Thursday 23 July 2015

අරූ නැවතත් කලඑළි බසී Aru back in action

කලකට පෙර ලන්ඩන් සිට අවුල් වන්නට පෙර අරූගේ අඩවිය ලියූ අරුණ පෙරේරා හෙවත් අපේ හිතවත් අරූ අයියා.. අපිට බරපතල අසාධාරණයක් කර පැන ගියත් හිතින් අපිව අත් හැර ගොස් නැති බව.. මෙන්න කියවන්න.. ලංකා නිව්ස් වෙබ් හරහා දෙල්කඳ හන්දිය සමඟ ඔබ හමුවට.. අරූගෙන් ඔබ මා ඇසිය යුතුම ප්‍රශ්ණය එනම් 'ලියා අවසන්වන්නට පෙර අවුල් වූයේ මන්ද?' යන්න දැන් ඔබට විමසිය හැක.. අරූ අයියා ඒක නම් පට්ටම අවුල් ඈ..

දෙල්කඳ හංදියේ සිට......


85 comments:

  1. ඒකනම් බොහොම සංතෝසජනක ආරංචියක් කළණ.
    ඒත් ඇයි මේ අරූගෙ අඩවියෙන් නැතිව වෙනම එන්නෙ?

    ReplyDelete
  2. අවුල් වන්නට පෙර කතාව ලියලා ඉවර කරගන්න බැරි වෙච්හ්ච එකනම් හරිම අපරාධයක්. දැන්නම් හොඳටම අවුල් ඇති කියලා හිතෙනවා හැමෝම දන්න තමන්ගේ බ්ලොග් එක තියාගෙන, වැඩිදෙනෙක් නොදන්න ඉලව්වක ලියන එකෙන්ම...

    ReplyDelete
    Replies
    1. චන්දිම දන්නවනම් උඹට නඩු දානවා LNW එකට වැඩිය අරූගේ අඩවිය ප්‍රසිද්ධයි කියුවා කියල.. හැක්

      Delete
    2. සෙන්නයියා කියන දේ ඇත්ත.අරූවට තිබ්බා එකාගේ අඩවියේ ලියලා කොපියක් ඕනේ නම් lanka news web දාන්න හිටං.

      Delete
    3. සෙන්නා කිව්වේ ඇත්ත.
      අරූ දේශපාලන කුණු ගොඩක අරූගේ කතාව ලියන්නේ නැතුව බ්ලොග් එකේ ලිව්වනම් අපිත් කියවනවා...

      Delete
    4. මේ ටික ඔක්කෝම අරූ ට කොහොම හරි පෙන්නන්න ඕනි.

      Delete
    5. ලියන එකාට ඕනැ තැනක ලියනවා මිසක් එක එකාට ඕනැ තැන්වල ඌ ලියන්නේ ඇයි?

      (මෙතැන ඌ කියන්නේ අරූට ය!)

      ;-)

      Delete
    6. ඩූඩ් දවසක් කියලා තිබුනා ඌ කමෙන්ට් එකක් දාන්න කලින් සෑහෙන හිතනවා කියලා.. මම සාමාන්‍යයෙන් එහෙම නෑ. හිතට එන එක කියලා දානවා කිව්වොත් අවුල් වගේ කියලා හිතුනොත් මුකුත් නොකියා යනවා.

      මගේ උඩ කමෙන්ට් එකට පදනම් වෙලා තියෙන්නේ අරූගේ අඩවිය හා ඔය කියන වෙබ් අඩවිය හා මට තියන අත්දැකීම් විතරක්මයි. මම් දැනගෙන හිටිය අරූගේ අඩවිය වර්තමාන බ්ලොග් සැරිසරන්නන් සියලු දෙනාම පාහේ දන්න තැනක් ඊට සාපෙක්ශව LNW කියන්නේ අඩු ග්‍රාහක සංඛ්‍යාවක් ඉන්න තැනක් කියලයි මම හිතාගෙන හිටියේ. (එක මගේ දැනුමේ ප්‍රශ්ණයක් කියලා මම පිළිගන්නවා ) ඒ ගැන හිතලයි මම කමෙන්ට් කලේ. දැන් බලාගෙන යනකොට තත්ත්වෙ එහෙම් පිටින්ම වෙනස් සහ මම කමෙන්ට් එක දානකොට හීනෙන්වත් නොහිතපු දේශාපාලනයකුත් ඒකට ගෑවිලා තියනවා.

      ඩූඩ් උඹ හරි, අධෝ මුකයෙන් එළියට විසිවෙන බෙට්ටෙත් නිල් පාට කොළ පාට හොයන උන් ඉන්න තැනක ආවට ගියාට කතා කරන්න බැරි බව මට දැන් තේරෙනවා..

      අරූ උඹ උඹට කැමති තැනක ලියහන්.

      Delete
    7. අපිට නැත්නම් බ්ලොගා ලට ඕනි අරුගේ අඩවිය.. අරූට ඕනේ ඇත්තේ LNW එක. LNW එකට ඕනේ ඇත්තේ අරූගේ ජනප්‍රියබව.. විෂම චක්‍රයක් හැමතැනම වගේ.. Feeling worried :(

      Delete
  3. අරු පහුගිය සතියේ මට කතා කළා පැය බාගයක් විතර. මමත් කිව්වෙම කොහොමහරි ලියපන් කියලා. ඇති යන්තම් ආපහු ලියන්න පටන්ගත්තා. ඇත්තටම අරු ගතකරනේ අතිශයින්ම කාර්ය බහුල ජීවිතයක්.

    ReplyDelete
    Replies
    1. මොකක් හරි කලකිරීමක් වගේ එහෙකුත් තියෙනවද මංදා

      Delete
  4. අවුලා.. දසයා. මෝඩ මුසලයා.. කල වැද්ද.. පකයා..

    ReplyDelete
    Replies
    1. උඹ කොහොමද පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරන්නෙ ?

      Delete
    2. දේශකයා වේලිච්ච වට්ටක්කා ගෙඩියක් කියනෙකද මංද මේ නොකියා කියන්නේ.

      Delete
    3. මෙන්න දෙශෝ ...
      https://www.youtube.com/watch?v=1_etPB9vRZI

      Delete
    4. හි හි කුණුහබ්බ ලියලා මු

      Delete
    5. සින්දුවා පට්ට..

      ඔමෝ.. හැන්සාඩ් ගතවෙච්චි කුණුහබ්බ අවුලක් නැතිලු.

      Delete
  5. එහෙම හරි ලියන එක නං ලොකු දෙයක් ඒත් අච්චර දේවල් තියෙන අරූගෙ අඩවිය වේලෙන එක නං ඇත්තටම අවුල්

    ReplyDelete
  6. ඒ ලිපි පළ වුණාම දැන ගන්න විදියක් නැද්ද කලේ

    ReplyDelete
    Replies
    1. දැනට ක්‍රමයක් නෑ වගේ බං මටත් පේන්නේ.. කඩිං කඩ ලොග් වෙලාම බලන්න වෙයි වගේ.. අපි අහල බලමු නිසි බලධාරියෙකුගෙන්

      Delete
  7. අවුල ලිහන්නට පෙර අවුල් විදියට අපෙන් ඈත් වෙච්ච එක මහ අපරාදයක්. බලමු මේ ඇරඹුම දෙස.

    ReplyDelete
    Replies
    1. කොහොම හරි කතා කරල ආපහු ගෙන්න ගෙන අවුල ලිහා ගන්නම ඕනි.

      Delete
  8. වටින් ගොඩින් හරි ආවට සතුටුයි. Welcome back Aru !

    ReplyDelete
    Replies
    1. කොහොම හරි අරූගේ අඩවියටම ගෙන්න ගමු. ගොඩක් එවුන්ට ඔය ලියන තැන වැඩිය දිරවන්නේ නෑනේ..

      Delete
    2. නොලියා ඉන්නවට වඩා කොහෙහරි ලියන එක හොඳයි.
      ලියන තැන, ලියන දේ තීරණය සම්පූර්ණයෙන් කතෘ සතුයි

      Delete
    3. එහෙම නම් අපිට මහින්දව අරහං වෙන්නත් බෑ නේ.
      අපි කියන්නේ එකක් කරන්නේ එකක්. මොන බම්බුවක්ද ඒ?
      එක්කෝ අපිට අවුල් අපි පට්ට සමාජවාදී අදහස් එක්ක ඉන්න හින්දා වෙන්න ඇති.

      Delete
    4. සමාජවාදේ නම් මං එච්චර දන්නේ නෑ.. ඒත් මේ අරූගේ අඩවියම ඉල්ලලා අඩන සමාජ වදේ නම් මටත් තේරෙනවා රංගි..

      ප්‍රා සමඟ එකඟයි.. ඒක කතෲ ගේ තේරීම. ඒත් යකෝ අපි පව් නැද්ද? හැක්.

      Delete
  9. පඩික්කම තියාගෙන ජනේලෙන් කෙළගැසීම :.D ඕ යේස්

    අරූ අයියා .. වරෙං ඩෝ පේස් ටු පේස් .අපි බලං ඉන්නවා !!

    ReplyDelete
    Replies
    1. පඩික්කම එළියේ තියල ජනේලෙන් ඒකට කෙළ ගහනවද දන්නෑ මේකා.. හැක්.

      Delete
    2. //පඩික්කම තියාගෙන ජනේලෙන් කෙළගැසීම :.D ඕ යේස්//
      ++++++++++++++++++++++++++++++++++++++++++++
      ජනේලයෙන් නිල් අහස පෙනෙන්නේ
      රෑ ආකාසේ තරු බබලන්නේ
      ජීවන සුළඟයි පිසගෙන එන්නේ
      කුමටද ඉන් දිවි තොරකර ගන්නේ

      ජනේලයෙන් මහ සයුර පෙනෙන්නේ
      ජීවිතයයි එහි රළ පෙරළන්නේ
      ජීවිතයයි ඉන් පිටත පෙනෙන්නේ
      කුමටද ඉන් දිවි තොරකර ගන්නේ

      ජනේලයෙන් ජීවිතය පෙනෙන්නේ
      ජනේලයෙන් ජීවනය ගෙනෙන්නේ
      ජීවිතයෙන් හද පුරවාගන්නේ
      කුමටද ඉන් දිවි තොරකර ගන්නේ

      ගුලිවී හැමදා හිර ගෙයි ඉන්නේ
      ඉන් පැනයන්නට මග පෑදෙන්නේ
      හිරගෙයි කෙලෙසද මා පැනයන්නේ
      ජනේලයෙන්මයි මා පැනයන්නේ

      නාට්‍යය - ජනේලය (හෙන්රි ජයසේන)

      Delete
    3. ස්තුතියි සින්දු ඇනෝ මේ ලස්සන ගෙතය මතක් කලාට. අපි පාසල් යන කාලයේ ජනප්‍රිය වේදිකා නාට්‍ය ගීතයක්.

      Delete
    4. //අපි පාසල් යන කාලයේ // ඒ කියන්නේ මං හෙන වයසක කාලේ.. සැක් අපරදේ මට ගිය ආත්මේ අහපු සින්දුවත් බලපු වේදිකා නාට්ටියවත් මතක නෑනේ..

      Delete
  10. මේක කලණයගේ කුමන්ත්‍රණයක්, කලණයා දැන් ඉන්නේ බටහිර අධිරාජවාදීන්ගේ සාක්කුවේ, ඩොලර් වලට වහ වැටිලා , අරුගේ අඩවිය හයි ජැක් කිරීම ගැන අපගේ බලවත් විරෝධය

    ReplyDelete
    Replies
    1. කාගේ සාක්කුවේ හරි කමක් නෑ අපේ සාක්කුවටත් ඩොලර් කීය කීය හරිවත් වැටෙනවනම්..

      අරූගේ අඩවියට.. (සොරි වැරදුනා ඩොලර් වලට) වහ වැටිලා කියපු කතාවනම් සෙටිපිකේට් ඇත්ත..

      Delete
  11. මේක කලණයගේ කුමන්ත්‍රණයක්, කලණයා දැන් ඉන්නේ බටහිර අධිරාජවාදීන්ගේ සාක්කුවේ, ඩොලර් වලට වහ වැටිලා , අරුගේ අඩවිය හයි ජැක් කිරීම ගැන අපගේ බලවත් විරෝධය

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉතින් ඕක දෙපාරක්ම කියන්න ඕනි නෑනේ..

      Delete
    2. ගෙබිලුසා දැං බොනව වගේයි..

      Delete
    3. තමන්ටම කියල පබ් එහෙකුත් තියනෙකේ පොඩ්ඩක් බිව්වම මොකෝ.. නෙහ්?

      Delete
  12. අරූගෙ පෝස්ට් වගේම ඒවට වැටුනු කමෙන්ට්ස් ටිකත් පට්ට ... සමහර වෙලාවට පෝස්ට් එකට වඩා කමෙන්ට්ස් පට්ට ...
    ඒත් මේ දර හැවක ලියන්න ගත්තාම ඒ මුකුත් නෑ ....හරියට අත දිග ඇරල ලියන්නත් බෑ ..... කමෙන්ට්ස් නෑ ..
    හොයාගන්න වෙනම ගේමක් දෙන්න ඕනෙ ...

    මීට වඩා හොඳයි නොලිය හිටියනං ........

    ReplyDelete
    Replies
    1. කොහෙ හරි කමක් නෑ ලියන එකනම් මචං.. අවුල් වන්නට පෙර අවුල් කරපු එක තමයි අවුල මටනම්..

      Delete
  13. LNW කියන්නෙ බ්ලොග් අඩවියකට වැඩිය ජනප්‍රිය තැනක්.(අපේ ලිපියක් ඒකෙ ගියාම ලැබෙන හිට්ස් ගැන දන්නෝ දනිති).එහෙම තැනක අරූගෙ ලිපි යනව කියන්නෙ මට නං සතුටට කාරණාවක්.

    ReplyDelete
    Replies
    1. ඒක ගැන නම් නෝ ආගිව්මන්ට්.. මට තියෙන අවුල ලියන්නේ 'අවුල් වන්නට පෙර' ඉතුරු ටික නොවීම තමයි

      Delete
    2. @රාජ්

      හිට්ස් තම්බල කන්නයැ..

      Delete
    3. හිට්ස් කියන ඉලක්කම ම නෙටව් බං. කියවන්නන් වැඩිවීම වරදක් නෑ

      Delete
    4. //කියවන්නන් වැඩිවීම වරදක් නෑ// වරදක් නෑ නෙවෙයි ගොඩක් හොඳයි. ඒක තමයි ලියන්න පෙළඹවීමම ගොඩක් දෙනෙකුට. තමබල කන්න ඕන්නම් බ්ලොග් නොලියා අල වවමු.. හැක්.

      Delete
  14. ලියන එකාට ඕනැ තැනක ලියනවා මිසක් එක එකාට ඕනැ තැන්වල ඌ ලියන්නේ ඇයි?
    (මෙතැන ඌ කියන්නේ අරූට ය!)

    ReplyDelete
    Replies
    1. මේක බොහෝම හම්බල් රික්වෙස්ට් එකක් කට්ටියගෙම ආපහු 'අවුල් වන්නට පෙර' ලියන්න කියල.. වෙන අවුලක් නෑ..

      Delete
  15. ලංකානිව්ස්වෙබ් යනු දේශපාලන වෙබ් අඩවියකි. අරූ දෙල්කඳ හන්දිය කියා ලියන්නේ දේශපාලන කතාවකි. එය එතැනට අපූරුවට ඝැලපේ.

    හො.රා. ගේ කාලයේ ලංකානිව්ස්වෙබ් වෙබ් අඩවිය ලංකාව තුළ තහනම් කර තිබුණි. ඒ එහි පළවූ ප්‍රවෘත්ති සහ විශේෂාංග ලිපි හො.රා. ගේ රෙජීමයට නයාට අඳු කොළ මෙන් වූ නිසා ය.

    තාමත් හො.රා.ට කඩේ යන වහල්ලුන්ට ලංකානිව්ස්වෙබ් වෙබ් අඩවිය රුස්සන් නේ නැත. ඔවුන්ට අරූ එතැන ලියන "දෙල්කඳ හන්දිය" ලිපියේ අන්තර්ගතය දිරවාගන්නට බැරි වෙනු ඇත.

    එනිසා මට නම් අරුණ පෙරේරා ලංකානිව්ස්වෙබ් වෙබ් අඩවිය සඳහා ලිපි ලිවීමේ අවුලක් නොපෙනේ.

    ReplyDelete
    Replies
    1. මටත් කිසිම අවුලක් නැත. ලියන දේ තීරණය කිරීමේ අරූ ගේ අයිතිය පිළිගනිමි. ඔය අතරම 'අවුල් වන්නට පෙරත්' ලියුවානම් බොහෝම අගේයි නොවැ.

      Delete
    2. රසික,
      මම කියන්නෙ නැතුව මඟහැරපු ටික අපූරුවට කියල.
      ඕනනං අජියට කියමු අරූගෙ ලිපි ටිකට ටැග් එකක් දාන්න කියල.

      Delete
    3. රාජ් රසික ගේ හොඳ රසිකයෙක් නේ.. හැක්.
      //ඕනනං අජියට කියමු අරූගෙ ලිපි ටිකට ටැග් එකක් දාන්න කියල// අන්න හොඳ අදහස. මොකද අපි ඔක්කොම අරූ ගේ රසිකයෝනේ. :)

      Delete
    4. රසික.. අවුලක් නං අපටත් නොපෙනේ :D

      ඒත් අරූගෙ අඩවියෙ කමෙන්ට් ඔස්සෙ මතුකරපු සංවාද නැති එක ගැන දුකයි .. ඒවායින් පෝස්ට් එකේ මඟඇරුනු තැන් සාකච්ඡා කරා .. ඒ ටික නිව්ස් වෙබ් එකෙත් ඇති වෙයි කියල බලං ඉන්නවා ..

      තව ඉතිං LNW එකට ලියපු එක බ්ලොග් එකටත් කොපි කරල දානවනං මේං අපේ රෙෂ්පට් එක අරූ ට !!!

      Delete
    5. පොලිටික්ස් වලින් පිට ජීවිතයක් නැති හරක්.......

      Delete
    6. පොලිටික්ස් වලින් පිට ජීවිතයක් නැති හරක්.......

      Delete
    7. චැහ්.. නිකං අහිංසක සත්තුන්ට අපහාස කරන්ඩෙපා ලොක්කා.. උන් රුපියල් දාහට ඇඹරෙන්නෙ නෑ. අනික බීෆ් හරි ගණං. ඕ යේස් !!!

      Delete
    8. chef-architect එකම කමෙන්ටුව දෙවරක් යොදා ඇත්තේ මෙතැන හරක් දෙන්නෙකු ඇති නිසා විය යුතුයි!
      ;-)

      Delete
    9. හි හි ... ප්‍රශ්න සහ උත්තර ඔක්කොම කියෙවුවා.. අරුගේ අඩවියෙත් කොපි කරලා දානවනම් හෝ,,, වෙබ් අඩවියේ දාන්න කලින් අරුගේ අඩවියේ දානවා නම් ගොඩක් හොඳයි කියලා හිතෙනවා,,, (වෙබ් අඩවියේ කමෙන්ට් වලින් මොකුත් හෙල්ප් එකක් නොලැබෙන නිසා.) අරූට හිතෙන දේ එයා කරයි,, කොහේ ලිවුවත් මං නම් කියෝනව,,

      Delete
  16. නැති බැරි එවුන්.... ඇති හැකි අය වෙනුවෙන්, බත් පැකට් එකට/අරක්කු බාගෙට/රුපියල් පන්සීයට කඩේ ගියාට ....... අම්මා පල්ල අපේ "අරූ" එහෙම නෑ.

    කාටත් තේරුනානේ..... මම අහන්නේ !

    ReplyDelete
  17. මුලින්ම මෙහෙම ලියන්න වෙන එක ගැනම සොරි අම්බානක්....

    කොටින්ම ශෙපෑකි මේක එයාගේ වෝල් එකේ ශෙයා කලාම මට හිතුනේ WTF කියලා.
    ඒ අරූව අපි හඳුනාගෙන හිටිය ස්ටයිල් එක හරහා. අරූ අපේ මිණිහෙක් කියන හැඟීම අපිට තිබුනා අරූ කියපු පොලිටික්ස් හරහා. අපි කියන කියන හැමදේම පොලිටික්. ඒත් ඒ පොලිටික් එක මොකක්ද කියලා අපි අපිම තේරුම් ගන්න එකත් වැදගත්.

    මට අරූ එහෙම අපේ මිනිහෙක් වුන නිසා අම්බානකට අවුල්. ඒ ඔහුට ලියන්න නිදහස නෑ කියන එක නෙමෙයි. අපි ඔහුව බදාගත්ත කන්සෙප්ට් එක අස්සේ මේක අම්බානක අවුල්. අරූ අරූගේ කතාව ලියද්දි ඒ හැම අස්සක් මුල්ලක් පාසාම අපිත් හිටියා. ඒක අපේ හර්ද සාක්කිය කියන එක තිබුනා. කොටින්ම අරූ අපේ අයිකන් එකක් වුනා. අනිකාව විවේචනය කරන, කියවන හා ඒ සටහන් වල තිබුන මට සිංහලෙන් පැහැදිලි කරන්න නොතේරෙන මොකක්ද මන්දා හිතවත්කමක් එක්ක. කොටින්ම පොලවේ පය ගහලා ඉන්න මිනිහෙක් කියන එක.

    මට ඔය කියන එක එක දේශපාලන හා බිස්නස් මයින්ඩ් සයිට් හදපු බොහොමයක් මිනිස්සු අරහං. ඒ මම ඒ කන්සෙප්ට් එක අස්සේ මහා ලොකු ගස් වගේ හිටපු පාතාක යෝදයෝ රුපියලට දෙකට විකුණුන හැටි අවුරුදු විස්සක් විතර තිස්සේ දැකපු හින්දා. රට හදන්න, දේශපාලනය, මවුබිම, ජාතික අභිමාණය ගැන කියපු මහ උගත් බුද්ධිමත් අපි අදහපු මිනිස්සු අද කොහේද ඉන්නේ කියන එක මම දැකපු නිසා.

    මේ උඩ කොමන්ට් දැක්කම මට පෙනුන දෙයක් තමයි අරූ ලියන්නේ මේ පොලිටික් කතාවක් කියන එක හරහා ඒක ඒ සයිට් එකට ගැලපෙනවා කියන එක.
    අපි කරන හැමදේම පොලිටික් තමයි ඒත් ඒක අරූගෙන්ම අහන්න ඕනේ අරූගේ පොලිටික් එක්ක ඕක ගැලපෙනවාද කියලා. අඩු ගානේ අර අපි කලින් දන්න අරූ කියන මනුස්සයා කියපු පොලිටික් අස්සේ.

    තව ගොඩාක් තියෙනවා කියන්න මොකටද නිකම් අපේ හිත් තුවාල කරගන්නේ....? මේ රිදිලා තියෙන තරම හොඳටම ඇති.

    ReplyDelete
  18. මට ටිකක් අවුල්. සමහරවිට මට නොතේරෙනවා ඇති.
    රුපියල් දාහකට මොනවද කරන්න පුළුවන් ඇත්තෙන්ම?

    සම්මානයක් හරි ඕන බම්බුවක් හරි අගය කිරීමක් වෙන එක අතරයි, මේ රුපියල් ශත කාසියකට දෙකකට විකිණෙන මිනිස්සු ගැන මට දැනෙන්නේ අම්බානක දුකක්.

    අපරාදේ ගූගල් ලා වර්ඩ්ප්‍රෙස් වගේ කට්ටිය බ්ලොග් ෆ්ලැට් ෆෝම් එකක් හැදුවේ. මේ වගේ රුපියලට දෙකට කොහෙවත් එවුන්ට කඩේ යන්නනේ ඕයි. නැත්නම් විස්කි බෝතලයකට සිගරට් පැකට් එකකටනේ.
    ලැජ්ජයි...!!!!

    මේක මම කොළඹගමයාගේ සයිට් එකට දාපු කොමන්ටුවා.
    කමා කරත්වා.....

    ReplyDelete
    Replies
    1. රංගි උඹ මට හිතිච්ච දේ ඒ විදියටම ලියලා තියෙනව මචෝ. මට දුක අහිංසක මිනිස්සුන්ව තුට්ටු දෙකට දාන එකට...මේක වෙලාවක ගමයා හම්බවෙලාම කියන්නම්......

      Delete
    2. උඹේ කමෙන්ට් එක එතන නෑ බං....

      Delete
    3. ඉත්තෑවාගේ ගෙදරට කබල්ලෑවා රිංගීම හෙවත් යහපාලනේ ඉස්මුරුත්තාවට යෑම.. රංගි අත් දෙකයි කකුල් දෙකයි උස්සලා බොක්කෙන්ම එකඟයි .. හැට්ස් ඕෆ් සහෝදරී !!

      Delete
    4. කියවන කමෙන්ට්කරන අපි කීයක්වත් ගෙවන්නෙ නෑනෙ බ්ලොග්කාරයට ලියනවට.
      ඉතින් වෙන කවුරුහරි දාහක් හරි ගෙවනවනම් එතන දාන එක වරදක්ද?
      තමන්ගෙ හැකියාවට මුදලින් (දාහක් හරි පන්සීයහ් හරි දහයක් හරි ) අගය කිරීමක් ලැබෙනවනම් හොඳයිනෙ. ජර්නලිස්ට්ල ලිපි ලියන්නෙ මුදලටනෙ.මැගසින්වලට ආර්ටිකල් ලියන්නෙ මුදලටනෙ. ඇයි අරූට විතරක් එහෙම කරන්න බැරි? මං කමෙන්ට් කරන්නෙ මං ආස හින්ද , ඒකටත් මට මුදලක් ලැබෙනවනම් මං තවත් ආසයි නෙ. තමන් ලියන්නෙ තමන් කැමතිදේනම් ඒකට මුදලක් ලැබීම මට හිතෙන විදිහට මුදලක් නොලැබීමට වඩා ඉතා හොඳයි.
      අනේ මංද මට නොතේරෙන දෙයක් මෙතන තියනවද කියල.
      මට කියන්න තියෙන්නෙ -
      කල්යාණමිත්‍ර මාසෙකට සින්ගල් මෝල්ට් එකකුයි හවානා සිගාර්ස් දහයකුයි දෙනවනම් මං මාස හයක් කමෙන්ට් 2 ගානෙ දාන්නම් බ්ලොග් එකේ.
      ඒක වින් වින් සිටුවේශන් එකක් නෙ. මන් කියවන්නත් ආසයි කමෙන්ට් කරන්නත් ආසයි සින්ගල් මෝල්ට් එකකටත් ආසයි සුරුට්ටුවලටත් ආසයි
      ආස දෙයක් කරල ගෙවීමකුත් ලැබෙනව

      Delete
  19. අරූට කැමති තැනහ ලියන එක එයාගෙ අයිතිවාසිකමක්, ඒ වෙනසට අපි ගරු කරමු
    වෙබ් සයිට් තහනම් නෑනේ . යහපාලනේ අත්විදිමු, එය පවත්වා ගැනීමට කැපවෙමු.
    ස්තූය්හියි

    ReplyDelete
    Replies
    1. එතකොට ආත්ම තොප්පිය ද මොකද්දෑ එක ආයිබෝං ?

      Delete
    2. බුදු අම්මෝ මුසෝලිනිගේ පොලීසියවගේ නේ PM.
      බයයි කමෙන්ට් කරන්නත්.
      ආත්ම තොප්පියේ වර්ගය ,සයිස් එක, පාට, ගණකම අරව මේවා තීරණය කරන්නෙ ආත්මය අයිති කෙනා නේ.
      කියවන්නා කැමතිනම් කියවල හොඳයි කියනවා නැත්නම් නරකයි කියනවා එහෙම නැත්නම් නොකියවා ඉන්නවා. ලියන්නේ මොකක්ද්ද කොහෙද කියන එක ලියන එක්කෙනාගෙ වැඩක්.
      කමෙන්ට් අඩුවෙන එක රසයට බාදාවක්. ඒත් අරූට හොඳ තැනක් නම් තෘප්තියක් ඔහුට ලැබෙනවා.

      Delete
    3. ආත්ම විකිණිලා තියෙන්නේ ඉපදෙන්නත් කලින් බං. ඉතින් උන් කොහෙද බං ආත්මය තෘප්තියක් දකින්නේ?

      මොකක්ද මචං අර සින්දුව අර ඩ්‍රීම් ස්ටාර් පොඩි කොල්ලා කිව්වේ..... ?

      Delete
    4. හිස් ටං එකක් වාගෙ අපෙ ජීවිතේ මල්ලි ....
      ඕක නේද බූරු බබා.

      Delete
    5. @ පත්තරේ , එතන ලියපුවහම අරූගෙ ආත්ම තොප්පියට හොද ඇතිනෙ බං ....
      ඔමත් නෙළුම් යායට ගිහින් ලිපි කියවන එකෙක් නෙමේ. ඒත් අරූගෙ කැමැත්තනෙ

      Delete
  20. "වරෙව් මහතුනේ කුණු කය වලඳන්න" කියල අරූ කාලෙකට කලින් කිව්ව නේද ? ;-)

    ReplyDelete
  21. අරූගෙ පෝස්ට් = ලුනු
    ඒකට වැටෙන කමෙන්ට්ස් = දෙහි
    අරූගෙ පෝස්ට් + ඒකට වැටෙන කමෙන්ට්ස් = හොඳට කකාරපු ලුනුදෙහි

    රහ කර කර ලුනුදෙහි කාපු අපිට ලුනු විතරක් කන්න බෑ, අප්පිරියයි .......

    ReplyDelete
  22. මම නම් තාම බ්ලොග් වලට ආධුනිකයි කමි... අපිට කලින් බ්ලොග් ලියල නවත්තලා ආයෙ කරලියට ආපු එකනම් හොඳා.... බැරිවෙයිද ආපහු බ්ලොග් එකට ඇදගන්න? ඇත්තද අරූ නෙළුම් යායට කේස් එක අදිනවා කියන්නෙ?

    ReplyDelete
  23. කමෙන්ට් නැති එක නං ප්‍රශ්නයක් තමා...

    ReplyDelete