Tuesday 14 April 2015

~~~~ මංගල සීනු ~~~~ The sweetest of sound

Photo courtesy; www.google.com

"මේං පුන්චි නෝනා පොටෝ එක.. ඇස්වහක් කටවහක් නැහැ හෝදලා බොන්න පුළුවන් ලස්සනේ බැහැ..." මං ළඟටම ඇවිත් දුන්නා.

කාර් එකක් ළඟ දෙන්නෙක් හිටගෙන ඉන්නවා ෆොටෝ එකේ.." කාර් එක නම් එලස් "කියන්න හිතුනත් මම කටවහ ගත්තා..

රැළි කොන්ඩේ තියෙන සුදු කෙට්ටු කෙනයි..කූරු කොන්ඩෙ තියෙන කළු කෙනයි..කළුමත් නැහැ ඉතින් ..
මම ඒක ආපහු දුන්නා...
"ඕව ඉතින් බඹා කෙටූ හැටියටනේ සිද්ධවෙන්නේ නෝනේ. පුන්චි නෝනව ඉස්කෝලේ යන කාළෙත් දැකලා තියෙනවා කිව්වේ..හරි ගුණ යහපත් දරුවෙක් නෝනෙ"
"එන්ඩ කියල බලනවා/ පස්සෙන් පහු බැරිය ඉතින්... සුදුසු දෙයක් කරන්ඩ"
සහරාවෙත් ඉර එළිය විකුණයි මෙයා ඉතින්.. කියල මට හිතුනේ කපු ඇන්ටි ගැන
"හොඳයි මම කේන්දර බලවල කියන්නම්කෝ" අම්ම කීවා.මගේ ඔළුව අංශක 90 කැරකුනේ කම්මුළට ගැහුව වගේ..
අම්ම මා දිහ බැළුවෙ නැහැ..
"අම්මේ?" මගේ හිත කෙඳිරුවා..
"මේ දවස් වල ගෙදර ඇවිත් ඉන්නේ..ඕවා කල්දාන වැඩ නෙවිනේ? මේ සෙනසුරාදාට එන්න කියමු."
"ම්.ම්.ම්.ම්.ම්.ම්. හවසට මම කෝල් එකක් දෙන්නම්.. කේන්දර බලවල"
"හොඳයි නෝනේ මම ගිහින් එන්නම්.. පුන්චි නෝනාගෙ පින තමයි ඉතිං"

ඉතුරුටික කියවන්න මෙතනින් නිහඬ සිත්තරාවී... 



*********************************
අවුරුදු නිවාඩුවට ගමේ ඇවිත් ඉන්න නිසා පට්ට බිසී.. හෙට නොනැකතේ කට කපල නිදා ගන්න හිතන් අද නිදි වරාගෙන මිස් වෙච්චි බ්ලොග් ටික කවර් කරනව.. පහුගිය සතියේ හඳුන්වල දුන්නු මගේ හිතවතිය එදාම අළුතින් බ්ලොග් එකක් පටන් ගත්තා නිහඬ සිත්තරාවී නමින්.. මට ලියන්න වෙලාවක් නැති උනත් දැන් ගෝලයෙක් ඉන්නවනේ ලියන්න කියල සතුටු වෙන්න පුළුවන්. තවම කෙල්ල ටිකක් කලබලයි. ඒ වගේම ආගන්තුකයි. අඩු පාඩු එමට තියෙනව හදා ගන්න.  හැබැයි පුදුම හැකියාවක් හා උනන්දුවක් තියෙනව ලිවීමට.. හැකි හැම වෙලාවකම ඒ පැත්තට ගොඩ වෙලා වචනෙකින් හරි සහයෝගයක් දෙන්න කියල හැමෝගෙන්ම ඉල්ලනව.. මෙතන කොමෙන්ට් නොදැම්මට කමක් නෑ.. ඇයට සහයෝගයක් විදියට වචනයක් එතන ලියල යන්න.. කවද හරි දක්ශ ලේඛිකාවක් බ්ලොග් කාරියක් ඇය තුලින් දකින්න ලැබුනොත් අපි හැමෝටම ඒකේ කොටස් කාරයෝ විදියට සතුටු වෙන්න පුළුවන් වෙයි.. තව පැය කිහිපයකින් ලබන්නාවූ සිංහල හා දෙමල අලුත් අවුරුද්ද බ්ලොග් වාසී සැමටම තව තව නවමු අදහස් ගලාගෙන එන හා ඒවා අකුරු කිරීමට අහවරයක් ලැබෙන සැහැල්ලු හා සාමකාමී වසරක් වේවා! සිංහල අවුරුදු පැතුම් හා චාරිත්‍ර වාරිත්‍ර ගැන නම් කියන්න තියෙන්නේ විමලරත්න කුමාරගම කියපු විදියට 'මං නොකෙරුවාත් නොකරමි එය ගැරහීම' කියල තමයි. 'නොකෙරුවත්' කියුවට වයින් කරපු රොබෝ කෙනෙක් වගේ හැම එකම කරන්නත් වෙනවා බලධාරියාගේ අණට අවනත විය යුතු නිසා.. දැනටම හිත හදාගෙන ඉන්නේ හෙට උදේ හතකුත් ගානේ ඉඳල හවස් වෙනකම් බඩගින්නේ ඉන්න.. ජය ශ්‍රී!

19 comments:

  1. කියෙවුවා ඒක මන්,, නියමයි.. සුබ අලුත් අවුරුද්දක් වේවා අයියටත් පවුලේ සැමටත්...

    ReplyDelete
  2. උදේට හොඳට කන්න, රෑට අඩුවෙන්. එහෙමයි කාගේත් උපදෙස.

    ReplyDelete
  3. උඹ නොකා ම හිටපං. ගියපාර උඹ මාව කෑවනෙ. දැන් ඒ කෙල්ලගෙ එක පැත්තෙ යන්නෙ කොහොමද මං?

    ReplyDelete
  4. සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  5. ජයවේවා කළ්‍යාණේ...!!!

    ReplyDelete
  6. දැන් උඹ නොලිව්වට ගෝලයෙක් ඉන්නව කියලද කියන්න හදන්නෙ කම්මැලිකමට.
    සිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  7. අඩෝ මේ ගෝලයන්ගෙ ලකුණුවලින් මැච් ගොඩදාගන්න සෙල්ලං බෑ හරි. ඇවිත් ලියහන් වහාම.

    කොහොමද අවුරුදු සරුද?

    හාමිනේටයි පැටියන්ටයි බොටයි සුභ අලුත් අවුරුද්දක්වේවා කිව්ව..!!

    ReplyDelete
  8. සුබ නව වසරක් වෙවා කල්‍යාණේ....

    ReplyDelete
  9. ඒ අඩවියටම ගිහිල්ලා දහස් දැක්වුවා. ඒ ළමයා තව පරිනත වෙනතුරු අපි උදව් කරමු.

    ReplyDelete
  10. සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  11. සුබ අලුත් අවුරුද්දක් වේවා බොසා !!

    ReplyDelete
  12. සුබ අලුත් අවුරුද්දක්.

    ReplyDelete
  13. ඔබටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  14. කමී.... උඹටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
  15. උඹටත් , හාමිණේටත් , දෝණියටත් සුභ අළුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
  16. සුබ අලුත් අවුරුද්දක්.

    ReplyDelete
  17. සුබ අලුත් අවුරුද්දක් කමියෝ,උඹට පවුලේ හැමෝටම!

    ReplyDelete
  18. හොඳයිනේ අනුන්ට දිරි දෙන එක මේ වගේ නේද. ඕන් මාත් සපෝර්ට් එකක් දෙන්නම්.

    ReplyDelete
  19. ගිහින් ඒ පැත්තට ගොඩවෙලා එන්නං...

    ReplyDelete