මහ පොළොවේ ලේ උරුමය ලියා දෙන
කනබොන ටික වතුර ටික ගෙනත් දෙන
දුක අමාරු ටික සඟවාගෙන
මල් පල වැල පමණක් පිටට දෙන
උඹට තව තව පූදින්න
ඉඩදී දිනෙන් දින
පොළොවටම යටවෙන
එන්න තියන්නෙපා උඩට පේන්න
තව තවත් පහලටම තෙරපන්න
දවාලෙහි පමණක් ඇවිත් හිස පොවා යන
වැස්සට කුණාටුවට පිටුපාන
නියගෙදි උනත් හිතුමතේ පෙලන
ඉර දිහාටම තවත් කඹුරන්න
තරහක් නම් නෑ හිතේ පුංචි දුකක් හැර
මං උඹේ සදාදර
.
.
'මුල'
.
.
ඕක කිව්වම දැන් ඉතින් ආයෙමත් ඔරවන්න..
- කලණ
සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
ReplyDeleteප්‍රේමය මුල් පස යට සැගවී
නං පල මල් දළු පුබුදනමුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි
රිප්ලයි එකක් දාන්න කලින් ගිහින් ආපහු සින්දුව ඇහුවා.. මං හිතන් උන්නේ චන්දන ලියනාරච්චිගෙ නිකම්ම නිකන් ලවු සින්දුවක් විතරයි මේක කියල.. බැලුවම වෙනස් අර්ථයකින් කියපු එකක්..
Deleteඅද දවාලේ ගෙදරට කෝල් එකක් දුන්නා.. කාලෙකට පස්සේ අපේ 'ඩැඩී' තමයි ආන්සර් කරේ.. ඉතින් වචන දෙක තුනක් කතා කරන්න ලැබුණා.. නැත්නම් 'මමී' ට කතා කරල ෆෝන් එක තියන්න කලින් 'ඩැඩී කෝ සනීපෙන්ද' කියල අහල උත්තරයක් දෙන්නත් කලින් තියෙනවනේ.. Easiest thing to forget හැඟීම ආවේ එහෙමයි.. ජය ශ්‍රී!
//චන්දන ලියනාරච්චිගෙ නිකම්ම නිකන් ලවු සින්දුවක් විතරයි මේක කියල//
Deleteයමුනා මාලිනී පෙරේරා ගේ අපුරු පද වැලක්නේ මේක.
ඒක හරි.. ප්‍රශ්ණේ උනේ කලින් ඇහිලා තිබුනට අහලා තිබුනේ නෑ.. දැන් එහෙම හිතන්නේ නෑ.
Deleteප්‍රේමය ලොව හැම තැනම ඇතී
Deleteහැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී
සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
ප්‍රේමය මුල් පස යට සැගවී
නං පල මල් දළු පුබුදනමුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි
විල්තෙර දියයට දියඹුන් නගනා
ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පිබිදෙන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප්‍රේමය හැමදාමත් නිසලයි
//http://helageepada.blogspot.com/2012/03/premaya-lowa-hama-thanama-ethi.html//
චන්දන ලියනාරච්චිගේ මේ සින්දුවත් ඇතුලත් කැසට් පටයක් මට මතකයි මීට අවුරුදු 15 කට විතර කලින් හුඟක් ජනප්‍රිය උනා.. අපි ඒ කාලේ රෑට මුහුදේ නිදි වරද්දී නොකඩවා ඇහුවා මතකයි.. එකම ආරක වගේ සින්දු උන නිසා එකකට එකක් වෙනස්ව මතක තිබුනේ නෑ.. ස්තූතියි මදූ නැවත ඒ අතීතය හා සින්දුව මතක් කරාට..
Deleteශෂිකා නිසංසලාගේ පාරමිතා, දීපිකා ගේ බොරළු ඇනෙන, සුභානී හර්ශනීගේ එකම එක වරක් මේ ඔක්කොම වගේ ඒ කාලේ නැගලා ගිය සින්දු.. මං හිතන්නේ අන්තිමට කැසට් පට විදියට ජනප්‍රිය උනෙත් ඔය සෙට් එක තමයි.. CD පෙරළි කරන්න කලින්.. ඉමිහිරි මතක. ජය ශ්‍රී!
දැන් කියපං ගහක් මුලට කලගුණ සලකන්නේ කොහොමද ?
ReplyDelete'අප්පච්චිගෙන්ම' තමයි අහන්න වෙන්නේ.. මං හිතන්නේ තුන් පාරක් දීලා..
Deleteවේස ගෑනු පස්සේ ගිහින් සල්ලි වියදම් කලත් හදා පෝෂණය කල අප්පච්චී ට සලකන දුදරුවන් මෙන් අපිටද හැසිරීමට සිදුව තිබේ. අපි හදා පෝෂණය කල අප්පච්චී මෙන් රට බේරා දුන් සහ දෙන අප්පච්චීටද කලගුණ සලකමි.
ReplyDeleteටිපිකල් මකසි කමෙන්ට්.. හැක් හැක්.. උඹ හොඳ පුතෙක් මචන්.. මං අකමැති උනත් උඹ උඹේ 'අප්පච්චිලාට' කළගුණ සළකන එක ගැන හා ඒ වෙනුවෙන් නොබියව පෙනී ඉන්න එක හැමදාමත් අගේ කරනවා.. ජය ශ්‍රී!
Deleteකළගුණ සළකන්න ඕනැ. වේසගෑනු පස්සෙ ගිහින් හරි ඉස්සරහින් ගිහින් හරි සල්ලි වියදං කරන ගමන් දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් කියලා ගේත් ලස්සනට හදලා මිදුලට කාපට් දාලා අන්තිමට ගේයි ඉඩමයි දෙකම උගසට සින්න වුනොත් තමයි කෙළිය.
Deleteහෙනහුරා
ඔය අප්පච්චිලා ගෙදර යන හැටි 8 වෙනිදට බලමු...අප්පච්චි කිය කියා අර අහිංසක කැම්පස් කෙල්ලො කොල්ලන්ට එළවා එළවා පොලෝසිය පහර දෙන හැටි අප්පච්චි දකින්න නැතුව ඇති...
Deleteමරා අප්පච්චිගේ බඩු ගැහිල්ල කියන්න ගියොත් පත්තරයක් විතර දිග ලැයිස්තුවක් ලියන්න වෙන්නේ. අනේ ....නන්නානේ. ඕකට චන්දෙ නෙවෙයි දෙකට නවලා පුකට පයින් එකක් ගහන්න ඕනෙ කුට්ටම කරෙන් වැටෙන්න.
Delete@ Anonymous4 January 2015 at 16:02
Deleteහෙනහුරා උනත් කියන්න තියෙන දේ කෙළින් කියනවට මං කැමතියි.. ඒත් ඇත්තටම ඔය අප්පච්චි ගැන නෙවෙයි මෙතන ලියුවේ නම්..
සිරා මචන්.. අප්පච්චි විතරක් නෙවෙයි අප්පච්චිගෙ අම්මිවත් මතක් වෙනව ඒ පාහර වැඩේටනම්.. එතන ලීඩ් කරපු පොලිස් ලොක්කගේ පුතා තාත්තා ගැන ලැජ්ජා වෙනවා කියලා මූණු පොතේ ප්‍රසිද්ධියේ කියලා තිබ්බා..
Delete@ Anonymous5 January 2015 at 08:08
Deleteඇනෝ මචෝ.. උඹත් මහ කිරිමේල් කතානේ බන් කියන්නේ.. ඔයිට ලේසි නැද්ද හැමෝම එක්ක චන්ද කොලේ කතිරේ හංසයට ගහලා දෙකට නමල ඡන්ද පෙට්ටියට දැම්මනම්.. හැක් හැක්..
අප්පච්චිට කලගුණ සලකනවා.හැබැයි අප්පච්චි කියලා කියා ගන්නා අයට අපේ අප්පච්චි කිවාත් දෙන්නේ නැහැමයි.
ReplyDelete\\අප්පච්චිට කලගුණ සලකනවා.\\ බොහෝම අගෙයි. හොර අප්පච්චිලා ගැන මනොජ් ඉන්නෙත් මං ඉන්න ස්ථාවරයේමයි. ජය ශ්‍රී!
Deleteමුල අමතක කරන්ඩ හොඳ නෑ.. :)
ReplyDeleteසමහර ගස් 'ලොකු' වෙනකොට ඒ ගොල්ලන්ට මුල හරියට 'මදි පුංචි කමක්' වගේ වෙනවා.. ඉතින් බලන්නෙම පුළුවන් තරම් පොළොවේ යටටම තදකරල තියා ගන්න.. එහෙම නැති උනත් පහසුවෙන්ම අමතක කරල දාන්නෙත් මුලින්ම මුල තමයි.. මොකද මේ වගේ ඉඳල හිටලවත් ගහට කම්ප්ලේන් එකක් එන්නෙ නෑනෙ මුලෙන්.. හ්ම්ම්.. ජය ශ්‍රී!
Deleteකමියා.................
ReplyDeleteඔන්න මුකුත් කිව්වේ නැහැ හැටං....................... නැත්තං තරහා ගනිවිවත්...........
ඇයි හත්වලාමේ.. කියහල්ලකෝ මොකක්වත් අඩුම තරමින් කයිය හොඳද නරකද කියලවත්..
Deleteඇත්තටම කලින් අහලා නැහැ. මේක ලියලා ගිහින් අහලා බලන්නම්. පද වැල බොහොම අර්ථවත් බව පෙනෙනවා.
ReplyDeleteවිචාරක තුමෝ හැබෑට මොකක්ද අහල නෑ කිව්වේ. පැහැදිලි මදිනේ.. කවියනම් ඉතින් මහ ලොකු අදහසක් නැතුව අප්පච්චිත් එක්ක කතා කරද්දී හිතට ආපු එක ඔහේ ලියුවේ.. බොහෝම ස්තූතියි.
Deleteඅර උඩින් මනෝජ් කිව්ව වගේ අප්පච්චිලා ඉන්නෙ එකයි නොවෑ. උන්දට කළගුණ සලකමු අපි. වෙන්ඩ අප්පච්චිලාට ඕනි නෑ.
ReplyDeletesalakamu salakamu hansayaata kathire gahalaa.
Deleteසඳුමල් වෙන්ඩ අප්පච්චිලාගේ කැමරාව ඉස්සරහා මූණයි පිටිපස්සේ මුහුණයි බොහෝම වෙනස්.. අපේ අප්පච්චිලානම් කැමරාව ඉස්සරහට ආවේ නැති උනාට පිටිපස්සෙන් ඉඳන් හැමදාම ආශිර්වාද කරනවානේ.. මං කියන්නේ උන්දලැ ගැන විතරයි..
Delete@ Anonymous5 January 2015 at 08:09
Deleteමේ පාරනම් සැළකෙන ලකුණු තමයි පේන්නේ.. පරම්පරාවටම හැක් හැක්..
මං හිතන්නෙ මං කීව දේ වැරදියට තේරුම්ගන්න නැතුව ඇති. සිංදුව වලින් අප්පච්චිලා වෙන්ඩ හදන අය ගැනයි කිව්වේ. අපිට ඉන්න අප්පච්චිත්, අපි කලගුන සලකන අප්පච්චිත් කිව්වෙ අපිව මේ ලෝකට ජාතක කරපු දයාබර අපේම අප්පච්චිටට්යි.
Delete//මං කීව දේ වැරදියට තේරුම්ගන්න නැතුව ඇති// කිසි සේත්ම නෑ.. මං කිව්වෙත් කැමරාව ඉස්සරහදි විතරක් සිංදුවලින් අප්පච්චිලා වෙන උන්ගේ කැමරාව පිටිපස්සෙදි මූණ ගැන තමයි.. අපි එක අත්තටු තියෙන කුරුල්ලෝ නේ.. පාර වෙනස් වෙන්නේ නෑ..
Deleteගොඩ දෙනෙක් අමතක කරන දේ තමයි,ගහ කැපුවත් මුල කපන්න බෑ කියන එක.මුල ගලවන්නම ඕනෙ කමියා.....
ReplyDeleteවනස්පතිකියල හිතන් ඉන්න ගස් බිම ඇදන් වැටිල දිරල යද්දිත් මුල් ඉතුරුවෙලා තියනවා අවුරුදු ගනන් ගොඩක් ආඩම්බරෙන්.(ටයිප් කරන්න කලින් පබ්ලිශ් වුනා )
Deleteකොමෙන්ට් කෑලි දෙක එකකට එකක් පරස්පරද මංදා..
Deleteමුල් කෑල්ලනම් LTTE එක ගැන හිතල ලියලද කොහෙද.. දෙවෙනි එකනම් කවියෙන් කියනව වගේ මුල අමතක කරන නොසන්ඩාල පුතෙක් ගැන වගේ..
ඇත්තටම මචන් ඔය දෙවනි අදහස තමයි මගෙත් ඔලුවේ තිබ්බේ.. අමතක නොකර ඉන්න උත්සාහ කරාට පහසුවෙන්ම අමතක කරන්න පුළුවන් එකක් තමයි මේ 'මුල'.. මොකද කවදාවත් පස්සෙන් ඇවිත් කරදරයක් වෙන්නේ නැනේ.. දුකත් ඒකමයි මචන්.
සංවේදී නිසඳැසක්.
ReplyDeleteමගේ සංවේදනාව හරියට දැනුනේ අජිත් අයියට විතරද මංදා.. බොහෝම ස්තූතියි.
Deleteගස් කියල හිතාන ඉන්න අපිත් මුල් තමා බං.
ReplyDeleteඒක දැනෙන්න ගන්නේ දැන් දැන් නේද? හරියටම හරි..
Deleteපද පෙළ ලස්සනයි...ඒකෙ ඇතුලෙ සැගවුනු අර්ථයට මම මනාපයි...මේ කියන මුල අප්පච්චි කියන වචනයට ගලපා ගත්තොත් මෙන්න මේ ගීතයට මම ගොඩාක් කැමතියි.
ReplyDeleteඅන්දර යායේ වැව් තාවල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොළේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී
වලාකුළේ දා බිඳු තවරා
මහ පොළොවට මහ වැසි ගෙනෙනා
දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ
පුතු සෙනෙහේ කඳුළැලි සලනා
තුරු හිස මුදුනේ මල් පලඳ්‍ර
කැකුළු මුවට පලවැල නෙළුවා
ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ
සිදාදියට එන මං තැනුවා
පද රචනය - කුමාර ලියනගේ
සංගීතය - රෝහණ ධර්මකීර්ති
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
//මේ කියන මුල අප්පච්චි කියන වචනයට ගලපා ගත්තොත්// දේශපාලනෙන් මිදෙන්න බැරි නිසා ගොඩාක් උන් වෙන වෙන ඒවට ගලපගත්තට මං කිව්වෙත් ඔය ගැනම තමයි මචන්.. ඒක නොවෙයි ඔය සින්දුව කියපු ගායකයට මං ඉස්සර හරිම මනාපයි.. ඒ ඔහු ගායකයෙකු කාලේ.. අපරාදේ ඒ ගායකයා..
Deleteඒ ගායකයා අපට අහිමි කලෙත් උඩින් කියවුන ලැජ්ජා නැති අප්පච්චිම තමයි...
Deleteමං ඊයේ රෑ දොලහේ ඉඳන් දේශපාලන කතා නැවැත්තුවා ඡන්දේ ඉවර වෙනකං.. නැත්තං මේකට තව හුඟක් දේවල් එකතු කරන්න තිබ්බා.. හැක් හැක්..
Deleteමම ටියුබ් ලයිට් බං
ReplyDeleteමං හිතුව අර විචාරකට වගේ CFL කියලා.. හැක් හැක්...
Deleteඅපේ සමහරු නම් සුපර් සොනික්.. කවියෙ මුල් පේලිය නැත්නම් හෙඩිම කියවනකොටම මීටර් වෙලා පට්ට පජාත කොමෙන්ට් එකක් දානවා යන්නෙ කොහෙද මල්ලෙ පොල්.. ඊට වඩා උඹ හොඳයි බොක්ක.
ඔරවන්න ගොරවන්න
ReplyDeleteදෙයක් නැත
එවන් හිතක් නැත
ඇත්තේ සොවක් සම්ම්ශ්‍ර වූ
බිදුණ හිතක් මිස
ඔබවන් පුතෙකු බිහිකල ඒ පියා වාසනාවන්තයෙකි. දිනක ඔබ වෙනුවෙන් නිබ්බුත පද ගැයෙනු ඇත.. ජය ශ්‍රී!
Deleteමේ බලහන්, නාවික භටයො. ඌරන්ට මොන සෞක්‍යද කියල මුන්ගෙ ලොක්කො හිතන් ඇති!
ReplyDeleteමුන්ට නාවික භටයෝයි කියන එකට නම් අතිශයින් විරුද්ධයි.. නාවිකයෝ වෙන්න අඩුම තරමේ එක දවසක් වත් නැවක වැඩ කරන්න ඕනිනෙ.. මු ඔක්කොම Volunteer Special Scheme එකක් යටතේ නේවි එකට බඳව ගත්ත skill workers ල..නැවක් පැත්ත පලාතේ එක්ක යන්නේ නෑ..හැබැයි අර දෙවෙනි කියමනටනම් එකඟයි.. මහ එවුන් අවදානම දන්නෙ නැති නිසා බයක් නෑ.. පොඩි උන් මහ උන්ගෙන් කේස් එකක් නැති නිසා බයක් නෑ.. ඌරොත් එකයි ඌරු පැටවුත් එකයි..
Delete'මුල ' අමතක වෙලා ... :/
ReplyDeleteමුල අමතක නොවුනත් දැන් නම් 'මුල' ගලවල දාල මුල ඉඳන්ම පටන් ගන්න කාලේ හොඳයි වගේ.. කොහොම උනත් ඉස්සරහට 'මරා' ගන්නේ නැතුව හැමෝටම 'මෛත්‍රී' කරමු. ජය ශ්‍රී!
Deleteමෛත්‍රී කරමින් යන සුබ අනාගතයක්.... හික්ස් :D :D
Delete