Saturday 16 May 2020

ඔබට..

How To Be A Better Husband So You Can Seduce Your Wife And Have ...
Courtesy- Google Images 

සඳත් රහසේ මුමුණ මුමුණා
කැළුම් මුව විහිදන කලාවේ..

රැයත් නිදි නැති හිතට හරි බර
සිහින් සිතිවිලි කවි ගෙනාවේ..

නෙතත් සවනත් යොමා අහසට
හිතක් බර කල පෙම් කතාවේ..

නුඹත් හොර රහසේම සිටියා
සුවඳ ගෙන මනකල් හිනාවේ..

- ක.මි.

12 comments:

  1. අදත් එදවස මෙන්ම නුබකුස
    සඳක් පායා ඇති වෙලාවේ

    සිතත් මගේ හදවතත් හඬතේ
    අපේ පෙම ගැන හුදකලාවේ

    ඔබත් ඔබගේ අලුත් පෙමටත්
    ලොවේ කිතුග‌ොස හිමිවුණාවේ

    මටත් මගෙ සිතටත් දුකක් නැත
    මා ඔහේ අමතක වුණාවේ

    ReplyDelete
    Replies
    1. දුන්නත් දුකක් ඔබ හැර ගොස් කොලුකමට..
      පිපුනා ඉහේ මල් ඔබේ කවි පිළිතුරට.. :)))

      සුපිරි ඈ! ෆේස්බුක් එකේ වගේ මේකේ wow රියක්ෂන් එකක් නැති එක අඩුවක්.

      Delete
  2. රාළහාමිලා රටටම කොරෝනා බෙදලා දැන් කයිපද කරේ තියං යනවද?

    ReplyDelete
    Replies
    1. කයිපද කරේ තියාගෙන දැන් ගංවතුර සහනාධාර බෙදන්න යන්න වෙලා අනේ.. කොරෝනා බෝ වෙයිද මන්දා ගඟේ ගහගෙන යන උන්දලාට? :)))

      Delete
  3. චිචීගෙ කවි පෙලට වඩා
    මේ කවි මට වටිනවාය
    මගේ කලණ මිතුරෝ

    ReplyDelete
    Replies
    1. චි..චී.. කියනවා ඉස්සර අපේ අම්මලා වටිනා දේ වලට ඇස්වහ දුරු වෙන්ටය කියල.. ස්තුතියි ඇනො මිතුරෝ :)

      Delete
  4. Replies
    1. ආයිස්.. වැටක් ගහල හා කියන්නේ නැතුව :))))

      Delete
  5. සුන්දර පද පෙළක්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! වසත් සුළඟ මොකෝ මේ ටිකේ නිහඬ?

      Delete
  6. හිතේ තුටින් එතකොට කවි ලියවෙනවා

    ReplyDelete