Saturday, 24 September 2016

අපි හදනවා මෙගා වොට් 300 ක ස්වභාවික වායු බලාගාරයක්... The Coal War

Photo Courtesy www.google.com
අපි හදනවා මෙගා වොට් 300 ක ස්වභාවික වායු බලාගාරයක්... මේකට බෝඩ් එකක් දානවා "300MW LNG Plant " හැබැයි අපි මේක දුවන්නේ ඩීසල් දාල.... අඩුම ගානේ ඊළඟ අවුරුදු 10 ට වත් ......මොකෝ අපිට කිසිම ඕනෙකමකුත්  නැහැ සැලසුමකුත් නැහැ  ස්වභාවික වායු භාවිතයට ඕනේ කරන යටිතල පහසුකම් හදන්ඩ... කලින් හදපු කෙරවලපිටියටත් තියෙන්නේ මේ කතාවම තමා .... කවුරුත් කෑ ගැහුවේ නැහැ නේ..... මේකටත් පරිසරවේදියෝ කෑ ගැහුවොත් අපි පෙන්නනවා LNG බෝඩ් එක....

කෙරවලපිටිය හදන  unit  එකකට Rs. 45.75 ගෙව්වා........... නොරොච්චෝලේ unit එකකට වියදම් වුනේ Rs 7.63.... (Source - PUCSL 2015 Generation Performance)

කවුරු හරි ඇවිත් කෑගහුවොත් ගණන් වැඩි..... Power Mafia  කියල අළුත් Plant  එකට .... අපි පෙන්නනවා ඒ ගොල්ලොන්ටත් බෝඩ් එක.... මේක LNG වලින් දුවපු දවසට අපි ලාබෙට දුවනවා (වරහන් ඇතුලේ අපි දන්නෙත් නැහැ කවද්ද එහෙම දුවන්ඩ පුළුවන් දවස….).......කෙරවලපිටිය යුගදනවී එක අවුරුදු 8ක්  දිව්වේ..තව එකක් දිව්වහම මොකෝ?

6 ගුණයක් වියදම් කරලා ඩීසල් බලාගාරයකින් විදුලිය හදන වෙලාවේ.... ඒ සල්ලි වලින් කොටසක් වියදම් කරලා පරිසර දූෂණය අඩු කරලා දුවන්ඩ පුළුවන් ගල් අඟුරු බලාගාරයක් හදමු කියන පරිසරවේදියෝ අපිට නැහැ.... ඉන්නේ කරන්ඩ යන project එකේ වැරදි පෙන්නලා ඒක නතර කරන අය විතරය්......පරිසරේ ගැන කතා කරන අය  කතා කරන්නේ පරිසරේ ගැන විතරය්…. විදුලිය හදන අය කතා කරන්නේ විදුලිය ගැන විතරය්….. අනික් එක්කෙනා කියන දේ කොහොමත් අහන්නේ නැහැ…. ඉන්දියාවෙන් ගෙන්නලා තමා අපි සාම්පුර් වලටත් පාරිසරික ඇගයීම් වාර්තාව (EIA ) එක හැදුවේ….. ඒක වැරදි නම් ඒක අපේ අවුලක් නෙමෙයි  කොහොමත් එතකොට…….ලංකාවේ පරිසරවේදියෝ EIA එක පතුරු ගහද්දි අපි ඒවා ගණන් ගන්නෙම නැහැ….. ඒවාට උත්තර දෙන්නෙත් නැහැ…..නඩු දැම්මොත්? ගල් අඟුරු එක හදන්නේ නැතුව අපි LNG බෝඩ් දාල ඩීසල් plant දුවනවා…… ඒක ඉක්මනට හදන්දත් පුළුවන්…. පරිසර වෙදියොත් කට වහන් ඉන්නවා…. නඩුත් නැහැ….

හැබය් කවුරුත් අමතක කරන දේ තමා ස්වභාවික වායු කියන්නෙත් තවත් එක් පොසිල ඉන්ධනයක් (Fossil  Fuel ).... ගල් අඟුරු වලට වැඩිය පරිසර දූෂණේ අඩු වුනත් නිසියාකාරව භාවිතා  කරේ නැත්තන් මේකෙනුත් විශාල පරිසර දූෂණයක් සිදු වෙන්ඩ  පුළුවන් බව….. LNG වල තියෙන ප්‍රධාන සංගටයක  මීතේන් (CH 4) වායුව කිලෝ එකක් වායු ගෝලයට මුදා හැරියොත් එකෙන් කාබන් ඩයෝක්සය්ඩ්  කිලෝ 34 මුදා හැරිය හා සමානයි  ගෝලීය උණුසුම වැඩි කිරීමට දෙන දායකත්වය……ගල් අඟුරු දහනයේදී 200kg කාබන් ඩයෝක්සය්ඩ් මුදා හැරෙද්දී එම බලශක්තියම ලබා දෙන්ඩ LNG වලින් නිකුත් වෙන්නේ 117kg …. හැබය් Diesel වලින් කරද්දී 161kg මුදා හැරෙනවා….. ගල් අඟුරු වල දහනයේදී නිකුත් වෙන අහිතකර විෂ ද්‍රව්‍ය පරිසරයට මුදා නොහැර  පාලනය කරන්ඩ පුළුවන් තාක්ෂනේ දියුණු වෙලා තියෙනවා ලෝකේ…මොකද ගල් අඟුරු ටික ලිපකට දාල ගිනි තියනවා නෙවෙය් නේ….(Controlled Combustion in a controlled environment with emission control technologies - Not open air burning).. ඒක  නේ මෙච්චර දියුණු ජර්මනිය තවමත් විදුලියෙන් 44% ගල් අඟුරු වලින් හදන්නේ…(Source  - EIA (International Energy Agency ) ) එහෙ පරිසරවේදියෝ නැද්ද? ඉන්නවා! ලෝකෙම ගත්තොත් තාමත් 40% වැඩිය්  ගල් අඟුරු විදුලිය නිෂ්පාදනය …පරිසර දූෂණේ නැති කරන්ඩ බැහැ සුළන්(Wind ) විදුලි බලාගාරයක් හැදුවත් සූර්ය ශක්ති (Solar ) බලාගාරයක් හැදුවත්….…. පාරිසරික බලපෑම පාලනය කරන්ඩ/අඩු කරන්ඩ තමා  පුළුවන්…....

අපි හදන බලාගරේ නම ස්වභාවික වායු බලාගරේ  …..පොඩි Sustainability ගතියක් නමේ තියෙන හින්ද වැඩිපුර ගානක් ගෙවල කට වහන් ඉමු……අපි හැබය් දුවන්නේ ඩීසල් වලින්……. ලස්සන නමක් තියෙන පරිසර හිතකාමී බෝඩ් එක දිහා බලල අපි සැනසෙමු!

සල්ලි??? ඒක ප්‍රශ්නයක් නැහැ…. අනික් එක මෙච්චර ලෝකෙට Renewable ගැන කියල දෙන Germany  ය 44% විදුලිය හදන්නේ තාමත් ගල් අඟුරු වලින් (Source - EIA) ….. හා හා… ඒක  ගැන කතා කරන්ඩ එපා…..ජර්මනිය 31% විදුලිය හදන්නේ පුනර්ජනනීය ශක්තියෙන් නේ (Source  - EIA ) …. එක විතරය් කතා කරන්නේ….. ජර්මනිය ඔය තත්වෙට ආවේ මොන බලශක්තිය පාවිච්චි කරලද? එකත් කතා කරන්ඩ එපා…. ලංකාවේ දැනට පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය 11%..(2015 මහ බැංකු වාර්තාව).. ඇත්තට? Pump Storage, Battery  Storage  දාන්නේ  නැතුව සීමාවක් නැතුව Solar , Wind  දැම්මහම අපේ ජාතික විදුලි පද්ධතියේ Stability එක අඩු වෙනවා.....  අවුරුද්දෙන් බාගයක් විතර හුලන් නැති වෙලාවටයි .... වහින්නේ නැති කාලෙටයි.... ඉර නැති වෙලාවටයි.... ඒක අපිට ප්‍රශ්නයක් නැහැ.... Storage  දාන්ඩ සල්ලිත් නැහැ.... හැබයි අපිට පැය 24ම දවස් 365ම අඛණ්ඩව විදුලිය දෙන්ඩ ඕනේ.....අපිට කරුවලේ ඉන්ඩත් බැහැ .... FAN AC  දිගටම දාගෙන ඉන්ඩත් ඕනේ......

අපි ඉතින් අර මුලින් කියපු වැඩේ කරලා….. ඩීසල් වලට 6 ගුණයක් ගෙවල…. ආණ්ඩුවට බැන බැන ඉමු! ඒක කොහොමත් ලේසියි!

ප. ලී - දන්න  සිංහලෙන් ලිව්වා … ඔබ සැමගේ දැනුමට/වින්දනයට … සංවාදයට විවෘතයි!

*****************************************
Photo Courtesy www.google.com
හෝව්..හෝව්.. හෝව්.. මේකට අද මොනවා වෙලාද කියල අහන්න කලින් මේ ටික කියවල ඉන්ඩ ලා.. මාත් එක්ක පහු ගිය කාලේ චැරිටි වැඩ කරපු උන්දලා නම් දන්නවා නදීර විජේසිංහ කියන මගේ මිත්‍රයා ගැන. දැනට කටාර් වල විදුලි ඉංජිනේරුවෙක් විදියට වැඩ කරත් නදීර හැමදාම වෙනස් විදියට අලුත් විදියට හිතන  'රටට ජාතියට හිත ඇති' තරුණ ඉංජිනේරුවෙක්.. හොල්සිම් සමාගමේ වගේම MAS ආයතනයේත් සේවය කරද්දී Sustainable Energy සම්භන්දයෙන් ක්‍රියාකාරීව මැදිහත්වෙලා කටයුතු කල ඒ ගැන මනා අවබෝධයකින් ඉන්න කෙනෙක්. මේ සටහන මම දැක්කේ නදීර ගේ ෆේස්බුක් වෝල් එකේ.. කියවපු ගමන් මට හිතුනේ මේ ගැන කතාකරන්න හොඳම තැන බ්ලොග් අවකාශය කියල.. දන්නා තරමින් බ්ලොග් එකක් නොලියුවට නදීර බ්ලොග් පාඨකයෙක් ගොඩක් කල් ඉඳල. ඒක නිසා මම ඔහුගෙන් ඒ ගැන අහනකොටම බොහොම කැමැත්තෙන් මේක මට දුන්න බ්ලොග් එකේ දාන්න කියල. ඒ වගේම මේ ගැන වැඩිපුර කතා කරන්න කැමති කෙනෙකුට මෙතනම ඔහු සමඟ සංවාද කරන්න පුළුවන්. තවත් එහා ගිහිං තාක්ෂණික කරුණු ආදිය කතා කල යුතු වේනම් ඔහුගේ පෞද්ගලික ඊමේල් ලිපිනය nadeerawije@gmail.com මගින් ඔහුව අමතන්නත් පුළුවන්.

 මේ ඔබේ ප්‍රශ්න හා ගැටළු නිරාකරණය කර ගැනීමේ හා අදහස් උදහස් යෝජනා චෝදනා ගෙන ඒමේ වාරයයි. පිළිතුරු ලබා දීම සඳහා මෙතැන්සිට මෛක්‍ර ෆෝනය බාර දෙනවා මා මිත්‍ර නදීරට. ස්තුතියි!

69 comments:

  1. හෑ?

    ස්සොරිය බල සන්ග්‍රාමය ගන ඔහෙ ඇහලා නැතෙයි?

    ReplyDelete
    Replies
    1. සොලි සොලි... සූරිය බල සන්ග්‍රාමය

      Delete
    2. මමනං එදා අහගෙන හිටියා චෙෆාකියි ලොකු පුතයි කතා වෙනවා.. හැක්. බලමු නදීර දන්නවද කියල.. :)

      Delete
    3. අනේ මම දන්න සූරිය බලය...ලොකූ නං ඕන් මිනි හය්ඩ්‍රෝ කේස් එකක් කරගහන්න ඕනිය කීවේ...!

      Delete
    4. කලින් තිබ්බ model එකේ පුළුවන් තමන්ගේ පරිභෝජනයට ගත්ත විදුලිය ප්‍රමාණයට යටත්ව සුර්ය කෝෂ වලින් විදුලිය නිෂ්පාදනය කරලා offset කරන්ඩ…. අලුත් සුර්ය සන්ග්රමෙන් පුළුවන් වැඩිපුර හදන unit එකක් Rs . 22 ගානේ CEB එකට හරි LECO එකට හරි විකුණන් ඩ
      http://www.asianmirror.lk/business/item/18384-sri-lanka-plans-to-pay-for-excess-solar-power-produced-by-users

      Delete
    5. @c-a, විමලසූරිය බලය?

      Delete
  2. නදීර, ඔය මයික්‍රෆෝන් එක පැත්තකින් තියලා ඔයාගේ ෆෝන් නොම්මරේ දෙනවද? :P :D

    ReplyDelete
    Replies
    1. ඒ මේ.. මගේ නොම්මරේ දන්නවයි?

      Delete
  3. පෞද්ගලික ඩීසල් විදුලි බලාගාර අධ්‍යක්‍ෂ මණ්ඩල වල, ලංකා විදුලිබල මණ්ඩලයේ ලොක්කොත් ඉන්නවා. ජාතික විදුලි පද්ධතිය වැඩි දියුණු කිරීමට ගෙනෙන ප්‍රගතිශීලී වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ, සියුම් සැලසුම් තිබෙනවා. සුදු අලි වයේ ව්‍යාපෘති තමයි කරන්න හදන්නේ. වැඩි කොමිස් තියන ඉක්මනින් කඩාවැටෙන ඒවා.

    පුත්තලමේ සිට මන්නාරම දක්වාත්, මඩකලපුවේ සිට හම්බන්තොට දක්වාත් සුළං බලාගාර පිහිටුවන්න පුළුවන්. පේදුරු තුඩුවේ සිට ත්‍රිකුණාමලය දක්වාත් පුළුවන්. මම කියන්නේ දකින්න අප්පිරියා හිතෙන විදිහට මීටර් සීයෙන් සීයට හදමු කියලා නෙවෙයි. මිනිස් ජීවිතයට බාධා නොවන ආකාරයට කරන්න පුළුවන් කියන එකයි.

    පරමාණු විදුලිය නිපදවීමට යන්න තරම් අපි තවම ප්‍රාථමික වැඩියි. ඒ කියන්නේ

    1. අපේ චින්තනය තවම ඒ මට්ටමට ඇවිත් නැහැ. පරමාණු කිව්ව ගමන් චර්නොබිල්, ෆුකුඕකා, වගේ යක්කු පෙරේතයෝ මතක් කරගෙන කෑ ගහනවා.

    2. අපේ පරමාණු බලශක්ති අධිකාරිය තවම ඒ ගැන හිතන්න තරම් මෝරලා නෑ වගේ.

    3. දේශපාලන බලය රැකගන්න වලිකන කිසිම රජයක්, බය නැතුව, පරමාණු විදුලිය ව්‍යාපෘතියකට අත දාන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ජෙනරේටර් ගෙනියන්න කැළණි පාලම හයිය මදි කියල ඉංජිනේරුවෝ කිව්වම ගෝලයෝ ලව්වා ඒවා මහා රෑ හොරෙන් ගෙනියන දේශපාලඥයෝ එක්ක විකිරශීලී මුලද්‍රව්‍ය වගේ ඒවා භාවිතය බොහොම භයානකයි. විකිරශීලී කසල වලටත් ගෝලයෝ ලව්වා හොරෙන් ඒ වගේ වැඩක් නොකරන්න බැරි මිනිස්සු නෙවෙයි.

      Delete


    2. අනික් එක තමා අපේ ජාතික විදුලි පද්ධතියේ ප්‍රමාණය (Capacity ) එක න්‍යෂ්ටික විදුලි බලාගාරයක් දැමීමට තරම් ප්‍රමාණවත් නැහැ…. CEB එකේ Long Term Generation Plan එකේ 2030 පස්සේ දාල තියෙනවා හිතල බලන්ඩ පුළුවන් කියල

      Delete
  4. සූර්ය බල සංග්‍රාමය ගැන මහ ලොකුවට කෑ ගැහුවට ඒකට යන වියදමනං සෑහෙන්න සැරයි ව‍ගේ පේන්නෙ.

    අනේ ඉතිං අපේ විඤ්ඥාඤ්ඤයොයි, පරිසරවේදියොයි ඔක්කොම කෑගහන්නෙ මොනව හරි ලැබෙනකං විතරනෙ.

    ReplyDelete
    Replies
    1. මටත් අර කෙන්කියුශා ගෙ කොමෙන්ට් එක කියෙව්වම සූරිය සත්තිය ගැන තිබ්බ මෙව්ව එක ගියා බං..

      Delete
  5. මගෙ පුතේ

    අපේ ගම්පලාතෙ නං තියෙන්නෙ වී මෝල්.හැන්දෑකොරේ ගෙදර උන්දටත් මෝල හයිකොරාට දැන් ඒක ටිකක් අමාරුයි.කන්නෙකට පාරක් විතර නොවෙන්නං ඒකත් බැරි බැරි ගානෙ.බැරිද මගෙ පුතේ මටත් ඔය පරමාණු මෝලක් ගෙනත් දෙන්න ගෙදට උන්දට හයිකොරල බලන්න.හුලං මෝල් නං ඒ ඇත්තිට ගෑවෙන්නත් මදි.

    මං මේ
    කිරිඅප්පු මුත්ත

    ReplyDelete
    Replies
    1. හා හා මුත්තේ උඹ ඔය ගැන ඒ හැටි වදවෙන්න එපා.. ඔය නැන්දගේ ලෙඩේට හොඳ බේත් තියෙනවා කර අඹපු නාඹර ගොන්නු ලඟ ඕනෙවටත් වැඩිය.. උඹ තුනටියේ පත්තු බඳින්න වෙද ගෙදර යන දොහක මං උන්දැගේ ලෙඩේ සනීප කොරලා දෙන්නංකෝ..

      Delete
  6. මෙවැනි වැදගත් දේ ගැන කතාවක් ඇතිවීම ම විශාල දෙයක්.

    ඔහු අපේ පරසරවේදියෝ ගැනත් විදුලි ඉංජිනේරුවෝ ගැනත් කියන කතාවට එකඟයි. සීමා සහිත තාක්ෂණ දැනුම මත පමණක් පදනම් වුන ලෝකය ගැන අඩු දැනුමක් අය වශයෙන් තමයි බොහෝවිට ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ. එපා කියනවා මිසක් විසඳුමක් ඔවුන් සතු නෑ.

    මිනිසුන්ගේ ජීවත්වීමට මුලික අවශ්‍යතා අහාර ඇඳුම් නිවාස බවත්, අනෙකුත් අවශ්‍යතා අපේ ජීවිත සැපපහසුව සඳහා අපි ඇති කරගත් ඒවා බවත්, ඒවා ඉටුකරගැනීමේදී නොවැලක්විය හැකි පරිසර හානි වෙන බවත්, පරිසරවේදීන් ද අහාර ඇඳුම් නිවාස වලට එහා ගිය අවශ්‍යතා ඇති සියලු මිනිසුන් එහිදී පිරිසිදු නොවෙන බවත් මගේ ගුරුවරයෙකු වන (විශ්‍රාමික මහාචාර්ය) ආචාර්ය දසරථ ගුණවර්ධන පෙන්වා දුන්නා. එක තාප විදුලිබලාගරයකට විරුද්ධව උද්ගොෂණයට බසයකින් කොළඹට පැමිණි භික්ෂුන් වහන්සේලාට ඔහු කිව්වා බසයෙන් ඇවිත් විදුලිබලාගාරකින් සිදුවිය හැකි පරිසර හානිය ගැන විරුද්ධ වීමේ අයිතියක් නැති බව. විදුලි බලාගාරයේ තාප එන්ජිම ද බසයේ එන්ජිමද කරකැවෙන්නේ අපට අවශ්‍ය වඩා සැප පහසුව වෙනුවෙන් බව ඔහු කිව්වා. කිසිවෙකුට ඉන් මිදෙන්නට බැහැ. මමත් හිතන්නේ අපි මෙහිදී එක අන්තයකට බර නොවී මධ්‍යස්තව ක්‍රියා කලයුතු බව. ඊට වශය කරන දැනුවත් කිරීම රට තුල සිදුවේ නෑ. ගමක විදුලිබලාගාරයක් හදන විට උද්ගෝෂණය කරන අයට ඕනේ වෙනගමක ඒ බලාගාරය හදලා තමුන්ට විදුලිය ලැබෙන්න. හැමදේකටම මුල්‍යමය හෝ මුල්‍යමය නොවෙන පිරිවැයක් තිබෙනවා.

    ..............................................................................

    සුරය ශක්ති පරිණාමනය ගැන කියනවනම් එහිදීත් විශාල බොරුවක් ලෝකයට පෙන්වන බවයි අපේ දැනුම. එකත් හරියට අනිලීන් නොබිව්වම ඔස්ටියෝපොරෝසිස් හැදෙනවා කියල කියන දොස්තර මහත්තුරුන්ගේ ව්‍යාපාරය වගේ එක ව්‍යාපාරයක් බවයි ඒ සම්බන්ධ පර්යේෂණ කරන කෙනෙකු විදියට මම දකින්නේ.

    විද්‍යාව ගැන යම් දැනුමක් ඇති අය පවා සිතන්නේ සූර්යකෝෂ සවිකළ පමණින් ඒ සූර්ය ශක්තිය විදුලිය බවට පත්වෙන බව. නමුත්, සාමාන්‍ය සිලිකන් සූර්ය කෝෂයක් නිෂ්පාදනය කරන්න වැයවෙන ශක්තිය කොපමණද කියන එක බොහෝ දෙනෙකුට අවබෝධයන් නෑ. බොහෝ සාමාන්‍ය සූර්යකෝෂ ගත්විට භාහිර ක්වොන්ටම් කාර්යක්ෂමතාවය 20% ටත් අඩුයි. සාමාන්‍ය සූර්ය කෝෂයක් නිපදවීමට වැයවන ශක්තිය නැවත ලබාගැනීමට (energy payback time) වසර 4ක් පමණ සූර්ය කෝෂය ක්‍රියාත්මක විය යුතුයි. ඊට අඩු කාලෙකින් අතහැර දමන සියලුම සූර්ය කෝෂ නිපදවීමට වැයවන ශක්තියවත් නැවත ලබාදෙන්නේ නෑ. එය ශක්තිය අපතේ යැවීමක් සහ අපරාධයක්. නොදියුණු අප්‍රිකානු රටවල එසේ කෙටිකලින් භාවිතය අතහැර දැමු කුඩා සූර්ය කෝෂ බොහෝ තිබෙන බව අසා තිබෙනවා. ඒවා නිමවන්නට ගිය ශක්තියත් අපට නැතිවීම පමණක් අවසානයේ සිදුවී තිබෙන්නේ.

    ඉහල කාර්යක්ෂමතාවයන් සහිත මිල අධික සූර්යකෝෂ නිමවා, විශාල කාච මගින් ඒවාට ආලෝකය නාභිගත කිරීමෙන් (concentrated solar power) වැඩි ශක්තියක් ලබාගැනීම දැන් සිදුවෙනවා. එහිදී මීලගට එන ගැටලුව රත්වීම නිසා, ආලෝකය මගින් වෙන්කළ ධන සහ ඍණ ආරෝපණ නැවත එක්වීමෙන් (charge recombination) ක්රියාකරීවයට එන බාධාව. මැදපෙරදිග වැනි රටවල සිලිකන් සූර්යකෝෂ වලට පවා මෙය බලපානවා. රත්වීම නිසා සූර්යකොශයෙන් විදුලිය ලැබීම අඩුවෙනවා.

    මමත් multi quantum-well solar cells, dye sensitized solar cells, organic-inorganic bulk hetero junction solar cells යන වර්ගවල සූර්ය කෝෂ සහ solar thermal power ගැන පර්යේෂණ කර තිබෙනවා. දැනටත් ජපානයේ New Energy and Industrial Technology Development Organization (NEDO) මගින් අපට දුන් මිලියන ගණනක ව්‍යාපෘතියක් කෙරෙනවා. නමුත්, සූර්ය ශක්තිය කියන්නේ ඔය හිතන තරම් සුන්දර පිරිසිදු කතාවක් නොවෙන බව කියන්න කැමතියි.

    ගල් අඟුරු ගැන කියනවා නම්, යුරෝපය නිසි අයුරින් ගල් අඟුරු භාවිතා කලත් වගකීම් රහිතව ගලන්ගුරු භාවිත කර චීනය සිදුකරගෙන ඇති පරිසර දුෂණය ඇති මහත්. මම ඒ දෙකම දැක තිබෙනවා. වගකීමෙන් භාවිතය තමයි අවශ්‍ය වන්නේ.

    පරමාණුක බලය ගැන නම් කියන්නට තිබෙන්නේ, ඉදිරියේ භාවිත කරන්න අවශ්‍ය නම් දැන් දැන් සිට සිසුන් විදේශ අධ්‍යාපනයට යොමුකලොත් තව වසර විස්සකින්වත් අපට අවශ්‍ය කරන විසේසඥයෝ නිර්මාණය කරගන්න පුළුවන් වේවි. දැනට කොළඹ විශ්විද්‍යාලයේ න්‍යෂ්ටික විද්‍යා දෙපාර්තමේන්තුව වැසීයමින් තිබෙන්නේ. ඔවුන් විශේෂ උපාධියක්වත් දැන් පිරිනමන්න්නේ නෑ. පරමාණුක බලශක්ති අධිකාරිය හරියට සෙල්ලම් ගෙයක් වගේ. න්‍යෂ්ටික-වෛද්‍ය-විද්‍යාව නමින් ආරම්භ කල විශේෂ උපාධියටත් කිසිවෙකු බඳවා නොගෙනම අහෝසි වී ගියා මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. කෙන්කියූෂා, කැඩ්මියම් PV Panels ගැන අපව දැනුවත් කලහැකිද? උස ගොඩනැගිලිවල පිටත වීදුරු ආවරණ පද්ධතියට සිරස් අතට සවි කලහැකි අයුරින් නිපදවනවායැයි අසා ඇති කැඩ්මියම් PV පැනල් තියෙනවද?

      Delete
    2. අද වනවිට නැනෝඉලෙක්ට්‍රොනික ගැන යම් පර්යේෂණයන් වල වැඩකලත් මම රසායන විද්‍යාඥයෙක් ලෙස මුලයන් තිබෙන අයෙක්. සූර්ය පැනල සවිකිරීමේ ඉංජිනේරුමය කර්තව්‍යන් සහ දිශානතීන් ගැන මට එතරම් දැනුමක් නෑ. වාණිජ වශයෙන් සිරස්ව සවිකර තිබෙනවා මම දැක තිබෙන්නේ, dye sensitized solar cells පමණයි.

      පැනසොනික්හි වාණිජ සූර්කෝෂ අංශයේ ප්‍රධානියෙකුව සිටි අයෙක් දැන් අප සමග මහාචාර්යවරයෙකු වශයෙන් සිටිනවා. මට ඔහුගෙන් විමසා හරි පිල්තුරක් දෙන්න පුළුවන්.
      නමුත් ඔහුගෙන් අහන්න පෙර ඔබට දැනගන්නට අවශ්‍ය තොරතුරු පැහැදිලිව සඳහන් කිරීම අවශ්‍යයි. වර්ග දෙකම තිබෙනවා. CdSe, CdTe ඒවා thin film solar cells සහ quantum dot solar cells ලෙස තිබෙනවා. ඔබට දන ගන්න අවශ්‍ය කරන දේ කෙලින්ම පැහැදිලිව ඇහුවොත් ඔහුගෙන් පැහැදිලි පිළිතුරක් ලැබේවි.

      Delete
    3. chef-architect,

      CdSe හෝ CdTe PV ලංකාවට ගෙන ඒමට හැකිද යන්න සොයා බලන්න. බැහැර කිරීමේ ප්‍රතිපත්ත්යක් සකසන තෙක් ඒවා ගෙන ඒමට ඉඩ නොදිය යුතුය යන කතාව පසු ගිය කාලයේ තිබුන.

      Delete
    4. දැනට මා සම්බන්දවී ඇති ව්‍යාපෘතියක Glazed Curtainwall Facade එකට කැඩ්මියම් PV panels සහ LEDefia Wall එකක් introduce කරන්න ඕන නිසා UAE ,වල සමාගමකින් proposal එකක් ලැබුනා...හෙට එය කියවා ඔබට තව විස්තර දෙන්නං..ස්තුතියි...

      Delete
    5. ඉහත මා සඳහන් කලේ LED Media Wall යන්නයි...

      Delete
    6. අර සරත් විමලසූරිය දොස්තර හතලිස් දාහෙං හදලා දෙනවා කියුව පැනල් සෙට් එක ගහගන්න මං බලාගෙන වුන්නේ.. කෙන්කියුශා ගේ කොමෙන්ට් එක කියෙව්වම හිත කඩා වැටුනා..

      Delete
    7. අර සරත් විමලසූරිය දොස්තර හතලිස් දාහෙං හදලා දෙනවා කියුව පැනල් සෙට් එක ගහගන්න මං බලාගෙන වුන්නේ.. කෙන්කියුශා ගේ කොමෙන්ට් එක කියෙව්වම හිත කඩා වැටුනා..

      Delete
    8. කල්‍යාණ මිත්‍රයා,

      මම කියන්නේ සිලිකන් සොලර් සෙල් වැඩ කරන්නේ නෑ කියල නෙවෙයි. ඒවා හරිහැටි එකලස් කරල පැනල හදල නිසි ලෙස විදුලිපද්ධතියට සම්බන්ධ කරගන්නවා නම් වැඩ කරනවා.

      මම කියන්නේ කෙනෙක් "ග්‍රීන්" වෙන අදහසෙන් සූර්ය ශක්තිය යොදා ගන්න කියල කරන ප්‍රචාරණයේ තාර බර කොපමණද කියන එකත්, සූර්ය බලය බලශක්ති අර්බුධයට එකම තිරසාර අරමුණ බව කියන කතාවේ අද වෙන විට පර්යේෂණාත්මක සත්‍යතාව කොපමණද කියන එක ගැන පමණයි.

      අපි photo-voltaic දැන් වෙනුවට, solar thermal වලට මාරුවෙමින් යන්නේ.

      දැනුත් ජපන් ව්‍යවහාරික භෞතික විද්‍යා සමුළුවට යන ගමන්. එහිදී මේ ගැන සමාගම්වල සහ අධ්‍යන ආයතනවල විශේෂඥයෝ එක්ක වැඩිදුර කතා කරන්න ලැබේවි කියල හිතන්නේ. මේ ගැන දැනගන්න ඕනේ දේවල් තිබේ නම් කියන්න. හරිහැටි අහල කියන්න පුළුවන් හොඳ අවස්ථාවක් මේ.

      මම බොහොම කනිෂ්ඨ පර්යේෂකයෙක්. ඒ නිසා මම කරන්නේ කරුණු මතුකිරීම පමණයි. ඒවා එසේම පිළිගන්නේ නැතුව වැඩිදුර සොයා බලන්න කියන එකයි මගේ ඉල්ලීම.

      Delete
    9. ස්තූතියි පැහැදිලි කිරීමට.. ප්‍රශ්ණ අහන්න තරං දැනුමක් නැති එක තමයි ඊලඟ ප්‍රශ්නේ :)

      Delete
    10. අඩේ මමත් හිතාගෙන ඉන්නේ මේ සුර්ය කෝෂ ටිකක් හයි කරගන්න.. ඒ කියන්නේ එහෙම කරන එක ඔය කියන තරම් වැදගත් දෙයක් නෙවෙයි ද?

      Delete
  7. ටෙස්ලා හිටියනං බොලාට කෑ ගහන්න ඕන වෙන්නැති වෙයි.. හැක්

    ReplyDelete
    Replies
    1. කෝ ඉතිං ටෙස්ලත් උඹ වගේ පේන්න නෑනේ ඕනෙම වෙලාවට

      Delete
  8. පරිසරවේදියකු තමන්ගේ භාවිතාවන් කෙරෙහි විමසිලිමත් වියයුතුයි . මන්ද ඔවුන්ගේ එක වචනයක් සමාජයක් දවා අළු කරන තරමේ විවාදාත්මක තත්වයන් ඇතිකරන්නට පුලුවන්.

    මම හිතන්නේ කමියට මතක ඇති විල්පත්තු මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීමේදී පස් නිධි සම්බන්ධයෙන් පරිසර සංරක්ෂණ භාරය ඇතිකල ව්‍යාජ ආන්දෝලනය.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්.. සමහරු විල්පත්තුවේ මායිමටවත් නොගිය ගිරා පෝතකයෝ.. හැක් ..

      Delete
  9. මොන මඟුලක්ද බං මේ? මොළේ අඤ්ඤකොරොස් වෙලාද?

    ReplyDelete
    Replies
    1. මාමා සිඟිති ආතල් එකක් අරන් ඉන්ද්‍රා එක්ක යහන්ගතවෙලා ඉන්න. මෙව්වට හොට දාන්න ඇවිත් නිකන් සවුත්තු වෙන්න එපා.

      Delete
    2. උඹට කියන්න හැලපයියේ.. මටත් මේවා ගැන ඒ හැටි අවබෝධයක් නෑ.. ඒත් ඉතිං අපිත් ඉඳල හිටලාවත් මේ වගේ විද්දත් කතිකාවක් කරේ නැහ්නං සමාජෙං කොං වෙන්න පුලුවන්නේ.. හැක්

      Delete
  10. ඉස්සරහට ලෝක බලශක්ති අර්බුදයක් එන බව ශුවර් ... දැං ඉඳලම මහන්සි වෙන්ඩ ඕනෙ හැමෝටම ලේසියෙන් ලබාගන්ඩ පුලුවං.. හැම රටේම නිශ්පාදනය කරන්ඩ පුලුවං... හැමෝටම ඇක්සස් තියන බලශක්ති ක්‍රමයක් ඩිවලොප් කරන්ඩ..... බොර තෙල් හිංද ලෝකෙට වෙලා තියන නස්පැත්තිය පේනවනේ ... එහෙම පේන්ඩ තියන එකම දේ සූර්‍ය ශක්තිය විතරයි ... හරියට ඩිවලොප් කරල කාර්යක්ෂමව බලශක්තිය ලබාගන්ඩ පුලුවං පැනල් සෙට් එකක් අඩු වියදමෙන් හදාගන්ඩ පුලුවන් උනොත් හොඳයි ... ඒත් එහෙම වෙයිද කියල තමා ශුවර් නැත්තෙ... බලතන්හාව ඉහවහා ගිය ලෝකයක්නෙ මේක ....

    ReplyDelete
    Replies
    1. උඹ තාම බ්ලොග් කියෝනවා නේ බං.. ඒක නෙවෙයි.. උඩ කෙන්කියුශා ගෙ කොමෙන්ට් එක කියෙව්වම මටනං සූර්‍ය ශක්තිය ගැනත් හැකයි..

      Delete
    2. මම බොහොම කනිෂ්ඨ පර්යේෂකයෙක්. ඒ නිසා මම කරන්නේ කරුණු මතුකිරීම පමණයි. ඒවා එසේම පිළිගන්නේ නැතුව වැඩිදුර සොයා බලන්න කියන එකයි මගේ ඉල්ලීම.

      Delete
    3. කියවනව කියවනව .. එක ඇහැක් වහගෙන ....
      මං කිව්වෙ සූර්‍ය ශක්තිය තමා හැමෝටම ඇක්සස් තියන කාගෙන්වත් යැපෙන්නෙ නැතුව ලබාගන්ඩ පුලුවං දේ කියල ....
      ඒක තව ඩිවලොප් වෙන්ඩ ඕනෙ කියන එක අවිවාදිතයි ...
      මං හිතන්නෙ බොර තෙල්,ගල් අඟුරු සල්ලි ඒක යටගහන්න ගේමක් ගහනව ඇති ...
      ඉස්සරහට තෙල් හිඟ වෙනකොට ඕව නැගල එයි ....

      Delete
  11. Ara duyishenge news paper post eka wage waligen allagena kamiya mara daanna puluwan post ekak merhenta maha blog Karu gale paharuu balala men wi athi rasikalojiya genella kamiya. Karala danna

    ReplyDelete
    Replies
    1. ගූගල් ඉන්පුට් ටූල්ස් දාගෙන සිංහලෙන් කොටහංකෝ බං ඇහේ පොට යනවා මේවා කියවන්න ගියාම.

      Delete
  12. එක වෙලාවකට හිතෙනවා මේ කරන්ට් එක නැත්තටම නැති වෙලා ගියානම් කියල.. ඕනනම් ටික දවසක් අමාරු වෙයි. පස්සේ ආතල් එකේ ඉන්න පුළුවන් වෙයි නේද.. දැන් තියෙන ප්‍රශ්න වලින් 90% කට මුල මේ කරන්ට් එක

    ReplyDelete
  13. කෙන්කියුෂා මහතාගේ කොමෙන්ට් එකට මම එකඟ නැහැ.මමත් විදුලි ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගෙන දැන් පරිගණක වැඩ කලාට තවම ඒ මාතෘකාවට කැමතියි. මම 1991 උපාධියට ත්‍රිකුණාමලේ හදන්න යන ගල් අඟුරු බලාගාරය තමා නිබන්ධනයට ඉදිරිපත් කලේ. ඒ එදා ඉංජිනේරුවෝ හදප සැලැස්මට අනුව. කරන්න බැරි වුනේ යුද්ධය නිසා. දැන් ගල් අඟුරු බලාගාර හදල වැඩක් නැහැ. කල්යනමිත්‍ර ගේ තර්කය එතන වැරදියි. ගලන්ගුරු ගන්න එක ලාභ නැහැ. ජර්මනිය සාර්ථකව වෙනත් ක්‍රම අත්හදා බල තියන නිසා ඒවා නුගමනය කරන එකයි හරි. අපේ නිවසේ රුපියල් ලකෂ් 12 පමණ වියදම් කරලා සුර්ය පැනෙල් ගැහුවා. මේ තියෙන්නේ ඒ ගැන විස්තරය.
    ඩීසල් බලාගාර මාෆියාවට මුහුණ දීම හා සමාජවාදී නිවාස
    මේ විදුලි බිල සැහෙන්න අඩුවෙලා තියෙන්නේ. ඊට අමතරව ආණ්ඩුවෙන් ගානකුත් ලැබෙනවා. එංගලන්තේ ඉර එලිය එච්චර අඩු වෙලා මට හොඳනම් ලංකාවේ නරක වෙන්නේ කොහොමද? ලාභ පැනෙල් නැතුව හොඳ ඒවා ගැහුවොත් දවල්ට ග්‍රිඩ් එකට දෙන්න තරම් විදුලිය ලැබෙනවා. ලංකාවේ අනාගතය තියෙන්නේ මේ අලුත් ක්‍රම වලට මිසක් ඩිසල් හා ගලන්ගුරු වලට නෙමේ.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් සම්පූර්ණයෙන්එ කියවපු ඒකට බොහොම ස්තුතියි. එහෙම තමයි වෙන්න ඕනේ. එතකොට නේ හොඳ සංවාද ඇතිවෙලා වෙනත් ක්ෂේස්ත්‍ර වල ඉන්න අයගේ දැනුම අපට ලැබෙන්නේ අජිත් මහත්මයා. මම රසායනවිද්යව පැත්තෙන් එන කෙනෙක් නේ. ඔබේ අදහස් දැනගැනීමෙන් මට අලුත් යමක් ගන්න පුළුවන් වේවි.

      මම දැනගන්න කැමතියි ඔබ වියදම් කල ලක්ෂ 12 විදුලි බිලෙන් අඩුවෙන්න ඔබ කොයිතරම් කාලයක් ඔය සොලර් පැනල පාවිච්චි කරන්න ඕනෙද කියල ඔබට තිබෙනේ අනුමානය ?

      ඔය සොලර් පැනල ටික හදන්න දලවශයෙන් kWh කීයක් ගිහින් ඇතිද ? සහ ඒ kWh ප්‍රමාණය ඉතිරි කරන්න ඔබ අවුරුදු කීයක් ඒවා භාවිත කරන්න ඕනෙද දැන් ඔබ භාවිත කරන විදිය අනුව ? ඔබේ දල වශයෙන් ගණනය කිරීම දැනගන්න කැමතියි.

      ඔබ කියන්න කැමතිද ඔබ සොලර් පැනල ගැහුවේ විදුලිබිල ඉතුරු කරගන්නද ? පරිසරදුෂණයේ කොටස් කාරයෙක් වෙන්න අකමැත්ත නිසා ද ? හෝ වෙනත් හේතුවක් නිසාද ? කියන එකත්.

      මේ ගැන හොඳ අදහස් ටිකක් මතුවේවි එතැනදී.

      Delete
    2. මෙන්න මේ කොටසට තම මම වදිපුරුම විරුද්ධ: දැන් අලුත් ක්‍රම හොයාගෙන විශේෂයෙන්ම ජර්මනියේ හා ස්වීඩනයේ මේ ප්‍රශ්න මග හැර ගිහින් ඉවරයි. මම අර ලින්ක් එක දැම්මේ ඒ නිසා. මට අපහු ලියන් කම්මැලි නිසා. ගොඩක් අය සමාජවාදී කියන වචනෙට බය වෙලා කියවන්නේ නැහැ. ඒක අත ඇරලා අපට ගිය වියදම් බලන්න.

      //විද්‍යාව ගැන යම් දැනුමක් ඇති අය පවා සිතන්නේ සූර්යකෝෂ සවිකළ පමණින් ඒ සූර්ය ශක්තිය විදුලිය බවට පත්වෙන බව. නමුත්, සාමාන්‍ය සිලිකන් සූර්ය කෝෂයක් නිෂ්පාදනය කරන්න වැයවෙන ශක්තිය කොපමණද කියන එක බොහෝ දෙනෙකුට අවබෝධයන් නෑ. බොහෝ සාමාන්‍ය සූර්යකෝෂ ගත්විට භාහිර ක්වොන්ටම් කාර්යක්ෂමතාවය 20% ටත් අඩුයි. සාමාන්‍ය සූර්ය කෝෂයක් නිපදවීමට වැයවන ශක්තිය නැවත ලබාගැනීමට (energy payback time) වසර 4ක් පමණ සූර්ය කෝෂය ක්‍රියාත්මක විය යුතුයි. ඊට අඩු කාලෙකින් අතහැර දමන සියලුම සූර්ය කෝෂ නිපදවීමට වැයවන ශක්තියවත් නැවත ලබාදෙන්නේ නෑ. එය ශක්තිය අපතේ යැවීමක් සහ අපරාධයක්. නොදියුණු අප්‍රිකානු රටවල එසේ කෙටිකලින් භාවිතය අතහැර දැමු කුඩා සූර්ය කෝෂ බොහෝ තිබෙන බව අසා තිබෙනවා. ඒවා නිමවන්නට ගිය ශක්තියත් අපට නැතිවීම පමණක් අවසානයේ සිදුවී තිබෙන්නේ.//

      Delete
    3. //දැන් ඉතින් මාතෘකාවට යමු. මම විදුලි ඉංජිනේරු උපාධිය සෝවියට් ක්‍රමයට අනුව අවසන් අවුරුදු දෙකේ ස්පෙෂලයිස් (විශේෂ?) කලේ තාප විදුලි බලාගාර සම්බන්ධවය. මා උපාධිය ලබා ගත්තේ 1991 දීය. ලංකා විදුලි බල මණ්ඩලයේ ආචාර්ය සියඹලාපිටිය මහතා ඉතාමත් කරුණාවෙන් මා හට ත්‍රිකුණාමලයේ සෑදීමට යන ගල් අඟුරු බලාගාරයේ විස්තර ලබා දුනි. මා සැලසුම් කල මෙගාවොට් 2 x 150 බලාගාරයක් සඳහා වන තීසිසය හා ප්‍රොජෙක්ට් එක නිම කලේ ඒ අනුවය. එහිදී විදුලි බල මණ්ඩලයේ generation planning (විදුලි බල උත්පාදන සැලසුම් අංශය ) අංශයේ සැලසුම් එතුමා පැහැදිලි කර දුන් අතර මට පෙනී ගියේ ලංකාවේ විදුලි ඉංජිනේරුවන් රටේ අවශ්‍යතාවයන්ට අනුව අවශ්‍ය විදුලි බලය අනාගතයේ නිපදවීම සඳහා ඉතා හොඳින් සැලසුම් කර තිබු බවයි. ගල් අඟුරු යොදා ගන්නා තාප විදුලි බලාගාර පිහිටුවීම ත් එම සැලසුමටම අයත් විය. නමුත් යුද්ධය හා දේශපාලන ඇඟිලි ගැසීම් නිසා මේවා සාක්ෂාත් කර ගැනීමට ඉංජිනේරුවන්ට හැකියාවක් තිබුනේ නැත. යුද්ධය අවසානයේ මහින්ද රජය විසින් ගල් අඟුරු බලාගාරය සාදා නිම කලත් 1995-96 සද නිම කිරීමට තුබූ එය අවුරුදු විස්සකට පසු (දැන් 2015) පසුවී සෑදීමේ එතරම් තේරුමක්ද නැත. වෙනත් පරිසර හිතකාමී විදුලි ව්‍යපෘති 2015 වනවිට ඇති කිරීමට සැලසුම් කල විදුලි ඉංජිනේරුවන්ගේ සැලසුම් සියල්ල වතුරේය. ලංකාවේ සිදුවන්නේ සැලසුම් වලට වැඩ කිරීම නොව කොමිස්, චන්ද සහ ප්‍රශ්නයට පිළිතුර වෙනුවට මුක්කු ගැසීමට කරන වැඩ නිසා, පාඩු පිට දුවන විදුලි බල මණ්ඩලයක් හා මිල අධික විදුලිය නිෂ්පාදනයක් රටට උරුම වී තිබේ.
      මා විදුලි ඉංජිනේරුවකු ලෙස උපාධිය ලබා එම රැකියාවේම වැඩ නොකලත් ඒ පිලිබඳ ඉමහත් උනන්දුවක් මට ඇත. ඒ නිසා අවුරුදු තුනකට ඉහතදී සුර්ය පැනල නිවසේ වහලේ සවිකර විදුලි බලය නිපදවීම පිළිබඳව සොයා බැලුවෙමි. එතැනදී එය ඉතා මිල අධික බවත් එනම් පවුම් 20000 පමණ වැය වන බවත් නිපදවෙන විදුලියෙන් මේ වියදම සපුරා ගන්නට අවුරුදු 25ක් ගතවන බවත් දැනගෙන ඉතාමත් අධෛර්යට පත්වුණෙමි.

      නමුත් පසුගිය අවුරුදු දෙක තුල විදුලිය නිපදවන ක්‍රම ගැන විශාල වෙනසක් ජපන් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරිම නිසා ඇතිවුනි. ජර්මනිය න්‍යෂ්ටික බලාගාර අඩු කරමින් වෙනත් මාර්ග වලින් විදුලිය ඉපදවීම වේගවත් කරන ලදී . නිවාස හිමියන්ට ණය ආධාර ලබා දෙමින් සුර්ය පැනල මෙන්ම ඔර්ගනික අපද්‍රව්‍ය වලින් විදුලිය හා තාපය ලබා ගැනීමේ ක්‍රමවේදයන් අත්හදා බැලීමටද උනන්දුවක් ඇති කරන ලදී . දැනට මිලියන් 1.5 කට ආසන්න ෆොටෝවෝල්ටයික් photovoltaics (PV) පැනල ජර්මනිය පුරා සවි කර තිබේ. යුරෝපා සංගමය විසින් වෙනත් ආකාරයේ විදුලි උපදවන ක්‍රම භාවිතා කිරීම වැඩි කිරීමට සාමාජික රටවලට බල කරන ලදී.

      මේ නිසා බ්‍රිතාන්‍ය රජයටද සුර්ය පැනෙල සවි කිරීම සඳහා නිවෙස් හිමියන්ට ණය ආධාර දෙන්නට සිදු වුනි. මින් සුර්ය පැනෙල විකුණන සමාගම් වැඩි වීමත් මිනිසුන් ඒවා සවි කිරීම වැඩි වීමත් සහ ඒවා සවි කිරීම සඳහා වෙළඳ සමාගම් බොහොමයක් බිහි වීමද සිදු වුනි. මේ උනන්දුවට තව හේතුවක් වූයේ නිවැසියන් විදුලි පද්ධතියට හෙවත් ග්‍රිඩ් එකට දෙන කිලෝ වොට් එකකට පැන්ස 14ක් රජය මගින් ගෙවීමයි.
      සවි කිරීම් වැඩි වීමත් සමග ගිය දෙසැම්බරයේ බ්‍රිතාන්‍ය රජය විදුලිය නිපදවන ඒකකයකට ගෙවන මුදල 2015 සිට පැන්ස 13 ට අඩු කරන බව ප්‍රකාශයට පත් කළේය. මේ නිසා නැවතත් සොයා බැලූ අපට පෙනී ගියේ සූර්ය පැනෙල වල ගාණ ඉතාමත් සිඝ්‍රයෙන් අඩුවී ඇති බවයි. චීනයේ නිපදවෙන ලාභ පැනල පවුම් 5000ට අඩු වෙනුත් (පැනල 16ක් සම්පුරණයෙන් සවි කිරීමට යන මුදල ) හොඳ වර්ගයේ පැනෙල පවුම් 8000 පමණ මුදලකටත් සවි කිරීමට හැක. ඒ අවුරුදු දෙකකට කලින් තිබු ගණනින් භාගයකටත් වඩා අඩු වීමකි.
      බිරිඳත් මමත් කලේ හොඳම පැනෙල මොනවාද කියා සොයා බැලීමයි. සමාගම් කීපයකට පැමිණ අපට ක්වොටේෂන් (ඉදි කිරීමට මිල ගණන්) දෙන ලෙසද ඇරයුම් කළෙමු.//

      Delete
    4. //අපි සොයා ගත් ආකාරයට චීන පැනල ලාභම ඒවා වන මුත් ඒවායේ තත්ත්ව වාර්තා ඉතාමත් දුර්වලය. ඒවා අවුරුදු 4ක් පමණ හොඳට වැඩ කලත් ඉන්පසු 50% පමණ ධාරිතාව අඩුවී විදුලිය නිපදවේ. කල් පැවතීම අතින්ද ඒවා ඉතා දුර්වල මට්ටමක පවතී. ඉන්පසු අපි සොයා බැලුවේ මිල ගණනින් ටිකක් ඉහල මැලේසියාවේ නිපදවන පැනල පිලිබඳවය. ඒවා තරමක් දුරට හොඳ අතර වසර 10 ක් පමණ මුළු ධාරිතාවයෙන් වැඩ කරයි. නමුත් සවිකිරීමට ලාභම චීන ඒවා බව කියමින් බොහෝ සමාගම් අප පසුපස ආහ. ඇමෙරිකානු සමාගමකින් මැලේසියාවේ නිෂ්පාදනය කරන ඒවාත් හොඳ බව අපි දුටිමු.

      නමුත් ජර්මන් නිෂ්පාදන තත්වයෙන් ඉතා උසස් බව අප‍ට වැටහුනේ ජර්මන් වෙබ්සයිට් වලින් හා ඒවා නිපදවන කරමාන්ත ශාලා වලට කතා කිරීමෙන් පසුවය. ස්වීඩනය වැනි රටවල පවා භාවිතා වන්නේත් ඒවාය. අවුරුදු 20 - 25ක පමණ කාලයක් තුල සුර්ය කෝෂ නිපදවා ලබාගත් අත්දැකීම් වලින් පිරුණු ජර්මන් සමාගම් බොහෝ කල් පවතින සුර්ය පැනල හොඳින් නිමවති. අපි විසින් මිලදී ගත් ඇන්ටාරිස් නමැති පැනල වර්ගය ඔවුන්ගේ කර්මාන්ත ශාලාවේ ඇති පර්යේෂනාගාරයේ නොයෙකුත් තත්වයන්ට අනුව පරික්ෂණ සිදු කරමින් සැම විටම උසස් තත්වයෙන් නිමවීමට යත්න දරා තිබු බවත් මේ නිසා මේ පැනලයක් අවුරුදු 20කට පසුත් 95% ට වැඩ ධාරිතාවකින් වැඩ කරන බවත් ඔප්පු කර පෙන්වීමට ඔවුන්ට හැකිය. එසේම ඔවුන් අවුරුදු 30 කට නොමිලේ රක්ෂණයක් (ගැරන්ටි) පවා සහතික වෙති . එනම් අවුරුදු 30කට ආසන්න වෙත් දී 80% ධාරිතාවකින් විදුලිය නිපද වුවේ නැත්නම් ඔවුන් නොමිලයේම පැනල් එවන බවට ලිඛිතව පොරොන්දු වෙති. බොහෝ අය අපට කීවේ එංගලන්තයේ හිරු එළිය ඇති කාලය අඩු නිසා මෙලෙස විදුලිය නිපදවීම ලාභයක් නැති බවයි. නමුත් අප කලේ ඒ පිලිබඳ උපදෙස් දෙන අය සමග එක්ව ගණනය කිරීමයි. මේ ගණනය කිරීමේදී, අප නිවසේ දහවලට නොසිටින කාලය අතර නිපදවෙන විදුලිය ග්‍රිඩ් එකට දෙන අතරේදී අප විසින් දහවල හෝ හවස වොෂින් මැෂින්, ඩිෂ් වොෂර් ආදිය ක්‍රියාත්මක කලොත් සුර්ය කෝෂ මගින් සපයන විදුලිය ඒ සඳහා පාවිච්චි කල හැකි බවද සැලකිල්ලට ගතිමු. රාත්‍රියට රුපවාහිනිය හා කොම්පියුටර, ශීතකරණය, ලයිට් වලට අපට විදුලිය සපයන සමාගමේ විදුලිය යෙදවෙයි. ආණ්ඩුව අපට ගෙවන මුදලත් අප ඉතිරි කරන මුදලත් සලකා බැලුවිට අවුරුදු හයක් ඇතුලත අප ආයෝජන කල මුදල අපට ලැබෙන බව පෙනී ගියේය. මේ නිසා අප මෙහිදී රජයේ ණය මුදල ප්‍රතික්ෂේප කෙළෙමු. එවිට අපට අවශ්‍ය ලෙස සියල්ල කර ගැනීමට හැකි වූ අතර අපට රජයට මුදලක් ගෙවන්නට සිදුවන්නේද නැත.
      දෙසැම්බර් මාසයේ සිට අප විසින් විදුලිය නිපදවා ග්‍රිඩ් එකට දෙන අතර අපට පළමු චෙක්පතද ලැබුණි. එසේම විදුලි බිලද ඉතාමත් සිඝ්‍රයෙන් අඩු විය. //

      Delete
    5. දැන් මෙය අපේ නිවසේ සවි කර වසර දෙකකට වැඩිය. මගේ මාසික විදුලි බිල පවුම් 25 හෙවත් රුපියල් 5000කි. ලංකාවේ සොයුරාගේ නිවසේ බිල මිට වඩා වැඩිය. මම මාසයකට රුපියල් 5000 පමණ දැනට ඉතිරි කරමි. අවුරුද්දකට රුපියල් 60,000 හා අවුරුදු දහයකට ලක්ෂ හයකි. එනිසා ගෙවූ මිල මිල අවුරුදු 20 ගෙවා නිම කල යුතුය. එලෙස ගණනය කිරීම වැරදිය. මෙහිදී විදුලිය මිල ඉහල යාම එකතු කරන්න. විදුලි මිල ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ වැඩිය. ඒ නිසා මුලදී ඉතිරි කරන 5000, 5500, 6000 ආදී වශයෙන් වැඩි වේ. ඒ නිසා පළමු අවුරුදේ 60000 ඉතිරිය දෙවන අවුරුද්දේ ඊට වැඩිය, එනිසා අර අවුරුදු 20 අඩුවේ, දැන් මෙතනට එකතු කළ යුත්තේ අප‍ට විදුලිය විකිණීම නිසා ආණ්ඩුවෙන් ලැබෙන පවුම් 100 - 200 අතර මුදලය. හැම මාස තුනකට වරක් එම මුදල ලැබේ. සමර් එකේ 200 පමණත් වින්ටර් එක 100 පමණය. මුලු මුදල පවුම් පවුම් 600 පමණය. රුපියල් ලක්ෂයකි පමණ වේ. අවුරුදු හයට ලක්ෂ හයකි. දන ඉහත ගණන් දෙක එකතු කර බලන්න. එසේ ගණන් හදා බැලුවිට අපට අවුරුදු හයකින් ආයෝජන කල මුළු මුදල ලැබේ. පැනේල 100% ධාරිතාවෙන් අවුරුදු 25 වැඩ කරයි. එනිසා ඉතිරි අවුරුදු 19 අපේ විදුලිය නිකම්මය. ජර්මන් කොම්පැනිය පැනෙල නොමිලේ replace කිරීමට ගිවිසුම් ගසා තිබේ, එනිසා කැඩෙන ඒවාට වියදමක් නැත. මේ පනේල යන්තම් එළියට හා වැසි දිනවල වලටත් විදුලිය යම් ධාරිතාවයකින් නිපදවයි. (පුර්ණ ධාරිතාවෙන් නොවේ). එංගලන්තය යනු හිරු එලිය අඩු රටකි. එසේ නම් අවුරුද්දට දවස් 360 ක් වත් හිරු එලිය ඇති ශ්‍රී ලංකාව වැනි රටක මේවා වැඩ කරන්නේ නැති බව කීම මට අදහා ගැනීමට නොහැකි කතාවකි. කෙන්කියුෂා ගේ දෙවැනි ප්‍රශ්නයට උත්තරය - ඔව් පරිසරය ගැනද සිතුවෙමු.

      Delete
    6. ජර්මනිය ගැන කියපු හින්ද මේක දාන්නේ…..


      http://powerplants.vattenfall.com/moorburg

      මේ link එකේ ඇති ඇති ඡයාරූපයේ දැක්වෙන්නේ ජර්මනියේ ඇති ගල් අඟුරු බලාගාරයකි - Moorburg Power Plant ! සමහර විට ඔබ සිතන්නට ඉඩ ඇති පරිදි මෙය ඉතා ඈත අතීතයේ ඉදිකළ එකක් නොවේ.... මෙම බලාගාරය ක්‍රියාත්මක කර ඇත්තේ 2015 සිටය - පසු ගිය වසරේ මැද භාගයේදී මෙහි දෙවැනි අදියර ක්‍රියාත්මක කර ඇත … මෙහි ධාරිතාව (capacity ) මෙගා වොට් 1548 කි. පැහැදිලිව පෙනෙන පරිදි මෙම බලාගාරය ඇත්තේ ඉතා සශ්‍රීක ප්‍රදේශක මනරම් ගඟකට යාබදවය! එසේ නම් මදක් සිතන්න - අපේ රටේ ජනමාධ්‍ය වලින් මවා පාන තරමේ පරිසර දූෂණයක් මෙම බලාගාරයෙන් සිදු වෙනවා නම් පරිසරය ගැන ඉතාමත් වගකීමෙන් වැඩ කරන ජාතියක් හැටියට කවුරුත් අවිවාදයෙන් පිළිගන්න ජර්මානුවෝ මේ වගේ එකක් මේ වගේ තැනක හදලා දුවයිද? අඩුම ගානේ හදන්දවත් දෙයිද?

      Delete
    7. නදීර ගේකතාව ඇත්ත. ජර්මනියේ එහෙම හදන තැන් තියනවා, නමුත් ඔවුන්ගේ බලාගාර වලින් පරිසරයට වෙන හානි අවම කරන්නට ඔවුන් ක්‍රියා කරනවා. අපි රුසියාවේ ඉන්දෙද්දී සෝවියට් රුසියානුන් කළේ ඉතා උසට දුම් ඉවතට යන කුළුණු සෑදීමයි . නමුත් මෙහිදී ඔවුන්ට පෙනී ගියා ඉහල අහසට යැව්වත් එයින් සැහෙන පමණකට පරිසරය දුෂණය වන බව. නමුත් ඔවුන් ගල් අඟුරු බලාගාර විදුලිය නිපදවන්න විතරක් නෙමේ භාවති කරන්නේ. අපි උගත් විශ්ව විද්‍යාලයේ බලාගාරයෙන් විදුලියට අමතරව අපේ නේවාසිකාගාර හා අවට නගරයේ වතුර උණු කිරීමට හා උණුසුම කිරීමේ රේඩියේටර් වලට උණු වතුර එවීමට භාවිතා කලේ උණුසුම් වූ වාතය. ජර්මනියේත් එහෙමයි. එනිසා විශේෂයෙන් ශීත සමයේ මේවා යේ efficiency එක වැඩියි. ඒ වාසිය ලංකාවට ලැබෙන්නේ නැහැ. එහෙම වතුර උණු කරන්නේ කින් කි දෙනාද? ගෙවල් උණුසුම් කරන්නේ මොකටද?
      අනික අර කුළුණු වලින් යන වාතය බෙදලා යවන්නේ. ඒ කියන්නේ ඝන ඒවා නැවතත් අළු වශයෙන් වෙන් කරලා පොළොවේ පොහොර වලට යවල කාබන් ඩයොක්සයිඩ් පමණක් වායු ගෝලයට මුදා හරිනවා.
      ජර්මනියේ එහෙම කළාට ලංකාවේ කරන්න පුලුවන්ද? චිනේ ඉන්දියාව වගේ රටකින් නායක අරගෙන අඩු ගානට කරලා තව භ්ගයක් මුදල් කොමිෂන් වශයෙන් පිල්ලි ගහන රටක. එහෙම නම් ඒවා හදනන් ඕනේ පුරවැසි බලය සහිත කොමිසම් වලින්. එහෙම නම් හැදෙයි. මොකද පුරවැසියන් ඕකට බලපෑම් කරන නිසා. ඇත්තට වෙන්නේ ඒක නෙමෙයිනේ.

      Delete
    8. මේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය
      How much carbon dioxide is produced when different fuels are burned?

      Different fuels emit different amounts of carbon dioxide (CO2) in relation to the energy they produce when burned. To analyze emissions across fuels, compare the amount of CO2 emitted per unit of energy output or heat content.

      Pounds of CO2 emitted per million British thermal units (Btu) of energy for various fuels:

      Coal (anthracite) 228.6
      Coal (bituminous) 205.7
      Coal (lignite) 215.4
      Coal (subbituminous) 214.3
      Diesel fuel and heating oil 161.3
      Gasoline 157.2
      Propane 139.0
      Natural gas 117.0
      https://www.eia.gov/tools/faqs/faq.cfm?id=73&t=11
      ගල් අඟුරු වල CO2 එමිෂන් එක වැඩි බව පෙනෙනවා ඇති.
      ඉන්දුනිසියන් ගල් අඟුරු ඉන්දියන් ඒවාට වඩා හොඳයි. (දැනට නොරොච්චෝලේ භාවිතා කරන )
      http://www.aresasialtd.com/en/our-business/coal-trading/coal-specifications.html
      නමුත් සල්ෆර් වැඩියි.

      Delete
    9. මේ ලිපියෙන් ගල් අඟුරු බලාගාර හොඳ බව කියනවා. ඇත්ත ඒවා ලාභයි. මගේ අදහස ඔය දෙකටම යා යුතු බවයි. ගල් අඟුරු සහ අනිකුත් බල ශක්ති , සුර්ය පැනේල වගේ. ගල අඟුරු බලාගාර අසල හීට් එක අවශ්‍ය වෙනත් කරමාන්ත ශාලා හදනවා නම් ලාභය වැඩි වෙයි. ඒ වගේ සැලසුමක් හදනවා නම් හොඳයි.

      Delete
    10. බොහොම ස්තුතියි. ඉතා හොඳ කරුණු මතුකරලා තිබෙන්නේ අජිත් සහ නදීර මිත්‍රයින්. ඊට දායක වීමට නොහැකිවීම ගැන කණගාටුයි.

      නොවැම්බර් දෙවෙනි සතියෙන් පස්සේ මේ ගැන හොඳින් කරුණු ගලපලා යමක් ලියන්නට බලාගෙන ඉන්නේ.

      බලවත් රාජ්‍යයන් සූර්යවිදුලිය වැඩිමිලට අරගෙන මිනිසුන්ට අඩුමිලට විකුනනවා. ජපානයේ නම් ඒකකයක් මිලදීගන්නේ යෙන් 47 ට විකුනන්නේ යෙන් 20 ට. රජය පාඩු ගන්නවා යෙන් 27ක්. මෙය කෙටිකාලීන කෘතීමව නිර්මාණය කල තත්වයක්. දැනට අපට ඒවා කරන්න බෑ. මෙවැනි රාජ්‍යයන් වල සමාගම් ගොඩක් වෙලාවට සූර්යපැනලත් විකුනනවා. අපේ ලංකාව වැනි ණයබරින් මිරිකුණ රටවල් වලට සූර්ය පැනල මිලදීගන්න සල්ලි යටකරන්න කලින් කරන්න තව බොහෝ දේ තිබෙන බවයි මට හිතෙන්නේ. චීනය මෙන් අන්තයට යාම නොසුදුසු නමුත්, ග්ලැසියර දියවීම හා ඕසෝන් වියනේ සිදුරු හෝ ඛනිජ තෙල් අවසන්වීම වැනි ගෝලීය ප්‍රශ්න වලට දුවන්න පෙර, මිනිසුන්ට පිරිසිදු පානීය ජලය සහ මුලික පහසුකම් ලබාදීමටයි අපි වගේ දුප්පත් රටවල් වද වෙන්න ඕනේ. ඒ නිසා සූර්ය කෝෂ ආනයනය කරන්න මේ මොහොතේ අපේ සල්ලි ටික හිරකරගන්න ඕනේ බවක් මම විශ්වාස කරන්නේ නෑ. නමුත් එය මගේ පුද්ගලික විස්වාසයක් පමණයි.

      සාරාංශය විදියට කියවන අනෙක් අයට මම කියන්න කැමතියි, Si සූර්ය කෝෂ වැඩනොකරන බවක් මම කියන්නේ නෑ. හොඳ තත්වයේ ඒවා නිෂ්පාදකයන් කියන වෝල්ටීයතාවයන් හා ධාරාවන් ලබාදෙනවා. එහි කිසිම බොරුවක් නෑ. එය සත්‍යක්. කෙසේ වුවත්, අතිශය වෙනස් නව සොයාගැනීමක් නොවුනහොත් දැන් පවතින කිසිම සූර්යකෝෂ තාක්ෂණයෙන් ලෝකයේ බලශක්ති අවශ්‍යතාවයෙන් සැලකිය යුතු කොටසක් සපයන්න බැරි බව තමයි මම හිතන්නේ. Si සෝලර් සෙල් එකට ආදේශක වෙනුවට පැමිණි එක වර්ගයක් ගැන කෙටි උදාහරණයක් එක්ක අවසන් කරන්නම්. වසර කීපයකට පෙර EUPVSEC සමුළුවේදී එකවතාවක් ඩල්හවුස් විශ්විද්‍යාලයේ මහචාර්ය ඉයන් හිල්ස්, Dye sensitized solar cell එක සොයාගත් මහාචාර්ය මයිකල් ග්රෙට්සෙල්ගෙන් විමසුවා, ලෝකයට අවශ්‍ය විදුලියෙන් සැලකිය යුතු කොටසක් ඔහුගේ Dye sensitized solar cell වලින් සපයන්න අවශ්‍ය තරම් සෙල් හදන්න උවමනා කරනතරම් ප්ලැටිනම් සහ රුතෙනියම් මේ ලෝකයේ තිබෙනවද කියන එක!! ජර්නල වල කොන්ෆරන්ස් වල ඕනේ තරම් මෙවැනි දේ පලවෙනවා. නමුත් අපට පෙනෙන්නේ සෝලර් සෙල් දශක කිහිපයක් තිස්සේ එක තැන හිරවෙලා තිබෙන බව. Si PV දැන් යන්න පුළුවන් ඉහලම තැනට ගිහින් ඇති බව පෙන්නේ. ඒ හිරවීමෙන් පනින්න වෙනත් ක්‍රමයක් අද දක්වා සාර්ථක වෙලා නැති බව මගේ දැනුම නම්.

      // සමාවෙන්න. SI PV එක ගැන මම කියපු දේ නිවැරදි කරන්න කැමතියි. මේ වන විට energy pay back time එක අවුරුදු 3ක් පමණ දක්වා අඩු වෙලා තිබෙනවා.

      Delete
    11. මේ ලෝකේ ප්ලැටිනම් නැතිනම් ප්‍රශ්නයට පිළිතුරක් දුන්නා අවුරුදු දෙකකට කලින් රාජිකය තාරකා සංගමයේ තිබු දේශනයකදී. ඒ කියන්නේ රුසියාව. ඇමෙරික එක්සත් ජනපදය හා චීනය පරීක්ෂණ කරගෙන යනවා හඳ හාරන්න වගේම අස්ටරොයිඩ් හාරලා ලෝහ ගේන්න. ඉන්දියාවත් මේ රේස් එකට එන්ටර් වුණා. රුසියාව ලුනා යානයෙන් පස් ගෙන්වා හැත්තෑ ගණන්වල. ඒ නිසා කරනන් බැරි දෙයක් නෙමේ.
      //පරිසර දූෂණේ නැති කරන්ඩ බැහැ සුළන්(Wind ) විදුලි බලාගාරයක් හැදුවත් සූර්ය ශක්ති (Solar ) බලාගාරයක් හැදුවත්// කල්‍යාණ මිත්‍ර සුර්ය බලගරයකින් හා සුළං බලගරයකින් පරිසර දුෂණ වෙනහැටි කියන්න බලන්න?

      Delete
    12. ස්වීඩනයේ ඉවත දමන ආහාර හා කාබනික වෙස්ට් වලින් නිපදවන වගෑස් ඝන මීටර ලක්ෂෙකට වැඩි ඒවායින් බස් හා ටැක්සි දුවනවා.
      පසුගිය මැයි අට ඉරිදා ග්‍රිඩ් එකට ආපු විදුලි බලයට කම්පැනි වලට ගෙවනං වෙලා මිනිසුන්ට.
      On Sunday, May 8, Germany hit a new high in renewable energy generation. Thanks to a sunny and windy day, at one point around 1pm the country’s solar, wind, hydro and biomass plants were supplying about 55 GW of the 63 GW being consumed, or 87%.
      Power prices actually went negative for several hours, meaning commercial customers were being paid to consume electricity.
      http://qz.com/680661/germany-had-so-much-renewable-energy-on-sunday-that-it-had-to-pay-people-to-use-electricity/

      Delete
    13. මගේ අදහස නම් දැනට හදන්න යන සාම්පුර් බලාගාරය හදනන් නම් ඒ වටේ වෙනත් කර්මාන්ත හදනන් ඕනේ හීට් එක පාවිච්චි කරන. ඒක අපතේ යන්නේ නැති වෙන්න. ඉන්දීය ගල් අඟුරු ගණන් හොඳ නැහැ. ලාභ වුනාට සල්ෆර් වැඩියි. නමුත් ඉන්දියාව නම් හදන්නේ ඒක කරන්න බැහැ.
      ලනක්වේ රජයෙන් ගම්වල සුර්ය පනේල සවි කරපු විදුලි බලාගාර හදනන් ඕනේ ගමාට වශය විදුලිය දවල්ට දීලා රාත්‍රියට ග්‍රිඩ් එකෙන් ගන්න. වදවල්ට එන විදුලිය ගබඩා කරන්න storage battery තියනවනම් වඩාත් හොඳයි. මුලික වියදමෙන් පස්සේ සුර්ය බලාගාරයකට වෙනත් වියදම් නැහැ. ඉංජිනේරුවෝ ඕනෙත් නැහැ වැඩ කරන්න මිනිස්සු ඕනෙත නැහැ. තමන්ගේ ගෙවල් වල හදන අයට ණය දෙන්න ඕනේ. එක ක්‍රමයක් ම අනුගමනය කරනන් අවශ්‍ය නැහැ. විදුලිය නිපදවනවා කියන්නේ ක්‍රම කිහිපයක්ම උපයෝගී කරගන්න එක. ජයලලිතාට බම්බු ගහන්න කියල කච්චතිවු වල න්‍යෂ්ටික බලගරයකුත් හැදුව නම් හරි. (මුහුද තමයි ප්‍රශ්නේ හේ හේ )

      Delete
    14. හඳ හාරලා හරි ඇස්ටරොයිඩ් වලින් හරි පෘතුවියට ප්ලැටිනම් ගෙනෙන්න පුළුවන් නම් ඊට වැය කරන්න වෙන ශක්තිය කොපමණක් වේවිද ? ඒවායින් solar cells හෝ fuel cells වැනිදේ සෑදීමෙන් එම ශක්තිය ප්‍රායෝගික කාලයකදී නැවත ඉතිරිකර ගත හැකිද කියන එකත් එම දේශනයේදී සාකච්චා වුනාද ? එසේ වුනා නම් ඒ ගැන දැන ගන්න කැමති

      Delete

    15. //වසර කීපයකට පෙර EUPVSEC සමුළුවේදී එකවතාවක් ඩල්හවුස් විශ්විද්‍යාලයේ මහචාර්ය ඉයන් හිල්ස්, Dye sensitized solar cell එක සොයාගත් මහාචාර්ය මයිකල් ග්රෙට්සෙල්ගෙන් විමසුවා, ලෝකයට අවශ්‍ය විදුලියෙන් සැලකිය යුතු කොටසක් ඔහුගේ Dye sensitized solar cell වලින් සපයන්න අවශ්‍ය තරම් සෙල් හදන්න උවමනා කරනතරම් ප්ලැටිනම් සහ රුතෙනියම් මේ ලෝකයේ තිබෙනවද කියන එක!//

      ඒක තීරණය කරන්න පුළුවන් ඔයාගේ මහාචාර්යවරයා ගේ පිළිතුරත් එක්ක. කොච්චර කල් යයිද මුළු ලෝකෙටම දෙන්න කියන එක? ලංකාවට සුර්ය පැනෙල දෙන්න හදනව මිසක් අපි මුළු ලෝකෙටම දෙන්න කතා කරන්නේ නැහැනේ මෙතන. දදැනට තියෙන තටහ්වේ හැටියට මේක හොඳ විසඳුමක්.

      Delete
    16. මගේ කොමෙන්ට් එක කියෙව්වා නම් ඔයා දකින්න ඇති දැනට වුරුදු 5 කට කලින් අපි කරන්න හදන කොට වියදම පවුම් 20000, අවුරුදු 20 යනව කවර් වෙන්න. අවුරුදු 3 න තත්වේ වෙනස් වුනා. දැන් එංගලන්තේ පවුම් 5000 ටත් පුළුවන්. ජර්මනියේ ඊටත් ලාභයි. හිරු එලිය වැඩියෙන්ම තියෙන රටවල් වැඩ ලාභදායක ක්‍රමයක්.
      මේ තියෙන්නේ ඔය අස්ටරොයිඩ් කතාව. මේකේ ඇති RSA ලින්ක් එකත්.
      රොසේට්ටාව ළඟා වෙයි
      https://www.ras.org.uk/news-and-press/news-archive/73-news2003/631-pn03-24

      දැනට පර්යේෂණ තත්වයේ තිබුනට අනාගතයේ ලෝහ නැති වෙන් දවසක් ඕක තමයි පිළිතුර. නමුත් හෙට අනිද්දට ඕක වෙන්නේ නැහැ.

      Delete
    17. "ඒ වාසිය ලංකාවට ලැබෙන්නේ නැහැ. එහෙම වතුර උණු කරන්නේ කින් කි දෙනාද? ගෙවල් උණුසුම් කරන්නේ මොකටද? " -

      අපතේ යන තාපයෙන් වතුර උණු කරන්ඩ විතරක් නෙවෙයි අයිස් හදන්ඩ පුළුවන්... නැත්තම් වායු සමීකරණය කිරීමට අවශ්‍ය ශීත කල ජලය (chilled water ) හදන්ඩ පුළුවන් - Absorption Chiller කියන තාක්ෂනය භාවිතයෙන්

      Delete
  14. මේ සාකච්ඡාවට එකතු වෙන්න හැටියක් නැතුව ඉන්නේ.. ස්තූතියි නදීර, අජිත් සහ කෙන්කියුශා මේ දැනුම බෙදා ගන්නවට :)

    ReplyDelete
  15. කමියෝ.. ඉඳල ඉඳල පත්තු කරපු එක නම් නියමයි.
    ජයවේවා..!!

    ReplyDelete
  16. කාලෙකට පස්සේ ලොග් උන ගමන්ම දෙවෙනි පාරත් කියවන්න උනා කමියයියේ තේරුම් ගන්න....
    පුරස්න නම් අහන්නැතෝ....

    ReplyDelete
  17. තෝරු මෝරු අස්සෙ මොන හාල් මැස්සොද?

    හාල් මැස්සො ටිකක් අහුඋන දාක මද්දත් දෙන්නම් ටෝක් (බොතලේක පතුල බලද්දිවත්)

    දිගටම මිත්‍රශිලී වාදය අරන් ගියානම් අපිට ඉගෙනගන්න දේවල් ගොඩායි

    ReplyDelete
  18. කොහෙද බං මේකෙ පලෝ බොත්තම

    ReplyDelete
  19. සිංගා වල ඉන්න මම දන්න ව්‍යාපාරික මිත්තරයෙක් (ටිකක් වයසක බුවෙක්) එහෙ ඉන්න හොද සල්ලිකාරයො කීප දෙනෙක් එක්ක ලංකාවෙ දැවි තෙල් වලින් පෙට්‍ර‍ල් නිපදවන ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ප්ලෑන් කලා. කාර්මික රටවලට දැවි තෙල් ලොකු ප්‍ර‍ශ්නයක් නිසා අමුද්‍ර‍ව්‍ය ටික හොයාගන්න වැඩි අපහසුතාවකුත් නෑ කිව්වා. ඒ විදියට හදන පෙට්‍ර‍ල් ලීටරය රු 100 කට අඩුවෙන් දෙන්න පුලුවන් කියලත් කිව්වා. ඔන්න ඉතින් මහ රජතුමාගෙ පාලන කාලෙ කස්ටිය ලංකාවට ඇවිත් ත්‍රි්කුණාමලයෙ තමන්ගෙ ව්‍යාපෘතිය පටන් ගන්න ශක්‍යතා අධ්‍යයන අරවා මේවා සියල්ල ඉදිරිපත් කලා. ආණ්ඩුවෙ ලොකු තැනක් තමන්ගෙ කුට්ටිය විදියට රුපියල් බිලියනයක් ඕනෙ කිව්වා. අන්තිමට ඒ ව්‍යාපෘතිය කැන්ගරු රට පැත්තට ඇදිලා ගියා.

    ReplyDelete
  20. කෙමෙන්ට් වලට උත්තරත් නැහැ අලුත් පොස්ට් එකකුත් නැහැ ..බුකියට වෙලා ඉදලා හරියන්නේ නැහැ මේක ලියපන්

    ReplyDelete