Place: මරදානේ සමාජ හා සාමයික කේන්ද්‍රය
Showing posts with label නෙලුම්යාය වැඩ. Show all posts
Showing posts with label නෙලුම්යාය වැඩ. Show all posts
Thursday, 18 October 2018
Tuesday, 7 March 2017
අම්බෝහ්.. වෝටර්ස් එජ් හෙවත් 'දියවන්නාව ආශ්‍රයේ මෙවර පිපෙන' නෙළුම් පොහොට්ටු Nelumleaks- Grand Nelumyaya Blog Awards 2016
අම්බෝහ්.. වෝටර්ස් එජ්? අන්න එහෙමයි ඕක ඇහිච්ච ගමන් මට කියවුනේ.. ඔය හෝටලේ නම ඇහෙන කොටම මට මතක් වෙන්නේ නළු නිළි නෝනා මහත්වරුන්ගේ නැහ්නන් ක්‍රිකට් ක්‍රීඩක නෝනා මහත්තුරුන්ගේ උපන්දින සාද ගන්න හදපු තැනක් වගේ එකක්.. ඉතිං අපි මේ අහිංසක බ්ලොග්කාරයොන්ගේ පුංචි උස්සවයක් වගේ එකක් ඕකේ ගන්නවා කියුවම..හුහ්.. අම්මෝහ්.. කියවෙන්නේ නැද්ද?
මං එක දෙයක්නම් ඉන්තේරුවෙන්ම දන්නවා.. අපි මේ පුංචි බ්ලොග් මහත්තැන්ලාටත් වෝටර්ස් එජ් යන්න පාර කපලා දුන්නේ අපේ නෙගටිව් මාකටිං අංශයේ ප්‍රධානි සරසාතුමා හා එතුමාගේ සත්ගුණවත් ගෝල බාල ඇනෝ නඩය තමයි.. සරසතුමා ඇතුළු නඩේ පස්ස උඩ දාගෙන නෙළුන්අජියා නොහොත් ලංඩන් ඇල්බට් ටයි නෙළුම්යායේ මහා මොළකාර ඉන්ටර්පෝල් රතු වරෙන්තුධාරී තුමාටයි කෙලින්න ගත්ත එකෙන් තමයි උන්නැහේලට ඕනේ වෙලා තියෙන්නේ මේක නිකම්ම නිකං හේදිලා යන්න නොදී ඔය කියන ග්‍රෑන්ඩ් ලෙවල් එකෙන්ම කරන්න.. ඉතිං ඔය ලොකු ලොකු ඌරෝ කැකුණ තලනකොට අපි වගේ හබන් කුකුළන්ටත් එහෙන් මෙහෙන් වෝටර්ස් එජ් කෑලි වදිනවා.. හෙහ්.. කොහොමහරි මාත් වැඩිය ඇඳලා තිබ්බේ නැති සූට් එකක් එහෙම අපුල්ලලා අරන් තියා ගත්තා 25 වෝටර්ස් එජ් යන්න.. ඔය වගේ තැනකට යනකොට පිළිවෙලකට යන්න එපයි හිටං. ගිය පාර අර අමාත්තියාන්සේ තිබ්බ එකටත් කළු සේට් එකයි ඩෙනිමයි ඇඳලා ගියා කියලත් මේ අසානාසි එක එක කඩප්පුලි කතා කියුව එක ඔන්නොහේ.. හැබැයි මෙතනත් එහෙම විසේස ඇඳුමක් එහම කියල නෑ.. තමන් කමැති එකක් ඇඳන් එන්න පුළුවන්ලු.
මේ පාර තියෙන්නේ පුටු 250 ලු. අච්චර ලොකු හෝටලයක් වෙලත් පුටු දෙසිය පනහද අම්මප තියෙන්නේ.. ඒ මොනවා උනත් එන්න හිතං ඉන්න උන්දලා මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් 'ගොයින්' කියල නම ලකුණු කරලා එන එක හොඳයි.. හැබැයි ඕකට ඉතින් ෆේස් බුක් අකවුන්ට් එහෙකුත් තියෙන්න ඕනි මයේ හිතේ.. ඒකට මනාප නැති උන් ඉන්නවනම් ඔය දන්නා අඳුනන එකෙක් මාර්ගෙන් හරි මාත් එනවා කියල කියල තියහල්ල. මොකද ඔව්වයි ඉඳගන්න කන්න බොන්න එහෙම දෙන්නේ එක පිළිවෙලකටනේ.. ඒ වැඩේට ලේසියි මයේ හිතේ.. ඒ නැතත් ඉතින් එදාටම උනත් එන එකෙක් ට එන්න බැරිවෙන එකක් නෑ ආයිබෝං..
ඔය කතන්දරේ ගැන ලස්සන ලස්සන කතා බහ යනෝ මේ ටිකේ... වෝටර්ස් එජ් කියුවම බර වැඩියි වැඩියි වගේනම් 'තොටුපළ අයිනේ' වගේ අපිට සෙට් වෙන නමක් දාගමුලු මාතලන් කියනවා..හැක්. එදාට විතරක් හෝටලේ නම වෙනස් කරන්න දෙනවනම් ඒකත් මාරු අයිඩියාව.. ඒක අහල එක මහත්තයෙක් බලන් ඉන්නේ කවුරුහරි අත වනනකම් එයත් වන්න.. අටමා ට නම් එතන තියෙන සෙටප් එක හරියන්නේ නැතිලු.. ඒ සෙටප් එක හරි නැහ්නන් අපි ගෙදරින් සෙටප් එකක් ගෙනියල සිංදු අහමු මෙයා කියල කියන්නත් ගිහිං මං ඉතිං කියුවේ නෑ.. ඕකගේ කට හොඳ නෑනේ.. මට එදාට වතුර අයිනේ නෙවෙයි ගිලිලා ඉන්න වෙන්නේ ඕවා කියන්න ගිහිං.
මෙදා පාර සම්මාන දෙන එක ගැනත් මුලදී මුලදී එක එක කතන්දර කතා උනා.. කැටගරි 16 කට එකකට ස්ථාන තුන ගානේ.. ගියපාර වගේම.. ඊළඟට හොඳම බ්ලොග්කරු 1,2,3 ස්ථාන හා කුසලතා සම්මාන 2ක්, හොඳම දෙමළ මාධ්‍ය බ්ලොග්කරු, වගේම නෙලුම්යාය ලයිෆ් ටයිම් අවොර්ඩ් එක (එකක්ද දෙකක්ද මංදා) තව කතාවක් යනවා හොඳම ව්ලොගර් (vlogger) කියල එහෙකුත් දෙන්න.. කොහොම හරි ඉතිං මේ ටිකේ පුල් බිසී.. බ්ලොග් කියවන්නයි.. අජියා අටම් හා ඉවාන් එක්ක ඊ මේල් වලින් කෙල ගන්නයි.. :)
ඔය හැම කැටගරියටම අවසාන නිර්දේශ ලෙස උපරිම බ්ලොග් අඩවි/ බ්ලොග් පෝස්ට් පහ ගානේ තව සතියක් වගේ ඇතුලත ප්‍රකාශයට පත් කරන්න තමයි උත්සාහය.. ඒ නම් කරන හැමෝටම එදාට එතනට එන්න කියල විශේෂයෙන් අරාධනා කරනවා. එන්න නොහැකිනම් අඩුම තරමින් නියෝජිතයෙක්වත් එවන්න. ගියපාර සමහරුන්ගේ සම්මාන දුන්නේ ඔෆිස් වල, පාරවල් වල නැත්නම් බාර් වල මාස ගානකට පස්සේ.. තවත් දෙතුන් දෙනෙක් ගේ සම්මාන තාම මගේ අල්මාරියේ.. මේ පාර එහෙම කරන්න අදහසක් නෑ. අමාරුවෙන් කරන මේ වැඩේට පැමිනිමෙන්වත් අනුග්‍රහය දක්වන්න බැරිනම් ඒක සම්මාන ලබන්න නුසුදුසුකමක් විදියට තමයි සලකන්න වෙන්නේ. ඒකට දැනට පිළියමක් කතා කරගෙන යනවා.. ලකුණු ප්‍රතිශතයෙන් 5%ක් වගේ සම්මාන උළෙලට සහභාගී වීම වෙනුවෙන් වෙන් කරන්න. මේ ලකුණු දීල තියෙන පිළිවෙලට බොහොම සුළු වශයෙන් තමයි එකකට එකක් වෙනස් වෙන්නේ.. ඉතිං 'අති විශේෂ' එකක් හැර අනිත් ඕනෙම එකක් නොපැමිණීම නිසා ඊට පහලින් තියෙන එකකින් රීප්ලේස් වෙන්න පුළුවන් ඕනෙම වෙලාවක.. දැන් එහෙමයි.. මේ පාර තියෙන අවධානයත් එක්ක බ්ලොග් සම්මාන උළෙල කියන එකේ වටිනාකම ඒ විදියට ඉහල යනවා.
තව ගොසිප් දෙක තුනක් කියන්නත් කට කහනවා.. ඒත් ඉතිං තාම අජෙන්ඩ එක හදලත් නැති එකේ.. අනික බැණුම් අහන තරමට අජියා ටත් කියන්න මොනවා හරි ඉතුරු කරන්නත් ඕනි එකේ.. ඔන්නොහෙ අදට ඔය ඇති. එහෙනම් ජැන්ඩි සූට් ගහල මාර්තු 25 හවස වෝටර්ස් එජ එකේදී සෙට් වෙමු ඈ! ජයවේවා!
Tuesday, 7 February 2017
ලෝටස් අජිත් ට මුල්‍ය අපරාධ චෝදනා? මෙවර නෙලුම්යාය බ්ලොග් සම්මාන නොපැවෙත්වෙන ලකුණු? It always seems impossible until it's done.- Nelson Mandela

නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ කතා බහ ආයෙම පටන් ගෙන ඇත... විශේෂත්වය වන්නේ මෙවර ඊට වැඩිම ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ මතවාදීව නෙලුම්යාය සම්මාන උළෙලට එකහෙලා විරුද්ධ පාර්ශවයයි.. රසික සුරියආරච්චි මහතා පවසන පරිදි //"රාජපක්‍ෂ පාලන සමයේ අවසාන කාලයේ සිට, උග්‍ර මරාවාදී පිරිස් "ලංකානිව්ස්වෙබ්" සමග වෛර බැඳ ගෙන සිටියහ. ලංකාවේ සිට ඒ පුවත් අඩවියට පිවිසීමට හැකි පහසු ක්‍රම අසුරා වාරණයක් ද පනවා තිබුණි. දෙවසරකට පෙර සිදුවූ මරා ගේ පරාජයෙන් පසු ඒ වෛරය "ලංකානිව්ස්වෙබ්" හි කොටසක් ලෙස හඳුනාගත් "නෙළුම් යාය" වෙබ් අඩවිය දෙසට ද පැතිරිණි. නෙළුම් යාය සම්මාන උළෙල සහ එහි සංවිධායක අජිත් ධර්මකීර්ති පිළිබඳව වෛරය අප නමින් දන්නා සහ තවමත් නමින් නොදන්නා පිරිසක් අතර ඇති වී ඇත්තේ ඒ අනුව ය..// මෙසේ මතවාදීව නෙලුම්යායට එරෙහිවන බොහෝ දෙනා බ්ලොග් ලියන, නිතර බ්ලොග් කියවන හා එමෙන්ම මීට ටික කලෙකට පෙර බ්ලොග් ලොව ජය කෙහෙළි නැංවූ (එහෙත් දැනට උපක්‍රමිකව පසු බැස ඇනෝ වෙසින් පෙනී සිටින?) අප හොඳින් දන්නා හඳුනන අපේම මිතුරු බ්ලොග්කරුවෝම වීම සතුටට කරුණකි. ඔවුනතරින් සමහරෙක් ප්‍රසිද්ධියේම තම වෑයම තනිකරම දේශපාලන උවමනාවක් බව පිළිගැනීමට තරම් කශේරුකාවක් සහිත මහත්වරුන්ද වේ. මේ බ්ලොග් හුටපටයෙන් ඔබ්බට ඔවුන් ඉතා හිතවත් හොඳ මිතුරන් පිරිසක් බැවින් මෙසේ හොඳින් හෝ නරකින් නෙලුම්යාය ජනප්‍රිය කිරීමට හා ඔසවා තැබීමට වෙහෙසීම එක අතකින් අරුමයක් නොවේ. ගැල ඉදිරියටම යන බව ඔවුන් හොඳින් දනී. දේශපාලන අරමුණු අභිබවා යමින් ඇතැම් පිරිසක් නෙලුම්යාය කර්තව්‍ය හා සම්බන්ද වූ සමහරුන්ට පෞද්ගලිකව මඩ ප්‍රහාර එල්ල කිරීම නම් නොතරම් යැයි සිතේ. එහෙත් ගිවිසුම් නැති මේ එක පාර්ශවික ප්‍රහාරයේ භාවිත කරන නොකරන අවි ගැන කතා කිරීමට වඩා ඒ සඳහා ඔවුන්ට ඇති අයිතිය සුරකිමින් නිහඩ වීම සෑහේ.
මෙවර අප පවත්වන්නට යෙදෙනුයේ නොකඩවා පැවැත්වෙන තුන්වන බ්ලොග් සම්මාන උළෙලයි. තව තැනින් තැන කඩින් කඩ බ්ලොග් සම්මාන ප්‍රධානය කිරීම් කිහිපයක් සිදු උනද අපේ විරුද්ධ මතධාරීන්ගේම කියවීමට අනුව නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙල යනු මෙදිවයිනේ ජනප්‍රියම හා විධිමත්ව පවත්වනු ලබන එකම බ්ලොග් සම්මාන උළෙලයි. මා හිතවත් බ්ලොග්කරුවන් දෙපොලක් වන ඉන්දික කොඩිතුවක්කු (සිංහයා)ගේ හා දුෂාන් කරවිට (දුමී) ගේ සංකල්පයක් අනුව නෙලුම්යාය අවසාන වනවාත් සමඟම ඇරඹෙන 'බ්ලොග් වසන්තය' පාඨක සම්මාන ප්‍රධානෝත්සවය මෙහිලා කිසිසේත් අවතක්සේරු නොකිරීමට පසුගිය වර එහිද සම සංවිධායක වරයෙකු ලෙස කටයුතු කල මා නම් කිසිසේත් සුදානම් නැත. නෙලුම්යාය හා සමානවම මේ බ්ලොග් වසන්තය මගින් ඇති කරනු ලබන ප්‍රමෝදයෙන් ඉදිරි මාස කිහිපය තුල ශ්‍රී ලාංකික බ්ලොග් අවකාශය පිරි ඉතිරි යනු දැකිය හැකිවීම බ්ලොග් කලාවට ආදරය කරන අප හැමගේ බලාපොරොත්තුවයි. එමතු නොව මේ වෙනුවෙන් ආශාව, කැපවීම හා හැකියාව ඇති වෙනත් ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් ඉදිරියේදී තව තවත් බ්ලොග් ඇගයීම් හා සම්මාන ලබාදීම සිදු කරන්නේනම් ඒ සඳහා හැකි සෑම අයුරකින්ම සහයෝගය දැක්වීමටද මා සුදානම් බව කිව යුතුමය.
2015 මාර්තු මස 26 වන දින කොළඹ 5 ජනමාධ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ පැවති පළමු බ්ලොග් සම්මාන ප්‍රදානය මට සිහිවේ. එහි පසුබිම දන්නා අයෙකු ඒ හා 2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණ ප්‍රතිපලය අතර සම්බන්දතාවයක් පිළිබඳව සිතා ගැනීමට මැලි වනු ඇත. 2014 දෙසැම්බර් 30 දින හෝ ඊට අසන්න දිනෙක අජිත් ධර්මකීර්ති විසින් 2014 වසර සඳහා යෝජිත සම්මනලාභින්ගේ නම් ඔහුගේ කොළඹ ගමයා බ්ලොග් අඩවියේ පළකරද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා පරාජයට පත්ව සිටියේ නැත. ඒ වනවිට ඔහු ලංකා නිව්ස් වෙබ් හි නෙලුම්යාය විශේෂාංගය සංස්කරණය කරමින් එම වසර තුල වඩාත් අවධානයට ලක්වූ බ්ලොග් ලිපි නෙලුම්යාය විශේෂාංගය යටතේ නැවත පළකරමින් ශ්‍රී ලාංකීය බ්ලොග් කලාව ප්‍රචලිත කිරීමේ හුදෙකලා වෑයමක යෙදී සිටියේය. 2014 බ්ලොග් සම්මාන ලැයිස්තුව ඔහු විසින් ප්‍රසිද්ධ කරන තාක් ඒ පිළිබඳව සම්මානලාභීන් හෝ බ්ලොග් වලට සම්භන්ද වෙනත් පුද්ගලයෙකු දැන සිටියායැයි මා විශ්වාස කරන්නේ නැත. පළමු සම්මාන උළෙලේදී තිබු ලොකුම අභියෝගය සම්මාන ලබා ගැනීම සඳහා බ්ලොග් කරුවන් ගෙන්වා ගැනීමයි. අජිත් ධර්මකිර්තිගේ ඒ නොසැලෙන උත්සාහය නොවන්නට නෙලුම්යාය බ්ලොග් සම්මාන ප්‍රධානය මහපොළොවේ යථාර්තයක් නොවන්නට බොහෝ ඉඩකඩ තිබුණි. මා ඇතුළු බොහෝ බ්ලොග් කරුවන් නෙලුම්යාය හා එක්වන්නේ ඉන් අනතුරුවයි.
වඩා සංවිධානාත්මකව හා වැඩි සහභාගිත්වයකින් 2015 වසර සඳහා වූ බ්ලොග් සම්මාන ප්‍රධානය දෙවන වරට 2016 මාර්තු 26 වන දින ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදීම පවත්වන්නට හැකිවීම ඒ සාමුහික උත්සාහයේ ප්‍රථිපලයයි. ශ්‍රී ලාංකීය බ්ලොග් කලාවේ ප්‍රගමනය වෙනුවෙන් දැක්වූ සුවිශේෂී දායකත්වය සලකා ජිවිත කාලයේදී එක වරක් පමණක් පුද දෙනු ලබන 'නෙලුම්යාය විශේෂ සම්මානය' ලබාදීම ආරම්භ කිරීම දෙවන බ්ලොග් සම්මාන උළෙලේ විශේෂත්වයයි.
2015 වසරට සාපේක්ෂව 2016 වසර ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශය තුල හැල හැප්පීම් අඩු වසරක් ලෙස දැකිය හැක. නමුත් 2016 වසර තුල සිංහල බ්ලොග් අවකාශයට එකතු වූ හා ක්‍රියාශීලි වූ සුවිශේෂී බ්ලොග් රචකයින් කිහිප දෙනෙකු නිසා බ්ලොග් අවකාශය වඩාත් අවධානයට හා ආකර්ෂණයට ලක්වීම නිතැතින්ම සිදුවිය. නෙලුම්යාය බ්ලොග් ඇගයීමේ කාර්යභාරය වඩාත් අවධානයට ලක්වන්නේත් මේ පසුබිම තුලයි.
***************************************************
2015 බ්ලොග් සම්මාන ප්‍රධානොත්සවයෙන් අනතුරුව ඒ පිළිබඳව ඉතා සාධනීය විවේචන, අදහස් හා යෝජනා රැසක් මතුවිය. මේ සියල්ල හා ලද අත්දැකීම් සැලකිල්ලට ගනිමින් 2016 වසර සඳහා වූ බ්ලොග් සම්මාන උළෙල සඳහා නෙලුම්යාය සංවිධායක මණ්ඩලය ලෙස අපි මේ වනවිට සයිබරයේ පෙළ ගැසෙමින් සිටිමු. සම්මාන සඳහා සළකා බැලීමේදී සමහර බ්ලොග් අඩවි හා බ්ලොග් ලිපි මඟ හරි යාමේ අවධානමක් ඇත යන්න පසුගිය වර නැගුනු එක අදහසකි. එය සිදුවිය හැකි තත්වයකි. එම නිසා මෙවර අපේ හිතවත් අටම්පහුර බ්ලොග් අඩවියේ ලක්මාල් කන්දෙවිදාන හෙවත් 'අටමා' විසින් නෙලුම්යාය සඳහා ඔබේ නිර්දේශ ලිපි හා බ්ලොග් අඩවි ඉදිරිපත් කල හැකි ලෙස වෙනම බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගිය අතර මුල් කාලයේ ඊට බොහෝ යහපත් ප්‍රතිචාර ලැබිණි. අනතුරුව අටමා ගේ මුලිකත්වයෙන් ම පසුගිය ජනවාරි 31 වන දින දක්වා තව දුරටත් ඊමේල් මගින් නිර්දේශ ලබා ගැනීම සිදු කරන ලදී. මේ ලද නිර්දේශ වලට අමතරව සියලු බ්ලොග් සින්ඩිකේටර් වල 2016.01.01 දින සිට 2016.12.31 දින දක්වා පළවූ බ්ලොග් ලිපි විනිශ්චය මණ්ඩලයේ අවධානයට ලක්වනු ඇත. මේ ගතවෙන්නේ එම කාලවකවානුවයි.
සියලුම කැටගරි සඳහා විනිශ්චය මණ්ඩලයේ අවසන් නිර්දේශිත ලිපි/ බ්ලොග් අඩවි 5 (හෝ 3) තව නොබෝ දිනකින් එලි දැක්වීමට අපි සුදානමින් සිටිමු. එළඹෙන මාර්තු අවසන් සතියේ කොළඹ හෝ ආසන්න ස්ථානයක සංවිධානය කරනු ලබන සරල හා සුහදශීලී හමුවකදී 2016 වසරේ බ්ලොග් ලොව කිරුළු දරන්නෝ සම්මානයට පාත්‍ර කරනු ඇත. දිනය වෙලාව හා ස්ථානය හරියටම ඉදිරියේදී සඳහන් කරන්නෙමු.
ගැල ඉදිරියටම ගමන් කරනු ඇත!!!
ප.ලි. උත්සවයේ සංවිධාන කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවී ඇති බැවින් නෙලුම්යාය ප්‍රචාරක කර්තව්‍යයේ යෙදී සිටන ප්‍රොෆයිල් සහ ඇනෝ මහතුන් සමඟ වූ ඉතා වටිනා හා සිත්ගන්නා සුළු වූ කොමෙන්ට් සංවාද වලට නිතර එක් වීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.
Wednesday, 30 March 2016
නොකී කතා ගේ කොක්ක, නොකී කතා ගේ ආගමනය සමඟ බ්ලොග් සම්මාන උළෙලේ නොකී කතා.
star of the function
අඩුපාඩු කම් මෙන්ම පොසිටිව් ලක්ෂණ ද බොහොමයක් සමඟ නෙලුම්යාය බ්ලොග් සංසදය මගින් සංවිධානය කල දෙවන බ්ලොග් සම්මාන උළෙල මාර්තු 26 වෙනිදා දවල් කිරුළපන ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඔඩිටෝරියම් එකෙන් ඇරඹී 27 හිමිදිරිය උදා වීමට පය දෙක තුනකට මත්තෙන් දෙහිවල ආනන්දගේ වාඩියේ දී අවසන් උනා..සමස්තයක් විදියට ගත්තම පළමු උත්සාහයට වඩා සැහෙන්න ඉදිරියෙන් හිටපු එක ගැන අවංකවම සතුටුයි.
උත්සවශ්‍රිය කිරුළපන සිට දෙහිවලට සිය රථයෙන් කැඳවාගෙන යන ගමන් මෙන්ම පසුදින පලකල පෝස්ට් එකෙනුත් 'පැරා' කියූ පරිදි; මීටින් මිටි ගණන් තියා සිය ගණනක් මිනිසුන් වෙහෙසවා දහසින් බැඳී පියලි දහස් ගණන් විසි කරලත් අවසානයේ හරයක් නැති මාධ්‍ය සංදර්ශන විතරක් තියන වෙනත් උත්සව වලට සාපේක්ෂව බ්ලොග් වල අනන්‍යතාවය පරිදිම සයිබරයේ සංවිධානය වී මහපොළොවේ යථාර්තයක් කරගත් මේ උත්සවයේ සංවිධාන කටයුතු සිදුකල ආකාරය විශේෂයි..
උත්සවයේ වගකීම් භාර දීලා තිබුනේ එක එක්කෙනාට.. සමහරු බ්ලොග් වලට සම්භන්ද නෑ.. සමහරු කතා කරන්නේ නෑ.. (ඊමේල් වල) .. සමහරුන්ට තේරෙන්නේ නෑ. සමහරු වගකීම් අරගෙන කරන්නේ නෑ.. සමහරුන්ට ඇත්තටම වැඩක් කරන්න තේරෙන්නේ නෑ. පුළුවන් උන්ට වෙලාවක් නෑ.. ගැටළු ගොඩක්.. අජිත් එංගලන්තේ ඉඳලා ආවේ 19. එනකොට මම කොළඹ හිටියේ නෑ. මුල්ම වතාව අජිත් මම සහ ඉවාන් එකට හමු උනේ 23 රෑ.. ඇත්තටම 24/ 25 දවස් දෙකේ තමයි මේ වැඩේ මහපොළොවේ සංවිධානය කරන වැඩේට තිබ්බේ.. හුස්ම ගන්නවත් විවේකයක් නැති උනේ එහෙමයි.
මම මුලින් මේකේ විනිශ්චය කටයුතු කරන්න පමණයි පොරොන්දු උනේ. මොකද බස්සිගේ පෝස්ට් එකේ අටමා කියලා තිබුනා වගේ දවස් ගානේ බ්ලොග් කියවන්නේ නැතුව බ්ලොග් තෝරනවා කියනඑක ප්‍රයෝගික නැති වැඩක්. එහෙම උනොත් සම්මාන දෙන්න වෙන්නේ 'හොඳම' නෙවෙයි 'වාසනාවන්තම' බ්ලොග් වලට තමයි.. පටන් ගත්තට වැඩේ ලේසි උනේ නෑ. මගේ බ්ලොග් රෝලේ, අටමගේ, විචාරක තුමාගේ, හැලප අයියගේ, රාජගේ ආදී විවිද බ්ලොග් රෝල් වලත් මුලින් මතලන්ගේ සින්ඩිය, අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය හා අඹ ගහයට සින්ඩි තුනෙත් පසුව අටමාගේ හා කුරුටු සින්ඩි වලත් පළවුණු පොස්ට් හැකි පමණ කියවලා නිතරම අදාල කැටගරි වල ඉහලින්ම තිබුණු පෝස්ට් 5-7ක් අතර ප්‍රමාණයක් එකකින් එකක් රීප්ලේස් කර කර එක්සෙල් ෂීට් එහෙක මාක් කරගෙන තියා ගන්න උනා.. කොළඹ ඉන්න දවස්වලට රෑ දෙක තුන වෙනකම් බ්ලොග් කියෝනවා. ගෙදර ගියාම කලින් නිදාගෙන පාන්දර තුනට විතර නැගිටලා බ්ලොග් කියෝනවා.. සෙල්ලම් නෑ ඒ වැඩේ.
විනිශ්චය මණ්ඩලේ කටයුතු කරන නිසා මම, අටම්, අජිත් හා නාලක ගුනවර්දන අපේ බ්ලොග් සම්මාන සඳහා නිර්දේශයෙන් ඉවත් කර ගත්තා. මේ සාකච්චාවට නිතරම එකතු උනු නිසා හා බ්ලොග් වල වැඩට සක්‍රියව දායක උනු නිසා මාතලන් තමන්ව නිර්දේශ නොකරන ලෙස ඉල්ලා සිටියා ඒක විනිශ්චය මණ්ඩලය පිළිගත්තා. විනිශ්චය මණ්ඩලයේ අනිත් සාමාජිකයින් හෙළි නොකර සිටීමට තීරණයක් ගත නිසා එය සඳහන් කරන්න බෑ. අතරමගදී අටමා විනිශ්චය මණ්ඩලයෙන් අයින් උනා අජියත් එක්ක වෙන ගේමක් ඇදගෙන.. හැබැයි ඌ පුළුවන් හැම වෙලාවේම මට උපදෙස් දුන්න කතා කර කර.. ඒ වගේම අලුත් බ්ලොග් ගැන හොඳ බ්ලොග් පොස්ට් ගැන ඔන් ද ස්පෝට් ඔත්තු දුන්නා. 2015 පටන් අරං නැගලා ගිය බ්ලොග් අඩවි කීපයකම පිටිපස්සේ අටමා ඉන්නවා.. ඒ සම්භන්දව මගේ රෙස්පෙක්ට් එක එකෙන්ම..
තිලකසිත, දේශකයා, ඉයන් සහ සොඳුරුසිත රචකයින් තම නිර්මාණ සම්මාන සඳහා නිර්දේශ නොකර සිටින ලෙස මුලින්ම ඉල්ලා සිටියා..
අජිත් එක වැරද්දක් කළා. ඒක තමයි නිර්දේශ වෙන වෙන ලිපිය එයාගේ බ්ලොග් එකේ ප්‍රසිද්ද කිරීම. ඇත්තටම අපි බලාපොරත්තු උනේ අවසන් නිර්දේශ ඒ කියන්නේ සම්මාන තුනක් දෙන කැටගරි වලට උපරිම නිර්දේශ 5ක් පමණක් වශයෙන් තෝරාගත් පසු පමණක් ඒවා ප්‍රසිද්ද කරන්න. නමුත් අජිත් සමහර කැටගරි වලට නිර්දේශිත නම් දහය දොළහා එයාගේ බ්ලොග් එකේ දැම්මා. මේක නිසා මට සිද්ද උනා සම්මාන උළෙලට සතියක් තියලා වෙනම පොස්ටුවකින් අවසන් නිර්දේශ කියලා යලි ඉදිරිපත් කරන්න.
මෙතැනදී පලවෙනි කොක්ක වැටුනේ 'නොකී කතා' ගෙන්. නමුත් කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඔහු ඉතා ඉහල මහත්මා ගුණයක් පෙන්නුම් කරමින් එයට ප්‍රතිචාර දක්වලා එපමණකින් නොනැවතී සම්මාන උළෙලට සහභාගී වීමට තරම් නිහතමානී උනා. එයට උපරිම රෙස්පෙක්ට් එක. ඒ වගේම පුංචි කොක්කක් විචාරක තුමාගෙනුත් වැටුනත් මම හිතන්නේ කරුණු පැහැදිලි කිරීමටත් ප්‍රථම ඔහු තත්වය තේරුම් ගත්තා. එලෙසම ඉතා ව්‍යාකුල තත්වයක හිඳිමින් පවා මේ අවස්ථාවට සහභාගී වී ඔහුගේ මහත්මා ගතිය පිළිබිඹු කිරීම ගැනත් මගේ උපරිම රෙස්පෙක්ක්ට් එක.
අවසන් නිර්දේශ අතරින් සම්මාන සඳහා තෝරද්දී අපි තවත් පුංචි නිර්ණායක ටිකක් යොදා ගත්තා. ඒ විනිශ්චය මණ්ඩලයෙන් ලකුණු ලබාදී තිබුණු ප්‍රමාණයට අමතරවයි. සම්මාන උළෙලට සහභාගී වීමේ හැකියාවට ලකුණක් ලැබුනා. වෙනත් සම්මානයකට නිර්දේශ වී ඇත්නම් ලකුණක් අඩුවුණා.. නෙලුම්යාය සමඟ බ්ලොග් ප්‍රවර්දනයට සක්‍රියව දායකවී කටයුතු කල අයට අමතර ලකුණක් ලැබුනා. තනිවම පවත්වාගෙන බ්ලොග් වලට සාපේක්ෂව හවුල් බ්ලොග් වලට ලකුණක් අඩු වුනා. මෙයාකාරයෙන් බ්ලොග් එකේ විවිදත්වය, පාඨක ප්‍රතිචාර හා කොමෙන්ට්ස්, අදාළ වසර තුල ඒ ඒ කැටගරියට සාපේක්ෂව ලියවුනු පොස්ට් ප්‍රමාණය ආදී දේ ගැන සැලකිලිමත් උනා. ඔහොම තමයි තේරුවේ.. මොකද මේ ඔක්කොම නිර්මාණ ගොඩක් හොඳයි. වෙනස් වෙන්නේ බොහොම සුළු සුළු කාරනා මත. ඉතින් අවසන් වටයට තේරුණු අය අතරින් කාට සම්මානය ගියත් එහි ලොකු වෙනසක් වෙන්නේ නැති තරම්. මේවා කියන්න ඕනේ නැති උනත් නොකියා ඉන්න තරම් බය වෙන්න ඕනත් නැති නිසා තමයි කියන්නේ..
ලොකුම අමාරුව ආවේ මේ අවසන් නිර්දේශ අදාල බ්ලොග් කරුවන්ට දැනුම් දෙන්න ගිහිං.. මොකද නිර්දේශිත සියලු දෙනාවම දැනුවත් කිරීමට කටයුතු කලත් සමහරු කිසිම ප්‍රතිචාරයක් නොදක්වපු නිසා. සමහර බ්ලොග් කරුවන්ගේ 'ඝනකම' හොඳටම බලා ගන්න පුළුවන් උනේ මෙතැනදී. අපරාදේ කියන්න බෑ නිර්දේශිත නම් අතර තිබුණු බොහෝ ජේෂ්ඨයින් තම නම් දුටු විටම වගේ මට කතා කර ස්තුතිය පලකලා. සමහරුන් පුද්ගලික හේතු නිසා තම බ්ලොග් ලිපි සම්මානයට පාත්‍ර නොකරන ලෙස ඉල්ලා සිටියා.
හැලප කඩේ, සඳ වියමන් හා දමිත් කේතක එසේ පුද්ගලික හේතු නිසා ඉවත් කරගත් අය.
සුදීක ගේ විද්‍යා හා තාක්ෂණ සම්භන්ද ලිපිය වෙනත් ලිපයක පරිවර්තනයක් බැවින් සම්මාන සඳහා තෝරා නොගන්නා ලෙස ඉල්ලා සිටියා. ඔහුගේ අවංක භාවය පිලිබඳ විශේෂ උපහාරය!
ඉවාන් හා කටුසු හදවත ගේ ලිපි සම්මාන සඳහා මුල් වටයේ හා අවසන් වටයටද තේරුණු නමුත් ඔවුන් සංවිධාන කටයුතු වලට දැක්වූ විශාල දායකත්වය නිසා ඔවුන්ගේ නම්ද සම්මාන ලැයිස්තුවෙන් ඉවත් කර තැබීමට මා හැකිතරම් කටයුතු කල අතර අජිත් එයට විරෝධය දැක්වුවත් ඉවාන් හා කටුස්සා දෙදෙනාම කැමැත්තෙන් තරඟයෙන් ඉවත් උනා වැඩි විනිවිද භාවයක් උදෙසා. ඔවුන් දෙදෙනාටම ඒ පිළිබඳව උපහාරය!
එසේ තරඟයෙන් ඉවත් නොවුණු අනෙත් හැමෝම සම්මාන උළෙලට සහභාගී වේවි හෝ නියෝජිතයෙකු සම්භන්ද කරාවී යයි සංවිධායක මණ්ඩලය විදියට අපි බලාපොරොත්තු උනා. නමුත්...???
මෙහිදී සාධාරණ හේතුන් මත හා රටින් පිට ජීවත්වීම කියන හේතු මත සොඳුරු සුව අසපුව, පින්ච් පොයින්ට්, ඉකොනොමැට්ටා, දුමිගේ කට කහන කතා, නිලූක කදුරුගමුව හා හෙන්රි ද බ්ලොග්වෝකර් (ඩුඩ්) සම්මාන උළෙලට සුභ පතා සහභාගී වීමට හෝ වෙනත් අයෙකු ඒ වෙනුවෙන් සහභාගී කරවීමට නොහැකි බව සඳහන් කර පණිවුඩ එවා තිබුණා.
ඒ අතර එම හේතුව මතම සහභාගී නොවීමට සිදුවන රවී (නිදහස් සිතුවිලි), කවිඳු ජයසිංහ (සොඳුරු අතීතයෙන් බිඳක්) හා MPP ගුණසිංහ (දෙයියන්ගේ රටේ) සම්මාන උළෙලට සුභ පතා පණිවුඩ එවමින් ලංකාවේ සිටින ඔවුන්ගේ නියෝජිතයෙකු මේ සඳහා සහභාගී කරවීමට කටයුතු කලා. ඔවුන්ගේ කැපවීමට ස්තුතියි!
කවිඳු ජයසිංහ වෙනුවෙන්..
රවී වීරසිංහ වෙනුවෙන්
(ගුණසිංහ මහතාගේ පුතාගේ ඡයරුපයක් තවම හමු උනේ නෑ)
ලංකාවේ ඉන්න අයගෙන් ලෝකයේ කොනක (සිදු), නුවර කුමාරි හා ඉන්ද්‍රනාත තේනුවර සහභාගී වීම අවිනිශ්චිත නිසා තමන් වෙනුවෙන් නියෝජිතයින් එවීමට උත්සාහ ගන්නා බව පැවසුවද නුවර කුමාරි වෙනුවෙන් මිස වෙන අයෙකු පැමිණ සිටියේ නෑ.ලොකුම ගැටලුව ආවේ හයිකු/ කෙටි කවි අංශය සඳහා. එහි සම්මාන ලාභීන්ගෙන් ප්‍රතිචාර නොමැති තැන දන්නා අඳුනන අය ලවා දුරකථන ඇමතුම් දී පවා විමසා සිටියදීත් ඔවුන් කිසිවෙකු යහපත් ප්‍රතිචාර දැක්වුයේ නෑ. අවසානයේ ඒ සම්මාන කසල ගොඩට විසිකර දැමීමට අපි තීරණය කලා. අඩුම වශයෙන් එහිදී හෝ ඒ සම්මාන සඳහා අපි වූ වෙහෙසට යම් ප්‍රතිලාභයක් ලැබේවි පොළොවට පස් විමෙන්වත්.
එයිටාමතරව, එදින සියලු කැප කිරීම් කරමින් ප්‍රශ්න ගැටළු කෝටියක් මැද අපේ මහන්සියට වටිනාකමක් එකතු කිරීමට ඒ ස්ථානයට එකතුවුණු සම්මාන ලද නොලද සැමට ගෞරවනීය ප්‍රණාමය! එය ඔබ විසින් නෙලුම්යායට පෙරලා ලබා දුන් මහඟුතම සම්මානයයි! ඔබ නිසා මේ සම්මාන උළෙල ලබන වසරේදීත් පැවැත්වීමට අපිට ලොකු ධෛර්යක් ආවා..
නොයෙක් හේතු නිසා එදින සම්මාන, සමරු හා සහතික පත් ලබා ගැනීමට නොහැකි වූ ඔබගේ සම්මාන, සමරු හා සහතික (පමණක්) මා ළඟ සුරැකිව තිබෙනවා. ඒවා එකතු කර ගැනීමට හැකි අයුරකින් මා අමතන්න.
සම්මාන ගැන කතා ඉවරයි. සංවිධාන කටයුතු ගැන කියනවනම් මුලින් කියුවා වගේ ඊ මේල් වලින් සාකච්චා කරලා දවස් දෙකක් ඇතුලත තමයි මේක කරේ. මුලින්ම මරු පහර වැදුනේ ජනමාධ්‍ය අමාත්‍යංශයෙන්. අපි යොදා ගත් මාර්තු 26 දින ජනමාධ්‍ය අමාත්‍යංශයේ සියලු දෙනා හා මිඩියා ආයතන සියල්ලම සහභාගී වෙන දැවැන්ත වැඩසටහනක් යාපනයේදී ලෑස්ති කරගෙන. ඒක නිසා කරූ පරණවිතාන නියෝජ්‍ය ඇමති තුමාට මීට සහභාගී වීමට නොහැකි උනා. ඒ සමඟ මාධ්‍යයෙන් ලැබෙන්න තිබුණු සහයෝගයත් නැත්තටම නැතුව ගියා කියුවොත් නිවැරදියි. ගිය පාර මාධ්‍ය වදයක් උනත් මේ පාර මාධ්‍ය වලින් සහයෝගය ලැබුණානම් හොඳයි යන මතයේ තමයි 'දැන්' ගොඩක් දෙනෙක් ඉන්නේ.. මම නම් එදා ඉඳන්ම හිතුවේ එහෙම. ඒත් යමක් කරගන්න බැරිම වෙන ගානට ඇවිත් තමයි අපි හිර උනේ..
තව චෝදනාවක් ටොයියයි බයියයි නාට්‍යය.. ඒක අපි කලින් බලපු දැකපු එකඟ වෙච්චි එකක් නෙවෙයි. රවීගේ පුවක් එශැණින් ඉදිරිපත් කරන්න භාර දීලා තිබුනත් එතනට ඇවිත් අසංග සායක්කාර ද මොකාද එකා කියපි ඒක කරන්න ඕනි විදියක් මොකුත් එයාට කියුවේ නැති නිසා ඒක කරන්න බෑ. කියලා. ඒ වෙලාවේ හැටියට අයිටම් අඩු කරන්නත් බෑ මොකද කරූ ජයසුරිය මහත්තයා එනවා කියුවේ 4.45- 5.30 අතරේ.. ඒ වේලාව ගැප් එක පුරවන්න ඕනි නිසා එයාගේ විනාඩි 15ක පුරුදු වෙච්චි නාට්ටියක් එවලේ පෙන්නන්න එකඟ වුනා. (මට පෙන්නේ ඒක උගේ ගැටයක්ද කොහෙද) අන්තිමට ගොන් ආතල් ටිකක් දීලා උන් දෙන්නා වටිනා විනාඩි 15ක් විතර කෑවා.
වේදිකාව උඩ &*&^%$#%@#
මුලින්ම දිලිනිට (දිලාගේ ලෝකය) ස්තුති කරන්න ඕනි කවදාවත් නොකරපු වැඩක් කරන්න බාර ගත්තට. ඒත් සයිටේෂන් කියවනවා වගේ 'බර' වැඩකට දිලාගේ හඬ පුංචි වැඩියි. කවුද ඉතින් දන්නේ එවෙලෙනේ අපිටත් අහන්න ලැබුනේ. එකක් දෙකක් වැරදෙනකොට කෙල්ල තවත් පැනික් උනා. අන්තිම සයිටේෂන් ටික ඉවාන් කියවනකොට ඒ දෙකේ වෙනස පැහැදිලිව පෙනුණා. කොහොමින් කොහොම හරි ඕඩියන්ස් එකේ වැඩිම අවධානයක් තියෙන වෙලාවේ අපේ තීරණ වලට හේතු පාඨ කියවලා සාධාරණිකරණය කර ගන්න තිබ්බ ගෝල්ඩන් ඔපචුනිටි එකක් එතනින් අහිමි උනා.
දිලිනි උපරිම උත්සහා දරමින්
ගොඩක් දෙනෙක් නොදන්නවා උනාට සම්මාන දෙන එකෙත් ලොකු අවුල් කීපයක්ම තිබුනා. ලොකුම වැරැද්ද උනේ 'විශේෂ සම්මාන' දෙක ලාභීන්ට. එවලේ දුන්නේ ඔවුන්ට ලැබිය යුතු නිවැරදි සම්මාන දෙක නොවෙයි. ඒ වෙනුවෙන් වැරදියට හදලා එවපු සම්මාන දෙකක්.. බොහොම වැදගත් මහත්වරු දේපලක් වන ඔවුන් දෙදෙනාටම ඒ අවස්ථාවේ කරුණු වටහා දී එය සමතයකට පත් කරගෙන අද වෙන විට එය නිවැරදි කර තිබෙනෙවා. සම්මාන වේදිකාවට ගෙනාවේ උත්සවය පටන් ගත්තාටත් පසුව. ඒ නිසා මට අනෙක් සියලු වැඩ පසෙකලා 'විභීෂණ' කියුවා වගේ වේදිකාව උඩටම වෙලා සම්මානත් එක්ක චෙස් අදින්න උනා.. ඒ ටික පිළිවෙලටම හදා ගත්තේ නැත්නම් ලෝක ලෙඩක් වෙනවා. සම්මාන ටික පිළිවෙලට අහුරලා ඉවර වෙනකොටම මෙන්න සම්මාන දෙන්න මාතලන් වේදිකාවට නැගලා. නැත්නම් කළු වලහැඩියෙක් වගේ මම ඔය සම්මාන දෙන මැද්දට පනින්නේ නැතුව ලස්සන චුටි ගෑනු දරුවෝ දෙන්නෙක් එතනට එක්ක ඇවිත් වැඩේ භාර දෙන්න. කුරුටු හාමිනේලාව තමයි ඒ වැඩේට යොදවන්න මම හිතන් උන්නේ. ඒත් කොහෙද.. අඩුම තරමින් උන්ට කියන්නවත් යන්න වෙලාවක් තිබ්බේ නෑ.
සම්මානත් සමඟ චෙස් ඇදීම
ඉන්දික සිංහයා කොහේදෝ කියලා තිබ්බා වගේ 'ලංකාවේ කොට අදින අලි හැමතැනම කරන වැරද්දක්' මාත් කරා.. ඒ තැනට සුදුසු විදියට ඇඳගෙන නොයෑම. ඇත්තටම එදා දවල් එකොළහ වෙනකනුත් මම ඇඳගෙන යන්නේ මොකක්ද කියල මට හිතන්න වෙලාවක් තිබ්බේ නෑ. ඇඳුමක් සපත්තු දෙකක් ගන්න තමයි හිටියේ. අන්තිමට එකොළහට විතර අටමා එක්ක වෙන වැඩකට ලිබර්ටි ප්ලාසා එකට ගිය වෙලේ යන්තම් ඇගේ ගානට හරියන්න හම්බුනු කළු ෂර්ට් එක ගත්තා.. සපත්තු දෙකක් ගන්න හැදුවත් Bata හරි නෑ ලිබර්ටි එකේ ගණං කියලා අටමා ගන්න දුන්නෙම නෑ.. ආයි වෙලාවකුත් නෑ ඒ පාර කාමරේට දුවලා ගිහින් ඩෙනිමක් එක්ක ඒ ෂර්ට් එක ඇඳලා සැන්ඩ්ල් දෙකක් දා ගෙන දිව්වා. මම හිතාගෙන හිටියේ වේදිකාවෙන් ඈත් වෙලා කැමා වෙලා ඉන්න රෑ වෙනකම්. ඒ අස්සේ තමයි සම්මාන සංගෙදිය පහත උනේ.. හේතු කියලා වැඩක් නෑ. මම වැරදියි.අනිත් පොඩි පොඩි අඩුපාඩුනම් නොගිනිය හැකි තරම් වගේ. ඉවාන් පට්ට ගේමක් දුන්නා වැඩේ පිළිවෙලට අදින්න. මෙන්න රෙස්පෙක්ට් එක!! උගේ ඒ හැකියාව සැහෙන්න වටිනවා බ්ලොග් ලෝකෙට.
ගේම ගොඩ දාන්න දඟලන ඉවාන්
ලොකුම පොසිටිව් එක තමයි බ්ලොගා ලගේ ඇටෙන්ඩන්ස්. පරණම පරණ උන්ගේ ඉඳන් අලුත්ම අලුත් එවුන් දක්වාත් , පට්ට සීනියර් සිටිසන්ලගේ ඉඳන් ඉස්කෝලේ යන කොල්ලෝ කෙල්ලෝ දක්වාත් ආදී එකී මෙකි නොකී වශයෙන් මාරම ක්‍රොස් සෙක්ෂන් එකක ක්‍රවුඩ් එකක්. මට පිස්සු වගේ එකාට එකා අඳුන්නලා දීලම.. තේ බොන්න එලියට දාලා එකාට එකා මින්ගල් වෙන්න දීපු චාන්ස් එක මාර වර්ත්. මම මුල ඉඳලම කියුවා ඒක එහෙම වෙන්න ඕනි බව. මගේ තව එක යෝජනාවක් උනේ ගෘප් එක එළියේ සෙට් කරමු කියන එක. එළියේ කතා කර කර ඉඳලා අහම්බෙන් වගේ ඇතුලට ගිය වෙලාවක ඇහුනේ උන් පට්ටම සින්දු ටිකක් ඇතුලේ පුටු වලටයි වේදිකාව ඇස කරන නාට්‍ය කණ්ඩායමේ ටික දෙනාටයි අහන ඉන්න කියුවා. ඒක අවුල් උනේ මට තේරෙන්නේ නැති සවුන්ඩ්ස් ප්‍රශ්නයක් නිසා. සවුන්ඩ්ස් වලට විතරක් බොහොම පොඩි ගානක් අරන් ඉවාන්ගේ ෆිට් එකට එක දැනුම් දීමෙන් ආපු ඒ කොල්ලෝ ටිකට මගේ රෙස්පෙක්ට් එක.
සජ්ජා හා මනා ගේ බ්ලොග් සංගීත කණ්ඩායම
ඒ ආපු ක්‍රවුඩ් එක අතර චෙෆාකි, ඉයන්, නාලක, අජිත් පැරකුම්, විචාරක, ජිවන ෆර්නැන්ඩු වගේ වයසින් හා ප්‍රොෆයිල් එකෙන් ජෙෂ්ටයොත් තිස්ස දොඩන්ගොඩ, කෞශි, සුදික, මාතලන්, ඕනයා, අටමා (නම් කියන්න ගියොත් වන වෙනවා) වගේ බ්ලොග් වල ජෙෂ්ටයනුත් අතරේ සුවිශේෂී ආගමනයන් කීපයක් මතක් කරන්නම ඕනි.අංක එක. කසුන් හෙවත් අහසෙන් එන්න.. මේ ටික ලියනකොට මයිල් කෙලින් වෙලා උගුර හිර වෙනවා.. මල්ලි, දෛවයට පරදින්නේ නැතුව ඉන්න උඹ දෙන ගේම එක්ක මම ජිවිතේ කරලා තියෙන දේවල් මොනවද.. උඹට මගේ උපරිම බොක්ක..රෙස්පෙක්ට් එක!
ඔමායා.. ඕනිනම් පහසුවෙන්ම මඟ අරින්න පුළුවන් කම තියෙද්දී උඹ නිවාඩුව ඇජෙස් කරගෙන එහෙ ඉන්න ගමනුත් මෙහෙ ඇවිදිනුත් දවස ගානේ කතා කරලා මොනවද අයියේ වෙන්න ඕනි කියලා අහගෙන එදා එතනට ඇවිත් පෙන්නුවේ උඹේ මනුස්සකම නංගි.. උඹ දන්නවනේ 'ගරු සරු නැති' බ්ලොගාල සලකන්නේ ඒ මනුස්සකමට විතරයි. රෙස්පෙක්ට් එක එකෙන්ම!
නොකී කතා සමඟ ඇත්තටම අපූරු අපුර්වී
නොකී කතා.. හෙන්රි වර්ණකුලසුරිය.. බ්ලොග් වලදී දැක්කත් නැතත් හෙන්රි කියන්නේ ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්.. හෙන්රිට සෙට් වෙන්න පුළුවන් මේ ලංකාවේ ඕනෙම ගැදරින් එකකට.. ඒකෙ දෙකක් නෑ.. නොමිනේෂන් අතර තිබිලා නම කැපුනම ඒක ගැන කෙලින්ම ප්‍රශ්න කරන්නත්, ගැටුළුව තේරුම් කරලා දුන්නම මහත්මයෙක් වගේ ඒක පිලිගන්නත් ඉන් පස්සේ කිසි වෙනසක් නැතුව අනිත් උන් සම්මාන ගන්නවා බලන්න එන්නත් ඒ අවස්ථාවේ හදිසියේ ලද ආරාධනයෙන් නොපැකිලි වේදිකාවට නැග තම සගයින්ට සම්මාන පුද දෙන්නත් සාමාන්‍ය එකෙකුට බෑ. එකට එසේ මෙසේ පෞරුෂයක් නොව මහා කොන්දක් තිබිය යුතුයි. නේවි එකේ බාසාවෙන් කියනවනම් 'Respect You, Sir!
මගේ කුදු බව පසක් කල රසික
අනිත් පොසිටිව්ස් අතර උඩින්ම තිබුනේ නාලක හා අජිත් එක්ක කල සාකච්චාව.. 'ගරු සරු අඩු' කොන්ද කෙලින් තියාගෙන ජිවත් වෙන්න පුළුවන් ලෝකයක් හදන්න බ්ලොගර්ස්ලා විදියට හා පුරවැසියන් විදියට අපිට පැවරිලා තියෙන වගකීම ගැන මට අහන්න ලැබුනේ සම්මානත් එක්ක චෙස් අදින ගමන්. වෙනත් කිසිම මාධ්‍යයක ඒ වගේ සජීවී හරබර සංවාදයක් ගොඩ නැගේවි යයි හිතන්න අමාරුයි. 'තමන්ගේ හැරමිටිය වැනීමේ සීමාව අනෙකාගේ නහය මුලින් අවසන්වේ' වගේ දරුණු ප්‍රශ්නයක් අහලා ප්‍රවීණ නාලක ගුනවර්දනයවත් මොහොතකට ගොළු කිරීම පිලිබඳ ඉවානයට මගේ බලවත් විරෝදය.. 'ආ...ඒක case by case' කියල ගොඩ එන්න නාලකට ටිකක් වෙලා ගියා කියලා තව කී දෙනෙකුට මීටර් උනාද දන්නේ නෑ.
සරල එහෙත් හරවත් නාලක හා අජිත් පැරකුම්
හොඳම එක 'තරු රසි' ප්‍රදාන චරිතය රඟපාපු ආණ්ඩුවේ රස්සාව නාට්‍යයද මංදා.. ඒ වුනාට මම මුල ඉඳලම ඕකට කොක්ක ඇද්දා වෙලාව වැඩියි කියලා.. මම කියුවේ අපි යන්නේ නාට්‍ය බලන්න නෙවෙයි වෙන වැඩකට එක නිසා එච්චර දිග නාට්‍ය දාගන්න එපා කියලා. ඒ වුනාට අජිත් එක හිතින් තරුරසිට.. වැරදුනා නාට්‍යට හිටපු නිසා අන්තිමේ ..ඔව් අන්තිමේ වැඩේ උනා.. වචන නෑ කියන්න.. ඒක නිසා මාතලන් ගෙන් හොරකම් කරගන්න වෙනවා.. වල්ලා පට්ට.. කෙල්ල බඩ වෙලා. කොල්ලාට කෙල්ලව බඳින්න විදියක් නෑ ආණ්ඩුවේ රස්සාවක් නැතුව. අන්තිමට හම්බ වෙනවා 'අළුගෝසු' තනතුර.. කෙල්ල කියනවා ඒක බාර අරගෙන කෙල්ලවයි හම්බ වෙන්න ඉන්න ලමයවයි ලඟට ගන්න කියලා. කොල්ලා කියනවා 'මිනී මරන්න බැරි නිසා' ඒ රස්සාව බාර ගන්න බෑ; ඒක නිසා දැන්ම කසාද බඳින්න බෑ,'හම්බ වෙන්න ඉන්න ලමයව මරමු' කියලා.... ඔන්න නිර්මනශීලි, ඉවාන්, බස්සි, විදානේ, පොඩිකුමාරිහාමි, දිනේෂ්, හංසි, තුෂානි වගේ ඉමක් කොනක් නැති කතා කාරයන්ට අවස්ථාව බ්ලොග් පොස්ට් එකක් හරහා මේකේ දෙවෙනි කොටස ලියන්න..ඒ වගේම ආෆ්ටර් ඉවෙන්ට් එකත් පට්ටම සුපිරි..
එතනට ආපු කරු ජයසුරිය මහතාට හා එන්න බැරි උන කරු පරණවිතාන මහතාටත් ස්තුති කරන්නම ඕනි. විශේෂයෙන්ම කරු ජයසුරිය මහතාගේ බ්ලොග් සම්භන්ද දැනුම වැඩි දියුනුවී තිබීමත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනි.
හිරු පෑයුවා වගේ කරූ ආපු එක
තව පොටෝ කෑලි ටිකක්.. අනුග්‍රහය ඇනොපිලිස් හෙවත් මුද්දාගෙන්. ඌ වේදිකාව ඉස්සරහා දනගහගෙන නියම වෘත්තීය චයරුප ශිල්පියෙක් විදියට අනෙකුත් වීඩියෝ කැමරා කරුවන්ට බාදා නොවන ලෙස දක්වපු සහයෝගය වෙනම අගේ කරන්න ඕනි.
- කල්‍යාණ මිත්‍ර
Sunday, 27 March 2016
නෙලුම්යායේදී ඊයේ පීපී හිනැහුණු බ්ලොග් තාරකා ලැයිස්තුව.. Congrats! You've achieved it!
විද්‍යා හා තාක්ෂණ
1. තාරකා පරිණාමනය - (මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවිය)
- අශාන් රවිඳු යුගන්ත
2. අනාගතේ බොඳ කරනා ඩී හතරේ වැරදිකාරයෝ - (සොඳුරු සුව අසපුව බ්ලොග් අඩවිය)
- මහේෂ් නිශාන්ත
(කැනඩාවේ සිට සුභ පැතුම් එක්කලා. පැමිණිය නොහැකියි. සම්මානය තවම මා ළඟ.)
3. විදුලි බිල අඩුකරන LED විදුලි පහන් පරිපථ- (ටෙක් සයුර බ්ලොග් අඩවිය)
- රොහාන් ධනංජය
බොහෝ දුර බැහැර සිට මවත් සමඟම සම්මාන උළෙලට සහභාගී වූ රොහාන් ට විශේෂ ස්තුතිය. ඔහු තවම උසස් පෙළ ලියන තරුණයෙක්
ඇවිද්ද පය හි wi-fi ඔබේ සෞඛ්‍යයට හිතකරද යන ලිපිය පරිවර්තනයක් බැවින් තරඟයෙන් ඉවත් කරන ලෙස රචකයා විසින් කාරුණිකව ඉල්ලා සිටියා.
ගෘහස්ත කාරණා
1. වෙඩිං කතා - (හිරු නැති හෝරාව)
- කෞශි ආරියබන්දු
2. එළුපැටියාගේ කතාව - කුඩා දරුවන් සිටින දෙමව්පියන් වෙනුවෙනි - (ඇවිද්ද පය)
- දිල්රුක් කන්නංගර
3. දියවැඩියාව පරදවන්නට නම් - (ප්‍රභාෂ්වර බ්ලොග් අඩවිය)
සම්භාන්දතාවයක් ගොඩ නගා ගැනීමට ගත් උත්සාහයන්ට කිසිදු ප්‍රතිචාරයක් දැක්වුයේ නෑ.
කෙටි
නවකතා
1.
කවදාද
ඒ වැහි වහින්නේ නොදනිම් කොටස් 1 -18 දක්වා (නුවර කුමාරි බ්ලොග් අඩවිය)
- උපේක්ෂා ධර්මතිලක
උපේක්ෂා පැමිණ සිටියේ නැත. ඒ වෙනුවෙන් තරුරසි විසින් අදාළ සම්මානය ලබා ගන්නා ලදී.
2. එකෝමත්
එක කාලෙක (සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත බ්ලොග් අඩවිය)
3. කැලයේ උපන් මල් වත්තක
මතක සුවඳ පොද කොටස් 1-12
(කැලේට
පිපුන මල් බ්ලොග් අඩවිය)
- වත්සලා විජේරත්න
ප්‍රහසන
1. සෝභමාන
ගුවන් ඇටෙන්ඩොං - (දුමි ගේ කට කහන කතා බ්ලොග් අඩවිය)
- දුෂාන් කරවිට
දුමි පැමිණ සිටියේ නැත.
ඩුබායි හි සිට සුභ පැතුම් ඒවා තිබිණ.
2. වඳුරා
- (කුරුටු ගෑ ගී පවුර බ්ලොග් අඩවිය)
කුරුටු පවුලෙන් අඩකට වැඩිය ඇවිත් හිටියා.. තුෂාර, අසංක කාංචනා ඇතළු ඔබ සැමගේ කැපවීම ප්‍රශංසනීයයි
3.
සුරක්ෂිතතා
පූර්ව උපක්‍රම,
කැනරි
කුරුල්ලන්,
අවිච්චියන්
සහ මනීෂා කොයිරාල- (නිදහස් සිතුවිලි බ්ලොග් අඩවිය)
- රවී වීරසිංහ
රවී අයියා මැද
පෙරදිග සිට සුභ පැතුවා. තෑග්ග ගන්තේ රන්දිකා රණවීර නිදහස් සිතුවිලි සම කතෘ.
අතීත
කාමය
1. අපේ දිව්‍ය භෝජන අංක 1
සහ 2-
(මගේ
කතාවබ්ලොග් අඩවිය)
- ඉන්ද්‍රනාත තේනුවර
තේනුවර සර් පැමිණ සිටියේ නැත.. වෙනිවැල් ප්‍රියන්තට සම්මානය ගන්න කියනවා කියුවාත් ඔහු එනකොටද ප්‍රමාද වී තිබුණි. සම්මානය තවම මා ළඟ.
2. මෙතෙක් කතාව සහ අද එතැන් සිට - (මගේ ඩෙනිම-හෙන්රි බ්ලොග් වෝකර් බ්ලොග්
අඩවිය)
- හෙන්රි ජයවර්ධන
ඩුඩ් එන්න හැකියාවක් තිබුනේද නැත. සුභ පැතුම් එක්කලා. තෑග්ග තවම මා ළඟ
3.
සල්පිල
සහ මල්වට්ටි වෙන්දේසිය - (සොඳුරු අතීතයෙන් බිඳක් බ්ලොග් අඩවිය)
- කවිඳු ජයසිංහ
කවිඳු ඕස්ට්‍රේලියාවේ සිට සුභ පැතුම් එක්කලා. ත්‍යාගය ලබා ගැනීම සඳහා මිතුරු ඉංජිනේරුවෙකු ඒවා තිබුනා. ඔබේ කැපවීමට ස්තුතියි.
(නිර්දේශ අතර තිබු හැලපකඩේ
ලිපි මාලාව තරඟයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා)
කෙටිකතා (3 ස්ථාන 2කි.)
1. ගං වතුර...- (විදානේ ගේ **දානේ... බ්ලොග් අඩවිය)
- චාමර විදානපතිරණ
2. ඇයද මවකි - (වර්ණ බ්ලොග් අඩවිය)
- දිනේෂ් උමගිලිය
3. සමාජ සේවය පිණිසයි - (වැව් ඉස්මත්ත බ්ලොග් අඩවිය)
- නුවන් හේමචන්ද්‍ර
අසීරු පුහුණුවක් අතරතුර ඊටත් වඩා අපහසුවෙන් නිවාඩු අනුමත කරවාගෙන ත්‍රිකුණාමලයේ සිට මෙම අවස්ථාවට එක්වූ වැවා ට විශේෂ ස්තුතියක් දිය යුතුමයි.
3. අහන් ඉන්න අහගෙන ඉන්න- (හංසි swan බ්ලොග් අඩවිය)
- හංසි සෙනාරා
සඳ වියමන් හි සුන්දරී කෙටි කතාව තරඟයෙන් ඉවත් කරන ලෙස රචිකාවිය විසින් කාරුණිකව ඉල්ලා සිටියා.
කවි/ නිසඳැස්
1. සඳ ආයිත් නොනැගෙන බැව්.. (අවන්හල බ්ලොග් අඩවිය)
- මහේෂ් රත්නායක
2. රහසක් හෙම කීවාද හිරු රැස් - (තරුරසී බ්ලොග් අඩවිය)
- තරංගනී රෙශිකා
3. යෙහෙළියක නම් සිටිය යුතුම ය - (The Sahan Blog)
- සහන් පද්මසංඛ
(දමිත් කේතක- නොදන්නා මඟුල් බ්ලොග් අඩවිය- සුභ පැතුම් එක්කලා. සම්මාන සඳහා නම් කිරීමනොකරන ලෙස කාරුණිකව ඉල්ලීමක් කරා.)
හයිකු/කෙටි කවි
(මේ සඳහා නිර්දේශ වූ කිසිදු බ්ලොග් කරුවෙකු/ කාරියක සම්මාන උළෙලට සහභාගිවීම ප්‍රතික්ෂේප කල නිසා එම අංශයේ සම්මාන ප්‍රධානය නොකර සිටි බව කරුණාවෙන් සලකන්න)
1. පිළිස්සුනු රාත්‍රියේ අඩයම - (හිතනලන්තය බ්ලොග් අඩවිය)
- කාංචනා අමිලානි
2. සිතුවම - (තනි තරුව බ්ලොග් අඩවිය)
3. සොඳුරු සැඳෑවක -(සඳුමල් බ්ලොග් අඩවිය)
- මනොෂ් සඳරුවන්
විද්‍යා ප්‍රබන්ධ
1. දමනය - බස්සිගේ නවාතැන ඉවාන් පව්ලුශා පුංචි කැකුළු මල් මන්දාකිණියෙන් ඔබ්බට සමූහ රචනයකි.
තුෂානි, බස්සි හා අෂාන් එකතුව සම්මානය ලබා ගත්තා.
2. Patient X [ X රෝගියා - විද්‍යා ප්‍රබන්ධය, 1 කොටස] - (විද්‍යා ගවේෂණ බ්ලොග් අඩවිය)
සම්භාන්දතාවයක් ගොඩ නගා ගැනීමට ගත් උත්සාහයන්ට කිසිදු ප්‍රතිචාරයක් දැක්වුයේ නෑ.
සංගීතය
1. මචං අර ඇන්තනී සුරේන්ද්‍ර
ගහපු භාණ්ඩෙ මොකද්ද?
- (මනාගේ
පින්තාරුව)
- මනෝජ් පෙරේරා
2. කොළඹදී කම් පලක් නැතත් සෙනගක් මරා දාලා- (හද ගී
පොත)
- තිස්ස දොඩංගොඩ (තිස්ස හමුවීම විශේෂ සතුටක්)
3. ලෝකය
නමැති ගමේ.. ප්‍රේමකීර්ති- ෆ්‍රෙඩි සිල්වා ගී එකතුව - (සින්දු ඇනෝ බ්ලොග් අඩවිය)
සිංදු ඇනෝ පැමිණ සිටියේ නැත.
(නිර්දේශ අතර තිබු දෘෂ්ටි
රසය ඉවාන් පවුලුෂා ගේ ලිපිය තරඟයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා)
සංචාරක
1. වෙහෙරගල ලුණුගම්වෙහෙර 02 - අලුත්
කුරුල්ලෙක්,
කණේ
හිලා සමග ගංජා හේන්- (මතකයේ රන්දුනු තැන්)
- කැලුම් ජයසුරිය
2. විනාශකයාගේ නිම්නතර
දිටි පාරාදීස - (ඔමා ගේ හීන- අපුර්වී බ්ලොග් අඩවිය)
ඔමා තමන්ගේ නිවාඩුව මේ දිනවලට තබාගෙන ඊශ්‍රායලයේ සිට පැමිණ සිටීම වෙසෙසින්ම අගය කරනවා.
3. වෙසක් සඳ
සමග තිරුකේතීෂ්වරම් - (ලෝකයේ කොනක)
- සින්දුපා සෙනෙවිරත්න
සිදූ මන්නාරම රෝහලේ රාජකාරි
එදිනට නිසා එන්න වෙන්නේ නෑ කියුවා.. සුභ පැතුම් එක්කලා.
ඉතිහාසය
1. දේව විශ්වාසය හා
අලුත්නුවර ඇත්තෝ 6
- (දෙයියන්ගේ
රටේ)
- MPP
ගුණසිංහ
ගුණසිංහ මහතා ඇමෙරිකාවේ සිට සුභ පැතුවා සම්මානය ගන්න නියෝජිතයා ලෙස පුතා යසිත
නවීන් ගුණසිංහ පැමිණියා.
2. පළමු රහතුන් වැඩසිටි
සොඳුරු වන අරණ -- රිටිගල - දසත සැරිසර
-ශානිකා පවනි හේවගේ
3. මෙන්න ඩ්‍රැක්‍යුලා - Dracula the Historical
Figure, 1, 2, 3 - ඩ්රැකී ගේ අඩවිය
පරිවර්තන
1. The story of my marriage - (නිදහස්
සිතුවිලි)
- රවී වීරසිංහ
සම්මානේ ගන්තේ රන්දිකා
2. බොරු නේද ඔය කියන්නේ? -(මට
හිතෙන හැටි- හෙන්රි ද බ්ලොග්වෝකර්)
- හෙන්රි ජයවර්ධන
තෑග්ග තවම මා ළඟ.
3. ඌරන් බලාගත් රාජ
කුමාරයා -(පරිවර්තන බ්ලොග් අඩවිය)
- නිලූක කදුරුගමුව
නිලුක පිට රට සිට සුභ පැතුම්
එක්කරා. තෑග්ග තවම මා ළඟ
ඡායාරුප
1. උතුරේ සංචාරයක් -
(විචාරක- අසමි දකිමි සොයමි බ්ලොග් අඩවිය)
2. පොටෝකාරයා වටින්නෙම
නැද්ද..?-
(කැමරාවෙන්
එහා ලෝකය)
- යෂ්‍යන්ත ශ්‍රීනාත්
අනිත් හැම තැනටම එන කැමරාවා ඊයේ ඇවිත් හිටියේ නෑ.
3. The Earth is Art, The Photographer is
only a Witness part 2. (ඔමාගේ හීන-අපුර්වී බ්ලොග් අඩවිය)
- අපුර්වී ඔමායා
18 ප්ලස්
1. සුවපත් කිරීම- (මධු
මාධවී බ්ලොග් අඩවිය)
(මදාවියට තවම හරියට සනීප නැති නිසා එන්න උනේ නෑ. සම්මානෙත් අරන් යන්න ඕනි ඌව බලන්න.)
2. අනේ දෙයියනේ......!!!-
(කුරුටු ගෑ ගී පවුර බ්ලොග් අඩවිය)
3. ලඹේ හොඳයිද මිස්? - (ගස්
ලබ්බ බ්ලොග් අඩවිය)
(ගස් ලබ්බ ටත් තවම හරියට සනීප නැති නිසා එන්න උනේ නෑ. ඌවත් බලන්න යන්න වෙනවා..)
කාලින
සංවාද
1. ඇමෙරිකානු බොරතෙල් තහනම
ඉවතට- (ඉකොනොමැට්ටා බ්ලොග් අඩවිය)
(ඇමෙරිකාවේ සිට සුභ පැතුම්
එක්කලා. පැමිණෙන්න නොහැකි නිසා.. සම්මානය තවම මා ළඟ)
2. විස්ස එලියට දැමීම සහ විජ්ජානුකූල Passing the 20 - (පින්ච්
පොයින්ට් බ්ලොග් අඩවිය)
(රටින් පිට ඉන්න නිසා එන්න වෙන්නේ නැති බව කියා සුභ පැතුවා.)
3. අපට අද රෙදි ඇඳිය හැකිද? (ලෝක
ළමා දිනය වෙනුවෙනි) -
(විභීෂණ
බ්ලොග් අඩවිය)
දේශපාලන
1. නිතිය ඉදිරියේ හැමෝම සමානය; සමහරු වැඩිපුර
සමානය- (w3lanka)
-
අජිත්
පැරකුම් ජයසිංහ
2. අයවැය 2016- (රාජ්
ගේ නවාතැන බ්ලොග් අඩවිය)
( රාජ් පැමිණ සිටියේ නෑ)
3. රෙද්ද පල්ලෙන් බේරෙන
විජයග්‍රහණ සැමරුම් - (සජ්ජාගේ පඩන්ගුව බ්ලොග්
අඩවිය)
- සජිත් නලින්ද රණසිංහ
සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රගමනය වෙනුවෙන් දැක්වූ දායකත්වය අගයනු වස් බ්ලොග්රචකයෙකුට හෝ පාඨකයෙකුට ජිවිතයේ එක් වරක් පමණක් ලැබිය හැකි නෙලුම්යාය විශේෂ සම්මාන ද්විත්වය -2015
රසික හරිශ්චන්ද්‍ර සුරියආරච්චි - (රසිකලොජි බ්ලොග් අඩවිය)
ඕස්ට්‍රේලියාවේ සිට නිවාඩු ලබා මෙරටට පැමිණ සිය මව හා සහෝදරයා සමඟ මේ අවස්ථාවට එක්වූ රසික සුරියආරච්චි ට නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ සංවිධායක කමිටුවේ විශේෂ ප්‍රණාමය..
නාලක ගුනවර්දන - (සිව්මංසල කොලු ගැටයා බ්ලොග් අඩවිය)
වසරේ බ්ලොග්කරු/ කාරිය
විචාරක- අසමි දකිමි සොයමි (කුසලතා සම්මාන)
කුරුටු ගෑ ගී පවුර- තුෂාර විතාරණ මහතා (කුසලතා සම්මාන)
3. නිදහස් සිතුවිලි- රවී වීරසිංහ මහතා.
හේතු පාඨය- යම් නිර්මාණයක් සියළු ආකාරයේ පාඨක ප්‍රතිචාරයට ලක්වීමට එය ඒ විවිධාකාරයේ පාඨකයින් සැමට ගෝචර වන ලෙස නිර්මාණය විය යුතුය. එකම නිර්මාණයකින්, දැනුම, සාහිත්‍යය, ප්‍රහසනය, දේශපාලනය, කලින් සිදුවීම් ආදී සියල්ල එකවර ඉදිරිපත් කල හැකිනම් බොහෝ විට මේ අභියෝගය ජයගත හැක. ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශය තුල පවා මෙවැනි බ්ලොග් රචනා බොහෝ සෙයින් විරල වේ.. නමුත් ඔහු.. ඔහුගේ රචනා තුල කියවන සැමට යමක් තිබේ.. ඒවා විවිධය.. ඒ සමඟම එහි බොහෝ දැනුම අඩංගු වේ. ඕනෑම කාරණයක් තුල හාස්‍යය මෙන්ම උපහාසය මතු කිරීමට හපනෙකි. ඒවා ඉතා රසවත්ය. එමෙන්ම අතිශය නිර්මාණ ශිලිය. ඔව්. ඔහුමය.. 2015 නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ හොඳම බ්ලොග් අඩවිය තුන්වන ස්ථානය ජයග්‍රහණය කරමින් සම්මානයට පාත්‍රවනු ලබන්නේ- නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියේ සම කතෘ- රවී වීරසිංහ- ඔබයි..
2. යාං හෑල්ල - රංජිත් සුරංග මහතා
හේතු පාඨය- 2015 වසර ආරම්භයේදීම වාගේ ශ්‍රී ලාංකික බ්ලොග් අවකාශයට එක්තරා බ්ලොග් පොස්ටුවක් හරහා දරුණු සුලිසුලඟක් හමුවේය. එතෙක් නිද්‍රාවට වැටි සිටි සමහර බ්ලොග් පාඨකයින් හා බ්ලොග් රචකයින් පවා මේ සුළි සුළඟත් සමඟ නිද්‍රාවෙන් අවදි වී නව ජවයකින් බ්ලොග් කරලියේ සැරි සරවන්නට තරම් වරෙක මේ සුලඟ බලවත් විය. එසේ වීමට හේතු වූයේ එහි තිබු අව්‍යාජ බවයි. කටුක ළමාවිය හා අදිෂ්ඨානශීලි වර්තමානය අතර දැවැන්ත වෙනස පිරවුණු වරෙක හැඟීම්බර, වරෙක කඳුළු නංවන, එමෙන්ම තවත් වරෙක හාත්ස්‍යයෝපාදක අමුම අමු රචනා විලාශය තුලින් ඔහු අළුත් බ්ලොග් කලාවක් වෙත පාඨකයා නැඹුරු කරවීය. හැකියාව, දක්ෂතාවය දෛවය සමඟ කැළඹුණු ජිවන අත්දැකීම් මිටින් ගෙන පාඨකයා වෙත එක එල්ලේ දමා ගසමින් නවමු බ්ලොග් අත්දැකීමක් ලංකර දුන් ඒ සුළි සුළගේ නිර්මාතෘවරයා.. 2015 නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ හොඳම බ්ලොග් අඩවිය දෙවන ස්ථානය ජයග්‍රහණය කරමින් සම්මානයට පාත්‍රවනු ලබන්නේ- යාංහෑල්ල බ්ලොග් අඩවියේ - රන්ජිත් සුරංග ලියනගේ- ඔබයි..
1. බස්සිගේ
නවාතැන- යශෝධා සම්මානි ප්‍රේමරත්න
හේතු පාඨය- කලින් කලට බ්ලොග් අවකාශයේ සිය ශිල්ප දැක්වූ වනිතාවෝ
බොහොමයකි. මට සිලිටු නොවූ මෙම අවකාශය තුල නොසැලී බ්ලොග්කරණයේ යෙදීමට කාන්තා රුවට
මුවාවුණු එඩිතර සිතක් තිබිය යුතුමය. එසේවතුදු බ්ලොග් ලොව පෙළහර පෑමට එය පමණක් නොසෑහේ.
දිනෙන් දින යාවත්කාලින වන දැනුම, නිර්මාණශිලිත්වය, කැපවීම, ආත්ම විශ්වාශය මෙන්ම ඒ පිලිබඳ වූ නොපසුබස්නා උත්සාහයද අත්‍යවශ්‍යම
වේ. පුද්ගලික ජිවිතයේ ලද මිහිරි අමිහිරි අත්දැකීම් මැද ඉන්ද්‍රකීලයක් මෙන් නොසැලී
සිය මා හැඟී කුසලතාවයෙන් හා දැනුමෙන් සන්නද්ධව කවි, කෙටිකථා, දේශපාලන, කාලින, හා
ප්‍රබන්ධ යන සියලු අංශවල පොහොසත් නිර්මාණ 88ක් සමඟින් ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශය
පහන් කිරීමට සිදු කළා වූ ඒ අත්‍යන්ත මෙහෙය වෙනුවෙන් 2015 නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ අනභිබවනීය ජයග්‍රහණය -වසරේ බ්ලොග් කාරිනිය ලෙස සම්මානයට
පාත්‍රවනු ලබන්නේ- බස්සිගේ නවතැන
බ්ලොග් අඩවියේ - යශෝධා සම්මානි ප්‍රේමරත්න- ඔබයි..
සම්මාන ලද සැමට නෙලුම්යාය සම්මාන උළෙලේ සංවිදායක කමිටුවේ සුභපැතුම්. එසේම සම්මාන වෙනුවෙන් නොව බ්ලොග් අවකාශය වෙනුවෙන් මේ අවස්ථාව වර්ණ ගැන්වීමට අප සමඟ එක්වූ සම්මාන ලද නොලද සියලුම බ්ලොග්කරුවන්ට අපගේ ශිර්ෂ ප්‍රණාමය.. ඔබගේ පැමිණීම වචනයෙන් විස්තර කල නොහි සතුටකි.
සම්මාන උළෙල ගැන තව අපුරු පොස්ටුවක්- වීරයන් මුණ ගැසීම හා බලාපොරොත්තු කඩවීම කියවන්න මෙතනින්.
පැරා ලියපු එක යායක් ලෙස නෙලුම් පිපිමේ වැදගත්කම මෙතනින්
පැරා ලියපු එක යායක් ලෙස නෙලුම් පිපිමේ වැදගත්කම මෙතනින්
Subscribe to:
Posts (Atom)

































