Monday, 6 April 2015

ඇත්ත ආදරේ හා බොරු ආදරේ.. A Tear Bewails

Photo courtesy: www.google.com

අප්පච්චි: මගෙ සුදු දුව ඔයා වැඩියෙන්ම ආදරේ කාටද? මම වට පිට බැලුවා .. ආච්චි, සීය , අම්මා, අප්පච්චි මං දිහා බලන් ඉන්නවා.. ඒ හැමෝම තනියෙන් ඉඳන් ඒ ප්‍රශ්නෙ ඇහුව වෙලාවට එ ඇහුව කෙනාට තමා මම වැඩියෙන් ආදරේ කියලා මම කියල තියෙනවා.

මම වැඩියෙන්ම ආදරෙ ම්.ම්.ම්.ම්. වැඩියෙනම් ආදරේ බිත්තියට

හැමෝම හය්යෙන් හිනාවුණා. මම කිව්වෙ ඇත්ත කියල පෙන්වන්න,, මම දුවගෙන ගිහින් බිත්තියට හොඳ උම්ම එකක් දුන්නා

අප්පච්චි: හැබැයි මගෙ දෝනි මට පොරොන්දු උනා මම නැති කාළෙක අම්මයි නංගියි මල්ලියි බලාගන්න

සීයා: එයා ආච්චිවත් බලාගන්නව කිව්වනෙ ආදරෙන්

මම: සීයාවත් බලාගන්නම්.. සීයාට ඉතින් කන්නාඩි දෙකයි. බුලත් හෙප්පුවයි, හැරමිටියයි නේ ඕනි? ආච්චිට නම් කෝලිකුට්ටු, තල , පුහුල් දෝසි නෙ?

මම ඇත්ත කිව්වමත් එයාලා හිනාවෙනවා බොරු කිව්වමත් එයාල හිනාවෙනව

කාලයක් ගතවුනා

හදිසියේ අසනීප වුණු සීයා අපිව දාලා ගියා.

ආච්චි එයාගෙ මිනීපෙට්ටිය ළඟ පුටුවක් තියාගෙන වාඩිවෙලා අඬ අඬා හිටියා.. කෑවෙත් නැහැ, බිව්වෙත් නැහැ. නිදාගත්තෙත් නැහැ..

"පව් දෙය්යනේ දැන් ඉතින් තනි වෙලා නෙ?" කියලා තමයි ආපු කෙනෙක් කිව්වෙ

මම: ආච්චි, මම කවදාවත් මැරෙන්නෙ නැතුන් ආච්චිව බලාගන්නම්.. මුළු ලෝකෙන්ම මම වැඩියෙනම් ආදරෙ ආච්චිට තමයි. ආච්චි මහ හයියෙන් ඇඬුවට ඊට පස්සෙ මාව උකුලෙ තියන් මයි හිටියෙ.

අම්මා දොර රෙද්දෙන් එබිකම් කරලා මට ඔළුවෙන් කතා කරල දොඩම් වීදුරු දෙකක් දුන්නා ආච්චිටයි මටයි. මම අරන් ඇවිත් ආච්චිත් එක්ක ඒක බිව්වා

මම කිව්වෙ බොරුවක්.. ආච්චි ඇඬුවට දැන් එයා බිව්වනෙ මට හිතුනෙ.

ඊට පහුවෙනිදා සීයා භූමදානය කරන දවස. මම සීයගෙ කණ්ණාඩි කුට්ට්මයි, ටොර්ච් එකයි බුලත්  විටකුයි හකුරු කෑල්ලකුයි මගෙ රතු පාට අත් බෑගයට දාලා අම්මා දුන්නු අලුත් සුදු ගවුම ඇඳගත්තා.

හැම එකටම ඇඟිලි ගහන අම්මට මම රතු බෑග් එකක් කරේ දාගෙන ඉන්නෙ ඇයි කියලා අහන්න අමතක උනා.
හැමෝම අඬද්දි ලොකු මාමයි අප්පච්චියි ඇඬුවෙ නැහැ. ඇයි කියල නම් දන්නෙ නැහැ. හැබැයි ඇඬුවෙ නැහැ. මිනීපෙට්ටිය සොහොනෙදි ඇරියම හැමෝම ඇඬුවා. ආච්චිව වාහනේට ගෙනියන්න කියල ලොකු මාම කිව්වෙ හොඳ වෙලාවට. මම රිංගල ගියා සීයා ළඟට. අප්පච්චි මාව වඩාගෙන කිව්ව සීයට කතා කරන්න දෝනි කියලා.. 

"සීයෙ මම ආච්චිට වැඩියෙන්ම ආදරෙයි කිව්වෙ බොරුවට හොඳේ. එයා අඬන නිසා තමා කිව්වෙ. "බෑග් එක ඇරලා මට ඕනි දේවල් මම සීයගෙ අත ළඟින් තිබ්බා "සීයාගෙ කණ්ණාඩි කුට්ටමයි ටෝර්ච් එකයි මෙන්න බුලත් විටකුයි තියෙනවා. බුලත් විට මත් උනොත් හකුරු කෑල්ල කන්න හොඳේ.. පල්ලම් බහින්නේ පරිස්සමින් ඔන්න මම නෑනෙ සීයව අල්ලන් යන්න..." සීයගෙ මූනට පාත් වුනෙ ලොකු උම්මා එකක් දෙන්න. ලොකු කඳුළු බිඳු දෙකක් සීයගෙ මූනට වැටුන.. කඳුළු අප්පච්චිගෙ.. කෑගහල ඇඬුවෙ නැතත් හය්යෙන් හිනාවෙන කොට වගෙ අප්පච්චි ගැහුණා. අප්පච්චි අඬනවා. මම ඇත්ත කිව්වම එයා මොකෝ අඬන්නේ? ලොකුමාමා "ඔය දරුවා වාහනේට අරන් යන්න" කිව්වම මාව අතෙන්  අත මාරුවෙලා මං නොදන්න මාමි කෙනෙක් මාව වෑන් එකට වඩා ගෙන ගියා. වෑන් එකේ ඉන්න කොටයි මට මතක් උනේ නෙළුම් මල්..මං ආපහු සොහොන ළඟට දිව්වා.. මිනීපෙට්ටිය වල ඇතුලෙ. හැමෝම පස් මිට මිට අරන් දානවා. මම පොඩිවිච්ච නෙළුම් මල් දෙකක් අරන් ලොකු මාමාටයි අප්පච්චිටයි එක එක දුන්න. 

" ලොකු මාමි සීයගෙ  මරණෙට පස් මිටක්වත් දාන්න ආවනං ඇති කියලා සීය මට කිව්වා.. ඔයා හොඳයි ලොකු මාමි" මම කිව්වා..ලොකු මාමිගෙ මූණ කළු උනා. ඇස් රතු වුණා. අඬන්න තමා හදන්නෙ මට හිතුණා..ඉතිරි නෙළුම් මල් වලින් වැඩිය තැලිච්ච නැති මලක් අරන් වලට දාලා මම අප්ප්ච්චිව හෙව්වා. අප්පච්චියි මාමියි බදාගෙන ඉන්නව මුකුත් නොකියා.. ඇස් වල කඳුළු ....මම හැරිච්ච ගමන් දිව්වම දිව්ව වෑන් එකට. ඇත්ත කිව්වමත් අඬනවා.. 

කාලයක් ගත්වෙලා  අප්පච්චි අපෙන් වෙන් වුණා. මහ හය්යෙන් කෑ ගහල මට අඬන්න හිතුනාට මම ඇඬුවෙ නැහැ. "අනේ අප්පච්චි මුළු ලෝකෙන්ම මම වැඩියෙන්ම ආදරේ ඔයාට" කියලා මට කටක් ඇරල කියන්නම බැරි වුණාඒත් මල්ලියි නංගියි අම්මයි බලාගන්නවා කියලා මම හිතින් කියලා අප්පච්චිගෙ හීතල නළල ඉඹලා පොරොන්දු වුණා.. මට එදා අඬන්න බැරි වුණාට  මම හැමදාම අඬනවා. හැමෝටම හොරෙන් " අනේ .. අප්ප්ච්චි හිටියනං... කියලාදැන් මම මල්ලිටයි නංගිටයි ආදරේ.. ඒත් ඒක ලොකුම ඇත්තද? බොරුවද කියලා මට හිතා ගන්න බැහැ.එහෙම නැත්නම් මගේ ආදරේද ලොකුම බොරුව?නංගිටයි මල්ලිටයි මම ආදරෙයි කියන්නත් බයයි.. එයාලාත් මාව දාල ගියොත්? ඉතින් නංගි මල්ලි හරි " අක්කි ලෝකෙ වැඩියෙන්ම කාටද ආදරේ? " කියලා ඇහුවම මම කියන්නෙ... " අප්පච්චිට " කියලා ඒක බොරුවක් තමා. ඒත් කවුරුත් ඒක අහල අඬන්නෙ නැහැ.. හොරෙන් මම ඇරෙන්නමට  දුක ඇයි දන්නවද? මම මැරුණම මගෙ සොහොනට එකම එක සැරයක් සුදු නෙළුම් මලක් තියන්න කෙනෙක් නැතිවෙයි කියලා..

හංසමාලී

********************************

මේ කාලයේ කොටසක් බ්ලොග් ජනප්‍රිය කරන්න කියලා ලොකු උත්සාහයක් ගන්න අතරෙම සමහර ප්‍රවීණ (ප්‍රවීණ කියනෙකේ පරණ කියන අදහසත් තියෙනවනම් මෙතනට ප්‍රවීණ කියන වචනෙ හරියටම ගැලපෙනවා) බ්ලොග් කරුවන් හා කාරියන් බ්ලොග් වලින් කෙමෙන් ඈත්වෙලා ෆේස් බුක් හා ට්විටර් වගේ (බ්ලොග් වලටත් වඩා) ඩයිනමික් මාධ්‍ය වලට ගොනු වෙනවා.. ඒ වගේම සමහරු ඉන්නව බ්ලොග් ගැන දැනුවත් භාවයක් නැති නිසා හා බ්ලොග් ලෝකයට පිවිසීමට හා ආකර්ශණයක් ගොඩ නගා ගැනීමට ඇති අපහසුව නිසා බ්ලොග් එකකට වඩා ෆේස් බුකියටම සින්න වෙලා ඉන්න කොටසක්. නමුත් ඒ අතර ඉන්න සමහරුන්ට ඉතා ඉහල නිර්මාණාත්මක හැකියාවක් තියෙනව.. මං මීට ටික දවසකට කලින් මේ වගේ මූණු පොතේ ඇතිඋනු කවි සංවාදයක් මගේ බ්ලොග් එකේ දැම්මා.. ඒකට මුල් වුණු ඒ කවිකාරිය මගේ ප්‍රදේශයෙම තරුණ කිවිඳියක් වීම මට ලොකු සතුටක් උනා. ඇගේ කවි හැකියාව ගැන මං පැහැදීමකින් හිටියත් අද මට ඇගේ තවත් හැකියාවක් දක්නට ලැබුනා.. ඒ තමයි මේ ඉහළින් දැක්වුනු ගද්‍ය කාව්‍යය. නිර්මාණයක් ලෙස එය ඉතා සාර්ථකව සිතට වදින්න ඉදිරිපත් කිරීමට ඇය සමත්.. ඉතින් ප්‍රියන්ති හංසමාලී නම් වූ ඒ සුන්දර කලාකාරියට දක්වන අනුග්‍රහයක් ලෙස ඒ නිර්මාණය මෙසේ මෙහි පල කරන්නේ ඇගේ පූර්ණ අවසරය සහිතවයි. අනාගතයේ දවසක ඇය තුලින් තවත් බස්සී කෙනෙකු, ඔමා කෙනෙකු, දිලා කෙනෙකු බිහිවනු දැකීම මගේ අපේක්ශාවයි. ඔබේ අදහස්ද ඇයව දිරිමත් කරාවී. ස්තූතියි.


123 comments:

  1. මොහොතකට හදවත නැවතුනා වගේ දැනුනා. පුදුම සංවේදියි. ... කියන්න දෙයක් ඔලුවට එන්නෙ නෑ.. උපරිමයි.. විශිෂ්ඨයි.. සුභපැතුම් හංසමාලි.. දිගටම ලියන්න. බ්ලොග් අවකාශයටත් එන්න.. ජයවේවා..
    කමියා.. කියන්න වචන නෑ.. බ්ලොග් ලෝකෙ දිග්විජය කරන්න පාර පෙන්නලා ඈතට වෙලා බලා ඉඳපන්... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. නෙතු අගට් කඳුළු එක් කළ කමෙන්ටුවක්. ස්තුතියි බොහෝම

      Delete
    2. සජ්ජා උඹ තමයි ලකී විනර්.. ඉබ්බියෙක්ගෙං පිහාටුවක් ගලවනව වගේ බොහෝම මහන්සිවෙලා හංසිට කියල දා ගත්ත පළවෙනි කොමෙන්ට් එක බ්ලොග් එකක.. ජය ශ්‍රී!

      Delete
    3. උඹ මොකද මේ යටිං එල්ලෙන්න එන්නේ හැම එකේම :P

      Delete
    4. ගමේ වැල ගමේ කපුටන්ට ඩෝ.. මීයක් කඩන්නේ අතවත් ලෙවකන්න බලාගෙන.. හැක්..

      Delete
    5. යකෝ මූණ බලාගෙන "වැලේ" කියල ඔහොමත් කියනවද.. හැක හැක....

      Delete
  2. හදවත ටික වෙලාවකට නතරකරන්න සමත්වුන සංවේදී නිර්මාණයක්.සුභපැතුම් හංසමාලී.මේ වගේ නිර්මාණ තව සියගනන් බිහිකරලා ජනතාකරණය කිරීමට අවස්තාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

    හැට්ස් ඔෆ් කමියා...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි. කටුසු හදවත. ලියන්න නම් ආසයි

      Delete
    2. හම්මේ.. බලපන්කො කටුස්සගෙ හිනාව.. හැක්..

      Delete
  3. ආකෘතිය හොඳයි.දිගටම ලියමින් ලිවීමේ හැකියාව දියුණු කරගන්න.හඳුන්වා දීම ගැන කමියාටත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. හුඟක්ම හැලපෙ කඩේ

      Delete
    2. වෙල්කම් හැලපයියා.. මේ දවස්වල බ්ලොග් කාරියක් ට්‍රේනින් කරනව.. හැක්.

      Delete
  4. හරිම සංවේදි නිර්මාණයක්. කියවන් යනකොට අවධානය වෙනස් උනේ නැහැ. බ්ලොග් ලෝකෙට එන්න කියල ආරාධනා කරනව හන්සමාලිට. තව තවත් නිර්මාණ බිහි කරන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව.
    ඒ වගේම කමිටත් ස්තුතිවන්ත වෙනව මේ වගේ දක්ෂ අයට ඔවුන්ගේ නිර්මාණයන් තමන්ගෙ බ්ලොග් එක හරහා අපිට කියවන්නට අවස්ථාවක් ලබා දීම සම්බන්ධව.
    දෙන්නටම ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. //දෙන්නා වෙනුවෙන්ම හුඟක් ස්තුතියි. තියෙනවා// හැක්.. ගූගල් ට්‍රාන්ස්ලේශන් එකක් වගේ.. ඔහොම යං ඔහොම යං.. :)

      Delete
    2. ස්තුතියි තව පාරක්.. තනිකම ටිකක් රිදෙන අපේ ජීවිත එක්ක බැඳුණු දෙයක් නෙ?

      Delete
    3. මෙන්න මුල් කොමෙන්ටෙක මකලෝ.. වැඩක් නෑ. මං වැට ගහපු එක එහෙම්ම තියෙනවනේ..

      Delete
    4. @කමි
      අඩේ //දෙන්නා වෙනුවෙන්ම හුඟක් ස්තුතියි. තියෙනවා// ඕක කවුද දාල තිබ්බෙ. මම දැක්කෙ නෑ නෙව.

      @හංසමාලි
      //තනිකම ටිකක් රිදෙන අපේ ජීවිත එක්ක බැඳුණු දෙයක් නෙ?//
      ඒක ඇත්ත. බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තනම් මොකද ? :).

      Delete
    5. කවුද ඉතින් රෙකෘට් හංසමාලි මිසක්.. මං ඕක දාල වැට ගැහුවට පස්සේ මකල වැඩක් නෑ. හැක්..

      Delete
    6. ලොකුම මෝඩියෙක් වගෙ පැන්න වතුරට පීනන්න ඉගෙන නොගෙනම.. එදාම හැඩුව බ්ලොග් එකක්
      මනාගෙ පින්තාරුව

      Delete
  5. කියෝගෙන එද්දී කල්පනා කලේ මේ අපේ කමියද කියලා,, ඇත්තමයි මං ගොඩක් රස වින්දා එයා නම් හරිම දක්ෂ කෙනෙක්,, කෙටි කතාවක් ඇතුලේ කොතු කතාවක් එයා කියලා තියෙනවා..

    මාත් කාලයක් මාස ගානක බ්ලොග් වලින් ඈත් වෙලා බුකියේ හිටියා ඒත් දැන් නම් යන්නේ කලාතුරකින්.. ඒත් සමහර ගොඩක් නිර්මාණාත්මක හැකියා තියෙන අය බුකියේ ස්ටේටස් දදා කාළය ගත කරනවා එක හරිම අපරාදයක්,, අපේ කකත් වතාවක් ලීවා ,, ස්තුති කමි,,, යාලුවට කියන්න දිගටම ලියන්න කියලා, එයාට බ්ලොග් එකක් හදාගන්න අපි උදව් කරන්නම් කියන්න

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකක් කිරීමේ ඕනිකම නම් හුඟක් කල් තිබුණා. දැනුම තමා නැත්තේ. මූනු පොතේ නම් පේජස් කීපයක් කරනව මම. ලියනව මම නිතර ඉතින්. බොහෝම ස්තූති දිරි ගැන්වීමට ඔමාගේ හීනය

      Delete
    2. ඔමා.. ඔන්න යාලුවෙක් අපි කියනවට වඩා ගෑල්ලමයි කියනේව අහල හැදෙයි මයෙ හිතේ.. හැක්.

      Delete
  6. මටත් කවද හරි මේ ටිකම වෙයි නේද කියල හිතුන ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් තනිකම වගේම් තනියෙන් මැරෙන එකත් දුකක් තමා ඇනෝපිලිස්

      Delete
    2. උඹේ කොමෙන්ටෙක තේරෙන්න තරම් තාම අලුත් වැඩියි මුද්දෝ. මට නම් ශොක් උනා.. දෙයියනේ කියල දැම්ම එහෙම වෙන්නේ නෑ.

      Delete
  7. හිතට කෙලින්ම කතා කරපු කතාවක්.. ඇත්තටම අගය කරන්න ඕන කතාව වගේම මිත්‍රයා අපිත් එක්ක මේක බෙදා ගත්තට.. හැකිනම් ඇයට බ්ලොග් ලෝකයට අරගෙන එන්න.. ඇයට හොද නිර්මාණ හැකියාවක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ධිරිගැන්වීමට දිනෙශ්

      Delete
    2. //හැකිනම් ඇයට බ්ලොග් ලෝකයට අරගෙන එන්න..// හම්මේ බල්ලෙක් නාවන්න ගෙනියනවා වගේ.. මාර ගේමක් මේ දෙන්නේ ඒකට දිනේශ්..

      Delete
  8. උඩහ හැමෝම වගේ මාත් කියන්නේ බොහොම සංවේදී නිර්මාණයක්. කුඩා දැරියකගෙ සිතිවිලි ඇතුලට අපූරුවට කිඳාබැහැලා ඒවා ළපටි ලෙසින්ම ඉවතට අරං තියෙනවා. ඔමා කියනවා වගේ බුකියේ කාලෙ කනවට වඩා බ්ලොග් අවකාශයේ මේ වගේ අයට හොඳ තැනක් ගොඩනගාගන්න පුලුවන්. බුකිය කියන්නේ ඒ තරම් කොලිටි නිර්මාණ බිහිවෙන තැනක් නෙමේ. ඒවා සරල වැඩී. දිගට ලියන දේවල් බලන්නෙවත් නෑ බුකියෙ ඉන්න අය. ඊට වඩා මේ අවකාශය බොහොම හොඳයි. එන්න කියන්න.
    ස්තුතියි කළණ!

    ReplyDelete
    Replies
    1. හදපිරි නොවක් තුති මධුමාධවී

      Delete
    2. හැක්.. ඔන්න නගේ අත්ත බිඳෙයි පය බුරුලෙන් හොඳේ.. ඔය මදු මාධවී අක්ක (සමහර වෙලාවට මදුමධාවි අයියා) ඉන්නව නේද සමහර වෙලාවට ෆුල් සැන්ටිමෙන්ටල් කතා කියන්නේ.. අහු වෙනව එහෙම නොවෙයි..

      Delete
    3. මදුමධාවි අයියා,
      එයා අය්යෙක්ද? සොරි හොඳේ

      Delete
  9. මානව දයාව අංගුලිමාලගේ හිතෙත් තිබුනා. මරුසිරාගේ හිතෙත් තිබුනා. එය උපතින්ම මිනිසාගේ සිතෙහි පිහිටනවා. නමුත් තම තමන්ගේ සමාජානුයෝග මට්ටම අනුව තමයි ඒ මානව දයාව පිටතට එන්නේ. ළමා මනසක් දූෂණය වී නැති නිසා, හැඟීම් අව්‍යාජයි. අදහස් ඍජුයි. සමාජය සමග ගැටීමෙන් තමා ඒ මනස දූෂණය වන්නේ.

    ළමයකු සිතන ආකාරයට සිතා ප්‍රබන්ධයක් කිරීම, තනියම මහා ගොඩනැගිල්ලක් හදනවා වගේ අමාරු වැඩක්.

    ඒ අමාරු වැඩේ මෙලෙස සාර්ථකව කිරීම ගැන මගේ ආශිර්වාදය පිරිනමනවා.

    ReplyDelete
    Replies
    1. හිතට තව උත්සහ කරන්න දිරි ලැබුණා ඔයාගේ කමෙන්ට් එකෙන් + ස්තූතියි හොඳේ විචාරකටත්

      Delete
    2. පුංචි දැරියකට වැඩිහිටියෙකුගෙන් වටිනා ලොකූ තෑග්ගක්.. ස්තූතියි ඔබ තුමාට

      Delete
  10. හදවත රිදෙන.. හුස්ම හිරවෙන ලියවිල්ලක්... 'හංසමාලි'..., පින්සලකින් හදවතේ චිත්‍ර අඳින්න හැකියාවක් තියෙන ඇයගේ නිර්මාණ තව තවත් රසවිඳින්න ආසයි.කමියො... උඹ නම් එල කොල්ලෙක්.. එල කොල්ලෙක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස් ලබ්බෝ ( ඒක නේද නම?) හැබැයි ඔයා කට වරද්ද ගත්තා මම නිතර ලියනවෝ

      Delete
    2. පොඩි කාලෙ ඉඳන් මට කියන්නෙ 'උඹට හරි ගියොත් හරියන්නෙත්,වැරදුනොත් වරදින්නෙත් ඔය කට හින්දා' කියලා.දැං ඔයත් කිව්වා... හ්ම්.. කමක් නෑ.. අපි ඉන්නවා නිතර කියවන්න..

      Delete
    3. මේකි නිර්මාණ උල්පතක් ලබ්බෝ. ඉබ්බ දියට දාන්නද ඇහුවම ඇන්නෑවේ කිව්වලු කියනව වගේ ලියන්නයි කිව්වම දෙන උත්තර හැක්.

      Delete
    4. අන්න අන්න.. වරද්දගත්තනෙ.. ඉබ්බ කිව්වෙ 'දැං නෑවෙ' කියලා.ආයෙ දියට දාල හෙම්බිරිස්සාව එහෙම හැදුනොත්... හෙහ් හෙහ්....
      මම ආයෙත් කියන්නෙ.. උඹ නම් එළ කොල්ලෙක්..

      Delete
  11. සාර්ථක නිර්මාණ කරන්න සුභපතනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්

      Delete
    2. ටිපිකල් රාජ් ටයිප් කොමෙන්ට් ඇන්ඩ් නොට් සර්ප්‍රයිසින්ග්ලි සිමිලර් ටයිප් ඔෆ් ආන්ස්වර්.. හැක්.

      Delete
  12. කමියා උඹට බොහොම ස්තූතියි. හැමවෙලේම නොහිතා ඉන්න හදන දෙයක් හංසමාලි ඇස් ඉස්සරහට ගෙනත් බෝම්බයක් වගේ පිපිරෙව්වා.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ වගේ අයව බ්ලොග් ලෝකෙට ඇදල ගන්න පුලුවන් යමක් අපිට කලහැකි නම් ගොඩක් වටිනවා නේද?

      Delete
    2. ස්තූතියි බස්සී. දුවෙකුට අප්පච්චි ගෙ සෙනෙහස කඳුළක් මුසු සුවයක් ඇති කළේ නැතිනම් ඒ හිතේ මනුස්ස කමක් වත් තියෙනව කියලා හිතන්න බැහැනේ. මගේ අප්පච්චි මගෙන් දුරස් වෙලා දැන් අවුරුදු 05ක් ඉවරයි. ඒත් කඳුළු පුරෝගත් හිනා මූනකින් මිසක් මම අප්පච්චි ගැන හිතන්නෙ කතා කරන්නේ නැහැ තාමත්
      ප: ලි: ඔයාට ස්තූතියි හොඳේ බස්සී

      Delete
    3. මේක කියවපු මුල්ම වතාවේ මටත් මතක් උනේ බස්සිව.. හංසි මේ කොමෙන්ටෙක දාන්නත් කලින් මගෙන් බස්සි ගැන ඇහුවා..
      තව එකෙක් ලියන දිහා බලල සතුටු වෙන්නත් පුලුවන් මං හිතන්නේ ලියන උන්ට විතරමද කොහෙද..

      Delete
  13. එල ද බ්‍රා
    බ්‍රෑන්ඩ් එක ග්‍රින් ටි
    වැදුනා බෝක්කට..

    ReplyDelete
    Replies
    1. එලද බ්‍රා මෙන්ඩා
      ඔව්,
      වැදුණා බොක්කටම
      අගේ ඇති කමෙන්ටුව
      ස්තුතියි සප් එකට

      Delete
    2. පට්ට.. ඔය එන්නේ ගානට ටියුන් වී ගෙන.. එළද බ්‍රා

      Delete
  14. කල්‍යාණ මිත්‍ර කියන නමටම ගැලපෙන වැඩක් කරල තියෙන්නෙ එකෙක් ලියනවට ඉරිසියා කරන තැනක මේවගේ හැකියාවක් තියන කෙනෙක් හදුන්වා දීම ලොකු දෙයක්.
    හංසමාලි, හදවතට වදින වස්තු බීජයක් නියමාකාර ලෙස පැල කරල. බ්ලොග් ලෝකෙට පය තබන්න සුභ පැතුම් !!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොහෝම කම්මල

      Delete
    2. //වස්තු බීජයක් නියමාකාර ලෙස පැල කරල// ඒක දැක්කෙත් තේ පැළයක් වගේද? හැක්..
      මේ කම්මලය ඉස්පෙශල් බුවෙක්.. මං කියුව මගෙ හිතේ..

      Delete
    3. බ්‍රෑන්ඩ් එක සංස්ථා ඉස්පෙෂල් බුවෙක්.

      Delete
  15. ඇස්දෙකට කඳුළු ආවේ මටත් නොදනිම...
    ඇය හොඳ හැකියාවක් ඇත්තියක්... ජයවේවා...!

    ඇයට අත දීම ගැන උඹටත් මගේ ප්‍රණාමය...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බොහෝම ලොකු පුතේ

      Delete
    2. මේ නැන්දට හොඳට ලියන්න පුළුවන් ලොක්කෝ.. නිකං නැති නාස්ති වෙනව ලාබ බුකියට වැදිල..

      Delete
  16. හොඳ වැඩක්,දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි+ හා Manoj Fernando

      Delete
    2. කෙට්ටු උස කොල්ලෙක්ගෙන් කොට උනත් මහත සුභ පැතුමක්!

      Delete
  17. හදවත පතුලෙ තැන්පත්වෙලා තිබුනු ගැඹුරු හැඟුම් සමුදායක් අවධි කරන්න සමත් වෙච්ච බොහොම සාර්ථක සංවේදී නිර්මාණයක්. ඉක්මනටම ඇයට බ්ලොග් ලොව හා අත්වැල් බැඳගන්න ආරාදනා කරනවා.

    ඇයවෙනුවෙන් මේ කල මෙහෙයට, කල්‍යාණ ඔබට බ්ව්හෙවින්ම තුති.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි දිරිගැන්වීමට . ඔව් කලණය්යා කල මෙහෙවර අගය කරනව
      Manosh Sandaruwan

      Delete
    2. කවද හරි මනෝශ් ට හංසමාලි ගේ සිංදුවකට විචාරයක් ලියන්න ලැබේවායි කියල ප්‍රාර්ථනා කරනව.. අහ්! එක ගමේම දෙන්නෙක් නේ අනික.

      Delete
    3. බදුල්ලෙද එයා ?

      Delete
    4. https://www.youtube.com/watch?v=wnFmerbr_54
      lyrics magen honde

      Delete
  18. අැත්ත කමියා........ අැයට අපි සුභපතනවා.... මොනවා වුණත් ඔබ සැබෑ කතාවක් කියලා තියෙනවා... බ්ලොග් ලෝකය තවත් සුන්දර දියුණු තැනක් කර ගැනීමට ඔබේ දැක්ම වටිනවා කියලා අපිටත් හිතෙනවා

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුර,
      කුරුටු ගෑ කමෙන්ටුවට තුති :)

      Delete
    2. ඔය පවුර සීගිරි කැටපත් පවුර වගේ.. වෙලා තියෙන වෙලාවට ඒ පැත්තේ කුරුටු ගාල බලන්නකෝ තේරේවි හංසිටම. හැබැයි කොණ්ඩ කටුවකින් නෙවෙයි පන්හිඳෙන් හොඳද?.

      Delete
  19. සුභපැතුම් හංසමාලි.... විශිෂ්ඨයි නිර්මාණයක්. හුඟක් සංවේදීව දැනුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි, ( හුඟක්ම )

      Delete
    2. මෙන්න තවත් ගින්දර වගේ පුංචි කැකුළු මලක්.. හා හා අපි මොකද ඔය ගොල්ලොම කතා බහ කරල සෙට් වෙන්නකෝ.

      Delete
    3. අලුත් යාළුවෙක් අදුන්නලා දුන්නට ස්තූතියි ...

      Delete
    4. යූ ආ වෙල්කම් ඩියර්.. :)

      Delete
  20. කමිය මගේ ඇස් තවම අඬනවා.කොහොම හරි මේ කෙනාව බ්ලොග් කරළියට ගේමු. මේ අදහස් ගොඩක් වටිනවා. කතා කතෘ ටත් කමියට ත් ජය ශ්‍රී...

    ReplyDelete
    Replies
    1. තුතිමල් මිටක් දිලිනි ඔයාටත්

      Delete
    2. සම්මාන ලාභී කිවිඳියක් සංවේදී කරන්න කියන්නේ නිර්මාණය ඇත්තටම සාර්ථක ඇති. බ්ලොග් ලෝකෙට ගේන වැඩේ ඕල්මෝස්ට් ඩන්. සෙස්ස පස්සට.

      Delete
  21. ඇත්තටම සංවේදී කතාවක්..
    හිත නැවතෙනවා මොහොතකට..හංසමාලී,අපේ සුබපැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බොහෝම
      malithamadushan

      Delete
    2. මලිත මධුශාන් කලාහිතේ දැක්කේ පළවෙනි වතාවට. වෙල්කම් කියමි. දිගටම එන්න ආරාධනා කරමි. ගෙන්නන්න පුළුවන් තරම් නිර්මාණයක් කිරීම ගැන හංසමාලිට ස්තූති වෙමි.

      Delete
  22. කමිය, උඹ මේ දෙන තල්ලුව, අපේ ආදරණීය අගයකිරීම් සහ ඇගේ අපූරු ගෙතුම් අනාගතේ සුපිරි බ්ලොග් රචිකාවියක් බිහිකරයි කියල හිතෙනව. හන්සමාලිට සුභ පැතුම්...කමියට තුති!

    මේ කෙල්ලට බ්ලොගක් අටවගන්න අර තඩියගෙ පෝස්ට් ටික පෙන්නහන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බොහෝම ලස්සන හීන ලෝකයකට හිත අරන් ගියාට

      Delete
    2. //බොහෝම ලස්සන හීන ලෝකයකට හිත අරන් ගියාට// ඉඳල හිටල පොඩ්ඩක් ගෙරෙව්වට මෙයාට ඒ වගේ වැඩ හොඳට පුළුවන්.. හැක්..

      Delete
  23. අපූරු නිර්මාණයක් හංසමාලි..ඔබට සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ලස්සන හීන ලෝකයකට හිත අරන් ගියාට
      Ravi

      Delete
    2. //ලස්සන හීන ලෝකයකට හිත අරන් ගියාට// කොච්චර හීන ලෝකෙකට ගියාද කියුවොත් ස්තූතියි කියන්නත් අමතක වෙලා... හැක්.. රවී අයිය ගනන් ගන්න එපා මෙයා තාම එල් බෝඩ් :)

      Delete
    3. ස්තූතියි බොහෝම හොඳේ @Ravi

      Delete
  24. හිතට දැනෙන නිර්මාණයක්. තව තවත් හොද නිර්මාණ බිහි කරන්නටත් මේ වගේ කල්යාණ මිත්රයන් ලබන්නටත් ඇයට හැකි වේවා!.
    සාමාන්යයෙන් බල්ලො බුරන්නේ උන්ගෙ වසමෙදිනෙ. ඒ වගේම තමයි මිනිස්සුන්ගෙ performance. කවුරුත් perform කරන්නෙ තමන්ට comfortable zone එකේ. මමත් එහෙමයි.
    මම බ්ලොග් එකක් පටන් ගත්තෙ වෙන මොන හේතුවකටවත් නෙවෙයි මං මුලින් ලියපු කෙටි කතා දෙකම Face book පෝස්ට් එකකට තියෙන අකුරු සීමාව ඉක්මවපු නිසා. කතාව භාගයයි පේන්නෙ කියලා මැසේජ් එනකොට තමයි මට තේරුනේ කෙටි කතා වලට (මං ලියන දිග කෙටි කතා වලටා) FB comfortable නෑ කියලා.
    කෙනෙකුට බ්ලොග් අවකාශය හොදයි කියලා හිතෙනවා වගේම තව කෙනෙකුට වත් පොත ඊට වඩා හොද වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ලිවීම සදහාම කැප වන්නට බැරි ඉදහිටක ලියන කෙනෙකුට.
    කොහොම උනත් කල්යාණ මිත්රගෙ මේ අත දීමේ ගුණය මම ඉහලින්ම අගය කරනවා. එකපාරක් දාපු අම්මගෙ කවි ටිකත් රස වින්දට ප්රතිචාර දක්වන්න ඒ වෙලාවෙ වෙලා තිබුනෙ නෑ. නිර්මාණයක් රස විදිනවා වගේම එහි අඩුපාඩු පෙන්වලා දීම වගේම හැකියාවක් ඇති අයෙකුට අතදීම තවත් ලියන්නෙකු ලෙස ඔබ පෙන්වපු මහත්මා ගතියක්.
    (අත හිත "කලාහිතෙනි" කියලා ගහලා ඈ පටන් ගන්න බ්ලොග් එක කියවන්න ආසාවෙන් බලා ඉන්නවා)

    ReplyDelete
    Replies
    1. වියමන් කළ මුදු වදන් පෙළ ධිරි ගැන්වූව හිත නොසිතූ ලෙස සඳ වියමන් ට මගේ නොවක් තුති

      Delete
    2. සුපිරි කතා කාරියෙකුයි කවි කාරියෙකුයි එක්ක මං කොහොම තනියෙන් හැප්පෙන්නද? වටිනා කොමෙන්ටෙකට ස්තූතියි සඳ. අත හිත කළණ මාමාගෙනි කියල ඔන්න එකක් අටවල පෝස්ට් හතකුත් දාල ඒ ටිකට.. හැක්.. මං බලල ටිකක් පොලිශ් කරල ප්‍රමෝට් කරන්නම්කෝ.

      Delete
  25. කමියා .. උඹ මේ දුන්න තල්ලුවට මගේ රෙෂ්පට් එක. කතාව කියෝගෙන යද්දි සට සට ගාල පරණ සීන් මැවිලා පෙනුණා මචෝ.හංසමාලි මිස් …… ඔයා ලියන්ඩ.අපිත් දන්න දන්න හැටියට මොන මොනවා හරි කියල යන්න එනවා එකෙන්ම.ඕ යේස්.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    2. ලියන්නම් පත්තර මල්ලි ස්තූතියි බොහෝම

      Delete
  26. කමියා උඹට ස්තුතියි. ඇත්තටම සංවේදී රටාවකට මේ කතාව ලියවිලා. බ්ලොග් නගා සිටවන්න කෑ ගහල විතරක් මදි. ඒකට මේ වගේ ක්‍රියාශීලී වීමක් අවශ්යි .

    හංසමාලිට සුබ පැතුම්. දිගටම ලියන්න සහ අර්ථාන්විත කලාත්මක දේ බිහිකරන්නට .

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඉවාන් පව්ලූශා උත්සහ කරන්නම් මෙහෙම දිරිගන්වනවා නම්

      Delete
  27. අක්කන්ඩි මම ආය පාරක් කියෙව්වා..මම නැති දවසක සදුයි පොඩි මෙන්ඩත් අඩයි එයාලා තනිවෙයි හැගිමක් දැනුනා..
    කමියා උඔට ස්තුතියි මේ වගේ එල ද බ්‍රා නිර්මානයක් අපිට ගෙනත් දුන්නට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තව පාරක්.. තනිකම ටිකක් රිදෙන අපේ ජීවිත එක්ක බැඳුණු දෙයක් නෙ?

      Delete
  28. කමියෝ කියන්න දෙයක් ඔලුවට එන්නේ නැ ..චිත්‍රපටියක රුප රාමු වගේ මැවිලා පෙනුනා .නියමයි හංස මාලි ..ඔහොම යන් .ජයවේවා !!!

    සියක් උල්පත් මවා දී නිසලව ඉඳිනා
    නමක් නැති මහ කන්ද ඔබ
    අප්පච්චි..අප්පච්චී....

    ඔබෙන් දිය ලැබ සාරවූ
    තුරුණු කෙත් වතු දෙස බලා
    නොපෙනෙනා තරමින් සිනාසී
    නිසලවම ඉඳිනා
    අප්පච්චී..අප්පච්චී

    මෙහෙවරට ආලයේ සිතා
    වෙහෙස නොබලා වෙහෙසෙනා
    තෙත් ගුණය මෙත් ගුණය සඟවා
    අකම්පිත වත් පා
    අප්පච්චී අප්පච්චී

    සියක් උල්පත් මවාදී නිසලව ඉඳිනා
    නමක් නැති මහ කන්ද ඔබ
    අප්පච්චි අප්පච්චී

    ගායනය: කසුන් කල්හාර

    ReplyDelete
    Replies
    1. ආ ගමේ කමට සලකන්න එපැයි ...නියමයි හන්සමාලියෝ .ජයවේවා ..හැක් හැක්
      කමියෝ බොටත් ස්තුතියි හදුන්වා දීමට ...ජයවේවා !!

      Delete
    2. අප්ප්ච්චි,
      සෙනෙහසේ සුව සිහිවෙලා
      නෙතු අගට කඳුලක් වෙලා
      නිතින තනියට ලංවෙලා
      තුන් යමේ පහනක් වෙලා
      ..
      විඳින දිවියට දිරියක් වෙලා
      හඬන කඳුලක සැඟ විලා
      ඉන්න මා ලඟ සනසලා
      මගෙ කවියට පද වෙලා
      ..
      සිහිනයක මගෙ පැටලිලා
      හෙමින් ඇවිදින් සනසලා
      යන්න හැකිනම් දුව බලා
      සදා ඉන්නම් සැනසිලා

      Delete
    3. ඇර සෝලෝ
      එල ද බ්‍රා
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
  29. හිතට දැනුන සංවේදී කතාවක්, අත්තැකීමුත් එක්කම වගේ අගෙයි... හංසමාලී තව ලියන්න ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. හොඳ නිර්මාණයක් බිහිවෙන්න අත්දැකිම් ඉවහල් වෙනවා කියල මම අහල තියෙනවා. නිර්මාණය අත්දැකීමක්ද? අත්දැකීම නිර්මාණයක්ද.? ස්තූතියි ඇලෙක්ස් 7

      Delete
  30. ආරම්බය මෙසේ නම් නිමාව කෙතරම් සුන්දර විය හැකිද..?

    අවංකවම හැඟීම්බර ලිවීමේ රටාවක්.. මට වැදුන තැනක් තමයි අර වැටුණු කඳුළු බින්දු දෙක තාත්තගෙ කියලා කියපු එක..

    සුපැතුම්...

    අවශ්‍ය දිගටම ලියන එකයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොහෝම. කියන්න බැරි තරමෙ ලොකු උදව්වක කළණ මිතු මට කලේ

      Delete
  31. @ කල්‍යාණ මිත්‍ර - මිත්‍රයා, නමේ අරුතට අපූරුවට පණ පොවලා තියෙන්නේ ..

    @ හංසමාලි - බොහෝම සංවේදී , හිතට දැනෙන නිර්මාණයක් .!
    බ්ලොග් අවකාශයේ දීර්ඝ , සාර්ථක ගමනකට හෘදයාංගම සුභ පැතුම් ...!

    ReplyDelete
    Replies
    1. පුංචි කාලේ ඉඳන් අහුවෙන කොල කෑලිවල පොත්වල කවි ලිව්වා චිත්‍ර ඇන්ඳා (හුඟ වෙලාවට බැනුම් ඇහුවෙ ) මූනු පොතට එනකම්ම නිසි ඇගයුමක් ලැබුනෙ නැහැ. නමුත් කල‍යාණ මිත්‍රයා එයාගෙ බ්ලොග් එකෙ මගේ නිර්මානය පල කරන තුරු හිත දැනෙන ඇගයීමක් ඒ නිර්මාණ වලට ලැබුණේ නැහැ
      ස්තූතියි

      Delete
  32. උදේම ඇස් දෙකට කඳුලු පිරෙන්න තරම් මේ කතාව හිතට වැදුනෙ මටත් මෙහෙම අත්දැකීමක් තියෙන නිසා වෙන්න ඇති. මටත් අප්පච්චි නැති වෙනකොට අවු. 14යි. එදා ඇඩුවෙ නැති මම හැමදාම හිතින් අඬනවා. පරණ මතකයක් අලුත් කරපු සංවේදී කතාවක්......

    ReplyDelete
    Replies
    1. කැමරාවෙන් එහා ලෝකය,
      ස්තූතියි කමෙන්ටුවට ... අප්පච්චි හිටියනම් කියල අපිට හිතෙන වාර ගාන ගණන් කරන්නත් බැහැනේ?

      Delete
  33. ඈ ඉතාම දස්සියක්. අනේ දිගටම ලියන්න කියන්න. බොහොම ස්තුතියි කලාහිත මේ වගේ හුරුබුහුටිකම් තියෙන ලියන්නියක් ජනගත කළාට . සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි . ඔයාලගේ හිතවත්කම මනුස්ස කම හොඳට හිතට දැණුනා
      Thilaka Sitha

      Delete
  34. ඇත්තටම පට්ට රචනයක් ! ඇස් දෙකට කඳුලු එන්න ලියන්න හැමෝටම බෑ....!

    ReplyDelete
  35. අදට මගෙත් සීයා නැතිවෙලා අවුරුදු දෙකක්..කතාවෙන් හංගන් හිටිය කඳුළු එළියට පැන්නා...අපූරුවට ලියලා තියෙනවා.ඉක්මණින් හංසමාලිව බ්ලොග් එකක් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ඒ වගේම කල්‍යාණ මිත්‍ර කළ දේ හුඟක් අගය කරනවා..

    ReplyDelete
    Replies
    1. aami
      http://nihandasiththaraawi.blogspot.com/
      ස්තුතියි හුඟක්ම

      Delete
  36. බොහොම සංවේදී වචන පෙලක්. මම මගේ සීයලාගෙ අවමගුලට හිතින් ගියා. සීයලා එක්ක ගොඩාක් කල් කෙළිදෙලෙන් ඉන්න බැරි වෙච්ච නිසා මට මේ කථාව ගොඩාක් තදට දැනුනා.

    කමි ඇයට දුන්න අවස්ථාව මම ඉතාම අගය කරනවා. හංසමාලි කැමති නම් මගේ අඩවියේ 7 වෙනි ලිපිය ඔබේ ඊලග නිර්මාණය වෙනුවෙන් විවෘතයි. ජය !

    ReplyDelete
    Replies
    1. http://nihandasiththaraawi.blogspot.com/
      ස්තුතියි හුඟක්ම ඒක හොයන් එන්නම් + ලියන්නම් ස්තූතියි ආයම පාරක්

      Delete
    2. "මගේ අඩවියේ 7 වෙනි ලිපිය ඔබේ ඊලග නිර්මාණය වෙනුවෙන් විවෘතයි" ethAna hoyaganne kohomada?
      http://www.blogger.com/profile/11465850077790186481

      Delete
  37. හොඳ වැඩක් කල්‍යාණ මිත්‍ර. මේකත් හොඳ සංවේදී කතාවක්.. අර මුලින් එකත් ප්රියන්තිගේමද?

    ReplyDelete
  38. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16594-a-tear-bewails

    ReplyDelete
  39. suba pathum.. digatama liyanna !

    ReplyDelete