Tuesday 19 May 2015

We were soldiers 2- ගෑණු මුහුද, කූල් දැල්ලෝ සැලඩ් සමඟ 'හොට් සීට්' එකෙන් පොඩුවකට්ටු වෙත ඩීග්‍රේඩ් වීමක්

Photo courtesy: www.google.com
කල්ලරාව ගැන මගේ දෙවෙනි මතකය කලින් කියුවා වගේ ගිරිහඬු සෑය නැවත ප්‍රතිසංස්කරණය කර වන්දනාමාන කිරීමට සැලැස්වීමේ කටයුත්තට සමගාමී උනා.. කන්ද පාමුල වැවක් අයිනේ ගස් හෙවනේ ලෑස්ති කරල තිබ්බ ගමේ ආරට හැදූ මහා දානය නෙළුම් කොලවල බෙදාගෙන වළඳපු එකට පස්සේ මට ඒ ගමන ගැන හොඳටම මතක තිබුනේ කන්ද මුදුනේ ඉඳන් කොහොඹ ගහක් හෙවනට වෙලා ඇස් විශ්වාස කරන්න බැරුව බලාගෙන හිටපු රන්වන් පීත්ත පටියකින් වෙන් කෙරුණු සජීවී සුදු රේන්දයක් අල්ලපු නිල් මහ සයුරේ අපරිමිත දර්ශනය.. 'ඔය යාංඔයට පහලින් පුංචි පුංචි ගෙවල් මණ්ඩියක් පේන්නේ.. ආං ඒ තමයි කල්ලරාව.. අර කොටි ගහල හතලිස් ගානක් මැරුණේ.. දැන් ආපහු මිනිස්සු ටික ටික එනවා.. මාළු වාඩි වලට" කවුදෝ කියනවා මතකයි.

දැන් මේක කියවන ඔබ සමහරක් දෙනාට හිතෙනවා වගේම මටත් ඒ වෙලාවේ ඉඳං හිතේ ඇතිවෙච්චි ලොකුම ප්‍රශ්ණේ තමයි යකෝ මෙච්චර අවධානමක් අරන් මේ පට්ට කැලේ මාළු අල්ලන්න එන්න මේ යක්කුන්ට පිස්සුද? කියල වගේ එකක් තමයි. හැබැයි මොකක්දෝ හේතුවකට මං ඒ ගැන කාගෙන්වත්ම අහුවේ නෑ එවලේ.. ඒ වගේම අවුරුදු අටකට විතර පස්සේ ඒකට උත්තරයක් මට කල්ලරාව වැල්ලෙදිම ලැබුනා..

කල්ලරාව ධීවර ගම පිහිටලා තියෙන්නේ ත්‍රීකුණාමලය පුල්මුඩේ මාර්ගයේ තිරියාය ගම පහුකරල ටිකක් උතුරු පැත්තට යනකොට යාංඔය පාලමට කලින් හම්බවෙන කිලෝ මීටර් 3ක් පමණ වෙන පාරත් මුහුදත් අතර වන බිම් තීරුවේ.මේ හරියට ඒ පැත්තේ මිනිස්සු කිවුවේ 'ගෑනු මුහුද' කියල.. ඒ කියන්නේ ඒ ආසන්නයේ තමයිලු ඉන්දියන් සාගරයේ ඉන්න වැඩිහරියක්ම මාළුවන් බිත්තර දාන්නේ. මේ ගැන වැඩි විස්තරයක් මං කියන්න දන්නේ නෑ. හැබැයි මට මෙහෙම එකක් හිතුනා.. හැමෝම අහල ඇතිනේ 'පුල්මුඩේ ඛනිජවැලි' නිධිය ගැන.. ඔය ඛනිජවැලි නිධිය තියෙන්නේ මං මෙ කියන ස්ථානයට ටිකක් උතුරට වෙන්න. එතන ඉන්න නිළධාරීන් මාත් එක්ක කියපු දෙයක් තමයි මුළු ඉන්දියන් සාගරයටම එකතු වෙන බරින් වැඩි වටිනාම ඛනිජ වැලි මුහුදේ දිය වැල් වල ස්වාභාවය නිසා පුල්මුඩේට එකතුවෙන බව.. මේ දියවැල් වල බලපෑමම වෙන්න පුළුවන් සමහරවිට මේ හරියේ මාළුවෝ වැඩිපුර බිත්තර දාන්න හේතුවත්.

මාළුවෝ බිත්තර දැම්මත් නොදැම්මත් කල්ලරාවට ධීවරයෝ ආකර්ශණය වෙන්නේ මත්ස්‍යය සම්පතට.. එහෙම කියුවට මේක එසේ මෙසේ සම්පතක් නෙවෙයි.. ඔය මං කියපු කිලෝ මීටර් දෙක තුනේ වෙරළ තීරය ආසන්න වශයෙන් මීටර් සියයේ වගේ කොටස් වලට වෙන් කරල තියෙන්නේ. කල්ලරාව ගමේ ධීවර සමිතියට ඇත්තටම අයිති මෙයින් කොටස් දෙක තුනයි. ඉතුරු සියල්ලම කරන්නේ වාඩි ලා ගත් මුදලාලිලා.. බොහෝ විට මීගමුව හලාවත පැත්තෙන් ආපු. ඔවුන් සමහරුන් මේ කොටස් අරගෙන තියෙන්නේ බද්දට.. ත්‍රීකුණාමලයේ හිටියා ප්‍රසිද්ධ මාළු ව්‍යාපාරිකයෙක් 'ඩබල් ඒජන්ට්' කෙනෙක් විදියට දෙපැත්තටම වැඩ කරල පස්සෙ ඝාතනය වුනු. ඔහුගේ බිරිඳට අයිතිව තිබ්බ මෙතන කොටස් කීපයක්.. ඒ දවස්වල මේ කොටසක් බදු දීල තිබුනේ මාසෙකට රුපියල් ලක්ශ විසිපහක වගේ මුදලකට.. ඒ වගේම වාඩියට මිනිස්සු අරන් එන්නේ හැම මනුස්සයාගෙම ගෙදරට රුපියල් පනස් දාහ ගානේ 'ඇඩ්වාන්ස්' එකක් දීලලු. වාඩියක මිනිස්සු 30-40ක් වැඩ.. උදේ මාදැල එළාගෙන ගියාම දවල්ට අදින්නේ ට්‍රැක්ටර් දෙකක් දාලා.. අහුවෙන්නේ තෝරු හා පරවු.. ගණන් කියන්නේ කිලෝ දහස් ගණනින්.. ගොඩගත් සැනින් අයිස් සමග ෆ්‍රීසර් ට්‍රක් වල පටවලා ත්‍රීකුණාමලයට.. ඕකයි කල්ලරාවට ධීවරයින් පණ එපා කියල එන්න රහස..

තිරියාය පැත්තෙ ඉඳන් යනකොට කල්ලරාවට හැරෙන්න ටිකකට කලින් හම්බෙන T හන්දියෙන් වමට ගියාම තමයි කලින් කියපු ගිරිහඬු සෑයට යන්න පුළුවන් වෙන්නේ. ඒ දවස්වල මේ හැම පාරක්ම අධික අවදානම් සහිත කැලෑ මාර්ග.. හමුදා වාහන හැම එකක්ම අනිවාර්‍යයෙන් ආමර් ප්ලේට් ගහල කවර් කරල තියෙන්නෝනෙ. ඒ වගේම හැම පුද්ගලයම එළියට බහිනකොට බොඩි ආමර් හා හෙල්මට් ඇඳල ඉන්න ඕනි. නිළ ඇඳුම කැලෑ නිළ ඇඳුම විතරයි. ගොඩාක් තැන් වලට කරන්ට් නෑ. අත්‍යාවශ්‍යම තැන්වලට ජෙනරේටර් දීල තිබුණා. ඒත් ශබ්දය නිසා භාවිතා කරන්න බෑ.
Photo Courtesy: www.google.com
ඔය හැම නීතියක්ම කරදරයක්ම අස්සේ කල්‍යාණ මිත්‍රයාට පැය විසිහතරෙම ඉන්ටර්නෙට් පහසුකම්, A/C කරපු ඔෆීස් එකක් හා නිවහනක් ද සහිතව ෂෝර්ටයි ටී එකයි ඇඳන් කරන්න පුළුවන් රස්සාවක් දීල තිබ්බ.. හැබැයි පොඩි ගැටළුවක් තිබ්බ.. නින්ද යන්නේ නැති එක.. එහෙම කියුවම අරහෙම පහසුකම් දීල තියන්න හේතුව සාමාන්‍යයෙන් වගකීම හා වග වීම ගැන දන්න කෙනෙකුට පහසුවෙන් හිතා ගන්න පුළුවන්..

මීටර් එකසිය විස්සක් උස කුළුණක නාවික සැතපුම් 96ක් දක්වා නිරීක්ෂණය කරන්න පුළුවන් නවීන රේඩාර් පද්ධතියක්, දිවා රාත්‍රී මුහුද නිරීක්ෂණය කලහැකි අධිබල කැමරා පද්ධතියක්, නාවික සංඥා පද්ධතියක් හා තවත් තාක්ෂණික උපකරණ රැසක් හරහා උතුරු හා නැගෙනහිර නාවික විධානයන්ගේ සාගරික මෙහෙයුම් නිරීක්ෂණය හා සම්න්ධීකරණය තමයි කරන්න තිබුණු 'ආතල්' ජොබ් එක.. හොඳම ආතල් එක කියන්නේ මේ සියලු සජීවී දසුන් නැගෙනහිර නාවික විධානයේ හා නාවික හමුදා මූලස්ථානයේ පිහිටවල තිබුනු ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථාන වලට සජීවීව දර්ශණය වෙනවා. ඉතින් ආතල් ඩබල් ත්‍රිබල්.

ඔය මොන වගකීම තිබ්බත් සාමාන්‍යයෙන් ඒක දරන පුද්ගලයගේ ආකල්ප මත ඊට මූණ දෙන විදිය වෙනස් වෙනවා.. මත් ඉතින් ඔය මොකවත් වැඩිය ඔළුවට ගන්න එකෙක් නෙවෙයි.. කොල්ලො ටිකක් අල්ලගෙන හවසට ක්‍රිකට් පාරක් ගහලා.. සී බාත් එකක් දාල.. මාළු වාඩි පැත්තේ ගිහින් ඕවත් කෙරෙන හැටි පොඩ්ඩක් බලල කරල තමයි ඉන්නේ... ඔය වගේ ගිය වෙලාවක හරියටම පිපිඤ්ඤා සලාද වගේ පේන ඊට වඩා හුඟක් රස උනත් බයෙන් බයෙන් වගේ ටිකක් විතරක් කෑව කූල් කරපු අමු දැල්ලෝ සලාදයක් රස බැලීමට ලැබීම විශේෂ අත්දැකීමක්.. ඊට අමතරව ඉතින් වටේ පිටේ කෑම්ප් වල ඉන්න එවුන්වත් මාරුවෙන් මාරුවට ගෙන්නගෙන හීනියට ඔය මොනව හරි සප්පායම් වෙන්න එහෙමත් අමතක කරන්නේ නෑ.. ඔය වගේ වැඩකට කටගැස්මකට මාළුවෙක් එහෙම ඩෙවල් එකක් දාගන්න ගියාම අපිට සෑහෙන්න වියදම් වෙනවා.. ලුණු ගම්මිරිස් වලට.. මොකද 'දෙන්නෙකුට ඇතිවෙන්න බයිට් එකක්' කියුවම කිලෝ පහලොවක විතර මාළුවෙක් කෑලි කරනවනේ.. ඕකටම මට හිටියා පොඩුවකට්ටු වල SBS ස්කොඩ්‍රන් එක බාරව මගේ බැචා.. මං හිටපු ඒරියා එක බාරව හිටි කොම්පැණි කමාන්ඩර්ත් මගේම 'පැට්‍රෝල්මන්' බැචෙක්. ඌටනම් කැමා යුනිෆෝම් එක ගලවල වෙන එකක් ඇඳ ගන්නවත් වෙලාවක් තිබුණේ 'නැතුව' වගෙයි හිටියේ ඒ කාලේ. 

යුද්දයේ අන්තිමම හරිය වෙනකොට කොටින්ගේ මුහුද මගින් ආයුධ සැපයුම් කටයුතු හා මුහුදු සටන් වලට එළඹීම සෑහෙන්න අඩුවීම නිසා කල්ලරාවේ රෝල් එක 'මුහුදු මගින් පැන යන්නන් ගැන සොයා බැලීම' කියන වගකීමට වැඩිපුර බර උනා.. .. ඒ වගේම කෝකිලායි කලපුව අතික්‍රමණය කරල 'වන් ෆෝර් බේස්' කුඩු පට්ටං කරගෙන හමුදාව මුලතිවු ආසන්නයටම ගියාම නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගණයේ එක් අනුඛණ්ඩයක් නයාරු කලපුවේ ස්ථානගත කරා. ඒ හා සමගාමීවම චෙම්මලේ කියන ස්ථානයේ තවත් කුඩා රේඩාර් යන්ත්‍රයක්ද ස්ථාපිත කරා. මීට අමතරව මුල සිටම කල්ලරාවට පහලින් පොඩුවකට්ටු වලට ආසන්නයේම මුහුදට නෙරාගිය තුඩුවක් වන බෝල්ඩර් පොයින්ට් හීද MRL එකක් හෙවත් මල්ටි රොකට් ලෝන්චර් කියන ආධාරක බර අවියක් හා රේඩාර් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක උනා. මේ රේඩාර් එකත් ක්‍රියාත්මක උනේ මගේ ස්කෝප් එක යටතේ.. අර මං කලින් කියපු උණුවෙන හිතක් තියෙන හයේ හතරේ දැවැන්ත දෙවෙනියා තමයි ඔතන ස්ථාන ගත කරලා හිටියේ.

ඔයින් මෙයින් වගකීම් අඩුවීම හෝ වෙනස් වීම මත  මට හිතුනා පොඩි වෙනසක් කරන්න. 'යන්න ඕනේ පොඩුවකට්ටු' ඕක තමයි වෙනස.. කෑම්ප් එක ඒ කියන්නේ අපේ සියලුම ඇඩ්මින් කටයුතු කරපු ශ්‍රී ලංකා නාවික නෞකා 'වළගම්බා' ආයතනයේ ලොකු තැනගේ පූර්ව අනුමැතිය ඇතුව මං දෙවෙනියාව 'මුල්' තැනට දාල මං දෙවෙනියා උනා. ඒ කියන්නේ මං බෝල්ඩර් පොයින්ට් රේඩාර් එකට ගියා. ඕක කන්වින්ස් කරන්න හොඳ පොයින්ට් එකකුත් හම්බුනා මොකද SBS ලත් ඉන්න නිසා එතන තියෙන්නේ පොඩි 'ඇම්ෆීබියස් රෝල්' එකක් වගේ කියන එක. මෙතන Amphibious කියන්නේ මුහුදයි ගොඩ බිමයි දෙකේම කියන එක වගේ අදහසක්. 

************පුංචි තාක්ෂණික පැහැදිලි කිරීමක්***********

'නෞකා ආයතනය' කිව්වම පොඩ්ඩක් අවුල් වගේ නේද.. මෙහෙමයි. නාවික හමුදාවේ ගොඩබිම හා මුහුදේ තියෙන සියළුම 'ආයතන' ක්‍රියාත්මක වෙන්නේ 'නෞකාවක' දින චරියාවකට සමානව.. ඒ නිසා තමයි ගොඩ තිබ්බත් මුහුදේ තිබ්බත් 'ශ්‍රී ලංකා නාවික නෞකා' කියන විශේෂනය එන්නේ. මේ 'නෞකා' ප්‍රධාන වශයෙන් ප්‍රධාන කොටස් දෙකයි.. අධිකාරියට පත් කල (Commissioned) හා නොකල ලෙස. අධිකාරියට පත් කල ආයතන ස්වාධීනයි. ඒ කියන්නේ ඩිරෙක්ට් රිපෝට් කරන්නේ නාවික හමුදාපතිට.. අදාල නාවික විධානය භාර අඥාපතිට හා තමන් අයිති ස්කොඩ්‍රන් (Squadron) එක හෝ කන්ටින්ජන්සි (Contingency) එක බාර නිළධාරියෙක් ඉන්නවනම් අන්න එයාට dotted line reporting (for operational & administrative matters).. මේවයේ ලොක්ක Commanding Officer විදියට හඳුන්වනවා.. CO කෙනෙක් උනාම නාවික නීතිය යටතේ පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කිරීම දක්වා වන විනිශ්චයකාරවරයෙකුගේ බලතලද ඇතුළුව විශේෂ බලතල බොහෝමයි.

අධිකාරියට පත් නොකල ආයතන ක්‍රියාත්මක වන්නේ විශේෂ ස්කොඩ්‍රන් එකක් ලෙස හා/හෝ පෙර සඳහන් කල ආයතනයකට අනුබද්ධව ඒ CO යටතේ. නාවික හමුදාවේ ක්‍රියාත්මක වන මෙවන් විශේෂිතම ස්කොඩ්‍රන් තුන තමයි ඩෝරා ස්කොඩ්‍රන් එක ලෙස හඳුන්වන වේග ප්‍රහාරක මුරයාත්‍රා බලගණය (Fast Attack Craft Squadraon) , Special Boat Squadron (SBS) නැත්නම් විශේෂ යාත්‍රා බලගණය හා අන්තිම කාලේ කරලියට ගෙනාපු Rapid Action Boat Squadron (RABS) නැත්නම් ක්ෂණික විහිදුම් යාත්‍ර බලගණය.. මෙවන් යාත්‍රාවක් නිළධාරියෙකු විසින් පාලනය වන විට 'අණ බාර නිළධාරී' (Officer in Command) වන අතර සෙසු නිළයකින් පාලනය වන විට 'ස්ථාන භාර නිළධාරි' (Officer in Charge) ලෙස හැඳින් වෙනවා. අණභාර නිළධාරියෙකුට CO කෙනෙකු තරමටම නැති උනත් සෑහෙන්න බලතල හිමි වෙනවා. අනික CO කෙනෙකුට පුළුවන් තමන් සතු බලතල අදාල අණභාර නිළධාරියාට පවරන්න. එහෙම බලවත්ම OIC ලා ඉන්න තැන තමයි නේවි එකේ ඩෝරා ස්කොඩ්‍රන් එක. ස්ථාන භාර නිළධාරියෙකුට හිමිවෙන්නේ රාජකාරිමය වගකීම් පමණයි. 

SBS එක ස්කොඩ්‍රන් 1,2,3... කියල කීපයකට කඩාගෙන ඒවට වෙන වෙනම ස්කොඩ්‍රන් කමාන්ඩර් කෙනෙකුත් සියල්ල එකතු කරල ගත්තම CO කෙනෙකුත් ඉන්නවා. පැට්‍රොල්මන් බේස් විදියට හඳුන්වන ගොඩබිම ආයතන නෞකාවක දින චරියවට අනුව හා CO කෙනෙකු යටතේ පාලනය උනත් එතනින් පහලට පාලනය සිදුවන්නේ 'ආමි' කම්පැනි හා ප්ලැටූන් සිස්ටම් එකට. ඒ ගැන නම් මගේ ලොකු අවබෝධයක් නෑ. ඒ වගෙම මේ පැට්‍රොල්මන් බේස් කීපයක් එකතු කරල පස්සේ කන්ටින්ජන්ට් එකක් (Naval Contingent) හදල ඒවාට කන්ටින්ජන්ට් කමාන්ඩර්ස් (CCO) ලත් පත් කරා. ඒ අයගේ රෝල් එකනම් මට අපැහැදිලියි. කල්ලරාව හා පොඩුවකට්ටු අයිති උනේ ඔයාකාරයට 'වළගම්බා' CO ටත් නිලාවැලි කන්ටින්ජන්සි කමාන්ඩර්ටත් CCO(N). 

නාවික හමුදා මූලස්ථානය (Navy Headquarters), නාවික විධාන මූලස්ථාන (Area Commanders), නාවික හා සාගරික විද්‍යාපීඨය (Naval & Maritime Academy) හා ත්‍රීකුණාමලය නාවික තටාකාංගනය (Naval Dockyard- Trincomalee) මීට ටිකක් වෙනස් විදියකට තමයි පාලනය වෙන්නේ.

************බැක් ටු ද ප්ලේ ග්‍රවුන්ඩ්************

පොඩුවකට්ටු.. කුන්චිකුම්බන් ආරු කියල ගෝමරන්කඩවල කැලේ පැත්තේ ඉඳල හිමි හෙමින් බැහැල ඇවිත් කරදියට මුහු වෙන්න අකමැත්තෙන් වගේ කැලෑ පඳුරු අතරේ ගොනු ගැහෙන කාගෙවත් වැඩි කතා බහකට ලක් නොවිච්චි හා ඇස නොගැටුණු දිය සුන්දරිය.. කරදිය- මිරිදිය දෙවර්ගයේම මත්ස්‍යයින්, අටෝරාසියක් කුරුල්ලෝ, තැනෙක කරවටට මදක් උසින් තැනෙක දණහිසටත් පහලින් රොක් වෙවී පුංචි පුංචි දූපත් රැසක් මවන වචනයෙන් කියා නිමකල නොහැකි සුන්දරත්වයක් මවන ඒ අපරිමිත පරිසර වස්තුව දකිද්දි මට මතක් වෙන්නෙම 'ලොකු පුතා' වගේ කැමරාවක් එල්ලං ගස් වැල් සත්තු කුරුල්ලෝ පස්සේ එලවන පරිසරවේදියෝමයි. ඒත් මේ තාක් කිසිම තැනක මං පොඩුවකට්ටු ඒ පරිසර කලාපය ගැන ගවේශණාත්මක වාර්තාවක් හෝ අඩුම තරමින් පින්තූර ටිකක්වත් දැකල නෑ.. මට එච්චර කලාත්මක ඇහක්වත් ඒ කාලේ ඒවයෙ ඒ හැටි වටිනාකමක් වත් නොතිබිච්චි එක ගැන මම වැඩියෙන්ම දුක් වෙන්නේ දැන්. ත්‍රීකුණාමලයට උතුරින් මුලතිවු දක්වා වෙන ප්‍රදෙශයේ තියෙන එරක්කන්ඩි, කුඹුරුපිඩ්ඩි, සින්නකරච්චි හා පෙරියකරච්චි, යාංඔය, කෝකිලායි, කුමලමුනේ, අලම්පිල්, නයාරු හා නන්දිකඩාල් යන මේ අති සුන්දර කළපු පද්ධතීන් අතුරෙනුත් මගේ හිත් ගත්ත හා වඩාත්ම ජෛව විවිධත්වයකින් හෙබි පරිසර පද්ධති දෙක තමයි මං හිතන විදියට පොඩුවකට්ටු හා යාංඔය. 

පෝස්ට් එක හොඳටම දිග වැඩියි.. මෙදා පොටෙත් බැනුම් අහන්න වෙනවා ෂුවර් එකටම..පෝස්ට් එක දිගයි ඡේද දිගයි මහප්‍රාණ වැඩියි පඳුරු තලල වැඩියි පාරිභාෂික වචන පොදු පාඨකයට තේරෙන්නේ නෑ.. කියලා. දේශපාලන හින්ට් වලින් නම් සම්පූර්ණයෙන්ම වගේ අයින් උනා.. අනිත් වැරදිත් ටිකටික හදා ගන්නම්. පිරිසක් ඉතින් හොඳයි කියලත් කියුවා.. හැබැයි හොඳයි කියපු අයගේ කොමෙන්ට් වලටත් වඩා මං ආසාවෙන් කියෙව්වේ උත්තර ලියුවේ අඩුපාඩු පෙන්නල දීපු අයගේ කොමෙන්ට් වලට.. මොකද වැරදි හදාගෙන ලිවීම දියුණු කර ගන්න ඒක ඉවහල් වෙනව වගේම බනින්නේ අඩුපාඩු පෙන්නල දෙන්නේ හදා ගන්න තියෙන උවමනාවටනේ.. මං හිතන්නේ එහෙමයි. 

පොඩුවකට්ටු වලට මං ආස වෙන්න දෙවෙනි ප්‍රධානම හේතුව, සෆාරී ලෑන්ඩ්මාස්ටරයේ නැගී තිත්ත කරුවලේ බෝල්ඩර් පොයින්ට් තරු හතේ හෝටලයට යන ගමන හා බිරිඳ හා දරු දෙදෙනාත් ලඟම ඥාතීනුත් සතුරා අතට පත් වීම යන බරපතල කාරණය ගැන තොරතුරු රැගෙන හැකි ඉක්මණින් යලි එන්නම්. 






152 comments:

  1. මැද්දට පැනල ටිකක් කියෙව්ව..නියමයි කමී..ඔයා නියම උපදේශකයෙක්

    ReplyDelete
    Replies
    1. හා හා.. අමතක දෙයක් තිබුණොත් කෝල් එකක් දෙනවා ලෑස්ති වෙලා හිටපං.. හැක්.

      Delete
  2. පරිසර වර්ණනාව සම්බන්ධයෙන් උඹට යම්කිසි හැකියාවක් තිබෙන බව පෙනීයනවා.පෝස්ට් එක කියන්න තරම් දිගක් නෑ.එදා තරම් නැතත් මහප්‍රාණ වැරදි කීපයක් දකින්නට පුළුවනි.තව එකක්,පොඩි උන්ට සීනිබෝල දෙන්නැහේ පාට පාට අකුරු නොදා කළු පාටින්ම ලිව්වා නං පෝස්ට් එක මීට වඩා පිළිවෙලයි කියල හිතෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හම්මා.. අමාරු එක්සෑම් එකකින් සිම්පල් පාස් එකක් ගත්තා වගේ.. අප්‍රමාණ සංතෝශයි. ඊලඟ පාර ක්‍රෙඩිට් එහෙකට ට්‍රයි කරන්නම්. හි හී..

      Delete
  3. ඒ සුන්දරත්වය ඒ කාලේ විඳින්නේ කොහොමද නේද? හිතේ කුකුස සුන්දරත්වයට බාධා කරනවා කියන්නේ නිකන් නෙවෙයි. මේ දිනෙන් දිනම interesting වේගන එනවා. ලියමු ලියමු Expressway එකට දාල!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම.. අදින් පස්සේ.. ඒ කියන්නේ මැයි 19න් පස්සේ එහේ ගත වෙච්චි සීමිත කාලයේදී තමයි ඒ සුන්දරත්වය නිදහසේ විඳින්න අවස්ථාව ලැබුනේ.. යුද්දයේ අමිහිරි කටුක අත්දැකීම් හා සමගම මේ සුන්දරත්වයත් දකින්න ලැබීම ඇත්තටම සොඳුරු අත්දැකීමක්..
      //ලියමු ලියමු Expressway එකට දාල// හැක්.. පාර හොඳයි වාහනේ පරනයි. ඒකයි අවුල..

      Delete
  4. මොන දිගක්ද බං... උම හොදට පැහැදිලි කරගෙන ආවා නෙව.. කල්ලරාවේ මුදු ඉඩං කෑල්ලක් අපේ ලොකු මහප්පත් අවුරුදු පතා බදු ගත්තා කාලයක්..(නුවර එළියේ එළවලු වවද්දිම) හැක්

    ReplyDelete
    Replies
    1. //කල්ලරාවේ මුදු ඉඩං කෑල්ලක් අපේ ලොකු මහප්පත් අවුරුදු පතා බදු ගත්තා//සැක්.. කලින් දන්නවනම් මේ ටිකත් කල්ලරාව විස්තරේටම ඇඩ් කරන්න තිබ්බා..
      ටැංකූ වේවා එහෙනම්..

      Delete
    2. ලොකු බාප්පා ඒ කියන්නේ ස්විස් බැංකු ගිණුම් හිමියෙක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ණයක් ගන්න බැයිද ?

      Delete
  5. විස්තර ලිවීමේදී ලිපියේ දිග ප්‍රශ්ණයක් කර ගන්න එපා. වචන ඵලදායීතාව වැදගත් වෙන්නේ පොලිටිකල් කරුණු ගැන ලිපිවලටයි.

    දැල්ලෝ අමුවෙන්?

    ReplyDelete
    Replies
    1. ඔව්.. පොල් දැල්ලෝ කියන ලොකු උන් නෙවෙයි පොඩි උන්.. හොඳට සුදු පාට වෙනකම් සෝදල සුද්ද කරල ඩීප් ෆ්‍රීසර් එකේ දාල. පස්සේ කූල් පිට කෑලි කපල දෙහි ඇඹුල් දාල සලාදයක් වගේ.. මාරම රහයි.. බෑ බෑ කියල පොඩ්ඩක් කෑවේ බල කිරිල්ලට.. පස්සෙ තව කන්න හිතුනත් ඉල්ලන්න ලැජ්ජා හිතුණා.. ආයිනම් කන්න උනේ නෑ කොහෙදිවත්..

      Delete
    2. අඩේ....ඔය විදිහටම බූවල්ලොත් කනවා.මම පොල්හේනෙදි කෑවා.හැබැයි ඉතින් රබර් හෝර්ස් කෑල්ලක් හපනවා වගේ තමයි.කොළඹට එනකම්ම හපන්න පුළුවන්.

      Delete
    3. යෑක්.. කියන කැත විතරක්. අර මහප්‍රාණ ඇනෝ කියුව වගේ තෝ නම් යක් කටුස්සෙක්.. ඌ කියුව වගේ මුහුදු බෙල්ලොන්ගේ මස් නම් කනවා පිහිතුඩෙන් හූරල අරං දෙහි ඇඹුල් මිරිකල එවලේම.. ජින්තු වැඩි වෙනවලු. කොරියෝ ජපන්නු සින්ගෝ කනව මං ලයිව් දැකල තියෙනව රස කර කර.. හරියට අපිට ඉදිච්ච රස පළතුරක් හම්බුනා වගේ. මං ඈත ඉඳන් ෆොටෝ ගැහුවා.. ඊලඟ පෝස්ට් එකේවත් දාන්නම්.. හැක්.

      Delete
    4. ගෙඹි දැල්ලො කියන එවුන්ද?

      Delete
    5. https://www.youtube.com/watch?v=hYeKHzyZVE0

      Delete
    6. //ගෙඹි දැල්ලො// එහෙම නමක් නම් පාවිච්චි කරල නෑ ප්‍රා. අර වගේ වීඩියෝ වලනම් එක එක උන් කන විදිය දැකල තියෙනවා. මට අප්සෙට්ම බලන් ඉන්න අර පට පනුවෝ කන හැටි. මම දැල්ලෝ කෑවේනම් පන පිටින් නෙවෙයි. උයන්නේ නැතුව විතරයි. මුහුදු බෙල්ලො හූරගෙන දෙහි මිරිකල මද කන එකනම් මං දැකල තියෙනව පයිප් ලයින් දාන්න මුහුදේ ඉන්න කොට ඕනෙතරම්.මේ බලන්න.
      එක
      දෙක
      තුන
      හතර
      පහ

      Delete
  6. ඔය තියෙන්නේ නියමෙට. කොච්චර වටිනා තොරතුරුද මෙච්චරකල් හංගගෙන හිටියේ. නාවික හමුදාවේ පරිපාලනය ගැන ලියනවා වගේම, විවිධ සම්ප්‍රදායයන්, නිල ඇඳුම්, අවි ආයුධ, ඔක්කොම ලියන්න පටන් ගම්මු.

    මම පහුගිය පෙබරවාරි මාසයේ ගියා බටහිර වෙරළේ SBS එකක් තියන තැනකට. විස්තර කියන්න කැමති නැහැ. එතන ටිකක් හැංගිලා තියන නිසා.

    මම 2003 දී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානයක පිරිසක් සමග පුල්මුඩේ සිට පාලම්පාරුවෙන් යාංඔය තරණය කරලා ගියා තිරියායට. පිටත් වෙන්න කලින් මම කිව්වා අපේ එවුන්ට, නේවි එකට කියපන් අපේ වාහනයක් එනවා කියලා විතරක්. කියලා. ආරක්ෂාව ගැන සලකලා එහෙම කිව්වේ. අපරාදේ කියන්න බැහැ අපේ එවුන් නියමෙට පණිවිඩේ කියලා. මගේ නමත් කියලා. මග දිගට තියන නාවික මුරපොළවල් වලින් සෙලියුට් වදිනකොට (මම සාමාන්‍ය ඇඳුමක් ඇඳලා ගියේ) මට තේරුණා මොකක් හරි අවුලක් කියලා. හොයලා බලනකොටයි අපේ එවුන් කරලා තියන වැඩේ තෙරුණේ.

    පහුගිය මාර්තු මාසයේ මම යළිත් බොහොම නිදහසේ තිරියායට ගියා. විස්තරය අද පලකරන්නම්.

    ReplyDelete
    Replies
    1. //විස්තරය අද පලකරන්නම්.// සුභාරංචියක්..

      //ඔක්කොම ලියන්න පටන් ගම්මු// හි හි.. රස්සාවෙන් අස්වෙලා යන්න වෙනවා ලියන්න පුලුවන් පඩි ගෙවන තැනකට.. 2003 තත්වේ වෙනස්මනේ. අපේ ඒ කාලේ වෙන්ඩ නෝනවත් මං යැව්ව ගිරිහඬු සෑය වඳින්න දෙදාස් දෙකේදි.. පාරවල්නම් හරි සැපයි ඒ කාලේ නේද? ස්තූතියි විචාරක තුමා..

      Delete
    2. Q කමිසන් පරයන්ට සැලුට් ගහන්න නේවි පොන්නයෝ තමා

      Delete
    3. @ Anonymous20 May 2015 at 02:53
      ඇනෝ, Q කමිශනින්ග් ස්කීම් එක ගැන මං මෙලෝ දෙයක් දන්නේ නෑ. අනික එහෙම ඔෆිසර්ස් ලට ආමි එකේ සැලියුට් ගහනවද නැද්ද දන්නෙත් නෑ. තව එකක් විචාරක තුමා Q කමිශන් ද නැද්ද කියල මං දන්නෙත් නෑ.. මට ඒකෙන් වැඩකුත් නෑ. මං නේවි එකෙන් අයින් වෙලා දැන් සෑහෙන්න කල්.. මට ආයි කිසිම නේවි සම්භන්දතාවයක් නෑ. හමුදාවේ හිටිය කියනවට වඩා එතුමට ගරු කරන්න ඕනේ තරම් හේතු මට දැන් තියෙනවා..
      තව එකක්.. කැඩෙට් එන්ට්‍රි (NMA & KDU) ඇරුනම නේවි එකේ කමිශන් වෙන්න පුළුවන් ස්කීම් ගොඩාක් තියෙනවා. ඩිරෙක්ට් එන්ට්‍රි, අපයාර්ඩ්මන්, සර්විස් එන්ට්‍රි, ඔනරරි කමිශන් වගේ.. ඒ හැමෝටම නේවි එකේදි නම් සීනියොරිටි එකට තමයි සළකන්නේ ආෆ්ටර් කමිශන්.. වෙන බේදයක් නෑ. මේ කමෙන්ට් එකෙන් පස්සේ මට හිතුනා නේවි එකේ කමිශනින්ග් ස්කීම් ගැනත් පොඩ්ඩක් ලියන්න.. බලමු. කොහොම උනත් මං ලියන ඒව ඇවිත් බලල කොමෙන්ට් කරනවට ස්තූතියි.

      Delete
    4. කමියා උඹ කබරහම වඩවගෙන...ජය

      Delete
    5. තව තියෙනව ඌරු කටකුයි බූරු පිටකුයිත්.. හැක්.

      Delete
  7. එල එල. ඉස්සෙල්ල එකට වැඩිය අවධානයෙන් කියෙව්ව.
    දැල්ලො අමුවෙන්?

    ReplyDelete
    Replies
    1. //ඉස්සෙල්ල එකට වැඩිය අවධානයෙන්// ඔව් ඒක හොඳයි.. මේ හරිය ටිකක් ඩේන්ජරස්.. හැක්. එළ එළස්!
      දැල්ලො විස්තරේ දැම්ම රසිකගේ කමෙන්ටෙක ලඟ

      Delete
  8. මේක එච්චර දිග වැඩි නෑ කැමියො. තව ඔය වගේම කොටසක් ලියල තිබ්බත් එක දිගට කියවන්න ආසයි.

    අපිත් 2010 මාර්තු යාපනේ ගිහින් එන ගමන් ට්‍රින්කො ආව. ඒ ඇවිත් රැයක් නැවතිලා හිටියෙ තාවුලුවැව නේවි කැම්ප් එක ළඟ පන්සලක. ඒ කාලෙ අපේ අයිය කෙනෙක් ඒ කැම්ප් එකේ හිටියෙ. නේවි එකෙන් තමා ඒ පන්සල් වලට උදව් කලේ. තාමත් එහෙම වෙන්න ඇති. එහෙදි අපිට හම්බුනා කැමා එක ගහපු හයේ හතරෙ පොරක්(මට නම් හැමදාම පොරවල්) තුවක්කුවත් තියාගෙන(ඒ කේ 47 ද දන්නෙ නෑ). මම එක දිගට ෆොටෝ 4ක් 5ක් විතර ගැහුවා ආසාවට. ගිරිහඬු සෑයත් වඳින්න ගියා. ඒක උඩ ඉඳන් බලද්දී මුහුද උඹ විස්තර කරපු විදිහටම මාර ලස්සනයි. පුල්මුඩේ සයිඩ් එකත් තියෙන්නෙ අරහේ කියල ඒ අයිය පෙන්නුවත් එහෙ යන්න උනේ නැහැ ඒ කාලෙ යුද්දෙ ඉවර වෙලා අවුරුද්දක් වත් නැති නිසා වෙන්න ඇති.

    දැන් මිනිස්සු මොනව කිව්වත් උඹල වගේ මිනිස්සු රට වෙනුවෙන් කැප වෙලා ත්‍රස්තවදියොත් එක්ක සටන් කරලා යුද්දෙ දිනුවෙ නැත්තං අදටත් නිදහසේ බස් එකක කෝච්චියක යන්න නෑ. රතිඥ්ඥයක් දැම්මත් යුද්දෙ කාලෙ බයයි. දැන් ඔය පොර ටෝක් දෙන එවුන් ඒ කාලෙ යුද්දෙ නිසා එළියකට බැහැල ගියෙ නෑ. කලාකරුවො වේලි වේලි හිටිය ප්‍රසංග නැතුව බෝම්බ ගහන නිසා. දැන් ඒවා මතක නෑ. සමහරු මැරිල ඉපදිලා. එහෙම සමහර එවුන් අද කියනව රණවිරුවො සමරන එක වැරදියිලු.

    මේ අත්දැකීම් දිගටම ලියහන්. මිනිස්සුන්ට(විශේෂයෙන්ම දැන් ඉන්න පොඩි උන්ට) අවුරුදු හයකට එහා පැත්තෙ අපේ රට තිබ්බ හැටි මතකත් නෑ දන්නෙත් නෑ. උන් කවද හරි මේවා දැකල දැනගනියි එහෙම කාලෙකුත් තිබ්බා කියල. ගොඩක් ආසාවෙන් කියෙව්වෙ මේ ලිපි දෙකම. ඊළඟ කොටසත් ඉක්මනටම දාන්න.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. //මම එක දිගට ෆොටෝ 4ක් 5ක් විතර ගැහුවා ආසාවට// ෆොටෝ එකක් එවපං බලන්න මගේ 2IC ද කියලා.. හැක්. AK 47 තමයි මොඩිෆයි කරල T 56 හා T 81 හදල තියෙන්නේ. ගොඩාක්ම වෙලාවට උඹ දකින්න ඇත්තේ T 56ක් වෙන්නැති..
      //පුල්මුඩේ සයිඩ් එකත් තියෙන්නෙ අරහේ කියල ඒ අයිය පෙන්නුවත් එහෙ යන්න උනේ නැහැ// අපරාදේ.. ඕක වෙන්නේ එක්ක යන එකාගේ සම්භන්දකම් අඩුවීම මත.. ඒ පැත්තට ගියානම් ඛනිජ වැලි එක, අරිසිමලේ, යාංඔය හා කල්ලරාව පැත්තට යන්න තිබුනා. තව චුට්ටක් උඩින් කෝකිලායි කළපුව. මම දෙදාස් නවයෙම අපේ උන්දලව එක්ක ගියා ඔය හැම තැනම.. උඹල ට්‍රින්කො ඉඳල නිලාවැලි හරහානම් ආවේ, එරක්කන්ඩි හා පොඩුවකට්ටු පහු කරල එන්න ඇත්තේ. ලොකු යකඩ පාලම් දෙකක් ඉදි කරලා තියෙන්නේ ඒ තැන්වල.. තව එකක් හැදුවා යාංඔය ක්‍රොස් කරන්ඩ.. ඒ ඔක්කොම අපූරු මතක..

      Delete
    2. මම මේල් කරන්නං. අපි වවුනියාවෙන් හරවන් ආවෙ. වැවකින් නෑවා මතකයි(මහ දිවුල්වැවද කොහෙද). නිලාවැලි පැත්තට යද්දී නම් පාලමක් හම්බුනා මතකයි.

      Delete
    3. වවුනියාවෙන් කැබිතිගොල්ලෑව පාරෙන් හැරිල ආවනම් උඹල අපරාදේ හොරොව්පතානට ගියේ. කැබිති ගොල්ලෑවෙන් වමට දැම්මම පුල්මුඩේ පාරෙන් යන එක ලඟයි. හොරොව්පතානෙනුත් ගෝමරන්කඩවල හරහා අතුරු පාරක් තියෙනව පන්සල ලඟින්ම ගිහින් තිරියායට යන්න. හැබැයි ඒක කැඩිල පොඩි වාහන වලට යන්න අමාරුයි. දැන්නම් හදලද දන්නේ නෑ. හොරොව්පතානෙදි නෑවනම් මහදිවුල් වැව තමයි.

      Delete
    4. මනා කමෙන්ටුව එල ද බ්‍රා

      Delete
    5. මෙන්ඩ ඒකනම් කියවල වගේ.. හැක්.

      Delete
    6. මනාගේ කමෙන්ටුවට පට්ට +++++++++++++++++++++++++

      Delete
    7. හ්ම්ම්.. බොක්කෙන්ම ලියල තියෙන්නේ..

      Delete
  9. / හැබැයි හොඳයි කියපු අයගේ කොමෙන්ට් වලටත් වඩා මං ආසාවෙන් කියෙව්වේ උත්තර ලියුවේ අඩුපාඩු පෙන්නල දීපු අයගේ කොමෙන්ට් වලට.. මොකද වැරදි හදාගෙන ලිවීම දියුණු කර ගන්න ඒක ඉවහල් වෙනව වගේම බනින්නේ අඩුපාඩු පෙන්නල දෙන්නේ හදා ගන්න තියෙන උවමනාවටනේ.. මං හිතන්නේ එහෙමයි. /

    උඹ එහෙම කියල තියන නිසයි මේ අඩුපාඩු මම පෙන්නන්නෙ...හෙහ්,හෙහ්,

    කරුණු සම්බන්ධව අඩුපාඩු පෙන්නන්න නේවි එක ගැන මම දන්න එකක්ය? ඒ හින්ද මම දැක්ක අකුරු අඩුපාඩු ටිකක් පෙන්නන්නං..ඔය අකුරු අඩුපාඩු තිබ්බම විශේෂයෙන් අනවශ්‍ය මහප්‍රාණ වැටුනම වෙන්නෙ කෙලින්ම ඒකට ඇහැයනව. කතාව රසවින්දනයට බාධාවක් ඒක.

    අවධානමක්  - අවදානමක්

    නිරීක්ශණය - නීරීක්ෂණය

    තාක්ශණික - තාක්ෂණික

    සම්බන්ධීකරන - සම්බන්ධීකරණ

    පිපිඥ්ඥා - පිපිඤ්ඤා

    බලඝනයේ - බලගණයේ

    අනුඛන්ඩයක් - අනුඛණ්ඩයක්

    ක්ෂනික - ක්ෂණික

    තඨාකාංගනය - තටාකාංගනය

    ගවේශනාත්මක - ගවේෂණාත්මක

    වාර්ථාවක් - වාර්තාවක්

    පද්දති - පද්ධති

    ශුවර් - ෂුවර්

    පාරිභාශික - පාරිභාෂික

    ආයමත් කියන්න ඕන..මල්ලි උඹ ලස්සනට ලියන හින්දයි මේ අඩුපාඩු පෙන්නල දුන්නෙ...ගූ ගොඩක මැස්සෙක් වහල හිටියට කාටවත් ඒ ගැන ගාණක් නෑ. ඒත් මල්පොකුරක මැස්සෙක් හිටියම කැපිල පේනව. ඌව එලවන්ටම ඕන.හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. හැක්.. මහා කළු සිංහලය වගෙ ඉන්න නිසා මං හිතාගෙන උන්නේ මං හෙන සිංහල වැඩ්ඩෙක් කියලා.. මෙච්චර 'මැස්සෝ වහල ඉන්නව' දැක්කම මටනම් පෝස්ට් එක මල් වගේ නෙවෙයි මට මලපහ උනා වගෙයි.. රවී අයියා.. හැබෑට කොහොමද ඔය ව්‍යාකරණ රීති හැදෙන්නේ. මෙහෙම වචනෙන් වචනේ මතක තියා ගන්න ඕනිද නැත්නම් මොකක් හරි සිස්ටමැටික් ගජමැටික් එකක් තියෙනවද මේව හැදෙන? මටනම් පිස්සු වගේ.. ඒ කියල හරියන්නේ නෑ.. රායිට් ඔන්න මං එකින් එක නිවැරදි කරන්න පටා..ං ගත්තා.. බොක්කෙන්ම තැන්කූ හොඳේ..

      Delete
    2. වෙලාවක් තිබුණොත් විතරක් (කලාතුරකින්) මං භාවිතා කරන්නේ මෙන්න මේ මෙවළමයි.
      http://subasa.ambitiouslemon.com/spellerweb.py


      Delete
    3. පහුගිය පෝස්ට් එකේ ඇනෝ කෙනෙකුත් ඔය සුබස ලින්ක් එක දුන්නා.. ඒකේ සමහර මං දන්න වචනත් වැරදියට එනවා.. තව එකක් ඒකෙන් ඩිරෙක්ට් කොපි කරන්න බෑ නේද බ්ලොග් එකට.. වෙන කොහෙ හරි කොපි පේස්ට් කරල ආපහු ගන්න ඕනි. මගේ වර්ඩ් වල සිංහල ලියුවම ක්‍ර ප්‍ර ක්‍ය වගේ අකුරු ලියවෙන්නේ ක්ර ප්ර ක්ය වගේ.. පට්ට අවුල්. කොහොම හරි හදා ගන්නනම් ඕනි. ස්තූතියි ලින්ක් එකට..

      Delete
    4. වර්ඩ් පෑඩ් භාවිතා කරන්න

      Delete
    5. /// මගේ වර්ඩ් වල සිංහල ලියුවම ක්‍ර ප්‍ර ක්‍ය වගේ අකුරු ලියවෙන්නේ ක්ර ප්ර ක්ය වගේ..// ඒකට මොකද කරන්නේ?

      Delete
    6. //ශුවර් - ෂුවර්//
      ඒක කොහොමද හරියටම කියන්නෙ රවි?

      Delete
    7. මටත් ඔය පුරස්නෙම ආවා ප්‍රා.. මොකක්ද ඒකට තියෙන රීතිය?

      Delete
    8. ෂුවර් තමා නිවැරදි...

      Delete
    9. ප්‍රා / කළ්‍යාණ,

      එහෙම රීතියක් මොකවත් තියෙන්නෙ විදිහක් නෑ. මොකද එව්ව ඉංග්‍රීසි වචනනෙ.

      හැබැයි ඒ වගෙ ඉංග්‍රීසි වචන සිංහලෙන් ලියනකොට "ෂ" මිසක් "ශ"යෙදෙනව මම දැකලම නෑ. ඒකයි මම ෂුවර් කියල ලිව්වම හොඳයි කියල හිතුවෙ. දැන් බලන්න ෂැම්රොක්, ෂැන්ඩි, විෂිං,ෂේන්, ෂෝට මිසක් ශැම්රොක්, ශැන්ඩි, විශිං, ශේන්, ශෝට කියල ලියන්නෙ නෑ නේද?

      Delete
    10. කළ්‍යාණ,

      / රවී අයියා.. හැබෑට කොහොමද ඔය ව්‍යාකරණ රීති හැදෙන්නේ. මෙහෙම වචනෙන් වචනේ මතක තියා ගන්න ඕනිද නැත්නම් මොකක් හරි සිස්ටමැටික් ගජමැටික් එකක් තියෙනවද මේව හැදෙන? /

      මෙතන වචනෙ ව්‍යාකරණ නෙවෙයි බං අක්ෂර වින්‍යාසය. මොනව හරි රීතියක් ඇති බං ඒත් ඒ ගැන මම එච්චර දන්නෙ නෑ. ඩී.එෆ්. කාරියකරවන මහත්තයගෙ ලිපි පෙලක් පළවුනා සිළුමිණ පුන් කළසෙ සිංහල භාෂා ව්‍යවහාරය ගැන. එව්වයින් මම සෑහෙන දෙයක් ඉගෙන ගත්ත. ඒ ඇරෙන්න ඔය ණ,න, ළ, ල සහ මහප්‍රාණ මම යොදන්නෙ පළපුරුද්දෙන්ම තමයි...:)

      Delete
    11. Ravi,
      Sheila? Sheilah? Shakespere? Sheik?Shawarma?

      Delete
    12. // මොකද එව්ව ඉංග්‍රීසි වචනනෙ.// පිළිගනිමි. දැන් එක ගැටලුවක් ඉවරයි. එනම් ඉංග්‍රීසි වචනයක් සිංහලෙන් ලිවීමේදී ලියන්නේ ෂ යොදා. ඒක 'ෂේප්' එතකොට අනිත්වට? දෙන්න බැරිද ඔය වගේ සරල සුගම රීතියක්?

      Delete
    13. Shrek , Shakira , Shylock, Shah, Sheep,

      Delete
    14. ප්‍රා,

      පොඩි නම **** තියෙන්නේ,
      ******ද දං වළඳන්නේ?

      කියලු ඇහුවලු ලොකු හාන්දුරුවො. අඩේ ඒ වචන වලට ෂ සහ ශ දෙකම පාවිච්චි කරල තියනව නේද? එහෙමනම් ඉතිං පොන්ත නෝනගෙ අර මොකක්ද එක පොන්ත නෝනට ඕන හැටියට කියල කැමති විදිහට යොදන්නයි තියෙන්නෙ...හෙහ්,හෙහ්,

      Delete
    15. කළ්‍යාණ,

      / එතකොට අනිත්වට? දෙන්න බැරිද ඔය වගේ සරල සුගම රීතියක්? /

      පබිලිස් කොරන්ට කලින් මට එවහං සෝදුපත් බලන්ට..ඒක තමයි මම දන්න සරලම සහ සුගමම නීතිය...:)

      Delete
    16. කමෝන් ප්‍රා.. පේනවනේ මං හයර් කරල තියෙන්නේ සුපර් ලෝයර් කෙනෙක්.. අරින්න එපා..
      //මෙතන වචනෙ ව්‍යාකරණ නෙවෙයි බං අක්ෂර වින්‍යාසය//
      රවි අයියේ.. ගෝලයාගේ තරම තේරෙනවනේ. පාඩම ඒ විදියට ඕනේ ලෑස්ති කරගන්න..
      //ඔය ණ,න, ළ, ල සහ මහප්‍රාණ මම යොදන්නෙ පළපුරුද්දෙන්ම තමයි...:)//
      හැහ්. එහෙනම් අවුලකුත් නෑ.. මටත් හැත්තෑවකට කිට්ටු වෙනකොට ඔය වගේ හැදෙන්න බැරි වෙන එකක් නෑ..
      //පබිලිස් කොරන්ට කලින් මට එවහං සෝදුපත් බලන්ට//
      ඒක හරියට ඉන්විජිලේටර්ගෙන් අහගෙන විබාගේ ලියනවා වගේ.. එක්කෝ ඕනේ නෑ..මට බැන බැන මේවා මෙහෙම කියල දෙන්න.. ඒක හැමෝටම පේන නිසා තව එකෙක් හරි හැදෙයිනේ..

      Delete
    17. //ඕන හැටියට කියල කැමති විදිහට යොදන්නයි තියෙන්නෙ.//

      .එහෙමනම් ඉතින් "ශේප්ම ෂේප් " රවි


      @ KM ෂා/ශාරුක් කාන්

      @All , "ශට් අප්" කියල මට කිව්වෙ නැති එකට ස්තුතියි

      Delete
    18. // ෂා/ශාරුක් කාන් // ඒකනම් අවුලක් නෑ.. දන්නෙ නැත්නම් සලමන් ඛාන් කියල උනත් ලියන්න බැරියැ.. හික්.

      Delete
    19. කමිය,

      කන්වර්ටරේ ලියපු එක වර්ඩ් එකේ කොපි පේස්ට් නොකර එක්කො නෝට් පෑඩ් එකේ හරි නැත්තන් එක්සෙල් වල හරි පෙස්ට් කරල හරි වැරදි බලහන්. ඒත් ඔය දෙකටම වඩා පහසු ක්‍රමේ බ්ලොග් පේජ් එකේම එකපාර අලවල, ඒකෙන් හරි වැරදි බලල හරිගස්සන එකයි. මොකද වර්ඩ් වල සිංහල මහප්‍රාණ පිස්සු කෙලිනව.

      ඉ.උ

      Delete
    20. //Anonymous22 May 2015 at 13:02// උඹව දැක්ක කල්. කෝ උඹේ හෑල්ලුව.. O.o

      Delete
    21. කමි,

      මමනම් ටයිප් කරන්නේ "සිංග්‍රීසි" කියන සොෆ්ට්වෙයාර් එකෙන්. පස්සෙ එකෙන් කොපි කරලා සුබසට දාලා එතනින් වැරදි හදා ගන්නවා. සුබස සමහර වචන වලට පිස්සු කෙලින බවත් අමතක කරන්න එපා. ඒවා අපි දන්න විදිහට ලියන එක තමා වඩාත් උචිත කියලා මට හිතෙන්නේ. ඊට පස්සෙ සුබසෙන් අරන් ආයෙ සිංග්‍රීසි වල පේස්ට් කරලා එතනින් බ්ලොග් එකට පේස්ට් කරනවා.. එතකොට ඔය අකුරු ඔක්කොම ගානටම එනවා...

      Delete
  10. නියමයි , හොදින්ම පැහැදිලි කරල තියනව. දිග වැඩි බවක් දැනුනෙ නෑ.
    ගිරි හඩු සෑය තියෙන්නෙ නාවික හමුදාව විසින් පාලනය කරපු ප්‍රදේශයකද? රේඩාර් වලින් කොටි බෝට්ටු, මාළු බොට්ටුවලින් වෙන්ව හදුනා ගන්නෙ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. අපි නිලාවැලි කොටේජ් එකක ඉද්දි, නිලාවැලි නේවි කෑම්ප් එකේ යාළුවෙක් හවස දැල්ලො, කුකුල් මස් බයිට් අරන් ආව කෑම්ප් එකෙන්, ඒ තරම් රසට දැල්ලො කවදාවත් කාල නෑ

      Delete
    2. // ගිරි හඩු සෑය තියෙන්නෙ නාවික හමුදාව විසින් පාලනය කරපු ප්‍රදේශයකද// පාලනය නෙවෙයි ආරක්ශාව යටතෙ තිබුණු කිව්වනම් වඩා හරි. ට්‍රින්කො පුල්මුඩේ පාරෙන් ගිහින් තිරියාය T හන්දියෙන් වමට හැරිල යන්නෝනේ..
      //රේඩාර් වලින් කොටි බෝට්ටු, මාළු බොට්ටුවලින් වෙන්ව හදුනා ගන්නෙ කොහොමද ?// සැක් උඹටත් එන ප්‍රශ්ණ.. ඒ කාලේ හම්බුනානම් ට්‍රේන් කරල දාන්න තිබ්බ රේඩාර් ඔපරේටර් කෙනෙක් කරල.. කෙටියෙං කිව්වොත්, වේගය, තියෙන ප්‍රදේශය, ගමන් කරන දිශාව, ටෝටල් මූව්මන්ට් එක (බොහෝ වෙලාවක් ට්‍රැක් කිරීමෙන් පසු ) බුද්ධි තොරතුරු හා 'අත්දැකීම් හා පළපුරුද්දෙන්'.

      Delete
    3. //දැල්ලො, කුකුල් මස් බයිට් අරන් ආව කෑම්ප් එකෙන්, ඒ තරම් රසට දැල්ලො කවදාවත් කාල නෑ// ලඟදි තිබ්බ අවුරුදු උත්සවේට ආවනම් ඒත් නේවි බයිට් ටිකක් කන්න තිබ්බා.. අපිටත් 'යාළුවෙක්' අරන් ආවා කෑම්ප් එකෙන්.. නේද වැවා?

      Delete
    4. /පාලනය නෙවෙයි ආරක්ශාව යටතෙ තිබුණු කිව්වනම් වඩා හරි. ට්‍රින්කො පුල්මුඩේ පාරෙන් ගිහින් තිරියාය T හන්දියෙන් වමට හැරිල යන්නෝනේ.. /
      පාලනය කියන තැනට,වචනයක් කල්පනා කලාට ආවෙ නෑ. මම හිරි ගඩු සෑයට දෙපාරක් ගිහින් තියනව යුද්ධෙ ඉවර වෙච්චි ගමන් සහ මෑතකදි.
      / සැක් උඹටත් එන ප්‍රශ්ණ.. ඒ කාලේ හම්බුනානම් ට්‍රේන් කරල දාන්න තිබ්බ රේඩාර් ඔපරේටර් කෙනෙක් කරල.. කෙටියෙං කිව්වොත්, වේගය, තියෙන ප්‍රදේශය, ගමන් කරන දිශාව, ටෝටල් මූව්මන්ට් එක (බොහෝ වෙලාවක් ට්‍රැක් කිරීමෙන් පසු ) බුද්ධි තොරතුරු හා 'අත්දැකීම් හා පළපුරුද්දෙන්'./
      මට ඔය ප්‍රශ්නෙ ආවෙ ගාල්ලෙ වරාය අතුලට මාළු බෝට්ටු විදිහට ඇවිත් ගහපු වෙලාවෙ. අනික නැවක ඉදන් ආයුධ මේ මාළු බෝට්ටු අතරින් අරගෙන එද්දි මේ ටෝටල් මූමන්ට් එකෙන් අල්ලගන බැරි විදිහට එන්න පුළුවන් නේද? අනික මේ බෝට්ටු දෙකක් වෙන් වෙන්ව කොච්චර දුරකින් ගමන් කලොත්ද රේඩාර් එකේ වෙන් වෙන්ව පේන්නෙ.

      Delete
    5. රේඩාර් ගැන වෙනම පෝස්ට් එකක් දාන්නත් වෙයි වගේ මෙහෙම ගියොත් ඇත්තටම රේඩාර් (හා ARPA- Advanced Radar Plotting Aids) ගැන නම් මට කොච්චර කතා කරත් ඇති වෙන්නේ නෑ.. රස මතකයන් වගේම අන්තිම බිහිසුණු මතකයන්ද ගොඩයි.
      ඔය ගාල්ලේ සීන් එකට ඔය මං කියපු උඩ හේතු ගොඩක් ඒවා බලපෑවා.. ඊට අමතරව, සතුරා බලාපොරොත්තුව නොසිටීම, නවීන රේඩාර් වෙනුවට පරණ රේඩාර් භාවිතය හා ස්කිල් එකෙන් හා එක්ස්පීරියන්ස් එකෙන් අඩු ඔපරේටර් ලා රේඩාර් ක්‍රියා කරවීම වගේ හේතු එකතු උනා.
      නවීන රේඩාර් එකකින් දක්ශ ඔපරේටර් කෙනෙකුට ඔය මූමන්ට් ඔබ්සර්ව් කරල ගොඩක් දේවල් කියන්න පුලුවන්. ටාගට් වෙන් කරල අඳුන ගන්න එකත් ඒ වගේ. ටාගට් එකේ සයිස් එක, රේන්ජ් එක, ස්පීඩ් එක, රේඩාර් පර්ෆෝර්මන්සස්, වෙදර් එක ඔය වගේ ගොඩක් කාරණා මත පදනම් වෙනවා..

      Delete
    6. රේඩාර් ගැනත් ලියන්න. ඊ ට කලින් ගියවර මතක් කරපුවා ලියුවේ නැත්තම්. බලා ගන්නම්

      Delete
    7. හැක්.. ඩි ඩි ඩි.. ඩා ඩා ඩා.. ඩි ඩි ඩි... ඩි ඩි ඩි.. ඩා ඩා ඩා.. ඩි ඩි ඩි.. මාව බේර ගනියෝ..

      Delete
    8. අපි නං නේවි බයිට් දවස් දෙක තුනක්ම කෑවා .... නේද වැවෝ .....

      Delete
    9. ඔයා මාර පොරක්නේ දුෂ්මන්තල මනෝජ් ජයසුරීයලාටත් වඩා කිරක්නේ..අනේ පල ඩෝ යන්න ගල් මයිනා

      Delete
    10. //දුෂ්මන්තල මනෝජ් ජයසුරීයලාටත්../ ෂහ්! මතක් කරන්න වටින නම් දෙකක්.. දෙන්නම මගෙත් වීරයෝ.. හැබැයි ඉතින් තව නම් තියෙනවා.. ඒවත් මතක් කරන්න වටිනවා.. බලමු ඉස්සරහට..

      Delete
    11. ඇනෝපිලිස්20 May 2015 at 01:36
      ///අපි නං නේවි බයිට් දවස් දෙක තුනක්ම කෑවා// ඔය කියන්නේ මෑත ඉතිහාසයේ දවස්නම් සූජානම් වෙලා හිටහල්ල මගෙන් මැරුං කන්න.. හැක්.

      Delete
    12. /ඔයා මාර පොරක්නේ දුෂ්මන්තල මනෝජ් ජයසුරීයලාටත් වඩා කිරක්නේ..අනේ පල ඩෝ යන්න ගල් මයිනා//
      ' ගල් මයිනා ' ඔය මාට්ටු වෙන්නෙ කමියගෙ වැඩ.

      Delete
    13. ඕක පොඩ්ඩක් වෙනස් වෙන්නෝනෙ බං 'ඕල්ඩ්' මයිනා කියල.. ගල් තිබ්බේ නෑ එහෙ.. ඒකයි අදටත් ගල් පෙන්නන්න බැරි

      Delete
    14. මෑත කියන්නෙ මෑතම මෑත .... හැක හැක හැක ..

      Delete
    15. ඇනෝපිලිසො , ආයෙ වැවාගෙ බයිට් කන්න ලේසියකට හම්බවෙන්නෙ නෑ .

      Delete
    16. //මෑත කියන්නෙ මෑතම මෑත// දැන් හිනා වෙයල්ලා.. තොපිට සජ්ජට වගේ පාචනේ හැදිල නවතින්නේ.. ඔව්.
      ඕං වරඃ.. වර වර බද්‍ර කාලීහ්.. යස්ස භූත පෙරේත තුන් ලෝකෙට අධිපතිනීහ්... වර වර.. කලි යකිනීහ්.. මේ ගැත්තාගේ කන්නලවුවට.......කරාහං..තීන්දුයි.. හේස්වා..පුහ්!.
      දැන් බලමු.

      Delete
    17. //ආයෙ වැවාගෙ බයිට් කන්න ලේසියකට හම්බවෙන්නෙ නෑ // ආං බලපං මගේ සාපේ.. හිතනකොටම වැඩ කරලා.. වැවා ව තූත්තුකුඩියට පහල හන්දියට මාරු කරලා..

      Delete
  11. දැනුම් සාගරයක්...ඒත් අයියෝ මේක නිවී හැනහිල්ලෙ කියවගන්න විදිහක් නැති හැටි.
    මේ පෝස්ට් එකට මම මාරම කැමතියි. කොහොමද දැල්ලෝ සලාදෙ රස...අපිට අමුවෙන් ඒ වගේ කන්න පුළුවන් මාදැල් මාළු විතරනෙ.
    අපි මෙහෙදිනම් නිතර අමු මාළු කනවා.මාළු රහ හරියටම අදුරාගත්තෙ එහෙම කාලා. හැබැයි ඒක කන්න "වසබි" කියලා රාබු විශේෂකින් හදපු (හීන් කොව්ව්ච් අඹරලා වගේ පෙනුමක් තියෙන ) දෙයක් එක්ක අමු මාළු කෑම සදහාම හදපු සෝයා සෝස් එකක් තියෙනවා. ඇත්තටම රහයි...හැබැයි වසබි වැඩිපුර ගෑවුනොත් විනාඩි පහ හයක් යනකල් උන් හිටි තැන් අමතක වෙනවා.

    ඔය ට්‍රැක්ටර් වලින් මාදැල් අදින එක මමත් ටීවී එකේ දැක්කා. ඒකනම් ලොකුම විනාශයක්. දකුණේ නම් මාදැල් ධීවරයන්ගෙ සංගමයක් හරහා තමයි ඒවයෙ කළමණාකරණය වෙන්නෙ... ඒ නිසා ඒවයෙන් ලොකු හානියක් වෙන්නැති උනාට ඔය කියන පැත්තෙ ඔහොම මාළු ඇල්ලුවොත් තව ටික කාලෙකින් ලොකු විනාශයක් වෙනවා.

    ක.මි ගෙ පරිසර වර්ණනාව නම් හරි අගෙයි. අර සජීවි රේන්දයක් අල්ලපු නිල් දිය සයුර කෑල්ල දැක්ක වෙලේ ඉදලා ඉවසිල්ලක් නැතුව හිටියෙ මේක කියවන්න.

    කමෙන්ට් එක පෝස්ට් එකක් උනාට සමාවෙන්න....ස්තූතියි මේ දවස්වල හිතින් සැලසුම් කරමින් ඉන්න ලංකා සවාරියේ බලන්න ලස්සන තැනක් හදුන්වලා දුන්නට....පොඩුවාකට්ටු

    ReplyDelete
    Replies
    1. //කමෙන්ට් එක පෝස්ට් එකක් උනාට// අපෝ මේ මදි... එහෙම වෙන තරමට තමයි මං කැමති.. :)
      හිතිං යන සවාරිය හැබෑවක් වෙන කාලෙක කියන්නකෝ.. පුළුවන් උදව්වක් දෙන්න..
      ට්‍රැක්ටර් වකින් මාළු අදින එක ඒ දවස් වලත් තහනම්.. ඒත් අපිට හොරෙන් අදිනවා.. රිපෝට් වුනාම අයිති කාරයාව දවස් දෙක තුනක් public relations officer ගාව වාත කරවනව ඇරෙන්න මං දන්න තරමින් වැඩි දෙයක් නම් උනේ නෑ..
      වසබි වගේ මොනව හරි සෝස් එකක් දැල්ලෝ වලටත් දාල තියෙන්න ඇති. ඒකයි එච්චර රහ.. දැන් මතක් වෙනකොටත් කටට කෙල එනවා..

      Delete
  12. අමු දැල්ලෝ නම් ස්තරම්. දැල්ලෝ කොහොමත් මම කැමති කෑමක් මට ඩිංග වෙන්න ඇලජික් උනත්.

    ReplyDelete
    Replies
    1. දැල්ලො වලත් පොඩි දැල්ලෝ තමයි ඉස්තරම්ම.. අර පොල් දැල්ලෝ හම්බෙනව ඉස්සර චයිනීස් මාළු බෝට්ටු වලින් ෆ්‍රීස් කරපු ලොකු කුට්ටි කුට්ටි.. Fire Axe එකෙන් ගහල තමයි කෑලි කර ගන්නේ නැවේදී.. හැබැයි අච්චර රහ නෑ..

      Delete
  13. /විශ්වාස කරන්න බැරුව බලාගෙන හිටපු රන්වන් පීත්ත පටියකින් වෙන් කෙරුණු සජීවී සුදු රේන්දයක් අල්ලපු නිල් මහ සයුරේ අපරිමිත දර්ශනය/ වාව්! මිත්‍රයගෙ වර්ණනාව...
    /දැල්ලො වලත් පොඩි දැල්ලෝ තමයි ඉස්තරම්ම/ දැල්ලන්ට වහවැටිල වගේ...
    සුපිරි... සුපිරි.... රේඩාර් ගැනත් දාල තියෙන්නෙ.ඒකට හිත ගියා....තව විස්තරයක් පුලුවන්නම් දාන්න...

    ReplyDelete
    Replies
    1. මගේ වචන මදි ඒ සමහර අවස්ථාවන් හා දර්ශන වර්ණනා කරන්න..
      දැන්නම් මස් මාළු ඉස්සෝ දැල්ලෝ කකුළුවෝ බොහෝම සීමාසහිත කරල තියෙන්නේ.. ඒදවස් වල කාල කාල දැන් කෝටා එක ඉවර වෙලා තියෙන්නේ.. :)

      Delete
  14. අමු මාලු...ඒක පට්ට බං.ඇත්තටම ඒවා අමු නෑ.සීසන් කරන්න දාන සෝස් ජාති නිසා ඒවා තැම්බෙනවා.

    උඹේ වර්ණනාව කියවන කොට මතක් වෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ කොග්ගල ගැන කරන පරිසර වර්ණනාව.අර පීත්ත පටියක් වගේ දිවෙන පාර ගැන කියල තියන විස්තර ටික.ඔහොම යමු මිත්‍රයා...තව ලස්සනට ඕවා ලියන්න පුළුවන් උඹට.පුළුවන්නම් ටෙක්නිකල් විස්තර ටික ගැන වෙනම ලියලා පස්සේ ඔය කතාව ලියපන්.එතකොට ඔය කතාවේ කතා රසයට බාඪාවක් වෙන එකක් නෑ,කරන්නම කියලා නෙමෙයි.පුළුවන්නම් සලකලා බලපන්.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. මං සේෆ්ටි ගැන ලියනෙක නැවැත්තුවෙත් ඔය ඉන් ඩීටේල් ගිහිල්ල විස්තර කරන තාක්ශණික කරුණු උඹලට දිරවන්නේ නැති නිසා.. හැක්.. මට කියපන් ඕවා වෙනම ලියුවොත් කී දෙනෙක් මේක බලයිද කියලා..

      Delete
  15. ටිකක් හිටිං මේක නිවාඩු පාඩුව කියෝනකං. උඹේ මේ හෑලි එහෙම කලබොලේට කියෝලා බෑ, ඉඳගෙන...

    ReplyDelete
    Replies
    1. නිවාඩුවේ මේවා කියෙව්වොත් පාඩුයි තමයි. ඒකනේ අපි ඔෆීස් වෙලාවෙම කොහොම හරි කියවන්නේ.. හැක්..

      Delete
    2. නිවාඩුවේ කියෙව්වා. පාඩුනම් නෑ. අර මැද ටිකේ උඹ කිව්වා වගේම තාක්ෂණික වචන ටික හෙන කේස්. හරියට රේඩාර් එකක දාලා කැරකෙව්වා වගේ. අග මුල වෙනදා වගේම ගති.
      ඒ...අමු දැල්ලො හොට් බැටර්ඩ් ඒවටත් වඩා රහද බං?

      Delete
    3. මේක කූල් බැටර්ඩ්.. දෙකම රහයි.. හොට් බැටර්ඩ් නම් ඕනෙ වෙලාවක කන්න පුලුවන්නේ.. මේක එහෙම බැරි නිසා රස ටිකක් වැඩිපුර මිසින්..
      ඊලඟ එකෙන් ඔය ටෙක්නිකල් කෑලි හලන්න තීරණේ කරා බලමු.

      Delete
  16. මොඛුන්ධ භෙල්ලෝ වඝයකුත් ඔහොම ධෙහි ධාල ඛනව නේධ අමුවෙන්ම?

    භුවල්ලෝ ????? යඛෝ ඛටුස්සෝ භුවල්ලන් අල්ලන් ඛනව කියල ඇහුවමයි. මු කටුස්සෙක් නෙවෙයි දයිනොසරයෙක් ධ කොහේධ !!!!!!!

    පෝස්ට් එක චෝයි. අර කිව්වත් වගේ ධිග වැඩි වෙනවා කියල හිතාමත විස්තර අඩු කරන්න යන්න එපා.. අන්තිම චෙධයට ඛලින් චෙධය ගැන..... හොන්ධ පුථා !!! :)

    -මහප්‍රාණ ඇනෝ-

    ReplyDelete
    Replies
    1. පිස්සු &*&^%$
      හැලපෙගෙනුයි රවියගෙනුයි මහප්‍රාණ වලට කුණු බැනුම් අහල ඉන්න මට උඹ කනට ගැහුව වගේ.. හැක්.. පට්ට ඕයි!

      Delete
    2. බොට් ඇනෝ19 May 2015 at 21:49

      කාලකන්නියෙක් වෙන්න එපා. ලියන එකේ වැදගත් යමක් ලියහං.

      Delete
    3. බොටා ට දැන් මේකේ මෙලෝ වැඩක් වැදගම්මක් නැද්ද.. හැක්..

      Delete
    4. බොට් ඇනෝ21 May 2015 at 12:27

      අනේ එහෙම හිතන්න එපා සත්තලනේ. මම ඔය ටික කිව්වෙ අර අනවශ්‍ය මහාප්‍රාණ දාපු ඇනෝ කාරයට. උඹට නෙවෙයි කල්‍යාණ මිත්‍රෙයා්. උඹේ ලියවිල්ල ඉස්තරම් දෙයියෝ.

      Delete
    5. හැක්.. අඩේ බලාගෙන මුරුංග අත්ත..

      Delete
  17. හරිම ලස්සනට ලියල කවදත් වගෙම

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සනට අගය කරල කවදත් වගේම :)

      Delete
  18. නේවි කතාවක් එක්ක ආයෙමත් ඒවි

    ReplyDelete
    Replies
    1. ඔය නේවි නේවි කියන වචනෙ වෙනස් කරන්න ඕනි නිසාමයි මේ ආපහු ආපහු ලිය ලිය එන්නේ.. හැක්.

      Delete
  19. එල කිරි.....නියම ට්‍රැක් එකට වැටිල තියෙන්නෙ ...අනික රවිය ඇවිත් කොමෙන්ට් කලා කියන්නෙ ඉතිං තව වෙන මොනාද ..?? .... මට නං මේක දිග මදි .... අනික ඔය තාක්ශනික කරුනු පැහැදිලි කොර කොර ඉන්ඩ එපා .... ඒව කොමෙන්ට් වලදි කරපං .... ඒටිකේ තව මොනාහරි ලියපං

    //පොඩුවකට්ටු.. කුන්චිකුම්බන් ආරු කියල ගෝමරන්කඩවල කැලේ පැත්තේ ඉඳල හිමි හෙමින් බැහැල ඇවිත් කරදියට මුහු වෙන්න අකමැත්තෙන් වගේ කැලෑ පඳුරු අතරේ ගොනු ගැහෙන කාගෙවත් වැඩි කතා බහකට ලක් නොවිච්චි හා ඇස නොගැටුණු දිය සුන්දරිය.. කරදිය- මිරිදිය දෙවර්ගයේම මත්ස්‍යයින්, අටෝරාසියක් කුරුල්ලෝ, තැනෙක කරවටට මදක් උසින් තැනෙක දණහිසටත් පහලින් රොක් වෙවී පුංචි පුංචි දූපත් රැසක් මවන වචනයෙන් කියා නිමකල නොහැකි සුන්දරත්වයක් මවන ඒ අපරිමිත පරිසර වස්තුව දකිද්දි මට මතක් වෙන්නෙම 'ලොකු පුතා' වගේ කැමරාවක් එල්ලං ගස් වැල් සත්තු කුරුල්ලෝ පස්සේ එලවන පරිසරවේදියෝමයි. //

    අනේ බං අපි දවසක යංකො බං ... කැමරා අරව මේව මම සෙට් කොරන්නං .....

    ReplyDelete
    Replies
    1. //////අනික රවිය ඇවිත් කොමෙන්ට් කලා කියන්නෙ ඉතිං තව වෙන මොනාද ///// වෙඩිමට අස්සන ගහන්න ජනාධිපති ආවා වගේ සතුටක් තියෙන්නේ.
      යනවනම් නිදහසේ යන්න තියෙන්න ඕනි. යාංඔය මුහුදට වැටෙන තැන ගල් තලාවේ කෑම්පින් පාරක් දාල මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන කාල දවසක් දෙකක් සියලු ප්‍රශ්ණ වලින් ඈත්වෙලා ඉන්න බලාගෙන.. උඹ ටච් එකේ හිටපංකෝ.. මම ඒ පැත්තේ මේ දවස් වල ඉන්නේ කවුද කියල බලල වැඩේ සෙට් කරන්නම්.. අනිවා යමු.

      Delete
    2. ඔන්න කමියො කරගන්නවනම් පිංකම්. මාත් එනව

      Delete
    3. බලමු බලමු.. ගෙදරින් අවසර ගනෙකනේ කරන්න අමාරුම.. ඒ ගත්ත ගමං යමං..

      Delete
    4. ස්ථානය-බදුල්ල ප්‍රදේශයේ නිවෙසක්.
      දිනය-නුදුරු අනාගතය.

      හහ්...තමුසේ මාවයි ළමයි දෙන්නවයි දාලා රෝන්දේ ගහන්න....මම කවුරු කියල හිතුවද?අනික යන්න හදන්නේ නල්ලමලේ කට්ටියක් එක්ක. මදුරුවොයි, කම්මල්කාරයොයි, කටුස්සොයි, මාතලන්ලයි......මොක්කුද මුන්?මිනිස්සුද,සත්තුද?හොද හිතින් නිවාඩු හම්බුනහම ගෙදර එනවා මගෙන් මැරුම්නොකා.....

      Delete
    5. ඒ මදිවට අර බ්‍රා කාරයා හහ්...ඌත් දතකට මැදගෙන ඉන්නවලු යන්න..මේ තමුසේට හොදින් කියන්නෙ ආය මම නරක ගෑනි කියන්න එපා..

      Delete
    6. @ කටුසු, උඹ එදා ගෙදරින් ආපු කෝල් එක අහගෙන ඉදල.
      "කොහෙද ඉන්නෙ "
      " මම යාළුවෙක්ගෙ කඩයක ඕපනින් එකට ගියා "
      " කවුද යාළුව , කොහෙද, මොකද කඩේ , කාත් එක්කද ගියේ , කවුද ඔය කතාකරනව ඇහෙන්නෙ????????????
      " කතා කරනව ඇහෙන්නෙ කම්මලය "
      " ආයෙ පටන්ගත්ත නේද අර වල් පදු......රි එක්ක $%&$#@ කමල එක්ක පයුරු පාසානම "
      " ම.........ම......ම පස්සෙ කෝල් කරන්නම් "

      Delete
    7. මෙන්ඩ එනකොට ලොකු බ්‍රා කප් ටිකක් අරන් වරෙන්, මාළු අල්ලන්ඩයි ,රෑට පිනි බානවට ඔලුවට දාගන්ඩයි.

      Delete
    8. එල එල ... අනිවා... අඩුම ගානෙ නයිට් දෙකක්වත් ඉන්න බලං යන්න ඕනෙ ...
      හැබැයි නෝන මහත්තුරු ශේප් කොරගන්න එක තම තමංගෙ වැඩක් .... අපි නෑ ඕවට ...

      Delete
    9. මෙන්න අපේ ගෙදරින් එන ප්‍රතිචාරය...
      “දැන් ඔය කොහේ යන්නද හදන්නේ? කවුද යන්නෙ? මොකටද යන්නෙ?“
      “මේ අර...අර බොලොග් වල කට්ටිය..අර..මේ..මේ එයලා නැති බැරි අයට උදව් කරන වැඩ සටහනක් ගැන බලන්න.
      “ අපෝ..මේ මම නොදන්න සමාඡ සේවය..ෂිප්මන්ට් කියලා එන්නෙත් හැමදාම මහ පාන්දර පොඩ්ඩගේ ඉස්කොලේට යන්න නිවාඩුවක් දාන්න බෑ..යනවා සමාඡ සේවයට..
      සමාඡ ස්වය කෙසේ වෙතත් කනමදයා වගේ බොයි..දැන් එතකොට අර තමුසේගෙ පැට්ටේරියේ ඉන්න අර නැට්ටියොච්චියො ටිකත් යනවද?
      “ නෑ...කම්මලයා, ඇනෝපිලිස්,කටුස්සා, කමියායි...
      බලනවා හරි හමන් එකෙක් ඉන්නවද? කම්මල් කාරයෝ..මදුරැවෝ..කටුස්සෝ..මම යනවා අම්මලගේ ගෙදර ...
      (රහසින්..අපෝ ලොකු දෙයක්)
      හුහ්...මොකක්ද කිව්වෙ..අනේ දෙයියනේ මගේ කරැමේ ඉස්සර කොචචර ලස්සන කොල්ලෝ කි දෙනෙක් බදින්න පොර කෑවද? කොහෙද ඉතිං මගේ කරැමේ...
      “ ඇයි ඔයි...වුන් පොර කෑවා නම් එක්කෝ පුසෝ නැත්නම් බල්ලෝ...
      යනවා මකබැවේවනවා යන මල දානේක ගිහන් එහටම වෙලා ඉන්නවා...මෙහේ එනවා...ඔය ATM කාඩ් එක තියලා..යනවා...

      Delete
    10. කටුස්ස ඔය අපේ උන්දැගෙන් බැනුම් අහල ඉන්නේ.. ගෙදරට කතා කරල 'කමි'යෙක් ව හොයලා.. හැක්.. ඒකයි ඔය මඩ ගහන්නේ..
      හැබෑට බ්‍රා කතාවයි කමලයි එකට ඇහුනනම් බඩුම තමයි..
      අඩෝ ගෙරි කම්මලය.. මේ එදා උඹට ඇත්තටම ඒ කියපු ටික ඇහුනද බං.. මං හිතුවේ කාටවත් ඇහුනේ නෑ කියල... හැක්..
      මේ ඇනෝ'ප්ලීස්'.. පිංසිද්ද වෙයි උඹ එන බවක් නම් අපේ උන්දැට ඇහෙන්න තියන්නම එපා.. ගෑනියෙක් එක්ක ගියත් අවුලක් නෑ කවුද කැමති වෙන්නේ මිනිහා ඩෙංගු හදා ගන්නවට..

      Delete
    11. මෙන්ඩ එළදම බ්‍රා.. අඩේ මේ ට්‍රිප් කතා ටික දාන්න ඕනි වෙනම පෝස්ට් එහෙකට.. පට්ට..

      Delete
  20. මම මේ කමෙන්ටුව දැම්මෙ පොස්ට් එක කියවන්නෙ නැතුව කිව්වෙත් අරන් ගිහින් දානවා මුහුදට.
    එල ද බ්‍රා
    මට කියන්න තියෙන්නෙ එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියපං.. උඹ මේ කොමෙන්ට් එක ලියුවේ පෝස්ට් එක කියවන්නේවත් නැතුව නේද? (කවුද යකෝ මුහුදට දානවට අකමැති?)

      Delete
  21. උඹ අර කටුස්සට ? කියලා තියෙනවා වගේ සේෆ්ටි ගැන ලියන්නේ නැතුව මෙව්වා ගැන ලියහන් බං.
    ඔය කියන පළාත් වල සංචාරය කරන්න මටත් ආසාවක් අවා බං.

    ජේද කඩපු එක හොඳයි,හැලපයියා කිව්වා වගේ එක පාටකින් මේක ලියහංකෝ.

    ReplyDelete
    Replies
    1. අලි අලි.. ඒ වැලදි ඊලඟ පාල හදා ගන්නම්කෝ.. ඔන්න උඩැහින් උන් ට්‍රිපක් යන්න කතා කරනවා.. දා ගමුද වෙලාවක්?

      Delete
    2. හැලපයියෙක් නෙමෙයි ඩෝ මං තමයි කිව්වෙ මුලින්ම ඡේද කඩන්න කියලා. හරිය !!! ඔතනව හැලප කොලේක.... හුහ් හැලපයියා !!!

      -ඡේද කඩපු ඇනෝ-

      Delete
    3. @ cඑල ද බ්‍රා මෙන්ඩා20 May 2015 at 13:55

      වාහන දෙහෙකට සෙනග ඉන්නවනේ දැන්ම.. එළ එළ.. හැබැයි ගල් බෑ..

      Delete
    4. @ ඡේද කඩපු ඇනෝ

      අම්මප මට උඹව සහමුලිම්ම අමතක උනානේ මචං.. ඕකනේ නිකං හැලපයා වගේ මතක හිටින ප්‍රොෆයිල් එහෙකින් එන්න කියන්නේ

      Delete
    5. එක්කගෙන යනවා නම් කසිප්පු හරි කමක් නෑ.

      Delete
    6. //එක්කගෙන යනවා නම්// එක්කගෙන යන්න තොපි බබ්බුද? ඔක්කොම ලෑස්ති කොර ගනිල්ලා.. මං පාරවල් පෙන්නන්න එන්නම්..හැක්.. මටත් ඔය මොකවත් වැඩි අවුලක් නෑ..

      Delete
    7. මාස දෙකකටවත් කලින් දිනේ සෙට් කරගන්න වෙනවා, ඊට කළින් ගෙදර උන්දැව ෂේප් කරගන්න කොහේ කොහේ හරි එක්කගෙන ගිහින් බටර් පාරක් ගාල... කප්පම් ගොඩක් දෙන්න වෙනවා... හෙහ් හෙහ්...

      Delete
    8. ලොකු පුතේ එල ද බ්‍රා
      උඔ නම් පුතා නෙමෙයි අපේ තාත්තද කොහෙද?

      Delete
    9. @ ලොකු අයියේ.. ඔය මාස දෙක ඇතුලත කී පාරක් සෙට් වෙන්න වෙයිද ගමන ගැන කතා කරන්නම..

      @ මෙන්ඩ.. උඹ කියුවයින් පස්සේ ඕං මටත් එහෙමම හිතුනා.. ඕව ගමන් ගිහින්ම ගත්තු පළපුරුදුකං.. හික්..

      Delete
  22. //CO කෙනෙක් උනාම නාවික නීතිය යටතේ පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කිරීම දක්වා වන විනිශ්චයකාරවරයෙකුගේ බලතලද ඇතුළුව විශේෂ බලතල බොහෝමයි.// හෙන භයානකයි නෙ.. ඇයි එච්චර බලතල දීල තියන්නෙ ? එහෙම මරණ දඬුවම දි!පු අවස්ථා මෑත ඉතිහාසයේ තියනව ද ?

    මං හිතන්නෙ ඔය නීති එකතු වෙන්න ඇත්තෙ අද වගෙ සන්නිවේදන තාක්ෂණය නොතිබුනු ඈත කාලෙ වෙන්න ඇති. මුහුදට ගියාම ගොඩබිමට එන්න සෑහෙන කල් ගතවෙන, ප්‍රධාන මධ්‍යස්ථානය එක්ක ඉක්මන් සම්බන්ධතා පවත්වන්න අමාරු කාලෙ වගෙ. එහෙම ද ?

    ReplyDelete
    Replies
    1. //නාවික නීතිය යටතේ// A person subjected to Naval law.. මේ ටික වැදගත්. සුද්දගේ නීතිනේ. භයානකයිනම් තමයි. හැබැයි Redress of grievances කියල වෙනම සිස්ටම් එකක් තියෙනව 'ඉහල උසාවියකට' ඉදිරිපත් කරල සහනයක් ගන්න. මෑත ඉතිහාසෙනම් නං දන්න තරමින් නෑ. Rigorous imprisonment, dismiss with disgrace වගේ තමයි උපරිම තලයේ දඬුවම් යන්නේ. ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete
  23. යුද්දයේදී නාවික හමුදාව කරන ලද කාර්‍ය ඉහල නමුත් එය වැඩිපුර ජනගත වී නැහැ. ඔබගේ ලිවීම ඇස් ඇරවීමක්

    ReplyDelete
    Replies
    1. //යුද්දයේදී නාවික හමුදාව කරන ලද කාර්‍ය ඉහල නමුත් එය වැඩිපුර ජනගත වී නැහැ// සමහරුන්ගේ 'අධිශ්ඨානය' වුනේ එයාල කරපු කාර්‍යය ජනගත කිරීම විතරනේ.. (සිනා) ස්තූතියි ඔබට..

      Delete
  24. මේක දැං දෙපාරක් කියවන්න ගත්ත. මගට එනකොට මොකක් හරි වැඩක් සෙට් වෙනව.
    හෙට දිහා ආයෙ කියෝලම කොමෙන්ට් එකක් දාන්නං.

    ReplyDelete
    Replies
    1. මටත් ඒක දෙතුන් පාරක් උනා. මගේ ඇස්දෙක වැඩි ආලෝකයට ටිකක් කරදර කරන හින්දද කොහෙද සුදු පසුබිමේ කළු අකුරු, කළු පසුබිමේ සුදු අකුරු වගේ දේවල් බලන්න ටිකක් අමාරුයි.
      ඒකෙන් වෙන්නේ කමි ගේ වගේ සැකසුම තියෙන බ්ලොග් ටිකක් පස්සට යනවා නොදැනීම... :(

      Delete
    2. එහෙම දෙයක්නං නෙමෙයි. මේ දවස්වල අලුතෙන් වැඩක් පටන් අරගෙන ඉන්නෙ. එතන උං කියන කියන වෙලාවට සැපයුම් කරන්න මට දුවන්න වෙනව.

      Delete
    3. @ ප්‍රසන්නයා. අනේ කමක් නෑ බං මේ හෑලි කියෝලා උඹේ වැඩේ පරක් කර ගන්න එපා.. ඊලඟ පාර කොන්තරාත්තුව හම්බුනේ නැත්නම් මට බ්ලොග් ලිවිල්ල පැත්තක තියල උඹට රස්සා හොයන්න වෙනවා.. කඩින් කඩ හරි ඇවිත් ඔළුව දාන එකම ලොකු දෙයක්නේ..

      Delete
    4. //කමි ගේ වගේ සැකසුම තියෙන බ්ලොග් ටිකක් පස්සට යනවා නොදැනීම// ලොක්කෝ මට තීන්නේ ඔයිට ටිකක් වෙනස් ලෙඩක්.. පසුබිම පැහැදිලි නැති උනාම කියවන්න අමාරුයි + හිතෙන්නේ නෑ.. ඒකයි මේ සුදු දාං ඉන්නේ. බලමුකෝ පොඩි වෙනසක් කරන්න සුදු වෙනුවට වෙන පැහැදිලි පාටක්. (අකුරු පාට කරා කියලත් පාට බැනුම් අහලා ඉන්නේ හික්.)

      Delete
  25. දිග වැඩි උනත් මේවා කියවන්න එපා වෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. බැලන්ස් බිට්වීන් දිග ඇන්ඩ් කොට.. ඕක තමයි මේ දවස් වල මගේ මේන් ඔබ්ජෙක්ටිව් එක.. හික්. තැන්කූ දිනේශ්

      Delete
  26. මේක දාපු වෙලේම කියෙව්වත් කොමෙන්ටු කොටන පහසුකම තිබ්බෙ නෑ.. අනේ වඳින්නං මෙව්ව දිගටම ලියහං. අර නේවි යෙදුම් වගේ එව්ව ඔලුවට දාගන්න දෙපාරක් විතර කියවන්න උනත් කමක් නෑ. එව්ව එලියෙ ඉඳන් අපිට ගන්න පුළුවන් දැනුම. අර පාට පාට සීන් එක පොඩ්ඩක් කචල් වාගෙ නේද? ඒ ගැන පොඩ්ඩක් බලමු. ආයෙත් පාරක් කියවන්න ඕන. ජයවේවා. දිග වැඩි නෑ මේක. දිග වැඩියි කියල රහේ කිසි අඩුවක් නෑ. ජයවේවා..

    ReplyDelete
    Replies
    1. //නේවි යෙදුම්// පාට පාට සීන්// දිග වැඩි// මේ ඔක්කොම එඩිට් කරන්න තියෙන ලිස්ට් එකට දාල තියෙන්නේ. උඹේ පාචනේ හොඳද? ඉක්මණට ලියපන් ලබු කිරිබත් ටයිප් එකේ කතාවක්... හික්

      Delete
  27. දෙවෙනි ලෝක යුද්ධ කාලේ රුසියානු ලේඛකයින් ඔවුන්ගේ හමුදාවේ, මිනිසුන්ගේ කැපකිරීම් ඉතාමත් අපුරුවට ඉදිරිපත් කරලා ඒ යුද්ධ වෙනුවෙන් ජනතාවට කරන්න වෙච්ච කැපකිරීම වටිනාකමක් බව පෙන්වලා දුන්නා...
    හමුදාවන්ට වටිනාකමක් ලබා දුන්නා.
    අපි රටේ ඒ කිසි දෙයක් උනේ නැහැ, දැන් එක ඒකාල කරන පිස්සු වැඩ නිසා හමුදානිළධාරියාව "මිනීමරුවෙක්" බවට පත්කරන්නත් පුළුවන් මේ මනස් සකසන්නන්ට...
    මානිගේ තීරුවේ කලකට පෙර තිබු ලිපියක් මේ දවස් වල බුකියේ එහෙ මෙහෙ යනවා දැක්කද.
    ඒ නිසා මෙවැනි දේ ලියා තැබීමෙන් මානි කියපු දේ සිද්ධවෙන එක ටිකක් හෝ පමා වෙයි.
    මේ ලිවිල්ල දිගටම ගෙනියමු. මටනම් පෝස්ට් එක දිග වැඩි නැහැ...

    ///කරදිය- මිරිදිය දෙවර්ගයේම මත්ස්‍යයින්, අටෝරාසියක් කුරුල්ලෝ, තැනෙක කරවටට මදක් උසින් තැනෙක දණහිසටත් පහලින් රොක් වෙවී පුංචි පුංචි දූපත් රැසක් මවන වචනයෙන් කියා නිමකල නොහැකි සුන්දරත්වයක් මවන ඒ අපරිමිත පරිසර වස්තුව දකිද්දි මට මතක් වෙන්නෙම 'ලොකු පුතා' වගේ කැමරාවක් එල්ලං ගස් වැල් සත්තු කුරුල්ලෝ පස්සේ එලවන පරිසරවේදියෝමයි. ///

    දෙයියනේ කියල කාලෙකින් කොහෙවත් ගියේ නැහැ. අන්තිමට ගියේ කොහෙද කියලවත් මතක නැහැ...
    ඒ තරමට සිස්ටම් අවුල්වෙලා. ඒත් පුළුවන් උනොත් මේ වගේ තැනකට යන්න ට්‍රයි එකක් දෙමු...

    අමු දැල්ලෝ කාල නැහැ, අමු ගිසාඩ් එහෙමනම් කාල තියෙනවා රස බලන්න...
    දැල්ලෝ සීන් එක ගෙදරදී කරන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම්ම හීනියට මාළු ටික කපාගන (එහා මෙහා පේන තරමටම ) දෙහි,සෝයා සෝස්,වයින්,දොඩම් යුෂ වගේ දාලා (රසේ කැමති විදිහට.ඕනෙනම් අලිපේර දාන්නත් පුළුවන්) ෆ්‍රීස් කරලා කෑමට ගන්න.කිසි අපුල ගතියක් නෑ.හැබැයි පුළුවන් තරම් හීනියටම කපන්න ඕනේ.දැල්ලෝ,ඉස්සෝ,බූවල්ලෝ වගේ ඒවටනම් එච්චර කැටයම් ඕනේ නෑ.පිලීරහ ඇරෙන්න යහමින් දෙහි ඉස්ම ටිකක් මිරිකගන ගම්මිරිස් අතගාලා ෆ්‍රීස් කරලා හරි නොකර හරි ගන්න පුළුවන්.සුදුපාට මාලුත් එහෙමයි.(ගල්මාලු )

      Delete
    2. //මානිගේ තීරුවේ කලකට පෙර තිබු ලිපියක්// දැක්ක.. මානි කියපු දේවල් දැන් දැන් ඉඳලම වෙන ලකුණු තියෙනවා.. හැබැයි මේ අනවශ්‍ය උත්සව ඒක එහෙම වෙන්න තියෙන අවස්ථාව වැඩි කරනව. සනීප වෙන තුවාලෙක කබොළු කඩනව වගේ ඒ වෙලාවට පොඩි ආතල් එකක් තිබුණට ඔය ජයග්‍රහණ 'සමරණ්න' ගියාම වෙන්නේ පැරදුනු එකා වියරු වැටෙන එක. අනික මේ සමරන්නේ යුද්දෙ කරපු එව්වොද? කොහෙවත් හිටපු වට පඩයෝ ටිකක් සුදු ඇඳගෙන ටයි කෝට් දාල ගිහින් ඇත්තටම යුද්දෙ කරපු එවුන්ව මහ අවුවේ දවස් ගනන් හිටවල තියල රිලා නැටුම් බලල අත්පුඩි ගහන පොඩි එවුන් වගේ උන් සතුටු වෙනව. හමුදාවේ උන්ට එදා දවසත් එක ස්පෙෂල් ඩියුටි එකක් විතරයි.
      ඒ වැඩේටනම් මම කැමතිම නෑ..

      Delete
    3. මේ කටුස්ස හොඳ කුක්. දවසක් රෑ දොළහට එකට විතර බොන්න බයිට් ඉවර වෙලා හෝටලේක කුස්සියට පැනල බිත්තර වගයක් හොයාගෙන සිරා ඔම්ලට් එකක් දැම්ම... හැබැයි ඒකත් අරන් වැනි වැනී ඇවිල්ල මේසේ උඩට කියල හිතල අපි ඉස්සරහම අරක බිමට අතෑරියා.. හික්..
      අහ්! මං මේ දවස් වල කතාකරං යනව පොඩි ට්‍රිපක් දාන්න ඔය පැත්තෙන් කෝඩිනේටර් කෙනෙක් හොයා ගන්න. නිකං ගිහින් වැඩක් නෑ ඔය අහුමුළුවල රිංගන්න නම් 'ෆිට් පොරක්' සෙට් කරගෙන යන්න ඕනි. බලමු.

      Delete
    4. එහෙම උනාද බං සිරාවටම?
      එහෙම කලනම් කලේ මම මහන්සියෙන් හදාගන එන දේ උඹලා මහන්සියෙන් කන්න ඕනේ නිසා.

      Delete
    5. ගෙදර අම්මල ගෑණු ඔහොම හිතුවනම් හැමදාම කන්න වෙන්නේ ඩස්ට්බින් එකෙන් අහුල අහුල.. හැක්.. කිතුලෙ නැගපු එකට වගේ උඹටත් කියන්නනම් මොනව හරි තියෙනව..

      Delete
    6. කසුට්ටගේ රෙසපි එක අනුගමනය කරලා ගෙදර ගිහින් මේ වැඩේ ට්‍රයි කරලා බලන්න ඕනේ...

      Delete
    7. //කසුට්ටගේ රෙසපි එක අනුගමනය කරලා ගෙදර ගිහින් මේ වැඩේ ට්‍රයි කරලා බලන්න ඕනේ//
      මම හිතන්නෙ මිනිහ සයිඩ් ඉෆෙක්ට්ස් වලට වග කියනවයි කියල නෑ. :P

      Delete
  28. කවුද මේ පෝස්ට් එක දිග වැඩියි කියන්නෙ. අර පල්ලෙහ සුදුපාට තීරුව ආවට පස්සෙ මම හිතුවෙ තවත් පහලට තියෙනවයි කියලයි. මේ වගේ විස්තර ලියනකොට මේ දිග බොහොම මදි.
    මැද හරිය කියවනකොටනං නිකං විචාගෙ පෝස්ට් එකක් කියවනව වගේ හැඟීමක් ආවෙ. අපි නොදන්න තාක්ෂනික කරුනු නිසා ඒවත් ටිකක් පැහැදිලිව විස්තර කළාට කමක් නෑ. හැබැයි ඉතිං ඔය කට්ටියක්නං කියල තියෙන්නෙ ඒව කතාව අස්සට දාන්න එපාය කියල. පුලුවන්නං ඒ ගැන වෙනම විස්තර කරන්න.

    //ඒ පරිසර කලාපය ගැන ගවේශණාත්මක වාර්තාවක් හෝ අඩුම තරමින් පින්තූර ටිකක්වත් දැකල නෑ//
    ඒකනෙ කියන්නෙ අපිටත් ඒ පින්තූර දකින්න නැති උනානෙ මේ මනුස්සය කැමරාවක් අරන් නොගිය හින්ද. :D

    ReplyDelete
    Replies
    1. කැමරාවක් අරං ගියා කියන්නේ ට්‍රිප් එකක් වගේ ගියා නෙවෙයි බං.. හිටපු ගමන් එක්කෝ රා බූලියක් නැත්නම් බෝතල් දෙක තුනක් අරං ඩිංගියක යනවා ඔය මැද තියෙන අයිලන්ඩ් එහෙකට.. නැත්නම් කවුරුහරි කාගෙහරි විසිටර් කෙනෙක් ඇවිත් ඔය අමුතු පරිසර වලට කැමති බව දැක්කොත් එක්ක යනවා බලන්න.. උන් නම් ගහපු ෆොටෝ ඇති. මාත් සමහර දවස් වල ෆොටෝ ගහල ඇති කැමරාවෙනුත් ෆෝන් කට්ටෙනුත්. දැන් කොහොමෙයි හොයන්නේ.. ඔය වගේ වැදගත්ම ෆොටෝ වීඩියෝ තිබ්බ මගේ එක ෆෝන් එකක් නැති උනා. මං මේ බයේ ඉන්නේ කවදා හරි ඒවට නඩුවක් ෆයිල් වෙයිද කියලා..

      Delete
  29. විචාරකගේ පෝස්ට් එකක් බැලුවා වගේ. නොදන්න විස්තර ගොඩයි. අර පහසුකම් වලට වාහනේකුත් තිබ්බද?

    අමු දැල්ලෝ? රහ නැතුව ඇති නේද? මාලු ගොඩක් ඉන්නේ මුද උණුසුම් තැන්වල. ගෑනුත් ඉතින් ඒවගේ තමානේ. ඒ හන්දා ගෑනු මුහුද කීවට වැරැදිත් නෑ. :D

    ReplyDelete
    Replies
    1. තිබ්බා වටේටම ආමර් ප්ලේට් ගහපු ඩිෆෙන්ඩරයකුයි (වැස්සක් නැති කිසිම වෙලාවක මං ඒකේනම් යන්නේ නෑ.) කැමෆ්ලාජ් කරපු DT 175 යමහා ට්‍රේල් බයික් එකකුයි.. ඒක තමයි මගේ ප්‍රියතම වාහනේ උනේ..
      //අමු දැල්ලෝ? රහ නැතුව ඇති නේද// දිවිය ලෝකේ රහයි.
      මූද ගොඩ කියල වෙනසක් නෑ මං හිතන්නේ ගෑනු කොහෙත් එකයි. :p

      Delete
  30. කමිය,

    අයිස් මංජුව මලාද එතකොට?

    මම ගිය නිවාඩුවට ආ වෙලාවෙ ඔය තිරියායෙ ගියා. කරුමෙට එදා වැස්ස, ඉතින් අර තාර පාරෙ ඉඳල තිරියාය පන්සලට යන පාරෙ මඩ වලවල් වලට පස් දාල, ඒව තලලත් නෑ, එරෙනව අම්බානෙට. මගේ ක්ලියට ගතිපු සොරෙන්ටො කට්ටෙ ඒ මඩේ ගිහින් එරුනොත් මලා, අනික මායි තාත්තයි ලොකුපුතයි විතරයි උන්නෙත්. පොඩි එකාටත් නින්ද ගිහින්. ඒ නිසා අමාරුවෙන් පන්සල ගාවට ගිහින් අර ගල් පාලම බලල ආයි ආව වහින්න කලියෙන්. අපේ ප්ලෑන් එක උනේ එහෙමම මුලතිව් යන්න. ඒත් වැඩේ අවුල් උනා වැස්සට බෝගස් හන්දියෙන් හැරිල යන පාර මඩ වෙලා. ඉතින් පදවියට ගිහින් ඒ පැත්තෙන් ආපහු එන්න ආව.

    අපි උන්නෙ ජන්ගල් බීච් රිසෝට් එකේ. පට්ට ස්ථානෙ. ආයි පාරක් අනිව යන්න ඕන මාරම සුන්දර පැත්තක්. ඒත් ඒ අවස්ථාව තව අවුරුද්දකින් මෙහා එන එකක් නැති එක ගැන සෑහ්න්න දුකයි බං!

    ReplyDelete
    Replies
    1. හා හා කට කට.. මේකත් එක්ක මොකුත් කියන්න බෑනේ.

      ඒ දවස්වල ට්‍රින්කො ඉඳල පුල්මුඩේට යනකම්ම පාර ඔය වගේ තමයි. පායනකොට පට්ට දූවිලි. වැස්ස ගමන් මඩ සාගරේ.. හොඳම කට්ට කෑවේ නිවාඩු යන එනකොට.
      යකෝ පාමුලටම ගියානම් උඩට නැග්ගේ නැත්තේ මොකෝ.. අපරාදේ.
      ජන්ගල් බීච් කුඹුරුපිඩ්ඩි වල.. ඉස්සර ඔතන තමයි 'C' කොම්පැනි HQ එක තිබ්බේ. OC හිටියේ මට බැච් දෙකක් ජූනියර් එකෙක්.. පට්ටම ලස්සනයි.. ඉස්සරහ පැත්තෙ පෙරියකරච්චි වැව/ වගුර.. කාලෙකට කුරුල්ලෝ එනවා ජීවිතේට දැකල නැති උන්.
      යමං ආයි දවසක මාත් එන්නං.. අවුරුද්දකින් හරි කමක් නෑ..

      Delete
  31. කොමෙන්ට් කියවලම පන ගියා. එකාට එක කොමෙන්ට් එකයි කියල නීතියක් දාන්න බැරිද? නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්ත. නියම ආතල් ජොබ් එකක්නේ. ඉරිසියාවේ බෑ. ඕවගේ ජොබ් ෆිල්ම් වලින් විතරයි දැකල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. //ඕවගේ ජොබ් ෆිල්ම් වලින් විතරයි දැකල තියෙන්නේ.// හ හා.. ඒ කියන්නේ මාත් නිකං නළුවා වගේ තමයි.. ටැන්කූ ටැන්කූ.. ඔව් කොමෙන්ට් වලට රිප්ලයි කරන්න ගියාම ඊලඟ පෝස්ට් එක ලියනෙක නිකම්ම පරක්කු වෙනවා..

      Delete
  32. අවුරුද්දකට විතර ඉස්සර මමත් ගිරිහඬු සෑය බලන්න ගියා. ලස්සන පළාත. ඒත් කුච්චිකුම්බන් ආරු වගෙ තැන්නම් බලන්න ලැබුණෙ නෑ. ඒවගෙ තැන් දන්න අය අඩුයි.
    අපරාදෙ, කල්‍යාණ මිත්‍රට ඒ කාලෙ කැමරාවක් තිබුණානම්...

    ReplyDelete
    Replies
    1. කුච්චිකුම්බන් ආරු මුහුදට වැටෙන තැන තමයි පොඩුවකට්ටු කියන්නේ. ට්‍රින්කෝ ඉඳල පුල්මුඩේ පාරේ යනකොට හම්බවෙන දෙවනි ස්ටීල් බ්‍රිජ් එක.. ඇත්තටම ගොඩාක් දෙනෙක් ඔය ට්‍රිප් ගියාම කරන්නේ හැමෝම බලන්න යන තැන් බලන එකනේ. ඇත්තටම ලස්සන තැන් ඒකෙන් මිස් වෙනවා.
      අනේ කැමරා තිබ්බා.. ෆොටෝසුත් ගත්තා.. ඒත් දැන් ඒවා කොහේද නෑ.. නැති උනේ ඒ ගැන ඒ හැටි අගයක්..

      Delete
  33. කමි ලියන විදිය පංකාදුයි...ඒ පරිසරයෙ චිත්ත රූප ඉහ ඉද්දර මැවෙනවා. කවදාවත් පය ගහපු නැති පැත්තක විස්තර කියවන්නෙ පොඩි එකෙක් කතන්දර අහගෙන ඉන්න තරමෙ ආශාවකින්. ස්තූතියි කමි....මේ තොරතුරු මේ විදියට අපිට කියනවට...

    ReplyDelete
  34. කෝ ඉතුරැ ටික?
    ලියපන්

    ReplyDelete