Friday 29 May 2020

Essential Services! දියණියකගේ සුසුමකුරු හෙවත් (මග හැරෙන) අත්‍යාවශ්‍ය සේවා !

කවිකාරී..

අප්පච්චිවත් නැතුවම බැරි
ඔය මහා ලොකු සයිට් එකේ..
වැඩ පටන් ගන්නට ඕන වෙන්නැති
ගෙන්න ගත්තේ හදිසියේ..
යවන්නට හිත ඉඩ නොදුන්නත්
ගෙදර ඉඳලත් බැහැලුනේ..
අපි හැමෝවම මතක් වෙනවැති
තනිවෙලා ඉද්දිත් ඔහේ..

ගෙදර ඉදගෙන සමරන්නමයි
වෙසක් ආවෙත් මේ සැරේ..
මං හැදූ පොඩි වෙසක්  කූඩුව
පෙන්නන්නමයි එනතුරු ලතැවුණේ..
පාට පාට බකට් පත්තු කරල
එල්ලුවා මම ලොවි ගහේ..
ඒත් නිකමට පෙනුනෙ නෑනේ
අප්පච්චි එල්ලුව වගේ..

මූණ බල බල කතා කරන්න
පුළුවන් උනත් Whatsapp එකේ...
ඒක තිබ්බට සුවඳ කෝ මට
අප්පච්චි නිදියන ඇඳේ..
පත්තු කරන්න හිතුනෙ නෑ මට
පහුවදාටත් ඒ වගේ..
හැම තාත්තා ම කොළඹ නැවතිල ද
ඔය කොරෝනාවට බයේ...

- රෂ්විනී  යාපාබණ්ඩාර

28 comments:

  1. මුස්ලිම් මිනිසුන්ගේ දේහය ඔවුන්ගේ ආගමික චාරිත්‍ර වලට අනුව භූමදානය කිරීමට ඉඩ නොදුන්නේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන තිතටම සැලකිලිමත් වූ නිසාය.

    වැඩේට අපද එකග වුනි...

    ආගමික සහ සංස්කෘතික විශ්වාසයන් වලට ඉහලින් මහජන සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කල යුතුය.

    ♦ සිංහල අළුත් අවුරුද්ද සමරන්නට ජනතාවට රැස් වීමට ඉඩ නොදුන්නේ නිරෝධායන පනතේ වගන්ති අකුරක් නෑර ක්‍රියාත්මක කිරීමට රජයට සහ සෞඛ්‍ය අංශ වලට උවමනා වූ නිසාවෙනි.

    වැඩේට අපද සහය දුනි.

    වසර දහස් ගණනක් තිස්සේ සමරන සංස්කෘතික උලෙලක් උවද මේ මොහොතේ ඊට වඩා මහජන ආරක්ෂාව ඉහලින් තැබිය යුතුය.

    ♦ සම්බුදු තෙමගුල සැමරීම සදහා කිසිදු මිනිසෙක් පන්සලකට රැස් වූයේ නැත . දන්සල් දුන්නේ නැත.
    ඒ සදහා රජය තහංචි පැනවූයේ බුදුන් දෙසූ ධර්මයටම අනුව ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දිය යුතු හෙයින් මේ මොහොතේදී පවතින ජාතික ආපදාව ගැන සැලකිලිමත් වීමෙනි.

    එයටද අප එක සිතින්ම එකග විය.

    බුද්ධ ජයන්තිය උවද සැමරිය යුත්තේ ජනතා ජීවිත රැකගෙනය.

    ==================================

    ⛔අවසානයේ තොණ්ඩමන් මිය ගියේය.

    දැන් රජයේ නිරෝධායන පනත බල්ලගේ පුකේ බැන්ද මී වදයක් මෙන් ය.

    සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ආගිය අතක් නැත.

    නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ නීති සහ විධානයන් දෙපරැන්ද අස්සෙන් බේරී ගොසිනි.

    විශ්වය පුරා විහිදී ගිය ජය රාවයක් ඇති
    වැඩ කරන අපේ විරුවාගේ විනය ගරුක රටේ කාටත් එක හා සමානව ක්‍රියාත්මක වෙනවා යැයි කී නීතිය සමගම විරුවා ඇද සිටි වස්තරයද වාෂ්ප වී ඇත.

    පාරේ , සුපර් මාකට් එකේ පෝලිමේ , හන්දියේ කඩේ , ෆාමසියේ දොර ලග පෝලිමේ සිටින මිනිසුන්ගේ ඇගට කඩන් පනිනා යුනිෆෝම් ඇදි මහත්තුරුන් අද තොණ්ඩමන්ගේ මල මිනිය වටා පොදි කන මී ගව රැල සමග එක පෙලට සමාන්තරව නිශ්ශබ්ද මුවින් බිම බලාගෙන ගමන් කරති.

    ==================================

    ආණ්ඩුවට කිසිදා ඡන්දය නොදෙන මුසල්මානුවන්ට සහ ඡන්ද බලය නොමැති බුදු හාමුදුරුවන්ට නිරෝධායන නීතී අකුරට ක්‍රියාත්මක වෙන අතර ලක්ෂ දෙකක පමණ ඡන්ද මල්ලක් කරේ එල්ලාගෙන සිටින තොණ්ඩමන්ලා ඉදිරියේ නිරෝධානය නීති මල්වානේ නිවසේ අයිතිකරු මෙන් අතුරුදන් වී යති.

    බෙලිඅත්තේ මහ බයියන්ට හෝ උන්ට කඩේ යන කිසිම අවලමෙකුට නැවත ඡන්දය නොදී සිටීම පමණක් නොව ,
    එලඹෙන මහ මැතිවරණයේදී ඡන්දය ඉල්ලාගෙන එන ඕකුන්ගේ ගෑවිච්ච එකෙකුවත් වත්ත හතර මායිමට වද්දා නොගත යුතුය.

    එක අතකට පොලොන්නරුවේ ඩඩ්ලි සිරිසේන හාල් හැංගීමද සාධාරණය.

    දේශපාලන වාසිය සදහා ඕනෑම අසික්කිත , මජර , අවලං ක්‍රියාවක් සදහා පෙලඹෙන මුන් වැනි හරකුන් සදහා හාල් අලෙවි කිරීම ජාතික අපරාධයකි...

    බන්ධුල ගුණවර්ධන මෙන් රට පුරා තණකොල පිට්ටනි සාදා මැදමූලන ගව රැල ඒවා දිගේ දිගේලි කල යුතුය.

    ප්‍රභාකරන් තොපිට ගහපු බෝම්බත් අපරාදේ !!

    ReplyDelete
    Replies
    1. +++++++++ සෑහෙන්න දුරකට එකඟයි!

      Delete
  2. ලස්සනයි, හැඟීම්බරයි දෝනිගෙ කවි පන්තිය..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා අන්කල් :))

      Delete
    2. හිනා මූණු මක්කටෙයි..අන්කල් තමා... :)

      Delete
    3. :)))))))))))))))) කෝකටත් කියල දාල තිබ්බ.. හෙහ් හෙහ්..

      Delete
  3. හරිම ලස්සනයි. ගොඩක් හිතට දැනුණා. ඒ කාලෙ තාත්තත් එක්ක එකතු වෙලා වෙසක් සමරපු විදිහ මතක් වුණා. මේ දෝණිට ඊලඟ අවුරුද්දෙවත් අප්පච්චි එක්ක වෙසක් කූඩු හදන්න පුළුවන් රටක් අපට ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරින්දී අක්කි :)) (ඇන්ටි කියල ගුටි කන්න බෑනෙ)

      Delete
  4. අපි ගොඩක් අය කොලබට කොටු වෙලා.සන්වර්දනය නිසි පරිදි බෙදී යන නිසා එන ප්‍රශ්න.

    ReplyDelete
    Replies
    1. බදුල්ලෙන් මම ආවේම ඔය ප්‍රශ්නේ නිසා.. දැන් පය එක හමාරෙන් යන දුර ඉඳලත් ගෙදර යන්න බෑ මේ ප්‍රශ්න නිසා..

      Delete
  5. හරිම සංවේදී කවිපෙළක් කොරෝනා නිසා ඇතිවූ සෙම් වගේ සිදුවීම් නම්බ හරිම කණගාටුදායකයි්‍
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. කවිය දැක්ක ගමන් ගෙදර ගියා නෙවෙයි යැවුනා.. දවස් හතරක් ඉඳල ආවේ අද. :))

      Delete
  6. ලස්සන කවියක්. ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් රස්සාවල එක හොඳක්.

    ReplyDelete
    Replies
    1. අපිට කොහෙන්ද ඒ වගේ මාළු? මුහුදු යන්නම එපයි.. :/

      Delete
    2. ඕකේන් අස්වලා මස්සිනාට සෙට් වෙයන්

      Delete
  7. කමි අයියගෙ බෝඩිං ජීවිතේ මතක් උනා අවුරුදු 5කට කලින්... දැනුනා පදපෙල...

    ReplyDelete
  8. නියමය් . මම ෆේස්බුක් එකේ මුලින්ම දැක්ක . තාත්තගේ අඩි පාරේ සාහිත රසයට ඇදෙන දියණියක්

    ReplyDelete
  9. කියවල ඉවරායි..... තව ලියන්නෑ?

    ReplyDelete
  10. කමි මේ උබේ දෝනිද?
    බයින්න දෝනි...ගෙදර ආපු දවසට දන ගස්සලා තියන්න

    ReplyDelete