Saturday, 21 March 2015

My Grandma අපේ ආච්චී 1- සව් හැලිය, ඇඹුල් කැත්ත හා අතුරු කතා

Photo courtesy- www.google.com

පවුලේ බඩ පිස්සා වීම හැමෝගෙම ආදරයට ලක් වීමට හේතුවක් යැයි මතයක් තිබුනද මට නම් ඒ ගැන ඇත්තේ පොඩි නෝක්කාඩුවකි.. මෑතක සිට ඒ නෝක්කාඩුව දෙගුණ තෙගුණ වී ඇත්තේ මා අසාවෙන් කියවන බ්ලොග් දෙකක් වන තිලක සිත හා නිදහස් සිතුවිලි හි කතුවරුන් තම ආච්චි අම්මලා ගැන ලියන දේ නිතර නිතර කියවීමට සිදුවීමයි. මෙකල මෙන් 2x2 ෆැමිලි නොව එකල අවම වශයෙන් වූ 6x6 ෆැමිලි එකක මුළු පවුල් ඩයස්පෝරාවෙන්ම අන්තිමයාට පමණක් දෙවෙනි වූ හා අපේ පවුලේ බඩපිස්සා වූ මා ඉපදෙනවිට අපේ තාත්තාගේ තාත්තා මිය ගොස් වසර තුනකි. අම්මාගේ තාත්තා ගැන මට මතක ඇත්තේ ඔහු කෑම කන විට උගුරු ඇටේ අසාමාන්‍ය ලෙස ඉහල පහල ගිය අයුරුත් ඔහු මියගිය පුවත අසා අම්මා පපුවට ගසා ගනිමින් අඬන අයුරුත් පමණි. වෙනකෙක් තබා අම්මා පවා ඒ මළගේ දිනවල මා ගැන උවමනාවෙන් සොයා නොබැලූ නිසා මම ඒ දින කිහිපය ඔහේ නිදා ගත්තෙමි.

ඊලඟට අප හැර ගියේ අද කතා නායිකාව වන, අත්දැක ඇති දේට වඩා අසා ඇති දේ නිසා මට වැඩියෙන්ම 'මිස්' වන අපේ අම්මාගේ අම්මා හෙවත් 'අපේ ආච්චීයි'. තාත්තාගේ අම්මා මියගියේ ඊටත් වසර හතරකට පමණ පසුව වුවත් බොහොමත් තද සිත් ඇත්තියක් යැයි අසා තිබූ කරුණු නිසාත්, අපෙන් බැහැරව එකලට අනුව බදුල්ලට 'බොහෝ දුරින්' බණ්ඩාරවෙල හීල්ඔය ප්‍රදෙශයේ නැන්දා සහ බාප්පා ලඟ විසීමත්, ඒ සියල්ලටම වඩා ඇය මිය යන විට 'ටීන්' වියට එළඹ සිටි අපට මළ ගෙදරකදී වුව 'වෙනත්' බොහෝ වැඩ තිබූ නිසාත් 'අපේ ආච්චි අම්මා' තරම් මට අදටත් 'තාත්තලාගේ ආච්චි අම්මා' එතරම් 'මිස්' නොවේ. 

ඒ එක්දාස් නවසිය අසූ පහේ අවුරුද්ද විය යුතුයි. ඒ වනවිට මිනී පෙරහැරක ඉදිරියෙන්ම සේසතක් ඔසවා ගෙන යා හැකි තරමට මම සාමාන්‍ය මට්ටමේ පොරක් වී සිටියෙමි. හදිසියේ වෑළඳුනු අංශ භාග රෝගයෙන් ඔත්පලවී දින එකොලහක් රෝහලේ නේවාසිකව සිටි ආච්චි අම්මා ටිකින් ටික මියයමින් සිටි බව ගෙදර ඇත්තන්ගේ කතා බහට ලක්විය. මේ ටිකින් ටික මිය යන අයුරු දැක ගැනීමේ කුතුහලයෙන් පෙළුණ මමත් එදින හවස රෝහලට ගිය අයුරුත් ඇඳේ දිගාවී සිටි ඇගේ පොරවනය මදක් මෑත්කර අත ටිකක් තදින් අල්ලා බැලූවිට ඇතුලට එබුණු සම බොහෝ වෙලාවක් යනතුරු ප්‍රකෘති තත්වයට පත් නොවූ බවත් මට ඇය ගැන ඇති අවසාන මතකයයි. පසුදින 'ඔෆීශියලි' මියගිය ඇගේ දෙණ දින තුනක් පමන නිවසේ තැන්පත් කර තිබුනත් මම ඒ දෙස නොබැලීමි.

මිය යාමට පෙරද ඇය වැඩි ඇඟෑලුම් කම් දැක්වූයේ ලොකු අයියාටත් දෙවෙනි අයියාටත් වූ අතර නිදහස් සිතුවිලි හී රවී අයියාට ඔහුගේ ආච්චී අම්මා කතා කලාමෙන් 'සුට්ටි පුතා' කියා ඈ අපේ පවුලේ සුට්ටි පුතා වූ මා ඇමතුවේ නැත. ඒ වෙනුවට අපිට විස්කිරිඥ්ඥාවකින්, හුළං ඉස්කෝතුවකින් හෝ බුල්ටෝ එකක් වැනි වූ පිං පඩියෙන් ගන්නා ලද රස කැවිල්ලක රස විඳීමටත් ඇය සිටිනාවිට මදක් සැර බාල වෙන ඇගේ දුවගේ රැවුම් ගෙරවුම් වලින් මදක් නිදහස්ව සෙල්ලම් කිරීමටත් පමණක් අවස්ථාව සැලසිනි. බඩපිස්සා වීම ගැන මගේ නෝක්කාඩුව ඇත්තේ ඔතනයි.. ආච්චීගේ ෆොටෝ මහ හුඟක් නැත. මට මතක විදියට හැඳුනුම්පතේ වූ ඡායාරූපය ලොකු කොට දැනටත් අපේ නිවසේ තබා ඇති කලු සුදු ඡායාරූපයකුත් අවුරුදු දවසක මඩ නාගෙන සෙල්ලම් කරමින් සිටි අප සැම ආච්චී අසල පෙල ගස්වා එවකට ලංකාදීප පත්තරේ ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කල අප පවුලේ හිතවතෙකු වූ නිමල් දයාරත්න මහතා වරක් ලබාගත් එක් වර්ණ ඡාරූපයකුත් පමණක් අප නිවසේ විය. එහෙත් ඇගේ ඡායාව සදා නොමැකෙන ලෙස අපේ හිත්වල ඇඳ තැබීමට අපේ අම්මා වරක් ලියා තැබූ මේ කවිය සමත් වී ඇත.

රතුමල් චීත්තය ඈතින්......... දිස් වෙනවා
ගෙලවට සුදු රෙද්ද සුළඟට ලෙල දෙනවා
පාං කෙසෙල් ගෙඩි මල්ලක් ගෙන එනවා
අපෙ අම්මා හෙමිහිට......... සිරිගම එනවා

එය අපට ඉතා අසීරු වූ වකවානුවකි. ආච්චී පිංපඩි රැගෙන පාං කෙසෙල්ගෙඩි පිරවූ මල්ලක් අතින් ගෙන අළුතින් ඉදිකල බදුළුසිරිගම අප නිවස දෙස හෙමි හෙමින් පියමනින අයුරු එදවස අපට දිව්‍යමය දසුනක්ම විය. මේ කවිය ලියන කියවන කිසිම මොහොතක අපේ නිවසේ කිසිවෙකුටවත් අදටත් ඇස් වලින් කඳුළු වහන් කල නොහැක. 

වසර තිහකට පමණ පසු දැන් යලිත් අපේ අම්මා තුලින් මම ඇය දකිමි. වෙනසකට ඇත්තේ ආච්චි අම්මාගේ සුදෝ සුදුවූ පුළුං කොණ්ඩය වෙනුවට නළලාසන්නයේ පමණක් අතරින් පතර සුදුවූ අපේ අම්මාගේ 'මෙලෝ රහක් නැති' කොණ්ඩය පමණි. ආච්චි අම්මාගේ කොණ්ඩය සුදුවූ කතාව විශේෂ එකකි.. ඊට පෙර සුදු කොණ්ඩ ගැන අවශේෂ කතාවක් සිහියට නැගේ. දිනක් ඉස්කෝලේ කාලේ දවසක ඔය අම්මලාගේ කොණ්ඩ ගැන කතාවක් කොහෙන්දෝ ඇදී ආවේය. දිනපතා භාවිතා කරන බෙහෙත් තෙල් වල ආනුභාවයෙන් ඒ වන විටත් පනස් වියට ආසන්න වෙමින් සිටි අපේ අම්මාගේ කොණ්ඩය තද කළු පැහැයෙන් දිලිසෙමින් තිබූ නිසා මම ඒ ගැන උදම් ඇනූවෙමි. එවිට එහි සිටි තවත් එකෙක්.. 'අඩෝ.. අපෙ අම්මගෙත් එක කෙස් ගහක් ඉදිල නෑ'යි පාරම් බැවේය. කීර්තිය බෙදා ගැනීමට අකමැති වූ මගේ මුඛරි කට ඉස්සරහට පැන 'ඒ කියන්නේ උඹලෑ අම්මගේ අනිත් කෙස් ගස් ඔක්කොම ඉදිලා'යි පැවසීම නිසා වටේ පිටේ සිටි උන් කොක් හඬලා සිනා සීමට පටන් ගත් අතර අරූ සුමානයක් පමණ මූන එල්ලාගෙන සිටියේය.. අරූ.. ඇත්තටම බ්ලොග් අතර අරූ කාලෙකින් දකින්න නොලැබීම කණගාටුවට කරුණකි. මෙවැනි අතීත කතා ලිවීමෙහි කෙළ පැමිණියෙකු වූ අරූගේ 'අවුල් වන්නට පෙර' කියවූ උන්ටනම් මා හෝඩියේ පන්තියෙ එකෙකු සේ පෙනෙනු නොඅනුමානය. අපේ මූ නම් දැන් බදුල්ලේ නොම්මර එකේ රෙදිපිළි වෙළෙන්දෙකි. පරන තරහ මරහා මතක නැති නිසා ඉඳහිට ගොඩ වූ විට කෑල්ලකින් කැත නැතුව රුපියල් තුන් හාර සීයක් අඩුකර බිල් කිරීමට සේවිකාවන්ට කියයි.. මට වෙලාවකට හිතෙන්නේ මූ 'අතින් පාඩු කරන්' මට රෙදි විකුණනවා යැයි කියා නිසා මං ඒ පැත්තේ ගොඩ වන්නේ එහෙමත් කලාතුරකිනි. කොහොමත් මං ඔය 'රෙදි' ගැන එතරම් තැකීමක් නොකරමි.

වරහන් ඇර ඇර පඳුරු තල තලා මේ කතාව දිග්ගස්සා කියවන උන්ගෙං බැනුම් ඇසීමට මට හිතක් නැත. ඒ නිසා ඔන්න ආච්චීගේ කොණ්ඩේ සුදුවූ කතාවෙන් පටං ගනිමි. අපේ ආච්චී විවාහයන් දෙකක් කරගෙන ඇත. අද මොඩ් සිංහලයා රෝම ලංදේසි නීතියට බයේ ගිනි කකා එකම විවාහයක එල්ඹී සිටියද මීට ශත වර්ශයකට හෝ ඊට එපිටින් සිටි සිංහලයින් අද කාලේ 'සුද්දන්' මෙන් නිවහල්ව සිතා මතා නිදහසේ කටයුතු කර ඇතියැයි මට හිතෙන එක හේතුවක් වන්නේ මේ කැන්දන් යාම, බින්න බැසීම, බහු විවාහ, එකගෙයි කෑම වැනි තමන්ට සුදුසු පැකෙජ තෝරා ගැනීමට තරම් එඩිතර වීම හා විවාහය කොල කෑල්ලකින් බල ගන්වා පසුව කොල කෑල්ලට බැන බැන සිටීම වැනි මෝඩ පහේ වැඩ අඩුවෙන් කිරීමයි. ආච්චීගේ පළමු විවාහය දෙදරා යාමත් කොණ්ඩය සුදු වීමට අඩිතාලම වැටීමත් එකම දවසේ සිදු වී ඇත. ආච්චී එකල හැඩ කාරියකි. ඒ සීයා 'හයි' කාරයෙකි.. නගරයේ 'ලොකු හෝටලේක' ලියන රස්සවක් කර හවසට එනවිට රස කෑම ජාති පිරවූ පොට්ටනියක් හිස තබාගෙන වෙනම කොළු ගැටයෙක් පස්සෙන් එන්නේලු. හෝටලයෙන්ම යම් පදමකට සැර ජාතී වලින් අනුමත වී එන ඔහු ආ සැණින් නා කියා ගන්න අතර නෑමෙන් අනතුරුව උණු උණු සව් වීදුරුවක් බීමට කැමැත්තෙන් පසු වීලු. ආච්චීගේ දෛනික කටයුතු අතර මේ සව් වීදුරුව මුල් තැනක් ගත්තේලු. මේ වන විට මගේ ගනණය කිරීම් වලට අනුව සොලොස්විය ඉක්ම නොවූ නමුත් කුඩා බිළිඳියකගේ එනම් අපේ ලොකු අම්මාගේ මවු වූ අපේ ආච්චීට දිනක් මේ සවු වීදුරුව නියමිත වේලාව වන විට සකස් කර ගනීමට නොහැකි වූ අතපසුවෙං ඌරු ජුවල් ආවේශ කරගත් ඒ සීයා නාම්බා උණු උණුවේ ගොජ දමමින් ලිපේ පැසි පැසී තිබූ ඒ සවු හැලිය කිසිම හිතක් පපුවක් නැති නරුමයෙකු සේ තම සියුමැලි තරුණ බිරියගේ හිස මත වත් කෙරුවේලු. වරු ගණනක් ගඟේ බැස සිටීමෙන් හා සිංහල බේත් හේත් වල ආනුභාවයෙන් වෙනත් අතුරු ආන්තරාවක් නැතිව ආච්චී සුවපත් උවද මැදි වයසට එළඹීමටත් පෙර කෙස් වැටිය සුදු වීමට ඒ සව් සාත්තුව හේතුවූ බව පැවසේ. මාමාවරුන් එකතුව තක්කඩි සීයාව ගස් බැඳ පහරදී එළවා දැමීමෙන් ආච්චීගේ ඒ දීගය හමාර වූ බව අදටත් අපේ අම්මා උජාරුවෙං කියන්නේ ඒසේ නොවුනානම් ඇගේ පියාට හෙවත් බෙහෙවින් නිවුණු සාධාරණ හා යුක්ති යුක්ත මනුස්සයෙක් වූ අපේ සීයාට ඇයව නොලැබෙන්නට ඉඩ තිබූ නිසා විය හැක. කෙසේ උවද චන්ඩි සීයා එළවා දැමූ මුත් ඔහු තුල සිටි චණ්ඩියා ආච්චී විසින් රඳවා ගත්තාදැයි ඉන්පසු කතා අහන විට මට සිතේ. 

ඉන්පසු එළඹියේ සංක්‍රාන්ති සමයකි. ස්වාමියා එළවා දැමූ මුත් ඒ නිවසෙං ඉවත්වී නැවත මහ ගෙදරට යාමට ඇය කැමැත්තක් දැක් වූයේ නැත. කුඩා බිළිඳියද සමග ඇය තනිවම එහි විසුවාය. අදින් වසර අසූවකට නොඅඩු වූ ඒ අතීතයේ 'හයියූ, ඒ මනුස්සයයි පොඩි එකයි බඩගින්නේ මැරෙන්නැති නේද රස්සාවකුත් නොකර මනුස්සයෙකුගේ හවු හරණකුත් නැතුව' කියා කීමට හේතුවක් නොතිබූ බව මෙය කියවන සමහරක් අයට මතක් කර දීමට සිදුවේ. මන්ද යත් ඇයට ගෙවල් කුලියක් ගෙවීමට, ජල බිල්පත්, වතුර බිල්පත්, මෙකී නොකී දහසකුත් එකක් බිල් පත් ගෙවීමට, ටීවී ෆ්‍රිජ් සෝෆා ඇඳං මෙට්ට මිළට ගැනීමට, මොබයිල් ෆෝන් රී ලෝඩ් කර ගැනීමට, සේවක පඩි නඩි ගෙවීමට වාහන වලට තෙල් ගැසීමට ලම‍යා ඉස්කොලෙ දමා ගැනීමට පගාව දීමට ආදී කිසිවක් කෙරෙහි වද වීමට සිදු නොවිනි. කොටින්ම කියතොත් එදා ජීවත් වීම යනු අද මෙන් 'මහ බරක්' නොවුණි. ඇත්නම් යමක් තම්බා පොඩි එකීටත් කවා තමනුත් කා ඉතුරු වන දෙයක් වේනම් වට පිටාවේ උන්ටත් බෙදා දීමටත්, අහල පහල පොඩි එකියකට ලමයා බලා ගැනීමට දී කයියකට බැතකට උර දීමටත් මිනිහෙක් ඕනෑම නැත. නමුත් එදා හිටි උන්ද අදට වඩා මහ හුඟක් හොඳ උන් යැයි කිව නොහේ. තරුණ අඟනක් දරුවෙකුත් සමග තනි පංගලමේ සිටිනවා යන්න අහල පහල පිරිමින්ටනම් තිත්ත කරුවලේ පිපුණු කඩුපුල් මලෙක සුවඳ මෙන් නාස් කඩාගෙන යන ඉවක් වූවාට සැක නැත. එකම වෙහෙස කරුවලේ කඩුපුල් මල සොයා ගැනීම පමණි. අනෙක් කරුණ නම් 'ඔහොම හිටියට එළිසා හාමිනේ මහ වස එකී' යනුවෙන් සමාජගතව තිබූ බැම්මයි. නෝන්ජල් පිරිමියෙකුට පැනීමට ඒ බැම්ම උස වැඩි වූවාට සැක නැත. එහෙත් හැම පිරිමියාම නෝන්ජල් නොවේ..

ඔය අතර ගමේ දාමරික යැයි හැඳින්වුනු හිත හොඳ චන්ඩියෙක් විය.. මිනිහාගේ නම අපේ අම්මා කියා ඇතිමුත් මේ ලියන මොහොතේ මට මතක නැත.. අම්මාගෙන් දැන් ඔය ගැන විමසා මෙය පළවූ පසු ඇයට පෙන්වා දිය හැකි 'සප්‍රයිස්' එක කුඩු කරගැනීමට නොහැකි නිසා උගේ නමෙන් වැඩක් නැතැයි සිතා මෙය දිගටම ලියමි. මිනිහා හැර ගිය එළිසාහාමිනේ ගැන උන්දෑගේ හිතේ මෙව්වා එකක් ඇති වන්නට ඇත. අපේ ආච්චිත් හොඳ බජාර් පොරක් නිසා නිතර නිතර හමු වීමෙන් මෙව්වා එක තව තවත් මෙව්වා වන්නට ඇත. ඔයින් ඔහොම වතාවක් මුන්දෑ තරුණ වැන්දඹු එලීසා හාමිනේට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර මුඛරි කමේ උල්පත වන්වූ අපේ ආච්චීගේ මුවින් 'ට්‍රැක්ටරෙං හාපු මගේ කුඹුරට උඹෙ නගුලෙං මක් කොරන්නද' ආකාරයේ නොසණ්ඩාල කතාවක් අසාගෙන පසුබැස ගිය බව කියවේ. මොන චන්ඩියත් ගෑනිට බය නමුත් ගෑණු ගන්න කලින් රියල් චන්ඩියෝය.. රා පොලේදී සූදු පොලේදී මිතුරන්ගේ උසුළු විසුළු අසා කොක්කෙන් බැරිනම් කෙක්කෙන් එළිසාහාමිනේ අඹු කමට ගන්නට සපථ වූවාදැයි නොදනිමි. නමුත් ඒ හෝරාව එළඹිනි. එළිසා හාමිනේ සිඟිති දියණියද තුරුලු කොටගෙන පිදුරු හෙවිල්ලූ ඒ කාමර කෑලි දෙකේ ගෙයි ඇතුළු කාමරයේ තනි පැදුරේ සැතපෙන්නීය.. චණ්ඩියා බඩින් ගත් අපේ දුශ්ඨයා දැන් එළිසාහාමිනේගේ බල පරාක්‍රමය ගැන වූ සමාජීය පවුර හා ඒ කටු මැටි ගැසූ ගෙපැලෙහි ඇතුළු කාමරේ බිත්තිය එකවර අතික්‍රමණය කිරීමට සූදානමිනි. ඩිඩිඩිඩිං.. ඩිඩිඩිඩිං... ස්වාභාවධර්මයා මනා ලෙස අවස්ථානුකූලව සංගීතය මුසු කොට ඇත. 

මද විරාමයක්.. ඇඩ් එකක් දමා ගැනීමට සුදුසුම වෙලාවයි.. (මතක ඇතුව 26 වෙනිදා නෙළුම් යාය බ්ලොග් සම්මන උළෙලට ඔබත් එන්න.. එදාට හමුවී කතා කරමු.. පස්වරු දෙකට කිරුළපන දී...) ටිං ටැං ටොං... 

ගින්නක් නැතුව දුමක් දමන්නේ නැත.. ඒ අතින් අපේ ආච්චි අම්ම නිකම්ම නොව ගිනි ජාලාවකි.. පෙනෙන දුමටද වඩා ගින්න බලවත්ය. ගමේ චන්ඩින්ට හයිරං පාන්නටත් එසේ කොට තනියම නිවසක රැය පහන් කරන්නටත් ඉතා හොඳ ආත්ම ශක්තියක් උවමනාය.. ඒ විතරක් මදිය.. තව මොකක් හෝ අතේ හයියට ආයුධයකුත් උවමනාය.. අද මෙන් කට පුංචන් බහුල නොවූ එකල කැත්ත යනු භාවිතා කරන්නට දන්න එකාට ඉතා හොඳ ආයුධයකි.. හාවෙක්ගේ වැනි තියුණු කණක් ඇති එලිසාහාමිනේ බිත්තියට එපිටින් ඇහෙන සර සර හඬ ඇඳින්නාය.. හරියට එතන බිත්තියක් නැතුවාක් මෙන් ඉන් එපිට සිටින්නේ කවුද උගේ අරමුණ කුමක්ද හා උගේ ඉදිරි ක්‍රියාකලාපය මොනාකාරයෙන්දැයි ඇයට පෙනේ. හැබෑ චණ්ඩියෝ නැත්නම් හැබෑ යුධ සෙනෙවියෝ එසේය.. චන්ඩි කමට ගෑණු පිරිමි බේදයක්ද නැත..

එහෙ මෙහේ විසිරී තිබූ පොරවනය සකස් කර පොඩී එකීට පෙරවූ ඇය පැදුරෙන් නැගිට්ටාය.. බුරුල්ව තිබූ රෙද්ද ලිහා තවත් වරක් තද වෙන්නට ඉණ බැදගෙන පැදුර අයිනෙන් තබා තිබූ මිට දිග ඇඹුල් කැත්ත ගෙන පහන් දැල්ල මදක් අඩු කොට බිත්තියට මෙපිටින් සිට ගත්තාය. ඇය බලාපොරොත්තු වූ ගොදුර එනම් චණ්ඩියාගේ අතේ පෙර බාහුව බිත්තියට ඉහලින් මේ පැත්තට වැටින. තරයේ දෑතින් අල්ලාගත් ඇඹුල් කැත්ත ඉහලට ඔසවා දෝත පුරා පහර දීමට ගත් සිතුවිල්ල එක්වරම වෙනස් කර ඇය කැත්තෙ මොට්ට පැත්තෙන් එනම් නොපිටින් වැරෙන් පහරක් ඒ අත වෙත එල්ල කලාය. සමහරවිට උණහපුළුවට උගේ පැටියා වටී කියන්නැහේ පුතාගේ චන්ඩිකමට ලෝකෙන්ම බැණුම් අහන ගමන් රෑ බත් පත බෙදා පුතා ගෙදර එනතුරු මග බලන් ඉන්න ඒ කෙසඟ අම්මා ඇයට සිහිවන්නට ඇත.. සමහරවිට වෙනත් සාස්තරයක් නොදැන චණ්ඩිකමෙන් ජීවත් වූ මේකාට අතක් නැතුව ඉස්සරහට ජීවත් වෙන්න බැරිවෙයි කියා දුක හිතෙන්නට ඇත.. නැත්නම් කොච්චර චණ්ඩිකම් නොපනත්කම් කලත් ඌත් යස ඉළංදාරියෙක් නිසා කවදා හරි පෙළවහක් කරගෙන දරු මල්ලෝ හදාගෙන හොඳින් ඉන්නට තවත් එක අවස්ථාවක් දෙන්නට හිතුවා විය හැක.. ඒ කොහොම උනත් මම දෙවනත් වෙන්නට ඇසුණු 'බුදු අම්මෝ' හඬත් කැලෑ පෙරලාගෙන දුවන ගෝණෙකුගේ වැනි හඩත් කණ වැකීමෙන් අනතුරුව එළීසාහාමිනේ සැහැල්ලු සිනාවකින් මුව සරසා ගෙන සිඟිති දියණිය ලඟින් පැදුරේ ඇලවුනාය..

ඒ කතාව එතනින් ඉවර කරේනම් ඒ අපේ ආච්චි අම්මා නොවේ.. පහුවදා හැන්දෑ වෙලේ බොරු හේතුවකුත් හදාගෙන ඈ අරුන්දෑගේ ගෙවල් පැත්තට ගොඩවුනාය.. බෙහෙත් හා පතුරු තබා වෙලන ලද පෙර බාහුවත් එක්ක සහලෝලා පෙළුණු උනෙන් පිල මත වැතිර සිටි චණ්ඩියාට ඇය දැක මළ මුත්‍රා පිටවුණිදැයි නොදනිමි. නමුත් ඇ වෙනසක් නොමැතිවම 'මොකෝ බන් මේ අතට වෙලා තියෙන්නේ' යි අසනවිට නම් හේ නිරුත්තර විය.. ඒ වෙනුවට උන්ගේ අම්මා 'බලපං එළීසෝ මුගේ මරුමුස් කමට ඊයේ රෑ කාත් එක්කදෝ ආරෝවක පැටලිලා කරගෙන තියෙන හරියක්.. කණුපැලැල්ලේ වෙදානම් කිව්වේ තුන් හාර මාසෙකට මෙහායින් අත ගොඩ දාන්න බෑයි කියලා' කියනවිට ඇය ඒ අම්මා සමගම ශෝක වූවාය. ඇය ආපිට ආවේ ලෙඩාට අවශ්‍ය බෙහෙත් කැඳත් සාදාගෙන පසුවදා නැවත එන පොරොන්දුව පිටයි.. එයාකාරයෙන්ම ඔහු සනීප වෙන තුරුම හැකි සෑම අවස්ථාවකම ඔහුට උවටැන් කිරීමටද ඒ අම්මාට අවශ්‍ය වෙලාවක අවශ්‍ය උපකාරයක් කිරීමටද ඈ කිසිම විටෙක නොපැකිළුනාය.. 

*******************************

ආච්චි අම්මා ගැන පොතක් ලියන්නට මම සිතා නොසිටියෙමි.. ඒත් ලියවෙනවිට මෙය කුඩා පොතක් තරම් වේදැයි නොදනිමි. ඔබේ වටිනා කාලය පැහැර ගනිමින් මේ දේවල් කියන්නේ මින් වසර ගනනාවකට එපිටින් වූ ඒ සරළ ජන ජීවිතය හා ජන වින්‍යාශය ගැන බැඳුණු අනුපමේය සෙනෙහසින් හා එහි මා සිත් ගත් වීර චරිතය වූ අපේ ආච්චි අම්මාගේ ආනුභාවයෙන් අත්මිදීමට නොහැකි නිසායි.. ඒ හැර මම අද ගෙවන බිසී ජීවිතයට වෛර නොකරමි. ඉදිරි කොටසකින් 'පතෝල හා මල් වඩම්' ගැන බලාපොරොත්තු වන්න.. 


114 comments:

  1. ජයවේවා..!!! ආච්චිගෙ කතා රහට යන හැඩයි.. ආච්චිත් එක්කම ඒ කාලෙ තිබුනු සමාජ ක්‍රම, නම් වනම්, චාරිත්‍ර එහෙම ඇඩ් කොරලා ලියනවා නම් හොඳට වටී. නිකන් ටෙලියක් බැලුවා වගේ මැවිලා පෙනුනා...
    ආයෙත් ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලබ්බෝ.. //නිකන් ටෙලියක් බැලුවා වගේ මැවිලා පෙනුනා...// ඒ කියන්නේ මං හොඳට විස්තර කරල තියෙන්ව නේද? ඔහොම කියනකොට ඉතුරු ටිකත් ඉක්මණටම ලියන්න හිතෙනවා.. :-) ජය ශ්‍රී!

      Delete
    2. සිරාවටම ටෙලියක් වගේ කතාව මැවුණා..උඹේ විස්තරකිරීම රසවත්..

      Delete
    3. දෙවෙනි එක ලියන ගමන් ඉන්නේ.. දෙවෙනි එකත් බලල උඹට ඕකම කියන්න පුළුවන් උනොත් නම් මං සාර්ථකයි. තැන්කූ වේවා තනියෝ.

      Delete
  2. අරූගේ ඈත්වීමෙන් ඇතිවූ හිදැස පිරවීමට මුල පිරී ඇතිබැව් හැඟෙන මේ ලියවිල්ලට තිතනම් නොතබන්න කළණ..පතෝල සහ මල්වඩම් වඩම්මනකන් බලා සිටින මා..ශෙෆාකි.

    ReplyDelete
    Replies
    1. //අරූගේ ඈත්වීමෙන් ඇතිවූ හිදැස පිරවීමට// හම්බෝ... ඒක පුරවන්න කොහොමවත් බෑ.. ස්තූතියි ශෙෆාකි බ්‍රදර්.. පතෝල හා මල්වඩම් කිව්වම නිකං ඔඩ් වගේ නැද්ද?

      Delete
    2. අලියගේ තරම අලිය දන්නැ කියුවලු , උම ලියන එව්වා රහයි බං , රවිටත් වැඩිය
      . නොලියන එක තමා කරුමේ

      Delete
    3. //උම ලියන එව්වා රහයි බං // අඩෝ මේ Stitch + Mechanic බොරු කියල එක්කෝ උඹ අපායේ යනවා.. නැත්නම් මන් මුරුංග අත්තෙන් වැටිල වල කජ්ජ ගහනව.. අලිය අලිය කියුවට දැන් බැහැල බං සීනි සීනි..

      ///නොලියන එක තමා කරුමේ/// ඒක තමයි මාත් මේ හොර අලියට කියනව කොහෙද පට්ට කම්මැළියෙක්නේ.. හෙහ් හෙහ්..

      Delete
  3. රසවින්දෙමි.

    //තාත්තාගේ අම්මා මියගියේ........ .......... ........ එතරම් 'මිස්' නොවේ. // වාක්‍ය වල දිග. මේ දවස් වල හයි වේ එකක ද වැඩ :-)

    ReplyDelete
    Replies
    1. //මේ දවස් වල හයි වේ එකක ද වැඩ// හයි වේ හදන එක නවත්තලනෙ යහපාලනෙන්.. හැක් හැක්.. ඒක නිසා තාම පරන බිල්ඩිමේම තමයි..

      හැබෑටම කිව්වම තමයි මාත් ඒක දැක්කේ. හිතට එන එන විදියට ඔහේ ලියාගෙන යනව මිසක් ඔව්ව ගැන වැඩිය හිතන්නේ නැතුවා.. මේ පැත්තට මංගැච්චුවටත් කොමෙන්ට් පොජ්ජක් මන්දො කරාටත් මාමගැච්චක්ම ස්තූතියි ඇනෝ ඇත්තෝ..

      Delete
  4. ආච්චීලා ගැන මට තියෙන්නේත් හරිම මිහිරි මතකයක්.
    අපේ ආච්චීලා දෙන්නාම නොයන ගමන් ගියේ අපි ලොකුවුණාට පස්සේයි.
    අපේ අම්මාගේ අම්මා තමයි අපේ අම්මා වුණෙත්.ඔය කොණ්ඩේ සුදු කතාව ගැන කියනවා නම් අපේ ආච්චිට තිබ්බේ තරමක් දිග කලුම කළු කොණ්ඩයක්.අපේ ආච්චිගෙන් කොන්ඩේ ගැන අහපු හැමෝටම ආච්චි කිව්වේ "මේ මැල්ලුම් වල බලේ තමයි"කියලා.
    මම මෙයට කලින් ආච්චි ගැන ලිව්වා.
    WORDS HERE

    ReplyDelete
    Replies
    1. මගේ කතාවට වඩා ඔබේ කතාව සංවේදීයි.. ඒ වගේම ආච්චි අම්මලාගේ ආදර ලැබීම සම්භන්දයෙන් මට වඩා ඔබ වාසනාවන්තයි.. ස්තූතියි මනෝ.. ජය ශ්‍රී!

      Delete
  5. //උණු උණුවේ ගොජ දමමින් ලිපේ පැසි පැසී තිබූ ඒ සවු හැලිය කිසිම හිතක් පපුවක් නැති නරුමයෙකු සේ තම සියුමැලි තරුණ බිරියගේ හිස මත වත් කෙරුවේලු//

    ඔයිට සමාන වැඩ කරනා හාදයෙක් ගැන මඩ පෝස්ටරයක කියෙවුවා මතකයි..... vink vink :D

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ අර දුව පොලේ ගහල මරා-දාපු එකා ගැනද?

      Delete
    2. 'අබීත දියනිය' වද පොලොවෙ ගහුවෙ?

      Delete
    3. ස රස.. ලින්ක් එකක් නැද්ද? මඩ කිව්වොත් ඉතින් බලනකන් අහනකන් විසුමක් නෑ.. හැක් හැක්.. ඔය අභීත සුජාත දියණියෝ යන වෙලාවට ටීවී එකනම් පොලොවේ ගහන්න මටත් හිතිලා තියෙනවා..

      Delete
    4. ඉන්දික.. ඌ දුවව පොලොවේ ගහල මරල ප්‍රැක්ටිස් කරල තව පොඩ්ඩෙන් 'අම්මවත්' (ජාතික ගීයෙයි හැම තැනම අම්ම කියලනේ කියන්නේ මෙයාට..) පොලොවේ ගහනව තව ටික කාලයක් හිටියනම්.. යන්තං බේරුණේ.. ස රස ට නම් මල පනියි මෙහෙම කිව්වම.. හැක් හැක්..

      Delete
    5. //ස රස ට නම් මල පනියි මෙහෙම කිව්වම.. හැක් හැක්..//

      ඔවුවා කීවා කියා මට මල නොපනී.....
      මා ඔහු ගේඅ පැත්ත ගෙනෙ කතා කරන්නේ ඔහු "සුදනෙක්" ලෙස අරගෙන නොවේ...

      ඔහු කරන්න තියෙනා සියලු දහදුරා වැඩ කල එකෙකු බව මා දනිමි. එම නිසා "ඔහු" ට "අපහාස" කලාට මගේ ඇඟේ නොඇලේ...

      ඒ තබා ඔබ කිසි දා නොදුටු මා හොරෙක් වන්චාකාරයෙක් හෝ ඔනෑම සක්කිලියෙක් කියා "අපහාස" කලාටත් මට මල නොපනී... ඔබට කැමති දෙයක් කීමට අයිතිය ඇත.... සමහර විට මා එවැනි කතා කියවා හැක් හැක් ගා සිනාසෙන්නට ද ඉඩ ඇත.... හැක් හැක්

      Delete
    6. ඔව්වට ඔය ඇත්තෝ අරෝවක් ගන්ඩ කොදුයි.. අප්පිලඇත්තොත් ඔය එක කූටාලියෙකුටවත් කඩපොජ්ජෙ මංගච්චන්නේ නැතුවා.. ඔය ඉන්දික හූරලගේ ටොයිබයියොන්ගෙ මජර පාලනෙන් දැන් දැන් මන්දොකරන කාරනාකටයුතු වලට අප්පිලඇත්තොන්ගෙත් හඳුපොත කී ගානව හැබැහැයි..

      Delete
    7. :D

      අම්මට සිරි.. පහේ සිස්සත්වෙට වැදි බාසාව ඉගෙන ගත්තු එකෙක්...

      Delete
    8. අමුතුවෙං ඉගෙනගන්න තියෙන්නේ මොක? ආයේ මං සිස්සත්ත කඩයිම පැන්නෙ කන්දකැටිය ඉස්කෝලෙං වෙච්චි කොට.. එතැන් ඉඳල දඹානට හූ දෙහෙක දුර ඇති ඕං.. (එහෙම තමයි කන්දකැටියෙ මිනිස්සු කතා කරන්නේ.. කන්දකැටිය කියන්නේ මහියංගනයට කිට්ටු ඒ කාලේ අන්ත දුශ්කර ගමක්..)

      Delete
  6. ආච්චිගෙ කොළම පොත ආගම්න් උඹටත් ආච්චි වැහුන නේ?

    //අද මොඩ් සිංහලයා රෝම ලංදේසි නීතියට බයේ ගිනි කකා එකම විවාහයක එල්ඹී සිටියද මීට ශත වර්ශයකට හෝ ඊට එපිටින් සිටි සිංහලයින් අද කාලේ 'සුද්දන්' මෙන් නිවහල්ව සිතා මතා නිදහසේ කටයුතු කර ඇතියැයි මට හිතෙන එක හේතුවක්//

    මෙතන පොඩි ප්‍රශ්ණයක් තීනව. මොකද්ද කියල තේරුනොත් කියහන්.

    අත කැපුවනං ආච්චිව අහුවෙන බව උන්දැට මතක්වෙන්න ඇති. අපි වගේ නෙමෙයි ගෑණු උදවිය ඔය වගේ දේ ගැන ටිකක් කල්පනා කරල බලනව.හෙහ් හෙහ්...
    දිගටම ආච්චි වැශී, ඉතුරු කොටහ ඉක්මනට ලියහන්.

    තව එකක්, අලුත් පෝස්ට් දාත්දි සතියෙ දිනවලම පෝස්ට් කරහන්. මොකද ගොඩක් උන් බ්ලොග් බලන්නෙ රාජකාරිය අස්සෙ..හැක්..හැක්

    ReplyDelete
    Replies
    1. //ආච්චිගෙ කොළම පොත// තාමනම් එහෙම එකක් දැක්කෙ නෑ.. ඒක ලියල තියෙන්නේ ආච්චි කෙනෙක්ද ඇත්තටම?

      ම්හූ... ප්‍රශ්ණයක්නම් ඇති උඹ කියනවනම් ශුවර් එකටම.. ඒත් මීටර් වෙන්නේ නෑනෙ බං.. නීති ප්‍රශ්ණයක්ද? රීති ප්‍රශ්ණයක්ද? භාශා ප්‍රශ්ණයක්ද නැත්නම් මොන මළ උලව්වක්ද? අගේ කරන්නැතුව කියහන්කෝ නඩුවක් වැටෙන්න කලින් හදා ගන්න.. අර කිව්වත් වගේ වීක් එන්ඩ් එකට ට්‍රැෆික් එකනම් අඩුයි තමයි.. ඒත් මොනවා කරන්නද මටත් ලියන්න හම්බෙන්නේ සෙනසුරාද දවසකට විතරනේ.. උඹ බලපං මගේ පෝස්ට් ගොඩාක්ම දාල තියෙන්නේ සෙනසුරාදා දවස්වල.. සතියෙම හිතනව අරක ලියනව මෙක ලියනව කියලා.. වැඩ අඩු ඒත් ඔෆිස් එකේ ඉන්න සෙනසුරාදට ඇවිත් ඔන්නොහෙ වෙනස්ම එකක් ලියල පෝස්ට් කරනව.. මේකත් ඒ වගේ කලින් හිතපු එකක්වත් නෙවෙයි.. තිලක සිත මගේ කලින් පෝස්ට් එකට දාපු කොමෙන්ට් එකකට රිප්ලයි එකක් දැම්මා ඊයේ.. ඒ කොමෙන්ට් එක දැකල හිතිලා ලියුවේ ඊයෙම ලියල එහෙමම පෝස්ට් කරා.. ඉතින් වැරද්දක් වෙන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙනවා..

      හබැයි උඹ කියුවට මං හිතන්නෑ අපෙ ආච්චි කාටවත් අහුවෙනවට බයේ අත කැපෙන්ඩ නොකොටා හිටියා කියලා.. උන්දෑ තනිපංගලමේ ඉන්න ගෙදරට පැනපු එකාව කැත්තෙං කොටල මැරුවත් අනික ලොකු ගැටළුවක් වෙන්නෙත් නෑනේ.. ඔහොම අයන් ලේඩී වගේ උනාට උන්දැගෙ හිත හරියට උනු වෙනවා.. මොකා උනත් උගේ අතක් නැතුව ඉන්න එක පව් කියල හිතන්න ඇති අනිවාර්‍යෙන්ම.. හැබැයි අතට වැදිච්චි පාර කාගෙන ඌ තව ඉස්සරහට ආවනම් ඊලඟ පාර දෙනව බෙල්ල වෙන් වෙන්නම ශුවර්.. වැරැද්දේ ප්‍රමාණෙට සාධාරණ දඬුවම..

      Delete
    2. අනිවා ,සතියෙ දවසක පෝස්ට්දාපන්, ඔෆීසියේ බොසා හොද එකා, ගෙදර බොසී වසයි.

      Delete
    3. //ඔෆීසියේ බොසා හොද එකා, ගෙදර බොසී වසයි.// මෙහෙත් එහෙමමයි හිටං.. හිටපු ගමං අන්ත්‍රස්දාන වෙන්නේ වැඩට (ගෙදර) ගියාම තමයි හිටං.. හිකිස්.. :-)

      Delete

    4. //අද මොඩ් සිංහලයා රෝම ලංදේසි නීතියට බයේ ගිනි කකා එකම විවාහයක එල්ඹී සිටියද මීට ශත වර්ශයකට හෝ ඊට එපිටින් සිටි සිංහලයින් අද කාලේ 'සුද්දන්' මෙන් නිවහල්ව සිතා මතා නිදහසේ කටයුතු කර ඇතියැයි මට හිතෙන එක හේතුවක්//

      මේ තියෙන්නේ බං ඉන්දිකයා මතු කරන ප්‍රශ්නේ.
      //රෝම ලංදේසි නීතියට බයේ ගිනි කකා එකම විවාහයක// හිර වෙලා ඉන්නවා කියලා.උඹ ඒ ජේදේම ලියනවා // 'සුද්දන්' මෙන් නිවහල්ව සිතා මතා නිදහසේ කටයුතු කර ඇතියැයි// කියලා.
      "සුද්දන්" ඔන්න ඔතනයි අප්සට් එක.:D

      Delete
    5. ඒක එහෙමනම්..

      ඒ නිසයි මං 'අද කාලේ සුද්දන්' කියලා ලියුවේ.. මං දන්න තරමින් සුද්දෝ (බොහෝ බටහිර ජාතීන්) විවාහ වෙන්න වගේම දික්කසාද වෙන්නත් බය නෑ.. ඒ අද කාලේ සුද්දන් වගේ ඒ කාලේ සිංහලයොත් පුලුවන්තාක්කල් එකට දීග කාල බැරි දවසක අතෑරල යන්න බය උනේ නෑ කියන එකයි මං කියන්න හැදුවේ.. මං දන්නෙ නෑ බටහිර ඔය කියන රටවල් කීයක රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක වෙනවද කියල.. මොක උනත් උන් අපිට වඩා නිදහසේ විවාහ ගැන හිතනවා අපේ මුතුන් මිත්තො වගේ.. වැඩිය හිතන් නැතුව ලියූ නිසා ඕක වෙනස් අර්ථ කථනයක් දෙනවද කියන්න බෑ.. ස්තූතියි මනෝජයෝ..

      Delete
  7. උඹටනම් මතක් වෙන්න එක්කෙනෙක් හරි ඉන්නවා.මම ඉපදෙන කොට හතර දෙනාම සුර ලෝකේ.ඔය කිවුව සීයා වගේම ඩෑල් එකක්ළු අපේ අම්මාගේ තාත්තාත්.කවදාවත් ආච්චිට ගහලනම් නෑළු.ඒත් මහ මරුමුස් නැඩයෙක්ළු.මැනින් මාර්කට් එකේ වෙළදම්කරපු සීයා එන වෙලාව පහුවුනොත් ආච්චියි ලොකු මාමයී කෙළින්ම යන්නේ මරදානේ පොලීසියටලු.ඒ අනිවාර්යයෙන් ගෙදර නැත්නම් සීයා ඉන්නේ එතන නිසාළු.වෙළදාම ඉවරවෙලා සීයා ගෙදර එන්නේ ටැක්සියකළු.ඒ ආවහම ඒ රියදුරුත් සමගම සෙට්වෙලා බුවාටත් කන්න බොන්න දීලා තමයිළු ගෙදර යවන්නේ.ඒ වෙලාවට බයිට් හදන එක ආච්චිගේ රාජකාරියක්ළු.දවසක් බයිට් එකට හදන්න ගෙනාපු හරක්මස් හදන්න ආච්චි පරක්කු වුනා කියලා මලපැනපු සීයා බාගේට තැම්බුන මස් මැද්ද රතුපාට වෙලා තියෙද්දිම අරගන ගිහින් කෑවළු.මරදානේ සෙන්ට්‍රල් හෝල් එක ආසන්නයේ හිටපු අම්මලා මාලබේට ඇවිත් තියෙන්නේ චූටි මාමා නිසා.බුවා පොඩි කාලෙම සීයාටත් වඩා පොරක් වෙන ලකුණු පෙන්නපු නිසා ඌව හදාගන්න තමයි ගෙවල් මාරු කරලා තියෙන්නේ.කොහොම කලත් මෑන්ස් අච්චිට හෙන ආදරෙයිලු.හැම තිස්සෙම කිවුවේ "මට ඉස්සල්ලා උඹ මැරෙන්න ඕනේ.නැත්නම් ළමයි උඹට වෙනස්කම් කරයි කියලලු.පිළිකාවක් නිසා සීයා මැරිලා තියනවා ඉස්සල්ලම.ඊට මාසෙකට පස්සේ තෝන්තුවාවෙන් වගේ හියපු ආච්චිත් නිදි ඇඳේම මැරිලා.

    උඹ අළුත් ඉරක් ඇඳලා.ඒ ඉර දිගටම ඇඳගන පලයන්.ඔය කතා හරි රහයි.තමන්ගේ දැන් ජීවිතේ තියන පොශ් ගතිය හේදිල යයි කියලා ඇත්ත හන්ඟගන දාන ඒවට වඩා අමුවෙන්ම ලියන මේවට මම හරි පෙරේතයි.අරූ අයියා,හැලපයියා,සඳරු මගේ ලෝකයේ වීරයෝ වෙන්නෙත් අන්න ඒ නිසයි.මගේ කමෙන්ට් එක දිග වැඩිද මන්දා.ඒත් කමක් නෑ .ඔන්න ඔහේ දැම්මා.ඊළඟ එකට දාන එකත් මීට වඩා දිග වෙයි.ළමයි 10ක් එක්ක ජීවත්වුන දිරිය කාන්තාවක් ගැන ඒකේදි දාන්නම්,තාත්තාගේ අම්මා ගැන.
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. //මම ඉපදෙන කොට හතර දෙනාම සුර ලෝකේ//.. හැක් හැක්.. අර හරක්මස් අමුවෙං කාපු එකත් එහෙ ගියා කියල ශුවර්ද බන්? එකා කියුවේ සීයට ආදරේට හොඳෙ..

      කොමෙන්ට් කියන්නේ පෝස්ට් එකේම කොටහක්.. පෝස්ට් එක වගේම මට ඒකෙ කොමෙන්ටුත් වටිනව.. ඒක හදවතින්ම කියනකොට.. කතාවට සමගාමීව යනකොට.. මහන්සිවෙලා දිගට ලියනකොට ඒකෙ වටිනාකම වැඩි වෙනව.. කොමෙන්ට් ගැන මං ලස්සනම කතාවක් දැක්ක ඔමාගෙ හීන බ්ලොග් එකේ.. 'කියවා කොමෙන්ටුවක් නොදැම්මාට කම් නැත.. නොකියවානම් කොමෙන්ට් කරන්න එපා' වගේ එකක්.. තමන් ලියන එකක් යම් පිරිසක් කියවන බව දැන ගැනීම වගේම ඒ ගැන කියවන එකාගේ අවංක අදහසක් දැන ගැනීමත් ලියන එකට සම්මානයක් ලැබුන වගේ හැඟීමක්.. එහෙම බැලුවම උඹ මේ මට දුන්නේ සම්මානයක්.. ජය ශ්‍රී!

      Delete
  8. නියමයි බං..නියමයි....බදුල්ල පළාත මටත් බොහොම සමීප නිසාමද කොහෙද බොහොම හෘදයාංගම ගතියක් දැනුනා. කණුපැළැල්ල... අපෙ පොඩි අම්මලගෙ ගෙවල් එහෙ.....

    උඹේ ලිවිල්ල නම් මලේ මසුරං..හෙහ්, ඇස්වහක් කටවහක් නෑ ඕං...මල් හතයි....චෙෆාකි කිව්ව වගෙ මටත් මතක් වුනේ අරූගෙ ලිවිල්ල. ඒ කෝණංගියා දැන් ආගිය අතක් නෑනෙ...හෙහ්,හෙහ්, කිව්වත් වාගෙ උඹ පුරවපං ඒ අඩුව...උඹට තියනව ඒ හැකියාව අඩු නැතුව.

    ඇඹුල් කැත්ත කියන්නෙ බං මිට දිග තරමක් විසාල තලේ වක් වෙච්චි පිහියකට නේද? අපි ඇඹුල් කැත්ත කියල කිව්වෙ එහෙම එකකට...

    පලි - ප්‍රචාරයට බොහොම ස්තූතියි...:)

    ReplyDelete
    Replies
    1. ///බදුල්ල පළාත මටත් බොහොම සමීප නිසා/// ඔව්වොව්.. ඉපදිලා අවුරුදු තුනක් යනකං හිටි පැත්තනේ නේද? ඔය ගැන දවසක් අපි කතා වුනා දිගට..
      //උඹේ ලිවිල්ල නම් මලේ මසුරං..හෙහ්, ඇස්වහක් කටවහක් නෑ ඕං...මල් හතයි....// මේක දැක්කම මටත් මලක් ගැහුවා වගේ ආතල්.. හැක් හැක්..

      ඕකනේ කරන්න බැරි.. දැන් හොයපන්කෝ මොකාද //කෝණංගියා// කියන්නේ කියලා.. 'කෝ නංගියා?' කියලනම් ඉස්සර අහල තියෙනවා.. (කවුරුවත් 'මේං' කියල පෙන්නුවේනම් නෑ හැබැයි.)

      කැත්ත, ඇඹුල් කැත්ත කියන නම් දෙකම අපිනම් කියන්නේ ඔය ගැජට් එකට තමයි.. වක් පිහියේ මිට දිග වර්ශන් එක වගේ හැබැයි වක් පිහිය විතරම හොටයක් නෑ.. පැළ ගහක් කපා ගන්න, වල් පඳුරූ කොටල බිම දාන්න, දර අත්තක් පැහැ ගන්න, කොස් ගෙඩියක් දෙපළු කර ගන්න වගේ මෙකී නොකී දාහක් වැඩට උදව් වෙන ගමන් ආරක්ශාවටත් හොඳයි.. ලේසියෙන් එකෙක් කිට්ටු වෙන්නේ නෑ..

      ප්‍රචාරයට???.. සුදු යකඩ මුද්දකට උනත් පොඩියට හරි මැණික් ගල් කෑල්ලක් අල්ලගන්නෙ මුද්ද හැඩ කර ගන්න මිසක් මැණික ප්‍රමෝට් කරන්න නෙවෙයි.. ඔය ගොල්ලො මැණික්.. අපි තවම සුදු යකඩ.. හරිනම් අල්ලන්නත් අවසර ගන්න ඕනි..

      මේ කොමෙන්ට් එකත් මට මැණිකක් වගේ.. ජය ශ්‍රී!

      Delete
    2. මම මේ ඊයෙ පෙරෙයිද ලියපු " කෝසළ සිහින - විසිවැන්න නොහොත් මෘත කළේබර ඔසවාගෙන යන්නවුන්ගේ කථා වස්තුව " කතාවෙ කෝණංගියො ගැන කිව්වා.

      කෝණංගියා කියන්නෙ විහිලුකාරයට..ඔය පරණ නාඩගං වල බොහොම වැදගත් භූමිකාවක් කලා විහිලුකාරයා ..බම්මන්නා කියලත් කියනව.ගොඩක් වෙලාවට කියවෙන කතාවට කෙලින්ම සම්බන්ධයක් නෑ. ඒත් පොඩි කෝළං කෑලි රඟපාමින් අනම් මනම් විකාර දොඩවමින් ප්‍රේක්ෂකයන්ට අමතර ආතල් එකක් දෙන්ට තමයි ඒ චරිතය දාල තියෙන්නෙ.

      කවටයා, බහුබූතයා, විගඩමා..එහෙම කියන්නෙත් කෝණංගියාටමයි. සංස්කෘත නාට්‍ය සම්ප්‍රදායෙ මේ චරිතය හැඳින්වෙන්නෙ විදූෂක කියල.


      /  සුදු යකඩ මුද්දකට උනත් පොඩියට හරි මැණික් ගල් කෑල්ලක් අල්ලගන්නෙ මුද්ද හැඩ කර ගන්න මිසක් මැණික ප්‍රමෝට් කරන්න නෙවෙයි./

      හෙහ්..මල්ලි උඹෙ උපහැරණ තමයි උපහැරණ.....:)

      Delete
    3. අහ්හ්..අමතක උනා කියන්න..මම එතන අරූට කෝණංගියා කියල කිව්වෙ ආදරේට....හෙහ්,හෙහ්,

      Delete
    4. හෙහ්.. දැන්නෙ මතක් උනේ.. ඕක එතනත් පැහැදිලි කරා නේද මේ වගේම තව එහෙකුට.. කොහෙද මේ මෙමරි ඔටෝ ඩිලීට් වෙන ලෙඩේ එන්න එන්න වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නෑනෙ.. කොහොම උනත් රවී අයියා ආයෙත් ස්තූතියි පැහැදිලි කිරීමට..

      අරූට ආදරේ නැති එකෙක් බ්ලොග් ලෝකෙන් හොයා ගන්න අමාරුයි.. එකමනේ අරූ නැති ටික ගෙවා ගන්න මේ තරම් අමාරු..

      //උඹෙ උපහැරණ තමයි උපහැරණ// හෙහ්..හෙහ්.. ඔබ තමුන්නාසේලගේ ආශ්‍ර‍යෙන් තමයි ඉතින්..

      Delete
  9. මටනම් ආච්චිලා ගැන හොද මතකයක් නැත..
    උඔගේ ලියවිල්ල එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. //හොද මතකයක් නැත..// කිව්වේ ඒ තරම් මතක නෑ කියන එකද එහෙම නැත්නම් මතක තියෙන ඒවා එතරම් හොඳ නෑ කියන එකද මෙන්ඩෝ.. ඔය මොක උනත් මට ඔය දෙකම අදාලයි.. පළවෙනි එක අම්මගේ අම්මා ගැන දෙවෙනි එක තාත්තගේ අම්මා ගැන.. මේ දේවල් අපේ අම්මා ඉස්සර ආච්චි ගැන කියපු දේවල් වල මතක..

      එළද බ්‍රා.. උඹ තමයි මං මේ බ්ලොග් ලෝකේ දැකපු 'අති විශේෂ'ම එකා.. අපි අනිත් උන්ගේ බ්ලොග් කියවල කොමෙන්ට් එකක් දාන්නේ උනුත් අපේ ඒවා ඇවිත් බලන කොමෙන්ට් කරන නිසා.. ඒත් උඹ?.. කිසිම ආත්මාර්ථයක් නැතුව හැම එකම බලල රස විඳින ගමන් කොමෙන්ට් එකක් දාල ලියන එකාට බකප් එකකුත් දෙනවා.. හැමෝටම එච්චර නිර්ලෝභී වෙන්න බෑ බං.. ජය ශ්‍රී!

      Delete
    2. ක.මි, මේ මෙන්ඩියා ලඟ හොඳ කතා තියෙනවා සහ කියන්න පුලුවන් කෙනෙක් කියලා මට හිතෙනවා දාන කොමෙන්ට් වලින්ම.ලියන්න ගත්තොතින් නම් අපිට වටිනා බ්ලොගක් බලන්න පුලුවන් වෙයි.. මෙන්ඩියො... ලියපංකො බං..

      Delete
    3. උඹ කියපු කතාවම මං මූට කලින් කොමෙන්ට් එකක් ලඟ කියල තියෙනව.. මූ හරි සංවේදී එකෙක්.. පොඩි මෙන්ඩයි සඳුයි ගැන ලියන කියන විදියෙන් ඒක හොඳටම තෙරෙනවා.. ලියන්නෙ නැත්තෙ මූ මහ කම්මැලියෙක්ද කොහෙද.. හැක් හැක්..

      Delete
    4. මගේ බාප්පා කසාද බදින්න යනකොට තාත්තට කිව්වා..
      “අයියේ මට ඒ පැත්තෙන් ලොකු දැවැද්දක් දෙනවලු මේ ඉඩම මගේ තනි නමට තියනවානම් උඔ මට ලියපන් වෙඩිම ඉවර වෙලා මම උඔට ආපහු දෙන්නම්“ කියලා..
      ආච්චිලාගේ නැන්දාලාගේ බලපැම මත කොළඔ මිගමු පාරට මිටර් 100ක් දුරින් තිබුන අක්කර 5ක ඉඩමක්සහ විශාල මහගෙය අම්මා එපා කියද්දි තාත්තා සහෝදර යුතුකම ඉෂ්ට කලා.
      ආය කවදාවත් එක බිම් අලගක් ආපසු ලැබෙන්නේ නෑ..ඒ හිතේ අමාරැවට තාත්තා 82 අනුරාධපුරයට යනවා නංගිවයි මාවයි අරගෙන. බාප්පාගේ දුව කාර් එකේ කොළඔ පාසලකට යනකොට නංගි මමයි ගමේ ඉස්කොලේට යනවා පයින්. කෝටි ගනනක දේපල තිබුන මෙන්ඩිස් මහත්තයා අනුරාධපුර මහ රෝහලේදි මරෙන්නෙ ශිරෝසිස් හැදිලා අක්මා වකුගඩු දියවෙලා..අපි ගමෙන් අාවට පස්සේ ඉලව් මගුල් අත ඇරියා අදටත් මටවත් සදුටවත් පොඩි මෙන්ඩියාටවත් කිසිම නෑදැයෙක් නෑ..හැම අවුරැදේම දෙසැම්බර් 5 හැන්දැවට හැම වැඩක්ම කැන්සල් කරලා මගේ ඔෆිස් එකේ හැමෝම එනවා පොඩි මෙන්ඩාගේ උපන්දින කේක් ගෙඩිය කපන්න. මට ඉන්නෙ එච්චරයි. මේ අවුරැද්ද් උඔලා හැමෝමත් මගේ ගෙදරට එකතු කරනවා. මට ඔනේ සදුටයි පොඩි මෙන්ඩියාටයි දැනෙන්න එයාලා තනිවෙලා නෑ කියලා..මට දැනුන තනිකම එයාලට දැනේන දෙන්නෙ නෑ..මම කොහේ ගියත් ඒ දෙන්නවා පස්සෙන් එල්ලගෙන යන්නෙ එකයි..
      පත්තරයා සිඡේ අපේ ගෙදර ඇවිත් ගියාම සදුගෙයි පොඩි මෙන්ඩාගෙයි මුනේ තිබුන සතුට.
      සුදික, ඉවාන්, මාතායියා, විචා, ප්‍රා, චෙෆා, නලින්, නිමෝ, දමියා, අටමා, සිරා තව කිපදෙනෙක් පොඩි මෙන්ඩා වඩාගෙන ඔලුව අතගානකොට සදුගේ අතින් අල්ලගෙන “නංගි අපි එනවා ගෙදර බත් ටිකක් කලා යන්න“ කියනකොට පපුව පිරෙනවා බං.
      ඔන්න මම ලිව්වා ඇයි මට ආච්චි ගැන මතකයක් නැත්තේ කියලා.

      Delete
    5. ඇස් වලට කඳුළු ආව බං මේක කියවල. උඹ ඔයි තරං සංවේදී මිනිහෙක් වෙලා තියෙන්නෙ ඇයි කියල දැනුයි තේරුනේ. උඹලගෙ පුංචි පවුලට ජයෙන් ජය!!

      Delete
    6. මගේ ඇස් වලත් කදුළු අයියේ,, ඔයා හැමතැනම දාන කමෙන්ට් කියෝලා හැමදාම හිනා වුණා. ඒත් අද :(( ලංකාවේ හිටියනම් මාත් එකෙන්ම එනවා

      Delete
    7. මේ බලහල්ලකො... කොච්චර දැනෙන්න ලියනවාද මේ මෙන්ඩිය..???

      Delete
    8. මෙන්ඩා.. උඹෙන් මේ ප්‍රශ්ණේ ඇහුවට සමාවෙයං.. උඹේ හිත මට තේරෙනවා.. අපි දවසක හම්බෙමු.. උඹටත් සදුටත් පොඩි මෙණ්ඩටත් බුදු සරණයි..

      Delete
    9. සිංහයා.. මූ මේ කොමෙන්ට් එක දාපු ගමන් මං දැක්ක.. උඹට උනා වගේ තමයි මටත්.. මොකුත් කියා ගන්න බැරි උනා..

      හෙට නෙළුම් යායේ පොඩි පණ්ඩිත වැඩක් කරන්න හිතන් ඉන්න නිසා දවල් දවසෙ ඒ වෙනුවෙන් ටිකක් හිතන්න උනා.. විස්තර පසුවට..

      Delete
    10. ඔමා.. මුගෙ කතාව හරි සංවේදීයි.. ඒ වගේම ඌ ඒකට මූණ දෙන විදිය ඊට වඩා සංවේදීයි..

      Delete
    11. ඒක තමයි ලබ්බෝ.. මොකුත් ඕනෑ නෑ මේ කමෙන්ට් එක් මූ පෝස්ට් එකක් විදියට දැම්මනං බලපං ලැබෙන ප්‍රතිචාර..

      Delete
    12. මෙන්ඩාගේ කමෙන්ට්ස් ඕනතරම් කියවලා තියෙනවා..ඔක්කොම කමෙන්ටු කියෝගෙන යද්දි මුකුත් නොලියා යන්න බැරිතරම් හිතට වැදිච්ච නිසා ලියනවා..මෙන්ඩා උඹව නොදන්නවා උණත් මේ කතාව මාවත් ලොක් කෙරෙව්වා..ඔයිට සමාන සිද්ධියක අත්දැකීමක් මටත් තියෙන නිසාද මන්දා මහ අවින්ශ්චිත හැඟීමක් ආවා..කණගාටුවෙන්න එපා උඹට වරදින්නේ නැහැ..නෑයෝ හැමෝම නෑයෝ නෙවෙයි උන් අතර වේයෝ සහ මීයෝත් ඉන්නවා..සැලෙන්න එපා..

      Delete
  10. මමත් මගේ ආච්චිලා දෙන්නාවම (අම්මගේ මව සහ තාත්තාගේ මව) දැක ඇති නමුත් සීයලා දෙන්නාගෙන් දැක ඇත්තේ අම්මාගේ තාත්තා පමණි. අම්මාගේ පාර්ශ්වය කඩ්ඩෙන් රෙන (කන බොන ද සහිතව) බටහිර ආකෘතියට හැදුන අය වන අතර, තාත්තාගේ පාර්ශ්වය අමු හිංගල මිනිසුන්ය.

    ඇත්තටම ඒ කාලේ කාන්තාවන්ට පුදුමාකාර 'පුරුස දහිරියක්' තිබුනේය. අපේ පුංචි අම්මා කෙනෙක් හිටියා ඇත්තටම එක ගොබිලේක්ව උස්සා පොළොවේ ගහපු. පුංචි අම්මා නිකං ජෝන් සීනා වගේ.

    අම්මපා මේ කතන්දරේ ඉතා ආසාවෙන් කියවූ බවත්, විසාල රසයක් වින්ද බවත්, ප්‍රසංසා මුඛයෙන් කියමි.

    තවත් මෙවැනි දෑ බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ විචාරක තුමා බටහිර රෙඩ්ඩෙන් කන සඟිස්කුරුතියෙයි නැගෙනහිර අමු හිංගල සඟිස්කුරුතියෙයි ක්‍රොස් එකක්.. හැක් හැක්. හැබෑට ඔය සඟිස්කෘති මික්ස් එක වෙන්න ශුවර් එකටම ඔබතුමාගේ පියතුමා අයිදර් නගරයේ ලොකු කොලීජයක ඉංග්‍රීසි උගෙන රජයේ ඉහල පෙලේ රස්සාවක් කලා විය යුතුයි ඕර්.. පොල්වතු පුවක් වතු කෙත් වතු අර වතු මේ වතු ආදී සුවිසල් ඉඩම් හිමි ව්‍යාපාරික පවුලකිං පැවතෙන ඒවායේ උරුමක්කාර පොල්මක්කාරයෙකු වෙන්නෝනෙ..

      කාන්තාවන්ගේ 'පුරුස දහිරිය.. දවසේ කතාව.. අපේ අම්මලාගේ පුරුස දහිරිය නොවෙන්න අපේ පවුල් මේ වෙනකොට සීසීකඩ වෙන්නෝනෙ.. මං දැකල තියෙනව ඉස්සර මෙහෙ තේ දර කපන කාලෙට ගෑනු උදවිය උදේම දරට ඇවිත් දර කපන මනුස්සයෙකුත් අල්ලගෙන කපන කපන දර එකතු කරගෙන ඒවා ඒ ගමන්ම පැහැලා පස්සේ හෙන තඩි මිටියකට ලස්සනට අඩුක් කරලා බැඳගෙන දවල් වෙනකොට ඒක ඔළුවේ තියාගෙන තේ වතු මැදින් කිසි කිසි ගාල කන්ද බැහැල යන හැටි.. අඩුම තරමින් එතන දර හොන්ඩර දෙකක් ඒ කියන්නේ කිලෝ සීයක්වත් තියෙනවා.. දැන් ගෑනුන්ට ගෑස් ටැංකිය උස්සල ගෙට ගන්නවත් බෑ.. ඒකටත් පුරුසයා නැත්නම් වැඩට මිනිහෙක් ඕනි.. කාලය මැවු වෙනසක අරුමේ..

      //තවත් මෙවැනි දෑ// ආච්චී අම්මා ගැන නම් තව කොටසක් දෙකක් ලියන්න හිතං ඉන්නවා තමයි.. ඔබ තුමාගේ වචන මට ලොකු ධෛර්යයක්.. ස්තූතියි.. ජය ශ්‍රී!

      Delete
    2. දැන් ගෑනුන්ට ගෑස් ටැංකිය උස්සගන්න බෑ. හැබැයි කළුවරේ උනත් ගෑස් බටේ හරියටම සොකට් එකට ගහගන්නවා. හ්ම්.................

      Delete
    3. හැක් හැක් හැක්... විචාරක තුමෝ.. ඔන්න මටනම් ඔය කියපු කතාව මොකුත්ම තේරුණේ නැතෝ..

      Delete
  11. ඉතාම හොඳ දිගු ගමනක සාර්ථක ඇරඹුමක්. අවන්හලේ ස්මරණ වගේ. අරූ අයියගෙ අවුල්වන්නට පෙරවගේ. මගේ ආච්චිලා දෙන්නම මට තාම ඉන්නවා. මතකයන් සොඳුරුයි. ඒත් මට තියෙනවා නෝක්කාඩුවක් පවුලේ වැඩිමලා වීම ගැන.

    ReplyDelete
    Replies
    1. //දිගු ගමනක..// අවුල වගේ නම් දිගු වෙන්නෑ මනෝෂ්.. තව කොටස් දෙක තුනක් ලියන්න වෙනවා ආච්චිගේ විස්තරනම්.. ඉන් පස්සේ බලමු.. හැබෑට මොකක්ද ඔය වැඩිමලාට තියෙන නෝක්කාඩුව.. ඉවරයක් තියෙන විදියට ලියන්නකෝ බලන්න ඒ ගැන..

      ඔබේ වාසනාවන්ත ආච්චි අම්මාවරුන් දෙපළට දීර්ඝායුශ පතනවා.. අනේක වැඩ මැද ඇවිත් දිරි ගැන්වීමටත් ස්තූතියි.. ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා කියාත් පතනවා.. ජය ශ්‍රී!

      Delete
  12. ආච්චී ගැන ඉතාම ගැන සුන්දර මතක තියෙන මට මේ ලියවිල්ල රහටම දැනුනා . කලාහිතගේ සිතුවිලි ගොනුවී දිගටම ආච්චී ගැනත් තව ගොඩක් දේත් ලියන්න හැකි වේවා. බ්ලොග් ලිපි අතරට සරු ලියවිලි ගෙන්න මේ ඉතා හොඳ ප්‍රවේශයක් . මෙන්න අපේ ආච්චිගේ දහිරිය ගැන ලිව්ව පෝස්ට් එකක්. ඒකෙත් ඇඹුල් කැත්ත ගැන කියවෙනවා. දැන් ඉන්න ගොඩක් දෙනෙක් ඇඹුල් කැත්ත කියන්නේ මොකක්ද දන්නේ නෑ . ඊළඟ පාර පුලුවන්නම් එකේ ෆොටෝ එකක් දාන්න . කොස් කපන්නත්, කරවල කපන්නත්, ඉදිච්ච ගස් ලබු කපන්නත් විතරක් නෙවෙයි පාන් කපන්නත් අපේ ආච්චි වාඩි වුනේ ඇඹුල් කැත්ත ළඟ මිටි බංකුවේ

    ReplyDelete
    Replies
    1. ඔබේ කොමෙන්ට් එක වැටෙනකම් බලං හිටියා කියල කිව්වොත් ඒක බොරුවක් නොවෙයි.. මොකද 'තිලක සිත' බ්ලූක් එක තමයි මටත් බ්ලොග් එකක් ලියන්න උසි ගැන්නුවේ.. ඔය දේවතා එළි කතාව ගැන තමයි මං උඩදිත් මතක් කරල තියෙන්නේ.. අපේ දෙවනි අයියත් තවම කියන දෙයක් තමයි ආච්චි හැම තිස්සෙම එයත් එක්ක ඉන්නව කියන එක.. ලොකු අයියටත් වැඩිය ආච්චිට කිට්ටු වුනේ දෙවනි අයිය.. මං හිතන්නේ ආච්චිට පොඩි එකා උනෙත් මං නෙවෙයි අපේ දෙවනි අයිය කියල..

      පාන් කපන්න ගස් ලබු ලෙලි ගහන්න එහෙමනම් ඇඹුල් කැත්ත බොහෝම මුවහත්ව තියෙන්න ඇති නේද? අපේ ආච්චි ගාව තිබුණු කැත්තත් එහෙම වෙන්නැති.. හැබැයි මට මතක ඇති කාලේ අපෙ ගෙදර තිබුනු කැත්ත නම් ඒ හැටි මුවහත් නෑ.. සමහරවිට අපි ඒකට එච්චර සලකන්න නැතුව ඇති.. දැන්නම් ගෙදර කැත්ත තියෙනවදවත් දන්නෙ නෑ.. මේ පාර ගියාම හොයල ෆොටෝ එකක් ගහගෙන එන්නෝනෙ.. තව ඔය වගේ එකක් මගේ හිතේ තියෙනව දොදොල් තාච්චියෙයි හැන්දෙයි විස්තරයක්.. ඒකත් ෆොටෝ එකක් දාලම ලියන්න වෙයි වගේ..

      ස්තූතියි හෘදයාංගම ආශිර්වාදයට.. ජය ශ්‍රී!

      Delete
  13. ආච්චි අම්මි කියන්නෙ මට බොහොම සංවේදී මාතෘකාවක් බොලං...මම මේ චරිතය ගැන ම‍ගේ හිතේ කැකෑරෙන සිතුවිලි සියල්ල අකුරු කරලා ගොඩාක් කල්..වෙලාවක කාමරේට ගොඩ වෙලා මගේ මිත්තනිය මියැදෙන්නට පෙර සහ පසු මම ලියපු ලිපි දෙක කියවලා බලන්න. එතන තියෙනවා හැමදේම.

    ReplyDelete
    Replies
    1. අම්මි යනුවෙන් සටහන් වී ඇත්තේ ප්‍රමාද දෝෂයකිනි. මම අම්මි තාත්ති යැයි කියනා එකෙකු නොවේය. එය මට මහත් අපුලක් දනවන කාරණයකි.

      Delete
    2. සිරෝ.. ඊයේ රෑ උඹේ කොමෙන්ට් එක දැක්කට උදේ තමයි කිරිඅම්මගේ කතාව කියෙව්වේ.. පළමු කතාව බොහෝම ආදරණීයයි.. දෙවෙනි එක ඊට වඩා බොහෝම හැඟීම්බරයි.. මගේ දෙමව්පියන්ටත් බිරිඳගේ දෙමව්පියන්ටත් එකවගේ සලකන හතරදෙනාගෙම බාරය අදටත් දරන එකෙක් මම..

      ///ඒ බස් ඇසු තිලෝගුරු බුදු රජානන් වහන්සේ සාධුකාර පැවැත්වූ සේක !!! ///
      මේ ටික කියවනකොට මට ඔෆීස් එකේදිම ඇස් වලට කඳුලු ආවා.. මේකට කොමෙන්ට් කරනවනම් මගේ මුළු කතාවම මෙතන ලියන්න වෙනවා.. ඒක නිසා ඊලඟ කොටස බලපන්.. ස්තූතියි මාව රිදෙන්න කෙනිත්තුවට.. ජය ශ්‍රී!

      Delete
    3. ස්තුතියි කල්‍යාණ මිත්‍ර තකහනියෙම මගේ කථාව කියෙව්වට..කිරි අම්මා නැති වෙලා දැන් වසර දෙකකට වැඩියි. ඒත් මම තවමත් ඇගෙන් ලැබුන සෙනෙහස මතක් වෙන වෙලාවට කදුලු හලනවා. ඒක ඇට මස් නහර විනිවිද ගිය මහා ආදරයක්. මේ ආත්මයෙන් මිදෙන තුරාවට ඒ ආදරය අමතක කරන්න මට බෑ.

      Delete
    4. ඒ ආදරේ වචනෙන් වචනෙ ලියවිලා තිබුන බං උබේ ලියවිල්ලේ.. මේක තමයි මං බ්ලොග් වල අත්දැක්ක විශේෂය.. මගේ සතුට උඹට ඇත්තම සතුටක්.. උඹේ දුක මටත් ඇත්තටම දුකක්.. සමහරවිට අපි සංවේදී වැඩිද කියලත් හිතෙනවා.. පිටින් බැලුවමනම් මහ ගොරහැඬියො ටිකක් ඒ වුනාට..

      Delete
    5. කමියෝ පිටින් බැලුවම ගොරහැඬි හරි අහංකාරයි හරි වගේ පේන අපි වගේ උන් බොහෝමයක් බොහොම සංවේදී උන් බන්..සිරාගේ කිරි අම්මා ගැන කියවන්න ඕන..ඉක්මණින් වෙලාවක..

      Delete
  14. පිස්සු හැදීලා සනීප වෙලා ආයි හැදුනා බං....
    ඒ කාලෙ ආච්චිලා කොහොමත් හෙරොයින්ලා නේ.

    ReplyDelete
    Replies
    1. ///ඒ කාලෙ ආච්චිලා කොහොමත් හෙරොයින්ලා නේ.// ඕකට ගැලපෙන හිරොයික්ස් දෙකක් තමයි 'පතෝල හා මල්වඩම්' වලින් කියන්න හිතන් ඉන්නේ.. මින් පස්සේ උත්සාහ කරන්නම් පිස්සු හැදි හැදී සනීප වෙවී ගිහින් අන්තිමට කොහොමහරි සනීප වෙන තැනක නවත්තන්න.. නැත්නම් මට ගිල්ටි වගේ උඹ් ඊලඟ කතාව කියවනකම් පිස්සු කෙළින එක ගැන.. උඹේ කවි වගේම මේ 'පිස්සු' කමෙන්ට් එකටත් පිස්සු හැදෙනවා.. ජය ශ්‍රී!

      Delete
  15. අපි හැමෝම පොඩි උන් කාලෙ ආච්චි අම්මලාත් (අපි කියන්නෙ කිරි අම්මා කියලා) එක්ක ඇති වන බැඳීම මහ පුදුමාකාර එකක්. ඒක මුලු ජීවිත කාලෙම, මතක් වෙන හැම මොහොතක් ගානෙම ආපහු පොඩි එකෙක් වෙලා කිරි අම්මගෙ ල්ඟට දුවන්න ආසාවක් ඇති කරවන හැඟීමක්.....

    කැමරාවෙන් එහා ලෝකය

    ReplyDelete
    Replies
    1. ය.ශ්‍රී. සාදරයෙන් පිළිගන්නව කලාහිතට.. කිරි අම්ම කියනකොට ආයෙත් මතක් වෙන්නේ අර උඩින් දාල තියෙන සිරාගේ කතා දෙක.. මගේ කතාවටත් වැඩිය ඒ දෙක සිරා.. ඉඩ තියෙන විදියකට ගිහින් බලන්න.. ස්තූතියි පැමිණීමට.. ඔබේ හොඳ හැකියාවක් තියෙනව ලිවීමට.. ඒ හැකියාවෙනුත් ප්‍රයෝජන ගන්න දිගටම ලියන්න.. ජය ශ්‍රී!

      Delete
    2. ස්තුතියි දිරිගැන්වීමට.... මම සිරාගෙ කතා දෙක කියෙව්වා.. ඕනම මුණුබුරෙක් ලග කිරි අම්මා ගැන පොතක් පිරෙන්න කියන්න දේවල් ඇති.

      Delete
    3. අනිවාර්යෙන්ම ය.ශ්‍රී. අද හවස එන්න 'නෙළුම් යාය'ට.. එතනදි මුන ගැහෙමු.. ජය ශ්‍රී!

      Delete
  16. කමී.. නිදිමතයි. හෙට උදේට පාඩුවේ කියෝලා විචාරයක් දෙන්නං...

    ReplyDelete
    Replies
    1. //උදේට පාඩුවේ කියෝලා ..// උදේ කියෙව්වට පාඩුවක් වෙලා නෑ කියල හිතෙනව යට කොමෙන්ටෙක දැක්කම.. :-)

      Delete
    2. අනිවාර්යෙන්... උපරිමයෙන් රස වින්දා....

      Delete
    3. ඉස්තූතියි.. ඉස්තූතියි සජ්ජෝ.. ඉතුරු ටිකත් මේ දැන්ම ලියන්න හිතෙනව ඕං..

      Delete
  17. දෙසැරයක් කියවා රස වින්දා.උදේ සැරයයි රෑ සැරයයි.මට නං හිටියෙ එක ආච්චියි.ඒ අපේ අම්මගෙ අම්මා.තාත්තගෙ අම්මා අපි උපදින්නත් කලින් දිව්‍යලෝකේ ගිහිං.අම්මගෙ අම්ම ගැන මට ලස්සන මතක ගොන්නක් තියෙනවා.
    දැන් කමියෝ උඹ ලියන ට්‍රැක් එකට වැටුන එකේ නවත්තන්නෙ නැතුව ලියපං.

    ReplyDelete
    Replies
    1. දෙපාරක්ම ස්තූතියි හැලපයියේ.. :-)

      //කමියෝ උඹ ලියන ට්‍රැක් එකට වැටුන එකේ// එක ට්‍රැක් එකේ දිව්වට ඉතින් ඔයාලට වඩා වට ගානක් පස්සෙන් තමයි අපේ දිවිලි.. බලමු ටික ටික ස්පීඩ් කරල ගැප් එක අඩුකරගන්නවත්.. ලියන්නකො ආච්චි ගැන රස මතක ටිකකුත්.. ජය ශ්‍රී!

      Delete
  18. ආච්චි අම්මා වගේම ආච්චි අම්මා ගැන මුණුබුරාගේ කතා මාලාවත් බොහොම හැඩ පාටය.
    ආච්චිලා සීයලා ගැන මගේ නෝක්කාඩුව ඔයිටත් වැඩිය.අපෙ ආචිචිලා සිටියේ බදුලිසිරිගම ඉදන් හීල් ඔයට තිබුන දුරට වඩා තව කිලෝමීටර් පනහක හැටක දුරින්ය. කොහොමත් ආච්චිලා වැඩිපුර ආදරේ ළගින් ඉන්නා දරු මුණුබුරන්ටය. අපේ ලොකු මාමාගේ ගේ තිබුනේ ආච්චිලා ගෙට පහළිනි. ලොකු නැන්දාද හෙදියක් වු නිසා මාමගේ දරුවන්ගේ වැඩ බොහොමයක් කලේ ආච්චිත් සීයාත්ය. ඉස්කෝලෙ හොස්ටල් එකේ ඉදලා වාරෙකට සැරයක් ගෙදර යන මට ඔයා ආච්චිලා සීයලා හා දරු මුණුබුරන් අතර තියෙන අපූරු බැදීම තේරුම්ගන්නට හැකි වුයේ අවුරුදු විසි ගානක්ම ගත වූවාටත් පසුය.
    අපේ අම්මගේ තාත්තා මියගිය පුවත ලැබුනේ මං කැම්පස් ඉන්නා කාලේ දවසක. දැන් වගේ මොබයිල් ෆෝන් නොතිබුන ඒ කාලෙ මට පණිවිඩේ දීලා තිබුනෙ ඒ දවස්වල කැම්පස් එක කිට්ටුව ගෙදරක නතර වෙලා හිටිය ලොකු මාමාගේ පොඩි දුවත් (මට අවුරුදු දෙක තුනක් බාල) එක්කරගෙන පහුවදා උදෙන්ම එන්න කියලා.
    අමාරුවෙන් පහේ කාසියක් හොයාගෙන මං චූටි නංගිගෙ බෝඩිමට කෝල් එකක් දීලා වැඩි ආලවට්ටම් නැතුව පණිවිඩේ කිව්වා. හූ කියන සද්දයක් එක්ක දඩෝං ගාලා බිමට ඇදගෙන වැටෙන සද්දෙ ඇහුනට පස්සෙ තමයි මට තේරුනේ බෝඩිමේ ටෙලිෆෝන් තියෙත්දිත් ඇයි කවුරුත් චුටි නංගිට පණිවිඩේ නොකියා මට එයාව එක්ක එන්න කිව්වෙ කියලා. ඕං ඔහොමයි මං ඔය අච්චිලා සීයලාගේ ආදරේ තෙරුම් ගත්තෙයි අපේ පවුලේ උදවිය මං කවුද කියලා තේරුම් ගත්තෙයි.

    ReplyDelete
    Replies
    1. මේකට ටිකක් දිග රිප්ලයි එකක් දාන්න ටිකක් වෙලා ගත්තා.. :)

      මුලින්ම ස්තූතියි සඳමාලී පැමිණීමටත් දීර්ඝ කොමෙන්ට් එකටත්..

      //කොහොමත් ආච්චිලා වැඩිපුර ආදරේ ළගින් ඉන්නා දරු මුණුබුරන්ටය//
      ඕකෙ අනිත් පැත්තත් මං දැන් අත් විඳිනවා. අපේ ලොකු දුව පොඩි කාලේ හැදුනේ ගාල්ලේ.. එයා තාමත් අපේ ආච්චී කියන්නේ ගාල්ලේ ආච්චි අම්මට.. අපි ආපහු බදුලු එනකොට පුතා පොඩියි.. එයා දැන් අපේ ආච්චි අම්මා කියන්නේ මගේ අම්මට.. පුතා ගිහින් ආච්චි අම්මත් එක්ක තොර තෝංචියක් නැතුව කියව කියව හුරතල් වෙනකොට කෙල්ල බිස්නස් ටයිප් විතරයි ලඟට යන්නේ පණිවිඩයක් කියන්න වැඳල එන්න වගේ.. ගිය සතියට ඉස්සෙල්ල සතියේ දුවගේ උපන්දිනේට ගාල්ලේ ආච්චියි සීයයි බදුලු ආවා.. එවෙලේ තමයි හොඳ හොඳ සෙල්ලම්.. කොල්ල කෙලින්ම අපේ අම්මට කියනවලු 'එයා කොහොමත් ආදරේ ගාල්ලේ අයටනේ ආච්චියෙ' කියල.. හැමෝම හුරතලේට විතරක් ගත්ත නිසා නෝක්කාඩුවක් නැතුව ශේප් උනා.. චූටි නංගිටයි ඔයාටයිත් වෙන්න ඇත්තේ ඔහොම සීන් එකක් තමයි.. ඒ කාලේ දුරකතන පහසුකම් ගැනනම් ඕනෙම නෑ.. මට හොඳට මතකයි මං මුලින්ම ටෙලිෆෝන් එකකින් කතා කරේ මීට අවුරුදු විසිනවයකට කලින් කන්දකැටිය පෝස්ට් ඔෆීස් එකේදී.. අපේ ලොකු අයියත් එක්ක ගිහින් ඒ වෙනකොට පොලීසියේ වැඩකරපු දෙවෙනි අයියට.. ඔයා කියන්නේ කූංංං ගානවා ඇරෙන්න මටනම් මෙලූ දෙයක් තේරුණේ නෑ.. හක් හක්..

      ආච්චි අම්මලා ගැන ඔයාගේ නෝක්කාඩුවත් දවසක අකුරු කරන්න.. ස්තූතියි නැවතත්.. ජය ශ්‍රී!

      Delete
  19. කියෙව්වා.. උත්කෘෂ්ඨයි .... චිත්‍රපටියක් බැලුව වගේ රූප රාමු පෙලගහෙන්න පටන් ගත්ත කමී.. දිගටම ලියමු. බැද්දේගම කියවනකොට හිතට ඇතිවෙන අමුතු ගතිය දැනෙන්න පටන් ගත්ත... දිගටම ලියමු.. ජයම වේවා!!!! ආයෙත් කියන්නම්.. දිගටම ලියමු...

    ReplyDelete
    Replies
    1. //චිත්‍රපටියක් බැලුව වගේ// ඇඟ කිලිපොලා යන ප්‍රේම ජවනිකා.. සිත මන්මත් කරවන සටන් එහෙම තිබ්බද? හෙක් හෙක්..
      මං හරි ආසයි බං ආර්.එල්.ස්පිට්ල් ගේ කතා කියවන්න.. සුදු ගෝණ කියවලා ඇති මං හිතන්නේ සිය පාරක් විතර.. අර කැලේ බිඳගෙන දුවන ගෝණගේ හඬ කතාව එහෙම ආපු එකක්.. හ්ම්ම් හ්ම්ම්.. බලමු බලමු දිගටම ලියන්න.. යහපාලන පොරොන්දුවක් වගේ වෙයිද දන්නේ නෑ ඉතින්.. ජය ශ්‍රී!

      Delete
  20. ආච්චි අම්මා ගැන හරි රසවත් මතකයක්...අපේ අත්තම්මා මතක් වුනා. ඔයා දැනගෙන හිටියට කල්‍යාණ මිත්‍ර කියන්නේ ඔයා කියලා දැනගෙන හිටියේ නෑනේ.

    හරිම ලස්සන කතා ටිකක්. ගොඩක් ස්තූතියි පාර පෙන්නුවට.

    ReplyDelete
    Replies
    1. ///ඔයා දැනගෙන හිටියට කල්‍යාණ මිත්‍ර කියන්නේ ඔයා කියලා දැනගෙන හිටියේ නෑනේ// ඕක දැනන් උන්න නිසා තමයි පොඩ්ඩියේ මං පාර කියලම එක්කරං ආවේ.. සුලුපටු නම්බුවක්ද මට නමගිය මේ වගේ ලේඛිකාවක් ඇවිත් බලල කොමෙන්ටෙකක් දාල යන එක.. මේක ලියද්දි මට ඔයාගේ අර මහගෙදර අඹ ගහ ගැන කතාවත් මතක් උනා.. තව ඉන්නව ඔය වගේ දෙතුන් දෙනෙක් කතා කරල මේ පැත්තට ගෙන්න ගන්න. ඔන්න එහෙනම් සාදරයෙන් කලාහිතට පිළිගන්න ගමන් පළමු පැමිනීමට ස්තූතියත් ප්‍රකාශ කරනව.. නිවාඩු තියෙන විදියට ආයිත් ඇවිත් යන්න එන්න. ජය ශ්‍රී!

      Delete
  21. මමත් හරි ආසයි මේ වගේ අතීත කතා අවුස්සන එකට... උඹලැයි ආත්තම්මා හරි අපුරු මනුස්ස ප්‍රාණයක් නේ.
    අර වගේ වෙලාවක බයේ අකුලන් ඉන්නේ නැතුව කළයුතු සුදුසුම දේ කරලා, ඊට පස්සේ ආපහු අර බුවාව බලන්න ගිය එකත් මොන තරම් වීර කමක්ද...
    ඒකට අද ඉන්න ගෑණු...
    මේ කතාව නතර නොකර ලියමු...

    මම ඉපදෙනකොට මගේ ආච්චිලා, සීයලා හතර දෙනාම හිටියා. කාලයාගේ අවෑමෙන් එක්කෙනා එක්කෙනාට ටිකට් එක ඇදිලා අන්තිමට ඉතුරු වෙච්ච අම්මගේ අම්මා නැති උනේ මේ අවුරුද්දේ ජනවාරි 18.
    උන්දෑ අපේ ගෙදර එද්දී ඉඟුරු ඉස්කෝතු ටිකක්, හුණු බිජු, බට්ටා බිස්කට් ටිකක් හරි අරගෙන එනවා.

    ආච්චිලා ළඟ තමයි අපේ පුංචි අම්ම කෙනෙක් දාල ගිය ළමයි තුන්දෙනා හැදුනේ.
    ආතා ලී ඉරල හරි වෙන මොනවහරි කරලා හම්බු කරන සල්ලියි, ආච්චි දළු කඩල හම්බු කරපු සල්ලි වලිනුයි ඒ ළමයි නඩත්තු කරන්න බැරිනිසා තමයි ආච්චි සතියකට වතාවක් හරි මේ විදිහට අපේ ගෙදර ඇවිත් බඩුමුට්ටු මල්ලක් අරගෙන යන්නේ...

    මමත් අපේ තාත්තලගේ කතාව ලියන්න කාලෙක ඉඳල හිතාගෙන හිටියත් තාම පටන් ගන්න බැරි උනා...

    ReplyDelete
    Replies
    1. //උඹලැයි ආත්තම්මා හරි අපුරු මනුස්ස ප්‍රාණයක් නේ..// ඒකනේ බං උන්දෑ මට අදටත් මෙච්චර 'මිස්' වෙන්නේ.. තව කොටහක් දෙකක්වත් ලියන්න තමයි හිතං ඉන්නේ වෙලා ඇති විදියට..

      ඔය ආච්චි අම්මලාගේ ලට්ට පට්ට ඉස්කෝතු මල්ල තමයි ඒකාලේ පොඩි උන්ට තිබුණු නොවරදින රස කැවිල්ල.. ඉස්කෝලෙන් දීපු බිස්කට් එකෙ රහ වගේම නැත්නං ඊටත් වැඩිය මට මතක තියෙන්නේ ඔය ආච්චි ගේන බටර් පාන් ගෙඩිවල රහ තමයි.. පවුලේ බාලය උනු නිසා පුංචිට හම්බෙච්චි අම්මලාගේ මහගෙයි මැරෙනකම් හිටියත් ආච්චි අම්මගේ හිත තිබ්බෙ අපේ ගෙදර බව මං දැන් දන්නව..

      //අපේ තාත්තලගේ කතාව ලියන්න කාලෙක ඉඳල හිතාගෙන හිටියත්// ආයි හිත හිතා ඉන්නේ මක්කෙයි ඔන්නොහේ පටං ගෙන ලියමු.. මේ මාත් පටං ගත්තේ ඔය හැටි හිතල මතලයැ?

      ස්තූතියි ලොකු මලේ පැමිණියාටත් කොමෙන්ටුවටත්..ජය ශ්‍රී!

      Delete
  22. අපේ කිරිඅම්මගෙ හුරතල් මුණුපුරා වීමේ වාසනාවන්තයා වූයේ මේ මමයි. මම කොච්චර ආදරේ කලාද කියනවනම් එයාගෙ මලගෙදරින් පස්සෙ මම නිදා ගත්තෙ කිරිඅම්ම නිදියගත්ත කාමරේ එතකොට මම 8පන්තියේ.
    මේ පොස්ට් එක ඇත්තටම මම ටයිම් මැශින් එකකින් අතීතෙට ගියා වගේ.

    ReplyDelete
    Replies
    1. //කිරිඅම්මගෙ හුරතල් මුණුපුරා වීමේ වාසනාවන්තයා..// ඔන්න ඉතින් ඉරිසියා හිතෙන කතා කියනව.. හැබෑට ගම්පහ පැත්තෙ උන් ඔක්කොම ආච්චිට කියන්නේ කිරි අම්ම කියලද? අර සිරාගේ කතා දෙක කියෝල මට ඔෆිස් එකේදිම ඇඩුණ බං..

      //මම ටයිම් මැශින් එකකින් අතීතෙට ගියා වගේ..// එහෙනම් මං සාර්ථකයි.. මටත් ඕනි උනේ මේ මහ මිනිස්සුන්ගේ අතීතෙට ගෙනිහින් ටිකකට හරි ආපහු කිරි අම්මෙක්ගෙ ආච්චියෙක්ගෙ හුරතල් මුණුබුරෙක් කරන්ඩ තමයි.. මේ බ්ලොග් අලුත් පොඩි කොල්ලො කෙල්ලො කියවන්නේ නැති එක අපරාධයක්..

      ඔය කම්මලේ කතා දෙක තුනක් ඇදල ගනින්කො බ්ලොග් එකකින්.. අපිත් එනවනෙ මයින හම ඇද ඇද අහං ඉන්න.. නැත්නම් අපි කොහොමද උඹලට මේවට යුතුකං ඉශ්ඨ කරන්නේ?

      ආවටත් කොමෙන්ටෙකටත් ලොවෙත් ඉස්තූතියි මචං.. ජය ශ්‍රී!

      Delete
    2. මම උඹේ හැම පෝස්ට් එකක්ම කියවල තියනව. හැබැයි පරක්කුවෙලා, දැන් තමයි අප්ඩේට් වෙන්න පටන් ගත්තෙ.
      අපේ ගමේ කිසිම කෙනෙක් ආච්චි කියල පාවිච්චි කලේ නෑ. ඕවිටේ කිරිඅම්ම, අගල්කන්දෙ කිරිඅම්ම, වෙලේ කිරිඅම්ම, වගේ විශේෂන පදයක් එක්ක තමයි කතාකලේ.
      ලියන්න කිසිම හැකියාවක් නෑ බං, මේ ෆ්‍රොෆයිල් නේම් එක දාගත්තෙ අපේ ඔබ්සවර් අයියගෙ යෝජනවකට.

      Delete
    3. //ලියන්න කිසිම හැකියාවක් නෑ බං..// බොරු කියන්න එපා බං.. දැං එතකොට මේ කරන්නේ මලවන එකද? සිරාගේ කාමරේට දාපු බූට් කතාවෙන් අපි ඒක දැක්ක..හුහ්..
      //මේ ෆ්‍රොෆයිල් නේම් එක දාගත්තෙ අපේ ඔබ්සවර් අයියගෙ යෝජනවකට.// ඇයි උඹටත් කම්මලේ බල්ලට වගේ හෙන ගැහුවත් ගානක් නැතිව ඉන්න පුළුවන්ද? හැක් හැක්..

      Delete
  23. එකෙන්ම ටීවී එකේ කතාවක් බලනවා වගේ දැනුනා...මාරම විදියට අවස්ථා පෙන්නලා ලියල තියෙන්නෙ..ජය... අනික් කොටසත් ඉක්මනටම දාන්ඩෝ....
    ආහ් ඇඩ් එක ගැන කියනවනම් නෙළුම් යායෙදි හම්බවෙමු...
    මම නම් ඉතින් අලුත්නෙ...ඔන්න කතා කරන් ඕනි හොඳේ...

    ReplyDelete
    Replies
    1. මාත් අලුත් බං.. තාම හය මාසේ පොඩි එකා.. මාත් බයේ උන්නේ ඔතනට යන්න අනිත් උන් මායිං කොරන එකක් නෑ කියලා.. හැක් හැක්.. දැන් අවුලක් නෑ උඹ ඉන්නවානේ මලේ වරෙං අපි දෙන්නට හරි සෙට් වෙතෑකිනේ.. :-)

      ස්තූතියි එහෙනම් වර්ණනාවට.. හැකි ඉක්මණින් දාන්නං එහෙනං.. ජය ශ්‍රී!

      Delete
    2. කමියො උඹ එනවද ? මම අනිවා එනව. හිටපන් නොම්බරේ මේල් කරන්ඩ.

      Delete
    3. අනිවා එනවා.. කොළඹ ඉඳලත් නෑවිත් ඉන්නවනම් ඒක මහ නොසණ්ඩාල වැඩක්නේ බං.. වරුවක නිවාඩුවක් දාල හරි මං එනෝ.. හෙනං එදාට මයිනහම ටිකක් අදිතෑකි.. හෙක් හෙක්..

      Delete
  24. මගෙත් ආච්චිල දෙන්නා එකිනෙකාගෙන් සෑහෙන්න වෙනස්, නමුත් ඒ එක් කෙනෙකුවත් අපිව වැඩිය හුරතල් කළ බවක් නම් මතක නෑ. මං තමයි පවුල් දෙකේම වැඩිමහල් මුණුපුරා.

    සියා හමුවුණු විදිය ඊලඟ කොටසේ තියෙයි නේද?

    ReplyDelete
    Replies
    1. පවුල් දෙකේම ලොකුම මුණුබුරා වෙලා රසිකටත් ඒ හැටි විශේෂයක් නොවුනු එකේ එක අතකින් මං විස්සෝප වෙන එකේ කාරියකුත් නෑ.. මොනව උනත් ආච්චි ගැන අහල තියෙන දේත් එක්කම ආච්චි මට වීරවරියක් වෙලා..

      සීය හම්බෙන්න කලින් තමයි හොඳ හොඳ වැඩ වැඩිහරියක්ම තියෙන්නෙනං.. බලමු බලමු ඊලඟ කොටසේ දිග පළල අනුව..

      බොහෝමත්ම ස්තූතියි පැමිණීමට.. ජය ශ්‍රී!

      Delete
  25. ආයෙ කියන්න දෙයක් නෑ, ඇස්වහක් කටවහක් නෑ ලිවිල්ල සුපිරි. අන්තිමට අහන්න හිතෙන්නෙ
    "ඊටපස්සෙ මොකද උනේ බං?" කියන ප්‍රශ්නෙ

    ReplyDelete
    Replies
    1. //"ඊටපස්සෙ මොකද උනේ බං?"// පතෝල හා මල්වඩම් ගැන කියනකොට කියන්නම්..

      බොහෝමත්ම ස්තූතියි රාජ් පැමිණීමටත් අගය කිරීමටත්.. ඔහොම කියනකොට තව තව ලියන්න හිතෙනවානේ.. :) ජය ශ්‍රී!

      Delete
  26. අඩේ.. මෙන්න මරු කතා! සුන්දර ඉස්සර මිනිස්සු

    ReplyDelete
    Replies
    1. //සුන්දර ඉස්සර මිනිස්සු..// ඔව් නාඩියෝ.. ඒ සුන්දර කමට වහ වැටිලනේ මේ රෑ නිදිවරාගෙන මේව අකුරු කරන්නේ.. දැන් අපිට පුලුවන් ඉතින් ඒ ගැන සිහි කරල සතුටු වෙන්න විතරයි..

      බොහෝමත්ම තැන්කූ මේ පැත්තෙ ඇවිත් අගයලා ගියාට.. ජය ශ්‍රී!

      Delete
  27. අද කාන්තා අයිතිවාසිකම් ඉල්ලලා අඬෝවැඩියා නගන බියුටි කචල් කාන්තවන්ට සුපිරි ආදර්ශයක් මේ කතාව.. අපේ පවුල වල අය උඹලගේ පවුල්වල වගේ මදාවි උන් නොවුනට. මේ වගේම ගෑණියෙක් තමයි අපේ නැන්දම්මා.. මම එයා ගැන පෝස්ට් එකක් ලිව්වා.. මාතලන් ලේසියෙන් අඬන පොරක් නෙමෙයි.. ඒත් එයාගේ ඉලෙක්ට්‍රික් චිතකේ සුවිච් එක ඔබපු ගමන් ඇඬුන ඇඬිල්ල නවත්ත ගන්න සෑහෙන වෙලාවක් ගියා..

    ලිවිල්ලා නම් වල්ල පට්ට.. කොමෙන්ට් කරන්න වෙන නමකුයි.. බ්ලොග් එකට එක නමකුයි තියෙන කරුමය තමයි මේ වගේ දේවල් මිස් වීම...

    ReplyDelete
    Replies
    1. //කාන්තා අයිතිවාසිකම් ඉල්ලලා අඬෝවැඩියා නගන බියුටි කචල් කාන්තවන්ට// හුහ් හුහ්.. හැහ් හැහ්.. හොහ් හොහ්.. මටත් ඔය බොරු සෝබනකාරියෝ පේන්න බෑ.

      //උඹලගේ පවුල්වල වගේ මදාවි උන්// හා හා යකෝ කෑ ගහන්න එපා අහල පහල පොලිස් කාරයොත් ඇති.. මදාවි හෙවත් මද අවි කියන්නේ ඉක්මණට මැරෙන උන්ට නේද? හරි හරි අපේ තාත්තගේ අම්මා ඇරෙන්න අනිත් උන් ඔක්කොම අවුරුදු අසූවට කලිං මලා.. ලොකු අම්මයි නැන්දයි නම් දැන් ඉන්නව මයේ හිතේ අසූව නොවෙයි අනූවටත් කිට්ටු ඇති.. මටනම් හාෆ් සෙන්චරියක්වත් දා ගන්ඩ පුළුවන් වෙයිද දන්නෑ තියෙන ලෙඩ කන්දරාවේ හැටියට..

      //කොමෙන්ට් කරන්න වෙන නමකුයි.. බ්ලොග් එකට එක නමකුයි තියෙන කරුමය තමයි මේ වගේ දේවල් මිස් වීම...// ඔව් ඒ කාලේ මේක පටං ගන්නකොට ඔහොම එකක් හිතුනේ නෑනෙ.. ඒකනිසා මට රහයි කියල හිතුන පෝස්ට් එකක් වැටුනම බලන්න ඕනි කියල හිතෙන උන්ට මැසේජ් එකක් දානව.. හෙහ් හෙහ්.. ජය ශ්‍රී!

      Delete
  28. ///ඇය සිටිනාවිට මදක් සැර බාල වෙන ඇගේ දුවගේ රැවුම් ගෙරවුම් වලින් මදක් නිදහස්ව සෙල්ලම් කිරීමටත් පමණක් අවස්ථාව සැලසිනි. ///

    මෙවුවා අපිත් පාවිච්චි කරා ,, ඔයාගේ බ්ලොග් පෝස්ට් මට මිස් වුණේ කොහොමද මන් දන්නේ නැහැ.. අරූ අයියා වගේ ලියන්න දිගටම, එයා නම් මේ ටිකේ නවත්තලා ඒත් එයි ආයේ.. මං දන්නවා මේ වගේ ලිපියක් ලියද්දි ලියවෙන වේගේ.. නිරායාසයෙන් ගලන් එන්නේ,, ඒ වගේම සමහර තැන් ලියද්දි නැවතිලා මතකයන් එක්ක තනි වෙනවා .. ඇස් වලට කදුළු පිරෙනවා... පෝස්ට් එක ලියලා ඉවරවෙද්දි හරිම සැහැල්ලුවක්.... ජය

    ReplyDelete
    Replies
    1. කුවීන් ඔමා වෙල්කම් ටු කලාහිත.

      //ඔයාගේ බ්ලොග් පෝස්ට් මට මිස් වුණේ // වැඩ වැඩියිනෙ අනේ.. ඒකනෙ.. සෙල්ලමක්ද ඔක්කොම බ්ලොග් කියවන එකයි කොමෙන්ට් කරන එකයි.. හහ් හහ්..

      එනිවේ බොහෝම ඉස්තූතියි සීරියස් කොමෙන්ට් එකට... අර කවිය ලියනකොටත් ඔයා කියුව වගේ.. ටිකක් වෙලා ගල් උන.. දැන් පාර දන්නවනේ.. දිගටම එන්න. ජය ශ්‍රී

      Delete
  29. බෝම අගෙයි බං.. ලිවිල්ල අවුල් වෙන්න පෙරම ගොඩදාලා ඉවර කරහං.. අර පෙරේත පැටියට වෙච්ච දේ දැක්කනේ. අවුල් වෙන්න ඉස්සෙල්ලා ගොඩ දාන්න ගිහිල්ල දැං පොර අවුල් වෙලා. ඉතිං කාගෙන්ද් ඒවා අහගන්නේ.. ජය වේවා.. හැක්

    ReplyDelete
    Replies
    1. දේශ්, බස්සී.. මෙන්ඩියෝ.. හෙට නෙළුම් යායෙදි පොඩි පණ්ඩිත කමක් කරන්න හිතන් ඉන්න නිසා දවල් වරුවෙ ඉඩ ලැබුණු හම වෙලාවක්ම ඒ ගැන හිතන්න උනා.. සොරි වෙන්නෝනෑ රිප්ලයි එකක් පරක්කු උනාට..

      දේශා මචං.. අරූ අවුල් වෙච්චි එක මටනම් මාරම අවුල් සීන් එක.. මේක නම් අවුල වගේ ඇදෙන එකක් නෑ.. තැන්කූ හොඳම එකෙන් කියෙව්වටත් කොමෙන්ට් එකටත්.. හෙට හම්බෙමු.. ජය ශ්‍රී!

      Delete
  30. මේක අතිශය සුපිරියි ඈ!

    ReplyDelete
    Replies
    1. එහෙනම් බොහෝම ස්තූතියි ඈ!

      සමාව උඩින් ඉල්ලුව.. හෙට හම්බෙමු.. ජය ශ්‍රී!

      Delete
  31. උඔලාලා හැමෝමටම ආච්චිලා ගැන තියන සුන්දර මතකයන් ගැන ඉරිසියායි

    ReplyDelete
    Replies
    1. උඹට ඒකට සාධාරණ හේතුවක් තියෙනව මචං.. උඹ හෙට එන්නැති උනත් මට හෙට උඹව මතක් වේවී.. විස්තර පසුවට.. ජය ශ්‍රී!

      Delete
  32. කළ්‍යාන මිත්‍ර. මේක නම් ආච්චි සීයා ගැන ලියවුනු හොඳම බ්ලොග් පෝස්ට් එකක්. කමෙන්ට් එකක් නොදමා යන්න ලෝබ හිතුනා. අර මැර සීයට කට්ටිය නෙලපු එක නම් ඉස්තරම්!

    ආච්චිගේ කට තමයි කට! මම කිව්වේඅර ට්‍රැක්ටර් කතාව!

    මගේ සීයලා (අපි නම් කියන්නේ ආතලා) දෙන්නම මම දැකලා නෑ. නමුත් ආච්චිලා දෙන්නා නම් දැකලා තියෙනවා. තාත්තගේ තාත්තා අර මීහරක් අඟක් වගේ ‍රැවුලක් තියෙන කෝට් එකක් ඇඳගෙන ඉන්න වෙදමහත්තයෙක් හැටියට තමයි මගේ හිතේ තියෙන්නේ ඒ අර මහ ගෙදර සාලේ එල්ලලා තිබ්බ ෆෝටෝ පේලියේ අනුග්‍රහයෙන්.

    ආයෙම පාරක් කිව්වොත් නියමයි, ඈ. උඹේ පරණ ඒවත් දැන් කියවන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඩූඩ්. මේ කොමෙන්ට් එකනම් ඉස්තරම්!

      වැඩේ කියන්නේ අපි අපෙ තාත්තගෙ 'අම්මට' කිව්වේ ආත කියල.. සීයට මුත්ත කිව්වලු.. ආච්චිට අත්තම්ම කියනවනම් මං අහල තියෙනවා.. ඒත් ආතයි කිව්වෙ අපි විතරමද දන්නෙ නෑ..

      මං ලියන ඒව මං හඳුන්වල තියෙන්නේ 'හේමන්තයේ පිපී හිනැහෙන වසන්ත කැකුළු කියල.. මේ ලියන්නේ අවුරුදු ගානක පෙන්ඩින් තියෙන හිතුවිලි.. 2002 මුලින්ම 'බ්ලොග්' ගැන ඇහුව වෙලේ ඉඳන්ම හිතෙ තිබ්බ හීනයක් ගිය අවුරුද්දෙ හැබෑ උනේ තිලකසිත බ්ලූක් එක දොරට වඩම්මනව බලන්න ගිය වෙලේ හදිසියේ ඇතිවිච්ච සිතුවිල්ලකට අනුව.. තවම විවේකය නම් අඩුයි.. ඒත් දැන් හිත සාපේක්ශව ගොඩක් නිදහස් නිසා ලියන්න හිතෙනවා..

      ස්තූතියි ඩූඩ් නැවතත් පැමිණීමටත් 'කොමෙන්ට් සම්මානයටත්'.. පරණ ඒව වගේම ඉස්සරහට ලියන ඒවත් පුළු පුළුවන් විදියට ඇවිත් බලන්න.. ඒක මට ලොකු සතුටක්.. ජය ශ්‍රී!

      Delete
  33. ඔන්න අද ඉදන් මාත් කළ්‍යාණ මිත්‍ර ගෙ බ්ලොගය පැත්තෙ එනව. ලිස්ට් එකටත් දාගත්තා. මටත් සීයල ගැන නම් කිසිවක් නැහැ. ඒත් අපෙ අම්මගෙ අම්මා ඒ කියන්නෙ අපෙ ආච්චි ගැන බොහෝ සුන්දර මතක තියෙනව. ඈ සොඳුරුම සොඳුරු මුදු හිතැත්තියක්. අපේ අම්මටත් වඩා සමහරවිට අපි ඇයට ලෙංගතුයි.

    බොහොම අපූරු පෝස්ට් එකක් කළ්‍යාණ මිත්‍ර මේක.

    ReplyDelete
    Replies
    1. ඊයේ නෙළුම් යායේදී පැරා (අජිත් පැරකුම්- W3 Lanka) මේකට මරු කතාවක් කිව්ව.. හා.. එන්න එන්න.. මගෙනුත් මල් ගන්න..අ.. කියල මල් කෙල්ලො කෑ ගහල කස්ටමර්ස් ල ගෙන්න ගන්නව වගේ පටං ගත්ත අලුත කස්ටිය ගෙන්න ගන්න වෙන්නේ කියල... මාත් කරේ ඒ වගේ දෙයක්.. දිනිති ල වගේ සීනියර්ස් ලව හොයාගෙන ගිහින් 'මූ මොකාද?' කියල හොයල බලනකං කොමෙන්ට්ස් වලින් කරදර කරා.. හහ් හහ්.. ඉතින් එච්චර මහන්සිවෙලා මං හදා ගත්ත මේ කස්ටමර් මට හරි වටිනව.. ඕං එහෙනම් වෙල්කම් කියුවා කලාහිතට..

      බුකියටම කොටු වෙන්නැතුව බ්ලොග් එකෙත් දිගටම ලියන්න.. මාත් ඉන්නව බුකියේ (ඔයාගේ පේජ් දෙකටම රික්වෙස්ට් එවන්න බැලුවා බෑ) හැබැයි ලියන්නේ බ්ලොග් එකේ.. ඒකම ස්ටේටස් අප්ඩේට් එකක් විදියට බුකියටත් දානව.. ඉතින් ලියන්නකෝ ආච්චි ගැන මතකය..

      තැන්ක් යූ ආවටත් අගය කිරීමටත්. ජය ශ්‍රී!

      Delete
  34. අද මේ ර්වර්ස් එකේ කලාහිතේ සේරම කියවන් යන්න පටන් ගත්තා..ඉඩ පාඩු ඇති විදියට සේරම කියවන්නයි බලාපොරොත්තුව..

    මේ පෝස්ට් එක ගැන කියන්න තියෙන්නේ අපි හැමෝටම ලෝකේ හොඳම ආච්චිලා/කිරි අම්මලා/ආත්තම්මලා සහ සීයලා ලැබිලා තියෙනවා..කරුමෙට සමහර අවස්ථාවල අපිට ඒක තේරුම් ගන්න බැරිවෙන්න ඇති..තව ලිව්වොත් නම් ඇඬෙනවා..

    කමීගේ ආච්චී වගේම බොහොම එඩිතර ගෑණියෙක් තමයි මගේ ආත්තම්මත්..අම්මගේ අම්මා..අත්තම්මා ගැනත් ලියන්න ඕන වෙලාවක..තව මෙහෙම කතා බලාපොරොත්තුවෙනවා...මම දැක්කා උඩ කමී කියලා තියෙනවා බලාපොරොත්තුව මේ වැදිටියෝ ටික ආයෙමත් අතීතෙට ගෙනියන එක කියලා..ඒක නම් ලෝබ නැතුව කරන්න සමත්වෙලා තියෙනවා මේ ලිවිල්ලෙන්..අදට මගේ එක සීයෙක් (අම්මාගේ තාත්තා) නැතිවෙලා අවුරුදු 2ක් වෙනවා..ඒ තුවාලේ බරත් එක්ක එකතුවෙලා මේක මාව ඇඬෙව්වා...

    ReplyDelete
    Replies
    1. අවුරුදු සීන් කෝන් නිසා මේ කොමෙන්ටෙකට රිප්ලයි එකක් දා ගන්න බැරි උනා තනියෝ. මට ලිවිල්ලේ හුරුව ආවේ අම්මගෙන්, අම්මට එයාගේ අම්මගෙන්. හැබැයි ආච්චිට අකුරු බෑ.. ආච්චිගේ මතකය මට බොහෝම සුන්දර කෙටි එකක්.. ඒ කෙටි බව නිසාමයි වැඩිපුර ඒක දැනෙන්නේ. වැඩිය මොකුත් කියන්නේ නෑ.. උඹේ කොමෙන්ට් එක අද දෙවෙනි දවසට කියවලත් මට හීල්ලුනා..

      Delete
  35. මේ කාලය ගැන කියා ඇති සියළු දේ පුදුමාකාරයි ඒ වගේම සත්‍යයි. ඒ කාලයේ මිනිසුන් ඔබ කියනා ලෙසම තමන් කැමති පැකේජ තෝරාගත්තා සේම ඔවුන් ඉතා බරපතල ලෙස හිංසාකාරී වැඩ කර තිබෙනවා. මට හිතෙන්නෙ අදට වඩා ඒ කාලය ඉතා නරක බවයි. උණු සවු හැලිය ඔළුවෙ ඉදන් වත් කිරීම වගෙ දේවල් ඒ කාලෙ සීයලා කරපු සාමාන්‍ය දේවල්. හැමෝම නෙවි. මේ වගෙ ඒව මම නොලියන්නෙ ඇත්තෙන්ම හිරිකිතය නිසයි.

    ReplyDelete
  36. මට නම් කවදාවත් මතක හිටින විදියට ආච්චිලා සීයලා ආශ්‍රය කරන්ඩ හම්බු වෙලා නෑ....ඒ අතින් ඔබතුමා වාසනාවන්තයි!!
    ආච්චි ආතල් ඩයල් එකක් නේ??

    ReplyDelete