Friday 27 March 2015

සභාවෙන් අවසරයි! Post of Thanks!

ඕං කවුරුත් අහනව එහෙම නොවෙයි මේව ලියුවේ කාටද කියුවේ කොහෙදිද කියල හෙම.. එහෙම තමයි අපි බ්ලොග් ලියන කට්ටිය 'මයි කා මයි පැට්‍රෝල්' 'උඹට ඕන්නම් බලපන් නැත්නම් නිකන් හිටපන්' කියල තමයි ඊයේ අපිට පැරා මහතා කියල දුන්නේ. ගුරුතුමෙක් වෙච්චි එතුමා කියනෙක අහන්නම එපැයි.. හැබයි ඉතින් මේව කියල 'මගේම නයි මාවම කයි' වෙයිද දන්නෙ නෑ එකෙක්වත් බලන්නැතුව හිටියොත්.. එහෙම උනොත් මට වෙන්නේ 'එන්න..එන්න..මගෙනුත් මල් ගන්න..අනේ එන්නකෝ..' කියල අඬගහන්න තමයි.. 
(මෙව්වත් කිව්වෙ එතුමම තමයි ඕං..) 

හරි මෙන්න කවි ටික.. 

පුවසර මැති මැතිණියෙනි රැස්වුණු නොමද
රිවි සර හැරී කාලය වියැකෙයි......... නිබඳ
පැහැසර සැඳෑවක එක්කල..... දෙ අත් බැඳ
අවසර පතමි හිඳ............ වියතුන් සබා මැද

දණ ගාගෙන ඇවිද... 'තිලකගෙ සිතෙ' ඇමිණී
අත දරුවෙක්ය මා බ්ලොග් ලෝකෙට පැමිණී
දැක විඳ තිබූ තැන් වල වෙනසක්........ දැණුනී
මෙහි හමු වුණේ හිත හොඳ මිනිසුන්.... පමණී

පල හොඳ උනේ ගස් හොඳහැටි රැකීමෙනී
ජල පහරක සිරිය ගැටි ගැටි...... වැටීමෙනී
මුලසුන හොබන 'සත් දිග'. සුමිතුරාණෙනී
මිල කල නොහේ.... අද ඔබ දුන් ඔවා මිණී

පෙන්නුව 'දිලාගේ ලොව' අර සුදු නෝනා
රැන්දුව අසිරි.... පද වැල් ගෙන හැර පානා
ඇන්දුව ස්වර හා........ හඬ මුසුකල 'මානා'
කැන්දුව මිහිරි ගී රසනම්........... තව ඕනා

හැන්ඩිය 'පැරා'..... දෙස්පාලන කලාවට
චන්ඩිය 'බස්සි'... බස්සා නැති වෙලාවට
'මෙන්ඩිය' එළද බ්‍රා... 'සිංහය' 'ඔමා' ලට
'සින්ඩියේ මාතලන්' අත දෙයි ෆ්‍රෙශාලට

මැසිමෙන් 'අටම් පහුරක්'........... අටවං ආවේ
රුසියන් නමකි 'පවුලූශා'.............. ගම ඌවේ
වැසියන් ගණන කීමට......... වරුවක් ගතවේ
කිසියම් කෙනෙකු වරදක් ගත යුතු නොමවේ

පඳුරු තලන්නට ගත්තොත් මම මෙලෙස
අඳුරු වේය හවසට කලියෙං........... අහස
'සඳරු' 'විචා' 'රවි' හා 'හැලපද'...... 'ස රස'
සොඳුරු ඇනෝ විත් මට බැට දෙයි හවස

වටේ යන්නැතුව ආපහු........... පැමිණ මම
කටේ පස් වැටේ.. නොකියා ගියොත් හෙම
රටේ වත් නොහිට ඔහු කල මෙහෙය මෙම
කැටේ රත්තරන් අපෙ මේ..... 'අජිත්' තෙම

'ලංකා නිවුස් වෙබ්'.......'.... තහනම් බිඳ පෙරලා
නංවා සදාචාරය...........'......... හොර මුළු බිඳලා
පෙන්නා කලාකෙත වෙත පෙම'.... නැති සිඳිලා
දුන්නා 'නෙළුම් යායෙන්' බ්ලොග් මල් ගොතලා

පැදි සිය ගණන් සිතුමුත්...... අහුරක් කීමී
අදිසිය කිනම් හෝ වරදක්......... විද සාමී
සදිසිය ඔබ සැවොම මට මගෙ ප්‍රිය ප්‍රේමී
හදිසියෙ ආමි දැන් යමි....... දිගටම ලියමී...

- කල්‍යාණ මිත්‍ර 


ප.ලි. ඔය 'xxxxx' ඔක්කෝම ලින්ක් දමන්නට සිතාගෙන සිටියත් අධික වැඩත් නිදිමතත් හීනි ඔලුවේ කැක්කුමකුත් නිසා පසුව ඇවිත් දමන්නම් බවටත් නම සඳහන් නොවුනා කියා අමනාප නොගන්නා ලෙසටත් තව මොනව හරි තියෙනවනම් ඒ සියල්ලටත් සමාව භජනය කරත්වා ලෙස ඉල්ලමි.. මොනවා ලියූවද දන්නෙ නෑ ආයි කියවන්න බෑ ඕං දැම්ම.. ජය ශ්‍රී! 

133 comments:

  1. කළ්‍යාණ කියන්නෙ සුදු කෙට්ටු පොඩි ඩෑල් එකක් කියල ඉවාන් කියල තිබුන නිසාම මම නම් දැකපු ගමන් අඳුන ගත්තා. ඕ යේස්!

    ReplyDelete
    Replies
    1. හැන්ඩිය නේ.. අර ඉවානය වගේද? (බස්සීට පමණක්.. උඹට නගේ මාවයි අර මනෝවයි ටැපලිලා... හැක් හැක්..)

      Delete
    2. නිල් ඉරි කමිසේ සහ කළු සිංහල පාට
      අමතක වේද කළණේගෙ සිනහා මූණ [:) ]

      Delete
    3. ඇස් පේනවා අඩු නොවැ මටනම් රෑට
      සාරිය දුටිමි සුදු කෙල්ලක් විද එතන? O.o

      Delete
  2. සුපර්බ් කල්‍යාන මිත්‍ර...වෙලාවක් නෑ දිග කමෙන්ට් එකක් කොටන්න....ඒ සොදුරු හමුවේ රස ඔබේ රසවත් කවි පෙල දිගේ විදගත්තා.

    ReplyDelete
    Replies
    1. ඔන්ලි ද කොලිටි ඔෆ් ද කොමෙන්ට් මැටර්ස් සඳ.. ඔබ කියනවිදියට මගේ උත්සාහය සාර්ථකයි.. ස්තූතියි.

      Delete
  3. දණ ගාගෙන ආවත් කොහෙ හෝ ඇමිණී
    අතදරුවෙක් කියන්නට නොහැකිය බැලු පමණි
    අවුරක් කී නමුත් සිතු පැදි සීයකිනී
    හදිසි නැතුව දිගටම ලියනුව පැමිනී

    ReplyDelete
    Replies
    1. දේශා ආවද හිටන්

      Delete
    2. උෘ ගිහින් නැන්න කොහෙද ඉඳං.

      Delete
    3. @ ඔමා ඇන්ඩ් ප්‍රසා.. මොකෝ නැත්තේ? ආවා ආවා.. දේශනා තුනක්ද හතරක්දත් කොහෙද කරා..

      බ්ලොග් වලට අදාල නැති ඒවා කියවනකොටනම් එපා වෙලා හිටියේ.. කරු අයිය ශේප් නියායෙන් කතාවක් කරා පතෝල වගේ හොඳකුත් නෑ නරකකුත් නෑ.. කරු අන්කල්නම් හිතාගෙන හිටියේ බ්ලොග් කියන්නේ වෙබ් මීඩියා වලටම කියල මං හිතන්නේ..

      Delete
    4. දන ගා ආමි දැන් ඇවිදිමි අල්ලාන
      තැන්කූ ප්‍රසා ලෙට් සී මම කල්‍යාණ

      Delete
    5. හි හි

      Delete
    6. ලොක්කා.... මට නිකං බඩේ රුජාවක් වගේ...
      ඒ අස්සේ වෙන වෙන මගුල්... මම බැලුවේ මේ දැන්වත් ගමේ යන්න....
      එකෙක්වත් පස්සෙන් එන්න හිතන්න එපා ඕන්...
      මම යන්නේ මල්, රා, වල් සීං ඔක්කොම හොයාගෙන....
      ඇයි බං යාළුවොනේ... හෙහ්

      Delete
    7. ලොකු මලේ.. බඩේ රුජාවට ඔය රා සමග වල් xx හා අතුරුපසට මල් අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි.. පුදුමේ කියන්නේ උඹ ඕවා කියනකොට අපටත් බඩේ රුජාව හැදෙනවනේ.

      Delete
  4. එනවද ලබ්බො හවසට නෙළුම්...........යායට
    උඹ ඇසු විටදි පිළිතුරු නැති විය..........මුවට
    හිත් හොඳ සොඳුරු මිනිසුන් කැල....හමුවන්ට
    ලබන පාර ලබ්බත් එනවා.................ඔන්න

    ReplyDelete
    Replies
    1. බෙහෙතක් බැඳන් උඹෙ ඔය කෙළ වුන පයට
      කුරුණෑගලින් නැගපන්.......... බසයක සැපට
      හොඳ හිත් නරක හිත් හා තව........ හිත් වලට
      ඉඩ ඇති තැන තමයි අපි ඉන්නේ........ දැනට

      Delete
  5. නියමයි කමි දුකයි එන්න නැතිවෙච්ච එක ගැන

    ReplyDelete
    Replies
    1. දුක් නොවන්න.. ඊලඟ පාර එක තවත් රසවත්! (ඒකට නිවාඩු හදාගන්න..)

      Delete
  6. ඤාව් නොවී නොකියා මේ කවි පේළි
    ඔක්කම කියෙව්වා එක හුස්මට මේම ගැළී
    විස්කම් දෑත නුඹ ගොතනා කවි පේළි
    තව තව ගොතා කියපන් නොව මෑළී

    එළ එළ කළණෙ පට්ටයි කයි ටික
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. තිබ්බේ බ්ලොග් කට්ට හුඟ දවසක් වේලී
      දැන්නම් ඉඳ හිටල බහිනව පොෂ් කෑලී..

      Delete
  7. මරු නේ.. රෑ 2 වෙනකං කරපුවා ගැන නෝ සද්ද නේද?

    ReplyDelete
    Replies
    1. ඒවා ඇත්තටම 'මරු' සීන් නිසා මෙහි පළකිරීම ඩෙන්ජර්සහගතය..

      Delete
    2. මොනාද.....මොනාද මුන් කරල තියෙන්නෙ දේශා ?

      Delete
    3. මං බබා.. පරක්කු උනේ මොකද දන්නෑ අද මේ පැත්තෙ එන්න නේද?

      Delete
    4. ඇත්තද මචංලා ඊයෙ රෑ පිටකොටුව බස් ස්ටෑන්ඩ් එකට CID එකෙන් පැන්න කියන්නෙ ..???

      Delete
    5. ඔව්වොව්.. See ID කියල පරණ එක පෙන්නල තමයි ගොඩ දැම්මේ.. හැක්.

      Delete
    6. මොනාද ඉතින් අපේ කට්ටිය බ්‍රෑන්ඩ් එක මොනාද දනනෑ ඉදගෙන :p

      Delete
    7. කම්මලේ ඇත්තටම උඹට මතක නැනේද

      Delete
    8. පිෂ්ෂු බං අටං මුන්ට මගෙ ඩ්‍රැරිවර් සේරම ගෙදර ගිහින් බැස්සුව සුටුස් ගාල.
      (හොරෙන් ***** වැවා හින්ද ඔක්කොමො නේවි බං ) අනික් දවසෙ රැවුල පොඩඩක් ට්‍රිම් කරපන් .

      Delete
    9. පව් බං ඇයි අර කොල්ලො දන්නට බොරු කිවේ

      Delete
    10. හැක්.. කවුද බං බොරු කිව්වෙ. ඌ බාල්දිය පූරෝගෙන නෑව , මම සබන් කෑල්ල පෙන්නුව විතරයි.

      Delete
    11. ඔමා.. කියනකොටනං ගල්.. බොනකොට ඩබල් බ්ලැක්.. ඔන්න මතක තියා ගන්න ඊලඟ පාර එනකොට හරිය..

      Delete
    12. අටම් ඇන් කම්මල.. මොකක්ද බන්ස් ල ඒ සීන් කෝන්.. අපරාදේ කයියට එකතු කරන්න තිබ්බ සබන් ගාල නාන සීන් එක හැඩට.. හැක්

      Delete
  8. Replies
    1. නියම එළ ඒවා ටික තිබ්බෙ ඊයෙය.. මේ එහි රිට්‍රොස්පෙක්ට් එකක් පමණිය. වැස්සෙන් බාදාවක් නොවී ආරක්ශිතව යන්නට ඇතැයි සිතමි.

      Delete
  9. තොට නං අද ඔලුවෙ අමාරුව හොඳටම වැඩියි වගෙ....බලාපිය දිනේ...පහුගිය 24 වෙනිද දිනයක් තියෙන්නෙ....:D

    ReplyDelete
    Replies
    1. අජිත් අයියගෙයි මාතගෙයි යහපාලන ආණ්ඩුවේ වැරැද්ද ආයුබන්ඩ.. ඔන්නොහෙ දින සීය ගියාම හදා ගන්නව :)

      Delete
  10. එළි වැට එළි සමය මෙන්ම කවියට අත්‍යවශ්‍යම අංගයක් වූ බ්ලොග් නාමකරණයද මැනවින් රැකගෙන ලියා ඇත .... හා හා හා

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් දහපාරක් විතර කියා කොමෙන්ටුවක් දමා ගත්තාය.. ඒකටත් අන්තිමට හා හා කියල කින්ඩියට දමලාය..

      Delete
  11. හමුවීම ගැන නම් ඉතින් කියාගන්න බැරි සතුටක් තියෙන්නෙ....
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. හමු උනා කිව්වට හරියට කතා බහ කරන්න බැරි උනානෙ බං.. ඊළඟ පාර මතක් කරල කතා කරපන්.. ජය ශ්‍රී!

      Delete
    2. අම්මපා අයියේ කතා කොරල විතරක් නෙමෙයි මොනාහරි හොඳට අනුමත වෙමු..

      Delete
    3. අන්න කොල්ලෝ.. එළ ඩෑල් එකක්නෙ.. අනුමත වෙන්නනම් ඉතින් අවසර කල් තියෙන එකේ රහස් තැනක් කොහෙන් කවද හොයා ගන්න බැරිද මලේ.. නොම්මරෙ ලියල මේල්ලෙකක් දාපන්කෝ.. හැක් හැක්..

      Delete
  12. පළමු වතාවට කමී‍ ගෙ බ්ලොගේට ගොඩ වුණා.. එහෙනම්....ලස්සන කව් පන්තිය.....වගේම හිතුව විදිහෙ පුද්ගලයෙක් නෙමෙයි මං දැක්කෙ....ඒ සැබෑ අව්‍යාජබවට ඇත්තටම කැමතියි

    ReplyDelete
    Replies
    1. වැවා වෙල්කම් ටු කලාහිත.. උඹ මාලු බානවද බං වැව් ඉස්මත්තට වෙලා.. මොකාද මේ වයසක සුදු රැවුලා? ඉතින් ඔය හිතාන හිටිය හැටි ගැන වෙලාවක එළකිරි වගේ පෝස්ට් එකක් දාපන්කෝ.. ආයේ හම්බෙමු ලඟදිම.. ජය ශ්‍රී!

      Delete
    2. යකෝ ඒ තාගොර් උතුමා බව තා දැක්කේ නැතිද?

      Delete
    3. එතකොට ඒ උතුමද ඊයෙ රෑ අර කණමදය වගේ ගසල හිටියේ? හැබෑට ඒ මෑන්ද බං.. ඉන්දියාවෙදිවත් දැකල නෑනෙ මං

      Delete
    4. දෙපාරක් හරි තුන්පාරක් හරි ලංකාවට ආව....එ්කවත් මතක නැද්ද......රෑට විතරක් ජුංඩක් ගන්නවලු...හැක...හැක

      Delete
    5. රෑට විතරක් ගන්නෙ කොහොම ද බන්ස්. දවල්ට අයිස් පෙට්ටියක වත් දාල තියනව ද. D

      Delete
    6. //දෙපාරක් හරි තුන්පාරක් හරි ලංකාවට ආව// අපේ ගෙවල් පැත්තෙ නිකමටවත් ගොඩ උනේ නෑ.. :(

      Delete
    7. @ Anonymous28 March 2015 at 07:11
      //දවල්ට අයිස් පෙට්ටියක වත් දාල තියනව ද// අයිස් පෙට්ටියේ තියල ගත්තම වැඩක් ගන්න ගානට කූල් බැහැල රත් වෙනකොට එළිවෙයි නේ.. :p

      Delete
  13. ඊයෙ දේශනේ හරියට අහල නෑ. මතක නැද්ද කිවුව බොලොග් කාරයො සබාවෙන් අවසර ගන්නෙ නෑ කියල.
    මොකො ඔලුවෙ කැක්කුම වැස්සට තෙමුනද ? හමූවීම ඉතා සතුටක්

    ReplyDelete
    Replies
    1. ඒ ටික ඇහුනා.. ඒ ගමන්ම නාලක කිව්වනේ බ්ලොගා ල කාගෙවත් අවවාද පිළිගන්නේ නෑ... ඌට හිතුන දෙ කරනව කියල..ඉතින් මං හිතුව මං මොකටෙයි ඌ කියනදේ කරන්නේ මං කැමති එකක් කරනව කියල.. ඕන් ඔහොමයි උනේ කිව්වලු..

      ඔව් බං හීනි පොදක් ගැහුවනේ පාන්දර තුනට විතර පිටකොටුවේ ස්ටෑන්ඩ් එක පැත්තට ඒකයි මේ හිසේ ඇම්ම.. හමුවීමනම් ලොකුම සතුටක් එකෙම්ම.. ජය ශ්‍රී!

      Delete
    2. එන්න බැරිවුනාට වැඩිය දුකයි උඔලා එක්ක සෙට් වෙන්න බැරිවිම ගැන.

      Delete
    3. නාඩ හිටින්, උඹ නාව එකමයි හොද නැත්තම් පලයන්කො ආයේ කටුනායක්,
      එලදෙ බ රා.

      Delete
    4. මෙන්ඩ මොකෝ කියන්නේ හෙට අනිද්ද ආයි ඒ වගේ 'නෙළුම් යායක්' තියමුද?

      Delete
    5. කම්මලයෝ.. ආයි සෙට් වෙන දවසට උඹේ ඩ්‍රයිවරයට කලින්ම මුන්ගේ ඇඩ්ඩ්‍රස් ටික දීල තියමු. එතකොට ඌ යන්න ඕනි රූට් එක ප්ලෑන් කර ගනීනේ.. හැක්..

      Delete
  14. මූට මෙතෙක් දාපු කොමෙන්ට්ස් වේද පල
    හිතුවේ කළණ මිතුරෙක්යැයි සිටම මුල
    මෙච්චර මුණ ගැහෙන උන්වත් හලන කල
    ඇයි අමතකද අපිලා ඔටුවෝද බොල

    ReplyDelete
    Replies
    1. එක්ස් අකුරු දෙකක් එක්ක පෝස්ට් එකක්.. මම ලියා
      සෙක්ස් හොයන උන්ට දෙන්න ඇත උඹ මුලටම තියා
      ෆැක්ස් එකක් වත් එව්වොත් උඹෙ ඇඩ්ඩ්‍රස්.. එක කියා
      නෙක්ස් ටයිම් ශුවර් එකට මම එමි... මදු පැණි සොයා

      Delete
    2. මධු පැණි ? ඕක බාදුරාවක් !!!!!

      Delete
    3. ඔමා නමැති බෘංගාංගනාවිය ඒ බාඳුරාවේ දැන් හොඳටම ගිලී ඇත. (මං ඕම කිව්වා කියලා ඊ ළඟ පාර නෑවිත් ඉන්නවා හෙම නෙමේ ඕං)

      Delete
    4. සුට්ටක් අරංවත්ද

      Delete
    5. //ඕක බාදුරාවක් !!!!!// ඔමා තැන්කිව් ඔත්තුවට.. මුගෙ කවි සුවඳ දිගේ ගිහින් තව පොඩ්ඩෙන් මම..O.o

      Delete
    6. //ඔමා නමැති බෘංගාංගනාවිය.. // දෙබරියක් බං දෙබරියක්.. පරිස්සමින් හැක්..

      Delete
    7. වැවා.. ඔව්වොව්.. සුට්ටක් අරං.. කටුස්ස වගේ.. :p

      Delete
  15. මිතුර කලණ
    හමුවීම ඔබ මට
    විය සතුටක්.

    ReplyDelete
    Replies
    1. හයිකුවක්?
      හැබෑටම උඹත්
      එළ බුවෙක්..

      (මගේ නම් 5/7/5 හරි නේද බස්සියෝ)

      Delete
    2. මනෝ හයිකුව ප්‍රතිසංස්කරනය කරල....මොකෝ කියන්නෙ...හා.....එකකින්නෙ වැඩි

      Delete
    3. හැක්.. දැන්නේ දැක්කේ.. ලෝකල් ඉට්ටැයිල්.. 6/8/6

      Delete
  16. හමුවීම සතුටක්.. ඊයෙ රෑ පිටකොටු මෙහෙයුමට සහභාගී වීමට නොහැකිවීම ගැන මගේ කනගාටුව ..

    ReplyDelete
    Replies
    1. මොකද්ද බන් පිටකොටු මෙහෙයුම:?

      Delete
    2. උඹ කොරපු හරිය මදෑ.. කොල්ල කොළඹ බෑග්ගෙක මන්නාරමේ!!!

      හමුවීමනම් ලොවෙත් සතුටක් ඩෙංගුවා..

      Delete
    3. ඒවා යුධ රහස් කටුස්සෝ.. හෙළිකලොත් මරණ දඬුවම්.. හැක් හැක්..

      Delete
    4. ඉටපියව් ගලවන්න වත්තරේ
      http://padanguwa.blogspot.com/2015/03/blog-post_27.html

      Delete
    5. මදූ.. ඒකෙ කොමෙන්ට් ටික කියෙව්වම පෝස්ට් එක අමතක උනා බං.. ඇනෝ ල පට්ට වලි නෙ :)

      Delete
  17. ජයවේවා... කමී... උඹ හරි දයාබරයි.... අනිත් හිටපු එවුං ඔක්කොමත් එහෙමයි...

    ReplyDelete
    Replies
    1. උඹට ඔය ටික සින්දුවක් වගේ තාලෙට කියන්න තිබ්බ පොඩ්ඩක් රෑ වෙනකං හිටියනම්.. හෙළුවෙන් උපන්න අපි කාට මොන ආඩම්බර පෙන්නන්නද බං.. මට උඹල ඔක්කොම වටිනව මොකද උඹල ඔක්කොමත් මං වගේම හිතන නිසා..

      Delete
    2. මම ඊයේ රෑ 10.30 ට කොළඔ හිටියේ..දන්නවානම් ඔලුව දානවා

      Delete
    3. අපරාදේ බං.. 10:30 වෙනකොට හැමෝම වගේ උඹව අඳුන ගන්න පුළුවන් තරමට සිහියෙන් හිටියා..

      Delete
  18. යනමඟ දුකක් නොවිනිද සබඳිනි කලණ
    විප්‍රවාසෙ ගතවී යයි මගේ දින
    හමුවන්නට ඔබසැම ගමරට පැමිණ
    හැකිවෙද සිතෙයි නිමවන තුරු මගේ පණ.

    ReplyDelete
    Replies
    1. මුව මස් ගෝණ මස් හා....... ඌරා කන්න
      කැලයක් තියෙන පැත්තක.... ඕනා ඉන්න
      එතකොට උඹට දැන් වගෙ වයි ෆයි යන්න
      බැහැ නොවැ ඉතින් හිටු තව ඩිංගයි ඔන්න... :)

      Delete
  19. අම්මපා මාවත් මතක් කරාද ඈ..........................හබ්බේ...............තන් තෝසේ බැරුවා..........මම ආවනං එහෙම ආපහු එන්න වෙන්නේ තැපෑලෙන් කියලා අන්න මං සජ්ජටත් කිව්වා. හැබැයි අපරාදේ උඹව මුණගැහෙන්න තිබිච්ච චෑන්ස් එකක් මිස්වුනා. බලමුකෝ බලමුකෝ.

    ReplyDelete
    Replies
    1. නැතුව පුලුවනෑ හදිසියකට යුධ උපක්‍රමයක් වත් අහගන්න ඉන්න ඔබ තුමා මතක් නොකර.. අප්සෙට් එක කියන්නේ මේ යක්කු මට ඕක සජීවීව කියාගන්න දුන්නෑනෙ.. ඔන්නොහෙ මං පුරුදු විදියට බ්ලොගේම කිව්ව.

      හරි අපූරු මිත්තරයෝ ටිකක් හම්බුනා.. ඒත් හැමෝම වගේ හෙවුවේ 'විචා' නැද්ද කියල තමයි.. පට්ට මිසින්.. විශේෂෙන්ම අර ෆොටෝ ඇල්ලිල්ල.. අටමනම් දෙයියන්ට බුදුන්ට කියුව නැති එක හොඳයි කියල.. ඒ ගැන ඌම කියයි ඇයි කියල වෙලාවක..

      හැරෙන තැපෑලෙන් වගෙම නෝමල්, ලියා පදිංචි තැපැල් වගේ තමයි ගොඩක් දෙනෙක්ම ගියේ.. දෙතුන් දෙනෙක්ව පාර්සල් කරල යවන්නත් උනා.. ඔබ තුමාත් හිටියනම් ඉතින් ඔය මොකක් හරි තැපෑලකට දාන්න තිබ්බ.. ජය ශ්‍රී!

      Delete
    2. එහෙනං අර අනුරාධපුරෙට පටවපු පාර්සල් එකත් එක්කම පටවන්ඩ තිබ්බා නේ

      Delete
    3. කොහෙද උඹලට ඒකවත් හරියට කරගන්න පුළුවන් උනාද?ඒ පාර්සලේ යැවුවෙත් කෑලි දෙකකටනේ

      Delete
    4. කසුට්ටා , පරිසර අධිකාරියේ එවුන්ට මදුරු පනුවො මේං කියල දියබරියො පෙන්නුව කියල ආරන්චියි.

      Delete
    5. මොන පරිසරද බන්....උන් අහන්නේ වෙන එකක්.මම උත්තර දෙන්නේ තව මගුලක්.උන්ට දුක හිතිලද කොහේද අනුමැතිය දුන්නා.පැය භාගයක්වත් ගියේ නෑ.

      Delete
    6. අනුමැතිය හම්බුනානම් ඒ සතුටට අරක්කු පැත්ත පළාතකවත් නැතුව පාටියක් දීපිය.. (මතක ඇතුව යනකොට බෝතලයක් ලෑස්ති කරල තියපං අපිට ඇවිත් උඹ නැති තැනක බොන්න..) හැක්..

      Delete
  20. මම ඊයේ වෙනකන් හිතන් හිටියෙ කමියා කියන්නෙ ටිකක් වයසක මනුස්සයෙක් වෙන්න ඇති කියල :P. සම්පුර්ණයෙන්ම වැරදියි ඒක. අර කෙට්ටුම කෙට්ටු කටුස්සත් එක්ක හෙන ජැන්ඩි පහට ඇඳගෙන ඇවිත් හිටිය අවුරුදු 18 ක විතර කොලු ගැටයෙක්, මෙන්න මේක ගත්ත කටටම කියපි මම තමා කල්‍යාන මිත්‍ර කියල :D. මට හෙන අප්සට් ඒකට, වෙන මොකවත් නෙමේ අංකල් කියල කියාගන්න බැරි වුන එකට :P. ඇයි ඉතිං මම හිතන් හිටියෙ මේකා හෙන නාකියෙක් වෙන්න ඇති කියල නෙව :P. හැබැයි හෙන නිවුණු මනුස්සයෙක් කියල නම් දැක්ක හටියෙම තේරුනා. හමු වීම සතුටක් කමියෝ :D. දිගටම ලියමු. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අපි ආපු ගමන් බෑන්ඩ් එකේ උන්ගෙන් ඇහුවේ මනා (මං හිතන් උන්නේ මානා කියල..) කියල එකෙක් ආවද කියල.. පස්සේ උඹේ 'නොමනා' මූණ දෙක්ක ගමන් හිතුනා මූ මොකෙක් හරි බ්ලොග් ලියන එකෙක් වෙන්නැති කියල.. හැක් හැක්.. සින්දුව නම් එළ.. සින්දුව ලියපු දිලා කෙලිත් එල.. උඹල දෙන්න ඉස්ටේජ් එකටනම් හොඳට ගැලපුනා හැබැයි.. හොයල බැලුවෙ නැද්ද මොකුත් වේකන්සියක් හෙම?

      Delete
  21. තවත් හිත හොඳ මිනිසුන් පිරිසක් හඳුනා ගැනීමම මට නම් ඇතිය...

    ReplyDelete
    Replies
    1. මම මාතලන් අයියට අන්තිමේටම කතා කලේ. හැබැයි මගෙ හිතේ මැවිලා තිබුන රුප සොබාවෙම තමා හැබෑ පුද්ගලයගෙත් තිබුනෙ. යන්න ලෑස්ති වෙනකං කතා නොකලේ ලොකු කමකට එහෙම නෙමෙයි හොඳේ :D. හමු වීම සතුටක්.

      Delete
    2. අනේ මනා බොරු කියන්න එපා... ඔයා හිතං හිටියේ කළු කෙට්ටු රැවුල උඩ අතට කරකවපු මරුමුස් පොරක් නෙමේද? "මෙයා සෝස පාටයිනේ

      Delete
    3. @ඔමාගේ හීන- Apurvi, අම්මපා ඕමා අක්කෙ මම හිතන් හිටපු විදිහෙම ඩයල් එකක්.ආයෙ බොරු නෙවේ :D. සීයට අසුවක් විතර හිතන් හිටපු කෙනාම තමා.

      Delete
    4. තවත් හිත හොඳ මිනිසුන් පිරිසක් හඳුනා ගැනීමම මට නම් ඇතිය... x 2 ඒ අතර තුර වසරේ බ්ලොග් කරුවාද සිටීම ඒ වාගෙම වටීය..

      Delete
    5. මනා ඔමා අටං.. අමුවෙන් සෝසයි අනුමත උනාම සතුයි.. සතුයි කියන්නේ උණු උණු සතු.. රෙඩ් හොට්.. හක් හැක්.. මාතල වගේ උන් එක්ක සෙට් වෙන එක වැඩිපුර අනුමත වීමට හේතුවකි.. හරියට යසපාලිතගෙ ෆිල්ම් එකක් වගේ රස සාගරයක් නෙ..

      Delete
  22. අපේ ආච්චිගේ ඉදං කට්ටියට කියන්න දේවල් ගොඩක් උඹට තිබුනට මටනම් උඹට කියන්න දෙයක් නෑ කමියා.ඒ මිත්‍රත්වයට දැනට උඹට මේක දෙන්නම්.
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා.....

    ReplyDelete
    Replies
    1. අඩේ කටුස්සා මන්නාරමේ ගිහිං ඇවිත් සැහෙන්න මහන්සි ඇති නේ. බොමුද සීතල ගල් බෝතලයක් :P.

      Delete
    2. ආච්චිලාගේ විස්තර කලින් පෝස්ට් එකේ ලියුවනේ බං..
      ඔය උම්ම එක දෙන්න තිබ්බේ මන්නාරම බස් එකේ කොන්දට.. හැක් හැක්..

      Delete
    3. මනා විස්කි බොල විස්කි.. මොනව උනත් ජීවත් වෙන රස්සාවනේ කියල මූ ගල් එක්ක සෙල්ලන් කරන්නේ නෑ..

      Delete
  23. කලා හිතෙන් කවි සීපද මල පැන්නා
    කලන මිතු තොමෝ කවි කීමට දන්නා
    කලා වැවෙන් දිය දෝතක් ගෙන එන්නා
    අප මිතු තුමා සැම දෙවියෝ රැක දෙන්නා

    ReplyDelete
    Replies
    1. ඉක්මන් කෝපයේ ඇති නුහුගුන පැන්නා
      මිතු යුතුකමේ වගකීමට මම රුන්නා
      සැබැ මිතුදමේ යස අරුමය පෙන්නා
      නිදි දෙව් දුවට හෙන කනුවක් මූ දුන්නා

      Delete
    2. ස රස තොමෝ ටොයි බයි දෙකටම කැමතී
      බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා යතී
      කලාහිතෙන් කලා වැවට වතුර දෙතී
      වෙලාවක ඇවිත් සෙට් වෙනවට කැමතී! :)

      Delete
    3. අටමෝ උඹේ කෝපය ගැන මම දන්නා
      යහ පාලනේ ගැන දුටුවද මල පැන්නා
      පස් දෙනෙකුත් අරන් උඹ පිටකොටු එන්නා
      බස් එකටත් දමූ පසු ඌ ආපහු පැන්නා..

      Delete
    4. කවිය නිසා සැකයක් දැන් සිතට නැගේ
      බසයෙන් පැන්නේ කවුදයි මට මැවී පෙනේ
      විකසිතවුනේ මගුලකටදැයි අටම් මලේ
      මැකී ගිහින් "පෙටා මිශන්" මතක පොතේ

      Delete
    5. දැකලා තිබ්බත් ඉස්සර කටුස්සන් ගොඩක්
      පාට වෙනස් වෙන හැටි බිව්වහම මූ වහක්.. :)

      Delete
  24. උඹට කවියෙන් උත්තර දෙන්න නම් හැකියාවක් නෑ කල්‍යාණ මිත්‍ර. නමුත් ෂෝයි කයි ටිකක් පද බැඳලා තියෙන්නේ උඹ.

    ReplyDelete
    Replies
    1. ඔය කයි පද බඳින එක මගේ විනෝදාංශය උනාට සමහරුන්ට කවි රස විඳින්නවත් තේරෙන්නේ නෑ ඩූඩ්. එහෙව් එකේ මෙහෙම වර්ණනාවක් ලැබුන කියන්නේ සෑහෙන්න ලොකු දෙයක්.. කවි වලින් ගොඩ ගිය කවුරුත් නෑ මං හිතන්නේ ලෝකෙ.. ඒ නිසා වෙන මොනව හරිත් ලියන්නෝනෙ.. හැක් හැක්..

      Delete
  25. කයි පද බදින්න වස කම්මැලියි ඕයි.

    ReplyDelete
    Replies
    1. කයියට වැඩිය ලස්සනට කියන්නෝනෙ ටික උඹ කිව්වනේ..

      Delete
  26. කවි ටික නම් මරු..

    ReplyDelete
    Replies
    1. නෙළුම් යාය ගැන අදහසක් නද්ද වර්ණ?

      Delete
  27. ආමි, කවි කියවා බැලූයෙමි
    තතු නොදනිතත් වැඩි,
    කවි රසය මම වින්දෙමි..

    ReplyDelete
    Replies
    1. ස්තුති ඇනෝ විත් කවි රස වින්දාට
      දන්නැති නම් අනේ මෙහි ඇති කියවන්ට

      Delete
  28. කියවා රස විඳිමි සැබවින් ආ ලෙසට
    කල යුතු අන් යමක් නැත පූරුවෙ කල පවට

    ReplyDelete
    Replies
    1. පෙර පව් කලේ අප වැනි උන් ගල් වැලි හා ගැටෙන්න
      දුර උන නමුත් හිත ලඟනම් ඒ ඇති පින් ලබන්න

      Delete
  29. අන්තිම මොහොත වෙනකන් ට්‍රයි එක දුන්නේ පැනගන්න
    පෙරැම් පුරාගෙන හිටියේ නෙඵම් යායට සෙට් වෙන්න
    හිතෙනවා එන්න දුන්නේ නැති ලෝක්කාගෙ බෙල්ල මිරිකන්න
    හැමෝටම ඡයවේවා එල ද බ්‍රා බ්‍රෑන්ඩ් එක ගල් වෙන්න

    ReplyDelete
    Replies
    1. ඉන්නේ බදුල්ලේ කොල්ලා එයි කරට
      වැඩියම සතුටු අද මෙන්ඩගෙ කවි වලට

      Delete
  30. ///හෙළුවෙන් උපන්න අපි කාට මොන ආඩම්බර පෙන්නන්නද බං.. මට උඹල ඔක්කොම වටිනව මොකද උඹල ඔක්කොමත් මං වගේම හිතන නිසා..///
    කවියට වඩා මට හිත ගියේ මේ කමෙන්ට් එකට...... අනිවා ඇත්ත......

    ReplyDelete
    Replies
    1. ඒක හරි ය.ශ්‍රී. ඒක තමයි 'පලමු හමුවේදීම මේ වගේ ප්‍රේමයක්' ඇතිවෙන්නේ..

      Delete
  31. උදේ පාන්දර උඹේ sms එක වටිනව බං මේ හැම දේට වඩා....

    ReplyDelete
    Replies
    1. මට අටම කියුවේ ඌ ගාව නොම්මරේ නෑ කියල අහල බලපන් කියල.. ඒ නිසා මේ කොමෙන්ට් එක පාස් වෙන්නෝනෙ හරිනම් අටම් ට.. (මං අන්තිමට දකිද්දි උඹ හොඬට හිටියනෙ බං.. හැක් හැක්)

      Delete
    2. මම සැපට නිදියගත්ත, වෙන අවුලක් තිබුනෙ නෑ. මගෙ ගෝලයෙක් ආවෙ ටැක්සිය අරන් ඕක කොහොමත් මාව ගෙදර ගෙනිහින් දානවනෙ.

      Delete
    3. අපිටනම් ආරංචි පිලේ තමයි එළිවෙනකන් ඉන්න වුනේ කියල.. හැක්.. බලපන් මේ අටම ගහන කාඩ්..

      Delete
  32. කලින් කමෙන්ට් එකක් කෙටුවට කවි ටික ගැන කියන්න බැරි උනා...
    කවි ටික නියමයි. උඹට මේ ටික කියන්න නොලැබුණු එකනම් අපරාදේ.. හෙහ්

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ නියාය පත්තරේ නම තිබ්බනෙ.. සුවනියර් එකෙත් තිබ්බ.. ඒක බෝනස් එකක් වගේ.. හැක්..

      Delete
  33. අපිට ඉතින් ඕව ඔක්කොම මිස් වෙනවනේ ... දුක තමයි රන්ජනී ... පස්සේ කාලෙක වත් සෙට් වෙමු ... කවි ගැලපිල්ල අපුරුයි ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් දෙනෙකුට එහෙමයි.. හිත තියෙන එකම ලොකු දෙයක්.. ලංකාවට ගොඩ බැස්ස වෙලාවක සෙට් වෙමු.. තැන්කූ කිව්ව වර්ණනාවට හැක්..

      Delete
  34. Kohomada ban mata ubala okkomallama miss une? Mama awe nethi nisaada? Danne nethi nisa ehuwe. Jaya sri

    ReplyDelete
    Replies
    1. අනිවා.. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගේ අවුරුද්දකට දෙහෙකට වතාවක් එබුනම අලුත් එවුන් මිස් වෙනව මචං.. අපි තාම මේවට අත දරුවොනේ. මොනව උනත් ආපු එක පට්ට වටිනවා.. ජය ශ්‍රී!

      Delete
  35. හැමතැනම දැක්කා කමියාගේ කවි කියලා කතාවෙනවා..අදනේ දැක්කේ ඉතින් කවි ටික..අපූරු කවි ටික කමී..:)

    ReplyDelete