මට අමුතුවෙන් කියන්න දේකුත් නෑ.. දැන් හැමෝම වගේ දන්නවා.. ඉන්දික පෝස්ට් එකකුත් දාල participantsලට register වෙන්න සිස්ටම් එකකුත් හදල බ්ලොග් වසන්තය ෆේස්බුක් පේජ් එකේ pin කරලත් තිබුනනේ.. ඊට අමතරව ෆේස් බුක් ගෘප් චැට් එකකුත් යනවා බරසාරේට..
එනිවේ.. දැන් මෙහෙමයි වැඩේ වෙන්නේ..
දිනය- 2017.09.03 ඉරිදා
ස්ථානය- Hotel Sapthapadi, හිදැල්ලන, රත්නපුර.
වේලාව- පෙරවරු 10.00 පැයේ සිට
වසන්ත මාසය පුරා ඇති මහත් උද්යෝගයකින් බ්ලොග් රචක රචිකවියන් විශාල පිරිසකගේ සක්‍රිය දායකත්වයෙන් පැවති පාඨක ඡන්ද විමසීමෙන් හා සංවිධායක මණ්ඩලයේ අවසන් විනිශ්චයෙන් පසුව ජනප්‍රියම බ්ලොග් රචකයින් ලෙස..
අටම්පහුර ලියන ලක්මාල් කන්දෙවිදාන
සොඳුරු අතීතයෙන් බිඳක් ලියන කිර්ති කුලසේකර
යාන්හෑල්ල ලියන රංජිත් සුරංග ලියනගේ
ජනප්‍රියම ප්‍රතිචාර දක්වන්නන් ලෙස..
අටම්පහුර නමින් ප්‍රතිචාර දක්වන ලක්මාල් කන්දෙවිදාන
දුමී නමින් කවි ප්‍රතිචාර (බොහෝවිට) දක්වන දුමින්ද අබේසේකර
Praසන්ள නමින් ප්‍රතිචාර දක්වන චම්පික ප්‍රසන්න
මෙවර සම්මාන ජයග්‍රහණය කර තිබෙනවා. ඊට අමතරව 2016 හා 2017 වසරවල බ්ලොග් වසන්ත සමය ඒකාලෝක කරමින් අදාල කාලය පුරා වසන්ත උන්මාදය නොකඩවා පවත්වා ගැනීම සඳහා නොමසුරුව සිය කාලය හා ශ්‍රමය කැප කරමින් වැඩිම ලිපි ප්‍රමාණයක් බ්ලොග් වසන්ත වේදිකාවට තිලින කිරීම වෙනුවෙන් ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන දෙකක් මෙවර පිරිනැමීමට බ්ලොග් වසන්තය ප්‍රධාන සංවිධායක වරුන් වන දුෂාන් හා ඉන්දික තීරණය කොට තිබෙනවා.. ඒ සම්මාන දෙක මෙවර හිමිවන්නේ..
රසිකලොජි ලියන රසික හරිස්චන්ද්‍ර සූරියආරච්චි
දම්පාට දේදුන්න ලියන ජීවන ෆර්නැන්ඩු
සම්මාන templates - වැරද්දක් තියෙනවා හොයාගත්තොත් කමෙන්ට් කරන්න..
මෙවර බ්ලොග් වසන්තය සම්මාන සාදය මෙවන් උත්කර්ෂවත් අයුරින් තරු පන්තියේ හෝටලයක දවස පුරා පැවැත්වීමට අවකාශ ලැබීමේ පුර්ණ ගෞරවය එම ස්ථානය හා සහභාගීවන සියලු දෙනාට දිවා ආහාරය ඇතුළු ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීමේ කටයුත්ත ඉමහත් කැමැත්තෙන් බාරගත් සප්තපාදී හෝටලයේ අධිපතිතුමන්ට හිමිවිය යුතුයි. (ඔහු කවුදැයි හැමෝම දන්නවා ඇතැයි සිතනවා)ඉතිං රත්නපුරේ ගමන එහෙම පිටින්ම මංගල්‍යයක් කර ගන්න හිතාන කොළඹ ඉඳන් රත්නපුරේට යන්න සහ ආපසු එන්න ආසන 29 ක බස් රථයක් සුදානම් කරලා තියෙනවා. එම බස් රථය 3 වෙනි ඉරිදා උදේ 7.00 ට පිටකොටුවෙන් (කොටුව ස්ටේෂන් එක හෝ ලේක්හවුස් ඉදිරිපිටින්- සැමට පහසු පරිදි) පිටත්වී නුගේගොඩ, මහරගම හෝමාගම මීපේ ඉංගිරිය හරහා රත්නපුරට පෙරවරු 10.00 ට පෙර ලඟා වීමට බලාපොරොත්තු වෙනවා. නැවත සවස තුනට පමණ රත්නපුරෙන් පිටත්වී එම මාර්ගයේම (හෝ අවිස්සාවේල්ල හරහා- පහසු පරිදි) කොළඹට පැමිණීමට හැකියි.
දැනට 30 දෙනෙකුට අසන්න බ්ලොග් රචක රචිකාවියන් හා ඔවුන්ගේ භාර්යාවන්/ ස්වාමිපුරුෂයින් 03 වෙනිදා සප්තපාදීයට එකතුවෙන බව ස්ථිර කර තිබෙනවා. එයින් 16 දෙනෙකු බස් රථයේ ඉඩ ඉල්ලා තිබෙනවා. ඉතින් එදිනට බ්ලොග් වසන්තයේ සම්මාන සාදය හා එක්ව හිතමිතුරු බ්ලොග් සහෘදයින් හා සාමිචියේ යෙදී ගීතයක නැටුමක හා සප්තපාදීයේ රසමුසු ආහාරවේලක රස විඳ ගැනීමට ඔබත් එක්වන්න..
හෙට දිනයේදී අපි අවසාන වශයෙන් සහභාගී වන ප්‍රමාණය නිවැරදිව හෝටල් කළමනාකාරිත්වයට දැන්විය යුතුයි. එම නිසා ඉන් පෙර ඔබේ සහභාගිත්වය තහවුරු කරන්න කාරුණික වන්න.. එසේම ඔබ යොදවා ඇති බස් රථයෙන් ගමන් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ බව හා බස් රථයට ගොඩවීමට බලාපොරොත්තු වන ස්ථානය දැනුම් දෙන්න. ඒ සඳහා මෙහි සටහනක් තැබීම හෝ මගේ පුද්ගලික ජංගම දුරකතනයට ඇමතුමක් දීම සෑහේ..
යම් අයෙකුට විශේෂ ආරාධනයක් කිරීමට අවශ්‍යනම් ඒ බව සඳහන් කරන්න. එසේම ඔබේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න. එන්න.. බ්ලොග් වසන්තය 2- සම්මාන සාදය ජයග්‍රාහිව සැමරීමට සියලු දෙනා එක්වන්න..
ස්තුතියි!
නියමයි.
ReplyDeleteඋඹ යන්න එපා
Deleteපිස්සුද, අපි යයි ඕවට.
Deleteමං යන්නෙත් නෑ බං .. 😃😃
Deleteජයග්‍රාහී සියලු දෙනාටම ජය වේවා !!!! ඒ වගේම සියලු වැඩ කටයුතු සාර්තක වේවායි පතමි.... (හොද සොමියක් ගන්ඩල හොදේ..)
ReplyDeleteස්තූතියි
Deleteහෑව් එ ජොලි ගුඩ් ටයිම් ගයිස්!!!
ReplyDelete(මට නම් දැන් බ්ලොග් හේමන්තය උදාවෙලා, බ්ලොග් එක හේබාලා ගිහින්).
රසිකොලොජිය අප්ඩේට් වෙන්නැති එක නම් ලෝක ලෙඩක්..
Deleteකවුද බොල මගේ ன යන්න ගලෝල ள යන්නක් දාපු එකා. හැක්..
ReplyDeleteකවුල කියල දල්ලෙ ලෑ අලේ ප්‍රසල්ල!
Deleteඒ අකුරු දෙකක් ද බං? දෙවෙනි අකුර මොකක්ද එතකොට?
Deleteඒල ළ යන්න.
Deleteහුකා.. මං හිතුව රසිකට දිව හැපිලා කියල .. ඒක හදන්න තේරෙන්නේත් නෑ ඕයි..
Deleteඔන්නොහෙ තිබ්බාවෙ.
Deleteඋඹේ නම හරියට ලියන්න ග්‍රැෆික් එක හදපු එකා වෙනම දෙමළ කෝස් එකකට යැව්වා. ඌ රුපියල් 1000ක් වැඩියෙන් චාර්ජ් කලා දෙමළ අකුරට.උගෙන් රු 100ක් විතර කපන්න ඕනෙ වැරදි අකුරක් දැම්මට.
Deleteහැක්.. හැක්..
Deleteමෙන්න රස....
Deleteමෙන්න රස....
Deleteසම්මාන templates -
ReplyDeleteලොකු කරෙක්ෂන් එකක්-
ජීවන ප්‍රනාන්දු ගේ බ්ලොගය ලෙස ලියවී ඇත්තේ වැරදි නමකි.
පොඩි කරෙක්ෂන් දෙකක්-
(ලොකු අවුලක් නැත!)-
1. මගේ වාසගම - සූරියආරච්චි
2. මගේ බ්ලොගය - රසිකොලොජි
:-)
ලොකු වැරැද්ද නම් අපි හැදුවා.. පොඩි ඒත් වැදගත් වැරදි දෙක හදන්න පරක්කු වැඩිද මංදා :(
Deleteනමේ අවුල් දෙක හදන්න පෙඅමාද වැඩියි. අපි කියනකොට සම්මාන ප්‍රින්ට් කරලා ඉවරයි.....
Deleteජීවනය කොහෙද බොල රසිකලොජි යක් ලියන්නෙ.
ReplyDeleteමෙම කොමෙන්ටුව ටයිප් කරන විට රසිකගේ ඉහත කොමෙන්ටුව නොතිබූ බව සලකන්න.
Deleteහා එහෙලල් සලකල්ලල් කො, ප්‍රසල්ල!
Deleteඒකනේ බං. බලපල්ලා මුං. වැඩක් කරොත් ඔහොමමයි :)
Deleteමම බස් රථයට ගොඩවන ස්ථානය ලෙස බස් රථයේ දොරටුව තෝරාගන්නා බවට මෙයින් සන්විධායක මණ්ඩලය වෙත දන්වා සිටිමි...
ReplyDeleteජනේලයකින් බහිමු නේ..!!!
Deleteහදිසි දොරටුවද නැත්තං රියැදුරු දොරටුව ද?
Deleteඊස් ඇට් මාතලං ගේ (අනා)වැකියක් බොරු කිරීමට දොරක් නැති බස් රතයක් සොයමින් :)))
Deleteඅටං සොදුරු යාන්
ReplyDeleteඅටං දුමී
රසික ජීවන්
සුභ පතනවා ආදරයෙන්
Prasanna ta සුභ පතන්නේ නැද්ද? :))
Deleteසමාව බාජනය කරත්වා.... ප්‍රසන්න අයියෙ ඔබටත් ඉතසිතින් සුබ පැතුම් එක් කරනවා....සදා ජය...
Deleteප.ස. චූටි අත්වැරැද්දක් කමී
ඉස්තූතියි
Deleteගණං ගන්න එපා මල්ලි.
Deleteස්තුතියි.
ස්තූතියි වැව්.
Deleteජයවේවා!!!
ජයවේවා. අර බස් එකේ යන සොමි ගමනට එන්න තිබුන නම් මරු. ඊළඟ සැරේ ඔය සප්තපාදියටත් ගොඩවෙලා යන්න ඕනේ. බ්ලොගර් ඩිස්කවුන්ට් එකක් හෙම තියනවද දන්නේ නැහැ.
ReplyDeleteබ්ලොගර් ඩිස්ක්ලේමර් එකක් නං තියෙනවා ලු..
Deleteඕකට ඉන්නේ කර වෙච්චි කොණ්ඩ කුරුල්ල විතරද නැත්නං හම්පඩ ශාන්තත් එනවද?
ReplyDeleteඅපිට ඉතිං බුකි ගිණුම් නෑනේ එන එක කන්ෆර්ම් කරන්න.. ඔන්න ඔහේ ගෙදෙට්ට වෙලා එදාට ගල් බාගයක් ගහනවා ගෝලීප් එකකුත් එක්ක.
හැමෝටම හොද ෆන් එකක් ලැබේවා කියා ඔබට මා පතනවා . හැක්
උඹටයි මටයි දෙන්නටම කොහොමත් යන්න බෑනෙ දෙන්නම එකා කොට.
Deleteඋඹ යනවනං මතක ඇතිව අර තංගල්ලේ මල්ලිව එක්ක පලයන්. ඌ හරිම සෝකෙන් ඉන්නේ.. හැක්
Deleteකවුද බං කරවෙච්චි ශාන්තයි හම්පඩ කුරුල්ලයි කියන්නේ O.o
Deleteහයියෝ! මේ සැරෙත් වැඩේ මිස් වෙන්ඩයි යන්නෙ බං.
ReplyDeleteගෘහස්ථ ප්‍රචණ්ඩත්වය. හැක්..
Deleteනෑ නෑ... ඒ අපේ සංහිදියාව...
Deleteමිස්.. එහෙම කරන්න එපා.. ආ දැන් මිස් නෙවෙයි මිසිස් නේ..
Deleteජයග්‍රාහකයින් හැමෝටම සුභපැතුම්... සහබාගී වීමට නොලැබීම ගැන කනගාටුයි...
ReplyDeleteස්තූතියි
Deleteෆර්නැන්ඩු නෙවෙයි යකෝ, ප්‍රනාන්දු
ReplyDeleteයටත් විජිතවාදය දේශීය කරණය කරලා තියෙන්නේ
හරි.. එදාට හරිම විදිය කතා කරගමු.
Deleteසියලු සම්මනලාභින්ට සුබ පැතුම්...!
ReplyDeleteස්තූතියි ..
Deleteප්‍රසන්න අයියාත් කටවත් නෙකියම කප් එක ඉස්සුව නෙ.අවුලක් නැ ඔින්න අපෙන් සුබ පැතුම්....
ReplyDeleteඅලෙ යාන්හැල්ලෙ සුරංග අයියටත් අපෙ උණුසුම් සුබ පැතුම්...
අටමිපහුරෙ අටංටත් අපෙ උණුසුම් සුබ පැතුම්...
තවත් සමිමානලාබි සියලුම blog වාසි blog ඡිවින්ටත් අපෙන් සුබ පැතුම්....
ප:ලි...කටිටියම කන්න ඔිනි බෙන්න ඔිනි.නියම ෆන් එකක් ගන්න ඔිනි....
ඡයින් ඡයම වෙිවා...
එසේම වේවා!!
Deleteමම දන්නෙත් නෑ බොල.
Deleteසම්මාණවලට මොනවා වුනත් පැමිනෙන එවුන්ට හොඳ ආතල් එකක් ලැබේවායි සහ ගනීවා යැයි ඉත සිතින් ප්‍රාර්තනා කරමි!!!!!
ReplyDeleteස්තූතියි අරූ අයියා.. සම්මාන අවශේෂ සාදය තමයි එක.. :)
Deleteජයග්‍රාහකයන්ට සුබපැතුම් .කස්ටියම හොඳ ෆන් එකක් ගනී.
ReplyDeleteනැතුව නැතුව.. ස්තූතියි
Deleteජයග්‍රාහකයින්ට උණුසුම් නැතත් ඉතින් සුභ පැතුම්. මාත් අනිවා එන්ඩ ආසාවෙන් හිටියත් 3,4 දවස් දෙකේ ඇල්ල පැත්තේ සංචාරය කරන්න යළුවො සෙට් එක ට්‍රිප් එකක් සෙට් කරලා. දැන් ඉතින් නොගියොත් උන්ගෙන් වසන්න හම්බෙන් නෑ. මොනා උනත් ඊළග වසන්ත්යේදීවත් සෙට් වෙන්න හැකි වේවායැයි පතමි.......ජයවේවා..............
ReplyDeleteසෙහ්.. අපරාදේ රස්තියාදුවක් ගහන්න තිබ්බ චෑන්ස් එක..
Deleteහිඳැල්ලෙන කියද්දදි නිකං හුරු පුරුදු ගතියට දැනුන . . . සෑහෙන්න මහන්සි වෙලා මෙමොරි රිකෝල් කලාම තමා සෙට්වුනේ, කාට හරි මතකද හිඳැල්ලෙන ඇඩ්ඩ්‍රස් එකකට දුවපු මිතුරු සේවයක් තිබ්බ ඉස්සර ?
ReplyDeleteමිතුරු සේවයක් කියන්නේ මොකක්ද අයියා? :))))
Deleteඅඩේහ් නියමයි, නිවාඩුවක් දාලා යන්න හිතෙනවා අප්පා මේකට
ReplyDeleteඑහ්.. අපරාදේ කලිං ඇවිත් ගියේ නේ.. :)
DeleteCan't agree with the selections but anyway my best wishes!
ReplyDeletePpls choice. Dont worry
Deleteඑනිවේ තැන්කියු බොස්! :))
DeleteDesha,
DeleteNo worries at all. that's why I said "my best wishes"
රවී
Deleteමේ සම්මන කිසිම එකක් ජූරියකින් තීරණය කරපු සම්මාන නෙමෙයි. බ්ලොග් ලියන කියවන අයගේ චන්ද වලින් තෝරගත්ත ඒවා. ජනප්‍රිය කමෙන්ට් කරුවන් තෝරන එකට විතරක් සම චන්ද ගත්ත කීපදෙනෙක් හිටිය නිසා විවිද සාධක සලකලා ඒ අතරින් සුදුසු අය තෝරගන්න අවශ්‍යය උනා.
දුමී,
Deleteමම දන්නව දුමී එහෙම අවුලක් නෑ..පාඨකයින්ගෙ වැඩි කැමැත්තට ඉඩ දෙන්ට එපාය...ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නෙ ඒකනෙ..මම කිව්වෙ මගෙ පෞද්ගලික අදහස...
දැන් අපි උදාරණයක් ගත්තොත් 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල දිනුව තමයි. ඒත් මහින්ද හිතවාදීන් ඒ තීරණයට එකඟවෙන්නෙ නෑනෙ..ඒත් එයාලටත් අකමැත්තෙන් හරි වැඩි දෙනෙක්ගෙ තීරණය පිළිගන්ට වෙනව...මෙතනත් එහෙමයි...:)
රවී බයියා.. :)))))
Deleteහොඳින් සුවඳක් විසිරිලා දැන් පිපෙන්නට යයි මල් පියුම්
ReplyDeleteවසන් තය යළි පමාවීහෝ බිනර මහ රඟදෙයි රැඟුම්
හොඳින් ඒ දින පැවැත්වීමට ලැබෙයි පරිසරයෙන් වැණුම්
ජයෙන් ජයගත් හැමදෙනාටම හදවතින්මයි සුභ පැතුම්....
ජයවේවා!!!
මට සම්මානයක් තියෙන්න විදිහක් නෑ.
Delete1. අටම්පහුර
2. සාරස
3. කොලඹ ගමයා
පිළිවෙල නේද තිබ්බෙ.
කවියට ස්තූතිය.. දෙවෙනි කොමෙන්ට් එකට උත්තරේ පහලින්..
Deleteමේක වැරදි ප්‍රතිපලයක් , කලින් නැවත්තුව වෝට් එකේ ඡන්දත් එක්ක ගත්තහම තුන්වෙනියා සුරංග නෙමෙයි ඉයන්
ReplyDeleteඉන්දික උපශාන්ත ඔබේ අවධානය පිනිසයි
Deleteකමෙන්ට් එකත් වැරදියි
Deleteසාරස සහ අජිත් තමයි කමෙන්ට් කාරයන්ගෙන් දෙක සහ තුන උනේ
ඡන්ද ටික හරියට ගැනලා ප්‍රතිපල නිකුත් කරපල්ලා ... කලින් එකේ ජන්දත් ගණන් ගන්නවා කියුවා
Deletehttps://www.facebook.com/photo.php?fbid=282877728789281&set=pcb.1166389393466031&type=3&theater
Deletehttps://www.facebook.com/photo.php?fbid=282877968789257&set=pcb.1166389393466031&type=3&theater
Deletehttps://www.facebook.com/photo.php?fbid=282878215455899&set=pcb.1166389393466031&type=3&theater
ReplyDeletehttps://www.facebook.com/groups/693226280782347/?ref=br_rs
ReplyDeleteදුමී සහ ලක්මාල් කන්දෙවිදාන මහත්වරුනි.. මේ පිලිබඳ ඔබේ අවදානයට මුලින්ම ස්තූතියි.
Deleteජනප්‍රියම බ්ලොග් රචක සම්මානය සඳහා සමස්ත ප්‍රථිපල අනුව තෙවෙනියට නිර්දේශ වූ ඉයන් මහතා කාරුණිකව සම්මාන ලැයිස්තුවෙන් නම ඉවත් කර ගත්තා. ජනප්‍රියම ප්‍රතිචාර සඳහා වූ සම්මානයන්ගෙන් සරස මහතා (තුමා) මින් පෙර කිහිප අවස්තාවකම බ්ලොග් හා සම්භන්ද කිසිදු සම්මානයක් ඔහු බාර නොගන්නා බව ප්‍රකාශ කර තිබූ අතර මේ වෙනුවෙන් ඔහුගේ අදහස් විමසීමට ඔහු ඇමතූ කිසිම විටක දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නෑ. එමනිසා ඔහු අදාල සම්මානය ප්‍රතික්ෂේප කල ලෙස සංවිධායක මණ්ඩලය තීරණය කරා. වෙනත් විශේෂ කරුණක් නිසා අජිත් ධර්මකීර්ති මහතා සම්මානය සඳහා නිර්දේශ නොකර සිටි අතර ඒ පිලිබඳව ඊ මේලයක් මඟින් ඔහුව දැනුවත් කල අතර ඔහු ඒ පිලිබඳව එකඟ වෙනවා නොඅනුමානයි. අපට ඉතුරු වී ඇති සීමිත කාලය හේතුවෙන් ඒ පිලිබඳව ඔහුව දැනුවත් කරන අතරතුරම ඊලඟට නිර්දේශිත නම් සඳහා සම්මාන සකස්කිරීම සිදු කෙරුනා. ඔබේ ගැටලු වලට සාධනීය පිළිතුරක් ලැබෙන්නට ඇතැයි සිතනවා.. ස්තූතියි!
හෑ //වෙනත් විශේෂ කරුණක් නිසා අජිත් ධර්මකීර්ති මහතා සම්මානය සඳහා නිර්දේශ නොකර සිටි අතර ඒ පිලිබඳව ඊ මේලයක් මඟින් ඔහුව දැනුවත් කල අතර ඔහු ඒ පිලිබඳව එකඟ වෙනවා නොඅනුමානයි.// ඔය ඊමේල් එක එව්වේ මගේ මැනේජර් ටද?
Deleteමට සම්මානයක් තියනවා කියල දැනගත්තෙත් අදයි. ඒක නැතිවුණා කියල දැන ගත්තෙත් අයි. සුවිශේෂී දවසක්. :)
වැඩේට ජයවේවා. කමිය කරනවා කියන්නේ වැඩේ ගොඩ.
හෑ.. මේල් එක හම්බ උනේ නැද්ද? හිටාං ආයේ බලන්න.. මං ඒත් බැලුව මොකද රිප්ලයි නැත්තේ කියලත්.. :(
Deleteමැනේජර් සුමිත් කියල කෙනෙක් නේ. එයාට යන්න ඇත්තේ. :) හේ හේ
Deleteඅජියා
Deleteඋඹේ සම්මානේ ගැන කමියත් එක්ක බේර ගනින්. උඹ ඌට උඹේ පවර් ඔෆ් ඇටෝනි දීලා කියලා තියෙනවා කියලා තමයි ඌ කිව්වේ..... :)
කමියා එහෙම කිව්වා නම් හරියටම හරි. "කොළඹ ගමයා මාධ්‍ය ප්‍රකාශක" තනතුරත් දෙන්න හැදුවා .මූ ගත්තේ නැහැනේ. ෂික් බං උඹල අපිට ඇද්ද බාල්දි වලට පොඩි බාල්දියක් වත් අදින්න ගියා . ඒකත් දෙන්නේ නැහැනේ. හේ හේ :)
Deleteකවද්ද කියාන් අපි උඹට බාල්දි පෙරලුවේ....?
Deleteසම්මානලාභී සියලු දෙනාටම සුබ පැතුම් . එන්න වෙන්නෙ නැති එක ගැන දුකා..........යි
ReplyDeleteදුකා ට එන්න වෙන්නෙත් නැතිලු.. 😃😃😃😃
Deleteමේ පාට හතේ ෆ්ලැග් එක දැම්මේ මොකද උඩ ? ලන්ඩන් වල නම් ඕව දාන්නේ වෙනමම ගෘප් එකක්.
ReplyDeleteඅම්මප? ඉන්දිකයා තමයි ඕක බ්ලොග් වසන්තයේ ෆේස්බුක් පේජ් එකේ කවර් ෆොටෝ එකට දාලා තිබ්බේ.. :)
Deleteඇයි මනුස්සයෝ අර LGBT කට්ටියගේ flag එක දැක්කේ නැතෙයි . හේ හේ :)
Deleteආ.. ඒකටනං මොකද බ්ලොග් වලත් ඔය වගේ ඈයෝ කොච්චර නං ඉන්නවද?
Deleteඕක දැම්මෙ මම....අම්මපා ඔය කියනකං මේකෙ කොල පාට පටියක් තියෙනවා දැක්කෙ නෑනෙ....
Deleteවැරැද්ද හොයාගත්තා මගේ නම වැරදියි
ReplyDeleteහෑ!
Deleteසියළු දෙනාටම මගේ සුභ පැතුම්.කාන්තා බලකායෙ සද්දයක් නෑ නොවැ.කවුරු කවරුද එන්නේ.මට නං ඒමට හැක.ඒත්බ්ලොග් කාන්තා බලකාය ඉස්ටැයික් කරනවා නං මම එකෙන්ම ඔවුන්ට එක් වෙමිය
ReplyDeleteපලයං යන්ට බොරු නොකියා.. නැන්දම්මා බනිනව කියල එන්ට බෑ කියුව නේද කලිම්ම.. අන්න ඒකට මම එරන්දි.. කවුරු ආවත් නැතත් මම එනවා කියල එක හිතිං ඉන්නේ.. සුරංගේ නෝනා ඇතුලු තව නෝනලා සැට් එකකුත් සබරේ ඇනෝ ඇතුලු තව බ්ලොගී ලා සැට් එකකුත් එන්න නියමිතයි ..
Deleteබ්ලොග් වසන්තය වෙනුවෙන් ගෙදරදොර වැඩ නොතකා, බඩට නොකා එක පිට එක ලිපි ලියමින් බ්ලොග් වසන්තය දම්පාට කල දේදුන්නේ දම්පාට ජීවන ෆර්නැන්ඩෝ මහතාට විශේෂ සම්මානයක් ලබාදීම වෙනුවෙන් සංවිධායක මණ්ඩලයට මාගේ විසේස ඉස්තූතිය. බ්ලොග් වසන්තයට ගුණාත්මකභාවයක් ලබාදීම වෙනුවෙන් දම්පාට දේදුන්නට මාගේ නොවක් (ඇද නැති) ඉස්තූතිය.
ReplyDeleteහෙක් හෙක්
Deleteඑකපාරක් කිව්වනෙ යටත් විජිත වාදය දේශීයකරනය කරලා තියෙන්නෙ කියලා
Deleteෆර්නැන්ඩෝ ෆර්නැන්ඩෝ එයත් ෆර්නැන්ඩෝ .. // :))))
Deleteඇබාත් ගෙන්නනවද ?
Deleteඑමි. බස් එකටත් එමි. කමි බොමි සැනසෙමි. යලට මහට බ්ලොග් ද ලියමි....
ReplyDeleteබොන එක නං අල්ලපු සීට් එකා බොයි.. උඹ කාහං ඇති වෙන්න.. හැක්
Deleteබස් ලිස්ට් එකට ඕල් රෙඩි ඇඩඩ්! :)
Deleteජයවේවා!
ReplyDeleteඑසේම වේවා!
Deleteබ්ලොග් ලියන්නෙ පිරිමි පරාණ පමනක් බව මින් තහවුරු වේ....
ReplyDeleteසුබ පැතුම් .....
එහෙමද? එතකොට බ්ලොග් ලියන ගෑනු පරාන මඩේ හිටෝපු ඉනි වගේ කියල එහෙම මේකෙං තහවුරු වෙන්නේ නැද්ද චීට? :)))
Deleteනෑ.මොකද කියනව නම් ඒක මනුස්ස ස්වභාවයක්. සමහර අය එහෙමයි. ඒත් බ්ලොග් ලියන්නෙ නම් පිරිමි විතරයි වගේ පේනවා.
Deleteපුරුසාදිපත්තිය උපරිමෙං තියෙන තැනක්ද ඒ කියන්නේ බ්ලොග් අවකාසේ? :)))
Deleteසම්මාන යකාට ගියදෙන්, එන උන්ට එකෙන්ම හොඳ ආතල් එකක් ලැබේවායි පතමි! හැමදාම වගේ මේ පාරත් ඔය නම් වරද්දාගෙන, බ්ලොග් පටලවාගෙන එහෙම තියෙන්නේ... හැක හැක !!! හරි මල්ලි දැන් ගන්න බලන්න සම්මාන රාත්‍රියේ බජට් එක එහෙම :P
ReplyDeleteජයින් ජයම වේවා !!!
හැමදාම වගේ.. හැක් .. මටමනේ වෙන්නේ .. :))
Deleteසම්මාන කියන්නේ සාදයට නිමිත්තක් විතරයි සර්! මටනම් මොනම සම්මානයක් වත් ඒ හැටි වටින්නේ නෑ ඒත් ඒ සම්මාන ප්‍රදානය කිරීමට උපරිම වටිනාකමක් දෙන්න මම ට්‍රයි කරනවා hope you'd understand the difference.. ඒක නිසාම මගේ සමහර විනිශ්චයන් harsh විදියට පේන බව මම දන්නව.. ඒත් මුන් මේවා ගැන මගෙන්මනේ අහන්නේ.. ඒකට මම මක්කැයි කරන්නේ.. මගේ තීරණ අහනකම් ඔය දේ වෙයි. And about budget and ano comments, මේ දැන් පොඩ්ඩකට කලින් දේශාගේ පෝස්ට් එකේ කවුද ඇනෝ කෙනෙක් කියල ඇති. :))))
සම්මානයට පාත්‍රවූ සියලුම බ්ලොග් රචකයන්ට මගේ සුභ පැතුම්. මගේ පියා සිටියානම් ඒවි. එදින පැවැත්වෙන සම්මාන රාත්‍රිය සාර්ථක වේවායි. පතමි
Deleteවිචාරක දියණිය
ස්තුතියි .. සම්මාන රාත්‍රියක් නෙවෙයි මේක සම්මාන පට්ට දවාලක්.. :))
Deleteශඃ කලනයෝ..!! සම්මාන රාත්‍රිය හෝටලේ කෑම බීම කෙසේ වෙතත්, බස් ගමනට උබල එක්ක සෙට් වෙන්න තිබ්බනම් මරු කියල හිතෙනව.. 😪.
ReplyDeleteකොහොම උනත් මේ සීන් එකට එන්ටර් වෙලා ඉන්න සපෝර්ට් එක දෙන සෙට් එක අනුව මේ මේ ඉවෙන්ට් එකට මගේ මනාපය ප්‍රකාශ කොරමි හිටං . ජය වේවා..!! හොඳේ..!!
👍🏽👊🏽🤘🏽
සම්මාන ලබපු හැමෝටම සුබ පැතුම් .ඊලග අවුරුද්දෙවත් එන්න බලමුකෝ
ReplyDeleteසුභ පැතුම්
ReplyDelete