Friday, 2 September 2016

Beyond the Call of Duty- කමාන්ඩර් ලලිත් එදිරිසිංහ හා P418 මතකය- 'කම්මල'ගේ විශේෂ ඉල්ලීමක් ඉටු කිරීමකි.

ඔය මගුල් ලිය ලිය ඉන්නේ ලියපිය අර ඩෝරා කතා.. මේ පහුගිය කාලේ පුරාවටම මම පොස්ට් එකක් දාන දාන සැරේට 'ඇනොපිලිස්' හෙවත් මුද්දාගෙන් එන තර්ජනයක්.. ඒකටම පොහොර දානවා 'කම්මල'යා 'ඕකට මම අපේ ලලිත් එදිරිසිංහ ගැන ලියන්න කියුව තාම ඒක ලියුවෙත් නෑ' කියල.. හැමදාම ඔහොම බැනුම් අහන්න බෑනේ.. ඔන්න ලියනවා.. හැබැයි ඊළඟට බනින්න එපා ඉංගිරිසි- සිංහල කලවමේ ලියුවයි කියල.. ඇත්තටම මේක දැන් මම ලියන්නේ පරණ රිපෝර්ට් එකක් බල බල.. ඒ කාලේ මේ වගේ සිද්දි බර ගානක් වෙච්චි නිසා දැන් අවුරුදු දහයකට පස්සේ සමහර තැන් හා පුද්ගලයින් පැටලෙනවා.. රිපෝර්ට් එක කියවද්දී හිතුන සමහර ඉංග්‍රීසියෙන් තියෙන කොටස් එහෙමම තිබ්බනම් හොඳයි කියල.. 

This is a story that proves the worth of the men in blues – the officers and men of the Sri Lanka Navy’s premier fighting force, the Fourth Fast Attack Craft (FAC) Flotilla which is based in Trincomalee.
Late Commander ELP Edirisinghe 
ලුතිනන් කමාන්ඩර් ලලිත් ප්‍රසන්න එදිරිසිංහ (මැරුණට පස්සේ කමාන්ඩර් උනා) කියන්නේ වේයන්ගොඩ බණ්ඩාරනායක පාසලෙන් බිහිවුණු, පසුව intake 12- KDU එකේ හිටපු 'සද්දේ අඩුම' නිලධාරියෙක්.. අපි ඇකඩමි ගිය අලුත තමයි KDU 12 එකයි ඇකඩමියේ 24th Intake එකෙයි පාස් අවුට් එක තිබ්බේ.. අනිත් එවුන්ගෙන් තිබ්බ අවනඩු එක්ක බැලුවම එදිරිසිංහ සර් දෙයියෙක් වගේ ඒ කාලේ.. පස්සේ අපිත් පාස් අවුට් වෙලා ඩෝරා වලට ගියාමත් එකට කාල බීල හිටිය අපේම සහෝදර නිලධාරියෙක් විදියට අපි අතර ලොකු හිතවත්කමක් තිබුන.. 2006 දී P 418 ඩෝරා එකේ OIC වෙලා එද්දී සර් බැඳලා.. ලස්සන පොඩි එවුන් දෙන්නෙකුත් හිටිය.. One of the officers who was commanding a top of the line FAC was Lieutenant Commander Ediripulige Lalith Prasanna Edirisinghe. A seemingly calm & quiet character, married and with two very young children

2006 අප්‍රේල්- මැයි කියන්නේ සංක්‍රාන්ති කාලයක් වගේ.. නේවි එකටත් දරුණු කාලයක්.. දිගම්පතනේ බෝම්බෙ පුපුරුවල, හාබර් එන්ට්‍රන්ස් එකේදිම P 476 ඩෝරා එක බ්ලාස්ට් කරලා කොටි තුන්වෙනි ඊලාම් යුද්දෙට සිග්නල් දීල තිබ්බේ.. දිනය හරියටම 2006 මැයි 11 වෙනිදා.. On May 11, 2006, P 418 was assigned to patrol the seas off the terrorists dominated coastline of Chalai in the North-eastern coast of Sri Lanka. 418 crew comprised 18 men including one signalman from Sri Lanka Army..
MV Pearl Cruise ii
ඒ වෙනකොට Pearl Cruise ii නැව ත්‍රිවිධ හමුදා/ පොලි සාමාජිකයින් 710ක් අරගෙන ට්‍රින්කෝ ඉඳල KKS යන්න පිටත් වෙලා.. චලෙයි/ මුලතිව් ඉස්සරහා මුහුදේ පැට්‍රොල් එකේ තිබ්බ P 418 ඩෝරා එකට මේ පණිවුඩේ ලැබුනම ලලිත් තමන්ගේ කණ්ඩායම සුදානම් කරලා සීරුවෙන් හිටියා.. ටික වෙලාවක් යනකොට they sensed that the terrorists were up to something.

The Sea Tigers were observed by the patrolling FACs to be gathering off the coastline of Vettilaikerni, a fishing village at the coastline since mid afternoon. They observed terrorist fibre glass boats fitted with medium calibre and lethal weapons gathering very close to the coastline about 50-100 meters from the shoreline and also the presence of at least four suicide craft. These, distinguishable from their features, had been the most lethal weapon the terrorists used and the Navy has good experience in encountering them in earlier confrontations... 

Since the terrorists’ intentions were hostile, the patrolling FACs requested re-enforcements and another two FACs arrived at the location. Having assessed the tactical picture they decided to form a barrier at a distance of 5 nautical miles from land.. සාමාන්‍යයෙන් එක තමයි කරන්නේ මේ වගේ වෙලාවට.. ඩෝරා ටික ඉස්සරහට ඇවිත් LTTE බෝට්ටු ටිකට එන්ගේජ් වෙනවා.. Main Body එක, මෙතැනදී නම් පර්ල් කෘස් නැව පුළුවන් තරම් ගොඩ බිමින් ඈතට ගන් බෝට් වල ආරක්ෂාව යටතේ යාත්‍රා කරලා නියමිත වරායට ආරක්ෂිතව ගෙනියනවා.. මෙතන තිබ්බ මරාගෙන මැරෙන කොටි බෝට්ටු 4 තමයි ලොකුම ඩේන්ජර් එක.. උන්ගේ ට්‍රයි එක කොටි බෝට්ටු වලට මුවා වේවි ඇවිත් කොහොම හරි නේවි ඩිෆෙන්ස් ලයින් එක ක්‍රොස් කරලා මේන් බොඩි එකට ඇටැක් කරන්න. 

The ferry was escorted by another two FACs and one Fast Gun Boat. They were about 25 miles from the terrorists gathering which by now had increased to 16 attack craft and 4 suicide boats.

FACs could only observe the grouping and report since attacking the terrorist boats that close to the shoreline could hurt innocent fishing folks of the hamlets along the coast. The SLN has to look after all Sri Lankans.

අපේ අය ලෑන්ඩ් එකේ ඉඳල මුහුදු සැතපුම් 5-6ක් විතර තියාගෙන ලයින් එකක් ගහල බලාගෙන හිටිය කොටි බෝට්ටු වල හැසිරීම දිහා.. ටික වෙලාවකින් උන් පටන් ගත්ත ඇඩ්වාන්ස් කරන්න.. කොටින්ගේ attack craft එක දෙක ඉස්සරහට ඇවිත් රවුන්ඩ්ස් කීපයක් ෆයර් කරලා හරවනවා.. ඒ අතරට අනිත් බෝට්ටුත් එක්ක සුවිසයිඩ් බෝට්ටු හතර ඉස්සරහට එනවා.. උන්ගේ අරමුණ ඩෝරා එක්ක ගහගන්න එක නෙවෙයි.. කොහොම හරි රිංගල පර්ල් කෘස් නැව ගාවට සුවිසයිඩ් ක්‍රාෆ්ට් එකක් ගෙනියන එක.. ඩෝරා හතරයි.. කොටි බෝට්ටු ඔක්කොම විස්සක්.. 

The terrorists made the first move by speeding towards the passenger ferry. Having realised the gravity of the situation the four FACs single- handedly decided to confront the Sea Tigers without waiting for further re-enforcements.

Against overwhelming numbers of terrorist boats fitted with wide variety of weapons such as 23mm, 14.5mm and supported by terrorists’ ubiquitous suicide boats, the balance of power favoured the Tigers.

Undeterred, the men in blues took up their position, donned their body armour and allowed terrorists to approach from land. එදා නේවි එක කලෙත් පුළුවන් තරම් කල් මරණ එක.. පිස්සෝ වගේ ගහගන්න ගියානම් උන්ගේ එකෙක් ඉක්මණින්ම වට පනිනවා.. ඒක නිසා බොහොම සීරු මාරුවට ට්‍රින්කෝ වලින් තව ඩෝරා එනකම් හා පර්ල් කෘස් නැව ආරක්‍ෂිත ස්ථානයකට යාත්‍රා කරනකම් කොටි බෝට්ටුත් එක්ක සෙල්ලම් කිරීමක් තමයි වැඩිපුර උනේ.. හරියට රගර් මැච් එහෙක වගේ.. ඒත් මේ වෙනකොට කොටි බෝට්ටු ටික පර්ල් කෘස් නැවට බොහොමත්ම ආසන්න වෙලා තිබ්බ.. ඒ එක්කම..

One of the FACs, P 497 commanded by Lieutenant Lakshitha Ratnatilake reported over the radio that whilst revving up to combat speed, one of his main engines had stopped. මෙහෙම වෙලා ස්පීඩ් එක ඩ්‍රොප් වෙනවා දැකපු ගමන් ටෙරා දන්නවා එන්ජින් ට්‍රබල් එකක් කියල.. ඒ වෙලාවට ඔක්කොම කොටි බෝට්ටු එක සැරේට ඒ දිහාට හරවනවා ෆයිනල් ඇසෝල්ට් එකකට.. අන්න ඒ වෙලාවට තමයි එකට අඩිය පුඩිය ගහල වැටිලා ඉඳල කරට අත දාගෙන යුද්දෙට ආපු තමන්ගේම සහෝදර නිලධාරියා/ සහෝදර නැවියා වෙනුවෙන් අනිත් උන්ගේ මයිල් කෙලින් වෙන්නේ.. කෙලින්ම මොළේ සෙන්සර් ඕෆ් වෙලා ජිවත් වෙනවා මැරෙනවා පේන්නේ නෑ ඉතිං.. 'උගේ අම්මට..' කියල ඕඅයිසී ගේ කටින් පිටවෙනකොට කොල්ලෝ තමන්ගේ අතේ තියෙන වෙපන් වලින් 'නෙලනවා නෙලිල්ලක්'.. ආයි ලොවෙත් නෑ. එක්කෝ උන්..එක්කෝ අපි.. 

The most senior officer on the scene, Commander Edirisinghe who was just 1,500m away from his mate promptly responded and manoeuvred his craft between the approaching cluster of terrorist boats and the troubled P 497. Proving his valour and outstanding officer qualities, he engaged the terrorists cluster in order to give his mate time to get the engine re-started.. රත්නතිලකට පුළුවන් උනා 418 එකේ කවරින් ෆයර් එක නිසා විනාඩි 2ක් යන්න කලින් 497 එකේ එන්ජින් ආයෙම ස්ටාර්ට් කරන්න.. ඒත්.. විනාඩි දෙකක් කියන්නේ යුද්දෙදි මහා ලොකු වෙලාවක්.. ඒ විනාඩි දෙකේදී කොටින්ට පුළුවන් උනා උන් ගෙනාපු ලොකුම සුවිසයිඩ් ක්‍රාෆ්ට් එක පර්ල් කෘස් නැව ළඟටම ගන්න නේවි ඩෝරා මග ඇරලා.. 

Having succeeded in getting his engine going in less than two minutes, Ratnatilake informed his superior officer, Lalith Edirisinghe, that he was ready for action once again. By this time Edirisinghe had spotted an unusually big suicide boat emerging from the terrorists cluster. With his experience he knew what the big suicide boat was meant to do.

මම කලින් කියුව වගේ.. ලලිත් එදිරිසිංහ කියන්නේ බොහොම නිවුණු, සාමකාමී නිහඬ නිලදාරියෙක්.. ඒ වගේම ආදරණිය සැමියෙක්.. දෙදරු පියෙක්.. තමන්ගේ ඩෝරා එකේ ඉන්න 18 දෙනෙක්ත වූ තම නැවියන්ගේ වගකිවයුතු භාරකරු.. රටේ තිබ්බේ මොන ක්‍රියාව මොන විදියට නිර්වචනය කරයිද කියන්න බැරි දෙබිඩි දේශපාලන වාතාවරණයක්.. 

A seemingly calm & quiet character, married and with two very young children, he had all the reasons to live rather than risking his life in a highly demanding environment where national security has gone to dogs due to foreign advice and pressure made possible by corruption, incompetence and lack of action by the authorities.
Similar type of craft to P 418
Being the Officer-In-Command of P 418, he was responsible for the lives of 18 men. His decision was sure to affect the fate of the Pearl Cruise ii, the 710 men on board, the other FACs. They all depended on each other.

හසලක වීරයා කෝප්‍රල් ගාමිණි කුලරත්න සමහරවිට එදා අලිමංකඩ දී ගත්තේ තමන්ගේ ජිවිතේ අමාරුම හා අවසාන තීරණය වෙන්න ඇති.. ඒත් ඒ නිසා අලිමංකඩ කඳවුර ආරක්ෂවෙලා තව සිය ගානක් තමන්ගේ සෙබළුන්ගේ ජිවිත හා පොදුවේ යාපනය අර්ධද්විපයේ ආරක්ෂාව තහවුරු උනා.. හසලක ගාමිණී කුලරත්න වීරයෙකු ලෙස තමන්ගේ යුතුකම ඉෂ්ඨ කරලා සමුගත්තා.. 

710ක් හමුදා සාමාජිකයින් එක්ක පර්ල් කෘස් නැව එදා මුහුදුබත් උනානම් සමහරවිට අද මේ කියන කතන්දර බොහොම වෙනස් වෙන්න තිබුනා.. 'අවසන් සටනට නේවි එකෙන් දක්වපු දායකත්වය 5% කට අඩුයි' කියපු අයට සමහරවිට විරුවෙක් නොවීම හමුදාවෙන් සමුගන්න වෙන්නත් තිබ්බ.. ඒත් ඒ වෙනුවට බොහොම නිහඬ, තැන්පත් මනුස්සයෙක් වෙච්චි 'ලලිත් එදිරිසිංහ' ඒ කැපවීම කරා.. 

Whilst Ratnatilake was pulling out, he observed that his senior officer was heading straight for this large suicide boat dodging several terrorists attack craft. Before he could speak over the radio, there was a crackling in the communication set and a huge explosion was observed some 1,500m away from him. As the smoke cleared he could not see P 418 – not even its pieces.

ඒ අභීත නැව්පතියා කිසිම චකිතයක් නැතුව තම යුතුකම මව්බිම වෙනුවෙන් ඉටුකරා.. 

It was Lalith Edirisinghe, being the senior officer in the theatre of operation, who grasped the developing situation and decided to sacrifice his life and those of 18 of his men in order to ensure that the Pearl Cruise 11 with 710 on board was safe.

මතක් වෙනකොට ඉඳගෙන ඉන්න බෑ.. හිටගෙන සැලියුට් කරන්නත් බැරි නිසා මම රවුමක් ඇවිදලා ආව මේ ටික ලියන්න කලින්..

"Respect You Sir!"
****************************************************
However terrorists seemed reluctant to press further despite the presence of the three smaller suicide boats. Three remaining FACs placed a barrier between the coast and the ferry and waited for the terrorists to advance. But the attackers seemed bewildered and unsure of what to do after losing the large suicide boat which was to hit the passenger ship.

Meantime further reinforcements were speeding to the area from Kankesanturai and Trincomalee. SLAF fighters were airborne and safety of Pearl Cruise 11 was enhanced with air cover. The first priority was the passengers and further offensive action by the three FACs was considered tactically disadvantageous. However by the time passengers were safely disembarked at Kankesanturai port, the terrorists had retreated to their stronghold on the coast. They were repeatedly engaged by the Air force causing fairly high casualties to the sea-borne terrorist flotilla.

Just before they disembarked, an officer speaking over the public address system announced that the Navy had sacrificed 18 lives to save 710 passengers on the ferry and narrated details of the drama at sea. The passengers were stunned and could only grieve for the brave men who sacrificed their lives to ensure that those on board the ferry would live.

පසු කලෙක කමාන්ඩර් (නැසීගිය) ලලිත් ප්‍රසන්න එදිරිසිංහ රණවිරුවා දෙවන ඉහලම වීර පදක්කම වන 'විරෝදාර විභූෂණ' පදක්කමෙන් පිදුම් ලැබූ බව අවසන් වශයෙන් ලියා තබමි.

102 comments:

  1. නෝ කොමෙන්ට් මෑන්.. ඇත්තටම නිර්භිත කම ඇගට දැනෙන්නම මයිල් කෙලින් වෙන්නම ලියලා.. මටත් ඉදගෙන ඉන්න බෑ.. නැගිටල ගහනවා සැලියුට් එකක්.. ජය

    ReplyDelete
  2. https://en.wikipedia.org/wiki/HMS_Ulysses_(novel)මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ඒක සත්‍ය සිද්ධි කීපයක අත්දැකීමෙන් ලියූ නවකතාවක්.

      ඔබ ලියා ඇත්තේ කෙලින්ම සත්‍ය සිද්ධියක්

      Delete
    2. //කෙලින්ම සත්‍ය සිද්ධියක්//

      කියන්නත් මොකක්ද වගේ. කිව්ව කියල හිතාගන්ටකෝ..

      Delete
    3. ඇයි එහෙම කියන එක වැරදිද බං?

      Delete
    4. @දේශක යා ????????????

      මේක නවකතාවට වඩා වැදෙන එකක් කියලා කිව්වෙ. ඇලිස්ටර් මැක්ලීන්ගේ පොතේ ඇත්ත වීර ක්‍රියා කීපයක් එකතුකර ලියා තිබෙනවා. ඒවා බොහොමයක් බේරීයාමට අපහසුවිට යටත් නොවී සුවිසයිඩ් මිෂන් කරන ඒවා. මෙය ඊට වඩා විශාල වීර ක්‍රියාවක්. මෙය කෙලින්ම අනුන් වෙනුවෙන් ඩියුටියට එහා ගිය ජීවිතය පිදීමක්.

      Delete
    5. අනේ මන්දා මේ ප්‍රාත් දැං අමුතු අමුතු විදියට සීරියස් වෙනවා..නෙහ්.. හැක් හැක්..

      අයිතිකාරයා දවස් හතරක් නැතිලු.. මොකෝ කියන්නේ නටමුද හොද නාඩගමක්..

      Delete
    6. පිස්සු කෙලින්න හදන්න එපා.. දැන් එහෙම බ්ලොග් එක තනි කරලා දවසක්වත් ඉන්න පුළුවන් කාලයක් නෙවෙයි.. කොහේ ගියත් බ්ලොග් එක පරිස්සම් කර ගන්නවා..

      Delete
  3. RIP SIR !!!!!!!!!!

    ගෝඨාභය රාජපක්ශ මහතාට කොටි බෝම්බ ගැහුවේ 2006 දෙසැම්බර් 1 දා. එතකොට 2006 මැයි 11 කියන්නේ ජනාධිපති කොටින්ට මාස් පතා කප්පම් ගෙවමින් සිටි කාලයේ නේද?

    ReplyDelete
    Replies
    1. අනේ අපිනම් දන්නේ නෑ ඕවා.. ;)

      Delete
    2. පොඩි පොයින්ට් එකක්. නාවික හමුදාවෙන් අවසන් සටනට දායකත්වය ගැන කියපු දෙයක් අවසන් සටන නොවන මේ බැට්ල් එකට අදාල නැහැනෙ. 'අවසන් සටන' කියන වචන දෙක පාවිච්චි කරල තියෙන්නේ පෝස්ට් එකේ.

      Delete
    3. ඔබ නොදන්නා බව කියනවනම් පිලිගන්නම්. ඒත් මේ ගෙවීම් කලේ රජයේ මුදල් වලින්. අපේම සල්ලි වලින් අපේ වුණ් මැරුණ එක ගැන මටනම් ලොකු තැතිගැන්මක් ඇතිකලා

      Delete
    4. 'යුද්ධය අවසන් කිරීම' කියන අර්ථයෙන් නේද ඔය අවසන් සටන කියල කියන්නේ? එනිවේ, ඒක මෙතනට අදාළම නෑ තමයි..

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. @ රන්සකු මිත්‍රයා.. ඔබේ වටිනා අදහස් දැක්වීමේ අවසන් අනවශ්‍ය වැකිය ඉවත්කොට නැවත පලකරන්නේ නම් මැනවි. මෙහි එවන් නොගැලපෙන වචන භාවිතයෙන් අපි මේ විරුවන්ට අගරු නොකර ඉමු නේද?

      Delete
    7. @ රන්සකු මිත්‍රයා.. ඔබේ වටිනා අදහස් දැක්වීමේ අවසන් අනවශ්‍ය වැකිය ඉවත්කොට නැවත පලකරන්නේ නම් මැනවි. මෙහි එවන් නොගැලපෙන වචන භාවිතයෙන් අපි මේ විරුවන්ට අගරු නොකර ඉමු නේද?

      Delete
    8. රන්සකුවා කියන්නේ හැම සයිට් එකේම ගොබ්බ කොමෙන්ට්ස් දාන හරකෙක්.

      Delete
    9. රන්සකු ගේ කොමෙන්ට් එක වටිනා එකක්.. ඒත් අන්තිමට ආවේගයෙන් කියල තිබ්බ නොගැලපෙන කියමනක් නිසා ඒක අයින් කලේ. ඒ කොමෙන්ට් එකම ආපහු සංයමයෙන් දානවානම් ගැටලුවක් නෑ.

      Delete
  4. විරුවානනේ
    ඔබ මැරුණා නොවේ
    කුසුමක් වෙලා
    ඔබ පිපුණා හදේ …… !!

    ඔබට උපහාර වේවා..

    ReplyDelete
  5. පාසැල් සගයාට මගේ සිරස නමා මගේ ආචාරය. "මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි " කියපු පාසැල් පාඨය හිතේ කොටාගෙන රටට නය නොවුන අභීත පුත්‍රයෙක්.

    ස්තූතියි කමියා, කදුළුත් එක්ක ආඩම්බර වෙන්න සැලැස්සුවට

    ReplyDelete
  6. අපේ ඉස්කෝලෙ කොල්ලෙක්. අපේ පළාතේ ඉස්සෙල්ලම යුද්දෙට ජීවිතේ පූජා කලෙත් නේවි කොල්ලෙක්. ඒ 1984 වගේ මට මතක හැටියට.

    ReplyDelete
    Replies
    1. 'පොරවල්' හදපු ඉස්කෝලයක් ඒ කියන්නේ. ස්තූතියි හැලප අයියා.

      Delete
    2. මේ වගේ සැබෑ වීරයින් හැමදාමත් අමතක නොකළ යුතුයි.

      හැලපෙත් වේයන්ගොඩ සෙන්ට්‍රල් එකේ ඉගෙන ගත්තද? මමත් හිටියා 1962-1965 අවුරුදු තුනේ.

      Delete
    3. ඇනෝ,
      ඔබව හඳුනා ගන්නට කැමතියි මමත් කම්මලත් ඔබට පසුව වේයන්ගොඩ සෙන්ට්‍රල් ඉගෙනගත් කොල්ලන් බව කියන්නේ බොහොම ආඩම්බරයෙන්.

      Delete
    4. හැලපේ, මම ඔබගේ රසවත් බ්ලොගය සැමවිටම කියවනවා. මෙය කමිගේ 'තැන' නිසා පසුව ඔබගේ බ්ලොගයෙදී හමු වෙමු.

      Delete
    5. අදුනා ගැනීමට ලැබෙනවානම් එය සතුටකි.

      Delete
    6. මේක මගේ තැනක් නෙවෙයි.. අපි හැමෝගෙම තැනක්.. :)

      Delete
  7. :(

    දුකයි....

    එක පන්තියේ ඉගෙනගත් අනුර නානායක්කාර, විජෙරූප සහ සෙනානායක මතක් වුනා....

    හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. චින්තක විජේරූප මැරුණේ ඇස් පනාපිට.. ඒ වෙලාවේම මැරුණු නිශාන්ත විජේපුර ගේ සහෝදරයා ආමි එකේදී මැරුණා.. අදටත් රජවරු වගේ පුත්තු දෙන්නෙක් හදපු ඒ අම්මයි තාත්තයි තනියම .. දුක හිතෙන කතංදර බෝමයි.. :(

      Delete
  8. Mega genama neda admiraleg pothe thiyenne

    ReplyDelete
    Replies
    1. ඔව්. අධිෂ්ඨානය පොතේ මේ ගැන සඳහන් වෙනවා.

      Delete
  9. හසළක ගාමිණී ගැන අහලා තිබුනට මේ විරුවා ගැන නිසි ප්‍රචාරයක් කෙරිලා තිබුනේ නෑනෙ...

    එතකොට P 418 හිටපු අනිත් අයත් ඒ පරිත්‍යාගයම කළා වෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒ හැමෝම.. හැමදාම..

      Delete
    2. සෙන්නා මේක කියවලා බලන්න

      https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93_%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1

      Delete
    3. මම හිතන්නේ සෙන්නා කියන්නේ හසලක ගාමිණි ගැන නෙවෙයි කමාන්ඩර් එදිරිසිංහ ගැන නිසි සඳහන්විමක් වෙලා නෑ කියන එක. ඒක ඇත්ත..

      Delete
  10. මේ මිනිස්සු අතීතයට එක්වෙලා. හැමදාම වගේ අන්තිමට ඒ අඩුව දැනෙන්නෙ සමීපතමයන්ට විතරයි. හෙට වෙද්දි මේ මිනිස්සු නිකම්ම නිකං මිනීමරුවො ගානට වැටෙන්නත් පුලුවන්. කොච්චර තිත්ත වුනත් ඒ තමා ඇත්ත.

    මිනිස්සු මැරුනම දෙවියන් ලඟට යනවලු. සොල්දාදුවො මැරුනම දෙවියන් ලඟට එනවලු.

    සුබගමන් මිතුරා

    ReplyDelete
    Replies
    1. // හෙට වෙද්දි මේ මිනිස්සු නිකම්ම නිකං මිනීමරුවො ගානට වැටෙන්නත් පුලුවන් //

      හෙටක් මොකටද.. මූන්ව චූන් කරන්න අද අදම ඒවා කෙරෙනවා....

      Delete
    2. එහෙම රටක් බව දැන දැනම තමයි ලලිත්ලා ජීවිත පූජා කලේ..

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඉවාන් මම මේ කතාවට එකඟ නැහැ. මෙතන ජිවිත පුජ කළේ රට වෙනුවෙන්. මෙතන තියෙන්නේ වීර ක්‍රියාවක් අගැයීමක් . කිසිම කෙනෙක් මේවා පහත් කරන්නේ නැහැ. දේශපාලනේ කරන එවුන් ගැන නෙමේ මේ කියන්නේ. එතකොට අතුරුදහන් වුන මිනිසුන් අතුරුදහන් කල කට්ටියක් ලංකාවේ හැම රජයක් යටතේම හැමදාම හිටිය. ඒ ගොල්ලන්ව මේ වීර මිනිස්සු අතරට දාන්න හොඳ නෑ. ඔය දෙක මික්ස් කරන්න හදන්නේ දේශපාලකයෝ. ඒ ගොල්ලන්ගේ වාසියට.

      Delete
    5. //දේශපාලනේ කරන එවුන් ගැන නෙමේ මේ කියන්නේ.// ඉවාන් කියන්නේ නම් දේශපාලනේ කරන එවුන් ගැන තමයි මගේ හිතේ..

      Delete
  11. බලපං මෙච්චර වැදගත් දේවල් ලියන්ඩ තියාගෙන නෙ මේ බයිල ලියන්නෙ ....
    ඔය ගැම්මෙන්ම P495 කතාවත් ඉවර කරපං .....

    ReplyDelete
    Replies
    1. ඔහොම හරියන්නේ නෑ.. බනින්න ඕනේ ගැම්මක් එන්න..

      Delete
  12. කියවලා ටිකක් විතර බලාගෙන හිටියා මුකුත්ම හිතාගන්න බැරුව... නරුම නෝංජල් බලලෝභියෝ විසින් ඔට්ටු දමන්නෙ මොනතරම් රත්තරං ජීවිත ද කියල හිතෙනවා බං.. මේ ඔක්කොමත් දැන දැනම තවත් අය බේරගන්න දිවි පුදන්න සූදානම් මිනිස්සු හඳුන්වන්න 'වීරයෝ' කියන වචනෙ හොඳටම මදි..
    අරූ මූ ගෞරවේ බෙදාගන්න බැරුව අතල් ගන්න යුද්ධෙ ඇත්ත පැත්ත විඳපු කෙනෙකුගෙන් මේ විදිහට හරි ලියවෙන එක අදට වඩා වටින්නෙ හෙටට.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ.. ලියන්න හිත නම් තියෙනවා.. වෙලාව තමයි අඩු..

      Delete
  13. Adambarai a "porawal" bihi karapu iskole "chooty rikillak" wenna labuna eka gna...watina dwl tkk danagaththa..anth eka nm dn inneth 4FAF eka lagin yna "NAVDOCK" wala..

    ReplyDelete
    Replies
    1. තව බ්ලොග් කාරයෝ කීප දෙනෙක්ම ඉන්නවා ඒ ඉස්කෝලේ.. ෆ්‍රී වෙලාවක මට කෝල් එකක් දීපං..

      Delete
  14. මියගිය වීරයින් වෙනුවෙන් මාගේ හදපිරි ගෞරවය . ඇහැට කඳුළු ඉනුව මේක කියවලා . කාලකන්නි දේශපාලනය ජාතිවාදයට පොහොර දැම්මේ නොමැති නම් වීරයින් හුඟක් අදත් ජීවතුන් අතර නේද. යුද්දේ අවසාන කරපු අයම අද ආයෙත් යුද්දේ අවුලුවන්න හදනව. තවත් කට්ටියක් හමුදාව එල්ලන්න හදනව . ජීවිත පූජා කරපු අය අය කොහෙ හරි ඉඳන් බලාගෙන ඉන්නවානම් එයාල අද පසුතැවිල්ලෙන් ඇති කියල මට හිතෙනවා. ඔය පත්තු කරපු තුවක්කු අපේ කාලකන්නි දේශපාලුවෝ දිහාට පත්තු කරානම් ඔයිට ලේසියියෙන් ජාතිවාදය ඉවරයි .

    ReplyDelete
  15. මියගිය වීරයින් වෙනුවෙන් මාගේ හදපිරි ගෞරවය . ඇහැට කඳුළු ඉනුව මේක කියවලා . කාලකන්නි දේශපාලනය ජාතිවාදයට පොහොර දැම්මේ නොමැති නම් වීරයින් හුඟක් අදත් ජීවතුන් අතර නේද. යුද්දේ අවසාන කරපු අයම අද ආයෙත් යුද්දේ අවුලුවන්න හදනව. තවත් කට්ටියක් හමුදාව එල්ලන්න හදනව . ජීවිත පූජා කරපු අය අය කොහෙ හරි ඉඳන් බලාගෙන ඉන්නවානම් එයාල අද පසුතැවිල්ලෙන් ඇති කියල මට හිතෙනවා. ඔය පත්තු කරපු තුවක්කු අපේ කාලකන්නි දේශපාලුවෝ දිහාට පත්තු කරානම් ඔයිට ලේසියියෙන් ජාතිවාදය ඉවරයි .

    ReplyDelete
    Replies
    1. මොනව කියන්න ද හිතා ගන්න බැරි උනා... මේ වගේ අපි නොදන්න කතා තව කොච්චරක් ඇද්ද... හසලක ගාමිනී කුලරත්න වගේම සිහිපත් කරන්න ඕනේ විරුවෙක්... දුක මේ අය ගැන දැන් අමතක වීම...

      විරුවන්ට හැමදාමත් අපේ ආචාරය...

      Delete
    2. @ අම්බලං..//යුද්දේ අවසාන කරපු අයම අද ආයෙත් යුද්දේ අවුලුවන්න හදනව. තවත් කට්ටියක් හමුදාව එල්ලන්න හදනව// කියලා වැඩක් නා මචෝ..

      @ නිර්මාණි.. ස්තුතියි නංගි..

      Delete
    3. මම පලුටාව ගැන ලියනවා. කැමතිනම් කියවනං එන්න. ඒ හමුදාවයි මේ හමුදාවේ විරයෝයි දෙගොල්ලක්. එනිසා අම්බලන්ගොඩ මල්ලි ඒක එකතු කරන්න එපා. දේශපාලකයෝ පවිච්හි කරපු හමුදාවේ අය හිටිය. ඒ අය නිසා මුළු හමුදාවක්ම එල්ලන්න යනවා කියන එක වෙන්න බැහැ . එහෙම වෙන්නෙත් නැහැ.

      Delete
    4. අජිත් පැරකුම් ගේ කොමෙන්ට් එක බලන්න. ඒ කියුවා වගේ මාත් යුද්ධය උත්කර්ෂයට නංවන්න උත්සහා කරන්නේ නෑ.. හැබැයි මේ මිනිස්සු ළඟ තිබුනේ අසාමාන්‍ය වීරත්වයක්..

      Delete
  16. ow me wage prasidiyata path nowuna wiruwoo bohomayi. e aya deparak hithuwe na.. api nikam nune rookada welada kiyala hithenawa welawakata.
    mata gataluwak awa .. ayi me niladariyaata parama weera vibushanaya labune natte kiyala

    obalge kappa kireema nisa thama ada apita ira payanne

    ReplyDelete
  17. හසළක ගාමිණී වගේ තවත් වීරයෝ ඕනෑ තරම්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ස්තුතියි මචෝ..

      Delete
  18. තමංගෙ ජීවිතය ගැන නොතකා රට වෙනුවෙන් කැප වෙන මෙවන් අයට මගේ ආචාරය.

    ReplyDelete
  19. Good one, bit hard for the reader when you mix sinhala and english. It is much better if it was divided into two sections.

    ReplyDelete
    Replies
    1. Yep, I too was thinking the same.. thanks for your valuable input.

      Delete
  20. මම යුද විරෝධියෙක්. ඒත් යුද්ධය කියන්නේ මිනිස් වීරත්වය උපරිම තලයකට ගෙන යන අවස්ථාවක්. ආත්මය වෙනුවට අරමුණ තෝරා ගන්නා එක අසාමාන්‍ය විශිෂ්ටත්වයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒක අසාමාන්‍ය විශිෂ්ටත්වයක්..

      Delete
  21. හ්ම්.........යාපනේ රාජකාරි කරපු කාලේ, 'ලිහිණියා' එකේ හෝ LCM එකකින්' ත්‍රිකුණාමලේ ඉඳලා කන්කසන්තුරේට, ජීවිතය පරදුවට තියලා ගිය ගමනත්, නාවික හමුදාව අපේ ජීවිත රැකදෙන්න කල කැපවීමත්, චිත්‍රපටියක් වගේ නැවත හිතේ මැවුනා.

    කල්‍යාණ මේ වගේ ඇගයීම් මාලාවක් ලියනවානම් හොඳයි.

    ReplyDelete
  22. හැම වීරයෙකුටම මගේ හද පිරි උත්තමාචාරය..ඔයාල ජීවිතේ පිදුව හංද අපි තාමත් ජීවත් වෙනව...මොනව කියන්නද තේරෙන්නෑ...මොනව කිව්වත් මදි වගේ

    ReplyDelete
    Replies
    1. කොහෙද ගිහින් හිටියේ? ස්තූතියි ගුරුතුමී..

      Delete
  23. විරුවාණනි ඔබට අපේ උත්තමාචාරය...

    හුඟක් සංවේදීව දැනුනා මේ සිදුවීම..

    ReplyDelete
  24. මෙවන් කාලයක් වූ වගට හා එකල්හිදී මෙවන් විරුවන්ද වූ වගට :( (සොමියා)

    ReplyDelete
    Replies
    1. යම් කලෙක යලි සිහි කැඳවනු පිණිස මෙසේ ලියා තබම්හ. (කමියා)

      Delete
  25. ඇහැට කඳුලක් ආවා...රටක් වෙනුවෙන් සියලුම රණ විරුවන් කරපු කැප වීමෙන් එක දශමයක්, මේ දේශපාලුවන්ට කරන්නට බැරි වීම ගැන දැනෙන්නේ ලොකු කණගාටුවක්...ඇත්තම කියනවා නම්, ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයෝ තමන්ගේ ජීවිතය දෙවනුවට තියලා යුද්ධ කලේ, දේශපාලකයන්ට බාල් නටන්නද කියල හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ප්‍රශ්නයක්. ස්තුතියි පොකුරු.

      Delete
  26. මතක් වෙනකොට ඉඳගෙන ඉන්න බෑ.. හිටගෙන සැලියුට් කරන්නත් බැරි නිසා මමත් රවුමක් ඇවිදලා දුමක් දාලා ආවා කෙමෙන්ට් ඒක දාන්න කලින්..

    "Respect You Sir!"
    ඔබ වගේ අය නිසයි අපි අපේ දරුවෝ අද ඔලුව උස්සලා කොන්ද කෙලින් තියාගෙන ජිවිත් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. හික්.. යා යා.. රෙස්පෙක්ට් බ්‍රා!

      Delete
  27. හසලක ගාමිණීගේ පිළිරුව ගාව මමයි පොඩි මෙන්ඩයි ගොඩක් වෙලා හිටියා ..
    ලලිත් ගැන ගාමිණී තරම් පත්තර වල නොගියේ ඇයි ..පුලුවනම් දැන් හරි ඒ ගැන පත්තරයකට දීපන්

    ReplyDelete
    Replies
    1. අපි තාම පුංචි වැඩියි ඒ වගේ ලොකු වැඩ කරන්න මචං..

      Delete
  28. තවමත් හිතාගන්න බෑ මොනවා කියන්නද කියලා. :'(

    2009ට කළින් ගෙදරින් එළියට බැහැලා යද්දි හිතේ තිබුණ බය සැක නැතුව, දැන් පොදු තැන් වල නිදහසේ ගැවසෙන හැමවෙලාවකම මතක් වෙනවා අපේ ඒ නිදහස වෙනුවෙන් කැපකරපු ජීවිත ගැන, ඒ විරුවන්ගේ ආදරණීයයන් ගැන. ඔවුන්ගේ ඒ කැපවීමෙන් දිනාගත්ත නිදහසේ ගෞරවය ඒ විදිහටම ආරක්ෂා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ස්තූතියි අයියේ මේ විරුවන් ගැන මේ විදිහට ලියනවට.

    ReplyDelete
  29. බොහොම ස්තුතියි ඔබේ ලිපියට.

    ලෝක දේශපාලනය ගත්තම යුද්ධ කියන්නේ අප්‍රසන්න නමුත් මයින්ඩ් ගේම් එකක්. ඒවාට වන්දි ගෙවන්නේ ඔබ මම වගේ සාමාන්‍ය මිනිස්සු. අපේ විචාරක බ්ලොග් කරු එක වරක් කිව්වා සොල්දාදුවා අවිය අතට ගන්නේම අද මේ අවිය පාවිච්චි කරන්න නොලැබේවා කියල ප්‍රර්ථනා කරමින්. යුද්ධයට වැඩිපුරම වෛර කරන්නේ සොල්දාදුවෝ සහ හමුදා නිලධාරීන් බවත් ඔහු කිව්වා මතකයි.

    අවසන් සටන කාලේ වනවිට මම මොරටුව විශ්විද්‍යාලයේ සේවය කරන කාලේ. එහිදී ඇසුරුකළ වැඩිහිටි මිතුරෙක් වුණ කොමදෝරු (ආචාර්ය) අයිවන් අත්තනායක මැතිතුමාගෙන් අපි බොහෝ විට ඇහුවේ යුද්ධය හෝ නාවික හමුදාව ගැන ප්‍රශ්න. මම අහල තිබෙන ආකාරයට එතුමා නාවික හමුදාවේ ලැබ් එක ආරම්භ කිරීම සම්බන්ධව වැදගත් වුණ කෙනෙක්. මට මතකයි එකල මටත් කියනවා ඊට සම්බන්ධ වෙන ලෙස. රටට නැවත ගිය විට නැවත එවැනි අවස්ථාවක් ලැබුනොත් ඊට සම්බන්ධ වීමටත් ආශාවක් තිබෙනවා. රටක ස්ථාවරත්වයට මිලිටරි බලයත් වැදගත්. මගේ විශ්විදයාලේ උපධිදාරියෝ කිහිපදෙනෙක්ම නාවික හමුදා පර්යේෂණවලට අලුත් දේවල් එකතුකළ බව ළඟදී මගේ පෙර ගුරුවරයෙක් වන චන්දිම ගෝමස් පවසා තිබුනා.

    තවත්, ඇත්ත හරි හැටි නොදන්නවා වුවත් එක්තරා වැදගත් අවියක් ගුවන් මගින් ගෙන එද්දී යම් ඔත්තු සේවාවන් විසින් විනාශ කර තිබු ඉලෙක්ට්‍රොනික පරිපථ ප්‍රතිස්ථාපනය කිරීමට දායක වූ බව කියවෙන ඉලෙක්ට්‍රොනික විශේෂඥය මහාචාර්යවරු ගැන මම අසා තිබෙනවා. මම ඉන් එක් අයෙකුගෙන් ඉලෙක්ට්‍රොනිකවිද්‍යාව ඉගෙනගෙන තිබෙනවා. ත්‍රස්තවාදියෝ සාමාන්‍ය මිනිසුන් මරා දමනවිට හුදු යුධ විරෝධයට වඩා මිනිසුන්ව රැකගන්නේ නිර්භීත හමුදාවන්. යුද්ධය සහ යුධවිරෝධය ගැන ගැන ලෝකයේ අදටත් පවතින්නේ විවාදයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ දීර්ග කොමෙන්ට් එකට.. අවසාන චේදයේ සඳහන් වුනු එක මාචර්යවරයෙක් විවිධ ක්ශේස්ත්‍ර වල හපන්කම් දක්වපු විශිෂ්ටයෙක්.. අකාලයේ අපෙන් සමුගත්ත.. ඔවුන් ගැන ඇත්තටම සටහන් වෙන්නේ බොහොම අඩුවෙන්.. නැවතත් ස්තුතියි.

      Delete
    2. ඇත්තටම, එම මහාචාර්ය වරයාගේ අභාවයත්, මහාචාර්ය සේනක බිබිලේගේ අභාවයත් සංසන්දනය කලයුතුවෙනවා. සෝම හාමුදුරුවන්ට, සෝභිත හාමුදුරුවන්ට නැවත මරණ පරීක්ෂන ඉල්ලන රටේ, එතුමාගේ මරණය සැක සහිතයි කියලවත් කිසිම මාධ්‍යයක ගියේ නෑ. යම්කිසි කෙනෙක් ඒ දවස්වලම විමල් වීරවන්සගෙන් සහාය ඉල්ලුවම මේ මරණ ය ගැන හොයන්න ආන්ඩුවේ අවධානය ලබාදෙන්න කියල, වීරවංස කියල තියෙන්නෙ 'සහෝදරයා මගේ ෆයිට් එක තියෙන්නේ වෙන කට්ටියක් එක්ක, මේ අවස්ථාවේ මේකට ගෑ වෙන්න බෑ ' කියල.
      මෙම මහාචාර්ය වරයාත් තමන්ගේ ජීවිතේ ස්වෙච්චාවෙන් රට වෙනුවෙන් පුදපු වීරයෙක් හැටියට පිළිගැනීමට ලක් විය යුතු අයෙක්. එතුමගෙ සේවය ගැන හුඟක් අය නොදන්නව උනත් ආරක්ෂක අමාත්‍යංශය ට මේ සඳහා අවශ්‍ය දත්ත ටියෙනවා විය යුතුයි.

      Delete
  30. ඔබගේ ලිපිය බොහොම වටිනව අනාගත පරපුරට... ගොඩක් ලොකු දෙයක්...
    ඒවගේම එදා නෙවි එක පාවෙන අවි ගබඩා විනාශ කලේ නැත්තම් තාමත් යුද්දේ තියෙන්න තිබ්බ.ඒ ගබඩා වල air crafts වල කොටස් වගේම කාල තුවක්කුත් තිබ්බ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට.. ඒ දායකත්වය හා කැපකිරීම් ප්‍රතිශත වලින් කියන්න පුළුවන් දේවල් නෙවෙයි. පුළුවන් වෙලාවට ටික ටික සටහන් කරලා තියන්නම්.

      Delete
  31. පරක්කු වෙලා දැක්කේ, ඇඟ හිරි වැටෙනවා මේවා කියවද්දී.. තව මේ වගේ මිනිස්සු කී දෙනෙක් ඇත්ද.. අපේ උපහාරය හැමදාම ඒ මිනිසුන්ට හිමි විය යුතුයි..

    ReplyDelete
    Replies
    1. අපෝයි පරක්කු නෑ.. තව පෝස්ට් එකක් ලියනකම් සෑහෙන්න කල් තියෙනවා.. ලියනකොටත් ඇඟ හිරිවැටෙනවා..

      Delete
  32. මේ කැපකිරීම් වේගයෙන් අමතක වෙලා යන වටපිටාවක වරින් වර මේ විදියට හරි මතක් කරලා දෙන එක ඉතාම වටිනවා. මේ ලියමන කියවද්දි මට මතක් උනේ සමීර අයියව...මම ඔහු ගැන ලියන්නම් කිව්ව ලිපිය තවමත් ලියවුනේ නෑ. ඉදිරි දිනයකදි නිසැකවම ලියවේවි. බොට ජය !

    ReplyDelete
  33. ස්තූතියි සිරා.. පහුගිය දාසය වෙනිදාට අවුරුදු පහලොවක් සමීර ගිහිං.. :(

    ReplyDelete
  34. mee wagee sagawunu katha liyanna puluwan tharam mokada api adatath katha karanne dasamaha yoodyoo gana witharai.habai eeta passe eeta wada kapa kireemak karapu kandayamak hitiya kiyana eka eelaga param para walata kohoma hari danum denna one. monama heethuwakata hari ee deewal danna oya gollo eewa noliya innawa kiyannne atthatama ee werayonata karana loku asadaranayak.

    ReplyDelete
  35. අපෙ ඉස්කෝලේ..... 😪😪😪😪😪

    ReplyDelete