Tuesday 7 March 2017

අම්බෝහ්.. වෝටර්ස් එජ් හෙවත් 'දියවන්නාව ආශ්‍රයේ මෙවර පිපෙන' නෙළුම් පොහොට්ටු Nelumleaks- Grand Nelumyaya Blog Awards 2016

අම්බෝහ්.. වෝටර්ස් එජ්? අන්න එහෙමයි ඕක ඇහිච්ච ගමන් මට කියවුනේ.. ඔය හෝටලේ නම ඇහෙන කොටම මට මතක් වෙන්නේ නළු නිළි නෝනා මහත්වරුන්ගේ නැහ්නන් ක්‍රිකට් ක්‍රීඩක නෝනා මහත්තුරුන්ගේ උපන්දින සාද ගන්න හදපු තැනක් වගේ එකක්.. ඉතිං අපි මේ අහිංසක බ්ලොග්කාරයොන්ගේ පුංචි උස්සවයක් වගේ එකක් ඕකේ ගන්නවා කියුවම..හුහ්.. අම්මෝහ්.. කියවෙන්නේ නැද්ද? 

මං එක දෙයක්නම් ඉන්තේරුවෙන්ම දන්නවා.. අපි මේ පුංචි බ්ලොග් මහත්තැන්ලාටත් වෝටර්ස් එජ් යන්න පාර කපලා දුන්නේ අපේ නෙගටිව් මාකටිං අංශයේ ප්‍රධානි සරසාතුමා හා එතුමාගේ සත්ගුණවත් ගෝල බාල ඇනෝ නඩය තමයි.. සරසතුමා ඇතුළු නඩේ පස්ස උඩ දාගෙන නෙළුන්අජියා නොහොත් ලංඩන් ඇල්බට් ටයි නෙළුම්යායේ මහා මොළකාර ඉන්ටර්පෝල් රතු වරෙන්තුධාරී තුමාටයි කෙලින්න ගත්ත එකෙන් තමයි උන්නැහේලට ඕනේ වෙලා තියෙන්නේ මේක නිකම්ම නිකං හේදිලා යන්න නොදී ඔය කියන ග්‍රෑන්ඩ් ලෙවල් එකෙන්ම කරන්න.. ඉතිං ඔය ලොකු ලොකු ඌරෝ කැකුණ තලනකොට අපි වගේ හබන් කුකුළන්ටත් එහෙන් මෙහෙන් වෝටර්ස් එජ් කෑලි වදිනවා.. හෙහ්.. කොහොමහරි මාත් වැඩිය ඇඳලා තිබ්බේ නැති සූට් එකක් එහෙම අපුල්ලලා අරන් තියා ගත්තා 25 වෝටර්ස් එජ් යන්න.. ඔය වගේ තැනකට යනකොට පිළිවෙලකට යන්න එපයි හිටං. ගිය පාර අර අමාත්තියාන්සේ තිබ්බ එකටත් කළු සේට් එකයි ඩෙනිමයි ඇඳලා ගියා කියලත් මේ අසානාසි එක එක කඩප්පුලි කතා කියුව එක ඔන්නොහේ.. හැබැයි මෙතනත් එහෙම විසේස ඇඳුමක් එහම කියල නෑ.. තමන් කමැති එකක් ඇඳන් එන්න පුළුවන්ලු. 

මේ පාර තියෙන්නේ පුටු 250 ලු. අච්චර ලොකු හෝටලයක් වෙලත් පුටු දෙසිය පනහද අම්මප තියෙන්නේ.. ඒ මොනවා උනත් එන්න හිතං ඉන්න උන්දලා මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් 'ගොයින්' කියල නම ලකුණු කරලා එන එක හොඳයි.. හැබැයි ඕකට ඉතින් ෆේස් බුක් අකවුන්ට් එහෙකුත් තියෙන්න ඕනි මයේ හිතේ.. ඒකට මනාප නැති උන් ඉන්නවනම් ඔය දන්නා අඳුනන එකෙක් මාර්ගෙන් හරි මාත් එනවා කියල කියල තියහල්ල. මොකද ඔව්වයි ඉඳගන්න කන්න බොන්න එහෙම දෙන්නේ එක පිළිවෙලකටනේ.. ඒ වැඩේට ලේසියි මයේ හිතේ.. ඒ නැතත් ඉතින් එදාටම උනත් එන එකෙක් ට එන්න බැරිවෙන එකක් නෑ ආයිබෝං..

ඔය කතන්දරේ ගැන ලස්සන ලස්සන කතා බහ යනෝ මේ ටිකේ... වෝටර්ස් එජ් කියුවම බර වැඩියි වැඩියි වගේනම් 'තොටුපළ අයිනේ' වගේ අපිට සෙට් වෙන නමක් දාගමුලු මාතලන් කියනවා..හැක්. එදාට විතරක් හෝටලේ නම වෙනස් කරන්න දෙනවනම් ඒකත් මාරු අයිඩියාව.. ඒක අහල එක මහත්තයෙක් බලන් ඉන්නේ කවුරුහරි අත වනනකම් එයත් වන්න.. අටමා ට නම් එතන තියෙන සෙටප් එක හරියන්නේ නැතිලු.. ඒ සෙටප් එක හරි නැහ්නන් අපි ගෙදරින් සෙටප් එකක් ගෙනියල සිංදු අහමු මෙයා කියල කියන්නත් ගිහිං මං ඉතිං කියුවේ නෑ..  ඕකගේ කට හොඳ නෑනේ.. මට එදාට වතුර අයිනේ නෙවෙයි ගිලිලා ඉන්න වෙන්නේ ඕවා කියන්න ගිහිං. 

මෙදා පාර සම්මාන දෙන එක ගැනත් මුලදී මුලදී එක එක කතන්දර කතා උනා.. කැටගරි 16 කට එකකට ස්ථාන තුන ගානේ.. ගියපාර වගේම.. ඊළඟට හොඳම බ්ලොග්කරු 1,2,3 ස්ථාන හා කුසලතා සම්මාන 2ක්, හොඳම දෙමළ මාධ්‍ය බ්ලොග්කරු, වගේම නෙලුම්යාය ලයිෆ් ටයිම් අවොර්ඩ් එක (එකක්ද දෙකක්ද මංදා) තව කතාවක් යනවා හොඳම ව්ලොගර් (vlogger) කියල එහෙකුත් දෙන්න.. කොහොම හරි ඉතිං මේ ටිකේ පුල් බිසී.. බ්ලොග් කියවන්නයි.. අජියා අටම් හා ඉවාන් එක්ක ඊ මේල් වලින් කෙල ගන්නයි.. :)

ඔය හැම කැටගරියටම අවසාන නිර්දේශ ලෙස උපරිම බ්ලොග් අඩවි/ බ්ලොග් පෝස්ට් පහ ගානේ තව සතියක් වගේ ඇතුලත ප්‍රකාශයට පත් කරන්න තමයි උත්සාහය.. ඒ නම් කරන හැමෝටම එදාට එතනට එන්න කියල විශේෂයෙන් අරාධනා කරනවා. එන්න නොහැකිනම් අඩුම තරමින් නියෝජිතයෙක්වත් එවන්න. ගියපාර සමහරුන්ගේ සම්මාන දුන්නේ ඔෆිස් වල, පාරවල් වල නැත්නම් බාර් වල මාස ගානකට පස්සේ.. තවත් දෙතුන් දෙනෙක් ගේ සම්මාන තාම මගේ අල්මාරියේ.. මේ පාර එහෙම කරන්න අදහසක් නෑ. අමාරුවෙන් කරන මේ වැඩේට පැමිනිමෙන්වත් අනුග්‍රහය දක්වන්න බැරිනම් ඒක සම්මාන ලබන්න නුසුදුසුකමක් විදියට තමයි සලකන්න වෙන්නේ. ඒකට දැනට පිළියමක් කතා කරගෙන යනවා.. ලකුණු ප්‍රතිශතයෙන් 5%ක් වගේ සම්මාන උළෙලට සහභාගී වීම වෙනුවෙන් වෙන් කරන්න. මේ ලකුණු දීල තියෙන පිළිවෙලට බොහොම සුළු වශයෙන් තමයි එකකට එකක් වෙනස් වෙන්නේ.. ඉතිං 'අති විශේෂ' එකක් හැර අනිත් ඕනෙම එකක් නොපැමිණීම නිසා ඊට පහලින් තියෙන එකකින් රීප්ලේස් වෙන්න පුළුවන් ඕනෙම වෙලාවක.. දැන් එහෙමයි.. මේ පාර තියෙන අවධානයත් එක්ක බ්ලොග් සම්මාන උළෙල කියන එකේ වටිනාකම ඒ විදියට ඉහල යනවා.

තව ගොසිප් දෙක තුනක් කියන්නත් කට කහනවා.. ඒත් ඉතිං තාම අජෙන්ඩ එක හදලත් නැති එකේ.. අනික බැණුම් අහන තරමට අජියා ටත් කියන්න මොනවා හරි ඉතුරු කරන්නත් ඕනි එකේ.. ඔන්නොහෙ අදට ඔය ඇති. එහෙනම් ජැන්ඩි සූට් ගහල මාර්තු 25 හවස වෝටර්ස් එජ එකේදී සෙට් වෙමු ඈ! ජයවේවා!


203 comments:

  1. මං එනව මචං... හැක්්.. ඇල්බට්ටට ජියින් ජිම වීවා

    ReplyDelete
    Replies
    1. පෙර මග ලකුණු සුභය ;) ජයින් ජයිම වීවා.. :)

      Delete
  2. කමි අයියේ..මගේ පුටුව වෙන් කරල තියන්න හොදේ....ජය වේවා...

    ReplyDelete
    Replies
    1. මගේ ලඟම සිට් එක තියාගන්නම්.. (කෝකටත් අර ලින්ක් එකේ ගිහින් ගොයින් කියල ඔබල වර..)

      Delete
  3. ජයෙන් ජයේම විවා පුති.

    ReplyDelete
  4. පැස්ටෝල් ගහන්න සල්ලි හොයාගන්ඩෝන. ගෙදර උන්දැට මාල වලලු ටිකක් ඇරන්දෙන්න ඕනි. බලලුන්ට දෙවේල සපයන්න කෙනෙක් හොයාගන්න ඕනි. මගින් මගට පාර අහගන්න කෙනෙක් හොයාගන්ඩෝනි. අටමගෙං ගුටිගන්න කොන්දට යකඩ තැටියක් බැඳගන්ඩෝනෙ. මෙව්වට සති තුනයි තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ අතරට පෝස්ට් තුනක් වත් දාන්නත් ඕනි.. නැහ්නන් තමයි ආවම බලා ගන්නේ..

      Delete
    2. පල්ලම් වල නියුට්‍රල් ගහල වරෙන්

      Delete
    3. පැස්ටෝල් පස්නේ බාගයක් ඉවරයි.. :)

      Delete
    4. ඇබෑර්තු ඇත
      මාර්තු 25 දින බලලුන් දෙදෙනෙකුට දෙවේලක් කෑම සැපයිය හැකි අයවලුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

      Delete
    5. ටිකිරි සඳමාලි ට පෙළවහක් කරලා දුන්නද?

      Delete
    6. ඒකි අපි කීදේ නාහ හිතුවක්කාරෙට කටයුත්තක් කරගෙන දැං පැටියෙක් එකක් ගෙදර ඉන්නෙ.

      Delete
    7. මේකි තියන්න වටින්නේ නෑ නොව පට්ට පඳුරි.. අපි ඔක්කොගෙම මුණේ දැලි ගෑවා.. ඉහි..ඉහි..ඉහි..ඉහි.. :'(

      Delete
    8. මං දැං පොඩි උන්ට ගහන එක නවත්තල තියෙන්නේ

      අර වේසා කෙල්ල ඕනවට වඩා උඩදාගන හදනකොට මං දැනගත්තා කවදහරි උමලගේ මුනේ දැලි ගානවා කියල

      Delete
    9. බස් එකක පිටිපස්සෙන් ලණුවක් දාල කාරෙක බැදගනිං..
      ටිකිරිවයි , පැටියවයි අරං වරෙන් පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් තියල යද්දි අරං යන්න පුළුවන්.

      Delete
    10. ඔය හෝටලේට යන පාර තියෙන්නේ මම වැඩ කරන කන්තෝරුව ඉස්සරහින් නොවැ.
      හැමදාම ඉතින් උදේට ආපු ගමන් සුරංගයගේ යාන්හෑල්ල අලුත් කරලද බලල තමයි වැඩ පටන් ගන්නේ..... ඊට පස්සේ ඉතින් වැඩක් නැති හැම වෙලාවකම මේ බ්ලොග් අස්සේ රිංගන එකේ ඔය අට්ම්ලා.... විචාරකතුමාලා..... සිරාලා... සුරංගල හැබැහින් මුණ ගැහෙන්න එදාට ඔතනට එන්නම් ඕන.
      අපේ කන්තෝරුවේ 11 වෙනි තට්ටුවට ඔය හෝටලේ නාන තටාකේ එහෙම යස අපුරුවට පේනවා ආයුබෝවන්

      Delete
    11. හම්මේ.. සෙත්සිරිපායේ වැඩ (නො)කරන එකෙක් වෙන්නොනේ.. :)) වරෙන් වරෙන් එදාට ඇවිත් මතක ඇතුව කියපං මේ කොමෙන්ට් එක දාපු එකා බව :)

      Delete
    12. මල්ලියේ මට කෝල් එකක් දීපන් .... ගොඩගම හන්දියේ මම ඉන්නම්... 190 බස් එකේ එමු.....

      Delete
  5. ලන්ඩන් ඇල්බට් නමේ නිරුක්තිය මොකක්ද?

    ReplyDelete
  6. සාරසයා කරන්නෙම ඔහොම වැඩ තමයි. හාල් කෑලි වුණත් පොරවල් කරන වර්ගයේ පොරක් ඔය . ඉස්සර කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ ඉඳන්ම ඔහොමමයි. ඔය යකා අපිට එකක් සීනියර් බැජ් එකේ හිටියේ. පොර පේරාදෙණිය vc ට විරුද්ධව ලියපු එකෙනුත් මිනිස්සු vc ගේ ගුණ කියන්න පටන් ගත්තා කුමාර කළුආරච්චිට සාපේක්ෂව කොච්චර හොඳද උපුල් අය්යා කියලා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ එතුමා අපේ නෙගටිව් මාකටින් අංශයේ ප්‍රධානියා කරලා තියෙන්නේ.. :)

      Delete
    2. අනේ තියාගනින් බං උඹේ 'බැජ්' එක.

      Delete
    3. හැක් .. ඕක අපේ උන් අතරෙත් තියෙන හදන්න බැරි ලෙඩක්.. බැජ් එක සහ බැජී ලා.. :))

      Delete
  7. අපි ඈතයි .. අපි ඈතයි බණ්ඩාරේ ..බණ්.... ඩාරේ

    ReplyDelete
    Replies
    1. ලබන අවුරුද්දෙවත් නිවාඩුව මේ කාලෙට දා ගමු බලන්න

      Delete
  8. එනව කියල කලින් දන්නල නැති කෙනෙක් එනවනම් පුටුවකුයි කෑම එකකුයි අරගෙන ආවට කමක් නැත්ද?

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ ඕක තමයි වැඩිහරියක් වෙන්නේ.. :) ප්‍රා නම් ඇවිත් හිටගෙන ඉන්නවා කියුව.. හැක්.

      Delete
    2. මට ඔහේ ඔතාගන එන එකෙන් බාගයක් දෙනවද ....නැත්තං මම බල්ලටත් මචං කියන පදමෙං එන්ඩද ...එතකොට කෑම ඕන නැ

      Delete
    3. දෙන්නෙපා එක කෑම කටක්!

      උඹ බල්ලට මචං කියන පදමට ඇනයක් නවාගෙන වරෙං. සුපර් ෆන් එකක් තියෙයි.

      Delete
    4. පුටු , කෑම මක්කෙයි අයියට. බෝතල් ටිකක් අරං එන්න

      Delete
    5. අනේ අයියේ කියන තැනකට පෙරලි පෙරලි වදින්නම් පුටුවක් හරි මේසයක් හරි දෙන්නම් එතනට ඇවිත් බොනවා මිසක් බිලානම් එන්න එපා නැත්නම් එදාට සම්මාන නෙමයි දෙන්න වෙන්නේ

      Delete
  9. මාත් ඕකට එන්න හිතන් හිටියෙ.
    ඒත් මට එයාමයිල් ටිකක් මදි.
    මදිපාඩුවට පුකේ මයිල් උනත් කමක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. එයාගේ පුකේ මයිල් තියෙනවනම් ගොඩ දා ගන්න පුළුවන් වෙයි :)))))

      Delete
    2. කෝකටත් මයිල් බාලා එන්න මෙයා...

      Delete
  10. ඔය වෝටර්ස් එජ් එක ගාවින් ඉස්සර මම නිතර දෙවේලේ එහා මෙහා යනවනේ. ඒ වෙලාවල් වල මම ඕකට ගැලපෙන සිංහල නමක් හිතුවා. මගේ හිතේ තිබුණේ "දියග" කියන නම. මමත් එන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. දිය-අග- දියග.. :) ඒක මරු.

      එදාට මුල්ලක සෙට් වෙලා දෙකක් දාගෙන තව හොඳ නම් ටිකක් යෝජනා කරමු. ජය වේවා!

      Delete
    2. "දියග"
      ආයේ දෙකක් නෑ ඒක තමා බෙස්ට්ම ට්‍රස්න්ස්ලේෂන් එක... Well done Sudeeka

      Delete
    3. සෙන්නා..."මිරිජ්ජ තොංගල" කිව්වනම් කොහොමද?

      Delete
    4. "මිරිජ්ජ තොංගල"කිව්වම වෙන මොකක්ද තොංගලක් මතක් වෙනවානේ බං..

      Delete
    5. දියග නම් තේරෙනවා කිව්ව හැකි. ඒත් "මිරිජ්ජ තොංගල" - මිරිජ්ජ කියන්නේ ලුණු වතුර නේද

      Delete
    6. හෙහ් හෙහ්...ටිපිකල් රවී ට්‍රාන්ස්ලේෂන් එකක් ඒක...

      Delete
    7. හෙහ්.. සෙන්නෝ.. ඔය රවිය කියන අසානාසියා එක්ක ඔය වගේ ඒවට පැටලෙන්න නරකයි.. ඕකා නැහ්නං තව ටිකකිං අපේ දිවත් අඹරනවා අමුතු අමුතු වචන දාලා..

      Delete
    8. අජිත් අයියා.. මිරිජ්ජ කියන්නේ මිරිදිය .. කරිජ්ජ කියන්නේ ලුණු වතුර.. තොංගලේ කියන්නේ රවියගේ ආච්චිලා එහෙම අගිස්ස, කෙළවර , අග , අයින කියන ඒවට පොදුවේ කියන වචනයක් .. සමහර වෙලාවට තොංගලේ කියනවා (අඩපට්ටලේ කියලත් කියනවා) මොකක් හරි දෙයක් අයිනක වැටෙන්න ඔන්න මෙන්න වගේ තියෙන කොටත්..

      Delete
    9. වතුර කොන

      Delete
    10. විදානෙ උඹ අමුවෙන්ම ඉංග්‍රීසි සිංහලට පෙරලනවද ? හරි විදිහ ' කොනේ වතුර'

      Delete
    11. කොහොමත් කොණේ වතුර තමා.

      Delete
    12. කළනේ බොහොම ඉස්කෝතුයි පැහැදිලි කිරීමට.

      Delete
    13. යූ ආර් වෙල්කම් ඩියර් :)

      Delete
  11. Replies
    1. එතකොට අනිත් උන්ට පුටු කෝ උත්තෝ

      Delete
  12. තොටුපළ අයිනේ.... කවුද අත වනන්නේ
    කවුද අත වනන්නේ තොටුපළ අයිනේ...

    මාත් එනෝ....

    ReplyDelete
    Replies
    1. රඟපාන්නත් තියෙනවා... කමක් නෑ. සින්දුවකුත් කියමු...

      Delete
    2. එහෙනම් නියමයි !

      Delete
    3. වික්ටරුත් එනවලු ඇඹේණිය එක්ක

      Delete
    4. වික්ටර් එන්නේ රංගපාන්න ද සිංදු කියන්න? ;)

      තරූ, සිංදු නෙවෙයි අනේ මේක ඉවර වෙලා අපි මුහුදු වෙරලේ කවි කියමු. ඉන්න බොධිනීත් එයි ඒකට කැමැත්තෙන් ම.

      Delete
    5. බස්සිත් ඕකේ කවි වැඩේට. කාලෙක ඉඳන් මගෙ හිතෙත් තියෙන හීනයක්. මේ වැඩේ ඉවරවෙලා අපි ඒ ගැන බලමු.

      Delete
    6. ///තරූ, සිංදු නෙවෙයි අනේ මේක ඉවර වෙලා අපි මුහුදු වෙරලේ කවි කියමු. ඉන්න බොධිනීත් එයි ඒකට කැමැත්තෙන් ම.///

      මිරිජ්ජ අයිනේ කරිජ්ජක් කොහෙන්ද බං කවි කියන්න...
      අනික කවි... ;(

      Delete
    7. //මිරිජ්ජ අයිනේ කරිජ්ජක් කොහෙන්ද// හා..හා.. පටලව නොගන්න පිංවත.. මේ එදා සෑ ගැන නෙවෙයි කියන්නේ.. වෙන දවසක.. මුහුදු වෙරළක් අයිනේ.. 'කවියට පෙම් බඳින' අය එක්ක කවි කියවන සැන්දෑවක් ලැස්ති කරන්න.. බොහොම පරණ අදහසක්.. ලඟදි ඉඳන් ආපාහු ක්‍රියාත්මක කරන්න ට්‍රයි කරනවා.. :)

      උඹටත් එන්න පුළුවන්.. උඹත් කවි වලට පුදුම මනාපයිනේ.. හැක්..

      Delete
    8. අපි ඉන්න දවස් වලම කොරන්න බැයිද ඕක? එයා මයිල් දෙන්න කවුරුත් නැහැ අප්ප දැන්.

      Delete
    9. බලමු.. පොතක් ගොඩ දැම්ම නම් ගිය වතාවේ.. මේක බැරි වෙන එකක් නෑ.. :)

      Delete
  13. වෝටර්ස් එජ් එකට මට නම් ඒ කාලෙ හිතුනෙ "විල්තෙර" හොඳයි කියල...

    මේ මල්ලි කෝකටත් දැම්ම ඉඳල අයවැය හරියට පිළිවෙලට හදල තියාගං...නැත්තං කේස්...

    ReplyDelete
    Replies
    1. ඒකට රවී කෙනෙක්ම ගෙන්නන්න ඉන්නේ.. :))))

      Delete
    2. අඩේ උඹේ කමෙන්ට් එක දැකල මතක් වුනේ ..හැබෑට ඔය කොයිවෙලෙත් අය වැය ඉල්ලන කඩාකප්පල්කාරයින්ට සුද්ද සිංහලෙන් දෙකක් කියල බෙල්ලෙං අල්ලල එළියට දාන්ට ගෙන්නපංකො අර උඹලගෙ ලොක්කා..මම කිව්වෙ අර රැවුලා..

      Delete
    3. වැඩක් නැහැ ඌ දැන් රිටයර් වෙන්න ලඟයි. දැන්ම සින්නාය්යාට ගොට්ට් අල්ලනේ එකනේ!

      Delete
    4. අන්න ඇනෝට තේරුණා කතාව.. :)) වැරදිලා හරි ඒ ලොක්කව ගේන්න පුලුවන් උනොත් ඉස්සෙල්ලාම ගහලා පන්නන්නේ රවියව තමයි.. :))

      Delete
  14. සුබ පැතුම්.....

    ReplyDelete
    Replies
    1. එන්න හැකියාවක් තිබ්බනම් සෙට් වෙන්න බලන්ම ඉන්න එකෙක් තමයි අරූ අයියා..

      Delete
  15. හරි... දවස 25.
    සුභපැතුම්..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹ මොකො අතන මේ බී කියල දැම්මේ..

      Delete
    2. ඩොකාගෙන් වෙන දවසක් ඉල්ලගන්න එපැයි.ඒ වැඩේ ඕකේ උන ගමන් මේ වැඩේ ගොයින්.එකෙන්ම

      Delete
    3. ඔය ඩොකා ගිය පාරත් වැඩේ කෑවා..

      Delete
  16. ඒ ලින්ක් එක වැඩ කරන්නේ නැහැ ..මගේ නම දාපිය

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ නැත්නම් වැඩක් නැහැ.

      Delete
    2. ඒක තමයි බං මොකක් හරි අවුලක්.. බලමු ඇඩ්ඩින් කෙනෙකුට කියල

      Delete
    3. ඇඩ්ඩින්ලා නිදි ....දැං පැයගානක් කියනවා

      Delete
    4. ඒකෙ පොඩි අවුලක් තියෙනවා. ඒ ගෘප් එකේ මෙම්බර්ස්ලට විතරයි (ලු) පෙන්නේ.. දැන් මේ ඒක හදාගෙන යන ගමන්.

      Delete
    5. වැඩ නැහැ මගේ නම දාපියෝ

      Delete
  17. එන්න තමයි හිතාගෙන ඉන්නේ ...ගිය පාර අර ලැක්චරය හරියට වැඩේ කරේ නෑනේ ..හැක්

    ඉරා අඳුරු පට පෙර දිග අහසේ...
    පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර...
    අරුනළු උදයේ දිලිසෙණ පිණි මත....
    පියමන් කරමින් අහස් ගව්වටයි ලංවන්නේ...

    හිරු ‍රැස් දැඩිවී හැකිලී ගුලිවී...
    සැඟවී යාදෝ පිණි කැට මිහි තුල...
    පා පෙරැළී ගොස් ‍රැඳේද අප හැම...
    නිමක් නොපෙනෙණා අහස් ග‍ඟේ...

    ඉරහඳ නැතිවී සුලඟ සුසුම් ලන
    දවසක් ඇවිදින් උදාගිරෙන්...
    කඳුලක් සුසුමක් හදින් ගලන තෙක්...
    එකමුතු වී අපි මිතුරෝ...
    එන්න මගේ ප්‍රිය මිතුරෝ...
    එන්න මගේ ප්‍රිය මිතුරෝ...
    එන්න මගේ ප්‍රිය මිතුරෝ...

    ගායනය- සනත් නන්දසිරි
    ගී පද -චන්ද්‍රසිරි පල්ලියගුරු
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස
    https://www.youtube.com/watch?v=Bmt-fSHsZco

    ReplyDelete
    Replies
    1. රෑට දෙකක් දාගෙන අග්ගොන කලපලුවාව හරහා පයින් යන්න පුලුවන් බොට සිංදුවකුත් කියාගෙන එහෙම

      Delete
    2. // එන්න තමයි හිතාගෙන ඉන්නේ //

      ඔබ කවුද ප්‍රීයේ

      සැබෑවක්ද පවසන්නේ

      Delete
    3. සින්දුවා වර එදාට ගහමු පක්කන් පද්රි සන්න්හා සන්නද්ද වෙන්න

      Delete
  18. අඩේ මම වැඩකරන හොස්පිටල් එකට හෙන ළඟයි ! මට උදේ වරුව වැඩ කරලා එන්න පුළුවන්... කොහොමත් එදාට නිවාඩු ගන්න බෑ... ඉස්කෝලෙ යන ළමයි උදෙසා සෙනසුරාදා උදේ වරුවම අපි ක්ලිනික් කරනවා. හැබැයි ඇයි මෙතන ගන්නේ කියලා කුකුසක් තියෙනවා. ස්ටේජ් එකක් හෙම නෑ නේද ? ගිය පාර තිබුනානේ.

    ReplyDelete
    Replies
    1. අමතක කරලා දාන්න කුකුස....හැමදේම හැමදාම එකමාකාරයට කරන්නම ඕනී නෑනෙ...!

      Delete
    2. ඔව් වෙනස හොඳයි ! අපිත් එනවා...

      Delete
    3. මේ දොස්තර නෝනා.. ඊට හොඳ නැද්ද හවස් වරුවේ pp එකක් කර ගන්න එක.. ඔය කුමන්ත්‍රණ කාරයෝ ලී කෑලි බෙදා ගන්න එක බලන්න යනවට වැඩිය..- මීට නෙගටිව් මාකටිං ටීම් එකේ වරලත් ඇනෝවරයෙක්.. හැක්

      Delete
    4. //අමතක කරලා දාන්න කුකුස....හැමදේම හැමදාම එකමාකාරයට කරන්නම ඕනී නෑනෙ...!//

      හෑ හෑ ...ඈ

      Delete
  19. හෙහ්..... කාලයක් මිසින් වෙලා හිටියත් මෙව්වගේ එව්ව මිස් කරන උන්ද බං අපි....

    ReplyDelete
    Replies
    1. කටුස්සා නැති අඩුව ලෙසටම දැනෙයි කට්ටියටම බරට බරේ උස්සන්න ඩෙඩ් බොඩි එකක් නැති උනාම.. හැක්

      Delete
    2. ආ ආනමඩුවේ ගල් මුදලාලි ....ගල කඩලා ඉවරද

      Delete
    3. මේපාර එක ගල් මුදලාලියි ඉන්නෙ

      Delete
    4. කොහෙද සජ්ජෝ ඉන්නේ

      Delete
    5. ඉන්නව බං... හීන්දෑරි ගල් මුදලාලි නැතුව පාලුයි බං...

      Delete
  20. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. වැදගත් අදහසක් වුව නොවැදගත් භාශාවෙන් ලියා ඇති නිසා වැදගත් නෝනා මහත්තැන් කෙනෙකුගේ ඉල්ලීමක් මත මේ වැදගත් ඇනෝ මහතාගේ කොමෙන්ටුව ඩිලීට් කරන්න උනු බව සලකන්න .. :)

      ප.ලි. මට නං ඔය බාසා ප්‍රශ්න ගානක්වත් නෑ හිටං

      Delete
    2. ඒ නෝනා මහත්තයා ගැන ලියපු එකක් නං කමක් නැ ....

      Delete
  21. ලිංකුව වැඩ කරන්නේ නැත. මමද පැමිණෙමි..

    ReplyDelete
    Replies
    1. ඔව් බං ලින්ක් එක වැඩ නෑ තමයි . හිටහං ඇඩ්ඩින් කෙනෙක් බලල කියන්න

      Delete
    2. කියල බලහං ...මටනං මොකදෝ මොකදෝ වගේ

      Delete
    3. ඒක අමතක කරාන් පුසෝ.. උඹ වරෙන් එදාට.. ඇවිත් හයියෙන් ඤාව්.. කියපං.. එතකොට පුටුව පෙන්නන්නම්. :)))

      Delete
    4. මම බ්‍රා එකක් අතේ තියාගෙන එන්නද

      Delete
  22. ඔබ දැක ගැනීමේ
    අරමුණ දිවා රැයේ
    දෙඇසේ කැවී කැවී
    වැලි ලෑ විලාසේ ආයුබොවන්ඩ​.....😍😍😍ඒ නිසාම​ මිනිස් නිදහසේ නාමයෙන් නෙළුම් යාය කැකුළියේ මේ ආගයා හූ.....එකෙන්ම​ මේ ආගයා හූ......😍😍😍

    ReplyDelete
    Replies
    1. අයියා ඉන්දියාවේද

      Delete
    2. 😂🔫ඩිෂ්කෑව් ඩිෂ්කෑව්....

      Delete
    3. හෑ. හැබැට නංකි.. ඔයාගේ අයියා ඉන්දියාවේද ඉන්නේ?

      Delete
    4. අපි ඒ ගැන කතා නොකර ඉමු....හා ද​? 😂💥🔫

      Delete
    5. හා..හා..හරි.. (මම හාවා උනා) :)

      Delete
    6. මෙයා බ්ලොග් වල ටෝක් දුන්නට තාත්තා එක්ක ඇවිත් ඇඹරි ඇඹරි තමයි ඉන්නේ. මේ සැරේත් දෙන්නටම ආරාධනා පත් දෙන්න ඕනේ නේද? එනවනේ.

      Delete
    7. 🙌🏻 ඕ එනවා එනවාමයි......මං නැතිව නෙළුම් යායට කිසි කලඑළියක් නෑනේ නැත්නම් නෙහ්? 😂🔫

      Delete
  23. කට්ටිය සැපක් ගනී වගේ

    ReplyDelete
    Replies
    1. විප්‍රවාසව ඉන්න එක දුක තමයි රංජනී! :)

      Delete
  24. පහුගිය වතාවෙ ඒ ගන්න බැරිවෙච්ච හිතේ අමාරුවට මේ පාරනම් එනවාමයි කිව්වත් මේ පාරත් මට ඒගන්න විදිහක් නැති වෙනෝ. මේ අබග්ගය සිද්ද වෙලා තියෙන්නෙ ලොකු වගකීමකට බැඳිල ලෝකයෙ අනෙක් පැත්තෙ ඉන්ඩ සිද්ද වෙච්ච හන්දයි. මෙච්චර විස්තර කෙරුවෙ දුරු අපේ බ්ලොග් සගයන්ගෙ පපුව තෙත්වෙලා සමාව දෙන්ඩෝ කියල කෑ මොරදෙන බව දැනෙන්ඩයි. ඒත් මයෙ කොලු පැටවු මා වෙනුවෙනුත් ඒවි. සෑම සියලු අතින්ම සාර්ථක උත්සවයක් වේවායි සුබපැතුම් සේරම ඇත්තන්ට පිරිනමනෝ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගුණසිංහ මහත්මයා.. :)

      Delete
    2. කුරුටු ගෑ ගී පවුරේ කවුද එන්නේ?

      Delete
  25. ලින්ක් එක වැඩ නෑ.. ඔන්න අපිත් එනෝ...

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකේ පොඩි අවුලක් තියෙනවා. නෙලුම්යාය ගෘප් එකේ ඉවෙන්ට් එකක් නිසා ඒ ගෘප් මෙම්බර්ස්ලට විතරලු පෙන්නන්නේ.. මේ ඒක හදාගෙන යන ගමන්. ඒක ගණන් ගන්න එපා. එදාට එන්න.

      Delete
  26. //මේ වැඩේට පැමිනිමෙන්වත් අනුග්‍රහය දක්වන්න බැරිනම් ඒක සම්මාන ලබන්න නුසුදුසුකමක් විදියට තමයි සලකන්න වෙන්නේ//
    මේ තීන්දුව ගැන යළි සළකා බලන්න. ආවෙ නෑ කියල සම්මානෙ වෙන කෙනෙකුට දීමෙන් සම්මානෙටයි අවමානයක් වෙන්නෙ. එහෙම එන්න බැරි කෙනෙක් වෙනුවෙන් එයාගෙ නියෝජිතයෙකුට හරි, වෙනත් අයෙකුට හරි අවස්ථානුකූලව සම්මානය ගන්න ඉඩ දෙන්න. මොකද ආවෙ නෑ කියල සුදුස්සා නුසුදුස්සා වෙන්නෙ නෑ නේද...එතකොට පේන්නෙ කිසිම පදනමක්, ප්‍රමිතියක් නැතිව සම්මාන දෙනව කියලයි.

    ReplyDelete
    Replies
    1. මේ කරන්න යන්නේ සම්මාණ උළෙලක් නෙමෙයි... එයාලා කියන විදියට නටපන් නැත්නම් සම්මාණ නැතෙයි කියන අධිකාරි බලයක් ගොඩ නැගීම..

      සම්මාණය ගන්න නොගන්න එක බ්ලොග් එක ලියන එකාගෙ වැඩක්..

      දෙන එක මෙයාලගෙ වැඩක්..

      රට ඉන්න එකෙක් නම් කොහොමද එන්නේ.. රට වෙන්න ඕන නෑ.. දුර පලාතක කෙනෙක්.. විශේෂයෙන් කෙල්ලෝ..

      බ්ලොග් කියන්නේ නිදහස් මාධ්‍යක් කියන එකවත් තේරෙන්නේ නැද්ද මන්දා ඕගනයිස් කරන අයට...

      Delete
    2. මාතලන්ගේ කතාවට මමත් එකගයි//

      Delete
    3. හෙන්රි සර්, මාතා සහ අරුණි නංගි, සම්මානේ ගන්න එන්න බැරි වෙනවයි ඒක ගණන් නොගෙන ඉන්නවයි කියන්නේ කතන්දර දෙකක්.. සම්මාන සඳහා නිර්දේශ උනු ගමන්ම සමහර 'මහත්වරු සහ නෝනාවරු' තමන්ගේ නම් එතනින් ඉවත් කර ගත්තා කාරුණිකව සම්මාන ප්‍රතික්ෂේප කරමින්. ඒක සංවිධායක මඩුල්ලට ලොකු පහසුවක්. (සමහරු කලින්ම අයින් උනා. එකත් ලොකු දෙයක්) ඒ වගේම එන්න බැරි සමහර අය ඒ වෙනුවෙන් වෙනත් කෙනෙකු සහබාගි කෙරෙව්වා. උදා: රවී, සොඳුරු අතීතයෙන් බිඳක්, MPP ගුණසිංහ.. පසුගිය වර.. තව බොහෝ දෙනෙක් කිසිම කොන්දේසියක් නැතුව ඉතාමත් වෙහෙස මහන්සියක් දරාගෙන ඒ අවස්ථාවට සහභාගී උනා. තව කොටසක් එන්නත් විදියක් නෑ. එවන්නත් විදියක් නෑ කියල ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරලා සුභ පැතුවා. ඒ අය සමහරු පස්සේ ඇවිත් සම්මානේ ඉල්ලගෙන ගියා (ඉකොනොමැට්ට, සින්දු ඇනෝ) අනිත් අයට ඉවෙන්ට් එකෙන් පස්සෙත් කතා කර කර පුළු පුළුවන් විදියට සම්මාන පහසු තැන්වලට ගිහිනුත් දුන්න. (තේනුවර, දුමි, ප්‍රභාශ්වර, හෙන්රි- ඩුඩ්)

      එත තවත් කොටසක්- කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ. මම හිතන්නේ අපි මහන්සිවෙලා ඒ ජාතියේ අයට සම්මාන දෙන්න ඕනි නෑ. සම්මානේ ලබන කෙනා ඒකට වටිනාකමක් නොදෙන කොට අපි මොකටද දෙන්නේ?

      මේ සිලෙක්ෂන් කරනකොට තේරෙන දෙයක් තමයි බොහොම සුළු වෙනස්කම් වලින් තමයි ගොඩක් ඒවාට ලකුණු ලැබෙන්නේ. ඉතින් 5%ක් වගේ කියන්නේ ලොකු ප්‍රතිශතයක් එහෙම බැලුවම.. එපා කියල ගස්සාගෙන යන උන්ට වඩා කට්ට කාල එතනට එන/ කාව හරි එවන එකෙකුට සම්මානේ දෙන එකෙන් මට හිතෙන්නේ ඒ සම්මානෙට වැඩි වටිනාකමක් දෙනවා.

      Delete
    4. ඕක සම්මාණ උළෙලක් නෙමෙයි එහෙනම්..

      අනන්ත්වත් සම්මාණ උළෙලවල් වල සම්මාණය ලබා නොගන්නා අවස්ථා ඕන තරම් තියෙනවා..

      ඔය ඇවිල්ලා අපි එක්ක ඉන්න ඕන... එහෙම නැත්නම් සම්මාන නෑ කියලා.. ගුරුකුළයක් හදාගන්න ගේමක්..

      මෙහෙම සම්මාන උළෙලක් ගැන මම නම් ඇහුවාමයි..

      Delete
    5. @ හෙන්රි අයියා & මතා +++++

      Delete
    6. අර අටමගේ පෝස්ට් එකේ සෙරෙන්ඩිබ් ඔටුවා කියපු එක කරලා නිකන් ඉමු එහෙනං.. සම්මාන ටික කුරියර් කරලා ගෙවල් වලට යවල අපි අත පිහද ගමු. උන්ට වදෙකුත් නෑ අපිට වදේකුත් නෑ.. මොකටද උත්සව තියන්නේ මිනිස්සු එන්නේ නැතුව..

      තව ගොඩක් දේවල් ටයිප් කරා.. ආයේ මොකටද කියල මකල දැම්ම.. :) කෝපරේට් රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවනේ..

      Delete
    7. පළවෙනි එකට කී දෙනාද ඇවිත් උන්නේ...
      අපි දහයක්වත් හිටියේ නෑ..
      අපිට වඩා හිටියේ මාද්දියකාරයොයි, රොක් බෑන්ඩ් දෙකේ උනුයි.. උන්ගේ ෆෑන්ස්ලයි... ඒ කියලා ඒක වෙන මක්කත් නෙමෙයි නේ... බ්ලොග් සම්මාණ උළේලම උනා...

      දෙවනි එකටත් සම්මාණලාබින් බොහෝ දෙනෙක් නෑ...
      නමුත් ඔවුන් තමයි සම්මාණ ලැබිය යුතු අය..

      උඹ නේවී කාරයෙක් නිසා උඹත් එක්ක මගේ වාදයක් නෑ... ඒ උඹලා පුරුදු වෙලා ඉන්න ක්‍රමය... හමුදාවේ එහෙම වෙන්න ඇති...

      මේක සම්මාණ දීමක් නෙමෙයි.. උසාවියෙන් වරෙන්තු නිකුත් කරලා පොලීසියෙන් අල්ලගෙන ගිහින් කූඩූ කරනවා වගේ වැඩක්..

      බ්ලොග් කියන්නේ කාටවත් අයිති දෙයක් නෙමෙයි.. පූර්ණ නිදහස් මාධ්‍යයක්..

      සම්මාණ උළෙලක් තියන්න කලින් ඒ දේ පිලිගනිල්ලා..

      මේවා නිකන් තගරි කේස්.. බ්ලොග් ගැන නොදන්න උන් ඒවා කොරන්න ගියාම ඔහොම වෙනවා.. උන් මනින්නේ උන් ඉන්න තැන්වල ක්‍රමය අනුව..

      මේවා රට්ටු හිනස්සන වැඩ ...

      Delete
    8. ලකුණු ප්‍රතිශතයෙන් 5%ක් වගේ සම්මාන උළෙලට සහභාගී වීම වෙනුවෙන් වෙන් කරනවා කියන එක නිසා සම්මානයක් ලැබීමට සුදුසු අයෙකු පැමිණෙන්න බැරි හේතුව නිසාම "නුසුදුස්සෙක්" වෙනවා කියන්නේ සම්මාන ගන්න පැමිණීම අනිවාර්ය කරලා වගේ වැඩක්.
      මේක සම්මාන මණ්ඩලයේ අය ගත්තු තීරණයක් නම් සම්මාන සඳහා පැමිණීම අනිවාර්ය නිර්ණායක් විදියට සලකන්න එහෙනම් කරන්න දෙයක් නැහැ.හැබැයි එහෙම උනාම සම්මානේ වටිනාකමයි අඩු වෙන්නේ බං මටත් හිතෙන හැටියට.

      Delete
    9. //මේක සම්මාණ දීමක් නෙමෙයි.. උසාවියෙන් වරෙන්තු නිකුත් කරලා පොලීසියෙන් අල්ලගෙන ගිහින් කූඩූ කරනවා වගේ වැඩක්..// හම්මේ.. සම්මානයක් සඳහා නිර්දේශ කරනකොට දෙන ලකුණු සීයෙන් 5ක් සම්මානය ලබා ගන්න එනවට නැත්නම් ඒ වෙනුවෙන් නියෝජිතයෙක් එවන්න සුදානම් කියන එකට වෙන් කරන එක එච්චර දරුණු කේස් එකක්ද බං? :p සාමාන්‍යයෙන් ඕනෙම පැනල් ඩිසිෂන් එකකදී 5%ක් තියනවා ඒ පැනල් එකේ discretion එකට.. මේකත් 'නෙලුම්යාය සම්මාන උළෙල' කියන එක ප්‍රමෝට් කරන්න එකේ ජජ් පැනල් එක විදියට අපි ගත්ත තීරණයක් විදියට බලපන්..

      තව එකක්.. මොකෙක් හරි මහන්සිවෙලා සම්මාන උළෙලක් ලැස්ති කරලා කවුරු හරි ලියන එකක් අගයන්න උත්සහ කරනකොට ඒකට අඩුම තරමින් හිනාවෙලා ස්තුතියි කියන්න වත් නැමෙන්නේ නැති වෙන එකද 'බ්ලොගා ලගේ' අනන්‍යතාවය? සම්මාන ලබන එකාට moral value එකක් කියල දෙයක්වත් නැද්ද අඩුම ගණනින් මේක Appreciate කරන්නවත්. තමන්ට සම්මාන අවශ්‍ය නැත්නම් කලින් නැත්නම් නිර්දේශ උනාම කාරුණිකව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එන්න විදියක් නැත්නම් පොඩ්ඩක් උත්සහ කරලා වෙන කෙනෙක් යොමු කරන්න පුළුවන්. එහෙමත් බැරිනම් ඒ බව දන්වල සුබ පැතුමක්/ පණිවුඩයක් දෙන්න පුළුවන්. ඒ හැම එකක්ම අපි පිලිගන්නවා.

      ඒ මොකක් වත් නැතුව ලොකු සීන් එකේ ඉන්න උන්ටත් අවස්ථාවක් තියෙනවා.. ඒ උන් ලියන ඒවා එක්සේප්ෂනල් නම්.. බය වෙන්න දෙයක් නෑනේ.. පස්සෙන් ඉන්න එකාට සාපේක්ෂව ගොඩක් ඉස්සරහින් ඉන්නවනම් පස්සෙන් ඉන්න එකාට 5% ක් එකතු උනා කියල ප්‍රතිපලේ වෙනස් වෙන්නේ නෑ.

      //මේවා රට්ටු හිනස්සන වැඩ ...// රට්ටු මොනවටද බං හිනා නොවෙන්නේ.. රට්ටුන්ට ඕනේ විදියට ඔක්කොම කරන්න බෑ.

      Delete
    10. මනෝජ් ගේ කමෙන්ට් එක දැක්කේ පස්සේ..

      මේක අදාල වෙන්නේ සම්මානේ එපා කියල ප්‍රතික්ෂේප කරන්නෙත් නැති, සම්මානේ ගන්න නියෝජිතයෙක්වත් එවන්නෙත් නැති, අඩුම තරමින් ඒ ගැන සංවිධායක මණ්ඩලය එක්ක කතා කරලා තීරණයකට එන්නෙත් නැති බ්ලොගර්ස් ලට විතරයි. මගේ මුල් රිප්ලයි එකේ උදාහරණත් එක්කම කියල තියෙනවා.

      සම්මාන දෙන එකා වේදිකාවේ සම්මානෙත් අතේ තියන් බලං ඉන්නවා. කම්පියර් කරන එකා නම කියා කියා කතා කරනවා.. මොකෙක්වත් නෑ සම්මානේ ගන්න. ඊට හොඳ නැද්ද තමන්ට එන්න වෙන්නේ නැත්නම් වෙන එකෙක්ව නොමිනේට් කරන එක? කවුරුහරි දන්නා කියන එකෙක්ව එවන එක? එන්නම බැරිනම් කතා කරලා කියන එක? (එහෙම උනාම නම ප්‍රකාශ කරලා නොයෙන බව කියන්න පුළුවන්) ඇයි ඕක මහා අමාරු දෙයක්ද? ඕක කරා කියල මොකක්ද නැතිවෙන්නේ බ්ලොගාලගේ? නැත්නම් බ්ලොග් අවකාශේ නිදහස නැති වෙනවද? එතකොට ඔය සම්මාන එපා කියල, සම්මාන වලට නිර්දේශ නොවී, කට්ට කාගෙන ඇවිත් අප්පුඩි ගහන උන් බ්ලොගාල නෙවෙයිද? උන්ගේ නිදහස ඔක්කොම නෙලුම්යායෙන් බදු අරන්ද? නැත්නම් උන්ට වෙන මොකුත් ගෙවනවද? මේවා කතන්දර මචං..

      සම්මානෙට අවමන් කරන්නේ අන්න ඒ නෝනලා මහත්තුරු.. අපි නෙවෙයි.

      Delete
    11. අපි එන්න කියල කියන්න සම්මාන ගන්නම කෙනාට නෙවේනේ. වෙන කවුරු හරි (පවුලේ කෙනෙක්) එවැන්න පුළුවන්. නැත්නම් යහලුවෙකුට කියන්න පුළුවන්. ගුණසිංහ මහත්මයා පුතාව එව්වා. ඒ වගේ කරපු කිහිප දෙනෙක් ඉන්නවා. කවුස්හි අරියබන්දු බැරි මරගාතේ වැඩ තියෙද්දී ඇවිත් ගියා. නමුත් සමහරු ආවේත් නැහැ. කවුරුවත් එව්වෙත් නැහැ. කල්‍යාණ මිත්‍ර දුව දුව ගියා ඒවා දෙන්න. සමහරු සල්ලි විතරක් දෙන්න කිව්වා ලී කෑල්ල විසි කරන්න කියල. අම්බානක බැනලා නොයෙකුත් හේතුන් දක්වල ඊට පස්සේ එහම කරන කොට ඉතින් අපටත් හිතෙනවනෙ අපි පස්සෙන් දුවන්නේ මොකටද කියල. තවම කල්යනමිත්‍ර ගාව තියනවා සමහර සම්මාන. කල්‍යාණ මිත්‍ර අතින් වියදම් කරගෙන කාලය නාස්ති කරගෙන එහම කරන්නේ මොකටද? අපි එයාට ගෙවනවද? එයාට මුකුත් ලැබෙනවද? නැහැනේ. ඔය සමහර ඇනෝ ලා හිතන් ඉන්න විධිහට කලණයට මුකුත් ලැබුනද මාතේ ? බැනුම් නම් ඒ මනුස්සයටත් ඕං තරම් ලැබෙනවා. ඕකනේ ලංකාවේ හැටි. බනින්න පුළුවන් ඕන කෙනෙකුට. දෙයක් කරන්න මිනිස්සු තමයි හොයා ගන්න බැරි. වරෙල්ලකෝ එකෙක් හරි ඔය අටමයි කලණයයි කන කට්ට කන්න. බ්ලොග් ලිපි තොගයක් කියවන එක ලෙහෙසිද බොලල්ල. මට දහසකුත් එකක් වැඩ. ඒත් කොහොම හරි වෙලාව හොයාගෙන මේක කරනවා. කලණ ත එහමයි, අටමත් එහෙමයි. ඉවාන් අතත් තුවාල කරගෙන. ඒත් මහන්සි වෙනවා.

      ඇයි අපි එහෙම කරන්නේ. අපි අවස්ථාව දුන්නනේ හැම පාරම එන්නේ නැහැ හෝ සම්මානය එපා කියන්න. ඇවිද්ද පය, දේශකය , හැලපේ හෙම එහම කළානේ. අපි අහන්නේ කාවහරි එවන්න. එන්නේ නැත්නම් තව බ්ලොග් යහලුවෙකුට කියන්න පුළුවන්. ඇවිල්ල් පස්සේ හරි සම්මානය ගන්න කිව්වත් එන්නේ නැහැ. එහෙම කිහිපයක් කල්‍යාණ ගාව තියනවනේ.
      එන්නේ නැත්නම් 5% අයින් කරන තීරණය හෝ එන අයට 5% දෙන එක අයින් කරමු. ඒක අසාධාරණයි කියල හිතෙනවා මටත්. කල්‍යාණ/අටම මොකද කියන්නේ?

      Delete
    12. අයින් කරන්න එපා.. අසාධාරණ නෑ. 95% න් ලකුණු දීල නිර්දේශ කරන්න.. ඉතුරු 5 අපි විනිශ්චය මණ්ඩලේ තීරණය කරමු. ගොඩක් ලොකු වෙනසක් නැතුව ආසන්නයෙන් යන වෙලාවක නොයෙන එකාට වැඩිය කට්ට කාගෙන එන එකාට ෆේවරේෂන් එකක් දෙන එක වටිනවා.

      Delete
    13. අජිත්,

      වැරද්ද තියෙන්නේ උඹලගේ අතේ.. සම්මාණේ ගන්න එන්නේ නැත්නම්. ඒක එතනින් ඉවරයි. සම්මාණ උළෙල සම්මාන දවසට විතරක් තියා ගන්න.. එතකොට ඔය කිසි අවුලක් නෑ..

      Delete
    14. පැමිනීමට 5% දෙනවා කියන්නේ අල්ලසක්..

      අපි උඹලා විරුද්ධ ඒ වගේ දේවල් වලට නේද...?

      කැමත්තක් කරගන්න.. අපේ කිසි අවුලක් නෑ.. අපි සම්මාණ ලාබින් ඉතරයි... අපි දෙන්නේ නෑ නේ..

      මගේ සත පහ මින් නවත්තමි

      ජයම වේවා....!!!

      Delete
    15. මාතා කියපු එක දේකට මම බොක්කෙන්ම කැමතියි. සම්මාන උළෙල එදායින් ඉවරයි.. අනිත් උන්ට අම්ම#$% $# ගන්න කියනවා.. මෙදා සැරේ එච්චරයි..

      Delete
    16. This comment has been removed by a blog administrator.

      Delete
    17. @මාතලන්
      Maathalan - Priyantha Hewage8 March 2017 at 13:02
      මෙතැන මාතලන් කිව්වා කාරණා අල්ලාගෙන මඩක් යන නිසා පැහැදිලි කිරමක් කරමු නේද? මාතලන් දහයක් කිව්වේ අර මම මුලින්ම දැකලවත් හිටියේ නැති මාතලන්ට කෝල් කරලා කිව්වා කතාවනිසා වෙන්න ඇති . දහයක් ආවොත් තියනවා කියල කිව්වේ මතකද?
      දැන් ගණන් හැදුවොත් එදා උළෙලෙන් පස්සේ (පලවෙනි එක) සෙට් වුන අපි දහයක් විතර. ඔයා, ඇවිද්ද පය, අටම , කල්‍යාණ , මම , ප්‍රසන්න, දුලිප් ඇතුළු තව 4, 5 ක්. හරිය. එතකොට ඇවිත් හිටිය දිලා , බස්සි, මනෝජ් පෙරේරා, ඉවාන් ( එදාම) , ලොකු පුතා?? ෂුවර් නැහැ අජිත් පැරකුම්, නාලක ඇතුළු පිරිස 20කට වැඩියි. ජන මාධ්‍ය වේදියෝ හා සංගීත කණඩායමේ කට්ටියත් එකක් 60 විතර හිටිය.
      දෙවෙනි එක:
      තෝරාගත් බ්ලොග් සම්මාන 54න් 40ක් විතර ආව. තෝරා නොගත් අය 30 පමණ හිටිය. බ්ලොග් කරුවෝ 70, ජන මාධ්‍ය වේදීන් හිටියේ නැහ බීබීසී වාර්තාකරු චාමි ඇරෙන්න. අනිත් අය 80 පමණ හිටිය. ඔක්කොම 150 වගේ හිටියා. මේ නාට්‍ය කණ්ඩායම් ආදිය හැර. පින්තුර බලන්න. මේ සැරේ මම හිතනවා 200- 250 අතර එයි කියාලා. ස්ථාන දැනට තියෙන්නේ 250යි. ඉන්විටේෂන් දෙන්නේ ඒකයි. බ්ලොග් සම්මාන ලෙබෙන කට්ටියට අඩුම ගණනේ කාව හරි එවන්න කියන්නෙත් ඒකයි එන්න බැරි නම්. .

      Delete
    18. This comment has been removed by a blog administrator.

      Delete
  27. ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අර බයිසිකලේ මල්ලිව එවන්න්න්ද එක්කරගෙන යන්න

      Delete
  28. ලින්කුව වැඩ නෑනෙ...
    මාත් අනිවා එනවා.කොහොමැයි මාර්ක් කොරන්නෙ වැඩ නැති එකේ

    ReplyDelete
  29. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. එන්න අනේ 'නෙලුම් විලට' කේක් කවන්ට
      බ්ලොග් කරුවනි මේක අහන්ඩ හා... හා... හා....

      ලන්ඩන්වල තට්ටජියට හොලිඩේ එන්න
      එයා-මවිල් ඩොනෙට් කරන්න //

      මාතලන් ඉන්නවා - ඉයන්ගේ ### පේනවා
      කමියා ලෑලි ඉරනවා - අටමා ගොට්ට ගහනවා
      #### කාඩ් බෙදනවා - දේශකයත් එනවා
      තවත් එවුන් බෝතලේට දෙකට නැවෙනවා

      එන්න මෙයා 'නෙලුම් විලට' තේත් පොවන්ඩ
      ඔයාලාගේ මොළ හෝදන්ඩ හා... හා... හා....

      චාටර් වුනු පාන්ඩුවට සපෝර්ට් කරන්ඩ
      සම්මානත් අරගෙන් යන්ට //

      මෙතන උගුඩු ජෝඩුවයි - සජ්ජා නිසැකවම හිදියි
      මෙන්ඩ නම් ෂුවර් තමයි - සුදීක හාෆ් වගේ තමයි
      surangamlr ####### එක්කගෙනම එයි
      ################################

      වරෙන් මචන් 'නෙලුම් විලට' ඩෝප් දාන්ඩ
      හුරුල්ලොන්ව බයිට් කරන්ඩ හා... හා... හා....

      බැදුම්කරේ සල්ලි වලින් බිල වැනෙන්න
      අගමැටියගේ නම බේරන්න //

      පොඩ්ඩක් එඩිට් කරා.. අහක ඉන්න එවුන්ට මඩ වදින එක අවම කරන්න.. නැත්නම් හොඳ නිර්මාණයක්..

      Delete
    2. උඹ ඔර්ජිනල් එක විකෘති කරල වගෙයි පේන්නෙ. අජිත් නිවාඩු එන කතාව මතක් කරල අපි ලගදිත් හිනා උනා. ඔර්ජිනල් එක තියපං බං අනාගතේදි අපිට බලල ලේ පිරිසිදු කරගන්න.

      Delete
    3. පොඩ්ඩක් වෙනස් කරා.. අහක ඉන්න උන්ට මඩ වදින එක අඩු කරන්න.. අපිටනම් ගානක්වත් නෑනේ..

      Delete
    4. @කම්මල හිනා වෙලා තර වුනොත් මට බනින්න එපා ඔන්න.

      Delete
    5. මොකාද බොල මේ ඇනෝ??

      Delete
  30. අපි වගේ කො.කා. ලට මොකුත් නෑ වගෙයි.

    ReplyDelete
    Replies
    1. කොකාලට සලකන්නේ වසන්තේ විතරයි නෙහ්.. :)

      Delete
    2. හොඳට මාලු ඉන්න තැනකට ගියානම් කොකාලට හොඳ චෑන්ස්.

      Delete
    3. හුකා.. දියවන්නාවෙත් මාළු ඉන්නවා හැබෑට!

      Delete
    4. ඔතන තනි කකුළෙන් හිටං මාළු බාන්න ගියොත් කවුරු හරි ෂූට් කරයි.

      Delete
    5. ඔව්. බලාගෙන.. අටම අතේ තුවක්කුවමයි මේ දවස්වල..

      Delete
    6. ඉයන්ගෙන් බත් පැකට් එක අරගෙන වටරුමට යමන් අපි දෙන්න උද්ගොසනය කරමු

      Delete
  31. සම්මානයක් දෙනවනම් විතරයි එන්නේ, අඩු ගානේ එනවට හරි සම්මානයක් දෙන්න ඕනේ...
    නැත්තන් බැහැ...

    ReplyDelete
    Replies
    1. මාත් හිතං ඉන්නේ එහෙමයි.. ;)

      Delete
  32. සිරි ලංකාවට ඇවිල්ල ගොහිo වැඩි දොහක් නැහැනෙ හිටං !

    සම්මාන එපා හැබැයි ටිකැට් එකක් දෙනවනං ඕං නොවැරදීම එනව ��

    ReplyDelete
    Replies
    1. අම්බෝ.. මෙන්න තවත් එයා මයිල් කේස් එකක්.. :)))

      Delete
  33. පහසුවටත් වාසියටත්
    දැන දැන වැරදි කරනවා
    එහෙම කලත් නිදහසටත්
    කියන්න කරුණු තියෙනවා
    නැතිනං හදල කියනවා
    නැතිනං හදල කියනවා

    ReplyDelete
    Replies
    1. හරකෙක් කොහෙද මා ළඟ.. කඹය නේ අල්ලං ඉන්නේ... :)))

      Delete
  34. Replies
    1. ඒ පැත්තේ එන්න අදහසක් නැතෙයි?

      Delete
  35. මොකද්ද අයියා නෙලුම් යාය කියන්නෙ? කොහෙද ඔය කියන වතුර කොන තියෙන්නෙ. මොකක්ද ඕක පිට්ටනියක්ද නැත්තං කැලෑවක්ද? ඔහේ නේවිකාරය හින්ද ඔය වතුර තියෙන තැන්වල ඉන්න කැමති උනාට අපි ඔය වතුර කොංවල ඉන්න කැමති නෑ. වැටුනොත් පීනන්නත් බෑ. මටනම් බෑ.

    ReplyDelete
    Replies
    1. මම මේකට දෙන උත්තරේ උබේ රීඩර් ගැජට් එකට කියවගන්න බැරිවෙයි කියල හිතුන නිසා ලියන්නේ නෑ. හැක්. :)

      Delete
    2. මොනවද වතුර කියන්නෙ. වතුරෙ පීනන්න පුලුවන් ද?

      Delete
    3. වතුරේ මාළු බාන්න පුළුවන්

      Delete
  36. සන්තෝසයි සන්තෝසයි..... මම දැන්ම ඉදන් ලැස්ති වෙනවා ඔතනට එන්න... මට නම් විනාඩි 04 යි පි එන්න තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. විනාඩි හතරයි කියුවේ පීනන්න ද? :)

      Delete
  37. මාත් එනෝ බොලව්...
    පන්ති ටික සේරම කැන්සල් කරලා එන එක එනවාමයි

    ReplyDelete
    Replies
    1. පොත් විසි කරලා ඔය කැමරා හොම්බත් අරන් වරෙන්.. :)

      Delete
    2. හොම්බ ගැලවිලා කෙළවිලා බං ඉන්නෙ...
      කැමරාව නැතුව මං නිකං අස්සයා මැරිච්චි කව්බෝයි වගේ
      නයා මැරිච්චි පනික්කියා වගේ... කොටිංම කිව්වොත්
      බ්‍රා එක අතේ නැති මෙන්ඩා වගේ...

      Delete
    3. හැබෑට? කැමරාව නැති ඩිල්ශාන් බ්‍රා එක නැති මෙන්ඩ වගේ.. හැක හැක හැක..

      Delete
    4. නෙද්දකිං...
      හිනාවෙන්න එපා ගෙම්බෝ... මට කෙළවිලා ඉන්නෙ..

      Delete
    5. හුකා.. උඹ දීපු උදාහරණේ දැක්කම මට ඒකත් අමතක උනා.. හැබෑට.. ඕක ඉක්කනට ගොඩ දා ගන්න බලපන්.. අමාරුව මට තේරෙනවා.

      Delete
    6. එදාට බිලා තොට බනිනවා

      Delete
    7. තෝ බැන්නත් ගැහුවත් මං එදාට එනවා... මට උඹේ හපුටු මූණ බලන්න ආසයි

      Delete
  38. දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළිකාර චෞර සමාගමක් වන බ්ලූමවුන්ටන් සමාගම විසින්
    සම්පෝෂණය කරන මෙමෙ සම්මාන උළලේ දී උන්ගේ බැනර්දියත උයනේ මුලසිට පොල්දුවේ හෝල් එක ගාවට එනකම් සෑම ලයිට් කණු /ෆෝන් කණු වල බැනර් /පෝස්ටර්ගහන්න එල්ලන්න තව හෝල් එක ඇතුලේ බැනර්එල්ලන්න ඕනේ නේ. කවුද ඒවා කරන්නේ බලු මව්න්ටන් සෙට් එකම ද ?
    අර ඇඹිලිපිටියේ බදාමයා බාර දෙන්න එක කොන්ක්‍රීට් විදිහට වැඩේ කරයි

    ReplyDelete
    Replies
    1. අම්බෝ.. උඹ දන්නා දේවල්.. මොනවා තිබ්බත් අවුලක් නෑ. මේ පාර ඔක්කොම කරන්නේ ඉවෙන්ට් මැනේජ්මන්ට් ටීම් එහෙකින්. අපිට තියෙන්නේ ෂපාන් එකේ බලං ඉන්ඩ :)

      Delete
    2. එත කොට සැරබොන්න දෙන්නේ ඔකේ තියන ලෝන් බාර් එකෙන්ද ?ඉවෙන්ට් මන්ජ්මන්ට් එකට ගෙවන්නේ බ්ලුමවුන්ටන් දේපල වෙලේන්දොනේ
      හැබැයි ඒවා අපරාද සල්ලි නොකියලා මිත්තරයට සුවර්ද ?

      මොකා බං උඩහා දිහා මාතලන් උඹලගෙ රෙදි ගලවලා තියෙන්නේ පෑනහන් දියවන්නා ඇලේ.. ඔකේ කිඹුල්ලු නෑ සෙට් එක කන්න අනික කන්න කියලා සෙට් එකක් තියෙන්නත් එපායැ ඔබතුමාලට

      ඕනෙනම් සුබුතිපුරේ කොරනේලිස් ලේන් එකේ සෙට් එකක් ගෙනල්ලා හෝල් එක පුරවන්නම් එල සුවර් බඩු උන්. පින් නම්බර් එක විතරයි උන්ට ඕනේ ඇතුලට එන්න .

      Delete
  39. උදාවෙන්න නියමිත සුන්දර දවස
    යොදාගත්ත වෙන වැඩ මග හැර විගස
    බදා ඉඹින්නට නෙලුමක රස පහස
    හොදා මමත් එනවා එදිනට සවස.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමි උඹේ කවිය සේම..
      පැමී නීම අගෙයි බෝම..
      බමී කඩන් ඕනේ තැනක..
      කමී කියන් වරෙන් ලඟට.. :)

      Delete
    2. බමී නෙවෙයි බැමී.. :)

      Delete
  40. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  41. එත කොට සැරබොන්න දෙන්නේ ඔකේ තියන ලෝන් බාර් එකෙන්ද ?ඉවෙන්ට් මන්ජ්මන්ට් එකට ගෙවන්නේ බ්ලුමවුන්ටන් දේපල වෙලේන්දොනේ
    හැබැයි ඒවා අපරාද සල්ලි නොකියලා මිත්තරයට සුවර්ද ?

    මොකා බං උඩහා දිහා මාතලන් උඹලගෙ රෙදි ගලවලා තියෙන්නේ පෑනහන් දියවන්නා ඇලේ.. ඔකේ කිඹුල්ලු නෑ සෙට් එක කන්න අනික කන්න කියලා සෙට් එකක් තියෙන්නත් එපායැ ඔබතුමාලට

    ඕනෙනම් සුබුතිපුරේ කොරනේලිස් ලේන් එකේ සෙට් එකක් ගෙනල්ලා හෝල් එක පුරවන්නම් එල සුවර් බඩු උන්. පින් නම්බර් එක විතරයි උන්ට ඕනේ ඇතුලට එන්න .

    ReplyDelete
  42. මම එමි.ඒත් අතර මැද පැනලා යන්ට වෙන එක තමයි හිතේ අමාරුව.
    කියන්න බලන්ට මට පාර හොයා ගන්න මේ පාර උදවු කරන පිංවතා කවුද කියලා 177 ආහැකිද?

    හිනා වෙන්ට එපා මං කොළඹටත් කොලඹ මටත් ආගන්තුකයි නොවැ...අපි කැලේ පිපුන මල් නොවැ

    ReplyDelete
    Replies
    1. 177 පුලුවන්
      ~~ජ​'පුරේ ජූනියර් බැචෙක්~~

      Delete