කැලණියේ හෙලේනා විජයවර්ධන ඉස්කෝලේ කියන්නේ සුපිරි පාසලක් නෙවෙයි.. ඒ අවට ආර්ථික අපහසුතා වලින් පිඩිත දෙමවුපියන්ගේ දරුවෝ තමයි ඒකෙ අකුරු කරන්නේ.. ගොඩක් දෙනෙකුට උපාලි විජේවර්ධන පදනමේ ශිෂ්‍යත්ව ලැබෙනවා.. ඒකෙන් තමයි ඉගෙන ගන්නේ.. මේ අවු අස්සේ ඊයේ පෙරේදා පාත්වෙච්චි හෙන ගෙඩියෙන් උන්හිටිතැන් අහිමි උන පොඩි එවුන් අනූ දෙනෙක් ඉන්නවලු ඉස්කෝලේ ඒ ගන්න බැරුව.. පොත්පත් හම්බ වෙලා.. ඒත් පාසැල් ඇඳුම් හා සපත්තු මේස් කාගෙන්වත් ලැබිලා නෑ.. විස්තරේ ඇහුවම මට හිතුනා අපිට පුළුවන් වෙයි කියලා උදව්වක් කරන්න..
මොකද කියන්නේ.. පුළුපුළුවන් විදියට එකතු වෙලා සපත්තු ජෝඩුවක් හරි මේස් ජෝඩුවක් හරි අරං දෙමුද? ළමයි 10-15කට හරි අරන් දෙන්න අපි එකතු උනොත් බැරිවෙන එකක් නෑ.. කාගෙන්වත් පුද්ගලිකව ඉල්ලීමක් කරන්නේ නෑ අනවශ්‍ය පීඩනයක් වෙයි කියල හිතන නිසා.. කරදරයක් නොවෙයි කරගන්න පුළුවන්වෙයි කියල හිතනවානම් විතරක් උදව් කරන්න.. ස්තුතියි.
ක.මි.
මමත් එකක් දෙනවා. ඒ කියන්නේ සපත්තු දෙකයි, මේස් දෙකයි.
ReplyDeleteබොහොම ස්තුතියි මිත්‍රයා.. මම කතා කරන්නම්. හැකි ඉක්මනින් හම්බවෙන ටික ගිහින් දෙන්න තමයි අදහස.. :)
Deleteයකඩෝ මාතෘකාව දැක්කේ දැන්.
Deleteඋඹේ ලිපිය කියවපු වෙලාවේ ඉඳල ඇරියස් එක තිබ්බ.. අහුවෙච්චි වෙලාවේ කෙලළා දැම්ම.. හැක්.
Deleteකොහොමද ඊයක් එවන්නේ?
ReplyDeletesumithyapa@gmail.com බොහොම ස්තුතිය් මිත්‍රයා.. :)
Deleteස්තුතියි, ඊයක් ඒවා ඇත
Deleteපිලිතුරුත් ඒවා ඇත. :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසපත්තු ජෝඩු 5 යි මේස් කුට්ටම් 10 , වියදම සහ අකවුන් නම්බර් එක lankan.ian@gmail.com
ReplyDeletepl
ස්තුතියි ඉයන්.. හැමදාම වගේ.. :) මේල් එකක් එව්වා..
Deleteසපත්තු මේස් සයිස් සහ පාට, වගේ විස්තරයක් එවන්න. ඕනේ ගැහැනු ලමයිටද, පිරිමි ලමයිටද කියලත් කියන්න.
ReplyDeleteමේලක් දාන්න.
ස්තුතියි කසුන්.. ඕනේ ගෑණු ළමයින්ට.. සුදු පාට.. සයිස් තවම කන්ෆර්ම් කරේ නෑ.. ඉස්කෝලෙන් විස්තරය ලැබුණු ගමන් මේල් එකක් එවන්නම්. :)
Deleteමට තිබුණු ගැටලුව උඩ අහලා තිබුනා.. දැන් දැන ගන්න ඕනේ ළමයිගෙ සයිස් ගැන...
ReplyDeleteහොඳ වැඩක්..
ස්තුතියි. කසුන් ට මේල් එකක් එව්වා.
Deleteහරි අයියේ... පනිවිඩේ ලැබුනා..
Deleteඑළ! තැන්කියු. :)
Deleteඊයක් එවා ඇත.
ReplyDeleteඇනුනි. ස්තුතියි.
Deleteමේලක් එව්වා...උත්තර,එවන්න සර්...
ReplyDeleteඊයක් එවා ඇත. ගිණුම් අංකය දන්වන්න.
ReplyDeleteබොහොම ස්තුතියි. පිළිතුරු එව්වා.
Deleteමේලක් එව්වා...උත්තර,එවන්න සර්...
ReplyDeleteමේල් ඔක්කොටම උත්තර දුන්නා සර්! බොහොම ස්තුතියි!
Deleteඑක්සෑම් ලඟ හිංද සල්ලි පොඩ්ඩක් අමාරුයි බං..........ඒකවුන්ට් නම්බර් එක මේකට (rasikab007@hotmail.com) ඊයක් දාන්ඩ සල්ලි ටිකක් හොයාගෙන දානන්..
ReplyDeleteකරදර වෙන්න එපා මචන්.. හිතුවටත් වඩා ආධාර ලැබුනා.. ඉස්සරහට මොනවා හරි කරනකොට ආයි කියන්නම්. ස්තුතියි හිතවත්කමට..
Deleteemailed
ReplyDeletecopied with thanks. :)
Deleteමාත් ඉතිං තාම යැපෙන්නා හින්දා මුකුත් නොකිය ඉන්නම්. එකතු කරන් උන්නු ටිකත් දුන්නෙ කරදර වෙච්ච අයටමයි. ඒ නිසා කමිය අයියෙ මේකට නෑවිත් ඉන්නෙ හොඳද.
ReplyDeleteකිසිම ගැටළුවක් නෑ නංගෝ.. හිත තියෙන එකම ඇති.. මම බලාපොරොත්තු උන්ටත් වැඩිය ප්‍රතිචාර හොඳයි.. ගිහින් ඇවිත් විස්තර දාන්නම් බ්ලොග් එකේ.. :) බොහොම ස්තුතියි.
Deleteමටත් කියහන් වැඩේ සිද්ධ වෙද්දී...
ReplyDeleteදායකත්වයක් සපයන්නම්...
වැඩි විස්තර මොකටද? අතේ තියෙන විදියකට සයිස් 5න් හෝ 6න් DSI supersport සුදු සපත්තු ජෝඩුවක් හෝ දෙකක් ගෙනත් මගේ මෙසේ ළඟ පැත්තකින් තියමු.. අනිද්දා උදේ වරුවේ වංගුවක් දාල ගිහින් ඉස්කෝලෙට දීල එන්න හිතන් ඉන්නේ.. හෙට එනකොට ගෙනත් තියහන්.. :)
Deleteවැඩේ හරි... බඩු ලැබෙයි.
ReplyDeleteපින් සිදුවේවා..!
ජයවේවා..!!
ඉස්තුතියි.. ජෝඩුවට සහ රූමි ට.. :)
Deleteපුත්තලමේ අවතැන් පවුල්වලට අපේ ගමෙන් මෙවැනි ආධාර ලබාදුන් නිසා එයට දායකත්වය දැක්වුවා. ඉදිරියේදී බලමු.
ReplyDeleteස්තුතියි විචාරකතුමනි ඔබේ කැපවීමට..මේ වැඩේට බොහෝ උදවු ලැබුනා.. ඉස්සරහදි ඔබෙත් සහයෝගයෙන් යම් වැඩක් කරමු.
Deleteවැඩේ සාර්ථක වේවා!
ReplyDeleteස්තුතියි රසික අනගි ප්‍රාර්තනාවටත් ලොකු උපකාරයටත්.. :)
Deleteඊයක් එවා ඇත. බඩු ලබාදෙන්නේ කෙසේද?
ReplyDeleteචමින්ද
ස්තුතියි චමින්ද. පිළිතුරක් එව්වා.. බලන්න.
Deleteබඩු රේඩි සර් ...අරන් පලයන් !!
ReplyDeleteආයි ආයි සර්! හවස ඔතනින් යන ගමන් ගන්නම්..
Deleteමචං අධාරයක් කරන්ඩ බැරි අවස්ථාවක ඉන්නෙ. ගංවතුරට මාවත් හේදිලා ගියා.
ReplyDeleteඅපි වෙනුවෙන්... :) උඹව බලන්නත් එන්නම් සුදෝ.. ඇති වෙන්න උදව් හම්බ උනා.. වචනේටත් ස්තුතියි මචෝ..
Deleteකමියා....වැඩ කිහිපයකට අත දැම්මා. දැනට එයින් සෑහීමකට පත්වෙන්න වෙනවා. නැත්නම් අපේ නඩත්තුවටත් ආධාර හොයන්න යන්න වෙනවා :D ඕකයි ඇත්ත.
ReplyDeleteඅරූ අයියා.. වචනේටත් ස්තුතියි.. උදව් ගොඩක් ලැබුනා.. විස්තරය ටයිප් කරන ගමන්..
Deleteමමත් එවන්නම්. අර කොල්ලුපිටියේ තැනට ගෙනත් දුන්නම් හරිනේ.
ReplyDeleteකොල්ලුපිටිය ආධාර එකතු කරන මධ්‍යස්ථානයටද? හෙහ්.. කොටසක් ගිහින් දීලා ආව.. මේ ඒ විස්තරය ටයිප් කරන ගමන්.. ස්තුතියි අජිත් අයියා..
Deleteසුබ පැතුම්....
ReplyDelete