Friday 5 September 2014

සේෆ්ටි සිංහලෙන්- පෙරවදන

සේෆ්ටි ගැන සිංහලෙන් ලියවෙච්ච පොත් තියෙනවද?
මොකක්ද මේ සේෆ්ටි කියන්නේ? හරියටම කියනවනම් Occupational Health & Safety සිංහලෙන් නම් වෘත්තීයමය සෞඛ්‍ය හා ආරක්ශණය.. මේ ආරක්ශණය කියන වචනෙත් හරියටම හරිද කියල ගැටළුවක් තියෙනව. සිංහල ඉංග්‍රීසි ඩික්ශනරියක් පෙරළල බැලුවොත් මේ සේෆ්ටි කියන වචනෙට එක එක තේරුම් දීල තියෙනව. සමහර ඒව Security (සික්‍යුරිටි) කියන වචනෙත් එක්ක පැටලෙනව. කොහොම උනත් ලංකාවෙදි මේ සේෆ්ටි කියන වචනෙ සිංහලට හරවල වෙනස් වෙනස් විදියේ වචන කීපයක් භාවිතා කරනවා. වරායෙදි ඒක නිරාපද (නිර්+ආපදා - ආපදා රහිත කියන තේරුමෙන්) වෙනකොට තවත් තැනක එය සුරක්ශිතතා වෙනව.. මං Hyundai හ්‍යුන්ඩෙයි (සමහරු කියන විදියට හයි හුන්ඩායි ) කියන සමාගමේ වැඩ කරන කාලේ අපි භාවිතා කලේ ඒ වචනේ. ලංකාවේ සේෆ්ටි සම්භන්දයෙන් නමගිය ආයතනයක් වන Holcim හොල්සිම් සමාගමේදී එය ප්‍රවේශම වෙනව. ඒකනම් හොල්සිම් එකේදි මගේ ලොක්ක උන සරත් මහත්තයගේ (සරත් චන්ද්‍රසිරි- ඉංග්‍රීසියෙන් විතරක් තියෙන සේෆ්ටි ලියුං කියුං හොල්සිම් එකේදි සිංහලට හරවන්නෙ එතුමා තමයි ) හඳුන්වාදීමක්. හැබැයි ඒ වචනෙ හුඟක් ගැලපෙනව කියල මාත් හිතනව. මොනව උනත් අනිත් ගොඩක් තැන්වලදි මේක ආරක්ශාව නැත්නම් ආරක්ශණය. ඔය කොළඹ ඇවිදගෙන යනකොට ඕනතරම් කොල පාට බෝඩ් දකින්න තියෙන්නෙ මැද සුදු පාට කුරුසෙකුත් එක්ක යටින් ලියල 'පළමුව ආරක්ශාව' කියල.. හිහ්.. ගොඩක් ඒව හැබැයි බෝඩ් කෑල්ලට විතරයි.
දැන් එතකොට ඔය Occupational Health & Safety කියන එක හරිද? එහෙනම් අයි සමහර තැන්වල Occupational Safety & Health සිංහලෙන් කියනවනම් වෘත්තීමය ආරක්ශණය හා සෞඛ්‍ය වගෙ තේරුමක් එන විදියට ඕක පාවිච්චි කරන්නෙ? කෝකද හරියටම හරි? නැත්නම් දෙකම හරිද? එතකොට කොහොමද ඔතනට Environment කෑල්ලක් එල්ලන්නෙ අර HSE කියල. එතකොට OSH Aසහ OHSAS (18001 ද මොකක්ද එක ) ඔන්න ඕවගේ වෙනස් කම් මොනවද?
අද අපේ ඉන්න ගොඩාක්ම සේෆ්ටි මහත්තුරුන්ටත් (නිවැරදි අවබෝධයක් නැති ) ඒ වගේම උනන්දුව හා මද අවබෝධයක් තියෙන ඒත් වෙනම ඉගෙන ගන්න වෙලාවක් නැති ලොකු මහත්තුරුන්ටත් ( ලොකු කිව්වෙ ඔය ඩිරෙක්ටර්ල, මැනේජර්ල, ඉන්ජිනේරුවෝ වගෙ ලොකු ලොකු පෝස්ට් දරන කස්ටියට ) තියෙන ගොඩාක්ම ප්‍රශ්ණ තමයි මං ඔය උඩින් ඇහුවේ. සමහරුනම් ඉතින් සියල්ල දත් ල වගේ ඔලුව හොල්ල හොල්ල ඉන්නව, ඒත් මගෙත් එක්ක ඉන්න ගොඩක්ම එවුන් නම් මොකක් හරි දැන ගන්න ඕනි උන ගමන් තැනක් නොතැනක් නෑ කෝල් කරල කරදර කරනව.. මචං, සුමා, අඩෝ, හු@#$%#, කල්ල, කළන, මිස්ටර් කළන, කළන මහත්තය, කළන අයිය, සර් බර්.. ඔය මොකක් හරි කියල කොහොම හරි උන්ට ඕනි එක අහගෙන ඕකේ, තෑන්ක්ස්, බායි, හවසට මොකද කරන්නේ, අනිවා සෙට් වෙමු වගේ මොකක් හරිත් කියල ෆෝන් එක කට් කරනව.. ගොඩක් වෙලාවට ආයේ රින්ග් කරන්නෙ නම් ඉතින් ආපහු හිර වෙච්ච වෙලාවක තමයි. මොනව උනත් ඒ වෙලාවට කිසිම මුෂ්ටියක් නැතුව දන්න දේ හුටස් ගාල කියල දෙන්නෙ මගෙ තියෙන උපන්ගෙයි මෝඩ කමට විතරක් නෙමෙයි ඔය සේෆ්ටි ගැන මගේ තියෙන පැසොන් (Passion) එකටත් එක්ක. ආයි කියන්ඩ සේෆ්ටි ගැන කවුරු හරි කතා කරනවනම් මට කන්ඩ ඕනත් නැ. බොන්ඩ තිබුනොත් ඉවර වෙනව දන්නෙත් නෑ.
කතන්දර කියන්න ගිහිල්ල තව පොඩ්ඩෙන් මුල පැටලෙනව. මං කියන්න හැදුවෙ දැන් ඔය කියාපු ප්‍රශ්ණ වලට උත්තරත් එක්ක මොකක්ද මේ සේෆ්ටි කියන්නේ, ලංකාවේ මේ සම්භන්දයෙන් බල පැවැත්වෙන නීති රීති මොනවගේද, ප්‍රායෝගිකව මේ දේවල් ක්‍රියාත්මක කරන්න යනකොට මූණ දෙන්න වෙන අපහසුතා හා ඒවා මඟ හැරගෙන ආයතනයක් තුල කාර්යක්ශමව HSEMS එකක් එහෙම නැත්නම් වෘත්තීමය සෞඛ්‍ය,ආරක්ශණ හා පාරිසරික කළමණාකරනය කියන එක කොහොමද කර ගන්නේ කියන එක සම්භන්ධයෙන් සිංහලෙන් කියවන ඒ ගැන උනන්දුවක් දක්වන හැමෝටම පරිශීලනය කරන්ට පුළුවන් විදියට බ්ලොග් එකක් ලියන්න මං අදහස් කරගෙන ඉන්නව. ඔය කිව්වට මගෙ මේ 'කලාහිත' කියන බ්ලොග් කට්ට සූ ගාල 25ක් 30ක් වත් බලන්නෙ නැති නිස ඔය ටිකම මං මූණු පොතෙත් ස්ටේටස් අප් ඩේට් එකක් විදියට දාන්න හිතන් ඉන්නව. පස්සෙ බලමුකො පුළුවන් උනොත් බ්ලූක් (Blook) එකක් කරන්නත්. බ්ලූක් කියන්නෙ මොකක්ද කියල දැන් බොල්ග් ලියන කාණ්ඩේ නම් දන්නව. අනිත් අයත් හොයල බලන්න. අලුත් වචනයක් මාත් ලඟදි ඉගෙන ගත්තෙ තිලක සිත බ්ලූක් එක දොරට වඩිනව බලන්න ගිහින්..හිහ්..
ඉතින් මේකට නම දාන්න හිතන් ඉන්නේ 'සේෆ්ටි සිංහලෙන්' කියල. ඕනෙම උනොත් සුද්ද සිංහලෙනුත් පැහැදිලි කරල දෙන්න පුලුවන්. ඉතින් ඔය මගේ සේෆ්ටි පැත්තෙ ඉන්න යාලුවොයි ඒ ගැන උනන්දුව තියෙන යාලුවොයි මොනව හරි අදහසක් එහෙම තියෙනවනම්  දැන්මම දාන එක හොදයි.. පටන් ගන්න කලින්ම කියව බලල හිත වෙනස් කර ගන්නවත්.. තැන් කූ.

4 comments:

  1. හොඳම හොඳ වැඩක් !
    සිංහලෙන් අඩුපාඩුවක් තියනම විෂයක්
    "වෘත්තීමය ආරක්ෂාව..." කියැව්වොත් ඒක "ප්‍රොෆෙෂනල් සේෆ්ටි..." අරුත් ගැන්වෙනව
    එනිසා "වෘත්තීය ආරක්ෂාව..." යෝජනා කරනව.
    ඔබතුමත් සොයල බලන්නකෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබ තුමාට මේ සම්භන්ධව දක්වන උනන්දුව ගැන, මෙවැනි කතිකාවතක් හරහා මං හිතන්නේ අපිට ඉතාමත්ම නිර්මාණාත්මකව හා රසවත්ව මෙය ගොඩ නැගීමට හැකිවේවී. මගේ මූලික අරමුණත් එයයි. භාශාවට හානියක් නොවන ලෙස රසවත්ව මෙය ඉදිරිපත් කිරීමට, අද කාලයේ කොතරම් වැදගත් දෙයක් වුව කියවීමට පෙළඹවීම එතරම් පහසු නෑ. කොහොම උනත් මේ කියන වචනයට නියම සිංහල තේරුමක් තනි වචනයකින් ගන්න අපහසුයි.. 'වෘත්තියට අදාළ' වගේ වචනයකින් වඩා හොඳ තේරුමක් ගත හැකියි. අපි මේ සියල්ල කතා කරමු.

      Delete
    2. ක.මි, ඔය උඩ කමෙන්ට් කරල තියෙන්නෙ ඕෆ්ෂෝ ඔයිල් රිග් එහෙක සේෆ්ටි ඔෆිසරයෙක්. කතාවට අල්ලගන්න, ලිපියට වටිනාකම්ක් ලැබෙන තොරතුරු ඇඩගන්න පුලුවන්.

      Delete
  2. හොඳ දෙයක්, මම දානවා සේවයේ නියුතු ආයතනයේ ගොඩනැගිලි ද්‍රව්‍ය හා උපකරණ අලෙවිය සහ කුලියට දීම මුලික කර ගත්තු එකක්. ඉතින් පහුගිය දෑවුරුද්ද ඇතුලත අපි නොහිතන නුපුරුදු බොහෝ දේ ඉගෙන ගත්ත.

    ලංකාවේ නම් ගොඩක් වැඩබිම් වල වගේම කාර්යාල වලත් මේ සඳහා බොහොම අඩු අගයකිරීමක් සහ උනන්දුවක් තියෙන්නේ ! ‍

    ReplyDelete