Saturday, 4 February 2023

කරන්ට් නැතුව මොන රව්ටර්ද මහත්තයා? බ්ලොග් පුනර්ජීවන සම්මන්ත්‍රණ මාලාව අංක දෙක සහ හදවත්ගලනය- Welcome me back to blogging..!

අන්තිම පෝස්ට් එක දාලා තියෙන්නෙ 2022 ජනවාරි 11 වෙනිදා.. ඒකත් අපේ දෝණියැන්දාගේ එකක්. හරිවිදියට බැලුවොත් මගේ ඉස්ටැයිල් එකෙන් අන්තිමට පෝස්ට් එකක් දාල තියෙන්නේ 2021 ජූනි 8. අවුරුදු එක හමාරකින් මේ ආසාවෙන් බ්ලොග් සටහනක් ලියන්න අරන් තියෙන්නේ.. ඒකට හේතු ගොඩයි. 

පළවෙනිම හේතුව තමයි මාතෘකාවේ අන්තිමට තියෙන 'හදවත්ගලනය'.. මම දන්නේ නෑ මේ වචනේ කලින් කොහෙවත් ලියවෙලා තියෙනවද කියලා. හැමෝම කතාවෙන බුද්ධිගලනය නම් නිතර දකිනවානේ. පුද්ගලිකව ඔය බුද්ධිගලනය කියන එකට මගේ මරාසාද් විරෝධයක් නැති නිසා මම ඒක ගැන ඒ හැටි වද වෙලා නෑ. බුද්ධිය හා හැකියාව කියන්නේ මිළ කලයුතු සම්පතක්. ඒකට නිසි වටිනාකමක් ලැබෙනකම් ඒක මාකට් කරන්න ඕනි. 'නිසි වටිනාකම' කියනෙකට පරිවාර එක්ස්ප්ලනේශන් ගොඩයි. නිසි වටිනාකම පුදගලයාට, අවස්ථාවට කාලයට අනුව වෙනස් වෙනවා. බුද්ධිය තියෙන එකා ඒක තමන්ට ගැලපෙන විදියට යොදාගන්න එහෙට මෙහෙට ගලනව.. ඒක වැලැක්විය හැකි හෝ වැලැක්විය යුතු දෙයක් නෙවෙයි. වළක්වන්න ඕනිනම් කරන්න ඕනි තමන්ට ඕනි බුද්ධියට නිසි වටිනාකම දෙන එක. ආ.. ඒ ඇති. හැබැයි 'හදවත්ගලනය' ඊට වඩා හැඟීම්බරයි..

Tee Pee Camp site එක අසළින් නිසොල්මනේ බරට ගලන කැළණි නදී හදවත

ඊයේ අපි පුංචි හමුවක් දාගත්තා.. ඒකට දාපු අන්වර්ථ නම තමයි ඔය බ්ලොග් පුනර්ජීවන මොකක්ද එක.. ඒක නිදහස් සිතුවිළි (නො)ලියන එහි සම කතෘ සම්මානනීය බ්ලොග් රචක රවී වීරසිංහ මහතාගේ නිදහස් සිතේ එවලේ ඇතිඋන සිතුවිල්ලක්. හැබැයි ඒකේ ඇත්ත අරමුණ වෙන එකක්.. ඔය අරමුණත් එක්ක මම ඔය හමුව ගැන අපේ ගෙදර උන්දාට කියුවේ මෙන්න මෙහෙම..

"අන්න අරූ.. අපේ ***යා.. ඌ පවුලත් එක්කම ලංකාව දාල යනව.. අම්මප මට මගේ සහෝදරයෙක් රට දාලා යනවා කියල ඇහුවට වඩා දුකයි" ඔය ඇත්තම කතාව.. ඒක අහපු අපේ උන්දාට මට වැඩිය දුකයි. මම එහෙම ලේසියෙන් ඔය වගේ දේවල් ගැන දුක් වෙන්නේවත් වෙනත් ඉමෝශන්ස් එළියට දාන්නෙවත් නෑ කියල අපේ උන්දා දන්නව. ඒ නිසාම උන්දා කිසිම බාදා කිරීමක් නහයෙන් ඇඬිමක් දුක කීමක් නැතුව ගමනට අනුමැතිය දුන්නා. නැත්නම් හොම්බ බිම ඇනිලා පවුල පිටින් යන ඔය වගේ ගමන් පවා අතිශයින් සීමා කරලා ඉන්න මේ කාලෙ තනියෙන් යන්න දාන රික්වෙස්ට් ලේසියෙන් ඇපෘ වෙන්නේ නෑ. 

මම මෙතන උගෙ නම දාන්නේ නැත්තේ තාම ඒකා දරුවොත් එක්ක ලංකාවෙන් පිට උනේ නැති නිසා. ඒත් ළගින් ඉන්න ඔක්කොම වගෙ ඉතින් කියන්නේ කවුරු ගැනද කියලා දන්නව. ඌට මේ දවස්වල අධික වැඩ. සෙල්ලමක්‍ යැ ඉගෙනගන්න දරු මල්ලොත් එක්ක ගහෙන් ගෙඩි එන්නා වගේ එකපාරට එහෙම රටකින් රටකට සංක්‍රමණය වෙන එක? මට නම් කියද්දිත් ඔලුව රිදෙනවා. ඒක නිසා දන්න එකෙක් උනත් කවුරුවත් ඌව මේකෙ මෙන්ශන් කරන්න එපා ඉතිං. කෝල් කරලා දුක කියලා අඬන්න තියාගන්නත් එපාල :) ඔය ඔක්කොම අවු අස්සේ තමයි ඊයෙ ඌ ඔතනට ආවේ.. ආවා විතරක් නෙවෙයි.. සුපුරුදු පරිදිම අපේ කන්කරච්චල් සමසිතින් ඉවසලා, ඒ හැම එකටම බොක්කෙන්ම සහබාගිවෙලා, හැම එකා ගැනම වෙනදා වගේම අවදානෙන් ඉඳලා, අපිට අමතකවෙන සිංදුවල වචන මතක් කරලා දීලා අවසානේ මාතලී රාජකාරියත් අකුරටම ඉස්ට කරගෙන තමයි කොල්ලා දවස නිමා කරේ. ඒක පුදුම හැකියාවක්..

ඇත්තටම ***යා හරිම හිත හොඳ කොල්ලෙක්.. ඔව්. තාම කොල්ලෙක් කියන්න පුලුවන් බය නැතුව. උගෙ සහ උගෙ පවුලගෙ තියෙන සුදුසුකම් වලට මේ ලංකාව දාලා යනවානම් යන්න ඕනෙ හැටි කල්.. හැබැයි ඌ එහෙම ගියේ නෑ. උගෙ 'හිත' තිබ්බේ මෙහෙ.. මේ පොළොවේ. ඌ මං දන්න තරමින් ආත්මාර්ථකාමියෙක් නෙවෙයි. ඉන්න පුලුවන් අන්තිම මොහොත වෙනකං කාගෙන මෙතන හිටියා. අවසානයේ වගකිවයුතු සැමියෙක් තාත්තෙක් විදියට ළමයින්ගේ අනාගතේ ගැන තීරණයකට එන්නම වෙන බිත්තියට තල්ලු වෙනකම් ඌ ලන්කාව ගැන සුබ හීන දැක දැක වචනයෙන් ක්‍රියාවෙන් ඒකට දායක වෙමින් මෙතන හිටියා.. අන්න ඒක තමයි උගෙ වටිනාකම.. උගේ වටිනා හදවත.. අන්තිමේ හදවත පස්සට දාලා බුද්ධියට ඉඩ දෙන්නෞඋට සිද්ධ උනා. උගෙ බුද්ධිය මෙහෙන් ගලන එක මට ප්‍රශ්ණයක් නෑ.. ඒත් ඒ එක්ක උගෙ හොඳ මිතුරු හදවත ගලන එක තමයි දරාගන්න අමාරු..! 

ජයවේවා මචං.. කල්පනාවෙන් වැඩටික කරගෙන දරු මල්ලොත් එක්ක ගිහින් පරිස්සමෙන් හිටපල්ලා.. උඹලට වරදින්නේ නෑ..!

                                      ****************************************** 

කොච්චර ඉමෝශනල් උනත් ඉතින් බ්ලොගාල සෙට් එකක් එකතු වෙනවා කියන්නේ ඒක වෙනම ආතල් එකක්. සතියකට කලින් සිරිබිරිසාගමනයට කට්ටිය එකතු උනු අපේ තට්ටයා මහත්තයාගේ ටී පී ද කෑම්ප් සයිට්ටෙක  තමයි ඊයෙත් මේ හමුවට යොදාගෙන තිබුනේ.. ඒ තරමට ඒ පරිසරේ මේ වගේ දේකට ගැලපෙනවා සහ හිතට වැදිලා තිබුණා කට්ටියගේ.. ඒ වගේම කොළඹින් නුවරින් සහ නුවරෑළියෙන් මෙතන ආපු හැමෝටම සමෝසමේ ළඟාවෙන්න පුලුවන් දුරකින් වීමත් විශේෂ වාසියක්. එයිටාමතරව තට්ටයා මහතාගේ සිනා පිරුණු ලස්සන මූණත් එක්ක පිදෙන ආගන්තුක සත්කාර, අපේම එකෙක්ගේ තැනක අපිට අපි විදියටම ඉන්න පුලුවන්ය කියන හිතුවිල්ලත් කැළණි ගඟේ හීතල වතුර ටික වගේම හිතට සනීපයි.




පාන්දර තුනට එලාර්ම් එක තියලා දෙකයි පණහට නමියගෙ කෝල් එකෙන් ඇහැරෙන්න උනු නිදි නැති නිදි මහත්තැන් උයාගෙන ආපු සුදු කැකුලු හාලේ බත් ටිකටයි තැලි කොල ඇඹුලටයි කොළොම්පුරේගේ අම්ම උයල එවපු කිරිම කිරි රහ හාල්මැස්සො හොද්දයි නමියාගෙ ගෑල්ලමයා ආදරේ දාල හදලා එවල තිබ්බ පොල් සම්බෝලෙයි හරි අපූරුවට ගැලපුනා. කැළණි ගඟ ඉවුරේ ඊශ්‍රායෙල් සීමාවේ ගස් හෙවනේ තට්ටයා මහතාගේ නවීන පන්නයේ යකඩ පැලේ ඉඳගෙන ගත්ත ඒ හීල සෑහෙන කාලෙකට අමතක වෙන එකක් නෑ.. ඔය අතරතුර ආගිය කතා අතරේ වෙච්චි අටෝරාසියක් රස කතා කියන්නම ඕනි උනත් කියාගන්න බෑ, අඩුම ඔය ඊශ්‍රායෙල් පලස්තීන කතාවවත්. මොකද රවී අයියා මට ලියන්න අවසර දුන්න කතන්දර දෙක තුනට ඔය ඊශ්‍රායෙල් පලස්තීන බෝඩරේ අයිති නෑ. ඒක ලියන එක එයා බාර ගත්තා.

ඊළඟට එළඹුනේ කිතුල්ගල සිරිල් අයියාට එදිරිව කොත්මලේ විමල් අයියාගේ නඩුව.. නඩු නිමිත්ත තමයි දෙන්නම එකතුවෙලා රා බෝතල් තිහකට වැඩිය හක්බෙල්ලාවකට එකතු උන අහිංසකයෝ සෙට් එකකට පෙවිම. ඇත්තටම නඩුව ඒක නෙවෙයි. නඩුව දාලා තියෙන්නේ හක්බෙල්ලාවක උගුඩුවෝ.. මීට පස්සේ රා බීම සම්බන්දව උන්ට තියෙන චෝදනා නරක නාම ඔක්කොම ඒ ඉළංදාරීන්ගෙ නමට හරවලා උංට වෙච්චි අසාධාරණේට සාධාරණයක් කරලා දෙන්න කියලාලු. තම්බපු මඤ්ඤොක්කා, පොල් සම්බෝල එක්ක එවලේ රත් කරලා ගත්ත උදේ උයාගෙන ආපු දුවන පුහුල් කලු කරිය එක්කම සෙට් වෙනවා නම් රා බීලා නරක නාමයක් නෙවෙයි අච්චු කරත් කමක් නෑ කියලාලු අර ඉළංදාරීන් නම් කියන්නේ. අනේ මංදා ඕවානම්. මම නම් අහිංසකයි කෙට්ටුයි. 





සමහරු නම් සබන් නැතුවම නෑවා.. කවුද අහන්න එපා.. 

ඔය අතරේ වෙච්චි රස කතාවකින් එකක් කියන්න බොහොම අමාරුවෙන් අවසර ගත්තා මම නඩේ ගුරාගෙන්. ඒක මේ අපේ තට්ට මහත්තයාට වෙච්චි පොඩි අකරතැබ්බයක් හිටං. ආශ්‍රය කරන කවුරුත් දන්නව වගේ උන්දා හෙන උනන්දුවානේ.. අනික යොදුන් හතක් කැලේ ඇතුලට වැදිලා උන්නත් බ්ලොග් එක ලියන්නයි කියවන්නයි ඕනි නිසා කැලේ ඇතුළට ජංගමයට සිග්නලුත් නැති නිසා උන්දෑට ඕනි උනා අරඹේ ඔය අයිනේ කෑම්ප් සයිට්ටෙකට රවුටරයක් හයි කරගන්න. ඉතිං ඩෑලොග් අනාගතේ අදයි ඔපීසියේ ලොකුම මහත්තැන් ලගේ ඉඳලා කොළඹ ඔපීසියේ පියන්ට එනකං කතා කරලා අන්තිමේ උන්දැට පුලුවන් උනාලු 'ටෙක්නිකල් ඔෆිසර්' කෙනෙක් ගෙන්න ගන්න. ඔන්න ඉතින් දැන් එනවා කියපු වෙලාවේ තට්ට මහත්තැන් හක්බෙල්ලාවක ටීපී එකේ ඔපරේශන් හබ් එකට වෙලා ටෙක්නීශියන්ව බලාපොරොත්තුවෙන් ඉන්නව. ටික වෙලාවකින් ආවලු ටෙකා ගෙන් කෝල්ලෙකක්. 'සර් මම ඇවිත් ඉන්නේ'.. 'කෝ පුතේ මමත් දොරකඩ ඉන්නේ කෝ ඔයා කොතනද?' 'ආ.. සර්.. නො.**, @$%^ පාර, ගම්පහ නේද ඇඩ්‍රස් එක? මම එතන ඉන්නේ ගේට්ටුව ඉස්සරහ'..'ඈ බොල $$%@පුතේ.. ඔය මගේ ගෙදරනෙ. මම ඉන්නේ කැම්ප් සයිට්ටෙකේ.. හක්බෙල්ලාවක.'.. 'සර්ගෙ ඩීටේල්ස් වල තියෙන්නෙ මේ ඇඩ්‍රස් එක තමයි.. එහෙනම් සර් යටියන්තොට බ්‍රාන්ච් එකට කතා කරන්න වෙයි' '$$%%$$@^&," පලවෙනි කොටස එහෙම ඉවරයි. 

ඊළඟට යටියන්තොට බ්‍රාන්ච් එකත් එක්කත් කතා කරලා කොහොම හරි එදාම තව ටෙක්නීශියන් කෙනෙක් එහෙන් ගෙන්න ගන්න ලොක්කට පුලුවන් වෙලා. ඔන්න දැන් ටෙකා ආවා හක්බෙල්ලාවක.. 'ඇත්තටම පුතේ මට ඕනි මේක මෙතනට නෙවෙයි.. මගේ කෑම්පින් සයිට්ටෙකක් තියෙනව කිලෝමීටර් හත අටක් ඇතුලට වෙන්න. අන්න එතෙනට' 'හරි සර්.. සිග්නල් තියෙනවානම් ප්‍රශ්ණයක් නෑ.. අපි යමු ගිහින් බලමු. මගේ බයික් එකේම සර්ටත් යන්න පුලුවන්" ඔහොම කියලා දෙන්නා එක්ක ගියාලු අරඹේඔය සයිට්ටෙකට බයික්කේ.. ගියා කියුවට වැඩි හරියක් ලොක්කා කරලා තියෙන්නේ කොල්ලවයි බයික්කෙයි තල්ලු කරන එක තමයි බැහැලා. උනන්දුවනේ හිටං. ඒ වගේයැ රව්ටරේට සිග්න සෙට් උනොත්? ඔන්න දැන් කොහොමහරි දෙන්නත් එක්ක කෑම්පින් සයිට්ටෙකටම ගිහිං. ටෙකා කොල්ලත් සෑහෙන ආසාවෙන් උනන්දුවෙන් ගස් ගල් උඩ නැගල බිම දිගාවෙලා උගේ ගැජමැටික් එක (අර සිග්නල් ස්ට්‍රෙන්ත් එක බලනෙක) හතර අතේ කරකවලා බොහොම සාර්ථක විදියට රවුටරේ තියන්න තැනක් හොයාගෙන මෙහෙම ඇහුවලු. ' සර්.. මෙතන හොඳයි.. කොතනින්ද කරන්ට්ටෙක ගන්න වෙන්නේ?' 'හුටා.. මෙහෙට කරන්ටෙකනම් නෑනේ පුතේ.."

"කරන්ටෙක නැතුව කොහොමද රවුටරයක් ගහන්නේ මහත්තයා".. ඇත්තටම ඔය ටෙක්නීශියන්ගේ මුවින් නිකුත් වූ වදන් වැලේ සරළම හා සභ්‍යම අනුවර්ථනය පමණක් බව කරුණාවෙන් සළකන්න.

තට්ටයා මහතා සමඟ කොණඩයා මහතා..

                                       ****************************************

ආ.. වැදගත්ම ටික තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. ඔය අස්සේ බීමයි සින්දු කීමයි හිනාවීමයි ඔක්කොම සෑහෙන වෙලාවකට නතර කරලා සෑහෙන බරසාර විදියට කතාවක් ගියානේ.. කොහොමද බ්ලොග් ලියන එකට ආයෙම කට්ටිය එකතු කරගන්නේ? අන්න ඕකයි සාකච්චාව.. ඕකත් එක්ක පළවෙනි සරළම පැනය තමයි ඇයි අපි එහෙම කරන්නේ කියන එක.. බ්ලොග් කියන්නේ තනිකරම පුද්ගලික කැමත්ත මත කරන ප්‍රකාශනයක් නම්, ඒකෙන් කිසි වාසියකුත් නැත්නම් අපි මොකටද ඕක ගැන වද වෙන්නේ? මට හිතෙන විදියට මෙතන තියෙන්නෙ බ්ලොග් වල ප්‍රශ්ණයක් නෙවෙයි.. බ්ලොගර්ස් ලගෙ ප්‍රශ්ණයක්.. ප්‍රශ්ණයක් නොවෙන ප්‍රශ්ණයක්. කාලයක් තිස්සේ බ්ලොග් ලියලා ඒවට කොමෙන්ට් කරලා පහුකාලීනව බ්ලොග් හමුවීම් වලදි එකතු වෙලා බෙදා හදාගත්ත සහෝදරකම් එක්ක.. එක ෆ්‍රීකුවන්සියක සෙට් වෙන පිරිසක් වෙච්චි කොට.. ඒ සොඳුරු නොස්ටැල්ජියාවෙන් මිදෙන්න අමාරුකම තමයි ඇත්තටම තියෙන්නේ. ඒ කල්ට් එකට අපි ආදරෙයි. ඒක නැතිවෙලා යනවා වගේ පේනකොට දුකයි. ඕක තමයි කතාව මට අනුව. නැත්නම් කියවනවානම්  අදටත් ඕනි තරම් බ්ලොග් ලියවෙනවා. සමහර ඒවා ඉතා වටිනා ලිපි. මේ වගෙ පල් හෑලි නෙවෙයි. ඒත් ඒවා කියවන පිරිස කොමෙන්ට් කරන පිරිස අඩුයි. හේතුව අර 'සෙට්වීම' නැතිකම. ඕකට මට අනුව තියෙන්නේ සරළ විසඳුම් ටිකක්. එහෙම උවමනාව ආසාව තියෙන උන් දිගටම ලියන්නෝනි. පුලුවන් හැම වෙලේම අනිත් උන්ගේ පෝස්‍ට් එකක් කියවලා කොමෙන්ට් එකක් දාන්න.. ඒවට රිපලයි කොමෙන්ට් එකක් දාන්න, සාකච්චාවක් ඇති කරන්න ඕනි. සහ අනතිම සහ වැශගත්ම දේ අපි ඉඳලා හිටලා හරි කොහෙදි හරි සෙට් වෙන්න ඕනි.. මොකද කියන්නේ? අප්‍රේස් මාසේ වගේ දාගමුද බ්ලොගර්ස් ගෙට් එකක්? අදහස් දීපල්ලා.

ජය වේවා..!

ක.මි. 

83 comments:

  1. විවාහක උදවියට ඔය විදියෙ සෙට්වීමකට කලබල සන්තෑසියක් නැතිව එන්න ලැබෙන කියන්නෙම වාසනාවක්.
    අර කීවත් වගේ තමන්ගෙ ගෙදරට ආවා වගේ තැනකදි තමයි හොඳටම නිදහසක් දැනෙන්නෙ.
    රා පොල් රා වෙන්නැහ් නේ. රා සුවඳත් දැනෙන ෆොටෝ එක්කම රා ගුඩුස් යන ලියවිල්ලක්. කාලෙකින් ලීවෙක කොච්චර හොඳ දෙයක් ද.
    හරි නම් ඔතනට ආපු හැමේකම මේ ගැන ලියල පෝස්ට් එකක් බ්ලොග් එකේ දාන්නම ඕන. නැති.බීපු රා වලටත් හොඳ නෑ.
    ඔය බ්ලොග් ලියන්නො ටික බුකියට සෙට් උනාට පස්සෙ තමයි බ්ලොග් ලියවිල්ල සෑහෙන අඩු උනේ. කොහොම උනත් හැමදේම වෙනස් වෙන කාලෙ ඔය යාලුකම් සහෝදරකම් කොයි දීපංකරේ ගියත් රැදිල තියෙන්න ඕන.
    ඔය රට හැර යන අපූරු යාලුවා මගෙ පාසලටත් ලොකු උදව්වක් කලා. ඒ උදව්වට තව මගේ යාලුවෙක් උදව්වෙන් හවුල් උනා. ඒ දෙවෙනි යාලුවට පලවෙනි යාලුවා ගැන හරිම පුදුමයි. එයා මෙච්චර දුරක් ඒ වෙනුවෙන්ම ආවා කීවම ඒක මටත් ලැබුන ආදර ගවුරවයක්. කොටින්ම එයාව ජීවිතෙ එක් වරක් හරි මුණ ගැහෙන්න ලැබුනෙකම මට ඇති.

    එහෙනම් සුබ ගමන් ***න්

    ReplyDelete
    Replies
    1. මගේ පෝස්ට් එකට මම ම පළවෙනි රිප්ලයි එක දාපු එක කොච්චර දෙයක්ද? ගොඩක් ස්තූතියි මම'ට..
      බලමු.. ඔය අනිත් උනුත් රා වීදුරුවේ අත තියල දිව්රලා ගියේ ආපහු ලියනව කියලා හිටං.

      Delete
    2. රාවල තනිය මැකුමට සූකර මාළු
      හැදුවත් නොබිව්වෙමි රා නම් මම යාලු
      දිවුරුවේ නැතත් ඒ ගඟ අයිනෙදි පාලු
      බොක්කෙන් දෙනව මගෙ සප් එක මම යාලු

      මිතුරු ඇසුර ඊයේ හරී සුන්දරය
      හැමදාමත් වගේ උපරිම රසබරය
      වචනය සුරැක කමියා අද ලියලාය
      රවී, ඊළඟට වාරය ඔබගේය

      Delete
    3. රා එක්ක සූකර මාලුව හා තම්බපු මයියොක්කා ටික, කැකුලු බතට තැල් කොල ඇඹුල වගේම තමයි ඉතින් නිදි මහත්තැන්ගේ කොමෙන්ටුවක් කියන්නෙත්.. හරිම රහයි.

      Delete
    4. සත්තකින්ම ඒ හමුව වඩාත් උත්කර්ෂවත් උනේ ආහාර පාන වලින්! ඒ ගැන නිදිටත්, අසංගටත්, නමියාටත්, සිරිල් අයියාටත්, විමලේටත් මෙන්න මගේ මෙව්ව එක!

      Delete
    5. එක තැනක එක වළලු දාපු අතකින් උයලා ගෙනාවට වඩා පාට රස සුවඳ පවා ගැලපුනා කෑම ටිකේ <3

      Delete
  2. උතුරේ දෙමල්ලු මරා දමන විට අපි හිනැහෙමු ලංකා

    ReplyDelete
    Replies
    1. හා මචං.. මටත් කියපං හිනාවෙන්න ඕනි වෙනකොට ඈ..! :))

      Delete
  3. ස්තූතියි කමී ලියැවිල්ලට. ලියමු. මං ඉතින් කියවන සංසදේ නොවැ. ( පියුං)

    අත තියල පොරොන්දු දීලා ගිය අෑයෝ රා ගැන දන්නෑ වගේ...පොරොන්දු කඩ කරොත් සොරි.කොම්!


    **න්ට ජය!

    ReplyDelete
    Replies
    1. එහෙම කතන්දරයකුත් තියෙනවයැ රා එක්ක? කවුරු දන්නවද.. හෙහ් හෙහ්.. වෙලාවට එහෙනම් මම ලියුවේ.. යකෝ මාත් පොරොන්දු උනාද කොහෙද.

      කෝ උඹේ උදේස් ප්‍රොපයිලේ?

      Delete
    2. ඩ්‍රැකීගේ වෝටර් මෙලන් එකෙන් තමයි වෙඩි තියන්න වෙන්නේ!

      Delete
  4. ඌ යන එක පට්ටම අවුල්.. හැමදාම කතා නොකලත් හමු නොවුනත් මූ ඉන්න බව දන්නවනේ.. ඕන මගුලකට කතා කරන්න පුළුවන් බවත් දන්නවනේ. නමුත් ඒ සියල්ල පට්ටෙට මිස් වෙනවා.. මොනා කරන්නද.... - සජ්ජා...

    ReplyDelete
    Replies
    1. ඈ බොල සජ්ජෝ.. කෝ උඹලැයි බ්ලොග් පඩංගුව? බ්ලොග් එක ලියන්න වෙලා නැතිවෙලා කම්මැලි වෙලා හිටියද නැත්නම් ඕනිම නෑ මඟුල කියලා එපා වෙලා විසික්කා කරලාම දැම්මද? උඹ අර බුකියේ ලියන හෑලි ටික.. අර මගේ යාලුවා ඕපන්හයිමරය ගැන එහෙම ලියපුවා පඩංගුවේ එල්ලුවානං කොච්චර වටිනවැයි?

      Delete
    2. ප්‍රා ජේ නං පොරොන්දුව රැකලා.. කොමෙන්ටෙකක් දාන්න වෙලාවක් නැති උනොත් වැටක් හරි ගහනවා කියලා තමයි පොරොන්දු උනේ :))

      Delete
  5. හම්මටසිරි ඌත් යනවද? ජයම වේවා මචං!

    ReplyDelete
    Replies
    1. ඔව් කසුනෝ.. මොනව කරන්නද ජය පතනවා ඇර අපි නෙහ්?

      Delete
  6. බුද්ධිගලනය නොවුන කියලත් මේ රටේ මහඋන්දල එක්ක වැඩක් වෙයි ඈ. ඒ නිසා අපේ අය පිටදේස දීපංකරවල යෑමෙන්... ඒ රටවලටත්/ යන අයටත් යහපතක් වෙන නිසා ප්‍රස්නයක් නෑ.
    ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. උන්ට නිසි තැන ලැබෙන තැනක් උනොත් හොඳයි.. එකෙක් හරි ගොඩ යන එක

      Delete
  7. අඩේ මේ ලිවිල්ල නියමයිනෙ ලොක්කා. "Welcome me back to blogging" කිව්වෙ, යලට මහටවත් තව ලිපි ලියවෙයිද?
    "බුද්ධිගලනය" ගැන ඔබේ අදහස හොඳයි. රට හැර යන අය යන්නෙ "දරුවන් වෙනුවෙන්" විතරමද කියන එක වෙනමම ටොපික් එකක්.

    ReplyDelete
    Replies
    1. //යලට මහටවත් තව ලිපි ලියවෙයිද?// එහෙම තමයි අදහස.. බලමු එන විදියට :)

      Delete
  8. මටත් නිකමෙට හිතුන ආයෙ ලියන්න ඕන කියක
    අප්‍රේල් ගෙට්ටුවට එන්නං

    ReplyDelete
    Replies
    1. ගෙට් එකක් ගැන, ආයේ බ්ලොග් ලියන එක ගැන කියද්දි මම ඔයාව මතක් කරා. ලෑස්ති කරගමු තැනක් වෙලාවක් කතා කරලා

      Delete
    2. දෙයියනේ මොනතරම් සතුටු දායක ආරංචියක්ද ඒක!

      Delete
  9. තැලි කොළ නෙවෙයි බං තැල් කොළ..තැල් කොළ....

    ReplyDelete
    Replies
    1. තැල් මොකද තැලි මොකද? ඔයා දැන් ලොක්කා වගේ කියන්නේ ඒ වෙලාවේ කියුවේ කර කොළ කියලනේ :)))

      Delete
    2. කර කොළ කතාව වෙනයි. තැල් කොළ කතාව වෙනයි කමී. බීලද හිටියේ එවෙලේ?

      Delete
    3. කරකොළ සීන් එක ආවෙ අර බැමිණිටියා සාය ගැන කතාවෙන්..බැමිණිටියා සාය වෙලාවෙ හාමුදුරුවරු පවා කරකොළ මැල්ලුම් එක්ක බත් කාල වේල පිරිමහගත්තලු..

      / බැමිණිතියා සාය ලෙස හදුන්වනු ලබන මහා දුර්භික්ෂය ක්‍රි. පු. 103 සිට 89 අතර කාලයේ වළගම්බා රජුගේ පාලන කාලයේ ඇති විය. මෙයට ප්‍රධාන හේතු සාධකය වුයේ දශකයකට වැඩි කාලයක් පැවති ශ්‍රී ලංකාවට බල පෑ ආක්‍රමණ හමුවේ ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තවලට සිදුවූ විනාසය හා ඒවා අලුත් වැඩියා කිරීමට ආක්‍රමණ හමුවේ නොහැකි වීමයි.

      මේ සාගතය පසුබිමෙහි ටීය, තීය සහ තිස්ස යන නම්වලින් හැඳින්වුණු බ්‍රාහ්මණයාගේ මෙහෙයීමෙන් හටගත් කැරලිකාරී වාතාවරණය ද රටෙහි පැවැතීම මෙයට බ්‍රාහ්මණ ටීය නොහොත් බැමිණිටියා නොහොත් බැමිණිතියා සාය ('සාය' යනු සාගතය) යන නම ලැබීමට හේතු විය.

      මෙම කාලය ශ්‍රී ලංකාවට අඳුරුතම පිඩිත කාලයක් විය. තද නියගය මෙන්ම දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් ඔවුන් යටත් කරගත් ප්‍රදේශ වල වූ වැව් අමුණු අලුත් වැඩියා කිරීම හා නඩත්තු කිරීම පැහැර හැරිම මෙයට බලපෑවේ ය. මෙම තත්වය පහව යන්නේ ආක්‍රමණික රජවරුන් පස් දෙනාගෙන් පසු වළගම්බා රජතුමා නැවත බලය අල්ලා ගැනීමත් සමගය. නැවත බලය ක්‍රි. පු. 89 ලබාගැනීමෙන් පසු එතුමා ඉක්මනින් කැඩි බිදී විනාශ වි ගිය වැව් අමුණු සියල්ල යළි යථා තත්වයට පත් කිරීමට කටයුතු යෙදී ය. මෙමගින් ක්‍රි. පු. 89 පමණ වන විට බැමිණිතියා සාය නම් වූ මහා දුර්භික්ෂය පහ ව යාම ආරම්භ විය. මෙම මහඟු කර්තව්‍යය නිසා වළගම්බා රජතුමා ශ්‍රේෂ්ඨ වීරවරයකු ලෙස සලකනු ලබයි.

      මෙම දුර්භික්ෂය ගැන ශ්‍රී ලංකාවේ පැරණිතම ශාස්ත්‍රීය ග්‍රන්ථය වූ සීහළවත්ථුප්පකරණය නම් වු ග්‍රන්ථයෙහි කිහිප වතාවක්ම සදහන් වේ. /

      Delete
    4. //කර කොළ කතාව වෙනයි. තැල් කොළ කතාව වෙනයි කමී// නෑ නෑ.. මෙයා සියල්ල දත් උනාට එක පාරක් රා මතේ තැල් කොල වෙනුවට කර කොළ කියුවා.. (වැරදීමකින් ඉතින්) මම තමයි ඒක ඒ වෙලේ නිවැරදි කරේ :)))

      Delete
    5. //කරකොළ සීන් එක ආවෙ අර බැමිණිටියා සාය ගැන කතාවෙන්.// මම කියුවේ.. ඔය බැමිණිටියා කේස් එක එනකොට මම පොඩියි. මට ඒ හැටි මතක නෑ :))))))

      Delete
    6. කරකොළ/ගිරාපලා ගැන රසබර කතාවක් සිබිල් නැන්ද ලියලා තිබුනා නේද?

      Delete
    7. //කරකොළ/ගිරාපලා ගැන රසබර කතාවක්// හැබෑට සිබිල් ආන්ටිගෙ ගම ගිංතොට වෙලත් උන්දෑ ගල්මල්-කොරල් ගැන මොකුත් ලියලා නෑ නේද? :))))))

      Delete
    8. ඇත්තනේන්නම් :)

      Delete
  10. තට්ටයා මහත්තයට වෙච්චි වැඩේනම් මරු..😀 බ්ලොග් වල ස්වර්ණමය කාලේනම් හරිම අපූරුයි.ඒ කාලේ ඔය බ්ලොග් හමුවීම් ගජරාමෙට තිබ්බනෙ.මාත් ඔයින් එකකට සහභාගි උනා මතකයි.සයිබර් බීච් පාටි එකට ගල්කිස්සේ තිබුන.ආං එදා මගේ සමකාලීන බ්ලොග් ලියන්නෝ ලියන්නියෝ හා හා පුරා කියල දැකල කතා කලා මතකයි.කරුමේ කියන්නේ උන් එකෙක්වත් දැන් බ්ලොග් ලියන්නෙ නෑනේ. 😭

    ReplyDelete
    Replies
    1. අප්‍රේල් වල වගේ ආයේ හමුවෙන්න දාගමු. උඹ ෆොටො ටිකක් හරි දාලා ආයි බ්ලොග් එක පණ ගහලා ගත්ට්ඝට තැන්කියු

      Delete
    2. අනේ අපි ගල් අඟුරු කෝච්චිත් මේ රටේ රේල් පාරවල් වල දුවනවා දකපු අන්තිම පරම් පරාවනේ! ගනං ගන්න එපා අප තරුණ සිතින් හා ක්‍රියා කාරකම් වලින් විතරයි. උප්පැන්නේ මුදුනේ තියෙන්නේ ඔටුන්න!

      කොහොම වෙතත් ඔබලාගේ පැමිණීම ගෞරවයෙන් අපේක්ෂා කරණවා. බලන්න කාන්තා නියෝජනය හැකිතාක් උපරිමයට ගෙන එන්න. ඔටුන්න රනින් හඩුවාට අතරින් පතර මැණිකක් දෙකක් තියෙන්නෝන නොවැ බබලන්න!?

      Delete
  11. පණ නැගෙනා වියනු ලොවේ
    මිතුදම් යලි එකට බැදේ......
    අපූරු දිනක් ගෙවුනා දැනුනේවත් නෑ..
    මේ චොර රාජ්‍යයෙන් පිටව යන #@@යාට සුබ ගමනක් හා ජයෙන් ජයම පතමි...

    ReplyDelete
    Replies
    1. අසංග, ඒ සුබපැතුම අපි සේරම වෙනුවෙන් නේද?

      Delete
    2. //අපූරු දිනක් ගෙවුනා දැනුනේවත් නෑ..// ගඟට බැස්සානම් දැනෙන්න තිබ්බා.. හක්ක පනින හක්බෙල්ලාවක හීතල :)

      ජයවේවා..!

      Delete
    3. //ඒ සුබපැතුම අපි සේරම වෙනුවෙන් නේද?// නැතුව නැතුව.. අපි වෙනුවෙන් අපි නොවැ!

      Delete
  12. ඔබ නැවත ලියන්නට පටන් ගෙන! එය අපට මහත්වූ සතුටක්. ඔබගේ පාඨකයින් අප සේම සතුටු වෙනවා ඇති. දැන් නොනවත්වාම ලියන්න.
    ඉදිරියේ අප එකට එකතුවී දොඩමළුවන දිනකට එය මහත්වූ ආදරණීය දිරිගැන්වීමක් වනු ඇත!
    පොපි මල් හෙට පිපේවී!

    ReplyDelete
  13. ඔබ වැනි නැවත උපත ලද සහෘදයන් වෙනුවෙන් අපගේ සින්ඩියේ අළුතින් නවාතැන් පොලක් වෙන් කොට ඇත; නමින් "පුනරුප්පත්ති" ලෙස! එය අප වෙතින් ඔබට කෙරෙන ගෞරවයක් කොට සලකන්න!

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඒක..! 'පුනරුත්පත්ති' .. :))))))))))

      Delete
  14. 1. ආපහු ලියන්න පටන් ගත්තා නම් සුපිරි. මේ පාර නැව් කතා විතරක් නෙමේ ඒවා ලියල පොතක් ගහන තැනින්ම නතරවෙයන්. දන්නා තරමින් ඒවා ගැන පොතක් නෑ
    2. එන එකාව අපි බලා ගන්නම්. අපේ වැයික්කියට නාවත්. ගෙදර එන්න කීවම ඌ හොර පාරෙන් යන්න දාගෙන. එව්වා කොහෙද මා එක්ක. මේ පාර නම් පොවලම තමයි පස්ස බලන්නේ. ඒ පැත්තේ ටෙස්ට් කරන්න දෙන ඒවා බොන්න පුරුදු කොරවනවා 😃
    3. රටක් දාල යන එක දුකයි තමා. ගිය එවුන් තමා ඒක දන්නේ. ඒත් සමහර වෙලාවට සමහර තීරණ ගන්න වෙන්නේ තමන් ගැන හිතලම නෙමෙයි. එච්චරයි.
    ඉන්න උන්ට එන එවුන්ට යන එවුන්ට - ඔක්කොටම ජය වේවා.

    ReplyDelete
    Replies
    1. බකට් ලිස්ට් එකේ ඒවායින් තාම කරේ නැත්තේ පොතක් ලියපු නැති එක විතරමද කොහෙද? ඔව් ඉතික් ඔහේලාත් අහල පහල ඉන්න එක හයියක් මොනවා උනත් ඉතිම්.

      අප්‍රේල් වගේ මේ පැත්තට සැපත් වෙන්න අදහසක් නැතෙයි?

      Delete
    2. ඕක නම් මැරෙන්න කලින් කරණ්නම ඕන එකක් බං!

      Delete
    3. අප්‍රේල් නේද ?තවම නම් අදහසක් නැහැ ටෙපී එකට යන්න අකමැත්තකුත් නැහැ ඉතීම්

      Delete
    4. ටිපී එකට මෝස්ට් වෙල්කම්!

      Delete
  15. තට්ට මහත්තැංට තිබුනෙ රවුටරේ වෙනුවෙන් ඔතන Geniyak අටවන්නනෙ.

    ReplyDelete
    Replies
    1. උඹ මේ නහින දෙහින කාලේ උගෙ පවුල කැඩෙන උපදෙස් නොදි හිටහං. :))))

      Delete
  16. රටකින් රටකට පාර අසාගෙන
    බර පොදි උසුලාගෙන එනවා
    හසරක් නොපෙනෙන මහ වන කතරට
    ඒ එන ගමනෙදි පිවිසෙනවා
    පඳුරුපුරා මල් කිනිති පිපී
    පොකුණු සුවඳ මී ගලා බසී
    අඳුරු ගැබෙයි ඒ තුළින් ඇදී
    ගොදුරු සොයන ඇති බලා හිඳී
    දුක සැප දෙපසින් දෑතට අරගෙන
    බර පොදි උසුලාගෙන යනවා
    ඉරණම පසුපස පියවර මැන මැන
    කණවැල අල්ලා ගෙන යනවා...

    පදරචනය :මහගමසේකර
    ගායනය :විශාරද ,පණ්ඩිත් , අමරදේව.

    ReplyDelete
    Replies
    1. සිංදුවෝ.. ආදරෙයි.. හෙටානිද්දා වෙනකොට උඹ ගැනත් මෙහෙම පෝස්ට් එකක් දාන්න වෙයිද?

      Delete
    2. හමුවෙමු සුව බර තවත් සැඳෑවක!

      Delete
  17. එල එල ... මේ අවුරුද්දේ මොකක් හරි එකක් කරන එක හොඳයි .. මොකුත් නැතුව කල් ගියා වැඩියි ... zoom වලින් වත් අපිත් එන්න බලන්නම්

    ReplyDelete
    Replies
    1. උඹ දෙසැම්බරේ එනකොට අපි ඊළඟ එක ලෑස්ති කරන්නම්.. :)))) ජයවේවා..!

      Delete
    2. උඹ එන කොට බ්ලොග් හමුතියන්න පුළුවන් උනත් බැරි උනත් අපි - අපි වත් හමුවෙමු! කුඩා කුඩා කණ්ඩායම් එක් වීමෙන් මහා එකතුවක් එකතුවේ!

      Delete
    3. කුඩා කුඩා කණ්ඩායම් එක් වීමෙන් මහා එකතුවක් එකතුවේ! කතාව ඇත්ත... කරන්ට් එක තියෙන ඉන්ටර්නෙට් තියෙන තැනක ඊළඟ එක ලැස්ති කරලා ඔනල්යින් සෙට් වෙමු

      Delete
  18. කොහොමිං හරි කමිය ආපහු ලියන එක නෙව වටිනාම වැඩේ. ආපහු සෙට් වෙමු. හරියට කතා කරන්ඩත් බැරි උනා.

    ReplyDelete
    Replies
    1. එදා කතා කාරයො ගොඩයිනෙ බං.. අනික උඹයි මායි අතර රවියා පරුවතේ වගේ හිටියැයින් උඹව දැක ගත්තෙත් අමාරුවෙන්. තුන්වෙනි එකෙදි අපි හිතලම එක ළඟ ඉඳගමු :)))

      Delete
    2. මේහ්... ඒක නෙමෙයි, ආපහු අපි දෙතුන් දෙනා යං ද ටීපී ද කෑම්ප් සයිට්?

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. පොඩි විනෝද ක්‍රීඩා ටිකක් දාමු. ගායනා වටයකුත් දාමු. ළඟ පොඩි බාර් අංශයක් තියමු, ඕනෙ අයට සල්ලි දීල අරං බොන්ඩ. දවල් කෑමයි, රිෆ්‍රෙෂ්මන්ට් එකකුයි දෙමු. ඔය ටිකට යන වියදමට ස්පොන්සර් කෙනෙක් හොයාගමු. මදි පාඩුව ගාණට බෙදලා, ඇතුල්වීමේ ගාස්තුවක් විදිහට අය කරමු. අවසානයේ, එක එකාට මයික් එක අල්ලලා, තමංගෙ බ්ලොගර් නමයි, බ්ලොග් එකයි කියන්ඩ කියමු.

    තව මොනවද අඩු?

    ReplyDelete
  21. ආාා... මීඩියා පබ්ලිසිටියකුත් දෙමු, කලිනුයි පස්සෙයි.

    ReplyDelete
  22. නුවරඑළියෙ රේස් කෝස් පිට්ටනිය ඔන්නං කතා කරල දෙන්නං. සිරස නිවුස් ෆස්ට්, සන්ඩේ ටයිම්ස් සහ ලංකාදීප පබ්ලිසිටියත් එක්ක.

    ReplyDelete
  23. අදාර කරන්න පුළුවන් විදි කියන්න

    ReplyDelete
  24. සෑහෙන කාළයකට පස්සේ ලිපියක් ලියලා තියෙන එකම මදෑ. දිගටම ලියන්ඩ සෙට් වෙමු ඈ.

    ReplyDelete
    Replies
    1. වර්ක් ෆ්‍රොම් හෝම් උනා නම් අපිත් :)))))

      //දිගටම ලියන්ඩ සෙට් වෙමු ඈ.// අනිවා.

      Delete
  25. කියන්න ඕනි ටික ඔක්කොම ඩ්‍රැකියා කියල.. ඕක මහලොකු අමාරු වැඩක් නෙවෙයි. හොඳ දවසකුයි තැනකුයි හොයන්න.

    ReplyDelete
  26. //නුවරඑළියෙ රේස් කෝස් පිට්ටනිය // අම්මට උඩු.. ග්‍රෑන්ඩ් ඉට්ටැයිල් එකෙන්ම තියෙන්නේ ඔය. බස් එකක් දෙකක් වත් දාගන්න වෙනව ඉතිං කොළඹ ඉඳලා හිටං

    ReplyDelete
  27. //Pathum Herath7 February 2023 at 16:07
    අදාර කරන්න පුළුවන් විදි කියන්න// ජය වේවා..! <3

    ReplyDelete
  28. නුවර එළිය- සුපිරිම තැනක් තමයි මේ වැඩේට. නමුත් අපගේ බ්ලොග් ලියන්නන්හට එන්න තියෙන ඉඩකඩ ගැන අපට හිතන්න වෙනවා. ඒත් කොළඹ වගේ ප්‍රධාන නගර වලින් බස් යොදා ගන්න පුළුවන්නම් ඒක හොඳ අදහසක් වේවි. ඒක වැඩේට හොඳ ආකර්ශණයක් ලැබේවි.

    අපි අපගේ බ්ලොග් එකේ ලියලා ඇති සේම අපිට අවශ්‍ය වෙයි විශ්වවිද්‍යාලයක හෝ උසස් පෙළ සිසු සිසුවියන්ගේ සහය ලබාගන්න එදිනට.

    බ්ලොග් ලියන ඔබලා අතර වට්සැප් සමූහයක් හදාගන්න.

    මුද්‍රිත හා වෙනත් මාධ්‍ය වල ප්‍රසිද්ධිය අපට වටිනා සම්පතක් වේවි.

    මුහුනු පොතෙන් අපට බොහෝ දේ කල හැකි වේවි.

    ReplyDelete
  29. අපූරු අදහස, බලමු.
    තවමත් නොමැරී පවත්වන් යන ගල්මල් යාය පුනරුත්පත්තිය ලබන්නේ කොහොමද හිතන ගමන්

    ReplyDelete
    Replies
    1. හිතට එන ඕනිම පොඩි දෙයක් ලියලා කික් ස්ටාර්ට් එකක් ගමු.. ජයවේවා..!

      Delete
  30. ඔයාලා රා බිවුවට මටනම් තාම කුඩු සික් එක. තව හෙරොයින් ශොට් දෙක තුනක් නම් ඕනෑමයි.

    ReplyDelete
    Replies
    1. ඒකට නම් මහත්තයෝ එල ද බ්‍රා මෙන්ඩා හොයාගන්නම වෙනවා :))

      ඇත්ත.. කතාව.. මට කීප දෙනෙක්ම දොස් කියුව බාගෙට කුඩු ගැහුවට :/

      Delete
    2. මමනම් කරන්නේ ඉල්ලීමක්. අපිට නිදහසේ කියවන්න වෙලාවක් නැතිකොට ඔබතුමාට ලියන්න වෙලාව හොයාගන්න අමාරු එක තේරුම් ගත්තෑකි.

      Delete
  31. කාලෙකින් ලියපු එකම ලොකු දෙයක්... යන හා ඉන්න හැමෝගෙම අනාගතේට සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ.. අගය කිරිමට හා සුබ පැතුමට දෙකටම <3

      Delete