Friday 3 June 2016

සපත්තු මේස් අරං කැළණියට ගියෙමි... Some jobs don't have JDs...

එක වචනයට.. උදව් කල.. උදව් කිරීමට උත්සාහ කල.. හා සහයෝගයට කතාකල ඔබ සැමට ස්තුතියි.. පින් කැමති අයට පිං.. හිතේ සතුට අපේක්ෂා කරන අයට ඒ සතුට.. ඉහළින්ම ලැබේවි.. දූවරුන්ගේ පාසලක් නිසා පින්තූර ගැනීමත් මෙහි පළකිරීමත් ප්‍රවේශමෙන් කරමි.. බොහෝ දෙනෙකු උදව් කල හෙයින්ද, ආධාර අවශ්‍යවූ දරුවන් සීමිත වූ හෙයින්ද (වෙනත් අය වෙතින්ද ආධාර ලැබී තිබු නිසා දැනට සපත්තු අවශ්‍ය වුයේ දරුවන් 20 දෙනෙකුට පමණි) ලැබුණු මුදල් ආධාර වලින් වැඩි ප්‍රමාණයක් තවමත් අත ඉතිරිව ඇත..
තව මේ වනවිට ඒ දරුවන්ට දැවෙන ගැටළුවක් වී ඇති බව පැවසුනේ සුදු ඇඳුමට අඳින යට ඇඳුම් කට්ටලයි. (සොයා ගැනීමට හැකිවූ භාවිතා කල යට ඇඳුම් ගුරුවරියන් විසින් සෝදා ළමයින්ට ලබා දීමට කටයුතු කල බව විදුහල්පතිනිය පැවසිය.) එ නිසා ඒ දරුවන්ට අවශ්‍ය කරන යට ඇඳුම් හා ඒවායේ ප්‍රමාණයන් ලිස්ට් එකක් සාදා කිරිබත්ගොඩ වෙලෝනා ආයතනයෙන් මිලට ගැනීමටකටයුතු කරන ලෙසත් අදාළ බිල්පත මා විසින් ගෙවන්නට කටයුතු කරන බවටත් දැන්වූවා.. 'අදාළ නැති' වුවත් ඒ අවස්ථාවේ වෙනත් විකල්පයක් මට මතක් වුයේ නෑ.. වෙනත් හොඳ යෝජනාවක් තිබේනම් දන්වන්න..
මල්කැකුළු වන් සුන්දර දියණියන්ගේ විළිබර සතුටු මුහුණු ඔවුන්ගේ යහපත සඳහා ඔබෙන් වසන් කිරීමට සිදුවීම ගැන සමාවන්න.







   

නම් වශයෙන් සඳහන් නොකළ නමුත් ඔබ සැමට නැවතත් ස්තුතියි.. ඉදිරියේදී ලැබුණු ඉතුරු මුදල් වලින් කුමක් කරන්නේද යන්නත් මෙලිසින්ම දන්වන්නම්..

මෙම කටයුත්ත සම්බන්ධීකරණය කල Urekha Haloluwa ගුරුතුමියට විශේෂ ස්තුතිය..




29 comments:

  1. මෙන්න මේවා තමයි වැඩ කියන්නේ.. අනුන් වෙනුවෙන් තම කාලය ශ්‍රමය වැය කරනවා කියන එකම ලොකු පින් කමක් ජයවේවා !!!!

    ReplyDelete
  2. ස්තුතියි උඹේ මහන්සිය තමා.

    ReplyDelete
  3. ලොකු පිනක් කරගත්තෙ අයියෙ... වැඩි වැඩියෙන් ලැබේවා කියල තමයි කියන්න තියෙන්නෙ.

    ReplyDelete
  4. අයියා ගොඩක් සමාජ සේවාවන් කරනවා නේද ඔබට ජය වේවා.

    ReplyDelete
  5. මේකේ නම් කාසියේ අනික් පැත්තේ මොනවත් නෑ.

    ReplyDelete
  6. මේ වගේ වැඩ වලට නායකත්වය ගන්න අය තමයි අවශ්‍ය. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. උඹේ කයිය විතරනෙ තට්ටයො...කිසිම වැඩකට ඇති එකෙක්ද උඹ ? උඹලා වගේ උන් හොදයි යටට අඳින්න.

      Delete
    2. ඇනෝ දැනගෙන ලියන්න..

      Delete
  7. මේ වගේ වැඩ වලට නායකත්වය ගන්න අය තමයි අවශ්‍ය. ස්තුතියි

    ReplyDelete
  8. හොඳ වැඩක්. ඒ වගේම මේ දැරියන්ගේ අනන්‍යතාවය සැගවීම ඉතා අගෙයි.පරිත්‍යාගය කොතරම් උසස් වුනත් සමහරු යමක් කර ඊට දෙන ප්‍රසිද්ධියෙන් පරිත්‍යාගලාභියාගේ ආත්ම ගෞරවයට හානිවන අවස්ථා තියනවා.
    ඔබ ඒ ගැනත් කල්පනා කරල කටයුතු කල එක විශිෂ්ටයි.

    ReplyDelete
  9. නියමයි සහෝ. ඔහොම යං, ඔහොම යං.

    ReplyDelete
  10. මේවා මේ ආත්මයේදීම පලදෙන පුණ්‍යකර්ම.

    මම හිතනවා මේ වනවිට ආපදාවට පත්, කොළඹ අවට පාසල් දරුවන් සියල්ලටම පාහේ, අවශ්‍ය ආධාර උපකාර ලැබී ඇතැයි කියා.

    ReplyDelete
  11. ඔබ ගැන බෙහෙවින්ම සතුටුයි.

    ReplyDelete
  12. මේ වැඩේට ගොඩක් මහන්සි වෙලා, අපිවත් මේකට සම්බන්ධ කරගත්තට ස්තුතී අයියේ..... ගොඩක් මහන්සි උනේ ඔයා....

    ReplyDelete
  13. අඩේ කලණ නිකම් මොඩ්ලර් වගේ නේ....
    Hats off to good deeds!

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. ඔබ කියූ පාර අහගෙන, අද ඊයේ මෙහේ ආපු මාව හොයාගෙන, මගේ බ්ලොග් එකට ගොඩවුනා ගොඩක් දෙනෙක් . ඇත්තට ඔබ කව්ද නොදන්නා මට ඔබේ අඩවිය හොයා ගන්න ටිකක් අමාරුවුනා. කොහොම හරි පාර හොයාගෙන ආවේ ඔබට ස්තුතී කියන්න, ඒ ආපු ගමනේදී ඔබ මම හිතුවටත් වඩා උතුම් මිනිසෙකු බව වැටහුනා. ඒ නිසාම ස්තුතී වගේම ඔබට බොහොමත් පිං..! තව තවත් මෙවැනි උතුම් වැඩකටයුතු වල යෙදෙන්නට ඔබට ශක්තිය ත් දිරියත් ලැබේවා.

    ReplyDelete
  16. සතුටුයි වැඩේට :D

    ReplyDelete
  17. කල්‍යානමිත්‍ර කියන්නෙ නිකන් නෙමෙයිනෙ..
    ජයවේවා..!!

    ReplyDelete
  18. උඹට පිං අයියේ...

    ReplyDelete
  19. සංගීතඥ අරුණ අයියත් පාසල් සපත්තු පරිත්‍යාග කරන වැඩ පිළිවෙලක හිටියෙ. මම ඒ එක්ක එකතු උනා. මේ දවස් වල ඩී ඇස් අයි එකෙන් අවම ලක්ෂයක පාසල් පාවහන් ගන්නවා නම් පරිත්‍යාග කරන අරමුණින් ඒ අය විශාල වට්ටමක් ලබා දීලා ඒ ගොල්ලන්ගෙ දායකත්වයත් ලබා දෙනවා. එහෙම අවශ්‍යතාවක් ආවොත් ඒ ගැන සිහි තබා ගන්න. වෙනදා වගේම ජය !

    ReplyDelete
  20. වටිනා පුණ්‍යකර්මයක්...වැඩි වැඩියෙන් මෙවැනි දේ කිරීමට ඔබට ශක්තිය සහ ධෛර්ය ලැබේවා...

    ReplyDelete