Sunday 7 June 2015

Start to save a life- STaRT to recognize a STROKE

පසුගිය අප්‍රේල් මස අවුරුදු නිවාඩුවට බදුල්ලේ සිට ගාල්ල බලා එමින් සිටියදී පිට පිට ලැබුනු දුරකතන ඇමතුම් වලින් දැනගන්නට ලැබුනේ එතරම් සුභ දායක ආරංචි නොවේ. ගාල්ලේ සිටින මගේ බිරිඳගේ පියා හදිසි අසනීප තත්වයකින් (ක්ලාන්තය, වමනය හා සෙම පිටවීම වැනි රෝග ලක්ෂණ සහිතව) ලඟම පිහිටි රජයේ රෝහල වෙත රැගෙන ගිය බවත්, එතනින් ගිලන් රථයකින් වහාම කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යැවූ බවත් රැගෙන යන විට ශරීරයේ එක් පසක් පණ නැති සෙයක් දක්නට ලැබුණු බවත් ඒ ආරංචි අතර විය. 

හැඬූ කඳුලෙන් යුතුව තොරතෝංචියක් නැතුව රට වටේම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මිතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ සිට රෝහල් කම්කරු ශ්‍රේණිය දක්වා වූ සියලු දන්න අඳුනන උන් වෙත කතාකරමින් විස්තර අහන බිරීඳ හා දරු දෙදෙනාවද පරිස්සමින් රැගෙන වහා වහා කරාපිටිය රෝහල වෙත කෙලින්ම රිය පැදවූ මට අවසානයේ සැනසුම් සුසුමක් හෙලිය හැකිවූයේ...

"වෙලාවට ඔයගොල්ලන් බල බල ඉන්නෙ නැතුව ඉක්මණට ඉස්පිරිතාලෙකට එක්ක ගියේ.. ගණන් ගන්නේ නැතුව අත් බේත් කර කර එහෙම ඉඳල තව පැයක් හමාරක් පරක්කු උනානම් හැමෝටම කණගාටු වෙන්න වෙනවා.. දැන් බය වෙන්න දෙයක් නෑ. බ්ලඩ් ක්ලොට් එකක් හිරවෙලා ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා. දැන් හරි බෙහෙත් දුන්න.. වෙන කම්ප්ලිකේෂන්ස් මොකුත් නැත්නම් බලල දවස් දෙකකින් විතර ගෙදර යන්න පුළුවන්" යන දේව (වෛද්‍ය) වචනය කණ වැකුණායින් පසුවයි. 


වෘත්තීය ජීවිතයේදීද නොයෙක් වර මේ 'ස්ට්‍රෝක්' නැත්නම් ආඝාතය ගැන අසා ඉගෙන කරගෙන සිටියත් එහි නියම බැරෑරුම්කම මට හරියටම දැනුනේ එදායි. එහෙත්..

මා දැනට රැකියාව කරන ස්ථානයේ ඉදිකිරීම් කළමණාකරු මා මිත්‍ර තරුණ ඉන්ජිනේරු මහතාට මගේ මාමණ්ඩියට තරම්ම ආඝාතයෙන් 'එතෙර වීමට' පහසු වුනේ නෑ. දැනට මාසයකට ආසන්න කාලයකට පෙර හදිසියේ ඇතිවුණු රෝග තත්ත්වයක් නිසා කොළඹ පෞද්ගලික රෝහලක සතියකට වැඩි කාලයක් නේවාසික ප්‍රතිකාර කොට අද වන විටත් සාමාන්‍යය තත්වයෙන් රාජකාරී කර ගැනීමට නොහැකිව නිවසේ සිට ප්‍රතිකාර ලබමින් ඔහු පසුවෙනවා. මාස දෙකක් ඇතුලත ඒ මා අත්දුටු දෙවෙනි 'ආඝාත' තත්ත්වයයි.

ඊයේ මූණුපොතේ සරමින් සිටියදී අහම්බෙන් දක්නට ලැබුණු ලිපියක් නිසා මේ සටහන තැබීමට මට සිත්වූවා. මා වෛද්‍ය වරයෙක් නොවන නිසාත් ඒ ගැන වැඩි දැනුමක් නැති නිසාත් ඒ සටහන 'පමණක්' මෙසේ සිංහලට පරිවර්තනය කර දැක්වීමට අදහස් කරනවා. අඩුපාඩු වැරදි ඇතොත් සාකච්ඡා කරමු. 

සටහන් කලේ: Angie Kassabie

මාගේ මිතුරන් සියළු දෙනාගෙන්ම මෙය කියවන ලෙසත් එකිනෙකා අතර බෙදා හදා ගන්නා ලෙසත් මම ඉල්ලා සිටිනවා. ඔබ මේ සරළ කාරණා කිහිපය දැන සිටියොත් සමහර විට යම් දිනෙක යම් අයෙකු මරණයෙන් ගලවාගැනීමට ඔබට හැකිවේවී. 

ආඝාතය හඳුනා ගැනීම සඳා අළුත් සහ සරල විදියක්! ඔබ මෙය තවත් දසදෙනෙකු අතර බෙදා ගත්තේනම් ඔබ යමෙකුගේ ජීවිතයක් ගලවා ගත් බවට සතුටු වීමට ඔබට හැකිවේවි. ආඝාතය නැත්නම් ලේ කැටියක් නිසා සිදුවන මොළයට ලේ ගමනාගමනය වීම අවහිර වීමේන් ඇති වන රෝග තත්වය හඳුනා ගැනීමට සරළ ක්‍රියාකාරකම් හතරක් මේ සමඟ ඉදිරිපත් කර ඇත. 

මැදි වයස් කාන්තාවක් වූ ජේන් වරක් උත්සවයක් අතරතුර පය පැකිළී වැටුනා. වටේ සිටි අය ඇය වෙනුවෙන් වෛද්‍ය සහය ලබා ගැනීමට තැත් කළත් ඒ උත්සව අවස්ථාවට බාදා කිරීමට මැළි වූ ඈ, එය තමාගේ අළුත් පාවහන් යුවල නිසා වූ බවත් වෙනත් කිසිදු අපහසුතාවයක් නොමැති බවත් අඟවා දිගටම පාටියට සහභාගී වෙමින් සිටියා. 

නමුත් ටික වේලාවකට පසු ඇගේ හිතවතුන්ට ඇගේ සැමියා විසින් දන්වනු ලැබුවේ දැඩි අපහසුතාවයකින් සිටි ජේන්ව රෝහල් ගත කල බවයි. එදින හවස හය පමණ වන විට ආඝාතය නිසා ඇතිවූ මොළයේ මරණය හේතුවෙන් ජේන් සදහටම දෑස පියා ගත්තා. වෛද්‍ය මතය වූයේ මුල් අවස්ථාවේදී ඇය වටා සිටි අයට ඇගේ රෝගය හඳුනා ගැනීමට හැකියාවක් තිබුණා නම් ජේන්ව ජීවත් කල හැකිව තිබූ බවයි.

මේ සටහන කියවීමට ඔබට ගත වන්නේ සමහර විට මිනිත්තු කිහිපයක් පමණයි. 

ස්නායු වෛද්‍යවේදියෙකු පවසන්නේ මුල්ම අවස්ථාවේ රෝග ලක්ෂණ හඳුනා ගෙන පැය තුනක් ඇතුලත රෝගියෙකු සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කලොත් ආඝාතය නිසා ඇතිවන රෝගී තත්වයන් සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් කළ හැකි බවයි. ඒත් එය එතරම්ම පහසු නෑ.

ආඝාතය නිසා ඇතිවන රෝග ලක්ණ හඳුනා ගැනීම එතරම් ම පහසු නෑ. අවාසනාවකට මෙන් ඒ ගැන අපේ නොදැනුවත්කම නිසා මේ තත්වය තවත් දරුණු වෙනවා. අහල පහල සිටින්නන් විසින් රෝගය හඳුනා ගැනීමට අපොහොසත් වීම නිසා හා ඒ වෙනුවෙන් ගත කරන කාලය තුලදී අදාල රෝගියාගේ මොළයට මෙමඟින් ඉතා විශාල හානියක් සිදුවීම වළක්වන්න බෑ. 

වෛද්‍යවරුන් මීට පෙරදී මෙම රෝගය හඳුනා ගැනීම සඳහා සරළ ක්‍රියාකරකම් තුනක් හඳුන්වා දී තිබුණා. ඒවා STR ලෙස පහසුවෙන් මතක තබා ගත හැකියි. 

S- Smile - ඔබ ඉදිරියේ සිටින රෝගියාට සිනහා වන ලෙස පවසන්න. 

T- Talk- ඔහුට හෝ ඇයට එක දිගට කියවෙන වචන දෙක තුනක වාක්‍යයක් පවසන ලෙස පවසන්න. උදා: මම ඔබට ආදරෙයි.

R- Raise both arms- ඔහුට හෝ ඇයට තම අත් දෙකම එකවර ඉහලට ඔසවන ලෙස දන්වන්න.

රෝගී පුද්ගලයා මින් එක ක්‍රියාකාරකමක් හෝ කිරීමට නොහැකි තත්වයෙන් සිටිනවානම් ඔහු වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමු කරන්න. ඔබේ රෝගියා ආඝතය නැතිනම් ලේ කැටියක් සිරවීම නිසා මොළයට ලේ ගමනාගමනය අවහිර වීමේන් මොළයේ ශෛල විනාශ වෙමින් මරණය කරා වේගයෙන් ලං වෙමින් සිටිනවා විය හැකියි. රෝගියා වෛද්‍යවරයා වෙත රැගෙන යන්නාට මේ සියළු විස්තර පැවසීමටද මතක තබා ගන්න.

ආඝාතය හඳුනා ගැනීම සඳහා වෛද්‍යවරුන් විසින් පෙන්වා දෙනු ලබන අලුත්ම ක්‍රියාකාරකම වන්නේ රෝගියාගේ දිව පරීක්ශා කර බැලීමයි. ඔහුට හෝ ඇයට තම දිව එළියට දික් කර පෙන්වන ලෙස කියන්න. එය වකුටු වී, ඇද ගැසී හෝ එක් පසෙකට ගමන් කර ඇත්නම් එයද ආඝාතයේ පූර්ව නිමිත්තක් විය හැකියි. වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුකරන්න.

මගේ කොටස මම ඉටු කරා යැයි සිතමි. එතකොට ඔබ?

පරිවර්තනය (සමහර කොටස් ඉවත් කර) අවසානයි.

දැන් ක්‍රියාකාරකම් හතරක් ඇති නිසාත් එය STRT (Smile, Talk, Raise both arms, Tongue) ලෙස මතක තබා ගන්නවාට වඩ අපට දැනෙන මතක හිටින ලෙස STaRT  ලෙස මතක තබා ගැනීම පහසු වේයැයි මම සිතමි. ජීවිතයක් බේරා ගැනීමට දැනුමක් එක්කර ගැනීම වෙනුවෙන් වෙන්කල ඔබේ කාලයට ස්තූතියි. 

73 comments:

  1. ඇත්තටම මගේ වයසේ ඉන්න අය මේ ගැන වඩාත් උනන්දු වියයුතුයි කියා හිතනවා. මේවා කලින් අනතුරු අඟවන්නේ නැතුව එකපාරටම තමා වෙන්නේ. මෙලෙස ලේ කැටිති ඇතිවීමට හේතු විස්තර කරන ලිපිත් වරින් වර මුද්‍රිත ජනමාධ්‍ය මගින් කියවා තිබෙනවා. මේ දැනුවත් කිරීම ගැන ස්තුතියි.

    හැකිනම් මේ වචන නිවැරදි කරන්න කළ්‍යාණ

    ක්ශේ ත්‍ර - ක්‍ෂේත්‍ර

    ප්‍රථිකාර - ප්‍රතිකාර

    පරිවර්ථනය - පරිවර්තනය

    ReplyDelete
    Replies
    1. මම ඔය ටික කියාගන්නෙ කොහොමද කියල කල්පනා කරමින් හිටියෙ විචා.

      Delete
    2. ස්තූතියි විචාරක තුමා.. ඔන්න හැදුවා.. මට ඔය මහප්‍රාණ ලෙඩේ තියෙනව පොඩ්ඩක්.. දැන්නම් ඉස්සරට වඩා ගොඩක් හැදිලා.. හැක්.
      වැඩිහිටියන්ට විතරක් නෙවෙයි ඕනෙම කෙනෙකුට ඇතිවෙන්න පුළුවන්. ආඝාතය ඇතිවෙන්න තව හේතුවක් තමයි (රුධිර කැටියක් සිරවීමට අමතරව) අධික ලෙස ලේ වහනය වීම නිසා මොලයට ලේ ගමන අඩුවෙන එක.. එතනදිත් රෝගියා සිහියෙන් ඉන්නවනම් මේ ක්‍රම අනුගමනය කරන්න පුළුවන් කියල මං අහල තියෙනවා. :)

      Delete
    3. //මම ඔය ටික කියාගන්නෙ කොහොමද කියල කල්පනා කරමින් හිටියෙ විචා.// මෙන්න ඇවිල්ලා.. මං මුන්දැ එන්න කලින් හදල දාන්න බැලුවේ.. හැක්..

      මහප්‍රාණ වැරදි අඩු වෙන්න බලපෑව ලොකුම පුද්ගලය තමයි හැලපයිය.. දැන් මට දෙයියනේ කියල කොහෙ මොනව ලියුවත් හැලපයක් මත වෙනවා.. ඒකට බොක්කෙන්ම තැන්කූ.. කියවන හැමදාම වැරැද්දක් දැක්කොත් පෙන්නනවනම් මං කැමතියි. ස්තූතියි හැලපයියාටත්.

      Delete
  2. විචාරකට වැඩිමනත් වශයෙනි...:)

    ලක්ශණ - ලක්ෂණ,

    දැණුමක් - දැනුමක්

    හරි අක්ෂර වින්‍යාස නිවැරදිකිරීම අවසානයි. දැන් ආඝාතය ගැන. හෘදයාබාධයට හේතුවන කාරණයම තමයි මල්ලි ආඝාතයට හේතුවන්නෙ. හෘදයට රුධිරය සපයන ධමනියක ලේ කැටියක් හිරවී අවහිරවුනහම හැදෙන්නෙ හෘදයාබාධයක්. ඒ වගේ මොළයට රුධිරය සැපයෙන ධමනියක ලේ කැටියක් හිරවුනාම ඒක ඇවිල්ල ආඝාතයක්.ආඝාතයක් හඳුනාගන්නට තව නොරවදින ලක්ෂණයක් මුහුණේ එක් පැත්තක් එල්ලා වැටීම. ( සිනාසෙන්නට පුලුවන්ද කියල පරීක්ෂාකරල බලන්නෙ මම හිතන්නෙ මේ තත්වය වෙන්න ඕන. මුහුණෙ පැත්තක් එල්ලා වැටුනම කොහොමත් හිනාවෙන්නට බැහැනෙ. )

    ඔබගේ ලිපියට ස්තූතියි. ඇත්තටම ඉතාම වැදගත් මේ තොරතුරු දැනගෙන ඉන්න එක. මම ලංකාවෙ අවසාන වරට සේවය කල සමාගමේ අපේ සහෝදර සේවක මහතෙක් මියගියා හෘදයාබාධයකින්. උදේ ඉඳලම ඔහු වම් අත පණ නැහැ, හිරි වැටිල වගෙ කියල කිව්වට අනෙක් අය කරල තියෙන්නෙ සිද්ධාලේප ගාල තව ටිකකින් හරියයි කියල වැඩි ගාණකට නොගෙන ඉන්න එක.දවල් දෙකට වගෙ අමාරුවෙලා ඔහු කළුබෝවිල රෝහලට ඇතුළු කලත් ඒ වෙනකොට ප්‍රමාද වැඩියි. කල්වේලා ඇතිව ඔහු රෝහලට ඇතුළු කලානම් බේරාගතහැකිව තිබුනාද යන්න හරියටම කිව නොහැකිවුවත් හැකි විගස රෝහල වෙත ගෙන යාමයි කලයුතුව තිබුනෙ. තනිකරම නොදැනුවත්කම නිසයි ඒ ප්‍රමාදය වුනේ.

    ඊට මාස හයකට වගෙ පස්සෙ මටත් කාර්යාලයෙදිම හෘදයාබාධයක් ආවා. අර සහෝදර සේවක මහතාට ඇතිවූ රෝග ලක්ෂණ එලෙසින්ම මටත් ඇතිවූ නිසා මම වහාම ගියා අපේ ආයතන ප්‍රධානියා හම්බවෙන්ට. " බොස් මට ටික සනීප නෑ වගේ. අර *******ට ආපු සිම්ප්ටම්ස් එහෙමම මටත් දැනෙනව " අර කලින් මියගිය සේවක මහතාගැන මතක් කරල මම කිව්ව. එතුමා ඒ වෙලාවෙම විනාඩි පහළවක් ඇතුලත මාව ළඟම තිබ්බ පෞද්ගලික රෝහලට ඇතුල් කිරීමට කටයුතු කලා.

    කොහොම හරි සැත්කමක් කරන්නට තරම් දරුණු තත්වයක් උදාවෙලා තිබ්බෙ නෑ.හැබැයි එතරම් දරුණු නොවන හෘදයාබාධ තුනක් මට ඇවිල්ල තිබ්බ බවයි ඒ රෝහලෙන් කිව්වෙ.දරුණු රෝගීඅවස්ථාවක වහාම රෝහලකට ඇතුළු කිරීම වැදගත් වගේම ඒ ආවේණික රෝග ලක්ෂණ හඳුනා ගැනීමත් බොහොම වැදගත්.

    ReplyDelete
    Replies
    1. මතක පොත දිග ඇරල ඉවර වෙනකං මැරෙන්න නං එපා මචං.ඔය මතකයන් ටික නොකිය මළොත් හරි අපරාධයක්.ඔබට දීර්ඝායුෂ පතමි.

      Delete
    2. මෙන්න ලොකු සරුත් ඇවිල්ලා.. දැන් වැඩේ කම්ප්ලීට් වෙන්නෝනේ.. 'ලක්ෂණ'ම වැඩේ කියන්නේ ලොකු අයියේ ඔය වචන දෙකම සමහර තැන්වල හරියටත් ලියලා..හැක්. 'දැනුම'ට වඩා පුරුද්දේ ප්‍රශ්ණයක් වගේ..

      ඉතින් ඉතින්.. දැන් ඔය හෘදය වස්තුව පණ වගේ පරිස්සං කරනව නේද? පිස්සුනම් නටන්න එප ඔන්න ලෙඩත් එක්ක. ස්තූතියි එහෙනම් ඇගයුමට හා එකතු කල කරුණු වලට.. හෘදයාබාධයකදී අඳුන ගන්න පුළුවන් එක ලක්ෂණයක් තමයි මං හොඳටම දැකල තියෙන රෝගියා වකුටු වෙන එක.. අත පය අකුලගෙන වකුටු වෙනවා කියන්නේ බඩුම තමයි ඉතින්..

      Delete
    3. //මතක පොත දිග ඇරල ඉවර වෙනකං මැරෙන්න නං එපා මචං.ඔය මතකයන් ටික නොකිය මළොත් හරි අපරාධයක්.ඔබට දීර්ඝායුෂ පතමි.// ++++++++++++ //මම ඔය ටික කියාගන්නෙ කොහොමද කියල කල්පනා කරමින් හිටියෙ විචා.// (විචා නෙවෙයි හැලපයා..)

      Delete
    4. කළ්‍යාණ සහ හැලප,

      ඔය ඔෆිස් එකේ හාට් ඇටෑක් එකට කලින් දවසෙ රෑ මහ පාන්දර බෝඩිමේ ඉන්දැද්දි මට ආවෙ පළවෙනි ඇටෑක් එක. ඒක පුදුම අත්දැකීමක්....හෙහ්, මට එක පාරටම හිතුණ මම අනිවාර්යයෙන් හෙට උදේ වෙන්ට කලින් මැරෙයිමයි කියල. ඒත් ෆෑන් එක ෆුල් දාල ඇඳේ දිගාවෙලා ඉන්නකොට එහෙම්මම ඒ අමාරු ගතිය අඩුවෙලා නොදැනිම නින්ද ගියා. පහුවදා ඔෆිස් එකේදි ආයෙම ආවෙ ඒකෙම දෙවෙනි තුන්වෙනි එව්ව වෙන්න ඕන. හෙහ්, මරණාසන්න උනහම ඔය කියන්නෙ බං ආලෝකයක් දකිනවය කියල. මම ඒකත් දැක්ක..ඉඳහං..වෙලාවක වෙනම ලියන්නංකො..." මගේ මරණාසන්න අත්දැකීම් " කියල. හරි... තව වැදගත් එකක්. හාට් ඇටෑක් එකක් එද්දි දත් හිරිවැටෙනව. රෑ අර වේලාවෙදි මට දත් තියනවද කියලවත් දැනෙන්නෙවත් නැතුව ගියා.මට මතකයි මම කණ්ණඩිය ඉස්සරහට ගිහිල්ල කට ඇරල බලනව දත් තියනවද කියල. අනික බොග ටයිට් වගෙ තේරෙනව. ඒත් ගිහිල්ල ඉඳ ගත්තට මොකවත් නෑ.

      පලි - ඔය වෙලාව වෙනකොටත් රෑ පානය කරපුවගෙ ආෆ්ටර් ඉෆෙක්ට්ස් තිබ්බ. ඒ නිසා යන්තමට වගෙ තමයි මතක...හෙහ්,හෙහ්,

      / ඔය මතකයන් ටික නොකිය මළොත් හරි අපරාධයක්.ඔබට දීර්ඝායුෂ පතමි. /

      උඹේ ආච්චිට...ඈ බං..උඹ මට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙ කතන්දර අහගන්ට...අම්මාපල්ල...මම කිව්වයි කියල හිතාගං...

      Delete
    5. // හාට් ඇටෑක් එකක් එද්දි දත් හිරිවැටෙනව//.
      //අනික බොග ටයිට් වගෙ තේරෙනව. ඒත් ගිහිල්ල ඉඳ ගත්තට මොකවත් නෑ.//

      තව කන් දෙක අගුල් වැටිලා.අහසේ පාවෙනවා වගේ දැනෙනවා.ඒවුනාට ඇග හෙන බරයි.
      ඔය ඔක්කොම මටත් දැනුනා මම ඉස්සල්ලම KG ගහපු දවසේ....

      කොහොමත් රවී අයියට දැන්මනම් මැරෙන්න බෑ.අප්පච්චි තාම හොල්මන් කරද්දී රවී අයියා කූරියා ගහලා කොහොමැයි....

      Delete
    6. බොහොඬ හද,

      / කොහොමත් රවී අයියට දැන්මනම් මැරෙන්න බෑ.අප්පච්චි තාම හොල්මන් කරද්දී රවී අයියා කූරියා ගහලා කොහොමැයි..../

      ඒකනෙ බං..මේ යස්සය කණට ගහල පන්නල දාලත් නිවනක් නැති හැටියක් දෙයියම්පල්ල...:)

      Delete
    7. අනේ මාමල ටිකට දීර්ඝායු ලැබෙන්න ඕනෙ අපිට කතන්දර අහගන්න.

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. ඔය හැලපයියට ඕන වෙලා තියෙන්නෙ අර කොස් ක‍ොටන ගෑණුළමයට මොකද උනේ කියල දැනගන්න.

      Delete
    10. රවීයියේ අපි මැරෙන්න කලින් ලියන මගුලක් ලියලා හිටහං.

      Delete
    11. මනෝජ් කියුව වගේ මාත් බයේ ඉන්නේ රවී අයියට කලින් අපි කූරිය ගැහුවොත්.. සැක්.. ඉක්කනට ලියනවකො ඕයි..

      Delete
    12. ඇයි මන්දා මෙහෙම වෙන්නේ. මං දැනුයි කම්ස්ගේ මේ පෝස්ට් එක දැක්කේ. ඒත් මට අද උදේ මතක් වුණා ඒ සිද්ධිය. කලින් වෙච්චි අවසනාවන්ත සිද්ධිය නිසා රවී මහත්මයාට අසනීපයි කියන පමාවෙන් රෝහල්ගත කරන්න උත්සුක වෙච්චි හැටි, එහෙම රෝහලේ ඉද්දි මායි වාසනායි සුවදුක් විචාරන්න ගිය වෙලාවේ ලස්සන හැඩකාර තරුණ කාන්තාවක් ලඟට වෙලා උවටැන් කර කර හිටපු හැටි, (බොරු කියන්නේ මොකටද මං හිතුවා දෝණියැන්දා කියලා :D ) ඔය ටික මට මතක් වුණානේ. ඒක නිසා ම තමයි මං අද උදේ තකහනියේ සුවදුක් විචෑරීමක නියැලුනේ.

      කම්ස්, රොම්බ තැන්ක් දොරේ රොම්බ තැන්ක්ස් ‍ෆෝ යුවර් වැලියුබල් පෝස්ට් :)

      Delete
    13. //ලස්සන හැඩකාර තරුණ කාන්තාවක්// අර නේස් නෝනලා දෙන්නගෙන් එකෙනෙක්ද නැත්තං ලොකු ඉස්කෝලෙ නෝනද එතකොට ඒ? ඉතින් සුවදුක් කෝමෙයි සනීපෙන් ඉන්නව ඇති මයේ හිතේ?

      Delete
    14. මොන නේස් නෝනලාද අනේ. මං කිව්වේ අපේ චන්ද්‍රමේ රෑපා යාආවා ලොකු ඉස්කෝලේ හාමිනේ ගැන... :)

      Delete
    15. Randil,

      හෙහ්...2008 -08 -08... අන්න දිනේ...හරියටම බෙයිජිං ඔලිම්පික් සමාරම්භක දිනේ. එදා බෝඩිමේ මම හිතාගෙන හිටියෙ සුළු පරිමාණ කර්මාන්තයකුත් කරන ගමං ආරම්භක උළෙල බලන්නම්ය කියල. හෙහ්..සිතුදේ නොමවේ නොසිතු දෙයක් වේ...ලෝ දං කැරකෙනවා කිව්ව වගෙ එදා හිටියෙ ඉස්පිරිතාලෙ ඇඳක් උඩ.

      / එහෙම රෝහලේ ඉද්දි මායි වාසනායි සුවදුක් විචාරන්න ගිය වෙලාවේ ලස්සන හැඩකාර තරුණ කාන්තාවක් ලඟට වෙලා උවටැන් කර කර හිටපු හැටි, /

      අයි.සී.යූ ඉඳල මාව දැම්මනෙ රූම් එහෙකට.

      " හෙලෝ. දැං කොහොමද ඔයාට ?.." එල්.එච්.ටී.කේ. ටෙලිෆෝන් කරල ඇහුව.

      " ආ..දැන් හොඳයි. මාව අයි.සී.යූ. එකෙන් රූම් එහෙකට දැම්මනෙ.."

      " ආ..ඒක හොඳයි.. ඒ කියන්නෙ තත්වය දැන් හොඳයි කියන එකනෙ. මේ...මම එන්නද ඔයා ගාව නවතින්ට?රූම් එකක්නම් මටත් හිටියැහැකිනෙ."

      " නෑ..එහෙමත්ම ඕන නෑ..ඉස්කෝලෙත් නිවාඩු දාන්ට එපාය. අනික සුලක්ඛනායි, විරාජිකායි මාව හොඳට බලාගන්නව. ඒ දෙන්න දවල් ෂිෆ්ට් එක. රෑට එන්නෙ සෝනියා..එයා බර්ගර්…"

      " ***************************** "

      " අනික ඒ ළමයි හරිම සිරියාවයි..කොයිවෙලෙත් මිස්ටර් රවී...හව් ආ වී ටුඩේ? කියල අහගත්තු ගමං මගෙ කාමරේමයි. මටත් ඉතිං ඒ හින්ද කිසි පාලුවක් නෑ...."

      " ***************************** "

      " මොකද කතා නැත්තෙ? "

      " නෑ..මම නිවාඩු දාල හෙට එන්නං ඔයා ලඟ නවතින්ට."

      " ආ..එහෙමද? අම්මාපල්ල මටත් කියවන්ට ගිහාම ඕන එකයි එපා එකයි හැම එකම කියවන පුරුද්ද අතෑර ගන්ට බැරුව ගියානෙ දැං මේ සතවර්ස බාගෙකට කිට්ටුවෙන්ට මේ ලෝකෙ වාසය කරලත් …." මම මටම කියාගත්ත.

      " මේ...ඔයා මොකවත් කිව්වද?."

      " නෑ...නෑ...මම ආය මොනව කියන්ටද? එහෙනං එන්ටකො පරිස්සමට…"

      / ඔය ටික මට මතක් වුණානේ. ඒක නිසා ම තමයි මං අද උදේ තකහනියේ සුවදුක් විචෑරීමක නියැලුනේ. /

      හෙහ්..හෙහ්..මම ඒත් බැලුව මොකෝ තකහනියක් සැප සනීප ඇහුවෙ කියල...මේකයි එහෙනං හේතුව ...නේද? තෑන්ක්ස් සෝ මච්...:)

      Delete
  3. ගොඩක් අය ලෙඩක් උනාම කරන්නෙ ගොඩ වෙදකම්. ඔහේ මොකක් හරි බාම් එකක් උලල නැත්තං පෙත්තක් ගිලල වැඩේ ගොඩිං බෙර ගන්න හදනවා. ඕක තමයි කරන ලොකුම වැ‍රැද්ද මිත්‍රයා. අතක පයක වේදනාව වගේ නෙවෙයි පපුවෙ අමාරුව හිසේ අමාරුව කියනේ . ඒ වගේ ලෙඩ වලට බල බලා ඉන්න හොඳ නෑ. ඒවා ඇඟේ තියෙන ප්‍රධානතම වගේම සංවේදීම අවයව.(හරියට කොම්පියුටරයක හාඩ් එක, ප්‍රොසෙසර, ‍රැම් එක වගේ!). දැනුවත් කලාට ස්තූතියි කල්‍යාණ (මිත්‍ර)!

    ReplyDelete
    Replies
    1. අපේ අය අර කතාවටත් කියන්නේ.. කරන්නෙම හිසේ අමාරුවට කොට්ටෙ මාරු කරන එක..

      Delete
  4. කමියා,ඕකගැන හොඳ ලිපියක් ගියා දැනට සති3-4ට විතර ඉස්සල්ලා නිකුත්වුන ඉරිදා රිවිර පත්තරේ.ඒකේ තිබුන විදිහට පළමු "ස්ට්‍රොක්" එක ඇවිත් ගෙවෙන පළමු පැය 4 තමා වැදගත්ම.ඒකට කියන්නේ "ස්වර්ණමය පැය 4" කියලයි.ඔවුන් පවසන ආකාරයට එම පැය 4 තුල ප්‍රතිකාර ලබන රෝගීන් බහුතරයක් අංශභාග තත්වයට පත්නොවී බේරාගැනීමට හැකිවෙනවා.අනික් ප්‍රධාන කරුණ තමයි ආඝාත තත්වයට මූහුණපෑ රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කෙරුමට විශේෂ පුහුණු සේවක මඩුල්ලකින් සමන්විත ප්‍රතිකාර ඒකක සෑම මූලික රෝහලකම ස්ථාපිතකරලා තියනවා දැන්.ඒ නිසා මූලිකම දෙයනම් රෝගලක්ශන මතුවූ වහාම රෝගියා ලගම පිහිටි මූලික රෝහලට රැගෙන යාමයි.

    ReplyDelete
    Replies
    1. බොහොඬ හද,

      / ඒකට කියන්නේ "ස්වර්ණමය පැය 4" කියලයි. /

      අර සිරසෙ රන් දෙපැය වගෙ වෙන්ට ඇති නේද බං?...:)

      Delete
    2. හැක්.. කටුස්සගෙ කොමෙන්ට් එක කියවලා තද වෙච්චි පපුව නිකම්ම හොඳ උනා රවියගේ කොමෙන්ට් එකට..

      Delete
  5. ස්තූතියි ක.මි මේ වගේ වටිනා දෙයක් බෙදාගත්තට...
    අර " මරණාසන්න අත්දැකීම්" ටික ලියනවා කිව්ව හාදයා කුකුළේ ගඟ සේෆ්ටි වගේම ඒකත් හොදට ලියයි මය හිතේ.

    ReplyDelete
    Replies
    1. මේ යකා ඇත්තක් කියනවද බොරුවක් කියනවද කියල මිනිහටවත් ෂුවර් නැතුවැති අන්තිමේ.. ඒ තරමට පන පිහිටුවනවනේ.. ස්තූතියි සඳ.

      Delete
    2. //මේ යකා ඇත්තක් කියනවද බොරුවක් කියනවද කියල මිනිහටවත් ෂුවර් නැතුවැති අන්තිමේ..//

      හුහ්... මෙයාලා මේ අකුරු දැකලා ඔහොම කියනවා. බලන්න එපැයි කතාව පටන් ගත්තම... කොටින් ම අවසානෙට අහගෙන ඉන්න සේරමගේම අත් දඬු තැන් තැන් වල රතු වෙලා. මොකද අහනවද? හොරෙන් හොරෙන් තම තමන් ව කොනිත්තගෙන... නින්ද ගිහින් හීනයක් දකිනවද බලන්න!

      Delete
    3. //නින්ද ගිහින් හීනයක් දකිනවද බලන්න// ඈ.. එතකොට මේ වගේ බඩ අල්ලන් හිනා වෙන්න දේවල් කියන්නේ නැතිද?

      Delete
  6. මේවගේ දෙයක් ලියපු එක ගැන සතුටුයි. පොඩි අසනීපයක් උනත් හොදට හොයලා බලන එක වටිනවා. මොකද අන්තිමේ අපිටත් හිතා ගන්න බැරි දේවල්නේ වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම.. පන නම් තණ අග පිනිබිඳු වැන්නේ.. :(

      Delete
  7. ෂෙයා කලා කමියො. ඉතාම වැදගත්. මේවා පින් සිද්ද වෙන වැඩ. ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඒ පින උඹටත් පිහිටයි.

      Delete
  8. කලණමිතු මේ ඉතා වටිනා සටහනක්. ස්තුතියි . මීට ටික කලකට පෙර මා ලියු මේ සටහනත් ඔය විෂයය හා සම්බන්ධව විශාල සේවයක් කරන හිතවතෙක් ගැනයි

    ReplyDelete
    Replies
    1. තිස්ස මහතා ගැනත් ඔබ ගැනත් ආඩම්බරයි. ස්තූතියි සටහනට.

      Delete
  9. මාමණ්ඩි සුවපත් වීම ගැන සන්තෝශයි,
    අපි නොසිතන සුළු දේවල් විශාල රෝගයක පෙරනිමිත්තක් කියන එක පැහැදිලියි. මම කලින් වැඩකල ආයතනයේ සගයෙක් උදේ ඉදන් බඩේ කොරයක් කියල ජින්ජර් බියර් බිබී හිටිය , හවස 2 විතර වෙනවිට අමාරු වී රෝහලට රැගෙන යද්දිත් මිය ගිහින්. ඒ සිද්දියෙන් කම්පනයට පත් පාලන අධිකාරිය මෙවැනි අඝාත තත්වන් ගැන සහ ඒවායින් වැලකීම ගැන දිගින් දිගටම වැඩමුළු සංවිදානය කලා.
    මෙවැනි ලිපියක් හැමදෙනාටම වැදගත් .

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් මිනිස්සුන්ට කියල දෙනවනම් අපි හිතනවට වඩා උනන්දුවෙන් ඒ මිනිස්සු අහගෙන ඉන්නවා. මගෙත් රාජකාරියේ ප්‍රධානම කොටසක් තමයි මේ දැනුවත් කිරීම්.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ඔය බ්ලඩ් ක්ලොට් වලට ප්‍රත්‍යක්ෂ බෙහෙතක් තමයි හොඳ පොට් එකකින් ගල් කාල් භාගයක් නිතිපතා පානය කිරීම.. එතකොට මළත්, අකාළ මරණයක් වෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඕකට ගල්ම බොන්න කියන්නේ, අනිත් එව්වා නරකද...
      ගල් බොන එකට ගෑණි විරුද්ධයි, මගේ රහ දිවත් ලොකු මනාපයක් නැහැ. වෙන ජාතියකින් ස්ටාට් එක අරගෙන දුන්නමනම් අවුලක් නැහැ.

      මම අහල තියෙන විදිහට හදවතට ගොඩක් ආදරේ වොඩ්කා කියලයි කියන්නේ... :)

      Delete
    2. අනේ මන්ද ඤ..............මෙව්වට මොකවත් කියලත් බැ නොකියත් බැ

      Delete
    3. ඔන්න ඔහෙ කියල දාන්න . ගණන් ගන්න එපා
      වැඩිම වුනොත් පරිප්පුවක් බෙරිවෙයි.

      Delete
    4. හරි බං ඉතින් හදවතට වොඩ්කා මොළයට ගල්. ප්‍රශ්ණේ ඉවරයි.
      ප්‍රා.. ඕක මොකක්ද නේද? ඕනිමනම් පරිප්පුවක් බෙරිවෙයි, පොල් සම්බෝලෙකට ලුණු නැතිවෙයි, බැරිම උනොත් කාල අඬයි.. හැක්.

      Delete
  12. කාලෙකට කලින් මේ විස්තර ඊමේල් එකකින් ආවා මතකයි.

    කලනට තියෙන්නේ ව්‍යාකරණ සඳහාම රචනාවක් ලියලා වෙලාවක දාන්ටයි.:D

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩී.. මං දැක්කෙත් බුකියේ ෂෙයාර් කරල තියෙනකොට.
      අනේ මංද, මේ හැලපයියයි රවියයියයි මගේ පරණ හතුරොද කියලා.. පේන්නෙම වැරදිනෙ.. හැක්.. ඒ මදිවට දැන් විචාරකත් පටං අරන්.. තව ටික දවසක් ගිහින් සිංහලෙන්ම බැරිනං සුද්ද සිංහලෙන් දාන්න ඕනි පෝස්ට් එකක් මුන් ගැන.. :)

      Delete
  13. මමත් ඔය ලිපිය FB එකේ දැකලා ෂෙයාර් කලා. පරිවර්තනය කරපු එක වටිනවා...

    අපේ එකාව බලන්න යමන් ඔක්කොටම කළින්. අපි දෙන්න විතරද කොහෙද තාම ගිහින් නැත්තේ...

    මගෙත් පපුවේ වම් පැත්තේ හරියටම අදාළ තැන ඉඳි කට්ටකින් අනිනවා වගේ රිදීමක් එනවා සමහර දවස් වලට...
    කලින් පාරක නවලෝකේ නතරවෙලා ඔක්කොම චෙක් කලා. ඒ බලපු ඩොකා කිව්වේ හාට් එක පැත්තක් squeeze වෙලාය කියලා... බොන්න එපා කිව්වා, සතියට දවස් 5 ක් විනාඩි 30 ගානේ ව්‍යායාම කරන්න කිව්වා.
    ඒ දෙකම ටක්කෙට පිළිපදිනවා... හෙහ් හෙහ්...

    පස්සේ ඒ රිපෝට් ටිකම බලපු මගේ යාලු ඩොකෙක් කිව්වේ ඒ රිපෝට් වලින් අරෙහෙම කතාවක් කියන්න බැහැයි කියලා...
    හැබැයි ඌ මට උපදෙසක් දුන්නා තව ඩොකෙක්ගේ නමක් කියල මිනිහට පෙන්නන්න කියලා...
    තවම ඕක පෙන්නගන්න යන්න බැරි උනා ... අද හෙටම යන්න ඕනේ... :)

    ReplyDelete
    Replies
    1. ලෙඩ්ඩු බලන්න යන්න පුළුවන් පස්සේ.. යමන් ඉස්පිරිතාලේ උඹව පෙන්නන්න.. හැක්.
      ඔව්වොව් යන්න ඕනි.. ලෙඩාට කරදරයක් නැති විදියට ගිහින් බලල එමු වෙලාවක..

      Delete
  14. බොහොම වටින තොරතුරු ටිකක්... ගොඩක් ස්තූතියි අපිත් එක්කත් බෙදා හදා ගත්තට

    ReplyDelete
    Replies
    1. වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන කාල හැදිච්චි උන්නේ අපි තුශානියෝ.. ස්තූතියි.

      Delete
  15. කාටත් ප්‍රයෝජනවත් වෙන තොරතුරක්.
    බෙදා හදා ගත්තට ස්තුතිය.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා.. ලෙඩ දුක් කාට කොයි වෙලේ හැදෙයිද අපි දන්නේ නෑනේ. කාට හරි උදව්වක් උනොත් ඒ ඇති.

      Delete
  16. මතක තියාගන්නං

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ඉගෙන ගන්න කැමති උන්.

      Delete
  17. දිව දික් කර කර බලන්න ගිහිල්ල ආඝාතය හැදෙන්න කනට වදීද?

    ReplyDelete
    Replies
    1. එහෙනම් දොස්තරල ඔක්කෝටම ආඝාතය හැදෙන්න ඕනි මයේ හිතේ. ඔය අසනීපයක් හැදිච්චි වෙලාවට මොන ලොක්කත් පට්ට අසරණයි. ඔලුවෙන් හිට ගන්න කියුවත් කරනවා. අත්දැකීමෙන් කියන්නේ. බය නැතුව ට්‍රයි කරල බලන්න අවස්ථාවක් ආවොත්.

      Delete
  18. මතක තියා ගන්න එක කෝකටත් වටිනවා.හැබැයි වැඩේ කියන්නේ මේ කියලා තියෙන දේවල් කරන්න කියලා අපි යම් කිසි රෝගියෙක්ට කිව්වොත් මිනිහා මෙව්වා කරයිද ?එහෙමත් නැතිනම් වටේ ඉන්න උන් මෙව්වා කරන්න කියන අපිව පිස්සෝ හැටියට ගණන් අරන් මෙව්වා කරන එකෙන් අර රෝග ලක්ෂණ පෙන්නු පුද්ගලයාව වලක්වාවිද?

    ReplyDelete
    Replies
    1. දැට් ෂෝව්ස් යුවර් ලීඩර්ෂිප් ස්කිල්ස්. බී දි මෑන් ෆෝ ද මූමන්ට්. නෝ වොරීස්.

      Delete
  19. ස්තුතියි මචං...
    මාමයිට් එකට ඉක්මන් සුවය පතමි.

    ReplyDelete
    Replies
    1. //මාමයිට් එක// හික්.
      ටැන්කූ බොක්කා.

      Delete
  20. ඔය වගේම සීන් එකකින් තමයි මචං ගිය සතියේ වයිෆ්ගෙ තාත්ත නැති උනේ.. එකම වෙනස හාට් එකට ලේ ගෙනියන ධමනියක් වීම.

    ReplyDelete
    Replies
    1. පළමුවෙන්ම ඒ ගැන මගේ බලවත් කණගාටුව.
      ඕනෙම රෝගයක රෝග ලක්ශණ මුලින් හඳුනා ගන්න පුළුවන් උනානම් යම් දෙයක් කරන්න පුළුවන්. ඒත් මචෝ වෙලාවත් එන්න එපැයි. ස්තූතියි කරදර අව් අස්සෙම මේ පැත්තෙත් ඔලුව දැම්මට.

      Delete
  21. කමි මේක fb එකේ ශෙයා කරලා තියෙනවා දැකලා මම කියවලා ලයික් කළා. ගොඩක් වටිනවා මේ තොරතුරු. ඇත්තට අපි ඔහොම උනාට වැඩිය ගණන් ගන්නෙ නෑනෙ. ගොඩක් වටිනවා මේක ලියපු එක. අපේ මිනිස්සුන්ව දැනුවත් වෙනවා ඒකෙන් ගොඩක්ම. මාමණ්ඩි දැන් සුපුරුදු සුවෙන් ඉන්නවනෙ. ඔන්න මමත් ශෙයා කරනවා.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. එෆ්බී එකේ සුද්දගේ භාශාවෙන් නේ බං තිබුනේ.. මම උනත් ඉතින් වැදගත්ම දෙයක් කියල හිතුනේ නැත්නම් ඔය ඉන්ගිරිස් වැඩිය කියවන්න යන්නේ නෑ. ඒකයි මේක 'අම්මගේ දිවෙන්' ලියුවේ. ෂෙයාර් කරාට ස්තූතියි.

      Delete
  22. අද මම අපේ සීයා එක්ක රත්නපුරේ ඉස්පිරිතාලෙට ගියා. ඒකට ගියම හිතෙනවා අපේ රටේ බාගෙට බාගයක් ලෙඩ්ඩුද කියලා. ස්නායු අබාධ, අස්ථි අබාධ අර ආබාධ මේ අබාධ.. හෆොයි!

    ReplyDelete
    Replies
    1. ආරෝග්‍යා පරමා ලාභා.. ඉස්පිරිතාලෙකට ගියාම පිස්සු හැදෙනවා.. මහරගම පිළිකා රෝහලට තැලිසීමියා යුනිට් එකකට ඇක්සිඩන්ට් වෝඩ් එකට වගේ ගියාම සසර කලකිරෙනවා..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  23. මාමණ්ඩි සුවපත් වීම ගැන සතුටුයි. මේක මම මුලින් කියව තිබෙනවා. නමුත් නැවත නැවත කියවීම හා මතක තබා ගැනීම වැදගත්.

    ReplyDelete
    Replies
    1. StART තමයි මට ඔළුවලට යවා ගන්න ඕනි උනේ. හදිසියට ගොඩක් දෙනෙකුට මේව අමතක වෙනවනේ.

      Delete
  24. ඩී ඩී ඩී ඩාඩා ඩී ඩා ඩිඩා ඩිඩා ඩා ඩා
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් අවුල් වගේ මැසේජ් එක.. මෙහෙම වෙන්නෝනෙ.. හැක්.
      ඩිඩිඩි ඩා ඩිඩා ඩිඩාඩි ඩා (... _ ._ ._. _) S t A R T

      Delete
  25. මෙවන් මාතෘකා පිළිබඳව අපේ මිනිසුන් දැනුවත් කරන ඔබ ඇත්තෙන්ම “කළ්‍යාණ මිත්‍රයෙක්“ .
    ස්තුතියි ඔබට

    ReplyDelete
  26. බොහොම ස්තූතියි කල්‍යාණ. මං මේක හැකිතරමක් දෙනා අතර ශෙයා කරනවා.

    ReplyDelete