ජනාධිපතිවරණ ඡන්ද කතා බහකින් රටත් ජනතාවත් ඊට සාපේක්ශව අපේ පුංචි බ්ලොග් ලෝකයත් උණුසුම් වෙමින් පැවතින.
කතා කිරීමට අප්‍රසන්න තරම් වූ තුච්ඡ දේශපාලන සදාචාරයකට උරුමකම් කියන රටක නොවැදගත් පුද්ගලයෙකු වූ මා ඒ ගැන කියවනවා හැර වෙනත් අදහසක් ප්‍රකාශ කිරීමෙන් හැකිතාක් දුරට වැලකී සිටියෙමි. එහෙත් අද උදේ අසන්නට ලැබුණු 'කතාවක්' නිසා මෙසේ යමක් ලියන්නට සිත් විය. මේ දිනවල පවතින අධික සීතල කාලගුණය නිසා ඌව පළත් සභාව මාස එක හමාරකින් කල් දමා දෙසැම්බරයේ පැවැත්වීමට නියමිත සභා වාර දෙක අවලංගු කිරීම වැඩි චන්දයෙන් සම්මත වූවායැයි කියවේ.. මේ ක්‍රියාව කොතරම් තුච්ඡදැයි තීරණය කිරීම කැමති කැමති අයෙකුට තම තම නැණ පමණින් කර ගැනීමට ඉඩ හැර මේ 'සීතල වීම' ගැන යමක් කිව යුතුයැයි සිතමි. හැබෑවටම මේ ගැන කතා කලයුතුව තිබුනේ ඔවුන්මය. අනෙකුත් සියළුම රාජකාරී එලෙසම සිදුවෙමින් තියෙද්දී තමන් පමණක් හීතලෙන් බේරෙන්නට සරම ගලවා දෙවුර වසා ගන්නා මෙවන් අමනයින් අඩුම තරමින් එවිට තමුගේ යටිකය හෙළුවෙන් බවවත් නොදන්නා කොට මුන්ගෙන් එවන් දෙයක් බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහාටු සෙවීමක් පමණක් නිසා දන්නා පමණින් යමක් ලියා තබමි.
මෙය ලිවීමට පෙර මා මුලින් සිදුකලේ අන්තර්ජාලයේ සැරි සරමින් මෙතෙක් මේ ගැන පැහැදිලි යමක් ලියවී හෝ කථා බහක් ඇතිවී ඇත්ද යන්න සෙවීමයි.. සිරස නිවුස් ෆස්ට් මගින් අනුරාධපුර හා මොණරාගල ස්ථාන කිහිපයක මිහිදුම් සහිත කාලගුණයක් පෙන්වා තිබුණු අතර කවුරුත් වැඩිය නොකියවන පත්තරයක දෙකක කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් කෝකටත් තෛලය වැනි ගෝලීය උශ්ණත්වය ඉහලයාම නිසා වන කාලගුනික විපර්යාසයක් ලෙසත්, ඊසාන දිග මෝසම් සුලං සක්‍රිය වීම නිසා බූමියට ආසන්න අහසේ පවතින වලාකුළු මගින් හිරු රැස් පොළොවට පතිත වීම වැලැක්වීමෙන් දහවල් කාලයේ උෂ්නත්වය පහත වැටී ඇතිබවත් තව මොන මොනවාදෝත් අඩංගු කොට ඉංග්‍රීසි බසින් කෙටි ලිපියක් දෙකක් පළවී තිබිණි.
තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමට ඕනෑ වූ නිසා කෝකටත් කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවේ වෙබ් සයිට් එකට ගොඩ උනෙමි. ලංකාවේ රූපවාහිනී නාලිකාවක ඉංග්‍රීසි පුවත් අවසන ඉදිරිපත් කරනු ලබන කාලගුණ වාර්ථාවක අසා පුරුදු වචන ටික එලෙසින්ම Warnings-> Severe Weather Warnings යටතෙ අද දිනටද update වී තිබුණි.
ඊට පහලින් Seasonal Forecast යනුවෙන් සටහන් වී තිබීම නිසා ඒ ගැන උනන්දු වූ නමුත් එය අවසන් වතාවට යාවත්කාලීන වී තිබුනේ 2014 ජූනි මස 5 වනදායි. අවාසනවක මහත.. ඒ සම්භන්ධ යොමුවෙන් ගොස් වාර්ථාව කියවීමට උත්සහ ගත්තද Not Found- The requested URL /images/stories/pdf/june2014en.pdf was not found on this server. යනුවෙන් පමණක් වාර්ථාවක් ලැබුණි.
Climate යන උප හෙඩිම යටතෙ Climate in Sri Lanka හා Climate Change in Sri Lanka යනුවෙන් සටහන් දෙකක්ද එක්කර තිබූ අතර Climate in Sri lanka පිළිබඳව අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි මස දෙවෙනි දින තරම් 'මෑතකදී' සිදුකර තිබූ අතර Climate Change in Sri Lanka පිළිබඳව විද්වත් මහාචාර්යවරයෙකු විසින් සම්පාදිත ලිපියක් 2011 පෙබරවාරි 7 වන දින තරම් 'මෑතකදී' එක්කොට තිබුනි.
වැඩකට නැති වුවද නිකමට මෙන් මම ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවේ නිල වෙබ් අඩවියටත් ගොඩවී බැලූ නමුත් ඒ ගැන මෙහි කිසිවක් නොකියමි.
කොල්ලුපිටියේ මුහුදු මට්ටමේ සිට මීටර දෙසීයකට මදක් උසින් වැඩි මා සේවය කරන බිල්ඩිමේ මුදුනත මේ දිනවල සීතල නුවර එළිය සිහි ගන්වයි. ලංකාවේ සෘතු වෙනසක් නැති නමුත් ප්‍රධාන මෝසම් වර්ශා කාල දෙකක් සහ අතරමැදි මෝසම් කාල වකවානු ලෙස බෙදුනු ප්‍රධාන කාල පරාසයන් හතරක් ඇත. ඒ නිරිතදිග මෝසම් වැසි (මැයි සිට සප්තැම්බර් දක්වා) හා ඊසාන දිග මෝසම් වැසි (දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා) ලෙසත් ඒ අතරතුර කාලයන් පළමු අන්තර් මෝසම් කාලය (මාර්තු-අප්‍රේල්) හා දෙවන අන්තර් මෝසම් කාලය (ඔක්තොබර්-නොවැම්බර්) යනුවෙනි. මෙය සිදුවන්නේ ප්‍රධාන වශයෙන් අපේ රටට ඊශාන දිගින් පිහිටි බෙංගාල බොක්කේ සිදුවන පීඩන වෙනස්කම් වලට සාපේක්ශවයි. සරළව කියුවොත් බෙංගාල බොක්කේ අවපීඩනයක් පවතින මැයි සිට සැප්තැම්බර් කාලය තුල ශ්‍රී ලංකාවේ නිරිතදිග සිට ඊශාන දිශාවටත්, වැඩි පීඩනයක් පවතින දෙසැම්බර් සිට පෙබරවාරී දක්වා කාලය තුල ඊශාන දිග සිට නිරිතදිගටත් සුළං හමා යාමයි. මේ සුළං ලංකාව පසුකරද්දී පවුරක් ලෙස එරෙහිව නැගී සිටින මධ්‍යම කඳුකරයේ වැදීම නිසා ඉහල නගින අතර ජලවාශ්ප ලෙස ඝනීබවනය වීමෙන් ඒ ඒ කාලවලදී මධ්‍යම කඳුකරයේ ඊශාන දිග බෑවුමට හා නිරිතදිග බෑවුමටත් ඒ ඒ මුහුදු ප්‍රදේශ වලටත් වර්ෂා සමය උදා වේ. ඒ සමගම මේ මධ්‍යම කඳුකරයේ බලපෑම අඩු ප්‍රදේශ වන උතුරු පළාතත් දකුණේ හම්බන්තොට වැනි ප්‍රදේශත් වසරේ වැඩි කාලයක් වර්ශා රහිතව පවතී.
ශ්‍රී ලංකාව පිහිටා ඇති උතුරු අක්ෂාංශ 5ත් 10ත් අතර කලාපයද ඇතුළුව සමකය දෙපසින් ඊට ආසන්නව පිහිටා ඇති කලාපය නිවර්තන (Tropical) කලාපය ලෙස හඳුන්වයි. මෙහිදී මෙයාකාරයෙන් පැහැදිලි කිරීමට අපහසු පෘථුවිය මතුපිට සිදුවන සංකීර්ණ පීඩන වෙනස්කම් නිසා නිරන්තරව මෙම කලාපය නැගෙනහිර දෙසට හමා එන සුළං ප්‍රවාහයක් ඇතිවේ. කලකට ඉහත බටහිර ජාතීන්ගේ ජනප්‍රියම රැකියාවක් වූ මුහුදු මගින් කරනු ලබන වෙළඳාම් සඳහා කදිම අත්වැලක් වූ බැවින් මේ සුළං 'වෙළඳ සුලං' Trade winds ලෙස නම් වූ අතර මීට ප්‍රථිවිරුද්ධව ධ්‍රැවයන්ට ආසන්නවන්නට බටහිර දෙසට හමන සුළං ප්‍රවාහය (ලංකාවට අත්දැකීම් නැත) බටහිර සුළං Westerlies ලෙස හඳුවනු ලැබේ.
Trade winds & Westerlies Pattern
නවය දහය පංතිවල උගෙනිද්දී මේ මෝසම් සුළං හා වෙළඳ සුළං ගැන සමාජ අධ්‍යයනය ටීචර් උගන්නද්දී කට ඇරගෙන බලා උන්නත් මේ මොනවාදැයි තේරුම් ගත්තේ ඊට කලකට පසුව නාවිකයෙක් ලෙස සමුදුරු තරණය ආරම්භ කිරීමෙනුත් පසුවයි.
ඉහත පැහැදිලි කිරීම් වලට අනුව අප දැන් පසුකරමින් සිටිනුයේ දෙවන අන්තර් මෝසම් කාල පරාසයයි. සාමන්‍ය ව්‍යවහාරයට අනුව ලංකාවේ බොහෝ ප්‍රදේශයකට සම සමව මධ්‍ය පරිමාණයේ වැසි හා රාත්‍රී කාලයේ ගිගිරුම් සහිත වැසි ලැබෙන කාලයයි.
මෝසම් සුළඟේ බලපෑම අවම වීමත් Arctic Oscillation නැතහොත් Northern Annular Mode (NAM) ලෙස හඳුවන උතුරු අර්ධගෝලයේ සමස්ථයක් ලෙස ඇතිවන පීඩන වෙනස්කම් නිසා වෙළඳ සුළං වල බලපෑම අඩුවීමත් නිසා මධ්‍යම කඳුකරයේ බලපෑමකින් තොරව ලංකාව පුරා වර්ෂාමය තත්වයක් හට ගනී. (පළමු අන්තර් මෝසම් සමය තුලද මෝසම් සුළං අඩුවන මුත් උෂ්නාධික කාන්තාර හරහා හමා එන වෙළඳ සුළං නිසා පරිසරයේ උෂ්ණත්වය ඉහල යන අතර වර්ෂා ඇතිවීම අවම වේ)
නමුත් මෙවර විෂේශත්වයක් ගන්නේ එහෙම නැත්නම් ඌව පළත් සභාව පැවැත්වීමටත් බැරි තරමට රට සීතල වන්නේ ඇයි?
අර මුලින් කියූ ඕට්‍රේලියාවේ කාලගුණේ ගැන බලන්න හිතුනේ මේ වෙලාවේයි.. සාමාන්‍යෙන් අපේ රටේ රටේ කාලගුණික හා දේශගුණික විපර්යාස ගැන වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට වුව මෙවැනි වෙබ් අඩවියක් නිරීක්ශනය කිරීම සෑහේ. දේශගුනේ පමණක් නොව දේශපාලනය ගැන වුව එසේමය. අනිත්වාත් එහෙමය. ඒ අපේ රටේ හැටිය. ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩා මාධ්‍ය ෆිල් හ්‍යුස්ගේ හිසේ පන්දුව වදින දර්ශනය හා ශෝන් ඇබොට්ව පෙන්වීම ස්වයං වාරණයකට ලක් කරගනිද්දී අපේ නාලිකා යූ ටියුබ් එකෙන් ඩවුන් ලෝඩ් කරගත් පජාත වීඩියෝ පටයක පෙන්වන ෆිල් හ්‍යුස් පිටිය මත ඇද වැටෙන දර්ශනය තුන් හතර වර පෙන්වමින් හඬා වැටුනහ. හැබැයි සටන සංවාදය යද්දී බලාත්කාරයෙන්ම වාරණය කරණ ලදී.. අපේ රටේ එහෙමය. ඒ අනුව යමින් කාලගුණේත් තම වාර්ථා කිරීම් වලට ස්වයං වාරණයක් දාගෙනදෝ නොදනිමි. මොනවා ලියන්න ගියත් මේ මගුල් දේශපාලනේ ගැන ලියවෙන එක නවත්වන්න බැරිය.
දකුණු අර්ධ ගෝලයේදී මුහුදු මට්ටමේ උෂ්ණත්වය වෙනස් වීම (ඉහල පහල යාම ) Southern Oscillation ලෙස හැඳින්වේ. මෙය ENSO හෙවත් El Nino Southern Oscillation ලෙස හඳුන්වනු ලැබේ. මෙම උශ්ණත්වය ඉහලම අගයක් ගන්නා පරාසය El Nino ලෙසත් අවම අගයක් ගන්නා පරාසය La Nina ලෙසත් හඳුවනු ලැබේ. සාමාන්‍යෙන් මෙය බලපැවැත්වනුයේ ශාන්තිකර (පැසිෆික්) සාගරයේ බටහිර දේශාංශ 120ත් 180ත් අතර කලාපයේ එනම් ඕස්ට්‍රේලියානු මහද්වීපය ආසන්නව වන නමුත් මේ තත්ත්වයන් දෙකම සමස්ථ ලෝකයේම කාලගුණික විපර්යාසවලට හේතු වන බැව් සොයා ගෙන ඇත. El Nino තත්වයේදී බටහිර පැසිෆික් කලාපයේ වැඩි පීඩන තත්වයක්ද නැගෙනහිර පැසිෆික් කලාපයේ අඩු පීඩන කලාපයක්ද ඇතිවන අතර La Nina තත්වයේදී මෙය නැගෙනහිර කලාපයේ වැඩි පීඩන තත්වයක් හා බටහිර කලාපයේ අඩු පීඩන තත්වයක් වාර්ථා වේ. මෙහි ප්‍රථිපලයක් ලෙස ලෝකයේ බොහෝ ප්‍රදේශ වල දැඩි සීතල හෝ උණුසුම් තත්වයක් තාවකාලිකව ඇතිවේ.
Typical effects to global weather during El nino & La Nina
මෙහිම මෙතරම් නොවන සුළු තත්වයක් ඉන්දීය සාගරයේද දැකිය හැකි වන අතර එය Indian Ocean Dipole හෙවත් Indian Nino ලෙස නම් කර ඇත.
ඔබ ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවේ නිල වෙබ් අඩවිය පිරික්සීමට ලක් කලහොත් ඔවුන් මේ පිළිබඳව කොතරම් අවධානයකින් සිටින්නේද යන්නත් ඒ ගැන දිනපතා නිකුත් කරන වාර්ථා හා අනතුරු ඇඟවීම් කොතරම්ද යන්නත් ගැන සෑහෙන අවබෝධයක් ලබා ගත හැක. ඒ අතින් අපි ගව් ගනනක පිටු පසිනි. හ්ම්ම්...
පසුගිය දිනවලදී ඔවුන්ගේ වාර්ථා අනුව 2014 නොවැම්බර් වනවිට El Nino තත්වයක් ඇතිවීමට 58% ක සම්භාවිතාවක් තිබූ අතර එය මේ වනවිට 78% පමණ තත්වයකට වර්ධනය වී ඇත..
El Nino Tracker
මෙය සාමාන්‍ය තත්වයක් නොවන අතර එහි ප්‍රථිපලයක් ලෙස විවිධ කාලගුණික විපර්යාසවලට ලක්වීමට ලෝක වැසියන්ට ඉදිරියේදී සිදු වීමට හැක. මේ ඇවිත් ඇත්තේ කසකාරයෙකු පමණි.. පෙරහැර මග එනවා විය හැක.. අපේ කාලගුණේ උන්ට නම් චන්ද උණුසුම නිසා හීතල මැකී ඇතුවා සැක නැත.. ඒත් අපේ මේ හුචක්කු චන්දෙන් ලෝකය වෙනස් කරන්න බැරුවා සේ එහි අහිතකර බලපෑම්ද වෙනස් කල නොහැක. අඩුම තරමින් එවැන්නක් පිළිබඳ දැනුවත් කිරීමක් කිරීමටවත් උනන්දු නොවී උන් උන්ගේ වැඩ වලය. ඒ ගැන කතා කිරීමෙන් පල නැත. අඩුම තරමින් මෙය කියවන ඔබවත් මේ ගැන ටිකක් සොයා බලා සූදානමක් වනවා හොඳයැයි සිතමි.
මුලින්ම ලිවිය යුතු නමුත් පසුව ලියමි. මා කාලගුණ විද්‍යාඥයෙකු හෝ ඒ ලඟින්වත් යන්නෙකු නොවෙමි. නැවියෙකු ලෙස පමණක් මේ ගැන යම් තරමක් උගෙන ඇත්තෙමි. වසර දෙදාහේදී ලංකාවට මෙවැනි බලපෑමක් තිබුණු අතර, එවකට උප ලුතිනන් වරයෙකු ලෙස ඩෝරා යාත්‍රාවක දෙවන අණ භාර නිළධාරියාව සිටි මා හට මේ ගැන සොයා බලා සියළුම නිළධාරීන්ගේ දැන ගැනීම පිණිස 'ප්‍රසන්ටේශන්' එකක් කිරීමට සිදුවීම නිසා ඒ මතකයත් උගත් කරුණු කිහිපයකුත් අන්තර්ජාලය පරිශීලනයෙන් ලබාගත් දැනුමත් භාවිතයෙන් මේ සටහන තැබූයෙමි. මෙහි බොහෝ වැරදි තිබිය හැක. මේ පිළිබඳව මට වඩා බොහෝ අධ්‍යනය කල උගත්තු මෙහි සිටිය හැක. එවන් අයගෙන් යම් උපදෙසක් ලැබේනම් ඒ අනුව යමින් වැරදි හදා ගැනීමටද යමක් අලුතින් ඉගෙන ගැනීමටද කැමැත්තෙමි.
දේශපාළණ කතන්දරේ නම් "අරූ" ළියලා තිබුනා.. ඒත් මේ විග්‍රහය නම් ඇහුවෙත් අදයි.. අපේ රටේ ඔය සබ්ජෙක්ට් එක කරන් උනවත් දන්නේ නැතිව ඇති මේවා. මොකෝ මොන මළදානේ උනත් පඩිය ලැබෙනවනේ. ඔය කාළගුණේ ගැන කතා කරලා වැඩක් නෑ. ලංකාවේ සියළුම ආයතන එහෙමයි. මේක අසමත් රාජ්‍යයක්.
ReplyDelete\\මේක අසමත් රාජ්‍යයක්\\ ඒ ටික විතරක්ම කිව්වත් ඇති.. කවද ගොඩ යන්ඩද මංදා..
ReplyDeleteස්තූතියි මාතේ ඇවිත් ගියාට. එක පහනක් හරි පත්තු කරන්ඩ තමයි උත්සාහය..
මගේ කුඩා දැනුමේ හැටියට ඔබේ කතාවට එකඟ විය නොහැක. ලංකාව සීතල වනුයේ ලා නිනා කාලයටයි. ඒ කාලෙට ලංකාවෙන් නැගෙනහිරට මහා හුළඟක් හමයි. 2011 ජනවාරි කොළඹ දිවාකල උෂ්ණත්වය සෙල්සියස් 17 ට බැස්සේය.
ReplyDeleteමේ සබැඳිය අනුවත් එල් නිනෝ කාලෙට ලංකාව රත්වන්නට ඕනෑය: http://www.knmi.nl/research/global_climate/enso/effects/
සුජීව කොකාවල මහතා.. බොහෝම ස්තූතියි පැමිණීමටත් අදහස් දැක්වීමටත්..
Deleteමා මුලිනුත් සඳහන් කල ආකාරයට මා මෙම විශයයෙහි ප්‍රවීණයෙකු නොවෙයි.. දන්නා සීමිත කරුණු අනුව පමණයි මේ පිළිබඳව අදහසක් ඉදිරිපත් කලේ.. ඔබේ අදහස් දැක්වීමෙන් අනතුරුව මේ ලිපිය මා විසින්ම නැවත සැරයක් හොඳින් කියවා බැලුවා. අඩුපාඩු හා අපැහැදිලි තැන් බොහෝමයක් ඇති බව නිහතමානීව පිළිගන්නවා.
El Nino තත්වය යනු පැසිෆික් සාගරයේ මුහුදු මට්ටමේ ඌශ්ණත්වය ඉහළම අගයන් ගන්නා අවස්ථාව බවත් La nina යනු එහි අවම අගයන් ගන්න අවස්ථාව බවත් සැබවි. නමුත් සෙසු ලෝකයට එහි බලපෑම අනුලෝමව සිදුවිය යුතුයැයි කොහේ වත් කියවෙනවාද? El Nino අවස්ථාවේදී මෙන්ම La Nina අවස්ථාවේදීද ලෝකයේ එක් කොටසක් උණුසුම් වීමත් තව කොටසක් සාපේක්ශව සීතල වීමත් සිදුවනවා නේද? එමෙන්ම මේ වෙනසට කාරනය තවමත් සම්පූර්ණයෙන් සොයාගෙන නැති බවත් එය තවමත් පරීක්ශණ මට්ටමේ පවතින බවත් Wikipedia හීද සඳහන් වනවා.
මේ ගැන තවත් කරුණු ඉදිරිපත් වනවා නම් මා කැමතියි. මට අවශ්‍ය වුනෙත් මේ ගැන කතිකාවක් නිර්මාණය කිරීමමයි. ඒ සමගම ලංකාවේ වගකිවයුතු ආයතනය වන කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවේ අකාර්යක්ශම නිද්‍රාශීලී භාවයත් පෙන්වා දීමට අවැසි උනා. බොහෝම ස්තූතියි නැවතත්.. ජය ශ්‍රී!
මේ සීතලේ විද්‍යාත්මක පැත්ත නම් දන්නේ නැහැ බන්. මට හිතෙන පොලිටිකල් සීතල නම් වෙන එකක්.ඔය සීතලට තියන්නේ වෙන අරුතක්. අර අපි බයවුනාම, කතාවට කියන්නේ ඇඟ සීතල වෙලා ගියා කියලා. සීතල වැඩිවුනාම වෙව්ලනවා. අපි බලන් ඉම්මු. මේවා කල් දම දමා වහගෙන ඉන්න බැහැ. හරි මිනිස්සු හරි තැනකට එක් වෙන්න ඕන, රටට හොඳක් වෙන්න ඕන නම්.
ReplyDeleteඅරූ අයියා.. මේ දවස් වල මෙහෙ පොඩි උන් පොලිටිකලි රත් වුනාට මහ උන් නම් හීතල වෙලා තමයි ඉන්නේ. ඌවේ ශෂීන්ද්‍රට තව පොඩ්ඩෙන් සීදං හැදෙනවලු සීතලවෙච්චි පාරට.. රෙද්දෙ රෙවෙයි කියල තමයි මයෙ හිතෙ වහගන්ඩත් ඇත්තෙ.. හි හී..
Deleteශෂීන්ද්‍ර මහ ඇමතියගේ වෘෂණ කෝෂ සීතල වෙලා තියෙන්නේ හරීන් මහ ඇමති වෙයි කියන බයට. හරියට අයිස් කැට දාපු යට ඇඳුමක් ඇන්දා වගේ. ඒ සීතල නිසා තමයි ඔය කල්දාලා තියෙන්නේ. දැන් අනික් පළාත් සභාත් කල්දායි, රස්නේ වැඩියි, හුළං වැඩියි, (හුළං බොක බොක ගාලා තියනවා කියලා) වැඩ වැඩියි, ගෑණු වැඩියි, පිරිමි වැඩියි, ළමයි වැඩියි, ඔයවගේ ඕනෑම දෙයක් කියන්න පුළුවන්.
ReplyDeleteදැන් මුන්ට තේරිලා තියෙන්නේ වැඩේ කෙළවෙන්න යන්නේ කියලා.
අහිංසක මිනිස්සුන්ගේ සීතලට පොරවගන්න සාරියක් දීපු නැති එවුන් තමයි දැන් ඌව සීතලට කලබල වෙලා තියෙන්නේ. බෙර ගහලා , නාඩගම් නටලා කඳුළු විකුනපු මාධ්‍යත් අද නැහැ, දේශපාලකයෝ දීපු පොරොන්දුත් අද ඒ මීරියබැද්දත් එක්කම නාය ගිහිල්ලා. මෙහෙව් සමාජයකනේ අපි මේ සියල්ල කතා කරන්නේ. කමියා, විචා, කියන දේවල් හරි. මෙතනින් එහාටවත් අවශ්‍ය සමාජ පරිවර්ථනයක් තමයි මේ මිනිස්සුන්ට ඕන. මේ කඳුළු කියන්නේ ඡන්ද නම්...ඔන්න අපි ආපහු වරද්ද ගන්නවා. ඒ දේවල් මේ කතා තුල හීනියට හිතන්න වෙනවා. විසඳුම්...හීන නොවේවා. හිතන්න පුළුවන් සමාජ ක්‍රමයක් බිහිවේවා.
Deleteමොන ආයතනයක්වත් විද්‍යාත්මකව සහ ක්‍රමානුකූලව හිතන්නේ හෝ ඒ වෙනුවෙන් විමසිලිමත් වෙන්නේ නැහැ, විගඩම් පාලන නාටක තුල. දැන් නම් හොඳටම ඇති චොකා බයිලා. ජන මාධ්‍ය යනු පෙර ගමන් කරුවන් බව කියලා දෙන්න වෙන්නේ අපි වගේ පුරවැසි මාධ්‍යකරුවන්ට වීම කණගාටුවක්.
///හරියට අයිස් කැට දාපු යට ඇඳුමක් ඇන්දා වගේ/// විචාරක තුමා පට්ට යෙදුම ඒක.. හිකිස්.. අපිට මෙහෙම හීතලනම් උන්ට කොහොම හීතල ඇත්ද? එක වෙලාවකට පවු කියලාත් හිතෙනවා අප්පා.. මහ රජවරු වගේ උන්නු ඇත්තො නේද මේ? කවුද දන්නෙ නෑ කියපු නාපුංසකය.. 'රජකම් කලත් කළකම් පලදේ' කියල..
Deleteඅරූ අයියා.. මීරියබද්ද දැන් පුස් කාල.. විකුණගන්න බෑනේ.. ඊයෙද කොහෙද මට ඇහුනා නිවුස් එකක් අනාථ කඳවුරු වල උන්නු එවුන් ස්ට්‍රයික් එකක්ලු පිසූ ආහාර දෙන එක නැවත්තුවා කියලා.. පිස පිස ඉන්න වෙලාවක් නැතුවැති කස්ටියට දන් ටාගට් එකට පෝස්ටර් ගහන්න තියෙනවනේ..
Delete/// කඳුළු කියන්නේ ඡන්ද නම්...ඔන්න අපි ආපහු වරද්ද ගන්නවා /// සහතික ඇත්ත.. මේ පාරත් කෙළවගන්න ඔන්න මෙන්න වගේ..
සීතලනම් අනේ මංද මචෝ.. මටනම් ගිය අවුරුද්දෙත් මේ සීතල මේ මේ විදියටමයි දැනුනේ. ඒ මං මේ ක්ෂේත්‍රය පිළිබඳ මෙලෝ හසරක් දන්නැති නිසා වෙන්න ඇති.
ReplyDeleteකොහොම උනත් ඌව සීතල උනේ ඇත්තට නෙවෙයි කියන කතාව කවුරුත් දන්නවනේ. අනේ අම්මප මේ රට යන අත.
විළිලැජ්ජාවේ සන්තෝසේ බැරුවා.. රට යන අත ගැන නම්..
Deleteනටන්න බැරි මිනිහට පොලොව ඇදයි වගේ තමා කල් දැමිල්ලනම්.
ReplyDeleteමේ විස්තරය ගොඩාක් වටිනවා. ලංකාවේ ඒ ඒ කලාපවලට බලපාන අයුරු, ඒ කුමන කාලවලද ආදිය වඩාත් විස්තර ඇතිව දාන්න පුලුවන්ද?
මදූ මං මේ ගැන එක්ස්පර්ට් කෙනෙක් නම් නෙවෙයි.. හැබැයි උත්සාහ කරන්නම් දන්න විදියට ලිපියකින් විස්තරයක් ඉදිරිපත් කරන්න.. ඇත්තටම අපි ඒ කාලේ සමාජ අධ්‍යයනය කියන විශයට ඉගෙන ගත්තට මේ දේවල් ගැන ලොකු වැටහීමක් තිබ්බේ නෑ.. ටිකක් ප්‍රායෝගිකව කරන්න ගත්තම නම් ලොකු උනන්දුවක් ආවා.. ස්තූතියි ඔබේ උනන්දුව සම්භන්දයෙනුත්.. ජය ශ්‍රී!
Deleteකාළගුණය ගැන කියලා තියෙන දේවල් නං සෑහෙන්ඩ වටිනවා. දේශපාලනය නං කතා කරලා වැඩක් නෑ..
ReplyDeleteඅපේ රටේ නම් දේශගුණය හා දේශපාලනයත්, කාලගුණය හා කාල පාලනයත් එක වගේම අප්‍රසන්නයි.. :D
Deleteඌ සිතල කෙසේ වෙතත් ආණ්ඩුවේ රත්වීම පැහැදිලියි.යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැතිලු. හැබැයි කරන වැඩ වලින් පේනවා නපුංසක කම.
ReplyDelete//*ඌ සිතල// ඌවේ සිතල.
Deleteඌවේ සීතල හෙවත් ආණ්ඩුවේ රත්වීම.. කතාවනම් එළකිරි හා ජලය වගේ පැහැදිලියි තමයි මයියා.. ස්තූතියි කොමෙන්ටුවට සමාවෙයන් රිප්ලයි එකක් දාන්න පරක්කු උනාට.. ජය ශ්‍රී!
Deleteඅලුත් වෙනසකට රට යා යුතුමයි....ඒකාධිපති බඩජාරියා පන්නන්නට කාලෙ හොදා....
ReplyDelete\\\ඒකාධිපති බඩජාරියා\\\ කියන්න ඕනි ගොඩාක් දේවල් ඒ වචන දෙකෙන් විතරක් උනත් කියවෙනවා සිරෝ.. ආයි හෝදන්න දෙයක් නෑ.. ගන්නේ මිරිස් උනත් මේ ඉඟුරු දැන් වහ වෙලා තියෙන්නේ..
Deleteස්තූතියි කොමෙන්ටුවට සමාවෙයන් රිප්ලයි එකක් දාන්න පරක්කු උනාට.. ජය ශ්‍රී!
ඉතිහාසගත සිදුවීමක්. ලංකා ඉතිහාසයේ පළමු වතාවටයි මෙහෙම සීතලක් ආවෙ.
ReplyDeleteමෙච්චර රත් වෙන්න ඕනි කාලෙක මෙව්වයේ හීතල වීමත්, හීතලයි කියල නිවර්ථන කලාපේ රටක ආණ්ඩු කරන පාලනායතනයක් වසා දැමීමත් දෙකම ඉතිහාසගත විය යුතු සිදුවීම්ම තමයි රාජ්.. මට තරහ අපේ කාලගුණෙත් එක්ක.. මුන්ට විලිලැජ්ජාවක්වත් නැද්ද ලෝකෙ මෙච්චර අලුත් වෙද්දි 2011- 2012 පස්සේ අප්ඩේට් වෙච්චි නැති වෙබ් සයිට් එකක් ප්‍රදර්ශනය කරගෙන ඉන්න..
Deleteස්තූතියි කොමෙන්ටුවට සමාවෙයන් රිප්ලයි එකක් දාන්න පරක්කු උනාට.. ජය ශ්‍රී!