Monday, 3 November 2014

සේෆ්ටි සිංහලෙන්- උස් ස්ථානයක වැඩ කිරීම 2 කොටස


සේෆ්ටි සිංහලෙන්- උස් ස්ථානයක වැඩ කිරීම 1 බලන්න පුලුවන් මෙතනින්.. අවශ්‍යනම් එතන තියෙනව ඊට පෙර කථා කල මාතෘකා වලට යන්න ඕනි විදියත්.. 

මේ මාතෘකාව බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයකට ලක් වුණු නිසා මේ ටික ඔක්කොම එක බ්ලොග් එකකට ගොනු කරල කලාහිත කලා කටයුතු වලට නිදහස් කර ගන්නත් අදහසක් තියෙනව.. තව ටිකක් බලමු කෝකටත්..

දැනට ගොඩක් දවසකට කලින් උනත් පහු ගිය වතාවේ අපි කතා කරේ උස් ස්ථානයක වැඩ කිරීම සම්භන්දව ලංකාවේ බල පැවැත්වෙන නීතිමය තත්වය ගැන කියල ගොඩක් දෙනෙකුට මතක ඇති.. වැඩ කිරීම කෙසේ වෙතත් උස් ස්ථානයක පදිංචි වෙලා ඉන්න එකනම් මාරයාගේ තුරුල්ලේ නිදන් ඉන්නවා වගේ පට්ට බයංකාර අත්දැකීමක් කියල අපි හැමෝම දැක්කනේ කොස්ලන්දේ වෙච්ච දෙයින්.. පොඩි අත් වැරැද්දකින් ඕනෙම උස් ස්ථානයක් කෙනෙකුට කොස්ලන්දක් වෙන්න පුලුවන් බව මතක තියාගෙන තව ටිකක් මේක ගැන ඉගෙන ගනිමු.

ඇත්තටම යම් උස් ස්ථානයක රාජකාරියක් කරන්න සිද්ධ වුනොත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි කරුණු 4ක් තියෙනව.. අපි මේකට දන්න සිංහලෙන් නම්, වැරදුණා ඉන්ග්‍රීසියෙන් නම් Major Hazards involved in Working @ Height කියල කියනව. මේ හතර තමයි

1. වැඩ කරන උස ස්ථානයේ සිට මිනිසෙකු පහලට ඇද වැටීමට ඇති හැකියාව- Falling from Height
2. වැඩට යොදා ගන්නා ආයුධ හෝ අමුද්‍රව්‍ය උඩ සිට පහලට වැටීමට ඇති අවස්ථාව- Falling Objects
3. යම් කිසි අහේතුවකට වැඩ කරමින් ඉන්නා අට්ටලය පිටින් කඩාගෙන බිමට සම්ප්‍රාප්ත වීමට ඉඩ ඇත්ද යන බව- Collapse of working platform/ Scaffolding
4. ඉහලින් ගමන් කරන විදුලි රැහැන් වල ගැටීමෙන් හානි වීමට ඇති හැකියාව- Overhead Power Cables

මේ හතර තමයි ප්‍රධාන වෙන්නේ.. ඊට අමතරව කරන රාජකාරිය සම්භන්දව යෙදෙන අවදානම් තත්වයන්ද එනවා.. අපි හිතමු කෙනෙක් අට්ටාලයක් උඩ නැගල කරන්ට් එක සම්භන්ද වැඩක් කරනව කියල.. එතකොට ඉතින් කියන්න ඕනි නැනෙ විදුලිය හා සම්භන්ද අනතුරු තියෙනව කියල.. ඒ වෙලාවට තමන්ගෙ අවදානම් තක්සේරුවට (Risk Assessment) මේ බවත් ඇතුලත් කරගෙන ඒ සඳහාත් පිරියම් යෙදිය යුතුයි. දවසක විදුලිය සම්භන්ද ප්‍රවේශම(Electrical Safety) ගැන හා වෙන්ව තැබීම හා අගුළු දැමීම (Isolation & Lockout) පිළිබඳව කතා කරන කොට ඒ ගැන මං වැඩි විස්තර කියන්නම්.

එහෙම නැත්නම් අපි දැකල තියෙනව ඔය ගෙවල් හදන තැන් වල උඩ තට්ටු වලට ගඩොල් එහෙම් පාස් කරන්නෙ අතරමග මේ වගෙ අට්ටාල හදාගෙන දෙපාරට.. බිම ඉඳන් අට්ටාලෙට විසි කරනව.. අට්ටාලෙ ඉන්න මෑන් ඒ ගැම්මෙන්ම උඩ තට්ටුවට විසි කරනව.. මේ විදියට වරුවක් විතර වැඩ කලොත් අර මනුස්සයට කොන්දක් ඉම්පෝට් කරන්න වෙනව.. මේවට කියන්නෙ ශාරීරික ක්‍රියාකාරකම් වලින් වන අපහසුතා නැත්නම් Manual Handling Issues කියල.. මෙතනදි වෙන්නේ නැවත නැවත් සිදුවන ඒකාකාරී වෙහෙසකර චලනයක් Repetitive Movement. ඒ ගැනත් වෙනම ලියන නිසා මෙහිදී කතා කරන්නේ නෑ. මුලින් කියපු කාරණා හතර මේ හැමතැනටම අදාල නිසා ඕනෑම උස් ස්ථානයක වැඩ කිරීමකට අදාල අනතුරු තක්සේරු වාර්ථාවකට එක්විය යුතුයි. 

මෙම Hazards  ටික හොයා ගත්තයින් පස්සේ අවධානම තක්සේරු කිරීම Risk Assessment කල යුතුයි. එය කරන ක්‍රමය ඉදිරි දිනයකදී ඉගෙන ගනිමු. මෙම අවධානම් තක්සේරු වාර්ථාවේදී ඔබ විසින් පවතින අවධානම Existing Risk; කළමණාකරනය කර ගත හැකි අවම මට්ටමකට අඩු කිරීම Residual Risk සඳහා ගැලපෙන පාලන ක්‍රම වේද Control Measures ඉදිරිපත් කළ යුතුයි. හැමෝටම තේරෙන භාශාවෙන් කියනවනම් රිස්ක් එක පුළුවන් තරම් අඩු කර ගැනීමට කළ හැකි සියලු ක්‍රියාමර්ග සඳහන් කල යුතුයි. 

බොහෝ දෙනෙකු සේෆ්ටි පටලවා ගන්නේ නැත්නම් ඇන ගන්නේ මෙතැනදීයි. මම පිළිගන්න හා අනුගමනය කරන සේෆ්ටි 'So far as reasonably practicable' විය යුතුයි.එනම් හැකිතාක් දුරට හේතු සහගත හා ප්‍රායෝගික විය යුතුයි. එසේ වන්නට හැකි වූ විට අනෙක් වෘත්තීන් හා ගැටීම අවම කර ගත හැක. අත්දැකීමෙන් හා දැනුමෙන් ප්‍රයෝජන ගත යුතුයි.

Control Measures නිර්ණය කිරීමේදී ඔබේ ප්‍රමුඛතා ලැයිස්තුව මතක් කර ගන්න. මෙය ඉතා අමාරු වැඩකි. නමුත් ඔබගේ ප්‍රායෝගික බව මෙහිදී ඉතා වැදගත් වේ. මේ සියල්ල අවස්ථානුකූලව වෙනස් වූවත් පොදුවේ සඳහන් කල හැකි කිහිපයක් මෙසේ දැක්විය හැක.
1. සෑම විටම මිනිස් ජීවිත පළමු තැනට ගන්න.
2. නැවත එකලස් කල නොහැකි හා මිළ කල නොහැකි දේ ඇත්නම් ඒවා දෙවෙනි කොටසට අයත් වේ.
3. ඉහත කරුණු දෙකට අමතරව නීතිමය තත්ත්වයන් යටතේ දඬුවම් නියම කල හැකි හා/හෝ ආයතනයේ කීර්ති නාමයට හානි විය හැකි සිදුවීම් වැලකීමට කටයුතු කිරීම කල යුතුයි. 
4. ඉතා විශාල මූල්‍ය හානියක් සිදුවිය හැකි ගබඩා හෝ එවන් වෙනත් ස්ථාන ඇත්නම් ඊලඟ තැන දිය යුතුයි.
5. විශාල මූල්‍ය හා ශ්‍රම හානි සිදුවිය හැකි නිශ්පාදන ක්‍රියාවලියට (Production Process) බාදා වන කටයුතු කෙරෙහි ඊලඟ අවධානය යොමු විය යුතුයි. 

මෙයාකාරයෙන් ඔබ විසින් ප්‍රමුඛතා අනුව (සමහර ආයතන වල මේවා සුරක්ෂිතතා ප්‍රතිපත්ති හා පරමාර්ථ  Safety Policies & Objectives ලෙස හඳුනා ගෙන ඇත.) යමින් Control Measures නිර්ණය කල යුතුයි.

තව දුරටත් මෙම පාලන විදි ක්‍රමද(Control Measures) වඩා ප්‍රථිඵලදායි ලෙස වර්ගීකරනය කර (Hierarchy of Control) ඇත. මෙය තැන් කිහිපයකදී කිහිපාකාරයක් ගන්නා නමුත් වඩා වැඩි පිළිගැනීමක් ඇති  ආකෘතියකින් (NEBOSH) ඉදිරිපත් කරන්නේ නම් 

1. Eliminate- සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම
2. Reduce- හැකිතාක් දුරට අඩු කිරීම
3. Isolate- වෙන්කර තැබීම
4. Control- පාලනය කිරීම (මෙය ඉංජිනේරු ක්‍රම මගින් පාලනය කිරීම(Engineering Control)- උදා: අනතුර හා පුද්ගලයා අතර ද්‍රව්‍යමය බාධකයක් නිර්මාණය කිරීම(Physical Barrier) හා පරිපාලනමය ක්‍රම මගින් පාලනය කිරීම (Administrative Control) උදා: අනවශ්‍ය පුද්ගලයින් ඇතුළු වීම වැළැක්වීම (Restricted Entry) ලෙස දෙයාකාරයකට වර්ග කරනු ලැබේ.
5. Personnel Protective Equipment (PPE)- පුද්ගලික ආරක්ශණ උපකරණ මගින් ආරක්ශාව ලබා ගැනීම
6. Disciplinary Action- විනයානුකූල ක්‍රියාමර්ග අනුගමනය කිරීම

සෑම විටම උපරිම ප්‍රවේශම සහතික කිරීම සඳහා ඉහලම වර්ගීකරණයේ පූර්ව පරිපාලන විධි ක්‍රම තෝරා ගත යුතු නමුත් එය ප්‍රායෝගික නොවන අවස්ථාවලදී ඊට වඩා පහලින් ඇති විධි ක්‍රම මගින් ප්‍රවේශම තහවුරු කර ගත යුතුය.

මේ අනුව පුද්ගලික ආරක්ශන උපකරණ (PPE) භාවිතය හා විනයානූකූල ක්‍රියාමාර්ග(Disciplinary Procedures) සෑම විටම අවම අභිමත ක්‍රම වේ.  

මේ ටික හැම තැනටම පොදු නිසා මෙතනදී සඳහන් කිරීමෙන් ඉදිරි පාඩම් වලදී අපේ වැඩ කටයුතු පහසු වනු ඇත. කෙසේ හෝ දැන්නම් ගුරාටත් මහන්සියටම අකුරු වැරදෙමින් යයි.. වැඩි කල් නොගොස් ඊලඟ පන්තියේදී අපි අර මුලින්ම සඳහන් කල Hazards හතරට අදාල පොදු පාලන විදි ක්‍රම Control Measures සමඟ මුණ ගැසෙමු. එතෙක් ඔබට ජය ශ්‍රී!



53 comments:

  1. පළවෙනි එකත් කියවගනම ආව.ඔය උස තැන් ගැනනම් දැනුම අල්පයි.ඉන්නේ කළුගල් කන තැනක නොවැ.මේකෙ වැඩකරන ඇත්තන්ගෙත් ආරක්ශාව ගැන තියන සැලකිල්ල ගැනත් කතාකරල වැඩක් නෑ.අනික්ව නෙමෙයි,මුන් ගෙනත් දෙන "ඩස්ට් මාස්ක්" එකවත් දාන්නෙ නෑ.ඒක දාගන වැඩකරනකොට මුන්ට හුස්ම ගන්න බෑලු.
    කොහොම උනත් හොඳ ලිපියක් මිත්‍ර.සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. කටුසු මචං.. අපි ඔක්කෝටම තියෙන ප්‍රශ්ණයක් ඕක.. අපේ සම හරක් හිතන් ඉන්නේ සේෆ්ටි කියන්නේ වැඩ නවත්තන්න අමාරු කරන්න දාල තියෙන බැරියර් කියල.. ඒක එහෙම වෙන්න සමහර සේෆ්ටි ඔස්තාද් ලගේ තිබ්බ/ තියෙන ඔලමොට්ටල වැඩත් බල පානව.. මේ ගැන දිගට සාකච්චා කරමු ඉදිරියට. හැබැයි රජෝ.. දූවිලි ගනං ගන් නැතුව ඉන්න එපා.. මං ලඟදිම ලියන්නම් දූවිලි ගැන.. පපුවට කෙළවෙනකම් දන්නේ නෑ.. උන්ට කියල දීල හදා ගන්ට බලමු.. වෙන මොකා නැතත් උඹ හෙට ඉඳලම හොඳ ඩස්ට් මාස්ක් එකක් හොයල අඳින්න පටන් ගනින්.. ආවටත් කොමෙන්ට් එකටත් ස්තූතියි. ජය ශ්‍රී!

      Delete
    2. https://en.wikipedia.org/wiki/Pneumoconiosis

      Pneumoconiosis is an occupational lung disease and a restrictive lung disease caused by the inhalation of dust, often in mines and from agriculture

      Delete
  2. බොහොම වටිනා තාක්ෂණික කරුණු ඇතුලත් ලිපියක්. මගේ යාලුවෙක් ඉන්නවා ගොඩනැගිලි කොන්ත්‍රාත් කරුවෙක් එයාට පෙන්නන්න මම මේ ලිපිය මුද්‍රණය කරගත්තා.

    පිරිමි අයටත් වඩා සමහර වැඩබිම්වල කාන්තාවන් තමන්ගේ ශරීර ව්‍යුහයට නොගැලපෙන කටයුතුවල යෙදෙනවා. ඔවුන් ඉතා ඉක්මනින් දීර්ඝ කාලීන අස්ථි ආබාධ, ස්නායු ආබාධ වලට ලක්වෙනවා.

    ඔබ අසා තිබෙනවාද සමහර ඉදිකිරීම් වැඩබිම්වල, (විශේෂයෙන් කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සඳහා) නාගරික ප්‍රදේශ වලින් එන කම්කරු කණ්ඩායම් ඉන්නවා. ඔවුන්ට වැටුප් වෙනුවට මත්කුඩු ලබාදෙන බව සෑහෙන විශ්වාසවන්ත ආරංචි වලින් මා තහවුරු කරගත්තා. එතනදී ආරක්ෂාව බින්දුවෙනුත් පහලට යනවා.

    මම කවදාවත් අහලා නැහැ කිසිම වැඩබිමකට රජයේ අදාළ බලධාරීන් පැමිණ, ආරක්ෂාව පිලිබඳ කරුණු පරීක්ෂාකර, නීතියට පටහැනි කටයුතු වලට එරෙහිව, නීතිමය ක්‍රියාමාර්ග ගත බවක්.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා.. මං වැඩකල දෙතුන්පලකම ආරක්ෂාව බාර නිළධාරියෙක් හිටියා (නාහෙට අහන් නැති, හමුදාවෙන් අයින්වෙලා ආපු ඔබතුමා වගේ කෙනෙක්).. මෑන් හැමවෙලාවෙම සයිට් එකේ කරක් ගහනවා.. මොනවා හරි නීති රීති වලට පටහැනි අනාරක්ෂිත දෙයක් කලෛාත් පොටෝ අල්ලගෙන යවා.. ඇල්ලෙන පොටෝ ගානේ හැටියට මාසෙ අන්තිමට අපේ පඩියෙන් කැපෙනවා.. ඒ හින්දා අපේ සේෆ්ටිනං ඉතිං ෆස්ට්ම තමයි...

      Delete
    2. //මගේ යාලුවෙක් ඉන්නවා ගොඩනැගිලි කොන්ත්‍රාත් කරුවෙක් එයාට පෙන්නන්න මම මේ ලිපිය මුද්‍රණය කරගත්තා. //

      මගෙත් යාලුවෙක් ඉන්නව ඔයවගේ පොර මේක දැකල නැ වගේ

      Delete
    3. //(නාහෙට අහන් නැති, හමුදාවෙන් අයින්වෙලා ආපු ඔබතුමා වගේ කෙනෙක්)//

      ඔය වගේ තව මැන්ටල් ආමී අංකල් කෙනෙක් හිටියා , ඔය රෝයල් පාර්ක් එක හදනකොට

      Delete
    4. විචාරක තුමනි,
      නීතියේ හැටියට නම් කම්කරු කොමසාරිස් වරයා යටතේ ප්‍රධාන කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු මහතෙකුත් (Chief Factory Inspection Engineer) දිස්ත්‍රීක් වලට වෙන් වෙන් වශයෙන් දිස්ත්‍රීක් ක.ප.ඉ. (DFIE) මහත්වරුනුත් පත්කර සිටිනවා. ඔවුන් නියමිත කාල පරාසයක් තුලද හදිසි අනතුරකදී, පැමිණිල්ලකදී හා/ හෝ ඉල්ලීමක් කල විටෙක, නව කර්මාන්තශාලාවක් පටන් ගැනීමට පෙර හා පසු ලෙස මෙකී නොකී වශයෙන් තම බල ප්‍රදේශය තුල ඇති සියලුම කර්මාන්තශාලා පරීක්ශා කල යුතු වන අතර ඒ පිලිබඳව ලොග් සටහන් සාමාන්‍ය ලේඛනයේ (General Registry) ඇතුලත් කල යුතුයි. මෙහි 'යුතුයි යුතුයි' ලෙස පමණක් මා සඳහන් කරනුයේ මෙවැනි 'යුතුකම්' අපේ රටේ වෙන ආකාරය ඔබ තුමා හොඳින්ම දන්නා නිසයි.

      මත් කුඩු/ මත් ද්‍රව්‍ය භාවිතයෙන් පසු ඔබ කී පරිදි මේ කොන්ක්‍රීට් කල්ලි වැඩ කරන්නේ සත්තුන්ටත් අන්ත ලෙස. මෙය මා බොහෝ ස්ථාන වල දැක ඇති ශෝචනීය තත්ත්වයක්.. ගැටළුව වන්නේ ඔවුන් මහ වැඩකරුවන් හෝ වීරයන් ලෙස දැකීමට අප සමාජය හුරු වී තිබීමයි.

      Manual Handling පිළිබඳව බොහෝ දේ ලිවීමට ඇති නිසා වෙනම පෝස්ට් එකක් ලියන්නම්.

      පැමිණීමටත් අගය කිරීමටත් බොහෝම ස්තූතියි. ජය ශ්‍රී!

      Delete
    5. විදානේ මචං.

      මාත් හිටපු හමුදා කාරයෙක් නිසා හමුදා පුද්ගලයින් සේෆ්ටි ෆීල්ඩ් එකට එනවට මගේ අකමැත්තක් නැතත් ෆීල්ඩ් එකට ඇවිත් හමුදා පාට් දාන එකට නම් මම අතිශයින් විරුද්දයි. සේෆ්ටි කියන්නෙ කිසිසේත්ම හමුදා හෝ පොලීසියට සමාන රජකාරියක් නෙවෙයි. මේ හමුදා පාට් දාන සේෆ්ටි කාරයෝ නිසා තමයි සේෆ්ටි බ්ලූ ජොබ් එකක් (I mean a blue job, not a blowjob ok :) ) වෙලා තියෙන්නෙ. ෆොටෝ අල්ලන්න නම් සේෆ්ටි උන් වැඩක් නෑ. එකට කැමරාකාරයෙක් ඇති. මිනිස්සුන්ට වැරැද්ද මොකක්ද හරි එක මොකක්ද කියල දෙන්න සේෆ්ටි මෑන් දැන ගන්න ඕනි. එහෙම නැති තැන මිනිස්සු සේෆ්ටි එකාට යන්න ඇරල පුකෙන් හිනා වෙනවා. ගොඩක් හමුදාවෙ උන්ගෙ වැරැද්ද උන් කිසි දෙයක් ඉගෙන ගන්නෙ නැතුව ඇවිල්ල ෆීල්ඩ් එකේ හමුදා පාට් වලින් කොන්ට්‍රෝල් කරන්න යන එක. ඒක කවදාවත් හරියන එකක් නෙවෙයි. දඩේට බයේ හෙල්මට් දාන එකා සේෆ්ටි (හමුදා) කාරය ගිය ගමන් ඒක ගලවනව. විය යුත්තෙ හෙල්මට් දාන එකේ වැදගත්කම මිනිහට අවබෝද කරල (Safety Education) දැමිය යුතු හා එසේ නොවන තැන් හරියට සලකුණු කරල (Safety Demarcation) පහසුවෙන් පළදින්න පුළුවන් වෙන හෙල්මට් එකක් (Appropriate PPE) ලබා දෙන එක. ඊට පස්සෙ පොඩ්ඩක් මොනිටර් (Supervision) කරාම ඇති. මෙහි සඳහන් කරල තියෙන Control Measures යට ඉඳල ඇප්ලයි කරන්න ගත්තම ඕක වෙනව. කියල දීපන් උඹේ හමුදා කාරයට ෆොටෝ අල්ලල විතරක් සේෆ්ටි හදන්න බෑ කියල. දිග රිප්ලයි එකක්. ආවට තැන්කියු. ජය ශ්‍රී!

      Delete
    6. අටම්,

      උඹේ කොන්තරාත් යාලුවට ඊට පස්සේ සේෆ්ටි කාරයෙක් එහෙම හෙව්වොත් මට සැට් කරල දීපන් හොඳේ.. අර මැන්ටල් ආමි බුවාගෙන් බෝ වෙලාද කොහෙද රෝයල් පාක් එකේ ඉන්නෙත් ඔක්කොම වගේ මැන්ටල් බුවාල බුවීල සැට් එකක්..

      ඕන් එහෙනම් ආවට තැන්කියු කිව්වා! ජයශ්‍රී!

      Delete
    7. හමුදා කාරයන්ව සේෆ්ටි ඔෆිසර් හැටියට ගන්නේ ඇයි. එයාලට මේ කල්‍යාණ කියලා තියන ආකාරයේ කරුණු පදනම් කරගත් පුහුණුවක් දෙන්නේ නැහැ කවදාවත්, එය හමුදාවට අදාළ නැහැ. ගන්නවානම් ඒ කරුණු දන්නේ හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරීන් පමණයි. ඔවුන් හොඳට දන්නවා ඒ රාජකාරිය.

      විදානේ...........................අටමෝ...........................අහුවෙයල්ලකෝ මට මැන්ටල් පොරගේ වැඩ පෙන්නන්න. :D

      Delete
    8. ඔන්න එක මහා උස ගොඩනැගිල්ලක බාස් උන්නැහේලා දෙන්නෙක් වැඩ කරනවලු. ඔහොම වැඩ කර කර ඉන්න ගමන් එක බාස් උන්නැහේ කෙනෙක් කිව්වලු, 'පල්ලෙහා පාරේ මොකක්ද කලබලයක් වගේ. ඇම්බියුලන්ස් එකකුත් ඇවිල්ලා' කියලා. අනික් බාස් උන්නැහේ කියනවලු, 'ගණන් ගන්න එපා, දැන් ටිකකට කලින් මගේ අතේ තිබුණ මිටිය අතෑරුණා' කියලා.

      Delete
    9. විචාරක තුමනි,

      සේෆ්ටි ඔෆිසර්ස් ලා හැටියට Ex-Military පුද්ගලයින් ගැනීමේ ප්‍රදාන හේතු දෙකක් තියෙනව. පළමුවෙනි එක තමයි ලංකාවේ සේෆ්ටි ගැන ඉගෙන ගන්න නිසි ක්‍රමවේදයක් නොතිබුණු එක. දැනට National Institute of Occupational Safety & Health (NIOSH) එකෙන් Certificate Course එකක් හා Diploma එකක් පවත්වනවා. පුද්ගලිකව මම මේ දෙකේම අන්තර්ගතය හා විශය නිර්දේශයන් පිලිබඳව සෑහීමකට පත් නොවූවත් එය ශ්‍රී ලංකාව තුල වැඩ කිරීම සඳහා යම් ප්‍රමාණයකට වැදගත්. මගේ දැක්මේ හැටියට නම් අඩුම තරමින් ලංකාව තුල සේෆ්ටි ඔෆිසර් කෙනෙක් ලෙස සේවය කිරීමට අවම සුදුසුකම ලෙස මේ NIOSH Diploma එකවත් සැළකිය යුතුයි. ජාත්‍යන්තරව පිළිගත් වඩා සාර්ථක අධ්‍යාපනයක් ලැබීමට නම් ඉතා විශාල ආයෝජනයක් කල හැකි විය යුතුයි.
      එවන් අය හිඟ නිසා ඔවුන්ගේ මිළත් ඉතා අධිකයි. දෙවැනි හේතුව වන්නේ එයයි. එනම් අඩු මුදලකට ලබා ගත හැකි හොඳම ආදේශකය හමුදා පුද්ගලයින් වීමයි. ගැටළුව වන්නේ ඔවුන් ෆීල්ඩ් එකට පැමිණ එය උඩු යටිකුරු කිරීමයි.විදානේද කියා ඇති ආකාරයට මා ඉහතින් දක්වා ඇති අවම අභිමත ක්‍රම වන විනයානුකූල දඬුවම් හා පුද්ගලික ආරක්ශණ උපකරණ ඔවුන්ගේ අංක එකයි.

      විහිලුවක් වගේ පෙණුනට ඔබ සඳහන් කල බාසුන්නැහේලගේ කතාවේ ලොකු කතාවක් තියෙනවා. සේෆ්ටි වල කාඩිනල් රූල් එකක් තමයි Reporting කියන්නේ. සියලුම Accidents, Incidents, Ill-Health issues, Near misses, dangerous occurrences, unsafe conditions and unsafe behaviours වාර්ථා කල යුතුයි. අනිවාර්යෙන්ම. එවිට පමණයි නැවත එවන් දෙයක් සිදු නොවීමට ගත යුතු පියවර ගත හැකි වන්නෙ. හැංගීමෙන් වෙන්නේ තවදුරටත් ඒ අනතුර එයාකාරයෙන්ම තියෙනවා කියන එකයි. Safety Culture එකක් ගොඩ නගනවා යනු මේ ක්‍රියාවලිය සම්පූර්ණ වීමයි. ලොකු කතාවකට පාදක වන දෙයක් සැහැල්ලුවෙන් මෙන් පැවසීම පිළිබඳව තුති.

      Delete
    10. මේ ගැන තවත් ලිපි ලියන්න. මම ආසයි මගේ දැණුම දියුණු කරගැනීම සඳහා ඔබේ මේ දැනුම් සාගරය කියවන්න.

      Delete
  3. සේෆ්ටි 1st.. කියලා තමයි හැම තැනම ගහලා තියෙන්නේ...
    හහ් හහ්.. රෑ නිදාගන්න යනකොටත්..

    අහල දැකල, අද්දැකල තිබුනට වැඩි විස්තර දැනං හිටියේ නෑ.. කලන මිතුරු.. ස්තුතියි දැනුවත් කලාට..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. කොතන නැතත් .. රෑ නිදාගන්න යනකොට නං සේෆ්ටි 1st.. තියාගනින් මචං ....දන්නවනේ දැන් හරියට ලෙඩ

      Delete
    2. ඒ අර රෑට නිදා ගන්න යනකොට තියන සේෆ්ටි මොකක්ද බන්.. වහිනකොට 'රේන් කෝට්' අඳිනව වගේ එකක්ද?

      Delete
  4. මේවා ලියවෙන්න ඕනම වටින ලිපි. මාත් ඔය සයිට් එකක කාලයක් කට්ටක් කෑවා. එතකොටත් දැක්ක දෙයක් තමයි අර හෙල්මට් එක වත් දාන්නෙ අඩු පිරිසක් බව.

    ඔය උඩ තියන පින්තූරෙ විශේෂ එකක් නේද. රතු රජරට ලියල තිබුන ඕක ගැන.

    ReplyDelete
    Replies
    1. චන්දන,

      මුලින්ම ස්තූතිය රතුරජරට ගේ ලිපිය ගැන දැනුම් දුන්නට.. මං දැනගෙන හිටියට වඩා බොහෝ විස්තර එහි තිබුනා. මේ වගේ පින්තූර කලෙක්ශන් එකක් තියෙනව අපි ඔය ප්‍රසන්ටේශන් වලට එහෙම දාන්න කියල තියාගෙන ඉන්න. නමුත් වැඩි විස්තරයක් දැනගෙන හිටියේ නැ. GE Building එකේ සුප්‍රසිද්ධ Top of the Rock view point එක ගැන අහල තිබුනත් ඇත්තටම මේ එහි ඉදිකිරීම් කටයුතු වන අතර ගත් පින්තූරයක් බව දැනගෙන හිටියේ නෑ.

      පින්තූරයේ විස්තරය රස වින්දට එහි අන්තර්ගතය නම් කිසිසේත්ම රසවත් නෑ. නමුත් අදටත් මෙවැනි දේ වෙනවා. එය හැකි තරම් අඩු කිරීමට තමයි මගේ මේ පුංචි උත්සාහයත්. ජය ශ්‍රී!

      Delete
  5. වැදගත් පොස්ට් එකක් :) ඉස්තුති දැනුවත් කලාට :)

    ReplyDelete
    Replies
    1. හොරා වගේ ඇවිත් කියවල විතරක් යන්නෙ නැතුව අවංකව අදහස් ප්‍රකාශ කිරීමට ස්තූතියි. මේ වගේ අවංක හොරෙක්ව දැකපු මුල්ම වතාව. සාදරයෙන් පිළිගන්නව කලා හිතට.. හොරා උනත් බ්ලොග් රෝලටත් දා ගත්තා. :D
      ජය ශ්‍රී!

      Delete
  6. ලිපිය ඉතාම වටිනවා. අපේ වගේ රටක විශේෂයෙන් ගම්බදට වෙන්න පහසුකම් අඩු නිසා අවදානම ඉහල යනවා නේද? ඔය අවදානම දරන වෙනම කට්ටියක් ඉන්නවා. ඒ තමා කටවුට්/බැනර් එල්ලන අය.

    ReplyDelete
    Replies
    1. මදූ ස්තූතියි ඇගයීමට..
      ඇත්තෙන්ම මෙය දීර්ඝ විෂයයක්.. ලිවීමට කාරණා බොහෝයි. වැඩි දෙනෙකුගේ ඉල්ලීම නිසා (බ්ලොග් වල නැති මෙය පමණක් කියවන මගේ සේෆ්ටි හා සේෆ්ටි නොවන මිතුරන් රැසක් ඉන්නවා) මේ Working @ Height ගැන මුලින් ලියුවේ. මෙය අවසන් වූ පසු Industrial නොවන වැඩ කටයුතු වලදි බලන්න ඕනි සේෆ්ටි ගැන ලියන්නත් හිතන් ඉන්නව.. එය ජනප්‍රිය මාතෘකාවක් වේවි. දිගටම රැඳිල ඉන්න. ජය ශ්‍රී!

      Delete
  7. උස් ස්ථාන වල වැඩකිරීම සම්බන්ධවත්, ඔය සේෆ්ටි කාරණාඅත් මං වැඩකරන ෆැක්ට්‍රියෙත් තදින්ම සලකා බලනවා. ඒ පිළිබඳ ඔබේ ලිපියත් ගොඩක් වටිනවා. ඊයෙ කියෙව්වේ. අද කමෙන්ට් කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. මං කොහෙ හරි දැක්කා සඳුමල් MAS Holdings ආයතනයට අනුබද්ධව සේවය කරනව කියල. එහෙමනම් ඉතින් සේෆ්ටි ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕනිනේ. Linea Intimo එකට ඊයෙ පෙරේද අවෝඩ් එකකුත් හම්භ උනා නේද?

      ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා Electricity, machine guarding, manual handling, ergonomics වැනි විෂයයන් සම්භන්ධයෙනුත් ලියන්න. එම ලිපි ඔබට ගොඩාක් වැදගත් වෙයි. Safety පමණක් නෙවෙයි Occupational Health ගැනත් අපි කතා කරාමු. දිගටම රැඳිල ඉන්න. ජය ශ්‍රී!

      Delete
  8. මේ පින්තුරෙට කියන්නෙ ස්කයි බ්‍රිජ් කියල නේද?මම එහෙම දෙයක් කොහෙහරි කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. හැලපයියේ,

      කලින් කරපු ප්‍රසන්ටේශන් එකකට දාල තිබ්බ ෆොටෝ එකක් අරගෙන දැම්මට ලොකු විස්තරයක් දැනගෙන හිටියෙ නෑ. චන්දනගේ හෝඩුවාවෙන් ගිහින් විස්තරේ බලා ගත්ත. මෙන්න තියෙනව ඒ ලිපිය. Sky Bridge කියන්නේ නම් බොහොම මෑතක එකක් නිසා ඒක වෙන්න බෑ නේද? ආවට ස්තූතියි. ජය ශ්‍රී!

      Delete
  9. මිතු මචෝ
    ලංකාවෙ ඉදිකිරිම් ආයතන වල මේ වගේ උපදෙස් දනුවත් කිරීම් දෙන්නෙ නෑ නේද..
    මං කීවෙ ඒ ඒ ආයතන වලට අනුබද්ධව වැඩ කරන සේවකයන්ට කිසිම දැනුවත් භාවයක් නෑ නේද
    ඉවට යි හිතේ හෝදිසියටයි තමා උං වැඩ කරන්නෙ...
    ඒ වගේ කොට එතකොට මොකක් හරි ජල්බරියකු වුනොත් ආයතනය වග කියන්න බැදිල ඉන්ව නේද...

    පට්ට මචෝ සෑහෙන දෙයක් දැනගත්ත ලිපියක්... ඔයිට කලිං මානවිකාවක් බ්ලොග් එක කරපු කෙනා ඕ ගැන ලීව ඒත් දැං මනුස්සය පෙන්නවත් නෑ

    ReplyDelete
    Replies
    1. \\\ඉවට යි හිතේ හෝදිසියටයි තමා උං වැඩ කරන්නෙ...\\\

      මයියා.. මං හරි කැමතියි උඹ මේ ටික ලියුවට.. ඇත්තටම ඔය ඉවයි හිතේ සෝදිසියයි සේෆ්ටි වලදි හරිම වැදගත්.. Experienced, seasoned, skilled කියල එක එක නම් වලින් හඳුන්වන්නේත් ඕකම තමයි.. අපි කරන්නේ ඕකට තව ටිකක් එකතු කරන එක, Education, training, mock drills, safe system of works, වගේ.. ඒ සියල්ල එකතු කරල ගත්තම Competent එකෙක්ව හදා ගන්න පුළුවන්.. එතකොට සේෆ්ටි 90% විතර කම්ප්ලීට්. ඕකට තව close supervision දැම්මම 98-99% විතර ගොඩ යන්න පුළුවන්.. ඉතුරු ටිකට තමයි Residual Risk කියන්නේ. එහෙම නැත්නම් Calculated risk කියලත් කියනව සේෆ්ටි නොවන භාශාවෙන්..
      කවුරු හරි එකෙක් බලල යමක් ඉගෙන ගන්නව කිව්වම පට්ට හැපී මචන්.. ආවට තැන්කියු..දිගටම මේ ලිපි ටික කියවපන්.. තව ගොඩක් දේවල් කතා කරමු. ජයශ්‍රී!

      Delete
  10. කමියො....හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි ගැන හරි අවබෝධයකින් වැඩ කරන රටක මම ඉන්නේ. කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට අමතරව අනිකුත් හැම ට්‍රේඩ් එකකම තත්වය එහෙමයි. පෙට්‍රල් ෂෙඩ්ස්, සුපර් මාකට්ස්වල ඉඳන්ම තත්වය එහෙමයි. පෙට්‍රල් ආශ්‍රිත රැකියාවල සේෆ්ටි හරිම නූලට රකිනවා.

    මේ සටහන් අතරම උඹ කිව්වා වගේ කලාහිත දිගහැරෙන්නත් ඉඩ දීපන්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ රටක වැඩ කරන්න පින් කරන්න ඕනි අරූ අයියා..

      කලා හිත තමයි මේ දවස් වල වැඩියෙන් දිග ඇරෙන්නේ.. ඔයා බැලුවද චන්දනගේ බෝතල් වාසිය.. එතන සුපිරි කවි හරඹයක් යනව ටිකක් ගොඩ වෙලා බලන්න.

      කලා හිතටත් වැඩිය මං මේ දවස්වල වොරි වෙන්නෙ අරූ ගෙ හිත ගැන.. ජය ශ්‍රී!

      Delete
    2. ක,මි...උඹ සනීපෙන් ඉන්නවද? මම අ.රූ. ගැන තව කොටසක් ලිව්වා. ඒක දැක්කාද.

      Delete
  11. මචෝ, උඹ මුලින් වර්කින් ඇට් හයිට්ස් වල ඉඳල එක පාරට රිස්ක් ඇසෙස්මන්ට් එකට පනිනව. මට හිතුනෙ ටිකක් ඇකඩමික් ගතිය වැඩි, එදිනෙදා ජීවිතේට උපයෝගීතාවය අඩු ගතියක් මේ පෝස්ට් එකට ඇවිත් කියල ඒ නිසා.

    අනික, මිනිස්සු එදිනෙදා ජීවිතේ උස් තැන් වල වැඩ කරනව නිතර, නිසි සේෆ්ටි මෙෂර්ස් නැතුව. ඒ මොනවද, ඒවගෙ අවශ්‍ය තාව සහ ඒ මගින් වැලකෙන අනතුරු මොනවද වගේ, පුළුවන් තරම් සාමාන්‍ය ජීවිතයට යොදාගන්න අවශ්ය වන දේ සහ කරුණු ගැන ෆෝකස් කරානම් මීට වඩා හොඳ වෙන්න තිබ්බ.

    මම කියන්නෙ මගෙ අදහස, උඹ හිතල බලහන්.

    ReplyDelete
    Replies
    1. සිංහයා,

      උඹ කිව්ව හරි. මට බ්ලොග් එකට පිටින් ලොකු තර්ජනයක් තියෙනව මේ සීරිස් එකට. ඒ කියන්නේ බ්ලොග් කියවන්නෙ නැති මගෙ ගෝල බාලයෝ ගොඩ දෙනෙක් ඉන්නවා FB එහෙම හරහා මේක විතරක් කියවන.. සමහරු NIOSH Dip එකත් කරපු උන්. හැබැයි සබ්ජෙක්ට් එක ක්ලියර් විදියට ඔලුවට ගිහින් නෑ. ඔක්කොම වගේ සේෆ්ටි ඔෆීසර්ස්ල සුපවයිසර්ස් ල විදියට දැනටම වැඩ කරන උන්. ඇත්තටම මේ ටික (Specially working @ height) ලියන්නේ උන් ගැන හිතල (සහ උන්ගෙ තර්ජනයට).. ඒකයි ටිකක් ඇකඩමික් ගතිය වැඩි කලේ අන්තිම පෝස්ට් දෙකේ. ගොඩාක්ම උන්ට මේ Hierarchy of Controls තේරෙන්නෙ නෑ මචන් ඒක නිසා ඒක ටිකක් පැහැදිලි කරගෙන එනකොට පෝස්ට් එක දිග වැඩි උනා.. ඊලඟ එකෙන් ඔය මේජර් රිස්ක් හතර කන්ට්‍රොල් කරන විදිය කියල දීලා Manual Handling, Ergonomics, Safety @ Home wage වගේ Subjects ටිකක් ලියන්න ඕනි.. එතකොට ගොඩාක් දෙනෙක්ට එකතු වෙන්න පුළුවන්..
      ස්තූතියි උඹට හැමදාම වගේ අවංකව කොමෙන්ට් කරාට.. ජය ශ්‍රී!

      Delete
  12. ආරක්ෂාව කියන්නේ බෝඩ් කෑලි එල්ලගෙන ඉන්න එක විතරක් නෙමෙයි, ආරක්ෂාව වෙනුවෙන් කලයුතු දේ ගැන ආයතනයක වැඩ කරන හැමෝගෙම වගේ හිතේ තියෙන්න ඕනේ.
    අපේ රටේ වැඩබිම්වල සහ ආයතන වල සේෆ්ටි ක්‍රියාපටිපාටිවල ඔය කියන තරම් අඩුවක් නැහැ කියන මතයේ තමයි මම ඉන්නේ.
    ප්‍රශ්නේ තියෙන්නේ ඒ ක්‍රියාපටිපාටි කවුරුහරි කඩ කරන අවස්ථා වලදී අපේ බහුතරයක් කට වහගෙන ඉඳල ඇවිත් අපේ රටේ අහවල් එක නැහැ, අපේ එකට වඩා අහවල් එක හොඳයි කියනවා අයගේ.

    උඩ කමෙන්ට් කරපු කීප දෙනෙක්ම කියල තියෙනවා "අපි කලින් තැනක වැඩ කලා, එතන මිනිස්සු හෙල්මට් දාන්නෙත් බොහොම අඩුවෙන්" කියලා
    ප්‍රශ්නේ තියෙන්නේ වැරැද්ද දැකදැක කට වහගෙන ඉන්න අයගේ සහ නොසැළකිල්ල නිසා නියමිත ක්‍රියා පටිපාටි කඩකරන අයගේ. ඒ වගේ වැරදි හදවන්න ආයතන වල Safety Officer ලම ඉන්න ඕනේ නැහැ. කොන්ද පණ තියෙන ඕනෙම කෙනෙකුට පුළුවන් ඒ වගේ වැරදි හදවන්න.

    අපේ අය සේෆ්ටි ගැන හිතන්නෙත් හරියට ජපනාගෙන් අරගෙන බලෙන් අපේ උන්ගේ ඔළුවට ඔබන්න හදන 5S සංකල්පේ වගේ. ඔය අකුරු පහ එන්න කලින් ඉඳල අපේ උන් පිළිවෙලට වැඩ කලේ නැද්ද. අපේ ගෙවල් වල පවා ඔය ක්‍රමය ක්‍රියාත්මක උනා, හැබැයි නම නැතුව.

    ඒ වගේම තමයි සේෆ්ටි කියන දේත්,
    අපේ මිනිස්සු සේෆ්ටි නැහැ කියල කියන්නන් වාලේ කියන්නේ ඔපේට පේන්න තියෙන දේවල් වල අඩුකම ගැන. අපේ උන් ආරක්ෂාව ගැන දන්නවා. ඒක ක්‍රියාත්මක කරන්නේ අඩුවෙන්. අවශ්‍ය පහසුකම් දුන්නත් ඒවා භාවිතා කරන්නේ නැහැ.

    ඒක අපේ ආකල්පමය ප්‍රශ්නයක් පමණයි. ඒක මුලිකව හදන්න පුළුවන් දඩ ගහන ක්‍රමේකින් කියල මම විශ්වාස කරනවා. ඊට පස්සේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් පහළ තියෙන විදිහට.

    මම කළින් වැඩ කරපු තැනක එහෙම ක්‍රමයක් තිබුනා, එතැනදී දඩ ගහන්නේ නැහැ.
    කවුරුහරි සේෆ්ටි කඩකිරීමක් සිද්ධ කලොත් ඒක දකින ඕනෙම කෙනෙකුට “Hazard Report” එකක් ගහන්න පුළුවන්. එතැනදී තනතුරු අදාළ නැහැ. එකම පුද්ගලයෙකුට එහෙම රිපෝට් තුනකට වඩා වැදුනොත් ඔහුව ගෙන්නලා ඒ ගැන විමසනවා.
    ඒක තව දුරටත් සිද්ධ වෙනවානම් ඔහුව සේවයෙන් නෙරපා හරින්න කටයුතු කරන්න පවා පුළුවන්.
    (ඒ වගේම හරියට කරුණු විමසලා බලනවා අදාළ කාරණයේ නිවැරදි භාවය ගැන)

    ReplyDelete
  13. ලොකු මලයෝ.. දීර්ඝ කරුණු දැක්වීමට මුලින්ම ස්තූතිය..

    ඔබ කියූ කාරණා වල දෙපැත්තක් තිබෙනවා.. මේක මට ටිකක් පැහැදිලි කරල දෙන්න ඉඩ දෙන්න..

    සියදිවි හානි කරගන්න යන උන්මත්තකයෙක් හැර කිසි කෙනෙකු කැමැත්තෙන් තුවාල කර ගන්න මැරෙන්න කැමති නැති නිසා ඕනෑම වැඩක් කරනකොට අපි සේෆ්ටි ගැන හිතනව. ඉතින් අපේ රටෙත් 90% වැඩ බිම් වල සාර්ථකව සේෆ්ටි ක්‍රියා මර්ග ගන්නව.. මං එකඟයි.

    Why Safety කියල කවුරු හරි මගෙන් ඇහුවොත් මං දෙන උත්තරේ කරුණු තුනක් ඇතුලත් වෙනව.
    1. නීත්‍යානුකූලව තියෙන බලපෑම් (Legal Obligation)
    2. ආයතනයක් විදියට තම සේවක කාරකාදීන් කෙරෙහි තිබෙන සාමාජීය වගකීම (Moral Obligation)
    3. මූල්‍යමය බලපෑම (Economical Obligation)

    මීට පෙර ලිපියකදි මං පැහැදිලි කරල තියෙනව ලංකාවේ මේ සම්භන්දව තියෙන නීතිමය පසුබිම ගැන.. ඒක බොහොම ශෝචනීයයි. අපිට අපේ කියල අනන්‍යතාවයක් තියෙනවනම් අනුන් මත්තෙ යැපෙන්න (ආධාර/ ආයෝජන ) වෙන්නෙ නැත්නම් ජපානෙන් 5S වත් ඇමෙරිකාවෙන් OSHA වත් සුද්දොන්ගෙන් ISO වත් බලෙන් පටවන්න ඕනෙ නෑ මන් හිතන්නෙ. නමුත් ඒ සඳහා ජාත්‍යන්තරය හා ගැටෙන්න පුළුවන් අපේ කියල අනන්‍යතාවයක් හදා ගෙන ඉන්න ඕනි.
    දෙවෙනි කාරනය.. අපේ රටේ මිනිහෙක්ගෙ ජීවිතය උපරිම වශයෙන් ලංසු තියන්නෙ ලක්ශ පහයි නැත්නම් දහයයි.. ඒ කියන්නෙ මිනිහෙක් යම් හෙයකින් මැරුණොත් ආයතන ප්‍රධානියාට පුලුවන් ලක්ශ 5ක 10ක වන්දියක් දීල අත සෝද ගන්න.. පවුලක හම්බ කරල කන්න දෙන, පවුලට රැකවරණයට ඉන්න තාත්ත කෙනෙක් මැරිල ඒ වෙනුවෙන් ලක්ශ දහයක් දුන්නම බැලන්ස් වෙනවද? මේ ගැන දීර්ඝව ප්‍රශ්ණ අහන්න යන් නෑ මම ඔබට ඒ සම්බන්දව හොඳ වැටහීමක් තියෙන බව දන්නා නිසාත් සේවකයෙකුගේ ජීවිතයක් සම්භන්දයෙන් එතකොට ආයතනයක් දැරිය යුතු වගකීම ගැන සිහියට එන නිසාත්.

    තුන්වෙනි කරණය, මූල්‍යමය තත්වය.. අපේ ගොඩක් දෙනෙකු හිතන්නේ සේෆ්ටි වලට වියදම් කරනවට වඩා හොඳයි එකෙක් මලොත් වන්දියක් දෙන එක කියල.. නමුත් Accident/ Incident/ Ill Health issue එකක Cost calculation වලදි අපි පෙන්නල දීල තියෙනව මේ පිටින් පෙනෙන වියදම සැබෑ වියදමෙන් දහයන් එකකටත් අඩු බව.. හරියට Ice burg එකක් වගේ.

    මේ කරුණු නිසා ආයතනයක Occupational Health & Safety හරියට Effectively Manage කරන එක ඉතාමත් වැදගත්..

    ඔබ කියපු බොහෝ කාරණා වලට මම එකඟයි. දඩ ගහන එකට හැර.. දඩ ගැසීමෙන් මිනිහෙක්ව හදන්න බෑ. ඒක තාවකාලික ස්වයං වින්දනයක් විතරයි.. නමුත් අර Hazard Reporting එහෙම නැත්නම් ඒ වගේ වෙනත් ඕනෑම tool එකක් බාවිතා කිරීම ගොඩක් හොඳයි.

    ඔබ කියපු අනිත් කරුණ. සේෆ්ටි ඔෆිසර් කෙනෙකුට තනියෙං සයිට් එකක සේෆ්ටි බලන්න කොහොමවත් බෑ. ඔබ කියුවා වගේම එය හැමෝගෙම වගකීමක්.

    තව කරුණු කාරනා ඉදිරියට කතා කරමු. නැවතත් ස්තූතියි උනන්දුවටත් කරුණු දැක්වීමටත්. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. Why Safety කියල ඔබතුමා කියපු කරුණු අනුව,
      සේෆ්ටි කියන එක නීත්ය නුකුල අවශ්‍යතාවයක් බව මම පිළිගන්නවා. නමුත් අපි ඒ දේ කරන්න ඕනේ නීතිය සනසන්න පමණක් නෙමෙයි.

      කොච්චර හොඳට වාහනයක් එළවන්න පුළුවන් මිනිහෙක් උනත් පාරක ලයිෂන් එකක් නැතිව වාහන එලෙව්වොත් දඩ ගහනවා. සමහර වෙලාවට ඒ මිනිහ අවුරුදු ගාණක් එළවල තියෙනවා අනතුරු නැතුව. ලයිෂන් තියෙන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා දවස ගානේ වාහනේ කොහේ හරි හප්පා ගන්න.
      අන්න ඒ මට්ටමට Legal obligation නිසා සේෆ්ටි කියන අවශ්‍යතාවය වැටෙනවානම් වැරදියි.

      ආයතනයක් ඔය දිහා බලනවා අංශ කීපයකින්. එක තමන්ගේ නම සවුත්තු කරගන්න තියෙන අකමැත්ත. දෙක ප්‍රශ්නයක් උනොත් ඒ වෙනුවෙන් දරන්න වෙන වියදම සහ කරදරය.
      අවසානයට තමයි සාමාජිය වගකීම කියන එක එළියට එන්නේ.

      සේෆ්ටි විතරක් නෙමෙයි අනික් ඕනෙම අංශයකට අදාළව ගත්තොත් අපිට ඒ ඒ ඉංග්‍රීසි අකුරු පස්සේ යන්න වෙලා තියෙනවා. අපි අපේ කියල ක්රකමයක් හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. ජාත්‍යන්තරේ ඉන්න උන් විතරක් නෙමෙයි අපේ ඉන්න බක පණ්ඩිතයෝ පවා ඒවා පිළිගන්නේ නැහැ.

      ඉන්දියාවේ පළාත් අනුව සුලභ අමුද්‍රව්‍ය භාවිතයෙන් වෙනස් වෙනස් කොන්ක්‍රීට් මිශ්‍රණ භාවිතයෙන් ඔවුන් ඉදිකිරීම් කටයුතු සිදු කරනවා. අපේ එහෙම කරන්න බැහැ. පොතේ ගුරාල ඉල්ලනෙම පොතේ තියෙන දේ. ඒ නිසා සමහර වෙලාවට සෑහෙන දුරකින් නියමිත අමුද්‍රව්‍ය ගේන්න වෙනවා.
      ඒ වගේ සමහර දේවල් මම ප්‍රායෝගිකවම අත්විඳිනවා.
      ප්‍රායෝගිකව කරලා මම දන්න දේ පවා හරි කියල දැනදැනම පොතේ ගුරාලට ඕනේ නිසා අනවශ්‍ය වියදමක් දරලා රටේ සල්ලි නාස්ති කරන්න වෙන අවස්ථා මම සෑහෙන දැකල තියෙනවා.

      එහෙම වෙන්නේ අපේ උගත් මිනිසුන් නිසා මිසක් නුගත් අය නිසා නෙමෙයි.

      අපේ මිනිස්සුන්ගේ ජීවිතයකට තියෙන වටිනාකම රට ඇතුලේ මේ ගාණට හරි තක්සේරු කරන එක මම ලොකු දෙයක් විදිහට දකිනවා. අපේ මිනිහෙක් පිටරට ගියාම සමහර වෙලාවට තක්සේරු වෙන්නේ ඊටත් වඩා අඩුවෙන්. එකම කම්පැනි එක ඇතුළේ මිනිහගේ වීසා එක යුරෝප්ද ඒෂියන් ද කියන එක අනුව තක්සේරු කරනවා. ලංකාවේද, ඉන්දියාවේද කියල තක්සේරු කරනවා.
      මේ මගේ පෞද්ගලික අත්දැකීම.
      ඒ අත්දැකීම මම ලැබුවේ අපිට හරිමග යනහැටි සහ ක්‍රමවේද කියල දෙන්න පොදිකන සුද්දන්ගේ ආයතනයකදී...

      සේෆ්ටි රැකගන්න කරන වියදම අපරාධයක් විදිහට මම දකින්නේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් කළයුතු සමහර දේ කරන්න සරළ ක්‍රම තිබියදී අනවශ්‍ය වියදම් සහිතව කරන්න යනවනම් ඒක අපරාධයක්.

      දඩ ගැසීම ගැන මගේ ආකල්පය තාමත් එහෙමයි, සිස්ටම් එකට ගන්නකම් දඩ ගහලා ඊට පස්සේ වෙන ක්‍රමයකට යන එක තමයි අපි කරන්න ඕනේ කියන මගේ මතය තාමත් එහෙමයි.

      අපේ මිනිස්සුන්ගේ සේෆ්ටි හදන්න යන එක ලේසි වැඩක් නොවෙන්න අපේ සංස්කෘතිය පවා බලපානවා. ඒ ගැන කතා කරන්න ගියොත් මේක මාගලක් වෙනවා. පුළුවන්නම් John Hagenbeck කියන සුද්දා ලියපු දෙහිවල සත්තු වත්තේ ආරම්භය කියන පොත බලන්න.
      ජයවේවා....!!!

      Delete
    2. ලොකු මලයෝ

      ගොඩක් දෙනෙක් සාමාන්‍යයෙන් පෝස්ට් එකකට කොමෙන්ට් කරන්නෙ කියවපු බව පෙන්නන්න.. ෂා මරු.. නියමයි ටටා බායි කියනව ඇරෙන්න ඒකෙ අන්තර්ගත වෙන දේ ගැන වැඩිය වොරි වෙන්නෙ නෑ. අපි ඉස්කෝලෙ යන කාලෙත් ගොඩක් එවුන් එහෙමයි. ටීචර් කියන එක කොපි කරගෙන ගෙදර ගිහින් කට පාඩම් කරනව ඇරෙන්න ප්‍රශ්න අහල ඒක ගැන කතිකාවතක් ගොඩ නගන්නෙ නෑ. නමුත් පන්තියක එකෙක් දෙන්නෙක් ඉන්නව සටහන් ලියා ගත්තෙ නැති උනත් උනන්දුවෙන් අහගෙන ඉඳල ටීචර්ව අමාරුවේ දාන්න ප්‍රශ්ණ අහන උන්.. ඇත්තටම අමාරුවේ දාන්න නෙවෙයි.. ඒක ගැන තියෙන සැබෑ උනන්දුවට.. ඔයා එහෙම එකෙක්.. මුලින්ම කියන්න ඕනි.. මාත් ඒ කාලෙ ඉඳලම එහෙම එකෙක් නිසා මං මේ වැඩේට පට්ට ලයික්.

      අද දවසෙ තත්වෙ අනුව මේකට දිග උත්තරයක් දෙන්න පුළුවන් වෙයිද ශුවර් නැති උනත් උත්තර ලියන්න පටන් ගන්නව.

      "නීතිය සනසන්න පමණක්" සේෆ්ටි කරන්න ඕනි කියල මම කොහෙවත් කියල නෑ. හැබැයි "නීතිය"ක් දාන්නේ සදාචාරයෙන් පමණක් පාලනය කරන්න බැරි දේට නිසා අකමැත්තෙන් උනත් නීතියත් සනසන්න වෙනව. අපි නීතිය සනසන තාක් නීතිය අපවත් සනසනව.. ඒක ගනු දෙනුවක්.

      ඔබ දීපු උදාහරණයම ගත්තොත්.. ඔව්.. සමහර ලයිශන් නැති රියදුරෝ "සමහරවිට" අවුරුදු ගනං වාහන පදිනවා කිසිම අනතුරක් කරගන්නේ නැතුව.. මෙතන ලයිශන් නැති එකම එක් ආකරයකින් වැඩි සැලකිල්ලට හේතුවක්.. මොකද වැරැද්දක් උනොත් "නීතියෙන්" ගැලවීමක් නැති නිසා.. ඒ නිසාම අපි ලයිශන් නැතිව පදින එක නීතියට අනුව වැරැද්දක් නෙවෙයි කියල කිව්වොත්? එතකොටත් ඒ රියදුරන්ගේ අර 'සැලකිල්ල' එහෙමම තියේවිද? ඉතින් කාටත් පොදු සාදාරණ නීතියක් වශයෙන් රියදුරු බලපත්‍රය අත්‍යාවශ්‍යයි ලෙස සලකා කටයුතු කිරීම නිකම්ම 'නීතිය සැනසීමක්'ද?
      අනෙක් කාරණය.. රියදුරු බලපත්‍රයක් ඇති රියදුරන් නිතර අනතුරු කර ගැනීම. නැත්නම් එවැනි අයගේ අනතුරු වැඩිපුර වාර්ථා වීම කිවුවත් වැරදි නෑ. මොකද ලයිශන් නැති මිනිහෙක් අතින් හැප්පුනත් ගොඩක් වෙලාවට ඉදිරිපත් වෙන්නේ ලයිශන් තියෙන එකෙක්නෙ. ඔබේ තර්කයට එකඟයි.. ලයිශන් එකක් තිබීම පමණක් රිය පැදවීමට සුදුකමක් වෙන්න බෑ.
      පදින වාහනයේ යාන්ත්‍රික යෝග්‍යතාවය, රියදුරාගේ යහපත් මානසික තත්වය, ශාරීරික යෝග්‍යතාවය, තමන් පදින වාහනය ගැන දැනුම, හොඳ ටයර්, පැති කණ්නාඩි, වයිපර්, පදින මාර්ගය, මාර්ග නීති රීති, නිදිමත, වෙහෙස, බීමත් කම, නොසැලකිල්ල, අනෙක් රියදුරන්ගේ වැරදි. මෙකී නොකී දහසකුත් එකක් අවශ්‍යතා.. ඉතින් සේෆ්ටි කියන්නේ ඔය ඔක්කොම නෙවෙයිද?

      අනිත් කරුණු දෙකට ඔබ එකඟයි නෙ. සමාජ වගකීම (Moral Obligation), වියදම්+ කරදර+ ආයතනයෙ හොඳ නම මේ සියල්ලම මුදල් (Economical Obligation).
      පොතේම එල්ලිලා ඉන්න, පොත නැත්නම් බතත් බැරි වැඩ වලට නම් ඔබ වගේම මමත් කැමති නෑ. මං කියල තියනව උඩින් මගේ සේෆ්ටි 'So far as reasonably practicable' නැතිව ලිස්ට් අවුට් කරපු කන්ට්‍රෝල් මෙශර්ස් නෑ.

      ජීවිතයක වටිනාකම තක්සේරු කිරීම ගැන ඔබේ අත්දැකීම් නම් කටුකයි. ගොඩක් දෙනෙකුගෙම එහෙම තමයි. ඔබට ඒ දෙයට එකඟ වීමට හැකිදැයි ඇසීමට මා කැමතියි. එහෙම බැරිනම් අපිත් ඒ දෙයම කරන එකේ තේරුමක් නෑ නේද? මේක විශය කරුණු අඩංගු කරල ලියන පොදු ලියවිල්ලක් නිසා මට සමහර දේවල් පොත්වල තියෙන විදියට ලියන්න වෙනව. නමුත් මගේ මේ උත්සාහය මේ සබ්ජෙක්ට් එක හැකිතාක් 'සිංහලෙන්' විස්තර කිරීමයි. ඒ සඳහා ඔබේ වැනි මෙවැනි 'අත්දැකීම්' එකතු වීම ඉතා වටිනවා.

      දඩ ගැසීම ගැන මගේ ආකල්පයත් තවම එහෙමමයි.. ඒක මං කරපු ගොන් කම් වලින්ම ඉගෙන ගත්ත පාඩමක් නිසා හොඳට මතක තියෙනව.. :D

      අර පොත හොයා ගන්න ක්‍රමයක් නැද්ද? e- ලියවිල්ලක් උනොත් නම් පහසුයි.. වටිනා විස්තර ඇති.. නැවතත් ස්තූතියි මේ අත්වැලට.. ජය ශ්‍රී!

      Delete
  14. ඔන්න මාත් ආවා කලා හිත පැත්තේ..
    ගොඩක් වටින ලිපියක් කියවන්න ලැබුනා. ෆලෝවර් ගැජට් එක දාලා දෙන්න පුලුවන්නං ලොකු උදව්වක්... ෆලෝ කරලා යන්නත් ලේසියි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මදුරංග.. සාදරයෙන් පිළිගන්නවා කලාහිතට.. මම ඔය ගැජට් ගැන වැඩිය දන්නෙ නෑ.. ඔන්න අමාරුවෙන් හොයල එල්ලුව.. දිගටම රැඳිල ඉන්න..

      Delete
    2. මධුරංග,

      මං නම් හුඟක් වෙලාවට බ්ලොග් ෆලෝ කරන්නෙ ඩෑෂ් බෝඩ් එකෙන්. Reading list වලට පහලිත් තියන Add වලින්. සමහර කනෙක්ෂන් එකෙන් ෆලෝවර්ස් ල පෙන්නනෙත් නැති නිසා ඒක ලේසි. අදාල බ්ලොග් එකේ ෆලෝවර් ගැජට් එක දාල තියන්න ඕනත් නෑ. අලුත් ලිපි වැටුනම එතනට එනවනෙ එතකොට. මං හිතන්නෙ මධුරංග දන්නවත් ඇති ඕක.

      ඒත් ඉතින් බ්ලොග් එකක ඔය අපිට ඉන්න තියන කාමර කෑල්ල හදල නැත්නම් ඒ බව කියන්නත් ඕන තමයි. :)

      Delete
  15. මේක අපූරුයි.....
    මේ සංවාද අපිට ඕනේ ඒ සම්භන්ධව දැනුම තියෙන අයගෙන්, හරියටම මේ වගේ.... ස්තුතියි

    ReplyDelete
    Replies
    1. කැන්ඩි කුමාරිව සාදරයෙන් පිළිගන්නව කලාහිතට.. ස්තූතියි පැමිණීමටත් අගය කිරීමටත්.. දිගටම රැඳිල ඉන්න තව වැදගත් ගොඩාක් කරුණු සාකච්චා කරමු ඉදිරියටත්.. ජය ශ්‍රී!

      Delete
  16. මේ ගැන කතා කරල තිබුනෙම නෑ. වැදගත් ලිපියක් මචෝ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්.. ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ගේ අවධානයට ගොඩාක් අඩුවෙන් නතු වෙච්ච වැදගත් මාතෘකාවක්.. ඉදිරියේදී Industrial පැත්තට වගේම Domestic පැත්තටත් බරව කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දිගටම රැඳිල ඉන්න.. ජය ශ්‍රී!

      Delete
  17. බොහෝම හදිස්සියෙන් පළවෙනි වතාවට මේ පැත්තට බෙල්ල දැම්මෙ...නිවීසැනසිල්ලෙ බොලා ලියන වටිනා ලියවිලි කියවන්න මම එන්නං...ජය !

    ReplyDelete
    Replies
    1. සිරා මරු සිරා.. ආවට බොහෝම තැන්කූ.. මේ ලිපි ඇත්තටම නිදහසේ කියවන්න ඕනි.. නැත්නම් ඕනිවුනොත් කියවන්න කියල ප්‍රින්ට් කරල තියා ගත්තත් කමක් නෑ.. දිගටම එන්න.. ජය ශ්‍රී!

      Delete
  18. කමෙන්ට් දදා ඉන්නව විතරද යකෝ....?මේකෙ 3 කොටස ලියන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අඩේ මේ කොමෙන්ට් එක දැකල බයවෙලා තමයි මං 22 ම ඊලඟ කොටස දැම්මේ.. ඔන්න ඔහොම තදින් ඉන්නවනම් අපිත් වැඩ කරනවා.. ජය ශ්‍රී!

      Delete
  19. මේ කොටසත් කියව ගත්තා.
    සෑහෙන මහන්සි වෙලා ලියලා තියෙන ලිපි පෙලක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. හැබැයි හොඳටම ශුවර් කියවල තේරුම් ගන්න ඊට වඩා අමාරු වෙන්න ඇති.. ජය ශ්‍රී!

      Delete
  20. 3 කෝ හත්තිලවුවේ..............?

    ReplyDelete
    Replies
    1. එව්ව එහෙම පෙන්නනවද බං මේ ප්‍රසිද්දියේ.. හැක් හැක්.. ඔන්න කාටවත් නොකිය මෙතනින් ගිහින් බලා ගනින් මලයෝ..

      Delete