2015 දී සිංහල බ්ලොග් අවකාශයට අලුතෙන් එකතු වෙච්චි හොඳම රසකාරකය මොකක්ද කියල කවුරුහරි ඇහුවොත් බය නැතුව කියන්න පුළුවන් ඒ ශ්‍රංග ගේ යාන්හෑල්ල කියල.. 90 දශකයේ හා ඉන් ඔබ්බට සබරගමුවේ කොනක ජන ජීවිතයේ කටුක මිහිරියාව ඊටම අවේනික වූ ජනවහරද සමෝසමේ මිටින් ගෙන සයිබර් පන්හිඳෙන් පණ පිහිටුවා දමා ගසන සුරංගයා නිසා උගේ ආච්චම්ම 2015 බ්ලොග් රියල්ස්ටාර් වෙලා ඉවරයි.. ශ්‍රංග ගේ ලියවිල්ල ඉස්තරන්.. කොච්චර ඉස්තරන් ද කියනවනම් ඒ බ්ලොග් එක කියවලම අලුතෙන් බ්ලොග් ලියන්න පටන් ගත්ත බ්ලොග්කරුවනුත් ඉන්නවා..
“ඔබෙරා ......... ගී...ඊඊඊඊඊඊ......................ඊඊඊඊඊ...............මන කැලඹේදෝ ......................"
පංසලට ඉස්පීකර් ජෝඩුවක් ගෙනැල්ලා ඝණ්ඨාර කණුව මුදුනේ ගැටගහලා ඔය සිංදුව දාද්දි අපි වෙන් වෙන් වසයෙන් දැනගන්නවා .... පංසල මේ මොකටද එන්න හදන්නේ කියලා.
ආධාර පත්‍රයයි
......................... විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍ය රාජයාණන්ගේ ................................“යකෝ හාල් ඇටයක් ගන්න ගේ සත පහක් නෑ.... ආධාර පත්තරනම් එනවා... ඔව්වා කොහොම ගෙවන්නද?"
සම්පකාරෙන් අපිට ලැබෙන දිළිඳු සහන... ඉස්කෝලෙන් අපිට ලැබෙන දිවා ආහාර මුද්දරේ...තාත්තා නැති නිසා අම්මාට ලැබෙන පිංපඩිය....නිකං හම්බුවෙන පාසල් පොත් සහ නිලඇඳුම් සහ අම්මාට දලු කඩලා හම්බුවෙන සොච්චම් පඩියත් අපිට අමාරුවෙන් කිරි බෝතලයක් දෙකක් දෙන බටු වැස්සීත් නැත්තං අපි පොළොවට පස් වෙලා හිටපු තැන්වල දැන් ගසුත් පැලවෙලා.දහම් පාසල් ගියාම අපි ඉන්නේ ලොකු හාමුදුරුවන්ගෙන් හොඳටම වසන් වෙලා. ඇයි ඔය පංසල් ආධාර නොගෙවන එකම පවුල අපි කියලා අපිට හිතෙන නිසා. ලොකු හාමුදුරුවොත් අපිව ගනන් නොගෙන ඉන්නේ ඒ නිසා යැයි හැඟීමක් අපේ හිත්වල මෝදු වෙලා තිබ්බා.මිහිඳු මහා පෙරහැරට සතියකට විතර කලින් තමයි සල්පිල පටන්ගන්නේ.. සල්පිලටත් බඩු ගමේ මිනිස්සුම තමයි දෙන්න ඕනි. ඒක වෙනමම යන ආධාරයක්. ඩී.ටී. සුමනයි එයාගේ මහත්තයයි තමයි කවි කියන්නේ.සල්පිල ඉවරවුනාම චිත්‍රපටියකුත් පෙන්නනවා කියලා යකඩ කටින් (ඉස්පීකරෙන්) නිතරම කියවන්නේ ඒක මාකටින් සිස්ටම් එකක් නිසා. සල්පිල පටනගන්නකොට රෑ හත අට විතර වෙනවා.අම්මා සල්පිලට නොගියත් ආච්චී අනිවාර්යයෙන් යන නිසා අපිත් දඩි බිඩි ගාලා ලෑස්ති වෙනවා...............
...............මේකට විශේෂ පන්දමක් තියෙන්න ඕනි. මොකද පංසල තියෙන්නේ කිලෝමීටරයක් දුර. ආයේ එන්ඩත් එපැයි.ඉතිං අරක්කු බාගේ බෝතලේක කටට කිරිමැටි තියනවා. එතකොට කර පුපුරන්නෑ. කිරිමැට්ටත් බෝතලේට හොඳට බද්ධ වෙනවා. ඊට පස්සේ බෝතලේට ලාම්පුතෙල් පුරවනවා. පුරවනවා කිව්වට හොඳටම පුරවන්නෑ. ඊට පස්සේ කපු රෙද්දක් අරං අර කිරල ඇබයක් සයිස් එකට උරුට්ටු වෙන්න ඔතලා බෝතලේ කටට බස්සනවා. දැන් බෝතලේ පල්ලැහැට හරවලා තෙල් කවලා පැත්තකින් තියනවා. ආච්චී හැඩවෙලා ඉවරවෙනකන්.
“ඔව් මෙන්න තවත් ආධාරයක් කරනවා ඇටම්පිටිය සිට පැමිණි දයානන්ද මුදලාලි තම මවට පිං පිණිස රුපියල් දෙසීය පනහක ආධාරයක් කරනවා... මුදලාලිටත් මේ පින් බලය අත්වේවා...““දයානන්ද මුදලාලිගේ නම කියවෙනවාඅද දිනයේ පලවෙනි ආධාරය දෙනවාමවට පින් ලැබෙන්නයි ඔහු කියා පතනවාමෙපින් බලෙන් මව් ඔබ නිවනටම වඩිනවා....“දයානන්ද මුදලාලිට සෙකන්ඩ් වෙන්නෑ වත්තේ මාටින් මුදලාලි.. මිනිහා දෙනවා 300ක් . මාටින් මුදලාලිට සෙකන්ඩ් වෙන්නෑ විජේ මුදලාලි මිනිහත් තව රුපියල් දහයක් පහලවක් වැඩි කරලා ආධාර දෙනවා. ආධාර වැඩි වෙන්න වැඩි වෙන්න එක කවි පංතිය කවි පංති දෙකක් වෙනවා. ඒ වෙලාවට දෙන ඔය රුපියල් දහයේ විස්සේ ආධාර ගණන් ගන්නෙවත් නෑ.. ආච්චිත් රුපියල් විස්සක් අතේ මිට මොලවගෙන ඉන්නවා. තරඟෙ ඉවර වුනාම දෙන්න. ඉතිං සල්පිලට කලින් ආධාර පෝලිම නැගලම යනවා. ආධාර වැඩි වෙන්න වැඩි වෙන්න විටෙන් විටේ ලොකු හාමුදුරුවොත් සල්පිල පැත්තේ ඇවිත් කැරකිලා පස්වනක් ප්‍රීතියෙන් ඔද වැඩි වැඩී යනවා.
ප.ලි. ෆේස්බුක් එකේ සහ ලංකාදීප පිටු අතර ලිය ලියා හිටපු මට බ්ලොග් එකක් ලියන්න උත්තේජනයක්ආවේ සුරංගයා (සුංගියා) ලියන “යාංහෑල්ල“ බ්ලොග් එක නිසා කියලා නිහතමානීව කියනවා. යාංහෑල්ල ලියවෙන්නේ රත්නපුර පැත්තේ ගමක සිදු වෙච්ච සිදුවීම්. මම ලියන්නේ කඳුකරේ බදුල්ලෙනුත් ඈත නුවරඑළිය පැත්තට කිට්ටුවෙච්ච ගමක් ගැන විස්තර... ඉතිං අපි වගේ තවත් අය ලිව්වනම් සයිබර් අවකාශය තවත් ලස්සන වෙයි..
මල්වට්ටියක්.. වෙන්දේසියක්.. පන්සලේ ලොකු පින්කමක් බුදු හිමියනේ.. ඔබ පුදන්නට ගමේ දෙපිළක තරඟයක්..
සලපිල් කියන ඒවා අදකාලේ නම් මැජික් වගේ මන් හිතන්නේ.. ඒ දවස්වල නම් මොන වැඩේ පටන් ගන්න ගියත් මුලින් කරන්නේ සල්පිලක් තියල ආධාර එකතු කර ගන්න එක මුලින්ම.. පන්සල් තමයි මේ ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය.. සල්පිල් ගැන තා බොහෝ රස කතන්දර ඒ කාලේ සල්පිල් වලින් 'ගොඩගිය' අපේ සමහර අයියලාට මතක් වෙයි.. මොකද ඔය සමහර ගෑනු දරුවෝ ඉන්නවා දවල්ට පට්ට ආඩම්බරයි.. එලියකටවත් බහින්නේ නෑ.. ඒ වගේ අයව බලා කියා ගන්නනම් රෑකට රාත්තිරියකට ඔය වගේ සල්පිලක් වෙන්දේසියක් කටිනයක් තියෙන්නම ඕනි..
හරි මම වැඩිය විස්තර කියන්න යන්නේ නෑ.. ගොඩ වෙලා කියවලා බලන්ඩලා මේනකයාගේ ගොඩේ කතා..
ඇයි කොළඹ යන්නේ? මෙහේ ඉඳලා වගතුවක් වෙන් නෑ....ගෝවා කොටුවෙමුත් පාඩුයි...බාස් කෙනෙක් ගාව අත් වැඩ දෙනවා ඊට හොඳයි.. අනේ උඹත් කොළඹ ගියාම ගහකට යවා ගන්නවත් කොල්ලෙක් ගමේ නෑ...
මගේ ගානේ හැමෝටම නත්තලක් තෑග්ගක්!!!
අපේ ගමේ නම් තාමත් සල්පිල් තියෙනවා. හැබැයි ලොකුවට වෙන්දේසි වෙන්නෑ,භාන්ඩයේ ගාණ හොයාගන්නෙත් බොහොම අමාරුවෙන්.
ReplyDelete(ඔන්න මමත් මේ පැත්තට ගොඩ වුණා.)
මතක නම් මම කොහෙවත් සල්පිලක් දැක්කේ නෑ.. ඉස්සරනම් හරි ආසාවෙන් ගියා සල්පිල් වලට..
Deleteඔන්න මමත් ඒ පැත්තට ගොඩ උනා. බ්ලොග් රෝලටත් දා ගත්තා ආයි මිස් නොවෙන්න. මේනක ගේ බ්ලොග් එක පැත්තටත් ගොඩ වෙන්න. සුභ නත්තලක්!!
Thanks.
ReplyDeleteMy pleasure.. :)
Deleteගියා කමියෝ......... සුපිරි කොල්ලෙක්...... අපේ සින්ඩියටත් දා ගත්තා.... උෟවත් දිරිගැන්වූවා.... උඹේ නමත් කෙටුවා........ යුතුකම් තියෙන්න ඒපැයි.......
ReplyDeleteකමියා........... මේ අලුත් බ්ලොග් හැමදාම අපි දකිනවා.. ඒත් අපිට තියෙන ගැටලුව තමා මේ ඒන අයට මොකද වෙන්නේ කියන ඒක..... අැයි අපිට බැරි මේ පිරිසෙන් සැලකිය යුතු පිරිසක් වැඩේ ඒක්ක රදවා ගන්න... කොතනද අවුල තියෙන්නේ....??????? අපි මේ සාකච්ඡාව ගන්න කාලේ හරි නේද??????
ඕකට තියෙන්නේ සිම්පල් ප්ලෑන් එකක්. උඹට පුළුවන්නම් බ්ලොග් ලියනවට ගෙවන්න, ඒ කියන්නේ මේ රුපියලක් දෙකක් නෙමේ, අදලා ලියන්නටයි උගෙ ගෙදර උන්ටයි ( ලියන්න කියලා බ්ලොග් කාරයෙක් හිටියා කියලා කාට හරි මතකද ? ) මාසෙ ජීවත් වෙන්න තරම් ගානක් ගෙවන්න පුළුවන්නම්, මේකෙ ඉඳියි අපූරු බ්ලොග් කාරයො රොත්තක්... මට්නම් ඇත්තටම මේ ජොබ් කර කර මේක කරන්න බෑ.. එහෙම කරන කිහිප දෙනෙක් ඉන්න බව පේනවා... මම හැමදාම උන් දිහා පුදුමෙන් තමා බලන්නේ උන් කොහොමද මේක කරන්නේ කියලා...ඇත්තටම අපි උන්ට සැලුයුට් පාරක් ගහන්නම ඕනා...
Deleteකුරුටු @ හැමෝටම තියෙන්නෙ කාලවේලා ප්‍රශ්නෙ ඒකට ඉතින් විසදුමක් දෙන්න බෑ.
Deleteසෙන්නා @ සැලියුට් අවශ්‍ය නෑ .ඒ අයට සේවා ස්ථානවල විවේකය වැඩි අය. තිත්ත ඇත්ත නම් වැඩ අඩු අය.
කවුද බං ලියන්න කියන බ්ලොග් කාරය. මට මතක නෑනෙ.
Deleteඋඹට අර ප්‍රසන්න කියන එකාව මතකද..
Deleteඅර එක පෝස්ට් මුදියන්සේව..??
උඹට අර ප්‍රසන්න කියන එකාව මතකද..
Deleteඅර එක පෝස්ට් මුදියන්සේව..??
ඔය කියන්නෙ අර ලටපටේ ලියන එකාද? මතක් කරන්න එපා උෟවනං
Deleteඅනික, උඹට අර කම්මල සින්ඩ්‍රෝම් එක හැදිල. හැක්..
ඒ දේ ගැන වැඩිය හිතන්ට උවමනා නැහැයි කියලයි මගේ නම් මතය.. අනිත් අය ලියන දේවල් දැකලා ආසාවෙන් ලියන්ට පටන්ගත්තට ඊට පස්සෙයි දැනෙන්නෙ මේකෙ තියෙන අමාරුව.. ඉතිං අර ආසාව ඉක්මනට දියවෙලා ගිහිල්ලා අර ලියන්නොත් ඉබේම හැලිලා යනවා.. මේක තමා 80%ක් විතරම වෙන්නෙ.. හැබැයි ඔය අතර ඉන්නවා 20%ක් විතර 'ලිවීම' කියන දේට ඇබ්බැහි වෙච්චි අය.. ඒ කියන්නෙ බ්ලොග් පමණක්ම නෙවෙයි, ඔය මොනාහරි කුරුටු ගාන්ටම ඇබ්බැහි වෙච්චි අය.. ඒ අය දිගටම ඇදගෙන යනවා..
Deleteවැඩ වැඩි වීම හෝ අඩු වීම ප්‍රශ්නයක් නැහැ මෙහෙම ඇබ්බැහි වෙච්චි අයට.. එයාලා තමන්ගෙ කාර්යබහුල දිනචර්යාවෙන් කොටසක් වෙන් කරනවා ලිවීම වෙනුවෙන්ම. (උදා: රසික කියනවා එයා ලියන්නෙ වැඩට යන-එන ගමන් කෝච්චියෙදි කියලා) මේක හරියට ජිම් යන්න ඇබ්බැහි වෙච්චි කෙනා ඒකට වෙලාවක් වෙන් කරගන්නවා හා සමානයි.. අන්තිමේදි බැලුවහම මේ ඔක්කොම 'time management & prioritising'..
ප්‍රසා,
Deleteඔය සින්ඩ්‍රෝම් එක ඇන්ඩ්‍රොයිඩ් වලින් බෝවෙන එකක්.. හරිම භයානකයි බලන් ඉද්දි බෝවෙනවා...
බූරා,
Time Management කෙසේ වෙතත් prioritizing නම් තමා... මීට වඩා වැදගත් දේවල් තියනවා කරන්න... ඉඳලා හිටලා බ්ලොග් එකක් කියවලා කමෙන්ට් එකක් දාගන්න ලැබෙන එකත් ලොකු දෙයක්...
@ සෙන්නා25 December 2015 at 08:05
Deleteඋඹ හරියටම හරි. මහා ලොකුවට පටං ගත්තට මටත් වෙලාවකට හිතෙනවා ‘යකෝ මේක කොට කොටා ඉන්න ටිකේ, කීයක් හරි හොයන දේකට මේ කාලය යෙදෙව්වනං මොකද?‘ කියලා. එහෙම යොදවලා මේකෙන් ඈත් වුණු වෙලාවලුත් තියෙනවා. ඇත්තටම බ්ලොගිං කියන්නෙ විනෝදාංශයක් මිසක් ජීවනෝපායක් නෙමේ.
සෙන්නා :
Delete200%ක් එකඟයි ඔය කියන කතාවට. අනිත් එක තමයි. ගොඩක් අයට 'බ්ලොග් ලියන එක' විතරක් මදි. අනිත් බ්ලොග් කියවන එකත් මදි. හැම පෝස්ටුවකටම කමෙන්ට් කරන්න ඕනෙ. ඒවත් හෙණගහනාත්මක විශ්ලේෂණාත්මක කමෙන්ට්ස් වෙන්න ඕනෙ. කමෙන්ට් එකට හැරෙන තැපෑලෙන් රිප්ලයි ලැබෙන්න ඕන වගේම ඒවා යන්තම් අමතක වුනොත් එන බැනුම් වරුසාවට තුත්තිරි ගහක් වගේ මූණදෙන්නත් ඕනෙ.
මට මතකයි අපේ තාත්තා අසනීපෙන් හිටපු කාලෙ දිගින් දිගටම මට බ්ලොග් එක අතපසු වෙද්දී ආපු ඇණුම් බැණුම්. දැනටත් ලියන්න අතපසු වෙද්දි එන ඇනුම්පද නම් වැඩි වෙනසක් වෙලා නෑ.
ඒත් ඒ වගේ දේවල් මැද්දෙන් උනත් දතකාගෙන තවමත් ලියන්න මට නම් තියෙන්නෙ හේතු තුනයි.
1. බ්ලොග් අවකාශයෙන් හමුවුනු, ගණනින් අතලොස්සක් වුනත්, ජීවිත කාලය තුල මුණගැහුනු බොහොම සුන්දර මිනිස්සු.
2. ලිපියක් කියවලා ඒ ගැන කමෙන්ටුවකින්, මැසේජයකින් හෝ මගතොටේ හමුවෙලා දක්වන ප්‍රතිචාර සහ කමෙන්ට් නොකලත් දිනපතා යන එන පාඨකයන්ගේ අඩිසටහන්
3. ඉස්සර ලියන ලියන දේ ඉරලා විසිකරන පුරුද්ද බ්ලොග් අඩවිය නිසා වැලකීම, මගේ අඩුපාඩ නැවත කියවලා මටම හඳුනාගන්නට හැකිවීම සහ අද වෙනකොට ඒ ලියැවිලිවලට නිසි වටිනාකමක් ලැබෙන්නට පටන්ගෙන තිබීම
හම්මෝ.. මේ කොමෙන්ට් ඔක්කොම අතරින් මට හිත ගන්න බැරි බස්සිගේ කොමෙන්ටෙකේ දී...ග... :) තැන්කු වේවා හැමෝගෙම අදහස් වලට :)
Deleteප්‍රාජේ තමා මට ඔය සුරංගයා කියන එකා ගැන කිව්වේ.. කිව්වට ගිහින් බැලුවා.. කිව්ව්වත් වගේ හරිම් අපූරුයි.. ඌ අර කියන වචන එහෙම්ම ලියන එක තමා මරේ මරු....
ReplyDeleteමට සඳරුවවත් මතක් වෙනවා.... අපිට බ්ලොග් ලියන්න උත්තේජනේ දුන්නේ ඌ තමා....කොහේ ගිහිංද මංදා, කමෙන්ට් කෑල්ලක්වත් දකින්න නෑ...
සඳරු වා ලියන්නේ නැති එක අපරාදයක්.. කවුරු උනත් හොඳ එකක් ලියල දැක්කොත් බෙදා ගන්න තමයි හිත. :)
Deleteසල්පිල් ගැනනම් කතා කරල වැඩක් නෑ. කොහොමත් මට පන්සල් වල වෙන වැඩ ගැන ප්‍රසාදයක් නෑ. ගිහියන්ටත් වඩා තෘෂ්නාව වපුරන තැන්. මේ දේවල් වලට මුදල් දෙන එකේ වරදක් මම දකිනවා. තියන තැනටම ගොඩගහන එක අපරාධයක්. යමක් දෙන්න ඕන ඒ දේ ඇත්තටම අවශ්‍ය කෙනාටයි. පන්සල් වල බොහෝ විට ආධාර එකතුකරන්නෙ මකර තොරනට ඒකෙනම් ඒ අර්ථෙන් ගත්තම ඇත්තකුත් තියනවා.පන්සල්වල එකතුකරන සල්ලි යන්නෙ මකර කටට නිසා.
ReplyDeleteආධාර දීම ගැන මෙහෙම කතාවකුත් තියනවා හිගන්නන්ට දෙනවට වඩා පොලන්නන්ට දෙන එක් අපින් කියල. පොලන්න කියන්නෙ අවශ්‍යතා තියනව ඉල්ලන්න ලැජ්ජ අය. ඒ අය අවංකයි. හිඟන්න කරන්නෙ රස්සාවක් නෙ. ආධාර පත්තර අරන් ගෙවල් ගානෙ එන එවුනුත් හිගන්නො තමා. ඇයි පන්සල හිගන මඩුවක් වෙන්නෙ.
මේකට උත්තර දෙන්න එනකොට උඹ සමු අරන්.. යකෝ දුක බෙදා ගන්න කොමෙන්ට් එකක්වත් දාන්න නොදී පැනල ගිය උඹ නම් යකෙක්ම තමයි..
Deleteකල්යාන මිතුරු තුමෝ... එම අගනා බ්ලොගයට පාර පෙන්නුවාට ඉස්තූති ය...
ReplyDeleteප්‍රගතිශීලි සරස තුමාව දැක්කා මාතලන් ගේ පොස්ට් එහෙක.. :)
Deleteහොඳයි හොඳයි. ඒ පැත්තටත් ගිහිල්ල ආධාරයක් කොරල එන්නංකො.
ReplyDeleteඅද අමුඩෙ විතරයි පුක (දේශකයා) නෑ.
Deleteඌ නත්තල් කන්න ගිහිල්ල. හැක්..
Deleteමල් මල් ලේන්සු තියෙනවා විකුනන්න ගැටිස්සියෝ මහපුවා... ගිහින් එකක් ඇන්න වරෙන්.. හැබැට කෝ පුක දැක්කේ නෑ හුඟ දවසකින් :/
Deleteකියවන්න වටිනා බ්ලොගක් පෙන්නුවට පින්. මේ දවස්වල කියවන්න වටිනා සහ හිත් වදිනා දේවල් අඩුයිනේ කමියෝ..
ReplyDeleteහොඳයි කියලා හිතුනා බෙදා ගත්තා.. එක නෙවෙයි උඹේ බෑන්ඩ් හැකියාවෙන් අපි වැඩක් ගන්න ඉන්නේ.. :) කවුරුවත් කියුවද ඒ ගැන?
Deleteහරි ඒ දෙපැත්තටම ගොයින් බඩු උස්සනංකෝ..
ReplyDeleteස්තුතියි ඔත්තුවට...
ජ ය වේ ා ව1!!!1
උදේම දෙකක් දාලද කොහෙද අමුතු ඒව වදින්නෙ.
Deleteඋදෙන්ම නං දාන් නෑ වැඩ ඔක්කොම ඉවර කරලා එදා කතාකරපු වෙලාවට තමයි පලවෙනි එක දාගන්නේ...
Deleteදෙකක් දා ගන්න කතා ඇහුවම ඔක්කොම අමතක වෙනවා.. :( 'දෙකක්' දැකපු දවසක් වත් මතක නෑ..
Deleteහෙහ් තැන්කූ කීව.. ඒ අහට ගොහිං එන්නං. මේම හරි අකරක් කොටපු එක මදෑ
ReplyDeleteඑක නෙව.. මේක කෙටුවේ පාන්දර තුනට නැගිටලා..
Deleteහොඳයි ඉදින් ඒ කරගත්තාවූ කුසල කර්මය හේතුකොට ගෙන කලාහිත අධිපති තැන්පත් කළ්‍යාණ මිත්‍ර ලියන මහතාට පැයෙන් පැය යහ සිතුවිලි පහල වේවා...!! විනාඩියෙන් විනාඩිය කාලය ඉතුරු වී සිතුවිලි අකුරු කෙරේවා... !! ඒවා පෝස්ට් වේවා.....යි කියලා ඔය කවුරුත් ප්‍රාර්ථනා කරමු..!!
ReplyDeleteඩුම් ට්‍රක් ට්‍රක් ඩු..ම්............ම්...&&!
ජයවේවා..!!
ශිෂ්‍යභට නිලධාරී අංශය.. ප්‍රභූ සම්මාන උත්තමාචාර..අවි.... ඩුම් ට්‍රක් ට්‍රක්.. ඩුම් ට්‍රක් ට්‍රක්.. ඩු..ම්............ම්. ශිෂ්‍යභට නිලධාරී අංශය.. පසෙක.. අවි... ඩුම් ට්‍රක් ට්‍රක් ඩු..ම්............ම් :)
Delete2015 බ්ලොග් වලට ආපු එවුන්ගෙන් එකෙක් මමත්.. සුරංගයා මම දැකපු හොඳම අලුත් බ්ලොග් කාරයා කියන්නෙ එක පයින්. එව්ව දැක්කම අපි ලියන්නේ මොනවද කියල හිතෙනව. මම කියන්නෙ මට දැනෙන දෙයින්. ඌ ලියන එව්ව වල අමුතුම රහක් තියනවා.. ඌව හඳුන්වල දීපු(ජනගත කරපු) රවී අයියටත් අපේ ප්‍රණාමය. මේ කියපු බ්ලොගයටත් ගියා.. හරිම රහයි.. පොඩ්ඩක් ගැජට් බජට් එල්ලලා ෆලෝ කරන්න ලේසි වෙන්න ඒක හදාගන්නත් උගන්නපන්.. උඹත් පුළුවන් වෙලාවට වත් ලියහන්... ජයවේවා...
ReplyDeleteසජ්ජා,
Delete/ ඌව හඳුන්වල දීපු(ජනගත කරපු) රවී අයියටත් අපේ ප්‍රණාමය. /
ෂුරංඝයා හඳුන්වල දෙන්න මම කරපු දෙයක් නෑ බං...ඌ හැබෑම දක්ෂයෙක්... උගේ බ්ලොග් ලිවිල්ල පටන් ගැනිල්ලට මගේ එකම සම්බන්ධය ඇවිල්ල මම එක පාරක් ලියපු කුකුළේගඟ ව්‍යාපාරයෙ මම ගත කරපු කාලය ගැන ලිපියක් කියවල ඒකට කමෙන්ට් එකක් ලිව්ව ඕකා. මම ඒක දැකල කිව්ව අඩේ කොලුවො මල් හතයි, ලියාපං ලියාපං තව මොක මොකවත් කියල. හෙහ්..අන්න එච්චරයි මගේ සම්බන්දෙ..දෙයියම්ප. මේ ඇත්තමයි...:)
සජ්ජ.. උඹට වගේම මටත් ලැජ්ජයි මන් ගැන.. ඒ වෙන මොකකටවත් නෙවෙයි ශ්‍රංග ට වගේ ලියන්න ගොඩක් දේවල් තිබ්බත් ඒ ටික ලියාගන්න තම කොන්දක් නැති එක ගැන. :(
Deleteමේනකයා තාම බ්ලොග් වලට අලුත් නිසා හැදිලා එයි ගානට..
රවී බොස්. ඔය කරපු හරිය මදිද?
100% agreed about Surangamlr.
DeleteYou will not regret the time spending on Menaka's new blog too; I'm sure! :)
DeleteYep. Thanks
Deleteගියා , කියෙව්වා. ස්තූතියි
ReplyDeleteස්තුතියි කියෙව්වට ගියාට :)
Deleteමාත් ගියා...
ReplyDeleteඇත්තටම ගියා...
ඇත්තටම තැන්කියු කිව්වා එහෙනම් ඕන්..
Deleteමේක අපේ නත්තල් දවසනෙ, උඹට කියන්න කමියො බලපං ඉස්සර අපි නත්තල් පූජාවට පල්ලි ගිහින් එද්දි අපි ඉල්ලපු නත්තල් තෑගි ඔක්කොම නත්තල් සීය අපි එද්දි ගහ පාමුල තියල ගිහින් තිබ්බ. මේ පාර අපේ පොඩි එවුන්ගෙ ටික තියල මම ඉල්ලපු JD බෝතලේ තියල නෑනෙ බං.
ReplyDeleteඅපේ ගමේ පන්සලට හතර පේරුවක් තියනව, සල්පිල් දවසට එහා ගමේ නංගිලගෙ අත්කම් වලට අනික් ගමේ එවුන්ගෙන් තමයි වැඩිම ඉල්ලුම.
මම ඔහොම සල්පිලකදි වෙද මහත්තයෙක්ගෙ තෙල් වගයක් ගත්ත, කවුරුත් ඒකට මිලක් දුන්නෙ නෑ වෙද මහත්තයගෙ අසරණ මූණ දැක්කහම මට මාර අප්සට් මම සෑහෙන ගානක් දීල ඒක ගත්ත හැබැයි ඒකෙ තිබ්බ සමහර බේත් වලින් තිබ්බ ගුණය හිතාගන්නවත් බෑ.
ප.ලි - අලුත් බ්ලොග් එකට හෙට ගිහින් කමෙන්ට් කරන්නම්.
උඹලා හැමෝටම සුභ නත්තලක්.. සැන්ටා ට අමතක උනාට කමක් නෑ උඹ JD එක ලෑස්ති කරලා තියපන් සුදූ..
Deleteසල්පිලක් අන්තිමට දැක්කේ පුංචි කාලෙදි. ඊට පස්සේ ඉතින් අහන්න දකින්නවත් ලැබුනේ නෑ. කාලය එක්ක කොයි තරම් දේවල් වෙනස් වෙනවද.
ReplyDeleteදැන් ඔන්න ආපහු බලන්න පුළුවන් මේනකයාගේ ගොඩේ කතා වලින් :)
Deleteඔත්තුවට ස්තුතියි :) මම ඒ පැත්තේ ගිහින් එන්නම් ...
ReplyDeleteයූ ආර් වෙල්කම් ස්වෝන් මෑ'ම් :)
Deleteඅල්පේච්ඡ ගැමි ජීවිතය අත්දැකපු කෙනෙකුට ඒ ගැන ලිව්වැකි, පන්සිය පනස් ජාතකය වගේ, පංච තන්ත්‍රය වගේ, විවිධ අලංකරණ/අතිශයෝක්ති යොදලා. අපි හැමෝගෙම, ‘හැමෝගෙම‘ හිත ඇතුලේ ජීවත්වෙන ඒ ‘ගැමියා‘ මේ විස්තරයට ආකර්ශනය වෙනවා. හොඳයි, දිගටම ලියනවානම්. එහෙම වෙන්න කියලා පතමු.
ReplyDeleteමම නොවෙයි මම.. මමනම් හෙනම විකාර ජිවිතයක් ගෙවන්නේ බන් මේ සුට් බුට් ඇඳගෙන කොළඹට වෙලා.. බ්ලොග් එකේ විතරයි 'පොඩ්ඩක්' හරි නිදහසේ මම වෙන්නේ.
Deleteසුරංග ගැමි උච්ඡාරණ විධි සහ ප්‍රාදේශීය කථන විලාශය ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීම තමයි විශේෂත්වය.
ReplyDeleteතමන්ට ආවේනික ලේඛන ශෛලියක් පවත්වාගැනීම තුලින් අනන්‍යතාවක් ගොඩනගා ගැනීම බ්ලොග් ලිවීමෙන්දී පමණක් නෙවෙයි ලේඛන කලාවේ යෙදෙන සෑම සාර්ථක ලේඛකයකු විසින් ම වර්ධනය කරගතයුතු ගුණයක්.
ම්චප්..ම්චප්.. එකෙන්ම විචාරක තුමෝ.
Deleteමිනිහට පුලුවංනං කොමෙන්ට් වලට උත්තර දෙන්න කියලත් කියහං.
ReplyDeleteඒ විතරක් නෙවි එයැයි අනික් අයගේ බොග් වල කොමෙන්ට් කරන්නේ නැත්තේ ඇයි ඒක නරක වැඩක්
Deleteමචංලා, ශ්‍රංග යා කෝල් කරලා කියුවා ඌට කර කර හිටපු රස්සාව නැති උනයි කියල.. හේතුවක් දන්නේ නෑ.. හොයල බලන්න ඕනි.
Delete@ඇනෝ, ගස්ලබ්බට ගොඩවැදිලා තිබුනා
Deleteයාං හෑල්ලට පාර පෙන්නුවට තුති.
ReplyDeleteපල්ලියෙ තරුණ සමිතියෙ ඉද්දි මංගල්ලෙට සල්පිලේ වෙන්දේසිය කළා මතක් වුණා....ඈවරයි...දෑවරයි...තුන් ඈවරයි.....තීන්දුයි....
ඔය තුන් ඇවරයි තීන්දුයි කියන්නේ නම් සැහෙන්න තටමලා.. :) ස්තුතියි.
Deleteසුරංගගෙ මං දකින විශේෂත්වය තමා, ඌ ලියන කරුණු සියේට සීයක්ම අව්‍යාජ වීම. ඒ වගේම සමහර තැං වල අතිශයෝක්තිය යොදාගන්නවා, අපිව අතිශයින්ම කිති කවන්න...
ReplyDeleteස්තූතියි කමි, මේනකයගෙ බ්ලොග් එක පැත්තෙ යනව දැං.
අතිශයින්ම කිති කවන්න.. ලෙසටම. :)
Delete2015 කියන්නේ මට ගොඩක් බ්ලොග් මගහැරුණු (හප්පේ ඒ මගහැරීම හෙන කිරිමෙල් කේස් එකක්. ආත්මාර්ථකාමී සීන් එකක්.) අවුරුද්දක්. ඔත්තුවට බොහොම ස්තූතියි කමී!
ReplyDeleteයු ආර් වෙල්කම්!! 2016 එසේ (මෙසේ) නොවේවා!
Deleteඒ පාර තවත් එකක්! ඉඩ නෑ බන් ඔවා ගොඩක් එල්ලගන්ඩ! අනික කියවනවා නියලා ඔහොම කියවන්ඩ පුළුවන් ද? සුරංගයා වගේ නම් ආයේ බතින් සුපිරියට ඇති...
ReplyDeleteඔවා, නියලා, බතින්?? උඹ මලක් වත් ගැහුවද? හැක හැක හැක..
Deleteඒ පැත්තෙත් යන්න ඔනි කමියයියා.... හැබැයි සුරගගේ ආච්චම්මා තමා කිවුවත් වගේ වසරේ බ්ලොග් සුපර් ස්ටාර් නේ
ReplyDeleteම්චප්..ම්චප්.. හැක හැක.. තැන්කූ වේවා!
Deleteසුරංගයා නං මරු...මමත් බ්ලොග් ලියන්නේ ඔයා අටම් කසුට්ටා වගේ අය නැගිට ගන්න අත හිත දීපු හින්දා තමයි.මේ ඔත්තුවට ක්‍රියාත්මක වෙන්ඩ යමින් ගමන්
ReplyDelete//මමත් බ්ලොග් ලියන්නේ// බොරු කියන්න එපා.. දැන් ලියන්නේ නෑනේ.. හුහ්..
Deleteමම හිතාගෙන හිටියේ මම මේකට කමෙන්ට් එකක් කෙටුවා කියලා...
ReplyDeleteගමේ ගියපු වෙලාවේ ෆෝන් එකෙන් පෝස්ට් එක බැලුව මිසක්කා කමෙන්ට් එකක් කොටන්න නැතුව ඇති...
අලුත් බ්ලොග් එකට බඩගාලා එන්නම්...
මමත් මේක එකතු කර ගත්තා... අපේ පරණ සල්පිල් සහ මල්වට්ටි වෙන්දේසිය පොස්ට් එක කියවන්න ඇති මයෙහිතේ???
ReplyDeleteඅහම්බෙන් මෙතනටත් ආවේ. මගේ බ්ලොග් රෝල අප්ඩේට් වෙන්නේ නැති නිසා මම හැලපෙගේ එකෙන් තමයි ආවේ. බොහොමයක් බ්ලොග් පොස්ට් මග හැරෙනවා ඒ වැඩෙන්. ඒක බලන්නම්.
ReplyDeleteKamee,
ReplyDeletepansal yanna pandama hadaa ganna widiha pankklaadui.
gode katha walatath godawenna hithuwa.