Delete
    2. කිව්වට අයියේ පොඩි කෙල්ලෙකුට නගා
      තරහක් නැතේ නුඹ වයසින් වැඩි හංදා
      පැරණීනම් පෙම විසිතිස් වසර ගනා
      දැන් ඇති ඇයට පනහට කිට්ටු වෙලා..

      Delete
    3. අයියා කියා කියුවට චන්ඩියෙක් නොවේ
      අසාධාරණේ ලඟ බයියෙකුත් නොවේ
      වයසයි කියූවට වැඩි වයසකුත් නොවේ
      හිත කිව්වේ සුදූ කීමට නගා නොවේ

      හතලිහටත් කලින් හැට පෙනුමක් රැන්දූ
      අන්කල් තාම රකිනව හොඳ හොඳ පන්දූ
      රුව ඇති නදී කොයි කාගෙත් මන බැන්දූ
      නගා කියූවට අමනාපද ලන්දූ? :D

      Delete
  7. එකම වීදියේ දෙතුන් වතාවක්
    එහා මෙහා අපි ඇවිද ඇතී
    බිමට නැමුණු මල් අතු ඉති අතරේ
    අපේ කතාවන් රැඳී ඇතී

    සුදු හසඟන සේ හසරැළි ඉහලා
    හඳ පායන සේ හද ගිණි නිවලා
    ඔබ මා සුරතේ දසඟිලි පටලා
    දොඩමළු වීලා මට ඉඟි කරලා

    හැන්දෑ යාමේ මා අත හැරලා
    යන්නී ඔබ ඔබේ කුටියට පෙරලා
    කවුළුව අතරින් හසරැලි එළලා
    මම යමි මගේ හිත ඔබ ළඟ තියලා

    තනි යහනේ මා කෙසේ සිතන්නේ
    මා සිත ඔබේ ළඟ නොවෙද තියෙන්නේ
    ඔබට හිතෙන දේ හිතට කියාදී
    හෙට එන විට යලි රැගෙන වරෙන්

    එකම වීදියේ දෙතුන් වතාවක්
    එහා මෙහා අපි ඇවිද ඇතී
    බිමට නැමුණු මල් අතු ඉති අතරේ
    අපේ කතාවන් රැඳී ඇතී


    ගායනය, සංගීතය - ප්‍රියා සූරියසේන
    ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

    ReplyDelete
    Replies
    1. මෙහෙම තමයි මුල් කාලේ හිතුවේ.. පස්සේ වෙච්චි හරියට ඉතින් කවි පොතක්ම ගහන්න වෙනවා.. හිකිස්.. තැන්කූ සින්දුවෝ..

      ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
      සහන පවන් සැලූ
      මා ළඟ ඔබ සිටිනා විටදී
      ලොවම දැකුම්කලු //

      මල් වැල් වන විල් පිරී ගියේ
      සෙවණ දෙවන්නලු
      බිඳු නඳ විහඟුන් ඉගිල්ලුනේ
      මිහිරෙ රැඳෙන්නලු
      පුන් සඳ නැගුනෙත් අහස් තලේ
      අපට බලන්නලු
      දෙනෙතට කඳුලැලි තුරුල් කලේ
      පෙමට අඬන්නලු
      පෙමට අඬන්නලු

      ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී... //

      මී වද මී පැණි පිරී ගියේ
      දෙතොලෙ රඳන්නලු
      දේදුනු ඕවිලි මැවී ගියේ
      ලොවම පිනන්නලු
      මේ ලොව මා ඉපදුනේ ප්‍රියේ
      ඔබව ලබන්නලු
      ඒ හැර ලැබුණත් පලක් නැතේ
      ඉසුරු මැණික් මලු
      ඉසුරු මැණික් මලු

      ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී... //

      ගායනය - ශ්‍රීමතී තිලකරත්න, වික්ටර් රත්නායක
      සංගීතය - වික්ටර් රත්නායක
      ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

      Delete
    2. තාමත් මුණ ගැහුණෙ නැතත් ඇස්‌ දෙක ඔබේ
      හිතට හිතක්‌ ළං වීලා කල්පයක්‌ වගේ
      දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ
      තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක්‌ වගේ
      තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

      මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා
      ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා
      දුරින් ඉන්න බෑ මටනම් එන්න පණ මගේ
      තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

      හිත් පොඩියේ තනි වෙච්ච පෙම් අදෝනා
      පවසන්න හති ඇරලා තුරුලට වෙලා
      දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ
      තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක්‌ වගේ

      තාමත් මුණ ගැහුනේ නැතත්...

      ගායනය : සුරේන්ද්‍ර පෙරේරා
      පද රචනය : ඩිලාන් ගමගේ
      සංගීතය : උදාර සමරවීර

      Delete
    3. මල් සිනා.... සලන්න මල් සිනා
      තාරුකා දිලෙයි ඈත පායලා
      ආදරෙන්.... බලන්න මා දිහා
      මල් සිනා සලන්න මල් සිනා
      තාරුකා දිලෙයි ඈත පායලා
      ආදරෙන්...
      ආදරෙන් බලන්න මා දිහා

      මල් පිපී පිපී... රඟන්නෙ සිත් ලෙසේ...
      සුළඟේ වෙළී
      ලස්සනයි මලේ... සැලේ නිසන්සලේ...
      රෝස මල් වනේ //

      මල් සිනා සලන්න මල් සිනා ...

      ඉන්න එක්වෙලා... නොයන්න වෙන් වෙලා ...
      පියාසලා
      ආදරෙයි කියා.. කියන්න ළං වෙලා...
      සිනාසලා //

      මල් සිනා සලන්න මල් සිනා ...

      ගායනය - ආත්මා ලියනගේ
      (අනිත් විස්තර ටික දන්නෙ නැතෝ)

      Delete
    4. සින්දු duel එකක්ද?

      Delete
    5. පොඩියට.. දන්නෙ නැද්ද ඔය පොඩ්ඩක් සෙට් වෙන වෙලාවට.. හැක් හැක්..

      Delete
  8. කතා විස්සක් විතර මතක්වුනා බෝල මේක කියවලා , චක් .. අපරාදේ ඕයි හැමදාම ඉස්කෝලේ යන්න තිබ්බේ, උගන්නන එක තමා ඉස්කෝලේ යන කාලේ තිබ්බ එකම අවුල , නැත්තම් වෙන කිසිම අවුලක් නෑ

    ReplyDelete
    Replies
    1. සරස වසන්තය ආයෙත් එනවානම්
      මගේ තරුණ විය මං ඉල්ලාගන්නම්
      අපේ අතීතයෙ මල් මාවත්වල ඇවිදන්යන්නට
      සරස වසන්තය ආයෙත් එනවානම්...

      ලියූ සුපෙම් කවි හසුන් පුරාවට
      පොත් පිටුවක එය හංඟා ගන්නට
      බොරු විස්සෝපෙන් අහක බලන්නට
      ආයෙත් හමුවී හිනා නගන්නට..

      සරස වසන්තය ආයෙත් එනවා නම්...

      දෙනෝදහක් මැද සිත් හංඟන්නට
      සැගවූ ප්‍රේමය නෙතින් කියන්නට
      කාත් කවුරුත් නැති සීමාවක
      හොරෙන්ම හමුවී පෙමින් දොඩන්නට

      සරස වසන්තය ආයෙත් එනවානම්...//

      ගායනය : අනෝමා රාසපුත්‍ර සමඟින් අමරසිරි පීරිස්
      පද රචනය : නිලාර් එන්. කාසිම්
      සංගීතය : ජගත් ජයවර්ධන

      Delete
    2. \\කතා විස්සක් විතර මතක්වුනා\\.. හැක් හැක්.. එහෙම තමයි බොල හැන්ඩි කොල්ලො උනාම.. අපි නම් ඉතින් එකක් කොටු කර ගත්තෙ බොහොම අමාරුවෙං.. ඉතින් ලියපන්කො ඔය ටික ලස්සනට.. අම්මප උගන්නන්නේ නැත්තන් විභාග තියෙන්නෙ නැත්තන් ඉස්කෝලෙ විතර ෆන් තැනක් ආයි ලොවෙත් නෑ..

      Delete
    3. ගායකයා නම් සෝමතිලක ජයමහ ගායිකාවගේ නම මතක් වෙන්නේ නෑ සොරි වෙන්ඩෝනෙ.. පට්ට ආස සිංදුවක්

      පියමන් කෙරුවෙමු මහ‍ වෙල් මැද්දෙන්
      පෙම්බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිද
      ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
      දෙපා වාරු නැත ඔභ හැර යන්නට...//

      නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි
      කෝල හැඟුම් කෙලි කවට සිනාවයි...//
      මල් නැටුමයි - කළගෙඩි නැටුමයි
      මගේ දෑස තුල යලිත් ඇදේවිද...//

      පියමන් කෙරුවෙමු...//

      නෙත කඳුලින් හස පෙමින් මුවාකල
      සොදුරු පැතුම් පුරවා මන මත් කල...//
      මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
      මා හැදු පාසල් මවුනි දායාදර...//

      පියමන් කෙරුවෙමු...//

      Delete
    4. මහ "වෙල්" නෙමෙයි බං, මහ "වේ". ඕක පැරණි සාහිතයෙ "මං පෙත්" යන්නට යොදපු යෙදුමක්.

      Delete
    5. හුටා ඒකත් එහෙමද? කවුද දන්නේ.. එතකොට දැන් ඔය හයි වේ කියල කියන්නෙත් ඔය වගේම සීන් එකක්ද දන්නෙ නෑ.. තැන්කූ තැන්කූ සිංහ මාමේ දැනුම ලබා දුන්නට

      Delete
    6. සිංහයා හරි පියමන් කෙරුවෙමු "මහ වේ" මැද්දෙන් තමයි හරි , නමුත් අද ලේරික්ස් තියෙන හැම තැනම තියෙන්න මහා වෙල් කියලා.

      ගායිකාව නීලා වික්‍රමසිංහ , ඔරිජිනල් සින්දුව කියන්නේ නීලා එක්ක හැබැයි සමිතා එක්ක කියන එකකුත් තියෙනවා .

      Delete
    7. සාමන්‍යෙන් මාත් සිංදුවක ලිරික්ස් ගැන වොරි වෙන එකෙක්.. ඒත් මචෝ මේ ගැන නම් හාංකවිසියක් දැනං උන්නේ නෑ ඔය කියනකං.. මොකද ඕකෙ අඩුවක් (පිටින්) පේන්නෙ නැති නිසා වෙන්ඩැති එහෙම උනේ.. තව ඔය වගේ සීන් එකක් මතක් උනා කපුගේගෙ දුක හාදු දෙන රැයේ සින්දුවේ තියෙනව තැනක් 'යෞවනේ අකට විය විරහී' කියල ගොඩක් උන් ඕකට කියන්නේ 'යෞවනේ අපට විය විරහී' කියල.. හැක් හැක්.. බැලුවම අපි නොදන්න සිංහලත් කොච්චර තියෙනවද?
      හරි ගායිකාව නීල තමයි..සමිතත් එක්ක කියන එක මං අහල නෑ මයෙ හිතේ.. දෙන්නටම තැන්කූ හෙනං දැනුවත් කිරීමට.. ජය ශ්‍රී!

      Delete
  9. පට්ට කවි ටික.....!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිමෝ.. ජය ශ්‍රී!

      Delete
  10. Replies
    1. ස්තූතියි ගයාන්.. කොමෙන්ට් දෙකටම.. :D ජය ශ්‍රී!!!

      Delete
  11. මමත් ඔහොම පටන් ගත්තා ඉස්කෝලේ යන කාලේ. අවුරුදු හතක් බැඳී හිටියා පණට පණ වගේ. නොසිතු ලෙස වෙන්වුනා. අදත් ඒ මිහිරි වේදනාව හදවතේ කොනක තියනවා.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමා සනීප උන ගමන් මේ පැත්තෙ ආවට බොහෝම ස්තූතියි..
      මේකනම් එච්චර සිරාවට ගියේ නෑ.. මාස 6යි.. හැබැයි අර සිංහයට කිව්වා වගේ A ටු Z; X විතරයි අඩු උනේ.. හැක් හැක්..

      ඉතින් ඔය හත් අවුරුදු ප්‍රේමේ ගැන මොකුත් ලියන්නේ නැද්ද අපිට දැනගන්ඩත් එක්ක.. අළුත් අවුරුද්දට දැන්මම සුභ පැතුම්.. ජය ශ්‍රී!

      Delete
  12. අදයි මේ පැත්තට ගොඩ වුනෙ හරිම ලස්සන කවි පෙළත් මේකෙ තව කවිපෙලක් ඉදිරියටත් ලියයි නේද ..ආයෙත් කියවන්න රසවිඳින්න එන්නම්කො :)

    ReplyDelete
    Replies
    1. හංසිගෙත් ලස්ස..න බ්ලොග් එකක් තියෙනව මට මිස් වෙලානේ.. ඉතින් ඉතින්.. එහෙනම් වෙල්කම් ටු කලාහිත.. මීට පස්සෙ මිස් වෙන එකක් නෑ බ්ලොග් රෝලට දා ගත්ත..
      ආගන්තුක කතාව මෙතනින් ඉවරනේ.. ඊට පස්සේ එක්ස්පීරියන්ස් තමයි..හැක් හැක්.. කොහොම උනත් මේ කතාව එච්චර දුර ගියෙ නෑ.. මාස 6යි.. මල් ගස් වටේ නට නට සිංදු කියපු කෑලි දෙක තුනක් තියෙනවා.. දුශ්ඨයෙක් හිටියෙ නැති නිසා ෆයිට් මොකුත් තිබ්බේ නෑ.. ඒකම තමයි නැගල නොයන්නත් හේතුව..

      ඉස්සරහට ලියන්නම් එහෙම මල් මල් කවි ටිකකුත්.. ස්තූතියි ඇවිත් ගියාට.. අළුත් අවුරුද්දටත් දැන්මම සුභ පැතුම්.. ජය ශ්‍රී!!!

      Delete
  13. ඔය කාලේ කෙල්ලෝ 10කගෙන් වඩා කැමත්ත ඇහුවා.එකෙක්වත් කැමති වුනේ නෑ.ඉස්කෝලෙන් පස්සේ අවුරුදු 1.5ට වඩා ගිහින් තමයි කෙල්ලෙක් කැමති වුනේ.ඒත් මට වඩා වැඩිමල් සොඳුරියක් එක්ක.ඒ කාලේ මහ නරක අපල කාලයක්ද කොහේද....
    කියවන කොට මට හිතුනේ මේ උඹෙයි,කමිච්චිගෙයි කතාව කියල.කවි ටිකනම් සුපිරි.පෝස්ට් කරපු දවසෙමයි මේක කියෙවුවේ.අනාතවෙලා හිටියේ බ්ලොග් එකේ පාස්වර්ඩ් මතක නැතිවෙලා.ගෙදර ඇවිත් තමයි කොටන්නේ.
    ජය වේවා.......

    ReplyDelete
    Replies
    1. //කියවන කොට මට හිතුනේ මේ උඹෙයි,කමිච්චිගෙයි කතාව// ඒකත් ලියන්ඩ තරම් නං වටිනවා.. 'බදුල්ලේ කොල්ලටයි ගාල්ලෙ කෙල්ලටයි ත්‍රීකුණාමලයේදි මල් හීසර..' වගේ මාතෘකාවක් දාල වෙලාවක ලියන්නම්..

      ඇත්තට ඔය ඉස්කෝල වල කෙල්ලෝ හරි මෝඩයි අප්පා.. උන්ට හොඳ කොල්ලොයි අපතයොයි හරියට අඳුන ගන්න බෑ.. හතර පාරක් වත් බූට් කනකං.. ඔය කිව්වට කොල්ලොත් ඉතින් ඔය වගේ තමයි.. මුළු ඉස්කෝලෙටම ඉන්න ලස්සනම කෙල්ලො දෙතුන් දෙනාට හැමෝම try කරල හරියන්නේ නෑනේ නේ බන්, ඒක නිසා මන් නම් මුලින්ම කරේ මට කැමති වෙයි කියල හිතිච්චි එකියකට කැමති වෙලා අහපු එක.. රිසල්ට් එක දැක්කනේ.. එක දවසෙන් බඩු පැකට්.. හැක් හැක්..

      Delete
  14. පාසල් සමය නොදැනිම අයියෝ ගෙවුනා
    සුදු රැළි ගවුම් මා දෙස නොබලා ඇදුනා
    ට්‍රයි එක මතක් වී තනි ඇහැටම ඇඩුනා
    ඒ සමහරක් අද මව්වරු වී  සිටිනා

    පාසල් සමය කිසිදා අමතක වේද
    එවන් කලක් මෙදියත නැවතත් ඒද
    පාසල් ගමන නිමවූයේ යම් සේද
    සිහිපත් කලත් සතුටක් නේද

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි මාස්ටර් එක්ක බී වැඩි වෙලා
      මොරවකදි දවසක්ද ලෙල්ලටම කට් වෙලා
      ඔය අතර කලා හිතටත් හෙමින් ගොඩ වෙලා
      මෙන්න බොල සිරා කොළු සිරා කවියෙක් වෙලා!!!

      පාසැලේ පන්තියේ ඩෙස් පුටුද පොත් පත්ද
      පසුකරන් එන සොඳුරු මතකයේ මං පෙත්ද
      අතර සැඟවුනු පුංචි ප්‍රේමයේ හී විද්ද
      ලියනවානම් උඹෙත් කොයිතරම් නම් ඇද්ද?

      Delete
  15. කවියෙන් ලියලා හරි ලස්සන කතාවක්
    අවදි කලා උඹ මතකයන් ගොන්නක්
    හසුනෙන් දිනා ගත නොහැකි මුත් බලු කුක්කන්
    රවටා ගත නොහැකි වේද පොඩි කෙල්ලන්

    ReplyDelete
    Replies
    1. බලු කුක්කන්ටත් පහලට කෙල්ලන් ඇද දමලා
      මනෝ ඇවිත් කලා හිතට සෙත් කවියෙන් වනලා
      වැරදිල හරි 'කෙල්ල' ඇවිත් කියෙව්වොතින් බලලා
      මනෝ ආයේ ගෙදර යන්නේ 'මනෝකාය' හැරලා

      හිතෙ තියෙන උඹෙ මතකය ගුලි කරගෙන ඉන්නෙ නැතුව
      ලියන් මලේ රස කර කවි කතාව ලුණු ඇඹුල් ඇතුව
      අපිත් ඇවිත් කොමෙන්ට් කරල යනවා වරද්දන්නෙ නැතුව
      ඕන් හෙනං ආයිබෝං හෙටත් වරෙන් මතක ඇතුව

      Delete
  16. කස්ටියම කවි වලින් කෙමන්ට් දලා..මට කවි බෑ බං..
    වැඩේ හරි ගියාද?

    ReplyDelete
    Replies
    1. උඹට බැරි කවි විතරයි මට පේන්නේ.. ආයිත් අහල මෙන්ඩෝ ඉතින් එළද බ්‍රා තමයි.. පහුවෙනිදම රිසල්ට් එක ආවා.. පලවෙනියට සාම්පල් මහපු එකනේ මචන් මාස හය උනාට සුපිරියටම ගියා.. ජය ශ්‍රී!

      Delete
  17. කතාවකට වඩා හොදයි කියල හිතන්නද කවිය හොදයි කියල හිතන්නද
    අනේ මංද මට මේක හොදයි වගේ
    පට්ට පට පට කලේ



    එළඹෙනා නව වසර සාමයෙන් සන්තෝසනේ පිරුණ කිරි පැණි වෑස්සෙන
    සුභම සුභ නව වසරක් වේවා....
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. කථා හැමෝම වගෙ ලියනවනේ මලේ.. ඒකයි මගේ කතාව මං කයියෙන් ලියුවේ..

      රහ උනත් නොරහ උනත් ඇවිත් බලල හොඬහ නරක කියල යන උඹල වගෙ උන් ඉන්නකන් මොනව මොනව හරි ලියන්න හිතෙනව.. හෙනං බොටත්..

      ලබන්නාවු නව වසර සතුට සෞභාග්‍යය පිරි සුභම සුභ නව වසරක් වේවා! ජය ශ්‍රී!

      Delete
  18. ඒ කියන්නේ මේක දිනලා ඇත ඇරපු පෙම් කතාවක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. එහෙම නැත්නම් අතට ගත්තට කටට දා ගන්න බැරි වුනු එකක් වගේ.. අළුත් අවුරුද්ද සුභ වේවා! ජය ශ්‍රී!

      Delete
  19. අපූරු කවිපෙළක්.. කමෙන්ට්ස් ටිකත් නියමයි!

    සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  20. පැමිණීමටත් අගය කිරීමටත් බොහෝම ස්තූතියි අශාන් මල්ලි!

    ඔබ සහ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  21. නියමයිනේ .... තව ලියන්න හිතේ ගොඩක් දේවල් තියනව වගේ.... දිගටම ලියමු ...

    ReplyDelete
    Replies
    1. ගොයියෝ බොහෝම ස්තූතියි.. කඩයිමට ගොඩ වුනා.. හරි අපූරුයි.. දිගටම මේ පැත්තෙත් ඇවිත් යන්න.. ජය ශ්‍රී!

      Delete
  22. බුලත් පුවක් දුංකල හුණු පදම ගෙන
    විට කන්නට කැමති අය හැමතැනම නැත
    හමුවුව කලෙක විට කන වුන් එකම තැන
    කිල්ලෝටය බලමු හුණු වරදින්නෙ නැත

    කාගෙ කාගෙත් අතීතෙ තාම කැරකෙන හැඩයි...

    ReplyDelete
    Replies
    1. බුලත් පුවක් කෑමට ප්‍රිය නැති........... හින්දා
      කොක්කණ පයිය ගෙයි එල්ලා ඇත.. රන්දා
      හුණු ගැන කියා කිල්ලෝටෙට දෙන නින්දා
      ලබ්බෝ ඉවර කරපං 'කිති'........ කව බන්දා

      Delete
  23. හා හා ඉතිං ඉතිරිය ඇයි නොකියන්නේ
    මොකක් නමුත් රස රහසක් තියෙනවනේ
    ඒක නොවෙද හිටි හැටියෙම මාරු වුණේ
    ඒ දැන ගන්න දත මැද මැද අපි ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ඕප දූපයක් කිව්වොත් ඉතිං... හම්මේ නේද? :D :D :D

      Delete
    2. අම්මප රන්දියෝ මම නෑ..... බොරු කිව්වේ
      මාස හයයි එක දවසයි.............. එය දිව්වේ
      පළවෙනි එකනෙ ;) ඒකයි එහෙමම තිව්වේ
      සීතල මදි ආදරේ........ මම හිටියෙම අව්වේ.. හැක්..

      Delete
  24. කලණ අයියේ මරු කවිය. Lassanama lassanaaaai

    ReplyDelete
  25. කලණ අයියේ මරු කවිය. Lassanama lassanaaaai

    ReplyDelete