Sunday 20 January 2019

පොලිස් කොත්තුවක් සමඟ වසර තුනකට පසු නැවතත් කුරුඳුවත්ත පොලිස් ස්ථානයට..

කුරුඳුවත්ත පොලිසියත් එක්ක මගේ අත්‍යන්ත බැඳීමක් නෙව තියෙන්නේ.. 2016 ජනේරු මාසේ අහක යන මඟුලක් ෆොටෝ අල්ලල කුරුඳුවත්ත පොලිසියේ දවසක් ලගින්න උනායින් පස්සේ මං කොටිම්ම ආයේ රීඩ් ඇවනියු එක පැත්තෙන්වත් හදිසියකටවත් නොයා හිටියේ.. ඒ තරම් ප්‍රිය මනාපයි පොලිස් උත්තමයන්ව එදා ඉඳං හිටං..

ඒ උනාට ඊයේ සෑ උනානේ ආයිම හෙටානිද්දට එහෙ ගිහින් එන්න සිද්ද වෙන වැඩක්.. ඊයේ සෑ නවයත් පහුවෙල.. මං ගංගාරාමේ පැත්තේ ඉඳං ඇවිල්ල හිට පිත්තල හංදියෙන් වමට දාන්න යනකොට මයෙ අම්මපල්ල කහ ලයිට් එක තිබුනේ.. ඉතිම් මං ආපු වේගෙන්ම නැවුව වමට.. එතකොටම රතු ලයිට් එක පත්තු උනා තමයි ඉතිම්.. ඒක වෙනම කතාවක්.. අපොයි හරෝනකොටම පැන්නේ නැද්ද පොලිස් අංකල්ල දෙන්නෙක් ඉස්සරහට..
පොලිස් කාරයෙක් උනත් සුද්දෙක් නම් අවුලක් නෑ සර්...

ඉතිම් එයාල මගේ ලයිසම පරිස්සමට තියාගෙන මට කොල කෑල්ලක් දීල කියුව මේ දවස්වල ආණ්ඩුවටත් සල්ලි නැති නිසා තැපැල් කන්තෝරුවට සුපියල් 1100/- ගෙවල පොලිසියට ඇවිත් ලයිසම ඉල්ල ගන්න කියල.. කොහෙ පොලිසියටද ඇහුවම තමයි මගෙ මල එජස් වුනේ.. ඇයි යකෝ මේ ලංකාවටම තියෙන්නේ කුරුඳුවත්ත පොලිසිය විතරද.. ඉඳකින්.. දැන් පලකො ඔය ගුබ්බෑයම අස්සේ ආයෙම.. නිකම්ම යන්න හොඳ නැති නිසා පොලිසියට පොඩි මඩකුත් ගහගෙන මගේ ඇරියස් එකත් කවර් කරගන්න හිතුන මේ කතාව දාන්න බ්ලොග් එකේ.. හෙහ් හෙහ්.. ආං එහෙමයි අපි ඈ!

මේ කතාව නං උනේ සැළකිය යුතු කාලෙකට කලින්.. කොටිම්ම දැං මෙහෙම කලාට ඒ කාලේ පොලිසිය අපිට හොඳට සළකන කාලේ.. (මීට අවුරුදු විස්සකට විතර කලින් මම කයිට්ස් වල ඉද්දි කයිට්ස් පොලිසිය තිබුනේ නේවි එක යටතේ.. පොලිසියේ ඕ.අයි.සී ත් ඔපරේශනලි රිපොර්ට් කරේ කයිට්ස් නේවි CO ට.. ඒ කාලේ ඉතිම් අපි හවසට පොලිසිය පැත්තේ ගියාම ඔය සාජන් ලා පී.සී. ල එහෙම කරේ තියාගෙන අපිට සළකන්නෙ.. උන් අපේ සෙක්ටර් වලට ආවම අපේ කොල්ලොත් ෆුල් බක්තිය දෙනව.. දැන් ඒව ඉතිම් මතක විතරයි- හිත හැදෙන්න ඒ ටික ලියුවෙ; කවුරුත් බනින්න එපා ඉතිම් රණවිරු සෙද්දවල් විකුණන් කන්න ලියනවා කියල හිටං)

මේ සිද්ධිය උනේ ඒ 9 පාරේ කෑමට බස් නවත්තන ප්‍රසිද්ද කඩ පොළකදි. තාමත් ඒ කඩ තියෙනව ඇති කියල හිතෙන නිසා හරියටම තැන කියන එක හරි නෑනේ. ඔතන බස් නැවත්තුවම එක ලඟ තියෙන කඩ දෙක තුනක් සූ ගල පිරෙනව.. මම පුරුදු වෙලා හිටියේ ඔය අතරින් ටිකක් අඩුවෙන් සෙනඟ පිරෙන කඩේකට යන්න. එතන ටිකක් නිදහසෙ ඉන්න පුලුවන්. අනික මුදලාලි හෙන ප්‍රියමනාප ඩයල් එක. පොර මඩකලපුවේ බුවෙක්. මාත් ඉපදිල තියෙන්නේ මඩකලපුවේ කියුවම මාත් එක්ක හෙනට ෆිට් උනා.. මුදලාලි ෆිට් නිසා කොල්ලොත් ෆිට්. මාසෙකට සැරයක් දෙකක් ගියා උනත් ඒ ටිකට හොඳට සළකනව (කියල හිතුව..)

දවසක් මං ඔහොම ඔතන ඉන්න වෙලාවෙම පොලිස් ජොකියො දෙන්නෙක් ගොඩ උනා.. ඒ අහල පහල ඩියුටි හිටපු උන් වගයක් වගේ.. උන් ඇවිල්ල වාඩි වෙනකොටම එක කොල්ලෙක් කෑ ගැහුව..

"පොලිස් කොත්තු දෙකා…..යි…."

පොලිස් කොත්තුවක් නොවේ..

විනාඩි පහක් යන්න කලින් හොඳ උනු උනු කොත්තු දෙකක් අරුන් දෙන්නට හම්බුනා.. මට හෙන කුතුහලේ මේ පොලිස් කොත්තු සීන් එක.. මම හෙමීට කොල්ලෙක් ලඟට කිට්ටු කලා..

"ඈ.. බං.. උඹල පොලීසියට හෙන බක්තිය නෙහ්.. ස්පෙශල් පොලිස් කොත්තු විනාඩි පහෙන් දෙන්නෙ ටේබල් එකට.."

ඌ කැත විදියෙ හිනාවක් දාල මෙහෙම කියුව..

"සර් කාටවත් කියන්නේ නැති බව දන්නව.. ඔය යක්කු සල්ලි දෙන්නේ නෑනෙ සර්..  අපි ඔය බාගෙට කාල ඉතුරු කරන කොත්තු, චිකන් අඬු එහෙම වෙනම එකතු කරල තියනව.. ඉතිම් එනකොටම ඒවයින් ලොකු කොත්තු දෙකක් මිරිස් සැරට අලුතෙන් ගහල දුන්නම වැඩේ ශේප්!.."

හායි යාළුවනේ.. සඳුදට මාව කු.පො.යේ ඇරස්ට් කල්ල කියල ආරංචි උනොත් එහෙම හොඳවැයින් පොලිස් කොත්තුවකුත් අරං මාව බලන්න එන්ටල..ජය වේවා! කියුව එහෙනම්..

ක.මි..

81 comments:

  1. හයි මෙයා.... ඒ කියන්නෙ ඔයා කයිට්ස් වලත් ඉඳලා.. සා වෑව්..!!
    පොලිස් කොත්තුව වගේම කෙල ගහල දෙන ටී එහෙමත් එයාල රහට බොනවා.. මොනව උනත් ඔය කෑම අත පත ගාන උදවිය තරහ කරගන්න එක හරි බයානකයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මං එහෙ ඉන්න කාලේ තමයි සුද්දෙකුට අඬ ගැහුවෙ කයිට්ස් එන්න කියල ෆ්ලයිට් එහෙක.. ඒක තමයි ඔය තාමත් 'fly a kite' කියල සමහරු කියන්නේ.. කෑම කියනේවා හරි පරිස්සමින් අත පත ගාන්න ඕනි.. අපි අර කියුව විදියට රෙස්ටෝරන්ට් චේන් එක පටං ගත්තනම් මෙහෙම වෙන්නේ නෑනේ අනේ..

      Delete
  2. කමියටත් මේ තරං හිතේ අමාරැව පොලිස් කොත්තුවක් හම්බ උන නිසා තමයි 🙂

    මේ කතාව උඹ කලිං ලියාපු එකක්ද මංද ?

    ReplyDelete
    Replies
    1. ඔයි කතාව මට ජීවිතේට අමතක නොවන එකක්.. අදටත් මම රයිස් එකක් දාගන්න ගියත් හොඳට පේන තැනකට වෙලා හදන දිහා බලං ඉන්නව. කොත්තු නං කන්නෙම නැති තරං.. කියන්න බෑනෙ ඔය ඉන්ජෙක්ශන් එකම අපිටත් දෙනවද කියල අර කියුවත් වගේ.. හෙහ් හෙහ්..
      අනේ දෙයියෝ මට මතක විදියට මං කාටවත්ම අද වෙනකං ඔය ගැන කියල නෑ.. සීයකට හමාරකට වගේ ඇරෙන්න.. :D :D

      Delete
  3. මහත්තයට පොලිසිය ගැන මෙතරම් අරෝව, නාවුක හමුදාවේ කප්පන්කරුවන් පොලිසියෙන් අල්ලා ගත්තු නිසා නේද? මහත්තයා නාවුක හමුදාවේ ඉන්නකොට මිනිස්සු කී දෙනෙක් කප්පන් අරගන්න අල්ලං ගිහිං මරලා තියෙනවද? මහත්තයා මේකේ උජාරුවට ලියපු මහත්තලයිලෑ ලොක්කා, කැප්ටන් හැඩොක් කප්පන්කරුවන්ව රටින් යැව්වා කියන එකත් පොලිසියෙන් හොයාගෙන නේද තියෙන්නේ. ඒ නිසා නේද මෙච්චර පොලිසිය එක්ක අරෝව.

    ReplyDelete
    Replies
    1. ඔන්න දීපන්කෝ උත්තර

      Delete
    2. සෝක් ප්‍රස්නෙ තව බ්ලොග් පෝස්ට් එහෙකට.. හෙට හෝ අනිද්ද ඒක ලියන්නම් ඈ!

      Delete
    3. ලස්සන ප්ලොට් එකක් දීලා තියෙන්නෙ. කමි අයියිා, වෙයිටින් ෆෝ යූ!😃

      Delete
    4. ඇතුලේ ඉන්න එකා වෙච්චි.. බෝ ලියහන්.. මාවම උකසට තියන්න හදන්නේ.. අවලමා.. :D :D

      Delete
    5. හුට්ටපරේට ගහපු කලාබරේ කිව්වලු...එදා උබ අලුත්ම රේන්ජ් රෝවර් එකක ඇවිත් මාව අර කුරුදු වත්තේ තට්‍ටු පහේ ගෙදරට එක්කරගේන ගිහින් මිදුලේ නවත්තලා තිබුන බෙන්ස් ඉස්පොර්ට් එක අයින් කරන්න කියලා සිකුරුටිලාට කැගහනකොට සික්කා කීව්වේ ඒ කාර් එක තවම රෙජ්ස්ටර් කරලා නැතිනිසා කමියාගේ නෝනා අලුත්ම බි එම් ඩබ්ලිව් එක අරගෙන ගියා කියලා..
      ඉතින් බලපන් ඇනෝ මලේ උබ කියනක්න් අපි හන්කවිසියක් දන්නේ නැහැනේ මු උබ කියලා තියන එවා කරලයි සල්ලි හම්බකරලා තියෙන්නේ කියලා...
      ඇනෝ මලේ අපි මෙක නිකන් අත අරින්න හොද නැහැ..මොනවා හරි කරමු

      Delete
    6. හැක් හැක්, අපි ඉතිං ඒ කාලේ රසකතා දන්නෙ නෑනෙ අයියා! ලාවට කොම්පීතරයක් අතගගා ඉන්නවා මිසක්ක!

      Delete
    7. මේ අද දවසේ ලංකාදීප පත්තරේ පල වූ වාර්තා දෙකක්.

      ....

      කතෘ මණ්ඩලය
      2019 ජනවාරි මස 21
      ප.ව. 11:07

      තරුණයන් 11ක් පැහැරගත් නාවික හමුදාවේ පිරිසකට ළඟදීම නඩු

      (මනෝප‍්‍රිය ගුණසේකර)

      කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව ඉදිරි සති දෙක තුළ මහාධිකරණය හමුවේ කෙළින්ම නඩු පැවරීමට නීතීපතිවරයාගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

      මේ සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන් කණඩායමක් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර නාවික හමුදා නිලධාරීන්ට එරෙහිව මහෙස්ත‍්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයක් නොපවත්වා කෙළින්ම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වේ.

      පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මෙම සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුනු නාවික හමුදා නිලධාරීන් පිරිසක් මේ වන විට ඇප මත මුදාහරිනු ලැබ ඇති අතර තවත් නාවික හමුදා නිලධාරීහු පිරිසක් මේ වන විටත් රිමාන්ඞ් බාරයේ පසුවෙති...

      .....................
      කතෘ මණ්ඩලය
      2019 ජනවාරි මස 21
      ප.ව. 09:45
      රණවිරුවන් සහ මිනීමරුවන් අතර වෙනස ආරක්ෂක ලේකම් පහදයි

      රංජන් කස්තුරි

      ‘‘යුද්ධයට සම්බන්ධ වෙලා ගමට ඇවිත් මිනී මැරුවොත් එයා රණවිරුවෙක් නෙමෙයි මිනීමරුවෙක්. එවැනි මිනීමරුවන් අධිකරණයට ගෙනත් උපරිම දඬුවම් දෙන්න ඕනෑ‘‘ යැයි අරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද පැවසීය.

      ‘‘මේ රටේ රණවිරුවන් ඉන්නේ 39000යි. ඉන් 34000ක්ම යුද්ධ හමුදා සාමාජිකයින්. නාවික හමුදා සාමාජිකයින් 4400ක් ඉන්නවා. ගුවන් හමුදාවේ ඉන්නේ ඉතිරි ප්‍රමාණයයි.‘‘ යැයි ද ප්‍රනාන්දු මහතා කීවේය.

      ‘‘යුද හමුදාවට බැඳුනු පලියට රණවිරුවෙක් වෙන්නේ නැහැ. මීට මාස තුනකට උඩදී හමුදාවට බැඳුණු තරුණයෙක් බස් එකෙන් ඇවිත් ගමේ බහින්නේ රණවිරුවෙක් කියාගෙන. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. රණවිරුවෙක් නම් තමන්ගේ නමට රණවිරු පදක්කමක් ගැසට් කළ යුතුම වෙනවා. ‘‘ යැයි ද ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

      ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ නාලන්දා විද්‍යාලයේ පැවැති උපහාර උත්සවයකට සහභාගී විමිනි.

      ...

      මේ ලංකා නිවුස් වෙබ් එකේ නිවුස් එකක්.


      නාවික හමුදා කප්පම්කරු මවගේ කණකරත් පැහැරගෙන !

      විශේෂ පුවත්
      11 days ago

      කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධ නඩු විභාගයේදී එක් කප්පම්කරුවකු හඳුනාගැනීමට සාක්ෂිකරුවන් පසුගිය 09 වනදා සමත් විය.



      කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ පැවැත්වුණු හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී එසේ සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන ඇත්තේ "අන්නාචී" නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන නාවික හමුදා නිලධාරියෙකි. ඔහු තනතුරින් "බල නැවියකු" වන අතර නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කර ඇත.

      මෙකී නාවික හමුදා කප්පම් කල්ලිය විසින් පැහැරගත් එක් දරුවකුගේ මවට දිගින් දිගටම දුරකථන ඇමතුම් ලබාදෙමින් කප්පම් මුදල් ඉක්මනින් ලබාදෙන ලෙස තර්ජනය කර ඇති අතර එහිදී එම මව ප්‍රකාශ කර ඇත්තේ මුදල් ගෙවීමට පෙර තමන්ට තම දරුවා දැක ගැනීමට අවශ්‍ය බවයි.

      අවසානයේ එම කල්ලිය ඊට එකඟවී ඇති අතර රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලත් රැගෙන ත්‍රිකුණාමලයේ තඹලගමුව ප්‍රදේශයේ ස්ථානයකට පැමිණෙන ලෙස ඇයට දැනුම් දී ඇත. ඒ අනුව එහි ගිය මව හමුවීමට පැමිණ ඇත්තේ "අන්නාචී" නම් නාවික හමුදා කප්පම්කරු ය.

      ඔහු එහිදී බලහත්කාරයෙන් එම මව සතු රුපියල් ලක්ෂ පහක මුදල මෙන්ම ඇගේ කණකර ආභරණ ද පැහැරගෙන පළාගොස් තිබේ. එම සිදුවීම නිසා ඔහුගේ හැඩරුව, මුහුණුවර ඉතාම හොඳින් ඇයගේ මතකයේ සටහන්ව ඇති අතර ඇය විසින් හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී ඔහුව නිශ්චිතවම හඳුනාගෙන ඇත.

      අන්නාචි නම් සැකකරු සහ තවත් නාවික හමුදා සාමාජිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය දෙසැම්බර් 18 වනදා ය.

      2008 වසරේදී පුද්ගලයින් 11 දෙනෙකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කෙරේ. මීට අදාළව අත් අඩංගුවට ගෙන සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු පිරිසක් මේවන විට ඇප මත නිදහස් කර තිබේ.

      ..

      මොන මිනිස්සුද බං නේවි එකේ ඉන්නේ? එක්කෝ හොර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ. මිනිස් ජාවාරම්කාරයෝ. කප්පංකාරයෝ. මිනීමරුවෝ. ලැජ්ජයි නේ.

      Delete
    8. ඉතිං ඔයි තමුසේ හයිස්පීඩ් ගියා නං වැරැද්දක් නේද කරලා තියෙන්නේ? ලජ්ජා නැද්ද තව බේරිලා එන්න බලන්නේ? මුන් මේ රට හදන්න කතා කරන්නේ උදේ ඉදං රෑ වෙනකන්. හැබැයි බලන්න ඕනි කතාව ඒ උනාට ක්‍රියාව නං.

      Delete

    9. Anonymous22 January 2019 at 18:53
      අඩ්ඩඩ්ඩඩ්ඩා.. ලේකම් තුමාගේ නිර්වචනය අනුව නම් මාත් රණවිරුවෙක්නේ.. :) හෙහ් හෙහ්.. ඒ උනාට මටනං එහෙම හිතෙන්නේ නෑ.. :/ ..
      //මොන මිනිස්සුද බං නේවි එකේ ඉන්නේ? එක්කෝ හොර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ. මිනිස් ජාවාරම්කාරයෝ. කප්පංකාරයෝ. මිනීමරුවෝ. ලැජ්ජයි නේ.// කොහෙත් හොඳ නරක කළවම් එවුන් හැම එකෙක්ම ඉන්නවා බොස්. ඔය හැම එකක්ම පුද්ගලානුබද්දයි නෙව..

      Delete
    10. Anonymous22 January 2019 at 19:29
      //ඉතිං ඔයි තමුසේ හයිස්පීඩ් ගියා නං වැරැද්දක් නේද කරලා තියෙන්නේ? ලජ්ජා නැද්ද තව බේරිලා එන්න බලන්නේ?// වැරද්දක් නම් තමයි.. ඒත් 3300/-ක් කියුවම බඩ පපුව පිච්චිලා යනවනේ ඕයි.. හෙහ් හෙහ්.. කවුද ඕයි එලි රෑ වෙනකං රට හදන්න කතා කරන්නේ.. සමුසේ හිතුවද මට වෙන වැඩ නෑ කියල.. අපිත් මේ වැල යන අතට මැස්සක් ගහගෙන චාම් එකේ ඉන්නවා මිසක්.. මගුලක් කියෝනව.. හෙහ් ..

      Delete
    11. මෙහෙම යාළුවොනේ අපටත් ඉඳල තියෙන්නේ හප්පේ

      Delete
  4. ඇයි දඩ කොල ගෙවලා ලයිසන් ගන්න ගියාම හයර් යන්න තේ අරන් දෙන්න එහෙමත් වෙනවනේ

    ReplyDelete
    Replies
    1. ඈ! එහෙමත් වෙනවද.. නෑ නෑ එහෙම වෙන්න බෑ.. කුරුඳුවත්තෙ පොලිසියෙ ඉන්නෙ ජෙන්ටල්මෑන්ල වෙන්ටෑ..

      Delete
    2. සමහර මෑන්ලගෙනම් Genital නෑ වගේ.. :))))

      Delete
  5. පොලිස් කොත්තු කතාව නම් මං කලින් අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි මං බලු කූඩුවෙ හිටි කතාව අහල නෑ? O.o හෙහ් හෙහ්.. දැන් නම් හැබෑට ඔයි කතාව හැමෝම වගේ දන්නව ඇති. මොකද අරූ මට කියුව වගෙ තව එවුන්ට කියන්න නැතෑ.. අනික වෙන තැන්වලත් ඔහොම්ම වෙන්ටෑ වෙන්නෙ.. එකදාස් නවසිය බර ගණන්වල මේක මුලින් අහනකොට නම් මට ඈක්ක ගෑවුනා..

      Delete
    2. //පොලිස් කොත්තු කතාව නම් මං කලින් අහලා තියෙනවා.//

      ඔය කතාව 1970 ගණන් වල එකක්, මම ඔය කතාව ඇහුවේ 1979 විතර මුලින්ම අයියා කෙනෙක් එක්ක කොත්‍තු කද්දි කොත්‍තු වර්ග ගැන කිව්ව එකක්, පොලිස් කොත්තු කියන එක; පොලිසියට කලින් ඉතුරුවෙලා තිබ්බ ලට්ට පට්ට ඉදුල් මික්ස් කර දෙන කොත්‍තු වර්ගයක් කියලත් කිව්ව.

      Delete
    3. ඒ කාලෙත් කොත්තු තිබ්බද කියල අහන්නද නැත්නම් ඒ කාලෙත් පොලිසියට මිනිස්සු අද වගේම අකමැතිද කියල අහන්නද? හෙහ්. එකක් විස්වාසයි.. ඕක 70 ගණන්වල පටන් ගත්ත උනත් මං අහපු මේ කාලේ වෙනකම් වැඩිය ප්‍රසිද්ද කතාවක් වෙන්න බෑ. නැත්නම් හෝටල් සේවකයෙක් පොලිස් නිළදාරින් දෙන්න ඉස්සරහ 'පොලිස් කොත්තු' කතාව කියල කෑ ගහන්නේ නෑ. දැන් වෙනකොට උන් ඒක සන්නිවේදනය කර ගන්න වෙන ක්‍රමයක් යොදා ගන්නව ඇති. මොකද පොලිසියේ එවුනුත් ඕක අහල ඇතිනේ අනිවාර්යයෙන්ම..

      Delete
    4. කොත්තු කියන්නේ 1970 දශකයේ නැගල ගිය කෑමක්, අනික ඔය සද්දෙට "පොලිස් කොත්තු" කියල පොලිසියෙ උන්ට කොත්තු දෙන කතාව නම් කෙබරයක්, පොලිසියෙ සල්ලි නොදී කන උන්ට කොත්තු දානකොට කඩේ උන් හෙමීට ගිහින් ශේප් එකේ පොලිස් කොත්තු කතාව කියනව මිසක් ඔහොම විලාප ගහල කිව්වම පොලිස් කාරයොන්ටත් මීටර් වෙනව, අනෙක පොලිස් කාරයොත් ඕක දැනගෙන තමයි කන්නෙ, මොකද නෝමලි පොලිස් ආමි නේවි වගේ ඉන්න එවුන්ට ට්‍රේනින් එකේදිත් හරියට ඩියුටි කරොත් ඩියුටියෙදිත් ඕන ජරාවක් කාල ජීවිතේ ගොඩදාගන්න පුහුණුවක් ලැබෙනව. ඔය හොරට යුද්ධය නැති පැතිවල ආතල් එකේ වැඩකරල මෙස් වලින් කාපු උන්ට නම් මේව මැජික් ඇති.

      Delete
    5. හරි සර්.. සමාවෙන්න.. අවුරුදු විස්සක් විතර හිතේ තියාගෙන ඉඳල ඉඳල මං මේ බොරුවක් ලියුව ආතල් එකක් ගන්න හිතිලා.. ආයි එහෙම කරන්නේ නෑ හොඳේ.. ආ.. අර කොත්තු හැත්තෑ ගණන්වල ඉඳල ජනප්‍රියයි කියපු එක නම් ඇත්තටම දැනගෙන හිටියේ නෑ.. පහලින් රවී මහත්තයත් ලියල තියෙනවා 78 දවසක බදුල්ලේ කඩේකින් කොත්තු කෑවා කියල.. ඒ කාලේ මං කලිසමේ හුජ්ජ කර ගන්න පොඩි එකා වෙච්චි ඒ ගැන ඒ හැටි දැනීමක් තිබ්බේ නෑ..

      Delete
  6. පොලීසියෙන් දඩයක් කෑවම ඔච්චර අවුලක් ඇයි බන්...ගෙවල දාලා ලයිසොම ඉල්ල ගනින්....

    හෝටල් කාරයො බලු වැඩේ නේද කරන්නෙ..? පොලිස් නිලධාරීන්ව සමහර වෙලාවට ඩියුටි දානවා බන් උන් යන්නෙ එන්නෙ කන්නෙ බොන්නෙ කොහොමද කියලවත් බලන්නැතුව.. මමනම් කියන්නෙ හෝටල් වලින් පොලිස් නිලධාරීන්ට නොමිලේ කන්න දෙන්න ඕනා, බස්වල නිකන් ගෙනියන්න ඕනා.. ජාතික මෙහෙවරක් සේ සලකලා..

    ReplyDelete
    Replies
    1. ඉතුරු පොලිසි දෙසිය ගාණෙම්ම ඕනි එකක් හා අම්මේ.. මේ සෙද්දේ කුරුඳු*ත්ත පොලිසිය කියනකොට මගේ ඇඟේ මාළු නටනව ඕයි.. හෙහ් හෙහ්..

      අසූ ගණන්වල වගේ අපිත් බදුල්ල ටවුමේ පොඩි හෝටලයක් කරා.. සමහරුන්ට දැක්කම කතා කරල තේ එකක් බීල යන්න කාල යන්න කියනව.. ඒත් සමහර ගෙඩියො හිතං ඉන්නව ඒක උන්ගේ අයිතිවාසිකමක් වගේ කියල.. අන්න එහෙම උන්ට සලකන්න හිතෙන්නේ නෑ.. කොහෙ උනත් ඉතිම් පුද්ගලයාගෙ විදිය මත තමයි ඕක තීරණය වෙන්නේ.. හැබැයි සමස්තයක් විදියට ඔය පොලිස් සූට් එක ඇන්දං ඉන්නකං ගොඩක් එවුං කැරියො..

      Delete
  7. ආයි ඉතිං ඔය විදිහට තමා පොලිසියට කිරි තේ හිට ලැබෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එකාතකින් පව් බං.. ඒ උනාට යුනිෆෝම් එක දාං ඉන්නකං ඔය පකිරින්තුවෝ හෙනම අලි පුකෙන් ඉන්නේ.. ඔක්කොම නෙවෙයි වැඩි හරියක්..

      Delete
  8. Mathak krla දඩ gewala licen eka gann ayyee...

    ReplyDelete
  9. Replies
    1. හපොයි.. දඩයක් කෑවම මරු කියනවයි.. :D :D

      Delete
  10. කොහෙ පොලිසියටද ඇහුවම තමයි මගෙ මල එජස් වුනේ.. කුරුඳුවත්ත පොලිසිය විතරද.. ....ඔබ එහෙනම් එතනදිත් ඔය රණවිරු ලේබල් එක නිසා නිතිය නවලා කල වරදින් මිදී පලායන්නද

    පළමු පාර ඔබව පොලෝසි ගියෙත් ඔබට අදාළ නැති ක්‍රියාවක් කරන්න ගොසින්නේ රණවිරුවෝ බොහොමයක් සිතන්නේ ඔවුන්ට රණවිරු කියන ලේබලයටතේ ඕන දෙයක් , ඔන වරදක් කර බේරී යන්න දෙන්න ඕනේ කියල
    අප දන්නා බොහෝ රණවිරුවන් අවසන් සටනේ මුල් පෙලේ සටන්කර විශ්‍රාම ගියපසු පසු ගිය අතීත යුද්දය ගැන තියා හමුදා ජීවිතය ගැනවත් කිසිම විටෙක් හෝ තැනක කතා කරන්නේ නෑ හේතුව ඇසුවිට කියන්නේ එය දැන් අවසානයි නැවත යුද්දය විකුණා කන්නේ නැතිව සිටීම නම් එයයි නියම රණවිරුකම කියා

    ReplyDelete
    Replies
    1. කොහොමද බං උඹල මෙච්චර සීරියස් වෙන්නේ.. පට්ට ඕයි.. :D :D :D

      Delete
  11. අනේ ආණ්ඩුවට සල්ලි නැති මේ වෙලාවේ වැඩි දුර හිතන්නේ නැතුව ඔන්න ඕක ගෙවල දාපන්.. රට දියුණු කරන්න දායක වුනා කියල මැරෙන වෙලාවට සතුටු වෙන්ඩ පුළුවන්..

    මට නම් පොලිස් කාරයොත් එක්ක අවුලක් නෑ.. මෙච්චර කාලෙකට සහයෝගෙ තමා දීලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හිත හදාගන්න තිබ්බ කුරුඳුවත්ත පොලිසිය නොවුනා නම්.. හෙහ් හෙහ් .. හැබෑට මන් උන්නේ උබ තන්තෝසෙන් ලංකාවේ කට්ට කනවා ඇති කියල.. :D :D

      Delete
  12. Replies
    1. මං උන්නේ හැමෝම මෙහෙම කොමෙන්ට් කරයි කියල අනවශ්‍ය ප්‍රශ්ණ නොඅහ.. :D :D

      Delete
  13. මම හිතුව උඹ පොලිස් කෑල්ලකට බැහැල කියල පොලිස් තොත්තුවක් හම්බවුනා කිව්වම ,

    ReplyDelete
    Replies
    1. අඩ්ඩඩ්ඩා.. අන්න ඒක නම් නරක නෑ.. :D :D

      Delete
  14. අද්මිරාල් සඳගිරි..
    බත් කනවද බඩගිනි//

    ReplyDelete
    Replies
    1. මං හිතුව එයාට නේවි එකම කාල බඩ පිරිල කියල.. :D :D

      Delete
  15. හරි ෂෝයි පොලිසිය එක එළියෙන් බැලුවාම නම්

    ReplyDelete
    Replies
    1. පිට ඔපයට රැවටෙන්න එපා කියල කියනවනේ.. :D

      Delete
  16. දෙවන ලෝක මහා සංග්‍රාමයේ දී ඇමෙරිකානු හමුදා ඔවුන්ගේ නිලධාරියකු රැගෙන ඒම සඳහා ප්‍රංශයේ Omaha වෙරළට නාවික යාත්‍රා මගින් ඉතාමත් අවදානම් ගොඩ බැසීමක් කළ ආකාරය Saving Private Ryan ඇමරිකානු චිත්‍රපටයේ දැක්වේ.

    සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිපදවූ එම චිත්‍රපටය ලෝක චිත්‍රපට ශ්‍රේණිගත කිරීම් වල ඉතා ඉහළින් ටින අතර ඒ මෙහෙයුමෙන් ඇමෙරිකානු සෙබලුන් විශාල සංඛ්‍යාවක් මරණයට පත් වේ.
    වසර 70 කට ඉහත එවැනි සිදුවීම් අළලා ඇමෙරිකාව තවමත් සිනමා නිර්මාණ කරමින් සිය හමුදාවන් අගය කරද්දී එයට වඩා බිහිසුණු අවදානම් සටන් කළ අපේ ආරක්ෂක හමුදාවන් අද මුහුණ දෙන්නේ කවර තත්ත්වයකට ද.?

    එක්දහස් නවසිය අනූ ගණන් වල අපේ නාවික හමුදාව එවැනි ඉතා අවදානම් සටනක් කරනු ලැබුවත් ඒ ගැන දැන් දන්නේ කීයෙන් කී දෙනා ද.?

    ඒ වන විට ඊළාම් යුද්ධය ඉතා දරුණු ලෙස උතුරු නැගෙනහිර බිළිගත් සමයයි. උතුරේ හමුදා කඳවුරු පිටින් එල්ටීටීය විසින් යටත් කරනු ලැබූ යුගයයි.
    එවැනි යුගයක හුදෙකලා ව පැවති පුනරින් හමුදා කඳවුරට දිනක් රාත්‍රී කාලයේ දරුණු එල්ටීටීඊ ප්‍රහාරයක් ඇරඹිණි.

    පසුදා අලුයම වන විට තත්ත්වය ඉතා දරුණු වූ අතර පිටතින් ආධාර නොමැති වුවහොත් මුළු හමුදා කඳවුරු ම ත්‍රස්තයන් අතට පත් වී සියලු භටයන් සමූල ඝාතනය කිරීමේ අවධානමට ලක්ව තිබිණි.
    එදින උදෑසනම උතුරේ ඉහල ආරක්ෂක නිලධාරීන් යාපනයේදී හදිසි සාකච්ඡාවක් කැඳවා තිබුනේ කදවුර බේරාගැනීමේ ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීම සඳහාය.

    ගොඩබිමින් පුනරින් වෙත ළඟාවීමට ඒ මොහොතේ කිසිසේත්ම කල නොහැකි වූයේ හමුදා කඳවුරේ ගොඩබිම් පිවිසුම් මාර්ග සියල්ලම ඒ වනවිට එල්ටීටීඊ ත්‍රස්තයන් අතට පත් ව පැවතීම නිසා ය.
    5.0 අවිවලින් ගුවන්යානා වලට පහරදීම ඇරඹුණේ ඒ ආසන්න කාලයේ නිසා ගුවන් මගින් භටපිරිස් ගැනීමද කළ නොහැකි විය.

    එකම මග වූයේ මුහුදින් ආධාර යැවීම පමණි.
    ඒ වන විට උතුරේ නාවික අණ දෙන නිලධාරියා වූයේ රියර් අද්මිරාල් සරත් වීරසේකර මැතිතුමන්ය.
    එතුමා නාවික හමුදාව නියෝජනය කරමින් එම සාකච්ඡාවට සහභාගි වී තිබිණි.

    ඔහු පැවසූ ආකාරයට නාවික හමුදාවට එහි ළඟාවීමට ත්‍රස්ත ප්‍රහාර හමුවේ වුවත් හැකි වන්නේ රාත්‍රී කාලයේ පමණි.

    මන්ද දිවා කාලයේ වෙරළට නාවික යාත්‍රා ළඟාවනවිට පෙරලී සිටින ත්‍රස්තයන්ට එම යාත්‍රා සහ භටයන් ඉතා පහසු ඉලක්ක බවට පත්වන නිසාය.
    (මෙම සිනමාපටයේ දක්වන ඇමරිකානු සෙබලුන්ට එදා ප්‍රංශ පෙරලී දී මුහුණ දීමට සිදු වන්නේත් ඒ අභියෝගයට ම ය)

    එය සියදිවි නසා ගැනීමක් බඳු කටයුත්තකි.
    නමුත් පුනරින් කඳවුරෙන් ලැබෙන ගුවන්විදුලි පණිවිඩ වලින් පැවසෙන්නේ එදා රාත්‍රිය තෙක් හමුදා කදවුර රැක ගැනීමට කිසිසේත් නොහැකි බවයි.
    ඒ මොහොතේ එම දරුණු අවදානම නොතකා අද්මිරාල් සරත් වීරසේකර යන් එම අභියෝගය භාර ගෙන ඇත.

    එම සාකච්ඡාවට සහභාගි වී සිටි එවකට යුද හමුදාපති ලුතිනන් ජනරාල් රොහාන් දළුවත්ත, රියර් අද්මිරාල් සරත් වීරසේකර ගේ දෑත් අල්ලා "සරත් මගේ කොල්ලො ටික බේරගන්න ඔබ මේ ගත්ත අභියෝගෙ තියෙන දරුණුකම අසීරුකම මම හොඳට දන්නවා ඔබේ මේ උත්සාහය අති විශිෂ්ඨයි" යනුවෙන් පවසා ඇත.

    ReplyDelete
    Replies
    1. ආපසු කරෙයිනගර් හි පිහිටි තම කඳවුරට පැමිණි සරත් වීරසේකරන් එහි සියලු නාවික නිලධාරීන් හා සෙබළුන් කැඳවා මේ අභියෝගය විස්තර කර ඇත.

      "දරුවනේ අපට මේ ගමන ගිහින් ආපහු එන්න පුළුවන්ද කියලා හරියට විශ්වාස කරන්න බෑ. ඒත් සිය ගණනක් හමුදාවෙ කොල්ලො මැරෙනකම් බල බලා අපිට ඉන්නත් බෑ ඒ නිසා මම මේ ගමන යනවා කවුද මාත් සමග යන්න එන්නේ" යනුවෙන් විමසා ඇත.

      මුලින්ම අත ඔසවා" මම සර් සමග එනවා" යනුවෙන් පවසා ඇත්තේ පසුව නාවික හමුදා පති ධුරයට පත්වූ වර්තමාන ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නය. එවකට ඔහු කණිෂ්ඨ නිලධාරියෙක් විය.

      අනතුරුව ඒ සඳහා එක් වුණු අනෙක් නිලධාරීන් සහ සෙබළුන් ද යුද හමුදා විශේෂ බලකායේ භට පිරිස් දැනගෙන යාත්‍රා ගණනාවකින් දිවා කාලයේ ම පුනරින් බලා පිටත් ව ඇත.

      සරත් වීරසේකර මා සමඟ පැවසුවේ මෙහෙයුම ඇරැඹේ දීම එතුමා නාගදීපය දෙසට හැරී වැඳ ප්‍රාර්ථනාවක් කළ බවයි.

      මව්බිම රකින මේ මෙහෙයුමට යෙදෙන අපේ සෙබළුන්ට අවම හානියකින් යුතුව මේ මෙහෙයුම සාර්ථකව අවසන් කර ගැනීමට ලැබේවා යන ප්‍රාර්ථනය යි.

      එතුමා වැඩිදුරටත් පැවසූයේ ආශ්චර්යයකින් මෙන් පැය එක හමාරක පමණ කාලයක් තුළ මුළු උතුරු අහසම කළු කර දැවැන්ත වර්ෂාවන් ඇරඹුණු බවයි.

      ගොඩබිම මුහුද වෙන්කර හඳුනාගත නොහැකි තරමට විශාල වර්ෂාවක් වූ එම වර්ෂාව මැද්දේ නාවික හමුදා යාත්‍රා එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට සිතාගැනීමටත් නොහැකි ලෙස පුනරින් වෙරළට කඩා වැදී ඇත.

      අනතුරුව යුද හමුදා විශේෂ බලකායේ සහ නාවික හමුදා භටයන්ගේ දරුණු ප්‍රහාර වලින් එල්ටීටීඊ ත්‍රස්තයන් පලවා හැර අඳුරින් ඉතිරිව සියලු සෙබළුන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිව තිබේ.

      එදා වෙරළට කඩා වැදුණු මුල්ම නාවික යාත්‍රාවේ අණදෙන නිලධාරියා වූයේ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න බව ද සරත් වීරසේකර පැවසීය.

      දෙවන ලෝක මහා සංග්‍රාමයේදී ඔහාමා වෙරළට කඩාවැදුණු ඇමරිකානු හමුදාවන්ට සිදු වූ හානියට වඩා ඉතා අඩු හානියකින් යුතුව මේ සටන ජයගැනීමට රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇතුළු අපේ විරුවන්ට හැකිවිය.

      එම මෙහෙයුමට එදා සහභාගි වූ බොහෝ නිලදරුවන් සම්මාන පදක්කම් වලින් පිදුම් ලැබීය. ඇමරිකාව වසර 70 කට පසුවත් අතීත රණවිරුවන්ගේ වීර ක්‍රියා අගය කරමින් සිනමාපට තනද්දී අවුරුදු දහයක තරම් මෑත අතීතයේ දී මිනීමරු ත්‍රස්තවාදය අවසන් කරනු ලැබූ අපේ නිලධාරින් රිමාන්ඩ් බන්ධනාගාර වලත් සිරගත කිරීම් වලටත් භාජනය වෙති. උසාවි ගානෙ රස්තියාදු වෙති.

      අපේ රටේ අලුත් පරපුර සිනමාපට තනන්නේ හමුදාව අපහාසයට ලක් කිරීමටත් ත්‍රස්තවාදීන් අහිංසකයන් බවටත් පෙන්වමිනි. ජ්‍යත්‍යන්තර සම්මාන ලැබෙන්නේ ද ඒවාට ය.

      හිත නරක් කර ගත යුතු නැත. ඒ ඇමෙරිකාවය. මේ ලෝකෙන් උතුම් රට වූ ශ්‍රී ලංකාව ය.

      (ඉහත චිත්‍රපටය නරඹන්න. එවිට ඔබටත් අපේ මිනිසුන් කරනු ලැබුවේ කුමන අන්දමේ කැපවීමත් යන්න තරමක් හෝ ඇඟට දැනේවි)

      - ලාල් ද අල්විස් -

      Delete
    2. ස්තුතියි වටිනා දිග විස්තරයට..

      Delete
    3. මාත් බලපු සුපිරිම ෆිල්ම් එකක්! Save the private Ryan

      Delete
    4. Paths of Glory, Full Metal Jacket, Starship Troopers, Thin Red Line, Casualties of War, All quite on the western front, Gallipoli, Bridge on the river Kwai, Dirty Dozen, Platoon, Patriots, Master & Commander, Men of Honour, Behind Enemy Lines, Rules of Engagement, Hacksaw Ridge.. මේවත් හොයාගෙන බලපං.. War films බලනවා කියන්නේ පිස්සුවක් තමයි..

      Delete
    5. ෆිල්ම්ස් ටික කොපි කර ගත්තා. ස්තුති.

      Delete
  17. කොත්තු ගැන කියනවනම් මම කාල තියන රසම කොත්තුවක් කෑවෙ බදුල්ලෙ පහළ වීදියෙ මුස්ලිම් හෝටලේකින්..1978 අවුරුද්දෙ ...උඹ නම් ඉපදිලාදත් මන්ද....:)

    ReplyDelete
    Replies
    1. අම්මප.. මං උන්නේ මේ කොත්තු කියන්නේ අනූ ගණන්වල වගේ ඉඳල ජනප්‍රිය වෙච්චි කෑමක් කියල.. අනූ ගණන්වල මුල උනත් අපි ක්ලාස් යන කාලේවත් බාබත් එක්ක පිට්ටු, තොසේ, වඩේ, පරාට, පාන් පරිප්පු අල හොදි වගේ මිසක් කොත්තු කාපු බවක් මතක නෑ.. එක්කෝ ඒ කාලේ කොත්තු සුපිරි කෑමක් වෙන්නැති. 78 මං කලිසමේ හුජ්ජ කරගන්න සයිස්..

      Delete
    2. 1984 දී කොත්තු කා තිබේ. තැන කොම්පඤ්ඤ වීදියේදී මැලේ පාරේ කඩේ නම මතක නැහැ මේ තියෙන්නේ තව පොලිස් කොත්තු කටහ්වක්.
      http://rhythmworld.lk/article/ltttt-ptttt-daal-hdn-meek-kottu-rottiy

      Delete
    3. අජිත් මේ කමියාගෙ සුපුරුදු අතේ පත්තු වෙන වලස් පච අටෝරාශියෙන් තවත් එකක් විතරයි, ඔච්චර සීරියස් ගන්න ඕනැන්නෙ නැහැ. මේ පොලිස් කොත්තු ගැන ගැන බ්ලොග් කීපයකම් ඉස්සර ගියා, මේ චන්දිම ගෝමස් අවු. 02 1/2 ක්ට කලින් ලියපු එකක්;

      http://chandimagomes.blogspot.com/2016/09/blog-post.html

      අනේ ඒ විතරක් නෙවෙයි, පත්තරවලත් ඔය ඕනෙ තරම් පොලිස් කොත්තු ගැන ලියල ඇති, මේ ලන්කාදීපෙ ගිය කොත්තු ආටිකල් එකෙත් තියෙනව;

      //Lankadeepa 28 August 2013 (Wednesday)

      පොලිස් කොත්තු කියලා ජාතියක් තියනවා. ඒක හදන්නේ මෙහෙමයි. කාලා ඉටුරුවෙන කොත්තු වෙනම අරන් තියනවා. රෑට රාජකාරියේ යන ගමන් හෝටලට ගොඩ වෙන පොලිස් නිලදාරීන්ට දෙන්න. මොකද එයාලා මුදල් දෙන්නේ නැති හින්දා කියලා, " පොලිස් ටී " කියලා ජාතියක් තියනවා. එක හැදෙන්නෙත් බීලා ඉතුරු කරපු කිරි එකතු කරලා බොයිලේරුව ළඟ තියලා ළඟට ඇවිත් ශේප් එකේ "පොලිස් ටී එකයි" කිවුව ගමන් එතනින් දෙනවා. ////

      අජිත් අර ඉස්සර කට්ටියක් බ්ලොග් වලට ලිඛිත කයිවාරුද මොකද්ද කතාවක් කියල කිණ්ඩිය දැම්මෙ මේ වගේ ලිපි නිසා වෙන්න ඇති, හැබැයි මේව නම් ලිඛිත ප්‍රබන්ධ කිව්වොත් නිවැරැදියි;

      ////මේ කතාව නං උනේ සැළකිය යුතු කාලෙකට කලින්.. කොටිම්ම දැං මෙහෙම කලාට ඒ කාලේ පොලිසිය අපිට හොඳට සළකන කාලේ.. (මීට අවුරුදු විස්සකට විතර කලින් මම කයිට්ස් වල ඉද්දි කයිට්ස් පොලිසිය තිබුනේ නේවි එක යටතේ.. පොලිසියේ ඕ.අයි.සී ත් ඔපරේශනලි රිපොර්ට් කරේ කයිට්ස් නේවි CO ට.. ඒ කාලේ ඉතිම් අපි හවසට පොලිසිය පැත්තේ ගියාම ඔය සාජන් ලා පී.සී. ල එහෙම කරේ තියාගෙන අපිට සළකන්නෙ.. උන් අපේ සෙක්ටර් වලට ආවම අපේ කොල්ලොත් ෆුල් බක්තිය දෙනව.. දැන් ඒව ඉතිම් මතක විතරයි- හිත හැදෙන්න ඒ ටික ලියුවෙ; කවුරුත් බනින්න එපා ඉතිම් රණවිරු සෙද්දවල් විකුණන් කන්න ලියනවා කියල හිටං)

      මේ සිද්ධිය උනේ ඒ 9 පාරේ කෑමට බස් නවත්තන ප්‍රසිද්ද කඩ පොළකදි. තාමත් ඒ කඩ තියෙනව ඇති කියල හිතෙන නිසා හරියටම තැන කියන එක හරි නෑනේ. ඔතන බස් නැවත්තුවම එක ලඟ තියෙන කඩ දෙක තුනක් සූ ගල පිරෙනව.. මම පුරුදු වෙලා හිටියේ ඔය අතරින් ටිකක් අඩුවෙන් සෙනඟ පිරෙන කඩේකට යන්න. එතන ටිකක් නිදහසෙ ඉන්න පුලුවන්. අනික මුදලාලි හෙන ප්‍රියමනාප ඩයල් එක. පොර මඩකලපුවේ බුවෙක්. මාත් ඉපදිල තියෙන්නේ මඩකලපුවේ කියුවම මාත් එක්ක හෙනට ෆිට් උනා.. මුදලාලි ෆිට් නිසා කොල්ලොත් ෆිට්. මාසෙකට සැරයක් දෙකක් ගියා උනත් ඒ ටිකට හොඳට සළකනව (කියල හිතුව..)

      දවසක් මං ඔහොම ඔතන ඉන්න වෙලාවෙම පොලිස් ජොකියො දෙන්නෙක් ගොඩ උනා.. ඒ අහල පහල ඩියුටි හිටපු උන් වගයක් වගේ.. උන් ඇවිල්ල වාඩි වෙනකොටම එක කොල්ලෙක් කෑ ගැහුව..

      "පොලිස් කොත්තු දෙකා…..යි…."///

      නේවි එකේ ක්‍රියාන්විත ප්‍රදේශ වලින් පිට නෝමල් ක්ලෙරිකල් ඩියුටි ආතල් එකේ කර කර ඉඳල මාග එකේ සේෆ්ටි එකෙත් අයිස් ජොබක් සෙට කරන් නේවි කන්ටැක්ට්ස් වලින් එහෙන් මෙහෙන් එක එකාගෙන් අහගෙන ඩෝරා ගැනයි ඇවන්ගඩ් ගැනයි කැප්ටන් හැඩොක් ගොන්වහන්සෙගෙ පිස්සු නදිකඩාල් විගඩම ගැනයි බයිල ලියල රට්ටු හිනස්සපු මූට ඔව්ව ලියන එක මහ කජ්ජක් නෙවෙයි.

      හා නැද්ද බන් කමියෝ? නැද්ද හා, අම්මප කියපන් :D :D :D

      @ K.M.

      Just make fun of you mate, take it easy :D

      Delete
    4. Fuck! you killed the vehemence in the end.. :D :D :D

      Delete
  18. මේ මාසේ 2 වෙනිදා මාව ලිව්වා බද්දේගම අදිවෙගිමාර්ග රතවාහන පොලිසියෙන් ආදය්ම් බලපත්‍රය කලිකුත් වි ඇති නිසා..දඩයක් ඉල්ලුවට දුන්නේ නැහ්..5 වෙනිදා උසාවි..
    පොලිසිය ගැන කියලා වැඩක් නැහැ..එදාම හවස කොලබ එන්න ඇතුල්වෙනකොට පොලිස් කරයෙක් අහ්නවා අපේ මහත්ත්යෙක් ඉන්න්වා කොට්ටාවට දාගෙන යනවාද කියලා...මම කිව්වා මම කඩවතට යන්නේ කියලා ඌ කියනවා කොට්ටාවෙන් එලියට දාලා මහත්තය්ව බස්සලා ආයමත් ඇතුල්ට දාන්නලු..
    මගේ වාහනේ පොලිස්කාරයෝ දාගෙන යන්නේ නැහැ කියලා මම ආවා

    ReplyDelete
    Replies
    1. //මගේ වාහනේ පොලිස්කාරයෝ දාගෙන යන්නේ නැහැ කියලා මම ආවා// හොද වැඩේ ඕකුන්ට! 😂 😂 😂

      Delete
    2. දවසක් මම ඔහොම එකෙක් දාගෙන ගියා .. බැලින්නම් ඌ බද්දේගම ඉඳල ගොඩගම ට යනකම් ඒරියා එකේ RDA ලොක්ක.. දැන් ඌ මගේ හොඳ යාළුවා.. ඒ උනාට ඔය *ක්කු දැන් මාස දෙහෙකට කලිනුත් මාව හයිස්පීඩ් ලියුව බං බද්දේගම දීම.. ඒ වගේ වෙලාවට අරූට කෝල් කරාට ඌ මලාට ආන්සර් කරන්නේ නෑ..:) :D 3300/- ගෙවල බල්ල වගේ නකුට අකුලන් ආව ඉතිම්..

      Delete
  19. පොලිස් කොත්තු දැක්කට කියවගන්න ලැබුණෙ දැන්. කොත්තු කියන ඒව තරුපහේ කඩේක තිබුණත් කන්න එපාවුනෝ.

    ReplyDelete
    Replies
    1. අන්න.. ගුණසිංහ මහත්තයා නිදහසේ පෝස්ට් එක කියවල තියෙනවා වැඩිය හිතන්නේ නැතුව ..

      Delete
  20. සෑර් කිව්වම මතක්උනේ.කුරුඳුවත්ත පොලිසියේ සොල්දරේ උඩ ටැපික් බ්‍රාන්චෙක. සත විසිපහයි, කාබන් කොලෙයි, හාප් ෂීට් මිටියයි, බෝල් පොයින්ට් පෑනයි. පරණ කස්ටමර් කෙනෙක් මුලිච්චි උනා කියල මතක් කළා කියන්ඩකො.
    අයින්ෂක පොලිශ්!

    ReplyDelete
    Replies
    1. ඊයේ ගිහිම් ගත්ත ලයිසොම.. අයින්ෂක පොලිශීය දැන් මොඩ් වෙලා.. ටැපික් එකට වෙනම බිල්ඩිමක් තියෙනවා.. හෙන ගාම්භීර ලුකින් එස්සයි මහත්තැන් කෙනෙකුත් හිටිය ටැපික් ඕඅයිසී කියල..

      Delete
  21. මේ කතාව මීට කලින් කොහේදි හරි කියෝල තියෙනවනෙ.

    මොනව උනත් උඹත් කොත්තුවක් අරගෙනම පලයං ලයිසම ගන්න යනකොට.

    ReplyDelete
    Replies
    1. කොහේ හරි කොමෙන්ටෙකකවත් කොටන්න ඇති බං.. කොහෙද ඉතීම් කො.ක.ස. සබාපතියගෙන් ඕව හංගන්න බෑනේ.. නැත්නම් බොට ඩේ ජා වූ.. :D :D

      Delete
  22. අයිසෙ කා.මී.

    තමුන්ලගෙ ගෞරවයට පත්වෙච්ච සුපිරි ලොක්කෙක් වෙච්චි එජාප හිතවාදී ලක්ෂ්මණ් ඉළන්ගක්කෝන් මහත්තය ඇවන්ට්ගාර්ඩ් මැරිටයිම් සර්විස් එකට ජොයින් වෙලා ෆුල් ෂපාන් එකේ ලෝකෙ වටේ සෙමිනාස් වලට ගිහින් පොස්ට් කීපයක්ම දාල නේද? එයා අවුරුදු 33 ක් සේවය කර නේවි හමුදාවේ ධජ නිලධාරියෙකු තෙක් උසස්වීම් ලැබ ලබා ගත්තාවූ වැටුප මෙන් පස් ( x 5) ගුනයකටත් වඩා වැඩි විශාල වැටුපක් ලැබෙනව, ඉතාම හොඳ ආයතනයක්, රටට සෑහෙන ඩොලර්ස් ආදායමක් එනව කියලත් කිය තිබ්බෙ?

    ඇයි දැන් තමුන්ල ඉස්සර 2015 ඉඳල පොළොවෙ පස් කකා අවලාද නගමින් මඩ බාල්දි පිටින් මරාගේ මිනීමෝර මලයන්ඩි බයගෝතයට විසිකරමින් බෙරිහන් දුන්න නේද ඇවන්ට්ගාර්ඩ් රාජපක්ෂ හොර හැත්ත එක්ක එකට හොරාකාපු අතිශයින්ම නීතිවිරෝධී හොර හුහාවක් කියල?

    දැන් ඒක එකපාරටම නීත්යානුකූල වෙලාද? පරණ කරපු පව් ඔක්කොම සමා කරගෙනද? මෙව්ව දැකල අපිට නම් නිකන් පිස්සු වගේ ඕයි?

    දැන් බොලව් ඔහොම ගිහින් තමුන්නාන්සෙත් ටික දවසකින් ඇවන්ට්ගාඩ් ජොයින් වෙයි, ඊට පස්සෙ තමුන්ලා ඊලඟ ඡන්දෙදි ලැජ්ජ නැතුව අපිට ගිහින් පොහොට්ටු කම්බ හොර කල්ලියට කතිරෙ ගහන්න කිව්වත් අපි පුදුම වෙන්නෙ නැහැ, නොදකින් බන් තමුන්ල වගේ අවස්ථාවාදියෝ

    ReplyDelete
    Replies
    1. මං ඒක කියෙව්වට කොමෙන්ටෙකක්වත් දැම්මේ නෑ බං නිකම් පැටලෙන්න බැරි නිසා.. මේ.. උඹ මාව බලෙන් ඕවට පටලවන්න හදන්නේ නැතුව හිටාන් .. :) :D

      Delete
    2. @Anonymous22 January 2019 at 11:34

      Good Point

      @කල්‍යාණ මිත්‍ර,

      අනේ නිකන් බයිල නොගහ හිටපන්, අපි නොදන්න කමී, උඹ හෙට ඇවන්ට්ගාඩ් එකේ සේනාධිපතිගෙන් ගානක් කපාගන්න 'ඇවන්ට්ගාඩ්' කියන්නේ හෙන පට්ට සුපිරි එලම කිරි ග්‍රේටස්ට් වගේම ෆුල් නීතියානුකූල අටමගලක් කීවත් අපි පුදුම වෙන්නෙ නැහැ, බොලා ඔක්කොම දිව දෙකේ දෙබිඩ්ඩො, ලක්ෂ 62කකින් අති විශාල ප්‍රතිශතයක් මුලාකරපු. බොලාට වඩා මරාගෙ බයි හැත්ත හොඳයි, අඩුම ගානෙ උන් අවන්කයි දෙබිඩි නැහැ. එක අතකට ආයෙ ඡන්දයක් තියෙන දවසක ගිහින් පොහොට්ටු කල්ලියටම ඡන්දෙ දෙන්නත් හිතෙනව බම්, ජෙප්පොයි යූ එන්පී එකයි එකට ඡන්දෙ ඉල්ලුවොත් නම්.

      Delete
    3. හෙහ් හෙහ් හෙහ්.. සල්ලි දෙනවනම් ඔය මක්ක හරි ලියල දාන එක මහා වැඩක් ඇයි බං.. වැඩේ කියන්නේ ප්ලේන්ටියක් ගහන්නවත් කීයක්වත් නැතුව ඉන්නවා.. කෝ එකෙක්වත් කතා කරන්නේ නෑනේ.. :D :D

      Delete
    4. කල්‍යාණ මිත්‍ර 'සල්ලි දෙනවනම් ඔය මක්ක හරි ලියල දාන එක මහා වැඩක් ඇයි බං'

      ඇයි බන් බොලා ඉස්සර ඇන්ටි පාරක් එක්ක සෙට් වෙලා මොකක්ද සමිතියක/ සන්විධානෙක සභාපතිවෙලා මිලියන් ගණනින් රාජිතගෙනුයි යූ.එන්.පී. එකනුයි තමිළ් ඩෑස්පොරා එකෙනුයි හොන්දට ගැරුව කියල අර මරාවාදී ඩෙන්ටෙක් ටික කලකට කලින් උඩ පැන්න නේද? අපිත් බලල කමෙන්ට් කියෝල පට්ට ආතල් එකෙක් ගත්තෙ ඒ දවස් වල, අම්මපා එහෙම ආතල් එකක් ආයිත් ආවොත් නම් මරු.

      හැබෑටම ඒ සල්ලි බොලා එෆ්.ඩී දාල ද? නැත්නම් ඉන්වෙස්ට් කරලද? අතාරින්න එපා ආයෙ ඡන්දයක් එයි, නැත්නම් අලුත් වියවස්තා මගුල වෙනුවෙන් බ්ලොග් ලියල ගානක් කපාගණින්. ආ මතක ඇතුව අපිටත් වැඩේ සෙට් කරපන්, අපිත් ලියන්නම්, අපටත් සබ්-කන්ට්‍රැක්ට්ස් දීපන් මචෝ.

      Delete
    5. //අම්මපා එහෙම ආතල් එකක් ආයිත් ආවොත් නම් මරු.// එහෙම මිලියන් ගණන් ආතල් හැමදාම එන්නේ නෑ බං.. මිලියන් තියා මේ දවස්වල අලුක්කාල් ආතල් වත් නෑ.. රෙන්ඩ පුකේ ගූ නැතුව වේලෙනවා.. :D :D :D

      Delete
  23. බැලුවම කමියා සෑහෙන්න ජනප්‍රියයි නෙ. මගේ මුල්ම කොත්තු සීන් එක මම කලින් ලිව්වා.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් කොමෙන්ට් ආතල් එකක් ගත්තේ.. තාම හැලපතුමාල එහෙම මේවයේ දකින්න ලැබීම ම කොච්චර එකක්ද හිටං :D :D

      Delete
  24. අජිත් මේ කමියාගෙ සුපුරුදු අතේ පත්තු වෙන වලස් පච අටෝරාශියෙන් තවත් එකක් විතරයි, ඔච්චර සීරියස් ගන්න ඕනැන්නෙ නැහැ. මේ පොලිස් කොත්තු ගැන ගැන බ්ලොග් කීපයකම් ඉස්සර ගියා, මේ චන්දිම ගෝමස් අවු. 02 1/2 ක්ට කලින් ලියපු එකක්;

    http://chandimagomes.blogspot.com/2016/09/blog-post.html

    අනේ ඒ විතරක් නෙවෙයි, පත්තරවලත් ඔය ඕනෙ තරම් පොලිස් කොත්තු ගැන ලියල ඇති, මේ ලන්කාදීපෙ ගිය කොත්තු ආටිකල් එකෙත් තියෙනව;

    //Lankadeepa 28 August 2013 (Wednesday)

    පොලිස් කොත්තු කියලා ජාතියක් තියනවා. ඒක හදන්නේ මෙහෙමයි. කාලා ඉටුරුවෙන කොත්තු වෙනම අරන් තියනවා. රෑට රාජකාරියේ යන ගමන් හෝටලට ගොඩ වෙන පොලිස් නිලදාරීන්ට දෙන්න. මොකද එයාලා මුදල් දෙන්නේ නැති හින්දා කියලා, " පොලිස් ටී " කියලා ජාතියක් තියනවා. එක හැදෙන්නෙත් බීලා ඉතුරු කරපු කිරි එකතු කරලා බොයිලේරුව ළඟ තියලා ළඟට ඇවිත් ශේප් එකේ "පොලිස් ටී එකයි" කිවුව ගමන් එතනින් දෙනවා. ////

    අජිත් අර ඉස්සර කට්ටියක් බ්ලොග් වලට ලිඛිත කයිවාරුද මොකද්ද කතාවක් කියල කිණ්ඩිය දැම්මෙ මේ වගේ ලිපි නිසා වෙන්න ඇති, හැබැයි මේව නම් ලිඛිත ප්‍රබන්ධ කිව්වොත් නිවැරැදියි;

    ////මේ කතාව නං උනේ සැළකිය යුතු කාලෙකට කලින්.. කොටිම්ම දැං මෙහෙම කලාට ඒ කාලේ පොලිසිය අපිට හොඳට සළකන කාලේ.. (මීට අවුරුදු විස්සකට විතර කලින් මම කයිට්ස් වල ඉද්දි කයිට්ස් පොලිසිය තිබුනේ නේවි එක යටතේ.. පොලිසියේ ඕ.අයි.සී ත් ඔපරේශනලි රිපොර්ට් කරේ කයිට්ස් නේවි CO ට.. ඒ කාලේ ඉතිම් අපි හවසට පොලිසිය පැත්තේ ගියාම ඔය සාජන් ලා පී.සී. ල එහෙම කරේ තියාගෙන අපිට සළකන්නෙ.. උන් අපේ සෙක්ටර් වලට ආවම අපේ කොල්ලොත් ෆුල් බක්තිය දෙනව.. දැන් ඒව ඉතිම් මතක විතරයි- හිත හැදෙන්න ඒ ටික ලියුවෙ; කවුරුත් බනින්න එපා ඉතිම් රණවිරු සෙද්දවල් විකුණන් කන්න ලියනවා කියල හිටං)

    මේ සිද්ධිය උනේ ඒ 9 පාරේ කෑමට බස් නවත්තන ප්‍රසිද්ද කඩ පොළකදි. තාමත් ඒ කඩ තියෙනව ඇති කියල හිතෙන නිසා හරියටම තැන කියන එක හරි නෑනේ. ඔතන බස් නැවත්තුවම එක ලඟ තියෙන කඩ දෙක තුනක් සූ ගල පිරෙනව.. මම පුරුදු වෙලා හිටියේ ඔය අතරින් ටිකක් අඩුවෙන් සෙනඟ පිරෙන කඩේකට යන්න. එතන ටිකක් නිදහසෙ ඉන්න පුලුවන්. අනික මුදලාලි හෙන ප්‍රියමනාප ඩයල් එක. පොර මඩකලපුවේ බුවෙක්. මාත් ඉපදිල තියෙන්නේ මඩකලපුවේ කියුවම මාත් එක්ක හෙනට ෆිට් උනා.. මුදලාලි ෆිට් නිසා කොල්ලොත් ෆිට්. මාසෙකට සැරයක් දෙකක් ගියා උනත් ඒ ටිකට හොඳට සළකනව (කියල හිතුව..)

    දවසක් මං ඔහොම ඔතන ඉන්න වෙලාවෙම පොලිස් ජොකියො දෙන්නෙක් ගොඩ උනා.. ඒ අහල පහල ඩියුටි හිටපු උන් වගයක් වගේ.. උන් ඇවිල්ල වාඩි වෙනකොටම එක කොල්ලෙක් කෑ ගැහුව..

    "පොලිස් කොත්තු දෙකා…..යි…."///

    නේවි එකේ ක්‍රියාන්විත ප්‍රදේශ වලින් පිට නෝමල් ක්ලෙරිකල් ඩියුටි ආතල් එකේ කර කර ඉඳල මාග එකේ සේෆ්ටි එකෙත් අයිස් ජොබක් සෙට කරන් නේවි කන්ටැක්ට්ස් වලින් එහෙන් මෙහෙන් එක එකාගෙන් අහගෙන ඩෝරා ගැනයි ඇවන්ගඩ් ගැනයි කැප්ටන් හැඩොක් ගොන්වහන්සෙගෙ පිස්සු නදිකඩාල් විගඩම ගැනයි බයිල ලියල රට්ටු හිනස්සපු මූට ඔව්ව ලියන එක මහ කජ්ජක් නෙවෙයි.

    හා නැද්ද බන් කමියෝ? නැද්ද හා, අම්මප කියපන් :D :D :D

    @ K.M.

    Just make fun of you mate, take it easy :D

    ReplyDelete
    Replies
    1. Fuck! twice you killed the vehemence mate.. I was almost typing a vigorous reply to this.. heh heh heh.. :D :D

      Delete
  25. රෑට හයිස්පීඩ් අල්ලන හැමෝටම "පොලිස් කොත්තුව"ගානේ දෙන්න ඕනේ .

    නියම කථාව කමී

    ReplyDelete
    Replies
    1. අම්මප.. කතා කල්ල අරන් දෙන්න වටිනවා බං.. පාර ඉද්ද ගැහුවා වගේ පේන්න තියෙද්දී මොන හිතකින් කලර් ලයිට් වල නතර කර කර පනහට යන්නද මං අහන්නේ.. :)))))

      Delete
  26. හම්මෝ කමියෝ... මමනං ඔය කාකි සුට් එක ඇඳන් ඉන්න පොලිස් බල්ලෙක් මැරෙන්න ගියත් වතුර උගුරක් දෙන්නෙ නැහැ. දැක්කද මචං අර රත්ගම කොල්ලො දෙන්නට කල වැඩේ.. මටත් ඔය වගේම වැඩක් කරන්න ගියා පිළියන්දල පොලීසියෙන්. ආමි, නේවි එකේ ඇවුන් හොඳයි මචෝ. මේ හුත්තල යුනිෆෝර්ම් එක ඇඳගත්තහම උං ලයිසන් චන්ඩි වෙනව. හරි ලෝයර් කෙනෙක් ඇල්ලුවොත් උබට පොලීසියටත් නඩු දාන්න පුළුවන්. ඒත් ඕව ලංකාවෙදි කරන්න පුළුවන් දේවල් නෙමෙයි.

    ReplyDelete