Wednesday 28 June 2017

ටටා බායි බ්ලොගර්ස්! සී යූ ඇට් ෆේස් බුක්. Bye bye bloggers!

ටටා බායි බ්ලොග්! මං යනවා දීනියස් ක්ලබ් එකේ පදිංචි වෙන්න.. එහෙ හරි ඇක්ටිව් අනේ.. අපේ මාතලං ලොක්කත් දැන් ඒ පැත්තෙමයි ඉන්නේ.. ඉතිම් පාලුවකුත් නෑනේ..

මේ බ්ලොක් කට්ට ඔන්නොහේ මෙන්ඩාටම දීල දානව.. ඔය කියුවට ඕක එන්නෙත් නෑ පදිංචියට ඉස්තීරෙකට.. හෙහ්..

එහෙනම් අපි ගිහිං එන්නං.. කල්පනාවෙන් ඉඳල ඔහේලත් තීරණයක් ගන්ඩලා..

ආ.. මේ.. කෙටියෙන් කියුවට මේක ලොකු කතාවක් හරිය.. ජයවේවා!!!

104 comments:

  1. ඕකෙ සමහර ඒවට දාන කොමෙන්ට් වල ආතල්එක සල්ලිවලට ගන්න බෑ මහත්තයො. හැක්..

    ReplyDelete
  2. කෙටිකතා තේරෙන්නෑ.. නවකතාවකින්ම කියන්ට බෑ ද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නේ මොකද .. කම්මැලියි බං.. :)))

      Delete
  3. ෆේස්බුක් එකේ දේවල් රැඳෙන්නේ නැහැ . නමුත් මේක මහා වෙලාව යන වැඩක් නිසා ටිකක් අමාරුයි තමයි. නොයා ඉඳල හිටලා හරි ලියන්න.

    ReplyDelete
    Replies
    1. කම්මැලියි අෆ්ෆා ..

      Delete
    2. ඔව් ඔව් දෙපැත්තෙම ඉන්ඩෝ

      Delete
    3. මෙතනදාන පොස්ටුවම එතනට ගම්මු කම්මැලිකමට හොඳ බෙහෙතක් වේවි

      Delete
  4. ඈ ඔයි එතකොට නෙලුම් යාය පි සර්විස් වැඩේ කරන්නේ කවුද ? මටනම් බෑ ඔන්න දැන්ම කිව්වා

    මේ කියනවකො ඉතින් ... ඈයි උන් පොල්ලක් තිබ්බද නැත නම් ගෙවනවා අඩු කලාද ...බැන්නා නේද? උන් බල්ලෝ බන් කොහොමත් වැඩේ කරගෙන මැක්කෝ හලනවා

    ඔය කීවට ...
    අර මැරිච්ච උන්නහෙගේ 3 මාසේ යන්නත් කලින් අවතාරේ ආවනේ . ඇනෝ ලගේ කොමන්ට් වලට පුකට පයින් ගහන්න ,සපත්තුවට යට කරලා කැරපොත්තෝ වගේ චප්ප කරන්න චන්ඩි ශ්‍යාමාකෙනෙක් අවා වගේ ....

    ඔහේගේ නොනටවත් කියලා මේක ඇදගෙන යනවා ..... නැතිනම් ලන්ඩන් අජියා අනාතයි

    ReplyDelete
    Replies
    1. මං තනිකඩයා අනේ.. ලැජ්ජා හිතෙන ඒවා කියන්න එපා..

      Delete
    2. එක අතකට ගෙදර ළමයි බිරිඳ එක්ක ඉන්න කාලය, තමන්ට වැඩක් කර ගන්න තියන තමන්ගේ වටින කාලය තමන්ට කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව බ්ලොග් තෝරන්නයි ඒවාටයි මේවටයි නිකන් වැය කරලා අන්තිමට ඔය ඉහත ඇනෝ ලියල තියන කතා අහනවට වඩා යන එක හොඳයි තමයි. කල්‍යාණ මිත්‍ර සෑහෙන වැඩක් කළා සම්මාන උළෙලවල් වලට එහෙම. තමන්ගේ වටිනා කාලය යොදවල. ගොඩක් ස්තූතියි ඒ ගැන.

      ඇනෝ - //නැතිනම් ලන්ඩන් අජියා අනාතයි // මට ඕක ගෙනියන්න ලොකු උනන්දුවක් නැහැ. නොකළ කියල අනාථ වෙන්නෙත් නැහැ. අවුරුදු දෙකක් කරලා ලංකාවේ කවුරු හරි භාර ගනී කියල තමා මාත් හිතුවේ. අන්තිමට කල්‍යාණ මිත්‍ර අටම් ආදීන් නිසා තුන්වෙනි අවුරුද්දත් කොහොම හරි ඇද ගත්තා. ළමයි විභාගේ ගන්න නිසා මටත් වෙලාවක් එන්නේ නැති වෙයි ඉස්සරහට. කැමති නම් ඔබතුමා වත් භාර ගන්න.

      Delete
    3. ඈ ඔයි එතකොට නෙලුම් යාය පි සර්විස් වැඩේ කරන්නේ කවුද ? මටනම් බෑ ඔන්න දැන්ම කිව්වා //
      ඇයි මෙටික දැක්කේ නැද්ද සංවිධායක/සංස්කාර තුමනි

      මේ ඇත්ත කියනවා හලෝ, FCID කාරයෝ එහෙම පස්සෙන් එන්නේ නැනේද ? ඔහොම පැනලා යන්නේ පොඩි ඉඟියක් දෙනවකො හලෝ අපිවත් අමාරුවේ දන්නේ නැතිව අපිටත් චක බ්ලාස් වෙන්න. අපිට මොන හරි වුනොත් ඉතින් බේරගන්න විරූ පදකම් නැනේ එකයි කියන්නේ

      Delete
    4. Anonymous 28 June 2017 at 18:24

      මෙහෙමයි ඇනෝ, මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි නේද? ඉතින් සල්ලි සහ දේශපාලකයන්ගෙන් වරප්‍රසාද වරදාන ලබාගන්න බ්ලොග් ලියන එකේ වැරැද්ද මොකක්ද? අජිත් අයියල එක්ක ඉන්න කමීලා යහපාලන ආණ්ඩුව වෙනුවෙන් පාට් ටයිම් පෙනී සිට මුදල් අයකිරීමත් මාරයා/ සා රස වගේ අය රාජපක්ෂ කල්ලියෙනුත් සල්ලි / වෙනත් වාසි ගන්න එක රහසක් නෙවෙයි වගේම වරදකුත් නෙවෙයි නේද?

      Delete
    5. Anonymous 28 June 2017 at 17:44

      පුලුවන් තරම් ඔයාගෙ සිංහල බ්ලොග් එක හරි ඉංග්‍රීසි බ්ලොග් එක හරි නිතර නිතර update කරන්න. Blog Post ලියනකොට වචන අඩුම 500ක් වත් ලියන්න බලන්න. වචන 1000ක් වත් ලියන්න පුලුවන්නම් මරේ මරු. ඔයාගෙ Blog Post , twitter, facebook, google post වලට share කරන්න. මේවා කරාම අනිවා Traffic එක එනවා බ්ලොග් එකට. Traffic වැඩිවෙන්න වැඩිවෙන්න ඔයාට ලැබෙන ගානත් වැඩි වේවි. පස්සෙ refferal වලින් කට්ටිය ගෙන්වාගෙන එන ආදායම දෙගුණ තෙගුණ කරගන්න ඔයාට පුලුවන්.

      ඔයා මුලින් popcash වලට ගිහින් ඒකෙ රෙජිස්ටර් වෙන්න. ඊට පස්සෙ ඔයාට email එකක් එනව ඔයා රෙජිස්ටර් වෙද්දි දුන්න ඊමේල් එකට. එක බලල confirm කරන්න.
      ඒ ලින්ක් එකෙන් ආයෙ popcash එකට ගිහින් sign in වෙන්න.
      ඊට පස්සෙ ඔයාට දකින්න පුලුවන් වේවි popcash dashboard එකේ website කියල වම් පැත්තෙ side එකේ තියෙනවා. ඒකට ගිහින් ඔයාගෙ blog එක ඇතුල් කරන්න.
      මෙයාලා දවසක් ඇතුලත ඔයාගෙ සයිට් එක බලල අනුමත කරනවා. ඊට පස්සෙ get code ගිහින් ඔයා දීපු සයිට් එකේ code එක ගන්න. ඒක copy කරලා blogger වල HTML/javascript එකක් යටතේ දාන්න. එතකොට වැඩේ ඉවරයි.

      සල්ලි වලට බ්ලොග් ලියා දේශපාලනඥයින්ගෙන් මුදල් ඉපයීමත් හොඳ ව්‍යාපාරයක් තමයි. එය නීති විරෝධී නැති නිසා වරදකුත් නෙවෙයි.

      Delete
    6. දැන් වැඩේ ඉවරයි. ඔයා ඊට පස්සෙ get code ගිහින් ඒ html code එක ඔයාගෙ බ්ලොග් එකේ දාගන්න. දැන් එන visitor කෙනෙක් ඒ ඇඩ් එක බලන ගානට ඔයාගේ account එකට සල්ලි වැටේවි. දවස් දෙක තුනකින් බලන්න කීයක් එකතු වෙලා තියෙනවාද කියලා. ඇමරිකන් හරි UK හරි කෙනෙක් ඇඩ්ස් බැලුවොත් ඔයාට ලැබෙන ගාන වැඩියි.

      ඒ වගේම මම දන්න විදිහට පිටරටවලවල වගේම ලංකාවේත් විවිධ දේශපාලන පක්ෂ වල නියෝජිත ප්‍රචාරක ආයතන/ දේශපාලකයින් විසින් තම ප්‍රතිරූපය නැංවීඑමටත්, විරුද්ධ මතවාද වලට එරෙහිවත් බ්ලොග් / සමාජ ජාලා යොදාගන්නවා. කෙසේ නමුත් පුද්ගලික බ්ලොග් එසේ යොදාගැනීම මටනම් ප්‍රශ්නයක් නොවෙයි. එම දේශපාලකයන් සේවාදායකයන් ලෙස සැලකිය හැකියි.

      Delete
    7. අන්තිම කොමෙන්ට් තුන දාපු ඇනෝ.. ඔයත් ඉන්න ඕනි මෙතන නෙවෙයි දීනියස් එකතුවේ.. ෆේක් අකවුන්ට් එකක් හදාගෙන එහෙ එන්න.

      ජයවේවා!!!

      Delete
    8. //මේ ඇත්ත කියනවා හලෝ, FCID කාරයෝ එහෙම පස්සෙන් එන්නේ නැනේද ? // අනේ නැහැ ඇනෝ. ඕනේ නම් FCID එකෙන් අහල බලන්න. දරුවා විභාගයට පෙනී හිටිනවනේ. ඒවාට උදව් කරන්න තියනවා. අත හැරලා ගිහිල්ල නැහැ. මමත් පුළුවන් විධිහට බ්ලොගේ කරනවා. නෙළුම් යාය ටත් අවශ්‍ය වෙලාවට උදව් කරනවා. කලනේ ටත් කියන්නේ ඒක කරන්න තමයි.

      Delete
    9. බ්ලොග් කරන එක අමාරු තමයි ඒත් වටිනා ලිපි ඉක්මණින් සැඟවී යාම බ්ලොග් ලිපි වල සිදු වෙන්නෙ නෑ. බොහෝ විට අද ලියන ලිපියක වටිනාකම ලැබෙන්නෙ දින ගණනාවකට පසුව ඇතැම් විටක වසර දෙක තුනකට පසුව විය හැකියි. ටටා කියන්න ඉක්මන් වෙන්න එපා කමි

      Delete
    10. ස්තුතියි ගුණසිංහ මහත්මය.. අපි බලමු.. :)

      Delete
    11. අජිත් අයියන්ඩි ඇනෝ කෙමෙන්ට් නිසා නෙලුම් යාය නවත්තන්න එපා ...ඔයා හිතුවේ නැති උනාට ඔයාලා පටන් ගත්ත වැඩේ බ්ලොග් ලියන අයට ලොකු හයියක් ..

      Delete
    12. බ්‍රා කුක්කෝ ,බොන්න ඕනේ නම් බිපිය උඹේ සල්ලිවලින් බලෙන් අනුන්ගේ බෝතලේටයි බයිට් වලටයි ප්ලග් වෙන්නේ නැතිව..... හිඟනබෙබේ

      Delete
    13. ඉස්තුති මචෝ....
      උබ එහම බනිනකොට මට තරහා ගියේ නැහැ හිනා ගියා..මම එක්ක බීපු එවුන් දන්නවා මම බොන්න එන්න කිවත් එහම්ත් වෙලාවක තමයි සෙට් වෙන්නේ ගොඩක් දුරට මං ඒවාට සහබාගි වෙන්නේ නැහැ ..එහම ආවත් බොන්නේ බොහම පොඩ්ඩයි මම කැමති කට්ටිය එක්ක සෙට් වෙලා සින්දුවක් කියලා සතුට වෙන්න ..
      මම බේබද්දෙක් නෙමෙයි මචෝ ..

      Delete
    14. මෙන්ඩෝ නෙළුම් යාය කවුරුත් නවත්වලා නැහැ . මට වෙලාවක් නැති කම නම් තියනවා. එච්චරයි

      Delete
    15. This comment has been removed by a blog administrator.

      Delete
  5. ඇත්තටම ශෝෂල් මීඩියා වලින් කරන්න පුළුවන් දේවල් මේවායි;

    - මුදල් සෙවීම (දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතිත් ඇතුලත්).
    - විවිධ වෙළඳ දැන්වීම් දැමීම .
    - භාණ්ඩ හා සේවා ප්‍රචාරණය.
    - පරිගණක ක්‍රීඩා (ගේම් ගහන්න)

    ඔය මොනවා තිබුනත් මුලික පරමාර්ථය සහ සෝෂල් මීඩියා මෙතරම් ව්‍යාප්ත වුනේ ෆන් ගන්න.

    දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘති ගැන කියද්දි පසුගිය 2015 ජනපතිවරණ සමය දිහා විමසිලිමත්ව බැලුවොත් සමාජජාල වල විපක්ෂය (වත්මන් යහපාලන රජයේ පිරිස්) වෙනුවෙන් ක්‍රියාත්මක වුන අය නොමිලේ එසේ කළා කියා කිසිසේත්ම සිතන්නට බැහැ. බැලට් බොක්ස් වගෙ පේජ් එකක එවක විපක්ෂය වෙනුවෙන් ෆේක් ප්‍රොෆයිල් ගනනාවක් පැය 24 ම පෝස්ට් දමමින් ලයික් දමමින් ශෙයා කරමින් සිටියා.ඇත්තටම මේ එක ප්‍රොෆයිල් එකක් කීප දෙනෙකු විසින්ම රන් කළා විය හැකියි.

    එවක පැවති පිරිහී තිබූ දූෂිත රාජපක්ෂ ආණ්ඩුවට රංග ජයවර්ධන මාදිලියේ ප්‍රොෆයිල් තිබුනත් විපක්ෂයේ ප්‍රබල සංවිධානාත්මක බව හමුවේ කරන්න දෙයක් තිබුනෙ නැහැ. එකලත් විශාල මුදල් සංසරණයක් දෙපැත්තෙන්ම වෙන්න ඇති. විපක්ෂය වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් බුකියෙ මේ වගෙ සර්විස් එකක් දුන්න කියන මෝඩයො නම් නැතිව ඇති. එවක පැවති රාජපක්ෂ ආණ්ඩුවට කඩේ ගිය අයට වඩා වැඩි මුදලක් එවක විපක්ෂෙ (දැන් ආණ්ඩුවෙ ඉන්න පිරිස්) වෙනුවෙන් කඩේ ගිය අයට ලැබෙන්න ඇති බවයි පෙනෙන සත්‍යය.

    කොහොමටත් ඊලඟ ඡන්ද වලට බුකියෙ බලපෑම වඩා ප්‍රබල වෙයි. ඒක හොඳයි. ඉස්සර වගේ පෝස්ටර් ගහගෙන මිනී මරාගෙන හන්දි හන්දි ගානෙ රණ්ඩු වෙනවට වඩා මෙහෙම අන්තරජාලෙන් ශිෂ්ට විදියට (ඇත්තටම ශිෂ්ට නෙවෙයි වඩා සේෆ් විදිහටා සටන් කරන එක හොඳයි.

    ලංකාවෙනම් සයිබර් අවකාශ යේ ඡන්ද ව්‍යාපාරයේ දේශීය ප්‍රාග්ධනය පරාජය කර අන්තර්ජාතික ප්‍රාග්ධනය ජයගත් බව පමනක් 2015 ඡන්දෙ ගැන කිව හැකියි. නමුත් ඉදිරියට කොහොම වෙයිද කියා කියන්නට අසීරුයි !

    ReplyDelete
    Replies
    1. //එවක පැවති පිරිහී තිබූ දූෂිත රාජපක්ෂ ආණ්ඩුවට රංග ජයවර්ධන මාදිලියේ ප්‍රොෆයිල් තිබුනත් විපක්ෂයේ ප්‍රබල සංවිධානාත්මක බව හමුවේ කරන්න දෙයක් තිබුනෙ නැහැ. එකලත් විශාල මුදල් සංසරණයක් දෙපැත්තෙන්ම වෙන්න ඇති. විපක්ෂය වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් බුකියෙ මේ වගෙ සර්විස් එකක් දුන්න කියන මෝඩයො නම් නැතිව ඇති. එවක පැවති රාජපක්ෂ ආණ්ඩුවට කඩේ ගිය අයට වඩා වැඩි මුදලක් එවක විපක්ෂෙ (දැන් ආණ්ඩුවෙ ඉන්න පිරිස්) වෙනුවෙන් කඩේ ගිය අයට ලැබෙන්න ඇති බවයි පෙනෙන සත්‍යය.// මේවා මෙහෙම කියන්න ඇනෝ මොකද්ද තියන සාක්ෂි.
      මාතලන්ට ත් ඔය වගේ චෝදනා ආව. ම ම හිතන්නේ නැහැ කීයටවත් මාතලන් ල හෙම මුදල් වලට ලීවා ක්කියල. ෆේස්බුක් එක නම් වෙන්න ඇති කියල මමත් හිතනවා. මොකද අර අරාබි වසන්තයට ගෙන ගිය ෆේස්බුක් කැම්පේන් වලට සිඅයිඑ වගේ සංවිධාන වලින් මුදල් ගෙවල කලා කියල තමයි මෙහෙත් කතාව ගියේ.

      Delete
    2. ෆේස්බුක් වලින් ඔය කියන තරම් බලපෑමක් වුනා කියල හිතන්න බෑ. ඇත්තටම මැදපෙරදිගට සාපේක්ෂව අඩු පරිගනක සාක්ෂරතාවයක් ලංකාවෙ තියෙන්නෙ . එතන වුනේ සරල සමීකරනයක්. සුළු ජාතික ඡන්ද + එජාප සම්ප්‍රදායික ඡන්ද > සංධාන ඡන්ද කියන එක. යුධ ජයග්‍රහනයෙ විශේෂ තත්වයන් නොවෙන්න මේ ප්‍රතිපලය 2010 දිත් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි 1999 දිත් බෝම්බ අනුකම්පාව සහ විශේෂ දේවලුත් 2005 දි ප්‍රභාකරන් ඡන්ද වැළැක්වීම ත් නොවෙන්නෙ 1999 ,2005,2010 යන අවස්ථා තුනේම මෙම ප්‍රතිපලය ලැබෙනවා.

      ෆේස්බුක් බ්ලොග් කට්ටිය මේ සත්‍ය කියන්නෙ නෑ. ඒ අය කියන්නෙ අපි තමා පොරවල් අපියි රජුන් තනන්නන් කියල. බුකියෙ සමහරු ෆේක් හතලිහ පනහ රන් කරනව. ඇණෝ කියන්න වගෙ පැය 24 ම. මේව නොමිලෙ කරනව කියල හිතන අය ඇත්තටම ඉන්නවද. ඔඩියන්ස් එක නොමග යවන්න බ්ලොග්වලට බුකියට පුලුවන් . ඒත් ලංකාවෙ ඒක එහෙමම වුනා කියන්න බෑ.

      මගෙ මතය යම් දේශීය හෝ විදේශීය සංවිධානයකින් මුදල් ගෙන තම කුසලතාවය තුලින් මුදල් සෙවීම වරදක් නොවේ යන්නයි. ඒක වැරදියි කියල රාජපක්ෂලා කියනවානම් කල යුත්තෙ තමන්ගෙ වහලුන්ට ඊට වැඩි මුදලක් ගෙවීමයි. සල්ලි ගස් හොලවන්න ඕන මොකද බුකියෙ ඉන්නෙ ඉහල මධ්‍යම පන්තිකයන් ධනපතියන් නෙමෙයි. පොකට් මනි වලින් ඩේට කාඩ් දාන කොල්ලො ,පහල මධ්‍යම පාන්තිකයො වගෙ අයගෙ අත මිට සරු වෙන එක නරකද

      දැන් ඊලඟට එන තර්කෙ රට පාවා දීම. ඇයි ඒක නරක දෙයක්ද . ඉංග්‍රීසීන්ට රට පාවා දුන් අය නේද අදටත් රටේ ප්‍රභූවරු. ඉංග්‍රීසීන්ට විරුද්ධව සටන් කල ඇත්ත දේශප්‍රේමීන් අද මොනරාගල හේන් ගොවියො.

      Delete
    3. අජිත් මට ඔබ සමග වාද / රණ්ඩු කරගැනීමට අවශ්‍ය නොවන නිසා නිහඬ වෙමි. එමෙන්ම මා විසින්ම ඉහත කියා ඇති "දූෂිත රාජපක්ෂ රෙජීමය" දූෂිත බවටද ඇත්තේ චෝදනා මිස පැහැදිලිව අධිකරණයක හෝ විධිමත් ට්‍රයිබියුනල් එකක ඔප්පු කල සාක්ෂි නොවේ. නමුත් එය හැමෝම දන්නවා, ඔබලා ගැනත් කෙටියෙන් කීමට ඇත්තේ එපමණයි. ඔබලා මෙන්ම ඔබගේ විරුද්ධ පාර්ශ්වය / ජවිපෙ සහ ඒ වෙනුවෙන් පෙනී සිටි අය සියල්ලන් ගැනම අප වැනි බහුතර බ්ලොග් පාඨකයන් විශ්වාස කරන්නේ මෙසේයි. ඔබ කොතරම් කියූවත් එම ප්‍රබල මතය වෙනස් කළ නොහැකියි. සත්‍යය එයයි.

      මට ඔබ ගැන පුද්ගලික තරහක් හෝ ඔබගේ දේශපාලනය ප්‍රශ්නයක් නොවේ. එය ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියයි. නමුත් ඔබ අප දරණ මත්ය සම්බන්ධයෙන් තර්ජනාත්මකව සාක්ෂි ඉල්ලන්නට පෙර ඔබ ගැන ලියැවී ඇති බ්ලොග්වල බුකි පෝස්ට් වල අදාළ සාක්ෂි ඉදිරිපත් කර ඔබේ අවංක බව ඔවුන්ට පැහැදිලි කරලන මෙන් මා යෝජනා කරමි. මට ඔබේ දේශපාලන ක්‍රියාකාරීත්වය සමග කිසි ගැටලුවක් නැත. මා 2015 ජන. 08 හංසයාට ඡන්දය දුන් මධ්‍යස්ථ පුරවැසියෙක්මි.

      සිංහල බ්ලොග්කරුවන් අතර දේශපාලන බ්ලොග් කරන සහ දේශපාලකයින් ගෙනත් බ්ලොග් උත්සව පවත්වන අය සෘජුව දේශපාලකයින්ගෙන් වාසි වරප්‍රසාඅද මුදල් හෝ වෙනත් ප්‍රයෝජන ගන්නා බව ඇසට පෙනෙන පැහැදිලි සත්‍යයයි. සාක්ශි සහිතව එය කාටවත් ඔප්පු කර පෙන්වීමට මට ඇති රුදාවක් නොමැත. අනෙක මා පොලිස් නිලධාරියෙක්වත් සර්ලොක් හෝම්ස් වත් නොව සාමාන්‍ය පාඨකයෙකි. මා මෙතන දක්වා ඇත්තේ සැවොම දන්නා පොදු සත්‍යයයි. (ඇතිතරම් සාක්ෂි බ්ලොග්වල / බුකියේ හෝ දන්නා අයගෙන් අසා දැනගත හැකිවනු ඇති - මට අදාළ නොවේ.)

      බොරුවට අප මෙතන විවාද කරගැනීමෙන් පලක් නැහැ නේද? ඉන් අපදෙදෙනාගේම කාලය නාස්ති වෙනවා පමණි. ස්තූතියි.

      Delete

    4. Anonymous28 June 2017 at 19:43 @ ඇනෝ ඔබ මේ කොමෙන්ටුව ඉස්සුවේ කොහෙන්ද කියාත් එහි කොපි රයිට්ස් ඇති මුල් කතුවරයා කවුද කියාත් මම දනිමි. සයිබරයට අදහසක් මුදාහල පසු එය පොදු දේපලක් වෙයි. මම නිකමට කිව්වෙ. ටිකක් වචන වල හුරුපුරුදු බවක් දැනුන නිසා කොමෙන්ටුව කියෙව්වා. හෙහ් හෙහ්

      Delete
    5. මධ්‍යස්ථ මතධාරියා,

      ඔබ ඉතාම අගනා ලෙස විග්‍රහ කොට තිබේ, මගේ නිරීක්ෂණ මෙන්ම විචාරශීලී පාඨකයින්ගේත් බහුතර මතය ඔබේ මතයට ඉතා කිට්ටු බවයි මගේත් නිරීක්ෂණය. මා අජිත් මහතා හෝ ඔහුගේ පසමිතුරු පිර්සිස් සමග කිසිදු ගැටලුවක් නොමැති සාමාන්‍ය පාඨකයෙක්මි.

      නමුත් ඇසට පෙනෙන සරල සත්‍ය විකෘති කොට ඇතැමුන් අපව අන්දන්නට සැදීම ඉතා විසුළු සහගත බව කිව යුතුයි. නමුත් මට නම් කා සමගවත් වලි අවශ්‍ය නොවේ. අව්ශ්‍ය වන්නේ මතවාද ශ දැනුම, කුසලතා පිරිපුන් මිනිසුන්ගේ නව යෝජනා ආදිය සංවාදයට බඳුන් කොට ඒවා ප්‍රධාන ධාරාවට ගෙනත් දේශපාලකයින්ට බලපෑම් කොට රටට යහපතක් කරගැනීමට කටයුතු කිරීමයි. බ්ලොග් යනු ඊට සුදුසු මනා තැනක්. ඔබ දන්නවාද එතරම් ජනප්‍රිය නැති බ්ලොග් වල ඉතා වටිනා පෝස්ට්/ අදහස් පලවෙනු මා දැක තිබෙනවා, නමුත් යම් යම් කල්ලි කණ්ඩායම් එකතු වී ගර්හිත දුෂිත දේශපාලකයින් පසුපස ගොස් ස්වාර්ථය සාදා ගැනීම අපට ගැටලුවක් නොවුණත් එය බහුතරයේ ට්‍රෙන්ඩ් එක වීමෙන් බ්ලොග් කලාව සහ එහි වටිනා විභවය විනාශ වනවා. මට ඇති එකම ප්‍රශ්නය එයයි.

      මගේ කමෙන්ටුවෙන් කිසිවකුට අපහාස කිරීමට අදහස් නොකළ අතර හුදෙක් මගේ මතය ඉදිරිප්ත්කළා පමණි. යමෙකුට ඉන් සිත් වේදනාවක් ඇතිවුණි නම් සමාව ඉල්ලා සිටිමි. ස්තූතියි.

      Delete
    6. /නමුත් ඔබ අප දරණ මත්ය සම්බන්ධයෙන් තර්ජනාත්මකව සාක්ෂි ඉල්ලන්නට පෙර ඔබ ගැන ලියැවී ඇති බ්ලොග්වල බුකි පෝස්ට් වල අදාළ සාක්ෂි ඉදිරිපත් කර ඔබේ අවංක බව ඔවුන්ට පැහැදිලි කරලන මෙන් මා යෝජනා කරමි// ඇනෝ කොහෙද අප්පා තර්ජනාත්මක කතාවක් කියල තියෙන්නේ. මේ කොමෙන්ට් වල කෙටියෙන් ලියන නිසා එහෙම හැඟෙනවා ද දන්නේ නැහැ. මම කිව්වේ එහෙම කතා ඔය බ්ලොග් කරන අය මුදලට ලිව්වා කියල ඇනෝ ගහනවා. නමුත් එහෙම සාක්ෂි නැහැනේ. කවුරුත් හරියට දන්නා දේවල් නෙමේ. කොටිනම් දැන් නම් මමත් හිතන්නේ රාජපක්ෂ පවුලට කරපු චෝදනා වලින් වැඩි හරියක් බොරු කියල. මොකද කවුරුත් කිසම දෙයක් ඔප්පු කරන්න ගිහින් නැහැ. කියනවා විතරයි.
      දේශපාලකයන් ගෙනාවම ගෙන කෙනාට කිසියම් වාසියක් කොහෙන් හෝ ලැබෙනවා ඇති. ඒ චෝදනාව මම පිලි ගන්නවා. හෝල් ගන්න අගේ දේවලට උදව් කළ නිසා ඒවාට අදාල දේශපාලනඥයා පැමිණෙන්න ඇති. බ්ලොග් වල ගහන දේවල් වලට මම කියන්න අවශ්‍ය තරම් දේ කියල තියෙන්නේ. ඒවත් ඔය කතා වගේ තමයි. ඒකයි මම කියන්නේ. දේශපලන විරුද්ධ වැඩි කම් නිසා ඔහොම මඩ ගහන එක ලංකාවේ විනෝදාංශයක්. ම.ම කියන කතාවෙත් කිසියම් සත්‍යයක් තියනවා. සුළු ජාතික චන්ද අහිමි වීම නිසා තමා රාජපක්ෂ මහත් පැරදුනේ. බ්ලොග් වලින් ෆේස්බුක් වලින් හුඟක් චන්ද කැඩුන කියන්න බහ. අනික 2005 මැතිවරණයේදී පවා ප්‍රභාකරන් උතුරේ චන්ද වර්ජනය කළේ නැත්නම් මහින්ද අමහත් දිනන්නට තිබු ඉඩකඩ අඩුයි.

      සල්ලි අරගෙන බ්ලොග් ලියන කතා ගැන කියන්න තියෙන්නේ මගේ ඉංග්‍රීසි බ්ලොගයේ කවුරු හරි ඇඩ් එකකට ක්ලික් කලොත් මට මුදල් ලැබෙනවා. ඉතා සුළු විධිහට. ඒක හරියට ලියන්න ගත්තොත් වඩා ලබයි. කොහොමත් ඇනෝ මම තර්ජනයක් කලා වගේ හිතුන නම් සමාවෙන්න . එහෙම අදහසකින් ලිව්වේ නැහැ. මම කිව්වේ ඕවට සාක්ෂි නැහැ කියල. නිකන් කියනවා විතරයි.

      Delete
    7. /////// නමුත් යම් යම් කල්ලි කණ්ඩායම් එකතු වී ගර්හිත දුෂිත දේශපාලකයින් පසුපස ගොස් ස්වාර්ථය සාදා ගැනීම අපට ගැටලුවක් නොවුණත් එය බහුතරයේ ට්‍රෙන්ඩ් එක වීමෙන් බ්ලොග් කලාව සහ එහි වටිනා විභවය විනාශ වනවා. මට ඇති එකම ප්‍රශ්නය එයයි. ////////////////

      +++++++++++++++++++++++++++++

      Delete
    8. ඩීසන්ට් ඇනෝ, අජිත් සහ ම.ම. වෙත..
      දිග කොමෙන්ට් වලට ස්තුතියි මටනං ෆෝන් එකෙන් ඒ හැටි දිගට කොටන්න බෑ.. මේක දේශපාලන බ්ලොග් එකක්වත් සල්ලි හම්බකරපු බ්ලොග් එකක්වත් නෙවෙයි. මම 2015 ජනවාරි වල හංසයාට චන්දේ දීපු බවත් ඒත් යහපාලනේ ආණ්ඩුව පිහිටවන්න තියපු මැතිවරණයේ දී මගේ ඡන්දය පාවිච්චි කිරීමට වියදම් කරගෙන නොගිය බවත් මේ බ්ලොග් එකේම ලියලා තියෙනවා .. එයින් පසුවත් මා විස්වාස කරන උන්නු විදියට මළා මදැයි න්‍යායෙන් මට තේරෙන හොඳ නරක වලට ලයික් කොමෙන්ට් යොදා තියෙනවා .. අනිත් එවුන් මං දන්නේ නෑ ඒ වෙනුවෙන් මටනං මේ තාක් එකෙක්වත් රුපියලක් වත් දීලා නෑ. හැබැයි කොයි පැත්තකින් හරි මට වෘත්තීය විදියට බ්ලොග් කරනයේ යෙදෙන්න ආකර්ශනීය ඔෆර් එකක් දුන්නොත් මගේ පුද්ගලික දේශපාලනය පැත්තක දාලා ඒ වෙනුවෙන් වැඩ කරන්න උනත් මට පුලුවන් .. නෙලුංයාය ගැනත් එච්චරයි .. දෙවරක් නෙලුං යාය වෙනුවෙන් අතිං කයිට් කරං බ්ලොග් තෝරලා දුන්න.. ඒකට බෝනස් විදියට ලඟින් හිටපු හොඳ යාලුවොත් ඈත් උනා. මින් පස්සේ නෙලුං නෙවෙයි බතලයායකට හරි වැඩ කරනවා ගෙවනවනං.. එච්චරයී .. :))

      අහ්.. මට හොඳ පඩියක් දීල මාව කොම්පැණි එකේ තියාගෙන ඉන්න අපේ ලොක්කට ස්තූතියි. නැත්තං මට මේ නිදහසේ බ්ලොග් බලන්න ලියන්න නෙවෙයි පොල් කඩලා හරි ලොකු පවුලක් රකින්න තියෙනවා :))

      Delete
    9. හම්මේ අරූ අයිය.. අම්ම අප්ප දැක්ක වගේ අප්‍රමාණ තංතෝසයි..

      Delete
    10. කල්‍යාණ මිත්‍ර, අජිත්, අරූ සහ ම.ම.,

      මගේ නිරීක්ෂණ අනුව ලංකාවේ මිනිස්සු බොරුවට කාටවත් බරපතල විදිහට මඩගහන්නේ නෑ. එහෙම කලොත් මුලදීම වැඩිදෙනෙක් ඉදිරිපත්වෙලා ඔහුව/ ඇයව බේරගන්නවා. ඒ වගෙම මගේ නිරීක්ෂණ අනුව නම් ලංකාවේ මිනිස්සුන්ට සතියකින් දෙකනින් ඕනිම දෙයක් අමතකයි කියල කීවට අවුරුදු 10කින් උනත් එක සිද්ධියකට අදාල පොඩි දෙයක් එලියට ආවොත් කලින් ඔක්කොම කතන්දර සියල්ලම සැනින් මතකෙට එන මිනිස්සු ඉන්නේ. ඒතකොට මොනවා කිවත් ඉතින් එයාලට ඒවා හංගන්න බැහැ. සමහරු එක එක දේවල් කියල ඕව බොරු කියලා වචන හරඹ කරල පෙන්නන්න හැදුවට ඒකෙන් වෙන්නේ එයාලගේ තවත් කුණු ඇවිස්සෙන එක විතරයි.

      මේව කිව්වෙ කාටවත් මඩ ගහන්නවත් රිදවන්නවත් නෙවෙයි, මේක තමයි කටුක යථාර්ථය. අපි ඇත්ත පිළිගෙන ඇත්තට මුහුණ දීම තමයි හොඳම දේ, නැත්නම් අන්තිමට රැවටෙන්නෙ අපිම මිසක් රටේ ලෝකෙ අනික් මිනිස්සු නෙවෙයි. හැමෝටම සුභ පතමි. කමි ගේ අලුත් බුකි ඉනිමට ජය වේවා, අපිත් එන්නම්කො ඒ පැත්තෙ ඉඩ ලැබෙන හැටියට.

      Delete
    11. හා හොඳයි. ස්තූතියි ..

      Delete
    12. //මගේ නිරීක්ෂණ අනුව ලංකාවේ මිනිස්සු බොරුවට කාටවත් බරපතල විදිහට මඩගහන්නේ නෑ.// මට නම් මේ නිරීක්ෂණයට වැඩිය එකඟ වෙන්න බැහැ. හුඟක් NGO සල්ලි ගන්නවා හෙම කියල මද ගහන සමහර අය ගැන බැලුවහම ඔය කතා හුඟක් බොරු. දේශපාලන පක්ෂ වලින් සල්ලි ගන්න කිහිප දෙනෙක් ඇති. නමුත් හැමෝම නෙමෙයි. අනිත් කරනේ ඔය උදව් උපකාර ගන්න ඒවා බැලුවොත් - ලංකාවේ එහම් නොකරන අය කවුද කියල කියනවද? ලංකාවේ වැඩි හරියක (හරියට අර ඉස්සර සෝවියට් රුසියාවේ වගේ) යහළුවන් ගෙන් අඳුරන කොන්ටක්ට් වලින් වැඩ කරනවා , කර ගන්නවා. මමත් එහෙම කරගෙන තියනවා. විශේෂයෙන් පවුලේ අයගේ සෞඛ්‍ය තත්වයන් ගැන හෙම. ලංකාවේ එහෙම නැතුව නම් හරි අමාරු බවත් දන්නවා. පදිංචි එල ඉන්න වැඩි කැමැත්තක් නැත්තෙත් ඒකමයි මම නම්.

      Delete
  6. දියෝනිස් ලගේ අහ යන්නේ ඔහේටත් ඔළුව ඉදිමෙන රෝගේ වැළදීගන එනවද?

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ.. හෙල්මට් එක දාගෙනමයි ඉන්නේ..

      Delete
  7. සිංහල බ්ලොග් ලියනා උදවිය බේදබින්න කොට ඔවුන් එලවා දැමීමේ මූලිකයා රසික සූරියආරච්චියි. දැන් මේ වැඩේ කරන්නේ අජිත් ධර්ම මහතා. ඔහු ඩොක්ටර් කුමාරගේ බ්ලොග් එකේ හැසිරුණු විදිය අපි දැක්ක. ඇත්තටම හරිම කණගාටුයි මේවා දකිද්දී.

    කල්‍යාණ මිත්‍ර කියන්නේ ඉතාම හොද යහපත් බ්ලොග්කරුවන් අතරින් කෙනෙක්. ඔබතුමාටත් පහුගිය දිනවල විවිද අය චෝදනා කළා අපි දැක්කා.

    අජිත් ධර්ම මහත්මයා, ඇයි ඔබ මෙහෙම වියුරුවෙන් හැසිරෙන්නේ? අනෙකුත් බ්ලොග්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල අයට ඉතාම නරක අන්දමට මඩ ගසන්නේ ඇයි? ඔබතුමා කුඩා කල පාසලේදී මුහුණ දුන් අතවර නිසා දැන් මේ වගේ හැසිරෙනවා විය යුතුයි. ඒත් රසිකගේ තරුණ දියණිය ගැන, පැරකුම්ගේ බිරිය ගැන ඔබ කියනා නින්දා සදහගත කොමෙන්ට් නම් ශිෂ්ඨ සම්පන්න කිසිවෙක් අනුමත කරන්නේ නැහැ අජිත් ධර්ම මහත්මා.

    ReplyDelete
    Replies
    1. කුමාර කළු ආරච්චි බ්ලොගයේ මගේ නමින් ප්‍රතිචාර දමන්නේ ඔබ බවයි හැමෝම කියන්නේ. මම ඒ බ්ලොගය පැත්තේ යන්නේ වත් නැහැ. ඒ බව ආරංචි වුණා. නමුත් අනවශ්‍ය ලෙස වාද කිරීම වැඩක් නැති නිසා මම යන්නේ නැහැ. බ්ලොග් කාරයෝ භේද බින්න කලා නම් කලේ ඔබලා. එකිනෙක භේද කරන ඇනෝ කොමෙන්ට් දමල.

      Delete
    2. මම කුඩා කල පාසල් ගියේ ලුණුගල මාධ්‍ය මහා විද්‍යාලයට වන අතර ඔවන් දේවල් ගැන මගේ කිසිම මතකයක් නැත. :) ඔබලා සරසා ගේ බ්ලොගයේ රසික, පැරකුම් ආදීන් ගැන ඉතා අසභ්‍ය දේ ලියන බව දැන ගැනීමට ලැබුනා. හැමදාම හැමදේම එසේ කරන්නට නොහැකි බව පමණක් සිතෙනවා. දිනෙක ඔබලාටත් එවැනිම චෝදනා ලැබේවි අහිංසක මිනිසුන්ට කරන නින්දා අපහාස වලට.

      Delete
    3. ඇත්තෙන්ම අජිත් ධර්ම මහත්මයා භක්තිමත් ආගමිකයන් වන අප කිසිවෙකුට චෝදනා කොට මඩ කොමෙන්ට් දමන්නේ නැත. ඒ අප පාපයට බිය බැවිනි.

      එනමුත් අජිත් ධර්ම මහත්මයා ඔබගේ ක්‍රියාකලාපය නිසා කි දෙනෙක් අපහසුතාවයට පත්වෙනවද? බ්ලොග්කරුවන් පමණක් නොවේ, ඔවුන්ගේ පවුල් වල උදවිය පවා.

      ඉතාම කරුණාවෙන් ආයාචනා කරන්නේ ඔබට අජිත් මහත්මයා, නින්දා සහගත වැඩපිළිවෙල නවතා දමන්න. සිංහල බ්ලොග්කරුවන් බ්ලොග් ලිවිම නැවැත්වීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද? කිසිවක් නැහැ නේද මහත්මයා? පාපයට බිය වන්න. ඔබගේ ආත්මයට මෙවැනි නින්දා සහගත දෙයක් උරුමකර දෙන්නේ ඇයි?

      Delete
    4. අජිත් අයියා ඕනේ පිච් එහෙක බැට් කරනව නේද? :))

      පිච් එක අප්සෙට් නම් මම නං බැට් කරන්න එන්නේවත් නෑ..

      Delete
    5. මේ ඇනෝ 21.43 ලියන ඒවාට හිනා යනවා අප්පා. කලානේ මොන පිච් ගැනද කියන්නේ. සරසා ගේ බ්ලොගය ගැන නම් කියන්නේ මම ඒ පැත්තේ යන්නේ නැහැ. මම දැන් යන්නේ මම කියවන්න කැමති බ්ලොග් වලට පමණයි. ඉස්සර වගේ අර බ්ලොග් තෝරන්න ගියාට දැන් මගේ උනන්දුවට පමණයි යන්නේ. කියවන්න ආස නිසා.

      Delete
    6. අය්යෝ අයියන්ඩි මේ ඇනෝලට උත්තර දෙන්න යන්න එපා (මෝඩ ජුන් කෙමෙන්ට් වලට )..එයාල කිසිම පදනමක් නැතුව දාන කෙමෙන්ට් වලට ඔයා ඇයි උත්තර දෙන්නේ

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
  8. කල්‍යානගෙ තීරනය හරි. බ්ලොග් කියන්නෙ ඇත්තටම කාලය නාස්ති කිරීමක්. ඔඩියන්ස් එකත් අඩු නිසා ඒක හැම අතින්ම පාඩුයි. හැබැයි ඔය ගෲප් වල ඇඩ්මින්ලගෙ ඒකාධිකාරයක් නේද තියෙන්නෙ. තමන්ට බලයක් නෑ. බුකියත් කාලය නාස්ති කිරීමක් වුනාට ඔඩියන්ස් එක හොදයි.

    ReplyDelete
    Replies
    1. අපේ දීනියස් ඇඩ්මින්ලා එහෙම නෑ මෙයා.. හරී.. සාධාරණයි :))

      Delete
    2. ඇ යකඩෝ, මේ මීට පෝය දෙකතුනකට කලින් පොෂ් NGO අක්කි කෙනෙක් එක්ක ඇවිල්ලා සිංහල බ්ලොග් සංසදයේ මොකාද කියල ITN සල්ලි හිගපු එකාද මේ සිංහල බ්ලොග් වලට ටටා බායි කියල FaceBook දුවන්නේ!

      Delete
    3. හිගාකෑවට ඒ හැටි වාසියක් උනේ නෑනේ ඕයි.. බලමු පැති මාරු කරලාවත්..

      Delete
  9. මගේ බුද්ධි මට්ටමේ හැටියට ඔය වගේ තැන් හරියන් නෑ...ඒ නිසා මම බොලොග් වලම ඉන්නවා

    ReplyDelete
    Replies
    1. මම හොර සැටිපිකට් ට්කක් ගහගත්තා :))

      Delete
  10. තරයේ හෙලා දකිමි තරයේ හෙලා දකිමි... කියවන්න තියෙන බ්ලොග් මෙහෙම වැහි වැහි යන එක හරිද අප්පා

    ReplyDelete
    Replies
    1. කියවන්න මොනවැයි අප්පා මේවයේ තිබ්බේ?

      Delete
  11. ඒ උනාට ඉඳලා හිටලා බොගත් දාහන් මම වගේ...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව .. අපේ සී ඩැඩී ව තමයි අපි පලෝ කරන්නේ හිටං :))

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  12. ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. බායි! සී යූ දෙයාර් ඩාලිං.. ලවු යූ..

      Delete
  13. අපි නොදන්න චෙස්!
    මම මෙහෙම කියන්නද?
    නෙලුම්යාය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරද්දී දුවද්දී දැවී ගියා. හරිනේ. හා නේද?
    මේක තුන්වන, හතරවන කඩුල්ල මගේ හිතේ.
    වාසිතයටත් හොර අවුට් එකකට ඇපිල් කළා. වැඩේ හරිගියේ නැහැ නේ.

    ReplyDelete
  14. ඇති යන්තන්.... කියලවත් කරගන්න බැරිවැඩක්

    ReplyDelete
    Replies
    1. දීනියස් ක්ලබ් එකට ගෙන්න ගන්න එක නේ..

      Delete
  15. අපි නං කොහේවත් දැන් ලියන්නේ නෑ... වෙලාවක් නෑ... ඉඳලා හිටලා කයියක් අටෝගන්නව.. ඒකත් ඉතින් මම ම කියවලා නිකා ඉන්නවා...

    ඕකට යන්න පුළුවන් දියෝනිස් ලට විතරද?

    ReplyDelete
    Replies
    1. හොර සැටිපිකට් සකසා දෙනු ලැබේ..

      Delete
  16. උඹ එහෙගියත් මෙහෙ හිටියත් දෙකම මට නං එකයි.

    ReplyDelete
    Replies
    1. කඩේ උන්නත් බඩේ උන්නත් හැලපේ හැලපෙමයි කියන්නේ කට කහනවටයැ නේ???

      Delete
  17. අනිත් කතා ගැන කොහොම වුනත් 2015 චන්දෙට සෝෂල් මීඩියා වල භූමිකාව ගැන මගේ අදහස මේකයි.

    ඒ වෙලාවේ රාජපක්ෂ ආණ්ඩුව විසින් සියලු ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය අවහිර කල නිසා වෙනස් තත්වයක් ඇතිවුනේ. ඒ වනවිට රජයේ රූපවාහිනී පත්තර සහ රේඩියෝ සම්පූර්ණයෙන්ම කැත විදියටත්, පුද්ගලික අංශයේ රූපවාහිනී පත්තර සහ රේඩියෝ බොහෝ දුරටත් අවශ්‍ය විදියට හැසිරෙව්වා. ඒවගේම මීටීමක් තියන්න පිට්ටනියක්වත් දුන්නේ නෑ. ස්ටේජ් ගිනි තිබ්බ. පාරේ සින්දු කියපු ජයතිලක බණ්ඩාරලාට ලක්ෂ්මන්ලාට ගැහුවා. කැන්වසින් කරන දුන්නේ නෑ මයිත්‍රීගේ අයට. සියලු ප්‍රචාරක විධි අවහිර වෙනකොට සෝෂල් මීඩියා විතරක් ඉතුරු වුණා. අර අවහිර කිරීම නිසා සෝෂල් මීඩියා වලින් නගපු සත්‍ය චෝදනා වගේම බොරු වලටත් උපරිම ප්‍රචාරය ලැබුණ. සෝෂල් මීඩියා වල නැති මිනිස්සුන්ට ඉන්න මිනිස්සු ඒවා තව ලොකු කරලා කටකතා හදල දුන්න. ප්‍රධාන මාධ්‍ය අවහිර කිරීමේ මෝඩ කම රාජපක්ෂටම අන්තිමේ අවාසියක් වුණා. ඒ වෙනකොට ප්‍රමාද වැඩියි. ෆේස්බුක් තියෙන්න ෆන් ගන්න කියනකොට ඒ පිළිකාව ඔඩු දුවල ඉවරයි.

    දැන් මාධ්‍ය ඊට වැඩිය නිදහසේ තියෙනවා. යහපාලන ආණ්ඩුවෙන් මාධ්‍ය කොටසක් අල්ලගනිද්දී දෙරණ හිරු දිවයින එහෙම රාජපක්ෂටම සින්න වෙලා. දෙපැත්තටම පක්ෂ විපක්ෂ නිවුස් දැන් හරිහරියට යනවා. මේ නිසා සෝෂල් මීඩියා වලට දේශපාලනයට බලපෑම් කරන්න 2015 තිබ්බ බලය දැන් නෑ.

    එදා රජුන් ගෙදර යැවීම වෙන්න තිබ්බ එකක්. අනිත් මාධ්‍ය නැති වෙලාවේ සෝෂල් මීඩියා හරහා ඒක වුන නිසා සමහර අය වැරදියට තේරුම් ගත්ත ෆේස් බුක් එකට රජුත් තැනීමට හැකිය කියල. ස්වභාවික විපත් වලදී වුනත් ෆේස් බුක් වලින් කල ලොකු දෙයක් නෑ. එත් ඔවුන් හිතනවා ලොකු දෙයක් කලා කියල. නමුත් තිබ්බ විශාලම යාන්ත්‍රනය වුනේ රජයේ මිලිටරි ආයතන. ඒවා ක්‍රියාත්මක වුනේ ෆේස් බුක් එකෙන් නෙවෙයි. ෆේස්බුක් හරහා තොරතුරු හුවමාරු වුන ඒක පමණක් ඇත්ත ඒ වෙලාවේ.... දකිනකන් ෂෙයාර් කරන්න කියල පොස්ට් එන්නේ....ආපදා තොරතුරු හුවමාරුව සඳහා නියමිත සෙන්ට්‍රල් හබ් එකක් නැති වෙන තුරු පමණයි ෆේස්බුක් වලට ඒ තැන තිබෙන්නේත්......ඊට පස්සේ ඉතින් බුදු සරණයි කියා කොමෙන්ට් කරන්න...ඉක්මන් සුවය ලැබෙන්න කියා ෂෙයාර් කරන්න.....කියන පොස්ට් විතරයි ඉතුරු වෙන්නේ....

    ප්‍රධන මාධ්‍ය විවෘත්තව තිබෙන වාතාවරණය යටතේ නම් ෆේස්බුක් එකට රජුන් තැනීමේ කිසිම බලයක් නෑ. බ්ලොග් වලටත් අනිත් සියලු සෝෂල් මීඩියා වලටත් 2015 එහෙම තිබුන බලය නැති වෙලා කියන ඒක හොදින් බැලුවොත් තේරුම් ගන්න පුළුවන්. මොන හේතු නිසා කොහොම වුනත් සමාජ මාධ්‍ය වල තිබෙන්න කල්ලි කණ්ඩායම් කැඩී යාම හොද ඉදිරිගාමී දෙයක්.

    ReplyDelete
    Replies
    1. කල්ලි කණ්ඩායම් කැඩී යාම.. ඕකට අපේ ආච්චි කියන්නේ පුවක් වල්ල බිම දැම්ම වගේ කියල .. ගෙඩි සී සී කඩ..

      ස්තුතියි දිග කොමෙන්ට් එකට

      Delete
    2. ඇනොගේ සෑහෙන හොඳ විවරණයක්.

      Delete
    3. ෆේස්බුක් එකේ හැම ක්ලික් එකකින්ම වාසිය සකර්බර්ග් ට. තමන්ගේ බ්ලොගයේ වාසිය තමන්ට.

      Delete
  18. මම නම් ෆේස්බුක් එකේ නෑ. ඒ කියන්නේ නැවත මුනගැහෙන්නේ නෑ. සුබ ගමන් එහෙනම්!

    ReplyDelete
    Replies
    1. ඔය කියුවට.. උදය ගේ අදහස් වෙනස් වෙයි.. :))))

      Delete
  19. දීනියස් එකතුවේ මමත් මුල ඉඳලම උන්නා..ඒකත් ඉදිරියේදි තුලාව වගේ වේවි..

    ReplyDelete
  20. Replies
    1. එතකොට අලුත් එහෙකට පනිමු බං.. ඒක නෙවෙයි එතන ඉන්නේ ත් කොච්චි නමින්ම ද ?

      Delete
    2. ඒකෙ ඉන්නෙ මගේ සැබෑ නමින්.

      Delete
    3. ඒකෙ ඉන්නෙ මගේ සැබෑ නමින්.

      Delete
  21. පෙමින් "කලාහිත" බ්ලොගයත් කියවීමී
    එයින් නිබද දැණුමක් මම ලැබගතිමී
    සොවින් යුතුව යන උඹ හට සුභ පතමී
    මෙයින් යන්න හිතුවේ උඹ ඇයිද කමී.....

    ජයවේවා!!!

    ReplyDelete
  22. මගේ බ්ලොග් එකේ තවමත් පෝස්ට් එකක් තුන් හාරසියක් සෙනග බලනවා..ඒ අතරේ ඇනේ කෙනෙක් ඇවිල්ල පෝලිමට ජරා කරල යනවා..ඒ ඇනෝ කෙනා කියන්නේ මගේ පෝස්ට් එකකට එන හිට් ගානින් එකම එකක් විතරයි..ඒ කියන්නෙ බෙහේවිට තුන්සිය පනහෙන් එකක්..ඒ මනුස්සයාට තිබෙන මානසික රෝගෙකට මොනා හරි කඩප්පුලි කතාවක් කියලා යනවා..ඒක එයාගේ පරම විනෝදය වන්නට පුලුවනි..එහෙත් ඒ නිසා මම මගේ විනෝදාංශය අතහරින්නට සූදානම් නෑ.. ෆේස්බුක් කියන්න් සෘජු අදහසක් කියන්න පුලුව්න මාධයයක් නෙමෙයි..දැඩි ලෙස ෆේස්බුක් ඇඩ් වලට යට වෙලා..අනික ඔය මොන ගෘෘප් එකෙත් එක පෝසට් එකක් බ්ලොග් තරම් හිට් නෑ..කමෙන්ට් වැඩිවෙලා යාවි ලයික් වැඩිවෙලා යාවි..ඒත් ඒවාට බ්ලොග් එකකදි වගේ ස්ථිර හැඩයක් නෑ.. මම නම් මට මේ විදියට ඉඩ තියනකල් බ්ලොග් එක ලියනවා.. මීට වඩා මට ලේසියි යූටියුබ් පාවිච්චි කරන එක..ඒත් වීඩියෝ එඩිටිං ගැන දැනුම අඩු නිසා මේ ක්‍රෙම්ම ඉතිං තා කලක් ඇදගෙන යනවා.. කොච්චර ඉන්ටනෙට් ආවත් තාමත් පත්තර විකිනෙනනවා..මම හිතන්න් එක එක සොසල් නෙට්වර්ක් එයි .ඒත් බ්ලොග්ස් සැමදා තියේවි..

    ReplyDelete
    Replies
    1. .ඒ මනුස්සයාට තිබෙන මානසික රෝගෙකට මොනා හරි කඩප්පුලි කතාවක් කියලා යනවා..

      බැරිද ඒ මනුස්සයාව අර කැනඩාවේ ඉන්න මැන්ටල් ඩොකා ට කියලා බෙහෙතක් අරන් දෙන්න . ඔච්චරම ඔබට මල පනින හින්දා

      350:1 මල පනින එකත් එක්තරා රෝගයක් දෙල්කඳ වෙදා හමුවෙලා බලන්න එපොයින්මන්ට් ඕනේ නෑ පොළ දවසට යන්න හැබැයි නොම්බරයක් ගන්න මතක ඇතිව

      Delete
    2. Anonymous1 July 2017 at 16:05
      බ්‍රා කුක්කෝ ,බොන්න ඕනේ නම් බිපිය උඹේ සල්ලිවලින් බලෙන් අනුන්ගේ බෝතලේටයි බයිට් වලටයි ප්ලග් වෙන්නේ නැතිව..... හිඟනබෙබේ

      ඉදලා හිටලා බොන මට බෙබේ කියලා ...

      Delete
    3. Sanjeewa Mendis1 July 2017 at 19:50////

      ගම් කබර අඩු කුලේ පද්දන්ට ,අනුන්ගේ බ්ලොගක් හම්බවුනාම පිනට රෙන්න ...
      අර පාට මාරු කරන කටුස්සා ට මොකක්ද හම්බවුනා වගේ කිව්වලු

      Delete
    4. එහමයි වලව්වේ හඳුරුවනේ අපි අඩු කුලේ අය ඔබ තුමන්ලා වගේ නිලෙමේ උත්තමයන්ට පිං අයිති වෙන්න අපිත් ඉදලා හිටලා පොස්ට් එකක් ලියනවා ..
      තරහා අවසර ඇයි බෝවන්ඩ...

      Delete
  23. මට නම් ෆෙෆ්බුක් එකේ මෙලෝ දෙයක් ලියන්න හිතෙන්නේ නෑ... හෙහ් හෙහ් බ්ලොග් එකේ නම් මෙච්චර කල් ඇදන් ආවා වගේ ඔන්න ඔහේ ලියන්න පුළුවන්... කල්‍යාන මිත්‍ර ගේ නේවි කතා නම් බ්ලොග් එකේ ලියයි කියල හිතනවා.

    ReplyDelete
  24. දැන් මේක මගේ ....
    අඩියක් ගහමුද සතුටට

    ReplyDelete
    Replies
    1. ආ එහෙමද ආසා.......

      Delete
    2. නැතව මේ බ්ලොග් ඔක්කම මගේ කියලා මම හිතාගෙන ඉන්නේ...ඒ බ්ලොග් වලින් මම යම් දැනුමක් ලබන නිසා

      Delete
  25. Pala hutto yana huttaka wadanodee

    ReplyDelete
  26. පට්ට අාතල් බන් මේ කොමෙන්ට් කියවිල්ලත්

    ReplyDelete
  27. හෑ... අපි ටිකක් හරි දනගාන්න හදන කොට ජ්‍යේෂ්ඨ උත්තමයෝ යනවනේ...

    ReplyDelete
  28. ඔන්න ඔහොමයි ආයුබොවං බ්ලොග් ප්රොවර්ධනේ කොරන්නේ.
    (රාධා මිසී මොනවත්, නැහැ ඔනන්නේ නැහැ )

    ReplyDelete
  29. කමියෝ දියනියස් එක මහා කක්ක සාගරයක් බන්, මෙන්න මෙහෙට්ට වෙලා බෝගක් දාගෙන ඉඳපන් හිටපු විදිහටම !

    ReplyDelete