Thursday 28 January 2016

නෙලුම්යාය බ්ලොග් සම්මාන 2015 - උණුසුම් තරඟයක්.. Heated heats as blog awards in vicinity

ඈ.. කලණයියේ.. ඉතින් අපිට කියන්නකෝ මොකක්ද නෙලුම්යාය කියන්නේ.. මොකක්ද නෙලුම්යායෙයි සිංහල බ්ලොග් වලයි තියෙන සම්භන්දේ? 

පහුගිය ජනවාරි 4 වෙනිදා ඉස්කෝලේ ළමයින් කණ්ඩායමකට පාසල් උපකරණ බෙදා දීමේ වැඩකට බදුල්ලේ ගිය වෙලාවේ හම්බ උණු නමුණුකුලෙන් එහා බ්ලොග් එක ලියන භාග්‍යා හේමමාලි නංගි එහෙම ඇහුවත් ඒ වෙලාවේ තිබ්බ කලබලේට ඒ ගැන යමක් කියල දෙන්න බැරි උනා. නෙලුම්යායෙන් සංවිධානය කරන දෙවෙනි බ්ලොග් සම්මාන උළෙල අත පොවන මානයට ඇවිත් තියෙද්දී මට මතක් උනේ ගිය අවුරුද්දේ අප්‍රේල් 28 වෙනිදා 'නෙලුම්යායේ ඉස්සරහට මොකද වෙන්නේ' කියල පොස්ට් එකක් දැම්මට පස්සේ ඒ ගැන යමක් නැවත ලියන්න බැරි උනා කියලා.. 

පහුගිය අවුරුද්දේ මොකද උනේ කියලා ඔය උඩින් කියපු පොස්ට් එක කියවල ඕනේ කෙනෙකුට බලා ගන්න පුළුවන්. මේ කියන්නේ මේ අවුරුද්දේ මොකද වෙන්න යන්නේ කියලා..

බලාපොරොත්තු උන විදියට බ්ලොග්කරුවන්ගේ සංසදය හෙවත් Blogger's Guild එක හැදුනේ නෑ.. එකට පක්ෂපාති වගේම අපක්ෂපාති විවේචනත් නොඅඩුව ලැබුනා. පුද්ගලිකව මම වගේම මා දන්නා පරිදි එහි සභාපති වශයෙන් නම්කළ මාතලන් පවා හිටියේ දැනට එහෙම සංසදයක් අවශ්‍ය නෑ කියන මතයේ. මොකද නම් ලිස්ට් අරන් කන්ටක්ට් නම්බර් අරන් සංගමෙක සාමාජිකත්වයක් දුන්නම බ්ලොග්කරුවන්ගේ නිදහස සිමා වෙනවයි කියල හිතපු නිසා.

ඒක කොහොම වෙතත් 2015 කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් බ්ලොග් රචකයින් එකිනෙකා අඳුන ගත්ත වසරක්.. පත්තරයාගේ ගෙදර පාටියේදී.. නෙලුම්යාය සම්මාන උලෙලදී හා ඒක අවසානයේ අජිත් අයිය නැවතිලා හිටිය හෝටලේ බැල්කනියේදී, සයිබර් සිහින ගල්කිස්සේ බක්මහ උළෙල හා එදින හවස් වරුවේ සුදීක ගේ ගෙදරදී.. අටම් ගේ කඩේ විවෘත කරන වෙලාවේදී.. චෙෆාකි ගේ ගෙදරදී, හැලප අයියගේ ගෙදරදී, තව දවසක අටම් ලගේ ගෙදරදී, ලොකු පුතාලගේ ගමේ ඔයේදී.. කාංචනා අමිලානිගේ, බස්සිගේ එහෙම පොත් දොරට වැඩි වෙලාවේදී, 80 ක්ලබ් එකේදී, සනෝරා එකේදී.. ඇපෙක්ස් එකේදී.. තව මෙකි නොකී තැන් බොහොමයකදී බ්ලොග් හිතවතුන් එකිනෙකා හමු උනා.. ඒ වගේම නොදැක්කත් මුණු පොත හරහා සහ දුරකථන හරහා ඇඳුනුම් කම් ගොඩ නැගුනා.. එහෙම බැලුවම සංසදයක් ඉබේම වගේ හැදිලා..


මීට අමතරව නෙලුම්යායේ මුලිකත්වයෙන් හා නොයෙක් දෙනාගේ අනුග්‍රහයෙන් හා සහභාගිත්වයෙන් සමාජ සත්කාර වැඩ කීපයකටද දායක වීමට බ්ලොග් කරුවන් වන අපට හැකි උනා. තලවකැලේ ප්‍රදේශයේ ද්‍රවිඩ ළමුන් ඉගෙන ගන්න දුෂ්කර පාසල් කිහිපයකට පාසල් උපකරණ ලබාදීම හා ඔවුන් සමඟ ක්‍රීඩාශීලි දවසක් ගතකිරීමට නෙලුම්යායට හිතැති මාධ්‍ය වේදීන් කණ්ඩායමක් හා බ්ලොග් හිතවතුන් පරිසක් සමඟ මටත් අවස්ථාවක් ලැබුනා. රත්නපුරේට සම්භන්ද බ්ලොග් හිතවතුන් නෙලුම්යායත් එක්ක එකතුවෙලා රත්නපුර ශාරිපුත්‍ර පාසලේ ළමුන්ට පොත් පත් හා පාසල් උපකරණ ලබා දීල තිබුනා. එයින් කුළුගැන්වුණු බදුල්ල දිස්ත්‍රික්කයේ බ්ලොග් කරුවන් වන අපි නෙලුම්යායත් එක්ක එකතු වෙලා බදුල්ලේ දුෂ්කර පාසලක ළමුන් සියලු දෙනාටම පහුගිය ජනවාරි මාසයේදී පාසල් පොත් හා උපකරණ ලබා දුන්නා. වසරේ සුවිශේෂීම බ්ලොග් කරුවා වන යාන්හැල්ලේ ශ්‍රංග ව, ඔහුගේ ප්‍රිය බිරිඳ චුටි මැණිකේව, ගොඩේ කතා ලියන මේනක ව හා උඩින් කියූ පරිදි හේමමාලි නංගිව මට හමු උනේ එදා තමයි. 

මේ දවස්වල නෙලුම්යායත් හවුල් කරගෙන අපි තව බරපතල කටයුත්තකට ලෑස්තිවෙලා ඉන්නවා. මොනරාගල දිස්ත්‍රික්කයේ අතිශය දුෂ්කර පාසලකට වසර ගණනාවක සිට ගැටලුවක්ව පවතින වතුර ප්‍රශ්නයක් ස්ථිරසාරව විසඳා දීමට.. අපේ තරමේ හැටියට සෑහෙන විශාල වැඩක් වෙන මෙයට මුදලින් සහය දීමට නෙලුම්යාය වෙනුවෙන් චන්දිම විතානාරච්චි වගේම ලංකාවෙන් පිටත සිටින එහෙත් හදවතින් ලංකාවේ ජිවත් වෙන බ්ලොග් හිතවතුන් කීපදෙනෙකුත්, ලංකාවේ ජිවත් වෙන තවත් 'සුද්දෙක් වගේ' හිත හොඳ බ්ලොග් කරුවෙකුත් සුදානමින් ඉන්න අතර එහි සම්භන්දිකරන හා සංවිධාන කටයුතු වෙනුවෙන් කැපවීමට මා හා සුරංග අදහස් කරගෙන ඉන්නවා.. වැඩේ අවසන් වනවිට ඒ ගැන වැඩි විස්තර දන්වන්නම්. 

මේ සංසදයක් නොවූ නෙලුම්යාය බ්ලොග් එකමුතුවේ වැඩ කටුයුතුයි. ලොකුම වැඩේ ඊළඟ සම්මාන උළෙලයි. පොරොන්දු වූ පරිදිම මෙවර සම්මාන සඳහා විනිශ්චයකරුවෙක් විදියට අවුරුද්ද පුරා පළවුණු බොහොමයක් බ්ලොග් කියවමින් මා තබාගත් සටහන් වලට අනුව කැටගරි 18ක් සඳහා මා විසින් නිර්දශ කල නම් නෙලුම්යාය සංස්කාරක අජිත් ධර්මකීර්ති මහතා ට පහුගිය දිනෙක ඉදිරිපත් කළා. 

ඒ අතර වසරේ බ්ලොග්කරු/කාරිය, කාලින සංවාද, ඉතිහාසය, දේශපාලන, කවි/ නිසඳැස්, කෙටි කථා, කෙටි නවකතා, නොස්ටල්ජියා, 18+, ගෘහස්ත කාරණා, චායාරුප, පරිවර්තන, ප්‍රහසන, විද්‍යා හා තාක්ෂණ, විචාර, සංචාරක, සංගීතය හා විශේෂ යන කාණ්ඩ යටතේ නිර්දේශ ඉදිරිපත් කරා. වීඩියෝ බ්ලොග් සහ හයිකු යන කාණ්ඩ යටතේත් සම්මාන ලබා දීමට කටයුතු කර තිබුනත් ඒ සඳහා නිර්දේශ කල හැකි තරමේ බ්ලොග් රචනාවන් සිංහල බ්ලොග් අතර පසුගිය වසර පුරාවට මා දුටුවේ නෑ. 

මා විසින් මෙසේ යවනු ලබන නිර්දේශ ඒ හා සමානවම අනිත් විනිශ්චයකරුවන් විසින් එවන ලබන නිර්දේශ සමඟ සමපාත කිරීම අජිත් විසින් කරනු ලබනවා. ඉන්පසු ඒ ඒ කැටගරි සඳහා නිර්දේශ කල සියලුම නම්/ නිර්මාණ නැවතත් විනිශ්චය මණ්ඩලය අතර සංසරණය කර ඒ සියලු නිර්මාණ සඳහා වෙන් වෙන් වශයෙන් ලකුණු ලබා දීම  කෙරෙනවා. අවසානයට නිර්දේශ වෙන නම් තෝරන්නේ ඒ ලකුණු අනුවයි. එසේ අවසන් වශයෙන් නිරදේශ වෙන නම් සම්මාන උළෙලට ප්‍රථම අජිත් විසින් ප්‍රසිද්ද කරනු ඇති. ඒ අතරින් සම්මාන ලබන බ්ලොග්කරුවන් හා නිර්මාණ ප්‍රකාශයට පත් වෙන්නේ අවසන් මොහොතේ සම්මාන උළෙල අතරතුරයි. 

උදාහරණයක් වශයෙන් මෙවර වසරේ හොඳම කාලින සංවාද ලිපිය ලෙස ලිපි තුනක් සම්මානයට පාත්‍ර වීමට නියමිතයි. මේ සඳහා ජජ් පැනල එකෙන් ලැබුණු නිර්මාණ 10ක් පමණ මේ වනවිට අප අතර නැවත සංසරණය වෙනවා යලි කියවා ලකුණු ලබා දීමට. ඒවායින් 5ක් ඉදිරියේදී ලබා ගන්නා ලකුණු අනුව අවසන් වශයෙන් නිර්දේශ වේවි. ඒවා ඉදිරි කාලයේදී අජිත් විසින් ප්‍රසිද්ධ කරනු ඇත. පොඩි ඉඟියක් විතරක් ඕනිනම් දෙන්නම්.. මේ ලිපි අතර තෙල් මිල පහළයාම, විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය, රග්බි ලෝක කුසලානය, සාහිත්‍ය මාසය, විපක්ෂ නායක පත්කිරීම වගේ බොහෝ සෙයින් එකිනෙකට වෙනස්වූ මාතෘකා වලට අදාල නිර්මාණ තියෙනවා. තරඟය බොහොම උණුසුම්.. හොඳම බ්ලොග්කරු/ කාරිය තේරීමේ කටයුත්තත් ඒ වගේම භාරදුරයි.. 

ගියපාර සංවිධාන කටයුතු කලේ බ්ලොග්වලට සම්භන්ද නැති පිරිසක්.. ඔවුන්ගේ න්‍යායපත්‍රය හා ඇත්ත වශයෙන්ම එසේ එකක් නොතිබීම සැහෙන්න විවේචනයට ලක් වුනා. ඒ විවේචන සම්මාන උළෙලෙන් පස්සේ බොහෝ පොස්ට් වල පළවුණා. ඒ සියල්ල සැලකිල්ලට අරගෙන අපි මෙවර ගොඩක් වෙනස්කම් කරන්න බලාපොරොත්තු වෙනවා. තැන වෙලාව ආදිය දැනුම් දෙන්න මට තවම අවසර නෑ. ඒත් වැඩේ කෙරෙන විදිය නම් ගොඩක් දුරට බ්ලොගර්ස් ලට පත්තියම් වෙන්න ඉඩ තියෙනවා. 

මෙවර සම්මාන උළෙල මෙහෙයවන්නේ නමගිය බ්ලොග් කරුවෙක්.. පහුගිය දවසක තිබුණු පොතක් දොරට වැඩිම සාර්ථකව සිද්ද කරලා ඔහු ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරනු ලැබුවා.. ආරධිතයින්ගේ කතා වෙනුවට ඔවුන් සමඟ කෙරෙන සංවාදමය කතිකාවන් දක්නට ලැබේවි. එයින් බ්ලොගර්ස් ලට කිසිසේත්ම අදාල නැති දිග පල හෑලි අහගෙන ඉන්න වෙන එක පාලනය කරන්න පුළුවන්. ඒ වගේම හැම තැනකම වගේ මුලිකත්වය දෙන්නේ බ්ලොග්කරුවන්ට/ කාරියන්ට.. මේ සංවාද අතරින් පතර විශේෂ පුවත් විකශයකටද ඔබට සවන් දීමට හැකිවෙනු ඇති. ඒ වගේම ලස්සන ගීත දෙක තුනක් එහෙමත් අහන්න පුළුවන් වෙයි.. මේ හැම එකක්ම වගේ මොකක් හරි බ්ලොග් සම්භන්දයක් එක්ක වෙන වැඩ.. 

උත්සවේ ඉඳගෙන බලාගෙන ඉන්න වෙන කාලය පැය දෙකකට වඩා වැඩි කරන්න කිසි සෙත් බලාපොරොත්තු වෙන්නේ නෑ. සම්මාන ප්‍රධානය කිරීමෙන් අනතුරුව නිදහසේ බ්ලොග්කරුවන් අතර සල්ලාපයට අවස්ථාව දෙන තේ පැන් සංග්‍රහයක්.. ඒ අතර සමහරවිට කැලිප්සෝ ක්‍රමයට සින්දුවක් දෙකක් රසවිඳින්න.. ඒ වගේම හරිම වැදගත් කියපු වෙලාවටම පටන්ගෙන අවසාන අවස්ථාවේ බ්ලොග් කරුවන්ට එකතුවෙන්න තියෙන වෙලාව වැඩි කර ගැනීම.. ඉන් පස්සේ සීමාවක් නෑ.. කැමති තරම් වෙලා ඉඳලා කැමති කැමති විදියට ඒ සැන්දෑව අවසන් කරන්න හැමෝටම විවෘත අවස්ථාවක් දෙන්න තමයි බලාපොරොත්තුව.. බොහොම රසවත් වේවි කියලා හිතනවා.. 

ඉතින් ඕකයි අලුත්ම තත්වේ.. සාමුහික වගකීම රැක ගන්න ඕනි නිසා බොහොම සාවධානව මේ ටික ලියුවේ.. මතක ඇතුව එදාට එන්න.. දිනේ ප්‍රසිද්ධ කරපු ගමන් එදා දවස වෙන් කර ගන්න.. අපි හම්බවෙමු. ජය වේවා!


178 comments:

  1. අනිවාර්යෙන් එදාට හමුවෙමු..

    ReplyDelete
    Replies
    1. මොන උණුසුම් තරගද සුපුරුදු ලෙස ලොකුම කුණුහරප ලියන එකෙක් හරි ආණ්ඩුවට කඩේයන එන් ජී ඕ කාරයෙක් හරි බලල දීල දානව මිසක්...

      Delete
  2. මා සිටින තත්වය අනුව පැමිණිම අපහසුවන බව පෙනි ගියත් මේ රමනීය උත්සාහය දිරිගන්වන සහ සක්‍රියව දායකවන සැමටම ඉත සිතින් සුබපතනවා.

    ReplyDelete
    Replies
    1. එන්න හිත තියෙද්දී ඒම සම්භන්දයෙන් තියෙන්නේ ප්‍රයෝගික ගැටලුවක්නම් අපි මොනවා හරි කරමු. 'හිත' තමයි වැදගත් ගුණසිංහ මහත්මයා..

      Delete
  3. Replies
    1. විහිළුවක් තේරෙන බයියෙක් සම්මානයට නොමිනේට් වෙලා තියෙන්නේ සා රස තුමාගෙ නම විතරද? මෙය කම්ප්ලිමන්ට් එක ලෙස සා රස තුමා සලකනු ඇතැයි බලාපොරොත්තුවෙමි.

      Delete
    2. // මෙය කම්ප්ලිමන්ට් එක ලෙස සා රස තුමා සලකනු ඇතැයි බලාපොරොත්තුවෙමි. //

      ඉයන් තුමා ගේ කොම්ප්ලිමෙන්ටුවට ස ර ස තුමා ගේ සාදර ඉස්තූතිය...

      හැබයි ඉයන් තුමෝ ඔබ තුමා හෝ වෙන ඕනෑම කෙනෙක් ඔය හොඳ වදන් වෙනුවට ස ර ස තුමා හට දරුනු ම අපහාස කලත් (ඔබ තුමා කිසිදා එසේ නිකරන බව ස ර ස තුමා දනී) ස ර ස තුමා ඒවා පිලිගන්නේ කොම්ප්ලිමෙන්ටු ලෙස ය.

      Delete
    3. සා රස තුමා පට්ට ටොයි බයියෙක්.. :) සක්.. කලින් අදහසක් ආවනම් හොඳම බයියා වත් තෝරන්න තිබ්බා.. හැක හැක හැක..

      Delete
  4. සාර්ථකව කරගෙන යන්න හැකි වේවා!

    ReplyDelete
  5. ශක්තිය, ධෛර්‍යය සමඟ සාර්තකත්වයට සුබ පැතුම් !

    ReplyDelete
  6. මම මේ ගැන කොළඹ ගමයා ලියන
    අජිත් ධර්ම ගෙන් ඇහුවා...
    එයා මට ඒ වෙබ් අඩවියේ ලිපිනය එවලා තිබුණා...
    ඒත් මට මොකක්ද ඒ කියන එක තේරුම් ගන්ට බැරි වුණා...
    කොහොම හරි දැන් නම් තේරුම් ගත්තා මොකක්ද මේ කියලා...
    එළ...

    මගේ යාළුවෙක් ගෙන් ඔයාට...
    මම බ්ලොග් ගැන කතා කර කර ඉන්න ගමන් ඔයාගේ කලින් පෝස්ට්ටුව ගැන මතක් කරලා මම ඒකට දාපු අදහස ගැන යාළුවෙක් ට කිව්වා...
    ඊට පස්සේ ඒකට ඔයා දාලා තිබුණු උත්තරය අහලා එයා කිව්වේ,
    "මොනවා වුණත් එළ පොරක්"
    කියලා...

    ReplyDelete
    Replies
    1. යාලුවත් එක්ක එන්න.. :)

      Delete
    2. එන්ට නම් වෙන්නේ නැති වෙයි බොස්...
      අපි දෙන්නාටම අන්තිම ෆයිනල් විභාගය...

      Delete
    3. මටත් බරපතල එකක් තියෙනවා. මාර්තු මුල ඉඳන් විසි ගණන් වෙනකම්ම.. කොහොමහරි මේකටත් යනෝ.. විභාගෙට ජය!

      Delete
  7. බ්ලොග් නාමයෙන් කිසිම රහක් නැති කුනුහරුප කියන උන්ට මෙදා පාරත් සම්මාන ලැබෙයිද?

    ReplyDelete
    Replies
    1. Ano 28th Jan 22:02

      නරක දේම දකින්නේ නැතුව මේ කට්ටිය කරන හොඳ වැඩ දකින්න. මේ සමාජ වැඩ කරලා තියෙන දේවල්ම කොයි තරම් හොඳද. ලංකාවේ මිනිස්සු කෙනෙක් 'ඇගයීම' කියන එක දන්නෙම නැනේ.

      Delete
    2. @ Anonymous28 January 2016 at 22:02
      //බ්ලොග් නාමයෙන් කිසිම රහක් නැති කුනුහරුප කියන උන්ට// සමහරවිට ලැබෙයි. බහුතර කැමැත්ත මත තමයි තීරණය වෙන්නේ..

      @ Anonymous29 January 2016 at 07:14
      පොදු වැඩවලදී පෞද්ගලිකත්වය ඉස්මතු කර නොගෙන ඉන්න සමහරුන්ට තේරෙන්නේ නෑ.. ඒකයි ගොඩක් වෙලාවට වැරදිම දකින්නේ.

      Delete
  8. හරි ඔන්න දවස හරියට ම කියන්නත් කලින් දවස වෙන් කර ගත්තා. කලින් අජිත් අයිය මාර්තු 26 වගේ දවසක් කිව්වා මතකයි. එදාට කට්ටියම සෙට් වෙමු.

    ReplyDelete
    Replies
    1. දිනය ප්‍රසිද්ධ කරන්න සංවිධායක මණ්ඩලයෙන් අවසර ගත්තද? :p

      Delete
    2. ඔව්, ඔව්. අවසර ගත්තා. මේ තියෙන්නෙ අවසරේ.

      නෙළුම් යාය ඉල් මස ත්‍යාගය හා මාර්තු 26 බ්ලොග් සම්මාන උළෙල
      http://kolambagamaya.blogspot.com/2015/12/26.html

      Delete
    3. හැබැට.. මේ යකා කලින්ම වැට පැනලානේ.. :)

      Delete
    4. මටත් මතක තිබ්බා කොළඹ ගමයා කලින්ම දිනේ ප්‍රසිද්ධ කලා කියලා...

      Delete
    5. ඔව්වොව් කොහෙද මේ නාකි අන්කල්ලත් එක්ක.. සප්‍රයිස් තියා ගන්නේ.. නිකම්ම පිටවෙනවනේ.. හැක හැක හැක..

      Delete
    6. කාටද .කාටද ...නාකි නාකි කියන්නේ.

      Delete
    7. ආ.. අයියා.. ඔයා ඉන්නවද? හැක්.

      Delete
  9. එන්නට නොලැබෙන බව කියන්න දෙයක් නොවෙයිනෙ.මුළු වැඩසටහනම සාර්ථක වේවායි සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. ආපු දවසක සමරන්න බැරියැ :) තැන්කු වේවා!

      Delete
    2. හැලප ටිකක් හම්බ වෙන්නේ නැහැ වගෙයි.

      Delete
    3. ම්හු.. මේ පාරත් හැලප කන්න වෙන්නේ ඕෆ් සීසන් එකේ..

      Delete
  10. Replies
    1. ගිටාර් එකේ මකුළු දැල් කැඩුවද? හැක්..

      Delete
    2. පොලිශ් කරලා ගන්න ඕන...

      Delete
    3. ගිටාර් එක දිලිසුනාට විතරක් මදි පුතෝ.. හරියට සරිගම ගැහුවේ නැත්නම් රෑට බයිට් එකට ගන්නවා.

      Delete
    4. බයිට් එකට..? සජ්ජව..??
      හිටිං සෝස් ටික,ලුණු,ගම්මිරිස් ලංකොරල දෙන්න..
      'අඳ මවුපියො දෙදෙන
      ඔහු වයනු නොම දැනගෙන
      කතී වෙණ මීයෙන
      සුසූ යයි හඬ නැඟූ නන නන'
      (හරියට මතක නෑ.. සජ්ජට නෙමෙයි ඔන්න කිව්වෙ ඈ..)

      Delete
    5. මම හරක්මස් කන්නේ කලින් ඕඩර් කරලා තිබුනොත් විතරයි.

      Delete
    6. එහෙනම් කන්න වෙන්නේ නෑ.. එදාට බුල් ගැහුවොත් විතරයි මූව මරන්නේ.. :)

      Delete
    7. දැනගනියව්... ගිටාර් එකේ ආසාව අතෑරලා කෙලිනවා ඔලු වලට...

      Delete
    8. උඹේ ගිටාර් ගැහිලි අහලා අපිම ඔළු පොළොවේ ගහගන්නවට වඩා ඒක හොඳයි.. :)

      Delete
  11. උත්සාහය සාර්ථක වේවා!

    ReplyDelete
    Replies
    1. උදව් ඕනි වෙනකොට කතා කරනවා.. ස්ටෑන්ඩ් බයි ඉන්න.. :)

      Delete
  12. එන්න වෙන්නෙ නැති වුණත් (හේතුව ලබන සතියෙ යන නිසා) සියල්ල සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.....!

    ReplyDelete
  13. එන්න වෙන්නෙ නැති වුණත් (හේතුව ලබන සතියෙ යන නිසා) සියල්ල සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.....!

    ReplyDelete
    Replies
    1. ආපු දවසක හම්බ වෙමු. සුභ පැතුමට ස්තුතියි!

      Delete
  14. නියමයි.කමිං සූන් එක මරු.
    සාර්ථක වේවා..!
    ජයවේවා..!!

    ReplyDelete
  15. සුබ පැතුම්! එහෙම කියනවට වඩා දෙයක් කරන්න බැරිවීම ගැන කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. තව කරන්න පුළුවන් දේවල් තියේවි ඉස්සරහට.. බලමු.

      Delete
  16. සියලුම දේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව. එන්න නම් විදිහක් නැහැ නෙව.

    ReplyDelete
    Replies
    1. පුළුවන් උනොත් ස්කයිප් වල සෙට් වෙමු ලයිව්. ගොඩක් දෙනෙක් ඉන්නවනේ එන්න බැරි :)

      Delete
  17. ඔහොම කවුරුත් එන්නේ නැති වුණාම මොකද. මෙන්න මාවත් ප්‍රසිද්ධ කරලා. බෙල්ල ගහල යන වැඩ. කමියා ස්තුතියි ලිව්වට. මට වෙලාවක් නැහැ. හෙට අනිද්දම මුල් ලිස්ට් එක දානවා.

    ReplyDelete
    Replies
    1. ඔයා දැන් හරි ප්‍රසිද්දයිනේ.. 'නෙළුන් අජිය' කියුවම බජාර් එකේ ඕනේ එකෙක් රෙෂ්පට් එක දෙනවා.. හැක්..

      Delete
  18. කලින් වතාවේ වගේම සාර්ථක වෙන්න උණූසුම් සුබ පැතුම් අපෙනුත්.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ නම් ඉන්න එකක් නෑනේද ඒ වෙනකොට. බලමු ස්කයිප් වලින් වත් සෙට් වෙන්න එතනට.

      Delete
    2. දිනයාගෙ ලංකාගමනය සිද්ධ වෙනව නේද ඒ කිට්ටුව?
      කමියෝ මේක මාර්තු අන්තිම සතියෙ නෙ තියන්නෙ?

      Delete
    3. ප්‍රවර්ධන කටයුතු බාර ඔබටුමි ටනේ. එක නිසා මන් කලින් පැනල දින කියන්න ගියේ නෑ.. :p

      Delete
  19. තනි තරුව හා ශශිගේ කෂියා බ්ලොග් වල හයිකු වැටෙනවා. තව ඒවා තිබෙනවා. වීඩියෝ බ්ලොග් තරඟයෙන් ඉවත් කලා.

    ReplyDelete
    Replies
    1. මම කියුවේ 'මම දැක්කේ නෑ' කියල..ජජ් පැනල එකේ අනිත් අය දකින්න ඇතිනේ :)

      Delete
    2. හයිකු:

      සමර : non events
      කාංචනා අමිලානි : හිතනලන්තය
      ශසිකා අමාලි : කඳු
      මාලතී කල්පනා ඇම්බ්‍රෝස් : හයිකු අද්දර
      රසිකා ගුණවර්ධන : සින්ඩරෙල්ලාගේ සපත්තුව

      Delete
    3. බ්ලොග් නම් දැක්කා. 'හයිකු' තමයි දැක්කේ නැත්තේ :) හයිකු කියලා මම දැන් කියන්නේ බස්සි කියල දීපු 5-7-5 හයිකු වලට නේ.. :)

      Delete
    4. ඔය මගෙන් අහගන්න හදන්නේ කටුස්සා.. හැක හැක හැක..

      Delete
    5. බ්ලොග් හොයන්න ගිහාම පන එපා වෙනවනේ. එක තැනකට දාගන්න ඕනේ.

      Delete
    6. නෙලුම්යාය සින්ඩිකේටරයක්?

      Delete
    7. ඔය බ්ලොග් වලිං හයිකු ලියවෙන්නෙ කාංචනාක්කගෙ එකෙයි මාලතීගෙ එකෙයි විතරයි නේද
      කදු සහ නෝ ඉවෙන්ට්ස් අප්ඩේට් වුනේ නෑ දන්න කියල කාලෙකිං සින්ඩරෙල්ල මේ දවස් වල සපත්තුව හොයනව හැක්

      Delete
    8. පහුගිය අවුරුද්දේ එහෙකවත් 'හයිකු' ලියවුනේ නෑ.. නිසඳැස් නම් ලියවුනා..

      Delete
  20. ලස්සන වැඩක්. අපේ සුබ පැතුම්.

    Btw, සම්මානයක් නැද්ද 'best පඳුරු thalans' කියලා අපේ Ravi සහ Halape වෙනුවෙන් හී හී.

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක් තමයි.. :) එදාට එන්න..

      Delete
    2. එහෙම සම්මානයක් නම් දෙන්නම වටිනවා. හී...

      Delete
    3. වසරේ හොඳම පඳුරු තලන්නා.. :)

      Delete
  21. කමියා සුපර් සටහනක් ලියලා තියෙනවා.........

    අපි ඒනවා ඒදාට.... අනිවා අැවිත් අර හවස වැඩේ ඉවර කරලා මිසක් යන්නෑ...... අාය දන්නවානේ....... වතුර බීලා පිස්සු නටනවා..... හැක්.....

    ReplyDelete
    Replies
    1. පිස්සු නටන්න කියාපු අවුසදේ ඔය වතුර.. වරෙල්ල වරෙල්ල.. මාත් හිතන් ඉන්නේ ඔහොම තමයි..

      Delete
  22. තඩි කමියයි, කොන්ඩ අජියයි වගේ සෙට් එකක් කරන මේ වැඩේ ගැන සන්තෝසයි.. අජිත්ගේ තියෙන නොසැලෙන ගුණය තමා මේ හැමදේකම මුල. ඒකටත් හරියන්න මේ කමියෙකුත් සෙට් වෙලා ඉන්නවා නෙව.. ක්‍රිෙය්ටිව් විදියට වැඩේ කරහං.. අන්න ඒ වෙනස ගැන එතකොට කතා කරාවි.. ජය වේවා. බිසි කාලයක් නෙවද බොලාට.. ඇච්චෝ පැච්චෝ ටිකකගේත් සහාය ලැබේවායි පතමි..

    මං ඉතිං කවදත් ඕවගේ දේවල් වලට පන කඩාගෙන එන එකා වේචිචි මේ පාරත් එනවා.. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. උඹව මේ පාර උස්සගෙන හරි අරන් එනවා.. හිටපිය..

      Delete
    2. පන කඩාගෙන ගිය පාරත් ආපු එකේ.

      Delete
    3. කොච්චර මහන්සි උනාද අනිත් උන්වත් එතනට ගෙන්නන්න..

      Delete
  23. බ්ලොගර්ස්ලට දැනෙන දෙයක් හා බ්ලොගර්ස්ලට ප්‍රචාරනයක ලැබුන එකම උළෙල මේක විතරයි... ඒ නිසා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා... වේවා විතරක් නෙමෙයි වෙනවා...

    කමියට ගොඩක් ස්තූතියි මේ වෙනුවෙන් කැප වෙල ක්‍රියාකිරීම ගැන...

    ReplyDelete
    Replies
    1. මේ පාරත් සබාපති කමට ඉල්ලනවද හැක්..

      Delete
  24. හයිකු:

    සමර : non events
    කාංචනා අමිලානි : හිතනලන්තය
    ශසිකා අමාලි : කඳු
    මාලතී කල්පනා ඇම්බ්‍රෝස් : හයිකු අද්දර
    රසිකා ගුණවර්ධන : සින්ඩරෙල්ලාගේ සපත්තුව

    ReplyDelete
    Replies
    1. සමර ගේ බ්ලොග් ඔක්කොගෙන්ම All about me කියන එකේ විතරයි පොස්ට් කීපයක් (සිංහල නොවන) තියෙන්නේ. අනිත්වා හිස්. කල්පනා ඇම්බ්‍රෝස් 2015 ටම පොස්ට් කරලා තියෙන්නේ එකයි හයිකු අද්දර එකේ. කාංචනාගේ, කඳු ගේ සහ රසිකාගේ නිර්මාණ කවි/ නිසඳැස් කැටගරියට සලකලා බලලා තියෙන්නේ. :)

      Delete
    2. අප්පටසිරි! සමරගෙ කවි බ්ලොග ජාලයෙනුත් අතුරුදහන් වෙලා!

      Delete
    3. අපිම අප්ඩේට් කරන්න ඕනි ඉතිං.. හැක හැක..

      Delete
  25. වීඩියෝ බ්ලොග් :

    ගප්පියාගෙ බ්ලොග් එකක් තියනවා(http://gappiya.com/). තව කුෂාන්-ශ්‍රිමාල්ගෙ වීඩියෝ බ්ලොග් එකක් තිබුනා මට ඒක මේ වෙලාව හොයාගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ගප්පියා ගේ 'වෙබ් සයිට්' එකේ වීඩියෝ අප්ලෝඩ් කරලා තියෙන බව හැබැයි. ඒත් 'සිංහල බ්ලොග්' වලට සම්මාන දෙන අතරේ ඒක 'වීඩියෝ බ්ලොග්' එකක් විදියට සලකන්න බා කියන මතයේ තමයි මං ඉන්නේ. අනිත් ජජ් ලා මොනවා කියයිද මන් දන්නේ නෑ.

      කුෂාන් කියුවේ කුෂාන් වන්නිආරච්චිද? හොයල කියන්න බලන්න.

      Delete
  26. හැකි අයුරින් සහය වෙමි. කමියා ඉන්න එක මේ වගේ වැඩවලට ලොකු හයියක්!

    ReplyDelete
  27. සුබ පැතුම් සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...!!!!

    ReplyDelete
    Replies
    1. එදාට(ත්) වරෙන්.. ඇවිත් ගිය පාර වගේ පැත්තකට වෙලා ඉන්නේ නැතුව ඔය තියෙන වැඩක් පලක් කරලා දියන්.. හැක්.

      Delete
  28. ජයවේවා!

    කලිං පාර වැඩේ බීබීසී නිවුස් වලත් ගියා.

    ReplyDelete
    Replies
    1. BBC වල සරෝජ් පතිරණ මේ පාර ජජ් පැනල් එකෙත් ඉන්නවා. ඒ කියන්නේ මේ පාරත් යයි. :) එදාට වරෙන් ඩ්‍රැකියානිත් එක්කම :)

      Delete
    2. ///එදාට වරෙන් ඩ්‍රැකියානිත් එක්කම :)///
      ඔය ඉතින් උඹ ඩ්‍රැකියගේ ආතල් එක කඩන්න හදනවා...
      එනවනම් තනියම වර...

      Delete
    3. හා... හා.. එහෙනම්.. උඹලගේ කැමැත්තක්. :)

      Delete
    4. (ඩ්‍රැකියානි එනව තියා, උන්දැ මටවත් එන්න දුන්නොත්) මැරිල හරි එනවා...

      Delete
    5. අපිව බය කරන්නද? හැක්..

      Delete
  29. දෙමළ 'න'යන්නව කොළඹ ගෙනත් බ්ලොග් කරුවො වෙනුවෙන් කැපවෙලා කමෙන්ට් දානවට සම්මනයක් දෙමු.
    උඹලව දවසක හම්බවෙන්න මමත් ආසාවෙන් ඉන්නෙ නෙළුං යායෙදි හම්බවෙමු.
    සම්මාණ උළෙල සර්වප්ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!

    ReplyDelete
  30. දෙමළ 'න'යන්නව කොළඹ ගෙනත් බ්ලොග් කරුවො වෙනුවෙන් කැපවෙලා කමෙන්ට් දානවට සම්මනයක් දෙමු.
    උඹලව දවසක හම්බවෙන්න මමත් ආසාවෙන් ඉන්නෙ නෙළුං යායෙදි හම්බවෙමු.
    සම්මාණ උළෙල සර්වප්ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් ඌට එක සම්මානයක් දෙනකොට උඹට දෙකක් දෙන්න වෙනවා. ඩබල් කොමෙන්ට් දාන නිසා.. ඔව් ඔව්.. මාත් ඉන්නේ උඹව බලා ගන්න ආසාවෙන්. :) හැබැයි කටුස්සව හලලා වරෙන්. දැන් රෑ වෙනකම් නිදි මරන්න අමාරුයි ඉස්සර වගේ.

      Delete
    2. එතකොට මට සම්මාන කෝ ඩෝ.. හැක්

      Delete
    3. උඹව තමයි සම්මානෙට ගන්නේ.. හැක්.

      Delete
    4. මට හිතාගන්න බැරුව ඉන්නේ තාම එදා රෑට ගෙදර යනවද පුරේ යනවද කියලා......

      Delete
    5. ගෙදර පලයන් මචන් වඳින්නම් :)

      Delete
  31. පුරස්න කීපයක් ආව ඔලුවට

    //ගෘහස්ත කාරණා
    කියන්නේ මොනාද අප්පා? ඔය ගෙදර බඩුමුට්ටු වගේ එව්වා හදාගන්න ආකාරය කියල දෙන කැටගරියද ?? මට හිතෙනවා විද්‍යා ප්‍රභන්ධ කියන කැටගරියක් තියෙන එක වටිනවා කියලා. ඒවා නැත්තම් වෙනම ගන්න බැරි තරම්ද කියල නම් වැටහෙන්නේ නැහැ.

    අනිත් එක තමයි අර කියාපු 'සෙට් විලි' ඔක්කොම වගේ ඉතින් බ්ලොගර් නාමයෙන් ගියපු බොන සාද නේද?? යකෝ... මාර වැඩක්නේ මේක! හා හා හරි හරි.. වලි නෑ , ශේප් ශේප්......

    ආයෙමත් කරන චැරිටි වැඩ වලදී මමත් එකතු වෙන්න කැමතියි. ඔය කියන දවස ඉතින් සෙනසුරාදාවක් වෙන්න ඇති නෙහ් ??? හ්ම්ම් හ්ම්ම්...

    ReplyDelete
    Replies
    1. උඹට ඉතින් පුරස්න නැත්තේ කොහෙද? හැක්. ඔය සෙට් විල්ලකට සෙට් වුනානම් ඔය පුරස්න ඔක්කොම විසඳ ගන්න තිබ්බ.. //බ්ලොගර් නාමයෙන් ගියපු බොන සාද නේද// පිස්සුද? ඒවා ඔක්කොම බොහොම උතුං සිතුවිලි වලින් පටන් ගත්ත ඒවා.. අන්තිමේදී ඔය ගෙදර ඇත්තා සන්තෝසෙට මොනවා හරි කරොත් මිසක..
      ගෘහස්ත කාරණා කියන්නේ සිංහලෙන් Domestic කියන එකනේ.. ඔය සුරන්ගයගේ 'කොටහළු කේස්', මේනක ගේ 'මරණ ගෙවල්' තිලක සිත ගේ පොඩි පොඩි කතන්දර, හිරු ගේ කේක් කතා.. තව කොච්චර තියෙනවද එහෙම ඒවා..
      විද්‍යා ප්‍රබන්ධ කියලා තිබ්බනම් හොඳයි තමයි.. උඹටත් හොඳ අදහස් එනවා ඉඳල හිටලා හරි නේද? එදාට වරෙන්.. (කාටවත් කියන්න එපා. සෙනසුරාදාවක් තමයි.)

      Delete
    2. //බ්ලොගර් නාමයෙන් ගියපු බොන සාද නේද//
      සමහර එවුන්ට ඒව බයිට් කන තරග.

      Delete
    3. //බ්ලොගර් නාමයෙන් ගියපු බොන සාද නේද//
      සමහර එවුන්ට ඒව බයිට් කන තරග.

      Delete
    4. ඒකත් එහෙමද.. හා හා....

      සංතෝසෙට යමක් නේද? වරෙල්ලකෝ අපේ යාළුවන්ගේ ගෙවල්වල... !! හුහ්

      මට හොඳ අදහස්?? අඩේ මේ මාව විහිළුවට ගත්තද හැබෑට ආ???? මම මේ බොහොම දැන උගත් දැරිවි හරිද?? බෝම වැදගත් විදියට ඉන්නේ, ආයේ නෑ මීක් සද්දයක් නැහැ. බොරුනම් අහන්නකො ගෙදරින්.. නෑ මම කිව්වේ ඉස්කෝලෙන්..... නෑ මම කිව්වේ ඔෆිස් එකෙන් , බුදු අම්මෝ නෑ... කාගේද අහන්න ඕනේ කියල කල්පනා කරලා පස්සේ කියන්නම් ඈ !

      තව එකක්.
      මට හිතෙන්නේ නිර්මාණාත්මක දේවල් ගැන ලියන ( ඒ කියන්නේ ඇඳුම් මහන්න , විවිධ අත්කම් නිර්මාණ;ගැජමැටික් හදාගන්න විදිය ගැන) අයට අවස්තාවක් නැද්ද? මම දැක්ක ලෙඩ් බල්බ වගේ දේවල් හදන්න කියල දෙන, අත්කම් ගැන ලියන බ්ලොග් තියෙනවා. වැඩිය නෙවෙයි. මෙහෙමයි ඉතින් ඔක්කොම ඉතින් කරගහන්න අමාරුයි නෙව?

      දැන් මගෙන් මොනවද කෙරෙන්න තියෙන්නේ?

      Delete
    5. //ලෙඩ් බල්බ// ඔය කියන්නේ LED බල්බ් ගැන වෙන්න ඇති :) ටෙක් සයුරේ රොෂාන් ලියලා තිබුනා.. ඒවා සලකලා තියෙනව තාක්ෂණික අංශයට.
      ඇත්තටම ඔය කැටගරි වලට දාන වැඩේ හරි අමාරුයි මේ බ්ලොග් කාරයෝ ලියන ලියවිලි එක්ක.. දැන් උඹ ලියන ඒවම බලපන්කො සමහර වෙලාවට. ඒවා අස්සේ නවකතා කෙටි කතා කෙටි නවකතා, කවි. නිසඳැස් හයිකු බයිකු, විද්‍යා තාක්ෂණ ගෘහස්ත 18+ ආ.. ඒවා නෑ.. නෑ.. ප්‍රහසන ඇනුම් බැනුම් ගුටිකෙලි ප්‍රේම වෘතාන්ත කියක් තියෙනවද එක පොස්ට් එකක් ඇතුලේ.. එතකොට අර රවිය ලියන ඒවා.. මේක හරි අමාරු කෝස් එකක්.. පොස්ට් එකේම අන්තර්ගතය අරගෙන තමයි මොකක් හරි එක කැටගරියකට දන්නේ.. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුළුවන් ඉතිං. ඒ මොනවා උනත් මොකක් හරි කැටගරියක් ඇතුලේ හැම පොස්ට් එකක්ම වගේ සලකලා බලල තියෙනවා.. අනිත් උන් මන් දන්නේ නෑ.. මම මන් එහෙම තමයි කරේ.
      උඹෙන් වෙන්න නේද? හ්ම්ම්.. ලොකුම දේ ඉතින් එදාට එන එක තමයි.. ඊට කලින් කැමතිනම් අපි මොණරාගල කරන වැඩේට දායක වෙන්න පුළුවන්.. ඒක රීම් එකෙනුත් දුවන්න වෙන විදියේ ලොකු වැඩක්.. විස්තර එවන්න ඊ මේලක් දිපම්..

      Delete
    6. කම්මලය උඹ ඕවා එහෙකටවත් එන්නේ නැතුව කොහොමද ඔය විස්තර දන්නේ ඔක්කොම? හැක හැක..

      Delete
  32. වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!සුබ පැතුම්.....!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාරී නම වෙනස් කරපු එක හොඳයි.. දැන් නොලියුවට හිතුවක්කරියෙක් හිටයා බ්ලොග් වල.. එයා තමයි ගිය පාර නෙලුම්යායේ ප්‍රධාන සංවිධායිකාව.. මේ එයා නෙවෙයි වෙන්න ඕනි..

      රයිට්.. පහුගිය පොස්ට් එකෙත් කොමෙන්ට් එකක් දාල තිබ්බට මම පරණ හිතුවක්කාරී කියල හිතල වෙල්කම් කියුවෙත් නෑනේ. ඔන්න එහෙනම් ගිම්මි ව සාදරයෙන් පිලිගන්නවා කලාහිතට. කවුද බලන්න ගිහින් උඩින් පල්ලෙන් බලල ආවට හරියට 'ගිම්මිගේ කොලම' බලන්න බැරි උනා. බලලා බ්ලොග් රෝල්ට දා ගන්නම්. දිගටම ලියන්න. එක තමයි වැදගත්.. ආ.. මතක ඇතුව එදාට එන්න. අපි හම්බ වෙමු. ජය ශ්‍රී!

      Delete
  33. වැඩසටහන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!

    පොඩි අදහසක් කියන්න හිතුනා. ඔය සම්මාන වැඩේට බැරිද බ්ලොග් කියවන ඈයෝත් සම්බන්ද කරගන්න? judge panel එකට අමතරව ඔය online poll එකක් වගේ එකක් දැම්මොත් vote කරන්න පුළුවන්. එතකොට judge panel එකට පුළුවන් panel එකේ තේරීම් සමග poll එකේ ප්‍රතිඵලත් එක්ක වඩාත් හොඳ පෝස්ට් තෝරාගන්න.

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක්.. තාක්ෂණික හැකියාව ගැන හොයල බලන්න ඉදිරිපත් කරන්නම්. :) නැවුම් අදහස් හරි වටිනවා.
      එදාට එන්න.

      Delete
    2. කොම්පියුටර් ජිල්මාර්ට්, ආතතිය සහ මහින්ද දේශප්‍රිය මට මතක් වුනේ ඇයි දන්නෙ නැහැ.

      Delete
    3. සියයට ගානක් විතරක් දුන්නම ලොකු දෙයක් කරන්න බැරිවෙයි. හොඳම කියනවට වඩා 'ජනප්‍රියම' කියල සම්මාන දෙන්න ගත්තොත්නම් කොහොමත් පාඨක ප්‍රතිචාර බලන්න වෙනවා..

      Delete
  34. වැඩේ සාර්ථක වෙන බව තමයි මගෙත් අදහස...
    පැමිණීම ස්ථිර කරනවා...

    නෙළුම් යාය හරහා සහ ඉන් පිටතදී ගොඩක් බ්ලොගාලව අඳුන ගන්න ලැබීම ගැන සතුටුයි, මම හිතන්නේ නෙළුම් යායටත් වඩා "සාකච්චා" කරන්න එහෙ මෙහෙ ගිය ගමන් වලින් තමයි ගොඩක් උන් සෙට් උනේ...

    උඹට සාකච්ජා කරපු තැන් එකක් දෙකක් මිස්වෙලා, ඊයේ ගියපු තැන(168) සහ දවසක් 30 තට්ටුවේදී හම්බු වෙච්ච ඒවා. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. හැබැට.. අමතක වෙලා නේන්නං.. අපිටනම් ඉතින් කොයි වෙලේ සාකච්චා කරන්න බැරිය..

      Delete
  35. වැඩ කටයුතු සාර්ථක වේවා කියා ප්‍රර්ථනා කරනවා. අරාබියෙන් සුබපැතුම්..
    සින්හලබ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා! ආව වෙලාවක හම්බ වෙමු.. කොළඹින් ආරාධනාවක් :)

      - කලාහිත.

      Delete
    2. ලබන දෙසැම්බර් එන්ඩ හිතාගෙන ඉන්නේ, අනිවාර්යෙන්ම හම්බවෙමු.(VIP ලගේ පොටෝ ගන්න ටෙක්නික් අහගන්ඩ ඕනේ, ඕ යේස්.).

      Delete
    3. අපොයි කියලා දෙන්නම්. ඕක මොකක්ද?... හැක හැක හැක..

      Delete
  36. පැහැදිළි කිරීමට හුඟක් ස්තූතියි කමි අයියේ. දාලා තියෙන ලින්කු ටිකෙන් මට තිබුණු ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුණා. වැඩේ සාර්ථක වෙන්න මමත් සුභ පතනවා. ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. එන්න බලන්න අම්මත් එක්කම හරි :)

      Delete
  37. ප්‍රථම, ප්ර යන්න ලියා ගණන් බැහැ ගූගල් එක දැන්. කවුරු හරි දන්නවද ලියන විධිහක්

    ReplyDelete
    Replies
    1. Sinhala Tamil IME එකෙන්නම් ප්‍ර ලියන්නේ මෙහෙමයි. (ප්‍ර = m`) මම දන්නේ මේක තමා ඉතින්. :D :D

      Delete
    2. ගුගල් ඉන්පුට් එකේම කචල් එකක්.. පරණ ඒවා පෙන්නන්නෙත් එහෙම :/

      Delete
    3. මටත් ඔය අවුල වෙලාවකට තිබුනා ,,, කල්පනා කරා මොකද මේ ....

      Delete
    4. ගුගලයාගේ අවුලක්. තම හරි ගිහින් නෑ..

      Delete
  38. සියල්ල සාර්ථක වේවා. ජයෙන් ජය.

    ReplyDelete
  39. පට්ට පට පට
    කොහෙද දෙල් ගැට
    කීවලු

    ලයිප් එක පුල් මාවලස් නෙ අය්යෝ
    අනිවා ඇවිත් යනව(අර දේශ වගේ හරි... හිහි

    ReplyDelete
    Replies
    1. හොයන් ඇවිත් අඬු කඩනවා එදාට 'ඇරියොත්' නම්.. :)

      Delete
  40. විප්‍රවාසීව ඉන්නා අපිට එන එක ගැන පොරොන්දු වෙන්න නම් බෑ . ඒත් මගෙන් උණුසුම් සුබ පැතුම් !. තව පුංචි යෝජනාවක් තියෙනවා බ්ලොග් සින්ඩිවලිනුත් ඉතා වටිනා සේවයක් වෙනවා. ඒ ගැනත් ඇගයීමක් කරන්න

    ReplyDelete
    Replies
    1. තවත් හොඳ යෝජනාවක්! ස්තුතියි.

      Delete
  41. එන්න බැරි උනත් හැකි උනත් සුභ පතනවා .... බ්ලොග් උළෙල සාර්ථක වේවා කියලා .... කල්‍යාණ ....

    ReplyDelete
    Replies
    1. //එන්න බැරි උනත්// කියල රිවර්ස් ගියර් එකේම පටන් ගන්න එපා.. උත්සහ කරලා බලන්න.. සිංහල බ්ලොග් ප්‍රවර්ධනය වෙනුවෙන් පොඩි හරි දායකත්වයක් දක්වන්න කියල :) සුභ පැතුමට ස්තුතියි!

      Delete
  42. ජයවේවා....

    මේ වගේ වැඩක් සිද්ධවෙන එක වටිනවා..

    ReplyDelete
  43. කල්‍යාන සම්බන්ධවෙලා ඉන්න වැඩක් නිසා සුබ පතනව. නමුත් ඔතන ඉන්න සමහරක් කල්‍යාන තරම් අවංක නෑ. ඒ නිසා ඔය වැඩේ ගැන පැහැදීමකුත් නෑ. කල්‍යාන වගෙ දෙතුන් දෙනෙක් අවංකවම බ්ලොග් වල යහපත පතමින් මෙයට දායකත්වය දෙන බව පේනව. ඒ අයට විශේෂයෙන් සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. අවබෝධයෙන් ඉන්නේ.. හැම දෙකම හොඳ නරක දෙපැත්තක් තියෙනවා.. අද අපිට ඕනි වෙලා තියෙන්නේ ලංකාවේ මිනිස්සු බ්ලොග් කියවන එක සහ ඒ ගැන දක්වන ප්‍රතිචාරය ඉහල දා ගන්න.. අපේ හිත කවුන්ටරේ වැඩි කරගන්න නෙවෙයි. නමුත් බ්ලොග් ලියන කියවන සිව්වෙනි මානය දන්නවා 'ජනතාවට නිවැරදි තොරතුරු' ගෙනියන්න සම්ප්‍රධායික මාධ්‍යට වඩා බ්ලොග් වලින් කෙරෙන කර්තව්‍ය.. ලංකාවේ හැමෝම පත්තර ටීවී රේඩියෝ නිව්ස් නැතුව බ්ලොග් කියවන්න ගත්තොත් (ප්‍රයෝගික නෑ) ඒ මිනිස්සුන්ගේ දැනුම ආකල්ප මිට වඩා දියුණු වෙයි කියල මං විශ්වාස කරනවා.. අන්න ඒ නිසයි බ්ලොග් වල ප්‍රවර්ධනය වෙනුවෙන් යම් කිසි දායකත්වයක් දක්වන්නේ. අනික යමෙක් වැඩක් කරනකොට එක දාල ගිහින් පැත්තකට වෙලා ගුණ දොස් කියනවට වඩා සක්‍රියව දායක උනොත් යම් තාක් දුරට ඒ වැඩේ අපිට ඕනි විදියට හසුර්වගන්න පුළුවන් නේද? අන්න ඒ නිසයි මේ වෙනුවෙන් වැඩ කරන්නේ.
      මා ගැන ඔබ තැබූ විශ්වාසයටත් සුභ පැතුමටත් ස්තුතියි.

      Delete
  44. ජය වේවා කියලා කියන්න තමයි තියෙන්නෙ. එදාට එන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා.

    ReplyDelete
    Replies
    1. එළකිරි! (ආවේ නැත්නම් උල තියනවා.. හැක හැක හැක..)

      Delete
    2. “උල“© මගෙං.
      -Vlad (the impaler) Dracula

      Delete
  45. මේ තියෙන ආර්ථි කෝඩෙ ලබන මාසෙට අහවර වෙයි කියලා ලොකු ශුවර් එකක් තියෙනව. ඒ හංදා මටත් එන්න පුලුවන්. අනේ පිං සිද්දවෙයි මට ඔතෙන්ට එන පාර හරියටම කියාදෙන්න. මං මහරගමිං එහාට කොළඹ ගැන දන්නෑ.

    මේ වැඩේ බුකිය පුරා පතුරන්න මොකක් හරි ගැජට්, බැනර් වගේ එකක් හදල දුන්නොත් වටිනව.

    ReplyDelete
    Replies
    1. කොළඹ කොටුවට ඇවිදිං, 103 නාරාහේන්පිට - කොළඹ බස්එහෙක නැගල, අන්තිමට නවත්තන තැනිං බැහැගන්න.

      Delete
    2. ඔය ඉන්නේ ගයිඩ් ලා.. අච්චාම්මවයි චුටි මැණිකේ යි එක්ක වරෙන් :)

      Delete
  46. ස්කයිප් ඔස්සෙ හරි එන්න වටිනව.

    ReplyDelete
    Replies
    1. බලමු එහෙම ඇරෙන්ජනමන්ට් එකක් දා ගන්න..

      Delete
  47. ඔය හැම තැනම හමුවෙලා තියෙන්නෙ එකම කණ්ඩායමක පිරිසක් විතරයි...මේ කණ්ඩායම කියන්නෙ සමස්ත බ්ලොග් රචකයො කියලා හිතනවා නම් ඒක විහිලුවක්...ඔය බ්ලොග් සම්මාන උලෙල ගැන කිසිම පැහැදීමක් නෑ...ඒ වගේම කොලිටියකුත් නෑ....පිට කහන උන්ට සම්මාන දෙන විකාරයක් මේක.

    ReplyDelete
    Replies
    1. විවේචන වෙල්කම්.. පුලුවන්නම් එදාට ඇවිත් යන්න.

      Delete
    2. ඇනෝ මිත්‍රයා:
      බලන්නකෝ සාහිත්‍ය මාසෙටම කොතරම් සම්මාන උළෙලවල් තියෙනවද? ඒ ඔක්කොගෙම යන්නෙත් ගොඩක් වෙලාවට එකම පොත්. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඒවා නරකයි හෝ කියා. යම් දිරිගැන්වීමක් තියෙන එක සහ ඒකට මේ පිරිස උත්සාහයෙන් වැඩ කරන එක ගැන සතුටු වෙන්න. ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ. මෙවැන්නක් නොතිබුනත් ලිය එකා ලියනවා. මේක බලාගෙන හෝ ලියවීමෙන් මේ අංශයේ ගුණාත්මක භාවයක් ලැබෙන එක ගැන සතුටු වෙන්න ඕනේ නේද?

      Delete
    3. අන්න එහෙම 'උපේක්ෂා'වෙන් බලන්න මිත්‍රයා.. :) කවුරුත් සර්ව සම්පුර්ණ නෑ. අපි පොඩි උත්සහයක් ගන්නවා යමක් කරන්න. ඒ ගැන ඔබේ අදහස් අගේ කරනවා.

      Delete
  48. තරගෙට ඇතුලු වෙන්න වෙන්නේ ගිය අවුරුද්දෙ ද? දැන් තරගෙට ඇතුලු වෙන්න බෑද ?

    ReplyDelete
    Replies
    1. සො.සි. සාදරයෙන් පිලිගන්නවා කලාහිතට.. උත්තරේනම් දැන් පැහැදිලියි මගේ හිතේ.. පහලින් අජිත් අයියත් කියලා තියෙනවා නේ..

      Delete
  49. එහෙම ඇතුළු වීමක් කියල නැහැ. අවුරුද්දද පුර අපි කියවපු බ්ලොග් වල නෙළුම් යායේ පල කරපු ලිපි වල , වත් පොතේ පල කල ඒවා එහෙම සලකල තමා දෙන්නේ. 2014 ලියපුවට 2015 සම්මාන දෙනු ලැබුවා. 2015 ලියපුවට 2016 දී දෙනවා. දැන් වසරේ බ්ලොග් කරු එකට 12 තෝරලා ඉවරයි. ඉන් තුන් දෙනෙකුට තමා දෙන්නේ විනිශ්චය කාර වරුන්ගේ තීරණය ආවහම. අනිත් අංශ වලට ඔබව ඇතුලත් කරන්නම්. 2017 මාර්තු වල දෙන 2016 ලිස්ට් එකටත් ඇතුලත් කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අජිත් අයියා.. වැඩක් නෑ. සොඳුරු සිත තමන්ව බ්ලොග් සම්මාන සඳහා නිර්දේශ වෙලා තියෙනවනම් එයින් ඉවත් කරන්න කියලා කාරුණික ඉල්ලීමක් කරා. නමුත් ඇය කැමතියි අවශ්‍ය උනොත් අපිට උදව් කරන්න. :)

      Delete
  50. උණුසුම් තරඟයක්..
    තරගයක් නම් ප්‍රකාශ කිරීමක්. අයදුම්පත්‍ර කැදවීමක් . නිර්ණායක ඉදිරිපත් කිරීමක් සාමාන්‍යයෙන් තියන නිසයි එහෙම ඇහුවේ.... කොහොම නමුත් වැඩේට සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. තරඟය තියෙන්නේ තෝරාගත් නිර්මාණ අතරේයි. යටත් පිරිසෙයින් මා කීමට බලාපොරොත්තු උනේ අන්න ඒ දේයි. මගේ දෝෂය නිසා ඔබ අපහසුතාවයට පත් වුනා නම් ඒ ගැන සමා වෙන්න.

      Delete
  51. තව දෙයක්.මට ඇතුලු වෙන්න නෙමෙයි මම එහෙම ඇහුවේ. //අනිත් අංශ වලට ඔබව ඇතුලත් කරන්නම්.// මා ඔබගේ සම්මාන උළෙට අතුලු කර ගන්න එපා. මේක තරගාවලියකට වඩා "ඇගයීමක්" කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ ඉල්ලීම තේරීම් මණ්ඩලයට ඉදිරිපත් කරා. එය ඉටුවේවි. ඇත්තටම බ්ලොග් රචක රචිකාවියන් අගය කිරීමක්, ඔවුන්ට දිරි දීමක් හා බ්ලොග් ලිවිම කියවීම ව්‍යාප්ත කිරීමක් තමයි මෙයින් බලාපොරොත්තු වෙන්නේ. අපේ වෑයම දෙවන ප්‍රයත්නය වන විටම සැහෙන්න සාර්ථකයි.

      Delete
    2. තරඟයක් වගේ දෙයක් අපි කරන්නේ නැහැ ඇත්තටම. ඉදිරිපත් වෙන්න කියල කියන්නේ නැතුව හොයන් ගිහිල්ල අගය කිරීමක් තමා ඇත්තටම කෙරෙන්නේ. අපේ නිර්ණායක වත් තරඟ නීති රීති කියල දෙයක් වත් නැත්තේ ඒකයි. නිදහස් අවකාශයක් නේ මේක.

      Delete
    3. කොච්චර හොදද ඉතින්. මම නෙමේ තරගයක් කියල කීවේ.ඔයාලම පෝස්ට් එකේ තරගයක් කියල ලියල තියන නිසයි මාත් තරගයක් කියල හිතුවේ. :)

      Delete
    4. නිර්ණායක නම් නැතැයිම කියන්න බැහැ. මොකද ඇගයීමකටත් නිර්ණායක ඕනි වෙනවා. මේක ලියපු යාළුවත් එක නිර්ණායකයක් කීවා. හරි හරි මේ ගැන මගේ අදහස් දැක්වීම අහවරයි. වැඩේට සුබ පතනවා. :D

      Delete
    5. නෙලුම්යායේ නිර්ණායක නෑ.. එත් අපිට කියුවම බ්ලොග් තෝරන්න කියලා අපි ජජ් පැනල් එකෙන් නිර්ණායක යොදා ගත්තා.. ඒ එකක් තමයි වසර තුල ලියපු අවම බ්ලොග් ලිපි ගාන.. සමහර කැටගරි වලදී ඒවා ආයිම සංශෝධනය කරන්නත් උනා. ඒවා කලේ ජජ් පැනල් එකේ කැමැත්තට..

      මට හිතෙන්නේ ඔබ තුමිය පොස්ට් එකේ අන්තර්ගතයට වැඩිය හෙඩිම ගැන වොරි වෙනවා කියල.. මුළු ලිපියම කියෙව්වම මටනම් ඔය වගේ 'නොතේරී'මක් නෑ. අවශ්‍ය අයට කියවන්න පරණ ලින්ක් පවා දාලා තියෙනවා.

      සුභ පැතුමට ස්තුතියි! :p

      Delete
  52. කලින් වතාවේ එන්න බැරි වුණා ඒ දවසට ලෙක්චර්ස් කිහිපයක් යෙදිල තිබුණ නිසා. මේ වතාවෙ නම් අනිවාර්යයෙන්ම එනවා.
    හදවතින්ම සුභපැතුම්!

    ReplyDelete
  53. අර තේපැන් සාදය ගැන කිව්ව විස්තර මදි නේද?
    ඒකට ඔයිට වඩා අවධානය යොමුකලොත් හොද නැද්ද? නිකන් ඩිනර් එකත් දෙනවා වගේ...

    ReplyDelete
    Replies
    1. උඹට දෙනවා ඉස්පෙෂල් පැකේජ් එකක්.. ඒක ප්‍රසිද්ධියේ දන්නා බෑනේ..

      Delete
  54. mewanawita lankawe nositiyath sammaana ulale katayuthu saarthaka wewaai kiyaa hadhawathinma prarthanaa karanawa.

    ReplyDelete