Monday 20 February 2017

අධිවේගී මාර්ගයේ ප්‍රභූ ආරක්ෂක රථ පෙළ ඉදිරියෙන් මෝටර් සයිකල් ගමන් කිරීම අවශ්‍යද? ආරක්ශිතද? සදාචාරාත්මකද? Soldiers are paid to die, Right?

අධිවේගී මාර්ගයේ ප්‍රභූ ආරක්ෂක රථ පෙළ ඉදිරියෙන් මෝටර් සයිකල් ගමන් කිරීම අවශ්‍යද? ආරක්ශිතද? සදාචාරාත්මකද?

Image result for VIP escort bike
අද උදේ 9.30 ට පමණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව අසලදී දුටු දසුනක්.. කොළඹ සිට ගාල්ල දෙසට යන ප්‍රභූ රථයක ආරක්ෂක වාහන පෙළට ඉදිරියෙන් අධික වේගයෙන් ගමන් කල මෝටර් සයිකල් 3ක් පමණ දුටුවා. එය දුටු විට මට එකවරම සිහි උනේ ඒ යතුරුපැදි කරුවන්ගේ ආරක්ෂාවයි. සුවපහසු බෙන්ස් රථයක ආරක්ෂිතව ගමන් කරන ප්‍රභුවරයාට ඒ පිළිබඳව අවබෝධයක් නොතිබෙන්නට ඇති. එහෙත් මේ ආරක්ෂක රථ පෙළ සංවිධානය කරන පොලිසියේ/ හමුදාවේ නිලධාරීන් ට ඔවුන්ගේ පහල සගයන්ගේ ආරක්ෂාව ගැන හැඟීමක් තිබිය යුතු බවයි මට හිතුනේ.. යම් අනතුරක් සිදුවුයේ නම් එම යතුරුපැදි කරුවන්ගේ ජිවිත වලින් වන්දි ගෙවීමට සිදු වෙනවා නොඅනුමානයි. අධිවේගී මාර්ගයට යතුරුපැදි කරුවන්ගේ ආරක්ෂාවක් පෙර ගමනක් අවශ්‍යද? ඔවුන්ගේ ජිවිත ආරක්ශිතද? අධි සුඛෝපබෝගී වාහනයක ගමන් කරන ප්‍රභූ වරයෙකු තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ යතුරුපැදි කරුවන්ගේ ජිවිත අධික අවධානමක හෙලීම සදාචාරාත්මකද?

වගකිවයුතු පාර්ශවයන්ගේ අවධානයට යොමු වේවා!

ප.ලි. අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සඳහා යොදා ඇති පොලිසියේ යතුරු පැදි ද ඉඳ හිට මෙම මාර්ගයේ ගමන් ගන්නා නමුත් (එයත් ආරක්‍ෂිත නැත) ඔවුන් තමන්ට සුවපහසු වේගයක් තබාගෙන ගමන් කරති. නමුත් ප්‍රභූ ආරක්ෂක රථ පෙළක බෙන්ස්, ඩිෆෙන්ඩර්, ප්‍රාඩෝ ආදී වාහන සමඟ ඉදිරියෙන් ගමන් කරන මෝටර් බයිසිකල් වලට එසේ තමන්ගේ වේගයෙන් ගමන් කල හැකියැයි නොසිතමි. එම බයිසිකල් වල එන්ජින් ධාරිතාව ඉහල බවද වේගයෙන් ගමන් කල හැකි බවද සත්‍ය නමුත් ඔවුන් මේ අවධානම ගත යුතුද?

70 comments:

  1. උන් මක්කුද...? ආන් අර සුඛෝපභෝගී එකේ යන අයට මක්කත් උනොත් කියන එක ගැන ජනතාව දැනුම්වත් කරහන්...

    ඒ මිනිස්සුන්ට මක්කා හරි උනොත් අපි හුස්ම ගන්නේ කොහොමද...?

    ReplyDelete
    Replies
    1. අන්නේකයි.. මට වැරදුනා හිටං..

      Delete
  2. හිරේ විලංගුවෙ දාලවත් හදන්න බැරි හැටි මේ මනුස්සයා..ගත්තනේ ආයෙත් ප්‍රභූ පින්තූරු...:

    මචං, මම දන්න රටවල් වලනං මොටෝසයිකොල් හෝ ගාලා හයිවේ වල යනවා 120ට විතර...මෙහේ කොන්ට්‍රෝල් කරලා ඇත්තේ අපේ රයිඩින් ගැන හිතලා වෙන්නැති....!!

    ReplyDelete
    Replies
    1. අනික මචෝ ඕක ඔය ප්‍රොටෝකෝල් කේස් එකක් නේද..? නැතුව ඔය බයිසිමොටෝ වලින් මොන ආරක්ශාවක්ද, පෙරගමන් රථ ගැන ඔහේ හොඳටෝම දන්නෝනේ...:)

      Delete
    2. //හිරේ විලංගුවෙ දාලවත් හදන්න බැරි හැටි මේ මනුස්සයා..ගත්තනේ ආයෙත් ප්‍රභූ පින්තූරු...:// හැක්. ජන්මෙට වැඩිය අහවල් එක ලොකුයිනේ බොස්.. :)
      ප්‍රොටෝකෝල් එක නම් තමයි.. ඒත් හැප්පුනොත් මැරෙනවානේ අර යෝදයෝ ටික.. අපේ රයිඩින් විතරක් නෙවෙයි.. පාර පුරා තියෙන ගැටී, වලවල්, තලගොයි, බල්ලෝ, ෂොපින් බෑග්, කෙහෙල් ලෙලි, තැන් තැන් වල නවත්තගෙන ඉන්න වාහන, එතකොට පාර පුරා යන ප්‍රයිවෙට් බස් හා ලොරි/ කන්ටේනර් තඩි වගේ ඔක්කොම හිතල මං හිතන්නේ..

      Delete
  3. එහෙම ආරක්ෂා කරගන්න තරම් වටින ප්‍රභූවරු ඉන්නවද අපිට?

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලන් තමයි එහෙම කියන්නේ..

      Delete
  4. ආරක්ශිත නෙවෙයි බොල ආරක්ෂිත...උඹ ආරක්ෂක කියල හරියට ලියල තියනව....ඒ එක්කම ආරක්ශිත කියල වරද්දල ලියල.

    පලි - අපේ ගරු කරයුතු විචාරක තුමාගෙ කාරුණික ඉල්ලීමක් පරිදියි මේ නිවැරදි කිරීම කලේ. ඊයෙ මම උන්දැට කතා කරපු වෙලාවෙ මඟින් මඟට කිව්වෙම ඕක.."අනේ රවී මට මේ දවස්වල බ්ලොග්ස් පැත්තෙ එන්ට විදිහක් නෑ. දන්නවනෙ..විශේෂයෙන්ම අර කළ්‍යාණයා ලියන එව්වගෙ අක්ෂර වින්‍යාසය එතකොට ව්‍යාකරණ එහෙම පොඩ්ඩක් හොයල බලන්ට. හොඳද? මගේමේ අසනීපෙ පිට දාල ඒ කෝණංගියට බස නසන්ට එහෙම දෙන්ට එපා හොඳද??" ඔන්න ඔහොම.

    ආ, තව එකක්..අවධානම නෙවෙයි අවදානම....:)

    ReplyDelete
    Replies
    1. "නිවැරදි" නොවේ බොලං "නිවැ‍රැදි" :D

      Delete
    2. සෙන්නා,

      උඹ කිව්වට පිළිගන්ට බෑ මලේ..ඉඳහං මම විචාගෙන් අහනකල්...:D

      Delete
    3. හම්මේ.. කැනරි කුරුල්ලාගේ දෙවෙනි එක.. විචා ඔච්චරමයි කියුවේ? හැක්.

      Delete
    4. රවී අයියේ.. දැන් අහන්ඩ ගියොත්නම් බොට බැනුම් කෝටියයි ඕන්.. විචා ගොයියට නහුතෙට තද වෙලා ඉන්නේ.. වැඩක් බාරදීපුවම කොරණ හැටි කියලා... :D

      Delete
  5. නීතිය ඉදිරියේ හැමෝම එක සමානයි කිව්වට එහෙම නෑ කියලා හොඳටම පේන උදාහරණයක් මේක...

    කාලකණ්නි අවජාතකයන්ට මොන පෙර ගමන් රථ ද !

    ReplyDelete
    Replies
    1. මට හිතුන විදියට ඇතුලේ ගිය 'උත්තමයා' මෙහෙම එකක් දන්නෙවත් නැතුවැති.. නැත්තං රෙද්දක් ඇඳන් ඉන්න නැතුවැති..

      Delete
  6. වාහනේ එලවන ගමන්ද ඉස්සරහින් ආව වාහන ගනන් කලේ ?

    ReplyDelete
    Replies
    1. පොලොසියෙන් ඉන්නවා දැක්කම ලයිට් ගහන්නෙත් වාහනේ එලෝන ගමන් තමයි.. හැක්.

      Delete
  7. නෑ නෑ වෙන්න බෑ. ඔය බයිසි මොටෝ තුනේ ආරක්ෂාවට අර ඩිෆෙන්ඩර් බෙන්ස් එහෙම යනව ඇති. උඹට පිස්සු බං අයියේ.

    ReplyDelete
  8. මට හිතෙන්නේ තනිකරම හීනමානයෙන් පෙලෙන ඇ මැට්ටෙක් ගේ වැඩක් කියල ...

    ReplyDelete
    Replies
    1. නිකම්ම ඇ මැට්ටෙක් ට වඩා ලොකු එක්කෙනක් වගේ.. ඇමට්ටෝ යනවා මං ඕනේ තරං දැකල තියෙනවා. උන්නැහේගේ වාහනේට අමතරව තව එකක් හෝ දෙකක් එක්ක 180 ට විතර පියාබල ගියාට මෙහෙම බයිසිකල් බැඳන් යන්නේ නෑ කවදාවත්.. මං දැක්ක විදියට ඇම්බියුලන්ස් එකකුත් ගියාද කොහෙද පිටිපස්සෙන්.. :/

      Delete
    2. මේ ආන්ඩුවේ කට්ටිය වෙන්ඩ බැ

      එක්කෝ මහින්ද
      නැත්තං බැසිල්
      ගෝටා වෙන්ඩත් බැරි නැ
      චිචිලා චුචුලා අනික් චක් චුක්ද දන්නෙත් නැ

      මෙයාල එහෙම කරන් නැ
      එයාල තමයි ඔය
      හාද

      Delete
    3. අන්න හරි. ඒකනෙ... දැන් අඩු වියදමින් 2015 පටන්ගෙන කොහොමද මෙහෙම කරන්නෙ නේහ්? ඔය කමියගෙ බොරු!

      Delete
    4. ඒ කාලේ උනානං හැබැයි පාරේ අපි ආපු ලයින් එකත් වහලා වාහන පැත්තකට කරලා අයින් කරලා තාප්පයක් බදාගෙන ප්‍රභූ දේවාට පුක පෙන්නන් ඉන්න වෙන්නේ.. දැන් මුන්ගේ මෝඩ කන් විතරයි. ඒ වගේ උද්දච්ච කන් නැති එක වත් වටිනවා.

      Delete
  9. පොටෝවක් ගත්තෙ නැතෙයි?
    සිරා කතාවක් කිව්වෙ.ඩැහ්න් හැංගිලා ඉඳලා බෝම්බ ගහන්නෙත් නෑ.හබැයි යුද්ධෙ කාලෙටත් වඩා ආරස්සාව දාගෙන පිඹගෙන යන්නෙ.. පව් ඉතින්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කරපු මෝඩකම් දෙන්නට සරිය.. :)

      නැවත නැවත මෝඩකම් කරන්නේ #කේ අමාරුවට හරිය.. :)))

      Delete
  10. ඇයි ජනාධිපතිතුමා දවසක් කිව්වා නේද ඔහොම යන්න දෙන්නේ නෑ කියලා...මෙහෙම යනවා කියලා තාම පත්තර වල දාල නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ බං ඒ ගියේ මිනිහමද කියල...

      Delete
    2. //කවුද දන්නේ බං ඒ ගියේ මිනිහමද කියල...// මටත් නිකමට ඔහොමම හිතුනා.. නෑ.. එක්කෝ නෑ.. මට මොකුත්ම හිතුනේ නෑ හිටං.. :)))

      Delete
    3. හ්ම්ම්ම්ම් එහෙමත් වෙන්ඩ පුළුවන් නේද....

      Delete
    4. ඇම්බියුලන්ස් කට්ටකුත් ගියානං එක්කෝ හිටංපති නැත්තං අයිසේමැති...! අනික් හාල් කෑලිවලට එව්වා යන්නේ නෑ නේ...?

      හාල්....oops...!

      Delete
    5. ඒකනේ.. හාල්.. ශොරි.. අනික් පාන් කෑලි යනවා දකිනවා උපරිම තව එක වාහනයයි දෙකයි.. මේක ටිකක් බරපතල කේෂ් එකක් තමයි.. :/

      Delete
  11. මට විශ්වාස කරන්න බෑ, කෝ ෆොටෝ සාක්‍ෂියක්වත් නෑ නේ!

    මේ ෆොටෝ එක වෙන තැනක එකක් නේද?

    හැක, හැක!

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ.. ආයේ හිරබත් කන්නද කියන්නේ හිටං.. :)))

      ෆොටෝ සාක්කි ඕනෙමනම් ගැලනිගම ඉන්ටර්චේන්ජ් එකේ cctv වලින් ඉල්ලගන්න එකයි ඇත්තේ.. ඔන්න අපි එහෙම නෑ ඕවට..

      Delete
  12. උබලා අපි ඒ මිනිස්සු ගැන හිතුවට තඩි වාහන වල යන උන් හිතන්නේ නැහැ බන්

    ReplyDelete
    Replies
    1. තඩි වාහන වල යද්දී හිතන්න තව ගොඩක් දේවල් ඇති.. :/

      Delete
  13. අනේ මන්දා.... මෝටර් බයික්ක ටික මග හලලා යන්නත් බෑනෙ හයි වේ එකේ යනකොට

    ReplyDelete
    Replies
    1. ඒවා කරන විදියක් තියෙනවා.. මම ඕක කරානම් කරන්නේ කලින් වෙන බයිසිකල් තුනක් ඇරෙන්ජ් කරනවා හයිවේ එක්සිට් එක ලඟට.. මුලින් එන තුන්දෙනා එන්ට්‍රන්ස් එකෙන් නවත්තනවා.. හෙලිකොට්ටර් වලින් යනකොට කරන්නෙත් එහෙමනේ.. වැඩේ කියන්නේ තීරණ ගන්න උන් ඔය ගැන කතා කරන්නේ නෑ. හදිසියේ සෙට් වෙලා ගිය ගමනක් නම්... "සර්, සොරි.. හයිවේ එකේ බයික් දාන එක ඩේන්ජර්.. එතනින් එහාට බයික් එවන්න විදියක් නෑ.." කියල පොලයිට් විදියට කියුවනම් ඔය උත්තමයෝ පිලිගන්නවා.. අනික එහෙම කියන්නවත් ඕනිත් නෑ.. මං කලින් කියුව වගේ ඔය මිනිස්සු ගොඩ දෙනෙක් ගැන වගේ වගක් නෑ.. පොතේ තියෙන දේ මිසක් හරි දේ කරන්න ගොඩක් දෙනෙක් බයයි.

      Delete
    2. කමියෝ..අන්න උඹට PSD එක බාරගන්නලු...!

      Delete
    3. මේවා ලියන්නේ ඉතිං එහෙම මොනා හරි චාන්ස් එකක් බලාගෙන තමයි.. හැක්.

      Delete
    4. කමියෝ එදා බිලා උබට මගෙන් මුකුත් නරක දෙයක් කිය උනේ නැහැ නේද
      (කමියෝ..අන්න උඹට PSD එක බාරගන්නලු...!)

      Delete
    5. ඒ උනාට උඹ මට මට බ්‍රා පෑන්ටි පාර්සලයක් තෑගී දුන්නනේ දුටු ගැමුණු කුමාරයා කාවන්තිස්සට දුන්න වගේ.. ඒ තරහ මගේ ළඟ තියෙනවා. පරිස්සං වෙය.. :))))

      Delete
    6. කාපු බීපු වෙලාවට පුංචි විහිළුවක් කෙරුවට රාළහාමිලා වගේ අය ගණන් ගන්නේ ඇයිද සුළු දෙය

      Delete
  14. අපරාදේ බං එදා වගේ මේකෙත් පොටෝවක් ගත්ත නං අපටත් ඔය සිද්දෙ බලාගන්න තිබුනනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම ගන්න ගියානං අද මේක නෙවෙයි කියවන්න වෙන්නේ.. පත්තරේ.. අධිවේගේ අනතුරින් හිටපු නාවිකයා මරුට.. ප්‍රභූ ආරක්ෂක රථ පෙල වීඩියෝ කරද්දි වාහනේ හැප්පිලා..

      Delete
  15. හොඳ වෙලාවට මම වාහනේ වීදුරු ටික ඩාක් කලේ

    ReplyDelete
    Replies
    1. ටෝච් එකකුත් ගත්තය....?

      Delete
    2. කලින් කියුවනං මේවා පෝස්ට් දාන්නේ නෑනේ..

      Delete
    3. උබගේ වාහනේ ඉස්සරහින් යන්න මම බයික් එකක් ගත්තා

      Delete
    4. ඉ.ප.:
      ආ.. එහෙනම් මේකයි සිද්දිය... දැන් අය්යා.. ඔයාගේ ඉස්ටිකර් ගහ කඩේ තියෙන්නේ කොයිබද? බිස්නස් සරුද?

      Delete
    5. ඉවාන් දැන් දීපංකො මේ නංකිට උත්තර.. :)))

      Delete
  16. සොබා රූ
    Here I publish the eye catching moments of mother nature I have captured here and there.You will be able to see the world more beautifully if you look closer. අපි හිතනවට වඩා ලෝකය හරි සුන්දරයි. බොරු නම් එබිල බලන්න මගේ තෙවැනි ඇස තුළින්

    ගිහින් බලන්න වටින් පොස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. ලින්ක් දාන්න ක්‍රමයක් තියෙනවා කොමෙන්ට් විදියට..

      Delete
    2. හමු උන දවසක කියලා දියන් ..
      අපේ පකේ අයි ටි මැනේජර්ලා එහම දෙයක් වත් දන්නේ නැහැ බන් අපි ඇහැවට

      Delete
  17. ඔය බයිසි මොටෝ මෙහෙ නම් හයිවේ වල යනවා...එව්වයින් අපි ආරක්ෂා වෙන්ට ඕනේ...අමෙරිකාවේ එහෙම උනත් ලංකාවේ ඔහොමලුනේ වෙන්නේ ඉතින්...

    ReplyDelete
    Replies
    1. බයිසිකල් යන්න පුළුවන් විදියට හයි වේ නීති (පාරවල් නෙවේ) වෙනස් කරමු. එතකොට එකෙක් මලත් කාටවත් නඩු නෑනේ. :/

      Delete
  18. මේ ජපන් අගමැති යන හැටි
    http://superunleaded.com/japanese-prime-minister-merges-traffic-brilliant-way/20658/

    ReplyDelete
  19. හරක් හොරු හැමතැනම බං ..

    ReplyDelete
    Replies
    1. ගැලනිගමින් දැම්මම හොරණ පැත්තට යන්න ලේසි නං තමයි. හැක් .. :)))

      Delete
    2. ඒ හින්ද නෙවේ බං.. ආරක්සාව තරකරගෙන යන්නේ නැතුව බැහැ මුන්දලාට.. නිකමට හරි හරක් මස් මුදලාලි කෙනෙකුට සෙට් උනොත් විනාසයි මුන්දලා.. ඒ හින්ද ඉතින් පොලිස් සාජන් මහත්තුරු මොටෝවෙන් වැටිලා මලත් හරක් හොරුන්ගෙන් බේරිලා යන ගමනක් යන්න එපයි බන්..

      Delete
  20. නිකමට ෆොටෝ එකක් ගන්න හිතුණෙ නැද්ද...:D

    ReplyDelete
    Replies
    1. හිතෙනකොට පාස් වෙලා ඉවරයි.. ;)

      Delete
  21. දේශපාලක ප්‍රභූන් නම් ඩෙන්ගු මදුරුවන්ටත් වැඩිය ඉන්නවනෙ.
    KMට දුක බයික් කාරයින් ගැනනේ? උන් ලිස්සල ගිහිල්ල වැටුනොත් පස්සෙන් එන අනිත් මිනිස්සුත් අමාරුවෙ.

    ඒ වාහනවල ලස්සන ෆෝටෝජිනික් බැජ් තිබුනෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඩෙංගු උවදුර දුරලමු!!! සුටුස් ගාල පාස් උනා මිසක්ක නැත්නං මොනවා හරි කර ගන්න තිබ්බ.. හැක්..

      Delete
  22. හයියෝ කළා හිත තුමා. ඇයි ඔහේට හිතන්න බැරි පොඩ්ඩක් මෙව්වා ලියන්ට කලින්.

    එහෙම නොගියොත් අපේ දේශපාලක තුමන්ලාගේ තත්වෙට මොකද වෙන්නෙ..?? අනික කලර්ස් වලට..??

    ඈ ඕයි කල්‍යාණ තුමෝ.. ඇත්තටම මුං මොකද ඔය තරම් හයියෙන් යන්නෙ..?? 🤔..

    පරක්කු වෙනවනම් උදේ පාන්දර නැගිටල එහෙම පිටත් උනානම් ඉවරයිනේ නේද මම කියන්නේ..?? බොරුද? 🙏

    ReplyDelete
    Replies
    1. මම ඉන්නේ ගුවන් තොටුපොල පාරේ ඒ පර වෙසිගේ පුතාල යන හැටි දක්කහම් හිතෙනවා මුන් රට යන්න හදන්නේ ඒ වහනෙන්ම කියලා

      Delete
    2. හුකෑස්.. පුක පොලවේ ගහන් මැරෙන්න හිතෙනව මෙන්ඩා 😂😂😂😂🤣🤣🤣🙈

      Delete