Thursday 4 February 2016

වේලි වේලි වතුර සොයා යාම හෙවත් මොණරාගල වතුර project එක.. Charity is a kind of පිස්සුවක්

කලින් කියවපු නෝනා මහත්වරු අලුත්ම චන්ද ප්‍රතිපලය පෝස්ට් එකේ පහලටම ගිහින් බලා ගන්න.. 


කලින් පොස්ට් එකේ මතක විදියට කොහේ හරි ලියුවා මොණරාගල පැත්තේ 'ලොකු' වැඩක් කරන්න යන බව.. ඒත් මොකක්ද කියල හරියකට කියුවේ නෑනේ.. කලින් වතාවේ බදුල්ලේ ඉස්කෝලෙකට අපි කට්ටියක් එකතු වෙලා පොත් පත් බෙදා දුන්නු වෙලාවේ සමහරු මුණ පුක් කර ගත්තා 'හොඳ වැඩක් කරනකොට අපිට කියන්නේ නෑ කියල..' මේ පොස්ට් එක ඒ ඇපෙන් බේරෙන්න.

මේ වගේ වැඩ ඇත්තටම එකාතකින් පිස්සුවක්.. එකක් කරහම ආයි ආයි කරන්න හිතෙනවා.. ඒකටම තව ඒ වගේම පිස්සෝ ටිකක් උදව් කරන්න ගත්තම.. බඩුම තමයි. කලින් වතාවේ කරපු වැඩේ දැකලා මේ දවස්වල වැඩිය සද්ද බද්ද නැතුව සැහැල්ලුවෙන් ඉන්න සිංහයෙක් යෝජනාවක් කරා. මාරයා, දොස්තර නලිනි චන්දිමා (සිත් ආර ලියන්නේ) සහ ඉන්දික ලා එකතු වෙලා කලින් උදව් කරපු ඉස්කෝලෙක දීර්ග කාලයක් තියෙන වතුර ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න වැඩක් කරමුයි කියල.. ඒ අය කරපු වැඩේ ගැන විස්තර ඉන්දික ලියල තියෙනවා මෙතන. ඉන්දිකගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නැති උන්ට කියවන්න බෑයි කියපු නිසා ඉන්දිකගේ විස්තරෙන් පොඩි කොටසක් මෙතන දාන්නම්.


//ඒ සඳහා අගනා සහ නිසි ලෙසින්ම ලැබිය යුතු දරු පිරිසක් ගැන අපිට මඟ පෙන්වූ නලිනි චන්දිමා සහ චතුෂ තුෂර කුමාරටත් ස්තූතිවන්ත විය යුතුය. නලිනි සහ පිරිවර විසින් තම වෙසක් සත්කාරයට තෝරාගත් පාසැල් කිහිපය අතරින් මීයාගල කණිෂ්ඨ විදුහලෙහි පැටවුන්ට යමක් කිරීමට සිත්වූයේ "වෙසක් සත්කාරයට" ගිය පිරිස එම පාසැලට ලඟා වූ දුෂ්කර ගමණ සහ එවන් දුෂකර ලොවක වෙසෙන්නා වූ ඒ පුන්චි එවුන්ගෙ අපිරිමිත දස්කම් සහ කැපවීම ගැන නලිනි විසින් කර තිබූ විස්තරය නිසාවෙනි.


"වෙසක් සත්කාරයට" එහි ගියවුන් ට්‍රැක්ටරයක නැඟී කිළෝමීටර් දහසයක පමන එම දුර තරනය කල ආකාරය පිළිබඳව තිබූ විස්තරය ඇත්තටම අසම්පූර්ණයැයි සිතුනේ සැබැවින්ම අප එහි ගිය විටය. දඹගල්ල ප්‍රධාන මගින් හැරී මීයාගලට ගිය මඟ මා එතෙක් මෙතෙක් තරනය කල දුෂ්කරම මාර්ග අතරේ මුලටම එනවබව කීම නිවැරදිය. වැස්සට හේදුන මඩ සහිත මඟෙහි කාණු තුබුනෙ මැද වන අතර විසල් ගස්, කටු පඳු අයිනේ සිට අපට අත වනමින් වීදුරු වසාගෙනම සිටින ලෙස බල කලහ. විටක පළමු ගියරයෙහි පමනක් යා යුතුවූ කඳු මඟක්ද එහි අතර මැද වූ තියුණු වැළමිට වංගුද එතරම් දුෂකර නුවූයේ එම කොටස පමණක් කොන්ක්‍රීට් දමා සකස් කර තිබුනු බැවිනි. එහෙත් අන් සියලු දුර මහා කාණු සෑදී ගල් මතුවී තිබූ අති දුෂ්කර මග ඔස්සේම යා යුතු විය. සැබැවින්ම ජීප්‍ මාර්ගයක් වූ එහි මාගේ රථය අපව ගස්සමින් සොළවමින් තරණය කලද එවන් මඟක ට්‍රැක්ටරයක හෝ ත්‍රිරෝද රථයක යන එන, එසේත් නැතිනම් පා ගමනින්ම ඒ කිළෝ මීටර් දාසය තරණය කරන ගම් වැසියන් විඳින අපහසුව සැබැවිනම සිතාගත නොහැක.//


වැඩය අවසානයේ 'තව යමක් විය යුතුද?' කියල ඉන්දික අහපු ප්‍රශ්නෙට විදුහල්පතිතුමාගෙන් ලැබුණු උත්තරය එතරම් සරල නෑ. එනම් වසර ගණනාවක් තිස්සේ පාසලට පවතින ලොකුම අඩුපාඩුව වුනු 'වතුර' ගැටලුවට හැකිනම් පිළිතුරක් ලබා දෙන ලෙසයි. 

කඳු ගැට්ටක් උඩ පිහිටි පාසලේ කිහිප තැනක ලින් කපා වතුර ගැනීමට ගත් උත්සාහයයන් ව්‍යර්ථ වී තිබුනා. නමුත් එතන සිට මිටර් දෙසීයක් පමණ බැවුමේ ගලා යන පුංචි දොළ පාරක් අසල ඉඩමේ ලිඳක් කපා ගැනීමේ අවසරය අදාළ ඉඩම් හිමිගෙන් ලැබී තිබුණු අතර එහි ලිඳක් කපා වතුර මෝටර් යොදා පාසලට වතුර ලබා දීමේ වෑයම සැබෑවක් කර ගැනීමයි විදුහල්පතිතුමා ඉන්දික ගෙන් බලාපොරොත්තු වුනේ. 2013 දී ඉන්දිකට ඒ සඳහා ලැබුණු ඇස්තමේන්තුව රුපියල් ලක්ෂ 5 කට ආසන්නයි. තනියම කර ගහන්න බැරි නිසා ඒ වැඩේ ටික ටික මඟ ඇරෙමින් තමයි තිබුණේ. 

නෙලුම්යාය මුලිකව අපි අතින් පහුගිය ටිකේ සිදු උනු සමාජ සත්කාර වල සාර්ථකත්වය නිසා ඉන්දිකට හිතෙන්න ඇති මේ යෝජනාව මට ඉදිරිපත් කරන්න. කල් යල් බලා නෙලුම්යායේ අපේ සහෘද හිතවතුන් කීප දෙනෙකුට මම මේ යෝජනාව ගෙනාවම ඔවුන් 'එක පයින්' ඒ වැඩේ කරන්න කැමති උනා. 


Chandima Withanaarachchi

Jan 27 (7 days ago)
to me
 
Translate message
Turn off for: Sinhala
Let's do it mate

Sent from my iPad

නෙලුම්යායේ අපේ නියමුවා, වැඩිය කතා බහ නැති චන්දිම වැඩේ අනුමත කරේ ඔන්න ඔහොම.. මේ ඊට පස්සේ එහෙ මෙහෙ වෙච්චි ඊමේල් පණිවුඩ කීපයක්. එකෙන් පුළුවන් කතාව තේරුම් ගන්න.

2016-01-20 9:43 GMT+00:00 කල්‍යාණ මිත්‍ර 
මොණරාගල පොලිසියේ xxxxxxxxxx ඉන්නේ මගේ මස්සිනා.. මන් මචන් ට කතා කරාම මියාගල ට මෙහා ගමේ ඉන්න සාජන් මහත්තයෙක් සම්භන්ද කරලා දුන්නා. මිනිහා ප්‍රින්සිපල්වත් දන්නවා. මම කියුවා ප්‍රින්සිපල් ට නොකියා මට ලිඳ කපන වැඩේට බැකෝ එකක් හා ලිඳ බඳින්න බාස් කෙනෙක්ගෙන් ගානක් අහලා දෙන්න කියලා. බැකෝ එකෙන් උපරිම අඩි 15-17ක් විතර කපන්න පුළුවන්ලු. එහෙම කපලා මැද්දෙන් ලිඳ බැඳලා (හෝ කොන්ක්‍රීට් පයිප්ප දාලා) ලිඳ හදන්න ඕනි. ප්ලම්බින් පාර්ට් එකනම් අපිට කරන්න පුළුවන් අවශ්‍ය බඩු ටික අරන් ගියාම. ඕනිනම් එකටත් ප්ලම්බර් කෙනෙක් ගෙනියලා දවසක කුලී දීලා කර ගන්නත් පුළුවන්.

සාජන් මහත්තයා කියුවා දවස් දෙකක් ඇතුලත තොරතුරු දෙන්නම් කියලා.

දැනට තොරතුරු එපමණයි.


ක.මි. 

ඉන්දික සහ අජිත් ධර්ම වැඩේ අනුමත කලේ මෙහෙමයි.... 
මචන්ස්ලා,

ඉතාම සන්තෝසයි උඹල සේරම මේ වැඩේට සප් එක දෙන එක ගැන.

ඔය ඉස්කෝලෙ ගමණ ගැන මම දාපු පෝස්ට් එක පේන්නෙ මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ අයට විතරක් නිසා වැඩි යමක් මේ මාරයගෙ පෝස්ට් එකෙන් දැන ගන්න ඇහැකි.

මම කළණට කිව වගේ විදුහල්පති ගැන වැඩියම විස්වාස නොකර, රට අධාර ගැන නොකිය, පරෙස්සමෙන් කරන්න බලන්න. මොකද මහ උන් කොහොම උනත් ඒ පැටව් හරි පව්.

මුලින් එස්ටිමේට් එකක් හදාගෙන, අදාල අයට ඒ වියදම් කෙලින්ම පියවන්න ක්‍රමයක් තිබ්බනම් වඩා හොඳයි. කොහොම උනත්, උඹල වැඩේ ප්ලෑන් කරල ගාන කියන්න, මගෙ උපරිම සහය දෙන්නම්. 

2016-01-20 13:52 GMT+04:00 Ajith Dharma 
වෙල් ඩන්. මේ වගේ කාර්යක්ෂම ලෙස වැඩ කරන කට්ටිය  ඉන්න කොට මොනවාද කරන්න බැරි. පොලිසියත් සමබන්ධ වෙනවා නම් හොඳයි. ඉඳල හිටලා හරි හොඳක් කියන්න. 


ඊළඟට තිබ්බේ ඇස්තමේන්තුව හදන්න. ඒක වැඩේ කරන බාසුන්නහේ හා මොනරාගල පොලිසියේ සාජන් මහත්තයා එක්ක එකතු වෙලා මන් හදලා කට්ටියට යැව්වා.. මෙහෙම..

බාසුන්නැහෙගෙන් අසාගෙන සාජන්ට් මහතා හා මා විසින් පිළියෙළ කල BoQ එක මේ සමඟ අමුණා එවමි. අපට මඟ හැරුණු හෝ අනවශ්‍ය යයි හිතෙන යම් දේ වෙතොත් කරුණාකර දන්වන්න. සංවාදයට විවෘතයි.

**************************************************************
පුළුවන් උපරිමෙන් හොඳට වැඩේ කරන්න හිතාගෙන අවම බජට් එකකින් අපි හදපු ඇස්තමේන්තුව ලක්ෂ හතර හමාරක්.. එත් හැමෝගෙම අදහස උනේ මේකට ඊට වඩා වියදම් වෙයි කියල.. තව උපරිම රුපියල් පනස්දාහක වියදමකින් ඒ කියන්නේ උපරිම ලක්ෂ 5ක වියදමකින් 'කොහොම හරි' මේ වැඩේ කරන අභියෝගය මන් භාර ගත්තා. දැන් බෝලේ මගේ අතේ.. 

මුලින් සයිට් එක බලාගෙන වැඩේට සම්භන්ද වෙන ටීම් එකත් හම්බ වෙලා අවශ්‍ය උපදෙස් දීලා පුළුවන් නම් 'kick-off' සිග්නල් එකත් දීලා එන්න හිතාගෙන මම හා හා පුරා කියලා ගිය සෙනසුරාදා රෑ කොළඹින් පිටත් වෙලා මොනරාගල යන්න සුදානම් උනා. මේ වැඩේට මට හයියට යන්න මම කතා කරේ මගේ අතිජාත ගමන් සගයෝ දෙන්නට .. කොහෙද යන්නේ මොකටද කියල අහන්නෙවත් නැතුව (ඇත්තටම ඇහුවට මන් කියුවේ නෑ.. 'කොහෙද වැඩක් නෑනේ &*&^% යමුද කියපිය... කියුව මිසක්) ගමනට කැමති වෙච්චි ඇනොපිලිස් හෙවත් මුද්දා ට හා සුකුමොළ සුකුමාර කටුස්සට මගේ ආචාරය.

ලෝ බජට් එක නිසා අපි තීරණය කරා ගමන බස් එකේ යන්න. අනික සඳුදා දින ආපහු වැඩට වාර්තා කිරීමේ බරපතල උවමනාවක් තිබුන නිසා මහන්සි වී අනිත් අතට වාහන පැදවීමේ අවධානම ගන්නත් ටිකක් මැලි උනා. කොහොම හරි ඔන්න අපි මොනරාගල ගියා..

ඉතුරු කතාව ෆොටෝ වලින්.. (බයිට් ප්‍රශ්න නිසා ෆොටෝ කොලිටිය අඩුවීම පිලිබඳ සමාව!)



වෙඩිමක පොටෝ අල්ලන්න ගිහින් පරක්කු උණු මුද්දා එනකම් පිටකොටුවේ ෆ්ලොටින් මාකට් එක ළඟ බිම ආතල් ගන්න මා හා කටුස්සා..


බස් එක නවත්තපු ගමන් මොකක් හරි කමක් නෑ ෆොටෝ ගහන මුද්දා බස් එක ගමන් කරන විට නිදි ඇරියස් කවර කරන්න දුක් විඳින අයුරු.. 

මියාගල යන්න සාජන් මහත්තයගෙන් අණ ලැබෙනකම් අපේ අක්කලාගේ ගෙදර සාලේ විවේක ගමිනින්.. 

මෙන්න තැන.. 

ලොකු සර් සමඟ හමුව. පොලිස් නිල ඇඳුමෙන් ඉන්නේ අපේ මස්සිනා. පිටිපස්සේ ඉන්නේ වැඩේ කරන්න බාර දුන්න සාජන් මහත්තයා.. මේ ගමට කලින් ගමේ 'හරිම හොඳ වැදගත්' මනුස්සයෙක්..

ලිඳ කපා ගන්න ඉඩම දීපු මහත්මයා ගේ නිවාස අසලින් සයිට් විසිට් එකට යන ගමන්.

එතනට ගියාම අලුත් යෝජනාවක් ආවා. අලුතින් ලිඳක් කපන්නේ නැතුව මේ තියෙන පරණ ලිඳ සුද්ද කරලා ගන්න. මේ ලිඳේ පායන කාලෙටවත් වතුර නැති වෙන්නේ නැතිලු. අලුත් ලිඳක් කපල ඒ රිසක් එක ගන්නවට වඩා මේ අදහස හොඳ බවයි අපි හැමෝම හිතුවේ. 

දැනට පාවිච්චියට ගන්නේ නැති මේ ලිඳ පායන කාලෙට විතරක් ගමේ මිනිස්සු සුද්ද කරලා පවිච්චියට් ගන්නවලු. එත් ඉස්කෝලේ වැඩේට සම්පුර්ණයෙන්ම ලිඳ දෙන්න ගෙදර අයිති මහතා එකඟ උනා. ඔය එතුමා අපිට ඒ ගැන විස්තර කරමින්.

දැක්කම ආස හිතෙනවා.. 'නිල කැටේට' වතුර.. පොඩි රෙපෙයාර් එකකින් ලිඳ ගොඩ දා ගන්න පුළුවන් වෙයි වගේ. එත් මේ ලිඳ තියෙන්නේ අපි අලුතින් කපන්න හදපු තැනට වඩා දුරින්. ඒක ගැටළුවක් වෙයිද?

අනිත් එක මේ ආර හරහා වැස්ස වෙලාවට සැර ජල පාරක් යනවා. ලිඳ තියෙන්නේ ආරෙන් එගොඩ. එතකොට ආර හරහා බට ගන්න වෙන්නේ කොන්ක්‍රීට් කණු දාල ඒ මත GI බට යවලා ඒ ඇතුලෙන්.

මේ නම් ෆොටෝ එකටමද මංදා.. කොහොම උනත් මිට ටිකක් එහායින් තමයි අලුතින් ලිඳ කපනවද කියල හිතුවේ..

මේ ඒ ස්ථානය.. රිසක් එක තියෙන්නේ 'වතුරට කලින් ගලක් අහුවෙයිද.. පායන කාලෙට වතුර තියෙයිද' කියන එක තමයි..

කොතනින් වතුර ගත්තත් අවසානයේ මේ වගේ බවුමක් දිගේ ඉස්කෝලෙට යනකම් වතුර අද්දන්න ඕනේ.
  
නැවත සාකච්චාව..රතුපාට ෂර්ට් එක ඇඳන් ඉන්නේ ලොකු බාසුන්නැහේ...




 ඒ අතර මුද්දා ඉස්කෝලේ තැන් තැන් වල ඇවිදලා පොටෝ අල්ලලා.. ඒවා දැක්කම නම් හිතෙන්නේ නුවරඑළියේ ගියා වගේ.. හැක හැක.. 

හොඳයි. අවසානයට කතා වුනේ මෙහෙමයි. දැනට ඉදි කරලා තියෙන ලිඳේ ඉඳලා තාවකාලිකව බට ලයින් එක ඇදලා මෝටරේ දාලා වතුර ඉස්කෝලේ උඩට ගෙනත් බලනවා. ඒක සක්සස් නම් ලිඳ අලුතින් හදලා වහලා, ඒ ලයින් එක පර්මනන්ට් හදලා ඉස්කෝලේ ඇතුලේ ස්ටොක් ටැංකියක් ස්ථාපනය කරලා ගොඩනැගිලි වලට, ටොයිලට් වලට හා ගුරු නිවාසෙට වතුර දෙන්න කටයුතු කරනවා. වැඩේ හරියයි කියල සැහෙන්න විස්වාසයක් තියෙනවා. බලමු. හෙට බ්‍රහස්පතින්දා තමයි වැඩේට අත ගහන්නේ. :)

ඔන්න ඔහොම අවශ්‍ය උපදෙස් දීලා වැඩ කරන පිළිවෙල කතා කරගෙන අපි රෑ වෙන්න කලින් ආපහු එන්න පිටත් උනා. මොකද රෑ 8.20 මොනරාගල සිට කොළඹ එන බස් එක උදේ බුක් කරලා තියලයි අපි මේ වැඩේට ගියේ. එන ගමන් සාජන් මහත්තයලා ගෙදරින් කුන්දිරා සංග්‍රහයක් ද බුක්ති වින්දා.. මාර රහයි. 

ඇඳිරි වැටෙන්න කලින් ආපහු ආව නිසා මුද්දට මොනරාගල අවට සිරි කැමරාවෙන් අහු කර ගන්නත් වෙලාව තිබ්බ.. 

බැටරි බහින්න කලින් මාත් සෙල්ෆියක් ගහ ගත්තා හමුදා පොලිස් වාහන මොකුත් නැති වෙලාවක් බලලා.. :p

ඊළඟ ගමනේ විස්තර හා project එකේ progress report එකත් එක්ක හම්බ වෙමු. අපිට ජය වේවා!

*********************************************************************************

සහෝදර සහෝදර වරුනි...

මොණරාගලින් යහපත් චන්ද ප්‍රතිපලයක් .. 

අපි බලපු පරණ ලිඳේ සිට පාසල් වත්ත දක්වා හා එතනිනුත් අඩි 10-15ක් උසට (සවිකරන ටැංකියේ උසට) 'කිසි ගේමක් නැතුව' වතුර පොම්ප කරන්න පුළුවන්ලු.. ජය වේවා!

ඔන්න දැන් අපි වැඩේ ස්ථිර කරා. මේ අනුව ඇස්තමේන්තුවේ පොඩි වෙනස් කම් ටිකක් වෙනවා.. ඒ කියන්නේ බැකෝ එකට යන වියදම හා (පරණ ලිදට සිලින්ඩර් නොදැම්මොත්) සිලින්ඩර් වලට යන වියදම ඉතුරු වෙනවා. පරණ ලිඳ බඳිනවද ඊට සිලින්ඩර් යොදනවද යන්න තීරණය කරන්නේ හෙට ලිද සම්පුර්ණයෙන්ම හිස් කරාට පස්සේ. සිලින්ඩර් දැම්මත් උපරිම සිලින්ඩර් 6ක් වගේ තමයි ඕනේ වෙන්නේ..

නමුත්, පරණ ලිඳ පිළිසකර කිරීමට (සිලින්ඩර් දමා හෝ නොදමා), ආර හරහා කොන්ක්‍රීට් කණු සිටුවා ඒ මතින් GI බට යවා වතුර බට හා කන්ඩියුට් ඒ තුලින් ගෙන යාමට අමතර වියදම් දරන්න වෙනවා. මිලට ගත් මෝටරයත් වඩා කාර්යක්ෂම ගණනින් වැඩි එකක්. එයිටමතරව වයර්, එස්ලෝන් බට ආදී සියල්ල ප්‍රමාණයෙන් වැඩි වෙනවා. මේ වෙනුවෙන් අලුත් ඇස්තමේන්තුවක් හදන ලෙස මා බාසුන්නැහැට දැනුම් දුන්න.. පොඩි ගානක් එහෙ මෙහෙ වෙද්දී අපිට වැඩේ ලස්සනටම කරන්න පුළුවන් වෙයි.

ඔන්න එහෙනම් වැඩේ නැගලා යනවා.. දැන් ආපහු වතාවක් ගිහින් බලලා එන්න හා විවෘතෙට යන්න තමයි තියෙන්නේ..

හැමෝටම ස්තුතියි. 

- ක.මි. 






115 comments:

  1. නියමයි... අර ඊමේල් ඇඩරස් ඒවා මේවා පබිලිස් කරන එක හොදයිද මන්දා??

    ReplyDelete
    Replies
    1. මටනම් අවුලක් නෑ.. :) අනිත් උන් එපා කියුවොත් ගලවනවා..

      Delete
    2. හැක් හැක්.. මටත් අවුලක් නෑ බං..

      Delete
    3. අමුඩෙට අවුලක් නැත්තං මටත් අවුලක් නෑ. හැක්..

      Delete
    4. කමිය, උඹ්ල කරන්නෙ මහ ලොකු පින්කමක්. මගේ සටහනේ මෙතන තිබිය යුතුමැයි කියල හිතන පොඩි කොටසක් කපල අලවන්නම්. ඒක මේ ඉස්කොලෙ සහ ගම ගැන අවබෝධයක් ගන්න තව පහසු කරවයි.

      //චතුෂ දුන් මඟ සළකුනු අනුව අප මීයාගලට යන අතුරු මඟට හැරවූ පසු ඒ මඟ සහතික කරගන්නට බාල්දියක් පුරවා බඩු අතෙහිද තවත් මල්ලක් හිසෙහිද ඇතිව මඟ යමින් සිටි කාන්තාවකගෙන් " මේ මීයාගලට යන පාරනේද"යැයි ඇසුවේ ඇය ඒ අසල් වැසි නිවැසියක ලෙස දුටු බැවිනි.

      "ඔව් ඔහොම දිටම ගියාම මීයාගල තමයි, තව හැතැම්ම දහයක් විතර තීනව" යැයි මඟ පෙන්වූ ඇගේ මීළඟ වදනින් අපි ගල් ගැසුනෙමු.

      "මාත් යන්නෙ මීයගලටම තමයි" දැඩි ආයාචනයක් දැසේ රඳවා ඇය එසේ පැවසූයේ"අනේ මාවත් එක්ක යන්නකෝ" යැයි නොකියා කියමිනි.

      "අනේ අපි ඒ මනුස්සයව එක්ක යමු" යැයි ඉහලින් අනුමැතිය වහාම ලැබුනි. දැන් ඒ කාන්තාවද සතුටින් අප සමග ගමනේය. සැතපුම් දහයක පාගමනක් විසාල බරක් සමග යන්නට තිබූ අයෙකුට එය (සමරවිට ජීවිතයේ පළමු වරට ) වායුසමනයකල ජීප් රියකින් යාමට ලැබුන විට ඇතිවන සතුට ඔබටම මවා ගන්නට මම ඉඩ තබන අතර ඇගේ සතුට පිරි මුහුණෙහි පින්තූරයක් ගැනීමට ලැබුනේ නම් එය කෙතරම අගනේදැයි සිතෙන්නේ දැන්ය.

      දියණිය පාසැලට යැවූ මව දඹගල්ල පොළට ගොස් තිබූ අතර හිසෙහි සහ බාල්දියෙහි තිබුනේ පොළෙන් ගෙනෙනු ලැබූ දේය. තම හේනේ වැවෙන ඉරිඟු පොළට ගෙන ගොස් විකුනා අත්‍යාවශ‍ය අඩු වැඩිය ගෙන එන ඒ ගමනට මීයගල වැසියකු ඒ ගමන ත්‍රී රෝද රියකින් යන්නේ නම් රුපියල් හත්සීයක් යාමටද තවත් හත්සීයක් ඒමටද ගෙවිය යුතු අතර සතියකට වරක් පොළේ යන්නන් එන්න සඳහාම පමනක් ක්‍රියාත්මක කුඩා බස් රථයට යාමට හා ඒමට රුපියල් දෙසීයක් ගෙවිය යුතුය.

      එමෙන්ම පොළ දිනට හැරවෙනත් දිනෙක මීයගල සිට නගරයට ඒමට එක්කෝ පාගමණින්, නැතිනම් ගමටම ඇති මෝටර් බයිසිකල් කිහිපයෙන් එකක පිහිට පැතිය යුතුය. එලෙස බැලූ විට මේ ගමේ හදිසියේ අසනීප වන්නකු හෝ යම් අනතුරකට ලක්වන්නකුට දඹගල්ල රෝහලට යාමට පෙර වැළිගම්පිටි නොයාමට නම් තිබිය යුත්තේ ඒ ගමෙහි උන්ට ඉතාම අඩු වාසනාව පමණි.//

      Delete
    5. ඉන්දික අයියේ, ඔය කතාව 100%ක් ඇත්ත.ගම සම්පුර්ණයෙන්ම ගොවිතැනින් ජීවත්වෙන ගමක්.තාමත් බහුතරයක් නගරයට යන්නේ තමන්ගේ නිශ්පාදන විකිණීමට සහ ගෙදරට අවශ්‍යය අඩුවැඩිය අරගන එන්න පොළ දවසට විතරයි.පාරේ ගොඩක් තැන් කොන්ක්‍රීට් කරලානිසා තරමක පහසුවක් තියනවා ඉස්සරටවඩා.ඒත් තාමත් ට්‍රැක්ටරයක්,බයිසිකලයක්, වාහනයක් ඇරුණහම වෙන වාහනයක යන්න අමාරුයි.කමියලා දෙවනි සාකච්ඡාව කරනකොට ගමේ ඉන්න පරණම සාමාජිකයෙක් එක්ක චැටක් දාන්න සෙට්වුනා.(ඔය ෆොටෝවල ඉන්න කොන්ඩේ සුදු වයසක මාමා ).එයා කියන විදිහට මේ ගමේ ඉන්නේ සුද්දන්ට බයේ තමන්ගේ තරුණ ළමයි බේරගන්න කැලේ පැන්න උඩරැටියන්.දැන්නම් ගමේ තරුණයන් 2-3ක් "බඩී"ලොරි තියාගන ගමේ අස්වැන්න මිලදීගන නගරයට ගෙනියන වැඩේ පටන් අරගන.ඒ මොනවා කලත් ගමට තියන ලොකුම ප්‍රශ්නේ වතුර.අනිත් දේ තමයි පාසල ඉස්සරහම පන්සලක් තියනවා.ලොකු හාමුදුරුවෝ ගාල්ල පැත්තේ හිමිනමක්.ගම හදන්න ලොකු උවමනාවක් තියන හිමිනමක් ගම්වැසියන් කියන විදිහට.ගාල්ල පැත්තේ හිතවතුන් හා පාසලේ ළමුන් අතර සම්බන්දීකරණ කාර්යය සිදුකරමින් සිසුන්ට ඉගනීමට උදවු අරන්දෙන්නත් මේ හිමිනම මැදිහත්වෙනවා..එදා ඒ හාමුදුරුවෝ හිටියේ නෑ.පාසලට වතුරගන්න ඕනේ උදවුවක් ඒ හිමිනමත් කරයි කියලා ගමේ අය කිවුවා.ඔය කතාව කමියට කියන්න වෙලාවක් තිබුනේ නෑ.ආපහු යන වෙලාවක හාමුදුරුවොත් හම්බවුනානම් තව උදවු ගන්න පුළුවන්වෙයි.

      (ඔය විස්තර කියපු මාමාත් වෙනම පෝස්ට් එකක් ලියන්න ඕනේ චරිතයක්.හෙන ජොලි පොරක්.ඒත් කසාද බැඳලා නෑ.ඒ ඇයි කියලා ඇහුවහම උත්තරයවුනේ "මම ඉස්සර ගොඩක් ජොලි කලා.තැන තැන ගිහින් වගාකලා.මැණික් ගැරුවා.හොඳට හම්බකලා.මගේ නංගිගේ ඇස් පෙන්නේ නෑ.අම්මලා මැරුනට පස්සේ මම නංගීව බලාගන ඉන්නවා මහත්තයෝ..." ඒවගේ විනෝදකාමියෙක්ගෙන් කවදාවත් බලාපොරොත්තුනොවුන උත්තරයක් ඒක මමනම්...)

      Delete
    6. @දේශා ඒ වුනාට අනිත් එවුන්ට අවුල් ලු මචං.. ඔන්න ඔක්කොම අමුඩ ගලවලා දැම්ම..

      @ ප්‍රසා.. දැන් උඹල දෙන්නම අමුඩ නේ? කවුද එතකොට පුක?

      @ ඉන්දික. ඒ මුළු කතාවම දාන්න වටිනවා මචෝ.. අර නලිනි ලා කරපු වෙසක් සත්කාරේ ගැන මාරයා ගේ පොස්ට් එක දැන් නෑ.. වෙන කොහෙවත් ඒ ගැන නැද්ද?

      @ කසුට්ට.. ලියපන් ඒ මාමා කාරයා ගැන.. මට ඒ මනුස්සය එක්ක එදා කතා කරන්න ඉවරයක් නැති උනා..

      Delete
    7. මම අමුඩෙ නෙමෙයි අනික. හැක්..

      Delete
  2. වැඩේනම් සුපිරි කමියෝ.. හොදට විනෝද වෙලත් එහෙම තියෙන්නේ.. හප්පේ මූ මොකෝ කටුස්සයි කියලා බොගේට නම දාගත්තේ.. දාන්න තිබ්බේ ඇතා කියලනේ

    ReplyDelete
    Replies
    1. අපිටත් තියෙන ලොකුම ප්‍රශ්නේ බන් ඕක.. වෙල්කම් ටු කලාහිත.. සීනියර් ඩයල් එකක් වගේ පෙනුනට නික් නේම් එක අලුත්නේ :)

      Delete
    2. සිංහ මචන් සිංහ

      Delete
    3. ඇතා නෙමේ ඩයිනෝසර් බං .. ඒක කියවන්ඩ අමාරු හිංදා තමයි කටුස්ස කියන්නෙ ...

      Delete
    4. //සිංහ මචන් සිංහ// අන්න එහෙම කියහන්කෝ..

      ඩයිනොසර් ලා වඳ වෙලා කියුවට තාම සම්පුර්ණයෙන්ම වඳ වෙලා නෑ.. හැක හැක හැක..

      Delete
  3. අර සිම් එක අහුලපු එක ගැන මම කියන්ඩද ..??
    කටුස්ස කියයිද ..??
    උඹම කියනවද ..??

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ... කාටවත් කියන්න එපා.. පීස්..

      Delete
    2. නිට්_________වෝ............

      Delete
    3. ඔන්න අපිනම් දන්නේ නෑ.. :)

      Delete
  4. හොද වැඩක්, සුබ පැතුම්.

    ReplyDelete
  5. බොහොම පිං අතේ වටිනා වැඩක්...
    කල් ඇතුව වැඩේට යන දවස දැනුම් දුන්නොත් එදාට එන්න පුළුවන් මට්ටමට වැඩ ඇරේන්ජ් කර ගන්න තිබ්බා...

    ReplyDelete
    Replies
    1. හෙට වැඩේ සාර්ථකත්වය අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. අන්තිම දවසට කීප දෙනෙක් එක්ක යමු. මන් කියන්නම්.

      Delete
    2. මටත් කියපන් පුලුවන් විදිහට නිවාඩුවක් දාගෙන එන්නම්

      Delete
  6. සේව් කරගත්තා ගෙදර ගිහිං කියවන්න සිග්නල් නෑ

    ReplyDelete
    Replies
    1. අපි බලමු ඊළඟ ප්‍රොජෙක්ට් එක විදියට උඹලා ගමට සිග්නල් කණුවක් හයි කරන්න.. :)

      Delete
  7. නියමයි,වැඩේ හොඳට කර ගන්න අපිටත් කරන්න පුළුවන් දෙයක් තියේ නම් කරලා දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. ආශීර්වාදය හොඳටම ඇති මචෝ.. තැන්කිව් අහපු එකටම..

      Delete
  8. ජය වේවා,ඔබ හැමටම සුභ වේවා !!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා! ඊළඟ වතාවේ යනකොට ගිහින් එමු ඒ පැත්තේ.. මෙත්මා අක්කලාගේ වැඩ බලල එන්න.. හි හි හි..

      Delete
  9. කසුට්ට කමියට වැඩකට යන්න කියල car එකක් හොයල දෙන්න කිවුව, මම හිතුවෙ මුද්දට මනමාලියෙක් බලන්න යන්න කියල. මෙහෙම පිං අතේ වැඩකට කියල දන්නවනම් මම ඩ්‍රැයිවර් වැඩේ කරනව මම ගානෙම තෙලුත් ගහල.
    කමී, තියන ලිද දුර උනත් ෂුවර් එකටම වතුර තියන එකේ ඒකම පාවිච්චි කරන එක හොදයි නේද ? ලිදේ තියන ඕලු පැල වලින් පේන්නෙ වැඩි ගැඹුරට වතුර නෑ වගේ නේද ?
    දෙවෙනි පාර ඔහෙ යද්දි උඹේ ගමන් සගයො දෙන්න එහෙ බින්න බස්සල එන්න පොටක් හදාගත්තොත් පිනක්.

    ReplyDelete
    Replies
    1. බින්න බහින වැඩේ හරි.කමියා ඒක සෙට් කරනවා කිවුවා.මේ ප්‍රොජෙක්ට් එකට ඕනේ කරන ෆෝන් කාර්ඩ්, ලිපි ද්‍රව්‍යය, නෙස්ටමෝල්ට්, සීනි, තේ කොල වගේ ඒවා ගන්නේ රත්නායක අයියගේ කඩෙන්.ඒ බඩු ට්‍රාන්ස්පෝර්ට් කරන්න මම බාර අරන් තියෙන්නේ.ප්‍රොජෙක්ට් එක කරන තැන ඉදන් පොඩි දුරයි කඩේට තියෙන්නේ.20-25km විතර.

      Delete
    2. එතකොට මුඩ්ඩට කෙල්ලෙක් බලන්න යන එක පිංඅතේ වැඩක් නෙමෙයිද? නොදකින් මෙහෙම යාළුවෝ....

      Delete
    3. 25 km හප්පා බින්න නෙමේ උඹේ බහී වෙන එකක්.
      බලපං කසාද බදින එවුන් ෆොටෝ ගන්න ගිහින් කරන විකාර දැකල කලකිරිල ඉන්න මුඩ්ඩට ගෑණු පරානයක් සෙට් කරන්න යනව කියද්දි මට හිතුනෙ ඌ පව් කියල. මොනරාගල බින්න බස්සන්න කිවුවෙ එහෙට 'සිරස' පේන්නෙ නැති හින්ද මොලේ මොංගල් වෙච්චි කෙල්ලො නැතිව ඇති කියල.

      Delete
    4. රත්නායක අයියගෙ දුවව කටුස්සට සෙට් කරල දෙන එක කමිය බාර ගත්තා ....
      ඒක හරි මං හිතන්නෙ ...
      කම්මල හරි.. මට ඉතිං කෙල්ලො හොයන්ඩ යන එක ඉතින් ආනන්තරීය පාප කරුමයක් වගේ තමා ..

      අඩෝ තොපි ඊරිසියයිනේ මගේ ෆුල් ආතල් තනිකඩ ජීවිතේට ......
      තොපි ඇවිල්ල පාප මිත්‍රයෝ ..

      Delete
    5. //ලිදේ තියන ඕලු පැල වලින් පේන්නෙ වැඩි ගැඹුරට වතුර නෑ වගේ නේද ?// අඩේ අප්පා.. උඹත් දන්නා දේවල්.. හරි හරි.. උඹ හරි.. මේ ලිඳ අඩි දහයක් දොළහක් තමයි ගැඹුර කියුවේ.. හොඳටම පායන කාලෙටත් වතුර ආදී 4-5ක් තියෙනවලු.. ලිඳ හිස්වෙන්නේ නෑ කියල වගේ අනාවැකියක් ඔය නෙලුම්කොල දිහා බලල කියන්න බැරිද?

      කසුට්ටෝ.. රත්නායක අයියගේ දුව නම් උඹට කැමතිලු.. ඒත් අම්මා කැමති නෑ 'බදුල්ලේ මාමගේ' යාලුවෙකුට දුව දෙන්න.. මොකද කරන්නේ?

      මුද්ද කසාද බඳින්නේ නැත්තේ අපි කියන කතා අහල.. (ඒ වුනාට ඕකව කොහොම හරි අල්ලලා හිර කරන්න ඕනි.)

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. උඹව ඩයිබර වැඩේට ගත්තනම් අපිට එක වියදමෙන් දෙපාරක් මොනරාගල ගිහින් එන්න තිබ්බ.. හිකිස්..

      Delete
  11. වැඩේ ඉස්තරම්... බ්ලොග් කියවිල්ල පොඩ්ඩක් එහෙමෙහෙ උනා කියල ඔය ආරංචි අන්තිම මොහොතේ නමුත් අපට ලැබෙනව.. මුන් වැඩේ කරනව මදිවට අපිව බයිට් කරන්න හදනව රෑ කෝල් දීල... කටුස්ස අහුවෙන්නෙ නැතැයි...

    ReplyDelete
    Replies
    1. උඹට ඊරිසියයි නේද ..???
      අපි ගන්න ආතල් දැකල ....
      හදිස්සි වෙලා බැඳගත්තනං ගහපං ඉතිං බෙරේ .......

      Delete
    2. සජ්ජ පවුල් බර පැත්තකින් තියල යමන් දවසක ගිහින් එන්න ඒ පැත්තේ.. මාත් මේ යන්නේ උඹ වගේ තුන් ගුණයක පවුලක් කර තියාගෙන.. හැක හැක හැක..

      මුද්ද උඹ ඔහොම නටපන් තව ටික කාලයක්. අපි ප්ලෑන් කරලා උඹව කොහෙට හරි හිර කරන්නම් ගානට..

      Delete
    3. ඔව් යකුනේ.. ඉරිසියාවෙ බෑ තමා.. කමියො මම මුල වරද්දගෙන තියෙන්නෙ. මුද්දට කෙලවෙච්චදාට ගහනව බට්ටො ගෝනියක්.. හිටපන්කො..

      Delete
    4. ඇයි බට්ටෝ.. ගහමු ඩයිනමයිට්. ලයිෂනුත් තියෙනවනේ.. හැක හැක..

      Delete
  12. උඹලා ග්‍රේට් බං

    ReplyDelete
    Replies
    1. කැම්පස් සින්ඩියට පින් සිද්ද වෙන්න බ්ලොගක් අටවා ගත්ත එකෙන් තමයි මේ ඔක්කොම සෙට් වෙන්නේ.. එහෙම බැලුවම උඹ ග්‍රේට් ග්‍රේට් (ග්රෑන්ඩ් ෆාදර්) වගේ.. :)

      Delete
  13. නියම වැඩක්.
    මටනං හිතෙන හැටියට අලුතෙන් ළිඳක් කපනවට වැඩිය තියෙන එකම සුද්ද කරල පාවිච්චියට ගන්න එකෙන් රිස්ක් එක ගොඩක් අඩු කරගන්න පුලුවන්. ඒකෙදි යන අමතර වියදම ළිඳක් අලුතෙන් කපන්න යන තරම් යයි කියල හිතෙන්නෙ නෑ.
    අලුත් තොරතුරු දැනුම් දෙන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි දැනට ප්ලෑන් එක.. අද වැඩේ පටන් ගන්නවා.. විස්තර කියන්නම්. එක නෙවෙයි.. රෑ මැද්දේ පාන්දර දෙකට තුනට විතර මොනරාගල යන ගමන් දවසක උඹලා ගෙදෙට්ට ගොඩවෙලා යන්න එන්නම්. විදානයා තැන දන්නවනේ. අවුලක් නෑනේ? හැක හැක

      Delete
    2. නෝ ප්‍රොබ්ලම්ස්. හැක්...

      Delete
    3. එහෙනම් දවසක පාන්දර දෙකට තුනට විසිටර්ලව පිළිගන්න සුජානමින් හිටාන්..

      Delete
  14. පෝස්ට් එක දැම්මට ස්තූතියි. අර පෞද්ගලික ඊමේල් ලිපින මකල ඕක දාන්න බැරිද. මගේ එක පුලුවන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒක කරදරයක් වෙයි කියලා මන් හිතුවේ නෑ.. දැන් අයින් කරා..

      Delete
  15. කළණෙ මේක නං ග්‍රේට් වැඩක්..
    ඒත් මෙතන කොහෙවත් කියල නෑ නෙව අපෙන් උදව්වක් ඕනවිදියක් :-P :-Pඅපිව එපාද මංද..
    අර පොඩි උංට වතුර ටික ලැබුණම නිවන් ගියා වගේ තියෙයි නේ..

    අඩේ අර පහුගියපකාලෙකරපු සංවර්ධන ප්‍රොජෙක්ට් එක්කටවත් ඔය පැත්ත අහුවෙලානැද්ද කළණෙ..
    පිස්සු වගේ කිලෝමීටර් 16 කියපුවාම. මේ පෝස්ට්එක දැකල කවුරුහරි වෙනම පිල්ම් එකක් හදයි කියල හිතෙනව ඇයි යකඩෝ ඇම්මැහි කස්ටක් කනව ඇද්ද

    ReplyDelete
    Replies
    1. දවසක යමන් ඒ පැත්තේ ගිහින් පුළුවන් උදව්වක් කරලා දීලා එන්න.. අම්මප.. අය්යාගේ පුතාගේ අඩවිය නේ.. මාර සංවර්ධනයක් වෙලා තියෙන්නේ.. කියලා වැඩක් නෑ..

      Delete
  16. කමියා................

    විදානයා විස්තර ටිකක් කිව්වා... උඹේ දුක අංකයත් ඉල්ලා ගත්තා... හැකි පළමු අවස්ථාවේ අැමතුමක් ගන්නම්....... වැඩේ ගැන ඉතින් කියන්න තියෙන්න පිං කියලා තමා........ හැකි සහයක් දෙනවා....... ජයවේවා

    ReplyDelete
    Replies
    1. මගේ දුකට විදනයා අංකයකුත් දාලද.. හැක හැක.. වෙලාවක කෝල් එකක් දීපං.. විස්තර කතා කරමු.

      Delete
  17. මුල්‍යමය ආධාරයක් කරණ විධිහක් දැම්මොත් නරකද ? කැමති උන් උදව් කරයිනේ...

    ReplyDelete
    Replies
    1. ඇනෝ.. බොහොම ස්තුතියි ඔබේ යහපත් සිතුවිල්ලට.. අපි කිහිප දෙනෙකු මේ වියදම දරා ගන්න තමයි අදහස.. දන්නවනේ කුක් ලා ගොඩක් එකතු වුනාම සුප් එකට වෙන දේ? මේ වගේ වැඩ කරලා හොඳක් අහගත්ත කවුරුත්ම නැද්ද මංදා.. උදව් කරන කණ්ඩායමේ අකමැත්ත නිසා මෙතන ඒ ගැන මොකුත් ලියලා නෑ. ඒ හැමෝම දැකල නැති උනත් බ්ලොග් මාර්ගයෙන් දන අඳුනා ගත බොහොම හොඳ හිතවත් කණ්ඩායමක්. අපි අතර විවෘතව මුදල් ලැබෙන විදිය හා වියදම් වෙන විදිය ඊමේල් පණිවුඩ හරහා හුවමාරු වෙනවා. එක නිසා වෙන්නේ මොකක්ද කියලා හැමෝම දැනුවත්. 'ගොඩක්' දෙනෙක් එකතු උනොත් ඒ වැඩේ පහසු නෑ.

      නැවතත් ස්තුතියි ඔබේ යහපත් සිතුවිල්ලට. පෞද්ගලිකව දැන අඳුන ගන්න හැකියාවක් ලැබුණු දවසක ඔබත් අපිත් එක්ක එකාතු වෙන්න.

      Delete
    2. සුප් එක අල වෙන්නෙ කුක්ලා ගාන වැඩි වුනාමනේ.. මම කියන්නේ කුක්ලා වැඩි කරගන්න කියලා නෙමේ ඕගොල්ලන්ට දරන්න වෙන බරපැන අඩු කරගන්න කැමති අයට දායක වෙන්න ක්‍රමයක් කියන්න කියලයි. නම ප්‍රසිද්ධ කර නොගෙන, ගිණුම් වාර්ථා නොඉල්ලමින් ඕවාට සම්බන්ධ වෙන්න කැමති අය ඇතිනෙ...ඒ ගොල්ලන්ගෙන් බාධාවක් වෙයි කියලා මම හිතන්නෑ...

      ඔබේ කැමැත්තක්..... වැඩේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා පතනවා එහෙනම් !

      Delete
    3. ඔබ කියන එක ඇත්ත.. ඒත් නොදන්නා කෙනෙක්ගෙන් උදව් ගන්න හිතෙන්නේ නෑ.. අපි මෙහෙම කරමු. කැමති කෙනෙක් ඉන්නවනම් මට sumithyapa@gmail.com කියන එකට මේල් එකක් එවන්න. ඉන්පසු කතා බහ කොට අපේ සගයන්ගේ කැමැත්තෙන් ඒ අයගේ ආධාර මේ වැඩේට එකතු කරමු. නැවතත් ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට..

      Delete
    4. ඔබ කැමති නම් නෙළුම් යාය ගිණුමට මුදල් දැම්ම හැකියි. දමලා ඒ බව කියල ඊමේල් එකක් editor@nelumyaya.com එකට එවන්න. නැත්නම් සුමිත් ට එවන්න. අපට පොදු ගිණුමක් තිබුනේ නැති නිසා සුමිත් ගේ ගිණුමට මුදල් අරන් තමා කලේ. නමුත් දැන් එවැන්නක් තිබෙනවා. මෙයින් අපට ඕනෑම වෙලාවක ගිණුමේ විස්තර පෙන්වන්න පුළුවන් නිසා විනිවිද භාවය කුත් තිබෙනවා. nelum yaya , commercial bank maharagama , a/c 1180059060 . we will not used money for anything else than the earmarked project. there are few other projects coming up in several districts. One for building a house for a young girl and her grand mother. (after this)

      Delete
    5. ස්තූතියි අජිත්, තියන විධිහට පොඩි ගානක් දැම්මා. හෙට චෙක් කරලා බලන්න. හඳුනා ගැනීමේ පහසුව පිණිස කැඩුනු ගනනක් දමා ඇති. මේල් එවන්න අදහසක් නෑ...

      කමියා,

      ස්තූතියි... එච්චර දගලන එක තේරුමක් නෑ බන් මේ පොඩි ගානක් දෙන්න... :D

      Delete
    6. බොහොම ස්තුතියි ඇනෝ. විවේචන හා ප්‍රහාර දෙන ඇනෝ ලාට අමතරව උදව් කරන හා පරිත්‍යාගශීලි ඇනෝලාත් සිටීම දහිරියකි. ඇත්තටම කිසිවකු නම් මෙවැනි වැඩ විචේචනය නොකරන බව කිව යුතුයි. හැමෝම වචනෙකින් හරි දිරිය දෙනවා. ඒක ලොකු සතුටක්.

      Delete
    7. මහරගම කොමර්ෂල් බැංකු ශාඛාව සඳහා මේ අංක සොයා ගත්තෙමි.
      Commercial Bank PLC, Maharagama
      Bank Code: 7056
      Branch Code: 18

      Delete
    8. කරුණාකර සහයෝගය දක්වන යම් කෙනෙක් වේනම් මුලින් ඒ ගැන අපිව දැන්වත් කර ඉන්නවා නං වටිනවා. නැත්නම් ගැටළුවක් වෙනවා. රසිකට ස්තුතියි 'පිළිවෙලට' වැඩේ කරාට.. :)

      Delete
    9. ඇනෝ මහතා හෝ මහත්මිය , මම පොඩි වරදක් කලා මේ ගිණුම් අංකය දාල. ඒ කියන්නේ අපට නිර්නාමිකව මුදල් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මුදල් දුන් ප්‍රමාණය සඳහන් කරලා කරුණාකරලා පොඩි මේලයක් දමන්න. එතකොට ගිණුම් හදන කොට එය භාවිතා කරන්න පුළුවන් ref. එකක් හැටියට . නැත්නම් තීරණයක් අරන් තියනවා හඳුනා නොගත් මුදලක් වෙතොත් එය පුණ්‍යාධාරයක් වශයෙන් ආගමික ස්ථානයකට හෝ අනාථ නිවාසයකට දෙන්න. මේ ප්‍රොජෙක්ට් එකට භාවිතා නොකර හෝ වෙන දෙයකට භාවිතා නොකර. හේතුව එසේ මුදල් ගන්නට එපාය කියල තීරණයක් අරගෙන තිබෙනවා. ඔබ මැදහත් සිතින් මෙය තේරුම් ගනීවි යයි බලා පොරොත්තු වෙනවා. ගිණුම හසුරුවන අය හැර වෙනත් අයෙකුට නම් හෙළි නොකරන්නෙමු. ඔවුන් මේ ප්රෝජෙච්ට් එකට සම්බන්ධ නැති අතර ඔබේ නම හෙළි වීමේ අවදානමක් නැත. ඔබට ඉතාමත්ම ස්තුතියි.

      Delete
    10. අජිත් මහතා,

      අදාල මුදලින් සම්මාදම් වූයේ එය කිසියම් යහපත් කටයුත්තකට යෙදවේයයි බලාපොරොත්තු ඇතිවයි. එය උක්ත ප්‍රොජෙක්ට් එක හෝ වේවා, වෙන යම් පුණ්‍ය ක්‍රියාවක් හෝ වේවා කම් නැත. ඔබලාට රිසි පරිධි එය යෙදවිය හැකියි.

      මුදල, මතු සඳහන් ගිණුමට ලැබුනේදැයි සහතික කිරීමට පමණක් කාරුණික වන්න.

      Delete
    11. ඔබේ මුදල් ගිණුමට ඇති ඇත. එය වියදම් සඳහා කලණ මිතුගේ ගිණුමට ඉදිරියේදී බැර කෙරෙනු ඇත.

      Delete
  18. ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. කතාව අඩු වැඩ වැඩි විදානේ.. මේ කර්තව්‍යයේ සාඩම්බර කොටස් කරුවෙක් :)

      Delete
    2. බලාගෙන උඹේ ඇට දෙකටත් විදියි. හැක්...

      Delete
    3. අයි උඹේ දෙකටත් කලින් විද්දාද? හැක හැක හැක..

      Delete
  19. මිනිස්සුන්ට මේ වගේ පිස්සු හැදෙනවානම් පිස්සුවක් කියන්නේ හොඳ දෙයකි. ඇතැම් අයට හැදෙන්නේ ඔය වගේ දේවල් වලට වෙන් කරන මුදලකින් වුවත් කීයක් හෝ සාක්කුවට දමා ගැනීමේ පිස්සුව වීම කණගාටුවට කරුණයි. ඉන්දියාව වැනි "හිඟන" රටවල් ගැනත්, පිලිපීනය වැනි "අන්ත දුගී දුප්පත්" රටවල් ගැනත් කතා කර ස්වයං වින්දනයක් ලබනවා වෙනුවට පානීය ජලය වැනි මූලික මට්ටමේ පහසුකමක්වත් නැති රට ඇතුළේම සිටින පිරිස් ගැන අවධානය යොමු කිරීමත්, ප්‍රශ්නය "වගකිවයුත්තන්ට" යොමු නොකර තමන්ට හැකි පරිදි කළ හැකි දෙයක් කිරීමට ඉදිරිපත් වීම අගනා ආදර්ශයකි.

    ReplyDelete
    Replies
    1. රසික කියනවා වගේ හැමෝටම පිස්සුවක් තියෙන නිසා මටත් හිතෙනවා මේ වගේ පොඩි පිස්සුවක් තියෙන එක හොඳයි කියලා.. හැබැයි අවුරුද්දකට දෙතුන් පාරකට වැඩිය මේ පිස්සුව හැදුනොත් ගෙදරින් එක්ක ගිහින් පිස්සන් කොටුවේ නවත්තනවා.. :)

      Delete
  20. ෂැඃ, සුපිරි වැඩක් ඈ. මේ ආත්මෙදිම පලදෙන පුන්‍යකර්ම කියන්නේ ඔන්න ඔව්වට. මෙන්න මෙව්වට තමයි සම්මාන දෙන්ඩ ඕනේ.

    ඈ යකෝ, තවමත් ලැජ්ජා නැතුව සෙල්ෆි ගහනවනේ?

    ReplyDelete
    Replies
    1. හි හි හි.. ෂෝරි ෂර්.. මේ අසාවට එකක් ගත්තේ..

      Delete
  21. ආදර්ශමත් ඉතාම වටින වැඩක් සහො ජයෙන් ජය,ඕනැම උදව්වකට අපිත් ඉන්නවා,
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. වෙලාවක යමු ඒ පැත්තේ රස්තියාදුවක් ගහලා එන්න.. ස්තුතියි.

      Delete
  22. jaya wewa !!! ape uparima sahayogaya!!!!

    ReplyDelete
    Replies
    1. පලවෙනි ගඩොල බැන්දේ කවිඳු තමයි. ඒක ගැන ආඩම්බර වෙන්න පුළුවන්.. ස්තුතියි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඉස්සර කාලේ අපේ නෑදෑයෝ සිංහල අවුරුද්දට ගණුදෙනු කරන්න මගේ ලඟට එනවා.. ඒ ගොල්ලගේන්ගේ මතය හරි ගියොත් මොණරාගල වැඩේ ගොඩ තමයි.. හි ..හි..

      Delete
    4. ඒ ගොල්ලන්ගේ මතය හරි :)

      Delete
  23. අපටත් නොකියාම පින් අතේ වැඩ කරගන්නව වගෙයි. ඉරිසියාව එකටම දිව්‍ය ලෝකෙ යයි කියල..

    හොඳ වැඩක්. සුබ පතනවා හොඳේ. උදව්වක් ඕන නම් කියන්න.

    ReplyDelete
    Replies
    1. //ඉරිසියාව එකටම දිව්‍ය ලෝකෙ යයි කියල..// හික්.. දිවිය ලෝකේ යන්න කලින් ඉහ ගහගෙන ගෙදර ඉන්න එපැයි.. ඒකයි ඔය බබලත්තු මේ වගේ වැඩ වලට එකතු කරගන්න මැලි වෙන්නේ.. හික් හික් හික්..

      තැන්කිවු වේවා! උදව්වක් ඕනි උනොත් කියන්නම්කො..

      Delete
  24. ඇත්තටම උඹලා කරන්න යන්නේ පින් සිද්ද වන වැඩක්. ජය !

    සිංහල වලට ගූගල් බ්‍රව්සර් අවුල තියෙන්නේ මට විතරද ????

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා! හැමෝටම තියෙනවා.. කවුද කියුවා chrome නැතුව වෙන browser එකක් පාවිච්චි කරාම හරිලු. මන් නම් ඔන්නොහෙ මේකම තියා ගන්නවා. කියන සිංහලේ තේරුනොත් මදැයි.. :)

      Delete
    2. සිංහල වෙන බ්‍රව්සර් වල එක්ස්ටෙන්ෂන් එකක් හැටියට නැහැනේ.

      Delete
    3. මන් ඔව්ව දන්නේ නෑ.. එක එකා කියන එව්වා තමයි.

      Delete
  25. සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

    ReplyDelete
    Replies
    1. බස්නාගල පැත්තෙත් එන්නම් දවසක..

      Delete
  26. අපෙන් සැලියුට් එකක්

    ReplyDelete
  27. මේ කෙරෙන සමාජ සත්කාර වෙනුවෙන් සහභාගිවෙන්න බැරිවෙන එකට කනගාටුයි.. කරගෙන යන වැඩේ සර්වාප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. දැන් වඩාත්ම වටින්නේ සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරන එක තමයි මචෝ.. තැන්කියු වේවා!

      Delete
  28. මහරගම කොමර්ෂල් බැංකු ශාඛාව සඳහා මේ අංක සොයා ගත්තෙමි.
    Commercial Bank PLC, Maharagama
    Bank Code: 7056
    Branch Code: 18

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔබේ සහයෝගයට හා හිතවත්කමට.

      Delete
    2. ස්තූතියි රසික.

      Delete
    3. ඔබගේ මුදල් ලැබී තිබෙනවා. ඉතාමත්ම ස්තුතියි.

      Delete
  29. ඊරිසියයි බං.ඒක නෙවෙයි දැන් උඹ පොටෝ අල්ලන්නෙ බොහොම කම්පනාවෙන් වටපිට ගැන හොයල බලල නේද.

    ReplyDelete
    Replies
    1. මොකටෙයි අප්පා ඉරිසියා කරන්නේ? අපි කන කට්ටටද? හෙක්.. අම්බෝ.. සෙල්ෆිනම් මතක් කරන්න එපා.. හිහ හිහ..

      Delete
  30. මේ යහපත් වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!

    හැකිනම් irrigation engineer කෙනෙක්ගේ උපදෙස් ලබා ගන්න. හරියට elevations, lengths එහෙම ගණනය නොකලොත් long distance water pipeline systems අල වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මම 'ජිනසේන' එකේ ටෙක්නිකල් ටීම් එකත් එක්ක කතා කරලා විස්තර කියලා මෝටරය ගත්තේ.. ට්‍රයල් එක සාර්ථක උනා. ඊට පස්සේ තමයි පර්මනන්ට් ලයින් එක ගහන්නේ..

      Delete
  31. අලුත් රස්සාව නිසා ටිකක් හිර වෙලා ඉන්නේ එත් ඕනේ උනෙඔත් කෝල් එකක් දීපන්.
    එල ද බ්‍ර වැඩක් මචෝ

    ReplyDelete
    Replies
    1. අප්පට සිලි මෙන්ඩ.. උඹ තැන් තැන් වල ඉංගිරිස් කොමෙන්ට් දාල තියෙනවා දැක්ක.. ඒ කියන්නේ දැන් බැක් ඉන් ෆුල් ඔපරේෂන් නේද?.. වෙල්කම් බැක් ඩාලින්..

      ෆ්‍රී වෙලාවක ගිහින් එමු ඒ පැත්තේ.

      Delete
  32. A great work,
    I wish all the success.!!

    ReplyDelete
  33. වැඩේ සාර්ථකව ඉෂ්ඨවෙන්න කියල ප්‍රර්ථනා කරනව. ආයේ මේ වගේ හොඳ වැඩක් කරද්දි අපිටත් උදව් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් සඳහන් කලොත් ..පුළු පුළුවන් විදිහට උදව් කරන්න පුළුවන් . :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හංසි.. ඉස්සරහට මොනවහරි කරොත් කියන්නම්කෝ..

      Delete
  34. බ්ලොග්කරණය තුලින් මෙවැනි සමාජසත්කාර කල හැකි බව ආයෙමත් තහවුරු කෙරෙන වැඩක්...ඉතාමත් අගය කරනවා..ඉදිරි වැඩකදි හමුවෙමු...මගේ හිතෙත් තැනක්, වැඩසටහනක් තියෙනවා..නිසි කාලය ආවම ඒ වැඩෙත් කෙරෙයි...අපිට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වෙලාවට මතක් කරහන්.. පුළු පුළුවන් විදියට උදව්වක් කරන්නම් අපිත්. ජයවේවා!

      Delete
  35. තව අවුරුදු ගානකින් බ්ලොග් කියවන්න එන අයට බලන්න පුළුවං සැබෑ එකමුතුව කියන්න මොකද්ද කියලා.. කියල වැඩක් නෑ.. ජය ශ්‍රී..!!
    ජයවේවා..!!

    ReplyDelete