Monday 21 August 2017

බ්ලොග් වසන්තය 2 සමරන්න සුදානම්ද Here comes the party time again

බ්ලොග් වසන්තය 2 අදියරේ තෑගි මලුත් රැගෙන දුමී ඔන්න ලංකාවේ .. අගෝස්තු 28න් පටන් ගන්න සතියේ පහසු දවසක ගිය පාර වගේම සෙට් වෙන්න තමයි ප්ලෑන් එක..

අපි සෙට්ටෙන විදිය එනම් රෑ බෝ වෙලා මදුවිත මුල් කරගෙන වැඩේ පටං ගන්න එකෙං සමහර ගෑල්ලමයින්ට බ්ලොග් වසන්තයේ අසිරිය විඳගන්න චෑන්ස් එකක් නෑය කියල එහෙං මෙහෙං කණු කුනු ගාන්න ගත්ත සමහර උන්දලා.. මොකද ඔය ඉන්දිකයටයි දුමියටයි පණ ඇරල මේ ගොඩක් ගෑල්ලමයි .. ඉතිම් උන් දෙන්නව හම්බෙලා වචනයක් කතා කරල යන්න ඉඩ දෙන එක සංවිධායක මණ්ඩලේ විදියට අපේ යුතුකම නිසා ඔන්න මෙදා පොටේ අපේ ශැඩියුල් එක පෝඩ්..ඩක් ඉස්සරහට අදින්න අපි හිතුව..

දැනට කතාකරගත්ත විදියට හහ්වස හතරට විතර කට්ටිය සෙට්ටෙලා තේ ටිකක් බීලා පහ පහමාර වගේ වෙනකොට සම්මාන ටික දීලා සමුගන්න ඕනි අයට සමුදීල කාරිය ඉතිරිවෙන අපි උන්දලා එතනම හරි වෙන සුදුසු තැනක සැඳෑ සාදය අරඹන්න තමයි ප්ලෑන.. තැන බොහෝවිට ගාලු පාරේ බම්බලපිටිය, දෙහිවල, ගල්කිස්ස ආසන්නයේ තැනක් වෙයි.. හරියටම දෙතුන් දොහකින් කියන්නං..

හැමෝගෙම අදහස් දෙන්ඩල දවස හා වෙලාව ගැන.. හොඳ තැනක් ගැන හෝඩුවාවල් තියෙනවා නං ඒවත් වෙල්කං..

ඔන්න එහෙනම් හැමෝටම විවුර්ත ආරාධනාවක් කරා.. ආයේ අහුකොන් තියාගන්නේ නැතුව එදාට ඇවිත් සෙට්ටෙන්න තමයි තියෙන්නේ.. (අර යෝදයෝ දෙන්නට වියහියදම් ගැන අදහසක් ගන්න තමං එන නොවෙන බවත් යන්තමට හරි අගවනවනං ලොකු දෙයක් වෙයි..) ඒ නැතත් කාරි නෑ හැබැයි හතර මායිමේ එන්නේ නැතුව පස්සේ බජට් ඉල්ලගෙන නං එනවා නෙවෙයි.

ජයවේවා කියුව කලිම්ම ..

140 comments:

  1. හෑ... බ්ලොග් වසන්තය ?? එහෙම එකක් තිබ්බද ? මට මතක නෑ නොවැ. හි හී

    ReplyDelete
    Replies
    1. ඔයා ඇවිත් දුමින්ද-රවී පාර්ශ්වය පැත්තෙන් වාඩිවෙන්න පුතී.. :)))

      Delete
  2. ජ ය වේ වා ... දිනේ බලලා එන්න ඇහැක්ද කියංනං

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වසන්තය සත්නපුරේට ගෙනාවොත් මක්කයි කියන්නේ

      Delete
    2. අනේ සාදු.... සබරෙ පව්නේ නැත්තම්...

      Delete
    3. අනේ සාදු.... සබරෙ පව්නේ නැත්තම්...

      Delete
    4. කම්මල රෝග ලක්ශණය වැළඳී අපහසුවෙන් ඩබල් කොමෙන්ට් කරන සබරේ වෙනුවෙන් මක්ක හරි කරන්නම වෙනව.. :))

      Delete
  3. Replies
    1. ගානක් කඩාගන්න මොකක් හරි වැඩක් තියෙන්නත් එපෑ..

      Delete
  4. මට මුකුත් මතක නෑ ,,,All the best ..

    ReplyDelete
    Replies
    1. මටත් මතක නෑ බං.. ඒ උනාට ටැංකූ වේවා!

      Delete
  5. ඕක තව ටිකක් කල් දාන්න බැරිද

    ReplyDelete
    Replies
    1. බෑනේ.. සංවිධායක මණ්ඩලේට එයා මයිල් හම්බෙලා තියෙන්නේ ඔය දවස් ටිකේ විතරයි ලු.. :)))

      Delete
    2. ඒ ගමන උඹත් පටන් ගත්තද?:) වැදේ කියන්නේ සිරි ලන්කන් එකේ ෆ්ලය් ස්මයිල්ස් එකෙන් එයාර් මයිල් ප්ලස් පවුම් 85 - සුපියල් 17000 ටිකට් එක ඔෆර් එකක් එවලා. කොහෙද බුක් කරන්න බලනකොට දවස පහුවෙලා කියහන්කෝ. තිබ්බ නම් අනිවාර්යයෙන් එනවා.

      Delete
    3. අපරාදේ බජට් පස්නේ තා ටිකක් දික්ගස්සගන්න තිබ්බ චෑන්ස් එකක්.. :)))

      Delete
    4. දැන් ඔයාටත් බජට් පස්නයක් ඇවිල්ලද?

      Delete
    5. තාම වසන්තයට නෑ.. එයා මයිල් දීලා හරි ඔයාව ගෙන්න ගත්තනං බජට් පස්නයක් ඇතිකරලා ගන්න තිබ්බ

      Delete
    6. හැක හැක හැක ..."මගේම නයි මටම කයි" කියන්නෙ ඔන්න ඕකට තමා ....

      Delete
    7. ඔව් ඔව් මේකා තමයි ඔය නයා ඇනෝපිලිස් :)

      Delete
    8. ඒකනේ කියන්නේ අහක යන නයි සෙද්ද අස්සේ දා ගන්න එපැයි කියල.. තා ටික දවසකින් දුමියටයි ඉන්දිකයටයි වෙන්නෙත් ඕක.. හැක්.

      Delete
    9. අර තෙල් නැතුව මගදී නවතින වැන් එක එනවනම් කියන්න කලින්ම බාගයක් අරගෙන තියාගන්න ඒක තියා ගන්නවා බිලා මග බුදිය ගන්න ඒක හොදයි වැන් තල්ලු කරනවට වඩා ...මේ සැරේ කලින්ම අප්ප 2ක් 3ක් අරන් සාක්කුවේ දාලා තියාගන්නවා

      Delete
    10. මම එන්නේ නැහැ බ්‍රා. එනිසා බය නැතිව සත්නපුරෙන් ආප්ප කාල ගිය හැකි මෙන්ඩට

      Delete
    11. අයියෝ ඔයා නැතුව ආප්ප හොයලා වැඩක් නැහැ ..දෙකක් දාලා ආප්ප හොයනකොට තමයි ආතල්

      Delete
  6. දෙහිවල විලියම් හංදියෙන් මුද පැත්තට ගියාම බරුකුඩා, ස්ටේෂන්, බිච් පැලස් නම් වලින් හොද තැන් කිහිපයක් තියේනවා. වැල්ලවත්තේ කිංරෝස් හා ගල්කිස්ස පැත්තේ නම් තවත් ගොඩාක් තැන් තියේනවා එත් ගාන නම් දන්නේ නෑ. දිනපු අයට සුබ පතනවා. ගල්කිස්සේ නම් අනිවා එනවා.

    ReplyDelete
    Replies
    1. ගියපාර තිබ්බේ බැරකූඩා එකේ.. ඒත් එතන හවස ෆන්ක්ශන් එකකට සෙට් වෙයිද ශුවර් නෑ.. අදහසක් ඇවිත් තියෙනවා සත්නපුරේ පැත්තේ ලොකු හෝටලේක ඩේ ෆන්ක්ශන් එකක් විදියට ගන්නත් එහෙම උනොත් කොලඹ ඉඳල ට්‍රාන්ස්පෝට් ඇරේනජ් කරල..බලමු. කීප් ඉන් ටච් බ්‍රෝ.. :))

      Delete
    2. ඔය සත්නපුරේ ලොකු හෝටලේ අර "අහවල්" උළෙල ටත් යෝජනා වුණා නේද? කොහෙද මං විතරයි ඒකටත් කැමති වෙලා හිටියේ. මුන් ඔක්කොම කොළඹවාදී එවුන් නේ.

      Delete
    3. අපි කොටන කුකුලට නම් කොයි පිටියත් එකයි හිටං.. :)

      Delete
    4. විලියම් හන්දිය ලොකුද

      Delete
    5. කවුද බං මේ ෆොටෝ එකක් එක්ක එන සිරා පොර?

      Delete
  7. ගිටාර් එකකුත් අරං ... හෙක්.. හෙක්...
    සෙනසුරාදා දවසක් නම් අති විශිෂ්ඨයි සර්.....

    ReplyDelete
    Replies
    1. මේ පාරත් මට පොස්ට් එකක් ලියන්න හැකි

      Delete
  8. මිත්‍රයා, මං හිතන්නෙ ඔයාගෙ එක බලාපොරොත්තුවක් ඉෂ්ට වුණා නේද....

    ReplyDelete
  9. එහෙම බෑ. ආවත් නාවත් බජට් නං ඕනෑ.

    ReplyDelete
    Replies
    1. මේ පාර සෙල්ලං වෙන එකක් නෑ.. සත්නපුරේ පැත්තේ ලොකු මුදලාලි කෙනෙක් ඉස්පොන්සර් කරන්න බලං ඉන්නේ.. :)))

      Delete
    2. වන්ඩු ආප්පය ආවොත් බෙල්ල මිරිකනවා

      Delete
  10. හවහ වැඩී.... අපි නාවට කාරි නෑ.... ඔහෙලට
    ජය වේවා..........

    ReplyDelete
    Replies
    1. ඔහේට ඉතිම්.. දවල් දවසක තිබ්බොත් මොකැයි? එන්න ඇහැක?

      Delete
  11. වැඩේට සුභ පැතුම්
    විචාරක දියණිය

    ReplyDelete
  12. තදබල සුබ පැතුම්...
    වැඩේට එන්ට නම් විදිහක් නෑ නිවාඩු නෑ....
    සහයෝගයක් අවශ්ය නම් පවසන්න

    ReplyDelete
  13. එන්න කැමතියි. දවස හරියටම කියන්නකො. එන්න පුළුවන් වේවිද කියල හිතන්න වෙන්නෙ දවස අනුව තමයි.

    ReplyDelete
    Replies
    1. දවස තීරණය කරන්න තමයි අදහස් දෙන්නය කියුවේ. එන්න පුලුවන් මොන වගේ දවස්වලටද?

      Delete
  14. සුබපැතුම්! මම කියුවේ සෙට් වෙන එකට...

    ReplyDelete
    Replies
    1. සම්මාන දෙනවට උදය කැමති නෑනේ :)))

      ටැංකූ ටැංකූ.. මං කියුවෙත් සෙට් වෙන වැඩේට සුභ පැතුවට.. :)

      Delete
  15. මුහුද අද්දර තියෙනවානං එන්ට බැරිය. මක්නිසාදයත් “චාමර විදානපතිරණ නදීකා හේමමාලි“ මහතා මුහුදටම පයින්ට හදන නිසාය. සත්තපුරේ ඕනෑම ඉස්තානයක තිවුනොත් එනවාමය. ඒ එද්දිං දෙමළ නයන්නාත් ඇදං එන්ට ඇහැකිය. එවිට ඒකාගේ මූන ඇත්තටම එයාකාරදැයි බැලීමට අපට හැකියාවක් ඇත. අටමා එනවානං වේලාසනිං කියපම්ය. පිටේ බැඳගන්නට කොලපත් හොයාගන්නට ඕනාය. වැඩේ දියුණුවෙන් පමුණුවට පත්වේවායි පතමි. ස්වස්ථි සිද්ධම්!

    ReplyDelete
    Replies
    1. ඒක බලාගැනීමට බොට නොහැකි වෙනවාය. එදාට එන්නේ අැනෝවෙක් මෙන් වෙස් වලාගෙනය. මුං කවදාවත් ඕක සත්තපුරේ ඉස්තානයක තියන්නෙත් නැතිය.

      Delete
    2. මිතුර අපි එය රත්නපුරයෙහි පවත්වන ලෙස ඔවුනට බලකර කියා සිටිමු. මේ සඳහා අපට ‘චාමර විදානපතිරණ නදීකා හේමමාලි‘ මහතාගේ සහයද ලැබෙනු නොවනුමානය. එමෙන්මැ මේ වනවිටැ උසස්පෙළ පරීක්‍ෂනයෙන් මුක්තවැ ඉසිඹු ලබා සිටින ටෙක් මලණ්ඩද එක්කොට ගනුවොමු. වෙනත් සහයෙක් අවැසි වෙතොත් දැනට අකම්වැ සිටිනා කුරුටු ළමෝද අපට සහයෙක් දක්වනු ඇතැ.

      Delete
    3. අප පැල්මඩුලු වටැ රවුමේ ලෙමන් ෆෆ් නමැති ආහාරය පමණක් ගනිමින් අඛණ්ඩ උපවාසයක් පවත්වා අපගේ ඉල්ලීම් ලබාගැන්මට පෙලගැසෙමු. 'චාමර විදානපතිරණ නදීකා හේමමාලි' මහතාට අැවැසිනම් ගල් නමැති පානයෙන් අඩක් රාත්‍රී ජාමයට සපැයීමට සූදානම් කර තබමු.

      Delete
    4. සත්නපුරේ තියනවානං ඉස්තානයෙං හා දිවා ආහාරයෙන් අනුග්‍රහය දකවන්න ලොකු මුදලාලි කෙනෙක් කැමැත්ත දීල තියෙන්නේ ඒක මණ්ඩලේට අනුමැතිය සඳහා දාල තියෙන්නේ කොහෙද මේ මණ්ඩලේ උන් ඊයේ රෑ බීල තාම නිදිද කොහෙද ෆෝන් ආන්සර් කරන්නේ නෑ නෙව.. බොලා වැඩි දෙනෙක් සත්තියක්ග්‍රහ කරොත් වැඩේ බැරිවෙන එකක් නෑ..

      Delete
    5. බීලා කියා අපහාස නොකට යුතුයැ. පෙර දිනෙක ‘චාමර විදානපතිරන නදීකා හේමමාලි‘ මහතාගේද පානීය ජල බඳුනට ඇල්කොහොල් මුසුවී විෂවී එතුමාගේ හෝරා යන්ත්‍රයද විරුද්ධ දිසාව බලා ගමනේ යෙදුනෝය.

      කෙසේවතුදු මෙය හුදෙක්මැ සත්තපුරේ නොපැවැත්වේ නම් අප කිසිසේත්ම මීට එක් නොවන බවටැ අධෝමුඛය පොලවේ ගසා දිවුරන්නෙමු. එසේම පුරාම බයානක චෙපාකි මහතා එදිනට පැමිණේ නම් බත් නොකන කුඩා ළමුන්ට හබුං කැවීමේ සංදර්ශනයක්ද පැවැත්වීමට අපට හැකිවනු ඇත.

      Delete
    6. හි‍.කො.ක.ස.ස. හැටියට කො.කා. අපේ ඉල්ලීම් දිනාගැනීමට අප පෙළ ගැසියැ යුතුයැ.
      චෙෆාකි මහතා සමග හැලපයා මහතාද සෙට් වුවැහොත් ළමෝ පැත්ත පළාතකවත් නොයිනු ඇත.

      Delete
    7. මොකක්ද බං හි.කො.ක.ස.ස එකේ හියන්න? සත්නපුරේ තියෙනවා නං චෙෆාකි සරුත් එයි නෙහ්..

      Delete
    8. "මම එරන්දිගේ හස්බන්ඩ් " කරුණාවන්ත මහතාට කීවනම් ලිෆ්ට් එකක් ගන්න බැරි වෙයිද?

      Delete
    9. අපි ඉතිං 'හිටපු' කට්ටියනෙ. මේ ගමන සම්මාන දුන්නට පස්සෙ අලුත් 'ස' කෙනෙක් ඉන්නවනෙ.

      Delete
    10. හම්මට.. සත්නපුරේ හෙන බොග් සෙට්ටෙකක් ඉන්නව නෙව.. එහෙ ගත්තොත් සෑහෙන්න ජයට තියෙයි වගේ හිටං..
      පෙසා.. එහෙම කොහොමද කරන්නේ.. උඹ ජනතාවගේ මිනිහා.. මරල හරි ගන්නෝනේ සභාපති කම.. පෙසන්නයා සමඟ නැගිටිමු.

      Delete
    11. අනේ
      උගේ කරුණාව ඊයෙ පෙරෙයිදා දවසක තව පෙඩ්ඩෙං මගෙ බෙල්ල මිරිකනවා

      Delete
    12. හෑ!! ඔය කියන්නේ මේ අර අපේ මම එරන්දිගේ මහත්තයා? ඒකා එහෙමටද වසද බං?

      Delete
    13. නයන්න සහ සුරන්ගයා බලාගන්න එනවාමයි
      අජිත් අයියන්ඩි ආප්ප හොයන්න යන්න බැහැ

      Delete
    14. පෙනුමෙන් නම් හරිම සීදේවි ගතියක් නේ තියෙන්නේ. අර "මම එරන්දිගේ බබාවත් " බලාගෙන හිටියේ එරන්දි ඕපාදුප කියවලා එනකන්. අපිට වඩා ඉවසීම තියනවා බං. කෝ මේ එරන්දි? එරන්දිට පෝස්ට් එකක් දාලම අහන්න වෙනවා.
      මෙන්ඩ ආප්ප දෙනාලු මෙනු එකට සත්නපුරේ හෝටලෙන්.

      Delete
  16. ඉස්සෙල්ලා දවස කියලා ඉන්න ඇඩ්මිරල්.
    එහෙම නැත්නම් සුමානෙම තියන්න බජට් කරලද තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. බජට් අවුලක්ම නෑ. මේ පාර සත්නපුරේ ලොකු මුදලාලි කෙනෙක් ඉස්පොන්සර් කරන්න කැමැත්තෙන් ඉන්නවා. හෙක්. තැන හා ඉස්තානය ඉක්කණට කියන්නං මණ්ඩලේ අනිත් උන් නින්දෙන් ඇහැරුනාම..

      Delete
    2. එහෙනම් හත් දවසක් තියන්න බැරියැ.
      මේ..... අර මුදලාලි කතාවකුත් කරයිද?

      Delete
    3. මුදලාලි මංදා මුදලාලි ගේ මැනේජර් නං කිසි කතාවක් බහක් නෑ.. :))))

      Delete
    4. මුදලාලි මංදා මුදලාලි ගේ මැනේජර් නං කිසි කතාවක් බහක් නෑ.. :))))

      Delete
    5. "අමතක කරලමු පැරණි කතා
      එක්වෙමු ජාතික දියුණ පතා "

      Delete
    6. ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව්ස් එකෙකු ලෙසින් සිතමූ..

      Delete
    7. තැනයි කෑමයි දෙන්නං , බීම අරං වර

      Delete
    8. එවර වෙලා යන වෙලාවට ආප්ප ඉල්ලන්න ඔට්ටු නැහැ

      Delete
  17. බ්ලොග්????
    ඒ මොනවද?

    ReplyDelete
    Replies
    1. සමනළ ලෙඩේ තදින්ම වැලඳිලා වගේ හිටං :))))

      Delete
  18. අම්මට හුඩු වසන්තයා! සති අන්තෙනම් එතැහැකි. සතියෙ මැදනම් සලකා බලන්න ඕනෙ. අර ඩොමෙස්ටික් මෙව්වා එකෙනුත් අනුමැතිය ගන්න වෙනවනෙ දැං.

    ReplyDelete
    Replies
    1. දවස තීරණය කර ගමන් කොන්ෆෝම් කරන්නං හිටං.. ගෙදර උන්දාවත් ඇන්න වරෙන්..

      Delete
    2. හාමිනේට අද ඉඳලා

      Delete
    3. මූ දැනටම ගෘහස්ත මෙවුව එකට ලක්වෙලා ද?

      Delete
  19. මෙදා පාර උඩුවා අනිවා එනවා. හැබැයි කරුණාකරලා පොඩ්ඩක් වෙන ක්‍රමේකටත් දැනුම් දෙන්න කියල ඉල්ලනව. මේල් එකක්, මැසේජ් එකක් වගෙ!

    ReplyDelete
    Replies
    1. ටෙලිපෝන් නොම්මරෙයි ඊ මේල් එකයි මැසෙන්ජර් එකෙ දාපම්

      Delete
  20. රත්නපුරේ තියෙනවනං මමත් එනවා...!
    කවුද බන්ස් ඔය මුදලාලි..ගොඩකවෙල මුදලාලිමද...?

    ReplyDelete
    Replies
    1. නෑ නැ මෙයා වෙන එක්කෙනෙක්.. මුදලාලි කියුවට තාමත් වැඩිපුර කැමති මැණික් ගරන්ට හිටං.. මැණික් ගලුත් හරි කැමතියි ඒ මුදලාලිට.. :)

      Delete
    2. හැක්.. අපි ස්පොන්සර් කළොත් ඉතිං මහපාර මැද තමයි තියන්න වෙන්නෙ හිටං.

      Delete
  21. මමත් එන්න උත්සාහ කරනවා සැප් 1 - සැප් 16 අතරේ දවසක තිබ්බොත් .... දැන්ම පොරොන්දු වෙනඩ බැහැ ... හැබැයි පුල් උත්සාහ කරනවා සහභාගී වෙන්ඩ

    ReplyDelete
  22. ඔන්න ඔහෙ රත්නපුරේම ගමු කමියයියේ

    ReplyDelete
  23. ඔන්න ඔහෙ රත්නපුරේම ගමු කමියයියේ

    ReplyDelete
    Replies
    1. දෙපාරක්ම කියල. දැන් ඉතිම් කරන්නම වෙනවා..

      Delete
  24. දැන් ඔය තෑගි බෙදන්න හදන්නේ ඕකේ පොතිපල නිකුත් කරා ද? අනේ මංදා මමනම් දැක්කේ නෑ...

    ReplyDelete
    Replies
    1. කවුරු දිනලද කිංද මංද මං දන්නෙත් නෑ බං.. අදාලත් නෑ.. සෙට්ටෙන ඇරේන්ජන්මන් ටික විතරයි මට වැදගත් :))

      Delete
  25. ඔය ලී කුට්ටි තම්බල කන්නයැ බං.. පරක්කු වෙලා හරි වැඩේ තියෙ හෙනං.. ජය වීවා ලී මුදලාලි ලට

    ReplyDelete
    Replies
    1. අඩෝ අමුඩෙත් එනව.. තෝත් වර..

      Delete
  26. ඉතිං සැත්තැම්බර් 1 තියමුකෝ ... එදාට හජ්ජි හිංදා ඔපිස් යන කට්ටියටත් එතෑකි නේ ...

    ReplyDelete
    Replies
    1. අඩෝ එදාට අපිට නිවාඩු නෑ පෙත්තෝ..

      Delete
    2. ///එදාට හජ්ජි හිංදා ඔපිස් යන කට්ටියටත් එතෑකි නේ ...///
      මු මොන වළහැඩියෙක්ද. එදාට කොහෙද බොල නිවාඩු...

      Delete
  27. වැල්ලවත්තේ බීච් වාඩිය තවත් හොඳ තැනක්
    කොහේ උනත් කමක් නැහැ. අර 11ට කලින් කාපං කියල බත් පත මේසෙට එවන තැනක් නැතිව.

    ReplyDelete
    Replies
    1. සොරි වේවා. රත්නපුරේ ජොයින්ට් එකට යනවා නම් මගෙත් වෝට් එක එකෙන්ම.

      Delete
    2. වැඩිපුර කමිස දෙකක් විතර අරන් ආවොත් මේ පාරත් කොන්දොස්තරලාට පූජා කොරලා ආටෝරාසියක් පිං ගන්න පුළුවන් වේවි

      Delete
    3. එහෙනම් අයියල ටික "හිත බෑ කියුවොත් මමත් නවතින්න අමතර ඇඳුමක් මල්ලේ දමාගෙන" හෝ ගානා පොකුණ බලන්න සත්නපුරේ යන්න සෙට්ටෙන්න හරිය..

      Delete
  28. මම නම් එන්නේ නෑ ඔකෙඋන් දෙන්නා එන පැත්ත පලාතේ..

    බේබද්දෝ...

    අපිත් නරක් වෙනවා ඕවට ඇවිත්...

    ReplyDelete
    Replies
    1. උඹට එන්නම වෙනවා උඹෙ ළමයි බලාගන ඉන්නවා

      Delete
    2. එහේද තියෙන්නේ...

      Delete
    3. එහෙමලු , මාත් දන්නෙ ටිකකට කලින් , තෝ වර බට්ටා වයින් කරන්ඩ වෙන එකෙකුට දීලා

      Delete
    4. හෙහ්.. අන්න සත්නපුරේ සුද්දා පැටව් අටමට අප්පච්චි කියාගෙන පස්සෙන් එනවලු.. අපිනං දන්නේ නෑ ඕව..

      Delete
  29. කොහෙද බං අර සම්මාන හිටවල තියෙන්නෙ? මාගා එකේ මිදුලෙ නේද? ෂෙහ්...

    ReplyDelete
    Replies
    1. හැමදාම ලී කෑලි කියනවනේ.. මේ පාර කොන්ක්‍රීට් වලින් හදන්න බැලුවේ.. හැක්

      Delete
  30. මරු එතකොට මටත් සහභාගි වෙතහැකි

    ReplyDelete
    Replies
    1. සෝටයි ටී සර්ට් එකයි පිටිම්ම?

      Delete
  31. තෙන්නෙ අප්පෝ් මහතා මෙ ඔබේ අවදානය පිනිසයි

    ReplyDelete
  32. අම්බෝ ඕයි.. අමාරුවෙන් අඩියක් ගහල ආවේ වකුගඩුවට හොරෙන්.. වෙරි හිඳුන කොමෙන්ට් ටික දැකල..

    ReplyDelete
  33. එළ,වැඩේ සාර්ථක වේවා...!

    ReplyDelete
    Replies
    1. වෙලාවට එළ ට පස්සේ කොමාව යංතං දැක්කේ.. මගේ හිත කැඩිල වැටෙනව තව පොඩ්ඩෙන් .. :))

      Delete
  34. ඉතිං දුමියටයි ඉන්දිකටයි බවලත් උදවිය බාර දුන්නනම් අනිත් වැදගත් වැඩ වලට ලෙහෙසියිනෙ ?

    හැබැයි නරියට කුකුළු කොටුව බාර දුන්න වගේ වෙයිද දන්නෑ ;-)

    ReplyDelete
    Replies
    1. උඹ කොහොමහරි අරුන් දෙන්නට නරියෝ කියුව නේද? හැක්

      Delete
    2. ඕං බලහන්කො ඇඟට දැනෙන නොදැනෙන ගානට දාපු කොමෙන්ට් එක උඹ අරුන් දෙන්නගේ මූණෙ අතුල්ලපු හැටි !

      කමියො උඹත් අර කලින් නේවි කොමා වගේ තමා, වැඩ බොහොම "සියුම්" :-D

      Delete
  35. ඔන්න අපෙනුත් වැඩේට උණුසුම් සුබ පැතුම් !

    සති අන්තේ දවසක් උනොත් ඇවිත් යන්ට එන්නම්කෝ....

    ReplyDelete
  36. මාසත් දිනත් ඉගිලීලා ගෙවී ගියා
    කීවත් වගේ එනතුරු මග බලන්නියා
    තාමත් තැනක් නැහැ තියෙන්නෙ කොහේ කියා
    ආවොත් අල්ල ගමි බෙල්ලෙන් වසන්තයා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කරනු දෙයක් නෑ අල්ලං වසන්තයා
      අල්ල ගනිමු ඒකට උප සාන්තයා.

      Delete
    2. අල්ලන් ඇවිත් හිරකර උප ශාන්තයා
      ඉල්ලන්නට හිතයි මුල් තැන මට දියන් කියා...

      Delete
  37. රත්නපුරේ දුර වැඩියි ලොක්කා. දවස අනුව බලමු. එන්න නම් ආසයි

    ReplyDelete
  38. බ්ලොග් වසන්තය මට අමතක වෙලා ගිහින් තිබුණේ... කෝ මට මොකුත් මතක නෑනේ??

    ReplyDelete
    Replies
    1. රවී කේ ගෙන් ඇහුව නම්.

      Delete
  39. සුභ පැතුම් එන්න මගෙනුත්.කොහේ තිබ්බත් එන්ට නං වෙන්නේ නැතිය.නැන්දම්මා ඩෙංගු මදුරුවන්ට මෛත්‍රි කොරන්ට ගොස් කෙලෝගෙන ඇත

    ReplyDelete
  40. කවදද ඔය වසන්තය එන්නෙ

    ReplyDelete
  41. දැන් ඔය මොකක්ද එක තියෙන්නේ කවදද, කොහෙද...
    මොකටද දැන් එතකොට ඕක තියන්නේ...

    අනික සත්නපුරේ යනවනම් ට්‍රාන්ස්පෝට් දීපියව්, බීල එළවල 25,000/- ක් ගෙවන්න බැහැ...

    ReplyDelete