Wednesday 20 December 2017

අතුරු ප්‍රශ්ණයක්.. No respite at all..! :D

Image result for flower and bee
තුරු මත විකසිතව
බමර තුඩ සුව නොවිඳම
කුසුම් පෙති ඉකිගසන සඳ..
ඇයි එකම මලකට
දුව යන්නේ බමර හිත..
පැණයක්!

සරති වනයේ නොයෙක් සියොතුන්
මී මැසි ඈ සමනලුන්..
පැණි සොයා සරති
දැවටෙති සුසුම් ලති
මල් මතින්..
ඇයි ඒත් හිනැහෙන්නේ
විකසිත වෙන්නේ වන මලක්
පහසින් බමරෙකුගේ පමණක්..
තවත් පැණයක්..!!

-කලණ

(පෙර පෝස්ටුවට සොඳුරු සඳවතිය එක් කල අපූරු කවි පිළිතුරෙන් උපන් පැනයකි.. ඇයට ස්තුතියි!) 

20 comments:

  1. මලක මුල් පෙම !

    ඇහැරිච්ච ලාරෝස පෙති මත
    සියුම් චුම්බන තබන මඳනළ
    හඬා වැටුනා පෙමින් ආතුර
    පියාඹා ඇවිත් නෙක බිඟු කැල
    උරා බොනකොට මලේ මුවරද

    මලේ අයිතිය ඹමර කුළයට
    ලියා ඇති මුත් මලක ඉරණම
    කාටත්ම කලින් පෙම් පිණි ඉස
    පෙම් කරන්නට බැරිද සුළඟට

    රැගුවාට බිඟුන් මල වට කර
    උන් දන්නෙ නෑ මලක මුල් පෙම
    අනඟ රැගුමට පැමිණි ඹමරුට
    නොවෙයි සියොළඟ ඉම්ඹ සුළඟට

    (බොලා දන්න ඉටි ගෙඩිය මල් පෙම් කරන්නෙ බඹරු හොයන් එන්නත් කලින් හී හී )

    ReplyDelete
    Replies
    1. ඉටි ගෙඩිය උනත් කෙන් ගෙඩිය උනත් දන්න කියන එකෙක් ලියුව මෙහෙම
      මලේ වහපු බඹරුන් ගැන - මලේ කතා කැතිළු යාළු
      මලේ වහපු බඹරුන් රැළ - රහ කර කර කියයි යාළු.

      ඕක ඇතතමද කියලා ස්නනේ මල්ම තමයි. ඒත් මල් හැමදාම බබානේ. බඹරා තමයි ඔක්කේම කරලා ති‍යෙන්නේ නැද්ද කමියො?

      Delete
    2. @ සොසඳ..

      ඇයි තවත් වද වෙන්නේ..
      හීතල සුළඟ ගැන..
      ආදරණිය හීනයක් විතරයි එය..
      මදු පිරී විකසිත වෙන්න පෙර දුටු..
      තවරන්න පුලුවන්ද උණුසුම්ම හාදුවක්..
      නිය රටාවක ඉසියුම් කිතියක්..
      පැණි සොයන සෘන්ගාර මුණුමුනුවක්..
      සුළඟකට.. මල් මකරන්ද මත.. :D

      Delete
    3. @ උදාර

      මල නිහඬව ඉන්න හේතුව හෙවත් ඔය කවියේ අනිත් පද දෙක මෙහෙමයි..

      කැලේ මලට වහපු බමරු- මල අමතක කලත් යාළු
      මලේ හිතම බඹරාටයි- 'පෙම' කියන්නේ එයයි යාළු..

      ඇත්ත..ඇත්ත.. මල අහිංසකයි.. බඹරා තමයි ඔක්කොම කරලා තියෙන්නේ.. ;)

      Delete
  2. වන බඹරා මල හා ළමයා වේ
    නාකි ළමා වයසේ..

    ReplyDelete
    Replies
    1. පෙසන්නයත් හිටියේ ඒ වාගේ..
      ජිවිතයේ අරුමේ.. ;)

      Delete
  3. බඹරෙ වැල්ලෙ කැරකෙන කාලයක් ඇඩ්මිරල්ට ඇවිල්ලා වගේ.
    Play well, play hard, play safe, Take care, have fun.

    ReplyDelete
    Replies
    1. අවුරුද්දේ අන්තිමනේ..
      හුඟ දෙනෙක් වැකේෂන් නේ..
      ඉන්න අපිටත් වැඩ අඩුයිනේ.. ;)

      Delete
    2. Ah... have privacy.
      Right.

      Delete
    3. එහෙමට කියල වැරද්දක් කරන්නෙත් නෑ හිටං.. මේ වගේ පිස්සු නටන්න වෙලාව තියෙනවා මිසක්.. :)

      Delete
    4. Go for it. Do the service proud. Only wrong you can do is getting caught. So, don't get caught. Carry on Mister. Dismissed!

      Delete
  4. ජෙහාන් අයියේ , අනේ අයියේ කමියව බේරගන්න මොනවා කරි කරමුද , අනේ අයියේ ,

    ReplyDelete
    Replies
    1. ඉවාන් අයියේ.. අනේ අයියේ කියන්න කවුද ජෙහාන් කියන්නේ.. අනේ කියන්නකෝ අයියේ..

      Delete
  5. මේක කවියක්ද නැතිනම් ;;;;;;;;;;

    ReplyDelete
    Replies
    1. නෑ..නෑ.. මේ ඒ ඔයා හිතපු අනිත් ජාතියේ එකක් තමයි.. :)

      Delete
  6. පැණ පැනනගින අපූරු නිර්මාණයක් කමියෝ.

    ජයවේවා!!!

    ReplyDelete
  7. බාදුරා වැනි නපුරු මල් වලට බබරු එන්නේ නැනේ.

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ ආවම නේ දන්නේ බාඳුරා කියල.. ඉතීම් බඹරා සදා අනාතයි.. :)))

      Delete