Monday 27 June 2016

වැඩේ කම්ප්ලිට්.. Job done. Thanks all!

ප්‍රිය මිතුරු මිතුරියනි..
පසුගිය දිනෙක ඔබේ උපකාරයෙන් කැලණිය හෙලේනා විජේවර්ධන බාලිකාවේ දැරියන් පිරිසකට පාසැල් පාවහන් ලබා දී ඉතිරි වූ මුදලෙන් ඔවුන්ටම අවශ්‍ය කාන්තා යට ඇඳුම් ලබා දීමට කටයුතු කරන බව පැවසුවා මතක ඇති. ඒ කටයුත්ත අද දින අදාළ පාසලේදී සිදුකල බව පවසන්නේ සතුටින්. මගේ සහභාගිවීමක් අවශ්‍ය නොවුණු නිසා ඒ කටයුත්ත සම්භන්දිකරණය කල Urekha Darshani ගුරුතුමිය හා සෙසු ගුරුවරියන් අතින්ම රුපියල් 25500/- වටිනා යට ඇඳුම් කට්ටල 100කට ආසන්න ප්‍රමාණයක් සිසුවියන් අතර බෙදා දුන්නා.. අත්‍යවශ්‍යම සිසුවියන් සොයාගැනීම හා ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයන් හඳුනා ගැනීම අදාළ ගුරුවරියන් විසින් සිදු කර ඒවායේ මිල ගණන් කිරිබත්ගොඩ වෙලෝනා ආයතනයෙන් ලබා ගෙන අවශ්‍ය මුදල මට දැන්වූ පසු Urekha ගුරුතුමියගේ ගිණුමට රුපියල් 25500/- මුදලක් බැර කරා. නමුත් ඒ අවශ්‍ය සියල්ල එකවර ලබාගැනීමට නොතිබූ නිසා අලුතෙන් මසා නිමකර දීමට යම් කාලයක් ඔවුන් ගත්තා. කෙසේ හෝ පහුගිය සිකුරාදා දිනයේදී අවශ්‍ය යටඇඳුම් කට්ටල සියල්ල ඔවුන්විසින් පාසල වෙත ඒවා තිබුණු අතර අද දිනයේදී ඒවා දියණියන් අතර බෙදා දෙනු ලැබුවා.. යුරේකා ගුරුතුමිය විසින් මා වෙත ඒවා තිබුණු චායාරුප කිහිපයක් මේ සමඟ පලකරනවා.. ඒ දියණියන්ගේ මුවග දිලෙන කිරි සිනහවේ දිස්නයටත් ඔවුන් පා පැළඳි කිරි සුදු පා වහන් යුවලේ දිස්නයටත් මගේ නම් නෙතඟට නැගුනේ සතුටු කඳුළක්.. දන්නවා ඔබටත් එය එසේම වේවි.. ස්තුතියි!









36 comments:

  1. ඇත්තටම සතුටුයි... මේ වගේ වැඩක් සම්පූර්ණ කරන්න ලැබුනම ගොඩක් සතුටුයි නේද අයියේ...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. Why you deleted the comment. Urekha is one of my good friend. :)

      Delete
  3. කමි යෝ,
    මේ කරපු වැඩේ බොහොම වටිනවා.

    පින් සිද්ධ වෙන වැඩ මෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විභියා.. පින තමයි හිතේ සතුට.. :)

      Delete
  4. මේ ආත්මයේදීම සුබ ඵල දෙන පුණ්‍යකර්ම කියන්නේ මෙව්වට තමයි.

    ReplyDelete
    Replies
    1. හිතේ සතුට එවලේම පල දෙනවා.. ස්තුතියි විචාරක තුමා!

      Delete
  5. අගෙයි මචො..
    ජයවේවා ..

    ReplyDelete
  6. ජය වේවා ...!!!!! අර ටීචර්ගෙ FB ලින්ක් එක අයින් කරහං ... මේකෙ ඉන්න අසහන කාරයො ගැන උඹ දන්නෙ නැද්ද ..??
    //ඒ දියණියන්ගේ මුවග දිලෙන කිරි සිනහවේ දිස්නයටත් ඔවුන් පා පැළඳි කිරි සුදු පා වහන් යුවලේ දිස්නයටත්//
    මේ ටික කියවගෙන එනකොට මගෙ බොක්ක කූල් උනා.... හැක හැක හැක .......

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක අයින් කරා.. ඒත් නම තියෙනකොට ලින්ක් ඕනත් නෑ නේද ෆ්බ් එකට.. :)
      අර මොකැයි උඹේ කූල් උනේ?

      Delete
    2. මුද්දා ටීචර්ට කෙටි පණිවිට අරින එක තාම නවත්තලා නැහැ.

      Delete
    3. මුද්දා? හෆොයි.. මූ එහෙම එකෙක්ද?

      Delete
    4. ඉඳල වැඩක් නෑ .... වැඩේ මාට්ටු වෙලා වගේ ....
      දැං ඉඳල ඊ මේල් යවන්ඩ පටං ගන්න ඕනෙ ....

      Delete
  7. හොඳ මිනිසුන් ලොව සුවඳ කරයි...

    ReplyDelete
  8. නියමයි.
    ජය වේවා !!

    ReplyDelete
  9. ජයවේවා!.......තවත් මෙවැනි වැඩ ඉදිරියට කරගෙන යෑමට සුභ පැතුම්!....

    ReplyDelete
  10. සුබ පැතුම් අයියේ. ජය වේවා. හැමදේම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! බේසමෙන් නාල හෙම්බිරිස්සාව හැදෙයි බලාගෙන.. හැක්..

      Delete
  11. එළ බ්‍රෝ....:)

    ReplyDelete
  12. නියමයි කමියෝ ...සතුට කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ මේ වාගේ වැඩක් කරලා ඉවරවුනාම ...
    ජයවේවා !!!!

    ReplyDelete
  13. මේ ළමයි සැකකරුවන්ද?

    ReplyDelete
  14. සංතෝසයි..... උඹ ගැන...
    සංතෝසයි..... දකින්න ලැබුනු අපි ගැන..
    ජයවේවා..!!

    ReplyDelete