Thursday, 28 April 2016

ජීවිතයේ බඹර හෙලේ- පැණි හොයලා රූටන්නී.. She doesn't want to go down without fighting.


උපුටා ගත් සටහන ආරම්භය..

මට මගේ ජීවිතය අපායක් වුයේ 2008 වසරෙන් පසුවය. නමුත් ඒ අපායේ සිට මම ජීවිතය යනු කුමක්දැයි ඉගෙන ගත්තෙමි. සාමාන්‍ය මිනිසෙක්ට අපිට මිනිසුන්ගේ ප්‍රශ්න නොදන්නවා වුනත් (ඔවුන්ටද විවිධ වූ කරදර ඇතිබව මම දනිමි.) ඔවුන්ට ජිවිතයේ සිද්ද නොවූ දේවල් මට මගේ ජීවිතය තුල සිදුවී ඇත. අවුරුදු 28ක ජිවිතයේ මම මුහුණ දුන් දුක් කම්කටොලු බොහෝය. 


මේ සියල්ලටම මුලික හේතුව වූ පිළිකාව මගේ ජීවිතය ආක්‍රමණය කරන්නේ 2008 වසරේය.

2007 වසරේ උ/පෙ දෙවැනි වරට ගණිත විෂයධාරාවෙන් මුහුණ දී A සාමාර්ථ එකක් සහ B සාමාර්ථ දෙකක් ලද මම මොන කරුමයකට ඉංජිනේරු අංශය වැඩිදුර අධ්‍යාපනය සඳහා තොර ගත්තාදැයි මම දන්නේ නැත.මොකද 2008දි මගේ ආසාව වන්නේ ගණිත විෂය ධාරාවෙන් ඉහල අධ්‍යාපනය කර හැකි නම් කථිකාචාර්ය තනතුරක් වෙත යාමටය. ඒ සඳහා භවුතික විද්‍යා පීඨය මම තෝරා ගත්තා නම් මම අද සමහරවිට ලංකාවේ නොසිටිනු ඇත නැතහොත් එලොව සිටිනු ඇත.

කෙසේ හෝ 2008 වසරේ (මතක හැටියට ජුලිමස) රුහුණු විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුල්වන මම 2008 වසරේ දෙසැම්බර් මස වෙද්දී සිටින්නේ මහරගම පිළිකා රෝහලයේය.(මහරගමට ඇතුළු කරේ මොන 2008 මොනමාසයේදැයි මට මේ මොහොතේ මතක නැත) එහිදී ALL T Lymphoblastic Lymphoma යන ලියුකේමියා තත්වය හඳුන ගන්නා ලදුව මම ''කීමෝතෙරපි'' යන ප්‍රතිකාර සඳහා යොමු කරන ලදී. ජමගේ ඉරණම හෝ කුමක් හෝ මට තවත් ගැටළු රාශියක් ඉතිරි කරදෙමින් එහිදී එම අවුරුද්දේ දෙසැම්බර් මස අන්තිමයේදී මට Brain stroke (සාමාන්‍ය ව්‍යවහාරයේදී මොලයේ නහරයක් පිපිරිම) නිසා මම Paralyzed (අංශභාග තත්වයට) පත්වන අතර එහිදී කීමෝතෙරපි මදකට නවත්වා රෝහලේ භවූතචිකිත්සක අංශයේ සිට එම ප්‍රතිකාර කරමින් අප්‍රනිකව තිබු වමත සහ වම්කකුල පන ගන්වන ලදී. නමුත් සම්පුර්ණ ප්‍රතිකාර කිරීම ඔවුන් මදකට නැවැත්වූ අතර ඇත හා කකුල් පන ගන්වමින් ඇවිද ගැනීමට හැකිවූවාට පසුව නැවත ''කීමෝ'' ප්‍රතිකාර අරඹන ලදී. Brain stroke ඒක නිසා මට තාවකාලික මතකය අමතකවීමක් ලැබුණු අතර අදටද මට ජිවිතයේ ඒක කාල සීමාවක් මත නැත. මන් මතක් කරන්න යන්නේද නැත. කෙසේ හෝ මම 2008 , 2009, 2010 මැදක් දක්වා විශ්ව විද්යාල නිවාඩු ලබා ගනිමින් අවුරුදු 2ට ආසන්න කලක් මහරගම නැවතී ප්‍රතිකාර කලෙමි. 

අනතුරුව යලිත් 2010 අග භාගයේදී විශ්ව විද්යාලය සමග එක්ව 2010දී එම පීඨයට ඇතුල්වූ කණ්ඩායම සමග එනම් 12 වන ශිෂ්‍ය කණ්ඩායම සමග අධ්‍යාපන කටයුතු කරගෙන ගියෙමි.( පළමු වසර අවසානයේ විභාගයෙන් සමත්ව මම සිවිල් තෝරා ගැනීම මම සිදු කල කීවෙනි මෝඩකමද බව මම දැන් කල්පනා කරන්නේ සතුට සහ දුක මිශ්‍ර හදවතිනි. නමුත් ඒ අවස්ථාවේ මට ඉගෙන ගැනීමට පහසු වූ මට තේරුනේ සිවිල් විෂයන් පමණක් නිසා මම එය වැඩිදුර හදාරන්නට එකතු වූවායයි මට අද සිතෙයි) එහිදී අධ්‍යාපන කටයුතු වලට වැඩි බරක් යෙදවීම මත මට Physiotherapy (භවූතචිකිත්සක ප්‍රතිකාර) කීරීමට මම යොමු නොවූ අතර (ජිවිතයේ මම සිදු කල දෙවැනි මෝඩකම. කරුමයට අනුව මේවා මට දැන් තේරෙන නමුදු පරක්කු වුවත් මම යලි ආරම්භ කරීමට උත්සාහ කරමි) මට හැකි පමණින් කැම්පස් එකේ වැඩ කරගනිමින් දෙවන පෙළ පහල සාමාර්ථයක් (Second class lower division) ලබා ගනිමින් 2015 වසරේ ඉන් ඉවත්වුයෙමි.ඉන් පසුව රැකියාවක් බලාපොරොත්තුවෙන් දකුණු පළාත්මාර්ග සංවර්ධන අධිකාරිය වෙත මමම ගොස් එහි සාමන්‍යාධිකාරිතුමා හමුවී මම ගැන පවසා එහි රැකියාව ලබා ගත් අතර 2015 මාර්තු සිට 2016 මාර්තු තෙක් එහි සේවය කලෙමි. එහිදී මගේ වාසනාවට හෙඩ් ඔෆිස් ඒක තුල මට රැකියාව කීරීමට ලද අතර මගේම උවමනාව මත මම කතා කර හෙයින් වාසනාව සමග මට සයිට් යාමට සිදු නොවීය.(ඇත්තෙන්ම එහි රැකියාවේදී මට සයිට් යාමට අවශ්‍ය නොවේ.ඉදින් මට ජිවිතයේ අද වනතුරු සයිට් අත්දැකීම් ලබා ගැනීමට නොහැකි විය.)නැවත 2015 වසරේ මාර්තු වෙද්දී එහි රැකියාවෙන් මම ඉවත්වූ අතර ඉන් පසු දිගින් දිගටම රැකියා අවස්ථා සඳහා අයදුම් කලෙමි. 

අවසන මම රාජ්‍ය ඉංජිනේරු ආයතනයේ රැකියාවක් ලදිමි. එහිදී සම්මුඛ පරීක්ෂණයේදී මම ඔවුනට මම පිළිබඳව සත්‍යය පැවසීම නිසා හෝ කවර හේතුවක් මත මතේ මෙහි හෙඩ් ඔෆිසිය තුල රැකියාව ලැබුණු අතර දැන් මම එය කීරීමට උත්සාහ ගනිමි. නමුත් මාගේ සවුඛ්යමය තත්ත්වයන් මත සහ අනිකුත් දේවල් මත රැකියාව කිරීම මට මදක් අපහසුය. එහෙත් මට කරන්නට දෙයක් නැති නිසා මම එය සිදු කරමි. ඉතින් එහි වැඩද මට අමාරු වුවත් ඔෆිසිය ඇතුලේ සිට ඒවා ඉගෙන ගනිමින් කරගෙන යාමට මේ දිනවල මම උත්සාහ ගනිමි.එය අසීරුය.නමුත් මම කලයුතුය. මම ඔබට මේ හදිසියේ මගේ කතාව පවසන්නේ මට මේවා පවසන්නට මේ මොහොතේ මගේ ළබැඳියන් හා කතා කීරීමට වත් වෙලාවක් නැති නිසාය.ජිවිතයේ මේ දක්වා මම සෑහෙන යහළුවන් පිරිසක් එක්කාසු කරගත් අතර ඔවුන්ගේ උදව්වෙන් මට හැකි ලෙස මගේ ජීව්තයේ මට සිදු කීරීමට නියමිත වූ දේවල් කෙසේ හෝ මම කර ගත්තෙමි. ඒ අතරේදීම මම මට හැකි පමණින් මගේ ප්‍රාණසම යහළුවන්ට හා මාගේ දෙමව්පියන් හට මට හැකි පමණින් දේවල් කලෙමි. ඉදිරියටද මට ඔවුන්ට ම දේවල්, මේ උදව්, මගෙන් සිදුවිය යුතු යුතුකම් කල යතුවෙමි. ඉතින් මම එයට උත්සාහ ගනිමි. 

කලින් වතාවකදු පැවසු පරිදි මට මේව කිරීමේදී සමාජයේ සිටින යම් යම් අයවලුන්ගේ ප්‍රතිරෝධයන් මතුවිය හැක. එත් මම දැන් ඒවා නොසලකමි. හේතුව මම මගේ හිතට එකගව වරදක් නොකරන හෙයිනි. ජිවත් වීම සඳහා මම සොරකම් නොකරමි.මන්ද එය කීරීමට මට අවශ්‍ය නොවෙන බැවිනි. මම මගේ දහදිය මහන්සියෙන් හම්බ කීරීමට උත්සාහ ගනිමි. ඒ සඳහා මම රැකියාව කෙලෙස හෝ සිදු කලයුතුය. දිනෙක තවදුරටත් දෙමව්පියන් මා සමග නොසිටිනු ඇත. ඔවුන්ට සැනසීමෙන් මැරෙන්නට දියුයුතුය.ඉන්පසුව ඉදිරි දිනෙක සැනසීමෙන් මම මියැදී යා යුතුය. එතෙක් මම මේ දුක් කරදර උහුලා සිටිය යුතුය. 

ඇට්ලස් යෝධයා හට තිබුනේ ලෝකයේ බරදරා සිටීම පමණි. මට එසේ නැත. මම මේ ලෝකයේ සිටින මිනිසුන් මට ඇවසි ලෙස හැඩගස්වාගෙන ඔවුන්ට අනුකුලව, මට අනුකුලව, මගේ දෙමව්පියන්ට අනුකුලව ජිවත් වියයුතුය. නමුත් තවත් මට එසේ කල නොහැකිය. මම සමාජය වෙනුවෙන්, මගේ දෙමව්පියන් වෙනුවෙන්, මගේ නෑදෑ පරපුර වෙනුවෙන් සහ මගේ යහළුවන් වෙනුවෙන් මට අවැසි පරිදි ජිවත් වියයුතුය. සිය දිවි හානිකරගැනීම මගේ ප්‍රශ්නයට මට ඇති පහසුම විසදුම වුවද මට එය කීරීමට නොහැක්කේ මගේ දෙමව්පියන් රැක බලා ගැනීම කලයුත්තේ මම නිසා බැවිනි. එනිසා මගේ කරදර මට හි පමණ මම විසදා ගනිමින්, මට ජිවත්වන්නට ඇති ඉතිරි කාලය කෙසේ හෝ සැනසීමෙන් ජිවත්වීම මගේ අරමුණය. ඒ සඳහා හැකි උදව් මම ඔබෙන් එනම් මගේ යහළුවන්ගෙන් මට අවැසි වෙලාවට බලාපොරොත්තු වෙමි. 

ඔබට හැකි නම් මට පාරවල් පෙන්වන්න. මම ඒවාගෙන් මට යාමට හැකි මාර්ගය තෝරාගෙන ඉන් හැකි මාර්ගයේ යමි. යාමට අසීරු හෝ පහසු දේවල් පිළිබඳව මට දැනීමක් තිබෙන නිසා එය කීරීමට හැකියාවක් මට ඇතැයි මම සිතමි. අවශ්‍ය වෙලාවට මනෝ වය්ද්යවරයෙක් හෝ මුණ ගැසෙමින් මේ ප්‍රශ්න පිළිබඳව කතාබහ කර විසදුම් සොයා ගැනීමට මම බලාපොරොත්තු වෙමි. නමුත් මේ වෙලේ මම සෑහෙන තරම් කරදරයක පැටලෙමින් සිටිමි.

උපුටා ගැනීම අවසන්.

පසු සටහන:

චායා ඩි සිල්වා නම් තරුණියක් මගේ ෆේස් බුක් එකේ සිටින්නීය.. ඇය සිවිල් ඉංජිනේරුවරියක් බවත් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන බවත්, වෙසෙසින්ම ෆේස් බුක් එක තුල සිටින මගේ බොහෝ මිතුරන් ඇයගේද මිතුරු මිතුරියන් බව දැන සිටියෙමි. චායා ගැන මා දෙවෙනියට ඇසුයේ නෙලුම්යාය වැඩ කටයුතු අතර අජිත් ධර්මකිර්තිගෙනි. අජිත් පැවසු පරිදි සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක් ලබා ගැනීමට හැකිනම් උදව් කරන ලෙස ඉල්ලීමක් කරමින් ඇය විසින් අජිත් ට මේල් එකක් ඒවා තිබුණි. එහෙත් වැඩ කටයුතු අතර එය එසේම අමතක විය. අද උදේ මේ සටහන දකිද්දී ඇයට පැවසීමට ලොකු කතාවක් තිබී ඇති බවත් අඩුම වශයෙන් එය ඇසිමටවත් වෙලාවක් වෙන්කර නොගැනීමට තරම් මා අකාරුණික වුවා යැයි වරදකාරී හැඟීමකින් පෙළෙන්නට වූ බැවින් ඇගේ කතාව පෙරලා මෙසේ ඔබට පැවසීමි. බ්ලොග් වසන්තයේ මල් පිබිදෙමින් දශකයකට වැඩි කාලවකවානුවක් පුරා සිංහල බ්ලොග් අවකාශයේ හා අන්තර්ජාල මාධ්‍ය තුල පෙළහර පෑ සහෘදයින් නැවත ක්‍රියාශීලි වී සිටින මේ මොහොතේ ඇගේ කතාව උනන්දුවෙන් කියවා බලන ලෙසත් බිඳුණු වීදුරු බෝට්ටුවක් යලි පිරිසකර කර ගත්තාක් බඳු වූ ඇගේ ජිවිතයෙන් සසර සයුරේ රුදුරු චණ්ඩ මාරුත පරදවමින් අපහසුවෙන් තරණය කිරීමට ඇය ගන්නා නොපසුබට උත්සාහයට වචනයකින් හෝ ඔබේ සහයෝගය ලබා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තුතියි!


77 comments:

  1. කතා බහ කර නොසිටියත් ජායා බොහෝ කලක සිට හැදින සිටියෙමි. ඔබේ මේ උපුටනයත් සමගම හදවත හිර වූවා බඳු හැගුමක් මසිත ඇතිවිය. ඇගේ නොපසුබට විරියට මගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලියා.. මටත් එහෙම උන නිසා තමයි උපුටලා දැක්වුවේ..

      Delete
  2. ඡායා මගෙත් යාලුවෙක් විදියට බුකියෙ හිටියත් මේ විස්තරයක් දැනගෙන හිටියෙ නෑ. අගේ නොපසුබස්නා විරියට මගෙත් ප්‍රණාමය පුද කරනව.
    ස්තුතියි කමියා මේ සටහන උපුටා දැක්වූවාට. ‍

    ReplyDelete
  3. ලොකු තිගැස්මක් දැනුණා. මොනවා කියන්න ද මන්දා කමියා. මෙහෙම කියන්නම්. බ්ලොග්කරුවන් හැටියට අපිට කළ හැකි බොහෝ දේවල් තියේවි.. ඒ හැම දෙයක් ම අපි කරමු. මේ සටහන අපි අතරට ගෙනාවට තුති කමියා.........

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. මටත් හෙන අප්සෙට්.. හිමින් හොයල බලමු මොනවා හරි දෙයක් වෙන්න තියෙනවද කියල.. ඊට පස්සේ කියන්නම් උඹලට..

      Delete
  4. මගෙත් බුකි මිතුරියක්. මොනව කියන්නද මංද

    ReplyDelete
  5. මේ සටහන එකතු කළාට ස්තුතී කමී.. දෛර්ය සම්පන්න චරිතයක් අගය කළ යුතුයි...

    බුකියේ හම්බුනත් මේ කතාව දැනන් හිටියෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. මාත් දැනන් උන්නේ නෑ..

      Delete
    2. අපිට එයාට වචනයෙකින් හරි උපකාරයක් කරන්න පුලුවන් වෙනවනම් ඇත්තටම වටිනවා...

      Delete
    3. ඔව් නංගි.. උඹ ඔහොම කියනවනම් මම කොහොම කතා කරන්න ඕනිද? උඹලා කසුන් ලා තමයි අපිට ජිවිතේ කියලා දෙන්නේ..

      Delete
  6. වටපිටාව පැහැදිලියි
    ඒත් ඉලක්කය පැහැදිලි නැත

    ReplyDelete
    Replies
    1. මමත් ඒ නිසාම කමෙන්ට් දිගේ පහළට ආවා..

      Delete
    2. ස්තුතියි සෑමා.. මේ ලමයවම කන්ටැක් කරලා අහලා බලන්න ඕනි..

      Delete
  7. විවිධ රෝගයන්ගෙන් පීඩා විඳින්නේ මේ ළෝකයේ එකම පුද්ගලයෙක් නොවෙයි.. මේ වගේ වෙලාවට මොන බයිලා ගැහුවත් ඔය නුවර පැත්තේ ඉන්නවයි කියන හෙළ වෙදැදුරු හම්බ උනා නම් හොඳයි මම කියන්නේ.. දැනට දෙන්නෙක් විතර මට හම්බවෙලා තියෙනවා ඒ මනුස්සයා හොඳයි කියන. හෘද සැත්කම් දෙකක් නිර්දේෂ කරපු මගේ හිතවතුන් දෙදෙනෙක්ම අදත් හොඳට කාලා බීලා ඉන්නවා අනුරාධපුරේ වෙද මහත්තයට පින් සිද්ද වෙන්න. ඒ ගැන නම් අපේ නලීන් උනත් සාක්කි දරනවා ඇති. මොකෝ මේවට බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර නෑ...

    ReplyDelete
  8. ඡායා මගෙත් බුකි පිටුවෙ ඉන්න මිතුරියක්. ඈ වරක් ඔය පිළිබඳ ඉගියක් මුහුණු පොතේ තබා තිබුණා මතකයි නමුත් මා සිතුවේ ඈ සම්පූර්ණ සුවය ලබා ඇත්තියක් කියල... ඒ නිසා ඇයට සුභ පතා මා ඒ සිද්ධිය එතකින් අමතක කරල දැමුව. දැන් හිතෙනව එය වැරදි කියල..

    කලණෙට දවසක් අර පට්ට උදේ පාන්දරකදි මම කිව්ව අර කතාව ගැන මතකද.. සේම් ස්ටෝරි. සිරාවටම මේක අහල මංඥං වුණා...

    ReplyDelete
    Replies
    1. I know its not very very same. But little bit..
      That s why I mention about it...

      Delete
    2. මට නම් කතා දෙකම ඕල්මොස්ට් සේම්. :)

      Delete
  9. චායා නවතින්න තැනක් හෙව්වා හුණුපිටිය පැත්තේ. දන්නවා නම් කියන්න.

    ReplyDelete
    Replies
    1. සැල්වේෂන් ආමි එකේ බලන්න.

      Delete
    2. උඹ තමයි කසුනා අපිට පාර පෙන්නන්නේ.. හික්. ඹ කියද්දී මතක් උනේ.. මේ මම ඉන්න තැන ඉස්සරහමත් තියෙනවා YWCA ලේඩිස් හොස්ටල් එකක්.. විස්තර දෙන්නම් චායාට.. ස්තුතියි.

      Delete
  10. මොනවා කියන්නද ! ඒත් මානසිකව නොවැටී ඉන්න උත්සහා කරණවනම් හොඳයි......

    ReplyDelete
  11. චායා... උඹ ඔය හිටියා වගේම හයියෙන් හිටහං.. උඹට ඒක අමාරු වැඩක් නෙමෙයි (අමාරු උනත්)

    උඹගේ වෙලාවට චායෝ උඹට අහු වෙච්චි මිත්‍රෙයා් ටික බෝම හොදා.. හිත කරදර කරගන්න එපා. උන් කව්රු හරි උඹට හයියක් වෙනවා..

    ReplyDelete
  12. දෙයියනෙ... (මං ආවෙ නම් ක.මි ට දෙකක් කියල යන්න... බොග අමතක වෙලා වගේ ඉන්න එකට.) අපිට උණක් හෙම්බිරිස්සාවක් හැදුනම වැඩක් කරගන්න බෑ... ඒත් හිතේ ගතේ දෙකේම වේදනාව තියාගෙන වැඩ කරන එක කොච්චර අමාරු ඇතිද... ඇගේ හිතේ හයිය ගැන නම් ඇත්තටම ප්‍රණාමය දක්වන්න ඕනි... මේක බ්ලොග් එකේ පල කලාට ගොඩක් ස්තූතියි ක.මී...

    ReplyDelete
    Replies
    1. දෙකක් කියන්න ඇවිත් ගොඩක් කියන්න වුනා නේද? ස්තුතියි රොහාන්.

      Delete
  13. ඇය ගන්නා නොපසුබට උත්සාහයට සැබවින්ම ප්‍රශංසනීයයි... අපි හැම කෙනෙක්ම ඇය සමග සිටින බව ඇයට දන්වන්න...

    ස්තූතියි කළණ. කරන්න පුළුවන් දෙයක් තියෙනව නම් අපිටත් කියන්න...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම.. ඇය ඔබේම වයසේ තරුණියක් නිසා ඔබට ඇයව වඩාත් තේරෙනවා ඇති.. ස්තුතියි තුෂානි.

      Delete
  14. ඇය ඇයව හොයාගෙන අවසන්ය...

    ReplyDelete
    Replies
    1. ඇයට ඇයත් සමඟ ඉදිරියට යන්න උදව් වෙමු.

      Delete
  15. ඇයට නිරෝගී ඉක්මන් සුව පතනවා.ඇගේ වීර්ය අපි ගොඩක් අයට පාඩමක් කියලා දෙනවා.

    ReplyDelete
  16. ඇය කැමති රැකියාවක් ලැබුනද?

    ReplyDelete
    Replies
    1. කැමති ද දන්නේ නෑ. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ රැකියාවක් ලැබුනා මගේ හිතේ.. විස්තර හොයලා බලල දන්වන්නම්. ස්තුතියි ප්‍රා!

      Delete
  17. ඇගේ සිහිනය ඈ කෙසේ හෝ හඹා යාවි, අගේ සිහිනය ඈ එම අරමුණට රැගෙන යාවි කමි අයියා. ඇය හුස්ම ගන්නෙත් අගේ සිහිනය නිසා කියලයි මට හිතෙන්නේ. ආට නිරෝගී සුව පතනවා. ප්‍රශ්න එකක් දෙකක් නිසා සිහිනය මග දාල යන ඇය අතර ප්‍රශ්න දහසක් නිසාවත් ඇය සිහින අතැරලා නැහැ. ඇගේ විරිය අපරිමිතයි. ඇත්තටම පුදුම හිතුන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සොඳුරු මිනිසා :) ඔව් මල්ලි ඒකට අපි උදව් වෙන්න ඕනි කියලා හිතුනා..

      Delete
  18. නිරෝගී ඉක්මන් සුව චායා.. දැකලවත්, අහලවත් නෑ, නමුත් ඇගේ අප්‍රතිහත දිරියට මං පුදුම වුණා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලෙපාහී.. :) මාත් හුඟක් විස්තර දැනගෙන උන්නේ නා.. මේක කියෙව්වම පුදුම හිතුනා..

      Delete
  19. චායාට ඉක්මන් සුව පතමි.

    ReplyDelete
  20. චායා, ඔබට ඉක්මනින සුවවෙන්න ප්‍රාර්ථනා කරනවා ... කලණ අය්යෙ කරන්න පුළුවන් උදව්වක් තියනවනම් එකතුවෙලා කරමු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගි.. බලමු ඉස්සරහට.

      Delete
  21. මාව වෙව්ලලා ගියා! 
    මොනවා ලියන්නද?
    හෙට මට කැන්සර් එකක් කියලා දැනගන්න ලැබෙන්න පුළුවන්..
    මේ තමයි ජීවිතේ හැටි

    ReplyDelete
    Replies
    1. සිරාවට මචෝ.. අපි හිතන්නේ ඔක්කොම කරදර අපිට තමයි තියෙන්නේ කියල..

      Delete
  22. ජීවත්වීම කියන්නේ ජීවිතයට මුහුණදීම කියන එකට හොඳ උදාහරණයක්. ඇගේ චිත්ත ධෛර්යය නොබිඳී පවත්වාගන්නයි අපි උදව් කලයුත්තේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක තුමනි, හැමදාම වගේ ඔබේ අදහස් ඇයට දිරියක් වේවි.

      Delete
  23. සතුටින් කියවන්න ආපු බ්ලොග් එක කඳුලක් වුනත් ඡායා වගේම ධෛර්යයෙන් ඔය තත්ත්වයට මුහුණ දී ජීවිතය ජයගන්න සමත් වුන කීප දෙනකු ගැනම මාත් දන්නවා මාතලන් කිව්ව වගේ විකල්ප වෛද්‍යක්‍රම තමා ඒ අයටත් පිහිට වෙලා තියෙන බව දැනගත්තෙ. ඒ අතර ගල්පැලෙන බොරු දෙසාබාන සාස්තර කාරයන්ගෙන් සහ වෙළඳ දැන්වීම් දමමින් ඉන්න හොරුන් ගෙන් පරෙස්සම් වෙන්න වෙනවා. අපිට පුළුවන් දේයක් ඡායා වෙන්වෙන් කරමු කියමින් මාත් එක්වෙනවා.ස්ටීවන් හෝක් තරම් ගැටළුවක ඡායා නැහැ.
    ස්ටීවන් හෝක් තවමත් සතුටින් සියල්ල කරනවා. අනෙක් අය හැම සහායයක්ම දෙනවා. එයා වීරයෙක් බවට පත්කරමින් නිෂ්පාදනය වුන චිත්‍රපටය මම නැරඹුාව ඊයෙ. එයා ඇත්තටම වීරවරයෙක්. අපේ ඡායාත් වීරවරියක්. ඡායාට ඉක්මණින්ම සුවය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගුණසිංහ මහතා.. ඔබේ වචන ශක්තියක්..

      Delete
  24. චායා දිරිය දියණියක්.. ඈට ඉක්මන් සුවය වගේම බලාපොරොත්තුත් ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    අපටත් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කියන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිතු. බලමු ඉදිරියට..

      Delete
  25. චායා මගේ ෆේස් බුක් එකේ හිටියත් ඇගේ කතාව දැන ගත්තේ අදයි... ඇය බොහෝ දිරිය ඇති දියණියක් ! ආඩම්බරයි ඇය ගැන. ඒවගේම ඇගේ අපහසුතා ජීවිත කරදරවල ට යන්තම් හෝ උදව්වක් කළ හැකිනම් අගනේ යැයි සිතනවා. චායාට ඉක්මනින් සුවය පතනවා. ඒක එහෙම වෙනවා හිත සවිමත් අයගේ සුව වීම ඉක්මන් ! ඔබ ගැන මම බොහෝ ආඩම්බරයි නංගී !

    ReplyDelete
    Replies
    1. ඔබේ පෞද්ගලික පණිවිඩයත් සමඟම බලන්නම් චායා ව සම්භන්ද කරලා උපදෙසක් දෙන්න.. ස්තුතියි.

      Delete
  26. ලෙඩ්කද, ඉස්පිරිතාලෙකදි,ලෙඩ ඇඳකදි තරම් අසරණකමක් දැනෙන්නෙ නෑ ජීවිතේ වන කිසිම තැනකදි. ඇගේ ගැටලුවට විසඳුමක් විදියට දායකවෙන්න පුලුවන් කිසිදු මාවතක් මං ලඟනම් නෑ.අර උඩින් මාතලන් කියල තියන දේ තමා මටත් මතක් උනේ. ප්‍රාර්ථනා කරනව ඇගේ මෙම හැම වේදනාවක්ම වියැකිලා ඇගෙර් දිවියට වසන්තය උදාවෙන්න කියලා.

    ReplyDelete
  27. ජිවිතේ එන අමාරුම ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ අපේම හිත් ඇතුලේ...ඒවාට හොයන උත්තර වල තරාතිරම තීරණය වෙන්නේ අපේ හිතේ තියන ශක්තිය මත...මම ප්‍රර්ථනා කරනවා මෙතෙක් කලක් ඇය සාර්ථක පිළිතුරු හොයා ගත්ත වගේම, ඉදිරියටත් තමන්ගේ හිතේ ශක්තියේ තරම උරගාල බලන්න ඇයට හැකි වෙන්න කියල...

    ReplyDelete
    Replies
    1. පොකුරු වැහි වෙල්කම් ටු කලාහිත.. :) ස්තුතියි!

      Delete
  28. ආත්ම ශක්තිය තමයි මේවාට මුහුණ දෙන්න හොඳම ක්‍රමේ. අපි දන්නා කෙනෙකුත් හීලින් ක්‍රමයකින් ගොඩ ගියා. මගේ නංගිගේ මිතුරියක්. ඔවුන් ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ. නැතිනම් ඒ ක්‍රමය ගැන යමක් කියන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. තව ටිකක් හොයලා මොකක්ද වෙන්න ඕනි කියල බලමු. ස්තුතියි සුදීක මිත්‍රයා :)

      Delete
  29. බුකියේ නැති නිසා ඇය ගැන දැන ගත්තේ දැන්. අවශ්‍ය අන්දමේ රැකියාවක් ලැබුණාදැයි පැහැදිලි නැහැ. කෙසේ නමුත් මේ ලිපිය හිත මිතුරු සිවිල් ඉංජිනේරුවන් කිහිපදෙනෙකුට යවන්නම්.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ දැන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩ.. විස්තර හොයලා බලන්න ඕනි. මේ ළමයාගෙන් ප්‍රතිචාරයක් නෑ තවම..

      Delete
  30. ඡායා ද සිල්වා මගේද මුහුණු පොතෛ් යෙහෙලියකි.ඇගේ ධෛර්ය සම්පන්න බවට මගේ ආචාරය සහ ඇයගේ ආත්ම ශක්තිය හෙලිකල ඔහුට ප්‍රණාමය.....

    ReplyDelete
  31. ඡායා මගෙත් මුහුණුපොත් හිතවතියක්, නමුත් මම මේ විස්තර දන්නේ නෑ. මේ ලඟදිත් ඈ ප්‍රොෆයිල් පික් එක ගැන පෝස්ට් එකක් දාලා තිබුනා.

    ස්තුතියි මේ විස්තරයට කල්‍යාණ මිත්‍ර.

    ReplyDelete
  32. අගය කල යුතු කෙනෙක්. කවදාවත් දන්නෙවත් දැකල වත් නැති උනත් ඉක්මන් සුවය පතනවා.

    ReplyDelete
  33. 2008 ඉඳන් කියන්නෙ පුදුම හිතක් වෙන්න ඕනෙ ඒක.අදට තියෙන තත්වත් එක්ක මෙහෙම මැච් එකක් ගහගත්තා කියන්නෙත් ලොකු දෙයක්.(කොමෙන්ට් තුන හතරක්ම ටයිප් කලත් හිතට හරි ගියේ නෑ.ඒ හිංදා මෙහෙම කිව්වෙ.)
    ජාවේවා..!!

    ReplyDelete
  34. කලින්ම කියෙව්වට කමෙන්ට් එකක් කොටන්න බැරිවුනා... ඇයගේ පැතුම් සඵල වේවා!!!

    ReplyDelete
  35. මොනවා කියන්නද මන්දා.....මෙවන් බොහෝ අය අතර ඡායාද තවත් කෙනෙක්. උඹලා යමක් කරන්න සුදානම් නම් මටත් කියන්න.

    ReplyDelete
  36. හැකි අයෙක් උදව්වක් කරන්න...

    ReplyDelete
  37. කොහොමද මොනවගේ උදව් ද අවශ්‍ය වෙන්නේ..?

    ReplyDelete