Friday 10 June 2016

බ්ලොග් ගොසිප් කීපයක් කෙටියෙන්.. Blog Gossip Little Short

ටින් ටැං ටොන්.. මේ නෙලුම් පුවත් සේවයයි..  මුලින්ම සිරස්තල..

කටුස්සා රට හැර යයි..

සරත් විමලසූරිය රට හිනස්සයි..

බ්ලොග් වසන්තය හබක්..

බ්ලොග් කරුවකු හා බ්ලොග් කාරියක යුග දිවියට..

සම්මානනීය බ්ලොග් කාරිනි නුවරකුමාරි අඩු වයසෙන් මියයයි..


ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ මැන්ඩිස් ඕල්ඩ් අරක්කු සමාගමේ සාදර අනුග්‍රහයෙනි..

ඉතා කුඩා සරිරයකට හිමිකම් කියූ සත් ගුණවත් කටුස්සා තුමා අඬ අඬා සිට හදිසියේ රට හැර ගොස් දැන් එහි සිට හිනාවීමට පටන් ගෙන ඇත.. ඒ වෙනුවට කටුස්සගේ පැනයාමෙන් අඩුවූ මැන්ඩිස් ඕල්ඩ් අරක්කු වෙළඳාම ගැන සිතමින් මැන්ඩිස් මුදලාලි අඬන්නට පටන් ගෙන ඇතැයි නෙලුම් පුවත් සේවයට වාර්තාවේ.

පහුගිය දවස්වල නොයෙක් ජාතියේ කෙරුම් කාරයෝ බ්ලොග් ලොව ආක්‍රමණය කල බව විවිද පුවත් සේවා වලින් ආරංචි විය.. ඒ අතර චිත්තර කාරයෝ, දේශපාලකයෝ, ලේඛකයෝ ආදී මෙකි නොකී අය බොහෝ වූ අතර මේ වර බ්ලොග් ලොව කැළඹු නවතම සෙල්ලම වාර්තා වෙන්නේ ලොවෙත් (හිටියට අපේ රටේ කවදාවත් හිටපු) නැති උඩු රැවුල් කාර නේවි කාරයෙකු විසිනි. හේ සරත් විමලසූරිය නම් වන අතර ඔහු ගැන කීමට නෙලුම් පුවත් සේවයට වචන හොයා ගත නොහැකි නිසා ඒ පැත්තට ගොස් මේකා කොයි වගේදැයි හොයා ගන්නා ලෙස බල කරනු ලැබේ..

තමන්ගේ තරමට වඩා ඉදිමෙන්න හැදු බ්ලොග් වසන්තය දින 44 කින් හබක් වී ඇතැයිද එහි ප්‍රධාන සංවිධායකයින් දෙදෙනා එකාට එකා ටොයියා බයියා කියමින් ඇනකොටා ගන්නා අතර සපෝට් සංවිධායක තුමා (මෙසේ) මඩ ගසන බවද දක්නට ලැබේ.. කෙසේ වෙතත් පෙර නොවූ විරූ ජවයකින් නැවත බ්ලොග් ලොව ආක්‍රමණය කල පැරණි බ්ලොග් කරුවන් හා සමව කරට කර තරඟ කරමින් වසන්ත සමය තුල බ්ලොග් පිබිදීමට උරදුන් ජයග්‍රහණය කල නොකළ සියලු සිංහල බ්ලොග් කරුවන්ට නෙලුම් පුවත් සේවයේ ගවුරව බහුමානය මෙසේ පිළිගන්වනු ලැබේ..

ඉතිරි පුවත් ඔබවෙත ගෙන එන්නේ ප්‍රවීණ ඉංග්‍රීසි දේශක Ratathota Wisthara මහතාගේ අනුග්‍රහයෙනි. Next gossip bring to you veteran English Lecture Ratathota Wisthara Mr. sponsorship.

මේ අතර පහු ගිය දෙතුන් දොහ තුල යුග දිවියට එළඹී ප්‍රවීණ බ්ලොග් කරු මනෝගේ ලෝකයේ මනෝජ් ප්‍රනාන්දු ට හා පුංචි කැකුළු මල තුෂානි ට නෙළුම් පුවත් සේවයේ උණුසුම් සුභ පැතුම් එකතු කරනු ලැබේ.. හෝව්..හෝව්.. මේ දෙදෙනා විවාහ වුයේ වෙනත් දෙදෙනෙකු සමඟ බැවින් ඔවුන් දෙපලටද ටියුබ් ලයිට් නෙලුම් පුවත් සේවය සුභ ප්‍රර්ථනා කරයි..

අවසානයට අවමංගල දැන්වීම්..

කලක් බ්ලොග් ලොව දිග විජය කළා වූ සම්මානනීය බ්ලොග් ලේඛිකා නුවර කුමාරි  පුද්ගලික හේතු මුල් කරගෙන අවසන් ගමන් ගියාය.. නෙලුම් ගොසිප් සේවයට වාර්තා වන පරිදි නුවර කුමාරි හොල්මනෙන් ඇවිත් පුලු පුලුවන් විදියට බ්ලොග් කියවන හෙයින් නැවත වෙන නමකින් හෝ උට්ඨානය ලැබීමට (ඉඩ ලැබෙන පරිදි) ඉඩ කඩ ඇත. එතෙක් නෙලුම් පුවත්ව සේවය වෙනුවෙන් නුවර කුමාරිට RIP (Return if Possible) කියමු..

කාලගුණය යහපත් හෙයින් රාජකාරි වැඩකට යාමට පුවත් සේවය සැණෙකින් අවසන් කරමි.

ටැං ටින් ටොන්..

122 comments:

  1. නුවරි කුමාරි ලගදිත් ඇවිත් ගියා.

    ReplyDelete
    Replies
    1. ඈ සලිත යෝ.. ඒ කොහෙටද බල? RIS කියන්නේ Return is Sure කියන එක වෙන්නැති මයේ හිතේ එහෙනං..

      Delete
    2. ම්හු. ඔබතුමාගේ විශේෂඥ වචනයක් S. Enough said !

      Delete
    3. S නම් එහෙනං Sir වෙන්න ඇති.. අනිත්ව හිතන්න මොලේ අමුතුවෙන් ටියුන් කරන්න වෙනවා..

      Delete
  2. මනෝගෙ සහකාරි තුෂානි කියල දැනගත්තෙ මේකෙන්. දෙන්නටම සුභපැතුම්.
    අර උඩුරැවුල්කාරය නං පොතක් ගහන්න ලැහැස්ති වෙනවලු.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම්

      Delete
    2. //මනෝගෙ සහකාරි තුෂානි// හයියෝ මං ඉවරෝ..

      Delete
    3. පෝස්ට් භාගෙට කියවා කමෙන්ට් දමන කෙනෙක් අතේ මාට්ටු

      Delete
    4. බුල්ඩෝසර් තුෂානි අතින් කලණය හබක්
      ඒ ඊළඟ ගොසිප් එක..
      ඇතින්නියක් විෂින් රාජ් ගෙ කොන්ද කඩා ඇත
      ඒ ඊළග එක...
      :-D:-D:-D

      Delete
    5. රාජ් තුමාගේ sarcastic කොමෙන්ටුව ඉයන් තුමාට වැටහී නැතුවා හැඩයි..

      තුෂානි එන්න කලින් මාරු වෙන්න ඕනි.. අරෙහේ මනෝජයා දැනටම ගුටි කනවා කියලා ආරංචියි.

      Delete
    6. බුදු අම්මෝ යකෝ.. රාජෝ.. මෙතන මිනී මරණ කතා කියන්න එපා.. මාත් කියවලු වෙලාවේ එහෙම හිතුවට.. කීයටවත් වෙන්ඩ බෑ කියල හිතල හොදට බැලුවා.. මොකද ඊයේ මනෝගේ පෙටෝ වල හිටියෙ නෑනේ කෙට්ටු ගෑනු ලමයෙක්.. හැක්

      Delete
    7. ඒ වෙඩින් දෙකෙන් එහෙකවත් කෙට්ටු ගෑනු ළමයි නම් හිටියේ නෑලු.. හැක්..

      Delete
    8. අම්මෝ උඹලා කරන වැඩ වලින් ගුටි කලා විතරක් බේරුනොත් මැදැයි.

      කෙට්ටු ගැණු ළමයි කතාව නම් නියමයි.මොකද අපි කියන ඒවා මේ ගැණු ළාමෝ විශ්වාස කරන්නේ නැහැනේ.

      Delete
    9. ඒ අයට ඒත්තු ගන්නන්න්ත් එක්ක තමයි මේවා ලියන්නේ.. කොහේ? කණකට ගන්නවයි?

      Delete
    10. මනෝට සහ තුෂානිට වෙන වෙනම සුභපැතුම්!

      කෙසේ වුවත් කාරණාව පැහැදිලි කරගැනීම, පසුව කරන සංශෝධනවලට යටත්ව සිදුවූ බැවින් සමාව ඉල්ලීමට නොහැකිය.

      Delete
  3. //රාජකාරි වැඩකට යාමට //

    ඒකත් ලොකු දුර්ලභ නිවුස් එකක් කියල ලොකුපුතාතුමා වාර්තා කලා

    ReplyDelete
    Replies
    1. යේස් යේස්...
      සේර්ටිෆිකේට් ඇත්ත...

      Delete
    2. හා..හා.. කට කට.. රාජකාරි කියුවම ඉතින් කියක් නම් කියලද? හැක්.

      Delete
  4. උඩු රැවුල් කාරයනම් පස්ට විදියට ලියනවා....

    ReplyDelete
    Replies
    1. ඔය වේගෙන් ලියනවා කියන එක තමයි මට නම් ලොකුම පුදුමේ..

      Delete
    2. ලියන එකම නෙවේ. කොමෙන්ට් අනං මනං කිසි දෙයකි ගණං නොගෙන ලිවීමයි එතන වැදගත් කම...
      අපේ හුඟක් බ්ලොගර්ල අපවත් වෙන්නෙ කොමෙන්ට් හංද..
      කැන්ඩි ළමිස්සිල සරත් විමලසූරියල රයිගං උන්නැහේ black snow felix කමෙන්ට් ඇතා නැතා හයිස්පීඩ් පෝස්ට් දාන අය...
      ඒ ගතිය තමා රැකෙන්න ඕන

      Delete
    3. මාත් අපවත් වෙන්න ලඟයි.. කොමෙන්ට් කාලම..

      Delete
  5. හුලං විදුලි නිවුස් වගේ. ෆොටෝ දාපං අපි එතකං මේව ඒ කාලෙ හඩ්සන්ගෙ නිවුස් වගේ බැහැර කරනව.

    ReplyDelete
    Replies
    1. මෙහි අපද්‍රව්‍ය බැහැර කිරීම තහනම්.. ;)

      Delete
  6. නුවර කුමාරි අම්මණ්ඩි අර නෙලුං සම්මාන හම්බවුන කතාව ඉවර කලේ නෑ නේද? අර මොකක්ද මේ..කවදාද ඒ හෙණ ගහන්නේ නොදනිමිද මොකක්ද නේද ඒ කතාවෙ නම?

    සම්මාන ප්‍රදාන රෙගුලාසි අනුව හරිනම් ඒ සම්මානෙ ආපහු ගන්ටයි වටින්නෙ...:)

    ReplyDelete
    Replies
    1. ආපහු ගන්නවත් කෝ මේ යෝදී හොයා ගන්න නෑනේ..

      Delete
    2. හෙක්.. හෙක්.. ඉහත ප්‍රකාශය කතා ඉවරකරපු කෙනෙක් කියපු කතාවක් බව සලකන්න.

      Delete
    3. හෙක්.. ඒ වුනාට ඌ තාම සමුගත්තේ නෑනේ.. රවියට මැරෙන්නත් තහනම් කරලා තියෙන්නේ පටන් ගත්තු ඔක්කොම පෝස්ට් ලියල ඉවර කරනකං..

      Delete
    4. ප්‍රසන්න,

      අන්න ඒකනෙ බං...අපි මොනව උනත් දාල යන්නෙ නෑ....වැඩේ ඉවර කරලයි වල කජ්ජ ගැහුවත් ගහන්නෙ...තේරුනෙයි?

      කළ්‍යාණ,

      Thanks Malli for the vote of confidence....:)

      Delete
    5. මැරෙන කාලෙ එනකොට ඉවර කිරිල්ල කෙසේ වෙතත් තව කතා 2000 ක් විතර පටන් අරන් නම් තියෙයි.

      Delete
    6. යූ ආර් වෙල්කම් රවී සහබ්! :) අපි වෙනුවෙන් අපි..

      Delete
    7. ප්‍රා..

      ඕගොල්ලෝ සම්මාන දෙන්නේ අනවශ්‍ය අයටද කියල හොයල බලන්නේ නැද්ද?? හැක්

      Delete
    8. ඕව මෙතන කතා කරන්න අදාළ නෑනේ.. හැක්.

      Delete
  7. මේ දවස් වල හිට් එක උඩු රැවුලා තමා...

    ReplyDelete
    Replies
    1. සමන්ත විද්‍යාරත්න මේකත් අරන් FCID යයිද මංදා..

      Delete
  8. සත්දහයයි පත්තරේ
    බලන්න විස්තරේ
    මාතර බිත්තර මුදලාලිගෙ දුව,
    කුකුළ් බිත්තරයක් කාලා,
    පිරිමියෙක් වෙලා
    සකල සිරින් පිරි සිරි ලංකාවේ
    දකුණු පළාතේ අති සොබනා
    පතල නමක් ඇති දෙනගම නම් ගමෙ
    එතනා යයි අඟනක් උන්නා
    සිහල සිරින් පිරි මඟුලක් කාලා
    ඈ කරකාරිය බැඳ දුන්නා
    අසල තිබුණ තානායමකට මධුසමය ගෙවන්නට ගියෙ දෙන්නා
    රෑ බත කාලා මනාල ගොයියා
    මනමාලිව කාමරේ තියා
    හාමිනෙ ඉන්නකො වැඩකට මම මේ
    ගිහිල්ල එන්නම් හනික කියා
    යනකොට ගෑණිව
    "අනේ ඔයා ඉක්මනට එන්න මට බයයි" කියා
    කෝමල තාලෙට එතනා කිවුවා
    රිදී සීනුවක් හඬ නැඟුවා
    මනාල ගොයියා ගියාට නොගියට
    හනි හනිකට ආපසු ආවා
    සුන්දරි මගෙ අනෙ දොර අරින්නකෝ
    කියා දොරට හොඳටම ගැසුවා
    "අරින්ඩ ඉන්නකො" කියනා ගොරහැඬි හඬක් කාමරෙන් පිට ආවා
    තව මිනිහෙක් කාමරේ සිටී යයි
    මනාල ගොයියට සැක හිතුනා
    දොරත් කඩාගෙන පොල්ලක් අරගෙන
    මනමාලය ඇතුළට පැන්නා
    කවුද බොලේ තව මිනිහෙක් ඉන්නේ
    කියමින් ඇඳයට විමසන්නා
    "නෑ නෑ මේ මම ඔයාගෙ වස්තුව"
    කියමින් එතනා මොරදුන්නා
    ඒ මනමාලිය පිරිමියෙක් වෙලා
    මනාල ගොයියට තරු පෙණුනා
    ආ.. සත්දහයයි පත්තරේ බලන්න විස්තරේ
    හිටපු ගමන් රටේ ගෑණු පිරිමින් වෙනවා
    කුකුළෝ බිත්තර දානව කළු සුදු වෙනවා
    දෙවියන් ගැන ධර්මය ගැන නෑ විශ්වාසේ
    දෙයියො කෝප වෙලයි වෙන්නෙ මෙහෙම විනාසේ
    ලලයි ලිලයි ලයි සිසිලයි සුළඟයි
    හේයි
    ලලයි ලිලයි ලයි සිසිලයි සුළඟයි
    ගායනය - ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා
    පද රචනය - කරුණාරත්න අබේසේකර
    සංගීතය - ආර්. මුත්තුසාමි
    "චණ්ඩියා " චිත්‍රපටිය

    ReplyDelete
    Replies
    1. යකෝ මේක transgender කේස් එකක්නේ.. උඹත් දන්නා සිංදු.. අර අපේ උන් දෙන්නට එහෙම සන්තාසියක් නොවේවා කියල පතමු..

      Delete
    2. යම්තම් ඒහෙම දෙයක් නම් වුනේ නැති.

      Delete
  9. නුවර කුමාරි සාහසික හැරයාමක්...!

    ReplyDelete
    Replies
    1. ඔය නුවර පැත්තේ එවුවෝ ඔහොමමයි..

      Delete
    2. එහෙම කියන්ඩ එපා හරිය...

      Delete
    3. අනේ නෑ.. නුවර පැත්තේ මිනිස්සු හරි හොඳයි.. 'එව්වෝ' තමයි හොඳ නැත්තේ.. :)

      Delete
  10. මේකත් හොඳයි, මාසෙකට සැරයක් බ්ලොග් නිව්ස්.
    මේක දිවයින දෙරණ වගේ ටිකක්. ඉස්කෝල අස්සේ රිංගලා තරුණ ගුරු මහත්මීන් එක්ක .. වගේ දේවල් නිව්ස් වලට වැටෙන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතින්.. BBC, CNN උනත් දෙන්නේ උන්ට හිතකර නිව්ස් විතරයි හිටං..

      Delete

  11. හුත්තවල් ලියන්නැතුව ඉවරකරපිය අර P495 කතාව ....

    ReplyDelete
    Replies
    1. කඩාකප්පල්කාරී ප්‍රකාශයක්.

      Delete
    2. අපෝ මූත් බෝ්ක්කු කටක් වෙලා නෙ....
      :-D :-D :-D

      Delete
    3. තරහා අවසර.. මම මේ දවස් වල සරත් වීරසුරිය ලොක්කාගෙන් නේවි එක ගැන ඉගෙන ගන්නවා.. ඉන් පස්සේ ලියන්නං.. හැක හැක හැක..

      Delete
    4. යකෝ මූ නරක්වෙලා තියන තරමක්....

      Delete
    5. බලපන්.. උඹලා අපේ ආස්සරෙන් ඈත් උනා විතරයි..

      Delete
  12. ඒ ගමන බොලත් පටං ගත්තද අර මාගල් අයිය වගේ පුවක් කියන්න.
    මොනව උනත් ඔය අන්තිමට යනවයි කියන රාජකාරි වැඩේනං හොඳ ගොසිප් නිවුස් එකකට මගක් වගේ. හැක්..

    ReplyDelete
    Replies
    1. යකෝ අපි වැඩ කරත් මුන්ට වැරදි.. හිටං අර ලොකු *&^%^$ ගේ හොම්බ කට තලලා එන්න..

      Delete
  13. No Comments ;-) ;-)
    කැන්ඩිට මංඤං තද වෙනව කියල දැනංඋන්නට මේ තරං ලූස් වෙයි කියල හිතුවෙ නෑඅප්පා...
    ඇතිනනි නෝනාට සහ
    ඉරටු මනෝට සුභ පැතුම්...
    ඒ දෙන්න එක්ක විවාහ වුණ දෙන්නට ඩබල් සුභ පැතුම්
    :-D:-D:-D

    ReplyDelete
    Replies
    1. ඇතිනනි නෝනා? හික්.. පස්සේ තේරුණේ කියහන්කෝ..

      Delete
  14. ගොසිප් නං ඉතින් අපි එන්නෙ දුවලා හොඳේ.. කාලෙකින් කුණු රහක් දැනුන්නෑ අප්පා..
    උඩුරැවුල් නේවි නම් මොකක් කොරයිද හිතා ගන්න බෑ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අඩෝ මේවා පැණි රහ ගොසිප්..හරිය..

      Delete
  15. අර සරත් වීරසූරිය නම් මල් හතයි බං...

    ඉක්මනට හුස්ම යයිද කියලයි බය... ලියන ලිවිල්ලට....

    ReplyDelete
    Replies
    1. මටත් බයේ බෑ.. ඊට බයයි ඒවා කියෝලා අපේ හුස්ම යයිද කියල.. හැක හැක හැක..

      Delete
  16. අඩෝ...අරකි මැරිලද බං සිරාවට....නිවාඩුවක් දාලා බොන්න ඕනේ ඒකටනම්...

    ReplyDelete
    Replies
    1. මෙන්න මු ආපහු ඇවිත්.

      Delete
    2. අමතකවුනානේ....අරුන් දෙන්නටත් සුබපැතුම්.....

      Delete
    3. අරකි, මූ, අරුන් දෙන්නා ආදීන් පැහැදිලි නැති නිසා පිළිතුරු දීමෙන් වළකිමි.

      Delete
  17. Replies
    1. ඇයි කළු උනොත් නරකද?

      Delete
    2. පුක විතරක් සුදුවට තියෙයිද බං? උඹට ඕක හිතා ගන්න බැරිද? හැක්.

      Delete
    3. ප්‍රසා.. නේවි එකේ ට්‍රේනින් කාලේ දවසක් රූම් එකේ ඇඳුම් මාරු කරනකොට අපේ Divisional Officer පස්සෙන් ඇවිත්.. "Bloody Big Black Back" කියාගෙන ආපයින් ආපහු හැරුනා කියහන්කෝ.. හැක හැක හැක..

      Delete
  18. මේ ශ්‍රී ලංකා හුලං විදුලි සංස්ථාවයි...

    ReplyDelete
    Replies
    1. සන්ධ්‍ය මෙන්න ප්‍රවෘත්ති ......

      Delete
    2. කෝ කවුද සන්ධ්‍යා? අපි නම් ඉස්සර කියුවේ පෙවුර්ති කියල.. :)

      Delete
  19. මනෝජ්ටත්, තුශානි අක්කටත් සුභපැතුම්...

    ReplyDelete
    Replies
    1. ඒ දෙන්නගේ side kickලාටත් එක්කම කියමු නෙහ්?

      Delete
  20. අනුග්‍රාහක සමාගම් වැඩි කරගන්ඩ එපා. එතකොට පෞද්ගලික නාලිකාවක වගේ ප්‍රවෘත්ති නෑ දැන්වීම් විතරයි. ඒ වගේම මෙන්ඩිස් සමාගම අතාරින්ඩත් එපා.

    ReplyDelete
    Replies
    1. ඉල්ලුම වැඩි උනොත් අනුග්‍රාහකයෝ වැඩි කරන්න වෙනවා.. හැක්. සමාගම අත ඇරියත් මැන්ඩිස් බෝතලේ නම් අතාරින්ද බෑ..

      Delete
  21. කටුස්සා ගියා කියලා කම්මල ලොක්කා සෑහෙන දුකෙන්..ඒ දුක දුරු වෙද්දි වාහනේ ඇතුලෙ බෝතලයක්ම හිස් උනේ අපි දෙන්නටත් නොදැනි...ගොඩකවෙල ප්‍ර‍සා පල්ලා...

    ReplyDelete
    Replies
    1. ඒ වගේ වෙලාවට 'දුක' අපි එක්කත් බෙදා ගනින් මචං..

      Delete
    2. උඹල මා පල්ල කියල ගල් ඇර වෙන දෙයක් බීල තිබුණොත් බලාගත්තැකි.

      Delete
    3. කම්මලය ගල් කාරය.. ගල් විතරයි බොන්නේ..

      Delete
    4. සියරට දේ සිරිසැප දේ කියලා...අපි ඉතින් බ්ලැක් ඕපල් බෝතලයක් තමයි බොක්කට බැස්සුවෙ...

      Delete
    5. අපෝයි.. මැන්ඩිස් ඕල්ඩ් තිබුනේ නැතෙයි?

      Delete
  22. මේ අලුත් සේවයක් ද? නිදහස් සිතුවිලි පුවත් සේවයේ කොටසක්ද ? නුවරි ගැන කතා නොකර ඉම්මු. ඒ දරුවටත් පෞද්ගලිකත්වය කියල එකක් තියෙනවනේ. ඔය ගියාට එයි. අර යකා මහත්තයත් අඩව්වක් අල්ලලා ගියේ. ඔය ඉන්නේ යස අගේට. ඔක්කොටම සුභ පැතුම් එහෙනම්. කසාද , ජයග්‍රහණ. අලුත් බ්ලොග්.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. මේක අළුත්ම සේවයක්.. :) ගොසිප් විතරයි..

      Delete
  23. අපිත් මැන්ඩිස් තමයි

    ReplyDelete
    Replies
    1. අම්මප.. සමරන්න වටිනවා.. මොකෑ කියන්නේ?

      Delete
    2. මේ අර ගල් බලකායෙ හිටපු එකෙක් නේද??

      Delete
    3. ගල් බලකාය විසුරුවල හරලද දැන්?

      Delete
    4. එලද බ්‍රා කොහෙද බං යන්නෙ...දකින්නත් නෑ දැන්...

      Delete
    5. එළද බ්‍රා දැන් හෙන ගණන්.. :) නිකං බ්‍රා තමයි අඳින්න වෙන්නේ.. හැක්..

      Delete
  24. මේ වැඩේ හොදා බං නිකං කාන්සියේ බර පෝස්ට් කියවන්න ගිහිල්ල මොලේ කොලොප්පං වෙන වෙලාවට..

    ඇත්තටම නේවි කාරයෝ කියන්නේ හෙන පිස්සෝ සෙට් එකක්.. හැක් හැක්.. සරත් ලොක්කයි උඹයි බැලුවම මම කිව්වේ..

    ජය වේවා.. මේ දවස් වල මාත් මැරේජ් එකට සුදානං වෙනවා බං.. ඉතිං වැඩ වැඩ..

    ReplyDelete
    Replies
    1. උඹලා වගේ එවුන් බඳින්න කැමති ගෑණුත් ඉන්නව එහෙනම් :)

      Delete
    2. ඔවු ඔවු මැරෙන එකට සූදානං වියං. දැං ඉතිං වයස හරිනෙ. මතක ඇතුව බෝතල් ටික ගෙනත් තියල ඉඳහං බ්ලොග් කාරයින්ට දෙන. නැත්තං අපි කොහොමද නයිට ගහන්නෙ දවස් 14 ක්. (අපි උඹේ දානෙ දවස් 7 න් දෙන්න දෙන්නෙ නෑ)

      Delete
    3. //නේවි කාරයෝ කියන්නේ හෙන පිස්සෝ සෙට් එකක්// එහෙම දෙන්නයි බං ඉන්නේ.. අනිත් උන් එහෙම නෑ.. මගුලට දවස් හතක් තියලා කියහන් අපිට නිවාඩු දාල එන්න..

      Delete
  25. ඕවා කියලා අකාලයේ මැරෙන්න වෙන්න උඹටයි අන්තිමේ :)

    ReplyDelete
    Replies
    1. ඉහික්.. ඔන්න ඉතින් උයා මගේ හිත කඩනවා.. ඉහික්..

      Delete
  26. ෂැහ්, රසිකොලොජිස්ට් අලුත් ෆෝන් එකක් ගත්තු එක ගොසිප් වෙලා නෑනේ....!

    ReplyDelete
    Replies
    1. උඹට උඹ ලොකු පොරක් උනාට අපිට නම් ලොකු ගූ තලියක්....ඇටේ ලොකුද ?

      Delete
    2. ඒක නේද පිළිතුරක් දෙන්න හිතුනේ නිලමැස්සෝ?

      Delete
    3. අම්මප.. දාන්නම වටිනා නිව්ස් එක මිස් වෙලානේ.. :)

      Delete
  27. මටත් අදික රාජකාරි ...

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොලාගෙ හාඩ් දෙකට දෙයියංගෙම පිහිටයි ලු.

      Delete
    2. මොනවද බන් අදික රාජකාරි කියන්නේ? අපිනම් දැකලා තියෙන්නේ ඕනෙවට වඩා 'අදින' රාජකාරි තමයි රජයේ කන්තෝරුවල.. :)

      Delete
  28. අඩේ මේක නියමයි බන්.බ්ලොග් ගොසිප් පට්ට.

    ReplyDelete
    Replies
    1. දිගටම පවත්වාගෙන යන්න තමයි අදහස.. හැක්.. (ඇඩ්වටීස්මන්ට් එහෙම තියෙනවනම් කියහන්)

      Delete
  29. හැක් මරැ කමියෝ... බේරිලා හිටාං ඔතන මඩ වැදුන අය බොට කොඩි වින වලලයි😂

    ReplyDelete
    Replies
    1. වළලලා.. වළලලා.. ඒ විතරක් නම් මදැයි ඊයේ වෙනකොටම වස් වැදුනා කියහන්කෝ මුණ පුරවලා.. :(

      Delete
  30. ඒකත් ජයසිරි මංගලම් කිවුවලු එහෙනම්..

    ReplyDelete
  31. ඉක්මන් සුවය පතමි

    ReplyDelete
    Replies
    1. හෑ! බ්ලොග් එකටත් ආරංචි වෙලා එතකොට.. ස්තුති වේවා!

      Delete
  32. මනෝට සහ තුෂානිට සුබපැතුම්...වාසනාවන්ත ජීවිතයක්.

    නුවර කුමාරි ගියේ අපරාදෙ අයියෙ. කොහොමවෙතත් ඔයාගෙ ප්‍රෙවුර්ති වලටනම් තෑන්කිව්...

    කටුසු අයියෙ අපිට duty free vodka එකක්වත් ගේන්ඩෝ නිවාඩු එද්දි

    ReplyDelete
    Replies
    1. ලේපාහි.. ඔයැයිගේ ඉල්ලීම කටුස්සට ඉදිරිපත් කරා ඔන්න..

      Delete
  33. මනෝට සහ තුෂානිට වෙන වෙනම සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක හරියටම කියවලා... :)

      Delete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. කටුස්සා රටින් පැන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. කමියා කරදර කරලා

      Delete
    2. හැක්.. පුක බේරා ගන්න බැරුවලු නේ..

      Delete
  36. dosthara mahaththtya apaye antenawak sarthakawa savi kota nawth pamini bawa me puwath sewaya amathaka karala.

    ReplyDelete