සේෆ්ටි සිංහලෙන් ලියන්න හිතුනෙ ඇයි? මෙතනින්
"අන්න අහවල් කොම්පණියේ කොල්ලෙකුගෙ කකුලක් පෙරලිල. හොයිස්ට් එකේ පහලට ගේනවලු ඉස්පිරිතාලෙට අරන් යන්න වෙයි නේද" සති දෙකකට සැරයක් තියෙන කන්සල්ටන්ට් ගේ සේෆ්ටි මීටින් එක ඉවර වෙලා හිස් අතින් වගේ ඇවිත් පුටුවේ වාඩි වෙන්න වුනෙ නැ අපේ ඇඩ්මින් (මැනේජර් ) මහත්තය දුවන් එනව. මං හැදුවේ ලියන්න හිතගෙන ඉන්න පොතට ආරම්භයක් ගන්න අදවත්.. ආයි ඉතින් ඔයිට වැඩිය වෙනස් ආරම්භයක් මොකටද? ඔය තියෙන්නෙ. ඔන්න එහෙනම් හා හා පුරා කියල පටන් ගන්නව 'සේෆ්ටි සිංහලෙන්' ලියන්න. ඔක්කොටොම කලින් බලල එමු ලෙඩාට කොහොමද කියල..
" කෝ බලන්න, ඔය ලෙඩා ලඟින් කට්ටිය පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න ළමයි. ඔය මනුස්සය දැන් මැරෙන්නෙ හුස්ම ගන්න බැරුව..." මට කියන්න දෙයක් නෑ ඇඩ්ඩ දෙනව වැඩේ ගානට.
'අහ්! බාසුන්නැහේ මොකෝ මේ? පොඩ්ඩක් හිනාවෙලා ඉඳපන්කො බන් නයා මැරිච්ච අහිකුණ්ඨකයා වගේ නැතුව.. කකුල රිදෙනව උනාට කට රිදෙන්නෙ නෑනෙ..හිහ්.." දොස්තරල දන්නවනම් අපේ ලෙඩ්ඩුත් එක්ක අපි ගනුදෙනු කරන්නේ මෙහෙමයි කියල නඩු දානව. "දැන් මොකෝ උනේ?"
"නැහ්! මහත්තයා මේ පොඩ්ඩක්... කකුල පෙරලුනා. පළංචියෙන් බහිද්දි.. එච්චර අමාරුවක් නෑ" මෙන්න බොලේ ඒ පාර මිනිහට අමාරු නැතිලු.
"මේ ගොල්ලන්ට හැමදාම කියනව මහත්තය පළංචියෙන් පනින්ඩ එපා කියල.. කොච්චර කිව්වත් ලැඩර් එකක් තියා ගන්නේ නෑනෙ. පැනල තියෙන්නේ ගඩොල් කැට දෙකක් උඩට. ගඩොල පෙරළිල කකුල ඇඹරිලා.. අමාරු නැතිලු, බලන්ඩකෝ ඉදිමිලා තියෙන විදිය." සුපවයිසර් මහත්තයගේ බළල පැන්න මල්ලෙන් එළියට, මිනිහ කොහොම කිව්වත් මට ඇහෙන්නෙ "මං උදේ මේක දැකලත් නොදැක්ක වගේ අහක බලාගෙන ගියෙ නැත්නම් මේ වැරැද්ද වෙන්නෙ නෑනෙ" කියනව වගේ දෙයක්මයි. මගේ කණේ දෝශයක්ද මංදා.
පොඩ්ඩක් බැලුව කකුල ලඟට අරගෙන. හම්! සේෆ්ටි සපත්තුව දාල තියෙන්නෙ බාගෙට පිටි පස්සෙන් පාග ගෙන. නහයක් තියෙන මිනිහෙකුට ලඟ නම් ඉන්න බෑ. ඇයි ජීවිතේට මේස් දෙකක් පාවිච්චි කරන්නේ නෑනෙ. ඉදිමිල නේන්නං.
"බාසුන්නැහේ කකුලෙ ඇඟිලි ටික නමන්න දිග අරින්න බලන්න.. අහ්! පුළුවන් නේ. මේ මගේ සපත්තුව තද කරන්න බලන්න හිමින් යටි පතුලෙන්.. කියන්න දැන් කොහොමද කොහෙද රිදෙන්නෙ කියල.. ඕ.කේ. කැඩිල බිඳිල නම් නෑ. පෙරළීමක් විතරයි"
ඒ අස්සෙ කවුද එකෙක් උස්සන් එනව වින්ටජිනෝ එකක්.. මහත්තය අමාරුවක් නැත්නම් මේකෙන් ටිකක් ගෑවම හරියයි.. "ඔන්න ඕක විසි කරල මට අයිස් පැක් එක දෙනවා. කොච්චරනම් කියල තියෙනවද කකුලක් පෙරලුනාම, උළුක් උනාම ඔය පේන් කිලර් උලල අතුල්ලන්න එපා කියල පැය විසි හතරක් වත් යනකම්.. උඩින් පෙන්නේ නැති උනාට ඇතුලෙන් ලේ වහනය වීම් වෙන්න පුළුවන්, ඕක උලල බරු ගහනකොට ඇතුලෙ තියෙන තුවාල ඩබල් වෙනව. එතන උෂ්ණත්වය ඉහළ ගිහින් ලේ නහර තවත් ඕපන් වෙලා ලේ ගැලීමත් ඩබල් වෙනව.. ගේන්නෙ එහෙම නෑ මීට පස්සෙ ඔය මල උළව් ෆස්ට් ඒඩ් බොක්ස් වලට" බැන බැනම මන් අයිස් පැක් එක තියල වෙළුමක් දැම්ම..
" ඇඩ්මින් මහත්තය මෙයාව යවන්න හොස්පිටල් එකට.. එක්ස් රේ එකක් ගන්න ඔනි වෙයි සමහර විට"
"පෙරේර එනව යන්න සයිට් එක බලන්න.. රිපෝට් එකක් දාන්න ඕනි ලොක්කට.. දවස් තුනකට වැඩිය වැඩට එන්න බැරි උනොත් ලොස් ටයිම් ඉන්ජරි එකක්.."
.........
"අහ්! මේ තියෙන්නෙ.. සුපවයිසර් මහත්තය කිව්ව හරි. තනි පළංචි සෙට් එක කියල අත් වැටක් මොකුත් ගහගෙනත් නෑ. ලැඩර් එකක් තියාගෙනත් නෑ. ඒ මදිවට බිම හැමතැනම බඩු. අඩියක් ගහන්න ඉඩක් නෑ. තේ වෙලාව ගහපු ගමන් ස්කැෆෝල්ඩින්ග් ෆ්‍රේම් එකට අඩිය තියල පනින්න ඇති. දැන් කරපන්කො. මං හිතන් නෑ ඔය මනුස්සයට තව සුමාන දෙකකට හරියට අඩිය තියල ඇවිදල වැඩක් කරන්න පුළුවන් වෙයි කියල. මේ කපරාරුව ඉවර කරේ නැ කියන්න මුළු ෆ්ලෝ එකම පරක්කු වෙනව. මේ වගේ පොඩි පොඩි ඇක්සිඩන්ට් දෙක තුනක් මාසෙකට උනොත් ප්‍රොජෙක්ට් එක අවුරුද්දකින් විතර ඩිලේ වෙනවා. අන්තිමට ක්ලයන්ට් ටත් ගෙවල තමයි යන්න වෙන්නෙ"
"සර්, දැන් ඔය තනි පළංචි සෙට් එක තියෙනකොට සේෆ්ටි ඔනි නෑ කියලනෙ මේ ගොල්ලන් කියන්නෙ. මීටර් 1.8ක් උස නැතිලු. මොකක්ද දැන් ඕකේ හරිම දේ? එහෙම නීතියක් ලංකාවේ තියෙනවද? එතකොට ඇයි මීටර් 1.8ක් කියල උසක් තෝරගෙන තියෙන්නෙ? ඊට අඩු උස වලදි අනතුරු වෙන්නේ නැද්ද?" මිනිහටත් ඔක්කොම ප්‍රශ්ණ අහන්ඩ මතක් උනේ මේ වෙලාවෙ තමයි. කමක් නෑ එහෙමවත් අහල ඉගෙන ගන්න ආසාවක් එනවනම්.
'කොහෙද අයිසෙ මේ ලංකාවේ නීති තියෙන්නෙ.. තිබ්බත් ඒව හරියට ක්‍රියාත්මක වෙනවද?' ඒ ටික මගෙ කටට ආවට මං කිව්වේ නෑ. "ඊට අඩු උසදි අනතුරු වෙනවද නැද්ද කියල දැන් තමුන් ඇස් පනා පිටම දැක්කනේ. පහුගිය කාලේ ඔය බදුල්ල පැත්තෙ උමඟක් හාරන වැඩ බිමක මනුස්සයෙක් මැරුන අඩි හතරකටත් අඩු උසකින් වැටිල.. පිටිපස්සට වැටුනු මනුස්සයගෙ ඔලුව බිම වැදිල එතනම මලා. හොඳයි දැන්වත් ඔය ගැන අහන්ඩ හිතුන එක. හවස වැඩ ඉවර වෙන්න පැයකට කලින් අනිත් තුන් දෙනාවත් එක්කගෙන පහල ට්‍රේනින් රූම් එකට එන්න. අපි
'උස් ස්ථානයක වැඩ කිරීම' ගැන කතා කරමු.
Photo courtesy: www.google.com