හොරකං කරල දෙසීයක්
ගෙදරක පුංචි කොළු ගැටයෙක්
අහුවෙලා අම්මාට- පුච්චලා අතක්
ආයෙ නොකරන්ට හොරකමක්
ගොසිප් ලංකා පුවතක්..
ඇවිල්ලා ළමා රක්ෂණෙං
අම්මාව ගෙනිහින් කුදලං
දැම්මාලු කූඩුවේ දැන් කූරු ගැනපං
නොකරන්න ආයේ මේ වගේ 'අනුවේදනීය'
රජකාලේ දඬුවං..
දුවනවා මයේ හිත හැල්මේ.. තිස් අවුරුද්දක් එපිට අතීතෙට..
මොනවද මංදා කියනවා.. දැනෙනවා අමුත්තක් නුහුරට..
ඉන්නවා පොඩි උන් තුන්දෙනෙක්
ලොකු එකා ගහක අත්තක් උඩ පොඩි උන් දෙන්න බිම ඇණ තියාගෙන..
රජ්ජුරුවෝ උඩයි උඩයි.. මොකක්ද කරන සෙල්ලම..
අයියෝ.. ඒ පොඩිම එකා මම නේද අක්කත් එක්ක බිම දූවිලි නාන..
මල්ලී ගෙනෙං බිත්තර දෙකක් කූඩුවෙං විකුණමු අල්ලපු ගෙදර අන්ටීට..
අපි තියමු 'ටූනමන්ට්' එකක්, බෙදමු බුල්ටෝ, සීනි බෝල දිනන උන්ට..
සුපිරි තරඟාවලියක්.. හවස් වෙනකොට හෙම්බත්..
'ස්පොන්සර්' අල්ලපු ගෙදර ඇන්ටී.. අපේම බිත්තර සල්ලි වලින්..
කියන්නේ කොහොමද අම්මාට..
නොකිය ඉමු අපි 'මැරුවත්'..සපථයක්...
"අනේ අක්කේ දවාලේ.. ගත්තානෙ මං බිත්තර දෙකක්...
සල්ලි දුන්නානෙ 'කළු මහත්තයට'.. හලාගෙනද දන්නෙ නෑ කොහෙවත්.."
"අම්මේ.. ඒක...මම..අරගෙන..එනකොට... ප..ප..පැ..පැන්නානේ..නයෙක්..අහස
අළුත් තේ දර හරිම සුවඳයි..සනීපයි වදිනකොට තේ ඉපලෙන්..
තව කොහෙද මූ ලොකු උනාම.. ගලවපන් කලිසම.. ගෙනෙන් මට ලනු කෑල්ලක්..
බොරු කියනවද තෝ ආයෙත්.. කෝ ගෙනෙං පොඩි එකී අඹරපං මිරිස් ගුලියක්...
ටයිප් කරන්න අමාරුයි.. ඉතුරු ටික.. ඇස් පියන් පෙඟවෙලා.. තිස් අවුරුද්දකට පසුවත්..
"යුත්තේ යුත්තේ.. පජ්ජලතී.. පජ්ජලතී.. ගිහින් වරෙන් පුතේ..පරිස්සමින්.."
අපේ පොඩි එකා දැන් හොඳ තැනක.. තුණුරුවන්ගේ පිහිටෙන්..
අපරාදේ කියන්ඩ බෑ අදටත්.. දනගහනවා.. ඕන මහ සෙනගක් මැද්දෙත්..
ඇඬුනේ මට ඇයිද මංදා.. හරියටම තාමත්..
අනේ පොඩි එකෝ තව තිස් අවුරුද්දකින්.. වඳින්නේ උඹ කාටද..
අම්මටද.. ළමා රක්ෂනේටද නැත්නං..
මචං මේක මම කලින් කියෙව්වා..පුදුමයි මම කමෙන්ට් නොකරපු එක..
ReplyDeleteකේස් එක තියෙන්නේ උඹේ බ්ලොග් එකේ නමේ....මිස් වෙනෙවා හැම වෙලාවෙම..ඔන්න මම මගේ රොලට ඇමිනුවා....
දිගටම ලියපං මචං...අකුරෙගොඩ ආවොත් මාව හම්බවෙයන්...උඹ එක්ක හිටපු ඈයෝ මෙතන ඇති මමත් දන්න....ඊයක් එවපන් මට...
ස්තූතියි චෙෆාකි තුනටම.. ආරාධනේටත්, රෝලෙ ඇමිණුවාටත්, කොමෙන්ටුවටත්. දැන්නම් අකුරෙගොඩ එන්නම වෙනවා... සමහරවිට මේක කියෙව්වෙ මගේ මූණු පොතේ කොහෙන් හරි ගිහින් වෙන්න ඇති. මගේ කලාහිත එච්චර පරසිද්ද නැති නිසා මං මූණු පොතෙත් සමහර වෙලාවට ඔව්වා ඔබනව.. ජයවේවා!
DeleteHariyata mage lamaa kaale story ekak wage. Mamath pissu pakayek podi kale. Eth amma thaththa ambaanaka gahala hadapu nisa thamayi ada minihek wela ipadila minihekuge gathi guna ethuwa jiwath wenne wata pita balloma inna samaakayaka. Honda lipiyak. Ada ube post okkoma kiyewwa.
ReplyDeleteටික්කා වෙරි වෙල්කම් ටු කලාහිත..
Deleteමේක අහම්බෙන් ලියවෙච්චි එකක් ඔය කියන නිව්ස් එක දැකලා.. ළමයෙකුට පාරක් ගහනව කියනෙක අද මහ අරුමෝසම් වැඩක් උනාට ඒ කාලේ අපිනම් එහෙට හැරෙනකොටත් ගුටි කෑවා.. මෙහෙට හැරෙනකොටත් ගුටි කෑවා.. නැත්නම් අදවෙනකොට ශුවර් එකටම පට්ට පාතාලයෝ... උඹ කිව්ව හරි..
හැක්.. ඔන්න මමත් උඹේ 'බ්ලොග් ඔක්කොගෙම' ඔක්කොම 'පෝස්ට්' ටික කියෙව්වා.. අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් වගේනේ ලියල තියෙන්නේ.. ඈ බං හැබෑට ඔච්චර ලස්සනට ලියන්න පුළුවන් කම තියෙද්දි මොකෝ ලියන්නැත්තේ?
නෙත් අග කඳුළු
ReplyDeleteරහසින් මටත්
රූරා වැටුනෙ
සිහිවී මගේ
ළමා කාලය යළිත්
පේර කෝටු පාර
මතු කළා එදවස
කකුල පුරා පාරවල්
නොහඬා හඬා
හැදුවේ මං
හංගන්නයි කඳුළු
අද මගෙ දෙකොපොලේ
රූරා වැටෙන කඳුළු
අම්මේ බුදු මව්නි,
ඔබ නමිනි..
ඔයාව ප්‍රමෝට් කරල ඉස්සරහට ගෙනාවේ මේ හැකියාව දැක්ක නිසා නංගී. උඹ මගේ කතාවම මට වැඩිය ලස්සනට කෙටියෙන් කියල තියෙනව.. ස්තූතියි.
Deleteහැඟීම්බරයි මචං.. ඒ වගේ ම අපූරු සමාජ පැතිකඩක් විවරණය කරලා තියෙන්නෙ..
ReplyDeleteතැන්කු මචෝ.. රන්දිකාගේ පෝස්ට් එක දැක්ක ගමන් මට මේක මතක් උනා.. :)
Deleteහිතේ හිරවෙලා තියෙන අමතක කරගන්නම බැරි ළමා වියේ දුක්බර මතක අතර මටත් මෙහෙම දෙයක් තියෙනවා. ඒ වෙද්දි මට අවුරුදු 04 ක් ඇති. ඒ දවස්වල අපට අලුත් ගෙයක් හදනවා ටිකක් දුරක. ඒ ගේ වැඩවලට මහන්සි වෙලා ආච්චියි උයල දුන්න බතුත් අරගෙන තාත්තයි, අම්මයි එක්ක ගෙදර ආවා. ඒ එද්දි රෑ වෙලා. තාත්තටත් හොදටම මහන්සි තියෙන්න ඇති. මට පිඟානකට බත් බෙදලා, කිරි හොදි තිබුණ මතකයි... දාලා බිම තියල දුන්නා. කරන්ට් නෑ. කුප්පි ලාම්පු එළිය. මං කොහෙම හරි නට නටා ඉඳල බත් පිඟානට අඩිය තිබ්බා. සෙරෙප්පු පිටින්ම. අම්ම කෑ ගහන්න ගත්තා. තාත්තට තරහ ගියා. කනව දැන් ඕක කියල මට සැර දැම්මා. මං අඬ අඬා බත් කෑව වෙන්න ඕන... මට අදටත් ඒ රබර් සෙරෙප්පු රහ දැනෙනවා කිරිහොදි දකිද්දි... අනේ මන්දා... තාත්තා දඬුවම් දුන්නු ඒ වගේ අවස්ථා දෙකක් තියෙනවා. අදත් මං හිතන්නෙ ඒව හරිම අසාධාරණ දඬුවම් කියල... ඒ වගේ පුංචි වයසක දරන්න බැරි තරම්...
ReplyDeleteකොච්චර කොහොම වුණත් එයාල වෙනුවෙන් තියෙන ආදරය, ගෞරවය නැති වෙලා නැහැ ඉතින්...
Deleteමේක හරිම ඩිබේටබල් පස්නයක්.. :) යුද්දෙද සාමෙද කියනවා වගේ තමයි.. වෙනස කෙස් ගහකට සමයි..
Deleteඊට පස්සේ තාත්තාත් විඳවන්න ඇති අක්කේ. :(
DeleteThis comment has been removed by the author.
ReplyDeleteවේදනාව සතුට දෝරෙ ගලනවා...
ReplyDeleteපළමු කවි පදෙන් වේදනාාව දෝරෙ ගලද්දී දෙවෙනි පදෙන් ඒ්ක සමනය වෙනව.තුන්වෙනි පදේ අමුත්ත මටත් නොදැනුනා නෙවෙයි.හතරවෙනි පදෙන් දුක සතුට දෙකම දැනුණා.එතනින් පසුව ඒ වේදනාවම මටත් අඩුවකින් තොරවම..
ReplyDelete