Monday 8 February 2016

මොණරාගල වතුර Project 2- කඩි-නමින් ඉදිවෙන වතුර ටැංකි කුළුන හා අපේ සෙමදානය Madness keeps me sane..

මේකේ පළවෙනි පොස්ට් එක කියවලා project එකේ සාර්ථකත්වය පැතූ හැමෝටම..

ඔන්න පිට පිට දෙවෙනි ඉරිදාවටත් අපේ ව්‍යායාමය වෙනුවෙන් කැප කල සාර්ථක ගමනකින් පස්සේ ඊයේ ඉරිදා රෑ 1 පමණ වනවිට මම, විදානේ, කටුස් හා මුද්දා නිරුපද්‍රිතව මොනරාගල සිට නැවත කොළඹ පැමිණියා. අපි පිටත් උනේ සෙනසුරාදා හවස 7.30 ට පමණ කොළඹින්.. ගිය වර මගේ ගමන් සගයින් දෙදෙනා ට අමතරව මෙවර එකතු උනේ විදානේ පමණයි.. මේ පාර අපිට ගිහින් එන්න සුවපහසු වාහනයක් කතා කර ගත්තා..

විස්තර බොහොම කෙටියෙන්.. පහුගිය බ්‍රහස්පතින්දා වැඩේ confirm කල වෙලේ ඉඳන් සෑහෙන්න වැඩ කොටසක් මේ වනවිටත් සිදු වෙමින් පවතිනවා. ලිඳ අවට පිරිසිදු කර ලිඳ නැවත බැඳීමට හා වටේ පාදම දැමීමට, වතුර පොම්පය තබන ස්ථානය පිළිසකර කිරීමට සුදානම් කර තිබුනා. ලිඳේ සිට පාසල දක්වාම කානු කපා වතුර බට සහ කන්ඩියුට් බට එලා ඇති අතර තවම ඒවා වසා දමා නෑ. අපි යනවිට ලොකු බාස් උන්නැහේ හා ගෝලයෝ පාසැල තුල ජලනල එළිම හා ඒ සඳහා කාණු කපමින් හිටියා. 

සිමෙන්ති, කම්භී, ගල්/ වැලි, වතුර ටැංකිය, GI බට, වතුර බට, වයර් ආදී බොහෝ දේ මේ වනවිට මිලදී ගෙන පාසල් වත්තට හා ලිඳ බඳින තැනට ප්‍රවාහනය කොට තිබෙනවා. තව ගල්/ වැලි පයිප්ප ෆිටින්ග්ස් ආදී සමහර දේ මිලට ගැනීමට නියමිතයි. 

ඊයේ ගමනේ සිදුවූ වැදගත්ම දේ නම් වැඩ කරගෙන ආ sequence එක වෙනස් කිරීමට උපදෙස් දීමයි. එනම් ලිඳ බඳින වැඩේ හා බට එලන වැඩේ මුලින් අවසන් කර ටැංකිය සවිකිරීමේ වැඩ දෙවනුව ඇරඹීමට බාස් උන්නැහේ සිතා සිටි බවක් පෙනුනා. නමුත් ටැංකිය රඳවන කොන්ක්‍රීට් ආධාරකය මුලින් නිම කරන ලෙස මා උපදෙස් දුන්නා.. එය වේලීම සඳහා සතියකට වැඩි කාලයක් ගතවෙන බැවින් ඒ අතර තුර අනෙක් වැඩ කර ගත හැකියි. එසේ නොවුනහොත් 'කොන්ක්‍රීට් සවි වෙනතුරු' සතියක් පමණ වැඩ idle වෙනවා. ඒ කාලයේ බාස් උන්නැහේ වෙන වැඩක් පටන් ගත්තොත් ආයි මෙතනට ගෙන්න ගන්න හොර වෙනවා. ඒ වගේම මගේ අත්දැකීමේ හැටියට ඕනෙම වැඩක් දිගට දිගට ඇදි ඇදී යනවිට සියලු පාර්ශවයන්ගේ උනන්දුව හීන වෙනවා.. මේ උනන්දුව තියෙන වෙලේ අපි කෙසේ හෝ මේ වැඩේ කර අවසන් කල යුතුයි.


ටැංකි ආධාරකය සැදීමේ මුල් පියවර ලෙස ඊයේ අපි එහි 'බේස් වලවල්' හතර අපේ ශ්‍රමයෙන් කපා දී ආවා. අද ඒවා කම්භී බැඳ කොන්ක්‍රීට් කිරීමට නියමිතයි. එතනින් එහා විස්තර චායාරුප සමඟින්.. අහ.. අමතක වුනා.. මේ ජල ටැංකිය රඳවන කුළුන 'කඩි' නමින් නම් කිරීමට විදානේගේ යෝජනාවකට අනුව අපි සියළු දෙනා ඒකමතිකව තීරණය කරා.. කඩි යනු ගහන ගහන උදළු පාරක් පාසා කටුස්සාගේ අතින් මිය පරලොව ගිය කළු කඩියි. ඒ පොළොවේ හැම තැනම කඩිගුල් හා ගැඩවිලුන් සිටියා.. අපේ අතිනුත් නොසෑහෙන්න කඩින්ට හා ගැඩවිලුන්ට නොකටයුතු කම් සිදු උනත් ඒවා එතරම් තැකීමක් කරේ නෑ.. ඒත් එක උදළු පාරක් ගසා එයින් හානියට පත්වන කඩි ටික ගැන මහත් විස්සෝපයෙන් බලා සිටි කටුස් ගේ විලාශය නම් සදා නොමැකෙන සුළුයි. ඔන්න එය සිහිවීම පිණිස මේ කුළුන අපි 'කඩි'නමින් ඉදිකරනවා..

කොළඹ සිට මොණරාගල දක්වා.. සෙනසුරාදා රාත්‍රිය.. ගොඩකවෙල කිට්ටුව තැනක..

මොණරාගල සිට මියාගල දක්වා ගමන අරඹමින්.. 

මොණරාගල නගරය පසු කරමින්..

ආ.. යාලුවෙකුත් ඉන්නවා හිනා වීගෙන.. අප්පච්චි මළා කියලා ගෙදර තියන් ඉන්න ඇයි නෙහ්?


දඹගල්ලෙන්  ගිහින් මීගහපිටිය හෙවත් අපේ මිතුරු සාජන් මහත්තයාගේ ගම පසුකොට මියාගල දෙසට හැරෙන තැන පාර.. මෙතන ඉඳන් මේ වගේ කිලෝමීටර් 15-16ක් විතර යන්නෝනේ මගේ හිතේ.. 

මේ මොණරාගල-උයනබැද්ද බස් රථය.. මේ අතුරු මාර්ගයේ ධාවනය උනාට මේකත් මියාගලට යනකම් යන්නේ නෑ.. එක්කෝ මගින් හරවනවා නැත්නම් හැරිලා වෙන පැත්තකට යනවා.. ආපහු එන ගමනේදී මියාගල බස් එක මුණට හමු උනත් ෆොටෝ එකක් ගහගන්න තරම් ඇඟට හයියක් තිබුනේ නෑ ඒ වෙලාවේ..

බස් එක පාරෙන් එකයි.. වාහන දෙක මාරු වෙන්න සෑහෙන්න රිවස් කරන්න උනා අපිට..

කොන්ක්‍රීට් දාලා තියෙන කෑලි අතරින් පතර මේ වගේ සුපිරි ආතල් දෙන පාර කෑලිත් තියෙනවා කඩින් කඩ..  මේ පාරේ තමයි බස් එක යන්නෙත්..

මියාගල ගම තියෙන්නේ ඔය ඉස්සරහා පේන කඳු රාජයාගේ අනිත් පැත්තට වෙන්න තියෙන පොඩි සානුවක වගේ කොටසක.. අපි තව ටිකකින් ඔය ගිරි දඹේ නගින්න ඕනේ..

ඉස්කෝලෙට ගොඩ වෙනකොටම වගේ මෙයා ඉන්නවා දිලිසි දිලිසි.. හිතට ෆිට් ඉතිං.. මේ අපේ වැඩක් නේ..

අපි එන බව සාජන් මහත්තයා කියල.. ලොකු සර්රුත් 'කුඹරේ' වැඩත් අතපහු කරගෙන උදේ වරුවම ඇවිත් හිටියා.. 'කුඹුර' කියන එක මේ පැත්තේ හැමෝම ශබ්ද කරන්නේ 'කුඹර' කියලා..

මට ඉස්සෙල්ලම යන්න ඕනි උනේ ලිඳ බලන්න.. අපිත් එක්ක ගිය අක්කගේ පුතයි අනිත් ඥාති පුතයි දෙන්නත් එක්ක මං ඉස්සර උනා.. බට වලලන්න සුද්ද කරපු කෙටි පාරෙන්ම දැන් ලිඳ ලඟට යන්න පුළුවන්..

කොහෙද ෆොටෝ එහෙකටවත් එක පැත්තකට හරවා ගන්න බෑ මේ කටුස් ව..


තාවකාලික බට ලයින් එක ආර හරහා ගන්න තාවකාලික ඇරෙන්ජන්මන්ට් ..


වාව්.. ලිඳ ළඟ ඔක්කොම එළි කරලා.. පරණ පාදම නම් ඔක්කොම ගැලවෙලා ගිහින්. ඒත් වතුර මෝටරය තියන්න තියෙන තැන පිළිසකර කරලා ගන්න පුළුවන් මට්ටමේ තියෙනවා..

මෙන්න බඩු.. දෙයියන්ගේ පිහිටෙන් අපේ වැඩේ වරදින්නේ නෑ.. 

බලා ඉඳලා බෑ.. ටැංකිය තියන කුළුන හදන වැඩේ අදම පටන් ගන්න ඕනි කියල බාස් උන්නැහේට වචනේ දැම්ම.. මෙතන තමයි තැන.. උදලු ගාල ගන්න ඕනි ඉක්මණට මිනින්දෝරු මතත්තයා බලන් ඉන්නේ මැනලා නූල් ගහන්න..

ලොකු බාස් උන්නැහෙයි මිනින්දෝරුවයි 3-4-5 පයිතගරස් ප්‍රමේය දාල නූල් ගහනවා.. ගෝලයෝ දෙන්නා දෙපැත්තේ..

මෙයා ගමේ අංකල් කෙනෙකුත් අල්ලාගෙන තේ ටිකක් හදන්න වගේ අදහස.. ඒකත් නරක නෑ. 

තේ පෝච්චිය බානකොට ඒ ලිපටම තියන්න මයියොක්කා අල ටිකකුත් සුද්ද කරලා ගත්තා..

නූල් ගහන්න බැරි උනාට අපිට නූල් සුත්තර නම් පුළුවන්..

හා හා පුරා කියලා මංගල පස් පිඩලි තුනක්ම කැපුවා තුන් දෙනාත් එක්ක.. එවලේ ඉඳන් තමයි ඔන්න නියම සෙමදානේ පටන් ගත්තේ.. උදලු පාරවල් දෙකක් ගහනවා.. අතේ දිය පට්ටා ගනිනවා.. වතුර උගුරු දෙකක් බොනවා.. වට පිට බලලා ඊළඟ එකාට උදැල්ල දෙනවා.. 


සෙල්ලම් නෑ .. ඊළඟ අවුරුද්දේ ගොවි රජා වෙන්නත් ඉඩ තියෙනවා ඔහොම හිටියට..


 මෙයා ඒ අස්සේ අමුතු ධර්මයක්.. පොඩි දෙන්නට කැමරා ක්ලාස් එකක් දාලා කූල් එකේ..

ඒවා කොහෙද? පින් කර ගන්නකොට අපි විතරක් කරගෙන මදිනේ..


 
මෙන්න සාමුහික උත්සාහයේ ප්‍රථිපල..

මේ ඒකෙම තවත් ප්‍රථිපල.. 

හෙට තියෙන්නේ කම්භී බැඳලා බේස් වලවල් කොන්ක්‍රීට් කරන්න තමයි ඔන්න..

කලින් සැරේ ෆොටෝ වල මේ පන්ති කාමරය පේන්න තිබ්බේ නැද්ද කොහෙද? 

එතකොට මේ තියෙන්නේ දැනට ළමයින්ගේ ජල පිපාසය නිවන්න තියෙන පිළියම.. කවුරුහරි අම්මෙක් උදේට වතුර කලගෙඩි දෙකක් ගෙනත් මේ ටබ් එකට දානවලු.. 

බේස් වලවල් හතරත් කපලා දීල අවශ්‍ය උපදෙස් හා උනන්දුවත් ගෙනියපු බිස්කට් කෙසෙල් ගෙඩි ටිකත් ඒ අයටම දීල අපි පාන් කියා ගන්න බැරුව ආපහු එන්න ආව.. අපේ මාතලීටත් වෙලා ගිහින්ද කොහෙද පිඹල ආවා අපි නිකන් ටින් එකක් ඇතුලේ දාල හොලවන කවඩි වගේ තමයි වෑන් එක ඇතුලේ හිටියේ.. මොනවහරි කතා කරේ පොඩි උන් දෙන්න විතරද කොහෙද.. කොච්චර බඩගිනි තිබ්බත් අපි ආපු ගමන් රෙදි සබන් අරගෙන ගියේ කුඹුක්කන් ඔයට.. ඔයේ හිතල වතුරට පුළුවන් උනා පරිස්සමෙන් අපේ හිතේ සතුට ඉතුරු කරලා ඇඟේ මහන්සිය සෑහෙන දුරට හෝදලා අරින්න.. නාලා ඉවර වෙනකොට අපේ අක්කගේ බත් එකේ සුවඳ ගඟ මායිමට ආවා අපිව එක්ක ගෙන යන්න.. 

ඔන්න ඉතින් අක්කත් එක්ක ගේ දොරකඩ ඉඳන් සමුහ චායරුපෙකටත් කට්ටිය පෙනී හිටියා..

රයිට්. මොණරාගල වතුර Project එකේ මීළඟ සහ බොහෝ දුරට අවසන් වාර්තාවත් එක්ක ආපහු එන්නං. එතකං ජය වේවා කියුව..

- ක.මි.

106 comments:

  1. අනුන්ගෙ දුකක් දැනෙන්නෙ මනුස්ස ආත්මයක් නෙවි මනුස්ස හදවතක් තියෙන කෙනෙක්ට කියලා කියනවනේ? මනුස්ස හදවතකින් දුක දැකලා ඒ දුකට ඵිටවෙන ඔයාලට හුඟක් පින්.

    ReplyDelete
    Replies
    1. ආව්.. අද මෙයා එක වෙලා.. තැන්කිව් තැන්කිව්.. :)

      Delete
  2. pahadili vistharayak,
    hondha wadak.
    isthuthi Kamee.

    ReplyDelete
  3. ඉතා අගනා වැඩක් සහෝ,
    ඊලග ගමනට අනිවාර්යයෙන්ම මාත් එනවාමයි,
    මගේ අසුන වෙන් කරනු මැනවි,
    ජයෙන් ජය සහෝ,

    ReplyDelete
    Replies
    1. ඊළඟ පාර යමු. මං කියන්නම්.. ස්තුතියි!

      Delete
  4. යකෝ මේක සෑහෙන්න බරපතල ප්‍රොජෙක්ට් එකක්නේ. අර තාත්තා මැරිච්ච උන්නැහේ දන්නවනම් එයාගේ නම දාලා ප්ලාක් එකක් ගහනවා ඔතන ෂුවර් එකටම.

    අනේ අල බඩ දාගෙන කොටන අයියගේ කුක්කු දෙක හලී ලත්තනයි.

    ReplyDelete
    Replies
    1. තව ලත්තන පොතෝ තිබ්බ..ඉතින් දැම්මේ නෑ.. හික් හික්..

      එයාලගෙන් පෙරේසන් වෙලා ඕනි මේවා කරන්න.. :)

      Delete
  5. Chandima Withanaarachchi9 February 2016 at 02:03

    Sthuthi sahodarawaruni apey heenayata piyapath dunnata

    ReplyDelete
    Replies
    1. ජයවේවා! (වෙන මොකකටවත් නෙවෙයි කොමෙන්ට් එකක් දැම්මට..:)

      Delete
  6. මේ ගමේ අය අර මගේ යාලුවෙක් කියලා තිබ්බා වගේ හරි උත්සාහ වන්ත මිනිස්සු බව පෙනෙනවා... නැතිනම් ඔයාල යනකන් ඔය ලිඳ කැලෙන් වැහිලා තමයි තියෙන්නේ.. මේ වගේ අයට තව තවත් උදව් කරන්න හිතෙනවා නේද??? ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. අපි ඉන්නකොට ටිකක් කුලෑටියි වගේ.. එන්නේ නෑ වැඩිය කතා බහට එහෙම.. ඒ වුනාට ඒ හැමෝම උනන්දුයි වැඩේට.. :)

      Delete
  7. මල්ලිලා වැඩේ හොඳට යනවනේ එහෙනම්. බොහොම සතුටුයි. මම මේ ලඟදි ලංකාවේ යාලුවෝ කට්ටියක් එක්ක කතා කලා. කටු මැටි ගහපු ගෙවල් වත් ඒවගේ විදුහල් හෝ දැන් ලංකාවේ නැහැ කියල ඒ ගොල්ල තර්ක කරා . ඔය දාල තිබෙන පින්තුරේ තියෙන්නේ මැටි වලින් හැඩ පොල් අතු හෙවිල කල වහලක් නේද?
    කටුස්සට වගේම කට්ටියම වෙච්ච මහන්සියට ස්තුති කරනන් වචන නැහැ. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ඒ පන්ති කාමරේ කටුමැටි වලින් තමයි හදලා තියෙන්නේ.. හැබැයි මෑතක උළු වහලා තියෙනවා.. වෙන හෝල් එහෙක ඇස්බැස්ටෝස් වහලා ඒකේ තිබ්බ උළු මේකට දාලා..

      //කටු මැටි ගහපු ගෙවල් වත් ඒවගේ විදුහල් හෝ දැන් ලංකාවේ නැහැ// කටු මැටි ගහපු ගෙවල් නම් බදුල්ල ටවුන් එකේ මැද ඉඳලා කිලෝමීටර් 2ක් ඇතුළත පෙන්නන්නම්.. කටු මැටි ගහපු පංති කාමරත් මහියංගන පාරේ තව ටිකක් දුරට ගියාම පෙන්නන්නම්.. ඒ යාළුවො ආය ආවම මට කියන්නකෝ.. :p

      Delete
  8. ඔය සෙමදාන නම් ඇඟපතට ගුණදායකය!
    හැම සති අන්තයේම කරන්න.

    ReplyDelete
  9. දකිනකොට ආසයි. බොහොම පිං කමියා, විදානේ, මුද්දා, කටුස්සා.

    ReplyDelete
  10. නියමයි , සුබ පැතුම් ... ඔතන විදානේයා ඉන්න එක තමයි එකම අවුල .. ගමේ තාප්ප නැති නිසා හොඳයි :P

    ReplyDelete
    Replies
    1. විදානේ කතා කරා ඉස්කෝලේ වටේ තාප්පෙකුත් බැඳලා දෙන්න..

      Delete
    2. විදානෙයට ඉන්නවා මල්ටිපර්පස් ඩැයිවරෙක් බොලව්.. ඌ ටේබල් ඇරේන්ජ් කරනවා,ඩොල්කි ගහනවා,තේ අල්ලනවා ,කඩේ යනවා නොකරන්නෙ එලෝන එක විතරයි.එලවන්නෙ මූ !! ඕ යේස්

      Delete
    3. හික්.. මට පෙන්නේ මූත් මනින එක ඇර අනිත් ඔක්කොම දේවල් කරනවා වගේ.. :)

      Delete
  11. කම්මැලි කමක් නැතිව සතුටින් කියවන්න පුලුවන් විදියට මේවා දානවට උඹට ස්තුතියි. ඒ වගේම මාර සතුටක් දැනෙනවා මේ කියාගෙන යන විදියට. දැං ඉතිං ලබන සතිය වෙනකං ඇගිලි ගනින්න එපායැ.. එළ කමියා..

    උඹල අර ගොඩකවෙල කිට්ටුව නැවැතිච්ච වෙලේ අපේ මෝඩ අයියා හෙම ආවේ නැහැනේ. හැක්..

    ReplyDelete
    Replies
    1. මං උඹලෑ අයියට කියලා තියෙන්නේ රෑ දෙක තුන වෙලා එනවා කියලා බලල යන්න..

      ඊළඟ සතියේ බලන් ඉන්න එපා.. අපේ උන්දා මාව ගෙදරින් එලවයි.. ජනවාරි 17 ආවට පස්සේ තවම ගෙදර ගියේ නෑ.. :(

      Delete
    2. අමුඩයක් වනල තිබුණලු පාර මැද. හැක්..

      Delete
    3. ඇයි උඹ දැක්කෙ නැද්ද සීට්එක උඩ තියෙන බියර් කෑන් එක.

      Delete
    4. අමුඩයක් වනල තිබ්බ ටිකක් ඈතට වෙන්න.. ගොඩකවෙල හරියෙන් යනකොට පුක එළියේ දාගෙන ඉන්න එහෙකුත් දැක්ක අමුඩේ නැතුව..

      හා..හා.. උඹට තාම හතලිස් ඇඳිරිය ආවේ නෑ නේද? හොඳට ඇස් පේනවනේ..

      Delete
    5. හුටා...මට ඒක මකන්න අමතක උනා ...!!!!!!

      Delete
    6. හුටා මකන්න කියුවම නිකං මොකක්ද මොකක්ද වගේ..

      Delete
    7. මැකුවොත් හිරේ...

      Delete
    8. එහෙනම් 'මකන්න' එපා.. නිකන් මොකටද එල්ලුම් ගස් යන්නේ.. හැක හැක හැක..

      Delete
  12. ඔය වගේ කපන කොටන වැඩවලට අපිට කියන්ට ඕන හැක් හැක්
    සෙම දාගෙන කොටන්න තිබ්බ
    ඊළග සතකිය වෙනකං ඉන්නෙ ඉතුරු ටික බලන්න
    හම්මේ තංතෝසෙ

    ReplyDelete
    Replies
    1. යකෝ හැම සතියෙම යන්න බෑ.. මට ගෙදර යන්න නැති කරන්නද හදන්නේ? හැක හැක..

      Delete
  13. මේවා දකින්නත් සතුටුයි.

    බොහොම ලස්සනට වැඩේ කරලානේ

    ReplyDelete
  14. එලකිරි. අපෙන් මොනවද කෙරෙන්න ඔන.යන්න එන්න උනත් අවශනම් කතාකරන්න.

    ReplyDelete
    Replies
    1. එළකිරි මචන්.. ඊළඟ පාර යන්න කලින් කෝල් එකක් දෙන්නම් ගමන යෙදෙන විදිය බලලා..

      Delete
  15. ලංකාවේ හිටියනම් අනිවාර්යෙන් සම්භන්ධ වෙනවාමයි කමී.. බලමු ළඟදීම ඔයාලගේ වැඩකට සම්භන්ධ වෙන්නම්කො..

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආවම බලමු. ඉස්සෙල්ල කීයක් හරි හම්බකරන් වරෙන්කො..

      Delete
  16. කටුස්සගේ කට්ස්...

    මාර දුක්ශර පැත්තක් නේ.. ඒත් පට්ට ලස්සන පැත්ත නේද??? අර පාරේ බස් එකක් යනවා කිව්වම් පුදුමයි..

    එකෙන්ම සුපිරි වැඩක් බොලාලා සෙට් එක කොරලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව්. බස් එකක් යනවා කියුවම නම් පුදුමයි තමයි. ලස්සනයි අපිට වගේ ගිහිල්ල බලල එන්න නම්... හැබැයි එහේ මිනිස්සුත් අකමැත්තෙන් නෙවෙයි ඉන්නේ.. සරල රටාවකට හුරු වෙලා ඉන්නවා. අපිට ගිහින් ඉන්න බැරි අපේ ලොකු සීන් නිසා..

      Delete
    2. නගරයේ ඉන්නවට වැඩිය දාහෙන් සැපක් ඔය වගේ පරිසරය ජීවත් වෙන එක ඇගටත් හොදයි.

      Delete
    3. ඔය කියුවට පෝන් එකට සිග්නල් වත් නැතුව?

      Delete
  17. මට හිතෙනවා ඔය පාර දෙපැත්තේ තියෙන ඉලුක් පඳුරු ඉවත් කරන්න සෙමදානයක් කළා නම් හොඳයි කියලා.. ආර බස් එක යන දෙපැත්තේ..

    ReplyDelete
    Replies
    1. කිලෝමීටර් 16ක්.. බුදු අම්මෝ.. අනික එක පාරක් කරලා වැඩක් වෙන එකක් නෑ.. උඩට ගිහින් පහලට එන ටිකට ආපහු වැවිලා තියෙයි ඒ තරං වැවෙනවා..

      Delete
    2. මමයි .. පුව්කුයි 2014 එහෙම පාරක් සුද්ද කෙරෙව්වා ඔය මාවනැල්ලේ කොන්දදෙනිය ගමේ..
      මම අරලගංවිල ගිහිල්ලා ආපහු එනකොට පාර ගහල තිබ්බ 10 දෙනෙක් වැඩ කරලා

      Delete
    3. පුළුවන්කමක් තිබ්බොත් උත්සාහ කරලා බලමු. :)

      Delete
  18. නියමයිනේ...ලොකු පිනක් ඕගලන් හැමෝටම...

    ReplyDelete
  19. උඹලට ඔය වෙලාවෙ ගොඩකවෙල හොයාගන්න පුලුවං උනාද? අර විදානය වෑන් එක ඇතුලෙ හෝටලයක් දැම්මෙ නැති එක ඇති.
    කොහොමහරි වැඩේ ඉවර වෙනකොට කටුස්සගෙ බඩ බැහැල තිබුණොත් අන්න එතකොට තමයි ඔය ප්‍රොජෙක්ට් එකේ නියම සාර්ථකත්වය තියෙන්නෙ. හැක්..

    වැඩේ නියමෙට යනව වගේ. සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. උඹ බය වෙන්න එපා.. අපි කොහොම හරි ගොඩකවෙල හොයාගෙන එන්නම්.. :)

      අර මීයාගල පාරේ ගැස්සී ගැස්සී එනකොට මන් ඒත් බයේ උන්නේ විදානයා ගැන.. බඩ අල්ලාගෙන මුණ බේරී කරගෙන හිටියේ ..:)

      Delete
  20. වැඩේ හොඳින් කෙරීගෙන යන එක ගැන සතුටුයි. සෙමදානේ ඉවරවෙනකොට කටුසු සරීරය හූනු සරීරයක් වෙලා තියෙයිද දන්නේ නෑ...හෙක් හෙක් !

    ReplyDelete
    Replies
    1. බොලාට වැරදිලා බොල මෙහෙම වැඩ කරලා අන්තීමෙදේ කටුසු ශරීරයක් ගානට මූ ඇග අඩු කරගන්න තමයි මූගේ උත්සාහය. අනාගතයට හරියන්න බොගේ නමත් දාලා තියෙන්නේ....

      Delete
    2. කටුසු සරීරය හූනු සරිරයක් වගේ වෙයි.. හැක හැක හැක.. නියම කතාව..

      එතකොට හූනු හදවත කියල නම වෙනස් කරමු.

      Delete
  21. වැඩේ අහවරවෙද්දී කටුස්සාගේ සික්ස් පැක් ඇවිල්ල තියේවි නේද.

    ReplyDelete
    Replies
    1. දැන් සික්ස්ටින් පැක්ස් තියෙනවා.. දහයක් විතර අඩුවෙයි.. ඔව් ඔබ හරි.. :)

      Delete
    2. උගේ සික්ස් පැක් එක කවුරු හරි දැකල ඇස්වහ ගනී කියල තෙල් තට්ටුවකින් වහගෙන ඉන්නෙ ..
      මගෙන් බලන් තමා ඌ ඉගෙනගත්තෙ ....

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. හොඳ ෆොටෝ කැත කරන උඹේ මඩ ව්‍යාපාරය මම එලි කරන්නද?

      Delete
    5. බය වෙන්ඩ එපා උඹේ ඒවත් තියනව ඕසෙට .....

      Delete
    6. ෂේප් මචං.. අපි හොඳ යාළුවෝනේ..

      Delete
    7. හිටපියකෝ...මම සික්ස් පැක් හදාගන්නවා මාස 6න්....මාසෙකට එක ගානේ

      Delete
  22. එළ,එළ වැඩේ ඔහොම යං.

    ReplyDelete
  23. නියමයි කමියා. බොහොම සතුටුයි. මොනවහරි කෙරෙන්න තියෙයිනම් කෝල් එකක් දියං. පුලුවන් දෙයක්නම් අනිවා කරන්නම්.

    ReplyDelete
  24. ඔහොම යමු දිගටම...
    ටිකක් කලින් කියපන් මමත් දවසක එන්නං...
    පයින් කොච්චර දුර යන්න තියෙනවද. කඳු නගිද්දී දැන් එන්ජිම බොයිල් කරනවා. දිව දනිස්සේ ගෑවෙන්න එනවා. ඒත් කමක් නැහැ, යමං...

    ReplyDelete
    Replies
    1. ආයි යන්නේ පුතේ වැඩේ ඉවර උනාම බලලා එන්න තමයි. පයින් යන්න වෙන්නේ වැරදිලා හරි යන වාහනේ මග හිට්ටෝත් තමයි. නැත්නම් දනී පනී ගාල කොහොම හරි ඉස්කෝලේ ගාවටම යත හැකි. ලිඳ බලන්න යනවනම් ඔය මීටර් දෙතුන් සියක් යන්න වෙයි. ඒක මොකක්ද? එහෙනම් ඊළඟට අපි හැමෝටම යන්න පුළුවන් දවසක් දා ගමු.

      Delete
  25. මම හිතුව මන්ග්ජොක්ක තම්බපුවගෙත් පින්තූරයක් ඇති කියලා...:(

    ReplyDelete
    Replies
    1. //මන්ග්ජොක්ක// එකට ගින්දර දාන්න අමතක වෙලා ඇට්ටකුණා වුනා.. :) හි හි..
      එහෙම නෙවෙයි තැම්බෙන්න පරක්කු උනා අපිට ඒක ගැන බලන්න අමතක වෙලා.. අපිට වෙලා යන නිසා අපි ආවා.. බාස් උන්නැහේලා කන්න ඇති.

      Delete
  26. කමියා....................

    උඹලා වැඩ කරනකල් අර සාක්කුවට අතදාගෙන බලාගෙන ඉන්න ෆීල්ඩ් මාෂල් ඒක්කං ගියේ වැඩ අධීක්ෂණයට ද බං...... ඔ්කා ඉඩම මැනලා ඒහෙමද වැඩ පටං ගත්තේ.....

    කමියා.... වැඩේ ගැන මාර සතුටුයි බං... දුප්පත් අහිංසක දරුවන්ගේ අනාගතය ගොඩනගන්න උඹලා ගන්න උත්සහයට අපේ ප්‍රණාමය බං.... මේකෙන් දරුවෙක් තමන්ගේ අනාගතය ගොඩනගාගත්තා කියලා දැනුණාම ලොකු සතුටක් දැනේවි..... ජයවේවා..........

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ල සුපවයිසර්.. පස්සේ ලේබර්.. :)

      සතුටුයි කියන්නේ.. කියලා වැඩක් නෑ.. ජයවේවා!

      Delete
  27. රෙෂ්පට් බොලව් එකෙන්ම !!! ජය වේවා

    //බස් එක පාරෙන් එකයි.. වාහන දෙක මාරු වෙන්න සෑහෙන්න රිවස් කරන්න උනා අපිට..//

    රිවස් කරන්න විදානෙයට දෙන්ඩෙපෑ :D ගහනවා රිවස් එක මිනිස්සු ඔලුවෙ අතගහගන්න සයිස් එකට ..හැක්

    ReplyDelete
    Replies
    1. අහල පහල තාප්පයක් තිබ්බනම් ඌට තමයි දෙන්න හිටියේ..

      ජයවේවා!

      Delete
  28. යකෝ, අර කටුස්ස නෙවෙද බ්‍රා එක ගලෝල්ක වීසි කොලේ එදා හැන්ඩ්‍රිකයට?

    මොනා උනත් උඹල දෙන්න නියමයි, ආලවකයි මහ සෝනයි වගේ. ගමේ උන්ට බහිරව පූජා ඕන නෑ, බොලාට කන්න වේලක් දුන්නම ඇතිනෙ. හැක්....

    දැන් පාර හොඳයිනෙ උඹල වෑන් එකේ ගියා කියන්නෙ. නලිනිල ගිය පාර වනෙ එක මග දාල කිලෝමීටර් ගානක්ම ට්‍රැක්ටරේක තමා ඉස්කෝලට ගිහින් තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. කටුස්සා බ්‍රා එක ගලෝලා ඉද්දි ගහපු සුපිරි පින්තුරයක් තියෙනවා.. උඹට විතරක්වත් එවන්නම්..හික් හි..

      බහිරව පුජා තමයි.. උන් වැඩේ පටන් ගන්න කලින් පොල් ගෙඩියක් එහෙම කැප කරලා තිබ්බ.. අපි පොඩ්ඩෙන් දන්නේ නැතුව ඒක පලාගෙන කනවා.. :)

      වෑන් ය කියුවට මේවා 'කර'වෑන් .. අයිතිකාරයෝ නෙවෙයි මගේ හිතේ ඩ්‍රයිවින් කරන්නේ.. අපිත් යනවා ඉතින්.. හැබැයි නලිනි ලා යන දවස් වලට වැඩිය දැන් පාර හදලා විශේෂයෙන්ම අර මග තිබ්බ වතුර පාර හරහා පාලමක් දාලා නිසා උස වාහනයක් යන්න පුළුවන්..

      Delete
  29. මිනිස්සුන්ට අවශ්‍යම දෙයක් කෙරෙන එක ඇත්තටම කාට කාටත් සතුටට කාරණාවක්.
    අගෙයි මේ කරන දේවල්. ජය.

    ReplyDelete
  30. උඹලා සෑහෙන මහන්සි වෙලා තියනවා මේ සමාජ සත්කාරය කරන්න.තරුණ ශක්තිය වැය කරන්න ඕන මේ වගේ දේවල් වලට.

    අර ලිඳට බැස්සේ උඹද ?

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න මහන්සි නම් උනා.. ඒ ඔක්කොම නිවුනා 'තරුණ ශක්තිය' කියල කියුවම.. අවුරුදු විස්සකට විතර පස්සේ ඔහොම අහුවමද කොහෙද..

      ලිඳට තාම බැස්සේ නෑ.. ටැංකිය හදලා ඉවර වෙලා තමයි ලිඳේ වැඩේට බහින්නේ..

      Delete
  31. ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අනේ වෙන මොකක් හරි කියහංකෝ විදානේ............

      Delete
    2. නෑ ඔය විදියට කියුවම හොඳටෝම ඇති.. :p

      Delete
  32. අනික් දවසෙ මම කොහොම හරි එනව. නැත්තං ඔය පැත්තෙ එවුන් හිතයි බස්නාහිර පැත්තෙ ඉන්න එවුන් ඔක්කොම කළු තඩි එවුන් කියල.
    උඹට මූණු පොතේ මැසේජ් එකක් ඇති.

    ReplyDelete
  33. අනික් දවසෙ මම කොහොම හරි එනව. නැත්තං ඔය පැත්තෙ එවුන් හිතයි බස්නාහිර පැත්තෙ ඉන්න එවුන් ඔක්කොම කළු තඩි එවුන් කියල.
    උඹට මූණු පොතේ මැසේජ් එකක් ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක හොඳයි.. ඒ පැත්තේ එවුන් මොංගල් ලුකින් ඩබල් ආදිපාද ලා දැකලත් නැතුව ඇතිනේ..

      කෝ මැසේජ් නහි..

      Delete
  34. රසික මහතාගේ ගේ ගෙඩි පිටින්ම රුපියල් 10000 කුත් ඇනොනිමස් මහතාගෙන් 10227 කුත් නෙලුම් යායට බරවී ඇති බව දැනගන්නට ලැබුන. මෙත්ම ගේ 18000 කල්යනට එව්වා කියල කිව්වේ. ඒවාට බොහොම ස්තුතියි. වැඩේ ට යන වියදම් විස්තර කල්යන හැම දෙනාටම එවා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙත්මාගේ (අපුරුමල්) මුදලත් ලැබුණා. හැමෝටම බොහොම ස්තුතියි.

      Delete
  35. සමාවෙන්න "බැර වී ඇති බව "යි කියන්න ඕන වුනේ.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ.. මේ වැඩේ නිසා සිත තුටින් බරවී ඉන්නේ..

      Delete
  36. අර පාර දෙපැත්තේ තණකොල කපන වැඩේ ගැන හිතනවනං අදහසක්. මැශිමක් අරගෙන දෙමු. තෙල් වලට සහ වැඩ කුලිය ගෙව්වම කපා ගන්න විදිහට. කිලෝ මීටර් 16 කෙසේ වෙතත් අඩු තරමේ ගමට අයිති කොටස වත් පිළිවෙලට තියාගනියි නෙ. අදහසක් තියෙනවද කීයක් විතර වෙයිද කියල. අපි බැකෝ දාල සුද්ද කළොත් ආයිඅත් ටික කාලෙකින් කැලේ වෙන නිසා.

    ReplyDelete
    Replies
    1. ඒක ටිකක් බරපතල වැඩක්. එහෙම එකක් කරනවානම් කරන්න ඕනි ප්‍රාදේශීය සභාව හරි ගමේ ග්‍රාම සංවර්ධන සමිතිය එක්ක හරි. එතකොට එක මැෂිමක් මදි වෙනවා. අඩුම දෙක තුනක්වත් දෙන්න වෙයි. ඊට පස්සේ පඩි ගෙවන ඒවා තෙල් ගහන ඒවා ලොකු කතන්දර.. ඉස්කෝලෙට එකක් දුන්නොත් ඉස්කෝලේ වත්තේ වැඩට ගන්න පුළුවන් වෙයි එච්චරයි. ඒත් ඉස්කෝලේ ඇතුලේ එච්චර ලොකු අවශ්‍යතාවයක් නෑ. ළමයි දාලා නිතර සුද්ද කරනවා මගේ හිතේ.
      ඔන්න දෙනවනම් එකක් මට අරන් දෙන්න.. මේවා කරන්න ගිහිල්ලා මගේ ගෙදරට යන පාරයි වත්තයි ඔයිට වැඩිය වල් වැවිල(ලු).. හැක හැක හැක..

      Delete
    2. බැක්පැක් එකක් 12 ක් වගේ වෙන්නෙ. ඔන්න ඔය කමියට එකක් අරං දියං.

      Delete
    3. බැක්පැක් කියන්නේ පිටේ එල්ලන් කපන ඒවා වෙන්ටෑ.. උඹ කියුවට මන් නිකන් ගිහින් ඉක්කන් එකේ බැලුවා.. 12 ට නෑනේ බං.. use කරපුවත් 15ක් වගේ කියනවා.. (මට ඇත්තටම එකක් ගන්න හිතුනා) දන්නා තැනක් තියෙනවනම් කියපං..

      Delete
  37. කලින් පෝස්ටුවත් එක්ක මේ පෝස්ටුව දැක්කම, අර එලිකරලා තියන ලිඳ එහෙම දැක්කම හරි සතුටු හිතෙනවා.මේ වැඩේ සාර්ථකව අවසන් වෙනකන් බලන්න නොඉවසිල්ලෙන් ඉන්නව :) :)

    ReplyDelete
  38. කලාහිත මහත්තයෝ ඔබතුමාගේ අඩවියට ආවේ පළමු පාරට මටත් තැනක් දුන්නට බොහොම තුති. ඔබතුමාගේ job එක photo ගහන එකද??????

    ReplyDelete
    Replies
    1. //ඔබතුමාගේ job එක photo ගහන එකද// හා හා කට කට..

      බයි ද වේ.. වෙල්කම් ටු කලහිත :)

      Delete
  39. මම ගං කුකුළෙක්, බොහොම හොද වැඩක් මේ මහත්වරු කරලා තියෙන්නේ, බ්ලොග් එකේ එල්ල ගත්තා, වැඩ නැති වෙලාවක අවිත්යන්ට එන්ටකෝ

    ReplyDelete
    Replies
    1. ගං කුකුලා වෙල්කම් ටු කලාහිත.. ඒ පැත්තේ ගියා.. හෙඩර් එකේ නමක් නැද්ද මට පෙන්නේ නැද්ද?

      Delete
  40. අපිට කතා කරා නම් අපි එන්‍ේන නෑනේ???

    ReplyDelete
    Replies
    1. සොරි මචං.. ඊළඟ පාර කතා කරන්නම්.. (#$@#$%$%^&&^%$#$%^)

      Delete
  41. මේ අරමුණ වෙනුවෙන් ඔබ දක්වන කැපවීම ප්‍රශංසනීයයි...

    ReplyDelete
  42. වැඩේ නැගලා යනවා.. සංතෝසයි...
    ජයවේවා..!!

    ReplyDelete