Wednesday 2 March 2016

නෙලුම්යාය දෙබරයට ගල් පාරක්- මේ පාර දෙන්නම් මල්ලි ජම්බු.. Time to note most important events of the month

මේ හලෝ ලා..

මම මේ කල්‍යාණ මිත්‍ර කියල එක්කෙනෙක්.. මතකද දන්නේ නෑ නේද ඉස්සර බ්ලොග් එකක් ලියුවා කලාහිත කියලා.. පස්සේ පස්සේ ලියන විදිය අමතක උනා කියහල්ලෝකෝ..

මේ.. ඒක නෙවෙයි දැන් මොකද වෙන්නේ.. තාම කට්ටිය සිංහල බ්ලොග් ලියනවද? හික් හික්..

අර සිංහල බ්ලොග් නැති කරන්න ආපු නෙලුන් අජිය එහෙම තාම ඉන්නවද යහතින්? අන්න නියම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.. එනවා මෙතන ගිය විදියකට එංගලන්තෙට වෙලා ඉන්නේ නැතුව සිංහල බ්ලොග් නංවන්න.. හුහ්..

මොනවා දෙවෙනි පාරටත් තියෙනවලු.. මාර්තු 26 ම? ජනමාද්‍ය අමාත්‍යංශ ශාලාවේදීම? හවස 2 ඉඳන්? ගිය පාරත් ඔය දවසෙම ඔතනම ඔය වෙලාවටම නේද තිබ්බේ.. හැබැයි මෙදා පාර සෙනසුරාදාවක් නේද? ඒක හොඳයි.. වරුවක් නිවාඩු දාන්න ඕනත් නෑ.. පහු වෙනිදා දවල් වෙනකම් බුදිය ගන්නත් පුළුවන්නේ.. ඒත් ඔච්චර හරියක් කරන්න ඕකුන්ට කොහෙන්ද බන් හයියක්..

හෑ..! කරූ පරණවිතාන? අර සතර දිගන්තය ලියන බ්ලොග් කාරයා? එයාද සපෝර්ට් කරන්නේ? සෙල්ලන් නෑ ඒ කියන්නේ කෙලින්ම ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් ආ.. ඔය මන් කියුවේ..

ඒ මොන කරූ ද? ජයසූරිය? කතානායක තුමා? තොරතුරු දැන ගැනීමේ පනත ගෙනාපු නිසා ප්‍රධාන ආරාධිතයා කරනවලු? ඉතින් එයිද එයා මේ වගේ දෙකයි පනහේ උත්සව වලට? අප්පද සිලි.. එයාගේ කැමැත්තෙන්ම එන්න ඇහුවලු? මාරයිනේ ඕයි.. මේකද යහපාලනේ? හැක්.

මං කියුවේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියල.. ඔය පෙන්නේ දැන්.. නැත්නම් UN එකෙන් එයිද ඔය වගේ පොඩි පොඩි කේස් වලට ..උන් තෑගිත් දෙනවලුද.. බඩුම තමයි කැරට් අල කෑවා වගේ නෙවෙයි කොල්ලෝ දිරවනකොට.. අපි බලමුකෝ අපිත් ඉන්නවනේ ඉස්සරහට..

කැටගරි 18 කට? මුදල් තෑගි, සම්මාන සහතික ඔක්කොම දෙනවලුද? ආ.. කොළඹ ගමයා විස්තර දාල තියෙනවද? කියෝලා බලන්න ඕනි. නොමිනේෂන් කලින් පබ්ලිෂ් කරලා ජයග්‍රහණ එවෙලේ ප්‍රකාශ කරනවා ඇති නේ? ඒක හොඳයි කුතුහලේ රැකෙන්න අන්තිම වෙනකම්.

කවුද මේ අපේ ඉවානයා? හැක හැක.. ඕකට පුලුවන්ද බන් සභාවක් මෙහෙයවන්න? ඇන ගන්නවා ෂුවර්. අනික නාලක ගුණවර්ධන ලා අජිත් පැරකුම් ලා එකතුවෙලා ඉවනයාව පුම්බලා උඩ අරියි.. නියමයි ඕකට..

තරු රසි රඟපානවා? එයා අනවුන්ස් කරනවානම් දැකලා තියෙනවා ඒත් රඟපානවා දැකල නෑ.. එකාතකින් ඔය බවලත් උදවිය හැමතිස්සෙම රඟපාන එකමනේ කරන්නේ.. ඕකේ පුදුම වෙන්න දේකුත් නෑ.. බලමුකෝ එදාට..

අපොයි මනාගේ මලකඩ වොයිස් එක? රොක් අජියගේ 'අටමි වලන් හුරනවා වගේ' වොයිස් එකට ගහන්න පුලුවන්ද මලකඩ මනාට.. ඒක තමයි එහෙනම් සජ්ජත් පහුගිය ටිකේ ගිටාර් ගහන්න ප්‍රැක්ටිස් කරා කියුවේ.. හූ කියන්න බලාගෙන යන්නොනේ ඔවුන් දෙන්නට..

බස්සිට පුලුවන්ද බන් කවි ගැන කතා කරන්න? උසේ හැටියට ඕනි වැඩ කරන්න.. මොකද බස්සිට කවි ගැන උපාධියක් තියෙනවා කියලයි? හිටාන්කෝ හිටිවන කවි දෙක තුනක් කලින් හදාගෙන ගිහින් කියල අන්නවන්න උන්දැව ඉස්ටෙජ් එක උඩදීම... හැක හැක හැක..

හා..හා.. එකනම් ඔය පොත් ගහපු බ්ලොගාල ගේ පොත් ටික විකුණා ගන්න උපක්‍රමයක්.. කවුද බන් නැත්නම් පොත් මේස දාන්නේ සම්මාන උළෙලවල් වල.. බලමුකෝ.

එහෙමද? සිරාවට බ්ලොගාල සෙට් එකම එනවද? යමන් යමන් එහෙනම් මන් අනිවා එනවා.. ටිකක් රෑ වෙනකන් ඉන්න බලාගෙන දෙක වෙනකොටම යමු. හැබැයි අර කටුස්සට කියන්න ඕනි අනුරාධපුරේ නම් යන්න බලාගෙන එන්න එපා කියලා..

එහෙනං ඔන්න මාර්තු 26 සෙට් වෙමු... ෆිට් තමයි ඈ.. ආයි මතක් උනොත් කෝල් එකක් දෙන්නම්.. මන් මොනරාගල ගිහින් එන්න යනවා.. ජය වේවා..!!

184 comments:

  1. ජයවේවා...එකයි කියලා දාගන්න...!

    ReplyDelete
  2. ෆිට් තමා................... අපිත් එදාට එතන ඇති......

    උඹ සියලුම විස්තර අගේට දාලා නොවැ...... ඔ්‍ය තියෙන්නේ කතා කරන්න දේවල්.... දැන් කතා කරමු මේ ගැන........

    ReplyDelete
    Replies
    1. ජයවේවා! දහතුනා....යි.. (සෙල්ලන් නෑ.. යකෝ..හැක හැක හැක..)

      Delete
    2. යකෝ උඹලා දුසිම් ගණන් වලින්නේ ගණන් හදන්නේ.........

      Delete
    3. දුසිමක්ම ඉන්නැද්දී, එකෙක්ව විතරක් ගණන් තියලා, අනික් උන්ගේ හිත් පාරන්නෙ මොකටද නේ කල්‍යාණ මිත්‍ර ..

      @ කුරු‍ටු ..

      උන් කිව්වේ ආදරේට හොඳේ ...☺ ☺

      Delete
    4. කුරුටු පවුලට කෙලින්ම දුසිමක් අයින් කරා.. :) ආයි මොකටද පස්සේ සීට් නැතිඋනා කියන්න එපා..

      Delete
    5. අප්පටසිලි සඳරු දැක්ක කල්.. ඒක කියන්නත් අමතක උනා.. :)

      Delete
    6. කන බොන තැන් වලදී දුසිම් දෙකක් ගණන් හැදුවත් කමක් නෑ........ පුටු නං මොකටද බං..... ඉදගන්න වෙලාවක් තියෙයිද දන්නවායෑ....... ඒ තරම් වැඩනේ බං....

      Delete
  3. මේ දෙබසක එක බසයි නේද? කෝ අනිත් බස? ඒකත් ලියන්නකෝ කවුරු හරි!

    ReplyDelete
    Replies
    1. මේක මේ ඕස්ටේලියාවේ ඉන්න කෙනෙක් එක්ක කතා කරපු එකක්.. එයා ලියයි වෙලාවක.. :)

      Delete
  4. බොහොම නිර්මාණාත්මක ආරාධනාවක්

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට එන්න වෙන්නේ නෑනේ.. :/ නේද?

      Delete
  5. මොකා යූඇම්පී නෙලුං අජිත් එන්නැ???

    හපොයි විනාසයි. අර ලව්පුසායි... කොට බස්සියි අරගෙන මේ වගේ උත්සව වල වැඩට.. විනාසයි.. හැක්..

    ඒක නෙමෙයි බං කලාහිතෝ කෝ බං ගියපාර වගේ අන්ඩර කරන්න එපා. ලොකේෂන් එකට මැප් එක දීපං. ප්‍රෙමා්ට් කරන්න වෝල්පේපර් දීපං...

    ReplyDelete
    Replies
    1. ඇයි උඹලගෙ ගෙදර බිත්ත ටික මළකඩ කාලද? හැක්..

      Delete
    2. අජිය එන්නේ නැතුව නෙලුන් කොහේ පිපෙන්නද? මේ පාර සතියක් කලින් ඉඳලා එන්නේ.. ඕ යේස්! පල ඩා යන්න.. ගියපාර උඹනේ අණ්ඩර කරේ.. කිරුලපනයි කිරුල පාරයි පටලෝලා..

      ප්‍රසා.. මටනම් වෝල් පේපර් එල්ලන්න බෑ.. තාප්පේ ගහලා තියෙන්නේ ඉස්ටික් නෝ බිල්ස් කියල විතරයි.. නෝ බිලක් දුන්නොත් එල්ලන්නම්..

      Delete
    3. දේශක කියන එකා ළඟකදි ඉඳන් ඇදේටමයි කතාව. :3

      Delete
    4. ඌට උගේ සිස්සයෙක් ඔලුවට පොල්ලකින් ගහලා.. :)

      Delete
    5. බබී අපි දෙන්නා එක තැන ඉදගමු ඈ. එදාට නැට්ටත් එයිද දන්නේ නෑ මැද්දට පයින්න

      Delete
    6. නැට්ට එනවා.. හැබැයි උඹල මැද්දට පනින්න එන්නේ නෑ.. මොකද ඌට මේ දවස් වල වෙන පුකක් සෙට් වෙලා.. හැක හැක..

      Delete
    7. ඔය ඉරිසියාකාරයෝ ටික පැත්තකට දාලා නැට්ටව හලමු. එතාකොට අහවරයිනෙහ්.. හැක්.. අර කළු කමියා තමා මට නං සුවර් නැත්තේ බබී..

      Delete
    8. බබී නිසා හරි කමක් නෑ මෙදා පාර දේශකයා එනවලු.. වරකෝ තෝව අල්ලා ගන්න..

      Delete
    9. යුඇම් පී නෙළුන් කියල ජාතියකුත් තියනවද ?

      Delete
    10. තියෙනවා.. ඒවා වැඩිය උස නෑ.. පිපෙන්නේ රුසියාවෙයි එංගලන්තෙයි.. හැක්.

      Delete
    11. රුසියාවේ පිපෙන්නේ රතුපුටින්

      Delete
  6. පින්තුරේ හරි පැත්තටමයි නේද දාල තියෙන්නේ?? මට ඒ උනාට පොඩ්ඩක් කොයිල් වගේනේ.... මොකද මන්ද

    ReplyDelete
    Replies
    1. ආ.. කොයිල් වගේ කියන්නේ මේ ඔලුවට ලේ බහින්නේ නැති උනාම හැදෙන ලෙඩක්.. ඔලුවෙන් හිටෝගෙන කියවලා බලපන් ලෙඩේ සනීප වෙනවා.. :)

      Delete
  7. ආ.... මේ ඒකද... මම හිතුවෙ එතනින්ම ඉවරයි කියලා... අජියත් මාර පොරක්නේ බලාගෙන ගියාම...

    ඉක්මනට ආන්ඩුවට ආවඩලා පෝස්ට් ටික්ක වැඩියෙන් දාන්න ඕනා...

    ReplyDelete
    Replies
    1. ඔව්වොව් මේ ඒකම ලු බං.. ගියපාර මතකනේ 'ජයග්‍රහණයේ කොටස්' බෙදා ගත්තා..හැක හැක හැක..

      Delete
    2. ආයේ ඉතින් අමුතුවෙන් කරන්ඩ දෙයක් ඇතැ

      Delete
    3. හපොයි.. තව තියෙනවා.. උඹ වගේ බයියෝම කී දෙනෙක් ඉන්නවද පරද්දන්න.. හැක හැක හැක.. :)

      Delete
    4. වැඩියෙන් කියලා කිව්වේ ඒක නේ හිටං

      Delete
    5. ඉල්ලුමට අනුව සැපයුම තිබ්බම උද්දමනයක් ඇතිවෙන්නේ නෑ.. :)

      Delete
    6. මාව අල්ල ගන්න එපා ඒවාට. අටමා නම් ෆුල් ට්‍රයි කර වැඩේ නවත්වන්න. හේ හේ

      Delete
    7. අටමා මේවා විහිළුවට කියන කතා

      Delete
  8. කවුද බං කල්‍යාණ මිත්‍ර කියන්නෙ. අනික මොනවද බ්ලොග් කියන්නෙ. මට මතක නෑනෙ.
    එදාට එන්න පුලුවන් උනොත් බලමු.

    අර පින්තූරෙ බලන්න දෙකක් දාගෙන ඉන්න වෙලාවක එඤ්ඤං.

    ReplyDelete
    Replies
    1. කවුද බං අප්‍රසන්න කියන්නේ.. මොකා උනත් කමක් නෑ දෙකක් දාන වෙලාවට අපිටත් කතා කරනවානම්..

      Delete
    2. ඒක පින්තූරයක් නෙමෙයි ප්‍රසා අයියේ.... බැනර් එකක්.... දෙකක් දාගත්තොත් ආයෙම හරි අතට හැරෙනවා.. එකක් දාගෙන වරෝ....

      Delete
    3. එකක් මදි එහෙනං තුනක්ම දාගමු. හැක්...

      Delete
    4. හරි එහෙනං ඔත්තේ ගානක් දාගෙන එමු................ විදානයාට ඉරට්ටේ ගානක් දාගන්න කියමු.... එතකොට ඌ හරි අතට ඉදියි....

      Delete
    5. //විදානයාට ඉරට්ටේ ගානක් දාගන්න කියමු.... එතකොට ඌ හරි අතට ඉදියි....// උඹලගේ ඔය කුපාඩි බොන කතන්දර වලට ඒ අහින්සකයව ගාව ගන්න එපල්ල..

      Delete
    6. අනේක ජාති සංසාරං..
      නාම ගොත්තං නජීරතී...

      Delete
    7. කබරයානම් රථ දෝරං
      රිවස් ජියරන් තාප්පන් කෙලී

      Delete
    8. ඔය ඉන්නෙ සාක්කිකාරයො.

      Delete
    9. ඔය මහත්තුරු මේ කවුරු ගැනද කතා කරන්නේ?

      Delete
    10. සමපෝෂං බෝල බෝලං - පරණ වාංහං හුරඃ පරඃ

      Delete
  9. අහ්හ්..මේ මේ මාත් එන්නද එහෙනං...
    වැඩේ සාර්ථක වේවා...ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ ඔයාට ජාතික හැදුනුම්පතක් තියෙනවා නේද? අන්න ඒකත් අරන් එන්න.. මොකද 16 ට වැඩි අය විතරයි ගන්නේ.. ඔයාගේ කෝලම වගේද මෙයා මේ කෝලම.. හැක හැක..

      Delete
  10. ඈ... නියෝජ්ජ ඇමති තුමාලත් එනවද?

    ReplyDelete
    Replies
    1. සර ස ට කියන්න.. කතානායක මහත්තැන් එනවයි කියුවම ආවට කමක් නෑ හැබැයි කතාවක් දෙන්න නම් බැරිවෙයි කියුවලු. යකඩෝ කතානායකතුමාට කතා කරන්න දෙන්න බෑ කියන රටක් තියෙනවද?.. එදාට ගිහින්ම බලමු..

      Delete
    2. සරස වසන්තය ආයෙත් එනවානම්

      සරස වසන්තය ආයෙත් එනවානම්
      මගේ තරුණ විය මං ඉල්ලාගන්නම්
      අපේ අතීතයෙ මල් මාවත්වල ඇවිදන්යන්නට
      සරස වසන්තය ආයෙත් එනවානම්...

      ලියූ සුපෙම් කවි හසුන් පුරාවට
      පොත් පිටුවක එය හංඟා ගන්නට
      බොරු විස්සෝපෙන් අහක බලන්නට
      ආයෙත් හමුවී හිනා නගන්නට..

      සරස වසන්තය ආයෙත් එනවා නම්...

      දෙනෝදහක් මැද සිත් හංඟන්නට
      සැගවූ ප්‍රේමය නෙතින් කියන්නට
      කාත් කවුරුත් නැති සීමාවක
      හොරෙන්ම හමුවී පෙමින් දොඩන්නට

      සරස වසන්තය ආයෙත් එනවානම්...//

      ගායනය : අනෝමා රාසපුත්‍ර සමඟින් අමරසිරි පීරිස්
      පද රචනය : නිලාර් එන්. කාසිම්
      සංගීතය : ජගත් ජයවර්ධන

      https://www.youtube.com/watch?v=y1lYX7Th9Cg

      Delete
    3. සරස ගැන සිංදුවකුත් තියනවා නේ.. :)

      Delete
    4. අදමයි ඇහුවේ..... තැන්කූ අයිවන්

      Delete
    5. සරස වසන්තය කියුවමනම් පොඩ්ඩක් බයත් වගේ.. සර ස ට වසන්තය එනවා කියන්නේ ටොයියන්ට අබ සරණයි!! හැක හැක හැක..

      Delete
    6. සරසා වනාහි නියම ටොයි බයියෙකි. එදාට සරසාත් එන බවට මගේ හිත කියයි.

      Delete
  11. වැඩේ සාර්ථක වෙන්න කියලා සුබ පතනවා ... ඇවිත් යන්න උත්සාහයක් ගන්නම්කෝ... :)

    ReplyDelete
    Replies
    1. එච්චර ලොකු උස්සහයක් ගන්න ඕනි වෙන එකක් නෑ.. මොකද මහා ලොකු දුරක ඇයි නේද?

      Delete
  12. නියමයි...!
    එහෙනං.. එදාට..,එතනදි..
    ජයෙන් ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ ආයෙම තව තැනකදී.. ජය වේවා.. (නැටි එහෙම එල්ලන් එනවා නෙවෙයි ඔන්න කලින් දුවන්න බලාගෙන.. හැක හැක..)

      Delete
  13. අනේ මට තුවක්කුවක් දෙන්ට.. වෙඩිල්ලක් තියා ගන්ට..

    ReplyDelete
    Replies
    1. හෆොයි.. කිරිමේල් කේස් එකක්.. :(

      Delete
    2. එච්චර කලබල වෙන්ට එපා.. ගෙදර ඉන්ට වෙලාවක් කියුවනං හොදා.. මං අපේ විචා මාමා එවන්නං එයාගේ “මළකඩ කාපු පිස්තෝලෙත්“ එක්ක.. හැක්

      Delete
    3. විචා මාමගෙ එක ලෝඩ් කරනකොට අහල පහල උංටත් මිස් ෆයර් වදී. හැක්..

      Delete
    4. හැක. ඔන්න මම නම් මොකුත් කියුවේම නෑ..

      Delete
    5. පාරෙ යන ගමං ෆෝටෝ එකක් ගත්තහම ඇති

      Delete
    6. Older the Bull harder the horn

      හරිද මල්ලී....................... :D

      Delete
    7. //harder the horn// works කියල කෑල්ලක් තියෙනවා අගට මයේ හිතේ..

      Delete
  14. ජයවේවා හැමෝටම. එහෙනම් සාර්ථක දෙවැනි වරටත් ජය පැන් බොමුනේ.. හැක හැක මම කිව්වේ රහමෙර එහෙම නොවේ ඕන්...

    ReplyDelete
    Replies
    1. හා හා අපි බොන්නම් ජය පැන්.. අනේ මගේ කට..

      Delete
    2. ඔය ජයපැන් බිව්වාමත් වදිනවාද බං....

      Delete
    3. ජයපැන් වල ඇල්කොහොල් පර්සන්ටේජ් එක අනුව තමයි ඉතින්.. හැක හැක..

      Delete
    4. අනේ කටට මොකෝ වුනේ? ජයපැන් බොන්නවත් ඉතුරු කර ගත්තේ නැතිද?
      @kalanayya :D

      Delete
    5. ම්.ම්.ම්.ම් ඒක නම් සෑහෙන්න බොන්න ඕනි ප්‍රශ්නයක් කුරුට්ටය්යේ

      Delete
    6. කට ගලක උලා ගත්ත.. කිව්වා නාහන එකියෙකුට බ්ලොග් ලියන්න උපදෙස් දෙනවට වඩා ඒක හොඳයි කියලා හිතිලා.. හැක හැක..

      Delete
    7. ඔයා කියන තරමට ඔක්කොම මතක තියා ගන්න බැහැ අප්පා. ඔන්නොහෙ ආයම පාරක් උලාගන්න කට ගලේ

      Delete
    8. හා.. හොඳ ගලක් දැක්කොත් කියහන්කෝ.. :D

      Delete
  15. බ්ලොග් කියන්නෙ මොනවද? කන ජාතියක්ද?

    ReplyDelete
    Replies
    1. මාත් අහන්න හිටියේ උඹෙන් :)

      Delete
  16. කළණේ, ඕකෙන් කොට බස්සිගෙ කවි සංවාදය අයින් කලා. නාට්‍යයට ටිකක් වැඩිපුර වෙලාව උවමනා නිසා. පොඩ්ඩක් අජිත් අයියගෙනුත් අහල කන්ෆර්ම් ඛරගන්ඩ.

    ReplyDelete
    Replies
    1. නාට්ටිය කිව්වෙ මං ප්‍රධාන චරිතය රඟපාන එක වෙන්ටැති නේද?

      Delete
    2. නෑ නෑ එහෙම එකක් නෑ නාට්ටිය කරන්නේ විනාඩි පහලවයි.. ඒක ගන්නේ අර කොමඩි කතා දෙක/ තුන අයින් කරලා (මොකද ඒවා කරන්න කවුරුත් ඉදිරිපත් නොවුන නිසා)
      පිස්සුනම් කෙලින්න හදන්න එපා නැගේ.. (උඹ බය වුනා නේද මං අන්නන්නම් කියුව පාර.. හැක හැක..)

      ඔව් වොව්.. ඔයා තමයි ප්‍රධාන චරිතේ කරන්නේ.. හැබැයි නිකමටවත් වේදිකාවට නගින්න හදන්න එපා.. හැක හැක..

      Delete
    3. කොමඩි කරන්න කවුරුත් ඉදිරිපත් නැහැය කිව්වා? අම්මප???? විස්සාස කොරන්නත් අමාරුයි නෙව... ආ.. තේරුනා වැඩේ... ඉවානයා ඒ ටෝටසත් එක්කම කවර් කරනවා ඇති එහෙනම්. ඊට වඩා කොමඩි කොහෙද ඉතින්.... ( අනේ මන්ද.. ඌ නළුවෙක්ය කියල කියනවා.... ශෂී විජේන්ද්‍ර වගේද මන්ද...)

      Delete
    4. අඩෝ , මැටි උපයා .. ගහනවා පොලේ

      Delete
    5. ඌ ඉස්ටෙජ් එකේ හිටවල තිබ්බම ඇති.. කට්ටියට හිනාව නවත්ත ගන්න ඕනි උනාම වෙන මොකක් හරි අයිටම් එකක් දානවා..

      Delete
    6. උපේක්ෂා අපි දෙන්නා කරමුද, ඒත් මට ලැජ්ජයි

      Delete
    7. උඹල ඔහොම ඒවා කතා කරනකොට අපිට ලැජ්ජයි.. හැක හැක..

      Delete
    8. ඒ සිරාවට තරූ අක්කා රඟපානවද? පස්ටයිනෙ!

      ඔමාත් එනවද? සෝයි. මම ඔමාව දැකලම නෑ නෙව තවම.
      කොමඩිය කරන්ඩනම් වෙන කවුරුත් මොකටෑ ඉවානය ඉන්නෙ.

      Delete
    9. තරු අක්කා 'තරු ඇස්' කරකවල නැටුමක් නටන්න ඉන්නේ.. බලාංකෝ එදාට කොහොමද කියලා තරු අක්කගේ නැටුන්.. ඔමා නම් එනවා.. සෝයි එයිද දන්නේ නෑ.. :p

      Delete
    10. bassi,ඇන්ඩ්‍රොයිඩ් ඇප් වලට පිං සිද්දවෙන්න සුදු කරලා ෆොටො දාන් හිටියට දැක්කම බයවෙයි ඈ,

      Delete
    11. මේ ඔමායා නංගි.. හිතවත්කමට අහන්නේ.. මොකක්ද ඔය Android App එක හැබෑටම.. :)

      Delete
    12. අනේ අන්න කමියට දෙන්න ඇප් එක.

      Delete
    13. මම කිව්වා බස්සිට ඒක අයින් කරනවා කියල. සම්පුර්නයෙන්ම නෙමේ 5.30ට තේ පැන් සංග්‍රහය වෙලේ ඒක කරමු කියල කිව්වේ ශාලාවෙන් එළියේ. නාට්‍යයට විඳි 15ට වඩා යනවා.

      Delete
    14. අඩේ අජිත් අයිය දිග..අ..අ.. නාට්ටි බලන්න කම්මැලි නැද්ද බං? ඔන්න පුංචි තියටර් එකේ වත් නම් හිත හදාගෙන බලන්න තිබ්බ.. මේ එන්නේ බ්ලොග් සම්භන්ද මොනා හරි බලන්නනේ..
      අර රවියගෙයි මදවියගෙයි කෝලන් දෙක අයින් කරපු හිස් තැනට ගැලපෙන්න විනාඩි දහයකට විතර ඔය නාට්ටිය කඩා ගන්න බැරිද? බස්සිගේ ඉවෙන්ට් එකට අඩුම විනාඩි 15-20ක් වත් දීලා ඒ ගැන පොඩ්ඩක් කතා උනොත් වටිනවා කියල හිතෙනවා.. මන් දන්නේ නෑ ඉතිං ඔය මට හිතෙන හැටි..

      Delete
    15. මේක ඒකා අධ්පටි විධිහට මම බලය පාවිච්චි කරලා මමම යෝජනා කරලා සම්මත අක්රනවා. තරු රසී තරු කඩා හැලෙන කටහඬින් මට නාට්‍යයේ විස්තර කිව්ව්වම මොකක්ද මෙව්වා එකක් වුණා. පැයක් හරි දෙනවා.
      දැන් කරු ගේ කතාව කරල තියෙන්නේ. එතනින් විනාඩි 30 ඉතුරුයි. ඒකට තරුගේ නාට්‍යය දැම්මේ. බස්සි ගේ පැනලයට ඔයා තමා ජබර කලන්තේ හැදිලා වගේ උඩ පැන්නේ. දැන් මොකද දුක හිතුනද? 5.00 ට ඉවර වෙන නිසා ඕනේ නම් ඒකත් දාමු 5.30ට ඉවර වෙන්න.

      Delete
  17. එම්බල කළු කමිය .
    කලුයාන මිත්‍රය

    එක්කෝ ඕන නෑ

    ReplyDelete
    Replies
    1. කියපු නැති නිසා බේරුණා කියල හිතා ගනින්.. :)

      Delete
    2. මං තැන ඩන්නේ නෑ නේ

      Delete
    3. මන් එක්කන් යන්නම් බබී නියම තැනට.. ඇවිත් මිස් කෝල් එකක් ගහන්නකෝ.. අර දුෂකයා ගෙන් එහෙම අහන්න එපා.. ඌ ඉන්න තැනවත් ඌ දන්නේ නැතුව කොහොමද ඔයාට පාරවල් කියලා දෙන්නේ..

      Delete
    4. ටැන ඩන්නේ නෑ කියලා බෑ , අර දේශා ඔය එනකං මග බලං ඉන්නේ

      Delete
    5. ඇයි දේශා විතරක්? අපි කළුයිද?

      Delete
    6. ගමේ උන්ම නේ ගමේ අපි දෙන්නට වල කපන්නේ හැබෑට..

      අපි බදුල්ලේ..

      Delete
    7. ///මං තැන ඩන්නේ නෑ නේ///
      තැන තියෙන්නේ අපේ ගේ කිට්ටුව, අපේ ගේ තියෙන්නේ කොහෙද කියල හොයාගෙන වරෙල්ලා...

      Delete
    8. ආ.. ලොක්කා ඉන්නේ ජනමාද්‍ය අමත්‍යාන්ශය කිට්ටුවම.. ජනමාද්‍ය අමාත්යංශය හොයා ගත්තොත් ලොක්කලා ගෙදර හොයා ගන්න බැරි වෙන්නේ නෑ.. හැක්.

      Delete
  18. මං එන්නෑ පැත්ත පළාතෙ...

    ReplyDelete
    Replies
    1. කිරුලපොන තියෙන්නේ බස්නාහිර පළාතේ.. 'පැත්ත පාලාතේ' ගිහින් වැඩක් නෑ කොහොමත්..

      Delete
    2. කොහොමත් රෑ වෙලාවට උඹව හම්බෙන්නත් බෑනේ........ ලේබීව්වොත්...

      Delete
    3. මං ලේ ගොට්ටක් තියල මතුරනවා උඹට එන්න බැරිවෙන්න.. හැක්.

      Delete
    4. ඔය ළඟම තමා ලේ බැංකුව තියෙන්නෙත්... හෙහ් හෙහ්...

      Delete
    5. ලේ බැංකුවෙන් ලේ ලෝන් දෙන්නේ නැද්ද මාස් පතා ටික ටික ගෙවන්න? නැත්නම් මගේ ලේ ටික උකස් කරලා හදිසියකට 'ලේ ණයක්' ගන්න බැරිද?

      Delete
    6. ලේ බැංකුවෙ දැනට නං ඩිපොසිට් තියාගෙන පොළියක් දෙන එක තමා කරන්නෙ. මගෙ තමයි වැඩිම ෆික්ස්ඩ් ඩිපොසිට් තියෙන්නෙ. මාසික පොළිය ඇති මාසෙයක් හොඳට ජීවත් වෙන්න.

      ඔය ලේ උකස් ගන්න වැඩේ මං කරනව. කමිය ඉතිං හොඳ එකානෙ. මං බොහොම සුළු පොළියක් අරං වැඩේ කරල දෙන්නං.

      Delete
  19. මං මොකුත් නොකිය යනව. එදාට බලාගමු. FM MIC එකකුත් අරගෙන එන්නම්. ඉවානයෝ. පරිස්සමෙන් ෆෝඩියම් එක ලඟට යන්නේ.

    ReplyDelete
    Replies
    1. උඹට කලින්ම දෙකක් පොවලා සද්ද වහන්න වෙයි වගේ.. හැක.

      Delete
    2. හිටිංකො මං කැමතිම බ්‍රෑන්ඩ් එකෙන් දෙකක් දාගෙනම ඇවිත් හොඳ කෙලියක් කරන්නම්. අර නෙලුම් අජියටත් කියහල්ලා. අපි එදාට බලාගමු. හරිය?

      කමි, කලින්ම දෙකක් දැම්මොත් එදාටනම් කට වහන්නෙ නෑමයි. එදත් කට වැහුවෙ අර පල් බයිට් නිසා. නැත්නම් රෑ වෙද්දි බලාගන්න තිබ්බා. හැක හැක හැක

      Delete
    3. //පල් බයිට්// ඔන්න බලපන් අටම අපිට ලොකුවට කියල කන්න දීපු ඒවා.. රාගම 'නාසා' එකේ කියුවම මන් හිතුවේ ඇමෙරිකාවේ ගියා වගේ තියෙයි කියල.. හැක්.

      Delete
  20. ඔය කතාවලට කාල උපරිමයන් දෙන්න පුලුවන් ඒත් කතාකරන එවුන් ඒවාට යටත්කර ගැනීම අසීරුයි කියල කවි පොත් එලිදැක්වීමේ වින්දිතයන් කියනව අහල තියනව. ඒ නිසා ආෆ්ටර් ඉවෙන්ට් පාර්ටි එනකම් ඉන්නෙ නැතුව හැමෝටම කාල ගානෙ සර්ව් කරන්න බැරිද ඉවෙන්ට් එක ඇතුලත?

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්නෙට උත්තරයක් විදියට තමයි තනිකර කතා දාන්නේ නැතුව ඉවාන් ව දාල ප්‍රශ්න උත්තර විදියට කතාව දැම්මේ. වෙලාවට නතර කරේ නැත්නම්.. ආයි දෙකක් නෑ.. ඉවානයාව එකන් පිටින් මද ගින්නේ පළහලා බයිට් එකට ගන්නවා රෑට.

      Delete
    2. ඔහෙ කතා කරපුදෙන් ඇඩ්මිරල් , අහං ඉන්න අපිට බියර් එකක්වත් සර්ව් කරන්න හැබැයි

      Delete
    3. කන් අගුල් වැටෙන්න නම් කූල් බියර් මරු තමයි.. :)

      Delete
    4. කුල් Special Brew එකක් අරගෙන යමු බීම බටේකින් බොන්න...

      Delete
    5. වෙට් රයිස් එකක් ඕනි නැද්ද?

      Delete
    6. Gravy Rice බං Gravy Rice...
      අන්න කෑම...

      Delete
    7. හරි මොනාහරි අල්ලනකොට තෙතයි නෙහ්.. කාලෙකින් ඒ පැත්තේ යන්නත් බැරි උනා..... මොකද කියන්නේ වෙලාවක ගිහින් හරියටම නම අහගෙන එමුද?

      Delete
    8. නම අහගෙන එන්න යන්න හරි උඹ කොයි වෙලාවෙවත් සයිට් එකේ නැහැනේ...

      බැරිම තැන මම ගිය සතියේ ගිහින් බලලා ආවා උන් තාම යහතින් ඉන්නවද කියලා... ;/

      Delete
  21. මං අපේ වේදමහත්තයට කියලා, තෙල් එහෙම දාලා (ගාලා නෙවෙයි යකෝ දාලා) පිස්තෝලෙත් රෙපෙයාර් කොරගත්තා. එකෙක් හරි ඇවිත් එදාට හමුදාවට විරුද්ධව කතාකළොත්, සීනි දාලා වෙඩිතියනවා අම්මපා, කූඹි කාලා මැරෙන්න.

    බනින එවුන් නේවි එකට බැනපල්ලා. මමත් සපෝට්.

    ReplyDelete
    Replies
    1. කමියා නේවිද??????? මං නේවි කියලා මූ වැඩේටත් එන්නැතුව ඉදීද......??????

      Delete
    2. වාත අමාරුව හොදයැ දැං.. හෑ..

      Delete
    3. https://www.youtube.com/watch?v=uQ_ZPH_oHDI

      කවුරුහරි හිතාගෙනද ඉන්නේ මේ වගේ කට්ටිය ම ගොනාට අඳියි කියලා

      Delete
    4. //බනින එවුන් නේවි එකට බැනපල්ලා. මමත් සපෝට්.// බනිමු බනිමු.. මාත් කැමතියි ඕකුන්ට බනින උන්ට.. හැබැයි කවුරුත් වැරදිලාවත් පියාඹන හමුදාවට එහෙම බනිනවා නෙවෙයි ඔන්න..

      කසුට්ස්.. මම සමහරවිට නේවි.. :)

      වාත අමාරුව හොඳයිලු දේසෝ.. දැන් නිකම්ම වාත යනවා කියන්නේ..

      ඇනෝ මචෝ.. මේ ගොනාට අඳින තරම මදැයි බං..

      Delete
    5. ඇහ.. කසුට්ස් නෙවෙයි බන් ඒක කුරුට්ස් වෙන්න ඕනි.. උඹට බැන බැන ඉන්න වෙලාවක ලියුව එකක්ද කොහෙද? හැක්.

      Delete
  22. අපිත් පලවෙනි වතාවට 26 නෙලුම් යායට එනවා හොදේ.

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් වල් වෙන්න දෙයක් නැතත් ඔන්න වල්කම් කියුවා.. :)

      Delete
  23. තරූ අක්කා රගපානවා කිවුවා. අඩේ එහෙනම් මරුනේ.

    ReplyDelete
    Replies
    1. නැත්නම් බං 'තරුවකින්' ඇති වැඩේ මොකක්ද? හෙහ්..

      Delete
    2. මං පූජා නැටුමට පුහුණු වෙනවා මේ දවස්වල...

      අනේ දිනේෂ් මල්ලී ඔයත් අහුවෙනවනෙ මේ රට්ටුන්ගෙ කයිකතන්දරවලට... ඔයත් එනව නේද එදාට..

      Delete
    3. මෙයා නටන නැටිලි අපිට එදාට බලා ගන්න පුළුවන්.. අනිවාර්යෙන්ම වරෙන් මචෝ එයාර් ටිකට් එකක් අරගෙන හරි. :)

      Delete
  24. සුබ පැතුම්. ලිවිල්ල නම් එල.

    ReplyDelete
  25. ඕක සජීවීව අන්තර්ජාලය හරහා ලොව පුරා විසුරුවාහරින්න එහෙම කොරමයක් නැද්ද ආයිබොවං?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕවටනම් අපි නෑ.. අපි මේ අමාරුවෙන් කොම්පීටරයක් අටවන් ඉන්නේ..

      Delete
    2. තියෙයි තියෙයි. අර නෙලුම් අජියට කියමු එංගලන්තෙන් ම හොඳ කැමරා ටිකකුයි, ග්‍රේඩ්1 ලැපකුයි ගේන්න කියලා. නෙලුම් යායෙම වෙබ්කාස්ට් කරමු. ඕව කිව්වට මුං අහන එකක්යැ.

      Delete
    3. අම්මප කසුන.. උඹ දැක්කම මට මතක් වෙන්නෙම අර අස්සයට අන් දෙන්නේ නෑ කියල කියන කතාව.. කොහෙද උඹේ ඔය ඇස් දෙකත් හරියට පෙනුනනම්.. බෝව අල්ලන්න අලි දාන්න වෙනවා.. හැක හැක හැක..

      Delete
  26. මාවත් ගණන් ගන්ඩලකෝ...

    ReplyDelete
    Replies
    1. දැන් ගණන් පැටලිලා තියෙන්නේ.. එදාට හෙඩ් කවුන්ට් එකක් ගමු.. :)

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොම බ්ලොග් රසිකයෝ තමයි.. වෙන වැඩක් නැති උනාම මේකේ මොනවා හරි කුරුටු ගානවා.. හැබැට මොකක්ද ඔය බස්සිගේ අත්දැකීම කියන්නේ? බස්සිට තියෙන්නේ වෙනස් විදියේ අත් දෙකක්ද?

      Delete
    2. චැහ්, ඒකේ කෑල්ලක් මිස් වෙලා නේ. නෑ මං අදහස් කරේ, බස්සි අක්කා Car එකක් Drive කරන් ගිහින් අනික් අයට දුන්නු Night Rider අත්දැකීම. එදාටත් ලැබේවි, ෆෝඩියම් එකට උස නැති උනෝතින් .. ☺ ☺

      මමත් එනවා. ඔන්න සීට් එකක් බුක් කරා.

      // වෙන වැඩක් නැති උනාම මේකෙ මොනව හරි කුරු‍ටු ගානවා //

      එතකොට එකම වෘත්තීය බ්ලොග් රචකයා, පැරා විතරයි නේ ...


      Delete
    3. පැරාත් වෘත්තියක් විදියට බ්ලොග් ලියන්නේ නෑ.. හැබැයි ඒ වැඩේ වෘත්තිමය විදියට කරනවා..
      අර බස්සිගේ කතාව හරියට කියපන් 26 වෙනිදටවත්.. :p

      Delete
  28. Replies
    1. අනේ උඹේ සෙට්.. අර හිරමනේ අරන් ඇවිත් සින්දුවක් කියල පල..

      Delete
  29. ඕක ඉවරවෙන වෙලාව කියහං ඒ වෙලාවට එන්නං බොන්න සෙට් වෙන්න ....
    ඉවානයගෙ කතා ... බස්සිගෙ කවි ...ස්ජ්ජගෙ ගිටාර් .... අර තව කවුද නටනවත් එක්ක නේ ...
    අර හිපාටුවො දෙන්නෙකුත් කතා පවත්තන්න හදනවලු නේ ....
    අන්තිමට වමනෙ ගියාම තොපි කියයි බීල වැඩිවෙලා කියල

    ReplyDelete
    Replies
    1. මේ පාරත් උඹේ අර වතුර බෝතලේ අරගන වරෙන් හොඳේ.

      Delete
    2. වමනේ නම් දැම්මත් කමක් නෑ ගුස්ති අල්ලන්නේ නැතුව.. මල්ලවපොරකරොත් එක්ක හකි බදල අපේ රිඹ යනවා..
      මුගේ වතුර බොනකොට දිව ගිලිලා ඉවරයි. ඔන්නොහෙ අපි මොනරාගලින් වතුර බෝතලයක් අරන් එමු මචෝ..

      Delete
  30. බීලම අාවොත් !! !! 1

    ජ ය ෙව් වා !!!

    ReplyDelete
    Replies
    1. බිලා නැතුව ආවත් ජයවේවා!

      Delete
  31. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ෂුවර් එකට බැනල ලියන්න ඇත්තේ.. :)

      Delete
  32. කමෙන්ට් ටික ඉවර වුනා. දැං මොකක් ගැනද පෝස්ට් එක කියලා බලමු

    ReplyDelete
    Replies
    1. හුටා.. කොමෙන්ට් නැත්නම් කලාහිත ගැන හිතා ගන්න පුළුවන් ඒකෙන්.. :(

      Delete
  33. #කලා හිත පෝස්ට් එකක් දාලා.....

    අර මගේ මානව හිමිකම් උල්ලන්ගනනය කරන්න හදන එකට මගේ බලවත් මෙවුවා එක.පෙරේතයා වගේ බස් එකේ නිදාගන අනුරාධපුරේ කිට්ටුවදී කොන්දා මාමා ඇහැරවද්දී උදේට වැඩටයන එවුන් මගේ දිහා බලන් ඉන්න ලස්සන උඹ දන්නේ නෑ.එතකොට මටත් මගේගැන මාර අඩම්බරයි.ඒ ෆීලින්ග් එක මට මේ පාරත් ගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. පෙරේතයා වගේ.. ආයේ වගේ මොකක්ද.. හැක හැක හැක..

      Delete
  34. එන්න බැරි අසරණ අහිංසක අපි ගැන හිතලවත් කව්රුහරි පින්වතෙක් වැඩේ පටන් ගත්තු වෙලාවේ ඉඳන් අහවර වෙනකම් ලස්සනට වීඩියෝ කරලා යූ ටියුබ් එකට අප්ලෝර්ඩ් කරොත් මරේ මරු...

    ReplyDelete
    Replies
    1. අන්න එකට නම් පොඩි ට්‍රයි එකක් දෙන්න පුළුවන්.

      Delete
    2. සමහර විට යූ ටියුබ් හරහා ඔන්ලයින් බලන්න පුලුවන් වේවි.

      Delete
  35. අඩේ අඩේ...ඔන්න 1st time බොසාත් ඔතන ඇති...

    ReplyDelete
    Replies
    1. කෝඩු කාරයෝ එනකොට බෝතලයක් අරන් එන්න ඕනි..

      Delete
    2. කෙල මළියයි බොල​...අවු.17ක කෙලි බොසියෙක් බෝතලයක් අරන් එනවා තියා අපෙ අප්පොච්චව මේ ගමන යන්න කැමති කොරවගන්න මම දෙන ගේම දන්නෙ මමනෙ ඉතින්...දුක තමා...වතුර බෝතලයක් නම් නොවැරදීම ඇන්න එනවා..ඒක sure...

      Delete
  36. අපේ උණුසුම් සුභ පැතුම් ජයවේවා !!!

    ReplyDelete
  37. මං අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

    ReplyDelete
    Replies
    1. අනේ ඒ ඇයි බුදු හාමුදුරුවනේ..

      Delete
    2. බුකියේ කවි ලියන්න තියනවනේ

      Delete
    3. එහෙමද? සිකියට බුන්න වෙච්චි එකෙක්ද?

      Delete
  38. ජයවේවා
    මේකට එන්නම ඕනෑය කියල රොටියට හිතෙන තරමක්!!!!!
    ඒත්.. මෙන්න මේ වගේ වෙලාවට තමයි රොටියාව ලුණුමිරිස් එක්ක කන්න හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. මං කට්ට සම්බලයක් හදන් එන්නම්. උඹ වරෙන්..

      Delete
  39. පත්තරකාරයන්ව වද්දගන්නෙ නැතිවෙයිද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. උඹට සීට් 2ක් ඕනි වෙයිනේ.. පත්තරකාරයට එකයි බ්ලොග්කාරයට එකයි.. :)

      Delete
  40. එන්න.......................................................................බලමු.

    ReplyDelete
    Replies
    1. අනේ.............................................මේ. බබා උක්කුං නම් දාන්න හදන්න එපා.. :)

      Delete
  41. මම පුංචි එකෙක් නිසා ඕවට එන්න ගෙදරින් අවසර තමයි අවුල

    ReplyDelete
  42. එතකොට අර පොටෝ ගන්ට ගිහින් චෝර උන එකත් එනවද මචෝ? එහෙනම් මම එන්නේ නෑ බොලව්. හික් හික්. ලබන අවුරුද්දේ ඩෙෆා සෙට් වෙමු මචෝ. හොඳ සැපක් අරගනින්. ජය වේවා...!!!!

    ReplyDelete