Tuesday, 16 September 2014

වමිය..





සඳ උවන වසා නැගි- අඳුරු වලා පිස
මල් මන්දහාස ඉඳුවරී..
තව කිම්ද නෑර ගොස්- හඟිනු දෙපා සිඹ
පෙම් බැන්ද චන්න කින්නරී..

සිටු මැදුරු බෝම දුර- නෑර පැමිණි මග
පෑව සෙනෙහෙ අගනා..
මට අහිමි කුමර වර- සේද සිනිඳු සර
අළුයමෙක බෑර කෙරුනා..

රළු කඨොර හීන විඳ- රහල් බැඳුම් මැද
සැප සුඟක මිටින් දරනා..
ගිනි ගහන මහද සිදු- යශෝදරාවත
පිනි සෙමෙර සිහිල් සලනා..

3 comments:

  1. දෙවෙනි කවියත් බලන්න එව්වේ කුරුට්ටා.
    ලස්සනයි මචන්.මේ කාලේ අපි බ්ලොග් වලට සම්බන්ධ නෑනේ.අපිට මේවා වැලහුනු ඒවනේ..

    ReplyDelete
    Replies
    1. මේක මන් ලියපු ඒවගෙන් ආසම එකක්.. ඒ කාලේ මගේ බ්ලොග් එකත් කවුරුවත් කියවන්නේ නෑ :)

      Delete
  2. ගීයකට ශෝක්......😍

    ReplyDelete